(-Colombo, August 19, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය […]
(-Colombo, August 19, 2024-)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මේ අතර එදිනම පස්වරුවේ රුවන්වැලි මහා සෑ විහාරයේ අනුනායක හිමිපාණන් වහන්සේ හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහෝදරයා සහ මහාචාර්ය සේන නානායක්කාර මහතාද සහභාගි විය.
(-රට අනුරට | පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් | ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 2024 අගෝස්තු 19-) ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සංහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට […]
(-රට අනුරට | පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් | ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 2024 අගෝස්තු 19-)
ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සංහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට පනිමින් ඉන්නවා. කොටසක් රනිල් වික්‍රමසිංහ බෙදා ගන්න උත්සාහ කරනවා. තව කොටසක් සජිත් ප්‍රේමදාස ළඟ. තවත් කොටසක් නාමල් රාජපක්‍ෂ ළඟ. ඒක තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය. ජාතික ජන බලවේගය හැටියට අපි දිගු කාලයක් මේ මැතිවරණයට සූදානම් වෙමින්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් සාමාජිකයන්, ආබාධිත වූවන් සහ විවිධ වෘත්තීන් අනුව පිහිටුවා ගත් සංවිධාන පෙළගැසෙමින් ඉදිරියට පැමිණියා. අපේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ මහජන බලවේගයයි. ඔවුන්ගේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින අයයි. දේශපාලන පොරපිටියේ ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් කඳවුරේ විවිධ කණ්ඩායම් ප්‍රතිපත්ති හෝ පක්‍ෂ හෝ සොයාගන්න බැරි තත්වයකට පත්වී සිටිනවා. පසුගිය 17වැනිදා රුහුණෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පසු කිරිබත්ගොඩ සහ කොළොන්නාවේ ජනතාව හමු උනා.
මේ අය ඉතිහාසයේ කළේ මොනවද? තිබෙන තත්වය මොකක්ද? මේ රට මුදා ගැනීමේ මාවත මොකක්ද? ආදී කරුණු ගැන අපි කතා කරනවා. පවතින තත්වයෙන් රට මුදාගැනීමට ජනතාවගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ ඇයි කියන දේ අපි ජනතාවට පැහැදිලි කර දෙනවා. දේශපාලන බලය පොදු ජනතාවගේ අතට මාරු වෙයි කියා දූෂිත කල්ලිය කවදාවත් කල්පනා කළේ නැහැ. දීර්ඝ කාලයක් ආණ්ඩු කළ ඇමැති ධුර දැරූ අය පිල්වලට බෙදී ඉන්න අතරේ මේ දේශපාලන සූදුව නිමා කිරීමට ප්‍රතිපත්තිගරුකව, සැලැසුම්සහගතව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අපිට එරෙහිව සතුරන් අසත්‍ය සහ අවලාද නඟමින් යනවා. කුරුණෑගල වේදිකාවක එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. අපි කවදාවත් ඒ මන්ත්‍රීවරුන් ගැන කියන්න නොසිතූ දේවල් දැන් කියන්න සිදුවෙලා තිබෙනවා. ඔහු අප සමඟ එක්වීමට තිස්හතළිස් වතාවක් ආවා. අපට පක්‍ෂපාතී කරුණු එළියේදී ඉදිරිපත් කර ඒ බව වට්ස්ඇප්වලින් අපට එවා තිබුණා. ඔහු අද වෙන වේදිකාවල ඉතාමත් බාල අවලාද නඟනවා. මේ රටේ ශිෂ්ටාචාරය, සමාජය ගොඩනැඟී තිබෙන ආකාරය ගැන ඉතා හොඳ අවබෝදයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් අපි. සෑම ජන ප්‍රජාවකටම තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. ඒ අනන්‍ය වූ සංස්කෘතික උත්සව, ආගමික උත්සව මෙන්ම අනන්‍ය වූ ආගමික සම්ප්‍රදායන් ආරක්‍ෂා කරමින්, රැකබලාගෙන අනාගතයට පවරා දීම අපගේ අපේක්‍ෂාවයි.
තව පිරිසක් රත්නපුරයට ගිහින් කියනවා, අපේ පාලනයක් යටතේ පතල් කැණීම් සම්පූර්ණයෙන් නතර කරනවා කියලා. ඇත්තටම අපේ අපේක්‍ෂාව හොංකොං නගරයට කේන්ද්‍රගත වී තිබෙන ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ මධ්‍යස්ථානය අප වෙත ලබා ගැනීමයි. අපේ අපේක්‍ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරනවා. අපේ පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදනවා. එක්දහස්නවසිය හැත්තෑහතේ බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට නිවාඩු දුන්නා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම, ගෙවල් ගිනි තැබීම වැනි ක්‍රියාවලට අනුබල දී ඔවුන් මැතිවරණ ජය සැමරුවා. ඉන් පසු රාජ්‍ය ආයතනවල සේවකයන් රාජකාරීවලට පැමිණීමට නොහැකි ලෙස මර්දනය දියත් කරමින් දේශපාලන ජය සැමරුවා. නමුත්, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් සහ ක්‍රියාකාරී වූ කිසිවකුට නිය පිටින් හිංසාවක්, පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම අප තහවුරු කරනවා. එය අපේ වගකීමක්. නමුත්, ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අවලාදවලින් පවත්වාගෙන යනවා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා” රාජපක්‍ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස්විසිදෙකේ මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්‍ෂා කරනවා.
“ස්වාධීනයි කියන රනිල් කිසිවෙකුට වග නොකියන අපේක්ෂකයෙක්. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක-
මම එක කරුණක් ගැන පමණයි මෙතැන දී අදහස් දක්වන්නේ. නොයෙකුත් අවස්ථාවල අභියෝග එල්ල වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් තිබුණත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකරන බවට එකඟවෙලා තියෙනවා. නමුත් මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට යම් අනතුරක් එල්ල වී තිබෙනවා. නොයෙකුත් මත තිබෙන දේශපාලන පක්‍ෂ ඔවුන්ගේ පක්‍ෂවලට අනන්‍ය විනයක් සහ ව්‍යවස්ථා අනුව ක්‍රියාත්මක වෙනවා. නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්‍ෂකයකු හැටියටයි. එහෙම නම්, ඔහුව පාලනය කරන්න පක්‍ෂයක් හෝ පිළිගත් ව්‍යවස්ථාවක් වාගේම විනය පද්ධතියක් නැහැ. එවැනි පුද්ගලයකු මැතිවරණයට ඉදිරිපත්වී ඡන්දය ඉල්ලා සිටීමේදී ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයන් ක්‍රියා කිරීම සුදුසුයිද? මොනවා කරාවි දැයි නොදන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක්. මෙවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරණයෙන් ඉදිරිපත්වී සිටීම භයානකයි. ඔහු කාටද වගකියන්නේ. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
“නීතිය යුක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටපු අපි රට ගොඩනැගීම වෙනුවෙන් දායක වෙන්න සූදානම්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර-
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය අපි හමුදා නිලධාරීන් වශයෙන් රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව, නීතිමය තත්වය තහවුරු කිරීම ආදී කටයුතු වෙනුවෙන් පසුගිය දෙදහස්නවය දක්වා විශේෂ ක්‍රියාන්විතයක සිටියා. නමුත්, මේ වන විට රටේ නිදහස සහ යුක්තිය බිඳවැටී තිබෙන්නේ. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකය ඉදිරිපත් වී සිටින්නේ රට ගොඩනැඟීමේ කාර්යභාරයටයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස්දහසකට වැඩි පිරිසක් මේ වන විට සංවිධානගත කර සිටිනවා. දිස්ත්‍රික් මට්ටමෙන් ගොඩනඟාගෙන තිබෙන අපේ සංවිධානය ජනාධිපතිවරණයේ දී ජනතාවට කරුණු අවබෝධ කරදීම සඳහා ක්‍රියාකාරීව මේ මැතිවරණයේදී මැදිහත් වෙනවා. රටේ පුරවැසියාට ආරක්‍ෂාව පිළිබඳව ඇති වී තිබෙන සාමුහිකය වෙත ලොකු වගකීමක් පැවරී තිබෙනවා, අපේ රට අපකීර්තියෙන් මුදාගෙන ඉදිරියට ගෙන යාම සඳහා. රට මේ වන විට පත් කර තිබෙන තත්වය පිළිබඳව බුද්ධියන් කල්පනා කර රට ගොඩනැඟීමේ එකම ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
“අපේ දැක්ම සරලයි විවෘතයි”
-‘ජනෝදානය’ සංවිධානයේ අරුණ ශාන්ත නෝනිස්-
සමාජ සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන් එක් එක් අවස්ථාවල එක් එක් දේශපාලන පක්‍ෂවලට අනුග්‍රහය දැක්වූවා. ඒ අනුග්‍රහයෙන් ආණ්ඩු වෙනස් කළත්, ඒ කිසිදු අවස්ථාවක සමාජය වෙනස් කිරීමේ දේශපාලන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකත්වය ගත්තේ නැහැ. නමුත් අපි තීරණය කළා මේ සමාජ වෙනස සිදුකරන්න දේශපාලනයට මැදිහත් වෙන්න ඕනෑ කියලා. මුළු රටම නියෝජනය කරන ‘ජනෝදානය’ සංවිධානයේ අපි ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියා කරමින් සිටින්නේ ඒ තීරණය අනුවයි. ඔබ කවුරුත් දන්න ඉද්දමල්ගොඩ පියතුමාත් මේ ගමනට විශාල සහයෝගයක් ලබාදුන්නා. අපට තිබෙන්නේ සරල සහ විවෘත දැක්මක්. ධර්මයේ පවතින විමුක්තිකාමී හරයන් මතුකරන ප්‍රතිපත්තිවලට එකඟවී සිටින්නේ ජාතික ජන බලවේගය පමණයි. ධර්මය කිව්වාම සියලුම ආගම් නියෝජනය වෙනවා. එහි කොටස්කාරයන් වීම ගැන අප සතුටට පත් වෙනවා. අපි ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. සැප්තැම්බර් විසිඑක් වැනිදා දක්වා යන්න තිබෙන්නේ තව පොඩි ගමනයි. නමුත්, එම කාලය තුළ සිවිල් වැසියන් වෙනස වෙනුවෙන් තව දුරටත් පෙළගැස්වීම සිදු කළ යුතුයි. අවුරුදු ගණනාවක් පුරා සමාජය වෙනස් කරන්න පෙළගැසී සිටින අතර තව පුංචි හෝ සැකයක් කවරකුට හෝ තිබෙනවා නම්, එය වෙනස් කරගෙන මේ ගමනට එක් වන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානයේ කීර්ති වැලිසරගේ
විවිධ කලා ක්‍ෂේත්‍ර විශාල සංඛ්‍යාවක ‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානය නියෝජනය කරන කලාකරුවන් සිටිනවා. අප හැම දෙනාම පුනරුද යුගයක් ආරම්භ කිරීමේ තීරණාත්මක කඩඉමකට සැප්තැම්බර් මස විසිඑක් වැනි දින අවතීර්ණ වෙනවා. මේ දක්වා ගෙන ගිය අශීලාචාර දේශපාලන සූදුව නිමා කර ජනතාව රැවටීම නවත්වා, දේශපාලන විපතින් රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට තව දුරටත් ශක්තිමත්ව එක් වෙන්න ඕනෑ. මෙතෙක් කල් ජනතාව තමන්ගේ ඉරණම භාර දුන්නේ, පුද්ගලයන්ට මිස දේශපාලන ව්‍යාපාරයකට නොවෙයි. ඒ නිසා ජනතාව මේ වන විට පුද්ගලයන් වෙනුවට මහජන ව්‍යාපාරයක් ලෙස නිර්මාණශීලී මිනිසුන් සිටින ජාතික ජන බලවේගය තෝරාගෙන සිටිනවා. මේ වන විට මිනිසාගේ මනස වෙනස් කරන්න සාහසික බොරු ප්‍රචාර ගෙන යාම පරදා ප්‍රඥාසම්පන්න බුද්ධිමත් ජනතාවක් රොද බැඳගෙන සිටින බව පැහැදිලියි. ලබන විසිඑක් වැනිදා යහපත් දේශයක මූලාරම්භය සනිටුහන් කරන්න සුබ මුහුර්තිය වටා සියලු දෙනා ඒකරාශී වෙමු.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් (අනුර කුමාර දිසානායක)
■ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපතිවරයා හෙළිකොප්ටර්, රජයේ නිල වාහන ආදිය යොදා ගනිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක් ද?
මැතිවරණ කොමිසමෙන් ඉතා පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්ණායක කිසිවක් සැලැකිල්ලට භාජනය නොකරමින් රනිල් වික්‍රමසිංහ මහජන මුදල් සහ රාජ්‍ය දේපොළ යොදා ගනිමින් සිටිනවා. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වුණා. රනිල් වික්‍රමසිංහ ඔවුන් දැරූ අමාත්‍යාංශවලම උපදේශක තනතුරු ලබාදී ඒ අමාත්‍යාංශවලම වාහන, මුදල් ඇතුළු සියලු වරප්‍රසාද ලබාදී තිබෙනවා. නව පත් කිරීම් වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසමෙන් චක්‍රලේඛ නිකුත් කර තිබියදී, එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම රජයෙන් යැපෙන අතර, මැතිවරණයට ඒ සියලු දෙනා යොදවා සිටිනවා. රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ්, ආශු මාරසිංහ, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු සියලුදෙනා උපදේශකයන්. නවීන් දිසානායක ආණ්ඩුකාරවරයෙක්. එජාප නායකයෝ සියලුදෙනා රාජ්‍ය දේපොළ, රාජ්‍ය වාහන විශාල ලෙස මෙම මැතිවරණය ව්‍යාපාරයට යොදවා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඉන්නවා. ඒ වගේම විපක්‍ෂ නායකවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ විපක්‍ෂ නායක කාර්යාලයේ. විපක්‍ෂ නායක කාර්යාලය කියන්නේ රජයේ ස්ථානයක්. එය සමඟි ජන බලවේගයේ පක්‍ෂ කාර්යාලයක් බවට පත් කර ගන්නේ කොහොමද? ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කීවා වාගේ ලෝකයා හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නීතිය රැකීම ගැන කතා කරන ඔවුන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ මහජන ධනය සහ දේපොළ අවභාවිත කරමින්. අපේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයෙනුත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබෙනවා.
■ පොහොසත් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගෙන යන අනිසි බිය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?
ආණ්ඩුව මුදල් උපයන්නේ නැහැ. මුදල් උපයන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ගොවියා, ධීවරයා ඇතුළු පිරිසයි. ආණ්ඩුව කරන්නේ ඔවුන් උපයන දෙයින් පංගුවක් බදු හැටියට ගැනීමයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි සේවාවන් වෙනුවෙන් මුදල් යොදවන්න නම්, භාණ්ඩාගාරයට මුදල් එන්න ඕනෑ. ජාතික ජන බලවේගය කරන්නේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වනවිට දරාගෙන සිටින බරෙන් නිදහස් කිරීමයි. අපි ඔවුන්ගේ ආයෝජන පුළුල් කරමින්, ලෝක වෙළෙඳපොළ දිනා ගැනීම වෙනුවෙන් පුළුල් සැලැස්මක් සකස් කර තිබෙනවා. ව්‍යාපාරිකයන්ගේ දේපොළ පවරා ගැනීම වාගේ අවලාදවලට අහසු වන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
■ ඔබතුමාලාට වගේම අනෙකුත් රැළිවලටත් සෙනඟ ඉන්නවා. ඉතින්, මොන වාගේ අභියෝගයක්ද තියෙන්නේ?
අපට අභියෝගය තිබෙන්නේ අප ගාවමයි. අප ගැන විශ්වාස කරන ජනතාව මුණගැසී ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අභියෝගයයි අපට තිබෙන්නේ. අනෙක් පාර්ශ්වය එල්ල කරන අසත්‍ය, අපහාස, මිථ්‍යා මත නිවැරැදි කිරීමේ අභියෝගය ජය ගනිමින්, ජනතාව අතරට තව තවත් යන්න අපට තිබෙනවා. වෙන දේශපාලන පක්‍ෂ අපට අභියෝගයක් නොවෙයි. අපට අභියෝගය තිබෙන්නේ අප සමඟම පමණයි. අපේ පණිවුඩය රැගෙන සෑම නිවසකටම යන්න සැලැසුම්සහගත ව්‍යාපාරයක් අප දියත් කර තිබෙනවා.
■ ලක්‍ෂ හැත්තෑවක ඡන්ද ඉලක්කයකට යන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් සමහර අය අහනවා?
පක්‍ෂවලට සාම්ප්‍රදායිකව ගොනුවී සිටි ඡන්ද හිමියන්ගේ කාලය දැන් ඉවරයි. ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ලක්‍ෂ හැටනවයක ඡන්දවලින් ලක්‍ෂ පණහකට වඩා වැඩිපුර තිබුණේ සාම්ප්‍රදායික පාක්‍ෂිකයන්ගේ ඡන්ද නොවෙයි. පොහොට්ටුවටම තිබුණේ ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක්. සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්‍ෂ පණස්පහක ඡන්ද කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද නොවෙයි, ගෝඨාභයට එරෙහි ඡන්දයි. ගෝඨාභය ආවොත්, ඒකාධිපතියකු ගොඩනැඟෙයි කියන මතයට, මර්දනය දියත් වෙයි කියන සැකයට වාගේම ජාතිවාදය වපුරාවි යන බියට එරෙහිව සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කළා. ඔහුට ලබාදුන් ඡන්ද ලක්‍ෂ පණස්පහෙන් ලක්‍ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්‍ෂ ඡන්ද නොවෙයි. එහෙම ගත්තාම පක්‍ෂවලට ලියැවී නැති ලක්‍ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේම අලුත් ඡන්ද ලක්‍ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්‍ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්‍ෂ එකසියහැත්තෑවක ඡන්දවලින් පක්‍ෂවලට ලියැවී තිබෙන්නේ ලක්‍ෂ තිහ-හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්‍ෂ එකසියතිහක් පමණ පක්‍ෂවලට නොලියැවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්‍ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන්ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මකව ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්‍ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා.
ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ කැත දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජනමතයත් තිබෙනවා. පොහොට්ටුවට තිබුණු ඡන්ද දේශපාලනිකව ගත්තා ම කොටස් තුනකට බෙදී නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ වශයෙන් බෙදී සිටියත්, ඡන්දදායකයන් ඒ ආකාරයෙන් බෙදී නැහැ. පසුගිය මැතිවරණවලදී සජිත්ට එරෙහිව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම දැන් සජිත්ව වර්ණනා කරන්නේ ඊළඟ වරටත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි. උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, එක් අයෙක් දහඅට වරක් පැන ඇති බවයි. ප්‍රතිපත්තිගරුක, ඉලක්කයක් සහිත වැඩපිළිවෙළකින් මේ දේශපාලනය වෙනස් කිරීමට තිබෙන කඳවුර අප පමණයි. ගණිතය ලෙස බැලුවත්, ජාතික ජන බලවේගයට සියයට පණස්එක ඉක්මැවිය හැකියි. දේශපාලනිකව බැලුවත්, සියයට හැට, හැත්තෑවකට වුණත් යන්න පුළුවන්.
■ නාමයෝජනා බාරදුන් අවස්ථාවේදී නාමල් රාජපක්‍ෂ සමඟ සුහද කතාබහක යෙදුණේ මොනවාද කියලා කියන්න පුළුවන්ද?
විශේෂ කතාවක් නම් කළේ නැහැ. නමුත්, මට ඕනෑ නම්, එයා ඉදිරියේම එයාගේ තාත්තා සහ පවුලේ අය මහජන දේපොළ හොරකම් කළා කියලා කියන්න පුළුවන්. මට ඕනෑ නම්, එයාට අතට අත දීලා හිනා වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ කඳවුරේ දේශපාලන ප්‍රතිපත්ති අතර තිබෙන වෙනසට ඒ සාකච්ඡා කිරීම්වලින් බාධාවක් නැහැ.
(-කොටිකාවත්ත රැලිය 2024.08.18-) ලබන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම ඡන්දයක්. මෙයට පෙරත් ඡන්ද ඇවිත් තිබෙනවා; ජනතාව ඡන්දය දීලා තිබෙනවා; නායකයෝ මාරු කර තිබෙනවා. දශක ගණනාවක් මේ දේ කළත් ව්‍යාපාර බංකොළොත් වෙලා රට කඩාවැටිලා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා මුළු රටත්, සමස්ත ජනතාවගේ ජීවිතත් බිඳවැටී තිබෙනවා. 21වැනිදා අප තීන්දු කළ යුත්තේ, අසාර්ථක, දශක හතකට වඩා […]
(-කොටිකාවත්ත රැලිය 2024.08.18-)
ලබන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම ඡන්දයක්. මෙයට පෙරත් ඡන්ද ඇවිත් තිබෙනවා; ජනතාව ඡන්දය දීලා තිබෙනවා; නායකයෝ මාරු කර තිබෙනවා. දශක ගණනාවක් මේ දේ කළත් ව්‍යාපාර බංකොළොත් වෙලා රට කඩාවැටිලා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා මුළු රටත්, සමස්ත ජනතාවගේ ජීවිතත් බිඳවැටී තිබෙනවා. 21වැනිදා අප තීන්දු කළ යුත්තේ, අසාර්ථක, දශක හතකට වඩා පැරැණි ඒ පාරේම ඉස්සරහට යනවාද? අලුත් ගමනකට අලුත් පාරකට එනවාද කියන තීරණයයි. ඒ පැරැණි පාර වෙනුවට අලුත් පාරක් අවශ්‍ය නම්, ඒ අලුත් පාර ගෙන එන්නේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ මහජන ව්‍යාපාරයෙන් පමණයි. සැප්තැම්බර් විසිඑක යෙදී තිබෙන මේ අවස්ථාව කිසිසේත්ම මඟහරින්න දෙන්න එපා කියා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතුවී පැරැණි ගමනට තිත තබා අලුත් ගමනකට නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්.
උපිට දිනන්න පුළුවන්, ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. හැබැයි, අපට හෙල්ලෙන දත වාගේ ආණ්ඩුවක් ලැබිලා වැඩක් නැහැ. ශක්තිමත් ජනවරමක් ඕනෑ. මේ රට හදන්න ශක්තිමත්, දැඩි තීන්දු ගණනාවක් ගන්න තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ. ජනතාවගේ ශක්තිමත් තීන්දුවක් ඕනෑ. රටේ ගොඩක් ආයතනවල කරන මත විමසීම්වලදී 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට කැමැත්ත පළ කර තිබෙනවා. හොරණ පිහිටි ධම්මික පෙරේරාගේ පැක්ටරියක කළ මත විමසීමකදී 65%කට වඩා ලැබිලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. සාමාන්‍යයෙන් ඡන්ද කාලයේදී රාජ්‍ය බුද්ධි සේවය සමීක්‍ෂණ සිදු කර ආණ්ඩුවට වාර්තා ලබා දෙනවා. දැන් මාසයක ඉඳන් රාජ්‍ය බුද්ධි සේවය සමීක්‍ෂණ කරන එක නතර කරලා. ඒ සමීක්‍ෂණ කරන්න යන අයගෙන් බහුතරයක් මාලිමාවේ. රාජ්‍ය බුද්ධි සේවයේ අය තැපැල් ඡන්ද ඉල්ලීම් අඩුකර ඡන්ද පොළට ගිහිල්ලාම කතිරය ගහන්න සූදානමින් සිටිනවා. මාලිමාවේ ජයග්‍රහණය මහ පොළොවේ තිබෙන අතර, සමහරු මාධ්‍ය ආයතන කිහිපයක් අල්ලාගෙන බොරු මාධ්‍ය සංදර්ශනත් පෙන්වනවා. සජිත් සමග එකටම හිටපු අය නැවත සජිත් සමඟ එකතු වෙයි කියන මාධ්‍ය සංදර්ශන පවත්වනවා. සාධාරණ ලෙස අපව වාර්තා කරන මාධ්‍ය ආයතන තිබෙන අතර, සමහර මාධ්‍ය ආයතන තෝරා ගත් අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය සඳහාම වැඩ කරනවා. ඒ විතරක් නොවෙයි, අපට විරුද්ධව ප්‍රහාර එල්ල කරන්නත් පටන්ගෙන තිබෙනවා.
මාධ්‍ය ඇතුළේ කරන ඒ සෙල්ලම තව දුරටත් මහ පොළොවේ වලංගු නැහැ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඔය සෙල්ලම්වලින් නතර කරන්නත් බැහැ. මාධ්‍ය හැසිරවීම, බලය යෙදවීම, සල්ලි බෙදීම විතරක් නොවෙයි, සජබ කොටසක් ගල්ගමුවට ගිහින් මුහුණේ ගල්වන ආලේප සහ සබන් පවා බෙදලා. ඔවුන් බඩු බෙදන අතර, ජාතික ජන බලවේගය මේ රටේ මහජනතාව සමඟ කරන දේශපාලනයෙන් ජයග්‍රහණය කිරීම ඒකාන්තයෙන්ම විශ්වාසයි. සජිත් ප්‍රේමදාසගේ නංගී අම්මා කෙනකුගේ සාරි කට්ටකුත් ගැහුවා. මොන විකාරද? ඡන්ද කාලයේ ඔය දේවල් කළාට ඡන්දයෙන් පස්සේ ජනතාව ඒ ගොල්ලන්ගේ පස්සෙන් යන්න ඕනෑ. ඒ දේශපාලනය නතර කරන්න නම්, ඡන්ද කාලයේදී කෙළින් හිටගෙන අසාර්ථක දේශපාලන ගමන් මාර්ගය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියාකාරීව වැඩ කරමු කියලා ඉල්ලන්නයි අපි ආවේ. කොළොන්නාව ආසනයෙන් විශාල ජයග්‍රහණයක් ඕනෑ.
කොළොන්නාව කීවාම රටේ අනෙක් ජනතාවට හැඟී යන්නේ කුඩුපුරයක් ලෙයසි. පාතාලයේ ක්‍රියාකාරකම් තිබෙන ප්‍රදේශයක් ලෙසයි. කුඩු ව්‍යාපාරයේ යෙදෙන අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. පාතාලය මෙහෙයවපු අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. කොළොන්නාවේ සංවිධායකයෝ පාතාලයේ කුඩු ව්‍යාප්ත කළා. භාරත ලක්‍ෂ්මන්ට වෙඩි තියන්නේ කොළොන්නාවේදී. කුඩු ව්‍යාපාර බෙදා ගන්න ගැටුම් ඇති වෙනවා. පාතාල ගැටුම් ඇති වෙනවා. කොළොන්නාවේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් හෙට මොකක් වෙයිද කියන අවිශ්වාසයෙන් නිතරම ඉන්න සිදුවී තිබෙනවා. මේ පාතාලයත්, කුඩු ව්‍යාපාරයත් කොළොන්නාවෙන් තුරන් කරන්න ඕනෑ. ඒ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව භාර ගන්නවා. ඒවා වැනෙන තීන්දු නොවෙයි, දැඩි තීන්දු. ලංකාවට කුඩු ගොඩබාන ආකාරය, මහා ව්‍යාපාරිකයන් සමඟ තිබෙන සම්බන්ධතාව, සමහර ආරක්‍ෂක නිලධාරීන් සමඟ තිබෙන සම්බන්ධතාව, දේශපාලකයන් සමඟ තිබෙන සම්බන්ධතාව අපි දන්නවා. කුඩු කියන්නේ එක ජාවාරමක් පමණක් නොවෙයි. අන්තර් සම්බන්ධයක් තිබෙන ජාලයක්. සමහර නාළිකාවල සම්බන්ධතාවක් තිබෙනවා. අසූඅටදාහක් පමණ වන පොලිසියෙන් හත්-අට දෙනකුට මේවාට සම්බන්ධකම් තිබෙනවා. දේශපාලකයා, ආරක්‍ෂක නිලධාරියා, ජාවාරම්කාරයා, පාතාලය වාගේ ජාලයක් තිබෙනවා. ඒ ජාලය සමඟ හැප්පෙන්න ශක්තිමත් බලයක් ඕනෑ. කුඩුවලින් තොර, පාතාලයෙන් තොර කොළොන්නාවක් බිහි කර දුවා-දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් ගොඩනඟන්න නම්, ජාතික ජන බලවේගය බහුතර ඡන්දයකින් දිනවන්න ඕනෑ.
කාලයක් තිස්සේ කුඩු ජාවාරමත්, පාතාලයත් මර්දනය කරනවා කිව්වට එක ආණ්ඩුවක් ආවම අනෙක් පැත්තේ පාතාලයට ගහනවා. ආනෙක් ආණ්ඩුව ආවම අනෙක් පැත්තේ පාතාලයට ගහලා ඒ අයගේ අය ආරක්‍ෂා කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපට කුඩු ව්‍යාපාරිකයන් එක්ක සම්බන්ධතාවකුත් නෑ. කුඩු ව්‍යාපාරයෙන් සල්ලි යොදවන්නෙත් නෑ. ජාතික ජන බලවේගය පාතාලයට ණයත් නෑ, බයත් නෑ. අපට සමාජ වගකීමක් තිබෙනවා. මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ වෙන්න දෙන්න බෑ. දරුවෙක් උපදින කොට අම්මා, තාත්තා සතුටු වෙනවා. දරුවා කුඩුවලට ඇබ්බැහි වුණාම අම්මා, තාත්තා වැලපෙන ගෙවල් අප දැකලා තිබෙනවා. දරුවා රඳවලා ඉන්න රිමාන්ඞ් බන්ධනාගාරය ඉදිරිපිට කඳුළු සලන අම්මලා අප දැකලා තිබෙනවා. කුඩුවලට ඇබ්බැහි වීම නිසා තරුණයන්ගේ ජීවිත විනාශ වෙන හැටි අපි දැකලා තියෙනවා. අපි එන්නේ ඒ තරුණයන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගන්නයි. පොලිසියේ මහත්වරු අසරණ කරමින්, මාරුවක් ගන්නත්, පාතාලයට කතා කළ යුතු කාල වකවානු තිබුණු බව අපි දන්නවා. සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා ගැන අපි දන්නවා. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලබා දුන් ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවදී සාමදාන විනිශ්චයකාර තනතුරකුත් ලබා දුන්නා. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේ ආරක්‍ෂකයා. ජනාධිපති සමාවෙන් නිදහස් වී එන කොට ගෝනවල සුනිල් කැලණියට ආවේ ඇතා පිටින්. පාතාලය නිකම් වර්ධනය වුණේ නෑ. එයට දේශපාලන අනුග්‍රහය ලැබුණා.
ප්‍රේමදාසගේ කාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සොත්ති උපාලිව පත් කරගෙන සිටියා. එයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සොත්ති උපාලිත්, උපාසක වි.ජ.මු. ලොකුබණ්ඩාරත් හිටියා. තරුණයන් ගහගන්න, ඇනකොටා ගන්න සිද්ධි තිබුණත්, අපේ රටේ සංවිධානාත්මක පාතාලයක් තිබුණේ නෑ. එක්දහස් නවසිය හැත්තෑහතෙන් පස්සේ සංවිධානාත්මක පාතාලයක් හැදුණේ දේශපාලන රැකවරණයෙන්. අනෙක් පක්‍ෂවලට ගහන්න, කොඩි වනන්න, වේදිකා කඩන්න, වේදිකාවලට වෙඩි තියන්න, හොර ඡන්ද දාන්න පාතාලය ඕනෑ වුණා. ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා, බැද්දගානේ සංජීවලා ජනාධිපතිලාගේ තුරුලේ හැදුණේ. චන්ද්‍රිකාගේ ආරක්‍ෂකයා ලෙස නිල වශයෙන් පත් කරගෙන සිටි බැද්දගානේ සංජීවට කතා කර සමහර පොලිස් නිලධාරී මහත්වරුන්ට මාරුවීම් ලබා ගන්න සිදු වුණා. ජූලම්පිටියේ අමරේ, සූරියවැව වම්බොට්ටා, බෙලිඅත්තේ චණ්ඩි මල්ලි වාගේ අය හැදුවේ මහින්ද රාජපක්‍ෂ. කඩුවෙල වසන්තලා හිටියේ රත්නපුරයේ ඇමැති ළඟ. කටුවන අපේ රැස්වීමට වෙඩි තැබූ ජූලම්පිටියේ අමරේ නාමල් රාජපක්‍ෂගේ පෞද්ගලික ආරක්‍ෂකයා විදියට හිටියා. අපේ රටේ අපරාධ සංවිධානාත්මක ජාලයක් බවට ගෙන ආවේ, හිරගෙදර ඉඳන්, ඩුබායිවල ඉඳන් මෙහෙයැවිය හැකි තත්වයට ගෙනාවේ දේශපාලකයන්. අපේ රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක ගැන කියන්න කට අරින්නේ නැහැ. ඉඩමක් විකුණන්න ගියත්, පාතාල නායකයාට කප්පම් දෙන්න ඕනෑ. හරියට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ මහත්වරුන් බයේ ජීවත් වෙන්න ඕනෑ. සමහර පොලිසියේ මහත්වරුන්ට පාතාලයට බයේ රට අත්හැර යන්න සිදු වී තිබෙනවා. මේ පාතාලයෙන් ජනතාව මුදාගෙන නිදහසේ සිටිය හැකි පරිසරයක් ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපට ශක්තිමත් බලයක් දෙන්න කියන්නේ, ජනතාවට මේ නිදහස ලබා දෙන්නයි.
අපේ රටේ දරුවන් කුඩුවලට ගොදුරු වීම වළක්වන්න ඕනෑ. අපේ දෙමාපියන් කුඩු හේතුකොටගෙන විඳින වේදනා නතර කරන්න ඕනෑ. අපේ පොලිසියේ මහත්වරු නීතිය ක්‍රියාත්මක කරන්න බයේ ඉන්න තත්වය නතර කරන්න ඕනෑ. නීතියේ විධානය, ආධිපත්‍යය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. අපි එන්නේ මේ රට හදන්න. මම නැවතත් කියනවා, අපි කිසිවකුටත් ණය නැහැ. අපි පිරිසිදු මිනිස්සු. ඔය කිසිවකුටත් අපව සල්ලි දීලා ගන්න බැහැ. මේ දේශපාලන තීන්දුව අරගෙන අපි වැඩ කරන්නේ නැත්නම්, මේ රට අනාරක්‍ෂිතයි; ජීවිත අනාරක්‍ෂිතයි. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. නීතිය පාගාගෙන, නීතියට උඩින් ඉන්න කිසිවෙකුත් නැහැ. නීතිය ඉදිරියේ අද හැම දෙනාම සමාන නැහැ. එහෙම සමාන නම්, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. ඒ වාගේම සංස්කෘතික අරමුදලට කරපු වැඬේ ගැන සජිත් ප්‍රේමදාස උත්තර බඳින්න ඕනෑ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි සිය ගණනක් වෙනුවෙන් ආරම්භ කළ පරීක්‍ෂණවලදී සජිත් ප්‍රේමදාසගෙන් එක කටඋත්තරයක්වත් ගත්තේ නැහැ. ශිරන්ති රාජපක්‍ෂ මොන්ටිසෝරි ටීචර් මිලියන තිස්පහක් දීලා ටොරින්ටන් ප්‍රදේශයෙන් ගෙයක් ගත්තා. රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් නිසා මේ ගැන ශිරන්තිගෙන් ප්‍රශ්න කළේ නැහැ. හොර සල්ලි ළඟ තිබිලා අහු වුණු සජිත් ප්‍රේමදාසගේ නංගි දවසක්වත් අත්අඩංගුවේ හිටියේ නැහැ. ඒ ගොල්ලෝ හැමදාමත් ඉන්නේ නීතියට වඩා උඩින්. සාමාන්‍ය ජනතාව හැම දාමත් නීතියේ අසමාන සැලැකීමට ලක් වුණා.
දියුණු වුණු හැම රටකම නීතිය හැම දෙනාටම එක හා සමානයි. නීතියේ සමානාත්මතාව තහවුරු කර කඩාවැටුණු රටේ ආර්ථිකය ගොඩනඟන්න ක්‍රියා කරන අතර, ජීවත්වීම අසීරු හැම පවුලකටම රුපියල් දසදහසකට වඩා වැඩි සහනාධාරයක් ලබාදෙන්න සැලැසුම් සකස් කර තිබෙනවා. ඉතාම අමාරු කෙනකුට රුපියල් විසිදහසක් ලබා දෙන්නත් සැලැසුම් කර තිබෙනවා. මිනිසුන්ට ආහාර නැතිව, බෙහෙත් නැතිව, දරුවන්ට අධ්‍යාපනය නැතිව රටක් හදනවා කීවාට වැඩක් නැහැ. අපි ආරම්භයේ දීම ඒ පුරවැසියන් ආරක්‍ෂා කිරීමේ ආධාර වැඩපිළිවෙළක් සහිතව රට ගොඩනැඟීම පටන් ගන්නවා. ඒ වාගේම මේ වන විට තිබෙන දරා ගන්න අමාරු විදුලි බිල අවුරුද්දක් හෝ එකහමාරක් ඇතුළත තුනෙන් එකකින් අඩු කිරීමේ සැලැසුම් සකස් කර තිබෙනවා. තෙල් මිල අඩු කරන්නත් පුළුවන්. හෙජින් වංචාව, බාල තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණ පවත්වා ඒ බරත් ජනතාව පිට පැටවීමෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවා. කිරිපිටි ඇතුළු ආහාරපානවලට ගහලා තිබෙන වැට් බද්ද, අධ්‍යාපන උපකරණවලට වාගේම ඖෂධවලට සහ සෞඛ්‍ය උපකරණවලට පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරනවා. අපි මෙහෙම කියන කොට සමහර කට්ටිය ඒවාට සල්ලි කොහෙන්ද කියලා අහනවා. අය කරගත යුතු නමුත්, අය කර නොගත් බදු රුපියල් කෝටි එක්ලක්‍ෂදහදාහක් තිබෙනවා. ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනයට පනවා ඇති වැට් බද්ද ආදියෙන් අවුරුදු විස්සකින්වත් මේ රුපියල් කෝටි එක්ලක්‍ෂදහදාහ සොයාගන්න බැහැ. මෙයින් රුපියල් කෝටි දහසයදහස් නවසීයක් දවසකින් අය කරගත හැකියි.
බදු නොගෙවූ අය අතරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස්, සජබ වේදිකාවට ගිය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා වාගේ අය ඉන්නවා. සමහර තැන්වල මාළු ලෑල්ලටත් බදු ගහන අතර, අරක්කු පැක්ටරිවල අයිතිකාරයන් බදු පොලු තියලා ඉන්නවා. රුපියල් කෝටි හයසිය පනස්හතරක් අරක්කු පැක්ටරි අයිතිකාරයන් තුන්දෙනා පොලු තියලා තියෙනවා. කිරිපිටි පැකට් එකට බදු ගහලා, අරක්කු බදු අයකර ගන්නේ නැතිව ඉන්නවා. මොන ආණ්ඩුද මේවා. තව රුපියල් කෝටි අසූඅටදාහක් විතර නඩු දාලා තියෙනවා. බද්ද ගෙවන්න ඕනෑ එක නොගෙවා නඩු දාලා අවුරුදු ගාණක් නඩුව ඇදී යනවා. ජාතික ජන බලවේගය එවැනි නඩු සම්බන්ධයෙන් නීති වෙනස් කර නඩුව අවසානයේ බදු ගෙවිය යුතු බවට තීන්දු කරනවා නම්, පොළියක් එක්ක අය කරගන්න ක්‍රියා කරනවා. බදු කාර්යක්‍ෂම කර භාණ්ඩාගාරයේ ධනය වැඩි කර ගන්නවා. ඒ අතරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, වෘත්තිකයන් රට දාලා යන්න බල කෙරෙන බදු අය කිරීමේ සීමාව රුපියල් ලක්‍ෂයේ සිට මාසයකට රුපියල් ලක්‍ෂ දෙක දක්වා වැඩි කරනවා. මහ බැංකුවේ මහා මුදල් වංචාව සිදු කර සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන් මහෙන්ද්‍රන්ව ගේනවා. ඔහුට පැනලා යන්න දුන්නේ රනිල් වික්‍රමසිංහ. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතිව, මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියක් නැතිව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියක් නැතිව බැඳුම්කර ලබා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් හොරකමට ආරම්භය ලබාදී තිබෙන්නේ රනිල්. මහ බැංකුව තිබුණේ ඒ වෙලාවේ රනිල් යටතේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රතු වරෙන්තුකාරයා ලංකාවට ගෙනැවිත්, බැඳුම්කර පරීක්‍ෂණ නැවත ආරම්භ කරනවා.
එළැඹෙන විසිහය වැනිදා මේ රට ගොඩනැඟීමේ ශක්තිමත් වැඩපිළිවෙළ ජාතික ජන බලවේගයෙන් එළිදක්වනවා. මේ වැඩපිළිවෙළ අවුරුදු දෙකකට වඩා සාකච්ඡා කරමින්, සකස් කළ එකක්. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් මෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් වැනි පිරිසක් එකතුවී මෙම වැඩපිළිවෙළ සකස් කළා. ඒ නිසා අපි හුදු ආණ්ඩුවක් ගැනීමට නොවෙයි, සූදානම් වෙන්නේ. දූෂිතයන්ගෙන්, අපරාධකරුවන්ගෙන් මේ රට බේරාගෙන, අවබෝධයක් සහ ඥානයක් නැති අයගෙන් ධෛර්යසම්පන්න මිනිසුන්ගේ මැදිහත්වීමෙන් රට ගොඩනඟන ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. මහජනයාගේ ධනය ශතයක්වත් හොරකම් නොකරන, නාස්ති නොකරන පොදුජනයාගේ ආණ්ඩුවක් අපි ගොඩනඟමු. ඒ සඳහා සැප්තැම්බර් විසිඑක් වැනිදා කොළොන්නාව ආසනයෙන් මාලිමාවට විශාල ජයග්‍රහණයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.
(-‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මාතර මහ රැලිය – 2024.08.17-) මෙතන ඉන්න බොහෝ දෙනා මීට කළින් ඡන්ද දැක තියෙනවා. ඡන්දය දී තිබෙනවා. ආණ්ඩු හදා තිබෙනවා. ආණ්ඩු පෙරළා තිබෙනවා. හැබැයි මේ සැප්තැම්බර් 21 දිනට එළැඹිලා තිබෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඡන්දයයි. මේ මාතර නගරය පිරෙන්න තරම් ජනතාව අද එකතුවෙලා කියන්නේ මොකක්ද? සැප්තැම්බර් 21 […]
(-‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මාතර මහ රැලිය – 2024.08.17-)
මෙතන ඉන්න බොහෝ දෙනා මීට කළින් ඡන්ද දැක තියෙනවා. ඡන්දය දී තිබෙනවා. ආණ්ඩු හදා තිබෙනවා. ආණ්ඩු පෙරළා තිබෙනවා. හැබැයි මේ සැප්තැම්බර් 21 දිනට එළැඹිලා තිබෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඡන්දයයි. මේ මාතර නගරය පිරෙන්න තරම් ජනතාව අද එකතුවෙලා කියන්නේ මොකක්ද? සැප්තැම්බර් 21 ජයග්‍රහණය සහතිකයි කියලා. මේ සතියේ ඇතිවූ සිදුවීම් ටිකම ඇති අපේ ජයග්‍රහණය ස්ථිර වෙන්න. හැබැයි අපි දිනලා විතරක් මදි. ජාතික ජන බලවේගය බලය ගන්නේ මේ කඩා වැටුණු රට හදන්නයි.
ලෝකයේ දුප්පත්කම නැති රටක් බවට මේ රට පත්කරන්න ඕනෑ. ලෝකයේ පිළිගත් රටක් බවට මේ රට පත්කරන්න ඕනෙ. මේ පාලකයෝ මේ රට අපරාධවලින්, ණයවලින් පිරුණු රටක් බවට පත් කළා. ගොවි, කම්කරු, ධීවර ජනතාවට කිසිවක් ඉතුරු නොකරපු රටක් බවට මේ රට පත් කළා. ව්‍යාපාරිකයින්ට ණය ගෙවා ගන්න බැරි රටක් කළා. දරුවන්ගේ අනාගතය, අධ්‍යාපනය වනසපු රටක් බවට මේ රට පත්කළා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ හපයක් බවට පත් කරලා තියෙන රට ගොඩනැගීමටයි. රට හදන පළමු පියවර දේශපාලන පොර පිටිය ශුද්ධ කිරීමයි. වැඩිය ඕන නැහැ 2019 පොහොට්ටු වේදිකාවෙ කථා කරපු ඩලස් අද 2014 සජිත්ගේ වේදිකාවේ කථා කරනවා. එයා මේ දෙපැත්තේ ඉඳන් කියපු සහ කියන කතා ටිකම ඇති මේ මජර දේශපාලනය වෙනස් කළ යුතුයි කියන තීරණය ගන්න. එයාලා මේ තීරණ ගන්නේ මේ රට හදන්නද? ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගොඩවෙන්නෙ කොහොමද කියලා හිතලා. රට ගැන රටේ අනාගතය, රටේ දියුණුව ගැන හිතන කෙනෙක් ඉන්නවා නම්, එයා සජිත්ගේ වේදිකාවට නගියිද? අපේ රටේ තියෙන්නේ ගෙඹි දේශපාලනයක්. රාජිත සේනාරත්න 1987 ඉඳන් එහෙට පනිනවා. මෙහෙට පනිනවා. මතක තියාගන්න අපේ ආණ්ඩුවක් ආපසු මේ පනින දේශපාලුවන්ගේ මන්ත්‍රීකමත් අහෝසි කරන නීති අපි ගේනවා.
ජනාධිපතිගේ සිට සියලු දෙනා නීතියට යටත් පාලනයක් අපි ගොඩනඟන බවට සහතික වෙනවා. මේ දේශපාලනය නාස්තියෙන් පිරී තිබෙනවා. මේ රටේ ජනාධිපතිලාගේ, ඇමතිලාගේ, ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්වලදී ඇම්බියුලන්ස් එකකුත් පිටිපස්සෙන් යනවා. මේ අය ලෙඩ්ඩු. මේ නාස්ති කරන්නේ ජනතා මුදල්. මේ අය රට පාලනය කිරීමට සුදුස්සොද? සැප විඳිමින් සිටින පාලකයන්ගේ සියලු වරප්‍රසාද අහිමි කරනවා. ඇමතිවරු පැටව් ගහන එකයි ඔවුන්ට වරප්‍රසාද ලබා දීමයි අපි වහාම අහෝසි කරනවා. විද්‍යාත්මක පදනමක් මත ඇමතිකම් වෙන්කරන ක්‍රමවේදයක් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කරනවා. ඔය එහෙට මෙහෙට පනින සමහරු ඊට පෙර අපේ දොරටත් තට්ටු කළා. අපි දොර ඇරියා. පැටිගිරිය හොඳ නැති නිසා අපි ආපහු දොර වැහුවා. අද අපේ රටේ ප්‍රතිපත්තිගරුක එකම දේශපාලන ව්‍යාපාරයයි තිබෙන්නේ. ඒ ජාතික ජන බලවේගයයි. අපි දොරටු විවෘත කළේ එ.ජා.ප.යේ, පොහොට්ටුවේ, ස.ජ.බ.යේ හිටිය සාමාන්‍ය ජනතාවටයි.
අරක්කු මුදලාලිලා දෙන්නෙක් විතරක් කෝටි 664ක් බදු ගෙවල නැහැ. ඇලෝසියස් මුදලාලි එක්කෙනෙක්, ජොන්ස්ටන් තව එක්කෙනෙක්. තව එක්කෙනෙක් තමයි සජිත්ගේ වේදිකාවට නැග්ග ලක්ෂ්මන් වසන්ත පෙරේරා. මේ ගොල්ලෝ අරක්කු පැක්ටරිවල අයිතිකාරයෝ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අරක්කු පැක්ටරිවලින් අය කරගත යුතු බදු සියල්ල අයකර ගන්න බව මතක තබා ගන්න. සාමාන්‍ය දරුවගේ ඇක්සයිස් පොතට බදු ගහනනවා, දුප්පතාගේ බෙහෙත් පෙත්තට බදු ගහනවා. ඇලෝසියස්ලගෙ බදු අය කරගන්නේ නැහැ. එහෙම තමයි මේ ගොල්ලෝ මෙතෙක් රට පාලනය කළේ. එහෙම තමයි රට අගාධයට ඇදගෙන ගියේ.
අපේ රටේ ඖෂධ නිෂ්පාදනය සඳහා වැඩපිළිවෙළක් අපි හදා තිබෙනවා. අඩු මිලට බෙහෙත් දෙන්න, සෞඛ්‍ය සේවාව නඟා සිටුවන්න පුළුවන්. මෙච්චර කාලයක් ආණ්ඩු හැදුනෙ රට හෝ ජනතාව නංවාලන්න නොවෙයි; ඒගොල්ලෝ හැදෙන්න. ජනතාව දුප්පත් වුණා. මහින්ද යාපලා, මහින්ද විජේසේකරලා පොහොසත් වුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ සැලැස්ම තමයි රටත් පොහොසත් කරලා ජනතාවත් පොහොසත් කරන එක. ජනතාවට වංචා, දූෂණ නැති හොරු නැති ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අධ්‍යාපන, සෞඛ්‍යය නංවාලන ආණ්ඩුවක් ඕනෙ නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. රටත් ජනතාවත් ලස්සන කරන ආණ්ඩුවක් අවශ්‍ය නම් ඒක තමයි මාලිමාවේ ආණ්ඩුව. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නේ මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක්. මෙතෙක් කල් හැදුනෙ පවුල් රජ කරන පවුලේ ආණ්ඩු. අපි ඒක වෙනස් කරමු. එකතු වෙමු. ජය ගනිමු.
“සැප්තැම්බර් 21 මේ රට අලුත් දිසාවකට හරවන හැරවුම් ලක්ෂයයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හඳුන්නෙත්ති සහෝදරයා-
මාලිමාවේ ආණ්ඩුවකින් සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක්, හොඳ ආහාර වේලක්, රටේ සියලු ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපි තහවුරු කරනවා. මේවා තමයි මාලිමාවේ ආරම්භක ප්‍රතිපත්ති. මේ රටේ ජනතාව ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ නඩය පන්නලා දැම්මේ හොඳ ආණ්ඩුවක් හදන්න. නාස්තිය, දූෂණය නැති ජනතාවට වගකියන ආණ්ඩුවක් හදන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාලන බලය ජනතාව සතුයි කියලා වුණාට මේ රටේ ජනතාව හැමදාම හිටියේ සේවකයෝ වෙලා. ජනතාව පාලකයෝ වුණේ ඡන්දෙ දවසට විතරයි. මේක අවසන් වෙලා ජනතාව ඇත්ත පාලකයන් බවට පත්වන්නේ අනුර සහෝදරයා දිනලා ආණ්ඩුවක් පිහිටවූ දවසටයි. එය ආරම්භ වන්නේ සැප්තැම්බර් 21 අනුර සහෝදරයා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවාත් සමගයි. අපේ ජනාධිපතිත්, මැති ඇමතිවරුනුත් ඔබේ අපේක්ෂා ඉටු නොකරන්නේ නම් ඔවුන් ආපසු කැඳවීමේ බලය ජනතාවට ලබාදෙන වගන්ති ඇතුළත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි හදනවා. ජනතාවට නැති වරප්‍රසාද දේශපාලනඥයන්ට අවශ්‍ය නැහැ. අපි ගොඩනඟන්නේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක්. ඇමතිවරු 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. රාජ්‍ය ඇමතිවරු, ව්‍යාපෘති ඇමතිලා නැහැ. ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දීමේ ක්‍රමය අපි සැප්තැම්බර් 22න් පස්සේ අහෝසි කරනවා. ජනාධිපතිවරුන්ට මැති ඇමතිවරුන්ට ඉන්පසු විශ්‍රාම වැටුප් නැහැ. මම ඔබෙන් අහනවා, සජිත් ප්‍රේමදාසට ඒක කියන්න පුළුවන්ද? රනිල්ටත් ඒක කියන්න බැහැ. රනිල්, සජිත් දෙන්නම ඔය පිල් මාරු කරන කට්ටිය අරන් තිබෙන්නේ ඇමතිකම් දෙන්න පොරොන්දු වෙලා. ඒ නිසා ඒ අයගෙන් ‘ඔය ගොල්ලෝ ඇමති මණ්ඩලය 25ට සීමා කරනවාද’ කියලා අහලා වැඩක් නැහැ. නාමල් ගෙන්නම් කොහොමත් අහලා වැඩක් නැහැ.
විශ්‍රාම වැටුප අහෝසි කරනවා කිව්වොත් සජිත්ගේ අම්මා එයාව ගෙදරිනුත් එලවනවා. සජිත් වෙලාවක කියනවා ‘මම මගේ හැම ලේ බිංදුවකින්ම ජනතාවට සේවය කරනවා’කියලා. ආයිත් කියනවා මම මැරෙන්නෙ කවදා හරි ජනතාවත් සමගයි කියලා. ඒ නිසා එයාගෙ කිට්ටුවට නම් යන්න එපා. මෙවැනි පිස්සු කථා කියන අයද මේ රටේ අනාගත ජනාධිපතිකම ඉල්ලන්නේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කරන, ආර්ථිකය ශක්තිමත් කරන, ජීවත් වෙන්න සුදුසු රටක් හදන එක තමයි අපේ මූලිකම වගකීම. අද ලෝකයේ රටවල්වල වෙසෙන අපේ රටේ සහෝදර, සහොදරියන් බලාගෙන ඉන්නවා අපේ ආණ්ඩුවක් බලයට ආවම මෙරටට ඇවිල්ලා මේ රට ගොඩනැගීමේ කාර්යයට අපිත් ක්ක අත්වැල් බැඳගන්න. ඒ වගේම අතිවිශාල පිරිසක් අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න සූදානම් වෙලා ඉන්නවා. දැනටමත් සමහරු ලංකාවට ඇවිල්ලා ඉවරයි. මේක ස්වභාව ධර්මයේ දායාද සමව බෙදී ගිය රටක්. මේ රට හදන්න බැරිවෙලා තියෙන්නේ රටට ආදරය කරන දේශප්‍රේමී පාලනයක් නැතිකම නිසයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාව එකතු කරගත් රටේ ආර්ථිකය ගොඩනැගීමට ඔවුන්ට සාධාරණ අවස්ථා විවර කරන පාලනයක් අපි ගොඩනඟනවා.
සැප්තැම්බර් 21 උදාවන්නේ, මේ රට අලුත් දිසාවකට හරවන හැරවුම් ලක්ෂයයි. අනුර සහෝදරයාගේ නායකත්වයෙන් රට අලුත් දිසාවකට, යහපත් දිසාවකට දියුණුවෙන් දියුණුවට ගෙනයන යුගයයි. උතුර, දකුණ, බටහිර, නැගෙනහිර අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන රට හදා අපේ ප්‍රාර්ථනා සඵල කර ගන්නා යුගයයි.
“සැප්තැම්බර් 22 ප්‍රතිඵල ලැබෙනකොට අපට ජනාධිපති සහෝදරයෙක් ලැබේවි”
-රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි-
අපේ තරුණ තරුණියො ජීවත් වෙන්න පුලුවන් රටක් ගැන සිහින මැව්වා. ඒත් ඔවුන් අද වෙනකොට සිහින මවන්නෙ පාස්පෝට් එක හදාගෙන මේ රටින් පැනලා යන්නෙ කොහොමද කියලා. ඒ තත්වය අපි වෙනස් කරන්න ඕනෑ. උගතුන් රට හැර යාම මනින ලෝක පියසාර දර්ශකය කියලා මිනුමක් තිබෙනවා. එකේ බින්දුfවි සිට දහය දක්වා විචලනයක් තිබෙනවා. අපේ රට ඉන්නේ රතු කලාපයේ. ඒ කියන්නේ මේ අගය 8.4 ඉක්මවා ගිහිල්ලා. අපේ තරුණ තරුණියො වර්ග සැතපුම් 65,610 ඇතුලෙම ඉන්න කියනවා නෙමෙයි. ඔවුන් ලෝකය දකින්න ඕනෑ. අත්දැකීම් ගන්න ඕනෑ. හැබැයි ඔවුන් නැවත මේ මව්බිමට එන්න ඕනෑ. ඒකට කියන්නෙ බුද්ධිගලනය නෙමෙයි. ඒකට කියන්නෙ බුද්ධි සංචරණය කියලා. අපි බුද්ධිගලනය නවත්වලා ඒ මානව සම්පත රට වෙනුවෙන් යොදා ගන්න අවශ්‍යයි.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති සකස් කරන විට ඒ සියල්ල සලකා බලමිනුයි සැලසුම් සකස් කර තිබෙන්නේ. අනුර සහෝදරයා ගිහින් රතන හාමුදුරුවන්ගෙන්, ළමා රෝග විශේෂඥයින්ගෙන් කෘෂිකර්මය ගැන ඇහුවෙ නැහැ. ඒ ක්ෂේත්‍ර පිළිබඳ වෘත්තීයවේදීන්ගෙන්, විද්වතුන්ගෙන්, අත්දැකීම් තියෙන ගොවීන්ගෙන් තමයි ඇහුවේ. ධීවරයින් පිළිබඳව, ප්‍රවාහනය පිළිබඳව ආදී වශයෙන් සැලසුම් හැදුවෙ එහෙමයි. දේශපාලන පක්ෂයක් විසින් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පර්යේෂණ සහ සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයයි. වෘත්තීයවේදීන්ට දක්වන වටිනාකම සහ ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීම අප අගය කරනවා. අපි මෙතන හිටගන්නේ ඒ නිසයි.
අපේ රටේ මිනිස්සු හිටියෙ දේශපාලනේ නළලෙ කොටලා තියෙන දෙයක් වගේ. තාත්තගෙන් පුතාට, පුතා නැත්නම් බෑණාට වගේ පවුල ඇතුළෙ දේශපාලනයක් තිබුණා. සමහර පවුල් ජීවත් වුණේ දේශපාලනය උරුමයෙන් අරගෙන ආවා වගේ. ඉතිහාසයේ පළමු වතාවට අනුරාධපුරේ ගොවි පුතෙක් ප්‍රධාන පුටුව ගැනීමට නියමිතව තිබෙනවා. පාලකයින් පාරෙ යනකොට අපි කාණුවලට බහින්න සිදුව තිබුණා. ඔවුන්ගේ රථවලට ඉඩදෙන්න සිදු වුණා. මින් පස්සෙ රටේ පාලකයත් ඔබ වගේම සාමාන්‍ය පුරවැසියෙක් ලබන පහසුකම් ලබන වෙනස තමයි, මේ ජයග්‍රහණයෙන් සිද්ධ වෙන්නේ. පාලකයින්ගේ හිස් රැස් වළලු අවසන් වෙනවා. නාස්තිකාරී වියදම් අහෝසි කළ යුතු කාලය එළඹ තිබෙනවා. ලබන සැප්තැම්බර් 22වැනිදා ප්‍රතිඵල කියලා ඉවර වෙනකොට මේ රටේ ජනාධිපති සහෝදරයෙක් බිහිවෙන බව අපට විශ්වාසයි.
“අපි සියලු දෙනා සැදී පැහැදී සිටින්නේ රටේ සිදුවීමට නියමිත පරිවර්තනය වෙනුවෙනුයි”
-සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ-
මේ මොහොතේ වැටුණු මල් වැස්ස අපූරු සිත්තමක් මවා තිබෙනවා. ඔබට කුරුල්ලෙක් වෙලා අහසේ සිට බලන්න පුළුවන් නම්, ඔබගේම කුඩවලින් නිර්මාණය වෙච්ච කලාත්මක නිර්මාණයක් අප ඉදිරියේ මවා තිබෙනවා. කලාව කොහොමද මේ පුනරුද ව්‍යාපෘතිය තුළ අවියෝජනීය අංගයක් වන්නේ කියන එක කතා කළ යුතුයි. පසුගිය මාස ගණනාව තුළ අනුර කුමාර සහෝදරයා මෙන්ම අනෙකුත් ක්‍රියාධරයන් ඉතා පැහැදිලිවත්, ඉතාම විස්තීරණ ලෙසත්, ජාතික ජන බලවේගයේ අනාගත වැඩපිළිවෙළ වචනවලට සීමා නොවූ ඉතා බරපතළ ක්‍රියාකාරිත්වයක් ලෙස ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ සංවාදය ජනතාවට ඉදිරිපත් කළා. ලංකාවේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙක් මේ සියලුම අංශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ බවක් මම විශ්වාස කරන්නේ නැහැ. තාක්ෂණය, නිර්මාණකරණය, සංවර්ධනය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය සම්බන්ධයෙන් පමණක් නොව කලාව සංස්කෘතිය සම්බන්ධයෙන් ඉතා විස්තීරණ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන්නට ජාතික ජන බලවේගය සූදානම් වී සිටිනවා. මේ නිසාම තමයි අපි හැමෝම ජාතික ජන බලවේගය වටා එක්රොක් වී තිබෙන්නේ.
වසර 75ක් තුළ ආණ්ඩු කළ කිසිදු රජයකට සංස්කෘතියට හෝ කලාවට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති තරම් පරිපූර්ණ ප්‍රතිපත්ති සමුදායක් ඉදිරිපත් කරන්නට නොහැකි වී තිබෙනවා. රටක සංවර්ධනය කියන්නේ හුදු භාණ්ඩ නිෂ්පාදනය හෝ ඒවා පිටරට යැවීම හෝ පිටරටින් භාණ්ඩ මෙරටට ගෙනල්ලා බහු භාණ්ඩීකරණය කිරීම නොවෙයි. සමාජයක් කියන්නේ ඊට වඩා වෙනස් ප්‍රපංචයක්. ජාතික ජන බලවේගයේ නායකයින් විශ්වාස කරන්නේ, බහු භාණ්ඩීය සංවර්ධනයක් නොවෙයි. ජාතික ජන බලවේගය වටා එක්රොක් වන්නට අපි තීරණය කළේ ඒ නිසාම තමයි. කලාව සහ සංස්කෘතිය මනුෂ්‍ය සංවර්ධනයේ ඉතා ප්‍රධාන අංගයක් හැටියට විශ්වාස කරනවා. මේ සංස්කෘතික මිනිසා නිර්මාණය කළ හැකි වන්නේ කලාවෙන් තමයි.
ජාතික ජන බලවේගය ඉදිරි සති කිහිපය තුළදී මේ රටේ ප්‍රගතිශීලී කරලාකරුවන් පිරිසක් සමගින් ඔවුන්ගේ සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදක්වන්නට සූදානමින් ඉන්නවා. අප මේ සාකච්ඡා කරමින් සිටින සංවර්ධනයේ ප්‍රධාන සංඝටකයක් බවට පත්වී තිබෙන්නේ, සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමයි. එවැනි සංස්කෘතික මිනිසකුගෙන් තොර සමාජයක් යනු නිද්‍රාශීලී ජරාජීර්ණ සමාජයක්. ඒ නිසා අපට ලොකු වගකිමක් පැවරී තිබෙනවා. සංස්කෘතික මිනිසෙකු හැදීම එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි. එය දීර්ඝකාලීන දෙයක්. යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වා ගැනීමට රටකට ඉතා දියුණු අධ්‍යාපනයක් අවශ්‍යයි. ඉතා හිතකර ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය වන්නෙ කෙසේද? එහි පිටුපස සැබවින්ම නිර්මාණාත්මක අධ්‍යාපනයක් තිබෙන්නට ඕනෑ. අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධයක් තිබෙනවා. පසුගිය දවස්වල දුප්පත්කම සහ අධ්‍යාපනය අතර තිබෙන සම්බන්ධය අනුර කුමාර සහෝදරයා විසින් ඉතාම තියුණු ලෙස පැහැදිලි කළා. මේ සියල්ල අන්තර් සම්බන්ධිතයි. ඒ නිසා අපට මේ රටේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අත්පත් කර ගන්න නම්, අපට සිදුවෙනවා දියුණු අධ්‍යාපනය ක්‍රමයක් ස්ථාපිත කරන්න. දියුණු සංස්කෘතික මිනිසෙකු හැදිය හැක්කේ දියුණු අධ්‍යාපන ක්‍රමය තුළයි. ඉදිරි කෙටි කාලයක් තුළදී මේ රටේ විශාල පරිවර්තනයක් සිදුවෙන්න නියමිතයි. ඒ පරිවර්තනය සඳහා තමයි, අපි සියලු දෙනා සැදී පැහැදී ඉන්නේ.
ඔබ මේ මොහොතේ කුඩවලින් නිර්මාණය කළ මේ කලා කෘතිය හා සම වන හා ඉන් ඔබ්බට ගිය සුපුෂ්පිත ජීවිතයක්, ඇතිකර ගැනීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන, නොබෝ දිනකින් මේ රටේ සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථික පරිවර්තනයක් ඇති කර ගැනීමට අවශ්‍ය දේශපාලන තීරණ ගැනීමට ලංකාවේ සියලුම ප්‍රගතිශීලී කලාකරුවන් සැදී පැහැදී සිටිනවා
(-‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය – 2024.08.17 – තංගල්ල බස් නැවතුම්පොළ-) මහ වැසි නොතකා පැමිණ සිටින මේ දස දහස් සංඛ්‍යාත ජනතාව අපට සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදාට අපේ ජයග්‍රහණය නියත බවයි. සැප්තැම්බර් 21 කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනයයි. අද මේ පාලකයින් විසින් […]
(-‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය – 2024.08.17 – තංගල්ල බස් නැවතුම්පොළ-)
මහ වැසි නොතකා පැමිණ සිටින මේ දස දහස් සංඛ්‍යාත ජනතාව අපට සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදාට අපේ ජයග්‍රහණය නියත බවයි. සැප්තැම්බර් 21 කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනයයි. අද මේ පාලකයින් විසින් අපට උරුම කර දී තිබෙන්නේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමූ රටක්; අපකීර්තියට භාජනය කරන ලද රටක්. මේ අසාර්ථක පාර දිගේ තවදුරටත් ගමන් කරනවාද, නැතිනම් මෙයින් මිදිලා නව රට ගොඩනඟන මාවතක යනවද කියලා දැන් ඔබ තීන්දු කළ යුතුයි. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න කියලා. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගන්න අපිට අවශ්‍ය නැහැ.
පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා මතයට ඉඩ දිය යුතුයි. කෙසේ වෙතත් රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණ ඉටුකිරීමට අපි බැඳී සිටිනවා. අපරාධකරුවන්ට නීතිය අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒක සහතිකයි. සියලු අපරාධවලට අදාළ පරීක්ෂණ නිසි පරිදි පවත්වලා අපරාධකරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත් රටක්. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන රටක්. වංචනිකයන්ට, දූෂිතයන්ට, අපරාධකරුවන්ට දේශපාලන බලය පාවිච්චි කොට වෙට්ටුදාලා පැනලා යන්න පුළුවන් රටක් නොවෙයි. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ නතර කර ගැනීමට ජනතාව තුළ තිබෙන දැඩි අපේක්ෂාව ඉටුකරන මේ රටේ එකම බලවේගය ජාතික ජන බලවේගයයි. අපිට අවශ්‍යයි ලෝකය සමග ඉදිරියට යන්න පුළුවන් රටක්. අද අපේ රට මේ පාලකයෝ විසින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කරලා ඉවරයි. රටක් දියුණු වෙන්න නම් ගොවියගේ, ධීවරයාගේ, ව්‍යවසායකයාගේ, කර්මාන්තකරුවාගේ, අපනයනකරුවාගේ ආදායම වැඩිදියුණු විය යුතුයි. ඔවුන්ගේ ඉපයීම් මාර්ග ශක්තිමත් විය යුතුයි. නියත වශයෙන්ම අප එය ඉටුකරනවා. එය ඉටුකිරීමට සැලසුම් පමණක් නොවෙයි, ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව, දැනුම, අත්දැකීම් තිබෙන විවිධ ක්ෂේත්‍රවල නිපුණතා තිබෙන, ශක්තිමත් විද්වත් මඩුල්ලක්ද අපට සිටිනවා. අපේ රටේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළෙන් පංගුවක් හොයාදීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයද නවීකරණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් අපි ලබාදෙන බවට සහතික වෙනවා.
ලෝකයේ නව දැනුම අපේ රටේ දරුවන්ට, ලබාදීමේ අවස්ථා අපි අනිවාර්ය ලෙසම විවෘත කරනවා. ජනතාව ගුණාත්මක ඖෂධ ලබාදීමේ සැලැස්මක් අපි සතුව තිබෙනවා. ගුණාත්මක මෙන්ම, පහසු මිලට ඖෂධ මිලදී ගැනීමේ වාතාවරණයක් අපි රටේ ජනතාවට සලසා දෙනවා. නැවත කිසිදිනෙක රටේ ඖෂධ මාෆියා, ඖෂධ වංචා ඇතිවීමට අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ආ පළමු මොහොතේම අපි අපේ රටේ දූ දරුවන්ගේ පාසල් පොත් සහ සියලු උපකරණවලට පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. දරුවෙක් ඉගෙන ගැනීමට බද්දක් ගෙවිය යුතුද? ඉගෙන ගැනීම කියන්නේ රටේ ආයෝජනයක්. රෝග පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අයකරන වැට් බද්ද අපි අපේ පළමු අයවැයෙන්ම ඉවත් කරනවා. අවුරුදු හතරක් පහක් අප එකට පොරබදලා මේ රට වෙනස් කරමු. මේ අපි පළමු වරට රට පොහොසත් වෙන, ජනතාවට සතුටින් ජීවත් වෙන ඉඩ සලසන ආණ්ඩුවක් හදනවා. මෙතෙක් විවිධ පක්ෂවලට ඡන්දය දීපු රටේ ජනතාවට ආරාධනය කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ගෞරවයක් ඇතිව සිටිය හැකි තැන මෙතනයි. ඒක ගෞරවනීය ආරාධනයක්. මේ බිඳ වැටුණු රට ගොඩගැනීම අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉටුකළ යුතු කර්තව්‍යයක්. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. පෙරට එන්න කියලා මම තංගල්ලේ ජනතාව ඇතුළු රටේ සියලු ජනතාවටම ආරාධනා කරනවා.
“හොරු එක පැත්තට එකතු වන විට ජනතාව අප සමග එක්වී හමාරයි”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-
මෙතෙක් කල් ඡන්දයක් එනකල් බලන් හිටියෙ පාලකයෝ. හැබැයි මේ සැරේ ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ ජනතාව. ඇයි ඒ? මේ දූෂිත පාලන ක්‍රමය පළවා හැරලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සැප්තැම්බර් 21 වැනිදාට හදන්න ජනතාවට අවශ්‍යයි.
අපේ විජේවීර සහෝදරයා උපන් ගම තංගල්ල. අපිට 94න් පස්සේ පළමු මන්ත්‍රීවරයා දිනලා දුන්නෙත් මේ හම්බන්තොට ජනතාව. එළඹෙන ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා දෙන්නෙත් හම්බන්තොට ජනතාව බව විශ්වාසයි. මේ සැරේ ජනාධිපතිවරණය අමුතුම එකක්. එක පැත්තක් හොඳටම පැහැදිලියි. ඒ පැත්තේ මුහුණු ජනතාවට හොඳට පැහැදිලියි. ඒ තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව පැත්ත. අනෙක් පැත්ත ගන්නකෝ. නටුව ඉතිරි වුණු පොහොට්ටුව කියලා එකක් තියෙනවා. පෙති නැහැ; හැළිලා. අනෙක් පැත්තෙ ඉන්නවා රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභයට ඡන්දෙ දෙන්න කියපු පස්සේ ඒ රනිල්වම ජනාධිපතිවරයා කරපු පොහොට්ටුවේ හොරු ටික. රනිල්ගෙන් රට බේරා ගන්න ආපු ලොකුම කට්ටිය දැන් ඉන්නේ රනිල් ළඟ. රනිල්ට අගමැතිකම දෙන්න අපිට පිස්සුද කියලා අහපු පිරිසත් දැන් රනිල් ළඟ. මහා බැංකුව කඩපු රනිල් හිරේ දානකල් මට නින්ද යන්නේ නෑ කියලා කියපු මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් ළඟ. රනිල් හොරා කියපු දිනේෂ් ගුණවර්ධනත් දැන් එතන.
නායක හොරු එක පැත්තකින් එකට එක්වෙනකොට අද අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී හමාරයි. වට්ටපු රට ගොඩගැනීම අපිට තිබෙන එක වගකීමක්. අනෙක් වගකීම තමයි ඒ රට ගොඩනැගීම. අනෙක් එක අපේ රට ලෝක අවමානයෙන් ගලවා ගන්න ඕනෑ. ‘පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්’. ඒක තමයි අපේ සටන් පාඨය. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයෝ අපිට උරුම කර දී තිබෙන්නේ මිනිස්කම නැති, සහකම්පනයක් නැති රටක්. ඒ නිසා අපි ඔක්කෝම එකතුවෙලා හදමු දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන් ඇතුළු අපි හැමෝටම ආදරයෙන්, ආරක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්. දැන් මාලිමාව කියන්නේ තවත් එක් දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි; මහා ජනතා බලයක්; මහා ජනතා ව්‍යාපාරයක්. මුළු රටම පුනරුදය කරා ගෙනයන මහා සාගරයක් බඳු දේශපාලන බලවේගයක්. රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා මොන අවලාද, මඩ බොරු, ප්‍රචාර අපට එරෙහිව දියත් කළත් ජාතික ජන බලවේගය ආපසු හැරවිය නොහැකියි. මෙය ජයග්‍රහණය දක්වා ඉදිරියටම යනවා. අපි ඔක්කෝම එකතුවෙලා මේ රට හදමු; ගොඩනගමු. අපේ රටේ හිටියේ ජනාධිපති උතුමාණන්ලා, ජනාධිපති ශ්‍රීමතානන්ලා. අපිව වහල්ලු කරන උතුමාණන්ලා, ශ්‍රීමතානන්ලා අපිට එපා. අපිට ඕන නම කියලා නැතිනම් සහෝදරයා කියලා අමතන්න පුළුවන් නායකයෙක්. ඒ තමයි අපේ අනුර සහෝදරයා. අපි ගෙයින් ගෙන යමු. කතා කරමු. ජනතාව අතර වැඩ කරමු. ජයග්‍රහණය කරා පෙරට යමු.
“ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා සැබෑ මාවත පෙන්වා දී ඇත්තේ ජාතික ජන බලවේගයයි”
-සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ රංගධර ප්‍රසන්නජිත් අබේසූරිය-
මේ මංගල රැලිය ඇමතීම තරම් මට මේ ජීවිතයේ තවත් ඉහළ ගෞරවයක් නැහැ. මේක හුදු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. මේ රට ගොඩගන්න හැදූ දැවැන්තම ජාතික ව්‍යාපාරය. කලාකරුවන් හැටියට අපිට හුස්ම දෙන්නෙ මේ රටේ දුක් විඳින මිනිස්සු. ඔවුන්ගේ දුක, වේදනාව නිවා දැමීමට අපි පෙනී නොසිටියහොත්, අපි කලාකරුවන් වෙන්නේ නැහැ. 1977න් පස්සේ ඇති වූ මජර දේශපාලන ක්‍රමය අපේ ජීවිත උඩු යටිකුරු කළා. කලා නිර්මාණවලට ඉන් දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. කලා රසඥතාවය මරා දැම්මා. මිනිස්සු තුළ මිනිස්කම දියවී ගියා. මේ විනාශය තවදුරටත් අපට බලා ඉන්න බැරි නිසා තමයි අපි ජාතික ජන බලවේගය වටා ඒකරාශී වුණේ.
ආර්ථික වශයෙන් පිරිහුණු සමාජයක මිනිස්සු මුලින්ම අතහරින්නේ රසාස්වාදය සඳහා තිබෙන මාධ්‍ය අවස්ථා. මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපිට සැබෑ මාවත පෙන්වා දී ඇත්තේ ජාතික ජන බලවේගය පමණයි. ඒ මාවත අපේ රට සුභ දිසාවට හරවනු නියතයි. කලාකරුවන් ඇතුළු මේ රටේ සියලු ජනතාවට ඒ වටා රොද බැඳගෙන යහපත් රටක් නිර්මාණය කරන්න පෙරට එන්නැයි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
(-Colombo, August 17, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග සාකච්ඡා කළ […]
(-Colombo, August 17, 2024-)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක් විය.