Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Media notification Meeting of Colombo District Doctors U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP
X

NPP News

“ආණ්ඩුව පළාත් සංචරණ සීමා දීර්ඝ කරන්නේ විරෝධතාවලට බියෙන්”

ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.  එසේ නොමැතිව කොවිඩ් – 19 මර්දනය කිරීමේ සද්භාවයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන බවද මන්ත්‍රිවරිය “මව්බිම”ට ප්‍රකාශ කළාය.  සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ […]

ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 

එසේ නොමැතිව කොවිඩ් – 19 මර්දනය කිරීමේ සද්භාවයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන බවද මන්ත්‍රිවරිය “මව්බිම”ට ප්‍රකාශ කළාය. 

සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් හා නිසියාකාරව සිදුවිය යුතු බව පවසන අමරසූරිය මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දිනෙන් දින තීරණ හා සැලසුම් වෙනස් වීම මත මෙතෙක් එන්නත්කරණය ගැන විශ්වාසයක් ගොඩනැඟී නැති බවයි. 

රැකියා හා වැටුප් ප්‍රශ්න ඇතුළු ආර්ථික කරුණු හේතුවෙන් මේ වනවිට බොහෝ ක්‍ෂේත්‍රවල විරෝධතා මතුව ඇති බවත් ආණ්ඩුවේ සියලු පැති අසාර්ථක බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

Show More

“මේ තරම් කාලයක් රැකගත් නිදහස් අධ්‍යාපනය විකෘති කරන්න දෙන්න එපා” – ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුව අමතා කළ කතාව සම්පූර්ණයෙන් (වීඩියෝ)

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත හමුදාව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට ගන්නා වූ උපක්‍රමික උත්සාහයකි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ අදාළ පනත සම්මත වුවහොත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දැනටත් වඩා වරප්‍රසාදයක් බවට පත් වනු ඇති බවය. “මෙය හමුදාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. රටකට […]

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත හමුදාව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට ගන්නා වූ උපක්‍රමික උත්සාහයකි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ අදාළ පනත සම්මත වුවහොත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දැනටත් වඩා වරප්‍රසාදයක් බවට පත් වනු ඇති බවය.

“මෙය හමුදාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. රටකට හමුදාවක් තිබෙනවා, ඒ හමුදාවට නිශ්චිත වගකීමක් තිබෙනවා. නමුත් හමුදාවට අයිති නැති වැඩත් තිබෙනවා. මේක හමුදාවට දෙන ගරුත්වයක් හෝ වෙන කිසියම් දෙයක් නෙමෙයි. මේ තමන්ගේ වෙන අරමුණක් සඳහා හමුදාව පාවිච්චි කිරීමක්.”

Show More

இந்த ஆவணத்தை சவாலுக்குட்படுத்துவதற்கான உரிமை மக்களுக்கு இருக்கின்றது

சட்டத்தரணி உபுல் குமரப்பெரும சுகாதார பணி்ப்பாளர் நாயகம் வழங்கிய விதப்புரைகளுக்கிணங்கவே என குறிப்பிடப்பட்ட பொலிஸ் அறிவித்தல் அரசியலமைப்புடன் எவ்வாறு முரண்படுகின்றது என திருவாளர் வட்டகல தெளிவுபடுத்தினார். அதற்கு அப்பால்சென்று மேலும் சில விடயங்களை நான் எடுத்துரைக்க விரும்புகிறேன். தனிமைப்படுத்தல் கட்டளைச்சட்டம் அறிமுகப்படத்தப்பட்டது 1897 இல் ஆகும். அக்காலப்பகுதியில் இலங்கை ஐந்தாவது ஜோர்ஜ் மன்னின் குடியேற்றநாடாகும். அவரது பெயரும் இந்த கட்டளைச் சட்டத்தில் குறிப்பிடப்படுகின்றது. சட்டத்திற்கு அமைவாக வெளியிடப்பட்ட வர்த்தமானிப் பத்திரிகை 1950 தசாப்தம் வரை அமுலில் இருந்தது. […]

சட்டத்தரணி உபுல் குமரப்பெரும

சுகாதார பணி்ப்பாளர் நாயகம் வழங்கிய விதப்புரைகளுக்கிணங்கவே என குறிப்பிடப்பட்ட பொலிஸ் அறிவித்தல் அரசியலமைப்புடன் எவ்வாறு முரண்படுகின்றது என திருவாளர் வட்டகல தெளிவுபடுத்தினார். அதற்கு அப்பால்சென்று மேலும் சில விடயங்களை நான் எடுத்துரைக்க விரும்புகிறேன். தனிமைப்படுத்தல் கட்டளைச்சட்டம் அறிமுகப்படத்தப்பட்டது 1897 இல் ஆகும். அக்காலப்பகுதியில் இலங்கை ஐந்தாவது ஜோர்ஜ் மன்னின் குடியேற்றநாடாகும். அவரது பெயரும் இந்த கட்டளைச் சட்டத்தில் குறிப்பிடப்படுகின்றது. சட்டத்திற்கு அமைவாக வெளியிடப்பட்ட வர்த்தமானிப் பத்திரிகை 1950 தசாப்தம் வரை அமுலில் இருந்தது. அதன் பின்னர் 1972 அரசியலமைப்பில் அதுவரை பாவிக்கப்பட்ட சட்டங்கள் அனைத்தும் எமது சட்ட முறைமைக்குள் அடக்கப்படுகின்றன. அதன் பின்னர் 1978 அரசியலமைப்பின் 76 வது உறுப்புரையில் நாட்டின் சட்டவாக்கத் தத்துவம் சட்டவாக்கத்துறைக்கே இருப்பதாக தெளிவாக குறிப்பிடப்படுகின்றது. வேறு நிறுவனமொன்றுக்கு சட்டமாக்குவதற்கான அதிகாரம் கிடையாது. ஆனால் இப்போது தனிமைப்படுத்தல் சட்டத்துடன் அமைச்சரால் ஒழுங்குவிதிகள் விதிக்கப்பட்டுள்ளன. இந்த ஒழுங்குவிதிகளின் தன்மை எத்தகையது என்பதை ஆராய நீதிமன்றம் தவிர்ந்த வேறு இடம் கிடையாது.

கடந்த சில நாட்களாக கைதுசெய்யப்பட்ட ஆட்கள் குற்றவியல் தவறுக்காகவே கைதுசெய்யப்பட்டுள்ளார்கள். இந்த தனிமைப்படுத்தல் சட்டத்தில் திட்டவட்டமாக குறிப்பிடப்பட்டுள்ள இரண்டுவகையான குற்றங்கள் இருக்கின்றன. அவற்றுடன் எற்புடைய தண்டனைகள் இருக்கின்றன. எனினும் பொலிஸ் மா அதிபரின் அறிவித்தலுக்கிணங்க கைதுசெய்யப்படுவதற்கான குற்றம் என்ன என்பது பற்றி தெளிவுபடுத்தப்படவில்லை. கொரோனா பரவலுடன் வெளியிடப்பட்ட பல வர்த்தமானி அறிவித்தல்கள் இருக்கின்றன. சமூக இடைவெளியைப் பேணுதல், முகக் கவசம் அணிதல் போன்ற ஒருசில விடயங்கள் பற்றியே 2020.10.15 ஆந் திகதிய வர்த்தமானியில் குறிப்பிடப்படுகின்றது. எவரேனுமொருவர் சமூக இடைவெளியைப் பேணாமல் முகக்கவசம் அணியாமல் இருப்பாராயின் சட்டத்தை அமுலாக்குவதற்கான இயலுமை நிலவுகின்றது. ஆனால் கைதுசெய்யப்பட்டவர்கள் வழிகாட்டலுக்கமைவாக செயலாற்றவேண்டுமென குறிப்பிடப்படுகின்றது. அப்படிப்பட்ட ஒருவரை எவ்வாறு கைது செய்வது? அது தனியாள் சுதந்திரத்திற்கு இடையூறு செய்வதாகும்.

பொதுமக்கள் பாதுகாப்புச் சட்டத்தின்கீழ் அவசரகாலச் சட்டத்தை ஒவ்வொரு மாதத்திலும் விதிப்பதற்கான அதிகாரம் சனாதபதியவர்களுக்கு உண்டு. அதைப்போலவே பாராளுமன்றத்தினால் அங்கீகரிக்கப்படவும் வேண்டும். தனியாள் சுதந்திரம், பேச்சு சுதந்திம் உள்ளிட்ட மனித உரிமைகளை மட்டுப்படுத்துதல் பாராளுமன்றத்தின் தீர்மானத்திற்கிணங்க முன்னெடுத்துச் செல்லப்படுவதாக என்பது அமுலில் இருந்தது. ஆனால் இப்போது இடம்பெறுவதோ தனிமைப்படுத்தல் ஒழுங்குவிதிகளின் தன்மை பாராளுமன்றத்தில் ஆராயப்படுவது கிடையாது. இதனால் சுகாதார பணிப்பாளர் நாயகம் சமர்ப்பித்தாக கூறப்படுகின்ற கடிதம் மூலமாக அடிப்படை உரிமைகளை மீறவோ தனியாள் சுதந்திரத்தை வேறோர் அதிகாரசபைக்கு கையளிக்கவோ முடியாது. நாட்டின் பிரசைக்கு எதிராக குற்றச்சாட்டினை முன்வைக்கவும் தண்டனை வழங்கவும் வேறோரு கடிதத்தை சமர்ப்பிக்கிறார்கள். சுகாதார பணிப்பாளர் நாயகம் நாட்டு மக்களை தண்டிப்பதற்காக சட்டமொன்றை உருவாக்கி உள்ளார். இது மிகவும் பயங்கரமான நிலைமையாகும். அரசியலமைப்படன் நேரடியாக முரண்படுகின்ற நிலைமையாகும். அடிப்படை உரிமைகளை மட்டுப்படுத்தக்கூடிய சந்தர்ப்பங்கள் சம்பந்தமாக அரசியலமைப்பில் காட்டப்பட்டுள்ள ஏற்பாடுகளை விஞ்சி செல்வதாகும்.

இந்த ஆவணம் நிலவுகின்ற சட்டத்திற்கு முரணானதாகும். அரசியலமைப்பு மற்றும் குற்றவியல் சட்டம் ஆகிய இரண்டக்குமே முரணானதாகும். அத்துடன் அடிப்படை உரிமைகளில் உள்ளடங்கிய தனியாள் சுதந்திரம் முற்றாகவே மீறப்படுவதாகும். எவவே இந்த ஆவணத்தை சவாலுக்கு உட்படுத்துவதற்கான உரிமை மக்களுக்கு உண்டு.

தேசிய மக்கள் சக்தியின் சட்டத்தரணிகள்
2021.07.08

Show More

ජනතා විරෝධය මර්දනය කිරීම හෙළා දකිමු

පාලන තන්ත‍්‍රයේ අපකීර්තිය වැඩි වන විට, වැඩි වැඩියෙන් ජනතාව රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නැගීමට ප්‍රජාතන්ත‍්‍රවාදීව සංවිධානය වී තිබේ. මහජනයාගේ හඬට අවනත නොවී ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, මෙම පාලන තන්ත‍්‍රය විසින් ක්‍රියාකාරීන් සහ මහජනතාව බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා යැවීමට පොලිසිය යොදවනු ලැබීය. කොවිඞ් පැතිරීම කළමනාකරණය කිරීම සඳහා බැලූ බැල්මට සංචරණ සීමා කිරීම සඳහා ගත් පියවරක් ලෙස […]

පාලන තන්ත‍්‍රයේ අපකීර්තිය වැඩි වන විට, වැඩි වැඩියෙන් ජනතාව රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නැගීමට ප්‍රජාතන්ත‍්‍රවාදීව සංවිධානය වී තිබේ. මහජනයාගේ හඬට අවනත නොවී ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, මෙම පාලන තන්ත‍්‍රය විසින් ක්‍රියාකාරීන් සහ මහජනතාව බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා යැවීමට පොලිසිය යොදවනු ලැබීය. කොවිඞ් පැතිරීම කළමනාකරණය කිරීම සඳහා බැලූ බැල්මට සංචරණ සීමා කිරීම සඳහා ගත් පියවරක් ලෙස රජය විසින් මහජන රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් කරමින් පැහැදිලිවම ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ. එහෙත්, මාස ගණනාවක් තිස්සේ සංචාරක, නිදහස් වෙළඳ කලාප, ඉදිකිරීම් යනාදිය ඇතුළුව බොහෝ ආර්ථික අංශ විවෘතව පවතී. මෙම ප්‍රදේශවල සේවය කරන බහුතරයකට එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය දී නොමැත. හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඔවුන්ගේ උපාය බව ද රජය අවධාරණය කර තිබේ. මේ අනුව, විරෝධතා සඳහා පනවා ඇති සීමාවන් කොවිඞ් 19 කළමනාකරණය හෝ වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ පොදු ප්‍රතිපත්තියට අනුකූල නොවන බව ඉතා පැහැදිලිය. ඊට හාත්පසින්ම වෙනස්ව, මෙම පියවරයන් බලයේ රැඳී සිටීම සඳහා වූ අවසාන උපක්‍රම ද විරෝධය දැක්වීම හිතාමතාම සහ නීති විරෝධී ලෙස මර්දනය කිරීමේ ද අවසාන උත්සාහයයි.

As the regime’s unpopularity increases, more and more people have been democratically organising to raise their voices against government policies. Rather than heeding the voices of the public and responding to their issues, this regime has deployed the police to forcibly send activists and members of the public into quarantine. The government has also issued a gazette expressly forbidding public gatherings and demonstrations as a measure taken to restrict movements ostensibly for managing the spread of COVID. Yet, for many months now certain economic sectors have been open including tourism, free trade zones, construction etc. even though the majority of those working in these areas have not been prioritised for vaccination. The government has also insisted that their strategy is to open the country up as soon as possible. Thus, it is very clear that the restrictions placed on protests are not in line with the government’sgeneral policy with regard to the management of Covid-19 or the containment of the pandemic. In contrast, these measures are despicable attempts to deliberately and unlawfully suppress dissent as its last desperate ploy to remain in power.

Show More

ණය උගුලෙන් ගැලවිය නොහැකි ද?

අපේක්ෂා භංගවූ පොදුජන පෙරමුණේ අනුගාමිකයන් තුළ අපේක්ෂා දැල්වීම පිණිස ජනාධිපතිවරයා ප්‍රමුඛ පවුලේ ආණ්ඩුව මේ දිනවල අසාර්ථක උත්සහයක නිරත වී සිටිති. සිදුවීමට නියමිත බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය මෙම අසාර්ථක උත්සහයේ තවත් නාටකයකි. බැසිල් රාජපක්ෂ යනු පතුලක් නොපෙනෙන අගාධයකට රූටා යන ශ්‍රී ලංකාව එයින් මුදවා ගැනීමේ ගැලවුම්කරුවා ලෙස රූපාන්තරණය කිරීමට ද රාජපක්ෂ හිතවාදි මාධ්‍යකරුවෝ මහන්සි ගනිති. පුද්ගල […]

අපේක්ෂා භංගවූ පොදුජන පෙරමුණේ අනුගාමිකයන් තුළ අපේක්ෂා දැල්වීම පිණිස ජනාධිපතිවරයා ප්‍රමුඛ පවුලේ ආණ්ඩුව මේ දිනවල අසාර්ථක උත්සහයක නිරත වී සිටිති. සිදුවීමට නියමිත බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය මෙම අසාර්ථක උත්සහයේ තවත් නාටකයකි. බැසිල් රාජපක්ෂ යනු පතුලක් නොපෙනෙන අගාධයකට රූටා යන ශ්‍රී ලංකාව එයින් මුදවා ගැනීමේ ගැලවුම්කරුවා ලෙස රූපාන්තරණය කිරීමට ද රාජපක්ෂ හිතවාදි මාධ්‍යකරුවෝ මහන්සි ගනිති. පුද්ගල කේන්ද්‍රීය ගැලවුම්කරුවෙකු වෙනුවට රට බංකොලොත්වීම කල්දමා ගතහැකි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිම හැර බැසිල් රාජපක්ෂට ද අන් සරණක් නැත. පුන්‍ය ආයතනයක් නොවන මූල්‍ය අරමුදල ගෙවුම්ශේෂ අර්බුදයට මුහුණපා සිටින සාමාජික රටවලට අඩුපොලියට ණය දෙන බව ප්‍රකට ය. එහෙත් ප්‍රශ්නය මතුවන්නේ වෙනත් වංගුවකින් රට බංකොලොත් කරන ඒ ණය සමග එන කොන්දේසි සම්බන්ධයෙනි.

නවසිය අසූ ගණන්වල ණය අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස ලතින් ඇමෙරිකාවේ සංවර්ධනය වෙමින් පැවති රටවල් අනුගමනය කළේ ද මූල්‍ය අරමුදලේ ඔය ප්‍රතිපත්ති මාලාවය. සංවර්ධන උපාය මාර්ගයක් ලෙස “වොෂින්ටන් සම්මුතිය” යටතේ ජනතාවට ලබාදෙන සහන කප්පාදුව හා රජයේ දේපොල විකිණීම ඉහත කී කොන්දේසිවලට ඇතුළත් වේ. රටේ විශේෂිත ගැටළු මොනවා උනත්, ජාත්‍යත්තර මූල්‍ය අරමුදලේ මග පෙන්විම යටතේ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ලතින් ඇමෙරිකාවේ භාවිතයට දැමූ එම උපාය මාර්ගය අසාර්ථක වූ බව කවුරුත් දනිති. මැක්සිකෝව හා ආර්ජන්ටිනාව බංකොලොත් උනේ ද ඔය සංවර්ධන උපාය මාර්ගය හේතුවෙනි. චීනයට රට විකුණන ඊනියා දේශප්‍රේමි රාජපක්ෂ පවුල් පාලනයට පාර කැපෙන්නේ ද මූල්‍ය අරමුදලේ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වූ බටහිර අධිරාජ්‍යවාදි වැඩපිලිවෙල නිසා බව සිහිපත් කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමගි ජනබලවේගය ද එකගවන මූල්‍ය අරමුදලේ සරණ හැර බැසිල් රාජපක්ෂට කළ හැකි ප්‍රාතිහාර්යයක් නැත. ඒ නිසා මූල්‍ය අරමුදලේ පිහිටෙන් රට ගොඩයෑම නොව රට බංකොලොත්වීම ඉතා කෙටිකාලයකට නවත්වා ගැනීම හැර, ඒ මගින් රට සංවර්ධනය නොවන බව නම් සක්සුදක් සේ පැහැදිළි ය. පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහාමැතිවරණයේ දී ජනතාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව කරන්නේ කුමක් ද යන්න තීරණය කිරීම බලයේ සිටින ආණ්ඩුවේ තීරණයකි.

වමට නැඹුරුවන ලතින් ඇමෙරිකාව

1973දි දී නව ලිබරල්වාදය ප්‍රථම වරට අත්හදා බැලූ චිලී රටේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා ජනමත විචාරණක් පැවැත්වී ය. එහි දී මිලිටරි ජුන්ටාවෙන් මිදුණු ප්‍රජාතන්ත්‍රවාදි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනයා අනුමැතිය දුන් හ. එපමණක් ද නොව පැවති පලාත් පාලන ඡන්දයේ දී චිලියේ අගනුවර වූ සන්තියාගෝ නගරසභාව ජයගත්තේ ද කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂිකාව ය. පසුගිය මාසයේ දී පේරූ රටේ පැවති ජනාධිපතිවරණයේ දි එරට ජනතාව දක්ෂිනාංශික ඒකාධිපති ෆුජිමොරිගේ දියණිය අන්ත පරාජයට පත්කරමින් ගුරුවරයෙකු වූ සමාජවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පේඩ්රෝ කැස්ටිලෝ ජනාධිපති ලෙස පත්කළ හ. දක්ෂිණාංශික බුසීල ජනාධිපති බොල්සනාරෝට එරෙහිව ජනතාව දැනටමත් විදීබැස තිබේ. ඉදිරියේ දි පැවැත්විමට නියමිත මැතිවරණවල දී ලතින් ඇමෙරිකාවේ බොහොමයක් රටවල වාමාංශික පක්ෂවල ජයග්‍රහනය වැළැක්විය නොහැකිවනු ඇත.

යුරෝප හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය

පොදුවේ ගත් කළ පසුබැසීම් ඇති නමුත් 2015 සිටම යුරෝපයේ වර්ධනය වමට අවාසිදායක නොවී ය. නව ලිබරල්වාදයෙන් අපේක්ෂා භංග වූ ජනතාව අන්ත දක්ෂිණාංශයට ගමන් කළත්, යුරෝපයේ ඇතැම් රටවල ජනතාව වමට ද ගමන් කළ හ. 2004 දී 3%ක ඡන්දයක් ලබාගත් ග්‍රීසියේ වාමාංශික සිරිසා පක්ෂය 2014 දී ඡන්ද 13 ලක්ෂයක් ද, 2015 දී රාජය බලය ලබාගැනීමට ද සමත්වි ය. බලයට පත්වීමට නොහැකි වූවත් ස්පාඤ්ඤයේ වාමාංශික පොඩෙමෝස් පක්ෂයද පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස විශාල මැදිහත්මක් කරති.

සිරිසා පක්ෂයේ ප්‍රතිපත්ති එම ආණ්ඩුව විසින් පාවාදෙන ලද නමුත් එම ජයග්‍රහනයේ අරමුණු ආරක්ෂා කිරීමට පමණක් නොව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන්ට එරෙහිව යුරෝපය පුරා වාමාංශිකයෝ පෙළගැසෙති. 2025 ඉලක්කය සහිතව ගොඩනගා ඇති ෘෑසඵ 25 වාමාංශික ව්‍යාපාරය මෙහි දි කැපි පෙනේ. සිරිසා පක්ෂයේ පවාදීමට එරෙහිව, ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය යානිස් වරෝෆාකිස් ෘෑසඵ 25 වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙකි. ග්‍රීක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ද වන යානිස් ප්‍රකට මාක්ස්වාදි දේශපාලන ආර්ථික විද්‍යඥයෙකු විම ද අතිරේක කරුණකි. ආචාර්ය යානිස් සිරිසා ආණ්ඩුවේ එවකට මුදල් ඇමතිවරයා ලෙස යුරෝපා මූල්‍ය කොමිසම (යුරෝපීය යූනියන්එක, යුරෝපීය මධ්‍යම බැංකුව හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හෙවත් ට්‍රොයිකාව) සමග කළ සාකච්ඡාව ණය බරින් මිරිකි සිටින අප වැනි රටවලට ද ඉතා වැදගත් ය.

බංකොළොත් වූ ග්‍රීසියේ නව ආණ්ඩුවට ද යුරෝපා මූල්‍ය කොමිසම ණය දෙන්න එකග වුයේ පරාජයකරන ලද රජයට ණයදුන් කොන්දේසිවලට අනුවම එනම් කප්පාදු වටයක් සමග ය. මුදල් ඇමති යානිස් එයට එකගවුයේ නැත. නව ජනවරමට අනුව අර කියන කොන්දේසි පිළිබඳ නව එකගතාවයකට පැමිණෙන ලෙසට මුදල් ඇමතිවරයා කොමිසමට යෝජනා කළේ ය. මුදල් කොමිසම එයට එකග වුයේ නැත. කොන්දේසි සමග ණය මුදල ගැනීම හා නොගැනීම සම්බන්ධයෙන් පැවති ජනමත චිචාරණයේ දී ජනතාවගෙන් 60% කොන්දේසිය මත ණය මුදල් නොගතයුතු බව ප්‍රකාශ කළ හ. ජනමත විමසුමෙන් පසු මූල්‍ය කොමිසම සමග සාකච්ඡා කළ මුදල් ඇමති යානිස්ට ඔවුන් පැවසුවේ ශතයකවත් දිය නොහැකි බවයි. ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රටක ජනතාව ඉල්ලා සිටිය දී මූල්‍ය බලය හිමි සුළු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඡන්ද පවත් වන්නේ කුමකට ද යන්න මුදල් ඇමති යානිස් මෙහිදි ප්‍රශ්න කළේ ය. තනි පක්ෂ ක්‍රමයක් තුළ චීනය තම ප්‍රතිපත්තිය ක්‍රියාතමක කිරිම හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි බහුවිධ පක්ෂ ක්‍රමය අතර ඇති වෙනස කුමක් ද යන්න ඇසීමට ද යානිස් අමතක කළේ නැත. කෙසේ නමුත් අවසානයේ අගමැති ඇලෙක්සිස් සිප්රාස් ජනතාව පවා දී පැකේජය සමග ණය ගන්නට එකගවීම තුළ මුදල් ඇමති යානිස් මුදල් ඇමතිකමෙන් පමණක් නොව ආණ්ඩුවෙන් ද ඉල්ලා අස්විය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ පසුව පැවති මැතිවරණයෙන් ජනතාව පාවාදුන් සිරිසා පක්ෂය පරාජයට පත්විම ය. ආර්ථිකය වෙනස් කරන්නට නොහැකි එහෙත් මැතිවරණ වලින් බලය පමණක් මාරුකරන ලිබරල් ප්‍රජාතනත්‍රවාදයේ සීමාව යුරෝපය තුළ මේ වනවිට හෙලිදරව් වෙමින් පවති.

උදාවන ලෝකය

රට කොළනියක් කරන චීන ප්‍රාග් ධනයට මෙන්ම මූල්‍ය අරමුදල මෙහෙයවන නව ලිබරල්වාදයට ද එරෙහි සංවර්ධන මූලෝපාය කුමක් ද යන්න ලබන කලාපයේ සාකච්ඡා කෙරේ. මෙහිදි අපගේ පාලනයෙන් පිට ඇති ජාත්‍යන්තර තලයේ වේගයෙන් සිදුවෙමින් පවතින වෙනස්කම් ද එතනදි අපි සැළකිල්ලට ගතයුතු ය. එම වෙනස්වන ලෝක තත්ත්වය අපිට පමණක් නොව වේගයෙන් පල්ලම් බසින, බටහිර අධිරාජ්‍යවාදි ණය උගුලට හිරවුනු රටවලට බොහෝවිට වාසිදායක වෙන්නට පුළුවන. අපගේ මැනීම අනුව ගොදුරු බිම් බෙදාගැනීමට බටහිර අධිරාජ්‍යවාදය සමග තරගවදින නැගී එන ධනවාදි චීනය අද ඉදිරියට පැමිණ ඇතිබව කවුරුත් දනිති. නව සංවර්ධන උපාය මාර්ගය භාවිතයට යෙදිය යුතු වන්නේ උක්ත බලකඳවුරු දෙකේ උවමනාවන්ට එරෙහිව ය. සෝවියට් විප්ලවය ඉදිරියට එන්නේ ලෝකය බෙදාගැනීමට අධිරාජ්‍යවාදීන් සංඩු සරුවල් කරගත් 1 වෙනි ලෝක යුද්ධය මධ්‍යයේ දී ය. නොබැඳි ව්‍යාපාරය මතුවන්නේ ද සෝවියට් ඇමෙරිකන් සීතල යුද්ධය මැදිනි. චීන අමෙරිකන් සීතල යුද්ධය මැද අපේ මාවත විවෘතවන බවට වන සාධක ඕනෑතරම් ඇත.

ඇමෙරිකානු ජනතාව පත්කළ නව ජනපති ජො බයිඩන් පසුගිය අප්‍රේල් 1වෙනිදා තම බුද්ධිමණ්ඩලය මෙන්ම විදේශ සබඳතා කවුන්සලය පත්කළේ ය. ඇමෙරිකාව මුහුණු දි සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස සලකන්නේ දේශගුණ විපර්යාශය හා චීනයේ නැගීම ය. ජාත්‍යාන්තර ගණුදෙනුවලදි සිදුවන යුවාන් ඩිජිටෙල් හුවමාරුවලින් පෙනී යන්නේ ද ඇමෙරිකානු ඩොලරයේ හෙජමනියට එරෙහිව ද චීනය තරගයක් දිමට සූදානම්වන බව මිස අන්යමක් නොවේ. බලයක් ලෙස සමස්ත ලෝකයම ණය බුබුලක පවත්වාගෙන යන බටහිර අධිරාජ්‍යවාදය අභ්‍යන්තරයෙන් හිස් බව මොනවාට පැහැදිළි වෙමින් පවතී. 21වෙනි ශතවර්ශයේ දෙවැනි කාර්තුව ආරම්භවිමට නියමිතව ඇත්තේ අලුත්ම ගෝලිය වටපිටාවක ය. ණය උගුලක හිරකර ඇති අඩුදියුණු ලෝකය, ගත් ණය ගෙවන්නට නිමක් නැතිව තව තවත් ණය ගන්නවා ද?, ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලනවා ද? නැත්නම් ණය නොගෙවා ඉන්නවා ද? යන්න තීරණය වන්නේ ජාත්‍යන්තර තලයේ සිදුවන මේ වෙනස්විම් වලට අනුව ය. ව්‍යවස්ථාවට අනුව නම් අප රටේ ජනාධිපති රාජපක්ෂගේ පාලනය අවසන්විමට නියමිතව තිබෙන්නේ 2025 දී ය. 21වෙනි ශතවර්ෂයේ දෙවැනි කාර්තුවේ දී අපි කටයුතු කරන්නේ එදාට පවතින ජාත්‍යන්තර තත්ත්වය හා ඉහත කී දෙපාර්ශවයට එරෙහිව තමන්ගේම ගමනකට ජනතාව දක්වන සූදානම හා අධිෂ්ඨානයට අනුව ය.



මහින්ද රත්නායක

මාලිමා ඊ සඟරාවෙනි

Show More

මීගමුව හා ධීවර ගින්න

මීගමුව හා ධීවර ගින්න මීගමුව හා ඒ ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශවල බොහෝදෙනා ධීවරයෝ හා ඒ ආශ්‍රිත රැකියාවල නියැලෙන්නෝ ය. එනම්, මාළු ඇල්ලීම, විකිණීම, එම කටයුතුවලට අත් උදව් දීම, ප්‍රවාහනය යනාදි දේ ය. ඔවුන්ගේ ජීවිත ගිනිගන්නට පටන් ගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නට බොහෝ කලකට පෙර ය. ඒ මේ රට පාලනය කළ අසංවේදී අමනෝඥ ආණ්ඩුවල ක්‍රියා කලාපයන් හේතුවෙන් […]

මීගමුව හා ධීවර ගින්න

මීගමුව හා ඒ ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශවල බොහෝදෙනා ධීවරයෝ හා ඒ ආශ්‍රිත රැකියාවල නියැලෙන්නෝ ය. එනම්, මාළු ඇල්ලීම, විකිණීම, එම කටයුතුවලට අත් උදව් දීම, ප්‍රවාහනය යනාදි දේ ය. ඔවුන්ගේ ජීවිත ගිනිගන්නට පටන් ගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නට බොහෝ කලකට පෙර ය. ඒ මේ රට පාලනය කළ අසංවේදී අමනෝඥ ආණ්ඩුවල ක්‍රියා කලාපයන් හේතුවෙන් ය.

කළපුව

අපේ රටේ මෝඩ ආණ්ඩුවලට සුන්දර පරිසර කලාපයන් පේන්නේ සංචාරක කලාපයන් හෝ මඩිස්සලේ පුරවන මුදල් කුට්ටි ලෙස ම පමණි. ලංකාවේ රසවත් ම ඉස්සන් කකුළුවන් ඇතුළු මත්ස්‍ය වර්ග 140කට පමණ හා අවට පරිසරයේ ඔක්සිජන් සැපයුමට දායකවන කඩොලාන වර්ග 29කට වාසභූමිය වී ඇති සරුසාර මීගමු කළපුව විනාශ කරමින් ජලචර ගුවන් යානා බැස්සවීමේ ප්‍රයත්නය පරාජය කිරීමට දිවි පරදුවට තබා විශාල අරගලයක් කරන්නට ධීවරයන්ට සිදු විය.

ඒ අතර අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී කළපුවට වන හානිය ගැන අබමල් රේණුවක තරම් හැඟීමක් බලධරයනට තිබූ බවක් පෙනෙන්නට නැත. කොන්ක්‍රීට් කනු මත නොයවා රට මැද තාප්ප ගසන්නා සේ ඉදි කළ අධිවේගී මාර්ග නිසා අත්තනගලු ද්‍රෝණියෙන් කළපුවට හොඳවතුර ගලා ඒම විශාල ලෙස අවහිර වී ඇති බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ නිසා ම අද වන විට කළපුවේ ලුණු සාන්ද්‍රණය මුහුදේ ලුණු සාන්ද්‍රණයටත් වඩා ඉහළ අගයක් ගෙන ඇත. මේ අතර මීගමු නගර සභාවේ කුණු කානු කිසිදු පවිත්‍ර කිරීමකින් තොරව කළපුවට හරවා ඇති අතර එමගින් කළපුවට සිදු වී ඇති හානිය ද විශාල ය. කළපුව අවට ඉදිවී ඇති හෝටල් හා කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන රසායනිකයන් හා අපද්‍රව්‍ය මිශ්‍ර අප ජලය ද මීගමු කළපුවට ය. බලධාරිහූ නිහඬ ය. කළපුව අවට ඉදිකර ඇති කරවල නිෂ්පාදන ආයාතනවල ලුණු මිශ්‍ර අප ජලය ද කළපුවට ය. බලධාරිහූ නිහඬ ය.

මීගමු කළපුවට එකතුවන හැමිල්ටන් ඇළ, ජා ඇළ හා දඬුගම් ඔය ද දූෂණය වී හමාර ය. ජල සම්පත අපවිත්‍රකරණය දඬුවම් ලැබිය හැකි වරදක් වුවද බලධාරිහූ ද, ගජ මිතුරෝ ද කිසිදු පැකිලීමකින් තොරව එසේ කරති. ” කාට පවසම් මේ අමාරුව, වැටත් නියරත් ගොයම කා නම්! ” මේ ගැන අදාළ බලධාරියකුගෙන් මෙම ලියුම්කරු විමසූ විට කිසිම ගාණක් නැතිව ඔහු පවසා සිටියේ කළපුව දැන් මරෙමින් ඇති බවය. නැත, එය හිතා මතා සැලසුම් සහගත ව මරා දමමින් තිබේ. මීගමුව ආශ්‍රිත කළපු ධීවර ජීවිතවලට කනකොකා හඬන්නේ දැන් බොහෝ කාලයකට පෙර සිට ය.

පෝට් සිටිය

මීගමුව ආශ්‍රිත ධීවරයාව පුළුස්සන අනෙක් ගින්න ඇවිළුණේ පෝට් සිටිය හරහා ය. ධීවරයන් මේකට විරුද්ධ වුනේ ප්‍රායෝගික කාරණා කීපයක් මුල් කර ගෙන ය. ඒ අතර ධීවරයා මසුන් අල්ලන සශීක්‍ර මාළු බිමක් ඔවුනට අහිමි වීම ය. අනෙක නම් මුහුදෙන් වැලි හාරා දූපතක් සෑදීම තුළ සිදුවන වෙරළ හානිය පිළිබඳව ඔවුන් තුළ වූ ප්‍රායෝගික අවබෝධය යි. මෙය දැන් සිදු වෙමින් පවතී. සුනාමි රළ පහරින් මීගමුව පිටිපන ආශ්‍රිත වෙරළ කලාපය ආරක්ෂා කළ විශාල ගල් පරය දැන් දැන් පුපුරා කැබලි වෙමින් තිබේ. ( එහි ඡායාරූප මේ සමග අමුණමි.)

මේ අරගලයේදී මහා පරිසර ආරක්ෂකයෙකු ලෙස හා දේශවාත්සල්‍යය උතුරා ගලායන්නකු ලෙස පෙනී සිටින චම්පික හිටපු ඇමතිවරයා මේ වෙනුවෙන් පෙනී සිටි ආකාරය පිළිබඳව බොහෝ ධීවරයන් පිළිකුළින් හා කළකිරීමෙන් කතා කරනු අසා ඇත්තෙමි. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇරඹුණු මෙම විනාශකාරි ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට වන හානිය පසෙක තිබියදී ධීවර ජීවිතවලට වෙමින් තිබෙන හානිය ඉතා විශාල ය. මෙහි බරපතල ම ඛෙව්දවාචකය නම් අදාළ චීන සමාගම විසින් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විරෝධය සමනය කිරීමට අල්ලස් යැයි නොකියවෙන අල්ලස් ලබා දීම ය: මේ තීරුවේ වෙසෙන බහුතරය කතෝලිකයෝ ය. කතෝලිකයන්ගේ වැදගත් පුදබිමක් වූ තේවත්ත බැසිලිකාවේ වහල ප්‍රතිසංස්කරණය කර දුන්නේ අදාළ චීන සමාගම ය. තව ද දුප්පත් ධීවරයන්ට කටහොල්ලනු බැරි මුඛ ආවරණයක් ලෙස ධීවර සමිතිවලට ලක්ෂ විස්ස බැගින් ලබා දෙන ලදී. ඉතා උනන්දුවෙන් මෙම මුදල ධීවරයන්ට ලබා දෙන්නට එකල ප්‍රාදේශීය පෝට්සිටි හිතවාදි ආණ්ඩු හා විපක්ෂ දේශපාලකයෝ කටයුතු කළහ. මෙය පගාවක් බව දුටු ඇතැම් ධීවර සමිති මෙය ලබා ගත්තේ නැත. මෙලෙස අල්ලස් යැයි නොකියැවෙන අල්ලස් මගින් ධීවරයා බිලිබා ගැනීම පමණක් නොව භේදභින්න කිරීම ද නොඅඩුව කරමින් අපගේ කපටි පාලකයෝ සිය නව ලිබරල් ව්‍යාපෘතිය වෙනුවෙන් ධීවර ජිවිතවලට ගිනි තබා ඇත.

කෝවිඩ් 19 හා එක්ස්ප්‍රස් පර්ල්

කෝවිඩ් 19 විසින් ඇති කළ වින්නැහි ද බොහෝ ය. මුල් කෝවිඩ් ලොක් ඩවුනය තිබියදී ගමනාගමනය ඇණහිටීම අවසර පත් ඇති වාහනවලින් පමණක් මාළු බෙදා හැරීම හේතුවෙන් කුණු කොල්ලෙට මාළු විකිණීමට ධීවරයන්ට සිදු වී තිබිණි. බොහෝ විට ඉන්ධන වියදමවත් ආවරණය කර ගන්නට නොහැකි විය. මීගමු ලෙල්ලම් ද කීප විටක් ලොක්ඩවුන් කරන ලදී. අන්තුරුව “පෑලියගොඩ පොකුර” හේතුවෙන් මාළු කෑම අඩුවීමත් සමග ධීවර ජීවිත තවත් ආගාධයට ගමන් කෙරිණ.

එක්ස්ප්‍රස් පර්ල්' පරීක්ෂණ කටයුතු තවදුරටත් - කපිතාන්වරයාගෙන් පැය 14 ක  ප්‍රකාශක් | සිළුමිණ

ලොක්ඩවුනයන් අඩු වී ධීවරයාට සැනසුම් සුසුමක් හෙළන්නට ඇති වූ මඳ අවකාශය පවා අහිමි කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගිනි ඇවිලිණි. අනතුරු ව මාළු විෂ සහිත විය හැකි බව කියැවුණු අතර ධීවර රැකියාවට තහංචි වැටිණි. දවසේ වේල පවා අහිමි ව හාමතේ දරු පැටව් හඬන හඬ බොහෝ නිවෙස්වලින් අසන්නට ලැබිණි. අනතුරුව දියඹ මුහුදේ පමණක් රැකියාවට අවසර ලැබිණි. සුළු ධීවරයෝ තවත් අසරණ වූහ. අමාරුවෙන් ලොකු වියදමක් දරා දියඹ මුහුදට ගිය ධීවරයාට මාළු විකුණා ගත නොහැකි වූයේ මාළුනට විෂ රාසායනිකයන් ඇතුළු වී ඇති බවට ඇතිකර තිබූ මතය නිසාවෙනි. බඩගින්නේ සිටිනවාට වඩා අභියෝගයට මුහුණ දී ජයගත යුතු ව ඇත. ධීවරයෝ සිය එක් තැනකට රැස්ව අල්ලා ගත් මාලු උයාගෙන සිය දරුමල්ලන් ද සමග ප්‍රසිද්ධියේ අනුභව කළේ මාළු අනුභව කිරීම අනතුරුදායකය යන මතයට අභියෝග කරන්නට ය. එහෙත් මේ ලියන මොහොත වන විටත් ගොඩ මුහුද තහනම් කලාපයක් ය.

මුතුරාජවෙල බලාගාරය

මීගමු කළපුව හා මුතුරාජවෙල එක ම සංවේදි පරිසර කලාපයක් ය; රක්ෂිත ප්‍රදේශයක් ය. එහෙත් නමට ය. මෙම ලිපියේ අරමුණ ඊට කරමින් තිබෙන හානිය ගැන කියන්නට නොවේ ය. එය වෙන ම මාතෘකාවක් ය. එහෙත් මේ වනවිට එහි බලාගාරයක් ඉදිකිරීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා දැනට අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කෙරේ. ඒ සඳහා වැලි ගහන්නේ යළිදු මුහුදෙන් ය. කැපුන්ගොඩ සිට උස්වැටකෙයියාව දක්වා මුහුදු ප්‍රදේශයෙන් මේ සඳහා වැලි ගැනීමට සූදානම් කර ඇති බව කියැවේ. තව ද ඒ සඳහා පුරා මාස හයක් ගතවන බවත් ඒ කාලය තුළ එම ප්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කෙරෙන බවත් කියැවේ.

මුතුරාජවෙල අභය භූමියේ විදුලි බලාගාරයක් හදන්න සූදානම්…. තවත් අභය භූමියක  මළගමක් – ජනයුගය

මෙයින් මෙම මුහුදු කලාපයට වන හානිය ඉතා බරපතල ය. මින් පෙර අධිවේගි මාර්ගය සඳහා ද වැලි ගැසුවේ මුහුදෙන් ය. පෝට් සිටිය සඳහා වැලි ගැසුවේ ද මුහුදෙන් ය. එය නිසා වෙරළ ඛාදනය ශීඝ්‍ර වී , සුනාමියෙන් මෙම ප්‍රදේශය ආරක්ෂා කළ තඹගල විනාශාභිමුඛයට යමින් තිබෙන ආකාරය මින් ඉහත ද සඳහන් කළෙමි. දැන් මෙම ව්‍යාපෘතිය මෙම තත්ත්වය තවත් දරුණු කෙරෙනු නියත ය.

මේ සියල්ල නිසා මීගමුව සිට කොළඹ දක්වා දිවෙන ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජීවිත ඉතා දුඛිත තත්ත්වයට පත් වීමට නියමිත අතර, එමතු නොව පදිංචි භූමි ප්‍රදේශ ද ජලයෙන් යට වී ජනයාට මෙම ප්‍රදේශවලින් ඉවත්වීමට සිදුවීමේ අවදානම ද බැහැර කළ නොහැකි ය.

අජිත් හැඩ්ලි පෙරේරා

Show More