(-මාලිමාවේ හිඟුරක්ගොඩ ගොවි රැලිය – 2024.05.30-) මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපති ඡන්දයක් තිබෙනවා. අපි අවස්ථා ගණනාවකදි පොළොන්නරුවට ඇවිත් කතා කර තිබෙනවා. සටන් කර තිබෙනවා. වී මිල පහළ යනකොට හිඟුරක්ගොඩ සිට මින්නේරිය දක්වා අපි පා ගමනින් ඇවිත් කෑ ගහලා කිව්වා, වී වලට සාධාරණ මිලක් දීපල්ලා කියලා. රසායනික පොහොර නතර කරල අපේ වගාවන් විනාශ වෙනකොට […]
(-මාලිමාවේ හිඟුරක්ගොඩ ගොවි රැලිය – 2024.05.30-)

මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපති ඡන්දයක් තිබෙනවා. අපි අවස්ථා ගණනාවකදි පොළොන්නරුවට ඇවිත් කතා කර තිබෙනවා. සටන් කර තිබෙනවා. වී මිල පහළ යනකොට හිඟුරක්ගොඩ සිට මින්නේරිය දක්වා අපි පා ගමනින් ඇවිත් කෑ ගහලා කිව්වා, වී වලට සාධාරණ මිලක් දීපල්ලා කියලා. රසායනික පොහොර නතර කරල අපේ වගාවන් විනාශ වෙනකොට ගොවි ජනතාව හැටියට තමුන්නාන්සේලා එකතු වෙලා පාරට බැහැලා පොහොර ටික අපට දීපල්ලා කියලා අපි සටන් කළා. ගොවි ජනතාවගේ පොහොර මිල අධික ලෙස ඉහළ යනකොට පොහොර සහනාධාරයක් දීපල්ලා කියලා කෑ ගැහුවා. අද අපි ආවේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන, ගොවි ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන කෘෂිකර්මාන්තය නගා සිටුවන නව ආණ්ඩුවක් හදා ගන්න, එකතු වෙමු කියලා ආරාධනා කරන්න. වැඬේ කරන්න පුළුවන්. ඒක අපිටත් වඩා හොඳට දන්නවා ආණ්ඩුව. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිසැක ලෙසින්ම ගොඩනැගෙන බව ආණ්ඩුව හොඳින්ම දන්නවා. පළාත් පාලන මැතිවරණයට අපි නාමයෝජනා බාරදීලා, ජනතාව දැනුවත් කරලා, ප්‍රාදේශීය සභාව හදාගන්න වැඩ කළා. ඒ වෙලාවේ ඡන්දෙ නතර කළා. පළාත් පාලන ඡන්දෙ තිබ්බා නම් අපි දිනනවා. පළාත් පාලන ඡන්දෙන් ගොඩනැගුණු රැල්ල අල්ලා ගෙන ඉන්න ජාතික ජන බලවේගයට බැහැ කිව්වා. නමුත් මේ හිඟුරක්ගොඩ නගරයේ මහා ජන ගඟ දෙස බලනකොට අපිට පෙන්නුම් කරන්නේ පළාත් පාලන මැතිවරණයටත් වඩා මහා ජනතා විශ්වාසයක්, ජනතා පෙළ ගැස්මක් අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා තිබෙනවා.
වජිර අබේවර්ධන කියනවා, “අනෙක් කවුරුවත් තරග වදින්නේ නැතිව රනිල්ට විතරක් තරග වදින්න දෙමු.” කියලා. මේ රටේ ජනතාවගේ අනුමැතිය ගන්න ඕන ඡන්දෙන්. ඒකෙන් තේරෙන්නේ වජිර දන්නවා රනිල් විතරක් තරග වැදුණොත් ෂුවර්. රංගේ බණ්ඩාර කියනවා, ඡන්දයක් නොතියාම දෙන්න බැරිද? අන්කවරදාටත් වඩා වැඩියෙන් මෙතෙක් රට පාලනය කළ පාලක පෙළැන්තිය බයවෙලා. ලංකා ඉතිහාසයේ නොසිතපු සිදුවීමක් දැන් සිදුවෙමින් තිබෙනවා. වෙනදා නම්, මහින්දගේ ආණ්ඩුව වැටෙනකොට රනිල්ට ඔටුන්න හිමිවෙනවා. රනිල්ගේ ආණ්ඩුව එපා වෙනකොට ස්වභාවිකවම මහින්දට ඔටුන්න හිමිවෙනවා. දැන් මහින්දයි රනිලුත් දෙන්නාම ආණ්ඩුව කරනවා. සජිත් හිතනවා තාත්තාගේ පිනට ඔටෝ ඔටුන්න එයාට හිමිවෙයි කියා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ මොකක්ද? ජාතික ජන බලවේගය නැගිටීම හමුවේ, තමන්ගේ බලය පිළිබඳ තිබුණු සිහිනය විනාශ වෙලා ගියා. රංගේ බණ්ඩාර ඡන්දෙ තියන්නේ නැහැ කිව්වා. නමුත් අපි කළබල වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ මාලිමාව ජයග්‍රහණය කරන්න ජනතාව ගම්පිටින් එකතු වෙලා ඉන්නේ.
මේ ගම්වල අපේ අම්මලා තාත්තලා මේ දුක් වින්දා ඇති. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, තමන් මහලු වියට පත්වුණාට පස්සේ තමන්ව රැකබලා ගන්න දරුවන් හදනවා. දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න පාසලක් නැහැ. රස්සාවක් නැහැ. ගම්වල දරුවන් රට යන්නේ කොහොමද කියා කල්පනා කරනවා. ජීවත් වෙන්න, ගෙයක් දොරක් හදාගන්න, කසාදයක් කර ගන්න විදිහක් නැහැ. අපේ පාලකයන් දරුවන්ගේ මුළු ජීවිතයම විනාශ කළා. සමහර තරුණයන් විවාහ වෙලා මාස දෙක තුනකින් රට යනවා. දරුවන්, බිරිඳ ගෙදර දාලා තාත්තාට හෝ අම්මාට රට යන්න සිදුවෙලා තිබෙනවා. අපිට ජීවත් වෙන්න තිබෙන අයිතිය උදුරාගෙන තිබෙනවා. අපේ ඉස්පිරිතාලවල පහසුකම් නැහැ. පර්යේෂණයක් කරගන්න විදිහක් නැහැ. බෙහෙත් නැහැ. ජනතාව අකාලයේ මැරෙන්න දාලා තියෙනවා. බරපතළ ලෙස වකුගඩු රෝගය පැතිරිලා තිබෙනවා. පර්යේෂණයක් නැහැ. මැරෙන්න ඇරපු සත්තු වගේ ගොවිජනතාව ජීවත් වෙන්නේ. ගෙයක් හදාගන්න කොච්චර කල් කල්පනා කරනවාද. අත්තිවාරම දාලා බිත්ති ගොඩනංවන්න, වහලෙ ගහන්න, දොරවල් දාන්න, කපරාරු කරගන්න, හුණුපිරියම් කරන්න, පොළොවට සිමෙන්ති ටිකක් දාන්න, කොයිතරම් කලක් බලාගෙන ඉන්නවාද? ගෙයක් හදාගන්න කන්න හත අටක් වගාකරන්න ඕනෙද? හොඳ වාතාශ්‍රයක්, ඉඩකඩක් සහිත නිවසක් නැති ජනතාවක් බවට ගොවිජනතාව පත්කර තිබෙනවා. දීර්ඝ කාලයක් ජනතාව මැදිහත් වෙලා ආණ්ඩු හැදුවා. පොළොන්නරුවෙන් නායකයෙක් එනකොට ජනතාව හිතුවා රට හැදෙයි කියා. ඒ නායකයා ඇවිත් සැලසුම හැදුවේ දුවයි පුතයි ඉස්සරහට ගේන්නේ කොහොමද කියලා. තාත්තා ජනාධිපති වුණාම කල්පනා කළේ තමන්ගේ දරුවන්ගේ අනාගතය මිසක් ගමේ අම්මලාගේ තාත්තලාගේ අනාගත ගැන නොවෙයි. මහින්ද මහත්තයා කල්පනා කළේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන. පේමදාස කල්පනා කරන්න ඇත්තේ පුතා ගැන. සජිත් කල්පනා කරනවා තාත්තා ජනාධිපති නිසා එයාගේ නළලේ ජනාධිපතිකම කොටලා තිබෙනවා කියා. ඒගොල්ලන්ගේ පවුල් හැදුණා. මැරෑටි දේශපාලනය වර්ධනය වුණා. ත්‍රාඩ, චෞර වළල්ලක් හැදුණා. ඒ ගොල්ලෝ ගොඩ ගියා. ජනතාව වළට වැටුණා.

අද, මඟුල් මුද්ද, පොඩි එකාගේ පංචායුධය, වතුර මෝටරය, අත් ට්‍රැක්ටරය උගස් තියලා. සමහරු කුඹුර උගස් තියලා ඒ කුඹුරේ තමන් අඳේට වගා කරනවා. මේ රටේ ජීවත් වෙන ගොවි ජනතාව හැටියට අපි දුකෙන් දුකට පත්වෙලා තිබෙනවා. හැබැයි රට පාලනය කළ පාලකයන් එහෙම වෙලා නැහැ. අපේ ජනතාව මෙතෙක් හදපු ආණ්ඩු, පාලකයන්ගේ පවුල්වලට, ඥාතීන්ට සලකන, පාලකයා වටේ ඉන්න මැරයන්ට, කළු ව්‍යාපාරිකයන්ට සලකන ආණ්ඩු. කළු ව්‍යාපාරිකයන්ට ඉඩ නොදෙනවා නම්, රනිල් වික්‍රමසිංහ, මහ බැංකුවෙන් කෝටි 1100 පිල්ලි ගහන්න අර්ජුන් ඇලෝසියස්ට ඉඩ දෙනවාද? රනිල්ලාව බලා ගන්නේ කළු ව්‍යාපාරිකයන්. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් කළු ව්‍යාපාරිකයන්ට හොරකම් කරන්න ඉඩ දෙනවා. ගෝඨාභය රාජපක්ෂලා මහජනයා බලා ගන්නවා නම්, සීනි ගෙනාපු මුදලාලිට සීනි බදුවලින් කෝටි 1500ක හොරකම් කරන්න ඉඩ දෙනවාද? ඒගොල්ලන් වටා ඉන්න කළු ව්‍යාපාරිකයන්ට එයාලා සලකනවා. ආණ්ඩුවෙත් විපක්ෂයෙත් මන්ත්‍රීවරුන්ගේ දරුවන් බොහෝ දෙනෙක් තානාපති කාර්යාලවල ජොබ් එකට යනවා. ඕස්ටේ්‍රලියානු තානාපති කාර්යාලයේ කාලයක් වැඩ කළේ ලක්ෂ්මන් යාපාගේ පුතා. තවත් තානාපති කාර්යාලයක රෝසි සේනානායකගේ දුව. තවත් තානාපති කාර්යාලයක ප්‍රසන්න රණතුංගගේ දුව. ලෝකයේ ලොකු තානාපති කාර්යාලවලට එයාලගේ දරුවෝ යනවා. අපේ දරුවන්ට, මැදපෙරදිග කොන්ක්‍රීට් අනන්න, දියණියකට නම් ගෙදරක රෙදි හෝදන්න, උයන්න පිහින්න තමයි රස්සා ලැබෙන්නේ.
මෙච්චර කල් අපි ආණ්ඩු හැදුවා. පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලනයන් හැදුණේ. අපි එක වතාවක් වත් පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදමු. ජාතික ජන බලවේගය යනු පොදු ජනතාවගේ බලවේගයක්. මෙතන කිසිවෙක් පරම්පරාවෙන් දේශපාලනය ලියාගෙන ආ අය නොවෙයි. අපේ රටේ තරුණ තරුණියන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ වෙනුවෙන් හැමදෙනා එකතු වෙමු. අපි හැමදෙනාම ගම්වල ඉපදුණු, ගම්වල අම්ම තාත්තත් එක්ක වැඩුණු දරුවෝ. අන්න ඒ අයගෙන් ආණ්ඩුවක් හදන්න ඕන. මේ රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ආණ්ඩුවක් අපි හදන්න ඕන. ඒ සඳහා අපි එකතු වෙමු.
මේක තමයි සුදුසුම වෙලාව. අපට පුළුවන් ඔබව දැනුවත් කරන්න. වැඩපිළිවෙළ හදන්න. හැබැයි වැඬේ තිබෙන්නේ ගම්වල ඔබලා අතේ. ඔබ, ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ කතිර ගහලා පුරවන්න සැලසුම් කරන්න ඕන. අපි මැයි 15 සිට ජුනි 30 දක්වා දින 45ක වැඩපිළිවෙළක් හදා තිබෙනවා. හැම ගෙදරකටම යන්න ඕන. ඡන්දෙ සටහන් කර ගන්න. තාමත් වැරදි පාරේ යන අයට කතා කරන්න ඕන. ගම් පිටින් පොර බදමින් ගම් වෙනස් කරන වැඬේ කරන්න ඕන. අපේ ගම්වල ජනතාවගේ ජීවිත මීට වඩා හොඳ ජීවිත බවට පත්කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය අපි අවසන් කරන්න ඕන. දුප්පත්කම කියන්නේ, ආහාර වේලක් නැතිකම, බෙහෙතක් ගන්න නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කම නිසා සමාජයේ නොසැලකිල්ලක් තිබෙනවා. දුප්පත් කෙනෙක් බැංකුවකට, පොලීසියට ගියාම සලකන්නෙ වෙනස් ආකාරයකට. දුප්පත් දරුවෙක් පාසලක ඉගෙන ගන්නකොට, බස් එකට නැංඟම වෙනසක් තිබෙනවා. දුප්පතත්කම නිසා සමාජයේ පිළිගැනීමක් නැහැ. එහෙම නම් අපි ආර්ථික වශයෙන් පොහොසත් වෙන්න ඕන, සමාජීය වශයෙන් පොහොසත් වෙන්නත් ඕන. ගම්වල ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කිරීමත්, ඔවුන්ගේ සමාජ තත්වය දියුණු කිරීමත් තමයි ජාතික ජන බලවේගයේ වැඩපිළවෙළ වෙලා තිබෙන්නේ.

මහ බැංකු වාර්තාවල කියනවා ජනගහනයෙන් 68%කට හරිහමන් ආහාර වෙලක් නැහැ කියලා. දරුවන් පස්දෙනෙක් ගත්තොත් එක් කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එවැනි දරුවන්ගේ මොළය, ශරීරය වර්ධනය වෙන්නේ නැහැ. අවුරුදු 60-70 වෙනකොට හම රැළි වැටිලා. දත් වැටිලා. අපි වැහැරිලා. රනිල් අවුරුදු 75 වෙනකොටත් ජනාධිපතිකම් කරනවා. වජිර අබේවර්ධන කියනවා 88 වෙනකම් බලයේ ඉන්න දෙන්නලු. සැලසුම් හදලා, රට ගොඩනඟන්න අවුරුදු කිහිපයක් ගත වෙනවා. ඒකෙ ප්‍රතිඵල එනකම් කන්ඩ තියෙන්න ඕනෑ. ආරම්භ වශයෙන් හැම පුරවැසියෙකුටම හොඳ ගුණාත්මක ආහාර වේලක් ලබාදෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමට හැකි සහනාධාර ක්‍රමයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇති කරනවා. රනිල් කියනවා 2048 වෙනකම් ඉන්නලු කන්න දෙන්න. කන්ඩ නැති ආර්ථික සැලසුම් හදලා වැඩක් තිබෙනවාද? ජනතාවගේ මූලික අවශ්‍යතාවය වන ආහාර වේල, අපි මූලික වටයේම සහතික කරනවා. ඒ වගේම අවශ්‍යයි, සෞඛ්‍යය සම්පන්න ජීවිතයක්. පුරවැසියන්ගේ සෞඛ්‍යයේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන, බෙහෙත් තිබෙන, දොස්තරවරු ඉන්න, පරීක්ෂණ කරන ඉස්පිරිතාලයක් අපි සහතික කරනවා. ඒ වගේම දරුවන්ට ඒ ඒ වයසට අදාළ අධ්‍යාපනය අවශ්‍යයි. අද දෙමව්පියන්ට අධ්‍යාපනය බරක් වෙලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආරම්භක වශයෙන් ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය නිසි පරිදි ලබාදෙන වැඩපිළවෙළක් සහතික කරනවා.
ඊළඟට ගමේ දුප්පත්කම නැති කරන්න වැඩපිළවෙළ සකස් කරන්න ඕනෑ. ගොවිතැන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වෙනවා නම්, ගොවිජනතාවගේ ජීවිත උසස් තත්වයට පත්වෙනවා. ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න නම්, කෘෂිකර්මය නගා සිටුවීම සඳහා නිසි සංවර්ධන වැඩපිළවෙළක් අවශ්‍යයි. නෙදර්ලන්තය අපට වඩා කුඩා රටක්. අද ලෝකයේ කෘෂි නිෂ්පාදනය වැඩියෙන්ම අපනයනය කරන රට බවට පත්වෙලා තිබෙනවා. අපේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ලෝකයේ තිබෙන අත්දැකීම්, පර්යේෂණයන් එකතුකර ගන්න උවමනාව තිබෙනවා. ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ඉගෙන ගත්ත, රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිකර්ම පීඨයේ ඉගෙන ගත්ත විද්වතුන් විශාල ප්‍රමාණයක් අද ලෝකයේ බොහෝ රටවල පර්යේෂණ කරනවා. ඇමෙරිකන් එක්සත් ජනපදයේ පස පිළිබඳව විශේෂ පර්යේෂණ කරන කෘෂි විද්‍යාඥයෙක් ඔහු කීවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ වැඩකරන්න එන්න කැමතියි කියලා.
අපි වගා කරන්නේ ඉවට. අද ලෝකයේ වගා කරන්නේ ඉවට නොවෙයි, දත්ත, පර්යේෂණ, විද්‍යාවන් මත. ලෝකයේ විශාල පර්යේෂණායතනවල අමෙරිකන් එක්සත් ජනපදයේ, ජපානයේ, තායිලන්තයේ, බ්‍රසීලයේ, නවසීලන්තයේ, ඕස්ටේ්‍රලියා වැනි රටවල්වල ගොවිපළවල්වල වැඩ කරන, විශාල පර්යේෂණාගාරවල වැඩ කරන අපේ කෘෂි විද්‍යාඥයන් ඉන්නවා. 29 වැනිදා කොළඹ පර්යේෂණ සහ සංවර්ධන සමුළුවට පැමිණෙන්න, අපි ඒගොල්ලන්ට ආරාධනා කරලා තියෙනවා. අපි සැලසුම් හදනවා කෘෂිකර්මාන්තය විද්‍යාත්මක ප්‍රවේශයකට ගන්න. අනෙක් පැත්තෙන් දත්ත තොරතුරු අවශ්‍යයි. ගොවියා වෙළඳපොළ ගැන දන්නේ නැහැ. වගාවන් කරනවා. එකම අස්වැන්න එකවර වෙළඳපොළට පැමිණීම නිසා විකුණා ගැනීමට අපහසු වෙනවා. මෙහෙම වෙන්නේ වෙළඳපොළ සංවිධානය වෙලා නැහැ. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු නිසි වගා සැලසුමක්, විද්‍යාත්මක පර්යේෂණ සහිත කෘෂිකර්මාන්තය ගොඩනඟන ජනතාවාදී ආණ්ඩුවක්.

ගොවි ජනතාවට ආරම්භක මූල්‍ය ප්‍රාග්ධනය අවශ්‍යයි. සාධාරණ පොලී අනුපාතයකට මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වුණු රටවල් කිහිපයක් තිබෙනවා. තායිලන්තය, වියට්නාමය, චීනය, ඉන්දියාව මේ සෑම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අපි දියුණු සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා, ගොවි ජනතාවට අවශ්‍ය මූලික මුදල් අඩු පොලී අනුපාතිකයකට ලබාදෙන්න. ඊළඟට වැඩිහිටි ගොවි ජනතාව බලා ගැනීමේ වගකීම තිබෙන්නෙත් ආණ්ඩුවට. ඒ ගොවි ජනතාව සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා, ඒගොල්ලන්ගේ ජීවිතයේ වැඩ කළ නොහැකි තත්වයට පත්වුණාම යැපීමට සමත් ආධාර මුදලක් ලබා දෙනවා. ජනතාවගේ ආණ්ඩු කියන්නේ එවැනි ආණ්ඩුවලට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන, වැඩ කරන ජනතාවට විශ්‍රාම වැටුපක් යෝජනා කරන ආණ්ඩුවක්.
අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ග්‍රාමීය දුප්පත්භාවය. අපේ දුප්පත්භාවය ඛේදවාචකයක් වෙලා තිබුණේ නැහැ. අද දුප්පතකම කියන්නේ ඛේදවාචකයක්. දුප්පත් නිසා සමාජයේ පිළිගැනීමක් නැහැ. අධ්‍යාපනයක් නැහැ. දුප්පත්කම පවුල් ආරාවුල් වැඩි, අඩදබර වැඩිවෙලා. සමාජයෙන් කොන් වෙනවා. මේ ඛේදවාචකයෙන් පුරවැසියන් මුදා ගත යුතුයි. මෙච්චර කල් අපි හැදුවේ පොදු ජනතාවගේ ආණ්ඩු නොවෙයි, ඉහළ පුරවැසියන්ගේ ආණ්ඩු. ඒගොල්ලන්ගේ අපේක්ෂකයා ලෙස නියෝජනය කරන්නේ මේ පළාතේ ලොකුම ධනය තිබෙන කෙනා. ආණ්ඩු හදන්න ලොකු මුදලාලි කෙනෙක් වෙන්න ඕන. ඒ මුදලාලි සල්ලි වියදම් කරනවා. ඒ ටික එකතු කරනවා. ආණ්ඩු හදනවා. ඒගොල්ලෝ කවදාවත් පොදු ජනතාවගේ කෙනෙකුට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දුන්නත් ඕක ඇතුලේ ඉන්නත් බැහැ. එයාලා උඩ ඉන්න කණ්ඩායමක්. දැන් අපි හදන්න ඕන ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන, පොදු ජනතාවගේ ආණ්ඩුවක්.
තාත්තාගෙන් පුතාට ගොවිකම උරුම කරන්න ඕන නැහැ. තවත් අවස්ථා හදන්න ඕන. ගම්වල ජනතාවට යෙදෙන්න අලුත් ආර්ථික ක්‍රියාකාරකම් නැහැ. ආර්ථිකයක් එක්ක සම්බන්ධවෙලා වැඩක් කරන්නේ නැතිව ආදායමක් එන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල්වල පාරවල්වල මිනිස්සු අඩුයි. ඒ රටවල පුරවැසියන්ට කරන්න වැඩක් තිබෙනවා. මිනිස්සුන් පැය අටක් වැඩ කරන්න, පැය අටක් සංස්කෘතික ජීවිතයක් ගතකරන්න, පැය අටක් නිදා ගන්න ඕන. මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ඕන. තවත් ආර්ථික අවස්ථා හදන්න ඕන. අපි දිස්ත්‍රික්කවල ආර්ථික සැලසුම් හදා තිබෙනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල ආරම්භ කළ හැකි කර්මාන්ත හා සේවාවන් මොනවාද කියා අපි හඳුනාගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්කවල තිබෙන සම්පත් අනුව නිෂ්පාදනය හා සේවා අපි ආරම්භ කරන්න ඕන. විශාල කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කොට තිබෙනවා. ඒ ගොල්ලන් අලුත් කර්මාන්ත, අලුත් සේවා මධ්‍යස්ථාන ගම්වලට අරගෙන එන්න ඕන. අපි ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන් කොළඹ කර්මාන්ත ශාලාව දානවා නම් බද්ද ටිකක් වැඩියි. පිට පළාතක කර්මාන්තය දානවා නම් බද්ද ටිකක් අඩුයි. අපි කර්මාන්තවලට උත්තේජනයක් දෙනවා. අලුත් අයි.ටී. කර්මාන්ත පටන් ගන්න ඕන. කොළඹට පමණක් කේන්ද්‍රගත වෙලා බැහැ. පොළොන්නරුවටත් අයි.ටී. කර්මාන්ත ශාලා හැදිලා ලෝකෙට සර්විස් එක දෙන්න ඕනෑ. අපි ඒ ගැන කතා කර තිබෙනවා. එයාලා කැමතියි පුහුණවක් දීලා දරුවන් බඳවා ගන්න.

මේ ආණ්ඩු සල්ලි නැහැයි කියනවා. භාණ්ඩාගාරයට එන්න තිබෙන සල්ලි හරවලා තිබෙන්නේ ඇලෝසියස්ගේ, රවි කරුණානායකගේ, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගෙදරට. අනෙක් පැත්තෙන් භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය හොරකම් කළා. අපි ඒ ධනය ඔක්කොම භාණ්ඩාගාරයට ගනිමු. භාණ්ඩාගාරයට එන ධනය පිළිබඳ සියල්ල ඔබට දැනුවත් කරන්නම්. ඒ වගේම ඒ ධනය සාංඝික දේපොළක් වගේ අපි බලා ගන්නම්. රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ සල්ලි පිටරට යන්න වෙන්කර ගත්තා. වෙන්කර ගත්ත සල්ලි මදිවුණා කියලා ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් වෙන්කර ගත්තා ලක්ෂ 2000ක්. රට යනකොට රනිල් තනියම යන්නේ නැහැ. ඒ ධනය වියදම් කරලා කින්ස් නෙල්සන්, ස.ජ.බෙ. මාන්නප්පෙරුම, ඉෂාක් රහුමාන්, එක්කරගෙන යනවා. බෙදා ගන්නකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා එයාලාට වෙනසක් නැහැ. මේ රට වැටිලා. රිම් එකෙන් යන්නේ. වාහන ගෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයයි, ආණ්ඩුවයි දෙගොල්ලොම එකතු වෙලා අත්සන් කරනවා වාහන පර්මිට් එකක් දෙන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පර්මිට් එක දෙන්න ඕනලු. කෝටි පහළොවකට විතර විකුණා ගන්න පුළුවන්. ආණ්ඩුවේ මන්ත්‍රීලයි, ස.ජ.බ. මන්ත්‍රීලයි බෙදා ගන්න කොට, නාස්ති කරන කොට එකට එකතු වෙලා කරනවා. බාර් ලයිසන් දුන්නා. මන්ත්‍රීවරයා නමක් යෝජනා කරන කොට ලයිසන් එක දෙනවා, මන්ත්‍රී ගානක් ගන්නවා. මන්ත්‍රී කියනවා, ඔයා නමක් යෝජනා කරන්න, මම ලයිසන් එක දෙන්නම්, ඔයා එයාගෙන් සල්ලි ගන්න කියා. මම සජිත් පේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයෙක් හෝ ස.ජ.බ. නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ. නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ.
ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ යුතුයි කියා හැඟීමක් තිබෙන, ආණ්ඩුවකුයි අපට ගොඩනඟන්න තිබෙන්නේ. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට ඉතා හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මොන වංගු ගැහුවත් කළබල වෙන්න එපා. හිටපු ගමන් පාර්ලිමේන්තුව විසුරවා හරිනවා කියනවා, ඡන්දෙ නැහැ කියනවා, තව අවුරුදු පහක් දෙමු කියනවා, සැප්තැම්බර් 17 පසුවෙලා, ඔක්තෝම්බර් 16ට කලින් ජනාධිපති ඡන්දෙ තියනවාමයි. අපේ ජීවිත කාලයේ ගතකරමින් තිබෙන වැදගත්ම මාස හතරක් මේ තිබෙන්නේ. මේ දේශපාලන පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාම මැදිහත්වෙලා වැඩ කරන්න ඕන. එක්සත් ජාතික පාක්ෂිකයා, පොහොට්ටුවේ පාක්ෂිකයා, සමගි ජන බලවේගය කියා අත්හරින්න එපා. එයාලාට තේරුම් කරදෙන්න. වෙනස් වෙන්න කියා ආරාධනා කරන්න. අපි කොට්ඨාස සභා හදලා තිබෙනවා. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ වැඩිම ඡන්ද පෙට්ටිය බවට පත්කර ගන්න, හැම කෙනාම හමුවෙන්න. දැන් බැටන් එක තිබෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. මේ රැස්වීම සාර්ථක කරගන්න මේ සහෝදර, සහෝදරියන් විශාල කැපකිරීමක් කළා. මේ පිට්ටනිය උතුරලා යමින් පෙන්නුම් කරන්නේ ඔබලාගේ ශක්තියේ, මහන්සියේ, මැදිහත්වීමේ ප්‍රතිඵල. මේ මාස හතර මහන්සිවෙලා වැඩ කරමු. අපි ලොකුම ප්‍රතිඵලය පොළොන්නරුවෙන් බලාපොරොත්තු වෙනවා.

                    (-2024.05.29 – ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව-) එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, රංගේ බණ්ඩාර ඊයේ (28 දා) කරන ලද හදිසි ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ජනතාව හමුවේ තැබීමට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. […]
(-2024.05.29 – ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව-)

එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, රංගේ බණ්ඩාර ඊයේ (28 දා) කරන ලද හදිසි ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ජනතාව හමුවේ තැබීමට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. 2024 නොවැම්බර් 17 දිනයෙන් එම වසර පහක කාලය අවසන් වෙනවා. ඒ අනුව ව්‍යාවස්ථාවෙම සඳහන් වෙන්නේ ඊට මසකට පෙරාතුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා. දැනටමත් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා ලබන සැප්තැම්බර් මස 17වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර ජනාධිපතිවරණය පවත්වනවා කියලා. මීට පෙර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වුණා. ව්‍යවස්ථානුකූලව ඔහුගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරමඟදී ධුරය අත්හැර ගිය නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමයි, පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාව තෝරා පත්කර ගත්තේ. නීත්‍යානුකූලව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන්වුණු අවුරුදු පහ සීමාව දක්වා පමණයි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වුණාට පස්සේ ඔහුට අවසන් කිරීමට බැරි වුණු ඉතිරි කාලය සඳහා පමණයි රනිල් වික්‍රමසිංහට අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කළ හැක්කේ. එදිනෙන් ඉදිරියට එක දවසක් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එම ධුරයේ ඉන්න බැහැ. ඔහු ජනතාවගෙන් පත්නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගත හැක්කේ ඊට පෙරාතුව සිටි ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම දක්වා පමණක් බව.
රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය හා උපදෙස් මත තමයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ. මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. ඉතිහාසයෙත් ඔහුට ජනවරමක් තිබුණේ නැහැ. ඔහුට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්කමක් කවදාකවත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන එකක් තමයි 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් පරාදයි කියන එක. ඒනිසා තමයි මෙවැනි සෙල්ලම් දාන්න පටන් ගන්නේ. ජේ.ආර්. ජයවර්ධන එදා 1982 ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනාවෙත් 1983 පවත්වන්න තිබුණු මහ මැතිවරණය වළක්වලා පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු හයකට දික්කිරීම සඳහායි. ඒ ලාම්පු – කළගෙඩි සෙල්ලමේ දෙවැනි ජවනිකාව තමයි රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාර හරහා මේ එළිදක්වා තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩු කරනවා නම්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් කර ගැනීමට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015දී තේරී පත්වුණේ අවුරුදු හයකටයි. නමුත් පාර්ලිමේන්තුවේ 19 සංශෝධනය සම්මත වුණාට පසුව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද අනුමැතියකින් ඔහුගේ ධුර කාලය අවුරුදු පහකට අඩු වුණා. හැබැයි ධුර කාලය දික් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ප්‍රමාණවත් නැහැ. ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඒක තමයි ව්‍යවස්ථාව, එක තමයි නීතිය. රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දෙන්නේ මේ ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිවද? මේ දෙන්නාම ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාව ගැන දැනුවත්වම තමයි මේ ප්‍රකාශය කරන්නේ.
මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක්. මේ සමාජයේ මත දැක්වීම කොහොමද කියා බැලීමක්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු රනිල් වික්‍රමසිංහ, ඉදිරි ජනාධිපතිවරණයේදිත් පරාජය වෙන බව දැනගත් නිසාම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනි කියන එක දැන දැනම කරපු ප්‍රකාශයක්. රටේ ජනතාවත් විදේශයන්හි සිටින අපේ ජනතාවත් පෙළගැසී ඉන්නවා, ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා නව ජනාධිපතිවරයෙක්, නව ආණ්ඩුවක්, නව ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟන්න. ඔවුන්ගේ පැත්තෙන් මේ උත්සාහ කරන්නේ මේ ඇතිවෙන ජන පෙළගැස්ම, ජන මතය අවුල් කරන්නයි. මීට පෙරාතුව ඔබ දැක්කා මහ මැතිවරණයක් ගැන කතාවක් ඇති කළා. මැයි 15දා පාර්ලිමේන්තුව විසුරුවනවා යනුවෙන් මතයක් හැදුවා. ඉන්පසුව ලබන මාසෙ 15දා විසුරුවනවා කිවුවා. පාර්ලිමේන්තුව විසුරුවනවා කියන කොටම ජනතාවගේ අරමුණ අවුල් වෙනවා. අරමුණම තිබෙන්නේ මේ ජනමතය අවුල් කරන්න. මෙය කරන්නේ හිතාමතා. ජනාධිපති ධුර කාලය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයකින් සහ ජනමත විමසීමකින් තොරව කරන්න බැහැ කියන එක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හොඳින්ම දන්නවා.

එක්සත් ජාතික පක්ෂයේ කවුද, මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ස්ථිර කරන්නේ. පොදු ජන පෙරමුණ කියනවා මේක කියන මිනිහාත් මෝඩයෙක් කියලා. රංගේ බණ්ඩාර මෝඩයෙක් කියන එක කාරියවසම් කියනවා. ඒ ගොල්ලන් විරුද්ධ බව පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් විරුද්ධ බව කියා තිබෙනවා. සමගි ජන බලවේගයත් විරුද්ධ බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෙත් එක මන්ත්‍රීවරයායි. ගාල්ලෙ මන්ත්‍රීවරයා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවම ස්ථිර කරන්නවත් පුද්ගලයෙක් නැහැ. රනිල්ගේ වුවමනාවට වජිර අබේවර්ධනට හැකියි මෙය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නමුත් ස්ථිර කර ගන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. සියලුම පක්ෂ කියා තිබෙනවා මෙයට විරුද්ධ බවත් අනුමත කළ නොහැකි බවත්. මේ රටේ මැතිවරණ සිතියම අකුළපු ජේ.ආර්.ගෙන් ආ ලාම්පු-කළගෙඩි සෙල්ලම තමයි මේ. මේ රටේ ජනතාවත් මේකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළත් මේකට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. මේක සාහසික උත්සාහයක් හා ප්‍රකාශයක්. මෙවැනි දේවල්වලින් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය වළක්වන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. ජනමත විචාරණ කතා දමා ජනාධිපතිවරණය සඳහා ජනතාවගේ පෙළගැස්ම ආපසු හරවන්න බැහැ.
මේ හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. රංගේ බණ්ඩාරට මීට කලිනුත් රනිල් වික්‍රමසිංහ කියා තිබුණා මේ යෝජනාව ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවටත් ටොපියක් දාලා බලනවා. පාර්ලිමේන්තු කාලය අවුරුදු දෙකකට දික්කර ගත්තොත් මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් එක ගන්න පුළුවන්. රංගේ බණ්ඩාරලා හිතනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා ඒගොල්ලන්ගේ අත උස්සගෙන ජනාධිපති පුටුවේ තව අවරුදු දෙකක් ඉනන පුළුවන් කියලා. පරාද වුණු රංගේ බණ්ඩාරලා, රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා, එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයෝ පරාජිත අපේක්ෂකයෝ. ඒ අය ජනාධිපති උපදේශක තනතුරු අරගෙන, වාහන, දීමනා අරගෙන වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ වරප්‍රසාද නැතිවෙනවා කියා බයවෙලා කළබල වෙලා ඉන්නේ. මේ ජනාධිපති ධුරය දික්කරගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් දීලා අල්ලස් දීලා අත උස්සගෙන මේ හදන්නේ තමන්ගේ උපදේශක පට්ටම් ටික තව අවුරුදු දෙකක් දික්කර ගන්න. මේ රටේ ජනතාව ඒකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.
මේ ප්‍රකාශ හරහා ජන මනස අවුල් කරන්න හදනවා නම් ඒකට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනතාව මේ යෝජනාව අනිවාර්යයෙන් පරාජය කරනවා. ජාතික ජන බලවේගයේ අපි ජනතාවට කියනවා, මෙවැනි ජන මනස අවුල් කරන ප්‍රකාශවලට අහුවෙන්න එපා. එසැණින්ම එය ප්‍රතික්ෂේප කර දමන්න. ඔවුන්ගේ වුවමනාව ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ජන පෙළගැස්ම අවුල් කරන්න, බොඳ කරන්නයි. ඔවුන්ට අවශ්‍ය මේක අවුරුදු දෙකකට දික්කර ගන්න නම්, රනිල්ට තිබෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ ජනමතය රනිල්ට තිබෙනවා කියා ඔප්පු කර ගන්න. ඒකට වෙනම ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම ජනමතයක් රනිල්ට නැහැ. රංගේ බණ්ඩාර කියන්නේ ජනාධිපතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් තියන්න මහජන මුදල් වියදම් වෙන බව. ජනමත විචාරණයක් තිබ්බත් ජනතා මුදල් තමයි වියදම් වෙන්නේ. රනිල්ට අවස්ථාවක් තව ලබා දෙන්න කියනවා නම්, ජනතාව ඉදිරියට ඇවිත් ජනාධිපතිවරණය මුහුණ දීලා ඒ අවස්ථාව ලබා ගන්න. අපට විශ්වාසයි මේ ජනතා ද්‍රෝහී රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට ජනතාව ජනමතය දෙන්නේ නැහැ. ආණ්ඩුව පරද්දන්න සූදානමින් ජනතාව පෙළ ගැසී ඉන්නේ. මේ ජනතාවත් එක්ක විහිළු කරන, ව්‍යවස්ථාව විහිළුවට ගන්න අවස්ථාවක් නොවෙයි. මේ ජනතාව ඉන්නේ මේ රටේ ආර්ථිකයේ, දේශපාලනයේ මුළුමනින්ම වෙනස් කිරීමේ ගැඹුරු වුවමනාවකයි. ජනතාව තුළ මත හදලා මේක බොඳ කරන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. ජනතාවට කියනවා එවැනි විකාර කතාවලට රැවටෙන්නත් එපා. මේවා ගණන් ගන්නත් එපා. ජනතාව ඉන්නේ මේ ජනාධිපතිවරයා ගෙදර යවන්න. ඒ සඳහා සූදානම් වෙන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවොත්, ඔවුන්ට පොහොට්ටුවේ සහාය ලැබෙන නිසා මේක තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගත්තොත් එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස අධිකරණයට යාමට බලාපොරොත්තු වෙනවාද? ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
පිළිතුර: යෝජනාව ඉදිරිපත් කළ හැක්කේ වජිර අබේවර්ධනටයි. ස්ථිර කරන්න කෙනෙක් දැනටත් නැහැ. පොහොට්ටුවේ ලේකම්, කාරියවසම් පැහැදිලිවම කිවුවා, ඡන්ද සිතියම අකුළන එකට ඔවුන් විරුද්ධ බවත් එහෙම යෝජනා කරන කෙනා මෝඩයෙක් කියලත්. මෝඩයෙකුගේ යෝජනාවකට අත උස්සයි කියා අපි හිතන්නේ නැහැ. තුනෙන් දෙකෙන් සම්මත වුණොත් තිබෙන්නේ ජනමත විචාරණයක්. ජනාධිපතිවරයෙකුට මන්ත්‍රීවරයෙකු හරහා එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වුවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එවැනි යෝජනාවක් ගේන්න නෛතික හැකියාවක් නැහැ. එවැනි දෙයක් කරන්න සූදානම් වුවහොත් අදාළ නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා.
ප්‍රශ්නය: සමගි ජන බලවේගය විවාදයට දින යෝජනා කර තිබුණත් ඔවුන් ඉල්ලන්නේ මුලින්ම ආර්ථික කමිටුවේ විවාදයක් පවත්වන ලෙසයි. ඔබලා ඉන්නේ නායකයන් අතර විවාදය මුලින්ම පවත්වන්න ඕන කියලද?
පිළිතුර: ජනාධිපතිවරණයක් තියෙනවා. ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක්. ඒ කියන්නේ පක්ෂ නායකයන් දෙන්නෙක්. ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් මේ විවාදය පැවැත්විය යුත්තේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරයි. ආර්ථිකය ගැන කතා කරන්න සජිත්ට බැහැයි කියලා ඔවුන් කියනවාද? ආර්ථික කමිටුව අවශ්‍ය ඒකටද? සජිත්ට ආර්ථිකය ගැන කතා කරන්න බැරි ඇයි? අපි මේ අපේක්ෂකයො හැටියට විවාදයට එන්න කියන්නේ ආගිය තොරතුරු කතා කරන්න නොවෙයි. ජනාධිපතිවරණයක් නම් තියෙන්නේ ආර්ථිකය ගැන, දේශපාලනය ගැන, කතා කරන්න. ඔවුන් හයවැනිදා දිනය දුන්නා. අපි එකඟ වුණා. අනුර සහෝදරයා එයට සූදානම්. සජිත්ට ආර්ථිකය ගැන කතා කරන්න බැරි නම් ඒක විවෘතව කියන්න. අනුර සහෝදරයා එන්නේම ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න. ආර්ථිකය, දේශපාලනය පිළිබඳව කතා කරන්න. අපි විවාදයට ලැහැස්තියි. ඔවුන්ට තියෙන්නෙ අභියෝගය බාර ගන්න.
ප්‍රශ්නය: දැන් විවිධ සන්ධාන හැදෙමින් තිබෙනවා. මේ සන්ධාන ජාතික ජන බලවේගයට අභියෝගයක් වෙන්නේ නැද්ද?
පිළිතුර: දේශපාලනයේ අනාථ වෙච්ච, වැලේ වැල් නැතිව පාරාජිකා වෙච්ච අය ගොඩක් ඉන්නවා. යනඑන මං නැතිව ඉන්නවා. ඒ අයට පාර්ලිමේන්තුවට එන්න මොකක් හෝ පාරක් සොයා ගන්න ඕනෑ. එක එක උප්පරවැට්ටි දාලා එක එක අට්ටාල ගහනවා. සාමාන්‍යයෙන් මේවා මැතිවරණ කාලයට සිදුවෙන දේවල්. ජාතිවාදය පාවිච්චි කරලා, ගෝඨාභයගේ නෂ්ටාවශේෂ ටික අරගෙන, ජාතිවාදය කරපින්නාගෙන අනාථ වුණු කණ්ඩායම් අට්ටාල හදා තිබෙනවා. ඒවා ජනතාව අනුමත කරන්නේ නැහැ.
ප්‍රශ්නය: හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා එන්.පී.පී. එකට රට දුන්නොත් රට නරක තැනකට වැටෙනවා කියලා. ඔහු කියන්නේ එන්.පී.පී. එකේ සහ ජේ.වී.පී. එකේ මතවාදය වෙනස්, එහෙම වුනොත් යම් ඝට්ටනයක් ඇති විය හැකියි. එන්.පී.පී. එකට යම් විදිහකින් බලය ලැබුණොත් එය රටට ගොඩක් අහිතකරයි කියන තැන ඔහු පැහැදිලි කිරීමක් කරනවා. ඒ ගැන ඔබලාගේ අදහස කුමක්ද?
පිළිතුර: ජනතා විමුක්ති පෙරමුණත්, මේ රටේ ප්‍රගතිශීලී සංවිධාන ගණනාවක් එකතු වෙලා පුළුල් ජනතා බලවේගය වුණු ජාතික ජන බලවේගය අපි ගොඩනඟා තිබෙනවා. ඒකෙ වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි අතර කිසිදු හෝ පරස්පරයක් නැහැ. පරස්පරය තිබෙන්නේ ඒගොල්ලන් ළඟ. හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළා තමන්ගේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියක්. බ්ලූ ප්‍රින්ට් එකක්. නාලක ගොඩහේවා ඒ කණ්ඩායමේ ඉඳගෙන කියනවා ඒක සජිත් අනුමත කරපු පක්ෂයේ ප්‍රතිපත්තිය නොවෙයි කියා. මේක තමයි විහිළුව. ඔවුන් අතර එකඟතාවයක් නැහැ. අපට කියන්න එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි අතර වෙනස මොකක්ද? ස.ජ.පෙ. කියන්නෙම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති කර පින්නාගෙන යන තවත් කණ්ඩායමක් විතරයි. දැන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඒගොල්ලන්ට බේරා ගන්න බැරිව තිබෙනවා. එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකකදී ඔවුන්ගේ පක්ෂයේම දෙන්නෙක් අදහස් දෙකක් කියනවා. පරස්පරය තිබෙන්නේ ඒගොල්ලන් අතර. බෙදීම් තිබෙන්නේ ඒගොල්ලන් අතර. ජාතික ජන බලවේගය කණ්ඩායමක් විදිහට මේ රටේ ඉතාමත් ශක්තිමත්, සංවිධානාත්මක බලවේගයක් වෙලා තිබෙනවා. මෙතන කිසිදු බේදයක් නැහැ. ජාතික ජන බලවේගය සම්පාදනය කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබෙනවා. වැඩපිළිවෙළක් තිබෙනවා. අපි සියලුම දෙනා එකතු වෙලා ජනතාව වෙනුවෙන් මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නගලා රට ගොඩනඟනවා.
                    (-Colombo, May 28, 2024-) පළාත් පාලන බලප්‍රෙද්ශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම අද(28) පස්වරු 2.30ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කිරීමට නියමිතය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් විධායක සභික හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ ඇතුළු පිරිසක් සහභාගි වේ.
(-Colombo, May 28, 2024-)
පළාත් පාලන බලප්‍රෙද්ශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම අද(28) පස්වරු 2.30ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් විධායක සභික හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ ඇතුළු පිරිසක් සහභාගි වේ.





                    (-Colombo, May 23, 2024-) ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ. බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන […]
(-Colombo, May 23, 2024-)
ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ.
බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මඟපෙන්වීමක් ලබා දෙයි. කෙසේ වුවද පවතින තත්වයන් විසින් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත්, දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී. බෞද්ධ බැතිමතුන්ට පවා බුදු දහමින් පෝෂණය වූ ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.
මේ සියල්ල මධ්‍යයේ පවා පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වයි. ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක් අප සතු විය යුතු අතරම පොදුවේ පවරා ගත යුතු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී. එනම් බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!
අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.23


                    (-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.05.22-) ආර්ථිකය ගොඩගැනීමට බව කියමින් පනත් දෙකක් අද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ පනත් කෙටුම්පත්වල බරපතළ දෝෂ ගණනාවක් තිබෙනවා. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පෞද්ගලික අංශයේ දායකත්වය විශාල වශයෙන් බලපානවා. නමුත් මේ පනත් විශ්ලේෂණය කර බැලුවාම පේන්නේ ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි වුණොත් එහි වගකීම පෞද්ගලික […]
(-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.05.22-)

ආර්ථිකය ගොඩගැනීමට බව කියමින් පනත් දෙකක් අද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ පනත් කෙටුම්පත්වල බරපතළ දෝෂ ගණනාවක් තිබෙනවා. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පෞද්ගලික අංශයේ දායකත්වය විශාල වශයෙන් බලපානවා. නමුත් මේ පනත් විශ්ලේෂණය කර බැලුවාම පේන්නේ ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි වුණොත් එහි වගකීම පෞද්ගලික අංශයට පැවරීමට උත්සාහයක් තිබෙන බවයි. ස්වාධීන ආයතනයක් මගින් ආර්ථිකය නියාමනය කිරීම සඳහා ගොඩනැගීමට යන ආයතනය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය දෙකට කැඩීමේ සූදානමක් තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ නියාමනයේ වගකීම එක කොටසකට බාරදී අනිත් කොටස පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවයි. ස්වාධීන ආයතනයකින් නියාමනය කළ යුතු බව මෙම පනතේ එක් වගන්තියක සඳහන් වන අතර, සමාගම් පනත යටතේ ක්‍රියාකළ යුතු බව තව තැනක සඳහන් වෙනවා. ලබැඳියාවන් අතර ගැටුමක් හැම පැත්තේම දකින්නට ලැබෙනවා. එළියේ ඉඳලා බලන අපිට පේන්නේ ආර්ථික දේවදත්තලාගේ කීමට රැවටී උගුල් ඇටවීමට සූදානම් වන බවයි. පිහිටුවන පෞද්ගලික ආයතනවලින් තමන්ගේම හෙංචයියලාට වරදාන වරප්‍රසාද දීලා විදේශ ආයෝජකයන්ගේ ධෛර්යය නැති කරන්න උත්සාහ කරන්නේදැයි අපට සැකයක් මතු වෙනවා. පසුගිය කාලයේ විදේශ ආයෝජකයන්ගෙන් 10% – 20% වගේ ප්‍රමාණවලින් කොමිස් ඉල්ලීම දැන් නීතිගත කරන්න සූදානම් වෙනවාදැයි අපට සැක හිතෙනවා.
දේශීය ආයොජකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට සම තැනක් දෙන බව සඳහන් කර තිබුණත් නියාමනයේ මුවාවෙන් ඩීල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව යෝජිත කෙටුම්පතෙන් අපට පෙනෙනවා. පවතින රාජ්‍ය යාන්ත්‍රණය කාලානුරූපව ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට අලුතින් නීති පනවා විසඳුම් සොයන බවක් අපට පේනවා. විවිධ අංශවලට ලංකාවේ නීති පනවා ඇති ආකාරය දැක්කාම තවත් නීති ඕනෑද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. අලුතින් අටවා ගැනීමට යන ස්වාධීන යැයි නම්කරන කොමිෂන් සභාවලටත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බලතල පැවරීමට සූදානමක් තිබෙන බවක් පැහැදිලි වෙනවා. මේ දක්වා පවතින ආයතනවලට පත්කළ දේශපාලන හෙංචයියන් නව ආයතනවලටත් පත්කර, පරණ ක්‍රියාමාර්ගම ගෙනයාමට සූදානම් වන අතර, ඉලක්ක සපුරා ගැනීමට 2050 දක්වා කාලයක් ලබාදී තිබෙනවා. දැනට ආයෝජන මණ්ඩලයවත් නිසි ආකාරයෙන් මෙහෙයවා ගැනීමට අසමත් ආණ්ඩුව නව ආයතන ව්‍යුහයක් පිහිටුවා ලහි ලහියේ නීති පැනවීම තුළින් දේශීය ආයෝජකයන්ට හෝ විදේශීය ආයෝජකයන්ට සෙතක් නොවන බව අපට පැහැදිලියි. ආයෝජකයන්ගේ නාමයෙන් සිටින ඔවුන්ගේ හෙංචයියන්ට ඩීල් දමා ගැනීමේ අවකාශය මේ තුළින් සකස් කර දෙන බවට බරපතළ සැක මතුවෙනවා. මේ පනත් කෙටුම්පත් තුළ පවතින පරස්පර විරෝධතා සහ සැක මුසු තැන් ගැන සලකා බැලුවාම අපට ඒ බව පැහැදිලියි.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් ආණ්ඩුව අපව තවත් ණය උගුලක හිරකරමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-
මේ වන විට රට හෙළා තිබෙන අර්බුද අතරේ ආර්ථිකය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවාදයට තුඩු දී තිබෙනවා. ප්‍රශස්තකරණය යන නමින් සිදුකළේ විශ්‍රාම අරමුදල්වල පොලිය කපා හැරීම ඇතුළු සාමාජිකයන්ගේ ප්‍රතිලාභ අනතුරකට ලක්කිරීමයි. නමුත් විදේශීය ණය සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිව්‍යුහගත කිරීමක් කර ගැනීමට අසමත් වී සිටිනවා. විදේශ ණය ලබාදුන් පාර්ශ්වකරුවන් අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන් අවස්ථා දෙකකදී අපව මුණගැසී සාකච්ඡා කළා. අපි ඔවුන්ට පැහැදිලිව ප්‍රකාශ කළේ ණය ආපසු ගෙවීමේ හැකියාව වර්ධනය කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවන බවයි. ඔවුන්ට තිබෙන සැකය වංචාවෙන් දූෂණයෙන් තොර, පාලනයක් ලංකාවේ මේ දක්වා නොතිබීම තුළ අපගේ ස්ථාවරය කෙතරම් දුරට ප්‍රායොගිකව කළ හැකිද යන්නයි. ණය හිමියන් සමග කේවල් කිරීමේදී ආණ්ඩුව නිසියාකාරයෙන් මැදිහත් නොවී විදේශීය උපදේශ සමාගම්වලට ඩොලර් මිලියන පහක් ගෙවා කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගෙන නැහැ.
පළමු වටයේ සාකච්ඡාවලදී ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවලිය ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් විසින් ප්‍රතික්ෂේප කළාසේම ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුවත් ප්‍රතික්ෂේප කළා. දැන් නව යෝජනාවලියක් සකස් කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය යටතේ ඉදිරියට ගෙනයාමේ උත්සාහයක් පවතිනවා. ඒ අතර ඉදිරියේදී බිහිවන මහජන පාලනයකට මුහුණ දිය යුතු වෙන ගැටලු කිහිපයක් තිබෙනවා. දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියේදී මතුපිටින් පෙන්වා තිබෙන්නේ හෙයාකට් වර්ගයේ ණය කපා හැරීම 28%ක් වන බවයි. නමුත් ඒ සමගම ස්වෛරිත්ව බැඳුම්කර මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් වටිනාකම අනුව තක්සේරු කිරීමකට ගැටගසා තිබෙනවා. මතුපිටින් 28%ක ණය කැපීමක් යෝජනා කළත්, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් සමග ඒ කපා හැරීමේ ප්‍රමාණය අඩු කරමින් 2028 පමණ වන විට 7% දක්වා අඩු වෙනවා. ග්‍රීසියට තිබුණු කේවල් කිරීමේ හැකියාව මත 50%ක ණය කපා හැරීමක් සහ ආර්ජන්ටිනාවට 60%ක කපා හැරීමක් ලබාගන්න හැකිවුණා. නමුත් අපට සත්‍ය වශයෙන්ම මේ යෝජනාවලියෙන් ලැබෙන්නේ 7%ක පමණ ණය කපා හැරීමක්.
තව පැත්තකින් ගෙවිය යුතු හිඟ පොලියක් එකතු වී තිබෙනවා ඩොලර් බිලියන 1.6ක. මේ හිඟ පොලිය අලුත් බැඳුම්කරයක් නිකුත් කර, ඒ වෙනුවෙන් පොලියක් ලබාදීමට යෝජනා කර තිබෙනවා. මේ පොලියට පොලිය එකතු කිරීමෙන් අතිවිශාල අමතර පොලී මුදලක් ගෙවන්න සිදුවෙනවා. මේ වන විට අප හිරවී සිටින බැඳුම්කර මත සාමාන්‍ය පොලිය 6%ක් පමණ වෙනවා. නමුත් අලුත් යෝජනාවලිය අනුව 9.75% දක්වා ඩොලර්වලින් ගෙවිය යුතු පොලියක් යෝජනා කර තිබෙනවා. මේ වැනි අසාමාන්‍ය අසාධාරණ පොලියකට අපව හිර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන 7930ක පමණ පොලියක් ගෙවීමට අපට සිදුවෙනවා. ප්‍රතිව්‍යුහගතකරණයට නොගොස් ණය පොලිය ගෙව්වා නම් අපට ගෙවන්න වෙන්නේ 4092යි.
නව යෝජනා අනුව 2028දී පොලිය 9.75%ට ගියාම අපේ පාලනයක් යටතේ වෙළඳපොළේ අඩු පොලියකට ණය ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව ඒ වන විටත් 9.75%ක පොලියක් ගෙවමින් සිටීමයි. මේ යෝජනා ක්‍රමයට අනුව ගියොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක පමණ ප්‍රමාණයක් විදේශ ණය වෙනුවෙන් ගෙවන්න වෙනවා. විදේශ ණය හිමියන්ට වැඩි පොලියක් දෙන්න යෝජනා කරන ගමන් ආණ්ඩුව විශ්‍රාම අරමුදල් සාමාජිකයන්ගේ අරමුදලට ගෙවූ 14.5%ක තිබුණු පොලිය කපා හැරියා.
ඒ වගේම අනුමැතිය දීමේ ගාස්තුව යනුවෙන් නම් කළ, සුවිශේෂී ගාස්තුවක් හැටියට ඩොලර් මිලියන 225ක් ලබාදීමේ කොළේ වහලා ගැහිල්ලකුත් තිබෙනවා. විදේශ ණය මේ කියන ආකාරයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රටටත්, ජනතාවටත් ඇති වන පීඩනය සම්බන්ධයෙන් මෙවැනි දත්ත ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන් දත්ත ගණනය කිරීම පිළිබඳවත් පාරදෘශ්‍ය තොරතුරු ඉදිරිපත් කර නැහැ. දැන් අපට පැහැදිලි වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් අපව තවදුරටත් ණය උගුලක හිරකරමින් සිටින බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ පාලනයක් බිහි කිරීමට ජනතාව පෙළ ගැසී සිටින අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් ආණ්ඩුව කරන්නේ කුමක්දැයි අපි නිවැරදිව වටහා ගත යුතුයි. එක පැත්තකින් ඔවුන් තවදුරටත් බලයේ සිටින්න උත්සාහ කරන අතර, අනෙක් පැත්තෙන් අපේ පාලනය හිරකිරීමේ අරමුණෙන් මෙවැනි දුෂ්ට ක්‍රියාමාර්ග ගන්නා බව ජනතාවට පැහැදිලි කර දිය යුතුයි.

“ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම හෑල්ලුවකින්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති-
ආර්ථික පරිවර්තනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සඳහා බව කියන පනතක් සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පනත් මගින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමටත් යෝජනා කර තිබෙනවා. ලංකාව තුළ ඉන්න කෙනෙකු හෝ විදේශ ගත ලාංකිකයින් හෝ ආයෝජන මණ්ඩලය අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළේ නැහැ. ආර්ථික පර්වර්තන පනත හදිසියේ රැස්කළ පාර්ලිමේන්තුවට ගේනවා. නමුත් කවුරුත් ඉල්ලුවේ නැහැ. මේ පනත සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට අධිකරණයට යා යුතු නම් ඒ වෙනුවෙන් තිබෙන්නේ සීමිත අවකාශයක්. වෙසක් පොහොය ඇතුළු රජයේ නිවාඩු කාලයක් වගේම ජනතාවගේ අවධානය වෙනතක තිබියදී රනිල් වික්‍රමසිංහලාට අවුරුදු 75ක් තිස්සේ කරන්න බැරි වූ දෙයක් හදිසියේ මතක් වුණා වගේ මේ පනත ගේනවා. මේ අයට පනත් ගේන්න තිබුණු හදිසිය කොතරම්ද කියනවා නම්, ඉංග්‍රීසි පිටපත සිංහලට පරිවර්තනය කර ගන්න නිසි ලෙස හැකිවී නැහැ. ඒ සම්බන්ධයෙන් උදාහරණ ගණනාවක්ම මේ පනත් කෙටුම්පතේ තිබෙනවා. රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම හෑල්ලුවකින්.
සමාගම් පනත යටතේ පිහිටුවන පුද්ගලික සමාගමකට ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ බලය ලබාදෙන්න යනවා. මෙයින් හැම දෙයක්ම කිරීමේ හැකියාව කැබිනට් මණ්ඩලයට සහ ඇමතිවරයාට තිබියදී ජනාධිපතිවරණය කැඳවීමේ පසුබිමක මෙතරම් බරපතළ තත්වයක් ඇති කිරීම අතිශයින්ම සැක සහිතයි. කෙටුම්පතේ 3 සහ 4 වගන්තිවල ජාතික නිෂ්පාදිතය, ණය සේවාකරණ ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුමේ කොන්දේසි ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිපත්ති පනතක් ලෙස ගෙනත් ඒ වගන්ති කඩ කළහොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ පනතේ නැහැ. මේ පනතේ පැහැදිලිවම තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු වෙනුවෙන් ඒ මූල්‍ය අරමුදල කැපවෙනවාටත් වඩා රනිල් වික්‍රමසිංහගේ ඇති කැපවීමයි. රනිල් වික්‍රමසිංහ වගේම රාජපක්ෂලාගේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ වෙනුවෙන් ඇති කැපවීම පැහැදිලි වෙනවා. මේ පනත් මගින් පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වෙනවා. මේ පනත සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ අලි බාගයේ පක්ෂය දරන ස්ථාවරය මේ දක්වා පැහැදිලි කර නැහැ. ඔවුන්ගේ බ්ලූ ප්‍රින්ට් යෝජනා මාලාව අනුව ගත්තත් රනිල් වික්‍රමසිංහගේ මේ වැඩපිළිවෙළට විරුද්ධ වීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. රටේ නීතියටත් වඩා උඩින් ක්‍රියාත්මක වන මණ්ඩලයක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අතිශයින් බරපතළයි. ඒ සම්බන්ධයෙන් අලි බාගයේ පක්ෂයේ සජිත් මහත්තයාගේ ස්ථාවරයත් හෙළි කළ යුතුයි.
මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නැතිව තිබියදී, ගෙන ඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුයි. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෙයින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව අපි මීට එරෙහිව ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරන්නත් අපි ලැහැස්තියි. වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, මෙයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් අපි කරනවා. පුරවැසියන් හැටියටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙනුත් මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී උපරිම සංවාදයක් ඇති කරන ලෙසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:
ප්‍රශ්නය: සමගි ජන බලවේගය සමග විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට තත්වය කුමක්ද?
පිළිතුර: ඒ විවාදය අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනෑ. ඔවුන් එකට ඉඳිමින් එළියේ බෙදී සිටිමින් ගෙන යන ක්‍රියාමාර්ග රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සජිත් ප්‍රේමදාස ලබාදුන් දින අනුව ලබන හයවැනි දින විවාදයට සූදානම් බව අපි ප්‍රකාශ කළා. ඒ අනුව අපේ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට ඔවුන් කටයුතු කරයි කියා විශ්වාස කරනවා. අපි ඉතා පැහැදිලිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෙළි කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත නිසා එහිදී ඉතාමත් වැදගත් වන්නේ එම අපේක්ෂකයන් අතර සිදුවන විවාදයයි. මාලිමාවේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කර ඇති නිසාත්, අලි බාගයේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කර ඇති නිසාත් ඒ විවාදය ගැනීමේ කිසිදු බාධාවක් නැහැ. මේ බව ඔවුන්ගේ පක්ෂයේ සමහර අයට තේරෙන්නේ නැතිව විවිධ කතා කියනවා දැයි අපට ගැටලුවක්. ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමටත් අපිට ප්‍රශ්නයක් නැහැ. ආර්ථික කමිටුවේ මම, හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබිර් හෂීම් එක්ක රූපවාහිනි සංවාදවලදී ඕන තරම් සංවාද කර තිබෙනවා. ඔවුන් අද කියන දේ නොවෙයි හෙට කියන්නේ. මේ ඊයේ පෙරේදාත් මාධ්‍ය හමුවලදී හර්ෂ ද සිල්වා කලින් කියූ දේ වෙනස් කර කර කියනවා. ඔවුන් සඳහන් කරන බ්ලූ ප්‍රින්ට් එකටත් දැන් අයිතිකාරයෙක් නැහැ.
අනෙක් පැත්තෙන් මාලිමාවේ අපි කියන කරුණු ඔවුන් ඊට පස්සේ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට මාර්තු 25වැනිදා අපි පැහැදිලිව ප්‍රකාශ කළා, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලසාඩ් ආයතනය මැදිහත් කර ගත්තත් රජය මූලික මැදිහත්වීම කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේ ඔවුන් අපට කීවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපි නොදන්නා බවයි. එහෙම කියූ හර්ෂ ද සිල්වලා අපි කියූ දෙයම මැයි 15දා ප්‍රකාශ කර තිබුණා. තවත් උදාහරණයක් තමයි මේ මාධ්‍ය හමුවේදිත් අපේ මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළ ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අපේ ඊ.පී.එෆ්. පොලිය වැඩියෙන් කපලා විදේශීය ණය හිමියන්ගේ පොලිය තිබෙනවාටත් වඩා වැඩි කර දෙන්න සූදානමින් සිටින බව. මේ සම්බන්ධයෙන් ඒ ණය හිමියන් සමග කේවල් කළ යුතු බව, මුලසිටම අපි පැහැදිලිවම කීවා. එදා ඔවුන් කීවේ ඒ ආකාරයෙන් කපා හැරීමක් කළ නොහැකි බවයි. නමුත් දැන් ඔවුන් කියන්නේ ණය හිමියන් සමග සාකච්ඡා කරමින්, වාසි අත්කර ගත යුතු බවයි. ඔවුන් උත්සාහ කරන්නේ මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියම ඔවුනුත් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව සමාජයට කියන්නයි. මාලිමාවේ ප්‍රතිපත්තිය ඒගොල්ලෝ කරේ තියාගෙන ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා.
                    (-Colombo, May 20, 2024-) ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේදී පැවති ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව
(-Colombo, May 20, 2024-)
ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේදී පැවති ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව





