Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජාතික ජන බලවේගයේ කැස්බෑව ආසන සමුළුව

රට ගොඩනැඟීමේ සැබෑ වුවමනාවක් තිබෙන පිරිස් ජාතික ජන බලවේගය වටා එක් වෙමින් සිටිනවා මේ වන විට බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහට මේ රටේ ස්වදේශික දරුවන් පෙනෙන්නේ ප්‍රභාකරන්ලා හැටියට. රට මේ තත්ත්වයට ඇදලා දාලා. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කුස ඉදිරියට නෙරා තිබීම රනිල් වික්‍රමසිංහලාට පෙනෙන්නේ බෝම්බ බැඳගෙන ඉඳීමක් හැටියටයි. රනිල් වික්‍රමසිංහලාට ඕනෑ පෘතුගීසීන් මේ රටට එන විට සිටි […]

රට ගොඩනැඟීමේ සැබෑ වුවමනාවක් තිබෙන පිරිස් ජාතික ජන බලවේගය වටා එක් වෙමින් සිටිනවා

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ලක්ෂ්මන් නිපුණ ආරච්චි

මේ වන විට බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහට මේ රටේ ස්වදේශික දරුවන් පෙනෙන්නේ ප්‍රභාකරන්ලා හැටියට. රට මේ තත්ත්වයට ඇදලා දාලා. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කුස ඉදිරියට නෙරා තිබීම රනිල් වික්‍රමසිංහලාට පෙනෙන්නේ බෝම්බ බැඳගෙන ඉඳීමක් හැටියටයි. රනිල් වික්‍රමසිංහලාට ඕනෑ පෘතුගීසීන් මේ රටට එන විට සිටි යටත් වැසියන් වාගේ අය. රටේ වැසියන් පුරවැසියන් බවට පත් වෙනවාට රනිල් වික්‍රමසිංහලා කැමැති නැහැ. එදා සුද්දා ලංකාවට ඇවිත් සම්මත කර ගත් අණපනත්වලින් රනිල් වික්‍රමසිංහලාත්, රාජපක්‍ෂලාත් හැංගෙන්නේ ඒ නිසයි. නමුත්, දැන් ඉන්නේ ජාතික ජන බලවේගයේ මැදිහත්වීමෙන් යටත් වැසියන් පුරවැසියන් බවට පත් කළ ජනතාවක්. සිව් මහා බඹුන් විවරණ දුන් රාජපක්‍ෂලා රට හදයි කියලා එක කාලයක් බලාගෙන හිටියා. නමුත්, අවුරුදු හැත්තෑහතරක පාලනය තුළ රනිල් වික්‍රමසිංහලා, රාජපක්‍ෂලා අවසාන වශයෙන් ජනතාව ගෙනැවිත් තිබෙන්නේ යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බලගන්වන තීරණාත්මක යුගයකටයි.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජනතාව පීඩාවට පත් වන එක නතර කර හොරකම්, වංචා, දූෂණ නවත්වා, අලුතෙන් සිතන ජනතාවක් රට ගොඩනඟන්න එකතු වෙනවා. මේ රටේ ජනතාව රට ගොඩනඟමින්, ඉදිරියට යාම කාටවත් වළක්වන්න බැහැ. දැනට ඉතිරි වී තිබෙන්නේ ඉතාම අඩුම කොටසක් බව සමහර අය කියනවා. නමුත්, ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින්නේ, ඕනෑම අභියෝගයක් භාරගෙන රට ගොඩනැඟීමට හැකි පිරිසක්. විවිධ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ස්වේච්ඡා සේවකයන් ඇත්ත කම්පනයකින් තව දුරටත් අප වටා එකතු වෙමින් සිටිනවා. අප ගොඩනඟන්නේ මහරජාලා නොවෙයි. රට ගොඩනැඟීමේ සැබෑ වුවමනාව වෙනුවෙන් කලාකරුවන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි කිසිදු භේදයක් නැතිව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටිනවා.

මේ රට ගොඩනඟා දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වෙමු

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා, ව්‍රායි කැලී බල්තසාර්


අපි හැමෝම ඉන්නේ හරිම විඩාපත් වෙලා; මහන්සියට පත් වෙලා. මේ වැසි තත්වයත් නොසලකා කැස්බෑව ආසන සමුළුවට පැමිණ සිටින විශාල ජනතාව මේ රටට දෙන පණිවුඩයක් තිබෙනවා. ඒ තමයි ඕනෑම අභියෝගයක් හමුවේ ඉදිරියට යන ජනතාවක් ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් සිටින බව. මේ සමුළුවට කාන්තාවන් විශාල පිරිසක් පැමිණ සිටීම සතුටට කාරණයක්. ආර්ථික කඩාවැටීම් හමුවේ අපේ පවුල්වල ආහාර රටාව සියයට හැත්තෑවකින් වෙනස් වී ඇති බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙනවා.

දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය වාගේම වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්නත් නොහැකි වෙලා. ලබා ගන්නා ආහාරවලින් නිසි පෝෂණයක් ලැබෙන්නෙත් නැහැ. ආහාර වේල් ගණන කපාහරිමින් තිබෙනවා. මන්දපෝෂණය ගැන නොයෙක් සංඛ්‍යා දත්ත එළිදැක්වෙමින් තිබෙනවා. ගැබිණි මවුවරුන්ගේ මන්දපෝෂණ තත්වය වේගයෙන් වැඩි වන බව අපි හැමෝටම පැහැදිලියි. ටික කාලයක් අපි හිතාගෙන සිටියේ මේ සියල්ල සිද්ධ වෙන්නේ අපේ කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කියලා. අපේ හිත හදාගන්න විවිධ දේවල් අපි යොදා ගත්තා. නමුත්, දැන් අපට පැහැදිලි වී තිබෙනවා මේ ඛේදවාචකය සිදු වී තිබෙන්නේ, අවුරුදු හැත්තෑහතරක් රට පාලනය කළ දේශපාලනඥයන් නිසා බව. මේ තත්ත්වය දරා ගන්න බැරිව පාරට බහින අම්මලා, තාත්තලා ගැන රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙනම කතාවක්. දරුවන් අරගෙන පාරට බහින දෙමාපියන් ත්‍රස්තවාදීන් බව රනිල් වික්‍රමසිංහ කියනවා.

දේශපාලනය කියන්නේ, අපෙන් වෙන් කර තිබෙන දෙයක් නොවෙයි. අපේ ජීවිතය දේශපාලනිකයි. අපි කන කෑමබීම, අපේ ගෙවල්වල ජීවත් වන විදිය, බස් එකක සීට් එකක් අහිමි වීම, රස්සාවල් නැති වීම වාගේම අපේ පාරවල්වල ලයිට් නැති වීම යන හැම දෙයක්ම දේශපාලනිකයි. අපේ ජීවිත දේශපාලනිකයි කියලා තේරුම් ගත් දෙමාපියන් පවුල් පිටින් උද්ඝෝෂණවලට පාරවල්වලට බහිනවා. දේශපාලනය තියෙන්නේ දේශපාලනඥයන්ට විතරක් නොවෙයි. මගේ දරුවන් මේ වාගේ දේශපාලන කටයුතුවලට ගේන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනෑ. මම විශේෂයෙන්ම කාන්තාවන්ට කියන්නේ, දේශපාලනය එපා කරපු දෙයක් නොවෙයි කියලා. බහුතරයක් ඡන්දදායකයන් කාන්තාවන් බව අපි කවුරුත් දන්නවා. ඡන්දය පාවිච්චි කරන අයගෙන් 56% කාන්තාවන්. බලයට පත් වන ආණ්ඩු දරුවන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහණය සම්බන්ධයෙන් විවිධ තීරණ ගත්තත්, අපට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ජාතික ආරක්‍ෂාවට අය-වැයෙන් 15% වෙන් කළත්, අපට කිසිම ආරක්‍ෂාවක් ලැබෙන්නේ නැහැ.
දරුවන් හැටියට, කාන්තාවන් හැටියට ඔය කියන ජාතික ආරක්‍ෂාවෙන් අපට ලැබෙන්නේ මොනවාද? අධ්‍යාපනයට වෙන් කරන්නේ අය-වැයෙන් 3%ටත් අඩුවෙන්. මේ හැම දේකම තිබෙන ප්‍රශ්න අපට තේරෙනවා. එහෙනම්, විසඳුම මොකක්ද? විසැඳුම තියෙන්නේ අපේ අතේමයි. මීට වඩා නිදහස්, ආදරණීය ජීවිතයක් ගොඩනඟා ගන්න අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ. අපි සක්‍රිය වෙන්න ඕනෑ. ආත්මාර්ථකාමී පුද්ගලයන් බිහි කරන මේ සිස්ටම් එක වෙනුවට ජාතික ජන බලවේගයේ අපි හැමෝම සාමුහිකව එකතු වී, මේ රට ගොඩනඟා දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වෙමු කියලා ආරාධනා කරනවා. අපි තමයි, මේ රට භාර ගන්න ඕනෑ.

ප්‍රචණ්ඩත්වයට අත වනන්නේ රනිල්.. ඡන්ද සිතියම අකුළන්න අපි ඉඩ දෙන්නේ නැහැ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

අපේ රටේ දීර්ඝ කාලයක් විවිධාකාරයේ දේශපාලන වෙනස්කම් සිදු කිරීමට ජනතාව මැදිහත් වුණේ යහපත් බලාපොරොත්තුවලින්. අපේ ප්‍රශ්න විසඳාගන්න ආණ්ඩුවක් පිහිටුවා ගත් බවට සතුටු වුණා. නමුත්, කෙටි කාලයකින්ම අපේක්‍ෂා භංගත්වයට පත් වුණා. මෙහෙම වුණේ ඇයි? ජනතාවගේ අපේක්‍ෂා සහ බලාපොරොත්තුවලට වඩා වෙනස් අපේක්‍ෂාවන් පාලකයන්ට තිබුණු නිසයි. ජනතාව නැවත නැවත රැවටීමට පත් වුණේ මේ තත්ත්වය යටතේ.
රැවටීමට ලක්වුණු මේ තත්ත්වය තීරණාත්මක ලෙස අපි වෙනස් කළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙන්නේ ඒ කාර්ය අනිවාර්යයෙන්ම ඉටු කිරීමේ අරමුණින්. ලංකාව දුප්පත් රටක් හැටියට අනුමත කරන්න කැබිනට් පත්‍රිකා දානවා. දරුවන් පාසල් යන සංඛ්‍යාව අඩුවී තිබෙනවා. පාසල් දරුවන් ක්ලාන්තයෙන් ඇදවැටෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ. රෝගීන් මිය යනවා. කර්මාන්ත කඩාවැටෙනවා. මේ වාගේ දුක්ඛ දෝමනස්සයන් තවත් රටට අවශ්‍යයිද? අපත්, අපේ දරුවනුත් මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වී අවසන්.  මේ තත්ත්වය වෙනස් කිරීමට බල කෙරෙන අත්දැකීම් ඕනෑ තරම් අපට තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිට රට දාලා යන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්‍ෂට අරලියගහ මන්දිරයෙන් හොර රහසේ ගිහින්, නාවික හමුදා කඳවුරක ඉන්න සිදු වුණා. බැසිල් රාජපක්‍ෂට රට යන්න ෆ්ලයිට් එකක් හොයා ගන්න බැරි වුණා. මහා ගල් පර්වතයක් වාගේ තිබෙන බව කියූ කඳවුර අපේ ඇස් ඉදිරිපිට බිඳවැටී තිබෙනවා. එහෙම නම්, බලය තිබෙන්නේ ජනතාව හමුවේ බව පැහැදිලියි. නමුත්, මේ ජනතාව නිවැරැදි ලෙස සංවිධානය වී නැහැ. ජාතික ජන බලවේගය කොට්ඨාස සභා පිහිටුවන්නේ ඒ ජනතාව සංවිධානය කරමින්. කොට්ඨාස සභාවලට ප්‍රධාන කරුණු තුනක් පැවරී තිබෙනවා. නැවතත් ජනතා නැඟිටීමක දී, එය ජාතික ජන බලවේගය යටතේ සිදු විය යුතුයි. නැත්නම්, ජනතා නැඟිටීම අපතේ යනවා. ඒ වාගේම ගම් මට්ටමින් ජනතාව සංවිධානය කිරීමේ වගකීම අපි මත පැවරී තිබෙනවා. රට බංකොළොත් වී තිබෙන තත්වය හමුවේ ජනතාව රැකගැනීමත් ඒ අතර තිබෙන මූලික කාර්යයක්. රටේ නිෂ්පාදනය කඩාවැටී, උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. රැකියා අහිමි වෙමින් තිබෙනවා. මාසික වැටුප් ලබන ජනතාවට ගත් ණය ගෙවා ගන්න බැහැ. මේ පීඩනයට එරෙහිව ජනතාව නැඟිටිනවා. එවැනි නැඟිටීමක් ප්‍රචණ්ඩකාරීත්වයට තල්ලු කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා ඉතා හොඳින් සංවිධානාත්මකව නැඟීසිටින ජන කණ්ඩායම්වලට අපේ කොට්ඨාස සභාව නායකත්වය ලබාදීම කළ යුතුයි. සතුරාට වාසිසහගත කිසිම දෙයක් නොකරන ආකාරයට සංවිධානාත්මක නායකත්වය දෙන්න කොට්ඨාස සභාව ක්‍රියා කළ යුතුයි.

ජාතික ජන බලවේගය බලය ලබාගැනීම සඳහා ඡන්දවලට සූදානම් වෙනවා. නමුත්, ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නොයෙක් උපක්‍රම යොදමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නවත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහට මැතිවරණයකින් අත්පත් කර ගන්නා පරාජය හමුවේ තව දුරටත් ජනාධිපති පුටුවේ ඉන්න බැහැ. ඒ වාගේම ඡන්දයෙන් පත් කර ගත් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව විසින් පලවාහැරියා. එහෙම නම්, වර්තමාන ආණ්ඩුවටත් ජනවරමක් නැහැ. නමුත්, ඔවුන් ඡන්දයකට යන්නෙත් නැහැ. ඡන්දයකට ගියොත්, ඔවුනට ලැබුණු ලක්‍ෂ හැටනවයක ජනවරම දැන් තිබෙන්නේ කොතැනද කියලා පැහැදිලි වෙනවා. රනිල්ටත්, රාජපක්‍ෂලාටත් එකට එකතු වී ඡන්දයකට යන්න බැහැ. ගම් මට්ටමේදී මේ දෙගොල්ලෝ එකතු කරන්න බැහැ. මේ වාගේ තත්ත්වයක් තුළ ඡන්ද කල් දාන්න දෙගොල්ලොම කැමැතියි.

බලයක් නැති ආණ්ඩුව ඡන්ද කල් දාන්න නොයෙක් අටමගල් අටවමින් සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවලට විශේෂ වගකීමක් අරගෙන සටනට සූදානම් වෙනවා වාගේම ඡන්දයට සූදානම් වෙන්නත් ඕනෑ. නමුත්, මේ රට ගොඩනඟන්න එකිනෙකා හඹා ගොස් පරාජය කිරීමේ මනෝභාවය වෙනුවට රට ගොඩනැඟීමේ සාමුහික හැඟීමකින් එකතු වෙන්න ඕනෑ. අනෙකාගේ වේදනාව මගේ වේදනාව බවට පත් වෙන්නේ කොහොමද කියන සාමුහික හැඟීමක් අපට අවශ්‍යයි. එසේ නැතිව උඩින් ආණ්ඩුවක් අටවා ගත් පමණින් රටක් හදන්න බැහැ. සමාජයේ පරිවර්තනයක් අවශ්‍යයි.

රටකට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් මේ රටට අත් කර දී අවසන්. රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලයට ගිහින් කියලා තිබුණේ, එදා ටැංකි ටික විකිණුවා නම්, අද තෙල් තියෙනවා කියලා. අපේ රටට තෙල් නැති වුණේ, ටැංකි නිසා නොවෙයි, ඩොලර් නැති නිසා. අයි.ඕ.සී. සමාගමට ටැංකි අටක් දීලා තියෙන්නේ. ඒ ටැංකි අට පුරවලා තිබුණෙත් නැහැ. අවශ්‍ය වී තිබෙන්නේ මේ රට ගොඩනැඟීම සඳහා නව ආර්ථික සැලැස්මක්, දේශපාලන පරිවර්තනයක් සහ ඒ වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ සූදානමක්. ගල් අඟුරු ගෙන්වීමෙන් ඩොලර් මිලියන පන්සියයකට වඩා අහිමිවී ඇති බව විගණකාධිපති වාර්තාවෙන් හෙළිවී තිබෙනවා. පොහොර ගෙන්වීමේදී ඩොලර් මිලියන අටක් අහිමිවී ඇති බවත්, තෙල් ගෙන්වීම, පොහොර ගෙන්වීම, සීනි ගෙන්වීම වාගේ සියලු ක්‍ෂේත්‍රවල සිදු කර තිබෙන මූල්‍ය අපරාධ ගැන විගණකාධිපති වාර්තාවලින් හෙළි වෙනවා. මේවාට වගකිව යුත්තන් එක්ක රටක් හදන්න බැහැ.

ගීතයක් රසවිඳින, පොතක් පතක් කියවන, චිත්‍රපටියක් බලන, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන හිතන සාමුහික සංස්කෘතියක් ගොඩනැඟිය යුතුයි. එවැනි ජනතාවක් සහිත කොට්ඨාස සභාවක මූලික කාර්යභාරයන් තුනක් තිබෙනවා. ජනතාවගේ නැඟිටීමට නායකත්වය දීම. එළැඹෙන ඡන්දයේදී කොට්ඨාසය ජයග්‍රහණය කරවීම සහ කොට්ඨාසය තුළ ජනතාවගේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා සිදු කරන සාකච්ඡාවක් ගෙන යාම ඒ කාර්යභාරයන් තුනයි. මේ කටයුතු සාර්ථක ලෙස කළහොත්, අපට ජයග්‍රහණය ලබන්න පුළුවන්.

අපි කිසි කෙනෙක් ආණ්ඩු ගන්නේ කාලය ගෙවන්න නොවෙයි. රට හදන්න. මේ ගොල්ලෝ එකිනෙකා ආරක්‍ෂා කරමින්, දූෂිතයන් රකිනවා. නමුත් අපි මේ දූෂිතයන්ට දඬුවම්දී, ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු අය කර ගන්නවා. රාජ්‍ය ආයතන විශාල පාඩුවක් සහිතව පැවැතීම රජයට බරක් බවට අද විශාල සාකච්ඡාවක් තිබෙනවා. ඒ ආයතනවලට දේශපාලන පත්වීම් මත සේවකයන් පුරවා, රාජ්‍ය ආයතන කඩාවැට්ටුවා. ආර්ථිකයේ නව අවස්ථා නිර්මාණය කර නව ව්‍යවසායකයන් හඳුන්වාදී, රැකියා උත්පාදනය කරනවා වෙනුවට ඡන්දය බලාගෙන රාජ්‍ය ආයතනවල රස්සා ලබා දුන්නා. නමුත්, ජාතික ජන බලවේගය පුරප්පාඩු නැති කිසිම ආයතනයකට රැකියා ලබා දෙන්නේ නැහැ. සංචාරක ක්‍ෂේත්‍රය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්‍ෂේත්‍රය, නාවික ක්‍ෂේත්‍රය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් ආර්ථිකයේ ප්‍රමුඛතම අංශ හැටියට සංවර්ධනය කරනවා. අපේ පාලනයක් යටතේ රැකියා ලබා දෙන්නේ මේ විදියට ආර්ථිකය ප්‍රසාරණය කිරීමෙන්.

මේ දක්වා පාලකයන් කළේ රට පස්සට ගෙන යන ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමයි. අපි රට ඉදිරියට ගෙන යන ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කරනවා. අලුත් තරුණ පරම්පරාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම අපේ මූලික කාර්යභාරයක්. වර්තමාන තරුණයන් උදේ අටේ සිට සවස පහ දක්වා රැකියා කරනවාට වඩා නිදහස් අවස්ථා ගැන සිතනවා. ඒ අය වෙනුවෙන් දිරිගැන්වීම් සහිත සංයුක්ත, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් අපි ගොඩනඟනවා. සුද්දා ගිහින් අවුරුදු හැත්තෑහතරකට වැඩි වුණත්, තාමත් ගෙන යන්නේ සුද්දා හඳුන්වා දුන් රාජ්‍ය සේවයයි. නමුත්, එය කාර්යක්‍ෂම ජනතා සේවයක් බවට අපි පරිවර්තනය කරනවා.



අධ්‍යාපනය ලබන තරුණ දරු දැරියන් රැකියාවක නිරත වන එක අද ලෝකයේ සිදුවෙන දෙයක්. නමුත්, අපේ රටේ තිබෙන්නේ පොළොන්නරුවේ ඉගෙන ගන්නා දරුවා රස්සාවක් වෙනුවෙන් කොළඹ දිහා බලාගෙන සිටීමයි. නමුත්, නව නිපැයුම් ආර්ථිකයක් මඟින් ඒ දරු දැරියන්ට පොළොන්නරුව ප්‍රදේශය තුළම රැකී රක්‍ෂා ලබාදිය යුතුයි. ආර්ථික වර්ධනයත්, ආර්ථික සංවර්ධනයත් ඇති වෙන්නේ මේ ආකාරයට නව ආර්ථික අවස්ථා නිර්මාණය කරමින්, ලෝකයේ නව වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමෙන් පමණයි.

මේ රට ගොඩනැඟිය හැකි අදූෂිත, අවංකභාවයෙන් යුක්ත කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. ආර්ථිකය ගොඩනැංවීමේ කාර්යය වෙනුවෙන් අපි ආර්ථික කවුන්සිලයක් පිහිටුවා තිබෙනවා. මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ජනක් කුමාරසිංහ, ආචාර්ය ශාන්ත ජයරත්න, මහාචාර්ය දයානන්ද සහ අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ කවුන්සිලයේ ක්‍රියා කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ක්‍ෂේත්‍රය චතුරංග අබේසිංහ සහෝදරයාගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙනවා. අපේ ආරක්‍ෂක කවුන්සිලය ගැන සමහර අය අහනවා. හිටපු ජෙනරල්ලාගෙන් සමන්විත ආරක්‍ෂක කවුන්සිලයක් අපි මේ තිස්වැනිදා පිහිටුවනවා. ඒ වාගේම විදේශ සබඳතාවන් ගැනත් අපි මූලිකවම අවධානය යොමු කර තිබෙනවා. ලෝකයේ අප ගැන අද තියෙන්නේ, ඉතාමත් කැත ප්‍රතිරූපයක්. අපට අහිමි වී තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉතා ශක්තිමත් ලෙස ලෝකය ඉදිරියේ බබළවන විදේශ ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරනවා.

ප්‍රසන්න රණතුංග ගැන අන්තර්ජාලයේ හොයල බැලුවොත් එන්නේ අධිකරණයෙන් කෝටි දෙකහමාරක දඩයක් ගහපු කප්පම්කාරයෙක් කියලා. චොකා මල්ලි ගැන හෙව්වොත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුන කෙනෙක්. මහින්ද රාජපක්‍ෂගේ නම අන්තර්ජාලයේ ගහපුවාම ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් පතෙන් හෙළි කළ චීන සමාගමකින්
පගා ගත්තා කියන තොරතුර එළියට එනවා. නාමල්ගේ නම ගහපුවාම ‘ක්‍රිස් ගනුදෙනුව’ ගැන ඕස්ටේ්‍රලියාවේ මාධ්‍යවේදීන් හෙළි කළ අල්ලස් දීම් ගැන තොරතුරු වැළක් එළියට එනවා. ලෝකය ඉස්සරහා රටේ නම කළු කළ මේ අයට රට ගොඩනඟන්න බැහැ. මානව හිමිකම්, නීතිය, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, වැඩිහිටියන්ගේ ආරක්‍ෂාව වාගේ ලෝකය පිළිගන්නා නිර්ණායක තිබෙනවා. මේවාට අනුව අපේ සමාජය දියුණු කරන්න ඕනෑ. සමාජ ආරක්‍ෂාව සහිත රාජ්‍යයක් ගොඩනඟන්න ඕනෑ. එවැනි රාජ්‍යයකට තමයි, සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි වන්නේ. විදේශ ආයෝජන ගේන්නේ ඒ වාගේ රටකට. ඒ වෙනුවෙන් අවංක, අදූෂිත කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ ඉන්නවා.

ජාතික ජන බලවේගයේ වගකීම් දරන්න තේරී පත් වුණු කිසි කෙනෙක් තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගන්න ආව අය නෙවෙයි. වෙනදාට වඩා වැඩියෙන් අප දිහා බලන්න, කැමැත්තක් දක්වන ජනතාවක් අද ඉන්නවා. ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර ගනිමින්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත යුතුයි. ඊළඟ මහා මැතිවරණයේ දී අපේ ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සංඥාව ඒ පළාත් පාලන මැතිවරණයෙන් ලබා දිය යුතුයි. පළාත් පාලන ඡන්දයෙන් ඒ සංඥාව හරියට ලබා දුනහොත්, ඉතා කෙටි කාලයක් ඇතුළත නිවාර්යයෙන්ම මහා මැතිවරණයෙන් අපට බලය ගන්න පුළුවන්. අපි මේ වැඬේට අතගැහුවේ, භාග ජයග්‍රහණ ලබාගන්න නොවෙයි. මේ රට ඛේදවාචකයකට හෙලපු මේ තත්වයෙන් ගොඩ ගන්න වෙන කිසිවකුට බැහැ. නාමල්ගේ මාමාගේ හෝටලයේ එක රැයක කාමරකුළිය ‘එයාර් ලංකා’ සමාගමේ ගුවන් ටිකට් එකකට වඩා කීප ගුණයක්. ගුවන් යානයක් ප්‍රමාද වුනාම කාමරයක් දෙන්නේ නාමල්ගේ මාමාගේ හෝටලයේ. මේ විදියට තමයි බිස්නස් එක යන්නේ. එහෙම අයට මේ රට ගොඩ ගන්න පුළුවන්ද?

ඇමැතිවරුන් නොගෙවූ ලයිට් බිල් ගැන මේ දවස්වල කතාබහක් ඇති වෙලා. ඇමැතිවරුන්ගේ නිල නිවාසවල බිල් අමාත්‍යාංශයෙන් ගෙවනවා. එහෙම නම්, හිඟ තියෙන්නේ කොහොමද? සමහරුන්ගේ ඇමැතිකම නැති වුණාමත් නිල නිවාසයේ පදිංචි වෙලා ඉන්නවා. නමුත් බිල් අමාත්‍යාංශයෙන් ගෙවන්නේ නැහැ. එතකොට තමයි හිගය ඇතිවෙන්නේ. ලයිට් බිල් නොගෙවනවා විතරක් නොවෙයි, මේ ගොල්ලෝ නිල නිවාසවල ඉන්නෙත් බලයෙන්. සමහර අය ඇමැති ධුර ගන්නේ ඇමැති නිල නිවාසවල ඉන්න බලාගෙනමයි. නාමල් රාජපක්‍ෂ පෙකිණිවැල කපපු දවසේ ඉඳල ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ගෙවල්වල. මහින්ද, ගෝටා දැන් ඉන්නේ ආණ්ඩුවේ ගෙවල්වල.
ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න මේ අසීරුම අවස්ථාවේ ලබා දෙන ආධාරවලින් පවා ගහනවා. මොන පාලකයොද මේ. ඒ නිසා මොවුන්ගෙන් අපේ රටට හෝ අපේ දරුවන්ට හෝ කිසිදු අනාගතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දුර්දාන්ත කණ්ඩායම පරාජයට පත් කොට ජාතික ජන බලවේගයේ පාලනයක් ස්ථාපනය කිරීමට අපි හැම දෙනාම පෙළගැසෙමු කියා ඉල්ලා සිටිනවා.

Show More

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද(12) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. රට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් උප සභාපති දුමින්ද හුලංගමුව (ීැබසදර ඡ්රඑබැර ෑරබිඑ ) ශදමබට), […]

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද(12) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. රට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය.


මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් උප සභාපති දුමින්ද හුලංගමුව (ීැබසදර ඡ්රඑබැර ෑරබිඑ ) ශදමබට), නියෝජ්‍ය උප සභාපති කිෂාන් බාලේන්ද්‍ර (ක්‍ය්සරප්බ දf න්‍දයබ ණැැකකි ්‍යදකාසබටි), අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික සරත් ගනේගොඩ (ෑංැජමඑසඩැ ෘසරුජඑදර ්එ ්‍ය්හකැහි) සහ ලේකම් මංජුල ද සිල්වා (ක්‍ෑධ දf ඔයැ ක්‍ැහකදබ ක්‍ය්පඉැර දf ක්‍දපපැරජැ) යන මහත්වරු එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය ශාන්ත ජයරත්න යන අය සහභාගි වූහ.

Show More

ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ආණ්ඩුව කිසිම පියවරක් අරන් නෑ

“නිර්මාංස වීම නිසාලු මන්දපෝෂණය එන්නේ කියලා විහිළු සහගත කතා කියන ඇමැතිලා මන්ත්‍රිලා මේ රටේ සිටින්නේ” යැයි, ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනි ආචාර්ය . හරිනි අමරසූර්ය ඊයේ (ඔක්තෝබර් 05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. “මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්දුන් කඩිනමින් ගෙන්නනවා කියලා කිව්වා. අද උදර්පණ නීතිය ගැන කතා කරනවා. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නලා නෑ තවම රටේ නීතිය ක්‍රියාත්මක කිරීම හෝ කොහොමද […]

“නිර්මාංස වීම නිසාලු මන්දපෝෂණය එන්නේ කියලා විහිළු සහගත කතා කියන ඇමැතිලා මන්ත්‍රිලා මේ රටේ සිටින්නේ” යැයි, ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනි ආචාර්ය . හරිනි අමරසූර්ය ඊයේ (ඔක්තෝබර් 05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්දුන් කඩිනමින් ගෙන්නනවා කියලා කිව්වා. අද උදර්පණ නීතිය ගැන කතා කරනවා. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නලා නෑ තවම රටේ නීතිය ක්‍රියාත්මක කිරීම හෝ කොහොමද ඒ ඒ ආයතන වන අධිකරණය පාවිච්චි කරන්නේ කියන පදනම තමයි මේ නීති රටේ ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම, අද වෙනකොට රටේ පුරවැසි විරෝධී ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. මේ රටේ තිබෙන ප්‍රශ්න නඟන කොට අනිවාර්යෙන්ම අපිට පිළිගන්න වෙනවා මේ රටේ විශාල අර්බුදයක් තිබෙනවා කියලා, ඒ අර්බුදය ඉදිරියේ ජනතාව පීඩාවට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු මතු කිරීම නිසා අපේ රටේ ප්‍රතිරූපය හානි වෙලා නැහැ. ඒ මතු කරන ප්‍රශ්නවලට විසඳුම් මේ ආණ්ඩුවලින් ලබා දෙන්නේ නෑ වගේම ඒ ප්‍රශ්න මතුකරන අයට එරෙහිව නීති ක්‍රියාත්මක වෙනවා මිසක් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මේ ආණ්ඩුව කිසිසේත්ම පියවර ගෙන නෑ. ඒ ගැන ආණ්ඩුවට කිසිම හැඟීමක් තැකීමක් නෑ කියලා අපිට ඉතාමත් පැහැදිලියි. මේ වෙලාවේ පැනනඟින ප්‍රශ්නවලට අඩු තරමේ ඇහුම්කන් දෙන්න ඕනෑ. පුරවැසියන් මතුකරන ප්‍රශ්න මහජන නියෝජිතයන් බැරෑරුම් ලෙස සලකා ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කියන එක තමයි අපිට ඉල්ලා සිටින්න වෙන්නේ. නමුත් මතු කරන හැම ප්‍රශ්නකටම මේ ආණ්ඩුවෙන් එන ප්‍රතිචාර ඉතාම පිළිකුල් සහගතව සලකන්න වෙන්නේ,

අපි ආහාර අර්බුදය පිළිබඳව ප්‍රශ්න මතු කරනකොට ඊට වගකිවයුත්තන් දෙන ප්‍රතිචාර පිළිකුල් සහගතයි. කාන්තාවන් මවුවරුන් ආහාර සකසන්න දන්නේ නැති නිසා මන්දපෝෂණයට හේතුවලු. එහෙම නැත්තම් නිර්මාංස වීම නිසාලු මන්දපෝෂණය එන්නේ, නිර්මාංසික අය මන්දපෝෂණයෙන් පෙළෙනවා කියන විහිළු සහගත කතා මේ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් නියෝජිතයන් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ආණ්ඩුවට අද තියෙන අර්බුදය ගැන කිසිම හැඟීමක් තැකීමක් නෑ. තේරුම් ගන්න කිසිම වුවමනාවක් නෑ. ඒ නිසාම මේ ප්‍රශ්න මතු කරනකොට ඒවා තමන්ගේ බලය පවත්වාගෙන යෑමට තියෙන බාධාවක් හැටියට දකිනවා. මේක හරිම ඛේදනීයයි.

Show More

கடன் மறுசீரமைப்பு என்பது பொருளாதாரப் பிரச்சினைகள் அனைத்தையும் தீர்ப்பது என்பதல்ல…..

2022.09.29 – தேசிய மக்கள் சக்தியின் பொருளாதாரப் பேரவையின் ஊடக சந்திப்பு தேசிய மக்கள் சக்தியின் பொருளாதாரக் கொள்கைகள் குழுவின் தலைவர், பட்டயக் கணக்காளர், ஸ்ரீ ஜயவர்தனபுர  பல்கலைக்கழகத்தின் வியாபாரக் கற்கைகள் பிரிவின் பேராசிரியர் அனில் ஜயந்த தேசிய மக்கள் சக்தியின்  பொருளாதாரப் பேரவை என்றவகையில் ஒரு நாடு அபிவிருத்தியை நோக்கி  பயணிக்கின்றமை, மக்களின் வாழ்க்கைத்தரம் உயர்வடைதல் போன்ற விடயங்கள் சம்பந்தமாக  விசேட கவனம் செலுத்தப்பட்டுள்ளது. பொருளாதாரம் என்பது ஒரு நாட்டின் பண்டங்கள் மற்றும் சேவைகளை உற்பத்தி […]

2022.09.29 – தேசிய மக்கள் சக்தியின் பொருளாதாரப் பேரவையின் ஊடக சந்திப்பு

தேசிய மக்கள் சக்தியின் பொருளாதாரக் கொள்கைகள் குழுவின் தலைவர், பட்டயக் கணக்காளர், ஸ்ரீ ஜயவர்தனபுர  பல்கலைக்கழகத்தின் வியாபாரக் கற்கைகள் பிரிவின் பேராசிரியர் அனில் ஜயந்த

தேசிய மக்கள் சக்தியின்  பொருளாதாரப் பேரவை என்றவகையில் ஒரு நாடு அபிவிருத்தியை நோக்கி  பயணிக்கின்றமை, மக்களின் வாழ்க்கைத்தரம் உயர்வடைதல் போன்ற விடயங்கள் சம்பந்தமாக  விசேட கவனம் செலுத்தப்பட்டுள்ளது. பொருளாதாரம் என்பது ஒரு நாட்டின் பண்டங்கள் மற்றும் சேவைகளை உற்பத்தி செய்வதும், அதிலிருந்து பிறப்பிக்கப்படுகின்ற செல்வத்தை பகிர்ந்தளிப்பதும், தொழிவாய்ப்பினை உருவாக்குதல், வட்டி மற்றும் அந்நிய செலாவணி வீதத்தை தீர்மானித்தல், வெளிநாட்டு வர்த்தகம் மற்றும் வெளிநாட்டு ஒதுக்கங்களை பேணிவருதல் போன்ற பல்வேறு விடயங்கள் ஒன்றடனொன்று இணைவதாகும். பொருளாதாரத்தில் நிலவுகின்ற உண்மையான பிரச்சினைகள் பற்றிக் கலந்துரையாடி சரியான திசையை நோக்கி  கொண்டுசெல்ல முயற்சி செய்வதற்குப் பதிலாக ஆட்சியாளர்கள் இற்றைவரை தரவுகளை திரிபுபடுத்தி  பிரதான பொருளாதாரப் பிரச்சினைகளை மூடிமறைப்பதையே செய்துவந்தார்கள்.  தேசிய மக்கள் சக்தி இயலுமான எல்லாவேளைகளிலும் நிலவுகின்ற யதார்த்தத்தை சுட்டிக்காட்ட நடவடிக்கை எடுத்தது. அதனாலேயே தற்போது நாட்டில் கூட்டாக நாமனைவரும் ஒன்றுசேர்ந்து இந்த பிரச்சினைகளுக்குத் தீர்வுகாண வேண்டுமென்ற புரிந்துணர்விற்கு வந்துள்ளோம்.  

தேசிய மக்கள் சக்தியின் பொருளாதாரப் பேரவையில் அந்தந்த உபதுறைகள் பற்றி அளவுசார்ரீதியான அறிவினைப் படைத்த புத்திஜீவிகள் ஒன்று சேர்ந்து இருக்கிறார்கள். நாங்கள் அனைவரும் ஒன்றுசேர்ந்து பொருளாதாரம் சம்பந்தமான ஏதேனும் முற்றாய்வுசார்ந்த   புலனாய்வினை மேற்கொண்டு பொதுமக்களுக்கு விழிப்புணர்வூட்டுவதற்காக விஞ்ஞானரீதியான தகவல்களைக் கொண்டதாக விடயங்களை முன்வைக்கிறோம். நடப்பு நிலைமை பற்றி பகுப்பாய்வு செய்வதன் மூலமாக பெற்றுக்கொள்கின்ற விடயங்களுக்கிணங்க நாட்டில் நிலவுகின்ற மட்டுப்படுத்தப்பட்ட  வளங்களை முறைப்படி முகாமைசெய்து பொதுத்தேவைகளை நிவர்த்திசெய்தல் பற்றி பொதுமக்களுக்ககு விழிப்பூட்டி வருகிறோம்.  அதன் தொடக்கப் படிமுறையாக தெரிவு செய்யப்பட்ட துரிதமாக சமூகத்தின் கவனத்திற்கு இலக்காகவேண்டிய ஒருசில விடயஙகளை முன்வைக்கிறோம். இத்தருணமாகும்வேளையில் அரசாங்கம் தனது அதிகாரத்தை பேணிவரும் நோக்கத்துடன் தவிர்த்து வருகின்ற பொதுமக்களின் வாழ்க்கைக்கு தோன்றியுள்ள பொருளாதார நெருக்கடியின் பயங்கரமானதன்மை பற்றி  நாங்கள் வெளிப்படுத்த  தயார். பொருளாதார நெருக்கடிக்கு இந்த அரசாங்கம் அடிப்படையில் பொறுப்புக்கூற வேண்டியபோதிலும்  எவராலும் இந்த நெருக்கடியை தவிர்த்துச் செல்ல முடியாது.

அடிப்படையில் எடுத்துக்கொண்டால் நிலவுகின்ற கடன் சுமையை ஒரு நாடு என்றவகையில் தாங்கிக்கொள்ள முடியாது. வெளிநாட்டுக் கடன் பங்கு மிகவும் பெரிய அளவில் அதிகரித்துள்ளமை அதில் தாக்கமேற்படுத்தி உள்ளது. அதனால் கடன் மறுசீரமைத்தல் பற்றிய   பாரிய உரையாடல் தோன்றியுள்ளது. அரசாங்க அதிகாரத்தை எவர் வகித்தாலும், வகிக்க எதிர்பார்த்துக் கொண்டிருந்தாலும் அந்த எவருமே கடன் மறுசீரமைப்பினை செய்தே ஆகவேண்டும். கடன் மறுசீரமைப்பு செய்வதென்பது நாட்டின் அனைத்துப் பொருளாதார பிரச்சினைகளையும் தீர்த்துவைப்பது என்பதல்ல.  நாடு அபிவிருத்தியை நோக்கிச் செல்கிறது என்பதல்ல.  அடிப்படை அத்திவாரத்தை இட்டுக்கொள்ள,  மூச்செடுத்திட வாய்ப்பினை ஏற்படுத்திக் கொள்வது என்பதாகும். இந்த உரையாடலில் சர்வதேச நாணய நிதியம் இடையீடு செய்துள்ளது. 1959 இல் இருந்தே நாங்கள் சர்வதேச நாணய நிதியத்தின் அங்கத்தவ நாடாவோம். அதன் அங்கத்தவர்களுக்கு கிடைக்கின்ற அனைத்துவிதமான சிறப்புரிமைகளும் எமக்கும் உரித்தானது. அவர்கள் தமது அங்கத்தவ நாடுகளுக்கு சென்மதி நிலுவை நெருக்கடியில் இருந்து விடுபட ஆலோசனை வழங்குதலையும் இடையீடு செய்தலையும் மேற்கொண்டு வருகிறார்கள். கடன் மறுசீரமைப்பு செய்வதற்கான நாணய நிதியம் இடையீடுசெய்து பேச்சுவார்த்தைகளை நடாத்துவது நல்லது.  ஆனால் நாட்டை அபிவிருத்தி செய்வதற்கான திட்டம்  அல்லது அதன் பயணப்பாதையை நாணய நிதியம் வழங்குவதில்லை. அது அவர்களின் செயற்பொறுப்பன்று. எமது நாட்டை முன்னேற்றியும் அதன் திசையை தீர்மானிப்பதையும் நாங்கள்தான் செய்யவேண்டும். ஆனால் இதுவரை அரசாங்கம் அதற்கான திட்டங்களை வகுக்கவில்லை.

கடன் மறுசீரமைப்பினை மேற்கொள்ள இலங்கைக்காக கிளிபட் சான்ஸ் மற்றும் லசாட் எனப்படுகின்ற  இரண்ட சர்வதேச நிறுவனங்கள் தொடர்புபடுத்தப்பட்டுள்ளன. கிளிபட் சான்ஸ் இடையீடுசெய்து  பூர்வாங்க பேச்சுவார்த்தையொன்றையும் நடாத்தியது.  அதன்போது தோன்றிய பல அடிப்படை விடயங்கள் மீது எமது கவனம் செலுத்தப்படல் வேண்டும். முதலில் அரசாங்க வருமானம் மற்றும் செலவினங்களுக்கிடையில் நிலவுகின்ற முதனிலை மீதி 2.3 நேர்க்கணியப் பெறுமதிவரை   2025 அளவில் கொண்டுசெல்ல முடியுமென அரசாங்கம் கூறுகின்றது. ஆனால் நிலவுகின்ற தகவல்களையும் தரவுகளையும் பகுப்பாய்வு செய்தவிடத்து அது இலகுவான கருமமல்லவென்பது எமக்கு விளங்குகின்றது.  இந்த நிலைமையை அடைந்தால் மாத்திரம் கடன்  நிலைபெறுதகு நிலைமையை அடையமுடியும். அதாவது செலுத்தவேண்டியுள்ள அளவினை தாக்குப்பிடிக்கக்கூடிய விதத்தில் அமைத்துக்கொள்வதாகும். நிலவுகின்ற நிலைமையின்கீழ் நாடுகளுக்கிணங்க கடன் பற்றிய சிக்கல் மாற்றமடைகின்றது. ஜப்பான் போன்ற நாட்டில் கடன்சுமை 250% ஆக அமைகின்றது.  ஆனால் அது அந்த நாட்டுக்கு தாக்குப்பிடிக்கக்கூடிய, செலுத்தக்கூடிய நிலைமையாகும்.  ஆனால் எமது போதியளவிலான வருமானம் ஈட்டப்படுதல் இல்லாமையால்  எமது கடன் நிலைபெறுதகுநிலை மொத்த உள்நாட்டு உற்பத்தியில் 100% விட குறைவானதாக இருக்கவேண்டும்.   அப்படியானால்  எவ்வாறு கடன் நிலைபெறுதகுநிலையை ஏற்படுத்திக்கொள்வது  என்பதற்கான திட்டத்தை தயாரித்துக்கொள்ள வேண்டும்.   அரசாங்கத்தின் பக்கத்தில் முதனிலை வரவசெலவு மீதி 2.3 நேர்க்கணியத்திற்கு செல்கின்ற விதம் தெளிவுபடுத்தப்படுவதில்லை.

இந்த நிலைமையில் அரசாங்கம் அரசாங்க வருமானத்தில் கடன்வட்டியை செலுத்துவதை நீக்கி ஏனைய செலவுகளுடன் மொத்த தேசிய உற்பத்தியுடன் இணக்கஞ்செய்து நேர்க்கணியப் பெறுமானத்தைப் பெற்றுக்கொள்ள முயற்சி செய்து வருவதாக எமக்கு சந்தேகம் தோன்றியுள்ளது. இந்த மீதி 2021 இல் 6%  எதிர்க்கணியமாகும். 2020 இல் 4.6 எதிர்க்கணியமாக இருந்தது. இன்னும் இரண்டு வருடங்களில் 2025 அளவில் எப்படி 2.3 நேர்கணியமாக மாறுவது? மத்திய வங்கிக்கிணங்க 2023 இல்  பற்றாக்குறை 8% எதிர்க்கணியமாக இருந்து   2024 இல் நேர்க்கணியமாக மாறி 2025 இல் கூறுகின்ற இந்த இலக்கிற்குச் செல்வதாக குறிப்பிட்டுள்ளது. இந்த நிலைமையில் எமக்கு தெளிவாவது வட்டி தவிர்ந்ததாக அரசாங்கத்தின் பாரிய செலவுச்சுமை வகிக்கப்படுகின்ற  அரச சம்பளம் செலுத்துதலை மக்களை துன்புறுத்தலுக்கு இலக்காகி வெட்டிவிடுவதற்கான வாய்ப்பு  நிலவுகின்றதென்பதாகும். செலவுகளை வெட்டிவிடுவது எனக்கூறி அந்த இடத்திற்கே வருவதாக நாங்கள் நினைக்கிறோம். எனினும் செலவுகளுக்குள்ளே மோசடிகள், ஊழல்கள், விரயம் அனைத்துமே இருக்கின்றன. செய்யவேண்டியது மோசடி, ஊழல், விரயத்தை  நீக்குவதேயொழிய சம்பளத்தைக் குறைப்பதல்ல.  இவர்கள் கூறகின்ற 2.3 நேர்க்கணிய இலக்கிற்குச் செல்லவேண்டுமாயின் வருமானத்தை அதிகரித்துக்கொண்டு செலவுகளை வெட்டிவிட வேண்டும். நிலவுகின்ற கட்டமைப்பிற்குள்ளே வருமானத்தை அதிகரித்துக் கொள்வதாயின் பொருளாதாரத்தை விரிவாக்க வேண்டும். நிலவுகின்ற சொச்சத் தேசிய செல்வத்தில் அதிகமாக ஈட்டிக்கொள்ள அரசாங்கம் செயலாற்றினால் பொதுமக்கள் மிகுந்த அழுத்தத்தை சந்திப்பார்கள். அதன் மூலமாக இடம்பெறுவது பொதுமக்களின் நன்மையன்றி அரசாங்கம் தப்பித்துக் கொள்வதாகும். அதற்காக வரிமேல் வரி வரவுள்ளது.  நிவாரணங்களை வெட்டிவிடுதல் மற்றும் மின்சாரக் கட்டணப் பட்டியல் , நீர்க் கட்டணப் பட்டியல் போன்ற அனைத்துவிதமான செலவுகளும் அதிகரிக்கப்பட உள்ளன.

 இந்த ஆபத்தினை நாங்கள் விளங்கிக்கொள்ள வேண்டும். விளங்கிக்கொள்வதன் மூலமாக நிலைவமையைத் தோற்கடித்திட வேண்டும். எந்தவோர் அரசாங்கத்திற்கும் அழிவுமிக்கவகையில் தேசிய வளங்களை விற்றொழித்திட முடியும். இன்றளவிலும் அதற்காக செயற்பாட்டுத் திட்டமொ்னறை அமுலாக்கியுள்ளது.   நாணய நிதியம் முன்வைத்துள்ள மற்றுமொரு நிபந்தனையாக அமைவது மின்சாரம், எரிபொருள் போன்ற அத்தியாவசிய பண்டங்கள் மற்றும் சேவைகளின் கிரயத்தை உள்ளடக்கத்தக்கவகையில் விலைகள் நிர்ணயிக்கப்பட வேண்டுமென்பதாகும். ஆனால் இதன்மூலமாக  ஏதேனும் அழுத்தத்திற்கு இலக்காகின்ற குழுக்களுக்கு நிவாரணம் வழங்கவும் நாணய நிதியம் முன்மொழிந்துள்ளது. எனினும் கேஸ் விலை, எரிபொருள் மற்றும் மின்சார விலை என்பவற்றில்  அவற்றின் உண்மையான உற்பத்திக் கிரயத்திற்கு மேலதிகமாக மோசடிகள், ஊழல்களில் ஒரு பகுதியும் உள்ளடக்கப்பட்டுள்ளது. பெற்றோலியக் கூட்டுத்தாபனம் நட்டமடைகையில் ஐ.ஓ.சீ. கம்பெனி இவ்வருடத்தின் இரண்டாவது காலாண்டில் பத்து பில்லியன் ரூபா நிகர இலாபத்தை வெளிக்காட்டி இருப்பது இதனால்த்தான். மற்றுமொரு பக்கத்தில் மத்திய வங்கியின் சுயாதீனத்தன்மை மற்றும் நிதிசார் உறுதிநிலைக்காக இடமளித்திட வேண்டும். தொழில்வாண்மைரீதியான பணிகளை மேற்கொள்ள மத்திய வங்கிக்கு ஏற்புடைய சுயாதீனத்தன்மை வழங்கப்பட வேண்டும். ஒரே நோக்கத்தில்   இருந்துகொண்டு  அரசாங்கத்தின் வரிக்கொள்கையை நடைமுறைப்படுத்த அரசாங்கம் இடமளி்க்க வேண்டும்.  ஆனால் அதிகாரத்தை பாதுகாத்துக்கொள்ள அல்லது பெற்றுக்கொள்வதற்காக வரிக்கொள்கையைக் கூட்டிக்குறைத்து நிதிசார் கொள்கையை பலிகொடுக்கின்ற நிலைமையை நாங்கள் காண்கிறோம். இன்றைய நிலைமையின்படி மத்திய வங்கி அமுல்படுத்துகின்ற நிதிசார் தந்திரோபாயங்களுக்கு அரசாங்கம்  ஒத்துழைப்பு வழங்காத முரண்பாடு உருவாகக்கூடும். 

ஏற்கெனவே நாங்கள் நாணய நிதியத்திடமிருந்து பதினாறு தடவைகள் விரிவான நிதி வசதிகளைப் பெற்றுக்கொண்டு சென்மதி நிலுவையை சமப்படுத்தல் பற்றிய சிக்கல்களைத் தவிர்த்துக்கொண்டுள்ளோம். ஆனால் சிறியசிறிய திருத்தங்களை செய்தோமேயொழிய எமது நாடு முறையான பாதையில் அபிவிருத்தியை நோக்கிச் செல்லவில்லை.  இத்தடவை 290 கோடி டொலர் நான்கு வருடங்களுக்குள் கிடைக்கின்றது. பயணிக்கின்ற இந்த பயனப்பாதையின்பேரில் இந்த கடன் தொகையின் பேரில் அனைத்துப் பிரச்சினைகளையும் தீர்க்கமுடியுமென்ற முட்டாள்த்தனமான கருத்திற்குச் செல்லலாகாது. இந்த கடனை வழங்குகின்ற போது மேலோட்டமாக புலப்படாத அறவிடல்கள் இருக்கின்றன. வட்டி குறைவானதென்பது உண்மை. எனினும் தற்கோது வாக்குறுதி அளித்துள்ள 290 கோடிக்காக அதற்கு குறைவான தொகையை அரசாங்கம் அவர்களின் நிபந்தனைகளை ஈடேற்றுவதின்பேரில் பெற்றுக்கொடுத்தால் மொத்த கடன்தொகைக்குமே வட்டி அறவிடப்படும். அதைப்போலவே மறைவான சேவைகள் கட்டணமும் நிலவுகின்றது. நாங்கள் முதலாவது கடன் தவணையைப் பெற்றுக்கொண்ட  1964 இல் இருந்து கவனத்திற்கொண்டால் 1984 தொடக்கம் இற்றைவரை ஏறக்குறைய 350 கோடி கடன் தொகையே  வழங்கப்பட்டுள்ளது.   ஆனால் நாங்கள் அந்த காலப்பகுதிக்குள் செலுத்தியுள்ள மற்றும் வருங்காலத்தில் செலுத்தவுள்ள சேவைகள் கட்டணத்தையும் வட்டியையும் கணிப்பிட்டால் நூறு கோடி டொலருக்கு கிட்டிய அளவினை செலுத்த நேரிட்டுள்ளது.  நாணய நிதியம் எமது நாட்டில் நிலவுகின்ற அரசியல் நிலைமையின்பேரில் ஊழலைக் குறைத்தல் சம்பந்தமாகவும் விடயங்களை சுட்டிக்காட்டி உள்ளது. கடன் நிலைபெறுதகு திட்டம் பற்றி இற்றைவரை அரசாங்கம் திட்டமொன்றை சமர்ப்பிக்காவிட்டாலும்  வெகுவிரைவில் திட்டமொன்றை சமர்ப்பிப்பதாக புலனாகவில்லை. இந்த நிலைமையின்கீழ் நெருக்கடியிலிருந்து  கரைசேர்வதைப் பார்க்கிலும் மென்மேலும் ஆழமாகி வருகின்றமை தெளிவாகின்றது. எதிர்காலத்தில் தேசிய மக்கள் சக்தியின் பொருளாதாரப் பேரவை நிலவுகின்ற நிலைமை பற்றி மக்களுக்கு விடயங்களை எடுத்துரைக்கும். அதனூடாக நிலவுகின்ற பொருளாதார நெருக்கடி பற்றி சிறந்த உரையாடலொன்றை உருவாக்கிகொள்ள நாங்கள் எதிர்பார்த்துள்ளோம்.

வரியை அதிகரிக்கச் சென்றால் பொருளாதாரம் மென்மேலும் சுருங்கும்

ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தின் வியாபார கற்கைகள் பிரிவின் தலைவர் பேராசிரியர் ஜகத் குமாரசிங்க

இலவசக் கல்வி மூலமாக இந்த இடத்திற்கு வந்த எமக்கு நாட்டு மக்களுடன் சம்பந்தப்பட்ட அன்றாட சிக்கல்களின்போது ஒட்டுமொத்த பொருளாதாரத்திலும் ஏற்படுகின்ற சிக்கல்களுடன் தொடர்புபடுவதற்கான பொறுப்பு இருக்கின்றது. பொருளாதாரம் தொடர்பான ஆராய்ச்சிகளிலிருந்து பெறப்படுகின்ற தரவுகள், அறிவு, தகவல்கள் மூலமாக மக்களுக்கு விழிப்புணர்வூட்டுவதற்காக  செயலமர்வுகளை நடாத்துதல் மற்றும் இத்தகைய ஊடக சந்திப்புகளின்போது விழிப்புணர்வூட்டுவது  அத்தகைய பொறுப்பின் ஒரு பகுதியாகும். மக்களின் அன்றாடப் பொருளாதாரம் போன்றே நாட்டின் ஒட்டுமொத்த பொருளாதாரம்  பற்றி தொடர்ச்சியாக மக்களுக்கு விழிப்புணர்வூட்ட இந்த பொருளாதாரப் பேரவை மூலமாக நாங்கள் எதி்ர்பார்க்கிறோம். ஒருசில தரவுகள் கூருணர்வு மிக்கவையாகும். பொருளாதாரத்தை நெறிப்படுத்துபவர்கள் எவராக இருந்தாலும் பொருளாதாரத்தை நெறிப்படுத்துவதன் மூலமாக கிடைக்கின்ற நேர்க்கணிய அல்லது எதிர்க்கணிய பெறுபேறுகளை இறுதியாக அனுபவிப்பவர்கள் இந்நாட்டு மக்களாவர். பொருளாதாரம் பற்றிய ஆராய்ச்சிகளை மேற்கொள்கின்ற, கருத்துக்களை வெளியிடுகின்ற, செயலமர்வுகளை நடாத்துகின்ற அனைவரைரயும் இந்த மேடைக்கு வருமாறு அழைப்பு விடுக்கிறோம்.  அரசாங்கத்திற்குக்கூட அவசியமான சந்தர்ப்பங்களில் நாங்கள் தரவுகள், ஊகங்களை வழங்கி  நிலவுகின்ற நெருக்கடியிலிருந்து பொருளாதாரத்தை மீட்டெடுக்க எம்மை அர்ப்பணித்துள்ளோம்.  

நாணய நிதியத்திடமிருந்து ஏதேனும் நிவாரணத்தை நாங்கள் எதிர்பார்த்திருப்பின்  ஈடேற்றவேண்டிய அடிப்படை நிபந்தனைகள் மத்தியில் முதனிலை கணக்கின் நேர்க்கணிய மீதியை ஏற்படுத்திக்கொள்ள வேண்டியது அவசியமாகும். இந்த நிலைமையை எற்படுத்திக்கொள்ள வேண்டுமாயின் வருமானத்தை அதிகரித்துக்கொண்டு செலவினங்களை குறைத்துக்கொள்ள வேண்டிய விதம் பற்றி பேராசிரியர் அனில் ஜயந்த தெளிவுபடுத்தினார்.  எந்தவொரு நாட்டிலும் அரச வருமானத்தின் பிரதான தோற்றுவாய் நேர் மற்றும் மறைமுக வரியாகும். தற்போதும் எமது நாடு  பாரிய வரிச் சதவீதத்தைக்கொண்ட நாடாகும். சாதாரண ஆளொருவர் தனது  வருமானத்தில் ஏறக்குறைய 40% ஐ வரியாகச் செலுத்துகின்ற நிலைமையே காணப்படுகின்றது.  அரசாங்கத்தின் வரிகள் அதிகரிக்கப்பட முனைகின்றவேளையில் பொரளாதாரத்தின் ஏனைய பேரண்ட பொருளாதார விடயங்கள் மீது தாக்கத்தை ஏற்படுத்துகின்றது. ஒரு நாட்டின் பொருளாதாரத்தின் பேரண்ட மாறிகள்  என அழைக்கப்படுகின்ற கடன் வட்டி வீதம், பணவீக்கம், அந்நிய செலாவணி விகிதம், தொழிலின்மை வீதம் போன்ற அனைத்துமே ஒன்றுடனொன்று தொடர்புபட்டவையாகும். இந்த ஒவ்வொரு மாறி மீதும் ஏற்படுத்தபடுத்தப்படுகின்ற  தாக்கம் அல்லது மாற்றம் எனைய பொருளாதார மாறிகள் மீது  கட்டாயமாக தாக்கத்தை ஏற்படுத்துகின்றன.  வரியை அதிகரிக்க முயற்சி செய்தால் அது நாட்டின் ஒட்டுமொத்த மக்களின்  வாழ்க்கையை நேரடியாகவே பாதிக்கின்றது.   அதைப்போலவே வட்டி வீதத்தை அதிகரிப்பதன் மூலமாக பணவீக்கத்தைக் கட்டுப்படுத்த முயற்சி செய்யப்பட்டு வருகின்றது. அது மத்திய வங்கியால் மேற்கொள்ளப்படவேண்டிய நடவடிக்கையாக அமைந்தது. அதன் மூலமாக பொருளாதாரத்திற்கு அதிர்ச்சியொன்று ஏற்படுத்தப்படுகின்றது.

அதன் மூலமாக பொருளாதாரத்திற்கு ஏற்படுத்தப்பட்டுள்ள அதிர்ச்சிகளால் ஏனைய மாறிகளுக்கு தாக்கங்கள் ஏற்படுத்தப்பட்டுள்ளன.   பிரதானமான அதிர்ச்சி வணிகத் தொழில் முயற்சியாளர்களுக்கு ஏற்பட்டதாகும்.  வங்கிக்கடன் பெறுவதன் மூலமாகவே அவர்களின் மூலதனம் உருவாக்கப்படுகின்றது.   அதற்கான கிரயமொன்றை ஏற்க நேரிடும்.  அபிவிருத்தி அடைந்து வருகின்ற நாடொன்றில் தொழில்முயற்சி  முதலீடுகளில்  இருந்து கிடைகின்ற நன்மைகளுக்குள்ளே அடங்கியுள்ள இலாபம்  மொத்தக் கிரயத்தில் 10% -15% இற்கு இடைப்பட்ட அளவிலாகும். ஆனால் இன்றளவில் வட்டி வீதம் 25% ஐ கடந்துவிட்டது. இந்த நிலைமையின்கீழ் வங்கிகளிடமிருந்து கடன்பெற்று  முதலீடு செய்து பெறப்படுகின்ற நன்மைகளின் இலாபம்  அவரது வங்கிக் கடனைச் செலுத்தக்கூட போதுமானதாக அமையமாட்டாது.  இதனால் தொழில் முயற்சிகள் அனைத்துமே உறுதியற்ற நிலைமைக்கு மாறியுள்ளது. சிறிய மற்றும் நடுத்தர அளவிலான தொழில் முயற்சிகள் மாத்திரமன்றி பாரிய  அளவிலான தொழில் முயற்சிகள்கூட நிலைதடுமாறி உள்ளன.  புதியதாக தொழில் முயற்சிகளை ஆரம்பிப்பது நலிவடையச் செய்யப்பட்டுள்ளது. இதனால் எமது பொருளாதாரம் சுருங்கி வருகின்றது.  உலக வங்கி இது சம்பந்தமாக   செய்துள்ள எதிர்வுகூறலின்படி எதிர்வரும் ஆண்டில் 10 பில்லியன் டொலர்களை விஞ்சிய அளவில் இலங்கைப் பொருளாதாரம் சுருங்கக்கூடுமென எச்சரிக்கை விடுக்கப்பட்டுள்ளது.  2023 ஆம் ஆண்டில் எமது பொருளாதாரம் 2011 இல் நிலவிய நிலைமைக்கு சரிந்துவிழுமென சுட்டிக்காட்டப்பட்டுள்ளது. அரசாங்கம் வரிகளை அதிகரித்துக்கொள்ள முயற்சி செய்வதன் மூலமாக  பொருளாதாரம் சுருங்குகின்ற வேகம் மேன்மேலும் துரிதமடையும். இதனால் எப்படியாவது தாக்குப்பிடித்துள்ள தொழில்முயற்சிகளுக்குக்கூட அச்சுறுத்தல் தோன்றக்கூடும். நான் ஆரம்பத்தில் குறிப்பிட்ட ஒன்றுடனொன்று தொடர்புபட்ட பேரண்டப் பொருளாதார விடங்களுக்கிணங்க தொழில்முயற்சியாளர்கள் பெற்றுள்ள கடன்களுக்கான வட்டியைச் செலுத்துவதிலான பிரச்சினைகூட தோன்றக்கூடும். 

நாணய நிதியம் கடன் மறுசீரமைப்பிற்குச் செல்லுமாறு ஆலோசனை வழங்கவும் தற்போது கடன்தவணை மற்றும் வட்டியை செலுத்தமுடியாத நிலைமைக்கு  சரிந்து விழவும் வாய்ப்பு உண்டு. அத்தகைய நிலைமையில் பொருளாதாரத்தைக் மீட்டெடுக்கின்ற மற்றும்  பொருளாதாரத்தை முன்நோக்கிக் தள்ளுகின்ற வங்கிகளை உள்ளிட்ட நிதிமுறைமை போன்றே அதனோடு சம்பந்தப்பட்ட ஏனைய நிறுவனங்களும் பாரிய அபாயநேர்வுக்கு பயணிக்கக்கூடும்.   அதனால் இச்சந்தர்ப்பத்தில் மிகவும்  கவனமாக அபாயநேர்வு முகாமைத்துவத்தை மேற்கொள்வதில் அரசாங்கம் கவனஞ் செலுத்துதல் வேண்டும். அவ்வாறு செய்யாவிட்டால் எமது ஒட்டுமொத்த நிதி முறைமையும் கடுமையான அபாயநேர்வுக்கு இலக்காகக்கூடும். அத்தகைய நிலைமையானது மீண்டும் சரிசெய்துகொள்ள முடியாத பாதகவிளைவுகளைக் கொண்டுவரும்.  பொருளாதாரமொன்றின் நிதியாக்க வழிவகைகள் இவ்விதமாக  அபாயநேர்வுக்கு இலக்காகி உள்ளதைப்போலவே  வலுச்சக்தி பிறப்பாக்கமும் பாரிய ஆபத்தினை எதிர்நோக்கி உள்ளது. வலுச்சக்தி நாட்டின் தொழில்முயற்சிகளுக்கும் மக்கள் வாழ்க்கைக்கும் அத்தியாவசியமானதாகும்.  இன்றளவில் வலுச்கக்தி   வழங்கல் பாரதூரமான நெருக்கடியைச் சந்தித்துள்ளது.  பொருளாதாரத்திற்குள் மேலும் பல பிரதான விடயங்கள் பற்றி பேசக்கூடியபோதிலும் நிதி முறைமை மற்றும் வலுச்சக்தி வழங்கல் ஆகிய இரண்டு அடிப்படை விடயங்களுக்குள் பொருளாதாரம் மென்மேலும் படுகுழிக்குள் விழுகின்றதென்பதை நாங்கள் வலியுறுத்துகிறோம். அதற்கான சரியான நடவடிக்கைகளை உடனடியாக மேற்கொள்ளவேண்டும். வலுச்சக்தி வழங்கலில் உறுதிநிலையை ஏற்படுத்திக்கொள்ள வேண்டும்.

கடன் பெறுவதில் பிரச்சினை கிடையாது. கடனை முதலீடுசெய்து பெற்றுக்கொண்ட நன்மைகள் யாவை, கடனை சரியாக முகாமைசெய்து  முதலீடு செய்தார்களா எனும் கேள்வி எழுகின்றது. கடனை முறைப்படி முதலீடு செய்திருப்பின்  கடன் மீளச்செலுத்துதல் பற்றிய பிரச்சினை தற்போது எழுந்திருக்கமாட்டாது. கடன்களிலிருந்து கிடைக்கின்ற நன்மைகள் பொருளாதாரத்தை நோக்கிப் பாய்ந்துவராமை அடிப்படை பிரச்சினையாகும். நிதி முறைமையின் பாதுகாப்பு சம்பந்தமாக அது நேரடியான தாக்கத்தை ஏற்படுத்துகின்றது. அது சம்பந்தமாக மிகவும் கவனமான வழிமுறைகளை கடைப்பிடிக்க வேண்டியுள்ளது. வலுச்சக்தி வழங்கலிலும் அப்படித்தான். இந்த இரண்டு பிரதான விடயங்களையும் முறைப்படி நெறிப்படுத்த நடவடிக்கை எடுக்காவிட்டால் நாட்டில் நிலவுகின்ற மாறிகளை முறைப்படி முகாமை செய்யாவிட்டால்  எமது பொருளாதாரம் ஒரே இடத்தில் உக்கிப்போகின்றவேளையில் ஏனைய நாடுகளின் பொருளாதாரங்கள்  எம்மைக் கடந்து வேகமாக முன்நோக்கி நகரும்.  வியட்நாம்,  பங்களாதேஷ், இந்தியா என்பவை தக்க உதாரணங்களாகும்.  இந்த நிலைமையில் சந்தேகமின்றி எமது பொருளாதாரம் வீழ்ச்சியடைவதை நிறுத்திக்கொள்ளவேண்டும். அதன்போது நிதி முறைமைக்கும் வலுச்சக்தி வழங்கலுக்கும்  தனித்துவமான கவனத்தைச் செலுத்தவேண்டும்.

பொருளாதாரமொன்றின் பிரதாபன என்ஜின் சிறிய மற்றும் நடுத்தர அளவிலான கைத்தொழில் தொகுதியாகும். சுதேச உற்பத்திகளை சர்வதேசத்திற்கு கொண்டுசெல்லல், பெருந்தொகையான தொழில்வாய்ப்புகளை உருவாக்குதல் இந்த துறைகளிலேயே இடம்பெறுகின்றது. எனினும் நிதி முறைமையும் எரிபொருள் வழங்கலும் நலிவடைந்தால் எமது பொருளாதாரம் இதைவிட இருள்மயமான நிலைமையை அடையும். தற்போது உள்ள சமிக்ஞைகள் எவ்விதத்திலும் நலமானவை அல்ல. தொழிலின்மை வேகமாக அதிகரித்து வருகின்றது. இத்தகைய பொருளாதார நெருக்கடியின்போது ஏனைய உலக நாடுகள் முன்னுரிமை அளிக்கவேண்டிய வரிசைக்கிரமத்தை தயாரிக்கின்றன. இன்று எமது நாட்டில் பிரதானமானதாக அமைவது அரசியல் உறுதிநிலையை ஏற்படுத்துவதாகும்.  அரசியல் ஸ்திரத்தன்மை நிலவாத இடத்தில் பொருளாதார உறுதிநிலை தாக்குப்பிடிக்க மாட்டாது.  பொருளாதாரத்தை மீட்டெக்க  அரசியல் உறுதிநிலை மிகவும் விரைவாக ஏற்படுத்தப்படல் வேண்டும். பொருளாதாரம் முன்நோக்கி பயணிக்கையில் வலுச்சக்திக்கும் பொருளாதாரத்திற்கும் இடையில் நேரக்கணியத் தொடர்பு நிலவும். அதைப்போலவே மூலதனவாக்கத்தின் கிரயத்திற்கும் பொருளாதாரம் முன்நோக்கி நகர்வதற்கும் இடையில் தொடர்பு நிலவுகின்றது.  இந்த  மாறிகளுக்கிடையிலான தொடர்புகள் மீது தீவிர கவனஞ்செலுத்தி முதன்மைத்தானத்திற்கு அமைவாக  பொருளாதாரத்தை சரியான இடத்தைநோக்கி நகர்த்த வேண்டிய பொறுப்பு நிலவுகின்றது.  ஒரு நாடு என்றவகையில் நாங்கள் பொறுப்பினை ஏற்கத் தயார். அது சம்பந்தமாக தொடர்ச்சியாக விழிப்புணர்வூட்டுதலை மக்கள் மத்தியில் மேற்கொள்வதற்காக நாங்கள் அர்ப்பணிப்புடன் இருக்கிறோம். 

இந்த ஊடக சந்திப்பிற்காக இலங்கை அபிவிருத்தி நிருவாக நிறுவகத்தின் முன்னாள் முதநிலை ஆலோசகரும் இங்கிலாந்து றெடிங் பல்கலைக் கழகத்தின் முதுநிலை விரிவுரையாளருமான சாந்த ஜயரத்ன மற்றும்  முன்னாள் பாராளுமன்ற உறுப்பினர்  சுனில் ஹந்துன்னெத்தியும் பங்கேற்றனர். முதுநிலை விரிவுரையாளர் சாந்த ஜயரத்ன ஆங்கில மொழியில் விடயங்களை எடுத்துரைத்தார். 

Show More

ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳෙනවා කියන එක නොවෙයි

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදිහට රටක් සංවර්ධනය දෙසට ගමන් කිරීම, ජනතාවගේ ජීවන තත්වය උසස්වීම වැනි කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ආර්ථිකයක් කියන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමත්, එයින් ජනිත කරන ධනය බෙදා හැරීමත්, රැකීරක්ෂා සම්පාදනය කිරීම, පොලී සහ විදේශ විනිමය අනුපාත තීරණය කිරීම, විදේශ වෙළඳාම සහ විදේශ සංචිත පවත්වාගෙන යාම වැනි කරුණු […]

මහාචාර්ය අනිල් ජයන්ත

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදිහට රටක් සංවර්ධනය දෙසට ගමන් කිරීම, ජනතාවගේ ජීවන තත්වය උසස්වීම වැනි කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ආර්ථිකයක් කියන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමත්, එයින් ජනිත කරන ධනය බෙදා හැරීමත්, රැකීරක්ෂා සම්පාදනය කිරීම, පොලී සහ විදේශ විනිමය අනුපාත තීරණය කිරීම, විදේශ වෙළඳාම සහ විදේශ සංචිත පවත්වාගෙන යාම වැනි කරුණු ගණනාවක් එකිනෙකට බද්ධ වීමයි. ආර්ථිකයේ පවතින සැබෑ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමින් නිවැරදි දිශාවකට ගෙනයන්න උත්සාහ කරනවා වෙනුවට පාලකයන් මේ දක්වා කළේ දත්ත විකෘති කරමින් ප්‍රධාන ආර්ථික ප්‍රශ්න යට ගැසීමයි. ජාතික ජන බලවේගය හැකි සෑම අවස්ථාවකදීම පවතින යථාර්ථය පෙන්වා දෙන්න කටයුතු කළා. ඒ නිසාම දැන් රට තුළ සාමූහිකව අපි කවුරුත් එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි කියන අවබෝධයට ඇවිත් තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය තුළ ඒ ඒ අනුක්ෂේත්‍ර පිළිබඳව ප්‍රාමාණික දැනුම තිබෙන බුද්ධිමතුන් එකතු වී සිටිනවා. අපි සියලු දෙනා එක්වී ආර්ථිකය පිළිබඳව යම් ගවේෂණාත්මක විමර්ශනයන් සිදුකරමින් මහජනතාව දැනුවත් කරන්න විද්‍යාත්මක තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරනවා. පවතින තත්වය පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් ලබාගන්නා කරුණු අනුව රට තුළ පවතින සීමිත සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් පොදු අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කරනවා. එහි ආරම්භක පියවර ලෙස තෝරාගත්, ක්ෂණිකව සමාජයේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ මොහොත වන විට ආණ්ඩුව තමන්ගේ බලය පවත්වාගෙන යාමේ අරමුණින් මඟහැර යන, මහජනතාවගේ ජීවිතවලට එල්ල වී තිබෙන ආර්ථික අර්බුදයේ භයංකාරකම පිළිබඳව අපි හෙළි කරන්න සූදානම්. ආර්ථික අර්බුදයට මේ ආණ්ඩුව මූලික වශයෙන් වගකිව යුතු වුවත් කිසිකෙනෙකුට මේ අර්බුදය මඟහැර යන්න බැහැ.
මූලිකවම ගත්තොත් පවතින ණය බර, රටක් හැටියට දරාගන්න බැහැ. විදේශීය ණය පංගුව විශාල වශයෙන් වැඩිවීම ඊට බලපා තිබෙනවා. මේ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විශාල සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. ආණ්ඩු බලය කවුරුන් විසින් හෙබවූවද, හොබවන්න බලා සිටියද, ඒ ඕනෑම කෙනෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්නම වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ රටේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳනවා කියන එක නොවෙයි. රට සංවර්ධනයට යනවා කියන එක නොවෙයි. මූලික අඩිතාලමක් දමා ගන්න, හුස්ම ගන්න, අවස්ථාව සලසා ගන්නවා කියන එකයි. මේ සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී තිබෙනවා. 1959 සිට අපි මූල්‍ය අරමුදලේ සාමාජික රටක්. ඒ සාමාජිකයන්ට ලැබෙන සියලු වරප්‍රසාද අපට හිමියි. ඔවුන් තම සාමාජික රටවලට ගෙවුම් ශේෂ අර්බුදයකින් බේරා ගැනීමට උපදෙස් දීම සහ මැදිහත් වීම සිදුකරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මූල්‍ය අරමුදල මැදිහත්වී සාකච්ඡා කිරීම හොඳයි. නමුත් අපේ රට සංවර්ධනය කිරීමේ සැලැස්ම හෝ එහි ගමන් මඟ මූල්‍ය අරමුදලෙන් ලබාදෙන්නේ නැහැ. එය ඔවුන්ගේ කාර්යභාරයක් නොවෙයි. අපේ රට දියුණු කිරීමෙන් සහ දිශානතිය තීරණය කිරීම අප විසින් කළ යුතුයි. නමුත් මේ වන තෙක් ආණ්ඩුව ඒ සඳහා සැලසුම් සකස් කර නැහැ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලිෆඞ් චාන්ස් සහ ලසාඞ් කියන ජාත්‍යන්තර ආයතන දෙක මැදිහත් කරගෙන තිබෙනවා. ක්ලිෆඞ් චාන්ස් මැදිහත් වී මූලික සාකච්ඡාවක් සිදුකළා. එහිදී මතුවුණු මූලික කාරණා කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුයි. පළමුවෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවතින ප්‍රාථමික ශේෂය ධන 2.3 දක්වා 2025 වන විට ගෙනයා හැකි බව ආණ්ඩුව කියනවා. නමුත් පවතින තොරතුරු දත්ත විශ්ලේෂණය කළ විට එය ලේසි වැඩක් නොවන බව අපට පෙනෙනවා. මේ තත්වයට ළඟා වුණොත් පමණක් ණය තිරසාර තත්වයකට ළඟා විය හැකියි. ඒ කියන්නේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය දරාගත හැකි ආකාරයට සකස් කර ගැනීමයි. පවතින තත්වයන් යටතේ රට රටවල්වල ණය පිළිබඳව ගැටලුව වෙනස් වෙනවා. ජපානය වගේ රටක ණය බර 250%ක් වෙනවා. නමුත් එය ඒ රටට දරාගත හැකි, ගෙවිය හැකි තත්වයක්. නමුත් අපේ ප්‍රමාණවත් ආදායම් ඉපයීමක් නැති නිසා අපේ ණය තිරසාරභාවය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%ට වඩා අඩුවෙන්න ඕනෑ. එහෙම නම් ණය තිරසාරභාවය ඇති කර ගන්නේ කොහොමද කියන සැලසුම් සකස් කරන්න ඕනෑ. ආණ්ඩුව පැත්තෙන් ප්‍රාථමික අයවැය ශේෂය ධන 2.3ට යන ආකාරය පැහැදිලි කරන්නේ නැහැ.
මේ තත්වය තුළ ආණ්ඩුව රජයේ ආදායමෙන් ණය පොලී ගෙවීම ඉවත් කර අනෙකුත් වියදම් සමග දළ ජාතික නිෂ්පාදිතය සමග සැසඳීමෙන් ධන අගයක් ලබා ගැනීමට උත්සාහ කරන බවට මත අපට සැකයක් ඇතිවී තිබෙනවා. මේ ශේෂය 2021 ඍණ 6%යි. 2020 දී එය තිබුණේ ඍණ 4.6යි. තව අවුරුදු දෙකකින් 2025 වන විට ධන 2.3ට යන්නේ කොහොමද? මහ බැංකුවට අනුව 2023 දී ඍණ 8%ක හිඟයක් තිබිලා 2024දී ධන අගයකට පරිවර්තනය වී 2025දී ඔය කියන ඉලක්කයට යන බව සඳහන් කරනවා. මේ තත්වය තුළ අපිට පැහැදිලි වෙන්නේ පොලිය හැර රජයේ විශාල වැය බරක් දරන රාජ්‍ය වැටුප් ගෙවීම මහජනතාව පීඩනයට පත්කරමින් කපා හැරීමේ ඉඩකඩක් තිබෙන බවයි. වියදම් කපා හැරීම කියලා එන්නේ එතනට බව අපි හිතනවා. නමුත් වියදම් තුළ වංචා, දූෂණ, නාස්තිය සියල්ලම තිබෙනවා. කළ යුත්තේ වංචා, දූෂණ, නාස්තිය ඉවත් කිරීම මිස වැටුප් අවම කිරීම නොවෙයි. මේ කියන ධන 2.3නේ ඉලක්කයට යන්න නම්, ආදායම් වැඩිකර ගෙන වියදම් කපන්න ඕනෑ. පවතින ව්‍යුහය ඇතුලේ ආදායම් වැඩිකර ගන්න නම් ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕනෑ. පවතින සොච්චම් ජාතික ධනයෙන් වැඩිපුර උකහා ගන්න ආණ්ඩුව ක්‍රියාකළහොත් මහජනතාව අන්ත පීඩනයකට පත්වෙනවා. මෙයින් සිදුවෙන්නේ මහජනතාවගේ යහපත නොවෙයි ආණ්ඩුවේ බේරීමයි. ඒ වෙනුවෙන් බදු පිට බදු පැමිණීමිට නියමිතයි. සහන කපා හැරීම සහ විදුලි බිල, ජල බිල වැනි සියලු වියදම් ඉහළ දැමීමට නියමිතයි.
මේ අනතුර අපි තේරුම් ගන්න ඕනෑ. තේරුම් ගැනීමෙන් තත්වය පරාජය කරන්න ඕනෑ. ඕනෑම ආණ්ඩුවකට විනාශකාරී ලෙස ජාතික සම්පත් විකුණා දමන්න ලේසියි. මේ වන විටත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන තවත් කොන්දේසියක් වන්නේ විදුලිය, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය හා භාණ්ඩ හා සේවාවල පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කළ යුතු බවයි. නමුත් මේ තුළින් යම් පීඩනයකට පත්වෙන කණ්ඩායම් වලට සහන ලබාදෙන්නත් මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා. නමුත් ගෑස් මිල, ඉන්ධන සහ විදුලිය මිල තුළ ඒවායේ සැබෑ නිෂ්පාදන පිරිවැයට අමතරව වංචා, දූෂණවලින් කොටසකුත් ඇතුළත් කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට අයි.ඕ.සී. සමාගම මේ වසරේ දෙවන කාර්තුවේ රුපියල් බිලියන දහයක ශුද්ධ ලාභයක් පෙන්වා තිබෙන්නේ මේ නිසයි. තව පැත්තකින් මහ බැංකුවේ ස්වාධීනත්වය සහ මූල්‍ය ස්ථායීකරණය වෙනුවෙන් ඉඩදෙන්න ඕනෑ. වෘත්තීයමය වැඩකටයුතු කරන්න මහ බැංකුවට අදාළ ස්වාධීනත්වය ලබාදිය යුතුයි. එක අරමුණක පිහිටලා රජයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාකරන්න ආණ්ඩුව ඉඩදිය යුතුයි. නමුත් බලය රැකගැනීම හෝ ලබාගැනීම වෙනුවෙන් බදු ප්‍රතිපත්තිය අඩු-වැඩි කරමින් මූල්‍ය ප්‍රතිපත්තිය බිල්ලට දෙන තත්වයක් අපි දකිනවා. අද තිබෙන තත්වය අනුව මහ බැංකුව ක්‍රියාත්මක කරන මූල්‍ය උපක්‍රමවලට ආණ්ඩුව සහයෝගය නොදෙන ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්.
මේ වන විටත් මූල්‍ය අරමුදලෙන් අපි දහසය වතාවක් විස්තීරණ අරමුදල් පහසුකම් ලබාගෙන ගෙවුම් ශේෂ තුළනය සම්බන්ධ ගැටලු මඟහරවාගෙන තිබෙනවා. නමුත් කුඩා කුඩා සංශෝධන කළා මිස අපේ රට නිසි මාර්ගයක සංවර්ධනයට ගියේ නැහැ. මේ වතාවේ ඩොලර් කෝටි 290ක් අවුරුදු හතරක් තුළ ලැබෙන්නේ. මේ යන ගමන් මාර්ගය මත මේ ණය මුදල මත සියලු ප්‍රශ්න විසඳෙන බවට මිථ්‍යා මතයකට නොයා යුතුයි. මේ ණය ලබාදීමේදී මතුපිටින් නොපෙනෙන අය කිරීම් කරනවා. පොලිය අඩු බව ඇත්ත. නමුත් දැනට පොරොන්දුවී තිබෙන ඩොලර් කෝටි 290 වෙනුවට ඊට අඩු ප්‍රමාණයක් ආණ්ඩුව ඔවුන්ගේ කොන්දේසි ඉටුකිරීම මත ලබාදුනහොත් මුළු ණය මුදලටම පොලී අය කරනවා. ඒ වගේම සැඟවුණු සේවා ගාස්තුවකුත් තිබෙනවා. අපි මුල්ම ණය වාරික ලබාගත් 1964 ඉඳලා සලකා බැලුවාම 1984 සිට මේ දක්වා ලබාදී තිබෙන්නේ ඩොලර් කෝටි 350ක වගේ ණය ප්‍රමාණයක්. නමුත් අපි එම කාලය තුළ ගෙවූ සහ ඉදිරියේදී ගෙවන්න තිබෙන සේවා ගාස්තු සහ පොලිය ගණනය කළාම ඩොලර් කෝටි සියයකට ආසන්න ප්‍රමාණයක් ගෙවීමට සිදුවී තිබෙනවා. මූල්‍ය අරමුදල අපේ රටේ තිබෙන දේශපාලන තත්වය මත දූෂණය, අවම කිරීම පිළිබඳවත් කරුණු දක්වා තිබෙනවා. ණය තිරසාර සැලැස්ම පිළිබඳව මේ දක්වා ආණ්ඩුව සැලසුමක් ඉදිරිපත් නොකළත් මෑතකදී සැලසුමක් ඉදිරිපත් කරන බවක් පේන්නේ නැහැ. මේ තත්වය තුළ අර්බුදයෙන් ගොඩයාම වෙනුවට තව තවත් ගැඹුරු වන බව පැහැදිලි වෙනවා. ඉදිරියේදී ජාතික ජන බලවේගයේ ආර්ථික සභාව පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත් කරනවා. ඒ තුළින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳව හොඳ සංවාදයක් හදාගන්න අපි අපේක්ෂා කරනවා.

බදු වැඩිකර ගන්න යාම තුළ ආර්ථිකය තව තවත් හැකිළෙනවා

මහාචාර්ය ජනත් කුමාරසිංහ

නිදහස් අධ්‍යාපනයෙන් මේ තැනට ආව අපිට රටේ ජනතාව හා සම්බන්ධ දෛනික ගැටලුවලදී සමස්ත ආර්ථිකයේ ඇතිවන ගැටලුවලදී සම්බන්ධ වීමේ වගකීමක් තිබෙනවා. ආර්ථිකය සම්බන්ධ පර්යේෂණවලින් ලබාගන්නා දත්ත, දැනුම, තොරතුරු මඟින් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සහ මෙවැනි මාධ්‍ය හමුවලින් දැනුවත් කිරීම ඒ වගකීමේ එක කොටසක්. ජනතාවගේ දෛනික ආර්ථිකය වගේම රටේ සමස්ත ආර්ථිකය පිළිබඳව නිරන්තර ජනතාව දැනුවත් කරන්න මේ ආර්ථික කවුන්සිලයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඇතැම් දත්ත ඉතාමත් සංවේදී ඒවා. ආර්ථිකය මෙහෙයවන පුද්ගලයන් කවුරු වුණත් ආර්ථිකය මෙහෙයවීමෙන් ලැබෙන ධන හෝ ඍණ ප්‍රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මේ රටේ ජනතාවයි. ආර්ථිකය ගැන පර්යේෂණ කරන, අදහස් දක්වන, වැඩමුළු පවත්වන සියලු දෙනාටත් මේ වේදිකාවට ගොඩවෙන ලෙස ආරාධනා කරනවා. රජයට වුණත් අවශ්‍ය අවස්ථාවල අපි දත්ත, නිගමන, ලබාදී පවතින අර්බුදයෙන් යම්තමින් හෝ ආර්ථිකය ගොඩගන්න අපේ කැපවීම කරනවා.
මූල්‍ය අරමුදලෙන් යම් සහනයක් අපි බලාපොරොත්තු වෙනවා නම්, ඉටුකළ යුතු මූලික කොන්දේසි කිහිපය අතරින් ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් ඇතිකර ගැනීම අවශ්‍යයි. මේ තත්වය ඇතිකර ගන්න නම් ආදායම වැඩිකරගෙන වියදම් අඩුකර ගත යුතු ආකාරය මහාචාර්ය අනිල් ජයන්ත පැහැදිලි කළා.  ඕනෑම රටක රාජ්‍ය ආදායමේ ප්‍රධානම මූලාශ්‍රය ඍජු හෝ වක්‍ර බදුයි. දැනටත් අපි විශාල බදු ප්‍රතිශතයක් සහිත රටක්. සාමාන්‍ය පුද්ගලයෙක් තමන්ගේ ආදායමෙන් 40%ක් පමණ බදු ගෙවන තත්වයක් පවතින්නේ. රජයේ බදු වැඩිකර ගැනීමට යාමේදී ආර්ථිකයේ අනිකුත් සාර්ව ආර්ථික කරුණු කෙරෙහි බලපානවා. රටක ආර්ථිකයේ සාර්ව ආර්ථික විචල්‍යයන් ලෙස හඳුනා ගන්නා ණය පොලී අනුපාත, උද්ධමනය, විදේශ විනිමය අනුපාත, විරැකියා අනුපාත වැනි සියල්ල එකිනෙක හා සම්බන්ධයි. මේ එක් හෝ විචල්‍යයකට සිදුකරන බලපෑම හෝ වෙනස් කිරීම අනිකුත් ආර්ථික විචල්‍යයන් කෙරෙහි අනිවාර්යයෙන්ම බලපානවා. බදු වැඩිකිරීමට උත්සාහ කළොත් එය රටේ සමස්ත ජනතාවගේ ජන ජීවිතයට ඍජුව බලපානවා. ඒ වගේම පොලී අනුපාත වැඩිකිරීමෙන් උද්ධමනය පාලනය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. එය මහ බැංකුව විසින් කළ යුතු පියවරක්ව තිබුණා. එයින් ආර්ථිකයට කම්පනයක් ඇති කරනවා.
මේ මඟින් ආර්ථිකයට ඇතිකර තිබෙන කම්පනයෙන් අනිකුත් විචල්‍යයන්ට බලපෑම් සිදුවී තිබෙනවා. ප්‍රධානම බලපෑම ව්‍යාපාරිකයන්ට අදාළයි. ඔවුන්ගේ ප්‍රාග්ධන සම්පාදනය සිදුකරන්නේ බැංකු ණය ගැනීමෙන්. බැංකු ණය ලබාගැනීම වෙනුවෙන් පිරිවැයක් දරන්න සිදුවෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යාපාර ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ තුළ අඩංගු ලාභය තිබෙන්නේ මුළු පිරිවැයෙන් 10% – 15% අතර ප්‍රමාණයකයි. නමුත් අද වන විට පොලී අනුපාතිකය 25% ඉක්මවා තිබෙනවා. මේ තත්වය මත බැංකුවලින් ණය ලබාගෙන ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභවල ලාභය ඔහුගේ බැංකු ණය පොලිය ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා ව්‍යාපාර සියල්ල අස්ථාවර තත්වයකට පත්වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොවෙයි මහා පරිමාණ ව්‍යාපාර පවා අස්ථාවර වී තිබෙනවා. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම අඩපණ කර තිබෙනවා. මේ නිසා අපේ ආර්ථිකය හැකිළෙමින් පවතිනවා. ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් කර තිබෙන පුරෝකථන අනුව ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට අනතුරු හඟවා තිබෙනවා. 2023 වර්ෂයේදී අපේ ආර්ථිකය 2011 පැවති තත්වයට ඇද වැටිය හැකි බව පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව බදු වැඩිකර ගැනීමට යාම තුළ ආර්ථිකය හැකිළෙන වේගය තව තවත් තීව්‍ර වෙනවා. මේ නිසා කෙසේ හෝ රැඳී සිටින ව්‍යාපාරවලට පවා විශාල තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. මම මුලින් සඳහන් කළ එකිනෙකට සම්බන්ධ සාර්ව ආර්ථික කරුණු අනුව ව්‍යාපාරිකයන් ලබාගෙන තිබෙන ණය සඳහා පොලී ගෙවීමේ ප්‍රශ්නයක් පවා ඇති වෙන්න පුළුවන්.
මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන ලෙස උපදෙස් දීමත් දැනට ණය වාරික සහ පොලිය ගෙවීම් කළ නොහැකි තත්වයකට ඇද වැටෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි තත්වයකදී ආර්ථිකයක් ගොඩගැනීම සහ ආර්ථිකය ඉදිරියට තල්ලු කරන බැංකු ඇතුළු මූල්‍ය පද්ධතිය මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් ආයතනත් විශාල අවදානමකට යන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ ඉතාමත් පරෙස්සමෙන් අවදානම කළමනාකරණය කරන්න ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළහොත් අපේ සමස්ත මූල්‍ය පද්ධතියම දැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්. එවැනි තත්වයක් නැවත නිවැරදි කර ගත නොහැකි ප්‍රතිවිපාකයක් ගෙනඒවි. ආර්ථිකයක මූල්‍ය සම්පාදන මාර්ග මේ ආකාරයට අවදානමකට ලක්වී තිබෙනවා වගේම බලශක්ති සම්පාදනයත් විශාල අනතුරකට මුහුණ පා තිබෙනවා. බලශක්තිය රටේ ව්‍යාපාරවලට සහ ජන ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. අද වන විට බලශක්ති සැපයුම බරපතළ අර්බුදයකට ලක්වී තිබෙනවා. ආර්ථිකය තුළ තවත් ප්‍රධාන කරුණු ගණනාවක් කතා කළ හැකි වුවත් මූල්‍ය පද්ධතිය සහ බලශක්ති සැපයුම කියන මූලික කාරණා දෙක තුළ අපේ ආර්ථිකය තව තවත් අගාධයට වැටෙමින් යනවා කියන එක අපි අවධාරණය කරනවා. ඒ සඳහා නිසි පියවර ඉක්මනින්ම ගත යුතුයි. බලශක්ති සම්පාදනයේ ස්ථාවරත්වය ඇති කළ යුතුයි.
ණය ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. ණය අයෝජනය කර, ලබාගත් ප්‍රතිලාභ මොනවාද, ණය නිසි ලෙස කළමනාකරණය කර, ආයෝජනය කළාද යන ප්‍රශ්න ඇතිවෙනවා. ණය නිසි ලෙස ආයෝජනය කළා නම්, ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක අද ඇතිවෙන්නේ නැහැ. ණයවලින් ලැබෙන ප්‍රතිලාභ ආර්ථිකයට ගලා නොඒම මූලික ප්‍රශ්නයක්. මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් එය ඍජුවම බලපානවා. ඒ සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේශම්කාරී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා. බලශක්ති සම්පාදනයත් ඒ ආකාරයෙන්මයි. මේ ප්‍රධාන කරුණු දෙක නිසි ලෙස මෙහෙයවීමට ක්‍රියා නොකළහොත්, රට තුළ පවතින විචල්‍යයන් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අපේ ආර්ථිකය එක තැන පල් වෙද්දී අනෙකුත් රටවල ආර්ථිකයන් අපි පසුකරමින් වේගයෙන් ඉදිරියට යනවා. වියට්නාමය, බංගලිදේශය, ඉන්දියාව උදාහරණයි. මේ තත්වය තුළ නිසැක ලෙසම අපේ ආර්ථිකය වැටීම නතර කර ගත යුතුයි. එහිදී මූල්‍ය පද්ධතියට හා බලශක්තියට සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුයි.
ආර්ථිකයක ප්‍රධාන එන්ජිම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියයි. දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනයාම, විශාල රැකියා ප්‍රමාණයක් සම්පාදනය කිරීම, සිදුවන්නේ මේ ක්ෂේත්‍රය තුළයි. නමුත් මූල්‍ය පද්ධතිය සහ ඉන්ධන සැපයීම බිඳ වැටුණහොත් අපේ ආර්ථිකය මීටත් වඩා අඳුරු තත්වයකට ඇද වැටෙනවා. දැනට පවතින සංඥා කොහෙත්ම සුබදායී නැහැ. විරැකියාව වේගයෙන් වැඩිවෙනවා. මෙවැනි ආර්ථික අර්බුදයකදී ලෝකයේ අනෙකුත් රටවල් ප්‍රමුඛස්ථානය දිය යුතු අනුපිළිවෙළවල් සකස් කරනවා. අද අපේ රටේ ප්‍රධානම වී තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීමයි. දේශපාලනය අස්ථාවර වූ තැනක ආර්ථික ස්ථාවරත්වයක් රැඳී තිබෙන්නේ නැහැ. ආර්ථිකය ගොඩගන්න දේශපාලන ස්ථාවරත්වය ඉතා ඉක්මනින් සකස් කර ගත යුතුයි. ආර්ථිකය ඉදිරියට යද්දී බලශක්තිය සහ ආර්ථිකය අතර ධනාත්මක සම්බන්ධතාවයක් පවතිනවා. ඒ වගේම ප්‍රාග්ධන සම්පාදනයේ පිරිවැය සහ ආර්ථිකය ඉදිරියට යාම අතර සම්බන්ධයක් තිබෙනවා. මේ විචල්‍යයන් අතර සම්බන්ධතාවය කෙරෙහි දැඩි අවධානය යොමු කර ප්‍රමුඛතා අනුව ආර්ථිකය නිසි තැනට යොමුකිරීමේ වගකීම තිබෙනවා. රටක් හැටියට අපි ඒ වගකීම බාරගන්න සූදානම්. ඒ සම්බන්ධ නිරන්තර දැනුවත් කිරීම් මහජනතාව හමුවේ කිරීමට අපි කැපවී සිටිනවා.

ජ්‍යෙෂ්ඨ කථිකාර්ය ශාන්ත ජයරත්න

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක, එංගලන්ත රෙඩිං විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ජයරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිද සහභාගි වූහ. ජ්‍යෙෂ්ඨ කථිකාර්ය ශාන්ත ජයරත්න ඉංග්‍රීසි බසින් කරුණු ඉදිරිපත් කළේය. 

Show More

ගම කරා ආර්ථිකය ප්‍රසාරණය කිරීමේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නවා

කොළඹට කේන්ද්‍ර ගතවී තිබෙන ආර්ථිකය ගම වෙත ප්‍රසාරණය කිරීමේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ ගලධාරි හෝටලයේ පැවති සංචාරක ව්‍යවසායක හමුවේදී ය. එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත, එම පක්ෂයේ පාර්ලිමේන්තු […]

කොළඹට කේන්ද්‍ර ගතවී තිබෙන ආර්ථිකය ගම වෙත ප්‍රසාරණය කිරීමේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ ගලධාරි හෝටලයේ පැවති සංචාරක ව්‍යවසායක හමුවේදී ය. එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය ශාන්ත ජයරත්න සමඟ විද්වතුන් පිරිසක් මෙන්ම සංචාරක ව්‍යවසායකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස් පහත පළ කෙරේ.

සංචාරක ක්ෂේත්‍රයේ යම් ගැටලු පිළිබඳව මෙයට පෙර අපව හමුවී සාකච්ඡා කළ පිරිසක් වගේම පළමු වතාවට හමුවන විශාල පිරිසක් ඉන්නවා, අපිත් එක්ක සාකච්ඡා කරන්න, සංවාදයේ යෙදෙන්න. මේ අවස්ථාවට සහභාගි වන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මෙහිදී ඔබට වැඩියෙන් ඇහුම්කන් දෙන්න බලාපොරොත්තු වන අතර අපේ දැක්මට අදාළ කරුණු කිහිපයක් කෙටියෙන් ඉදිරිපත් කරනවා.
කෝවිඞ් වසංගතයට සහ පාස්කු ප්‍රහාරයට පෙර ආර්ථිකයේ කුමන තැනක්ද සංචාරක ව්‍යාපාරයට තිබුණේ. ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ආවේ 2018 වසරේදී. මිලියන 2.3ක් වගේ ප්‍රමාණයක් ඇවිත් ඩොලර් බිලියන 4.3ක පමණ ආදායමක් ඉපයූවා. දළ ජාතික නිෂ්පාදිතයට 4.9%ක පමණ දායකත්වයක් ලබාදුන්නා. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් ලබාදී තමන්ගේ ජීවනෝපාය බවට පත්කර ගෙන සිටියා. කුමන පැත්තකින් බැලුවත් ආර්ථිකයේ වැදගත් ස්ථානයක් සංචාරක ක්ෂේත්‍රය උසුලන බව මේ සංඛ්‍යා දත්ත, තොරතුරුවලින් පැහැදිලි වෙනවා. අපේ ආර්ථිකයේ මූලික කරුණු ගණනාවක් අතර, සංචාරක ක්ෂේත්‍රය ස්ථානගත කරන්නේ කොතැනද කියලා නිරාකරණය කර ගන්න ඕනෑ. එහිදී අපේ ආර්ථික උපාය මාර්ගය වැදගත් වෙනවා. අපේ ආර්ථික උපාය මාර්ගය හදනකොට සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් පවතිනවා. අපේ රටේ පිහිටීම, මේ රටේ ස්වභාවික සම්පත්, මානව සම්පතේ ස්වභාවය, භූ දේශපාලනයේ ස්වභාවය සහ මේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය යන කරුණු පහ මූලික වශයෙන් ඉතාම වැදගත් බව අපි විශ්වාස කරනවා.
මේ ක්ෂේත්‍ර අතරින් සංචාරක ව්‍යාපාරය අයත් වෙන්නේ රටේ ස්වභාවික සම්පත් තිබෙන ක්ෂේත්‍රයට බව අපි හිතනවා. අපේ රටේ ඉතාමත් හොඳ වෙරළ තීරයක් තිබෙනවා. දේශගුණික කලාප ගණනාවක්, විශාල ජෛව විවිධත්වයක්, පෞරාණික උරුමයන් රැසක් තිබෙන සහ ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳව ඉහළින් ඔසවා තබා තිබෙනවා. අපේ රටේ ස්වභාවික සම්පත් මත ගොඩනැගෙන සංචාරක ව්‍යාපාරය වැදගත්ම ක්ෂේත්‍රයක්. අපි මේ මොහොතේ මුහුණ දී තිබෙන දිගු කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිවිපාකයන් මඟින් ප්‍රධාන ගැටලු දෙකකට කේන්ද්‍රගත වී තිබෙනවා. ඩොලර් හිඟය වගේම රුපියල් හිඟයකුත් ඇති වී තිබෙනවා. වැඩිපුරම කතා කෙරෙන්නේ ඩොලර් හිඟය ගැන. නමුත් රට තුළ භාවිතා කෙරෙන රුපියල් පවා හිඟවී තිබෙනවා. 2021දී අපේ විදේශ වෙළඳාමේ පාඩුව ඩොලර් බිලිය 8.2යි. ණය වාරික ගෙවීමට ඩොලර් බිලියන 6.7ක් වැය වෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලිය 14.8කට වැඩිය අතිරේක මුදලක් මේ කරුණු දෙක සඳහා පමණක් අවශ්‍ය වෙනවා. එය පියවා ගැනීමට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් ලැබෙමින් තිබුණා. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලැබුණා. ඒ තත්වය තුළ ඩොලර් බිලියන 3.5කට ආසන්න හිඟයක් මේ ක්ෂේත්‍ර දෙක සඳහා පමණක් පවතිනවා.
අපේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳීමේදී සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම තුළින් යම් උත්තරයක් සොයා ගත හැකියි. නමුත් ඩොලර් අර්බුදයට වඩා විශාල අර්බුදයක් රුපියල් සම්බන්ධයෙන් තිබෙනවා. 2021 රජයේ මුළු ආදායම ටි්‍රලියන 1.4යි. ණය වාරික ගෙවීම හැර රජයේ මුළු වියදම ටි්‍රලියන 3.5යි. තව විදිහකින් කියනවා නම් භාණ්ඩාගාරයට රුපියල් 40/-ක් ලැබෙන විට ආණ්ඩුව රුපියල්100/-ක් වියදම් කරනවා. ඒ කියන්නේ 60%ක ආදායම් හිඟයක් තිබෙනවා. රජයේ ආදායම්වලින් විශාල පංගුවක් ලැබෙන්නේ බදුවලින්. බදු ආදායම් ඉහළ යන්නේ ආර්ථිකය ප්‍රසාරණය වීමෙන්. ආර්ථිකය හැකිළුනොත් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් පහත වැටෙනවා. මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙන්නේ මේ වර්ෂයේදී අපේ ආර්ථිකය ඍණ 8.7%කින් හැකිළෙන බවයි. ඒ කියන්නේ ජාතික ආදායම ඩොලර් බිලියන 72කට හැකිලේවි කියලා පුරෝකථනය කරනවා. එවිට භාණ්ඩාගාරයට ලැබෙන ආදායම තවත් පහත වැටෙනවා. රුපියල් අර්බුදය විසඳා ගැනීමේදීත් සංචාරක ව්‍යාපාරය පැතිරීම වැදගත් වෙනවා.
අපේ කෘෂිකර්මාන්තයට භූමියෙන් 11%ක් යොදවා තිබෙනවා. මේ භූමිය ආරක්ෂා කර ගැනීම ප්‍රධානම අභියෝගයක්. කෘෂිකර්මාන්තය වෙනුවෙන් භූමිය වර්ධනය කර ගැනීමට නොහැකි තත්වයක් තිබෙන්නේ. මේ නිසාත් ආර්ථිකයේ පළල් කර ගත හැකි ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය. ජන ජීවිතය තුළ ග්‍රාමීය දුප්පත්භාවය සහ ග්‍රාමීය තරුණ තරුණියන්ට නව ආර්ථික අවස්ථා අහිමිවීම බරපතළ තත්වයක්. මේ නිසා ලක්ෂ දහයකට ආසන්න පිරිසක් ත්‍රී විලරය තමන්ගේ ආර්ථික ජීවනෝපාය බවට පත්කරගෙන තිබෙනවා. මෙතනට ලක්ෂ දහයක් ඇදී ගියේ ඒ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට අසමත් වීමෙන්. ඒ පැත්තෙන් ගත්තත් සංචාරක ක්ෂේත්‍රය රැකියා අවස්ථා ග්‍රාමීය වශයෙන් ලබාදීමට වැදගත්. දැන් අපි ඇවිත් තිබෙන්නේ කොළඹ කේන්ද්‍රකර ගත් ආර්ථිකයේ උපරිමයට. මේ නිසා ග්‍රාමීය ජනතාව දක්වා ආර්ථිකය ප්‍රසාරණය කරන්න සිදුවෙනවා. ඒ වෙනුවෙන් වැදගත් ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය. රටපුරා සංචාරක ගම්මාන ලෙස ප්‍රවර්ධනය කළ හැකි ගම් සහ නගර විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ ආර්ථිකය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම වැදගත් වෙනවා.
ඒ වෙනුවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අවශ්‍යයි. ඊට අදාළව ස්වභාවික සෞන්දර්යය, ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ අධ්‍යයනය, ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයනය වගේ ක්ෂේත්‍ර තිබෙන අතර, ඒ වෙනුවෙන් පළමු කොටම ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉතාම වැදගත්. දැන් තිබෙන්නේ ඉතාම නරක චිත්‍රයක්. ලෝක බැංකුවෙන් පොහොර ගේන්න ණය මුදලක් ලබාදී එයින් හොරකම් කරනවා ද බලන්නත් කණ්ඩායමක් එවන බව කීවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පවතින සාකච්ඡාව තුළ සිවිල් හා මානව අයිතිවාසිකම් රැකගැනීමට ආර්ථික අපරාධවලින් තොරවීම පිළිබඳවත් කතා වෙනවා. ඒ නිසා ඔවුන් ආර්ථික අපරාධ ගැන සොයා බලනවා. යුරෝපා පාර්ලිමේන්තුව, එංගලන්ත පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ මොනවාද? කෙන්යාවේ කතා වෙන්නේ මොනවාද? බංගලිදේශයේ අගමැතිතුමිය අපි ගැන කීවේ මොනවාද? සංචාරක ව්‍යාපාරයට මොනතරම් හිතවත් පරිසර පද්ධතියක්, සම්පත් පද්ධතියක් තිබුණත් ශ්‍රී ලංකාව හැටියට යහපත් ප්‍රතිරූපයක් නැති නම් සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් වදිනවා. මේ නිසා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය අපි ගොඩනඟනවා. පළමුවෙන් කළ යුත්තේ එයයි.
දෙවනුව ආර්ථිකයේ ඇතිවන ඕනෑම චලනයකදී මේ ක්ෂේත්‍රය ආරක්ෂා කර ගත යුතුයි. උදාහරණයක් හැටියට ඉන්ධන හිඟය අපේ රටේ කර්මාන්ත පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට බලපානවා. එහෙම වුණත් සංචාරක ව්‍යාපාරය ආර්ථික උපාය මාර්ගයේ වැදගත් කොටසක් නම්, ප්‍රමුඛතාවය මේ ක්ෂේත්‍රයට දිය යුතුයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින තත්වය යටතේ ඩුබායිවලට ගෙන ගියා. නමුත් මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අමතර ඩොලර් මිලියන 2ක් ලැබුණු බව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා තිබුණා. ක්‍රිකට් සම්බන්ධයෙන් පමණක් හිතුවොත් ඒක වැදගත්. නමුත් රටක් විදිහට හිතුවොත් සංචාරකයෙකුට එන්න බැරි ප්‍රශ්නයක් තිබුණේ. ආසියානු කුසලානයට කණ්ඩායම් අටක් විතර ලංකාවට ආවා නම්, දැන් ලංකාව සුරක්ෂිතයි කියන ප්‍රතිරූපය ගොඩනැඟෙනවා. නමුත් ඊට පස්සේ සිදුකළේ ඩුබායිවල මැච් එක ගහලා “විසිට් ශ්‍රී ලංකා” කියලා දැන්වීම් පළ කරනවා. සංචාරකයාට අවශ්‍ය සුරක්ෂිතභාවය ලබාදීම පිළිබඳවයි ක්‍රිකට් තරගාවලිය අතරේ පෙන්වන්න තිබුණේ. ක්‍රිකට් ආයතනය ගැන විතරක් හිතනවා නම්, ඩුබායිවල මැච් එක පැවැත්වීම ලාභයි. නමුත් රටේ සමස්ත ආර්ථිකයේ කොටසක් සංචාරක ව්‍යාපාරය ලෙස හිතනවා නම්, මැච් එක මෙහෙ ගහන්න ඕනෑ. ටීම් අටක් සම්බන්ධයෙන් නවාතැන්, ප්‍රවාහන පහසුකම්, ලබාදී කළමනාකරණය කර ගන්න බැරි නම් රටේ ප්‍රතිරූපය මොකක්ද? සංචාරක ව්‍යාපාරය ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍රයක් නම්, ඕනෑම කැලඹීමකදී මේ ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ.
තුන්වනුව ඉතාමත් කැලඹීම් තිබෙන සංවේදී ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය කියන්නේ. පාස්කු ප්‍රහාරය, වැනි ලංකාව තුළ තත්වය වගේම ලෝකයේ ඇතිවන තත්වයන් අනුව මේ ක්ෂේත්‍රය උච්ඡාවචනය විය හැකියි. අන්න එවැනි අවස්ථාවලදී ස්ථායී රැකවරණයක් ලබාදීමට රැකවරණ අරමුදලක් පිහිටුවිය යුතුයි. 2007 දී එක්සත් ජනපදයේ මූල්‍ය වෙළඳපොළ තුළින් ඇතිවූ ආර්ථික කඩා වැටීමෙන් බැංකු පද්ධතියම අනතුරට පත් වුණා. නමුත් ඇමෙරිකානු රජය බැංකු පද්ධතියට ඩොලර් බිලිය 700ක් මුදා හැරියා. සාමාන්‍ය පුරවැසියන් අර්බුදයකට පත්වී සිටියදී බැංකු පද්ධතිය බේරා ගන්න මේ මුදල වියදම් කිරීම ගැන විශාල විවේචනයක් ආවා. නමුත් ආර්ථික පද්ධතිය සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ ආණ්ඩුව වැය බරක් දැරුවා. සංචාරක ව්‍යාපාරයත් මේ ලෙස ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක්. මෑත කාලයේ සංචාරක ව්‍යාපාරයට බලපෑ අර්බුදයන් වැනි තත්වයන්වලදී සංචාරක රැකවරණ අරමුදලක් තිබීම වැදගත්. කෝවිඞ් වසංගතයේදී සෑම රටක්ම වාගේ තමන්ගේ ආර්ථිකයන් රැකගන්න භාණ්ඩාගාරයෙන් මුදල් යෙදවූවා. මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්න රැකවරණ අරමුදලක් අපි ඇති කරනවා.
සංචාරක ව්‍යාපාරය පටු ක්ෂේත්‍රයකට සීමාවී නැහැ. ප්‍රවාහනය, සෞඛ්‍යය, විනෝදාස්වාදය, වගේ ක්ෂේත්‍ර ගණනාවක එකතුවක්. මේ නිසා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මධ්‍යගත මධ්‍යස්ථානයක් ඕනෑ. ඒ නිසා මේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සංචාරක කොමිෂන් සභාවක් පත්කරන්න ඕනෑ. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ නියැලී සිටින කණ්ඩායම් නියෝජනය වන කොමිෂන් සභාවක් ඕනෑ. මේ ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ගැටුම්, වෙනස්කම් සමනය කර ගැනීමට මේ වැනි කොමිෂන් සභා අවශ්‍යයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ 99%කට වඩා වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ පෞද්ගලික අංශයේ. එහෙම නම් ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කර දීම අපේ මූලික කාර්යභාරයක්. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපේ දැක්මේ පස්වැනි ස්ථානය මේ වෙනුවෙන් යොමුකර තිබෙනවා. හයවෙනුව අපේ ඉතිහාසයේ සංචාරක ව්‍යපාරය ගැන ඇතිවී තිබෙන ආකල්පය වෙනස් කරන්න ඕනෑ. මේ ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ නියැලීම 6%ක් වගේ සීමිත ප්‍රමාණයක සීමා වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තිබෙන ආකල්පය යහපත් එකක් නොවෙයි. ඒ ආකල්ප වර්ධනය කිරීමට අදාළ අධ්‍යාපනයක්, සාහිත්‍යයක් ඇති කරන්න ඕනෑ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සම්බන්ධ වෙන්නේ මේ ක්ෂේත්‍ර හය තෝරාගෙන.
රටේ ප්‍රතිරූපය ගොඩනැංවීම, ක්ෂේත්‍රයේ අර්බුද විසඳීමට මැදිහත්වීම, මූලික කරගත් කරුණු හය මූලික සංවර්ධනය කරගත් සංවර්ධනයත් අපේ පාලනයක් යටතේ ස්ථාපිත කිරීමේ දැක්මක් අපට තිබෙනවා. 2030 වන විට මේ ව්‍යාපාරය කොතැනකට ගෙන යා යුතුයි ද කියන දැක්මක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් ඉලක්ක සම්පාදනය, යටිතල පහසුකම් සම්පාදනය, ආකල්පමය වෙනස්කම් ඇති කිරීම, මූල්‍ය පහසුකම් ලබාදීම සහ නීතිමය රෙගුලාසි සම්පාදනය අපේ කාර්යභාරයයි. මේ වෙනුවෙන් විවෘතව අදහස් දක්වන්න, සංවාද කරන්න අපි සූදානම්.

www.lankatruth.com

Show More