මෙම මස මුල සිට කොරෝනා වසංගතයෙන් ආසාදිතයන් විශාල පිරිසක් මියයාමට ඉඩ හැර වගකීමකින් තොරව, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සම්බන්ධයෙන් රනිල් මෛත්‍රී දෙදෙනාට ඇති වගකීමට වඩා වැඩි බවට චෝදනා එල්ල කෙරේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (13) ජාතික ජන බලවේගයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව නැගීය.මෙම මාධ්‍ය […]
මෙම මස මුල සිට කොරෝනා වසංගතයෙන් ආසාදිතයන් විශාල පිරිසක් මියයාමට ඉඩ හැර වගකීමකින් තොරව, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සම්බන්ධයෙන් රනිල් මෛත්‍රී දෙදෙනාට ඇති වගකීමට වඩා වැඩි බවට චෝදනා එල්ල කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (13) ජාතික ජන බලවේගයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව නැගීය.
මෙම මාධ්‍ය හමුවට ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ද සහභාගී වූහ.
එහිදී ඔහු පළ කළ සම්පූර්ණ අදහස් පහතින් දැක්වේ.
“මේ මොහොතේදී රට තුළ බරපතළ මට්ටමකින් පැතිරෙන කොවිඞ් වසංගතයේ ව්‍යසනය ගැන අපි හැමෝම දන්නවා. මෙතරම් විශාල ව්‍යසනයක් වෙද්දී ආණ්ඩුව නරක විදිහට මුනිවත රකිමින් ඉන්නවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ ප්‍රශ්නය නොදැක්කා සේ ඉන්නවා. ඔවුන් පොදු ජනතාව ගැන වගකීම අත්හැරලා තියෙන්නේ. කොවිඞ් වසංගතය ලංකාවට පැමිණි මුල සිටම ආණ්ඩුව හැසිරුණේ මුග්ධ සහ උද්දච්ච විදිහට. මේ ප්‍රශ්නයේදී පෙරමුණ ගත යුතු විශේෂඥ වෛද්‍යවරු, වසංගත රෝග වෛද්‍යවරු, ඇතුළු පිරිස පැත්තක දාලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට හුරු පුරුදු හමුදා නායකයින් ඉස්සරහට ගත්තා. මේ වංසගතයේදී හමුදාව සහ පොලීසියට කාර්යභාරයක් තිබෙන බව අපි පිළිගන්නවා. හැබැයි තීන්දු-තීරණ ගත යුත්තේ ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයින්ගේ මූලිකත්වයෙන්. අද වෙනකොට ඔවුන් පැත්තකට දාලා කටයුතු කිරීමෙන් දරුණු ඛේදවාචයක් තියෙන්නේ.
අපට මතකයි, පාස්කු ප්‍රහාරය එල්ල කළ වෙලාවේ තුන්සිය ගණනක් මියගියා. එයින් අපේ රටේ විශාල කම්පනයක් ඇතිවුණා. ඒ කම්පනය පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයලා බලයට ආවා. ඒ වෙනකොට තිබුණු රනිල්-මෛත්‍රී ආණ්ඩුවට ප්‍රහාරයේ වගකීම පැවරුවා. ප්‍රහාරය ගැන දැන දැනත් වළක්වන්න මැදිහත් නොවීමේ වගකීම පැහැර හැරීම නිසා ඒ ආණ්ඩුව පරද්දන්න ජනතාව කටයුතු කළා. ඒ ප්‍රශ්නය පාවිච්චි කරලා බලයට ආපු රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුව ඊට වඩා මරණ සිද්ධ වෙන්න ඇරලා බලා ඉන්නවා. අපි හිතන්නේ මේ දෙකම එකයි කියලා. කොරෝනා සම්බන්ධ තොරතුරු දිනපතා වාර්තා වෙද්දී වළක්වන්න මැදිහත් නොවීම පාස්කු ප්‍රහාරයට වඩා බරපතළයි. වෛද්‍යවරුන්, ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් කරුණු ඉදිරිපත් කරද්දී දිනපතා 100කට වැඩිය මියයාමට ඉඩ හැරීම වඩාත් බරපතළයි. පාස්කු ප්‍රහාරයට රනිල්-මෛත්‍රී ආණ්ඩුව වගකිව යුතු ප්‍රමාණයට වඩා ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුව කොවිඞ් මරණ සම්බන්ධයෙන් වගකිව යුතුයි.
අගොස්තු 09වැනිදා කොවිඞ් මරණ 111ක් වාර්තා වුණා. 10වැනිදා 118, වගේම 11වැනිදා 124ක් සහ 12වැනිදා 156ක් වශයෙන් දිනපතා වැඩිවීමක් වේගයෙන් සිදුවෙනවා. මේ සංඛ්‍යා ඇත්තම නෙවෙයි කියලා අපි දන්නවා. අගෝස්තු 01වැනිදා සිට දවස් 10ක් තුළ අපේ රටේ පුරවැසියන් 971ක් මැරිලා තියෙනවා. මේක සරල කාරණයක් නෙවෙයි, අතිශය බරපතළයි. හදවතක් තියෙනවා නම්, මනුෂ්‍යත්වය තියෙනවා නම් හදවත උණු වෙන්න ඕනෑ. වහාම මැදිහත් වෙලා විසඳුම් හොයන්න ඕනෑ කියලා දැනෙන්න ඕනෑ. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ හැම කෙනෙක්ම මේ තත්වය පාලනය කරන්න උපරිමයෙන් මැදිහත් වෙනවා. හැබැයි ආණ්ඩුව අවශ්‍ය තීරණ ගන්නේ නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුවේ උපායමාර්ගය “කොරෝනා පරදමු” යන්න නෙවෙයි. කොරෝනා සමග ජීවත් වෙමු. කියලයි. කොරෝනාවලින් තොර ජීවිතයක් කියන සටන් පාඨයට යනවා වෙනුවට කොරෝනා සමග ජීවත් වෙමු කියලා ඒ ගොල්ලෝ සටන් පාඨයක් ගත්තා. වසංගතයක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ බොහෝ දෙනෙක් මැරෙන්න ඕනෑ. ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ විශාල පිරිසක් මරා දාලා ජනගහනය අඩු කරන්නද කියලා අපිට අහන්න වෙනවා. කොරෝනා සමග ජීවත් වෙමු කියන්නේ ඒ ගොල්ලන්ට මේ ප්‍රශ්නය නැති නිසා. ඒ ගොල්ලෝ බොහෝම ආරක්‍ෂිතව ජීවත් වෙනවා. සියලු රාජ්‍ය සේවකයෝ වැඩට කැඳවලා තියෙන වෙලාවක ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කරලා තියෙනවා ජනාධිපතිගේ ආරක්‍ෂාවට පිරිස් හමුවීම සීමා කරන්න.
එතුමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ වැඩ කරන අය සීමා කරන එක හොඳ තීන්දුවක්. හැබැයි ඒ තීන්දුව රට වෙනුවෙන් ගන්නේ නැත්තේ ඇයි? ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ආරක්‍ෂා වුණොත් ඇති කියලා ඒ ගොල්ලෝ හිතන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයටත් දැන් වෛරස බෝ වෙලා තියෙන්නේ. ජනතාවගේ ජීවිත, ජීවිත නෙවෙයිද? ඒ නිසා වගකිම්විරහිත උද්දච්ච හැසිරීම් නවත්වන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. මරණ සංඛ්‍යාව අඩු කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්න බල කරනවා. වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්තයා වගේ විශේෂඥ දැනුම තියෙන විශාල පිරිසක් එකතු වී ලබාදුන් නිර්ද්ශ තියෙනවා. වෛද්‍ය සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලබාදුන් නිර්දේශවලින් කියවෙන්නේ වහාම සංචරණ සීමා පනවා මරණ සංඛ්‍යාව අඩු කරන්න කියලා. හැබැයි ජනාධිපතිවරයා කියන්නේ රට වහන්නේ නැහැ කියලා. එහෙම නම් මිනිස් ජීවිත බේරගන්නා ක්‍රමයක් යෝජනා කරන්න කියලා අපි අභියෝග කරනවා. මේ වැඬේ දෙවියන්ට බාර දීලා හරියන්නේ නැහැ. ඔවුන් අඩියක් පස්සට තියන්න අකැමැතියි. මිනිස් ජීවිතවලට වඩා ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න ජාවාරම්කාරයෝ ආරක්‍ෂා කරන්න ක්‍රියා කරනවා. ආර්ථික අර්බුදයක් තියෙන බව ඇත්ත. ඒකට වග කියන්න ඕනෑ ජනතාව නෙවෙයි. දැන් රෝගය පාලනය කිරීම පැත්තකට දාලා ආර්ථිකය ගොඩගන්න කටයුතු කරනවා. හැබැයි අපි අවධාරණය කරන්නේ මේ ක්‍රියාමාර්ගවලින් ආර්ථිකයත් වැටිලා මිනිස් ජීවිතත් අහිමි වෙලා රටත් වැටිලා කෙළවර වන බවයි.
මේවා දේශපාලනය නොතේරෙන කණ්ඩායමකට රට බාර දීමේ ප්‍රතිවිපාක. ඒ ගොල්ලෝ පටන් ගත්තේ වියත්මඟේ විද්‍යාත්මක ක්‍රමයට රට පාලනය කරන බව කියලා. මුලදී ජනාධිපතිවරයා, යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දක්වමින් රට නොවැසූ බවත් දැන් 25-30ක් රෝගී වුණාට රට වහන්නේ නැහැ කීවා. ඊට පස්සේ වසංගතය පැතිරෙන විට හොඳටම කළේ අපි තමයි කියලා කීවා. වසංගතය පාලනය කරන්න එන්නත ලබා ගන්නවා වෙනුවට මුලු රටක් පැණි පස්සේ යන්න, මුට්ටි අතහරින්න වගේ මිත්‍යා මත පස්සේ යැව්වා. දැන් හිතාගෙන ඉන්නේ එන්නත දුන්නාම වැඬේ ඉවරයි කියලා. හැබැයි එන්නත් දෙකක් ගැහුවත් ආසාදනය වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ වැඩිම එන්නත් කළේ ඒ අය බව කියන්න. හැබැයි අනෙක් පැත්තෙන් වැඩිම මරණ සංඛ්‍යාව සිද්ධ වීමේ වාර්තාවත් ලැබෙනවා. ආණ්ඩුව හැසිරෙන්නේ සිහි බුද්ධියකින් නෙවෙයි. සාමාන්‍ය ජනයා අතට පත්වෙන දත්ත ජනාධිපතිවරයා ළඟට යනවාද කියලා අපි දන්නේ නැහැ. ඔහු දත්ත එකතු කරන්නේ බුද්ධි අංශවලින්. බුද්ධි අංශ වැඩ කරන්නේ “යර්ස් සර්, ඔව් සර්” කියන විදිහට. මේ රෝගය කියන්නේ මෙතෙක් කල් තිබුණු සියලු වසංගතවලට වඩා දරුණු එකක්. මැලේරියා වසංගතයේදී නම් තව කෙනෙකුට ගිහින් උදව් කරන්න පුළුවන්. වෙන විපතකදී නම් ඒත් ගිහින් උදව් කරන්න පුළුවන්. මේකෙදී එහෙම බැහැ. ආණ්ඩුව ඒ බව තේරුම් ගත යුතුයි. තේරුම් නොගෙන ක්‍රියා කිරීමෙන් මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගන්න ඕනෑ.
මේ තරමින් හරි පාලනය කර තිබෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීමෙන්. ආණ්ඩුවට පිටින් ඉන්න විශේෂඥවරුන් ඇතුළු කණ්ඩායම් විතරක් නෙවෙයි ඇණ්ඩුව අතුළේම අයත් අනතුරු අඟවනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වගේ අය කියන දේවල්වලත් ආණ්ඩුව අහන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ආවේ විද්වතුන්ගේ උපදෙස් අරගෙන රට පාලනය කරන්න. අපි ඒ විද්වතුන්ට කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට වැදගත් උපදෙස් දෙන්න කියලා. නමුත් දැන් සූදානම් වෙන්නේ ආණ්ඩුව නීති ක්‍රියාත්මක කරමින් ආදර්ශ දෙනවා වෙනුවට ජනතාවට වගකීම පවරලා නිදහස් වෙන්න. ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කර ආදර්ශ නෙදෙන නිසා ජනතාව තමන්ගේ කටයුතු කර ගන්නත් නොපැකිළව ඉදිරිපත් වෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ඇවිත් තිබියදී ඒ ගැන විශේෂඥ උපදෙස් නොතකා රට අරින්න ආණ්ඩුව තීරණය කළා. විවාහ මංගල්‍ය පවත්වන්න, සම්බාහන මධ්‍යස්ථාන විවෘත කරන්න, සති පොළවල් විවෘත කරන්න වගේ දේවල් මුලින් ක්‍රියාත්මක කර සංචරණ සීමා සම්පූර්ණයෙන් අයින් කළා. අගෝස්තු 02වැනිදා සියලුම රාජ්‍ය සේවකයින් රාජකාරීවලට කැඳෙව්වා. කෝච්චියේ, බස්එකේ තෙරපී ගෙන යනකොට පැතිරෙන්නේ නැද්ද? දවස් තුනකට පස්සේ චක්‍රලේඛය ආපහු හරවන්න සිද්ධ වුණා. අඩුම තරමේ චක්‍රලේඛයක් ගහනකොට කොතරම් කල්පනා කරනවාද කියලා මේකෙන් පේනවා. ආණ්ඩුවේම අය කියන්නේ මොළේ මැරිච්ච මිනිස්සු තීන්දු-තීරණ ගන්නවා කියලා.
මෑතදී ගෑස් පෝලීමක් තිබුණා. වසංගතයක් තුළ ගෑස් ටික, කිරිපිටි ටික ලබාදෙන්න ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕනෑ. එහෙම නොවුණාම මිනිස්සු පෝලිමට යනවා. දවස් 3-4ක් ගෑස් පෝලිමක් හදලා අවසානයේ ගෑස් මිලත් වැඩි කළා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැතිවුණාම රට ඇරලා තියනවා නම් මිනිස්සුන් පාරට බහිනවා. රෝගයෙන් පරිස්සම් වෙන්න ඕනෑ කියලා මානසිකත්වය මිනිස්සුන්ගෙන් අයින් කරලා, එන්නතෙන් සියල්ලම හරියි කියලා ආණ්ඩුවෙන් මතයක් හදලා දැන් මිනිස්සුන්ට දොස් පවරනවා. අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් ආඩම්බරකම් පැත්තකින් තියලා රෝගී වන සහ මියයන ජනතාව ගැන හිතලා තීන්දු ගන්න කියලා. වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥවරුන් ලබාදෙන නිර්දේශ අනුව තීන්දු ගන්න. මිනිස්සු හැටනම ලක්‍ෂයක් ආණ්ඩුවට ඡන්දය දුන්නේ විපතක් ආවාම දෙවියන්ට බාර දෙන්න නෙවෙයි. එහෙම නම් ආණ්ඩුව අයින් වෙලා මේ ගනුදෙනුව බේරගන්න අපට ඉඩ දෙන්න ඕනෑ. අවසාන වශයෙන් අපි අවධාරණය කරන්නෙ හරි තීන්දු අරගෙන මේ තත්වය පාලනය කරන්න කියලා. ඒවගේම යමක් හිතන අයට අපි අවධාරණය කරන්නේ ආණ්ඩුවට බලපෑම් කරන්න කියලා. මේ ආණ්ඩුවට යම්තම් ඇහෙන්නේ ලොකු සද්දයකින් කීවොත් විතරයි. මුළු ආණ්ඩුවක්ම මේ ව්‍යසනයට වගකියන්න ඕනෑ. ඒනිසා එයින් වළකින්න මුළු ආණ්ඩුවම මැදිහත් විය යුතුයි. අපි ජනතාවට කියන්නේ ඔබව රකින්නැති ආණ්ඩුවක් තිබෙන නිසා පරිස්සම් වෙන්න කියලා. ආර්ථිකය ගැන විතරක් හිතන මිනිස්සු ගැන නොහිතන ආණ්ඩුව මිනිස්සුන්ව රකින්නේ නැහැ. ඒ නිසා මේ වගේ ආණ්ඩු බලයට පත් නොකරන්න පාඩම් ඉගෙන ගන්න කියලත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ රෝගය පාලනය කිරීම සඳහා සංවිධානයක් ලෙස ජාතික ජන බලවේගයට ලබාදිය හැකි සියලුම දේ ලබාදෙන්න අපි ක්‍ර්‍රියා කරනවා. තීන්දු ගත යුත්තේ ආණ්ඩුවයි. නිවැරදි තීන්දු අරගෙන දැන්වත් මේ ව්‍යසනය පාලනය කරන්න අසරණ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරන්න මැදිහත් වෙන්න කියලා තදබල ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.”
අහිමි වෙන හැම මිනිස් ජීවිතයකම වගකීම ආණ්ඩුව බාරගත යුතුයි…! ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ආණ්ඩුව දක්වන වගකීමෙන් තොර ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිය යුතු බව අවධාරණය කළාය. අද (13) අන්තර්ජාලය ඔස්සේ පැවති […]
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ආණ්ඩුව දක්වන වගකීමෙන් තොර ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිය යුතු බව අවධාරණය කළාය.
අද (13) අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළ අතර එහිදී පළකළ සම්පූර්ණ අදහස් පහත පළ වේ.
“ජාතික ජන බලවේගය හැටියට කොවිඞ් රෝගයෙන් මියගිය අපේ සහෝදර සහෝදරියන්, අපේ නෑදෑයන් සහ මේ රටේ පුරවැසියන් හට අපගේ සාතිශය ශෝකය පළ කරනවා. මේ බොහෝ මරණ වළක්වාගත හැකි එහෙත් වළක්වා නොගත් මරණ. මේ බොහෝ දෙනෙක් මැරුණේ ආණ්ඩුවේ නොසැලකිලිමත් බව පමාවීම්, වැරදි තීරණ නිසයි. මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. නමුත් අපි කිසිසේත්ම ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම සංවේදී බවක් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ නැති වෙන්නේ රටට වටිනා ජීවිත බව ජාතික ජන බලවේගයේ අපි පිළිගන්නවා. ඒ ජීවිත බේරා ගන්න බැරිවීම ගැන අපි දුක් වෙනවා.
රටේ ජනතාව මේ වෙලාවේ ඉන්නේ විශාල බයකින්. කොයි මොහොතක තමන් ආදරය කරන මිනිස්සුන් වෙන් වෙයිද නොදන්නා කම්පනයක ඉන්නේ. ඒ වගේම රෝගයේ ස්වභාවය නිසා පුරුදු විදිහට අපිට එකිනෙකාව රැකබලා ගන්න බැහැ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කෙනෙක් ලෙඩ වුණාම අනෙක් අය එකතු වී රැකබලා ගන්නවා. මේ වෙලාවේ අඩුම ගානේ මරණයකදී සිදුකරන සංස්කෘතික චාරිත්‍ර-වාරිත්‍ර බොහොමයකින් කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් තියෙන්නේ. අපේ දුක නිවාගන්න ඒ කටයුතු ටිකවත් මේ අවස්ථාවේ කරන්න බැරිවෙලා. මේ හිත් අමාරුවෙන්, බයෙන්, දුකෙන් සහ සැකෙන් අපේ රටේ බොහෝ දෙනක් ඉන්නේ. එවැනි මොහොතක අපේ රටේ ආණ්ඩුව කොයිද කියලා අහන්න වෙනවා. ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ මෙවැනි ව්‍යසනයකදී නායකත්වය ගන්න. යම් කිසි ආකාරයකට අපේ ප්‍රශ්නය විසඳයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මේ වෙලාවේ ආණ්ඩුවේ නිහඬතාවයක්, වගකීම්වලින් බැහැරවීමක් අපි දකින්නේ. රටේ ජනතාවගේ ජීවිත ආණ්ඩුවේ ඇමතිවරුන් දෙවියන්ට බාර දුන්නේ. ආණ්ඩුව මේ වගකීමෙන් බැහැර වෙලා. රටේ මිනිස්සු දෙවියන්ට බාර දෙනවා නම් ආණ්ඩුවක් මොකටද? නායකයන් මොකටද? අපේ නායකයෝ ජනතාව අත්විඳින දේ ගැන දැනෙන්නේ මොනවාද? ජනතාව ගැන ඔවුන් සිතන්නේ මොනවාද? ඒ ගොල්ලෝ අපිට කියන්න ඕනෑ.
විද්‍යාත්මක තොරතුරු තිබියදීත් තීරණ නොගන්නේ නම් වෙනත් තොරතුරු ඔවුන් ළඟ තිබෙනවාද? අපි නොදන්නා දෙයක් ඔවුන් දන්නවාද? වගකිව යුතු ආණ්ඩුවක් නම් ඔවුන් තීරණ ගන්නේ මොන පදනමකින්ද කියලා ඔවුන්ව පත්කළ ජනතාවට කියන්න ඕනෑ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයින්ගේ නිර්දේශ නොතකා තීරණ ගැනීම ගැන ආණ්ඩුවෙන් උත්තර අවශ්‍යයි. ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා. මිනිස් ජීවිත කියන්නේ ඉලක්කම් නෙවෙයි. හැම ජීවිතයකටම බැඳීම් තියෙනවා. ආණ්ඩුව ගන්න තීරණවලින් බලපෑමක් වෙන්නේ ඒ බැඳීම්වලට. මිනිස් ජීවිත ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් බැහැර වෙලා දෙවියන්ට බාර දෙනවා නම් ඒ ආණ්ඩුව අපිට එපා. අඩුම තරමින් ඔවුන් ගන්න තීරණ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෑ. ආරක්‍ෂක කාමරවල හැංගිලා කරගෙන යන හැසිරීම වගකීම් විරහිතයි.
මේ සියලු වැරදි තීරණ මධ්‍යයේ ඒ බර දරාගෙන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම දෙනා විශාල කාර්යභාරයක් සිදුකරනවා. දැනට අවුරුදු එක හමාරක් පුරා ඔවුන් අසීමිතව වෙහෙස වෙනවා. මේ මොහොතේ අවදානමේ මුලින්ම සිටින්නේ ඔවුන්. වෛද්‍ය ක්‍ෂේත්‍රය සහ මුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම බොහෝ දෙනෙක් ආසාදනයට පත්වෙලා. ඔවුන්ගේ නිරෝගී බව අපි ප්‍රාර්ථනා කරනවා. මේ බාධක මධ්‍යයේ ඔවුන් කරගෙන යන කාර්යභාරය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ජනතාව ගැන හිතලා ඔවුන් කරන කැපවීම අපි විශේෂයෙන් අගය කරනවා. ආණ්ඩුවට බල කරන්නේ ජනතාව අත්හැරලා, සෞඛ්‍ය සේවය අත්හැරලා කටයුතු කරන්න එපා කියලයි. ආණ්ඩුව මිනිස් ජීවිත සහ ආර්ථිකය අතර තේරීමක් කර මිනිස් ජීවිතවලට වඩා ආර්ථිකය කෙරෙහි සලකනවා නම් අපිට අහන්න තියෙන්නේ මිනිස් ජීවිත නොකතන ආර්ථිකය කාටද කියලයි. අපිට මේ රටේ මිනිස්සු වැදගත්.
ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නිසා මෙහෙම වෙන බව කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් කියන්නෙ එක පුද්ගලයෙක් නෙවෙයි. පොදු වගකීමක් තියෙන පිරිසක්. එක් එක් කෙනා මත වගකීම් පටවලා නිදහස් වෙන්න බැහැ. සියලු දෙනා වගකීම දරන්න ඕනෑ. ඔවුන් ගන්නා තීරණ පිටිපස්සේ තිබෙන තර්කය මොකක්ද කියලා හෙළිකරන්න ඕනෑ. අහිමි වෙන හැම මිනිස් ජීවිතයකම වගකීම ආණ්ඩුව දරන්න ඕනෑ කියලා අවධාරණය කරනවා.”
රට නොවැසුවොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට රජයට අනතුරු අඟවනවා වේගයෙන් ව්‍යාප්තවී යන ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීම ඇතුළු අත්‍යාවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් මෙම වසර අවසන් වන විට කොරෝනා වසංගතයෙන් 30,000ක් පමණ මිය යා හැකි බව වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අනතුරු අඟවයි. විශේෂඥ වෛද්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ […]
වේගයෙන් ව්‍යාප්තවී යන ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීම ඇතුළු අත්‍යාවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් මෙම වසර අවසන් වන විට කොරෝනා වසංගතයෙන් 30,000ක් පමණ මිය යා හැකි බව වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අනතුරු අඟවයි.
විශේෂඥ වෛද්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ අද (13) ජාතික ජන බලවේගයේ මාධ්‍යය හමුවකදී ය. ඔහු එහිදී පළකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.
“අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ රට තීරණාත්මක මොහොතක තිබියෙදීයි. මේ වන විට කොරෝනා ආසාදිතයින් 3,45,000ක් සහ මරණ 5620ක් වාර්තා වෙනවා. රෝහල් ගතව 37,199ක් ප්‍රතිකාර ලබනවා. රෝග ලක්ෂණ අවම අය නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබා දෙමින් ඉන්නවා. පසුගිය සතිය ඇතුළත 115ක සාමාන්‍ය අගයකින් මරණ වාර්තා වුණා. 1156දෙනෙකු සතියක් තුළ මිය ගියා. පසුගිය මාසයක් පුරාම විවිධ වෛද්‍ය සංගම්, විශේෂඥ වෛද්‍යවරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනතුරුදායක තත්වය පැන නගින බව ආණ්ඩුවට කීවා. ඒ නිසා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නා. නමුත් අපේ රටත් අප්‍රේල් මාසයේ සිට මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව වගේ බරපතළ වසංගත තත්වයකට වර්ධනය වී තිබෙනවා. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව කෙරෙහි බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුයි.
දිනකට මරණ සියයක අවමයක් ගත්තත් මාසයකට 3000ක් මියයනවා. නමුත් මෙය 4500 දක්වා වැඩිවෙන්න පුළුවන්. ඒ අතරින් 75%ක් පමණ වැඩිහිටි ජනතාව මියයන්න පුළුවන්. මේ තත්වය පුළුපටු දෙයක් නෙවෙයි. මුළු ජනගහනයෙන් වයස 60ට වඩා ඉන්නෙ 13%ක් පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා කාර්යාලයේ අපි විශේෂ සාකච්ඡාවක් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසර ගණනාවක් කටයුතු කළ විශේෂඥයින් සියලු දෙනා මෙයට සම්බන්ධ වුණා. අපි සකස් කළ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යතුමියට සහ රජයට භාර දුන්නා. ඉදිරියේදී ඇති විය හැකි බරපතළ තත්වය ගැන සඳහන් ඒ වාර්තාව මාධ්‍යයට නිකුත් කරනු ලැබ තිබෙනවා. ඒ වාර්තාවේ අඩංගු කරුණුවලින් මේ වසර අවසන් වන විට මරණ 30,000ක් සිදුවිය හැකි බව දක්වා තිබෙනවා. දැන් මාසයකට සිදුවන 3000ක් පමණ වූ මරණ ඔක්තෝබර් මාසය වන විට 6000ක් පමණ විය හැකියි. නිශ්චිත තීන්දු තීරණ ක්‍රියාත්මක කළේ නැත්නම් මේ ආකාරයට බරපතළ ඛේදවාචක ඇතිවිය හැකියි.
ආණ්ඩුව ඉතාමත්ම දුර්වල, ඉතාමත් සෙමෙන්, විද්‍යාත්මක තොරතුරු භාවිත නොකර කටයුතු කරන බව පේනවා. රටේ ඇඳිරි නීතිය වැනි තත්වයක් පනවන්නේ නැති බව ආණ්ඩුව නිශ්චිතව කියා තිබෙනවා. පවතින කාර්ය සාධක බලකායට වෛරසයක් සම්බන්ධයෙන් තින්දු තීරණ ගැනීමේ අවබෝධයක් නැහැ. අපි අවධාරණය කරන්නේ සියල්ල දත් කිසිවෙක් නැහැ. ඒ නිසා අපි සියලු විද්වතුන්ට ආරාධනා කර, ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් පාවිච්චි කර වාර්තාව සකස් කළා. ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ රැස්වී අප සකස් කළ වාර්තාව භාර දී අපේ යුතුකම ඉටු කළා. ලෝකය පිළිගත් වෛරස් විද්‍යාඥ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මැතිතුමා ඒ අතර ඉන්නවා. ඔහු සාර්ස් වෛරසය පිළිබඳ අධ්‍යයනය කළ ප්‍රමුඛ මහාචාර්යවරයෙක්. මැලේරියා මර්දන ව්‍යාපාරය තුළ අපේ රටේ වගේම ලෝකයේත් ප්‍රමුඛ වැඩකොටසක් කළ විශේෂඥ වෛද්‍ය කාමිනී මෙන්ඩිස් මහත්මියත් ඉන්නවා. මෙවැනි එකතු කළ හැකි හොඳම කණ්ඩායමක් එකතු කර සකස් කළ වාර්තාව ලබා දී තිබෙනවා. ආණ්ඩුව තීරණ ගන්නේ මේ රටේ මිලියන 21කට වැඩි ජනගහනය වෙනුවෙන්. ඒ නිසා අදාළ විශේෂඥයින් කැඳවා වාර්තා ලබා ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. නමුත් ඒ වගකීම ආණ්ඩුව පැහැර හරිමින් සිටින බව පැහැදිලියි.
සංඛ්‍යා දත්ත විකෘති කිරීම බරපතළ තත්වයක් විදිහට වර්ධනය වෙමින් තිබෙනවා. පීසීආර් පරීක්ෂණවලින් ධනාත්මක වූ අය 4171ක් සිටින අතර ඇන්ටිජන් පරීක්ෂාව කළ අයගෙන් 1239ක් අසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා. එහි අදහස දිනයක් තුළ 5500ක් පමණ ආසාදිතයන් හඳුනාගත් බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය මේ බව වාර්තා කළා. දිගින් දිගටම වාර්තා වන සංඛ්‍යා දත්ත ගැන අපි ප්‍රශ්න කළා. වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන දත්ත සහ නිල වශයෙන් ලබාදෙන දත්ත අතර වෙනසට හේතු විමසා සිටියා. මුල් අවස්ථාවලදී පිළිතුරු ලැබුණේ පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ යන දෙකම එකම පුද්ගලයෙකු විසින් කර ගැනීමෙන් ආසාදිත වාර්තාවල දෙදෙනෙකු වශයෙන් සටහන් විය හැකි බවයි. තව පැත්තකින් අපට කීවේ වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00ට දත්ත නිකුත් කළත් අනිත් වාර්තාව නිකුත් කරන්නේ පෙරදින රාත්‍රී 10.00ට බවයි. නමුත් 1500ක පමණ වෙනසක් තිබීම සම්බන්ධයෙන් පවතින බරපතළම ගැටලුවට ලබාදුන් මේ පිළිතුරු අපි විශ්වාස කරන්නේ නැහැ.
ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සමග අපි කළ සාකච්ඡාවේදී මේ වසර අවසන් වන විට 30,000ක් පමණ මරණ සිදුවිය හැකි බවට පුරෝකථනය කළා. අපිට දැනගන්න තිබෙන නිවැරදි දත්ත සහ තොරතුරු සීමා කරනවානම් නිවැරදි පුරෝකථන ගන්න බැහැ. දිනකට මරණ 120ක් පමණ වාර්තා වන අවස්ථාවේ පුරෝකථන සිදු කළත් දැන් මරණ 150 ඉක්මවීම නිසා පුරෝකථනත් වෙනස් විය යුතුයි.
මතු කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ එන්නත්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දිගින් දිගටම කරන ප්‍රකාශවල යථාර්ථයයි. පළමු එන්නත 98%කට පමණ දී තිබෙන බව කියනවා. කුමන හේතුවෙන් නිසා හෝ පළමු එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්න බව පැහැදිලියි. නමුත් දෙවැනි එන්නත ලබා දී තිබෙන්නේ 28%කට පමණයි. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ධනවත් රටවල පවා වේගයෙන් ව්‍යාප්ත වන අතර ලැම්ඩා කියලා අලුත් ප්‍රභේදයක් හඳුනා ගැනීමෙන් තත්වය තවත් බරපතළ වෙලා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් කියන්නේ එන්නත් දෙකම අවශ්‍ය බවයි. මෙයින් අපට ලැබෙන්නේ රෝගයෙන් වැළකී සිටීමේ හැකියාව අවම වීම නෙමෙයි. මරණ හා සංකූලතා ඇතිවීම අවම කර ගැනීමයි. 98%කට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් කරන ප්‍රචාර නිසා ජනතාව නොමඟ යන්න පුළුවන්. එක එන්නතක් ප්‍රමාණවත් නැහැ. දෙවැනි එන්නත ලබාදුන් අය ගත්තොත් කොළඹ අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 58%ක්, ගම්පහ 48%ක්, කළුතර 44% සහ මාතලේ 34%ක් වන විට අනිකුත් සියලු දිස්ත්‍රික්ක ඉතාම අඩුයි. හම්බන්තොට 21%ක් ගාල්ල 12%ක්, මාතර 16%, රත්නපුර 9%ක්, කුරුණෑගල 15%ක්, බදුල්ල 15%ක් සහ මහනුවර 2.5%ක් පමණයි එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ.
ඒ නිසා එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි මතයකට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එන්නත් එකක් ලබාගැනීම රෝගයෙන් බේරීමට ප්‍රමාණවත් නැහැ. එන්නත් දෙකම ලබා ගත්තත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව හැසිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. එන්නත්වලින් පමණක් බේරෙන්න බැරි අනතුර තිබෙනවා. අලුත් ප්‍රභේද ඇතිවෙමින් යනවා. රජයේ එන්නත් බෙදා හැරීම බරපතළ ගැටලු සහගතයි. මේ කරුණුත් සැලකිල්ලට ගත යුතු වෙනවා. නිවෙස්වල රෝගීන් රැකබලා ගන්නවා වගේම රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාමත් විශාල අභියෝගයක්. රෝගීන් පළමුව ඇතුළත් කරන අතරමැදි කඳවුරු සියල්ලම පිරිලා. රෝහල්වලත් අනිකුත් රෝගීන් වෙන් වෙන් ඉඩකඩ තිබිය යුතුයි. ජනතාව පරෙස්සම් වීම අත්‍යාවශ්‍ය වී තිබෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් රෝගයට ගොදුරු වෙමින් තිබෙන නිසයි. රෝහල් අඩපණ වෙමින් තිබෙන තත්වයක අඩුම වශයෙන් සති දෙකක්වත් සංචරණ සීමා ක්‍රියාමාර්ග නොගත්තොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට රජයට අනතුරු අඟවනවා.
අනෙකුත් රෝගවලින් මිය යන මට්ටමට රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා. අපේ රට තිබෙන්නේ තීරණත්මක අවස්ථාවකයි. ඒ නිසා අපිත් බේරිලා අනිත් අයත් බේරාගෙන කටයුතු කිරීමේ වගකීම අප සියලු දෙනාටම තිබෙනවා. ඒ අතර ආණ්ඩුව ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා බලය දරන නිසා ජනතාව මරණයෙන් බේරා ගන්න විශේෂ වගකීමක් තිබෙනවා. ජනතාව මරණයෙන් බේරාගන්න වහාම මැදිහත් වන්න කියන දැඩි ඉල්ලීම කරනවා.
ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කර ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල අවධාරණය කරයි. පසුගියදා බත්තරමුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී වටගල මහතා මේ බවද කීය. තමන්ගේ සේවාදායකයෙක් බලන්න පැය විසි හතරේම පොලිසියක් තුළට යන්න අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තුළින් නීතිඥවරුන්ට ලබාදී තිබෙනවා. හර්ෂණ නානායක්කාර නීතිඥ මහත්තයා සහ පාර්ලිමේන්තු […]
ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කර ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල අවධාරණය කරයි.
පසුගියදා බත්තරමුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී වටගල මහතා මේ බවද කීය.
තමන්ගේ සේවාදායකයෙක් බලන්න පැය විසි හතරේම පොලිසියක් තුළට යන්න අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තුළින් නීතිඥවරුන්ට ලබාදී තිබෙනවා. හර්ෂණ නානායක්කාර නීතිඥ මහත්තයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය මන්ත්‍රිතුමිය කුරුඳුවත්ත පොලිසියට අත්අඩංගුවට ගත් අය බලන්න ගියා. අත්අඩංගුවට ගත් අය ඒ ස්ථානවල නැහැ කියලා පොලිසිය කියනවා. එහෙම නම් පොලිසිය මැදිහත් වෙලා පැහැර ගැනීම් කළාද කියන සැකය අපිට ඇතිවෙනවා. මෙතැන තිබෙන භයානකත්වය පොලිසිය තුළ අදාළ පුද්ගලයන් නැහැයි කියන එකයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසිය පොදුවේ අධිකරණයෙන් ඉල්ලන්නේ මේ අත්අඩංගුවට ගත් තැනැත්තන් දින 14ක් බන්ධනාගාර ගත කරන්න කියලයි. ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණවලට යවන්නත් ඉල්ලනවා. මේ ඉල්ලීම් හරිම විහිළු සහගතයි.
මේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් තුළ කිසියම් පළිගැනීමක ස්වරූපයක් තිබෙනවා. බන්ධනාගාරගත කිරීම් හෝ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමේ ආකාරයෙන් මේ පළිගැනීමේ ක්‍රියාමාර්ග දියත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය ඇතුළේ කරන සියලු උද්ඝෝෂණ කිරීමේ අයිතිය ශක්තිමත් වන තීන්දු මහෙස්ත්‍රාත්වරුන් ලබාදී තිබෙනවා. ඊට විරුද්ධවයි පොලිසිය විසින් මෙවැනි නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ. මේක නීතියේ අර්ථකථනය නෙවෙයි.
ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. පොලිසියට අපි කියන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. මෙයට පෙර පොලිසිය භාර ඇමැතිවරයා ලියවිල්ලක් පෙන්වලා උද්ඝෝෂණ නතර කිරීමේ අයිතියක් තිබෙන බවත් කීවා. ඒ ලියවිල්ල නීති විරෝධී එකක් බව අපි පෙන්වා දුන්නා. ඒ වගේම අනීතික ක්‍රියාවලි අනුගමනය කිරීමට විරුද්ධව මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට ලිපියක් ඉදිරිපත් කළා.
ආණ්ඩුවට තිබෙන්නේ උද්ඝෝෂකයන්ගේ සාධාරණ අයිතීන් ලබාදෙන්න. ගොවියාට පොහොර ලබාදෙන්න. කම්කරුවාට වැටුප් වැඩිකිරීම් ලබාදෙන්න මැදිහත් වෙනවා වෙනුවට ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරලා ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අපි අභියෝගයට ලක්කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවීමක් ආණ්ඩුවේ තිබෙනවා නම්, නීති කඩන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බුද්ධි අංශයේ නිලධාරීන් නොවන සියලු දෙනාට පොලිස් නිල ඇ¾දුමක් දෙන්න ඕනෑ. 2015ට කලින් අපි මේ තත්ත්වය දැක්කා. 88-89 කාලයේත් අපි මේ තත්ත්වය දැක්කා. ඒ කාලයේ අතුරුදන් වුණු අය සම්බන්ධයෙන් නඩු […]
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවීමක් ආණ්ඩුවේ තිබෙනවා නම්, නීති කඩන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බුද්ධි අංශයේ නිලධාරීන් නොවන සියලු දෙනාට පොලිස් නිල ඇ¾දුමක් දෙන්න ඕනෑ.
2015ට කලින් අපි මේ තත්ත්වය දැක්කා. 88-89 කාලයේත් අපි මේ තත්ත්වය දැක්කා. ඒ කාලයේ අතුරුදන් වුණු අය සම්බන්ධයෙන් නඩු ගණනාවක් මම කළා. ඒ මවුපියන් කීවෙත් “අපි පොලිසියක් පොලිසියක් ගාණේ ගියා. පුතා හිටියේ නැහැ” කියලා.
සමාජයක් භීතියට පත්කරලා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පැත්තකට දාලා තමන්ගේ අවශ්‍යතාවට, තමන්ගේ බල පුළුවන්කාරකම්වලට රටක් පාලනය කරන්න බැහැ. රටේ ඉන්න පුරවැසියන් ඡන්දය පාවිච්චි කරන්න ගන්න මෙවලමක් විතරක් නොවෙයි. මේ නිසා මම ඉතාම ගෞරවයෙන් මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය පරද්දන්න එකතු වෙන්න කියලා. එකතු වුණේ නැත්නම් ඉතිහාසයේ සිදුවුණා වගේ බරපතළ ව්‍යසනයකට ලක්වන බවට අනතුරු අඟවනවා.
අධි නීතිඥ උපුල් කුමරප්පෙරුම
ආර්ථික අර්බුදයත් සමඟ දැවැන්ත සමාජ අනාරක්ෂිතභාවයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එම අනාරක්ෂිත භාවයෙන් දරුවන් සහ ස්ත්‍රීන් බරපතළ අනතුරක් අත්විඳින අතර දරුවන්, ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව ඉතාමත්ම බැරෑරුම් ලෙස බැටකමින් සිටින බවත් මෙම සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රිවරිය පෙන්වා […]
ආර්ථික අර්බුදයත් සමඟ දැවැන්ත සමාජ අනාරක්ෂිතභාවයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
එම අනාරක්ෂිත භාවයෙන් දරුවන් සහ ස්ත්‍රීන් බරපතළ අනතුරක් අත්විඳින අතර දරුවන්, ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව ඉතාමත්ම බැරෑරුම් ලෙස බැටකමින් සිටින බවත් මෙම සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රිවරිය පෙන්වා දෙයි.
මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන් අතර විශේෂයෙන් 2015 යහපාලනය කියා ජනතාව පෙළ ගස්වා යහපාලනය වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළ බවත් 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය යන සටන් පාඨ පාවිච්චි කරමින් නැවතවතාවක් ජනතාව පාවා දුන් බවත් පැවැසූ මන්ත්‍රිවරිය සඳහන් කළේ මෙම පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් ආකාරයට අද විස¾දුම් සොයමින් සිටින බවයි.
ඇය අවධාරණය කළේ ඒ පාවාදීමට හසුනොවී විශේෂයෙන්ම 1977න් පසු සිදුකර තිබෙන වෙනසක් සමඟ නිර්මාණය කළ අර්බුදවලට විකල්ප විස¾දුමක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රියාකරන බවත් මේ වටා එකතු වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බවත්ය.
මෙම සමාජ අනාරක්ෂිතභාවය ඇති වූයේ තම තමන් දශක ගණනාවක් මනාපය ලබාදී පත්කළ ආණ්ඩු මඟින් රටට වූ විවිධාකාර බලපෑම්වලින් බව ජනතාව අවබෝධ කර නොගන්නා තෙක් විස¾දුමක්ද නොමැති බව අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.