හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද?ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර මර්දනය විතරක් තමන්ගේ දේශපාලන උපක්‍රමය බවට පත්කර ගෙන සිටින රනිල් රාජපක්ෂට මතක් කර දෙන්න කරුණු කිහිපයක් තිබෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීල, ජන බලය ආපසු හරවන්න පුළුවන් කියලා හිතනවා නම්, නුගේගොඩ ජන බල රැලිය දිහා බලපල්ලා. 74 වසරක සාපය ඉවත් කරන […]
මර්දනය විතරක් තමන්ගේ දේශපාලන උපක්‍රමය බවට පත්කර ගෙන සිටින රනිල් රාජපක්ෂට මතක් කර දෙන්න කරුණු කිහිපයක් තිබෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීල, ජන බලය ආපසු හරවන්න පුළුවන් කියලා හිතනවා නම්, නුගේගොඩ ජන බල රැලිය දිහා බලපල්ලා. 74 වසරක සාපය ඉවත් කරන රැලිය නුගේගොඩින් ආරම්භ වෙලා තියෙන්නේ. අරගලයේ ජන බලය නැවත තහවුරු කරන්න උත්සාහ කරන්නේ ගෝල්ෆේස් අරගල භූමියේ මාස හතකර අත්දැකීම් සහ අඩුපාඩුකම් පිළිබඳව අවබෝධයෙන් යුතුවයි. අප්‍රේල් මාසයේ තුන්වැනිදා ලංකාව පුරා සිටින අරගලයේ කෙල්ලෝ කොල්ලෝ නිර්මාණශීලීව ඉදිරියට ආවා. ඒ බොහෝ දෙනෙකුට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණා. නමුත් සංවිධානාත්මක ව්‍යාපාරයක් හැටියට සෑමදාමත් ක්‍රියාකරන ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් 03වැනිදා උදේ 9.00ට අරගලය මහපාරට ගෙනත් පෙන්නුවා. ගෝටත් එක්ක හැප්පෙන්න සූදානම් බව අවධාරණය කළා. සවස් වෙද්දී මුළුමහත් ජනතාවම පාරට එන්න මඟපෙන්වීම කළා. සංවිධානාත්මක ව්‍යාපාර අවශ්‍ය වෙන්නේ ඒකට.
ගෝඨාභය රාජපක්ෂ දාන ඇඳිරිනීතිය වගේ කියලා අලුත් ප්‍රස්ථා පිරුළක් එකතු වුණේ ඒ සංවිධානාත්මක ක්‍රියාමාර්ග නිසයි. මැයි 09 වැනිදා සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පස්සේ සමහර අය ටිකක් ඉමු කියන සංවාදයකට ආවා. නමුත් ජාතික ජන බලවේගය රට පුරාම ජනතාව ඒකරාශී කරගෙන අරගලය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය බලය පෙන්නුවා. අවසානයේ ජූලි 09වැනිදා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන තැනට ජනතාව පෙළ ගැස්සුවා. අරගලකරුවෝ හැටියට අපි භූමිය අත්පත් කර ගැනීමේ උපක්‍රමය වෙනස් කර, නව බලයක් ගොඩනැගීම වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනවා. එය කළ හැක්කේ සංවිධානාත්මක, උපක්‍රමශීලී ජාතික ජන බලයට විතරයි කියලා නැවත වරක් ඔප්පුකර තිබෙනවා. අද මුල පුරන්නේ නව පන්නයේ ජාතික විමුක්ති අරගලයකට. එයට එකතුවී සිටින ඔබ සැම ඓතිහාසිකයි. මර්දනය ගැනම බලාපොරොත්තු තියන රනිල් රාජපක්ෂට කළ හැකිව තිබෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලි, චින්තක ඇතුළු සහෝදර සහෝදරියන් අත්අඩංගුවට ගැනීම පමණයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවලින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමක් විතරයි. හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද කියලා අපි රනිල් රාජපක්ෂ කල්ලියෙන් අහනවා. එහෙම නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බව ප්‍රකාශ කරවා. ඒ සියලු ජනතාව එකතු කර, ගෝඨාට එහා ගිය පාඩමක් රනිල් රාජපක්ෂට උගන්වන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.
රනිල් රාජපක්ෂ දැන් කරමින් ඉන්නේ තාවකාලික පැලැස්තර ටිකක් දැමීමයි. අපි ලෝකය ඉස්සරහා හිඟන්නෝ බවට පත්කර ඉවරයි. ලංකාවේ දරුවන්ගේ මන්දපෝෂණය ඉතියෝපියාව, සුඩානය සහ යේමනය යන රටවල්වල දරුවන් සමග සංසන්දනය කරනවා. ලෝකය ඉදිරියේ වගේම දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් තිබෙන රට හැටියට හඳුනාගෙන තිබෙනවා. රනිල් රාජපක්ෂ මේ කරුණු ගැන සොයන්නේ නැහැ. ඔහුව බලයට පත් කළ අයගේ උවමනා එපාකම් ඉටුකරමින් ජනතාවගෙන් පළිගන්න කොන්ත්‍රාත්තුව ඉටුකරමින් ඉන්නවා. අමානුෂික සහ අවමන් සහගත ලෙස පළිගැනීම දිවුරුම්දීලා පළවෙනි දවසේම ක්‍රියාත්මක කළා. අත්අඩංගුවට ගැනීම් කළේ සිවිල් ඇඳුමින්ය ගිය පොලීසියෙන්. හඹාගෙන ගිහින් අත්අඩංගුවට ගැනිම් සිදුකළා. නීතිඥවරුන්ට පවා අත්අඩංගුවට ගත් අය බලන්න දුන්නේ නැහැ. දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තෝරාගත් අය අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ මාස තුනක් රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේවා කරලා ජන මතය යටපත් කරන්න රනිල් රාජපක්ෂ හිතනවා නම්, එයාට හොඳටම වැරදිලා. රනිල්ගේ පොහොට්ටු කණ්ඩායමට පාරටවත් බහින්න බැහැ. ඔවුන්ව ඉදිරි අවුරුදු දෙකහමාරට රැකගැනීමයි රනිල්ගේ ඊළඟ කොන්ත්‍රාත්තුව. පිං ජනාධිපති ධුරයට පත්වුණු රනිල් රාජපක්ෂ ආර්ථිකය හදනවා කියන එක බොරු. ලංකා ඉතිහාසයේ පත්වුණු බියගුලු සහ නිවටම ජනාධිපති බව ගෙවුණු කාලය තුළ ඔප්පුකර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ හැටනව ලක්ෂයේ බලයත් තුනෙන් දෙකේ බලයත් ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් බලයත් තිබෙද්දී මහජන බලයෙන් පළවා හැරියා නම්, රනිල්ට සිදුවන දේ හිතාගන්නවත් බැරිවෙන බව අවධාරණය කරනවා.
අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් එක පුද්ගලයෙක් කියනවා ඔන්චිල්ලාව ඒ පැත්තේ ඉඳලා මේ පැත්තටත් එන බව. නමුත් ජාතික ජන බලවේගය ඒ ඉතිහාසය වෙනස් කරලා ඔන්චිල්ලාව දෙපැත්තට පද්ද, පද්දා හිටි කාලය අවසන් කරනවා. මේ සමාජය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සූදානම්. මේ සමාජයත් වෙනස් වෙන්න සූදානම්. ඒ නිසා රනිල් රාජපක්ෂට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අනතුරු හඟවනවා. පරණ සෙල්ලම් ඉවරයි. දැන් තියෙන්නේ ඉතිහාසය අලුත් කරන වැඩ දෙකක්. ජාතික ජන බලවේගයට ඒ අභියෝගය තිබෙනවා. එකක් මහපාරේත් අනෙක මැතිසබයේත්. මේ දෙකෙන් එකක්වත් අත්නොහැර ඒ මැච් දෙකම මාලිමාව ලකුණින් ගහන්න ජාතික ජන බලවේගය සූදානම්.
ඒ නිසා ආදරණීය අම්මා, තාත්තාට, සොයුරු සොයුරියන්ට මේ පණිවිඩය ගමක් ගමක් ගානේ ගෙනයාමේ කාර්යභාරය තිබෙනවා. අපි දැන් ඉන්නේ නිද්‍රාශීලී වූ රටක නොවෙයි, ඉතාම හොඳින් අවදිවූ රටක. රටක් හැටියට, සමාජයක් හැටියට නැගිටින්න පුළුවන් කොහොමද කියලා ජූලි 09වැනිදා පෙන්නුවා. ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියන්නේ දිනය දැන්ම කියන්න බැරි වුණත් වේදිකාවෙන් බැහැලා යන්න ලැහැස්තිවෙලා ඉන්න කියලයි. විකෘති පාර්ලිමේන්තුව වෙනුවට නව ජන වරමකින් මේ රට වෙනස් කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.
රට දැන් පත්වෙලා තියෙන්නේ දරුවන්ට පෝෂණය ලබාදෙන්න බැරි තත්වයකට. පෝෂණ මල්ලක් දෙනවා කියලා බලයට පැමිණි ආණ්ඩු ගෙනයන ක්‍රියාමාර්ග නිසා හිතනවාට වඩා භයානක තත්වයක් ගෙදර ඇතිවී තිබෙනවා. පවුලේ ආරාවුල්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හොඳටම වැඩිවෙලා. දරුවාට පෝෂණීය ආහාර වේලක් ලබාදෙන්න කිසිසේත්ම බැරිවෙලා තියෙන්නේ. අපේ ජීවිතවලට නිදහස සහ සැනසීමක් නැහැ. උදේ 4.00ට නැගිටින සහෝදරියන් කොපමණ දුක් වින්දත් සැනසීමක් ලැබෙනවාද? එහෙම වෙලා තියෙන්නේ මේ පාලකයන් ගෙනයන සිස්ටම් එක නිසයි. මේ සිස්ටම් එක වෙනස් කරන්න අප්‍රේල් 09වැනිදා තරුණ පරම්පරාව පාරට බැස්සා. දින 120ට වැඩි කාලයක් ගෝල්ෆේස් පිටියේ රට වටේමත් අරගල දියත් කළා.
අප්‍රේල් අවුරුදු කාලා අරගලය අවසන් කරයි කියලා සමහරු කිව්වා. තව සමහර අය මැයිවලදී ඉවර වෙයි කීවා. මැයි 09 පාලකයන් මුදාහැරි මර්දනය නිසා එතනින් ඉවරවෙයි කියලා තවත් සමහර අය කීවා. ඒ ගොල්ලෝ අරගලය අවතක්සේරු කළා. නමුත් ජූලි 09වැනිදා මහජන නැගිටීමෙන් විධායක ජනාධිපතිවරයා ගෙදර යවන්න හැකි වුණා. ගෝඨාභය රාජපක්ෂ පැන්නුවාට පස්සේ දූෂිත නියෝජිතයා 134දෙනෙකුගෙන් අසාර්ථක පාලකයෙක් පත්කරගෙන තිබෙනවා. නමුත් මේ මොහොතේ පවා ඔහුගේ අසාර්ථක පාලනය අවසන් කරන්න රට පුරාම ජනතාව පෙළගැසෙමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ඒ ජනතාව බය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. අපි ඒවාට බයවෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට අපි බය නැති බව කීවා. රනිල් රාජපක්ෂට කියන්නේත් අපි බය නැහැ කියලයි. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනවරමක් ඉල්ලා අපි පෙළ ගැසෙනවා. කුස්සියේ හිරවී ඉන්න අම්මලාත් ගෙවල්වල සිරවී ඉන්න තරුණ තරුණියනුත් මේ අරගලයේ කොටස්කරුවෝ වී ජනතාවාදී පාලනයක් ගොඩනැඟිය යුතුයි. ඒ අරගලය දිනන තුරු අපි සටන් කරනවා.
මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරිවී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර රනිල්, රාජපක්ෂලා, අපරාධකාරයින්, වංචනිකයින් ඇතුළු කණ්ඩායමකින් සමන්විතයි. ඒ වගේ හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීන වූවා කියන පිරිස හොරගල් අහුලනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අයත් හොරගල් අහුලමින් ඉන්නවා. මේ කඳවුර පවතින්නේ පාර්ලිමේන්තුවේ 134කින්. මහජනයාගේ කැමැත්ත මත නොවෙයි. අනික් පැත්තෙන් මේ ව්‍යවස්ථාව ඇතුලේ බලයක් නිර්මාණය කර ගන්න මේ කඳවුරට හැකිවී තිබෙනවා. අනික් කඳවුරට විවිධ වරදාන, වරප්‍රසාද ලබාදීමෙන් රඳාපැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා. ලබන සතියේ තවත් ඇමතිවරු රොත්තක් දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ මේ කණ්ඩායම් මෙහෙයවන අයට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී අලුතින් නියෝජ්‍ය සංවිධායකලාත් පත්කර සිටිනවා. මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා.
රනිල්ගේ උපදේශකලා හැටියට හිටපු ඇමතිවරුන් පත්කරගෙන. ඊට අමතරව විවිධ අධ්‍යක්ෂ ජනරාල්වරු පත්කරගෙන. විවිධ වරදාන, වරප්‍රසාද ලබාදී තමන්ගේ හිතවතුන් සනසනවාට අමතරව ඒවාට විරුද්ධ වෙන අයට මර්දනය දියත් කර තමන්ගේ පැවැත්ම තහවරු කරගන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා. ඒ ඉතිහාසය අවසන්වී දශක ගණනාවක් ගෙවී ඇති බව අපි මතක් කරනවා.
අරගලය සාමකාමී අය සහ ත්‍රස්තවාදීන් සිටි බව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වා. ඔහු කියන ඒ ත්‍රස්තවාදීන් කවුද කියලා අපි බලාගෙන සිටියා. පූල් එකේ සබන් ගාලා නාපු කෙනා එක ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළ කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ කොඩිය නිදාගත් කෙනා තව ත්‍රස්තවාදියෙක්. ෆ්‍රිජ් එකේ තිබුණු ගස්ලබු කෑල්ල කෑව කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කළ කෙනත් ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයට පළමුවෙන්ම ඇතුළුවූ කෙනත් ත්‍රස්තවාදියෙක්. මෙහෙම බැලුවාම රනිල් 134 රූට් එකේමයි යවන්න ඕනෑ. අරගලයට මැදිහත් වුණු අය මර්දනය කරලා තමන්ගේ පාලනය ගෙනියන්න හැකිවෙයි කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයෙන් පෙළපාළියක් ගියා. ටවුන් හෝල්වලින් පටන්ගෙන කොටුවේ රැස්වීමක් තියන්න ගියේ. යුනියන් ප්ලේස්වල මඟරැකලා සිටි පොලිසිය පහර පිට පහර දුන්නා. අරලියගහ මන්දිරයට, ජනාධිපතිමන්දිරයට යන්න ගිය පා ගමනක් නොවෙයි. රනිල් මංපහරන්නෙක් වගේ මඟ රැකලා ඉඳලා පහර දුන්නා.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය බිඳවැට්ටීම සඳහා රනිල් වික්‍රමසිංහ දරන සෑම ප්‍රයන්තනයක්ම පරාජය කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා. අපි දෙල්කඳ සිට නුගේගොඩට උද්ඝෝෂණ පෙළපාළියෙන් ආවා. මඟ රැකලා ඉඳලා අපිට පහර දෙන්න ආවා නම්, අපි නුගේගොඩින් නතර නොවෙන බව රනිල් වික්‍රමසිංහට කියනවා. ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන්න බලයක් රනිල් වික්‍රමසිංහට නැහැ. මේ රටේ ජනතාව රනිල්ට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න වත් අනුමැතිය දී නැහැ. 1977 සිට රනිල් වික්‍රමසිංහ ඇමති, අගමැති, විපක්ෂ නායක, හැටියට අවුරුදු 43ක් හිටියත්, පසුගිය මහ ඡන්දයේදී පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙන්න වත් මහජනතාව ඉඩ දුන්නේ නැහැ. ඒත් රනිල් දැන් 134කගේ නායකයා. ඔහු මර්දනය දියත් කර, රාජපක්ෂ කඳවුර සතුටු කරන්න ක්‍රියා කරනවා. මැයි 09 පහරදීමට විරුද්ධව රනිල් වික්‍රමසිංහගේ උපදේශක රුවන් විජේවර්ධන නිවේදනයකුත් දැම්මා. අන්තරයේ කැඳවුම්කරු වසන්තව අත්අඩංගුවට ගෙන පැය 72ක් ප්‍රශ්න කරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. නමුත් මම කියන්නේ රනිල් අපිව බිය වද්දන්න මහළු වැඩි බවයි. රනිල්ගේ කඳවුර අද රඳා පවතින්නේ 134 දෙනෙක් මතයි. දැන් මේ රටේ ජනතාව පාලකයන් කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ.
මේ කඳවුරට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළගැසී ඉන්නවා. ගමන්කරමින් තිබෙන ආර්ථික දේශපාන මාවත වෙනස් කරන්න ඔවුන් පෙළ ගැසෙනවා. ගෝල්ෆේස් පිටියෙත් රට පුරාත් පෙළ ගැසී සිටිනවා. ජාතික ජන බලවේගය සමස්ත ජනතාවගේ අරමුණු වෙනුවෙන් අරගල කරමින් ඉන්නවා. මේ අරගලයෙන් රනිල් රාජපක්ෂ කඳවුර විතරක් නොවෙයි සජිත් ප්‍රේමදාස ඇතුළු සිඟිති කඳවුරත් අභියෝගයට ලක්වෙනවා. ඔවුන් ජනතාවත් එක්ක දේශපාලනය කරනවා වෙනුවට තමන්ගේ පිරිස ආරක්ෂා කර ගන්න අරගලයක ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන්නේ සජිත්ලාගේ වැඩපිළිවෙළලු. මේ නිසා ඔවුන් දේශපාලනයේ නන්නත්තාර වූ කණ්ඩායමක් බවට පත්වී සිටිනවා. ඒ වගේම රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඩලස් අලහප්පෙරුම ඡන්දය ඉල්ලලා ආණ්ඩු පක්ෂයේ වාඩිවී ඉන්නවා. තව කණ්ඩායමක් ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා විපක්ෂයේ වාඩිවී ඉන්නවා. අද පාර්ලිමේන්තුවේත් එළියේත් ඔවුන්ගේ කඳවුර සුනුවිසුනු වෙලා තිබෙන්නේ. නිශ්චිත මතවාදයක්, ඉලක්කයක් සහිතව සාමූහිකව වැඩකරන, ඉතාමත් දුෂ්කර තත්වයක් යටතේත් නුගේගොඩ මහා හිස්ගොඩක් බවට පත්කළ හැකි වූයේ ජාතික ජන බලවේගයට පමණයි.
ගෝඨාභය 69ලක්ෂයකින් ජනාධිපති වුණා. මහින්ද අගමැති කරන 2/3කේ පාර්ලිමේන්තු බලයක් දුන්නා. නමුත් අද ඒ ජනමතය නියෝජනය කරන්න කිසිම බලයක් මේ අයට නැහැ. ව්‍යවස්ථාව ඇතුලේ වංගු ගහලා බලයක් හදාගෙන තිබෙන්නේ. රනිල් ගෙදර යවන්න ඡන්දය දීලා රනිල්ගේ ආණ්ඩුව යටතේ ඉන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැහැ. ජනමතයට ගරු කරනවා නම්, මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනවරමකට ඉඩ ලබාදිය යුතුයි. මහා පරිමාණ වංචා-දූෂණවලට විරුද්ධව ජනතාව පාරට බැස්සා.
බැසිල් රාජපක්ෂ ලංකාවෙන් යන්න හදනකොට ගුවන් තොටුපළවලින් යන්න නොදුන්නේ මහජනයාගේ දේපොළ හොරකම් කළ අයට යන්න දෙන්න බැහැ කියලයි. රනිල් මේ අයට දඬුවම් කරන්නේ නැහැ. රනිල් නාමිකව හරි එහෙම කරන්න සූදානම් නම්, රතු වරෙන්තු නිකුත් කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්න කියලා අභියෝග කරනවා. ජපානයෙන් ගුවන් තොටුපළ ව්‍යාපෘතියකට කොමිස් ඉල්ලූ බවට චෝදනා ලැබූ නිමල් සිරිපාල ඇමතිකමෙන් ඉල්ලා අස්කර තිබියදී, රනිල් වික්‍රමසිංහ කොමිසමක් පත්කර ඔහු නිර්දෝෂියෙක් කරලා ඒ අමාත්‍යාංශයම නැවත ලබාදෙනවා. ඒ වගේම කප්පම් ගත් බව ඔප්පු වුණු ප්‍රසන්න රණතුංගට කෝටි දෙකහමාරක දඩයක් අධිකරණයෙන් නියම කළා. අවුරුදු 4ක අත්හිටවූ සිරදඬුවමක් දුන්නා. ඒ ප්‍රසන්න රණතුංගත් රනිල් වික්‍රමසිංහගේ කැබිනට් ඇමති කෙනෙක්. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියටත් පත්කරලා.
මේ නිසා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබාදෙන්න ඕනෑ. හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපට අරගලයක් තිබෙනවා. ඒ වගේම යල් පැන ගිය ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොකරන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනවරමක් ඕනෑ. ඊළඟ ජනවරම අපි ඉල්ලන්නේ මේ රටට ජනතාවාදී ව්‍යවස්ථාවක් ලබාදීම වෙනුවෙනුයි. ජනතාවගේ ඇත්ත අපේක්ෂාවන් නියෝජනය කරන ව්‍යවස්ථාවක් ගෙන එන්න අවශ්‍යයි. ජනතා කැමැත්තෙන් තොරව පාර්ලිමේන්තුවේ අටවා ගන්නා ජනාධිපති පත්කරන ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.
ඒ වගේම ජීවිත කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර, නව ආර්ථිකයක් ගොඩනඟන්න ජනවරමක් අවශ්‍යයි. අප්‍රේල් මාසයේ 08වැනිදා සිට විදේශ ණය නොගෙවන බංකොලොත් රාජ්‍යයක් බවට අපේ රට පත්කර තිබෙනවා. දැන් ලංකාව ලෝක පොලුකාරයෙක්ගේ තත්වයට පත්කරලා තිබෙන්නේ. නොගෙවා සිටින ණය නීත්‍යාණුකූලව පස්සට දාගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. කඩා වැට්ටූ මේ ආර්ථිකය ගොඩගන්න නව ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාවට නැගීමේ නව ජන බලයක් අවශ්‍යයි. මේ සඳහා රට තුළ ඉන්න ජනතාව පමණක් නොවෙයි, ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි පෙළ ගස්වනවා. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ දැනටමත් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් අරගල කරමින් සිටිනවා. පසුගිය ජනතා නැගිටීම බාග ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්. ඒ නිසා තවදුරටත් භාග ජයග්‍රහණ නොවෙයි, අවසන් ජයග්‍රහණ ලබාගන්නත් සටන් පෙරමුණු ජාතික ජන බලවේගයෙන් ගොඩනඟා ජයග්‍රහණය දක්වා ගෙනයනවා. 74වසරක සාපලත් පාලනය නිමාකර, ජනතා ජයග්‍රහණ ලබාගන්නත් පාලනයක් අපි පිහිටුවනවා. ඒ වෙනුවෙන් අපි සෑමදෙනෙක්ම පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.
මාර්තු 31වැනිදා මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට ඇති වූ සිද්ධියෙන් පසුව ඇති වුණු සිද්ධිදාමය ක්‍රමයෙන් රටේ සියලුම ජනතාවට ඇතිවී තිබුණු පීඩනයට විරුද්ධව ඉදිරියට ඇදුණා. මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ මහින්ද රාජපක්ෂ අගමැති, ඊට පස්සේ පත්කර ගත් ගෝඨාභයගේ කැබිනට්ටුව, ඊට පස්සේ හතරදෙනෙකුගෙන් යුත් කුඩා කැබිනට්ටුව ඉවත් කර, ගෝඨාභයටත් ඉවත්ව යන්න සිදුවුණා. ගෝඨාභය රනිල් වික්‍රමසිංහ යටතේ අන්තිමට පත් කළ කැබිනට්ටුව අද දක්වා පවත්වාගෙන එනවා. මර්දනය ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ශක්තිය ලබාගත් දිනය ජූලි 09වැනිදායි. ජූලි 09වැනිදා දක්වා ක්‍රියාදාමය සිදුවන්නේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට. ගෝඨාභය රාජපක්ෂ පලායාමෙන් පසුව ඔහු එවූ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා පිළිගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වෙනවා. ඔහු ජනාධිපති වූ දිනයේ සිට අරගලයේ ක්‍රියාකාරීන් සහ නායකයන් දංගෙඩියට ගෙනයන ව්‍යාපෘතියක් ගෙනයනවා. රනිල් වික්‍රමසිංහ දැන් කියනවා නම්, අරගලකරුවන් නීති විරෝධී කියලා එහෙම නම්, ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමත් නීති විරෝධියි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම නීති විරෝධී නම් රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීති විරෝධියි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අගමැති සහ කැබිනට් මණ්ඩලයත් නීති විරෝධියි.
නමුත් රනිල් වික්‍රමසිංහ ජූලි 09ට කලින් අරගලය නීති විරෝධී නොවන සහ ඊට පසුව නීති විරෝධී ලෙස කොටස් කරනවා නම් අපිට කියන්න තියෙන්නේ ඔහුගේ පත්වීමත් නීති විරෝධියි කියන එකයි. උතුරේ හෝ දකුණේ ඇති වුණු කැරළිවලදී ලක්ෂ ගණනක තරුණ පිරිසක් ඉවත් කලේ වැරැද්ද වැරැද්ද හැටියට දකින, වැරැද්දට විරුද්ධව බය නැතිව කතා කරන පිරිසක්. ඔවුන්ගෙන් ඉතිරි වුණු තරුණ පිරිසක් පෙර ආකාරයෙන්ම මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. තරුණයන්ට තිබෙන නිදහස් චින්තනය, රට වෙනුවෙන් වැඩ කළ හැකි ශක්තිය, රට වෙනුවෙන් නැගී සිටිය හැකි ශක්තිය, මර්දනය කරන්න බැහැ. ගෝල්ෆේස් අරගලය අපේ රටේ තරුණයන්ගෙන් කොටසක් විසින් මෙහෙය වූවා. ඒක අපරාධයක් නොවෙයි. දේශපාලන ක්‍රියාවලියක්. එහෙම නම් උත්තර සොයන්න ඕනෑ දේශපාලන ක්‍රියාවලියකින්. මෙයට පෙර අවස්ථාවල නැගී සිටි තරුණයන් විනාශ කර, ඔවුන් මතු කළ ප්‍රශ්නය සමාජයේ ඉතිරි කළා. මේ රටේ පුරවැසියන් අරගලයට සම්බන්ධ වෙන්නේ සමාජය වෙනස් කර ගන්න. නමුත් සෑමදාම දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි අය අපරාධකරුවන් හැටියට හඳුන්වද්දී සමාජයක් හැටියට අපට ඒ දිහා නිහඬව බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ නිසා මේ සුජාතභාවයක් නැති පාර්ලිමේන්තුව ඉවත් කිරීමට ආණ්ඩුවට බල කරන්න ඕනෑ. ඒ තුළින් නිවැරදි මාවතට මේ රට ගෙනියන්න අපි කවුරුත් පෙළ ගැසෙමු.
අපි අද නුගේගොඩට ආවේ පැහැදිලි පණිවිඩයක් අරගෙන. මේ ආණ්ඩුව, මේ ජනාධිපති අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනතාව කැමති අලුත් ආණ්ඩුවක් හදාගන්න ජනවරමක් ලබාගන්න පාර්ලිමේන්තුව විසුරුවා බැහැලා යන්න කියන පණිවිඩය දෙන්නයි අපි ආවේ. මේ ආණ්ඩුවේ ඉන්න අයට මේ පණිවිඩය ඇහෙන්න ඕනෙ කියලා අපි හිතනවා. පසුගිය මාර්තු මාසයේ ගෝඨාභය රාජපක්ෂට පණිවිඩයක් දෙන්න අපි මෙතනටම ආවා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂට බලය දාලා යන්න සිද්ධ වුණා. දැන් අරගලය අවසන් නැහැ. කවුරු නැතත් ජාතික ජන බලවේගයේ අපි ගෝඨාභයගෙන් පස්සේ ජනාධිපති වී ඉන්න රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාර්ලිමේන්තුවත් ගෙදර යවලා අලුත් ජනවරමක් ගන්න සටන් කරන්න ලැහැස්තියි කියන පණිවිඩය ලබාදෙනවා. ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබලා අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.
අපේ රටේ ජනතාව මුහුණදී සිටින බරපතළ ප්‍රශ්න ගණනාවක් නිසා ඔවුන් පාරට බැස්සා. ඒ වෙනුවෙන් හේතු වුණු ආර්ථික සහ දේශපාලන ගැටලු තාමත් තිබෙනවා. ඇත්ත ගත්තොත් මේ විරාමය කියන්නේ දෙවෙනි සටනට සූදානම් වීමයි. පළවෙනි අරගලයේ අඩුලුහඬුකම් සියල්ල තේරුම් ගෙන දෙවැනි අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සූදානම් වීමයි මේ තියෙන්නේ. ඒ අරගලය අයාලයේ යන අරගලයක් නොවෙයි. මේ නිසා අරගලය කළ අය බියවද්දන්න, මර්දනය කරන්න උත්සාහ කළත් අපි බය නැහැ. බය වෙන්න ඕනෑ ඕගොල්ලෝ. මේ ගොල්ලන්ගේ මර්දනයට කවුරු බය වුණත් ජාතික ජන බලවේගයේ අපි කවුරුවත් බය නැහැ. ජනතාව පාලකයන්ට බයේ ජීවත් විය යුතු නැහැ. වැරදි කළ ඒගොල්ලොයි ජනතාවට බයේ ඉන්න ඕනෑ. අද තෙල් පෝලිම් නැත්තේ ප්‍රශ්නය විසඳූ නිසා නොවෙයි. තෙල් නැති නිසා, සලාකයක් හදලා තිබෙන නිසයි. රටේ සියල්ල බිඳ වැටිලා තිබෙන්නේ. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය බිඳවැටිලා. බඩුමිල වැඩිවෙලා. අර්බුදය යන්නේ රටේ සමස්ත නිෂ්පාදනයම කඩා වට්ටමින්. නමුත් රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහා බලාගෙන සින්දු කියනවා.
පාර්ලිමේන්තුව අමතලා රනිල් වික්‍රමසිංහ කිව්වේ 2048දී අපේ රට ගොඩගන්නවා කියලයි. පිනට හම්බවුණු ජනාධිපතිකම අරගෙන රාජපක්ෂවරුන්ට වගකියමින් ජනතාවට වගනොකියමින් ඉන්නවා. ඒ නිසා රාජපක්ෂලා පත්කළ ජනතා ද්‍රේහී පාලනයක් වෙනුවට මේ පාර්ලිමේන්තුව අයින් කර, ජනතාවගේ කැමැත්තෙන් අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ බලන්නේ මේ අපරාධකාරයන් එක්ක තව අවුරුදු තුනක් පාලනය ගෙන යන්නයි. එතෙක් බලාගෙන ඉන්න අපි සූදානම් නැහැ. ඒ නිසා බඩු මුට්ටු පොදි බැඳගෙන බැහැලා යන්න සූදානම් වෙන්න කියලා අනතුරු හඟවනවා.
රනිල් වික්‍රමසිංහ පරණ නාඩගම් නැවත පටන්ගෙන පරණ හොරු ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂත් නැවත ගේන්න හදනවා. මේ තත්වයන්ට එරෙහිව ජනතාවගේ අරගලයක් තිබෙනවා. අරගලයට එරෙහිව ආණ්ඩුව කරන බාධාවලට අමතරව කුඩා කණ්ඩායම් කරන බාධාවනුත් තිබෙනවා. අරගලය මර්දනය කිරීම අපරාධයක් වගේම අරගලය වැරදි පැත්තට පීලි පන්නන එකත් අපරාධයක්. අරගලය නිවැරදි මාවතකට ගෙන යන්නේ නැතිව කැළෑ වැද්දුවොත් මහජනතාවගේ ශක්තිය අපතේ යනවා. එය අපතේ නොයන්න නම්, නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෑ. එවැනි නායකත්වයක් දෙන්න හැකියාව තියෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි.
නිෂ්පාදනය නොකර, වත්කම් උපයන්නේ නැතිව පසුගිය කාලයේ ණයට කෑවා. මත්තල විකුණන්න දැනටමත් සූදානම්. කෑලි කෑලි විකුණන ආර්ථිකයකින් ඉස්සරහට යන්න බැහැ. ලෝක වෙළඳපොළට භාණ්ඩ සහ පුහුණු ශ්‍රමය යවන ආර්ථිකයක් අපට ඕනෑ. ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සෑමදෙනාටම බෙදීයන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෑ. එහෙම ආර්ථිකයක් හදන්න අපි ලැහැස්තියි. එවැනි ගමනක් අපි යා යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගන්න තව අවුරුදු තුන හතරක් බලාඉන්න ජනතාව සූදානම් නැහැ. ලිබරල් නායකයෙක්, මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්, විදිහට පෙනී සිටින රනිල්, රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ. වංචා, දූෂණ සිදුකළ නායකයන් උස් පුටුවල සිටිද්දී රටක් හදන්න බැහැ. නඩු අහලා හොරා කාපු හැම සතයක්ම රට වෙනුවෙන් නැවත පවරා ගන්න ඕනෑ.
අපිට ඉක්මන් ඡන්දයක් ඕනෑ. ආසාවකට නොවෙයි. මේ රට හදන්න. රනිල් මර්දනය ගේන්න හැදුවත් එයාට එහෙම කරන්න බැහැ කියලා අපි කියනවා. පසුගිය කාලයේ මර්දනයක් දියත් කරන විට ඒ ආණ්ඩු එක්ක කිසියම් ජනතාවක් හිටියා. අද රනිල්ටත් ජනතාවක් නැහැ, ආණ්ඩුවක් නැහැ, පක්ෂයකුත් නැහැ. ඒ නිසා අපි බය වෙන්න උවමනා නැහැ. එයා පැනවූ හදිසි නීතිය ඉවත් කර ගන්න යන්නෙත් ඒ නිසයි.
සටන නැවත පටන් ගන්න ඕනෑ. දැවැන්ත අමාරුකම් මැද්දේ දස දහස් ගණන් ජනතාවක් නුගේගොඩට ඇවිත් සටන පටන් ගත්තේ ඒ නිසයි. බස්වලට විතරක් රුපියල් ලක්ෂය ඉක්මවා අය කරන අසීරු තත්වයක් තිබෙන්නේ. ඒ මැද්දෙත් මේ අරගලය කරන්නේ සතුරාට ශක්තිමත් වෙන්න, අවස්ථාව නොදෙන්නයි. මේ රටේ දේශපාලන බිමේ වාසිදායකම තත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ කැඩිලා බිඳිලා තිබෙන්නේ. මොළ හතක් තිබෙනවා කීව බැසිල් රාජපක්ෂගේ පක්ෂය අම්බලමක් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී ගිය සමගි ජන බලවේගයත් එකට නැහැ. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවට රිංගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සර්වපාක්ෂික ලේබලයේ අටමගලට අපි එන්නේ නැහැ. අපි සූදානම් වෙන්නේ ආණ්ඩුවක් හදන්නයි. පොදු ජනයා සතුටින් තියන ජනතාවාදී පාලනයක් පිහිටුවන්නයි, අපි සූදානම් වෙන්නේ. ඊනියා දේශප්‍රේමී නායකයෝ කැලේ. ජාතික ජන බලවේගය විතරයි දෙපයින් නැගී සිටින්නේ. ජනතාව දෙපයින් සිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට විතරයි. ජනතාවට අභිමානය, ගෞරවය දෙන්න පුළුවන් එකම පක්ෂය ජාතික ජන බලවේගය විතරයි.
පසුගිය කාලයේ නිකුත් වුණු සමීක්ෂණ ප්‍රතිඵල දැක්කාම රනිල්ලා හොඳටෝම බයයි. මහින්ද රාජපක්ෂලා පසුගිය කාලයේ ඡන්ද සොය සොයා පැවැත්වූවා. ජනාධිපතිවරණයත් කලින් තිබ්බා. දැන් ඒ හැමෝම ඡන්දවලට බයයි. ජාතික ජන බලවේගයත්, එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයත් රට හදන්න පුළුවන් පක්ෂය සහ නායකයා ලෙස දැනටමත් ජනතාව පිළිගෙන ඉවරයි. දැන් තිබෙන්නේ ජනතාවගේ ඒ කැමැත්ත බලයක් බවට පත්කර ගන්න අවස්ථාවක් ලබා ගැනීමයි.
පරණ මඩ බලකායවල් දැන් නැවත වැඩ පටන්ගෙන තිබෙන්නේ. ඒ අවලාද පිළිගන්න මිනිස්සු මේ රටේ නැහැ. දැන් තිබෙන්නේ ජනතාවගේ යුගයක්. ඒ යුගයේ අවලාද ගහලා රැකෙන්න බලන්නේ නැතිව බැහැලා යන්න කියලා අපි අවධාරණය කරනවා. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ ඔයාගේ පිං ජනාධිපතිකම අරගෙන පාර්ලිමේන්තුවත් එක්ක බැහැලා යන්න කියලයි. ජනතාව දැන් පෙළ ගැසෙන්නේ ආණ්ඩු එලවන්න විතරක් නොවෙයි. පරණ පාලනය නිමා කොට, අලුත් රටක්, නව සමාජයක්, නිර්මාණය කරන්නයි. ඒ වෙනුවෙන් සටන් පෙරමුණේ අත්වැල් බැඳගෙන සහෝදරත්වයෙන් අපි සටන් කරමු. ඒ සටන පීලි පන්නන්න ඉඩනොදී නිවැරදි ඉලක්කයට ගෙන යමු. මහා මැතිවරණයක් ඉක්මනින් දිනාගෙන අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ඇත්ත ජනතාවාදී පාලනයක් නිර්මාණය කර ගනිමු. අලුත් රටක්, අලුත් බිමක්, අලුත් හෙටක් හදමු. ඒ වෙනුවෙන් සෑමදෙනාටම ධෛර්යයෙන් පෙරට එන ලෙස ආරාධනා කරනවා.
சனாதிபதி, சனாதிபதி அலுவலகம், கொழும்பு. பொருளாதார மற்றும் சமூகரீதியான உறுதிநிலையை ஏற்படுத்துவதற்கான தேசிய சர்வகட்சி வேலைத்திட்டத்தை அமுலாக்குதல் மேற்படி விடயம் சம்பந்தமாக தங்களால் எனக்கு அனுப்பிவைக்கப்பட்ட தங்களின் PS/DCA/03/02 இலக்கமும் 2022 ஓகத்து 04 ஆந் திகதிய கடிதம் சம்பந்தமானது. மேற்படி கடிதம் மூலமாக தங்களால் சர்வகட்சி அரசாங்கமொன்றை நிறுவிக்கொள்ளல் பற்றிய பேச்சுவார்த்தைக்காக எமது கட்சிக்கு அழைப்பு விடுக்கப்பட்டிருந்தது. நாடு எதிர்நோக்கியுள்ள மிகவும் பாரதூரமான பொருளாதார, அரசியல் மற்றும் சமூக நெருக்கடிகளுக்கு குறுங்கால ரீதியாகவேனும் தீர்வுகளை முன்வைத்து, […]
சனாதிபதி,
சனாதிபதி அலுவலகம்,
கொழும்பு.
பொருளாதார மற்றும் சமூகரீதியான உறுதிநிலையை ஏற்படுத்துவதற்கான தேசிய சர்வகட்சி வேலைத்திட்டத்தை அமுலாக்குதல்
மேற்படி விடயம் சம்பந்தமாக தங்களால் எனக்கு அனுப்பிவைக்கப்பட்ட தங்களின் PS/DCA/03/02 இலக்கமும் 2022 ஓகத்து 04 ஆந் திகதிய கடிதம் சம்பந்தமானது.
மேற்படி கடிதம் மூலமாக தங்களால் சர்வகட்சி அரசாங்கமொன்றை நிறுவிக்கொள்ளல் பற்றிய பேச்சுவார்த்தைக்காக எமது கட்சிக்கு அழைப்பு விடுக்கப்பட்டிருந்தது. நாடு எதிர்நோக்கியுள்ள மிகவும் பாரதூரமான பொருளாதார, அரசியல் மற்றும் சமூக நெருக்கடிகளுக்கு குறுங்கால ரீதியாகவேனும் தீர்வுகளை முன்வைத்து, மக்கள் அனுபவித்து வருகின்ற துயரங்களுக்கு நிவாரணம் வழங்கி இடைக்காலத்திற்காக சர்வகட்சி வேலைத்திட்டமொன்றுக்கு செல்வதற்கான நேர்மையான அவசியப்பாடு இருந்திருப்பின் முன்னாள் சனாதிபதி கோட்டாபய ராஜபக்ஷ சனாதிபதி தனது சனாதிபதி பதவியிலிருந்து விலகுவதாக அறிவித்து நாட்டிலிருந்து வெளியேறியமையும் அதன் பின்னர் தோன்றிய நிலைமையுமே அத்தகைய சந்தர்ப்பமாகும். அத்தகைய எவருமே ஏற்றுக்கொள்ளக்கூடிய அனைவரதும் இணக்கப்பாட்டுடனான சர்வகட்சி அரசாங்கமொன்றை கட்டியெழுப்புவதற்காக கிடைத்த மிகச்சிறந்த சந்தர்ப்பம் இன்றளவில் கைநழுவிச் சென்றுள்ளது.
அதன்போது தேசிய மக்கள் சக்தி என்றவகையில் நாங்கள் சர்வகட்சி அரசாங்கத்திற்கான யதார்த்தபூர்வமான முன்மொழிவினை சமர்ப்பித்து பாராளுமன்றத்தைப் பிரதிநிதித்துவம் செய்கின்ற அனைத்துக் கட்சிகளுடனும் பேச்சுவார்த்தைகளையும் மேற்கொண்டோம். அங்கு எமது முன்மொழிவாக அமைந்தது பின்வருமாறு.
உத்தேச சர்வகட்சி அரசாங்கத்தின் செயற்பொறுப்பாக அமைவது, நாட்டில் நிலவிய மக்கள் போராட்டத்தின் எதிர்பார்ப்பாகவும் அமைந்த,
எமது இந்த முன்மொழிவினை அத்தருணத்தில் ஈடேற்றிக்கொள்ள இயலாமல் போனதோடு உங்களால் பாராளுமன்றத்தில் ராஜபக்ஷநேயமுடைய 134 பாராளுமன்ற உறுப்பினர்களின் வாக்குகளைக்கொண்டு சனாதிபதியாகி ரனில் – ராஜபக்ஷ அரசாங்கமொன்று நிறுவிக்கொள்ளப்பட்டது.
தற்போது நிலவுவது மக்கள் ஆணை இல்லாதொழிந்த, மக்களின் எதிர்ப்பிற்கும் இலக்காகிய ரனில் – ராஜபக்ஷ ஆட்சியாகும். உங்களை உள்ளிட்ட ராஜபக்ஷ குழுவினால் அந்த ஆட்சி நிறுவப்பட்டு அதன் பங்காளிகளாக அமையுமாறு எமது கட்சிக்கு அழைப்பு விடுப்பதே தற்போது மேற்கொள்ளப்பட்டு வருகின்றது. அது நேர்மையாகவே சர்வகட்சி வேலைத்திட்டமொன்றுக்கான சர்வகட்சி அரசாங்கமொன்றை நிறுவுகின்ற தேவையுடன் மேற்கொள்ளப்படுவதில்லை என்பது மிகவும் தெளிவாகின்றது. குறைந்தபட்சம் தற்போது நீங்கள் நிறுவியுள்ள ஆட்சி எவ்வளவு காலத்திற்கு செல்லுபடியாகும் என்பதுகூட தங்களின் தரப்பினால் தெளிவுபடுத்தப்படவில்லை.
அதற்கிணங்க சர்வகட்சி அரசாங்கம் பற்றிப் பேசுவது இனிமேலும் யதார்த்தபூர்வமானதாக அமையாத பயனற்ற முயற்சியாகும்.
எனவே தற்போது நிறுவப்பட்டுள்ள தங்களினதும் ராஜபக்ஷாக்களினதும் அரசாங்கத்தின் பங்காளிகளாக அமைவது பயனற்றதென்பதை நாங்கள் திடமாக வலியுறுத்துகிறோம்.
எவ்வாறாயினும் எமது நாடும் மக்களும் எதிர்நோக்கியுள்ள இந்த நெருக்கடியிலிருந்து விடுபடுவதற்காக ஏதெனுமோர் ஏற்றுக்கொள்ளக்கூடிய யதார்த்தபூர்வமான வேலைத்திட்டமொன்றை திட்டவட்டமான ஒரு காலச்சட்டகத்தைக் கொண்டதாக நீங்கள் முன்வைப்பீர்களாயின் மக்களின் பக்கத்தில் இருந்துகொண்டு அதற்கு ஆக்கமுறையான பிரதிபலிப்பினைச்செய்ய நாங்கள் தயார்.
மறுபுறத்தில் சர்வகட்சி அரசாங்கமொன்றுக்காக எதிர்த்தரப்புக் கட்சிகளுக்கு அழைப்புவிடுக்கின்ற நீங்கள் அதேவேளையில் நாட்டில் அவசரகாலச்சட்டத்தை அமுலாக்கி, அரசியலமைப்பில் உறுதிசெய்யப்பட்டுள்ள ஆர்ப்பாட்டம் செய்வதற்கான உரிமையை அபகரிக்க நீதிமன்ற கட்டளையைப் பெற்றுக்கொள்ள முயற்சிசெய்து, கடந்த காலத்தில் அமைதிவழிப் போராட்டத்தில் ஈடுபட்ட அதன் தலைவர்களையும் செயற்பாட்டாளர்களையும் கைதுசெய்து அடக்குமுறையை நாட்டில் அமுலாக்கி வருகிறீர்கள். அத்தகைய அடக்குமுறைக்கு நாங்கள் முற்றாகவே எதிரானவர்கள் என்பதை மேலதிக விடயமாக குறிப்பிடுகிறோம்.
இறுதியாக “சர்வ கட்சி” அல்லது “பல் கட்சி” என்ற நாமத்தின்கீழ் நிகழ்கால பாராளுமன்றத்தில் நிறுவப்படுகின்ற அரசாங்கத்திற்கு நீண்டகாலம் நாட்டை ஆட்சிசெய்வதற்கான மக்கள் ஆணையோ நெறிமுறைசார்ந்த உரிமையோ கிடையாதென்பதையும் இந்த நாடு வீழ்த்தப்பட்டுள்ள நிகழ்கால நெருக்கடிக்கு உறுதியானதும் நீண்டகாலரீதியானதுமான தீர்வினைப் பெற்றுக்கொடுக்கக்கூடிய புதிய ஆட்சியொன்றை உருவாக்கிக்கொள்வதற்காக துரிதமாக பொதுத்தேர்தலை நடாத்தி புதிய மக்கள் ஆணைக்கு வாய்ப்பளிக்க வேண்டுமென்பதையும் கடுமையாக வலியுறுத்துகிறோம்.
நன்றி,
இப்படிக்கு,
அநுர திசாநாயக்க,
தலைவர்,
தேசிய மக்கள் சக்தி 2022.08.10
இலங்கைக்கான நியூசிலாந்து உயர்ஸதானிகர் மைக்கல் எபல்டன் மற்றும் தேசிய மக்கள் சக்திக்கு இடையிலான சந்திப்பு இன்று (04) பிற்பகல் ம.வி.மு. தலைமையகத்தில் இடம்பெற்றது. இந்த சந்திப்பில் மக்கள் விடுதலை முன்னணியின் பிரச்சார செயலாளர் தோழர் விஜித ஹேரத் (பா.உ) மற்றும் பிரதி உயர்ஸ்தானிகர் என்டா ட்ரெவலர் மற்றும் அந்த அலுவலகத்தின் கொள்கை ஆலோசகர் திருமதி. சுமுது ஜயசிங்க பங்கேற்றனர். அதன்போது நாட்டில் தற்போது நிலவுகின்ற பொருளாதார மற்றும் அரசியல் நிலைமை பற்றி கலந்துரயாடப்பட்டதோடு தேசிய மக்கள் சக்தியின் […]
இலங்கைக்கான நியூசிலாந்து உயர்ஸதானிகர் மைக்கல் எபல்டன் மற்றும் தேசிய மக்கள் சக்திக்கு இடையிலான சந்திப்பு இன்று (04) பிற்பகல் ம.வி.மு. தலைமையகத்தில் இடம்பெற்றது.
இந்த சந்திப்பில் மக்கள் விடுதலை முன்னணியின் பிரச்சார செயலாளர் தோழர் விஜித ஹேரத் (பா.உ) மற்றும் பிரதி உயர்ஸ்தானிகர் என்டா ட்ரெவலர் மற்றும் அந்த அலுவலகத்தின் கொள்கை ஆலோசகர் திருமதி. சுமுது ஜயசிங்க பங்கேற்றனர்.
அதன்போது நாட்டில் தற்போது நிலவுகின்ற பொருளாதார மற்றும் அரசியல் நிலைமை பற்றி கலந்துரயாடப்பட்டதோடு தேசிய மக்கள் சக்தியின் கொள்கைகள் பற்றியும் கலந்துரையாடப்பட்டது. அதன்போது இரு தரப்பினருக்கும் இடையிலான பரஸ்பர புரிந்துணர்வினை வளர்த்துகொள்வது தொடர்பிலும் கவனம் செலுத்தப்பட்டது.
A meeting between Sri Lanka’s New Zealand High Commissioner Mr. Michael Appleton and NPP was held today (04) in the afternoon at the J.V.P. head office. Publicity Secretary of Janatha Vimukti Peramuna, Member of Parliament Comrade Vijitha Herath, Deputy High Commissioner Mr. Andrew Traveler and policy advisor of that office Mrs. Sumudu Jayasinghe were also […]
A meeting between Sri Lanka’s New Zealand High Commissioner Mr. Michael Appleton and NPP was held today (04) in the afternoon at the J.V.P. head office.
Publicity Secretary of Janatha Vimukti Peramuna, Member of Parliament Comrade Vijitha Herath, Deputy High Commissioner Mr. Andrew Traveler and policy advisor of that office Mrs. Sumudu Jayasinghe were also present at this meeting.
The ongoing economic and political situation in the country and the policies of the National People’s Part were among what was discussed. Also, attention was paid to increasing mutual understanding between the two parties.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් මහතා සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ. මෙහිදී මේ වන […]
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් මහතා සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.
මෙහිදී මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.
The National People’s Power (NPP) was not ready to join any all-party government that was formed with President Ranil Wickremesinghe and the Rajapaksa camp, NPP leader Anura Kumara Dissanayake said today. He told a news conference that this was not an all- party government but it is a government of Ranil Wickremesinghe and the Rajapaksa […]
The National People’s Power (NPP) was not ready to join any all-party government that was formed with President Ranil Wickremesinghe and the Rajapaksa camp, NPP leader Anura Kumara Dissanayake said today.
He told a news conference that this was not an all- party government but it is a government of Ranil Wickremesinghe and the Rajapaksa camp.
“This is not an all- party government. It is a SLPP government headed by Ranil Wickremesinghe and SLPP Prime Minister. Requesting other party’s to join an all-party government would only means extending their support to Ranil-Rajapaksa government. The NPP is not ready to be party to such a government,” he said.
MP Dissanayake said the NPP from the beginning proposed that an all- party government should be formed for a short period of time, The Prime Minister should be appointed with consensus of all party leaders and file withdrawn cases against corruption again and so on.
He said nothing was mentioned in President’s policy statement regarding the task and the time frame of the all- party government.
Dissanayake said they were ready to support progressive matters, if the government proposed a short term action plan.
– Ajith Siriwardana (Daily Mirror)