Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

පලස්තීන තානාපතිවරයා ජනපති හමු වෙයි. ශ්‍රී ලංකාව විසින් පලස්තීනය වෙත පෑ දිගුකාලීන මිත්‍රත්වය ඇගයේ.

(-Colombo, October 10, 2024-) ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා (Hisham Abu Taha) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා […]

(-Colombo, October 10, 2024-)

Palestinian Ambassador Greetings President Dissanayake

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා (Hisham Abu Taha) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් පිරිනැමීය.

Palestinian Ambassador Discussion With President Dissanayake

ශ්‍රී ලංකාව විසින් දීර්ඝ කාලීනව පලස්තීනය වෙත දක්වනු ලබන සහයෝගය අගය කළ තානාපතිවරයා, පලස්තීනය මුහුණ පෑ ජාත්‍යන්තර ගැටලුවලදී ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ස්ථාවර ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය. අනාගතයේ දී ද ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට පලස්තීනය අපේක්ෂා කරන බව ද තානාපතිවරයා විසින් අවධාරණය කෙරිණි.

Palestinian Ambassador And Team With President Dissanayake

පලස්තීන ජාතිකයින් මුහුණ පා සිටින වීසා ගැටලු සම්බන්ධයෙන් කරුණු දැක් වූ තානාපති අබු තාහා මහතා දෙරට අතර මානව සබඳතා ශක්තිමත් කරලීම අරමුණු කොටගෙන මෙම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

මෙම හමුවේ දී, ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් සබඳතා මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශවයේ ම කැපවීම තහවුරු කෙරිණි.

Show More

බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි

(-Colombo, October 10, 2024-) ➢ වරණීය වෙළෙඳ ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාවය‍ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙම හමුවේදී මහ කොමසාරිස් එලියස් මහතා විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් […]

(-Colombo, October 10, 2024-)

➢ වරණීය වෙළෙඳ ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාවය‍

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙම හමුවේදී මහ කොමසාරිස් එලියස් මහතා විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

මෙහිදී ජනාධිපතිවරයා සහ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා දෙරට අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති දිසානායක මහතා බංග්ලාදේශය තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී. තව ද දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කර ගැනීම සඳහා කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී සහතික වූහ. ‍

දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, දෙරට අතර විවිධ අංශයන්හි සහයෝගීතාව පුළුල් කර ගැනීමටත් මෙම හමුවේදී විශේෂ අවධානය යොමු විය.

Show More

පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය.

(-Colombo, October 10, 2024-) ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ […]

(-Colombo, October 10, 2024-)

Pakistan High Commissioner Greetings President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පාකිස්ථානයේ කැපවීම ද අවධාරණය කළේය.

Pakistan High Commissioner Discuss With The President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකා පාකිස්ථාන දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ පාකිස්ථාන මහකොමසාරිස්වරයා පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

එම සුබපැතුම් පණිවිඩයේ පකිස්ථාන ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර වන සමීප සබඳතාව මම බෙහෙවින් අගය කරමි. ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය, නීතියේ ආධිපත්‍යය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය යන කරුණු මත පදනම් වී ඇති අපගේ සහයෝගීතාව තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. එය අප දෙරටේම සුබ සිද්ධිය සඳහා හේතු වන බව මගේ විශ්වාසයයි.”

Pakistan High Commissioner See Documents With President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන දේශපාලන සහ ආරක්ෂක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ අතර ආරක්ෂක ක්ෂේත්‍රයේදී පකිස්ථානයේ සහාය නොමඳව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන බවට මහ කොමසාරිස්වරයා සහතික විය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. දැනට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර ඉදිරියේදී කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රයන් සඳහා ද අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

Pakistan High Commissioner And The Team Discuss With The President Anura Kumara Dissanayake

ග්‍රාමීය දරිද්‍රතාව මැඩලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති ශක්තිමත් සබඳතාව මෙම හමුවේදී තවදුරටත් තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා වර්ධනය කරගැනීමට දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

Pakistan High Commissioner And President Anura Kumara Dissanayake
Show More

සෞදි අරාබි තානාපති ජනපති හමුවෙයි…

(-Colombo, October 10, 2024-) දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් […]

(-Colombo, October 10, 2024-)

දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Saudi Arabian Ambassador Greetings President Anura Kumara Dissanayake

මෙහිදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් තානාපති අල්කතානි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

කලාපය තුළ පවත්නා වත්මන් තත්ත්වය සහ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදු කෙරිණි.

Saudi Arabian Ambassador And The Team Discuss With The President Anura Kumara Dissanayake

මෙහි දී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහාය සහ ජාතීන් දෙක අතර වන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව තානාපති අල්කතානි මහතා සිය ප්‍රශංසාව පළ ක‍ළේය. සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය ඉහළ නැංවීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ තානාපතිවරයාගේ අවධානය යොමුවිය.

Saudi Arabian Ambassador And President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ සෞදි අරාබි තානාපතිවරයා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ සෞදි ආයෝජනයන් ඇති බවත්, ඒ තුළින් අනාගත සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව සැලසෙන බවත් තානාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙම හමුව තුළින් දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තව දුරටත් තහවුරු වනු ඇති බව තානාපති අල්කතානි මහතා සඳහන් කළේය.

Show More

වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

(-Colombo, October 10, 2024-) ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

(-Colombo, October 10, 2024-)

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Show More

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා අත්සන් කෙරේ

(-Colombo, October 10, 2024-) 2024 මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා අත්සන් කිරීම අද (10) පස්වරු 3.00 සිට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නීතිඥ සුනිල් වටගල යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ජාතික ජන බලවේගයේ […]

(-Colombo, October 10, 2024-)

2024 මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා අත්සන් කිරීම අද (10) පස්වරු 3.00 සිට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නීතිඥ සුනිල් වටගල යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසකින් සමන්විත වේ. මෙවර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරමින් අපේක්ෂකයකු ඉදිරිපත්වීම විශේෂත්වයකි.

2024 මහ මැතිවරණය
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්

  1. බිමල් රත්නායක
    ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,
    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
  2. මහාචාර්ය වසන්තා සුභසිංහ
    කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  3. ආචාර්ය අනුර කරුණාතිලක
    කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  4. මහාචාර්ය උපාලි පන්නිලගේ
    රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  5. එරංග උදේශ් වීරරත්න
    සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,
    තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  6. අරුණ ජයසේකර
    විශ‍්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී
  7. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
    සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
  8. ජනිත රුවන් කොඩිතුවක්කු
    නාවුක සහකාර ඉංජිනේරු,
    ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
  9. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි
    ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
  10. රාමලිංගම් චන්ද්‍රසේකර්
    පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක
  11. වෛද්‍ය නජිත් ඉන්දික
    සමාජ ක‍්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැ`දවුම්කරු
  12. සුගත් තිලකරත්න – ඔලිම්පික් ක‍්‍රීඩක
  13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
    ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික
  14. සුනිල් කුමාර ගමගේ
    වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
    ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති
  15. ගාමිණී රත්නායක
    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෙළද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු
  16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,
    ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
  17. සුගත් වසන්ත ද සිල්වා
    සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික), ශ‍්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
  18. කීර්ති වැලිසරගේ
    සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
  19. චමිලා කුමුදු පීරිස් – ප‍්‍රවීන රංගන ශිල්පිනී
  20. අබ්දුල් ෆතා මොහොමඞ් ඉක්රාම්
    එමරල්ඞ් පුද්ගලික සමාගමේ කළමානාකරණ අධ්‍යක්ෂ
  21. රංජන් ජයලාල් පෙරේරා
    ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්,
    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
  22. මොහොමඞ් මොහොම්මදු නසීර් ඉක්රාම්
    ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
  23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්
    ප‍්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික
  24. රොමේෂ් මොහාන් ද මැල් – සමාගම් අධ්‍යක්ෂ
  25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී – සමාගම් අධ්‍යක්ෂ
  26. පුබුදු නුවන් සමරවීර
    පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඕස්ටේ‍්‍රලියාවේ සම්බන්ධීකාරක සහ
    මෙල්බර්න් නගර සංවිධායක
  27. සරත් ලාල් පෙරේරා
    සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික
    විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැුකීමේ ජාතික සංවිධානයේ සහ
    විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
  28. අනුර හෙට්ටිගොඩ ගමගේ
    ගණකාධිකාරී, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
  29. හේමතිලක ගමගේ – මාධ්‍යවේදී
Show More