Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“අලුත් පාර්ලිමේන්තුව රැස් වන තුරු ව්‍යවස්ථානුකූලව රට පාලනය කරනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ජාඇල – 2024.09.04-) පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අපයි. දැන් අපේ ජයග්‍රහණය සහතික කරන්නේ ඔවුන් විසින්මයි. සතියකට කලින් සජබයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ සජිත්-රනිල් එකතු නොවුනොත් ඒ ගොල්ලෝ පරාදයි කියලා කිවුවා. අද (04) අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියනවා එකතු වුණේ නැතිනම් […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ජාඇල – 2024.09.04-)

Anura Kumara Dissanayake At The Victory Rally Of Ja-Ela

පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අපයි. දැන් අපේ ජයග්‍රහණය සහතික කරන්නේ ඔවුන් විසින්මයි. සතියකට කලින් සජබයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ සජිත්-රනිල් එකතු නොවුනොත් ඒ ගොල්ලෝ පරාදයි කියලා කිවුවා. අද (04) අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියනවා එකතු වුණේ නැතිනම් පරාදයි කියලා. ඒ නිසා ඊට විරෝධය පා අද සිට ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයෙක් වෙන බව කියනවා. ඊළඟට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියලා රනිල් කියනවා. ඒ නිසා ‘සජිත්ට ඡන්දය නොදී තමන්ට ඡන්දය දෙන්න’ කියලා එයා කියනවා. ‘රනිල් කොහොමත් පරදිනවා. ජාතික ජන බලවේගය දිනන එක වළක්වන්න නම් සජිත්ට ඡන්දය දෙන්න’ කියලා සජිත්ගේ කට්ටිය කියනවා. දැන් මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? දැන් ඒ ගොල්ලෝ පරාජය බාරගෙන ඉවරයි කියන එකයි. ඒ නිසා අපිට විරුද්ධව කතා ගොතන්න, අවලාද නගන්න, අසත්‍ය චෝදනා කරන තත්වයකට ඒ ගොල්ලෝ පත්වී තිබෙනවා. ඒ මොනවා කළත් ජාතික ජන බලවේගය මේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මොන ජගතෙකුටවත් ආපසු හරවන්න බැහැ.

අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන එක පොදු ජනතාව බාරගෙන ඉවරයි. කලින් ඒ ගොල්ලෝ කිය කියා හිටියා ‘අයියෝ ජාතික ජන බලවේගය 3%යි නේ. ඒක කොහොමද 51% වෙන්නේ’ කියලා. දැන් රනිල් කියන්න පටන් අරන් අපි දිනුවොත් රට අනතුරේ කියලා. කුරුණෑගල පැත්තේ මන්ත්‍රීවරයෙක් කියනවා ජාතික ජන බලවේගය දිනුවොත් 22දාට රටේ මහා කලබලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා කියලා. සජබෙ තව කාන්තාවක් කියනවා, අපි දින්නොත් මාස 6ක්වත් ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. දිනන්න තියා හිතන්නවත් බැහැ කියලා ඔවුන් කලින් කිවුවා. දැන් කියනවා ‘දිනුවොත්’ කියලා. ‘ජාතික ජන බලවේගය දිනුවොත් ඔබගේ ඌරු කොටුව නැතිවෙනවා’ කියනවා. ඒ කියන්නේ කොටුවට ඒ ගොල්ලෝ එනවා කියලා හිතලාද දන්නේ නැහැ. ජාඇල තිබෙන ඌරුකොටු වහලා ඒ ගොල්ලෝ ඌරු කොටුවල ගැටගහයි කියලා බයද දන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ඔවුන් කිවුවා, අපට දිනන්න බැහැ කියලා. මැදදි කියනවා දිනුවොත් කියලා. 22දාට කියයි ‘අපෝ අප්පච්චියේ ඒ ගොල්ලෝ දිනන්නේ’ කියලා. මේ ජයග්‍රහණය දැන් කාටවත් ආපසු හරවන්න බැහැ. ඒ නිසා ජයග්‍රහණයෙන් පස්සේ අපි යන මාවත ගැන අපි පොඩ්ඩක් කථා කරමු.

People At The Victory Rally Of Ja-Ela

අපි ජයග්‍රහණය කළාට පස්සේ අපේ ජනවරමයි, පාර්ලිමේන්තුවේ ජනවරමයි අතර ක්ෂණික විකෘතියක් නිර්මාණය වෙනවා. පොහොට්ටුවට කතිරේ ගහලා නාලක ගොඩහේවාට මනාපෙ ගැහැව්වා. දැන් එයා සජිත් ළඟ. දැන් එතකොට 2020 ජනවරම කෝ. ඒක අහෝසියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට කට්ටිය අහනවා එහෙම කරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව අපි ඒ අන්තර් කාලයේ රට පාලනය කරනවා. කොහොමද? එකක් තිබෙනවා. අපි දිනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එතනට පත්වෙන්න පුළුවනි. හතර දෙනාගෙන් කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැතිනම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පුළුවනි සියලුම විෂයයන් තමන්ගේ යටතට ගන්න. එහෙමත් නැතිනම් භාරකාර ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. කළ හැකි ආකාර තුනක් තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්නා තුරු ව්‍යවස්ථානුකූලව අපි රට පාලනය කරනවා.

AKD At The Victory Rally Of Ja-Ela

ඊළඟට පාර්ලිමේන්තු ඡන්දය එනවා. දැන් රටේ විශාල කථාබහක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවන්න ඕනෑ කියලා. දැන් ඉන්න අයගෙන් 2/3ක් ඊළඟ පාර්ලිමේන්තුවේ නැති බව අපි දන්නවා. අද පාර්ලිමේන්තුව රැස්වෙලා ආයි කල්තිබ්බෙ ඔක්තෝබර් මාසෙ පළමු වැනිදාට. ඒ අනුව අර 2/3 අයගෙ අන්තිම පාර්ලිමේන්තු දවස අද. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල බහුතරයක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එනවා. ඊළඟට උපරිම 25ක් වූ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අපි හදනවා. ඊට විද්‍යාත්මකව විෂයයන් බෙදනවා. මෙතෙක් කල් අමාත්‍යාංශ බෙදුවේ රට ගොඩනගන්න නොවෙයි. තම තමන්ට බෙදා ගන්නයි. අපි ඒ ඒ විෂයන්ට ගැලපෙන ඒකාබද්ධ කිරීම් කරලා අමාත්‍යාංශ බෙදනවා.

අපි මැති ඇමතිවරුන්ට දෙන කාර් පර්මිට් අහෝසි කරනවා. ‘මරික් කාර් පර්මිට්’ද අහෝසි කරනවා. මේ සැරේ කතිරය හරියට ගහන්න. ගෙදර යැවිය යුතු අය ගෙදර යවන්න පුළුවන් එවිටයි. මේ 21 වැනිදා ගහන කතිරයෙන් ගෙදර යන්නේ රනිල් විතරක් නොවෙයි. මේක හරි බලවත් කතිරයක්. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ යෙදිලා තිබෙනවා. දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. අවලාදවලට ලක්වෙලා තිබෙනවා. මාස 06න් ගෙදර යන්න අපි ආණ්ඩු හදනවාද? නැහැ. මතක තියා ගන්න අපි මේ රටේ ස්ථාවරම ආණ්ඩුව හදනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ස්ථිරභාවය දැනටම මේ රටේ ජනතාව තහවුරු කරලා ඉවරයි.

Mahinda Pathirage At The Victory Rally Of Ja-Ela

“පාලකයෝ විහිළු සපයනකොට කලාකරුවො වුණු අපිට සිද්ධ වුණා දේශපාලනය කරන්න”
-ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ-

ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මම රාජ සභාවේ පුරෝහිත. හැබැයි අද මම ආවේ විහිළු කරන්න නොවෙයි. දැන් දවස ගානෙ පාලකයෝ විහිළු සපයමින් යනවා. ඒ නිසා දැන් අපේ ජොබ් එක කැන්සල්. ඉතිං ඒ ගොල්ලෝ විහිළු කරන කොට කලාකාරයෝ වුණු අපිට සිද්ධ වෙලා තිබෙනවා දේශපාලනය කරන්න. අතීතයත්, වර්තමානයත්, අනාගත වුවමනාවත් විසින් නිවැරදි වේදිකාවක් තෝරා ගන්න කියලා අපට බලකර සිටියා. හොඳ තැනක් තෝරා ගන්න අපට ඕනෑ වුණා. අන්න ඒ නිසයි ජාතික ජන බලවේගයේ, මාලිමාවේ වේදිකාව අපි තෝරා ගත්තේ. ජන නියමු කලාකරුවන් හැටිය අපි හැමෝම දැන් මේ වේදිකාවට එකතු වෙලා අවසානයි.

මේ එන සැප්තැම්බර් 08 වැනිදා කලාකරුවන්ගේ රැස්වීමක් පැවැත්වෙනවා. එදාට කලාව ගැන අපේ ප්‍රතිපත්තිය එළි දක්වනවා. එදාට ජාඇල ප්‍රදේශයේ කලාකරුවන්ටත් මම ආරාධනය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එළඹෙන 08 වැනිදා සවස 7.00ට කොළඹ තැප්‍රොබේන් හෝටලයට එන්න, කලාකරු ප්‍රඥප්තිය එළිදක්වන උත්සවයට සහභාගි වෙන්න. අප සමග අදහස් හුවමාරු කරගන්න. මම මගේ කථාව රාජ සභාවෙන්ම කියන්නම්. 2003 වර්ෂයේදී තමයි අපි රාජ සභාව පටන් ගත්තේ. ඒ, දැනට අවුරුදු 21කට පෙරයි. රට යන අත වැරදියි කියලා එදා අපිට කලාකාරයෝ හැටියට තේරුණා. අන්න ඒ නිසා තමයි අපි මාලිමාවේ වේදිකාව තෝරා ගත්තේ. මේ වන විට අපේ “ජන නියමු කලාකරුවෝ ” ව්‍යාපාරය වටා මේ රටේ කලාකරුවන්ගෙන් බහුතරයක් එකතු වී හමාරයි.

Crowd At The Victory Rally Of Ja-Ela

අපි රාජ සභාවෙන් කියන්න හැදුවේ කුමක්ද? පාලකයෝ අපිව රවටපු හැටි. අපි රැවටුණු හැටි, රැවටෙන හැටි හා ඉදිරියටත් එය සිදුවිය හැකි බවට අපි ඒ ප්‍රහසනය හරහා මේ රටේ ජනතාවට අනතුරු අඟවා සිටියා. එදා ඒ ප්‍රහසනය බලලා ඔබ යම් වින්දනයක් ලැබුවාට ඒ පිටුපස තිබුණු දේශපාලන පණිවුඩය ගැන ඔබ එතරම් උනන්දු වුණේ නැහැ. කියන්න සතුටුයි අද අපේ රටේ ජනතාව ඒ පණිවුඩය හොඳින්ම තේරුම් අරන් ඉන්නවා. ඒ ජනතාව මේ දූෂිත පාලකයෝ පන්නා දමන්න දැන් ජාතික ජන බලවේගය වටා රොද බඳිමින් ඉන්නවා. මෙතෙක් රට පාලනය කළ පාලකයෝ ඉන්දියාවේ යාචකයෝ හිඟා කාලා ආධාර පිණිස සල්ලි එවන රටක් බවට අපේ රට පත් කළා. ඒ ඔබ මෙතෙක් කල් ආදරයට කතිරේ ගහපු පාලකයෝ අපිට උරුමකර දුන් රටයි. ඒ කරුමක්කාර උරුමය වෙනස් කරලා ලබන 21 වැනිදාට මේ රට නව පුනරුද යුගයකට රැගෙන යන ගමන අරඹන්න දැන් මේ රටේ මහ ජනතාව තීරණය කර හමාරයි.

JMK Mark At The Victory Rally Of Ja-Ela

“නව පරිවර්තනයකට ජනතාව හදවතින්ම සූදානම්ව සිටිනවා”
-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ.එම්.කේ. මාර්ක්-

මා අවුරුදු 40ක පමණ පොලිස් සේවයේ නියුතු වුණා. මා රටේ සෑම පළාතකම වාගේ සේවය කළා. හොඳ සමාජ, දේශපාලන අත්දැකීම් සම්භාරයක් මට එහිදී ලබා ගන්න පුළුවන් වුණා. අපේ ප්‍රමුඛ රාජකාරිය වුණේ මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය රැකීම. ඒත් අද නීතිය කඩා වැටෙන තත්වයක් උදාවෙලා. ඒ පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. සෑම තැනම අපරාධ සිදුවෙනවා. මහ දවාලේ ස්වයංක්‍රීය අවි භාවිතා කරලා අමු අමුවේ මිනිසුන් මරා දමනවා. මේ සත්තු නොවෙයි මිනිස්සු. ඔබට මතක ඇති කටාන සහ මීගමුව ප්‍රදේශවල සිදුවූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය. ඒක ඉබේ ඇති වූ එකක් නොවෙයි. ඒක පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා. බලයට ගිජු, ජරාජීර්ණ වූ මනස් ඇති දේශපාලනඥයන් තමයි පිටුපස සිට එය මෙහෙය වූයේ. සමස්ත ලෝකෙම එය දැන සිටියා.

සැප්තැම්බර් 21න් පස්සේ බිහිවෙන ජාතික ජන බලවේගයේ රජය මගින් ඒ විෂය පිළිබඳ අත්දැකීම් ඇති විශේෂඥ නිලධාරීන් යොදවලා එම ම්ලේච්ඡ සිදුවීම පිටුපස සිටි සියලු දෙනාටම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවට මම මේ වේදිකාවේ ඉඳන් අද පොරොන්දු වෙනවා. මේ ජාඇල ඉන්න ක්‍රිස්තියානි ආගම අදහන ජනතාවට අපි මේ බව පොරොන්දු වෙනවා. මේක දේශපාලන වේදිකාවක ඡන්දය බලාගෙන දෙන ප්‍රතිඥාවක් නොවෙයි. සත්‍ය වශයෙන්ම හදවතට එකඟව දෙන ප්‍රතිඥාවක්.

අද මෙම ජන රැලියට සහභාගි වී සිටින අති විශාල ජන ගඟ දුටුවහම මට ඇති වෙන්නේ විශාල සතුටක්. මේකෙන් ප්‍රකාශ වෙන්නේ නව පරිවර්තනයකට ජනතාව හදවතින්ම සූදානම්ව සිටින බවයි. අර කන්න බොන්න දීලා ගෙන්නපු ජන කොටසක් නොවෙයි මෙතන ඉන්නේ ඉතාම සංවර ජනතාවක්. මීට වසර දහස් ගණනකට පෙර අපේ රටට කිවුවේ වැව් බැඳි රාජ්‍යය කියලා. වී ගොවිතැන අතින් බව භෝග අතින් රට සශ්‍රීක වුණා. හොඳ ජල කළමනාකරණයක් එදා අපේ රට තුළ තිබුණා. අපේ රටේ සමස්ත භූමියම ගත්තහම අපේ රට සතුවෙලා තිබෙන්නේ ඕනෑම බීජයකට පණ දෙන්න පුළුවන් භූමි ප්‍රමාණයක්. මේ තත්වයට අද මේ පාලකයෝ පත් කරලා තිබෙන්නේ එවැනි සශ්‍රීක රාජ්‍යයක්.

තමන් තමයි මේ රටට යමක් කළේ කියලා මේ පාලකයෝ කියනවා. මොනවාද එයාලා කළේ? දෙගොල්ලක් එකතු වෙලා තට්ටු මාරු ක්‍රමයට බලය බෙදාගෙන මේ රටේ සම්පත්, මහජන ධනය කොල්ලකාලා රට වනසපු එක පමණයි. අපිට මැජික් පෙන්නුවා; ගොනාට ඇන්දුවා. අද අපේ රටේ මහා මාර්ග පද්ධතිය ත්‍රාසජනක අත්දැකීම්වලින් පිරිලා. ගමනක් ගියොත් ගෙදර එනකම් ෂුවර් නැහැ. ආරෝග්‍ය ශාලාවල දෙන බෙහෙත් ගැන ජනතාවට තිබූ විශ්වාසය නැති වෙලා. අද හිටපු සෞඛ්‍ය ඇමති යකඩ කූරු ගණිනවා. මේ මහ හොර කණ්ඩායම් එකතු වෙලා අපිව විකුණනවා. අපේ රටේ දේපොළ විකුණන් කනවා.

අද තැපැල් ඡන්දය ආරම්භ වුණා. පොලීසියෙන් අපට ලැබුණු විශ්වාසනීයම ආරංචිය අනුව අද පොලීසිවල වැඩි ඡන්ද ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා. දැන් අපිට නිවැරදි දිසාව පෙන්වන මානයක් ලැබී තිබෙනවා. ඒ ලාංඡනය තමයි මාලිමාව. මේ 21 වැනිදාට මේ රටේ සාතිශය බහුතරයක් ජනතාවගේ කතිරය මාලිමාව ඉදිරියේ වදින බව අද මම සහතික කර ප්‍රකාශ කරනවා.

Show More

“ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම ජනතාව සහ අප අතර තිබෙන සම්මුතියක්” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ ජාතික ව්‍යාපාරික සමුළුව – 2024.09.03 – මොනාක් ඉම්පීරියල් – ශ්‍රී ජයවර්ධනපුර-) දේශපාලන පොරපිටිය සැලකිය යුතු ප්‍රමාණයකින් උණුසුම් වෙමින් තිබෙන වෙලාවක්. මෙයට පෙර පැවති සෑම මැතිවරණයකදීම ලංකාවේ තීරණාත්මක වූයේ ආර්ථික සාධකය නොවෙයි. එක කාලයක දී යුද්ධය, ජාතිය බේරා ගැනීම, රට අනතුරේ ආදී සටන් පාඨ මැතිවරණ වේදිකාවේ මූලික කරුණු බවට පත් කරගෙන සිටියා. මෑත […]

(-ජාතික ජන බලවේගයේ ජාතික ව්‍යාපාරික සමුළුව – 2024.09.03 – මොනාක් ඉම්පීරියල් – ශ්‍රී ජයවර්ධනපුර-)

AKD On Stage At NPP Business Forum

දේශපාලන පොරපිටිය සැලකිය යුතු ප්‍රමාණයකින් උණුසුම් වෙමින් තිබෙන වෙලාවක්. මෙයට පෙර පැවති සෑම මැතිවරණයකදීම ලංකාවේ තීරණාත්මක වූයේ ආර්ථික සාධකය නොවෙයි. එක කාලයක දී යුද්ධය, ජාතිය බේරා ගැනීම, රට අනතුරේ ආදී සටන් පාඨ මැතිවරණ වේදිකාවේ මූලික කරුණු බවට පත් කරගෙන සිටියා. මෑත ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය ප්‍රමුඛ කර ගත් සාකච්ඡාවක් දේශපාලන කරළියේ මතු වෙමින් තිබෙනවා. 2021-2022 වකවානුවේ ආර්ථිකය විශාල වශයෙන් බිඳවැටීමකට ලක් නොවෙන්න මේ මැතිවරණයේදීත් වෙනත් සාධක මූලික කර ගන්නවා. සමහර සාධක ඔවුන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද ඒවා. නමුත්, ආර්ථිකය බිඳවැටීමෙන් පසුව පුරවැසියන්ටත්, දේශපාලන ව්‍යාපාරවලටත් ආර්ථිකය පිළිබඳව යම් විධිමත් සාකච්ඡාවකට ප්‍රවේශ වෙන්න බල කෙරී තිබෙනවා. මෙවර මැතිවරණ වේදිකාවේ මේ මාතෘකාව ඉදිරියට පැමිණ තිබෙන්නේ මේ පසුබිම නිසයි. ජාතික ජන බලවේගය හැටියට අපේ ආර්ථික දිශානතිය මූලික වශයෙන් සම්පිණ්ඩනය කර ඔබ සැම සමඟ බෙදාගත යුතු බවට අපි කල්පනා කළා. අපේ මූලික හරය අද දවසේ ඉදිරිපත් කරන්නේ ඒ අනුවයි.

දේශපාලන වේදිකාව තුළ නැවත වරක් ‘බිය’ කියන සාධකය ඉදිරියට ගෙන එන්න විශාල උත්සාහයක් තිබෙනවා. මෙයට පෙර මෙම සාධකය වෙනස් ආකාරයකින් ඉදිරියට ගෙනැවිත් තිබුණා. “මේ අපේක්‍ෂකයා තෝරා ගත්තේ නැත්නම්, ජාතිය අනතුරේ වැටෙනවා, මේ අපේක්‍ෂකයාට ඡන්දය දුන්නේ නැත්නම්, රට අනතුරේ වැටෙනවා” ආදී වශයෙන් විවිධ විදිහට බිය සමාජගත කළා. ඒකම දැන් වෙනස් මුහුණුවරකින් “මෙම අපේක්‍ෂකයා තෝරා ගත්තේ නැත්නම්, ගෑස් සිලින්ඩර පිපිරෙනවා” යනුවෙන් බියක් නිර්මාණය කරමින් යනවා. තව පැත්තකින් ජාතික ජන බලවේගය බලය ලබාගතහොත්, ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටෙන බවට ප්‍රචාර ගෙන යනවා. කොටස් වෙළෙඳපොළේ මේ දිනවල ඇති බිඳවැටීම පවා ජාතික ජන බලවේගයේ වර්ධනය නිසා සිදුවන බවට ප්‍රචාර ගෙන යනවා. ඒ බිඳවැටීම පිළිබඳ සත්‍ය කතාව මොකක් ද? අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස දීර්ඝ කාලයක් දේශපාලනය කළත්, රාජ්‍ය බලය ලබා ගන්න ආසන්න අවස්ථාවට පැමිණ සිටින්නේ පළමු වතාවටයි. ඒ දීර්ඝ කාලය තුළ දියත් කළ විශාල දේශපාලන මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියටයි. ආර්ථික බිඳවැටීමකදී ජනතාව දක්වන ප්‍රතිචාර 2022දී අපි දැක්කා. බලයට පත් වූ ජනාධිපතිවරයාට අවුරුදු දෙකකින් පලා යන්න සිදු වුණා. දීර්ඝ කාලයක් දේශපාලන අරමුණකින් ක්‍රියා කළ අපි මාස හයකින් පලා යාමට සිදු වන වාතාවරණයක් හදනවාද? ආර්ථිකයේ බිඳවැටීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වාගේම ඒ මොහොතේ සිටි මහ බැංකු අධිපතිවරයා වැරැදිකරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ජනාධිපතිට පවා එරෙහිව එවැනි තීන්දුවක් ලබා දී තිබියෙදී, අපත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරැදිකරුවන් බවට පත් කෙරෙන ක්‍රියාමාර්ග අනුගමනය කරනවාද? නැහැ. කිසිසේත්ම නැහැ. ඒ නිසා අපි ඔබට මුලින්ම දෙන සහතිකය තමයි, දැනට තිබෙන ආර්ථිකය කිසිදු ආකාරයකින් බිඳවැටීමකට ඉඩ නොදෙන බව. ඒ වගේම ආර්ථිකය තවත් ස්ථාවර කර ශක්තිමත් කරමින්, ඉදිරියට ගෙන යාම ජනතාව සහ අප අතර තිබෙන සම්මුතිය බව.

NPP Business Forum Crowd

ජනප්‍රිය සටන් පාඨවලින් බලය ලබා ගැනීමේ අරමුණක් අපට නැහැ. අපට ලැබෙන්නේ මොන වාගේ ආර්ථිකයක්ද යන්න අපි හොඳින් තේරුම්ගෙන සිටිනවා. තැපැල් ඡන්දය ආසන්නයට පැමිණ තිබෙද්දී, රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙනවා. එක් අයෙක් 24%ක් වැඩි කරන බව කීවාම, අනෙක් කෙනා කලින්ම කීවේ මා බව කියනවා. එක් අයෙක් වැටුප් වැඩි කිරීම 25,000ක් බව කීවාම, අනෙක් කෙනා අවම වැටුප රුපියල් 57,500ක් කරන බව කියනවා. අපි ඒ ලාභ තරගයේ නැහැ. ආර්ථිකය කඩාවැටෙමින් තිබෙන බරපතළකම අපි ගැඹුරින් තේරුම්ගෙන සිටිනවා. ක්‍ෂණික හැරවුම්, ක්‍ෂණික වෙනස්කම් ඇති කර ගන්න හැකියාවක් මේ ආර්ථිකයේ කිසිසේත්ම නැහැ. ඉතා සිහින් නූලකින් ගැටගැසී තිබෙන මේ ආර්ථිකයට ඇති කරන ඉතා කුඩා වෙනසක් පවා මාරාන්තික විය හැකියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ අපි ආර්ථිකයේ ඇති කරන සියුම් වෙනසක් පවා ඉතා හොඳින් කවර ආකාරයේ ප්‍රතිවිපාක ගෙනැවිත් දේ දැයි කල්පනා කර බලා කටයුතු කරනවා. අපි මේ රටේ ජනතාවට වගකියන, වග වෙන ව්‍යාපාරයක්. අපේ සමස්ත ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක තුළ තිබෙන්නේ. ද්විපාර්ශ්වීය ණය ගනුදෙනු, බහුපාර්ශ්වීය ණය ගනුදෙනු, ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු සියල්ල මූල්‍ය අරමුදලත් සමඟ ගැටගසා තිබෙනවා. ඒ නිසා කිසිවකු හෝ ඒකපාර්ශ්විකව එම වැඩසටහනෙන් ඉවත් වීම පිළිබඳව කල්පනා කරනවා නම්, ඔහු රට හෝ රටවැසියන් පිළිබඳව වගවීම අත්හැරීමක් වනවා. අපි ඒකපාර්ශ්වීයව කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වෙන්නේ නැති බවට සහතිකයක් දෙනවා. මූල්‍ය අරමුදලෙන් සපයා තිබෙන රටට අහිතකර නොවන පැරාමිතීන් පවත්වාගෙන යමින්, වඩා සුදුසු මාවත පිළිබඳව අපි සලකා බලනවා. ඒ කිසිසේත් රට බිඳවැට්ටීමේ දිශාවට නොවෙයි. ඒ නිසා ජනාධිපතිවරයාට අපි අවධාරණය කරන්නේ, අනියත බියක් සමාජගත නොකරන ලෙසයි. කොටස් වෙළෙඳපොළ බිඳවැටීමේ ප්‍රධාන වගඋත්තරකරුවා ඔහුයි. රටේ මුදල් ඇමැති ලෙස, ජනාධිපති ලෙස ආර්ථිකය බිඳවැටීම පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් හිතාමතාම ඇති කරමින් සිටිනවා. ඒ නිසා ආර්ථික අර්බුදයක් ඇති කර ගැනීමේ සැලැසුම්සහගත පරමාර්ථයකින් ඔහු කටයුතු කරනවා දැයි බරපතළ සැකයක් ඇති වෙනවා. ආර්ථිකය කඩාවැටීමට ඉඩ නොදෙන බවට අපි සාකච්ඡා කරන කොට ඔහු පමණක් අපි ඇවිත් ආර්ථිකය වට්ටන බව කියනවා. ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිගේ අපේක්‍ෂාවේ ගොදුරක් බවට කිසිසේත්ම පත් වෙන්නේ නැහැ.

මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ විවාදයක් තිබෙනවා. අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළේ, උද්ධමනයේ, පොලී අනුපාතිකයේ සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරයන් සහ පුරෝකථනයන් පිළිබඳව පැහැදිලි අදහසක් තිබිය යුතුයි. පසුගිය කාලයේ එක රාත්‍රියෙන් විනිමය අනුපාතික විශාල වශයෙන් වෙනස් කිරීමෙන් ආර්ථිකය තුළ විකෘතියක් නිර්මාණය කළා. ඒ නිසා අපට පුරෝකථනය කළ හැකි වන පරිදි විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම, පොලී අනුපාතික පවත්වා ගැනීම, උද්ධමන අනුපාතික පවත්වා ගැනීම අතිශයින්ම ආර්ථිකයේ ස්ථාවරත්වයට වැදගත්. මේ කටයුතු සඳහා මහ බැංකුවේ ස්වාධීනත්වය අතිශයින්ම වැදගත්. දේශපාලන වුවමනාවන් සඳහා මහ බැංකුව මෙහෙයවීමෙන් එහි ස්වාධීනත්වය බිඳවැටුණා. ඒ වාගේම ආර්ථිකයක් මෙහෙයවීමට ජනතාව විසින් ලබා දී තිබෙන ජනවරම කවුරුත් පිළිගත යුතුයි. ඒ වෙනුවෙන් මහ බැංකුවේ සහයෝගය අපේක්‍ෂා කිරීම හැරුණුකොට අපගේ දේශපාලන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා අප කිසිසේත්ම මහ බැංකුව උපයෝගී කර ගන්නේ නැහැ. ඒ වාගේම රාජ්‍ය ව්‍යවසායයන් මෙහෙයවීම පිළිබඳව විශාල කතිකාවක් ගොඩනැඟී තිබෙනවා. ආර්ථිකයේ සියලු අංශවලට ඉතා සංවේදී බලශක්තිය, මූල්‍ය වෙළෙඳපොළ සහ ජාතික ආරක්‍ෂාවට සෘජු ලෙස සම්බන්ධ සමහර ක්‍ෂේත්‍රවල රජයේ ප්‍රධාන පංගුවක් තිබිය යුතුයි. ඒ හැර ලාභ ලැබීම අරමුණු කර ගත් ව්‍යාපාර රජය විසින් මෙහෙයවන්නේ නැහැ. තවදුරටත් පවත්වාගෙන යා යුතු සහ අත්හැරිය යුතු ක්‍ෂේත්‍ර අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පුරවැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව, සාධාරණ මිලකට සහ නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබා දීම වෙනුවෙන් ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍ය බව අප කල්පනා කරනවා. එවැනි ආයතන ව්‍යුහයක් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනවා.

AKD Addressing The Crowd At NPP Business Forum From Back

ධනය තිබෙන අයගෙන් ධනය, ව්‍යාපාර තිබෙන අයගෙන් ව්‍යාපාර, නිවාස තිබෙන අයගෙන් නිවාස ආදී වශයෙන් වන දේපළ අපේ පාලනයක් යටතේ පවරා ගන්නා බවට තවත් ප්‍රචාරයක් ගෙන යනවා. අපි සරදියෙල්ගෙන් ඉගෙන ගත් අය නොවෙයි. අපි මහජනයාගේ ජීවන අත්දැකීම්වලින් ඉගෙන ගත් මිනිසුන්. ඔවුන් ගෙන යන අවලාද 21වැනි සියවසට වලංගු නැති බවයි අපට කියන්න තියෙන්නේ. ඒ වාගේම රාජ්‍යය සහ පෞද්ගලික අංශය අතර තිබෙන සබඳතාව ‘සීසර්ට අයිති දේ සීසර්ටත්, දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේටත්’ වශයෙන් අපි ඉතා හොඳින් තේරුම්ගෙන සිටිනවා. අපි මේ දෙක කිසිසේත්ම පටළවා ගන්නේ නැහැ. දේශපාලකයන් හැටියට අපට පැවරී තිබෙන වැඩ කොටසත්, ව්‍යාපාරිකයන් හැටියට ඔබට පැවරී තිබෙන වැඩ කොටසත් අපි ඉතා හොඳින් තෝරා බේරාගෙන තිබෙනවා. අපේ ආර්ථිකයේ ‘එන්ජින්’ එක බවට පත් වෙන්නේ පෞද්ගලික ව්‍යවසායකයා සහ කර්මාන්තකරුවායි. අපේ රටේ රාජ්‍ය ව්‍යුහයේ ස්වභාවය, අණපනත්වල ස්වභාවය, දේශපාලන අධිකාරියේ ස්වභාවය වැනි කරුණු නිසා අපේ ආර්ථිකය හිර කර තිබෙනවා. මෙය නිදහස් බව කීවත්, කිසිම නිදහසක් නැහැ. අවශ්‍යතා අනුව චලනය වන ආර්ථිකයක් තිබුණා නම්, 1950දී අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 316ක තිබූ අතර, කොරියාවේ එය ඩොලර් මිලියන 25යි. එදා කොරියාවට වඩා දොළොස් ගුණයකට වඩා අපනයන ආදායමක් අප ලබා ගත්තා. නමුත්, අද අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වන විට දකුණු කොරියාවේ ඩොලර් බිලියන 685යි. අපි වාගේ 50 ගුණයකටත් වඩා විශාල අපනයන ආදායමක් උපයා ගන්නවා. ඒ වාගේම ඩොලර් 3,800ක වාගේ ඒකපුද්ගල ආදායමක අපි හිරවුණේ ඇයි? ඒක දශක ගණනාවක් පුරා හිර වීමේ ප්‍රතිඵලයක්. අල්ලස සහ දූෂණය, ජාතික සැලැස්මකට අනුරූප වන පරිදි ආර්ථිකය මෙහෙයවීම නොකිරීම වැනි කරුණු නිසා හිර වී තිබෙනවා. අයවැය ලේඛනයක් එන කොට ආයෝජකයන් සිටින්නේ අවිනිශ්චිතතාවකයි. ව්‍යවසායකයන් තමන්ගේ ආර්ථික තීරණ ආර්ථිකමය පුරෝකථන මත ගත යුතු වුවත්, අපේ ව්‍යවසායකයන්ට සිදු වී තිබෙන්නේ ඥානක්කා වැනි ශාස්තර කියන්නියන්ගේ උපදෙස් අනුවයි. අද අපේ රටේ ව්‍යවසායකයින් කුමක් වේ දැයි බියකින් ඉන්නවා.

නමුත්, ලෝකය ඉදිරියට යන්නේ දත්ත එක්රැස් කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම වැනි කරුණු මූලික කරගෙනයි. ජාතික අරමුණු මත ඔබ යෙදිය යුතු ක්‍ෂේත්‍ර මොනවාද? එම ක්‍ෂේත්‍රවලට රජයෙන් සපයන යටිතල පහසුකම් මොනවාද? රාජ්‍ය සේවයෙන් ඉටු කර දිය යුතු කාර්යයන් මොනවාද යන්න අපි නිසි ලෙස තේරුම්ගෙන සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවය දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදවා ගන්නේ නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන්ගේ අත්‍යවශ්‍යම පුරප්පාඩුවක් හැර රාජ්‍ය සේවය පුරවන්නේ නැහැ. රජයෙන් ලබාගත යුතු සේවාවන් විසිරී තිබීම වෙනුවට ඒකාබද්ධ කොට කාර්යක්‍ෂමව ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා. සමහර යල්පැනගිය නීති වෙනස් කර ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමේ පසුබිම සකස් කර දෙනවා. ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගත්තේ නැතිනම්, රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කොතරම් සද් වුවමනාවක් තිබුණත් අපට එය කළ නොහැකියි. එහි නියමු කාර්යභාරය පැවරී තිබෙන්නේ ඔබ අතේ. ඔබ ආයෝජනය කරන්න, අපි එහි සුරක්‍ෂිතභාවය තහවුරු කර දෙනවා. පසුගිය කාලයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳවැටුණා. ඒ බිඳවැටුණේ ඔබ ගනු ලැබූ තීන්දු තීරණවල වරදක් නිසා නෙමෙයි; ආර්ථිකයේ මහා කඩාවැටීම නිසයි. අලුත් ව්‍යවසායන් ඇති කර ගැනීම ටිකක් දුෂ්කර කාර්යයක්. අත්දැකීම් තිබෙන ඒ තුළින් ඥානය ලබා ගත්, කළමනාකරණ හැකියාවක් තිබෙන අයගේ ව්‍යාපාර නැවත ප්‍රතිස්ථාපනය කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබ සිර වී සිටින පරාටේ නීතිය වැනි නීතිවලින් තිබෙන පීඩනය අවම කර ගැනීමට සියලු පසුබිම සකසා දෙනවා. අපි කැමැති වුණත්, අකැමැති වුණත් නව තාක්‍ෂණය සහ දැනුම නිර්මාණය වෙන්නේ බටහිරයි. ඒ දැනුම ඉතා ඉක්මනින් උකහා ගන්න සමත් වෙන්නේ නැතිනම්, අපේ කර්මාන්තකරුවාට සහ ආයෝජකයාට අවශ්‍ය දියුණු මානව සම්පත සපයා ගන්න නොහැකි වෙනවා. ආර්ථික ඉලක්ක වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත අපේ අධ්‍යාපනයෙන් ගොඩනඟා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ලෝකයේ දියුණුම විශ්වවිද්‍යාලවලට යවා මුවහත් කර ගත් ඥානය ලංකාවට ගෙන එනවා. ඒ වාගේම ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළෙන් දියුණුම කොටසක් අත්පත් කර ගන්නත් සුදුසු ආකාරයට අධ්‍යාපනයේ වේගවත් ප්‍රතිසංස්කරණ ඇති කරනවා.

Crowd From Front At NPP Business Forum

අනාගත ලෝකයේ බලවත් වෙන්නේ වැඩිම තාක්‍ෂණික හිමිකාරීත්වය තිබෙන රටයි. ලෝකයේ ඇති වුණු මහා තාක්‍ෂණික වෙනස්කම් අපේ අධ්‍යාපනයට ඇතුළත් කරගෙන ඉදිරියට යාම සඳහා අපි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනමම සකස් කර තිබෙනවා. පර්යේෂණ සිදු කරමින්, නව සොයාගැනීම් සහ නව නිර්මාණකරුවන් බිහි කර ගන්නා අතර, අපට අනන්‍ය වූ ක්‍ෂේත්‍ර හඳුනා ගැනීමත් සිදු කරනවා. ඒ වාගේම අපට තිබෙන කුඩා වෙළෙඳපොළ වෙනුවට රාජ්‍ය දැක්මක් සහ අනුග්‍රහය මත විදේශ වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමේ වෙළෙඳ තානාපති සේවයක් ඇති කරනවා. අපේ ව්‍යවසායකත්වයන් රට තුළ පවතින මිලියන 22ක වෙළඳපොළෙන් එළියට ගෙන යන්නේ නැත් නම්, අපේ භාණ්ඩවල ගුණාත්මකභාවය රැකගෙන පිරිවැය අඩු කර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම සඳහා අවුරුදු දෙකක් ඇතුළත විදුලි බිල තුනෙන් එකකින් අඩු කර ගැනීමේ අරමුණක් තිබෙනවා. ඒ වාගේම 2030දී පොසිල ඉන්ධන සඳහා ඉල්ලුම අවම මට්ටමකට පත් වී 2050දී පුනර්ජනනීය බලශක්තිය ප්‍රමුඛත්වයට පත් වෙනවා. අපට අවශ්‍ය ආර්ථික වර්ධනය අත්පත් කර ගන්න විදෙස් ආයෝජන අත්‍යවශ්‍යයි. 1978 සිට 2022 දක්වා රට තුළට පැමිණ තිබෙන්නේ ඩොලර් බිලියන 22ක ආයෝජන පමණයි. වියට්නාමයට ගිය අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 23ක ආයෝජන ලැබී තිබෙනවා. ‘ජාත්‍යන්තර සබඳතා තිබෙන අය’, ‘විදේශ යහළුවන් සිටින අය’ අවුරුදු 42කට ලබාගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 22ක ආයෝජන පමණයි. ප්‍රාග්ධන අවශ්‍යතාව, තාක්‍ෂණික අවශ්‍යතාව සහ ලෝක වෙළෙඳ දාමයට ඇතුළු වීමේ අරමුණින් විදෙස් ආයෝජනවලට ඉඩ සලසා දෙනවා. ඒ වාගේම ඔවුන්ට ලබා දෙන සහන හා සමානම සහන අප දේශීය ආයෝජකයන් වන ඔබටත් ලබා දෙනවා.

ඔබෙන් අපට ඇල්වතුර වීදුරුවක්වත් එපා. දේශපාලකයන් හැටියට අපගේ වුවමනාවක් තිබෙනවා වාගේම ව්‍යවසායකයන් හැටියට ඔබටත් එවැනි වුවමනාවන්ම තිබෙනවා. මෙරට ඉතිහාසයේ පළමු වරට දේශපාලකයන්ගේත්, ව්‍යවසායකයන්ගේත් අරමුණු එකට සමපාත වුණු ආණ්ඩුවක් ගොඩනඟමු. ජාතික ජන බලවේගයේ පාලනයක් යනු ඔබ, අප සියලු දෙනා මේ රට ගොඩනැඟීම වෙනුවෙන් එකට වෙහෙස වන එකම බලවේගයක් වෙමු.

ආරාධිත සහභාගිත්වයෙන් කොටසක්

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලන්ගමුව, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන්, තරුණ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) සභාපති තුෂිර රද්දැල්ල, CIB අධ්‍යක්ෂ ධම්මිකා මුනිවංශ, කැන්ඩි ෆැෂන් කළමනාකාර අධ්‍යක්ෂ අජිත් රත්නසේකර, ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සභාපති මරියදාස් සෙල්වරාජ්, තේම්ස් රිසෝට් සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ, ජෙට්වින් සමූහයේ සභාපති හිරාන් කුරේ, වාසනා බේකර්ස් සභාපති දයානන්ද බෝඹුවල, දඹුලු ලී බඩු සභාපති එච්. සෝමරත්න, ට්‍රයිකෝ කළමනාකර අධ්‍යක්ෂ ගාමිණී කන්නංගර, සුභාෂ් ජෙම්ස් සභාපති සුභාෂ් කරුණාරත්න, සුසර ප්‍රකාශන කළමනාකාර අධ්‍යක්ෂ කපිල වික්‍රමසිංහ, ඩී.එස්.අයි. සමූහයේ සභාපති නන්දදාස රාජපක්ෂ, ජොන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, සීඅයිසී හෝල්ඩිං සභාපති සෝලි කැප්ටන්

Few Of The NPP Business Forum

ආර්ථික හා ව්‍යාපාරික කවුන්සල සාමාජිකත්වය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සමාගම් මෙහෙයුම් විශේෂඥ මංගල විජේසිංහ, නිෂ්පාදන කර්මාන්ත ප්‍රධාන විධායක නිලධාරි චන්න ගුණවර්ධන, එමරල්ඩ් ඉන්ටනැෂනල් කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් ඉක්රම්, වෛද්‍ය රිස්වි සාලි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර, වසන්ත සමරසිංහ, චතුරංග අබේසිංහ, සත්කාරක වෘත්තික නිහාල් මුහන්දිරම්, සමාගම් අධ්‍යක්ෂ චමිල් උඩවත්ත, ලංකා මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් සභාපති එම්.යූ. බෝපිටිය, සුනිල් හඳුන්නෙත්ති, ව්‍යවසායක ශර්වින් අර්සකුලරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, ප්‍රධාන විධායක නිලධාරි එස්.එම්.ඩී. සූරියකුමාර, සිලෝන් බිස්කට්ස් සාමාන්‍යාධිකාරි නිශාන් නානායක්කාර, හෙගා ටයිල් සභාපති ගාමිණී කුමාර, කන්ඩූරි රෙස්ටුරන්ට්ස් සභාපති ලෆ්රාන් ෂොයිබ්, බෙලොස් ලංකා සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා, ක්‍රිස්ටික් ලංකා පොලිමර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රීමත් ඩයස් පෙරේරා, රිචී සමූහයේ සභාපති විරන්ත එච්. හෙට්ටිආරච්චි, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුනිල් කුමාර ගමගේ, මා බිම සමූහ ව්‍යාපාරයේ සභාපති සුජිත් පෙරේරා, නිෂ්පාදන සමාගම් උප සභාපති තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ, සෙන්ට් තෙරේසා ඉන්ඩස්ට්‍රීස් සභාපති කොලින් ෆනෑන්ඩු, ආර්ථික විශේෂඥ ගාමිණී වරුෂමාන, ලංකා මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් කළමනාකාර අධ්‍යක්ෂ නොඑල් නෙරිස්, කළමනාකාර අධ්‍යක්ෂ ලසන්ත ද ෆොන්සේකා, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් බුද්ධික හේවාවසම්

Anura Kumara Dissanayake Surrounded By Crowd
Anura Kumara Dissanayake With Crowd
Show More

ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යාපනයේ දී පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියට සහභාගී වෙමින්…

(-යාපනය, සැප්තැම්බර් 05-) “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් යාපනයේ ජනතාව රොද බඳී…

(-යාපනය, සැප්තැම්බර් 05-)

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් යාපනයේ ජනතාව රොද බඳී…

Anura Kumara Dissanayake Welcome At The Victory Rally Of Jaffna
Show More

“ජනතාව පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ඇල්පිටිය – 2024.09.03-) අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය […]

(-ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ඇල්පිටිය – 2024.09.03-)

Anura Kumara Dissanayake Addressing The Alpitiya Rally

අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය අනතුරේලු. හැබැයි දිනපු ඒ ගොල්ලෝම තමයි මේ රටත් ජනතාවත් මුළුමනින්ම අනතුරේ දැම්මේ. දැන් සජිත් පිලත් කියනවා අපි ආවොත් රට අනතුරේලු. මතක තියා ගන්න ඔය හැමෝටම වඩා මේ රට ගැනත් මේ රටේ ජනතාව ගැනත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. දැනුත් එහෙමයි.

මීට මාසයක එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක් කළා, ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න කියලා. එතකොට රනිල් කිවුවා සතයක් වැඩි කරන්න බැහැ, වැඩි කළොත් රට කඩා වැටෙනවා කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බද්ද 21% දක්වා වැඩි කරන්න වෙනවා කියලා කිවුවා. මේක කිවුවේ පසුගිය ජූලි මාසයේ. දැන් කියනවා ජනවාරි ඉඳන් රුපියල් 25,000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට දෙනවලු. 24%ක වැටුප් වැඩි කිරීමක් කරනවාලු. එයාට නම් එහෙම කියන්න පුළුවන්. ඇයි? එයා මේ සැරේ පරදිනවනේ. අද කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් සියලු ගොවි ණය කපා හරිනවලු. මේ විදියට වෙනකොට ජනතාව හිතනවා ඇති හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ කියලා. මේවා පරාජය හමුවේ දෙන ව්‍යාජ පොරොන්දු. රනිල්ට අපි කියන්නේ ඔයා දැන් ප්‍රමාද වැඩියි කියලා. ඔය ගොල්ලෝ මේ රට ගැන මේ රටේ ජනතාව ගැන හිතුවා නම් මේ ගොඩක් දේවල් කරන්න තිබුණේ මීට බොහෝ කාලෙකට කලින්. අද නටන්නෙ බලය ගිලිහී යනවා කියලා හිතනකොට; ජනතාව තමන් සමග නැහැ කියලා හිතන කොට. අන්න පරණ පුරුදු ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන්. රනිල් තවමත් ඉන්නේ පරණ දේශපාලනයේ. මේ රටේ ජනතාව තවදුරටත් ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නේ නැති බව, කුඩා කුඩා දීමනාවලින් මේ රටේ ජනතාව තවදරටත් රවටන්න බැරි බව දැන් ඔප්පු වී තිබෙනවා. ඔවුන් දැන් පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා. රනිල්ලාට දැන් ඒක ආපසු හරවන්න බැහැ.

Crowd At The Alpitiya Rally

දැන් නැවත කසු කුසුවක් යනවා, සජිත්ගෙයි රනිල්ගෙයි දෙවන පෙළේ අය අතර අපි බෙදිලා ගියොත් කපෝතියි. ඒ නිසා එකතු වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. ජාතික ජන බලවේගය මෙහෙම ගියොත් දිනනවා. අපි දෙගොල්ලෝම අමාරුවෙ වැටෙනවා. ඒ නිසා එකතු වෙන්න විදියක් නැද්ද කියලා. තවම දෙවෙනි පෙළ තමයි ඒ කතාව පටන් අරගෙන තිබෙන්නේ. ඒකටත් අපිට කියන්න තිබෙන්නේ දැන් පරක්කුයි කියලා. දැන් මේ ගොඩනැගිලා තිබෙන ජනතා බලය, ඊට නායකත්වය දෙන ව්‍යාපාරය නැවත හරවන්න බැහැ. එය ජයග්‍රහණයෙන්ම කෙළවර කරනවා කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. අද අපේ ඡන්ද ව්‍යාපාරය ජනතාව අතට අරන් ඉවරයි. අපි නොදන්න විශාල මහජන බලයක් අපි වෙනුවෙන් දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන්. ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් ලියන්න කියන්න පටන් අරන් තිබෙනවා. දැන් කොහොමද රනිල් ඔයා මේක නතර කරන්නේ. මේක නතර කරන්න බැහැ. සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා. හැබැයි අපිට ඕන සාමාන්‍ය ජයග්‍රහණයක් නොවෙයි. මේ රට අතිශය ගැඹුරු ප්‍රපාතයකට ඇදලාදාලා තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගන්න ස්ථාවර, ශක්තිමත් තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා. මේ විදියටම රට ගලාගෙන යන්න ඕන නම් ලොකු ප්‍රශ්නයක්.

අපි තවදරටත් පීනන්නෙ මේ ගලන ගඟේ මේ විනාශකාරී දිසාවට නම් රට අගාධයට වැටෙන එක අනිවර්යයයි. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ විනාශකාරී මාවතෙන් රට මුදා ගන්නයි. ඒ සඳහා ශක්තිමත් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම ගන්නනම් ජනතාගෙන් ශක්තිමත් ජන වරමක් අවශ්‍යයි. මේ රට හරි පැත්තට හරවන තීන්දු තීරණ ගන්නට හේතු වෙන්නේ ජනතාවගේ ඒ ශක්තිමත් ජනවරමයි. පළමුව මේ දේශපාලන පොර පිටිය ශුද්ධ කළ යුතුයි. මේ දේශපාලනය මහජනතාවට අතිශයින් පිළිකුල්; අප්‍රසන්නයි. දැන් සමාජ මාධ්‍ය දියුණුවෙලා තොරතුරු පහසුවෙන් ගලා එනවා. ඒ නිසා මේ රට මෙතෙක් පාලනය කළේ මොන වගේ මිනිස්සුද කියලා ජනතාව දන්නවා. රිචඩ් පතිරණ පාර හදනවා පුතාට, දොඩම්ගොඩ පාර හදනවා පුතාට. එහෙම තමයි මෙතෙක් දේශපාලන ගමන සිද්ධ වුණේ. මෙතෙක් කල් පාර හදාගත්තේ, ඒ ගොල්ලන්ගේ පවුල්වලට; හිතවතුන්ට. ඒ නිසා ජනතාවට මේ දේශපාලනය අප්‍රසන්න වුණා. ජාතික ජන බලවේගයේ අපි බලය අරගෙන මේ දේශපාලන පිටිය පියවරෙන් පියවර සුද්ද කරනවා.

AKD Addressing The Alpitiya Rally

ගම්වල පොලීසිවල නිලධාරීන් හිඟයි. හැබැයි ප්‍රභූ ආරක්ෂාවට වැඩි පිරිසක් යොදවලා. අපි මේ සියල්ල නතර කරනවා. ලංකාව ඇතුලේ ආණ්ඩු කියලා මෙතෙක් බිහිවුණේ එක්කෝ පවුලක්. එක්කෝ කල්ලියක්. අපි ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් කියන සැබෑ අර්ථය ඇති ආණ්ඩුවක් හදනවා. එව්ට ජනතාවට විශ්වාසය හැදෙනවා. ජනතාව තම වගකීම් ඉටුකරන්න පෙළඹෙනවා. කර්මාන්තකරුවා, ව්‍යවසායකයා තමන්ගෙ වැඩ කොටස කරන්න පටන් ගන්නවා. මේ ඇල්පිටියෙ කුඩා තේවතු හිමියා තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඒකට ආණ්ඩුව සහාය දෙනවා. හැම ක්ෂේත්‍රයකටම අපේ ආණ්ඩුවේ සැලකිල්ල ලැබෙනවා. එතකොට ඔබේ ආදායම් වැඩිවෙනවා. රටේ ආදායම් වැඩිවෙනවා. රට පොහොසත් වෙනවා.

රටේ නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් පාසල් පද්ධතියක්, විශ්වවිද්‍යාල පද්ධතියක් අපි ගොඩනඟනවා. දෙමව්පියන්ට සහ දරුවන්ට බරක් වී තිබෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඔවුන්ට බරක් නොවෙන නවීන දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපි ගොඩනඟනවා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට ලස්සන කරන්න. ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුමකරලා දෙන්න. ඒ නිසා මේ මස 21 දිනට ජාතික ජන බලවේගය දිනවන්න පෙරට එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.

Saumya Sandaruwan Liyanage Addressing The Alpitiya Rally

“ඔබ ජනාධිපති කර ගන්නේ සහෝදරයා කියලා හරි නම කියලා හරි ඇමතිය හැකි කෙනෙක්”
-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ-

අනුර කුමාර දිසානායක කියන්නේ මා ඉගෙනගත් කැලණිය විශ්වවිද්‍යාලයේම සගයෙක්. ඒ කාලේ විවිධාකාර මත ගැටුම් සංවාද මධ්‍යයේ තමයි අපේ ශිෂ්‍ය ජීවිත ගෙවී ගියේ. පසු කාලෙක අපි මුණ ගැසෙන්නේ එක්තරා අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහායි. ඒ අරමුණ තමයි දශක ගණනාවක් තිස්සේ මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ඒ වටා රොක්වී සිටින කල්ලි කණ්ඩායම් මේ රට ඇද දමා තිබූ අගාධයෙන් මේ රට ගොඩ ගැනීම. තවදුරටත් දෙවතාවක් හිතන්න අපට අවශ්‍ය නැහැ. මේ වන විටත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව සක්‍රීය ලෙස දායක වී තිබෙන අන්දම ඔබට පෙනෙනවා ඇති. මේ රටේ සමස්ත ජනතාවගෙන් සාතිශය බහුතරයේම අදහස ඒක තමයි.

ලබන 21 වැනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්නවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නොවෙයි. සහෝදරයා කියලා හරි නම කියලා හරි ඔබට ඇමතිය හැකි කෙනෙක්. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ එක්තරා කඩඉමක් සනිටුහන් කරනවා. ඒ කඩඉම තමයි මේ රටේ පවුල් දේශපාලනයට හා ප්‍රභූ දේශපාලනයට සහමුලින් තිත තබන ජයග්‍රහණය වීම. මේ වෙනස කළ හැකි, හැකියාව ඇත්තේ ඔබ අතේ. ඔබේ ඡන්ද එකතු වූ තැන මහා බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි මේ රටේ මෙතෙක් දේශපාලන බලය අවභාවිතා කළ බලය අවසන් කරන බලය. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතා ටික ඇහැව්වාම මේ රටට අත්වී ඇති මේ ඛේදවාචකය තේරුම් ගන්න පුළුවන්.

The Alpitiya Rally Crowd

අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන වෙන රටවල්වලට ගිහිල්ලා ඒ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි බලලා, ලෝකයේ අධ්‍යාපනය මේ වන විට තිබෙන්නේ කිනම් තැනකද කියලා දැකලා ආපසු මේ රටට ආවේ මේ රටට යමක් කරන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු අපි හැමෝම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලැබූ අය. අපිට හෘදය සාක්ෂියක් තිබෙනවා. ඒ හෘද සාක්ෂියෙන් අපිට මිදෙන්න බැහැ. අනුර සහෝදරයාගේ කථාවක් අහන ඔබට දැනේනේ මොනවාද? එහි බොරු පොරොන්දු නැත. බොරු ආලවට්ටම් නැත. බොරු සෝබන කතාද නැත. ඇත්තේ එක දෙයයි. ඒ තමයි හෘදය සාක්ෂිය. අවංකභාවය සහ දේශපාලන අධිෂ්ඨානය. අපි මෙච්චර කල් අහිමි කර ගත්තේද ඒ දෙයමයි. රටක විපරිවර්තනයක් ඇති කරන්න නම් මනුෂ්‍යයෙකුට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයි. එහෙම නැතිව ගෑස් සිලින්ඩරයක් පෙන්නපු පළියට දේශපාලන අධිෂ්ඨානයක් ඇති වන්නේ නැහැ. පුපුරලා මිනිස්සු ගණනාවක් මිය ගිය ඛේදවාචකයක් පිටුපස තිබෙන සංකේතයක් තමයි ගෑස් සිලින්ඩරය. අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය හැරෙන්න කිසිදු සත්‍යාවදී දේශපාලකයෙකු හෝ දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ දැන් අපිට පෙනෙන්නට නැහැ. ඒ සත්‍යවාදී දේශපාලනය සහිත මේ රට හා ජනතාව අලුත් දිසාවකට හැරවිය හැකි, අද ඉන්න එකම දේශපාලනඥයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු පමණක් නොවෙයි මේ රටේ කලාකරුවන් විශාල ප්‍රමාණයක්ද මේ වන විට ඔහු වටා රොද බැඳ අවසානයි. මේක සම්ප්‍රදායික රොද බැඳීමක් නොවෙයි.

අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඊළඟට බලයට එන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් පෞද්ගලිකව යමක් කර ගන්න නොවෙයි. ඒත් ඒ ආණ්ඩුව අපිට ආරාධනා කළොත් මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපේ දැනුම හා ශක්‍යතාවයන් ඒ සඳහා අපි නොපැකිලවම දායක කරනවා. දැන් අපේ ජීවිතයෙන් භාගයක්ම ඉවරයි. මේ බර අපි අනාගත පරපුරට බාර දිය යුතු නැහැ ජාතික ජන බලවේගය එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගෙන තිබෙන අභියෝගය අන් කිසිම පක්ෂයක නායකයෙකුට බාර ගත නොහැකියි. ඒ අභියෝගය සඳහා ඔබගේ ශක්තිය අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියන්නේ අනුර දිසානායක සහෝදරයා ඡන්ද කෝටියකින් දිනවිය යුතුයි කියලා.

Rathna Gamage Addressing The Alpitiya Rally

“අපි ස්ථාපිත කරන්නේ ජනතාවගේ පෑරුණු සිත් සුවපත් කරන පාලනයක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රත්න ගමගේ-

මෙතනට පැමිණිලා ඉන්න සෑම මුහුණකම අමුතු ප්‍රබෝධයක් පෙනෙනවා. අපි දන්නවා අපේ රටේ ජනතාව බඩු මිලෙන්, ගෑස් මිලෙන්, ලයිට් බිලෙන්, ජල බිලෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ කියලා. ඔබට දහසක් ප්‍රශ්න තිබුණත් ඔබේ මුහුණුවල තිබෙනවා බලාපොරොත්තුවේ සේයාවක්. ඒක තමයි සැප්තැම්බර් 21 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවේ සේයාව. ඒ වැඩේ ස්ථිරයි. දැන් අපිට හම්බවෙන බොහෝ අය කියන්නේ මම නම් මේ නොඉවසිල්ලෙන් ඉන්නේ ඡන්ද දිනේ එනකල් කියලා. මොකටද? අපේ අනුර සහෝදරයා දිනවන්න. අපට තිබෙන්නේ දින 18යි. දැන් රටේ සියලු සමීක්ෂණ ක්‍රියාවලින් කියවෙන්නේ මේ සැප්තැම්බර් 22 වන විට රටේ නියත ජනාධිපති ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා වන බවයි.

සැප්තැම්බර් 22 මේ රට අලුත් ගමනක් ආරම්භ කරනවා. මේ ගමන ආරම්භ කරන කොට අපිට කරන්න වැඩ ගණනාවක් තිබෙනවා. ඔබ ගාල්ලෙන් පාර්ලිමේන්තුවට කී දෙනෙක් තෝරා යැව්වා මතකද? පොහොට්ටුවෙන් 07යි. ටෙලිෆෝනය පැත්තෙන් දෙකයි. දැන් කට්ටියක් අලියා ගාව. කට්ටියක් ටෙලිෆෝන් එක ගාව. මේ ගොල්ලෝ ජන වරම කෙළෙසපු මිනිස්සු. ඒ නිසා දැන් රටේ ජනතාව තීරණය කරලා තිබෙනවා මින් පස්සේ මේ පල් හොරුන්ට ඡන්දය දෙනවා වෙනුවට ඔවුන් එලවලා දාලා මේ රට ජාතික ජන බලවේගයටයි, එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාටයි බාර දෙන්න. ජාතික ජන බලවේගයට මේ රට තනියෙන් හදන්න බැහැ කියලා අපි නිහතමානීව පිළිගන්නවා. ඒක අපි හැමෝගෙම සාමූහික වැඩක්. අපිට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම, අපිව විවේචනය කළ සියලු දෙනාවම අපි ආරක්ෂා කරන බවට ඔබට සහතික වෙනවා. සැප්තැම්බර් 22 අපි සාමූහිකව ජයග්‍රහණය සමරමු. අපේ සැමරීම කිසිවෙකු පීඩාවට පත් කළ යුතු දෙයක් නෙමෙයි.

මේ පාලකයෝ මෙතෙක් කල් අපේ ජනතාවගේ හිත් බින්දා; රැවැට්ටුවා. පිඩාවෙන් පීඩාවට පත් කළා. ජාතික ජන බලවේගයේ පාලනයක් අපි මේ ස්ථාපිත කරන්නේ මේ රටේ ජනයාගේ පෑරුණු, බිඳ වැටුණු, කඩා වැටුණු සිත් සුවපත් කරන්න. ශක්තිමත් කකරන්න. හැලුණු සිත් නැවත යථාවත් කරන්න. මේ රට නව පුනරුද යුගයකට ඔසවා තබන්න. ඒක තමයි අපේ පළමු අධිෂ්ඨානය සහ ආදර්ශය. මිහිඳු මා හිමි ලංකාවට වැඩම කළ පසු අපේ රටේ පුනරුද යුගයක් ආරම්භ වුණා. 14 – 15 වන සියවස්වල යුරෝපයේ පුනරුද යුගයක් ආරම්භ වුණා. අපේ රටේ වර්තාන පාලකයේ එවැනි යුගයක් නිර්මාණය කරන්න අසමත් වුණා. සැප්තැම්බර් 21න් පස්සේ මේ රටේ සමාජ, ආර්ථි, දේශපාලන, සංස්කෘතික පුනරුදයක් නිර්මාණය කිරීමට සමත් එකම බලවේගය වන්නේ ජාතික ජන බලවේගයයි. ඒකට නායකත්ව දෙන්නෙ. අපේ රටේ මීළඟ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයායි. 21න් පස්සේ ගොඩ නැගෙන අපේ පාලනය යටතේ වැඩකරන දේශපාලනඥයන් මේ රෙට් පොදු ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් බුක්ති විඳින්නේ නැහා කියන සහතිකය අපි ඔබට දෙනවා.

Anura Kumara Dissanayake And Saumya Sandaruwan Liyanage On Stage At The Alpitiya Rally
Show More

රාජ්‍ය නිලධාරීන් 100ක් නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයේ

(-Colombo, September 02, 2024-) ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව පත්වීම් වශයෙන් බදවා ගත් සේවකයින් 100 දෙනෙකු පමණ පසුගිය දිනවල දී රු. ලක්ෂ 72ක් පමණ වැය කොට පුහුණු කර ඇත. එම පුහුණුවෙන් පසු කටුනායකට ඔවුන් සියලු දෙනා ගෙන්වා නිවාඩු ඉල්ලුම්පත්‍ර ද අත්සන් කරවාගෙන බස් රථ මගින් ස්වාධීන ජනාධිපති අපේක්ෂක […]

(-Colombo, September 02, 2024-)

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව පත්වීම් වශයෙන් බදවා ගත් සේවකයින් 100 දෙනෙකු පමණ පසුගිය දිනවල දී රු. ලක්ෂ 72ක් පමණ වැය කොට පුහුණු කර ඇත. එම පුහුණුවෙන් පසු කටුනායකට ඔවුන් සියලු දෙනා ගෙන්වා නිවාඩු ඉල්ලුම්පත්‍ර ද අත්සන් කරවාගෙන බස් රථ මගින් ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා රාජ්‍ය සම්පත් හා රාජ්‍ය නිලධාරීන් යොදාගැනීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින අතර මැතිවරණ කොමිසම ඇතුළු අදාල බලධාරීන් වහා මැදිහත්වී මෙය පාලනය කර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තහවුරු කිරීමට පියවර ගත යූතු බව අපගේ අදහසයි.

නීතීඥ අකලංක උක්වත්ත (0773725007)
මාධ්‍ය ප්‍රකාශක – ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

Show More

“අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් රට සාමකාමී ලෙස පවත්වාගෙන යාමට කැපවනවා” -අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-

(-ජාතික ජන බලවේගයේ විශ්‍රාමිකත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.02-) අපේ හමුදා සාමාජිකයින් යුද, නාවික, ගුවන් හමුදාවල සාමාජිකයන් ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කර, උසස් නිපුණත්වයක් ලබා හැකියාවන් වර්ධනය කරගෙන සමාජයේ හොඳ පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. ජාතික ජන බලවේගය සමග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අදිටන සාමූහිකය තුළ දිවයින පුරා 40,000ක් පමණ ක්‍රියාකාරීව වැඩ කරනවා. මේ රට […]

(-ජාතික ජන බලවේගයේ විශ්‍රාමිකත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.02-)

Aruna Jayasekata At NPP Press Conference

අපේ හමුදා සාමාජිකයින් යුද, නාවික, ගුවන් හමුදාවල සාමාජිකයන් ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කර, උසස් නිපුණත්වයක් ලබා හැකියාවන් වර්ධනය කරගෙන සමාජයේ හොඳ පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. ජාතික ජන බලවේගය සමග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අදිටන සාමූහිකය තුළ දිවයින පුරා 40,000ක් පමණ ක්‍රියාකාරීව වැඩ කරනවා. මේ රට වෙනුවෙන් විනයගරුකව වගකීම් සාර්ථකව ඉටුකර විශ්‍රාමිකව සිටින අතර, මේ රටට අත්වී තිබෙන ඛේදනීය තත්වය අපට පැහැදිලිව දැක ගන්න ලැබුණා. මේ තත්වයෙන් ගොඩ එන්න අපෙන් සිදුකළ යුතු කාර්ය භාරය ඉටුකිරීම වෙනුවෙන් සොයා බලන විට ජාතික ජන බලවේගය ඉදිරියට එන ආකාරය අපි දැක්කා. ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර, අපගේ දෙවන මෙහෙවර ලෙස 2021 අවසානයේදී ඉතාමත් සැලසුම් සහගතව අදිටන සාමූහිකය නිර්මාණය කළා. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ එතෙර සිටින අපේ විශ්‍රාමිකයන් පවා විශේෂ කැපකිරීම් කළා. අප අත්පත් කරගෙන තිබෙන වෘත්තිමය දැනුම හා හැකියාව රට ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග එක්වී ලබාදීමට යොමු වුණා. අපේ තරුණ පරපුරට වගේම සමස්ත ජනතාවටම අපි ආදරෙයි. අප සක්‍රීය සේවයේ සිටි කාලයේ මානුෂීය ගුණාංගවලින් යුක්තව මානුෂීය මෙහෙයුමක් සිදුකළ අත්දැකීම් උපරිමයෙන් සිදුකර, මේ විශේෂ කටයුත්ත වෙනුවෙන් අද ලබාදී සිටිනවා. ඒ නිසාම අනෙකුත් පක්ෂ සහ රජය නොසිතූ කම්පනයකට ලක්වුණා. ජාතික ජන බලවේගයට විරුද්ධව දේශපාලනයේ යෙදී සිටින පක්ෂ සහ කණ්ඩායම් අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධයෙන් නොයෙකුත් මඩ අවලාද එල්ල කරන වීඩියෝ පට සහ පෝස්ට් සමාජ මාධ්‍යයේ පළ කරනවා. මාලිමාවට එරෙහිව කටයුතු කරන දේශපාලන පක්ෂ පවා මාධ්‍ය හමු පවත්වමින් අදිටන සාමූහිකයේ ක්‍රියාකාරකම් පිළිබඳව ව්‍යාජ සහ බොරු ප්‍රචාර ගෙනයනවා.

ඒ නිසයි, මම මුලින්ම අවධාරණය කළේ පසුගිය යුද්ධය පැවැති කාලයේ මෙම සාමාජිකයන් විශාල මානුෂීය මෙහෙයුමක් කළ අය බව. අපිට ජාතික ජන බලවේගය විශ්වාසයි. ඒ වගේම අපි කරන ක්‍රියාකාරකම් ගැන අපට විශ්වාසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ අරමුණෙන් ක්‍රියාකරනවා වගේම ප්‍රතිපත්තිමය වශයෙන් සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයට උපරිම සහයෝගය ලබාදී ඉතාමත් සාමකාමී මැතිවරණයකට ඉඩ සලසනවා. ඉන් පසුවත් සාමකාමී වාතාවරණයක් ඇති කිරීම අපේ පරම වගකීම සහ යුතුකමයි. එය අපි ඉතාමත් විශ්වාසනීය ලෙස ජාතික ජන බලවේගයත් සමග එක්වී ක්‍රියාකරනවා. ජනාධිපති ලෙස තෝරා පත්වෙන අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් මේ රට සාමකාමී ලෙස පවත්වාගෙන යාමට ඇප කැපවී ක්‍රියාකරනවා. අපි රටවැසියාට බොරු පොරොන්දු දෙන්න හදාගත් සාමූහිකයක් නොවෙයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අස්සක් මුල්ලක් නෑර යමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විජයග්‍රහණය කරවීම සඳහා අපි ඇප කැපවී ක්‍රියාකරනවා. සැප්තැම්බර් 21 දායින් පසු රට තුළ මහත් කලබලයක් ඇති කරන බවටත් එයට අදිටන විශ්‍රාමික සාමූහිකයේ අය සම්බන්ධ වෙන බවටත් මඩ අවලාද යවමින් තිබෙනවා. මම ඉතාමත් වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අවලාදවලට ඇහුම්කන් නොදෙන ලෙසයි. එවැනි තත්වයක් ඇති වෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ.

අපි මෙම සාමූහිකය ගොඩනඟා ගත්තේ බිම් මට්ටමේ සිට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ නිසා මෙම සාමූහිකය පොළොවේ පැලවුණු මුදුන් මුල් සහිත මහා වෘක්ෂයක් වූ ජාතික ජන බලවේගයට එක්වී සිටිනවා. එළඹෙන පස්වැනිදා සහ හය වැනිදා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටද එම අයිතිය හිමිව තිබෙනවා. අප සමග රාජකාරි කළ අය හැටියට මේ රටට අත්වී තිබෙන ඛේදවාචකය ගැන සියලු දෙනාටම හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේදී බුද්ධිමත්ව හොඳින් සිතා බලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙතෙක් නීත්‍යානුකූලව ලබාදී තිබෙන පහසුකම් කිසිවක් අඩු නොවන බවත් විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ ගරුත්වය, අනන්‍යතාව සහ නීත්‍යානුකූලව රජයෙන් ලබාදී තිබෙන පහසුකම් කිසිම කප්පාදුවක් නොවෙන බව සහතික කර කියා සිටිනවා. අප ප්‍රකාශ කරන කරුණු විකෘති කරමින් ප්‍රචාරය කිරීමට තරම් ඇතැම් පිරිස් බිය වී සිටිනවා. රට විනාශයට වගකිව යුතු පිරිස් ඒ ආකාරයෙන් ක්‍රියාකරන බව අපි දන්නවා.

සිවිල් ආරක්ෂක බලකාය ඉතාමත් හැකියාවෙන් යුක්තව 30,000ක පමණ සාමාජිකත්වයකින් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ගරුත්වය රැකෙන පරිදි කාලීනව අවශ්‍ය පුහුණුවීම ලබාදී රටට වැඩදායී ලෙස යොදවා ගන්නවා. ඔවුන්ගේ රැකියාවේ ස්ථාවරභාවය ආරක්ෂා කරනවා. මියගිය සහ අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සමග ජාතික ජන බලවේගය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප්වල පවතින විෂමතාවය අවසන් කිරීමට කටයුතු කරනවා. සැප්තැම්බර් 18 වැනිදා රාත්‍රියේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් කිරීමත් සමග ඡන්ද පවත්වා අවසන් වන තුරු අපගේ ටී ෂර්ට් පළඳින්න බැහැ. එම කාලය තුළ අදිටන ටී ෂර්ට් පැළඳගෙන කටයුතු කරනවා නම්, ඔවුන් අපගේ සාමාජිකයන් නොවෙයි. අදිටන ටී ෂර්ට් භාවිතා කර, වීඩියෝ ක්ලිප්ස් සකස්කර, ව්‍යාජ මත ඉදිරිපත් කර තිබුණා. සැප්තැම්බර් 18 දින දක්වා අප යම් විශේෂිත කටයුත්තක් කරනවා නම් මේ ආකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවට කරුණු හෙළි කරනවා. ඒ අනුව ජනතාවට අප කරන ක්‍රියාකාරකම් ගැන විනිවිද භාවයකින් යුතුව තේරුම් ගැනීම පහසු වෙනවා. ජාතික ජන බලවේගය ජනතාව අතරේ අත්පත් කරගෙන තිබෙන මහා ප්‍රසාදය ඉදිරියේ පසුබැස ඇති පිරිස් ඔවුන්ගේ බලය රැකගැනීමට ක්‍රියාකරන ආකාරය ගැන මහජනතාවට මේ දිනවල හොඳින් දැකගන්න පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඉදිරියේදී හුවාමාරු වන අසත්‍ය කරුණුවලට මුළා නොවෙන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

Sampath Thuyiyakontha At NPP Press Conference

“ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරය ඇති වුණේ දේශපාලනඥයන්ගේ දුර්වල නායකත්වය නිසා බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි”
-අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා-

ජාතික ජන බලවේගය ලෙස අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා. එහි 223 වැනි පිටුවේ “උසස් ජාතික ආරක්ෂාවක් – සුරක්ෂිත රාජ්‍යයක්” යන පරිච්ඡේදය යටතේ අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර එන්.පී.පී. ඩොට් එල්කේ වෙබ් අඩවියට පිවිස ඕනැම කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන ලෙස ඉල්ලීමක් කරනවා. අපේ ත්‍රිවිධ හමුදාවේ දැනට සිටින නිලයන්ට අදාළව රජයෙන් නීත්‍යානුකූලව ලබාදී තිබෙන සියලුම පහසුකම් ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. පොදු ජනතාවට ලැබෙන වෛද්‍ය සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමෙනුත් ප්‍රයෝජනයක් ලැබෙනවා. විශ්‍රාමික සාමාජිකයන් සඳහා පවතින නිවාඩු නිකේතන ඇතුළු පහසුකම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ත්‍රිවිධ හමුදාවේ වෘත්තිය පුහුණුවක් ලැබූ අය, විශ්‍රාම ගියාට පසුව යෙදීමට වෘත්තීන් අහිමිවීම නිසා යුක්රේනයේ හෝ රුසියාව වැනි යුද්ධ භූමිවලට ගොස් ජීවිත පවා අනතුරට ලක්ව තිබෙනවා. ගෞරවනීය විශ්‍රාම ජීවිතයක් ගෙවීමට ආදායම් නොමැතිවීම නිසා ඔවුන් එවැනි අවදානමකට මුහුණ දී සිටිනවා.

ත්‍රිවිධ හමුදාව පොලීසිය සමග එක්ව ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී ඉහළම ආකාරයෙන් යුද්ධය කාලයේ පවා ක්‍රියාකර තිබෙනවා. ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරය ඇති වුණේ මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ දුර්වල නායකත්වය නිසා බව කනගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා. අදටත් පාලකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ආකාරයෙන්ම ක්‍රියාකරනවා. උදාහරණයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි තාමත් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කර නැහැ. පටු දේශපාලන සිතුවිලි නිසා පාලකයන් ඒ වගකීම පැහැර හැර තිබෙනවා. පටු දේශපාලන වාසි තකා පාලකයන් ක්‍රියාකරන ආකාරය මැනවින් තේරුම් ගන්නා ලෙසත් ඔවුන් රට ගැන සිතා කටයුතු නොකරන ආකාරයත් තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

අපි ජාතික ජන බලවේගයට එක්වී සිටින්නේ මේ තත්වයන් වෙනස් කරන්නයි. අපි සිවිල් වැසියන් හැටියට නීත්‍යානුකූල ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ වී ක්‍රියාකරමින් සිටිනවා. අපි කිසිම ලෙසකින් රට තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට ක්‍රියා නොකරන බව අවධාරණය කරනවා. ඒ පමණක් නොවෙයි සක්‍රීය සේවයේ යෙදී සිටියෙදී වගේම මේ අවස්ථාවේදීත් ක්‍රියා කරන්නේ සාමකාමී රටක මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි.

Fred Senevirathne At NPP Press Conference

“ජාතික ජන බලවේගය තුළ අපගේ දේශපාලන භාවිතය ජනතාව තුළ ඇගයීමට ලක්වී තිබෙනවා”
-අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-

අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට සම්බන්ධ වී සිටින්නේ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවෙයි. සිදුවෙමින් පවතින සමාජ අසාධාරණය ඉදිරියේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි නිසා අපි ජාතික ජන බලවේගය සමග එක්වී රට ගොඩනඟන්න ක්‍රියාකරනවා. අනෙකුත් දේශපාලන පක්ෂත් විශ්‍රාමික හමුදා සාමූහිකයන් එක්කරගෙන සංවිධාන ගොඩනඟන්න උත්සාහ කළා. දූෂිත දේශපාලකයන් සහ ඔවුන් සමග ගහට පොත්ත මෙන් බද්ධ වී ක්‍රියා කළ සමහර නිලධාරීන් අපට විරුද්ධව පසුගිය කාලයේ අභූත චෝදනා ඉදිරිපත් කළා. අදිටනට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා දේශපාලනයට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ගෞරවාන්විතව රාජකාරි කර සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගත් අයයි. 40,000කට වැඩි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් අප වටා එකතු වී සිටින්නේ මේ තත්වය නිසයි. ජාතික ජන බලවේගය තුළ අපගේ දේශපාලන භාවිතය ජනතාව තුළ ඉතාමත් ඇගයීමට ලක්වී තිබෙනවා. දේශපාලන වේදිකාවල අපට අභූත චෝදනා නඟන දේශපාලකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සානුකම්පිතව කල්පනා කරන අතර, ඔවුන් සක්‍රීය දේශපාලනයේ යෙදී සිටි සමයේ ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සලකා බලන ලෙස සමාජයෙන් ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යෙදි සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් කිසිවක් වෙනස් නොවෙන බව අවධාරණය කරනවා. ඒ වගේම මෙතෙක් අප හා එක් නොවූ විශ්‍රාමික හමුදා සාමාජිකයන් හට අප හා එක්වන ලෙසටත් ජනතාවාදී රජයක් බිහි කිරීමට දායක වන ලෙසත් ඉල්ලා සිටිනවා.

Upul Kumarapperuma At NPP Press Conference

“සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඡන්දදායකයාගේ මනස විකෘති කරන පණිවිඩ පතුරුවමින් තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන ආකාරය දැකීමෙන් විරුද්ධ පිරිස් කලබල වී ඉතාමත් තිරස්චීන මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටිනවා. ඊයේ (01) අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහු 22 දා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් මිනිසුන්ගේ දේපළ කොල්ලකෑම, වාහන අත්පත් කර ගැනීම ආදී ක්‍රියා කරනු ඇති බවට විශාල භීතියක් සමාජයේ වපුරන්න උත්සාහ කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධුරයෙන් පහකළ මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා තවත් භීතියක් හදමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් එක්ක විශාල මිනිස් ඝාතන සිදුවිය හැකි බවට ප්‍රචාරය කරනවා. 1977 මැතිවරණයෙන් පසුව ජනතාවට භීතියක් ඇති කළේ කවුද කියලා අපි දැකලා තිබෙනවා. 1994 සිට අද දක්වාම ඒ ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලංකාවේ සිදුවී නැහැ. චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අද දක්වාම ඔය කියන ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී නැහැ. ඒ නිසා 22 දා හෝ ඊට පසුව ඔය කියන ආකාරයේ සිදුවීම් පිළිබඳව ජනතාව කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඒ වගේම තැපැල් ඡන්දදායකයාගේ මනස විකෘති කරන ආකාරයේ පණිවිඩ සමාජ මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හරිමින් සිටිනවා. ජාතික ජන බලවේගය ඉදිරියේ ඇතිවී තිබෙන ජනතා ප්‍රසාදය යම් තරමකින් හෝ අඩු කරන්න මේ මගින් උත්සාහ කරනවා.

අපේ ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බව හඳුන්නෙත්ති සහෝදරයා කීවා කියලා ඊයේ ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුණා. මේ රටේ මිනිසුන්ට දේපළ තබා ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කර තිබෙනවා. සල්ලි කියන්නෙත් මිනිසුන්ගේ දේපළක්. යම් නීතියක් පනවනවා නම්, ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. ආණ්ඩුවක් පත්වුණා කියලා හිතෙන හිතෙන ආකාරයට නීති සම්මත කරගන්න බැහැ, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපේ රටේ ජනතාවට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඒ බව සඳහන් කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් සාතිශය බහුතර ජනතාව මේ වන විට ගෙන තිබෙන තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර, ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්කර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

Aditana NPP Press Conference

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද?

පිළිතුර: අපි දැනටමත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට විරුද්ධව පැමිණිලිකර තිබෙනවා. මනුෂ නානායක්කාරට විරුද්ධව පැමිණිලි කරනවා. සැප්තැම්බර් 18 දින දක්වා ගෙනයන සියලුම අසත්‍ය ප්‍රචාර සහ මඩ අවලාදවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

Show More