(-Colombo, October 09, 2024-) ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් […]
(-Colombo, October 09, 2024-)
ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදී. එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබීය.
බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමු විය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියහ.
(-Colombo, October 09, 2024-) වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමට අවධානය . ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිමිත්තෙන් තමාගේත්, වියට්නාම රාජ්‍ය නායකයාගේ සහ රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා […]
(-Colombo, October 09, 2024-)
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමට අවධානය .
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිමිත්තෙන් තමාගේත්, වියට්නාම රාජ්‍ය නායකයාගේ සහ රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තානාපතිනිය දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය සුබවාදී අදහස් පළ කළාය.
සෘජු විදේශ ආයෝජන (FDI) සහ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ වියට්නාමය ලබා ඇති ජයග්‍රහණයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් වියට්නාමයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික බෞද්ධ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
වියට්නාම සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ නව අවස්ථා පිළිබඳ සොයා බලන බවටද තානාපතිවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වූවාය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දෙරටේම කැපවීම පිළිබඳව මෙම හමුවේදි වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
(-Colombo, October 09, 2024-) දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමට අවධානය මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී තමාගේ සහ තායිලන්ත රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තායිලන්ත තානාපතිවරයා තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් එවනු […]
(-Colombo, October 09, 2024-)
දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමට අවධානය
මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී තමාගේ සහ තායිලන්ත රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තායිලන්ත තානාපතිවරයා තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳව ද මෙහිදී සිය ප්‍රසාදය පළ කළ තායිලන්ත තානාපතිවරයා නව රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය සහ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරලීම සඳහා තායිලන්ත රජයේ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මෑතකදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමේ (FTA) ප්‍රතිලාභ පිළිබඳව ද මෙහිදී කරුණු සඳහන් කළ තායිලන්ත තානාපතිවරයා එය අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථිකමය වාසි ගෙන දෙන බව ද අවධාරණය කළේය. තවද, ශ්‍රී ලංකාව තුළ තායිලන්ත ආයෝජන ඉහළ නැංවීම සඳහා, විශේෂයෙන් දේශීය පලතුරු සහ නිෂ්පාදන සැකසීම සහ අපනයනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතාව පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයා දැනුවත් කළ තායිලන්ත තානාපතිවරයා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද කැමැත්ත පල කරන ලදී.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තායි සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා තායිලන්තයේ සහාය ලබා දෙන බවට ද සහතික විය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරට අතර වීසා රහිත සංචාර වැඩි දියුණු කිරීම සඳහා ද මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මෙම හමුවේදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ කැපවීම ද අවධාරණය කෙරිණි.
(-Colombo, October 09, 2024-) මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය හා කොළඹ වරාය නගරය නැරඹීම සඳහා අද (09) පැමිණියහ. ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසහටන තුළින් පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබා දේ. මේ […]
(-Colombo, October 09, 2024-)
මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය හා කොළඹ වරාය නගරය නැරඹීම සඳහා අද (09) පැමිණියහ.
ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසහටන තුළින් පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබා දේ. මේ වැඩසටහනට සමගාමීව මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට මෙම අවස්ථාව හිමි විය.
ඒ අනුව මෙම ශිෂ්‍යාවන්ට පරණ පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
ජනාධිපති නීතී අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් යන මහත්වරු , සහ මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නිලක්ෂිකා හපුගොඩ මහත්මිය ඇතුලු ගුරුභවතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, October 09, 2024-) සංවර්ධන හා වෙළඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය තහවුරු කරයි ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කළ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf […]
(-Colombo, October 09, 2024-)
සංවර්ධන හා වෙළඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කළ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.
ස්ථිර පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජර්මනිය කැපවී සිටින බව තානාපති ෆෙලික්ස් නියුමන් මහතා මෙම හමුවේදී ප්‍රකාශ කළේය.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව ද අන්‍යෝන්‍ය අවශ්‍යතා පදනම් කොට ගනිමින් එම සහයෝගීතාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා තමන් විසින් නියෝජනය කෙරෙන ජර්මනිය දක්වන උනන්දුව පිළිබඳව ද මෙම හමුවේ දී තානාපති නියුමාන් මහතා විසින් විශේෂයෙන් අවධාරණය කරන ලදී.
මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජර්මනියේ වසර 70 ක පළපුරුද්ද පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සිය සහය ලබා දෙන බවටද සහතික විය.
තවද, ශ්‍රී ලාංකේය තාක්‍ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන කටුබැද්ද සහ කිලිනොච්චි ජර්මානු කාර්මික විද්‍යාල දෙකෙහි මෙහෙයුම් තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජර්මානු සහාය ලබා දෙන බව ද තානාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබා දීමට ජර්මනිය සූදානම් බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව අනුව ශ්‍රී ලංකාව සඳහා අගනා අවස්ථාවක් ලබා ගත හැකි ඉන්දීය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නියෝජනය කිරීම සඳහා උනන්දු වන ලෙස ද තානාපති නියුමන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිරිමත් කළේය.
මීට අමතරව, තානාපති නියුමන් මහතා විසින් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර වෙළෙඳ සබඳතා පිළිබඳ තව දුරටත් අවධානය යොමු කරනු ලැබූ අතර එම අවස්ථා සොයා ගනිමින් ජර්මානු ශ්‍රම වෙළඳපොළ වෙත පිවිසීම සඳහා උත්සාහ කරන ලෙස ද ශ්‍රී ලංකාවට ඇරයුම් කරන ලදී.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ජර්මනියේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව අවධාරණය තානාපතිවරයා දෙරට අතර ඇති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා මෙහිදී තවදුරටත් තහවුරු කරනු ලැබීය.
(-Colombo, October 09, 2024-) ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සඳහා සහාය පළ කරයි . ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් එක් කළ තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් […]
(-Colombo, October 09, 2024-)
ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සඳහා සහාය පළ කරයි .
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් එක් කළ තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ස්විට්සර්ලන්ත රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය කැපවී සිටින බව තහවුරු කළ තානාපතිනිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දූෂණයට එරෙහිව දරනු ලබන උත්සාහයන් සඳහා සහාය වීමට ස්විට්සර්ලන්තය සූදානම් බවද අවධාරණය කළාය. සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ස්විට්සර්ලන්තයේ විශේෂඥතාව ද ඇය විසින් මෙහි දී අවධාරණය කරනු ලැබූ අතර, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍රයන්හි සහය ලබා දිය හැකි බවද ප්‍රකාශ කළාය.
එසේම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රම සංක්‍රමණය යන ක්ෂේත්‍රයන් මෙහිදී විශේෂ අවධානයට ලක් වූ අතර, එම ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාවේ හැකියාවන් තව දුරටත් වර්ධනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ සහාය ලබා දෙන බවට තානාපතිනි සිරි වෝල්ට් මහත්මිය පොරොන්දු විය.
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සහ පාලන කටයුතුවල ගුණාත්මක බව ප්‍රවර්ධනය කරලීම අරමුණු කොටගත් ස්විට්සර්ලන්තයේ අඛණ්ඩ සහයෝගීතාව මෙහි දී තානාපතිනිය විසින් තව දුරටත් තහවුරු කරන ලදී.