Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

(-Colombo, October 11, 2024-) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම […]

(-Colombo, October 11, 2024-)

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ.

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Show More

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නාමයෝජනා මැතිවරණ කාර්යාලයට බාරදෙයි

(-Colombo, October 11, 2024-) අද(11) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නාමයෝජනා මැතිවරණ කාර්යාලයට බාරදෙයි. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන බිමල් රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා පීරිස්, ව්‍යාපාරික A F M අක්‍රම් යන අය සහභාගි විය.

(-Colombo, October 11, 2024-)

අද(11) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නාමයෝජනා මැතිවරණ කාර්යාලයට බාරදෙයි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන බිමල් රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා පීරිස්, ව්‍යාපාරික A F M අක්‍රම් යන අය සහභාගි විය.

Show More

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නාම යෝජනා බාර දීම

(-Colombo, October 11, 2024-) ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නාම යෝජනා බාර දීම අද (11) පෙ.ව. 10.00ට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.

(-Colombo, October 11, 2024-)

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නාම යෝජනා බාර දීම අද (11) පෙ.ව. 10.00ට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.

Show More

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබා දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

(-Colombo, October 10, 2024-) කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති […]

(-Colombo, October 10, 2024-)

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීය.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

Show More

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණ දෙන නිලධාරී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි.

(-Colombo, October 10, 2024-) එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය […]

(-Colombo, October 10, 2024-)

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට සහතික වූ අද්මිරාල් කොහ්ලර් මහතා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයන් ද ඇගයීමට ලක් කළේය.

නාවික අංශයේ මිනිස්බල පුහුණුව සඳහා එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දෙන බවටද එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණ දෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් මහතා ජනාධිපතිවරයා වෙත සහතික විය.

Show More

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් තුර්කි තානාපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි

(-Colombo, October 10, 2024-) ➢ ශ්‍රී ලාංකිකයින්ට තුර්කිය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයාංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි […]

(-Colombo, October 10, 2024-)

➢ ශ්‍රී ලාංකිකයින්ට තුර්කිය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය

තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයාංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තුර්කි ජනපති එර්දොවාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් විය. “ඔබතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව මම මගේ රට සහ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සුබපැතුම් එක් කරමි. එසේම ඔබගේ ධුරයෙහි සාර්ථකත්වය කරා ළඟාවීමට ඔබට හැකි වේවා යැ’යි මම ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සාමය සහ සමෘද්ධිය ඇති කරලීමටත්, ඔවුන් ශක්තිමත් කිරීමටත් ඉවහල් වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.”

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක, රැකියා සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා තුර්කි තානාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

තුර්කියේ සංක්‍රමණික ශ්‍රම බලකාය සඳහා වන ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා පෙන්වා දුන් අතර විවිධ ක්ෂේත්‍රයන් තුළ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා කර දෙන බවටද සහතික විය.

තුර්කි ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් තුර්කිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමට ද තානාපතිවරයා විසින් එකඟතාව පළ කරන ලදී.

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක්වන ලෙසද තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය.

Show More