(-Colombo, December 17, 2024-) චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, Qin Boyong මහත්මිය දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. Qin Boyong මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ […]
(-Colombo, December 17, 2024-)
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, Qin Boyong මහත්මිය දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Qin Boyong මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, December 17, 2024-) ඉන්දීය ජනරජයේ ජනාධිපතිනිය අතිගරු ද්‍රෞපදි මුර්මු මහත්මියනි, අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි මහත්මාණනි, ගරු ඇමතිවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ආයුබෝවන්!, වනක්කම්!, නමස්තේ!, සුබ සන්ධ්‍යාවක්! , ජනාධිපතිතුමියනි, ඔබගේ කාරුණික අදහස් මම ඉතා ඉහළින් අගය කරමි. ඔබේ රට තුළ දී මාගේ කණ්ඩායම සහ මා වෙනුවෙන් ඉතාමත් සුහදශිලීව සිදු කරනු ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමියට […]
(-Colombo, December 17, 2024-)
ඉන්දීය ජනරජයේ ජනාධිපතිනිය අතිගරු ද්‍රෞපදි මුර්මු මහත්මියනි, අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි මහත්මාණනි, ගරු ඇමතිවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,
ආයුබෝවන්!, වනක්කම්!, නමස්තේ!, සුබ සන්ධ්‍යාවක්! ,
ජනාධිපතිතුමියනි, ඔබගේ කාරුණික අදහස් මම ඉතා ඉහළින් අගය කරමි.
ඔබේ රට තුළ දී මාගේ කණ්ඩායම සහ මා වෙනුවෙන් ඉතාමත් සුහදශිලීව සිදු කරනු ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමියට සහ ඉන්දීය රජයට මෙන්ම ජනතාවටද මගේ අවංක ස්තුතිය සහ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට අවසරයි. අපගේ ඉන්දියානු මිතුරන් වෙත ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ද මම මෙහිදී ගෙන එනු කැමැත්තෙමි.
අතිගරු ජනාධිපතිතුමියනි,
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැඳීම් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ භූගෝලීය සමීපත්වය ඉක්මවා යනු ලබයි. අපගේ සම්බන්ධතාව ශිෂ්ටාචාරමය වශයෙන් බැඳී ඇති අතර එය අන්‍යෝන්‍ය ගෞරවය, සහයෝගීතාව සහ හවුල් ඉරණමක් ලෙස නිර්වචනය කොට තිබේ. ඉන්දියන් සාගරයේ වෙරළේ සිට උප මහද්වීපයේ ප්‍රධාන ස්ථානය දක්වා, අපගේ රටවල ශක්තිමත් සබඳතාවලට ආවේණික වූ සම්ප්‍රදායන්, සාරධර්ම සහ අනාගතය සඳහා වූ දැක්මකින් යුත් පොදු උරුමයකින් අපි බැඳී සිටිමු. එබැවින්, මගේ පළමු නිල රාජ්‍ය සංචාරය සඳහා ඉන්දියාවට පැමිණීම පුදුම විය යුත්තක් නොවේ.
මෙම ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මගේ පරිපාලනය කැපවී සිටී. මගේ රට ආර්ථික ප්‍රකෘතිය, වර්ධනය සහ ස්ථාවරත්වය කරා යන ගමනේ දී, ඉන්දියාව ඔවුන්ගේ නොමඳ සහයෝගය ලබා දෙමින් අපගේ විශ්වාසවන්ත මිතුරෙකු, ස්ථීර හවුල්කරුවෙකු සහ සමීපතම අසල්වැසියා බවට පත්ව සිටී. අවශ්‍ය අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සහ නොසැලෙන සහයෝගීතාව පිළීබඳව මම මෙහිදී බෙහෙවින් අගය කරමි.
ශ්‍රී ලංකාව නව යුගයක එළිපත්ත මත සිටගෙන සිටින බැවින්, එහි ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, මිනිසුන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට රැගෙන යාම ඉතාමත් වැදගත්ය. අනාගතය තුළ අතිමහත් විභවතාවක් තිබේ. ඉන්දියන් සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා අප දෙරටේ කාර්යභාරය ඉතා වැදගත් වේ.
අපගේ හවුල්කාරිත්වයේ ශක්තිය පවතින්නේ සාමූහික ක්‍රියාකාරිත්වය තුළය. පාරිසරික ගැටලු විසඳීමේදී, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී හෝ ගෝලීය වශයෙන් සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයක් සහතික කිරීමේදී අපට දේශසීමා ඉක්මවා යන නව සහ විකාශනය වන අභියෝගවලට විසඳුම් ලබා දිය හැක්කේ සහයෝගී ප්‍රයත්නයන් හරහා පමණි. අනාගත පරපුරට අන්තර් සම්බන්ධිත සහ අන්තර් පරායත්ත ලෝකයක් තුළ දියුණු වීමට 21වන සියවසේ අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා ගෝලීය දකුණේ නායකයෙකු ලෙස ඉන්දියාව සමඟ ගැඹුරු සහයෝගීතාවක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී.
අතිගරු ජනාධිපතිතුමියනි,
මෙම සන්ධ්‍යාව, සාමය සහ ප්‍රගතිය ලුහුබැඳීම සඳහා අපව සමීප කරවන, කාලය සමඟ නොනැසී පවතින, අපගේ ජාතීන් දෙක අතර සමෘද්ධිමත් වෙමින් පවතින බැඳීමෙහි දිගුකාලීන මිත්‍රත්වයේ සැමරුමක් වේවා! යැ’යි මම ප්‍රාර්ථනා කරමි.
ඉන්දියානු රජය සහ ජනතාව අප කෙරෙහි දක්වන නොසැලෙන සහයෝගය සහ මිත්‍රත්වය සඳහා මම මාගේ ඉමහත් කෘතඥතාව පුද කරමි. අපගේ සහයෝගිතාව තව තවත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන අතර අප එක්ව යන ගමන අපගේ ජාතීන්ට මෙන්ම මුළු කලාපයටම සමෘද්ධිය ගෙන එනු ඇතැ’යි මම විශ්වාස කරමි.
ස්තූතියි!
(-Colombo, December 17, 2024-) ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරයත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය. බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකක් වන අතර 2002 වර්ෂයේ […]
(-Colombo, December 17, 2024-)
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරයත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.
බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකක් වන අතර 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි.
ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයාට ආශිර්වාද කරන ලදී.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, December 17, 2024-) නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ. නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්‍රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර බව […]
(-Colombo, December 17, 2024-)
නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ.
නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්‍රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර බව කලින් සඳහන් කර තිබුණද නව කථානායකවරයෙකු පත් කරන අවස්ථාවේ වෙනත් යෝජනා ඉදිරිපත් නොවීය.
ඒ අනුව නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ.
(-Colombo, December 16, 2024-) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී අද (16) පස්වරුවේ පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ. සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති […]
(-Colombo, December 16, 2024-)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී අද (16) පස්වරුවේ පැවැත්විණි.
ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ.
සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, December 16, 2024-) ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ ආයෝජනවලට […]
(-Colombo, December 16, 2024-)
ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.
ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවේදී සිය අදහස් දැක්විය.