(-අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව – 2024.09.08 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය-) ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද […]
(-අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව – 2024.09.08 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය-)
ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද ජයසිංහ සහෝදරයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බවට පසුගිය 06 වැනිදා ප්‍රචාරයක් දියත් කර තිබුණා. අධිකරණ නියෝගයක් විකෘති කිරීම පිළිබඳව අධිකරණයක නඩු පවරන්න පුළුවන්. මේ වන විට අපට එන්තරවාසි යැවීම සහ පැමිණිලි කිරීම් කිසිම අඩුවක් නැතිව කරන්න සිදු වී තිබෙනවා. අධිකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව නීතිඥ මහත්වරුන්ගේ කෝට් එක පවා ගලවන්න පුළුවන්. අපි අධිකරණය ඉදිරියේ ඒ සියලු ක්‍රියාමාර්ග ගන්නවා. දේශපාලන වේදිකාවේ මේ විකෘති කිරීම් සහ අසත්‍ය ප්‍රචාර දියත් කිරීම් දැන්වත් නතර කරන්න ඕනෑ. රාවුෆ් හකීම්, තිස්ස අත්තනායක වැනි අයටත් එන්තරවාසි යවා තිබෙනවා. තිස්ස අත්තනායක සමාව ගත්තත්, නඩු පැවරිය යුතු තත්වයක කූට ලේඛන හැදීමටම උපන්නෙක් බවට පත් වී සිටිනවා. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා, මම දෙමළ ජනතාවට තර්ජනය කළාලු. ඒ ගැන සමාව ගන්නලු. මම රනිල් වික්‍රමසිංහට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා කැත විදියට දේශපාලනයේ දී ජාතිවාදය වපුරන්න උත්සාහ කරන්න එපා” කියලා. හැබැයි, මම එයට උත්තර දෙන්නත් පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා නිවැරදි උත්තරය දී තිබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා, දැන් රනිල් ඔයා සමාව ගන්න.
රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා. ඔය ‘ශේප’ වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්‍ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා. ඒ වාගේම වංචනිකයන්, දූෂිතයන් ආරක්‍ෂා කළ ආකාරය ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී පරීක්‍ෂණ කරනවා. ඔය අතරේ තවත් අවලාද නඟමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, 22 වැනිදා කලබල ඇති වෙයි කියලත් ප්‍රචාර යවනවා.
ජයග්‍රහණය කළාම පරාජිතයන්ට හිංසා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ ඔවුන්ටයි. විශේෂයෙන්ම 1977 සිට රනිල් වික්‍රමසිංහලාටයි. එදා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සති දෙකක් පොලිසිය ස්ථානවලට සීමා කර විරුද්ධ පාක්‍ෂිකයන්ට පහර දෙන්න, ගෙවල් ගිනි තියන්න, වෙඩි තියන්න ඉඩ සලසා දුන්නා. ඒ කාලයේ කිවුවේ, සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා කියලයි. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා. සැප්තැම්බර් 23 වැනිදා සිට හැම පක්‍ෂයකම පාක්‍ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. සැප්තැම්බර් 21දා දක්වා පක්‍ෂවලට බෙදිලා, අපි වැඩ කරයි. නමුත්, සැප්තැම්බර් 21න් පසුව මේ රට ගොඩනැඟීම සඳහා අපට ඡන්දය නොදුන් ඡන්දදායකයාත් එකතු කරගෙනයි මේ රට ගොඩනඟන්නේ. ඒ නිසා අපේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පාක්‍ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ පාලනය ඉඩ දෙන්නේ නැහැ.
කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා. ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම “මාලිමාවට දිනන්න බැහැ” කියලා කිවුවා. ඊළඟට “මාලිමාව දිනුවොත්…” කියලා කිවුවා. දැන් කියන්නේ, “මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ” කියලා. මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්නද? මේ ජයග්‍රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.
මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි. වැඩිම බෝනස් ප්‍රමාණයක් සේවකයින්ට ලැබෙන්නේ, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන්නේ එම ආයතනවලින්. ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම අපේ ප්‍රතිපත්තියයි.
පෞද්ගලික අංශයේ දියුණුව සඳහා මේ වන විටත් යම් බාධාවන් තිබෙනවා නම්, ඒ ගැටලු විසඳා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. නමුත්, ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්‍රතිලාභ ලෙස ලබා දෙන්න ඕනෑ. එය වැරැදි ද? එම ආයතන බිඳවැට්ටීමක් වෙනවා ද? කිසිසේත්ම නැහැ. කර්මාන්තකරුවන් වාගේම එම සේවක, සේවිකාවන් යන දෙපාර්ශ්වයෙන්ම ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. දශක එකහමාරක සිට ගොඩනැඟී තිබෙන ‘මෑන්පවර් ඒජන්සි’ හරහා රැකියා ලබා දීම නූතන වහල් වෙළෙඳාම හා සමානයි. එම ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මාස හයකට වරක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධක ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ආර්ථිකය ස්ථාවර නම්, භාණ්ඩ හා සේවා මිල නිරන්තර උච්චාවචනයන්ට ලක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පවතින අස්ථාවරභාවය ස්ථාවර වැටුපක් ගන්නා අයට දැඩි පීඩාවක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ අය රැකබලා ගැනීමේ ක්‍රියාමාර්ග අපි ප්‍රමුඛත්වයේ ලා ගන්නවා. ධීවර, ගොවි, කර්මාන්ත, වතු සේවය වාගේම රාජ්‍ය සේවය යන සියලුම අංශවල ධනය නිෂ්පාදනය කරන පිරිස්වලට ජීවිතයේ අවසානය දක්වා එකලෙසම වැඩ කළ නොහැකියි. හැම දෙනාටම සාධාරණ, තෘප්තිමත් විශ්‍රාම කාලයක් තිබිය යුතුයි. නමුත්, අපේ රටේ බොහෝ දෙනාට තිබෙන්නේ කලකිරුණු, ආහාර ලබාගත නොහැකි, ඖෂධ ලබාගත නොහැකි කටුක ජීවිතයි. ඒ නිසා සියලුම දෙනාට සහභාගි විය හැකි දායක විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමයක් සකසනවා. රාජ්‍ය අංශයේ සිදු කළ යුතු වැඩ කොටස සහ පෞද්ගලික අංශයේ වැඩ කොටස ඉතා හොඳින් අප තේරුම්ගෙන සිටිනවා. පෞද්ගලික අංශයේ කාර්යභාරය සාර්ථක කර ගැනීමේදී එම සේවක, සේවිකාවන් විශාලතම කාර්යභාරය සිදු කරනවා. ඔවුන්ව රැකබලා ගන්නා, ඔවුන්ව සුරක්‍ෂිත කරන ආණ්ඩුව පිහිටුවන්නේ ජාතික ජන බලවේගයයි.
සැප්තැම්බර් 21 වැනිදා ගොඩනැඟෙන ආණ්ඩුව අනෙකුත් හැම ආණ්ඩුවකටම වඩා වෙනස් වන්නේ ඒ නිසයි. මෙතෙක් පැවැතුණේ, වැඩකරන ජනතාවගේම ශ්‍රමයෙන් ගොඩනැඟුණු සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑ ආණ්ඩුයි. කඩාවැටෙන ආයතනවල, කඩාවැටෙන සමාගම්වල ආයෝජනය කර කෝටි දහස් ගණනක පාඩු සිදු කළා. නමුත්, ආයෝජනය කළ ඩීල්කරුවන් තමන් අතරේ විශාල මුදල් ප්‍රමාණයක් බෙදා ගත්තා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනා පනතට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවක, සේවිකාවන්ට වෙඩි තැබුවා. විශාල පිරිසක් තුවාල වී ආබාධිත බවටත් පත් වුණා. පසුගියදා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට සිදු කළා. පාලකයන් වැඩ කරන ජනතාව ගැන කල්පනා කරනවා වෙනුවට ඔවුන්ට එරෙහිව හැම වෙලාවේම තීන්දු ගත්තා. එයට වෙනස්ව වැඩ කරන ජනතාව ගැන කල්පනා කරලා තීන්දු ගන්න ආණ්ඩුවක් ගොඩනඟනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිදු කරමින්, ලංකාවේ අනාගතය ගොඩනඟන ආණ්ඩුවක් ගොඩනැඟීම සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ කරනවා. එම ජයග්‍රහණය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් සියලු දෙනාම ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.
“ඉදිරි දිනවලදී වැඩබිමේදීත් මඟතොටේදීත් ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා”
-අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ-
අන්තර් සමාගම් සේවක සංගමයේ ආරම්භක සාමාජිකයන් මේ වේදිකාවේ ඉන්නවා. ඒ වාගේම අලුතින් එක් වුණු සහෝදර, සහෝදරියන් ඉන්නවා. 25 වැනි සංවත්සරයට ඔබ සහභාගි වන්නේ බොහොම දුෂ්කර ඉතිහාසයක ගමන් මඟකින් පසුව ගෞරවයකින් සහ අභිමානයකින් යුතුවයි. 1998-1999 වාගේ කාලයේ අපට පැවරුණේ බොහොමයක් වසා දැමුණු ආයතනවල කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණවල කටයුතු කිරීමයි. නමුත්, ඉන් පසුව ක්‍රමයෙන් ස්ථාවර වෙමින්, වැඩ කරන ජනතාවට හොඳ සංස්කෘතික ජීවිතයක් දිනාගැනීම වෙනුවෙන් පවා විවිධ කටයුතු සිදු කළා. මහා දැවැන්ත සටන් බිම් අපට ගෙවී ගිය වසර විසිපහ තුළ ලැබී තිබුණා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව උත්සාහ කළ අවස්ථාවේ එම අරමුදල බේරා ගැනීම සටනේ ඉදිරියෙන්ම සිටියේ අන්තර් සමාගම් සේවක සංගමයයි. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2015 මහ බැංකු බැඳුම්කර කොල්ලයට සේවක අර්ථසාධක අරමුදල යොදා ගත්තා. එදත් ඊට විරුද්ධව මහ බැංකුව වට කරමින්, උද්ඝෝෂණය කළේ අන්තර් සමාගම් සේවක සංගමයයි. ඒ වාගේම 2022 මහජන අරගලයට වාගේම මැයි මාසයේ අට වැනිදා හර්තාල් ව්‍යාපාරයටත් සාර්ථකම දායකත්වයක් ලබා දී, ඒ අභිමානයෙන් යුතුව මේ සමුළුවට සහභාගි වෙනවා.
මේ රටේ දැවැන්ත සමාජ පරිවර්තනයක් සිදු කිරීමේ කඩඉමට පැමිණ සිටින අවස්ථාවේ අපේ රටේ ආර්ථිකයේ වැඩිම පංගුව දරන පෞද්ගලික අංශය නියෝජනය කරමින්, මේ වැඩකරන ජනතාව පෙළගැසී සිටිනවා. මහා සමාජ ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගයේ තවත් විශාල කාර්යභාරයක් පෞද්ගලික අංශයේ සියලුම දෙනාට පැවරී තිබෙනවා. මෙතෙක් ඒ සඳහා සහභාගි නොවූ සියලු දෙනා ඒකරාශී කර ගැනීමේ වගකීමත් අප හැම දෙනාටම පැවරී තිබෙනවා. අපේ වැටුප් ගැන සාකච්ඡා කරනවා වාගේම ලෝකය ඉදිරියේ බංකොළොත් කර තිබෙන මේ රට ගොඩනැඟීමේ කටයුතු වෙනුවෙන් වගකීම් දරන්නත් සිදු වෙනවා. ලෝකයේ වැඩ දිනය පැය අට වෙනුවට පැය හයක් දක්වා අඩු වී තිබියෙදී, අද අපට සතුට අහිමි වූ, හැමදාමත් දුක් විඳින මිනිසුන් ලෙස ජීවත් වීමට සිදු වී තිබෙනවා. ඒ යුගය නිමා කළ යුතුයි. ඒ වෙනුවෙන් වැඩකරන ජනතාව, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් සියලුම දෙනා අද එකමිටට එකතු වී සිටිනවා. මේ සමුළුවෙන් පිට වී යන ඔබට ඉදිරි දින කිහිපයේ දී වැඩබිමේදී වාගේම කඩපිලේදීත්, මඟතොටේදීත් විශාල කාර්යභාරයක් මේ සමාජය වෙනුවෙන් පැවරී තිබෙනවා. ලබන 21 වැනි දින පවත්වන ජනාධිපතිවරණයේදී වැඩ කරන පංතියේ සමගිය සහ ශක්තිය යොදවමින්, අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවා රට ගොඩනැඟීමේ කාර්යභාරයට මූලික දායකත්වය ලබා දෙමු.
“මැතිවරණ දිනය කියන්නේ ප්‍රගතිශීලී ජනයාට ජය ගැනීමට ඉඩ නොදුන් භූමිය ජය ගැනීමේ දිනයයි”
-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත-
ලංකාවේ අරගල බිමේ සිටින සටන්කාමීම කණ්ඩායම අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජික, සාමාජිකාවනුයි. රාජ්‍ය අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ වාගේම සමස්ත වැඩ කරන ජනතාවගෙන් අපි මාස දෙකකට පමණ පෙර අයිතිවාසිකම් දිනාගැනීම වැඩ වර්ජන නොකර ඉමු කියලා ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් විවේචනත් තිබුණා. නමුත්, ඒ ඉල්ලීමට එකඟව ඉහළම ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ වාගේම ගොවිබිම්වල ඇතුළු සියලු අරගල එක අරගලයකට යොමු කර තිබෙනවා. ඒ අරගලය මැතිවරණ භූමියේ අරගලයයි. මෙතෙක් අපේ රටේ පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාවට මැතිවරණ අරගල භූමිය ජය ගන්න බැරි වුණා. දැන් ලංකාවේ පීඩිත පංතියත් එක්ක ප්‍රගතිශීලී ජනතාවත් එකතු වී ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී මැතිවරණ සටන් භූමියේ සටන් කරමින් ඉන්නවා. 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැම්මෙත් ඒ සටන් භූමියේ සාර්ථකත්වය නිසයි. ඔවුන් මැතිවරණය කල් දැම්මත්, අපි මැතිවරණ අරගලය දිගටම අරගෙන ආවා. සැප්තැම්බර් 21 කතිර අරගලයෙන් අපි ජයග්‍රහණය කරන බවට මේ රටේ විතරක් නොවෙයි, ලෝකයම පිළිගෙන අවසන්. අවුරුදු සිය ගණනකට පසුව ලංකාවේ ප්‍රගතිශීලී ජනයා ජයග්‍රහණය කිරීම ආරම්භ කරන දිනය සැප්තැම්බර් 21 වැනිදා. පීඩිත සහ ප්‍රගතිශීලී ජනයාගේ අතීතයේ තිබුණු ව්‍යාපාර මේ ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ කළත්, එයට ඉඩ දුන්නේ නැහැ. 1964දී ‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’ කියලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආවා. පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාව එය වටා එකතු වුණා. නමුත්, ඇමැතිකම් තුනක් සහ නියෝජ්‍ය ඇමැතිකම් දෙකක් ඒ අරගලයේ නායකයන්ට ලබා දීම නිසා ඒ සටන පාවා දුන්නා.
මැතිවරණ දිනය කියන්නේ මේ රටේ මෙතෙක් පීඩිත සහ ප්‍රගතිශීලී ජනයාට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදුන් භූමිය ජය ගැනීමේ දිනයයි. ජනාධිපතිවරණය කල් දාන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉදිරිපත් කළ අයට දඩ ගසා හරවා යැව්වා. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගේන්නත් උත්සාහ කළා. ඒත්, බැරි වුණා. ඔවුන් දැන් ගෙන යන මඩ සහ අවලාද ව්‍යාපාරය නිසා ඒ සියලු දෙනාම පරාජය වී සිටින බව කාටත් පැහැදිලියි. අපේ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඒ ලෙවල් විභාගය කල් යන බවට අලුත්ම මඩ ප්‍රචාරය වී තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට ඒ ලෙවල් විභාගයට කිසිම බාධාවක් නැතිව නියමිත දිනයට පවත්වන බව අප සිසු දරුවන්ටත්, දෙමවුපියන්ටත් අවධාරණයෙන් කියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියට වෙනදා වාගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි. ඔය වාගේ ලාල් කාන්තව අත්අඩංගුවට ගන්නවා, වසන්ත සමරසිංහව අත්අඩංගුවට ගන්නවා කියන ප්‍රචාර යැවුවා. සහෝදර, සහෝදරියන්ට ආයතනවල හැමදාම දුක් විඳින්න පුළුවන් නම්, අපට ඔය කූඩුවේ දුක් විඳින එක මහ ලොකු වැඩක් නොවෙයි. රනිල්ලා එක්ක, සජිත්ලා එක්ක, නාමල්ලා එක්ක මහජනතාව නැහැ. මාලිමාවට අත තියන්න කවුරුත් එන්නේ නැහැ, මඩ, අවලාද යවනවා විතරයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික හරය, මානව සම්පත දියුණු කිරීමට බාධාවක් තිබෙන සියලු කොන්දේසි ඉවත් කිරීම සහ සියලු දෙනාම ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම කියන ප්‍රධාන කරුණු දෙකයි. ආර්ථිකයට සම්බන්ධ වීමෙන් තමන්ගේ සාධාරණ පංගුව ලබා දීම සහතික කළ යුතුයි. මේ දක්වා අපේ සාධාරණ පංගුව නොලැබුණේ, පීඩිත සහ ප්‍රගතිශීලී පාලනයක් මෙතෙක් ඉතිහාසයේ නොතිබුණු නිසයි. තිබුණේ, පීඩක පංතියේ සහ ප්‍රතිගාමී බලවේගවල පාලනයක්. අපි ආර්ථිකයට සම්බන්ධ වුණාට සාධාරණ පංගුව අපට නොලැබුණේ, ඒ පිරිස කොල්ලකෑ නිසයි. සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළේදී මාලිමාව ඉදිරියේ කතිරය ගහන්නේ අපේ සාධාරණ පංගුව ලබා ගැනීමේ පාලනයක් වෙනුවෙන්. මෙතෙක් කළේ පීඩකයා සහ ප්‍රතිගාමියා බලයට එන්න කතිරය ගහලා, පහුවදා ඉඳලා අපට ලැබිය යුතු සාධාරණ පංගුව ඉල්ලා සිටීමයි. එක ඡන්දයක් අහක දාන්න නොදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඉදිරි සති දෙකේ පෙළගැසෙමු.
“වහල් ශ්‍රමය වෙනුවට දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ හැකියාව ඔබට තිබෙනවා”
-ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපලේකම් අනූප නන්දිම-
ලංකා බැංකු සේවක සංගමය දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිතියක් නොවුණාට අවුරුදු අසූවක් පරණ වාමාංශික ඌරුවක් තිබෙනවා. අපේ සංගමයේ සාමාජිකයන් සහ නිලධාරීන් සියලු දෙනා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ජනතාවගේ දරුවන්. අනෙක් පැත්තෙන් අපි හැමෝම ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සාමාජිකයන්. ඒ වාගේම අපි හැමෝම එක්ව වැඩ කළ අවස්ථා බොහොමයක් තිබෙනවා. 2011දී සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුවට පවරා ගැනීමේ උත්සාහයේ දී අපි සියලු දෙනා එක්ව සටන් කළා. රොෂේන් චානක සහෝදරයාගේ ජීවිතය අහිමි වුණත්, ඒ මුග්ධ පාලනය ඉවත් කිරීමට සමත් වූවා. 1980න් පසුව සිදු කළ දීපව්‍යාප්ත සාර්ථකම වැඩ වර්ජනය 2022 අප්‍රේල් 08 වැනි දින සිදු කළා වාගේම 1953 අගෝස්තු හර්තාලයෙන් පසුව 2022 මැයි 06 වැනි දින විශාලම හර්තාලය සිදු කළා. ඒ වාගේම 2023 ජූලි 25 වැනිදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නමින් ඊ.පී.එෆ්. එක කොල්ලකෑමට කළ උත්සාහයට විරුද්ධව අපි සියලු දෙනා ඒකාබද්ධව අරගල කළා. අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින්, මෙතැනට ප්‍රමාණාත්මකව යම් පිරිසක් සහභාගී වුවත්, ගුණාත්මකව කොතරම් පැතිරී තිබේ දැයි අපි දන්නවා. බැංකු 18ක වෘත්තීය සමිති එක් කරමින්, ලංකා බැංකු සේවක සංගමය පිහිටුවා තිබෙනවා. අපේ 27,000ක සාමාජිකත්වය සමඟ අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි සංවත්සරයට ශුභාශිංසන පිරිනමනවා. වහල් ශ්‍රමය වෙනුවට වඩා දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ සඳහා ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
(-ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුව – 2024.09.07 – ටාජ් සමුද්‍රා හෝටලය-) මේ රටේ කීර්තිමත් හිටපු විනිසුරුවන්, නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් අද මෙතනට රැස්වී සිටීම ඉතාම සතුටට කාරණයක්. රටේ යම් දේශපාලන චලනයක් සිදුවෙන්න යන කොට මුලින්ම ඒක දැනෙන පිරිසක් තමයි නීතිඥවරු. ඒ නිසා තමයි මේ තරම් විශාල පිරිසක් අද මෙතනට රැස්වෙලා ඉන්නේ. විවිධ අවස්ථාවල අපේ රටේ ජනතාව […]
(-ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුව – 2024.09.07 – ටාජ් සමුද්‍රා හෝටලය-)
මේ රටේ කීර්තිමත් හිටපු විනිසුරුවන්, නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් අද මෙතනට රැස්වී සිටීම ඉතාම සතුටට කාරණයක්. රටේ යම් දේශපාලන චලනයක් සිදුවෙන්න යන කොට මුලින්ම ඒක දැනෙන පිරිසක් තමයි නීතිඥවරු. ඒ නිසා තමයි මේ තරම් විශාල පිරිසක් අද මෙතනට රැස්වෙලා ඉන්නේ. විවිධ අවස්ථාවල අපේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා. නායකයෝ පත් කළා. ඒ හැම අවස්ථාවකම අපේ පුරවැසියන්ට යහපත් බලාපොරොත්තුවක් තිබුණ. කුඩා කණ්ඩායමක් ඉන්න ඇති තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගන්න. නමුත් බහුතරය ඡන්ද පොළට යන්නේ යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවෙන්. ජනතාවගේ ඒ අපේක්ෂාවන් මුළුමනින්ම ඒ පාලක කණ්ඩායම් විසින් බිඳදමා තිබෙනවා. ජනතාවගේ අරමුණුයි පාලකයාගේ අරමුණුයි එකට සමපාත වෙන ආණ්ඩුවක් දැන් අපිට ඕනෑ. අපේ රටේ හැමදාම ආණ්ඩු හැදුණේ ජනතාවගේ අරමුණු සහ පාලකයාගේ අරමුණු පරස්පර වෙන ආණ්ඩු. මෙතන තමයි ගැටලුව තිබෙන්නේ.
ඔබට ඔබගේ ක්ෂේත්‍රය පිළිබඳ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ ‘සියලු දෙනා නීතිය ඉදිරියේ සමානයි’ කියන මූල ධර්මයට පණ දෙන්න ඔබට අවශ්‍යයි. තවම අපේ සමාජය තුළ ප්‍රායෝගිකව එය ඉටුවී නැහැ. ජාතික ජන බලවේගෙයේ ආණ්ඩුවක් මේ මූල ධර්මයට යළි පණ දෙන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ‘නීතියේ විධානයේ ආධිපත්‍ය ඉදිරියේ සැවොම සමානයි’ කියන මූලධර්මය අපි අනිවාර්යයෙන්ම ක්‍රියාවට නඟනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපි ස්වාධීනත්වය ලබා දෙනවා. ඒ ආයතන පද්ධතිය අදාළ අරමුණු වෙනුවෙන් මෙහෙය වීමට අපි නායකත්වය දෙනවා. කිසි විටෙකත් එම ආයතන පද්ධතිය අපේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අපි යොදා ගන්නේ නැහැ. අපේ රටේ ජනාධිපතිවරු පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හරිනවා නම් මොකක්ද අපේ රටට අත්වෙන ඉරණම?
නීතියේ විධානයේ ආධිපත්‍යය පාලකයන් විසින්ම නොතකා හැරීම, අපේ රටේ ආර්ථිකය, සමාජ දේහය කඩා වැටීමට විශාල ලෙස බලපා තිබෙනවා. දැන් මේක සංස්කෘතියක් වෙලා. මම උදාහරණ එකක් දෙකක් දෙන්නම්. හෝටලයක් ඉදිකිරීම සඳහා ඉඩමක් ගන්න ගියොත් ආණ්ඩුවේ ඇමතිවරයා අදහසක් හදනවා එයාගේ අත්සන නිසා තමයි ඒ ඉඩම ලැබෙන්නේ කියලා. ඒ නිසා කෙනෙක් හෝටලයක් හදනවා නම්, ඉන් ලාභයක් ලබනවා නම්, ඒ ලාභය ලැබෙන්නේ මගේ අත්සන නිසා ඒ ලාභයෙන් කොටසක් මටත් අයිතියි කියලා එයා හිතනවා. දැන් අපේ රටේ දූෂණය, අල්ලස තවදුරටත් පවතින්නේ වංචාවක් ලෙස නොවෙයි; අයිතියක් ලෙසයි. පුරවැසියන් හිතනවා මොනවා වුණත් ඇමතිතුමානෙ මට ඉඩමක් දුන්නෙ. ඒ නිසා එතුමාට කීයක් හරි දෙන එක මගේ යුතුකමක් කියලා. දැන් අල්ලස හා දූෂණය කෙනෙකුගේ යුතුකමක් සහ තව කෙනෙකුගේ අයිතියක් කියන තැනට පත්වෙලා. මේ දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනෑ.
සමහරු කියනවා වංචා, දූෂණ නැති කළ පමණින් රට හදන්න බැහැ කියලා. ඒක අපි දන්නවා. හැබැයි වංචා, දූෂණ නතර නොකර රට හැදීම ගැන හිතා බලන්නවත් බැහැ. අද අපේ ගොඩාක් ක්ෂේත්‍ර කඩා වැටිලා තිබෙන්නේ මේ වංචා, දූෂණ නිසා. බෙහෙත්වලින් හොරකම් කරනවා නම්, සෞඛ්‍යය හදන්න පුළුවන්ද? වංචා, දූෂණ තියාගෙන, පාරක් හදන්න පුළුවන්ද? මම හොඳටම දන්නවා, මේ පාර්ලිමේන්තුවේ ඔවුන් ඇමති ධුර හොබවන්නෙම හොරකම් කිරීම සඳහා කියලා. ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දෙනවාද නැද්ද කියලා සලකා බලන්නේ ඔහුට වැඩි මුදලක් ඉන් ලැබෙනවාද කියන පදනම මත. පරිසර අමාත්‍යාංශයට අයිතියි වෙරළ සංරක්ෂණය. කාලයක් වෙරළ සංරක්ෂණය අතේ තබාගෙන හිටියේ රටේ ජනාධිපතිවරයා. මොකද වටිනාම ඉඩම් තිබුණේ වෙරළ සංරක්ෂණ කොටස යටතේ. විදුලි අමාත්‍ය ධුරය තිබුණා. ඒකෙ ටී.ආර්.සී. එක ජනාධිපතිවරයා අතට ගත්තා. මොකද? එතන තමයි වැඩිම මුදල් කන්දරාවක් සංසරණය වුණේ. අධිකරණ අමාත්‍යාංශය යටතේ නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව තිබුණා. ඒක ජනාධිපතිවරයා යටතට ගත්තා. මේ විෂයයන් බෙදීම තිබෙන්නේ අල්ලසට, දූෂණයට ඉඩ ලැබෙන පරිදියි. මෙය අපේ සමාජය, ආර්ථික බිඳවැටීම සඳහා ඉවහල් වූ ප්‍රබලම කරුණයි.
අපේ කැලණිතිස්ස බලාගාරය ඇතුළු කෙලවරපිටිය බලාගාර පද්ධතිය ස්වභාවික වායුවලට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් මෙය තාවකාලිකව ඩීසල්වලින් දුවන්න පටන් ගත්තා. වියදම අධිකයි. මෙය ස්වභාවික වායුවට ගලපා දුවන්න පටන් ගත්තා නම් වියදම ඉතාම අඩුයි. දැන් අවුරුදු 15ට ආසන්න කාලයක් එය කරන්නේ නැතිව කල්දාලා තිබෙනවා. ඇයි ඒ? ඉස්සෙල්ලාම රනිල් – මෛත්‍රී ගැටුම පටන් ගත්තේ එතනින්. රනිල් එල්.එන්.ජී. වලට ව්‍යාපෘතිය ගෙනාවා ජපන් සමාගමකින්. මෛත්‍රී අරන් ආවා කොරියන් සමාගමකින්. අගමැති හා ජනාධිපති අතර රණ්ඩුවක් පටන් ගත්තෙ කොරියන් සමාගමට දෙනවාද, ජපන් සමාගමට දෙනවාද කියන එක මතයි. අවුරුදු පහක් රණ්ඩු කර කර හිටියා. ව්‍යාපෘතිය ඇණ හිටියා. ඊට පස්සේ නැවත විදුලිබල මණ්ඩලයයි තෙල් සංස්ථාවයි විසින් ක්‍රියාවට නගන්න උත්සාහ කළා. නළ පද්ධතියට තෙල් සංස්ථාව ටෙන්ඩර් කැඳෙව්වා. ගබඩා පර්යන්තයට විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩරය විවෘත කරන්න ඔන්න මෙන්න තිබියෙදී එය නතර කරලා, බැසිල් රාජපක්ෂ නිව්ෆෝට්රස් කියන සමාගම ගෙනාවා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයෙන් ගියා. ව්‍යාපෘතිය තවමත් එතනමයි. දැන් අපි අවුරුදු 15ක් පමණ කාලයක් විදුලි ඒකකයක් හදනවා රුපියල් 70ට – 120ට. විදුලි ඒකකයක් රුපියල් 30ට හදන්න පුළුවන්කම තිබියෙදී, පුරවැසියා මේ බලශක්තිය සඳහා ගෙවන වියදම යුක්ති සහගත එකක් නොවෙයි. දේශපාලන අධිකාරියට කොච්චර මුදල් ප්‍රමාණයක් ලැබෙනවාද කියන කරුණ මත තමයි මේ ව්‍යාපෘති ප්‍රමාද වෙන්නේ.
මේ පාලකයන් ඒ නිශ්චිත, මොහොතේ කළ යුතු දේවල් සියල්ල අත්හැරියා. මේක ජනතාවගේ පැත්තෙන්, රටේ නිෂ්පාදනය සහ ආර්ථිකය පැත්තෙන් අතිශය භයානක තත්ත්වයක්. ඔබ නීතිඥ ප්‍රජාව ලෙස නිතරම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නඟන පිරිසක්. මම ඔබට එකක් කියනවා, ඔබගේ එම වුවමනාවයි, අපගේ වුවමනාවයි එකක් මිස දෙකක් නොවෙයි. මේ නීතියේ විධානයේ ආධිපත්‍යය කඩා වැටුණු රට යළි ගොඩනගන්න, අපි සියලු දෙනා එකට පොර බදමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියලා මම ආරාධනය කරනවා.
“අද රටේ බහුතර නීතිඥ ප්‍රජාව අනුර සහෝදරයා වටා රොක් වී සිටිනවා”
-ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-
මගේ ජීවිතයේ මෙතරම් විශාල නීතිඥවරු පිරිසක් අමතන පළමු වතාව මෙයයි. ඇයි අපි මෙතනට රැස්වුණේ? මෙතන ඉන්න බොහෝ දෙනා මීට පෙර විවිධ පක්ෂවලට ඡන්දය දීපු අය වෙන්න පුළුවන්. විවිධ දේශපාලන මතිමතාන්තර දරපු අය වෙන්න පුළුවන්. එසේ තිබියෙදී අද ඔබලා දෙදහසකට වැඩි පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් එකට එක්වී සිටිනවා. මගෙන් ඊයේ මාධ්‍යවේදියෙක් ඇහැව්වා අද එන්නේ ඇත්තම නීතිඥ මහත්වරුද, නැතිනම් කෝට් අන්දලා ගේන වෙන පිරිසක්ද කියලා. අපිට එහෙම කරන්න කිසිදු වුවමනාවක් නැහැ. මොකද අද රටේ බහුතර නීතිඥ ප්‍රජාව අනුර සහෝදරයා වටා රොක් වී සිටිනවා.
අපේ රටේ පාර්ලිමේන්තුවේ හෝ වෙනයම් තැනක කුමන හෝ අගතියක් සිදුවෙනවා නම්, ඒක මුලින්ම දැනෙන්නේ නීතිඥ ප්‍රජාවට. ඒ ඉව නීතිඥවරුන්ට තිබෙනවා. අන්න ඒ නිසා තමයි ඔබ සියලු දෙනා අද මෙතනට ඒකරාශී වෙලා ඉන්නේ. රටක් බංකොලොත් වන තත්වයට ඇද වැටුණේ කොහොමද? කාගෙ වරදින්ද මේ දේ සිද්ධ වුණේ? මේ දේ සිද්ධ වුණේ මේ රට මෙතෙක් පාලනය කළ පාලකයන්ගේ වරද නිසයි; ඒ පාලනයේ තිබූ අමනෝඥ, දුර්දාන්තභාවය නිසයි. මීට කලින් ඔබ ඡන්දය දීපු පක්ෂයේ මිනිස්සු අද කොහෙද ඉන්නේ කියලා බලන්න. ඔබ ඡන්දය දීපු පක්ෂයේද කියලා බලන්න. අපේ ඡන්දයට ගරුත්වයක් මේ දේශපාලන නායකයෝ දීලා තිබෙනවාද? වටිනාකමක් දීලා තිබෙනවාද?
සජිත් දූෂිත පිරිස තමන් වටේ තියාගෙන අද දූෂණය නැති කරන්න කතා කරන්නේ කොහොමද? රනිල් දූෂිතයෝ වටකරගෙන දූෂණය නැති කරන්න කතා කරන්නේ කොහොමද? අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඒකට පළමුවෙන් කළ යුතු දේ තමයි, මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය යළි පිහිටුවන එක. මේ නීතියේ විධානයේ ආධිපත්‍යය හරියට ක්‍රියාත්මක නොවෙන නිසා, ලංකාවට විදේශ ආයෝජන එන එකත් නතර වෙනවා. විදේශ ආයොජකයන් මේ රටට නොඑන්නේ මේ රටේ නීතිමය රැකවරණය නිසි පරිදි නැති නිසයි. වැඩක් කර ගන්න නම් යන යන තැන පගාව දෙන්න වෙලා. පගාව ගන්න එකා නීතියෙන් බේරෙනවා. කටුනායක ගුවන් තොටුපොළේ දෙවෙනි ටර්මිනල් එක හදන කොට ජනාධිපති විදිහට හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ඒ කොන්ත්‍රාත්තුව භාරගත් සමාගම ගෝඨාභය ළඟට ගිහිල්ලා පැමිණිල්ලක් කළා. මේක කරගෙන යන්න බැහැ. පගාව ඉල්ලනවා කියලා. ඊට පස්සේ එම සමාගම ඒ වැඩේ අත්හැරියා. පසුව ඒ සම්බන්ධව විමර්ශනයක් කළා. නමුත් ඒ විමර්ශනයට වෙච්ච දෙයක් නැහැ. එලෙස, එවැනි සමාගමකින් කාටද පගාව ඉල්ලන්න පුළුවන්. ඔබට පුළුවන්ද? මට පුළුවන්ද? ඒ පුළුවන්කම තිබෙන්නේ දේශපාලන අධිකාරියට පමණයි. මේ ක්‍රමය තමයි අපි වෙනස් කරන්න ඕනෑ.
අද රටේ මිනිස්සු, පවුල් පිටින් රට හැරලා යනවා. මේ විදිහට මේ රට බුද්ධිමතුන් නැති හිස් කාන්තාරයක් බවට පත්කරන්නයි මේ පාලකයන්ට අවශ්‍ය තිබෙන්නේ. ඒක තමයි ඔවුන්ට ලේසියෙන්ම රට පාලනය කරන්න පුළුවන් ක්‍රමවේදය. පසුගිය මාසෙ රටේ ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දුන්නා. ඔහු පළාත් පාලන ඡන්දය නිසිකලට, නොතබා එය කල් තැබීම නිසා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා. ජනතාවගේ මූලික ඓතිහාසිකම් කඩවුණා කියලා. දඩයකුත් ගෙවන්න වුණා. ඊට කලින් අපේ රටේ ආර්ථිකය කඩා වැටීමට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. ඊට පෙර පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඊට පෙර වෝටර්ස් ඒජ් ගනුදෙනුවට හිටපු ජනාධිපතිනිය වරදකාරිය කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවක් දුන්නා. මේ විදිහට එක දිගට ජනාධිපතිවරු පස්දෙනෙක් මේ රටේ ජනතාවගේ අයිතීන් කඩ කළා කියලා වැරදිකරුවන් කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දු ලබා දී තිබෙනවා. මේක මොනතරම් ඛේදවාචකයක්ද?
මේ ක්‍රමය තමයි අපි වෙනස් කළ යුත්තේ. ඒකට රටේ ජනාධිපතිවරයාගේ සිට රටේ බිමේ ඉන්න මිනිසා දක්වා හරියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික ජන බලවේගයේ පාලනයකදී ‘නීතියේ විධානයේ ආධිපත්‍යය සැම පුරවැසියෙකුටම සාධාරණව’ ඉටුකරන එක ප්‍රමුඛතම කාර්යයක්. සැමට සමානව නීතිය මේ රට තුළ ක්‍රියාත්මක වීමට නම් අනුර සහෝදරයා ජනාධිපති කර, මාලිමාවේ ආණ්ඩුවක් පිහිට විය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි පැහැදිලිවම එය සඳහන් කරනවා. මේ 21 වැනිදාට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා, මේ රටේ නියත ජනාධිපති වන අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකින් එය ස්ථිර ලෙසම සිදු කරනවා.
(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.07-) ජාතික ජන බලවේගයට එරෙහිව මඩ, අවලාද සහ ද්වේශසහගත කුමන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජාතික ජන බලවේගයට සම්බන්ධ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට එරෙහිව සැලසුම් කර තිබෙන කුමන්ත්‍රණවල කොටස් දිනපතා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහරිමින් තිබෙනවා. ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කළ අවස්ථාවේ සිටම මෙම විවිධ මඩ, […]
(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.07-)
ජාතික ජන බලවේගයට එරෙහිව මඩ, අවලාද සහ ද්වේශසහගත කුමන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජාතික ජන බලවේගයට සම්බන්ධ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට එරෙහිව සැලසුම් කර තිබෙන කුමන්ත්‍රණවල කොටස් දිනපතා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහරිමින් තිබෙනවා. ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කළ අවස්ථාවේ සිටම මෙම විවිධ මඩ, අවලාද දියත් කිරීම ආරම්භ කෙරුණා. ඒ වාගේම ආණ්ඩුව රාජ්‍ය බලය යොදවමින්, මෙම සාමූහිකයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් අසාදු ලේඛනගත කිරීම වැනි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. නමුත්, ඒ කිසිදු ක්‍රියාමාර්ගයකින් මේ සංවිධානයේ කටයුතු අඩපණ කරන්න ඔවුන්ට හැකි වූයේ නැහැ. මේ වන විට 50,000ක පමණ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මේ ව්‍යාපාරය වටා එක් වී ජාතික ජන බලවේගයට ශක්තියක් වෙමින් සිටිනවා. තමන්ගේ අත්දැකීම්, දැනුම මේ බිමේ තහවුරු කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමින් සිටීම දරාගත නොහැකි වී සිටින ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් සහ සමගි ජන බලවේගයේ කණ්ඩායම් ද්වේෂසහගත මඩ ප්‍රචාර දියත් කරමින් සිටිනවා. එය බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව මුල සිටම අස්ථාවරත්වය, සැකය ඇති කළා සේ ම ජනාධිපතිවරණය අවසාන අදියරේ දීත් විවිධ සැකයන් සහ භීතීන් ඇති කිරීම සඳහා මඩ ප්‍රචාර උපයෝගී කර ගැනීම බරපතළ තත්වයක්. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අගතීන් කිරීමේ අරමුණින් මෙම අසත්‍ය සහ මඩ, අවලාද ප්‍රචාරය කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියා කරන ආණ්ඩුව සහ ඔවුන් වැනිම අනෙකුත් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර සියල්ල බැහැර කරනවා. අප ප්‍රතිපත්තිගරුකව දේශපාලනය කරමින් යන ආකාරය ප්‍රායෝගිකව තහවුරු කර තිබෙනවා. බලය ගිලිහී යාමේ නියත තත්වය හමුවේ ගෙන යන බියගුලු, කුමන්ත්‍රණාකාරී ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වාගේම ඔවුන්ගේ කුමන්ත්‍රණ හමුවේ ජනතාවගේ ස්වාධීන දේශපාලන මතයට බලපෑම් කළ නොහැකි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණ පරාජය කරන බවත් අපි අවධාරණය කරනවා. නීත්‍යනුකූලව අපට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපේ නීතිඥ කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය සහ එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටිනවා.
“කුමන්ත්‍රණකාරී ප්‍රචාරවලින් ජනමතය වෙනස් කළ නොහැකි බව අවධාරණය කරනවා”
-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර-
ඉතාමත් දරුණු සහ බරපතළ ලෙස ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය සම්බන්ධ කරමින්, ගෙන යන කුමන්ත්‍රණකාරී ප්‍රචාරවලින් ජාතික ජන බලවේගය කෙරෙහි පවතින ජනමතය දශමයකින් හෝ වෙනස් කළ නොහැකි බව අවධාරණය කරනවා. ඒ වාගේම අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළ නොහැකි බවත් අවධාරණය කරනවා. විශේෂයෙන්ම ව්‍යාජ ලෙස සකස් කර අපේ අත්සන් යොදමින්, දරුණු ගණයේ ව්‍යාජ ලිපි සමාජ මාධ්‍යවලට මුදාහැර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය, මගේ නම සහ අත්සන යොදා ගනිමින්, ප්‍රචාරය කර තිබෙනවා. ජාතික ජන බලවේගයට එරෙහිව මඩ, අවලාද ප්‍රචාරය කරන අය පිළිබඳව තොරතුරු දන්වන ලෙස දුරකථන අංක ඒ ලිපියේ පළ කර තිබුණා. අප ප්‍රතිපත්තිගරුකව, ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යනුකූලව, බුද්ධිමත්ව සහ අවබෝධයකින් ක්‍රියා කරන බව සමස්ත ජනතාවම දන්නවා. ජාතික ජන බලවේගයේ මැතිවරණ ක්‍රියාවලිය සඳහා ආරක්‍ෂක කමිටුවක් පත් කර ගන්නා බව ලිපි ශීර්ෂය සහ අනුර දිසානායක මහතාගේ අත්සන යොදා ගත් ව්‍යාජ ලිපියක්ද දින කිහිපයකට පෙර මුදාහැර තිබුණා. ශානි අබේසේකර සහ මගේ නම අතරට ත්‍රස්තවාදී කණ්ඩායමක පුද්ගලයකුගේ නමක් මෙන්ම අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී සිටි සන්නද්ධ නායකයකුගේ නමත් පළ කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයකුගේ නමකුත්, සිවිල් ක්‍රියාකාරිකයකුගේ නමකුත් ඇතුළත් කර තිබුණා. ඒ වාගේම සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට එරෙහිව න්‍යාය පත්‍රයක් සකස් කර තිබූ අතර, ඔවුන්ගේ වේදිකාවල ප්‍රහාර එල්ල කළ යුතු ප්‍රමුඛතා ලේඛනයක් සකස් කර තිබුණා. මාධ්‍ය හමුවලදී මෙන්ම වෙනත් මත පළ කිරීම්වලදී ප්‍රහාර එල්ල කළ යුතු ආකාරය සවිස්තරව දක්වා තිබුණා.
අනෙකුත් ජනාධිපති අපේක්‍ෂකයන්ගේ වේදිකා මත ඔවුන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා වෙනුවට ජාතික ජන බලවේගයට එරෙහිව අවලාද නැඟීම විශාල වශයෙන් සිදු කරනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ‘අදිටන’ ටී ෂර්ට් එකක් නිර්මාණය කර අගෝස්තු 04 වැනිදා සමුළුවට යොදා ගත්තා. මේ ටී ෂර්ට් එක භාවිත කරමින්, ‘අදිටන’ට සම්බන්ධ නැති විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොදාගෙන ද්වේෂසහගත, අසත්‍ය ප්‍රකාශ එල්ල කරන බව සමාජ මාධ්‍යවලින් පැහැදිලි වෙනවා. අපි අදිටන සමුළුවට සහභාගී වන ලෙසට මාසයකට පමණ පෙර සිට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. එසේ එක් වූ විශ්‍රාමික හමුදා සාමාජිකයකුගේ ප්‍රකාශයක් ‘ඒ.අයි.’ තාක්‍ෂණය යොදා ගනිමින්, හඬ කවා සම්පූර්ණයෙන්ම විකෘති කර සමාජ මාධ්‍යවලට මුදාහැර තිබුණා. අපේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අගෝස්තු මාසයේ 04 වැනිදා ලිඛිතව සහ වාචිකව වගකීමෙන් ඉදිරිපත් කර තිබෙනවා. විකෘති කර හඬකැවූ ඒ වීඩියෝව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට සහ මැතිවරණ කටයුතු වෙනුවෙන් පත් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළා. අගෝස්තු 04 වැනිදා පැවැති ජාතික සමුළුවේ රූපරාමු යොදා ගනිමින් කළ මේ ක්‍රියාව සම්බන්ධයෙන් අපි සම්පූර්ණ විමර්ශනයක් සිදු කළා. ඉදිරියේ දීත් මීට වඩා අසත්‍ය සහ දරුණු ප්‍රචාර පෞද්ගලිකව අපටත්, ත්‍රිවිධ හමුදා සාමුහිකයටත්, ජාතික ජන බලවේගයටත් සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඉදිරියේ දී කළ හැකියි. මේ සම්බන්ධයෙන් ඉතාමත් බුද්ධිමත්ව අපගෙන් විමසීම් කර නිවැරදි අවබෝධයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ම 18 වැනිදායින් පසුව අපේ ටී ෂර්ට් එක කිසිසේත්ම භාවිත කරන්නේ නැති බවත් අවධාරණය කරනවා.
“‘අදිටන’ සාමාජිකයන් කටයුතු කරන්නේ විනයකින් සහ පරිණත දේශපාලන දැනුමකින්”
-‘අදිටන’ සාමූහිකයේ ප්‍රධාන මෙහෙයුම් කමිටු සාමාජික, නාවික හමුදා විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ල-
‘අදිටන’ කියන්නේ විනයගරුක සහ හොඳ සංවිධාන ශක්තියක් තිබෙන ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්ක දක්වා දිස්ත්‍රික්ක 20ක් පුරා ක්‍රියාත්මක වෙන සංවිධානයක්. දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාන කමිටුව, ආසන සංවිධායකවරු මෙන්ම සහාය සංවිධායකවරයෙක් සහිතව මනා පරිපාලනයකින් මෙන්ම අවබෝධයකින් යුතුව ක්‍රියා කරමින් සිටිනවා. අපේ සාමාජිකයන් ඉතාමත් විනයකින්, සංයමයකින් සහ පරිණත දේශපාලන දැනුමකින් යුතුව කටයුතු කරනවා. ඒ වාගේම අප සාමාජිකයන්ගේ දේශපාලන සාක්‍ෂරතාව දවසින් දවස වැඩි කරන්න වාගේම අපි අපේක්‍ෂා කරන සමාජ පරිවර්තනය සිදු කරන්න කරුණු අවබෝධ කර දීම සඳහා වසර දෙකක් කැප වී ක්‍රියා කළා. ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ පසුගිය අගෝස්තු 04 වැනිදා ජාතික මට්ටමින් සමුළුවත් පැවැත්වූවා. ඒ අතරේ රැස්වීම් දහස් ගණනක් පවත්වා තිබෙනවා. ආසන සමුළුවලදී අපේ සාමාජිකයන් අවම වශයෙන් හතර පස් දෙනකුවත් කතා කරනවා. ‘ස්මාට් පොලිටික්ස්’ කියන සංකල්පය අනුව වෙනත් අයට මඩ නොගහා අපේ මතවාද පැහැදිලි කරමින්, අනෙක් අයගේ නම් නොකියා ඒ වාගේම වෙනත් දේශපාලන ධාරාවලට සම්බන්ධ වී සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ චරිත අපකීර්තියට පත් නොවන අයුරින් කටයුතු කරනවා. ‘ස්මාට් පොලිටික්ස්’ සංකල්පය ජාතික ජන බලවේගයේ වාගේම ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ අපි ඉතා හොඳින් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
වෙනත් වේදිකාවලදී අපට නඟන අවලාද සහ චෝදනා පිළිබඳව මහජනතාව අසනවා, දකිනවා ඇති. නමුත්, ඉතාමත් පහත් ගණයේ දේශපාලනයක් කිරීමේ අදහසක් අපට නැහැ. අපට විශ්‍රාමිකයන් හැටියට දේශපාලනය කිරීමේ සම්පූර්ණ අයිතියක් නීත්‍යනුකූලව තිබෙනවා. ඒ වාගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම අපට අලුත් දෙයක් නොවෙයි. අපේ රාජකාරීමය ලෙස හමුදා ජීවිතය පුරාම කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමයි. ඒ තුළින් ජාතික ජන බලවේගයට විශාල ශක්තියක් ලබා දෙන්න අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය සමත් වී සිටිනවා. වෛද්‍යරුන්, නීතිඥවරුන්, ගුරුවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියා කරන විශ්‍රාමික කණ්ඩායම් බහුතරයක් ජාතික ජන බලවේගයට එක් වී ක්‍රියා කරනවා.
අපේ ප්‍රචාරණ කටයුතු ප්‍රවර්ධනය කර ගැනීම සඳහා භාවිත කරන එක මෙවලමක් තමයි, අපේ ටී ෂර්ට් එක. ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙන ටී ෂර්ට් එකත් ඒ වාගේ ආකර්ෂණීයයි. අදිටන ටී ෂර්ට් එක ප්‍රචාරක කටයුතුවලට යොදා ගත්තා මිස එය කිසිදු ආකාරයක නිල ඇඳුමක් නොවෙයි. ඒ වාගේම අපි අවධාරණය කරනවා ලබන 18 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව අපේ කිසිම සාමාජිකයෙක් මේ ටී ෂර්ට් එක අඳින්නේ නැහැ. අදිටන සහ ජාතික ජන බලවේගයේ ටී ෂර්ට් ඇඳගෙන අපේ දේශපාලන ව්‍යාපාරය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් අපට සතුරු දේශපාලන ප්‍රවාහ විවිධ සැලැසුම් කර ඇති බවට තොරතුරු ලැබී පවතිනවා.
අවසාන වශයෙන් රටේ ආදරණීය ජනතාවගෙන් අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස අප අවුරුදු හැත්තෑහයකට පසු ජනතාවාදී පාලනයක් වෙනුවෙන් මහත් අපේක්‍ෂාවෙන් පෙළගැසී සිටින ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට පණිවුඩයක් සහ සහතිකයක් ලබා දෙනවා. අදිටන සාමාජිකයන් සියලුම දෙනා කටයුතු කරන්නේ විධිමත් නායකත්ව මණ්ඩලයක් තුළින් වන බවත්, 22 වැනි දින උදෑසන ජනතාව අසන සමාජ පරිවර්තනය ආරම්භයේ සුබදායක පණිවුඩය සමඟ සාමකාමීව කටයුතු කරන බව ජනතාවටත්, රටටත් සහතික වෙනවා.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – මරදන්කඩවල – 2024.09.06-) දැන් අපේ විරුද්ධවාදීන් සැලසුම් හදන්නේ ඒ ගොල්ලන්ගේ පරාජයෙන් ගැලවෙන්න. ඒ නිසා තමයි දැන් දෙගොල්ලෝ එකතු වෙන්න කතා කරන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒ ගොල්ලෝ විශාල භීතියකට පත්ව සිටිනවා. රනිල් වික්‍රමසිංහ කියනවා සජිත්ට ගහන කතිරය, අනුරට ගහන කතිරයක් කියලා. සජිත් ගාල්ලට ගිහිල්ලා කියනවා […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – මරදන්කඩවල – 2024.09.06-)
දැන් අපේ විරුද්ධවාදීන් සැලසුම් හදන්නේ ඒ ගොල්ලන්ගේ පරාජයෙන් ගැලවෙන්න. ඒ නිසා තමයි දැන් දෙගොල්ලෝ එකතු වෙන්න කතා කරන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒ ගොල්ලෝ විශාල භීතියකට පත්ව සිටිනවා. රනිල් වික්‍රමසිංහ කියනවා සජිත්ට ගහන කතිරය, අනුරට ගහන කතිරයක් කියලා. සජිත් ගාල්ලට ගිහිල්ලා කියනවා රනිල්ට ගහන කතිරය, අනුරට ගහන එකක් කියලා. අපි කියනවා, අපිට ඔය එක් එක්කෙනා හරහා කතිර එපා. 21 වැනිදා උදෙන්ම ගිහිල්ලා මාලිමාවට කෙලින් කතිරය ගහන්න. ඊයේ තැපැල් ඡන්දය තිබ්බා. රට හැම තැනින්ම එන ආරංචිය සුබයි. පොලීසියේ, හමුදාවේ, ගුරුවරු, කච්චේරිවල වැඩකරන අය ඩී.ඕ. මහත්වරු අපිට කතා කරලා කිවුවා දවල් එවපු කෙටි පණිවිඩ සියල්ලෙන්ම අපේ ජයග්‍රහණය තහවුරු කරලා හමාරයි. ජාතික ජන බලවේගයට ඉහළින්ම ජයග්‍රහණය අරන් දීලා තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතියි. දැන් ඉතිරි කොටස පැවරෙන්නේ ඔබට සහ අපිට. ඒ කොටස සම්පූර්ණ කරගන්න නම් ගම්වල ඡන්ද පෙට්ටි මාලිමාවට කතිරය ගහලා පුරවන්න ඕනෑ.
මෙච්චර කල් මේ රටේ ආණ්ඩු පත් කළාට හැදුනේ රට නොවෙයි. ඒ ගොල්ලෝ. රට වැටුණා; ඒ ගොල්ලෝ හැදුණා. රටේ දරුවන්ට පාර වැහුණා. ඒ ගොල්ලන්ගේ දරුවන්ට තිර ඇරියා. 21 වැනිදා ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. දිනුවට පස්සේ අපිටත් තිබෙනවා අත්හැරිය නොහැකි වගකීමක්. ඔබ අප ගැන තැබූ විශ්වාසය, බලාපොරොත්තුව එලෙසම ඉටු කිරීමේ වගකීම අප සතුවෙනවා. එය අපි අකුරටම ඉටුකරනවා. සැප්තැම්බර් 21 අපි ජයග්‍රහණය කළාට පසුව අපි කරන වැඩවලින් ටිකක් මම දැන් කියන්නම්.
ඉස්සෙල්ලම පාර්ලිමේන්තුව විසුරවනවා. ඊළඟට ව්‍යවස්ථාවට අනුව ඉතා හොඳින්, මහ ඡන්දය එන තුරු ඒ මාස 1 1/2 – 2 තුළ අපි රට පාලනය කරනවා. ජනාධිපතිවරණය දිනලා මහ ඡන්දයට ගිය ගමන් අපිට ඡන්ද ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ. එදාට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 150කට වඩා ගෙදර. මේ කතිරයෙන් පරදින්නේ රනිල් විතරක් නොවෙයි. එස්.එම්. චන්ද්‍රසේනලත් පරදිනවා. අපි 2/3ක බහුතරයකින් ආණ්ඩුවක් හදනවා. ඒක ස්ථිරයි. ඊට පස්සේ රජයේ ආයතනවලට ප්‍රධානීන් පත් කරනවා. මේ කතිරයෙන් දේශපාලනඥයින්ගේ දූ පුතුන්ට, ඥාතීන්ට දී තිබෙන අනවසර පත්වීම්ද අහෝසි වෙනවා. මේ සැප්තැම්බර් 21 ගහන කතිරය එතරම්ම බලවත් කතිරයක්.
දැන් ඉන්න ඇමති මණ්ඩලය දිහා බලන්නකෝ. පශු සම්පත් ඇමතියෙක් පැත්තක ඉන්නවා. ඊට අමතරව කිරි හරක් බලාගන්න ගව සම්පත් ඇමතියෙකුත් ඉන්නවා. වාරිමාර්ග ඇමතියෙක් ඉන්නවා. සුළු වාර්මාර්ග ඇමතියෙක් වෙනම ඉන්නවා. මහවැලි ඇමතියෙකුත් ඉන්නවා. පේනවනේ බෙදාගෙන කාපු විදිය. අපේ ආණ්ඩුව යටතේ මේ කෑලි කඩලා, දේශපාලන හිතවත්කමට බෙදාදී ඇති සියලු අමාත්‍යාංශ විද්‍යාත්මක ඒකාබද්ධ කිරීමකට ලක්කරලා, විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා. අපි බලයට ඇවිත් පළමු කැබිනට් මණ්ඩලය රැස්වෙලා තීන්දු කිහිපයක් ගන්නවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. මන්ත්‍රීවරුන්ට ලබාදෙන බාර් පර්මිට් අහෝසියි. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දෙන කාර් පර්මිට්ද අහෝසියි. ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල්, වතුර බිල්, ආණ්ඩුවෙන් ගෙවන්නේ නැහැ. මැති ඇමතිලා පිටුපස ආණ්ඩුවේ වාහන හත අටක් යන්නේ නැත. කාර් එකේ දොර අරින්න පොලීසියේ මහත්තුරු දෙන්නේ නැත. හිටපු ජනාධිපතිවරුන්ට මහජන මුදලින් ලබාදී තිබෙන වරප්‍රසාද සියල්ලම අහෝසියි.
මේ ටික අපි නිසැක ලෙසම කරනවා. ඊට පස්සේ ජනතාවටත් වගකීමක් පැවරෙනවා. මේ රට ගොඩනැගීමේදී ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියා අපි, ඔබ එකතු වී වැඩකර පෙන්නමු. ලෝකයේ හැම රටකටම ගිය මිනිස්සු හිතන්නේ ඒ රටේ නතර වෙන්න. ඔන්න රට වට්ටලා තිබෙන තැන. මේ පාලකයෝ මේ රට බාල්දු කළා. ජනාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිගන්නේ නැහැ. ඇමතිවරු, මන්ත්‍රීවරු මිනී මරලා වරදකරුවන් වෙලා, දඬුවම් ලබලා නැවත පාර්ලිමේන්තුවට එනවා. මොකක්ද මේ පාලකයෝ කරන්නේ. අපි මේ රට ලෝකය ඉදිරිපිට කීර්තිමත් රටක් ලෙස අලුතින් ගොඩනගනවා.
අපේ පාලනයක් යටතේ මේ රටේ නිෂ්පාදනයට නව පණක් දෙනවා. සංචාරක කර්මාන්තය සඳහා සමහර වර්ගවල හාල් ටිකක් පිටරටින් ගේන්න වෙයි. ඒ හැර එක හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ. මේ පාලකයන් කංකුනුත් පිටරටින් ගේනවා. අපි ඔබලාට කියනවා බය නැතුව කුඹුරට බහින්න. බය නැතිව හේනට යන්න. අපි ඊට අදාළ සහන ටික දෙන්නම්. ඉතාම දියුණු තත්වයේ බීජ අපේ රජයක් යටතේ ඔබට ලබා දෙනවා. වගා කළ හැකි, රජය සතුව පවතින ඉඩම් වගා කරන්න කැමති තරුණයන්ට ලබා දෙන්න අපි සූදානම්. හැබැයි ඒවා නිකම් තියන් ඉන්න බැහැ. දැන් රජය සතු ඉඩම් අක්කර දහස් ගණන් බෙදාගෙන ඉන්නෙ කවුද? මැති ඇමතිලා. මේ පාලකයන් අපේ වැව් පද්ධතිය විනාශ කළා. වැව් ඉස්මත්තෙ හෝටල් හැදුවා. ගෙවල් හැදුවා. වැව් ගොඩ කළා.
අපේ පාලනයක් යටතේ පොළොවට වැටෙන සියලු වර්ෂා ජලය නාස්ති නොකර ගබඩා කළ හැකි පරිදි අපේ වැව් පද්ධතිය නැවත ගොඩ නඟනවා. කන්න තුනක් වගා කිරීමට හැකිවන පරිදි අපි ඔබට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දෙනවා. පොහොර ටික, තෙල් ටික, සහනාධාර මිලකට ඔබට ලබා දෙන්න වැඩපිළිවෙළක් අපි හදනවා. අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙනවා. කිසිම කළුකඩකාරයෙකුට ගොවි ජනතාවගේ ගෙල මිරිකගෙන ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අස්වැන්න, ඵලදාව අපතේ නොයන අන්දමට, ඒවා ආරක්ෂිත ලෙස තබා ගැනීමට, ප්‍රවාහනය කිරීමට අපි වැඩපිළිවෙළක් හදනවා.
ලෝකයේ ගබඩාකරණය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය මේ සියල්ල කර්මාන්ත. අපේ ගොවි ජනතාවගේ අස්වැන්නෙන් 38%ක් අපතේ යනවා. මේවා වෙන්නෙ මේ කිසිදු සැලැස්මක් නැති පාලකයන් නිසා. අස්වැන්න විකුණා ගන්න බැරිව ගොවියන් මොනතරම් රස්තියාදු වෙනවාද? අස්වැන්න ටිකක් කුණු කොල්ලයට විකුණලා ඉතුරු ටික කුණුවලවල්වලට දානවා. අලින්ට කන්න දානවා. අපි ගොවි ජනතාවගේ ඵලදාව ආරක්ෂිතව වෙළඳපලට යවන වැඩපිළිවෙළක් හදනවා. අපේ රටේ ගොවි ජනතාව විශාල ණය බරකින් මිරිකිලයි ඉන්නේ. අපි ඒ ණය බරින් මේ රටේ ගොවි ජනතාව මුදා ගන්නවා.
ලෝකයේ දියුණු රටවල දෙමව්පියන් පදිංචි මාරු කළාම, ඒ දරුවන්ට ඒ පදිංචියට ආසන්නයේම හොඳ පාසලක් ලබා දෙනවා. අපේ රටේ දෙමව්පියන් ළමයව හොඳ පාසලකට දාගන්න පදිංචිය වෙනස් කරනවා. අධ්‍යාපනය මව්පියන්ට, දරුවන්ට බරක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඉතා දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ දරුවන්ට අපි හඳුන්වලා දෙනවා. සෞඛ්‍යසම්පන්න ජනතාවක් සිටින රටක් අපි නිර්මාණය කරනවා. පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න පුළුවන් රටක් අපි ඔබට උරුම කර දෙනවා. නව පුනරුද යුගයකට මේ රට පරිවර්තනය කරා රැගෙන යනවා. 21 වැනිදාට ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. අපේ වගකිම අපි අකුරටම ඉටු කරන බවට සහතික වෙනවා.
“මජර දේශපාලනයේ නියැලී සිටින අයට 21 දා කතිරයෙන්ම උත්තර දෙමු”
-ප්‍රවීණ ගායක ක්‍රිශාන්ත එරන්දක-
මේ වගේ දේශපාලන වේදිකාවක කථාකරන කොට මට ටිකක් බයක් දැනෙනවා. මොකද, මම දහස් ගණන් නරඹන වේදිකාවල ඕනෑ තරම් ගීත ගයලා තිබෙනවා. එතකොට කිසිම බයක් දැනෙන්නේ නැහැ. නමුත් අද කථා කරන්නේ දේශපාලන වේදිකාවක. මාලිමාවේ වේදිකාවේ. එනිසා අපෙන් පුංචි වචනයක් වැරදුණත් සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අය බලන් ඉන්නවා. අපිට මඩ ගහන්න. සමහර විට අපේ කථාවල එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන ඒවා විකෘති කරලා දානවා. අපිට විරුද්ධව එහෙම මඩ කෑල්ලක් දැම්ම ගමන් අපේ රටේ ජනතාව ඊට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. එහෙම වෙන්නෙ මාලිමාව ජයග්‍රහණය කරවන්න අපිට වඩා වුවමනාවක් ඔබට තිබෙන නිසා.
අපි ඉවසගෙන ඉඳලා මේ මජර දේශපාලනයේ නියැලී සිටින අයට 21 වැනිදාට අපේ කතිරයෙන්ම උත්තර දෙමු. එදාට මේ රළු, ගොරෝසු මිනිසුන්ට ජයග්‍රාහී සිනහවකින් අපි උත්තර දෙමු. 21 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා අපි මාලිමාවට ඡන්දය දෙමු. එතකොට තමයි අපට විරුද්ධව මට අවලාද ගහන අයට හොඳටම රිදෙන්නේ. දැනට අවුරුදු 2 1/2කට පමණ ඉස්සර දවසක් මට අනුර සහෝදරයාගේ ලස්සන කතාවක් ඇහෙනවා. සමහර දේශපාලකයෝ කතාකරන දේවල්වල තිබෙන්නේ සද්දේ විතරයි. අගක් නැහැ, මුලක් නැහැ. මොනවා කියනවාද කියලා කියන කෙනාවත් දන්නේ නැහැ. දේශපාලන හරයක් නැහැ. ඒ වගේම රටට වුණේ මොකක්ද කියලා කියන්නේ නැහැ. නමුත් අනුර සහෝදරයාගේ කතා ඊට හාත්පසින්ම වෙනස්. ඒවා හරයාත්මකයි. අර අවුරුදු 2 1/2කට පෙර මට ඇහුණු අනුර සහෝදරයාගේ කතාවේ එක තැනක ඔහු මෙහෙම කියනවා. මේ රට හදන්න ආර්ථික, දේශපාලනික වැඩපිළිවෙළක් ඕනෑ. ඒකට අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෑ. එහෙම තමයි අපිට පුනරුද යගයක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙම කියන ගමන් ඔහු කියනවා අපි මේ මොනවා කරන්නත් රට ඇතුළෙ සංස්කෘතික මිනිහෙක් හදන්න ඕනෑ කියලා. මෙතුවක් කාලයකට ඒ වගේ කතාවක් මේ රටේ කිසිම දේශපාලකයෙක්ගෙන් මම අහලා නැහැ. රට ගොඩගැනීමට උරදෙන්න නම් රටට වැඩදායක මිනිහෙක් ඕන තමයි. නමුත් සංස්කෘතික මිනිහෙක් හදන්න ඕනෑ ඇයි? මට අනුරගේ ඒ කතාව සංවේදීව හිතට දැනුණා. මේ සමාජය මෙතනට වට්ටපු මේ රට මෙතෙක් පාලනය කළ දේශපාලනඥයින් අපි තුළ හිටපු සංස්කෘතික මිනිසා ගලවලා විසි කරලා දැම්මා. අපේ සමාජයේ මිනිස්සුන්ට සතුට බෙදා ගන්න බැරිතැනට පත් කළා. තව මිනිහෙක්ගේ කරදරයකදී ඒ මනුස්සයාගේ දුක අපට බෙදා ගන්න බැරි වුණා. මේකට වගකියන්න ඕනැ පාලකයන්. අන්න ඒ නිසා තමයි, මේ රට මනුෂ්‍ය සමාජයක් ලෙස හදන්න නම් සංස්කෘතින මිනිසෙක් හදන්න ඕන කියලා අනුර සහෝදරයා කියන්නේ.
මම කියන ගීත ඔබ අහලා අහලා ඇති. මිනිහෙක් වුණාම ගීතයක් අහන්න ඕනැ; රස විඳින්න ඕනෑ; නවකතාවක් කෙටිකතාවක් කියවන්න ඕනැ, චිත්‍රපටයක් බලන්න ඕනැ. අඩුම තරමින් කෑම කන කොටවත් ගෙදර උදවිය එක්ක සතුටින් ගත කරන්න ඕනැ. එහෙම සමාජයක් මේ පාලකයො අපිට නැති කළා. අපිව හුදකලා මිනිස්සු බවට පත් කළා. අනුර සහෝදරයා ඒ නිසා තමයි කිවුවේ මේ රට හදන්න නම් රටට වැඩදායී සංස්කෘතික මිනිසෙක් ඕනැ කියලා. මේ රටේ දේශපාලනයත් මේ රටේ ආර්ථිකයත් ගොඩනඟන්නේ ඔහු තමයි. දුවේ පුතේ මටත් ඉන්නවා දුවලා දෙන්නෙක්. මගේ ලොකු දුව මේ අවුරුද්දෙ එයාගේ පළමු ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ අලුත් පරම්පරාව හිතන පතන විදිහ හරි වෙනස්. ඒ පරම්පරාවේ තරුණ තරුණියෝ පරාජය පළමුවෙන් බාර ගන්නේ නැහැ. මම මගේ ලොකු දුවගේ දේශපාලන වටපිටාව මම පොඩ්ඩක් හොයලා බැලුවා. එයාලා මිතුරු සමාජයක් හදාගෙන ඉන්නවා. මම ඇගේ ෆෝන් එකට ටිකක් එබිලා බැලුවා. මොනවද මේ කෙටි පණිවුඩ දිදී කතා කරන්නේ කියලා. බලනකොට ඇගේ මිතුරු සමාජයේ ඔක්කොම මාලිමාවට. මේ රටේ තරුණ ඡන්ද ආසන්න වශයෙන් ලක්ෂ 12ක් පමණ තිබෙනවා. ඉන් 95%ක් මාලිමාවට, අනුරට කියලා. ඒක ස්ථිරයි. 21 වැනිදා උදෙන්ම ගිහිල්ලා අපේ යුතුකම ඉටුකරමු. මාලිමාව ඉදිරියේ කතිරය ගසා අපේ අනුර සහෝදරයාව ජයග්‍රහණය කරවමු.
“පරණ අගුපිල්වල තවත් රස්තියාදු නොවී නව පුනරුදයක දේශපාලන පෙරහැරට එකතු වෙන්න”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-
ඡන්දෙට තිබෙන්නේ තවත් දවස් 14ක් පමණයි. අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට මේ ඡන්දය විශේෂයි. අපේ එකෙක් රටේ නායකයා වෙන්න යනවා. අනුරාධපුරේ අනුර, ඉහළින්ම ඔසවා තබන්න, කැකිරාවේ, මිහින්තලේ ආසන දෙකේ ජනතාව සූදානම්. අනුර සහෝදරයා නැවත ඔබ හමුවන්න එන්නේ 14වැනිදා. ඒ තමයි අනුරාධපුරයේ ජයග්‍රාහී අවසාන රැලිය. මේ ජනාධිපතිවරණයේ කසකාරයෝ පෙරහැර එන බව කියන්න ඊයේ, පෙරේදා පටන් ගත්තා. තැපැල් ඡන්ද ප්‍රතිඵල ගැන බුද්ධි අංශ වාර්තාවල කියනවා රට හැමතැනම අනුර ඉහළින්ම එකට ඉන්න බව. මේ පණිවිඩය අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන් ගම්වලට ගිහින් කියන්න. මීට කලින් විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කළ අය ඉන්නවා.
සමහර අයගේ පක්ෂ කාර්යාල දෙක තුනක් වහලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂ කාර්යාලයක් කනත්තෙත් දාලා තිබෙනවා. මට හිතෙන්නේ වික්‍රමසිංහ මහත්තයාට තව තිබෙන්නේ සති දෙකයි. ඉදිරි සති දෙක ඉවර වෙනකොට රටේ මිනිසුන්ගේ සිහිනය, ජනතාවගේ සැබෑ නායකයෙක් රජරටින් එනවා. ජනතාවගේ සැබෑ නායකයා අනුර කුමාර දිසානායක ජනපති වෙනවා කියන පණිවිඩය ගමට අරගෙන යන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඉදිරි දවස් 14 ගම්බිම්වල ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට, අසල්වැසියන්ට මේ පණිවිඩය අරගෙන යන්න. තැපැල් ඡන්දේ පණිවිඩය ගමට ගෙනියන්න. මේ සමාජයම වෙනසක් වෙන්න සූදානම් වෙලා තිබෙන වෙලාවක, මුළු රටම එක පෙළට පෙළගැසෙන වෙලාවක, අවුරුදු 76ක දූෂිත දේශපාලනය අවසන් කරන්න පෙළගැසෙන වෙලාවක, ලෝකයේම මිනිස්සු රොද බැඳගෙන රටට එමින් තිබෙන වෙලාවක, පරණ වලව්වල, අගුපිල්වල රස්තියාදු නොවී නව පුනරුදයක දේශපාලන පෙරහැරට එකතු වෙන්න. එළඹෙන 21 රට අනුර බාර දෙන්න පෙළගැසෙන ජයග්‍රාහී පෙරහැරේ කොටස්කරුවෙකු වෙන්න කියන පණිවිඩය ගමට අරන් යන්න.
14 වැනිදා උදේ සෑම ග්‍රාම සේවා වසමකින්ම, සල්ගාදු පිට්ටනියට එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ පණිවිඩයත් අරගෙන ගමට යන්න. හැම කෙනෙකුටම කියන්න. මුළු රටේම බලාපොරොත්තුව අපි හැමදාම සතුට සොයපු මිනිස්සු. ජීවිත කාලයම සතුට වෙනුවෙන් දුක් විඳපු මිනිස්සු. දරුවන්ගේ සතුට වෙනුවෙන් දවස් ගණන් නිදි මරපු මිනිස්සු. හේනෙ පැළේ, වෙළේ, දොළේ සතුට සොයපු මිනිස්සු. සතුට රැගෙන එන මහා දැවැන්ත පරිවර්තනයේ ආරම්භය ලබන 21දා. සමාජ පරිවර්තනයට මුල පුරන, ජනපති අනුරට රට බාර දෙන්න අවස්ථාව අපි හැමෝටම උදාවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් 14දා අනුරාධපුරේ සූදානම් කරන විජයග්‍රාහී රැලියට එකතු වෙන්න. අවසන් දවස වෙනකම් මහන්සි වෙමු. ගෙයක් ගෙයක් ගානේ යමු. ඥාතීන්ට හිතවතුන්ට කතා කරමු. 20 වැනිදා රෑ හොඳට නිදා ගනිමු. 21 උදේම නැගිටින්න. නැගිටපු නැති අය අවදි කරන්න. උදව් ඕන අයට උදව් වෙන්න. 21 ඡන්ද පොළට ගිහිල්ලා සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව, ඡන්ද පෙට්ටිය මාලිමාවෙන් පුරවලා නියත ජනාධිපති අනුර කුමාර දිසානායක බවට පත්කරන මෙහෙයුම සාර්ථක කරමු. ඒ වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ අපි මහන්සි වෙමු. අපේ කාර්යභාරයේ අවසාන හෝරාව එළඹිලා තිබෙනවා. අපේ ජීවිත කාලයේ බලාපොරොත්තුවේ අවසන් හෝරාවට ඇවිත් තිබෙනවා. මේ සති දෙකත් ඔබට වෙහෙස දැනෙයි. සතුට සොයපු මිනිස්සුන්ට, අපේ දරුවන්ට දෙන්න තිබෙන වඩාම හොඳ තෑග්ග, ජීවිතේ දරුවන්ට දෙන්න තිබෙන වටිනාම තැග්ග, මේ සමාජ පරිවර්තනයයි. මේ සමාජ පරිවර්තනය අත්පත් කර ගැනීම වෙනුවෙන්, ඉටුකර ගැනීම වෙනුවෙන් මේ සියලු දෙනාම එකට එකතු කරමු. රටම එක මිටට එකතු කරලා 21දා ‘රටම එකට, රට අනුරට’ බාර දෙමු. ඒ වෙනුවෙන් පෙළගැසෙමු.
(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.09.06-) ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස සංවිධානය කරන නීතිඥ ජාතික සමුළුව හෙට (7දා) ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතිහාසයේ දැවැන්තම නීතිඥ එකතුව ලෙස උදේ 930ට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා.ජාතික ජන බලවේගය ජාතික විධායක සභාව, දිස්ත්‍රික් […]
(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.09.06-)
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස සංවිධානය කරන නීතිඥ ජාතික සමුළුව හෙට (7දා) ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතිහාසයේ දැවැන්තම නීතිඥ එකතුව ලෙස උදේ 930ට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා.
ජාතික ජන බලවේගය ජාතික විධායක සභාව, දිස්ත්‍රික් සභාව, ආසන සභාව සහ කොට්ඨාස සභාව කියන යාන්ත්‍රණය ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. එය ශක්තිමත් කිරීම තුළින් සමස්ත ශ්‍රී ලාංකික ජනයා මෙන්ම වෙනත් විවිධ ක්‍ෂේත්‍රවල පිරිසත් සංවිධානය කිරීමේ හැකියාවක් ලැබුණා. භික්‍ෂුන් වහන්සේලාගේ සමුළුව, කාන්තා සමුළුව, හෙද සමුළුව, ගුරු සමුළුව වැනි සමුළු අතරට හෙට දවසේ පවත්වනු ලබන නීතිඥ සමුළුවත් එක් වන බව විශ්වාසයි. විජේදාස ලියනාරච්චි සහෝදරයාගේ ඝාතනයත් එක්ක ඉතිහාසයේ දැවැන්තම නීතිඥ ප්‍රජාවක් එකතු වුණා වාගේම අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්ඩාරනායක නෙරපාහැරීමට එරෙහිවත් ඔවුන් ඉදිරියට ආවා. අරගලය අවස්ථාවේදීත් නීතිඥවරුන්ගේ එවැනිම ක්‍රියාකාරිත්වයක් තිබුණා. ඊටත් වඩා එහා ගිය එකමුතුවක් ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වන්න සූදානම් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, නීතියේ ආධිපත්‍යයට සහ විධානයටත් දැවැන්තම තර්ජනයක් එල්ල කර තිබෙන අවස්ථාවක මජර දේශපාලන සංස්කෘතිය පරාජය කර පුනරුද යුගයක් ඇති කිරීමට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල බහුතර ජනතාවක් එක් වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබෙන අතර, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ලියැවිල්ලෙත්, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ලියැවිල්ලෙත් යන දෙකේම පිටු 102ක ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු 231ක් තිබෙනවා. මේ පිටු අතර තිබෙන දේවල් පරිශීලනය කිරීමේ දී වැදගත් කරුණු ගණනාවක් නිරීක්‍ෂණය කළ හැකියි. මෙවර ජනාධිපතිවරණයේදී දූෂිත කඳවුර සහ එයට එරෙහි අදූෂිත කඳවුර අතර තරගයක් පවතිනවා. මෙවර ජනාධිපතිවරණයේදී දූෂිත කඳවුර පරදවා අදූෂිත කඳවුර නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. තැපැල් ඡන්ද ඉලක්ක කරගෙන රාජ්‍ය සේවකයන් වෙන්දේසි කිරීමට අනෙක් කණ්ඩායම් උත්සාහ කරන අතර, ජාතික ජන බලවේගය තැපැල් ඡන්දවල විශාල ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් සිටිනවා. ඒ හමුවේ පරාජයෙන් බියගැන් වී සිටින පිරිස් රට තුළ අනියත බියක් නිර්මාණය කිරීමට විවිධ උත්සාහයන් දරනවා. ඒ සියලු උත්සාහයන් පරාජය කිරීමට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කණ්ඩායම කටයුතු කරන බව අවධාරණය කරනවා.
“ඡන්දයෙන් පසුව කිසිදු ක්‍රියාවක් සම්බන්ධව අනියත බියක් ඇති කර ගත යුතු නැහැ”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතීඥ මොහාන් වීරකෝන්-
මේ වන විට අපේ රටේ නීතියේ ආධිපත්‍යය බොහෝ දුරට ගිලිහී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ලබා දෙන තීන්දු නොසලකා හරිමින් ආණ්ඩුව ක්‍රියා කරන අතර, මුළු රටේම නීතිඥයන් ක්‍රියා කරන්නේ ‘නීතිය ඉදිරියේ සෑම කෙනාම එක සමානයි’ කියන යථාර්ථය ඇති කිරීමටයි. නමුත්, අද වෙන කොට පොහොසත් සහ බලවත් අයට මෙන්ම සාමාන්‍ය ජනතාවට වශයෙන් නීතිය දෙ ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. නීතිය ඉදිරියේ සෑම දෙනාම එක සමාන නම්, ජනාධිපති, මැති, ඇමැතිවරුන් සහ සාමාන්‍ය ජනතාවට භේදයක් නැතිව එක ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. නීති විරෝධීව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් නිදහස් කරගෙන යන්න බදුල්ලේ රාජ්‍ය ඇමැතිවරයෙක් ක්‍රියා කර තිබුණා. මෙවැනි තත්වයන්ට ඉඩ දිය යුතු නැහැ. අපගේ ආණ්ඩුවක් යටතේ මෙවැනි ක්‍රියාවලට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ වාගේම පාතාලයේ වැනි ක්‍රියා පැවැතීමට ඉඩ දෙන්නෙත් නැහැ. කුඩු ජාවාරම් සහ පාතලය මර්දනය කරන්න ‘යුක්තිය’ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව කියූ පොලිස්පතිවරයා එම ධුරයෙන් ඉවත් කළ පසු අපරාධ අඩු වී ඇති බව පැහැදිලියි.
මෙවැනි තත්වයක් තුළ අපේ රටේ නීතියේ ස්ථාවරත්වය සහ ස්වාධීනව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සමුළුවේදී විශාල ශක්තියක් ලැබෙන බව විශ්වාසයි. අපේ නීති ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වෙනස් කළ යුතු නීති වෙනස් කර එකතු කළ යුතු අලුත් වගන්ති එකතු කරමින්, ඉදිරි කටයුතුවලට අත්තිවාරම දමනවා. විශේෂයෙන් ම මුදල් මත පිල් පැනීමට හෝ නැවැතී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන අවස්ථාව මුළුමනින්ම අහෝසි කරනවා. පොහොසත් රටක් ලෙස සාධාරණ සමාජයක් කරා යන ගමනේ සන්ධිස්ථානයක් වී තිබෙන 21 වැනිදා ඡන්දයෙන් පසුව කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව මහජනතාවට අවධාරණය කරනවා. ජනතාවගේ ආරක්‍ෂාව සියයට සියයක් තහවුරු කරන්න අපි ක්‍රියා කරන බව අවධාරණය කරනවා.
“ස්ත්‍රිය දේශපාලන ධාරාවට සම්බන්ධ කර ගෙන බලගැන්වීම ගැන නීතිඥවරියක ලෙස සතුටු වෙනවා”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ චමිලා ගුණසේකර-
හෙට දිනය නීතිඥයන් සම්බන්ධයෙන් අපේ රටේ ඉතිහාසයේ සුන්දරම දිනයක් වේවි. යුක්තිය සහ සාධාරණත්වය රැඳෙන්නේ කොතැනද එතැනට සමස්ත නීතිඥ ප්‍රජාවම රොදබඳින ඒ සුන්දර දිනය ලෙස සැප්තැම්බර් 07 ඉතිහාසයට එක් වේවි. ජාතික ජන බලවේගය කෙරෙහි රටේ සමස්ත නීතිඥ ප්‍රජාවම තිබෙන කැපවීම පෙන්වීමට සූදානම්. ඒ වාගේම විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය ස්ත්‍රියගේ ශක්තිය කොපමණ ද යන්න ලෝකයටම ඔප්පු කර තිබෙනවා. කුටුම්භයේ න්‍යෂ්ටිය වන ස්ත්‍රිය දේශපාලන ධාරාවට සම්බන්ධ කරගෙන ඉතිහාසයේ නොවූවිරූ තරම් බලගන්වා තිබෙනවා. නීතිඥවරියක ලෙස මම ඒ පිළිබඳව සතුටු වෙනවා. දේශපාලන භූමිකාවට අමතරව සංස්කෘතික, අධ්‍යාපනික මෙන්ම සමාජීය අතින් කාන්තාවන් ඉදිරියට පැමිණ සිටිනවා. ලීලාවතී ආත්තම්මා අවුරුදු 97දී මාස්ටර්ස් උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් අපි කවුරුත් සතුටු වෙනවා. ඒ වාගේම යුද්ධය පැවැති සමයේ මායිම් ගම්මානයක දියණියක් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී පදක්කම් අටක් ගත්තා. සුසන්තිකා ජයසිංහ අපේ රටේ නාමය ඉහළින් ඔසොවා තැබුවාට පසු ඒ දියණිය ලැබූ ජයග්‍රහණයම සොඳුරු උදාහරණයක්. මේ සියල්ල එක්ක අපට පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදා කර ගැනීම නුදුරේ දීම සිදු වන බවයි. අපේ රට ගොඩනැගීම ගැනීම සඳහා අපි සියලුම දෙනා තවදුරටත් එකතු වෙමු.
“21 වැනිදා ඡන්දයෙන් ජනසම්මතවාදී රජයක් පිහිටුවා ගන්න පුරවැසියන් සූදානම්”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර-
ජාතික ජන බලවේගය පිහිටු වූ දා සිටම මේ රටේ බුර බුරා නැඟ එන ජනතා අවශ්‍යතාව වෙනුවෙන් ඉතාමත් පුළුල්ම මට්ටමකින් ලංකාව පුරා විහිදී විවිධ ක්‍ෂේත්‍රවල සංවිධානය වෙමින්, මෙවර ජනාධිපතිවරණයට මුහුණ දෙනවා. 2024 සැප්තැම්බර් 07 වැනි දින ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර දිසානායක සහෝදරයා නීති වෘත්තිකයන් ආමන්ත්‍රණය කිරීම ඓතිහාසික සිදුවීමක් වේවි. රට පුරා නීතිඥයෝ ජාතික ජන බලවේගය සමඟ සංවිධානය වෙමින්, සංවාද කරමින්, නැවත නැවත ප්‍රශ්න කරමින් රට හදන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බුද්ධියෙන් අනුමත කර තිබෙනවා. දහස් ගණනක් ඒ බව පැහැදිලිවම රටට කියන්න සූදානම්. තමන්ට කිසිදු මැතිවරණ සටන් පාඨයක් ගොඩනඟා ගන්න බැරි තරමට පිරිහුණු දේශපාලන පක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී විවිධ අසත්‍ය ප්‍රචාර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ගෙන යනවා. ඔවුන් කොච්චර අසාර්ථකද කියනවා නම්, තමන්ගේ පක්‍ෂය අත්හැර ස්වාධීන යැයි කියමින් යන අතර, තව අපේක්‍ෂකයෙක් පසුගිය වර ඔහුගේ ප්‍රතිවාදී වූ සියලු දෙනා එක් කර ගනිමින්, ‘සලාද සන්ධානයක්’ ගොඩනඟමින් යනවා. මෙතෙක් රටේ ආණ්ඩු කළ පිරිස් සමඟ එක්ව කටයුතු කළ දේශපාලනඥයන් පිළිබඳව ජනතාව හොඳින්ම දන්නවා. ඇමැතිකමක් හෝ නියෝජ්‍ය ඇමැතිකමක් වෙනුවෙන් පිල් මාරු කළ කුප්‍රකට දේශපාලනය පිළිබඳව ජනතාව හොඳින්ම දන්නවා. ඒ කුප්‍රකට, ප්‍රතිපත්ති විරහිත ජනතා නියෝජිතයා ගැන පැහැදිලි අවබෝධයක් අපේ සමාජයට ඇති වී තිබෙනවා.
මේ නිසා ඔවුන් ඔළුවෙන් හිටගෙන ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ජනතාව බියගන්වන ප්‍රකාශ සිදු කරමින් සිටිනවා. බැංකු ගිණුම් තහනම් කිරීම ගැන, වෙනත් දේපොළ අත්පත් කර ගැනීම ගැන ව්‍යාජ ප්‍රචාර කරමින් සිටිනවා. මෙම මස 22 වැනිදා ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවන්නේ ජනතාව හම්බ කර ගත් දේපොළ, යාන-වාහන රජයට අත්පත් කර ගන්න නොවන බව ස්ථිර ලෙසම ප්‍රකාශ කරනවා. සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් පළ කෙරෙන ව්‍යාජ මත ජාතික ජන බලවේගයේ ඒවා නොවන බව අවධාරණය කරනවා. කුඩා වීඩියෝ පට මාර්ගයෙන් විවිධ සාවද්‍ය මත ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ප්‍රචාරය කරමින් පවතිනවා. අපට ප්‍රකාශ කරන්න ප්‍රතිපත්ති තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ගැන ජනතාව සමඟ සංවාදයේ යෙදෙනවා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය ගැන පැහැදිලි කිරීම් කරනවා. අපේ ප්‍රතිපත්ති ගැන ඕනෑම බුද්ධිමය සංවාදයකට අපි සූදානම්.
බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ නව වැනි වගන්තියේ සඳහන් වෙනවා. ඒ වගන්තිය අනෙකුත් ආගම් අදහන අයටවත්, මේ රටටවත් කිසිම ප්‍රශ්නයක් වී නැහැ. එනිසා ඒ සම්බන්ධයෙන් යවන ප්‍රචාර හුදු මඩ ප්‍රචාර විතරයි. ජනතාව තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන්න දරන උත්සාහයන් විතරයි. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් යවන ප්‍රචාරත් ඒ වාගේමයි. ජාතික ජන බලවේගයත් එයට පෙර ජනතා විමුක්ති පෙරමුණත් මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ අත උස්සා තිබෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් වූ යෝජනාවලට පමණයි. විරුද්ධ වී තිබෙන්නේ ජනතාවගේ යහපතට එරෙහි වූ යෝජනාවලට පමණයි. ඒ බව මේ රටේ හෘදය සාක්‍ෂියක් තිබෙන ඕනෑම පුරවැසියෙක් දන්නවා. සැප්තැම්බර් 21 වැනිදා ඡන්දයෙන් ජනසම්මතවාදී රජයක් පිහිටුවා ගන්න පුරවැසියන් සූදානමින් සිටිනවා. ඒ වාගේම ජනසම්මතවාදී ජනාධිපතිවරයෙක් පත් කර ගන්නත් සූදානම්. මැතිවරණයෙන් පසු ඒ ජයග්‍රහණය රටේ සියලුම දෙනා සමඟ ප්‍රීතියෙන් භුක්ති විඳිනවා හැර දශමයකින් හෝ කිසිවෙකුට පීඩාවක් නොකෙරෙන බව පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, රට පුරා සිටින ක්‍රියාකාරිකයන්ගෙන් වාගේම සංවිධානවලින් පැහැදිලි කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
“නීතිඥයෝ කියන්නේ ජනතාවට සංවේදී වාගේම ඉතා හොඳ දේශපාලන ඉවක් තිබෙන පිරිසක්”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-
හෙට පැවැත්වෙන නීතිඥ සමුළුවට අපි අපේක්‍ෂා කළේ 1,500ක පමණ පිරිසක් සහභාගි කර ගන්නයි. නමුත්, දැන් ලැබෙන තොරතුරු අනුව 2,500කට වැඩි පිරිසක් සහභාගි වන බව තහවුරු වී තිබෙනවා. නීතිඥයෝ කියන්නේ ජනතාවට සංවේදී වාගේම ඉතා හොඳ දේශපාලන ඉවක් තිබෙන පිරිසක්. රජයක් පිස්සු නටනවා නම්, කළ යුත්තේ කුමක්ද යන්න නීතිඥ ප්‍රජාවට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. මෙරට ඉතිහාසයේ එක් එක් යුගවල දී රටට සහ ජනතාවට එරෙහිව රජයන් ක්‍රියා කළ අවස්ථාවල නීතිඥ ප්‍රජාව ඉදිරියට ආවා. විජේදාස ලියනාරච්චි සිද්ධිය, ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය පමණක් නොවෙයි ආර්ථික අවපාතයත් සමඟ ඇති වුණු මහජන උද්ඝෝෂණවලදී පවා ඒ බව තහවුරු කර තිබෙනවා. මේ රට මේ තැනට පත් කළ දේශපාලනඥයන්ට විරුද්ධව එකතු වන නීතීඥ බලවේගය හෙට දිනයේ දකින්න පුළුවන්. මෙම අවස්ථාවට ප්‍රධාන ශාලාව ඉඩ මඳි වුවහොත්, විකල්ප සංවිධානය කර තිබෙනවා. ඔබේ පැමිණීම කියන්නේ මේ රට වෙනස් මාවතකට ගෙන යන්න දරන උත්සාහයේ විශාලම කොටසක් වෙනවා.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්:
ප්‍රශ්නය: ජනාධිපතිවරයා පසුගිය දිනක කියා තිබුණා, සජිත් ප්‍රේමදාසට වඩා අනුර දිසානායක ඉදිරියෙන් සිටින බව. ඒ කියන්නේ, ඔබලා ආණ්ඩුවත් සමඟ කටයුතු කරන්න සූදානම් කියන එක ද?
පිළිතුරු: ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක නියෝජිතයන් ඒ ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා මිස රනිල් වික්‍රමසිංහගේ බංකොලොත්භාවයේ අවසානම තැන සිටීම පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. ඔහු ඔය උත්සාහ කරන්නේ සමාජය තුළ යම් ව්‍යාකූල මතයක් නිර්මාණය කර එහි වාසිය ලබා ගන්නයි. නමුත්, ජනතාව ඔහුට වඩා ඉදිරියෙන් සිටිනවා. මම තව උදාහරණයක් කියන්නම්. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන බවට ඔහු පසුගිය කාලයේ ප්‍රකාශයක් කරමින් සිටියා. ඒ වාගේම කොටස් වෙළෙඳපොළේ කඩාවැටීමක් තිබෙන බව සමාජගත කරමින් සිටියා. නමුත්, ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුව පැවැති අවස්ථාවට ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයන් පැමිණ සිටියා. ලංකාවේ සිටින ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයන් පැමිණ සිටියා. එම සමුළුවේදී අනුර දිසානායක සහෝදරයා පැහැදිලිව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ගෙන යන ප්‍රචාරවලට හසු වෙන්න එපා කියලා. පසු දා ඉඳලාම කොටස් වෙළෙඳපොළ ඉහළ යන්න පටන් ගත්තා. මෙයින් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහලාට ඕනෑ ඕනෑ දේ කරන්න බැරි තරමට ජනතාව විසින් ඔවුන් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.
ඒ වාගේම විශාල මඩ අවලාද කැම්පේන් එකක් දියත් කර තිබෙනවා. එය පොදුජන පෙරමුණ, යූ.එන්.පී. ය, ස.ජ.බ. කරනවාද කියලා වෙන් කර හඳුනා ගන්න බැහැ. තුන්ගොල්ලොම එකතු වී පොදු මධ්‍යස්ථානයකින් කරනවාද කියන ප්‍රශ්නය ඇති වී තිබෙනවා. මෑතක දී ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක ජාතික ආරක්‍ෂක කමිටු පිහිටුවන බවට අනුර කුමාර සහෝදරයාගේ අත්සන යොදන ලද ව්‍යාජ ලිපියක් මුදාහැර තිබුණා. මඩ ප්‍රචාර එකතු කරන මධ්‍යස්ථානයක් ලෙස සඳහන් දුරකථන අංකයක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, අරුණ ජයසේකර මහත්මයාගේ අත්සන ව්‍යාජ ලෙස නිකුත් කර තිබුණා. ඒ වාගේම අපි නිර්මාණය කළ දැන්වීමක් විකෘති කරමින්, ප්‍රචාරය කරමින් තිබෙනවා. හඳුන්නෙත්ති සහෝදරයා සම්බන්ධයෙනුත් එවැනිම මඩ ප්‍රචාර යවනවා. මෙවැනි කැත ප්‍රචාර දිගින් දිගටම යවන්නේ අපේ ජයග්‍රහණය ස්ථිර නිසයි.
පාහියන්ගල ආනන්ද සාගර කියන හාමුදුරුවෝ හරිම කැත වැඩක් කළා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යනුවෙන් හඳුන්වමින්, සිදු කළ ප්‍රකාශයකට අධිකරණය ඉදිරියේ උත්තර දෙන්න උන්වහන්සේට සිදු වෙනවා. මේ වාගේ කැත, නින්දිත, වෛරී ප්‍රචාර යවමින්, ජාතික ජන බලවේගය සම්බන්ධ ජනමතය වෙනස් කරන්නට උත්සාහ කරනවා. නමුත්, මේ වන විටත් තහවුරු වී තිබෙන්නේ ඒ කිසිවකින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කළ නොහැකි බවයි. 22 වැනිදාට පසු නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක වීම යටතේ ඔවුන්ට අධිකරණය ඉදිරියේ පෙනීසිටින්න සිදු වේවි. ජාතික ජන බලවේගයට විරුද්ධව මඩ ප්‍රචාර ගෙන යන්නේ මේ සියල්ලන්ගේ එකතුවකින් බව පැහැදිලියි.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – කිලිනොච්චිය – 2024.09.05 – සමුපකාර සංස්කෘතික ශාලාව-) දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ඔබත් විවිධ කාලවල විවිධ පක්ෂවලට ඡන්දය දී තිබෙනවා. සමහර අවස්ථාවල ඡන්දය වර්ජනය කරලත් තිබෙනවා. අපේ රටේ ජනතාව විවිධ ආණ්ඩු හදලා තිබෙනවා. ආපසු හැරිලා බලන කොට එම ආණ්ඩු අපේ රට විශාල […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – කිලිනොච්චිය – 2024.09.05 – සමුපකාර සංස්කෘතික ශාලාව-)
දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ඔබත් විවිධ කාලවල විවිධ පක්ෂවලට ඡන්දය දී තිබෙනවා. සමහර අවස්ථාවල ඡන්දය වර්ජනය කරලත් තිබෙනවා. අපේ රටේ ජනතාව විවිධ ආණ්ඩු හදලා තිබෙනවා. ආපසු හැරිලා බලන කොට එම ආණ්ඩු අපේ රට විශාල විනාශයකට ඇද දමා තිබෙනවා. ජාතිවාදය ඇති කළා. ආගම්වාදය නිර්මාණය කර රට වැට්ටුවා. ආර්ථික වශයෙන් වැට්ටුවා. ජනතාව දුප්පත් කළා. රටේ යුද්ධ ඇති කළා. අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. ඒවා ජනතාවට අවශ්‍ය දේ නොකරපු ආණ්ඩු. නමුත් ඒ ගොල්ලෝ දියුණු වුණා. පොහොසත් වුණා. අපි ඔබ හමුවීමට ආවේ ඒ පරණ විධියට ඡන්දය පාවිච්චි නොකර අලුත් විධියට ඡන්ද පාවිච්චි කරන්න කියලා ඉල්ලන්න.
ඒ විශේෂයෙන්ම අපි දන්නවා උතුර පළාතේ ජීවත් වෙලා ඉන්න තරුණ තරුණියන්ගේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා. අලුත් පරම්පරාව පැරණි දේශපාලනයෙන් මිදී තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට අපේ රටේ පහළ පංතියේ මිනිසුන්ට බලය ලබා ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ සැප්තැම්බර් 21 පැවැත්වෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන්. රජයේ කාර්යාලවල, හමුදා කඳවුරුවල, පොලිස් ස්ථානවල, තැපැල් ඡන්දය පාවිච්චි වූ අන්දම ඔබ දන්න අයගෙන් සොයලා බලන්න. ඒ හැමතැනම ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්ද පාවිච්චිය 75% – 80% පැනලා තිබෙනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය පිළිබඳ සැකයක් නැහැ. නමුත් අපිට දකුණේ ජනතාවගේ ඡන්දයෙන් විතරක් ජයග්‍රහණය කරලා ප්‍රමාණවත් නැහැ. උතුරේ ජනතාවගේ ඡන්දයද අපිට අවශ්‍යයි.
මීට කලින් රටේ හැදුණේ උතුරේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ආණ්ඩු. 2005 ඡන්දයේදී උතුරේ ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දය වර්ජනය කළා. 2010 ඡන්දයේදී ෆොන්සේකාට ඡන්දය දුන්නා. ඔබ පැරදුණා. 2019 ගේඨාභයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒත් පැරදුණා. හැබැයි මේ සැරේ මාලිමාවට ඡන්දය දෙන්න. උතුරේ දකුණේ අපි හැමෝටම එකට එකතු වෙලා දිනන්න පුළුවන්. අපි ආණ්ඩුව හදන්නේ මැති ඇමතිවරුන්ට, ජනාධිපතිවරුන්ට මහජනයාගේ ධනය නාස්ති කරමින් සුඛෝපභෝගී ජීවිත ගෙවන්න දෙන්න නොවෙයි. අපි ආණ්ඩුව හදන්නේ උතුරු නැගෙනහිර ඇතුළු රටේ ජීවත්වෙන සියලු ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්නයි. මේ කඩා වැටී තිබෙන රට දියුණු කරන්නයි. අපි ආණ්ඩුව හදපු දවසේ සිට ජනතාවගේ ජීවිත දියුණු කරන්න. රට පොහොසත් කරන්න වැඩ කරනවා. අපි දැනට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න සැලසුම් කර තිබෙනවා. සියලු ජනතාවගේ අයිතීන් තහවුරු කරන එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එහි නීතිවලින් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.
මේ ගම්වල ප්‍රශ්න විසඳීමට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපි ඉතාම ශක්තිමත් වැඩපිළිවෙළක් හදා තිබෙනවා. ගම්වල ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. පාසල්වල ගුරු පුරප්පාඩු පුරවන්න. ඒවායේ පහසුකම් වැඩි කරන්න. දරුවන්ට, මව්පියන්ට, බරක් වූ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර රටේ අධ්‍යාපනය හොඳ තැනකට ගේන්න. ඉගෙන ගත් දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. කොච්චර මහන්සි වුණත් දරුවන්ට අද හොඳ අධ්‍යාපනයක් දෙන්න අපේ මව්පියන්ට නොහැකි වී තිබෙනවා. ජාතික ජන බලවේගය හදන්නේ ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන ආණ්ඩුවක් බව අපි ඔබට සහතික වෙනවා. මේ කිලිනොච්චි ප්‍රදේශයේ විශාල ජනතාවක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්. මේ පළාත්වල ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්න නම් කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. අද අපේ රටේ කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. හොඳ බීජ ලබා ගැනීමට අපහසුයි. ඒ නිසා බීජ පර්යේෂණ ආයතන දියුණු කරලා ගොවි ජනතාවට හොඳ වර්ගයේ බීජ ලබා දෙන්න අපි වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. ඒ වගේම මේ පළාත්වල තිබෙන ඉඩම් මේ පළාත්වල ජනතාවට කෘෂිකර්මාන්තය සඳහා ලබා දිය යුතුයි. එනිසා ඊට අදාළ ඉඩම් ජනතාවට නොමැති නම් අපි ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළක් හදනවා. ඊළඟට කෘෂිකර්මාන්තය සඳහා තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ඒ සඳහා අවශ්‍ය ජලය හිඟවීම. දැන් ගොවි මහතෙකු මට ලිපියක් ලබා දුන්නා. මේ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් 126ක් ඇතුළු වැව් 400කට වඩා තිබෙනවා කියලා. අපි අවුරුද්දක් ඇතුළත මේ සියලු වැව් ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. එතකොට බීජ තිබෙනවා. ජලය තිබෙනවා. ඉඩම් තිබෙනවා. ඔබට එවිට වගා කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන පොහොර සහ අනෙකුත් යෙදවුම්වලට සහනාධාරයක් දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඔබගේ නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. එහෙම වුණාම ගොවි ජනතාවගේ ආදායම වැඩිවෙන්න පටන් ගන්නවා.
මේ පළාත්වලත් දැන් මත්ද්‍රව්‍ය, මත් කුඩු උවදුර විශාල ලෙස පැතිරෙමින් යනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ඉන්නේ දේශපාලකයනුයි. කිලිනොච්චියේ හෝ ලංකාවේ කුඩු හදන්නේ නැහැ. මේ ඔක්කොම එන්නේ පිටරටින්. දේශපාලනික ඇඟිලි ගැසීම් නැතිනම් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ උවදුර මර්දනය කළ හැකියි. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ලංකාව බේරා ගන්නවා. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන අපි රටක් හදන්න ඕනෑ. කතාකරන භාෂාව, අදහන ආගම, තම තමන්ගේ සංස්කෘතියට අනුව නීතිය එක එක විධිහට ක්‍රියාත්මක වෙන්න බැහැ. හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි ගොඩනඟනවා. අපේ දේශපාලකයෝ නීතියට යටත් නැහැ. නීතියට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා අපි දේශපාලකයාවද නීතියට යටත් වෙන රටක් හදනවා.
මේ රට මෙච්චර දුප්පත් වෙන්න දේශපාලකයන් කරන හොරකම්, නාස්තිය හේතුවෙලා තිබෙනවා. අපි හොරකමෙන්, නාස්තියෙන් තොර රටක් හදනවා. අපේ ආණ්ඩුවක මම හෝ අපේ කිසිම මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු හොරකම් නොකරන බවට ඔබට සහතික වෙනවා. ඒ විතරක් නොවෙයි, මහජනයාගේ දේපොළ හොරකම් කරපු, නාස්ති කරපු සියලු දෙනාවම අධිකරණයට ගෙන යනවා. අධිකරණය මගින් ඔවුන්ට දඬුවම් ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි, හොරකම් කරපු දේපොළත් අපි ආපසු ගන්නවා. මේ රටට මේ විනාශය ඇති වූයේ මේ හොරු නිසා. මේ අය ආණ්ඩු හදාගන්නේ මහජන ධනය සොරකම් කරන්න. නාස්ති කරන්න. එය නතර කළ යුතු නොවේද? මේ රටේ මහජන ධනය හොරකම් නොකරන ආණ්ඩුවක් අවශ්‍ය නම්, නාස්තිය නතර කරන ආණ්ඩුවක් ඕනෑ නම් ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
අපි දන්නවා පසුගිය යුද්ධය හේතුවෙන් ස්වාමියා අහිමි වූ, දරුවන් අහිමි වූ පවුල් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. ජනතාවට ජීවත් වෙන්න හරිහමන් ආදායමක් නැහැ. ඒ නිසා අපි ඉගෙන ගන්න අපහසු, ආහාර ගන්න බැරි, බෙහෙත් ටික ගන්න බැරි ජීවත් වෙන්න බැරි හැම පවුලකටම රුපියල් දසදහසක අවමයකට යටත්ව මාසික දීමනාවක් ලබා දෙන්න අපි සැලසුම් කොට තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත විදුලි බිල අඩු කරන්න සැලසුම්කොට තිබෙනවා. ඒක අපි කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සඳහා ගසා තිබෙන වැට් බදු අපි මුළුමනින්ම ඉවත් කරනවා. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනඟනවා. මේ පළාත්වල බාගෙට හදපු ගෙවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගෙවල් සම්පූර්ණ කර ගැනීම සඳහා අපි ඒ අයට ආධාර දෙන්න සූදානම් කර තිබෙනවා. එවිට ඔබට ආදායම් මාර්ගයක් තිබෙනවා. දරුවන්ට උගන්වන්න පුළුවන්. හොඳ නිරොගී සම්පන්න ජීවිතයක් හදා ගන්න පුළුවන්. හොඳ වාතාශ්‍රයක් සහිත නිවසක් හදා ගන්න පුළුවන්. ඔබට සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් සහිත රටක් අපි ගොඩනඟනවා. අපේ රට හැම පැත්තෙන්ම හොඳ පිහිටීමක් තිබෙන, පරිසරයක් තිබෙන රටක්. මෙච්චර හොඳ රටකට මේ විනාශය ගෙනාවේ මෙතෙක් රට පාලනය කළ දේශපාලකයෝ සහ ඔවුන් හදපු ආණ්ඩු විසිනුයි. ඒ නිසා අපි රටත් ජනතාවත් ජීවත් කරවන ආණ්ඩුවක් හදාගමු.
දකුණෙන් ලැබෙන ආරංචි අනුව ජාතික ජන බලවේගය ඉහළින්ම සිටින බව ඔබට තේරෙනවා ඇති. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට කිලිනොච්චියේ ජනතාව වන ඔබත් දායක වෙන්න කියලා. ඒ සඳහා මෙහි සිටින අපේ සහෝදර සහොදරියන් විශාල වෙහෙසක් දරා වැඩකරනවා. තව සති දෙකයි තිබෙන්නේ. මේ සති දෙක අපේ රටේ අනාගතය තීරණය කරනවා. පැරණි අසාර්ථක පාරෙම අපේ රට ගෙනියන්න ඉඩ දෙනවාද? නැතිනම් මේක වෙනස් කරන්න තීරණයක් ගන්නවාද? අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ පැරණි පාරෙන් මිදිලා අපෙ රට අලුත් පාරකට ගෙනියන්න, රට අලුත් පරිවර්තන යුගයකට ගෙනියන්න පෙරට එමු. ඒ සඳහා මේ 21 වැනිදා ජාතික ජන බලවේගය දිනවන්න වැඩ කරමු, ඡන්ද පෙට්ටියේ ඡන්ද පිරවීම තිබෙන්නේ ඔබ අතේ. ඒ කාර්යය ඔබ බාර ගන්න. තමන්ගෙ ගමේ අනෙක් පවුල් සමග ගතා කරන්න; ඥාතීන් හමුවන්න; යාළුවන් හමුවන්න. මේ රට වෙනස් කරන්න ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා කතා කරන්න. මෙච්චර කල් අපේ රටේ තිබුණේ රැවටීමේ දේශපාලනය. අපි කරන්නේ ඒ දේශපාලනය නොවෙයි. අපි කිසිදිනෙක අපේ පක්ෂය ජාතිවාදයට වැටෙන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කෝම එකතු වෙලා සමගි සම්පන්න රටක් හැම අතින්ම දියුණු රටක්, ලෝකය ඉදිරියේ අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගමු.