-Colombo, October 20, 2023- එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය […]
-Colombo, October 20, 2023-
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන සහෝදරවරුද සහභාගි වූහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කරන ලැබීය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් UNICEF සංවිධානයට සතූතිය පළකරන ලදී.
එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (19) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන් (Matthew Hinson) සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් (Nazreen Marikkar) යන මහත්ම මහත්මීහුද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත […]
එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (19) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන් (Matthew Hinson) සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් (Nazreen Marikkar) යන මහත්ම මහත්මීහුද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන සහෝදරවරුද එක්ව සිටියහ.
මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම හේතුවෙන් සිදු වෙමින් පවතින මානුෂීය ව්‍යසනය වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේගය එ.ජ. තානාපතිවරියගේ අවධානයට ලක් කරන ලදී.
මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව විඳිමින් සිටින ආර්ථික දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් හමුවේ තීව්‍ර වී තිබීම පිළිබඳව ජාතික ජන බලවේගය කරුණු දක්වා සිටි අතර එක්සත් ජනපදය වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලෙස ඩො.මි. 278ක් ප්‍රදානය කර තිබෙන බව තානාපතිවරිය සඳහන් කළාය.
ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී. පළාත් පාලන මැතිවරණය කල්දැමීම, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම සහ එළඹෙන ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට උත්සාහ කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් තානාපතිවරිගේ අවධානයට ලක් කරවන ලදී.
එළඹෙන 26වැනි දින ඇරඹෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ එක්සත් ජනපද සංචාරයට සුබපැතීමටද තානාපතිනිය මෙහිදී කටයුතු කළාය.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් අද (18) දින පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගි විය. මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල […]
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් අද (18) දින පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගි විය. මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්යි පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව ජාතික ජන බලවේගයේ කනගාටුව පලස්තීන තානාපතිවරයා වෙත පළකරනු ලැබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු බවත් එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම වහා ක්‍රියාත්මකවිය යුතු බවත් අවධාරණය කළේය. නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තමන් හඬ නඟා ඇති බව පෙන්වා දුන් අනුර දිසානායක සහෝදරයා පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය බව තානාපතිවරයාට ප්ර්කාශ කර සිටියේය.
රජය විසින් යෝජනා කර ඇති අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා NPP නීතිඥයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඔක්තෝබර් මස 17 වන දින NPP හි නීතීඥයින් විසින් කොටුව දුම්රිය ස්ථානය අවට අත් පත්‍රිකා බෙදා හරින ලද අතර, මහජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන හර්ෂණ නානායක්කාර, සුනිල් වටගල, […]
රජය විසින් යෝජනා කර ඇති අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා NPP නීතිඥයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඔක්තෝබර් මස 17 වන දින NPP හි නීතීඥයින් විසින් කොටුව දුම්රිය ස්ථානය අවට අත් පත්‍රිකා බෙදා හරින ලද අතර, මහජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන හර්ෂණ නානායක්කාර, සුනිල් වටගල, ජානක අදිකාරි ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. NPP හි නීතීඥයින් රට පුරා විරෝධතා ව්‍යාපාර මාලාවක් සංවිධානය කරනු ඇති අතර මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ඇත.
III International Dilemmas of Humanity Conference – 2023 (මනුෂ්‍යත්වය පිළිබඳ III ජාත්‍යන්තර උභතෝකෝටික සමුළුව) ඔක්තෝබර් 14 සිට 18 දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා. ලොව පුරා සිටින දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් එක්වන මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අරුන් හේමචන්ද්‍ර […]
III International Dilemmas of Humanity Conference – 2023 (මනුෂ්‍යත්වය පිළිබඳ III ජාත්‍යන්තර උභතෝකෝටික සමුළුව) ඔක්තෝබර් 14 සිට 18 දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා. ලොව පුරා සිටින දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් එක්වන මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අරුන් හේමචන්ද්‍ර සහභාගී වී සිටී.
දකුණු අප්‍රිකාව, ජොහැන්නස්බර්ග්, හී දී රටවල් 70ක ට අධික සංඛ්‍යාවක සංවිධාන නියෝජනය කරමින් සාමාජිකයින් 500 ක්, මීට සහභාගී වේ. ධනේශ්වර ක්‍රමය විසින් ජනනය කරන ලද අර්බුදවලට මුහුණ දීම සඳහා ව්‍යාපාර, ආණ්ඩු සහ වැඩ කරන ජනතාව ගොඩනඟා ඇති, ගොඩනඟමින් සිටින සහ ගොඩනැගිය යුතු විසඳුම් පිළිබඳ විවාදයට සහ සාකච්ඡාවට ඉඩක් වීමට මෙම සම්මේලනය උත්සාහ කරයි.
පලස්තීන විප්ලවකාරිනී ලීලා කාලීඩ්, දකුණු අප්‍රිකානු පැල්පත්වාසීන්ගේ ව්‍යාපාරයේ S’bu Zikode, දකුණු අප්‍රිකාවේ Abahlali baseMjondolo, එක්සත් ජනපදයේ Socialism and Liberation පක්ෂයේ Claudia de la Cruz, ඝානාවේ සමාජවාදී ව්‍යාපාරයේ Kwesi Pratt Jnr. සහ බ්‍රසීලයේ ඉඩම් නොමැති ග්‍රාමීය කම්කරු ව්‍යාපාරයේ (MST) João Pedro Stedile මීට එක්ව සිටී.
දින පහක සමුළුව පැවැත්වෙන්නේ, විනී මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලා, ජෝ ස්ලෝවෝ වැනි දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී සටන්කරුවන් සහ රට තුළ පැවති පිළිකුල් සහගත වර්ණභේදවාදී සමය තුළ අපරාධවලට ලක් වූ සහ හිංසාවට ලක් වූ තවත් දහස් ගණනක් සිරගත කළ බන්ධනාගාරයක් ව තිබූ Constitution Hill හි දී ය. 1996 දී එවකට ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් දකුණු අප්‍රිකානු අලුත් ව්‍යවස්ථාව අත්සන් කරනු ලැබුවෙ ද මෙම Constitution Hill දීය.
ජාත්‍යන්තර මහජන සභාව සහ සමුළුවේ සම්බන්ධීකරණ කණ්ඩායමේ Stephanie Weatherbee Brito සමුළුවේ ඓතිහාසික ස්වභාවය අවධාරණය කළේ, “අපි රටවල් 70කට වැඩි සංඛ්‍යාවක සංවිධාන 120ක සාමාජිකයින් එකතු කර මහජන ආණ්ඩු ගොඩ නැගීම, නීත්‍යානුකූල සහ එය කළ හැකි ආකාරය ගැන කතා කරන්නෙමු. මෙම සම්මන්ත්‍රණය කම්කරු පන්ති ව්‍යාපාර විසින් ගොඩනගන ලද ක්‍රියාවලියක එක් පියවරකි. එය විවාදය පමණක් නොව සැමට ගෞරවාන්විතව ජීවත් විය හැකි අනාගතයක් ගොඩනැගීම වටා ක්‍රියා කිරීමට උත්සාහ කරයි” යනුවෙනි.
මෙම සමුළුවේ ‘ජනතාව සඳහා සෞඛ්‍යය’ මාතෘකා කරමින් පසුගිය (15) පැවැත්වූ සාකච්ඡාමය සම්මන්ත්‍රණයේ සංවාද මණ්ඩපය සඳහා Janneke Ronse (බෙල්ජියම), Ricardo Emmanuel Alvarez (Argentina), Samkeliso Phiri (දකුණු අප්‍රිකාව), Joanita Najjuka (Uganda) සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබෙනවා.
2023.10.16 දින පැවති මාධ්‍ය හමුව. ආණ්ඩුව සමාජය තුළ මතයක් තහවුරු කරමින් යනවා, ලබන වසරේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. තව අවුරුදු දෙකකට ඡන්දයක් නොඑන බව කියනවා. එවැනි මතයක් හදන්න උත්සාහ කරමින් යන්නේම ඒගොල්ලන්ට ඡන්ද නොමැති නිසාත් මැතිවරණයක් පැවැත්වුවහොත් එයාලා පරාජය වෙන බව දන්නා නිසයි. ඡන්දයක් නොමැති බව ප්‍රකාශ කරන්නේම පරාජයෙන් ගැලවීම සඳහා බව තහවුරුයි. රනිල් වික්‍රමසිංහ […]
2023.10.16 දින පැවති මාධ්‍ය හමුව.
ආණ්ඩුව සමාජය තුළ මතයක් තහවුරු කරමින් යනවා, ලබන වසරේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. තව අවුරුදු දෙකකට ඡන්දයක් නොඑන බව කියනවා. එවැනි මතයක් හදන්න උත්සාහ කරමින් යන්නේම ඒගොල්ලන්ට ඡන්ද නොමැති නිසාත් මැතිවරණයක් පැවැත්වුවහොත් එයාලා පරාජය වෙන බව දන්නා නිසයි. ඡන්දයක් නොමැති බව ප්‍රකාශ කරන්නේම පරාජයෙන් ගැලවීම සඳහා බව තහවුරුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනමතයට, ජනමතය ප්‍රකාශයට පත්වීමට බයවෙලා තිබෙනවා. ඒ නිසා ජනමතය ප්‍රකාශයට පත්වීමට තිබෙන සියලු ක්‍රම වළක්වන්න, නවත්වන්න උත්සාහ කරමින් ඉන්නවා.
පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිව යන්නේ ඇයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් මේ මොහොතේ තිබෙන ජන මතය ප්‍රකාශයට පත්වෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කැමැත්තේ ප්‍රමාණය දැනගන්න හැකි වෙනවා. ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන් විශිෂ්ට බලයක් හිමිවෙනවා. රනිල් වික්‍රමසිංහලා පරදිනවා. ඒ නිසා පළාත් පාලන ඡන්දය නොපවත්වමින් යනවා. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.
දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතක්. ඔන්ලයින් සිකියුරිටි පනත. මේ පනත ගේන්නෙත් ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීමටයි. අපේ රට තුළ පමණක් නොවෙයි මුළු ලෝකයේම ජන මතය සම්ප්‍රදායික මාධ්‍යවලට සීමා නොවී සමාජ මාධ්‍ය මගින් සිදුවෙනවා. ඒක ආණ්ඩුවට පාලනය කර ගැනීමට අපහසුයි. ඒක තුළ ආණ්ඩුවට එරෙහි මත, ආණ්ඩුවේ ඇත්ත හෙළිදරව් කරන මත, විපක්ෂ මත පළවෙන්න පටන් ගෙන තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් හැකිතරම් බොරු කිවුවා. වඳ කතා, වඳ දොස්තර මාධ්‍ය තුළින් නිර්මාණය කළා. පසුව ඒවා බොරු බවත් හෙළිදරව් වුණා. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවෙත් නැහැ. ජනතාව අතර වෛරය පැතිරෙව්වෙත් ප්‍රධාන මාධ්‍ය. සමාජ මාධ්‍ය මගින් මේවා ප්‍රශ්න කරනකොට, ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනකොට ඒක ආණ්ඩුවට අවාසි වෙනකොට, සමාජ මාධ්‍ය වළක්වන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ සමාජ මාධ්‍ය මගින් බොරු ප්‍රවෘත්ති පළ වෙනවා. වැරදි අදහස් සමාජගත වෙනවා තමයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ එය වළක්වන එක නොවෙයි. ඒක පිට දමා ආණ්ඩු විරෝධී මත වැළැක්වීමටයි උත්සාහ දරන්නේ.
පසුගිය කාලයේ වැටුප් ගෙවමින් ව්‍යාජ ගිණුම් විශාල ප්‍රමාණයක් හදලා, වැරදි මත සමාජගත කළේ ආණ්ඩුවේ කණ්ඩායම්. මහින්ද රාජපක්ෂලාගේ කණ්ඩායමක් මේ ව්‍යාජ ගිණුම් පාවිච්චි කර වැරදි මත සමාජ ගත කළා. දැනටත් කණ්ඩායමක් පඩි ලබමින් බොරු කියමින් යනවා. ඒගොල්ලෝ බයයි ඇත්ත මහජන මතය සමාජගත වෙනවා දකින්නට. ඒ නිසා ඔන්ලයින් සිකියුරිටි බිල් එක ගෙනැත් මහජන මත ප්‍රකාශ කරන එක වැළැක්වීමට උත්සාහ ගන්නවා.
ඒ වගේම අලුත් ත්‍රස්ත පනතක් ගේන්න හදමින් ඉන්නවා. එය ගේන්න උත්සාහ කරන්නෙත් ආණ්ඩු විරෝධය වළක්වන්නයි. මහජන මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහපාරේ උද්ඝෝෂණ බලකිරීම් මගින් ප්‍රකාශයට පත්වෙන එක වළක්වන්න තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරන්නේ. එම පනත ගෙනාවොත් ආණ්ඩුවට යමක් කරන්න හෝ නොකරන්න කියා බල කරන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්කරනවා. මේ ආණ්ඩුව ජනතාවට බය, මහජන මතයට බය ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. මහජනතාව දිනාගන්න ඒ අයට නොහැකියි. වසර 75ක මේ විනාශකාරී ආණ්ඩුවේ අත්දැකීම් ඇති ජනතාව දැන් මේ රට පාලනය කළ දේශපාලන බලවේග පැත්තකට දමා විකල්ප දේශපාලන ව්‍යාපාර එක්ක එකතුවීමට පටන්ගෙන තිබෙනවා. මේ නිසාම තමයි ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පවත්වන්නේ නැති බවට ප්‍රචාරයක් යවමින් තිබෙන්නේ. එයාලා කියන එකක් තමයි ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවට ව්‍යවස්ථාවකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බව. එවිට එම විධායක බලය පැවරෙනවා මේ පාර්ලිමේන්තුවට. විධායක ක්‍රමය අහෝසි කළ විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ. බලතල පාර්ලිමේන්තුවට පැවරීම තුළින් ඒ බලතල 2025 දක්වා පවතිනවා. ඒ නිසා තව අවුරුදු දෙකකට ඡන්ද නැති බව ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒක එහෙම සිදුවෙන්නේ නැති බව අපි හිතනවා.
විධායක ක්‍රමය අහෝසි කිරීමේ අරගලය සමාජයේ තිබෙන්නේ විධායක ක්‍රමය ආරම්භයත් සමගමයි. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියටත්, අපි හැමෝමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතියෙක් නිර්මාණය කරන විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පෙනී සිටියා. අපේ රටේ පාලනය කළ දේශපාලන පක්ෂත් ජනතාව රැවැට්ටීම සඳහා විධායක ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එකඟ වුණු අවස්ථා ඕනෑ තරම් තිබුණා. 1994දි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1995 ජුලි 15ට කලින් විධායක ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණා. නමුත් කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ පොරොන්දු වුණා. නමුත් කළේ නැහැ. මේ හැමෝම තමන් අතේ බලය නැති මොහොතේ විධායක ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වෙනවා. බලය ගත්තාට පස්සෙ අහෝසි කිරීම නොකර බලය වැඩිකර ගත්ත එක තමයි කළේ. 2001 පරිවාස ආණ්ඩුව කාලයේ අපි මැදිහත් වෙලා විධායක බලය අඩු කරන 17වැනි සංශෝධනය සම්මත කර ගත්තා. මහින්ද රාජපක්ෂ බලයට ආ ගමන් 18වැනි සංශෝධනය ගෙනත් නැවත විධායක ජනාධිපති බලය වැඩිකර ගත්තා. කලින් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණයට එක් පුද්ගලයෙකුට දෙවරක් පමණක් තිබූ අවස්ථාව 18 ගෙනැවිත් ඕනෑම කාලයක් ඉල්ලන්න අවස්ථාව හදාගත්තා. නැවත අපි 19 සංශෝධනය ගෙනැවිත් ජනාධිපති බලය කිසියම් ප්‍රමාණයකින් අඩුකර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ආවාට පසුව 20වැනි සංශෝධනය ගෙනත් ඒ බලතල ආපසු ගත්තා. මහින්ද රාජපක්ෂලා බලය ලැබුණු සෑම අවස්ථාවකම කටයුතු කර තිබෙන්නේ විධායක බලතල අහෝසි කිරීමට නොවෙයි, ඒ බලතල වැඩිකර ගැනීමටයි. එසේ කටයුතු කළ මහින්ද රාජපක්ෂලා මේ හදිසියේ මේ බලතල අහෝසි කිරීමට කටයුතු කරන්නේ ඇයි? ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා ඇප නැතිව පරදිනවා. ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙක් වත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණයට මුහුණ නොදී මගහැර යාමට අවශ්‍යවෙලා තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව ඡන්දය කල්දමන්න බැහැ. ඒ නිසා විධායක බලතල අහෝසි කර, පාර්ලිමේන්තුවට බලය පවරාගෙන පාර්ලිමේන්තුව මගින් පාලනය කරන එක තෝරා ගන්නා බව කියනවා. විධායක බලතල අහෝසි කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යාමට සිදුවෙනවා. ඒ ජනමත විචාරණයේදී අපි කාටත් සිදුවෙනවා ඒකට පක්ෂපාතී වෙන්න.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි එකඟයි. ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න සිදුවෙනවා. විධායක ක්‍රමයත් සමග ගැටගැසුණු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආවත්, විධායක බලතල පැවරෙන්නේ මේ පාර්ලිමේන්තුවට, මේ ඇමති මණ්ඩලයට, මේ අගමැතිවරයාට නම්, එයට මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව බහුතර ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට ජන වරමක් නැහැ. ජනතා විරෝධී ආණ්ඩුවක් මේ තිබෙන්නේ. එවන් පාර්ලිමේන්තුවකට විධායක ජනාධිපතිවරයාගේ බලතල පැවරීම කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. එය ජනතා කැමැත්තට විරුද්ධයි. අපි ආණ්ඩුවටත් ජනතාවටත් අවධාරණය කර කියනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සංශෝධනයක් ගෙන ආවොත් ඒ සංශෝධනය සම්මත වෙනකොටම මේ පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාවක්ද තිබෙන්න ඕනෑ. ඒ එක්කම මහජන ඡන්දයෙන් අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනැගෙන්න ඕනෑ. මේ මහජන ඡන්දයෙන් තේරී පත්වුණු ජනවරමක් සහිත පාර්ලිමේන්තුවට තමයි විධායක බලතල පැවරෙන්න ඕනෑකම තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව තේරී පත්වෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක. මේ පාර්ලිමේන්තුවට ඡන්දය දී තිබෙන්නේ විධායක බලතල සහිත පාර්ලිමේන්තුවකට නොවෙයි. විධායක බලතල මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා නම්, මේ පාර්ලිමේන්තුව ඒ අවබෝධය සහිතව ජනතාව පත්කරන පාර්ලිමේන්තුවක් විය යුතුයි.
රනිල් රාජපක්ෂලා ව්‍යවස්ථා ගැටයක් ගහලා, ජනාධිපතිවරණය නොපවත්වා, මේ දූෂිත, ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන තව අවුරුදු දෙකක් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම්, එය කිසිසේත් සිදු නොවන්නක්. මේ පාර්ලිමේන්තුව අහෝසි විය යුතුයි. එසේ සිදුනොවී ගෙන එන ජනමත විචාරණයකට අපි උදව් කරන්නේ නැහැ. එසේ වුවහොත් එය දිනන්නේ නැහැ. ආණ්ඩුවට සිදුවෙනවා ජනමත විචාරණය පැරදිලා ජනාධිපතිවරණයකට යන්න. නැතිනම් ආණ්ඩුවට සිදුවෙනවා මහ මැතිවරණයකට යාමට. ආණ්ඩුවට තෝරා ගැනීමට සිදුවෙන්නේ ක්‍රියාමාර්ග දෙකයි. එකක් ජනාධිපතිවරණය පැවැත්වීම, ජනාධිපතිවරණයක් නැත්නම් ලබන වසරේදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. එසේ නොවී මේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන යන ගමනකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. අපි ජනතාවට කියනවා, ලබන වසරේ ඡන්දයක් නැහැ කියලා ආණ්ඩුවේ ලොක්කෝ කියාගෙන යන මතයට රැවටෙන්න එපා. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් එනවා. නියමිත ලෙස ජනාධිපතිවරණය එනවා. යම්කිසි ලෙසකින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ යුතුයි. ජනමත විචාරණය ජයග්‍රහණය කළ යුත්තේ මහ මැතිවරණයක් පැවැත්වීමේ කොන්දේසිය සහිත ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමෙන්. මහ මැතිවරණයකට යාමෙන් මහජනතාවට හැකියාව ලැබෙනවා තමන් කැමති ආණ්ඩුවක් හදාගන්න. ඒ ආණ්ඩුවට විධායක බලතල පැවරුණු ආණ්ඩුවක් හදාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ ආණ්ඩුවට පුළුවන් රට වෙනස් කරමින් ඉස්සරහට යන්න.
අපි පාලකයන්ට කියනවා ජනවරම සමග සෙල්ලම් කරන්න එපා. පළාත් පාලන ඡන්දය කල්දැම්මා, පළාත් සභා පවත්වන්නේ නැතිව ඉන්නවා. ඒ විදිහට මේ ඡන්දත් කල්දැමිය හැකියි කියා ජනතාවට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බැහැ. පළාත් පාලන ඡන්ද පවත්වන්නේ නැතිව ඒ ආයතන පවත්වාගෙන යාමේ හැකියාව සහිත ප්‍රතිපාදන ඒ ව්‍යවස්ථාවල තිබෙනවා. ඒ, විශේෂ කොමසාරිස්වරුන් පත්කර ගැනීමෙන්. පළාත් සභා ඡන්ද තියන්නේ නැතිව පළාත් සභා පවත්වාගෙන යාමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවට එහෙම එකක් නැහැ. ජනාධිපතිට එහෙම එකක් නැහැ. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු ඡන්දය පවත්වන්නම ඕනෑ. ඒ අයට කළ හැකි එකම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් මගහැර යන එක. ඒක කළ හැක්කේ ජනතාවගේ කැමැත්ත සහිතව. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දය පවත්වන්න සිදුවෙනවා. මේ ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ තව මාස දහයක කාලයක් පමණයි. ජනාධිපතිවරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් අපි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය තුළින් අපි මේ පාර්ලිමේන්තුව තියා ගන්නේ නැහැ. ඡන්දයක් තියනවා. දේශපාලන කුමන්ත්‍රණ මගින් අනීතික, ජනතා විරෝධී පාලන බලය රැකගන්න හැකියාවක් නැහැ. අපි ජනතාවට කියනවා පාලකයෝ පතුරන මතවලට කලබල වෙන්න එපා. ඔබ උනන්දුවෙන් වැඩකරගෙන යන්න. ඔබ සංවිධානය වෙන්න. මේ දුෂ්ට පාලනය අවසන් කරන වසර ලබන වසර වන බවට අපි ඔබට සහතික වෙනවා.
සිවිල් වැසියන්ගේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතුයි.
අමතර කරුණක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමක් තිබෙනවා. මේ පිළිබඳව සමාජයේ විවිධ අදහස්, මත ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අපි මෙහි දකින ප්‍රධානම දේ තමයි මේ ගැටුම නිසා දෙරටේම නිරායුධ, අහිංසක පුරවැසියන්, ළමුන්, කාන්තාවන් විශාල ප්‍රමාණයක් දුෂ්කරතාවයට පත්වී තිබෙනවා. මේ වන විටත් දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වී තිබෙනවා. දෙමාපියන් අහිමිව ළමුන් අතරමං වී, අවතැන් වී සිටිනවා. කාන්තාවන්ට විශාල ලෙස ප්‍රශ්න මතුවී තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාවට උන්හිටිතැන් අහිමි වී තමන්ගේ ගම්බිම් අතහැර යාමට සිදුවී තිබෙනවා. මේක මානව ඛේදවාචකයක්. අපි ඉල්ලා සිටිනවා මේ දෙපැත්තෙන්ම කරන ඝාතන නතර කළ යුතුයි. දෙපැත්තේම නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් කරන ඝාතන, වැළැක්විය යුතුයි. මේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතුව තිබෙනවා. මේ අවස්ථාවේ කවුද හරි හෝ වැරදි කියා තේරීම නොවෙයි කළ යුත්තේ. මෙහි මානව ඛේදවාචකයක් තිබෙනවා. ළමා පරපුරක් අසරණ වී තිබෙනවා. ඒ නිසා ගැටුම් නවත්වන්න. නිරායුධ සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගත් ප්‍රහාර නතර කළ යුතුයි කියා අපි විශ්වාස කරනවා.
මේ ගැටුමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1947න් පසුව මේ ප්‍රශ්නය ආරම්භය සිදුවෙන්නේ. එහි විශාල ප්‍රමාණයේ ගැටලු තිබුණත් මේ අවස්ථාව එය කතා කිරීම නොවෙයි කළ යුත්තේ. මේ ගැටුම් ආරම්භ වූ අවධියේ එක්සත් ජාතීන් මැදිහත් වීමෙන් යෝජනාවක් සම්මත කොට සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මේකට රාජ්‍ය සංකල්පය යනුවෙන් හඳුන්වනවා. “රටවල් දෙකම රටවල් දෙකක් සේ පිළිගන්න” යන සංකල්පය. එක්සත් ජාතීන්ගේ සැලැස්මට අනුව නිදහස් පලස්තීනයකුත් නිදහස් ඊශ්‍රායලයකුත් පිළිඅරගෙන තිබෙනවා. එම රටවල් දෙක ස්ථාවර බවට පත්කිරීම තමයි එක්සත් ජාතීන්ගේ අරමුණ බවට පත්වුණේ. මේතෙක් එක්සත් ජාතීන්ගේ එම සැලැස්මට අනුව වැඩ කෙරිලා නැහැ. එය බලාත්මක කිරීමට අසමත් වෙලා තිබෙනවා. මේ ගැටලුවේ ප්‍රධානම හේතුව ඒක. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක් ගෙන ආ යෝජනාවක් බලාත්මක කර ගැනීමට නොහැකි වීමම, මේ ඛේදවාචකයට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒක බලාත්මක කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම නිසා. ඒ අය තමන්ගේ අධිරාජ්‍යවාදී අරමුණු වෙනුවෙන් මේ කලාපය තුළ බල තුලනය හදා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා දැනුත් මේ ගැටලුවට තිබෙන විසඳුම තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේදීම සම්මත කර ගත් ද්විරාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැගීම. ස්වාධීන නිදහස් ඊශ්‍රායලයකුත් ස්වාධීන නිදහස් පලස්තීනයකුත් පිළිගැනීමෙන් තමයි. එම ප්‍රතිපත්තිය මත කටයුතු කිරීමෙන් මේ ගැටුම් නිරාකරණය කරගනිමින් රටවල් දෙකටම පවතින්නට හැකියාව ඇතිවේවි. ලෝක බලවතුන්ගේ වගකීම වන්නේත් එක්සත් ජාතීන්ගේ යෝජනාව අනුව කටයුතු කිරීම. අපි නැවතත් ලෝක ප්‍රජාවගෙන් සහ සියල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා, සිවිල් පුරවැසියන් ඝාතනය වෙන, ළමුන්, කාන්තාවන් පීඩාවට පත්වෙන, ළමුන් අනාථයන් බවට පත්වෙන මේ ගැටුම් නතර කරන්න.
“වැඩිවන ආර්ථික පීඩනය හේතුවෙන් පවුල හා වැඩබිම තුළ සමාජ සම්බන්ධතා බිඳවැටෙමින් යනවා” -ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-
අද පවතින සමාජ අර්බුදය ගැන කතාකරන විට බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය වෙන්නේ පවතින අර්බුදයත් එයට ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳවයි. ඒ හා සමානම ඉතාම බලවත් ලෙස අපේ ආර්ථිකයට සම්බන්ධවම සමාජයේ කඩා වැටීමකුත්, සමාජය අනාරක්ෂිත වීමකුත් අපට දකින්න ලැබෙනවා. මේකේ විශේෂයෙන්ම අපි මතු කළ යුත්තේ කාන්තාවන්ට, දරුවන්ට එරෙහිව වර්ධනය වෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වයයි. එන්න එන්න වැඩිවන ආර්ථික පීඩනය නිසා පවුල තුළත්, වැඩකරන ස්ථාන තුළත් රැකගත යුතු සමාජ සම්බන්ධතා සියල්ලටම පීඩනය එල්ල වෙමින් තිබෙන බව අපි දකිනවා. මේ තුළ සමාජ සම්බන්ධතා කඩා වැටීමෙන් සම්ප්‍රදායිකව තිබිය යුතු බැඳීම් සියල්ලම දුර්වල වෙමින් යනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජය තුළ දුර්වල යැයි හැඳින්වෙන බලය අඩු කණ්ඩායම්වලට ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. එය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට, දරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා.
ආර්ථික අර්බුදය සමාජයේ සියලුම අංශවලට බලපාන්න පටන්ගෙන තිබෙනවා. සියලුම කොටස් විනාශ කරමින් යන බවක් පේනවා. ඒ පිළිබඳ කිසියම් හෝ සංවේදී බවක්, අනුකම්පාවක් තැකීමක් මේ පවතින ආණ්ඩුවට නැහැ. ඒවා දරාගන්න සිදුවී තිබෙන්නේ පවුල් හැටියට, පුද්ගලයන් හැටියට පමණයි. අර්බුදයට පත්වුණු සමාජය විසින්ම මේවාට විසඳුම් සොයන්න බලකෙරෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආයතන වන පොලීසිය, ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස දෙපාර්තමේන්තුව, කාන්තා අමාත්‍යාංශය මේ කවර හෝ ආයතනයක් විය හැකියි. මේ ආයතනත් දැඩි පීඩනයකට ලක්වී තිබෙනවා. මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට අවශ්‍ය සම්පත්, තාක්ෂණික සම්පත්, මානව සම්පත් අහිමි වී මෙම ආයතන එන්න එන්න දුර්වල වී තිබෙනවා. මේවා හදිසියේ ඇති වූ ඒවා නොවෙයි. කාලයක් තිස්සේ සමාජ ආරක්ෂණ පද්ධතියත් විනාශ කළ පාලකයන්ගේ නොහැකියාව නිසා අද මේවා බරපතළ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. පසුගිය සතියේ ජාතික ජන බලවේගය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එකතුවක් හමුවුණා. ඔවුන් අපේ අවධානයට ප්‍රශ්න රාශියක් යොමු කළා. විශ්‍රාමික පිරිසක් එක්ක සාකච්ඡාවක් කළා. 1997 සිට ඔවුන්ගේ පවතින ප්‍රශ්න නිසා ඉතාමත් අසරණ වී සිටිනනවා. කිසිසේත්ම වැඩිනොවෙන විශ්‍රාම වැටුප සහ ලැබිය යුතු වැටුප නිසි කලට නොලැබීම නිසා මතුවූ ප්‍රශ්නවලින් ඔවුන් විශාල පීඩාවට පත්වෙලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල ලෙස සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. බෙහෙත් හිඟවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමත් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න බරපතළ වී තිබෙනවා.
ඔවුන් ගෙන තිබෙන ණයවල පොලී වැඩිවීමත් තවත් අර්බුදයක් ඇතිකොට තිබෙනවා. මේ අය දරුවන්ට බරක් නොවී ජීවත් විය හැකිව තිබෙන පිරිසක්. නමුත් අද මේ අයගේ බරත් දරුවන්ටම දරන්න සිදුවී තිබෙනවා. ඒ තුළිනුත් පවුල් තුළත් තව තවත් ප්‍රශ්න මතු වී තිබෙනවා. ආණ්ඩුව ඉදිරියේදී ඉදිරිපත් කරන අයවැය තුළිනුත් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේවි යැයි අපට විශ්වාස කළ නොහැකියි. අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ප්‍රශ්නවලටත් පිළිතුරු සෙවිය යුතුය කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා.