Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

වසර අවසන් වන විට මරණ 30,000ක් සිදුවිය හැකියි

රට නොවැසුවොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට රජයට අනතුරු අඟවනවා වේගයෙන් ව්‍යාප්තවී යන ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීම ඇතුළු අත්‍යාවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් මෙම වසර අවසන් වන විට කොරෝනා වසංගතයෙන් 30,000ක් පමණ මිය යා හැකි බව වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අනතුරු අඟවයි. විශේෂඥ වෛද්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ […]

රට නොවැසුවොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට රජයට අනතුරු අඟවනවා

වේගයෙන් ව්‍යාප්තවී යන ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීම ඇතුළු අත්‍යාවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් මෙම වසර අවසන් වන විට කොරෝනා වසංගතයෙන් 30,000ක් පමණ මිය යා හැකි බව වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අනතුරු අඟවයි.

විශේෂඥ වෛද්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ අද (13) ජාතික ජන බලවේගයේ මාධ්‍යය හමුවකදී ය.  ඔහු එහිදී පළකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

“අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ රට තීරණාත්මක මොහොතක තිබියෙදීයි. මේ වන විට කොරෝනා ආසාදිතයින් 3,45,000ක් සහ මරණ 5620ක් වාර්තා වෙනවා. රෝහල් ගතව 37,199ක් ප්‍රතිකාර ලබනවා. රෝග ලක්ෂණ අවම අය නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබා දෙමින් ඉන්නවා. පසුගිය සතිය ඇතුළත 115ක සාමාන්‍ය අගයකින් මරණ වාර්තා වුණා. 1156දෙනෙකු සතියක් තුළ මිය ගියා. පසුගිය මාසයක් පුරාම විවිධ වෛද්‍ය සංගම්, විශේෂඥ වෛද්‍යවරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනතුරුදායක තත්වය පැන නගින බව ආණ්ඩුවට කීවා. ඒ නිසා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නා. නමුත් අපේ රටත් අප්‍රේල් මාසයේ සිට මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව වගේ බරපතළ වසංගත තත්වයකට වර්ධනය වී තිබෙනවා. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව කෙරෙහි බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුයි.


දිනකට මරණ සියයක අවමයක් ගත්තත් මාසයකට 3000ක් මියයනවා. නමුත් මෙය 4500 දක්වා වැඩිවෙන්න පුළුවන්. ඒ අතරින් 75%ක් පමණ වැඩිහිටි ජනතාව මියයන්න පුළුවන්. මේ තත්වය පුළුපටු දෙයක් නෙවෙයි. මුළු ජනගහනයෙන් වයස 60ට වඩා ඉන්නෙ 13%ක් පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා කාර්යාලයේ අපි විශේෂ සාකච්ඡාවක් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසර ගණනාවක් කටයුතු කළ විශේෂඥයින් සියලු දෙනා මෙයට සම්බන්ධ වුණා. අපි සකස් කළ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යතුමියට සහ රජයට භාර දුන්නා. ඉදිරියේදී ඇති විය හැකි බරපතළ තත්වය ගැන සඳහන් ඒ වාර්තාව මාධ්‍යයට නිකුත් කරනු ලැබ තිබෙනවා. ඒ වාර්තාවේ අඩංගු කරුණුවලින් මේ වසර අවසන් වන විට මරණ 30,000ක් සිදුවිය හැකි බව දක්වා තිබෙනවා. දැන් මාසයකට සිදුවන 3000ක් පමණ වූ මරණ ඔක්තෝබර් මාසය වන විට 6000ක් පමණ විය හැකියි. නිශ්චිත තීන්දු තීරණ ක්‍රියාත්මක කළේ නැත්නම් මේ ආකාරයට බරපතළ ඛේදවාචක ඇතිවිය හැකියි.


ආණ්ඩුව ඉතාමත්ම දුර්වල, ඉතාමත් සෙමෙන්, විද්‍යාත්මක තොරතුරු භාවිත නොකර කටයුතු කරන බව පේනවා. රටේ ඇඳිරි නීතිය වැනි තත්වයක් පනවන්නේ නැති බව ආණ්ඩුව නිශ්චිතව කියා තිබෙනවා. පවතින කාර්ය සාධක බලකායට වෛරසයක් සම්බන්ධයෙන් තින්දු තීරණ ගැනීමේ අවබෝධයක් නැහැ. අපි අවධාරණය කරන්නේ සියල්ල දත් කිසිවෙක් නැහැ. ඒ නිසා අපි සියලු විද්වතුන්ට ආරාධනා කර, ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් පාවිච්චි කර වාර්තාව සකස් කළා. ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ රැස්වී අප සකස් කළ වාර්තාව භාර දී අපේ යුතුකම ඉටු කළා. ලෝකය පිළිගත් වෛරස් විද්‍යාඥ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මැතිතුමා ඒ අතර ඉන්නවා. ඔහු සාර්ස් වෛරසය පිළිබඳ අධ්‍යයනය කළ ප්‍රමුඛ මහාචාර්යවරයෙක්. මැලේරියා මර්දන ව්‍යාපාරය තුළ අපේ රටේ වගේම ලෝකයේත් ප්‍රමුඛ වැඩකොටසක් කළ විශේෂඥ වෛද්‍ය කාමිනී මෙන්ඩිස් මහත්මියත් ඉන්නවා. මෙවැනි එකතු කළ හැකි හොඳම කණ්ඩායමක් එකතු කර සකස් කළ වාර්තාව ලබා දී තිබෙනවා. ආණ්ඩුව තීරණ ගන්නේ මේ රටේ මිලියන 21කට වැඩි ජනගහනය වෙනුවෙන්. ඒ නිසා අදාළ විශේෂඥයින් කැඳවා වාර්තා ලබා ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. නමුත් ඒ වගකීම ආණ්ඩුව පැහැර හරිමින් සිටින බව පැහැදිලියි.
සංඛ්‍යා දත්ත විකෘති කිරීම බරපතළ තත්වයක් විදිහට වර්ධනය වෙමින් තිබෙනවා. පීසීආර් පරීක්ෂණවලින් ධනාත්මක වූ අය 4171ක් සිටින අතර ඇන්ටිජන් පරීක්ෂාව කළ අයගෙන් 1239ක් අසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා. එහි අදහස දිනයක් තුළ 5500ක් පමණ ආසාදිතයන් හඳුනාගත් බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය මේ බව වාර්තා කළා. දිගින් දිගටම වාර්තා වන සංඛ්‍යා දත්ත ගැන අපි ප්‍රශ්න කළා. වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන දත්ත සහ නිල වශයෙන් ලබාදෙන දත්ත අතර වෙනසට හේතු විමසා සිටියා. මුල් අවස්ථාවලදී පිළිතුරු ලැබුණේ පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ යන දෙකම එකම පුද්ගලයෙකු විසින් කර ගැනීමෙන් ආසාදිත වාර්තාවල දෙදෙනෙකු වශයෙන් සටහන් විය හැකි බවයි. තව පැත්තකින් අපට කීවේ වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00ට දත්ත නිකුත් කළත් අනිත් වාර්තාව නිකුත් කරන්නේ පෙරදින රාත්‍රී 10.00ට බවයි. නමුත් 1500ක පමණ වෙනසක් තිබීම සම්බන්ධයෙන් පවතින බරපතළම ගැටලුවට ලබාදුන් මේ පිළිතුරු අපි විශ්වාස කරන්නේ නැහැ.


ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සමග අපි කළ සාකච්ඡාවේදී මේ වසර අවසන් වන විට 30,000ක් පමණ මරණ සිදුවිය හැකි බවට පුරෝකථනය කළා. අපිට දැනගන්න තිබෙන නිවැරදි දත්ත සහ තොරතුරු සීමා කරනවානම් නිවැරදි පුරෝකථන ගන්න බැහැ. දිනකට මරණ 120ක් පමණ වාර්තා වන අවස්ථාවේ පුරෝකථන සිදු කළත් දැන් මරණ 150 ඉක්මවීම නිසා පුරෝකථනත් වෙනස් විය යුතුයි.


මතු කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ එන්නත්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දිගින් දිගටම කරන ප්‍රකාශවල යථාර්ථයයි. පළමු එන්නත 98%කට පමණ දී තිබෙන බව කියනවා. කුමන හේතුවෙන් නිසා හෝ පළමු එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්න බව පැහැදිලියි. නමුත් දෙවැනි එන්නත ලබා දී තිබෙන්නේ 28%කට පමණයි. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ධනවත් රටවල පවා වේගයෙන් ව්‍යාප්ත වන අතර ලැම්ඩා කියලා අලුත් ප්‍රභේදයක් හඳුනා ගැනීමෙන් තත්වය තවත් බරපතළ වෙලා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් කියන්නේ එන්නත් දෙකම අවශ්‍ය බවයි. මෙයින් අපට ලැබෙන්නේ රෝගයෙන් වැළකී සිටීමේ හැකියාව අවම වීම නෙමෙයි. මරණ හා සංකූලතා ඇතිවීම අවම කර ගැනීමයි. 98%කට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් කරන ප්‍රචාර නිසා ජනතාව නොමඟ යන්න පුළුවන්. එක එන්නතක් ප්‍රමාණවත් නැහැ. දෙවැනි එන්නත ලබාදුන් අය ගත්තොත් කොළඹ අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 58%ක්, ගම්පහ 48%ක්, කළුතර 44% සහ මාතලේ 34%ක් වන විට අනිකුත් සියලු දිස්ත්‍රික්ක ඉතාම අඩුයි. හම්බන්තොට 21%ක් ගාල්ල 12%ක්, මාතර 16%, රත්නපුර 9%ක්, කුරුණෑගල 15%ක්, බදුල්ල 15%ක් සහ මහනුවර 2.5%ක් පමණයි එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ.


ඒ නිසා එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි මතයකට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එන්නත් එකක් ලබාගැනීම රෝගයෙන් බේරීමට ප්‍රමාණවත් නැහැ. එන්නත් දෙකම ලබා ගත්තත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව හැසිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. එන්නත්වලින් පමණක් බේරෙන්න බැරි අනතුර තිබෙනවා. අලුත් ප්‍රභේද ඇතිවෙමින් යනවා. රජයේ එන්නත් බෙදා හැරීම බරපතළ ගැටලු සහගතයි. මේ කරුණුත් සැලකිල්ලට ගත යුතු වෙනවා. නිවෙස්වල රෝගීන් රැකබලා ගන්නවා වගේම රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාමත් විශාල අභියෝගයක්. රෝගීන් පළමුව ඇතුළත් කරන අතරමැදි කඳවුරු සියල්ලම පිරිලා. රෝහල්වලත් අනිකුත් රෝගීන් වෙන් වෙන් ඉඩකඩ තිබිය යුතුයි. ජනතාව පරෙස්සම් වීම අත්‍යාවශ්‍ය වී තිබෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් රෝගයට ගොදුරු වෙමින් තිබෙන නිසයි. රෝහල් අඩපණ වෙමින් තිබෙන තත්වයක අඩුම වශයෙන් සති දෙකක්වත් සංචරණ සීමා ක්‍රියාමාර්ග නොගත්තොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට රජයට අනතුරු අඟවනවා.


අනෙකුත් රෝගවලින් මිය යන මට්ටමට රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා. අපේ රට තිබෙන්නේ තීරණත්මක අවස්ථාවකයි. ඒ නිසා අපිත් බේරිලා අනිත් අයත් බේරාගෙන කටයුතු කිරීමේ වගකීම අප සියලු දෙනාටම තිබෙනවා. ඒ අතර ආණ්ඩුව ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා බලය දරන නිසා ජනතාව මරණයෙන් බේරා ගන්න විශේෂ වගකීමක් තිබෙනවා. ජනතාව මරණයෙන් බේරාගන්න වහාම මැදිහත් වන්න කියන දැඩි ඉල්ලීම කරනවා.

www.lankatruth.com

Show More

පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා

ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කර ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල අවධාරණය  කරයි. පසුගියදා  බත්තරමුල්ලේදී පැවැති  ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින්  පැවැත්වූ මාධ්‍ය  හමුවේදී වටගල  මහතා මේ බවද කීය.  තමන්ගේ සේවාදායකයෙක් බලන්න පැය විසි හතරේම පොලිසියක් තුළට යන්න අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තුළින් නීතිඥවරුන්ට ලබාදී තිබෙනවා. හර්ෂණ නානායක්කාර නීතිඥ මහත්තයා සහ පාර්ලිමේන්තු […]

ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කර ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල අවධාරණය  කරයි.

පසුගියදා  බත්තරමුල්ලේදී පැවැති  ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින්  පැවැත්වූ මාධ්‍ය  හමුවේදී වටගල  මහතා මේ බවද කීය. 

තමන්ගේ සේවාදායකයෙක් බලන්න පැය විසි හතරේම පොලිසියක් තුළට යන්න අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තුළින් නීතිඥවරුන්ට ලබාදී තිබෙනවා. හර්ෂණ නානායක්කාර නීතිඥ මහත්තයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය මන්ත්‍රිතුමිය කුරුඳුවත්ත පොලිසියට අත්අඩංගුවට ගත් අය බලන්න ගියා. අත්අඩංගුවට ගත් අය ඒ ස්ථානවල නැහැ කියලා පොලිසිය කියනවා. එහෙම නම් පොලිසිය මැදිහත් වෙලා පැහැර ගැනීම් කළාද කියන සැකය අපිට ඇතිවෙනවා. මෙතැන තිබෙන භයානකත්වය පොලිසිය තුළ අදාළ පුද්ගලයන් නැහැයි කියන එකයි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසිය පොදුවේ අධිකරණයෙන් ඉල්ලන්නේ මේ අත්අඩංගුවට ගත් තැනැත්තන් දින 14ක් බන්ධනාගාර ගත කරන්න කියලයි. ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණවලට යවන්නත් ඉල්ලනවා. මේ ඉල්ලීම් හරිම විහිළු සහගතයි. 

මේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් තුළ කිසියම් පළිගැනීමක ස්වරූපයක් තිබෙනවා. බන්ධනාගාරගත කිරීම් හෝ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමේ ආකාරයෙන් මේ පළිගැනීමේ ක්‍රියාමාර්ග දියත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය ඇතුළේ කරන සියලු උද්ඝෝෂණ කිරීමේ අයිතිය ශක්තිමත් වන තීන්දු මහෙස්ත්‍රාත්වරුන් ලබාදී තිබෙනවා. ඊට විරුද්ධවයි පොලිසිය විසින් මෙවැනි නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ. මේක නීතියේ අර්ථකථනය නෙවෙයි. 

ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. පොලිසියට අපි කියන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. මෙයට පෙර පොලිසිය භාර ඇමැතිවරයා ලියවිල්ලක් පෙන්වලා උද්ඝෝෂණ නතර කිරීමේ අයිතියක් තිබෙන බවත් කීවා. ඒ ලියවිල්ල නීති විරෝධී එකක් බව අපි පෙන්වා දුන්නා. ඒ වගේම අනීතික ක්‍රියාවලි අනුගමනය කිරීමට විරුද්ධව මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට ලිපියක් ඉදිරිපත් කළා. 

ආණ්ඩුවට තිබෙන්නේ උද්ඝෝෂකයන්ගේ සාධාරණ අයිතීන් ලබාදෙන්න. ගොවියාට පොහොර ලබාදෙන්න. කම්කරුවාට වැටුප් වැඩිකිරීම් ලබාදෙන්න මැදිහත් වෙනවා වෙනුවට ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරලා ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අපි අභියෝගයට ලක්කරනවා.

Show More

නැවත කරළියට එන්නේ සුදු වෑන් සංස්කෘතියද? (Video)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවීමක් ආණ්ඩුවේ තිබෙනවා නම්, නීති කඩන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බුද්ධි අංශයේ නිලධාරීන් නොවන සියලු දෙනාට පොලිස් නිල ඇ¾දුමක් දෙන්න ඕනෑ.  2015ට කලින් අපි මේ තත්ත්වය දැක්කා. 88-89 කාලයේත් අපි මේ තත්ත්වය දැක්කා. ඒ කාලයේ අතුරුදන් වුණු අය සම්බන්ධයෙන් නඩු […]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවීමක් ආණ්ඩුවේ තිබෙනවා නම්, නීති කඩන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බුද්ධි අංශයේ නිලධාරීන් නොවන සියලු දෙනාට පොලිස් නිල ඇ¾දුමක් දෙන්න ඕනෑ. 

2015ට කලින් අපි මේ තත්ත්වය දැක්කා. 88-89 කාලයේත් අපි මේ තත්ත්වය දැක්කා. ඒ කාලයේ අතුරුදන් වුණු අය සම්බන්ධයෙන් නඩු ගණනාවක් මම කළා. ඒ මවුපියන් කීවෙත් “අපි පොලිසියක් පොලිසියක් ගාණේ ගියා. පුතා හිටියේ නැහැ” කියලා.  

සමාජයක් භීතියට පත්කරලා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පැත්තකට දාලා තමන්ගේ අවශ්‍යතාවට, තමන්ගේ බල පුළුවන්කාරකම්වලට රටක් පාලනය කරන්න බැහැ. රටේ ඉන්න පුරවැසියන් ඡන්දය පාවිච්චි කරන්න ගන්න මෙවලමක් විතරක් නොවෙයි. මේ නිසා මම ඉතාම ගෞරවයෙන් මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය පරද්දන්න එකතු වෙන්න කියලා. එකතු වුණේ නැත්නම් ඉතිහාසයේ සිදුවුණා වගේ බරපතළ ව්‍යසනයකට ලක්වන බවට අනතුරු අඟවනවා.

අධි නීතිඥ උපුල් කුමරප්පෙරුම

Show More

ආර්ථික අර්බුදයත් එක්ක සමාජ අනාරක්ෂිත බව වැඩිවෙලා

ආර්ථික අර්බුදයත් සමඟ දැවැන්ත   සමාජ අනාරක්ෂිතභාවයක්  ව්‍යාප්ත  වෙමින්  තිබෙන  බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එම අනාරක්ෂිත භාවයෙන්  දරුවන් සහ ස්ත්‍රීන් බරපතළ අනතුරක්  අත්විඳින අතර දරුවන්, ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව   ඉතාමත්ම බැරෑරුම් ලෙස  බැටකමින් සිටින බවත් මෙම   සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රිවරිය  පෙන්වා […]

ආර්ථික අර්බුදයත් සමඟ දැවැන්ත   සමාජ අනාරක්ෂිතභාවයක්  ව්‍යාප්ත  වෙමින්  තිබෙන  බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එම අනාරක්ෂිත භාවයෙන්  දරුවන් සහ ස්ත්‍රීන් බරපතළ අනතුරක්  අත්විඳින අතර දරුවන්, ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව   ඉතාමත්ම බැරෑරුම් ලෙස  බැටකමින් සිටින බවත් මෙම   සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රිවරිය  පෙන්වා දෙයි.

මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන් අතර විශේෂයෙන් 2015 යහපාලනය කියා ජනතාව පෙළ ගස්වා යහපාලනය  වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළ බවත් 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය යන සටන් පාඨ පාවිච්චි කරමින් නැවතවතාවක් ජනතාව පාවා දුන් බවත්  පැවැසූ මන්ත්‍රිවරිය  සඳහන්  කළේ මෙම  පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් ආකාරයට අද  විස¾දුම් සොයමින් සිටින බවයි.

ඇය අවධාරණය  කළේ ඒ පාවාදීමට හසුනොවී විශේෂයෙන්ම 1977න් පසු සිදුකර තිබෙන වෙනසක් සමඟ නිර්මාණය  කළ අර්බුදවලට විකල්ප විස¾දුමක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රියාකරන බවත්  මේ වටා එකතු වන ලෙස  සියලුම දෙනාට ආරාධනා කරන බවත්ය.

මෙම සමාජ අනාරක්ෂිතභාවය ඇති වූයේ  තම තමන් දශක ගණනාවක් මනාපය  ලබාදී පත්කළ ආණ්ඩු මඟින් රටට වූ විවිධාකාර බලපෑම්වලින්  බව ජනතාව  අවබෝධ  කර නොගන්නා තෙක් විස¾දුමක්ද නොමැති බව අමරසූරිය  මහත්මිය වැඩිදුරටත්  පැවැසුවාය.

Show More

අලුත් රටක් – අලුත් ජීවිතයක්…

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අපි වරින් වර විවිධ අර්බුද අවධීන්වලට මුහුණ දී ඇත්තෙමු. නමුත් ඒ අන් කිසිම අවධියක ඇති නොවූ ආර්ථික අර්බුදයකට සහ එමගින් තීව්‍ර කරන ලද සමාජ ගැටලු ගණනාවකට අද අප මුහුණ දෙමින් සිටින බව නොරහසකි. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාද විසින් කරන ලද යම් යම් ප්‍රකාශවලින් […]

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අපි වරින් වර විවිධ අර්බුද අවධීන්වලට මුහුණ දී ඇත්තෙමු. නමුත් ඒ අන් කිසිම අවධියක ඇති නොවූ ආර්ථික අර්බුදයකට සහ එමගින් තීව්‍ර කරන ලද සමාජ ගැටලු ගණනාවකට අද අප මුහුණ දෙමින් සිටින බව නොරහසකි. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාද විසින් කරන ලද යම් යම් ප්‍රකාශවලින් ඒ බව වඩාත් හොඳින් තහවුරු වේ. ඣඪෂෘ 19 වසංගතය විසින් මෙම අර්බුදය තීව්‍ර කිරීමට පෙර සිටම අපේ රට මේ අගාධය වෙත ගමන් කරමින් සිටි බව විවිධ සංඛ්‍යා ලේඛනවලින් සනාථ කළ හැකිය. අවුරුදු 73ක් පුරා ලංකාව විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ගයන් මෙන්ම දූෂිත හා බලලෝභී වංක දේශපාලනඥයනුත් මීට වගකිව යුතු බව දැන් අපට රහසක් නොවේ. 1978දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථිකය සහ විදේශීය ණය මත මවා පෑ සංවර්ධනයද මෙම අභාග්‍යසම්පන්න ගමන වේගවත් කරවීය.
නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගත් ජන සහභාගීත්ව හා පරිසර හිතකාමී සංවර්ධන උපායමාර්ගයන් සහ එම ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සමාජයේ සියලු කණ්ඩායම් වෙත ගලායන වැඩපිළිවෙළක් තුළින් සිදුකරනු ලබන සමාජ ආර්ථික පද්ධතියේ ගැඹුරු හා පුළුල් පරිවර්තනයකින් මිස මෙම අර්බුදය වෙනත් කෙටි මං ඔස්සේ ජයගත නොහැකි බව ඉතා පැහැදිලිය.
අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ, එම පුළුල් සමාජ පරිවර්තනය වෙත ජනතාව මෙහෙයවිය හැකි හා එම සමාජ පරිවර්තනය සඳහා පුළුල් දැක්මක් ඇති විශ්වසනීය දේශපාලන ව්‍යාපාරය කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමය.
ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ රට බේරා ගැනීම සඳහා රජුන් සහ රැජිනියන්, මහත්වරුන් සහ මහත්මීන් හා ඉන්ද්‍රජාලිකයන් වරින් වර කරළියට පැමිණි බව අපි දැක ඇත්තෙමු. නමුත් ඒ සියලු දෙනා අනුගමනය කළ එකම වැරදි හා විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ග නිසාත් එම කණ්ඩායම් සමග අත්වැල් බැඳගෙන සිටි වංක හා දූෂිත කල්ලි කණ්ඩායම් නිසාත් රට තව තවත් අඳුරු අගාධය වෙත තල්ලු වී යාම වළක්වාලීමට ඒ කිසිම කුමාරයෙකුට හෝ කුමාරිකාවකට, මහත්මයෙකුට හෝ මහත්මියකට, ඉන්ද්‍රජාලිකයෙකුට හෝ මැජික්කරුවෙකුට නොහැකි විය. අවසානයේ මේ සියලු දූෂිත මහත්ම මහත්මීන්, රජුන් සහ රැජිනයන් එකිනෙකා ආරක්ෂා කරමින් එකිනෙකාගේ වුවමනා එපාකම් ගැන පමණක් කටයුතු කළ බවද අපට දැන් පැහැදිලිය.
දූෂිත පවුලක් සහ ඔවුන්ගේ ඥාති හිතවතුන් වටා ගොඩනැගුණු වැඩවසම් දේශපාලන කල්ලියකට රටකට කළ හැකි විනාශයේ තරමටම හෝ ඊටත් වඩා වැඩි විනාශයක් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ව්‍යාජ සළු ඇඳගත් මහත්ම මහත්මීන් කණ්ඩායමකටද කළ හැකි බව අත්දැකීම් විසින් අපට ඉතා හොඳින් කියා දී ඇත.
ඒ නිසා අද රටට අවශ්‍යව ඇත්තේ,

  1. පවුලක්, පැලැන්තියක් වටා ගොඩගැසුණු උද්ධච්ච, වැඩවසම් දුෂිත දේශපාලන කල්ලියක් මෙන්ම සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ව්‍යාජ වාගාලාපයන් දොඩන, ප්‍රතිපත්තියක් රහිත, සුදු ඇඳි මහත්වරුන්ගේ කණ්ඩායම්ද එක ලෙස පරාජය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකි.
  2. කොල්ලකාරී ලෙස මහජන දේපළ විකුණමින් සහ තව තවත් දේශීය හා විදේශීය ණය මතම පමණක් යැපෙමින් අනුගමනය කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ග වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක්, ඒ ආර්ථික ප්‍රතිලාභ ගම සහ නගරයට සාධාරණ ලෙස බෙදී යන වැඩපිළිවෙළක් පිළිබඳ දැක්මක් සහ අවබෝධයක් ඇති දේශපාලන ව්‍යාපාරයකි.
  3. මේ භූමිය තුළ ඉපිද උතුරු නැගෙනහිර බටහිර මධ්‍යම ආදී විවිධ පළාත්වල ජීවත් වෙමින් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී විවිධ ජාතිකත්වයන්ට හා බෞද්ධ හින්දු ඉස්ලාම් හා කිතුනු-කතෝලික ආගම්වලට අනන්‍ය වූ සංස්කෘතින් සහිතව ජීවත් වෙන සියලු දෙනාට ‘මේ මගේ මව්බිම ශ්‍රී ලංකාව’ යයි අභිමානයෙන් කිව හැකි දේශපාලන හා සමාජ වාතාවරණයක් සහිත රටක් ගොඩනැගිය හැකි දේශපාලන ව්‍යාපාරයකි.
  4. එකිනෙකා පරයමින් හා එකිනෙකා නොසලකා තනි පුද්ගලයන් ලෙස ජයග්‍රහණ හඹායන පුද්ගල කේන්ද්‍රීය සමාජයක් වෙනුවට එකිනෙකාගේ පැවැත්ම, ගරුත්වය හා ආරක්ෂාව පිළිගන්නා සහ ඔවුනොවුන්ගේ රැකවරණය වෙනුවෙන් කටයුතු කරන ලතෙත් මිනිස් සමාජයක් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයකි.
  5. වැරදි හා අත්තනෝමතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ උපායමාර්ග නිසා සහ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා දුප්පත්කමේ පතුළට වැටීමට සලස්වා නොසලකා හැර ඇති ග්‍රාමීය දුප්පත් ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථික ව්‍යාපෘතීන් සහ ගොවි ජනතාවගේ උසස් ජීවන තත්වය සහතික කරන කෘෂිකාර්මික දර්ශනයක් සහිත දේශපාලන ව්‍යාපාරයකි.
  6. අතිශය නිර්දය ලෙස පරිසරයේ තිර පැවැත්ම සහ එහි තුල්‍යතාවය නොසලකා හරිමින් ලාභය සහ නිෂ්පාදන ඉලක්ක ගැන පමණක් සිතමින් කරනු ලබන පරිභෝජනවාදී සංවර්ධන ආකෘතිය වෙනුවට පරිසර පද්ධතිය, ජෛව විවිධත්වය හා එහි තිරසාර තුල්‍යතාවයන් ආරක්ෂා කරමින් සොබාදහම සමඟ බැඳුණු ජීවන ක්‍රමයක් මිනිස් සමාජය වෙත යෝජනා කරන සහ එය ක්‍රියාත්මක කරන දේශපාලන ව්‍යාපාරයකි.
  7. පරිගණක හා තොරතුරු තාක්ෂණය වැනි ලෝකය ඉදිරියට ගෙන යන තාක්ෂණික දැනුමින් සන්නද්ධව උසස් වෘත්තීය නිපුණතාවයන්ගෙන් යුතුව ජාත්‍යන්තර රැකියා වෙළඳපොළෙහි තරගකාරී ලෙස කටයුතු කළ හැකි තරුණ පිරිසක් බිහිකිරීම ඉලක්ක කරගනිමින් සමාජයේ යහපැවැත්ම පිළිගනිමින් කටයුතු කරන ශිෂ්ට සම්පන්න පුරවැසියන් බිහිකිරීම ඉලක්ක කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන ව්‍යාපාරයකි.
  8. මහජනතාව අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්හි ගිලීමට සලස්වා ඔවුන්ගේ පටි තද කරගෙන, ඉවසා සිටින ලෙස ඉල්ලා සිටිමින් මහජන බදු මුදල් ඉතාමත් අශීලාචාර ලෙස තමන්ගේ සහ තමාගේ ඥාති හිතමිත්‍රාදීන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් භාවිත කරන දේශපාලනඥයන් වෙනුවට මහජනයාගේ දුක සහ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ට ආදර්ශයක් වන පරිදි සරල දිවි පෙවෙතක්, සිය ජීවිතය කරගත් හා දේශපාලනය මහජන සේවයක් සේ සලකා කටයුතු කරන දේශපාලන නායකත්වයක් සහිත දේශපාලන ව්‍යාපාරයකි.
    ඉහත කී අරමුණ ඔස්සේ යමින් සමාජ ආර්ථික දේශපාලන පද්ධතියේ ගැඹුරු සහ පුළුල් වෙනසකට ශ්‍රී ලංකාව යොමු කරමින් වැටී ඇති අර්බුදයෙන් ගොඩගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. එසේ සියලු ජාතිකත්වයන්, ආගමික කණ්ඩායම් හා සමාජ කොටස් සාමූහික ප්‍රයත්නයක් මගින් සමාජ පරිවර්තනය වෙත යොමු කිරීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමද විශාල අභියෝගයකි.
    ජාතික ජන බලවේගය ලෙස මෙම අභියෝගාත්මක දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දීමේ හැකියාව අප සතුව ඇතැයි අපි විශ්වාස කරමු. එසේම එය පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස තවදුරටත් වර්ධනය විය යුතු බවද අපි ඉතා නිහතමානී ලෙස පිළිගනිමු. සියලු ප්‍රගතිශීලී හා වාමාංශික දේශපාලන පක්ෂ, ආගමික සහ සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන, කාන්තා හා තරුණ සංවිධාන හා පුද්ගල කණ්ඩායම් ඒකරාශී කොට එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරන දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කේන්ද්‍රීය මැදිහත්වීමේ අභියෝගය පිළිගැනීමට ජාතික ජනබලවේගය සූදානම් බවත් ප්‍රකාශ කරමු.
    එම උත්තුංග මහජන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ජාතික ජනබලවේගය සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය
2021 අගෝස්තු 01

Show More

“මේ රට වෙනස් කරන්න ජාතික ජන බලවේගය සමඟ පෙළගැසෙන්න”

රට ගොඩනැඟීම බලගන්වන  ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ දැවැන්ත  කාර්යය ආරම්භ  කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන සමඟ සාකච්ඡා  කරමින් සිටින බවද  දිසානායක මහතා පැවැසීය.  ඊයෙ (1දා) ඇතුල්කෝට්ටේ පිහිටි සෝලීස් හෝටලයේ පැවැති  මාධ්‍ය  හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර […]

රට ගොඩනැඟීම බලගන්වන  ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ දැවැන්ත  කාර්යය ආරම්භ  කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර දිසානායක පවසයි.

ඒ සඳහා රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන සමඟ සාකච්ඡා  කරමින් සිටින බවද  දිසානායක මහතා පැවැසීය. 

සෝලීස් හෝටලයේ පැවැති  මාධ්‍ය  හමුව

ඊයෙ (1දා) ඇතුල්කෝට්ටේ පිහිටි සෝලීස් හෝටලයේ පැවැති  මාධ්‍ය  හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරිසරවේදීන්, කලාකරුවන් ඇතුළු සිවිල් හා බහුජන ක්‍රියාකාරකයන් විශාල පිරිසක් සහභාගි  වූහ.

දිසානායක මහතා වැඩිදුරටත්  දැක්වූ අදහස් මෙසේය.

“වර්තමාන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3කට ආසන්න බලයක් ලබාදීමත් තුළ සැඟවී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ගොඩනැඟී තිබුණු විශ්වාසය සහ 2015 – 2019 ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත් කියන කරුණු දෙක. මේ කරුණු දෙකම වර්තමාන ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයේ ගැබ්වෙනවා. හැබැයි බලය අරගෙන අවුරුදු 

1 1/2කට වැඩි කාලයක් ගත වෙලා. රට ගොඩනඟාවි කියන බලාපොරොත්තුවත් සහිතව ඡන්දය දුන් බොහෝ පිරිසක් අද කලකිරීමට, රැවටීමකට භාජන වීම නිසා, විරෝධයක් එල්ල වී තිබෙනවා. මෑත කාලයේ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය ලක්වී තිබෙනවා. 

ඔහුගේ පෞද්ගලික දුබලතාවන් රැසක් තිබුණත් මෙය තනිකරම ඔහුගේ පෞද්ගලික දුබලතාවක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රගත කරමින් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා. වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ටි්‍රලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා. 

අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමතරව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වැනි විස¾දුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනඟලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැඟිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා. ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපායමාර්ග ඔවුන්ට නොමැති බව, පැරැණි යල්පිනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

එසේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම තුළින් සමාජ අර්බුද රැසක් පවතිනවා. අපේ රටේ ආර්ථික සහ සමාජ අර්බුද අති විශාල ප්‍රමාණයක් මේ යුගයේ ඇතිකර තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ ආකාරයට තවදුරටත් යා යුතුද කියලයි. අප විඳින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දිය යුතුද? ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙය වෙනස් කිරීම සඳහා එකතුවන්න කියලා. ජාතික ජන බලවේගයේ අපි මේ රට ගොඩනැඟීම සඳහා භාරගන්න සූදානම්. ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙළක්, කැපකිරීමක්, අප සතුව තිබෙනවා. අගාධයට යමින් තිබෙන රට ගොඩනැඟීමට අපට හැකියාව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය ගොඩනැඟිය හැකියි. 

මේ සඳහා බලය අත්පත් කර ගත යුතුයි. මේ රටේ පුරවැසියන් දශක ගණනාවක් විවිධ පාලනයන් ගොඩනඟා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වීම, ජනතාවට දුන් පොරොන්දු මුළුමනින්ම සුනුවිසුනු කොට දැමීමක්. ජනතාවට දේශපාලනය එපා වෙනතරමට අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ  “ඔබ මේ රට වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙන්න” කියලා. අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන එක්ක සාකච්ඡා කරමින් මේ රට ගොඩනැඟීමේ ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කරමින් තිබෙනවා. 

මේ රට ගොඩනැඟිය යුතුයි. යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්. අපි තවදුරටත් බලපෑම් කණ්ඩායමක සිටීම පමණක් නොව බලය හුවමාරු කර ගැනීමේ කණ්ඩායමක් දක්වා පරිවර්තනය වීමට අපි සූදානම්. බලය අරමුණු කර ගත් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. ඒ සඳහා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.” 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

සම්පූර්ණ මාධ්‍ය හමුව (වීඩියෝ) – https://www.facebook.com/anurakumara/posts/1926646194156485

Show More