(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී මාලඹේ රැලිය -2024.08.26-) අපි මෙතනට එකතුවෙලා ඉන්නේ ඉතාම සතුටින් හා විශ්වාසයෙන්. අපි එකතු වෙලා ඉන්නේ මේ රටේ පරිවර්තන යුගයකට මුල පුරන්නයි. අපි දීර්ඝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ සමාජය වෙනස් කරන දිනයක් එනකල්. දින ගැන ගැන හිටියේ. එහෙම අපේක්ෂා සහගතව දින ගැන ගැන හිටපු ජනතාවට වළක්වන්න හදපු සියලු උත්සාහයන් […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී මාලඹේ රැලිය -2024.08.26-)
අපි මෙතනට එකතුවෙලා ඉන්නේ ඉතාම සතුටින් හා විශ්වාසයෙන්. අපි එකතු වෙලා ඉන්නේ මේ රටේ පරිවර්තන යුගයකට මුල පුරන්නයි. අපි දීර්ඝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ සමාජය වෙනස් කරන දිනයක් එනකල්. දින ගැන ගැන හිටියේ. එහෙම අපේක්ෂා සහගතව දින ගැන ගැන හිටපු ජනතාවට වළක්වන්න හදපු සියලු උත්සාහයන් පරාජය කරලා අද ඒ දිනය උදාවෙලා තිබෙනවා. ඒ දිනය තමයි සැප්තැම්බර් 21. අපේ රට වෙනස් කරන දිනය අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පටන් ගන්නා දිනය. ජනතාවගේ සැබෑ පාලනයක් ගොඩනඟන දිනය. අන්න එදාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවලා ජනතාවගේ ආණ්ඩුවක් හදන්න තමයි අපි කවුරුත් ඇවිල්ලා ඉන්නේ. අපි රට පුරා යනකොට ඒ පිළිබඳව ජනතාවගේ තිබෙන උද්‍යෝගය දකින විට අපිට ඒ ගැන කිසිම සකයක් නැහැ. සැප්තැම්බර් 22 දිනට මාලිමාවේ පාලනයක් බිහිවෙන බව ඉර හඳ වගේ ව්ශ්වාසයි.
පසුගිය 15වැනිදා නාම යෝජනා බාරදීලා 17 වැනිදා අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා, තංගල්ලෙන්. ඒ වගේම දකුණේ නගර තුනක. එක වරම තංගල්ල, මාතර, ගාල්ල. ඒ නගර තුනයි. ලංකාවේ මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් එවැනි දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරල නැහැ. ධාරාණිපාත වැස්ස මැද අති විශාල ජනතාවගේ සහභාගිත්වය තිබුණා, ඔබ දකින්න ඇති. අද (26) උදේ අපි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. ඒකෙ අපි රට හදන්නේ කොහොමද කියලා කතා කරලා තිබෙනවා. ඔබට ඒක දැක බලා ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ අපේ ජයග්‍රහණයේ අභියසයි. මේ මැතිවරණය නියත ලෙස අපි ජයග්‍රහණය කරනවා. අපේ රටේ කාට හරි දේශපාලනය ඉගෙන ගන්න අවශ්‍ය නම් පසුගිය මාස දෙක තුළ සිදුවූ සිදුවීම් ටිකම ඇති. දැන් අපේ රටේ පක්ෂ වෙනස්කම් සහිතව, මාලිමාව හැර වෙනත් පක්ෂයක් ඔබට සොයා ගන්න පුළුවන්ද? කවුරු කොහේ ඉන්නවාද කියලා. කාටවත් හිතාගන්න බැහැ. අද එක තැනක. හෙට තවත් තැනක. නැවත කලින් හිටපු තැනට.
දැන් මේ ඡන්දය එන කොට ශ්‍රීලනිපය ඡන්ද ඉල්ලන්නේ නැහැ. ආගිය අතක් නැහැ. මෛත්‍රීපාල මහත්තයා දෙලොවක් අතර අතරමං වෙලා. පොහොට්ටුවට වෙන්න ඕනෙ ඔක්කොම දේවල් වෙලා ඉවරයි. 69 ලක්ෂයක ඡන්ද අරගෙන තුනෙන් දෙකක බලයක් අරගෙන විරාජමාන වූ පොදු ජන පෙරමුණ, රටට කරපු අපරාධ නිසාම දැන් වැලලී ගිහිල්ලා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු අනූ ගණනක් රනිල් ගාවට ගියා. දහයක් පහළොවක් සජිත් ගාවට ගියා. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා හැලිලා නැට්ට විතරයි තිබෙන්නේ. නැට්ටෙ තමයි නාමල් එල්ලිලා ඉන්නේ. ප්‍රධාන කණ්ඩායමෙන් ඔහු සමග දැන් ඉන්නේ ජොන්ස්ටන් පමණයි. කවුද මුහුණු පොතේ දාලා තිබුණා, නාමල් රාජපක්ෂට දැන් තරගය තියෙන්නේ සීලරතන හිමියන් එක්ක කියලා.
අද එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. පළු දෙකකින් ඡන්දය ඉල්ලනවා. එජාප නායක රනිල් අද එක පැත්කින් ඡන්දය ඉල්ලනනවා. හිටපු නියෝජ්‍ය නායක සජිත් අනෙක් පැත්තෙන් ඡන්දය ඉල්ලනවා. ඔය හොරු ටික දෙකට බෙදිලා. ප්‍රතිපත්තියක් නැහැ. දිනන්න නම් කොහොමත් බැහැ. රනිල් වික්‍රමසිංහ ඇප බේරාගත්තොත් ඇති. මේ මැතිවරණයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් ගාවට ගියාට ඒකෙ පාක්ෂිකයෝ අද එකතු වෙලා ඉන්නේ මාලිමාවත් එක්ක. ඒ නිසා හොරු රනිල්ට. ජනතාව මාලිමාවට. හොරු සජිත්ට. ජනතාව මාලිමාවට. සජිත්ගේ පක්ෂය දැන් පුදුමාකාර පක්ෂයක්. එතන පොහොට්ටුවෙ සභාපති ජී.එල්. පීරිස් ඉන්නවා. ඩලස් ඉන්නවා. ඩලස් තමයි පසුගිය කාලෙ කිවුවෙ සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි සොරකම් කළා කියලා. එහෙම කියපු ඩලස් දැන් සජිත් ගාව. විල්පත්තු කැලේ කපපු රිෂාඩ් බදියුද්දීන් සජිත් ළඟ. ඒ කැලේ කපපු එකට විරුද්ධව කෑගහපු චම්පික් දැන් එතන. ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ බුකි කාරයෙක් වුණු තිලංග සුමතිපාල කියලා චෝදනා කරපු අර්ජුන රණතුංගයි, තිලංගයි දෙන්නම එකට දැන් සජිත් ළඟ. මේක නම් පුදුම පක්ෂයක්. ඒ පක්ෂයෙන් ඉවත්වූ තලතා අතුකෝරාළ රනිල්ට බනිනවා. රනිල් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා පක්ෂය කඩාගත්තා කියලා. සජිත්ට මහා අපරිණත දුර්වල නායකයෙක් කියලා කිවුවා. එහෙම කියලා මේ දෙන්නා එකතු වුණේ නැතිනම් මාලිමාවේ ආණ්ඩුවක් මේ මැතිවරණයේදි එනවා කියලා කියනවා. ඒගොල්ලෝ ඉවරයි කියනවා. ඒ නිසා මාලිමාවේ ආණ්ඩුවක් එනවා කියලා පාර්ලිමේන්තුව ඇතුලේ කිවුවට තලතා ඔයාට ස්තූතියි.
තවමත් සජිත් ප්‍රෙමදාස මහත්තයට ඡන්දය දෙන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් අපේ එයාගෙන් අහනවා ඔය වටකරන් ඉන්න කට්ටිය එක්ක මේ රට හදන්න පුළුවන්ද කියලා. මහජන ධනය හොරා කාපු හැම අගුපිලකම රස්තියාදු ගහපු ඔය කට්ටියත් එක්ක හොරු අල්ලන්න පුළුවන්ද? අපේ රටේ ජනතාවගේ විශාලම විරෝධය තියෙන්නේ මේ මහජන දේපොළ හොරා කාපු හොරුන්ට විරුද්ධවනෙ. රනිල්ටයි සජිත්ටයි හොරු අල්ලන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි තමන්ගේ වේදිකාවේ මැද ඉඳන් අත්දෙක දෙපැත්තට දික්කරන එක. ටක් ගාලා හොරු අල්ල ගන්න පුළුවන්. මේ තත්වය ඇතුලේ අද මාලිමාවට අභියෝග කරන්න පුළුවන් පක්ෂයක් මේ ජනාධිපති තරගය ඇතුලේ නැහැ. අපි මහා රැස්වීම් රාශියක් රට පුරා කරෙගන යන ගමන් කුඩා කුඩා ජන හමු විශාල ප්‍රමාණයක් ගම්මට්ටමෙන්ද කරගෙන යනවා. දැන් සමගි ජන බලවේගය ගමේ රැස්වීම් තියන්න එනවාද නැහැ. රනිල් නම් එන්නෙම නැහැ. එජාපයක් දැන් ඇත්තේත් නැහැ. රනිල් ඡන්දය ඉල්ලන්නෙ ස්වාධීනව. සමගි ජන බලවේගය ගමේ රැස්වීම් තියන්න එන්නේ නැහැ. මොකද සෙනග හොයා ගන්න බැහැ. ආසන රැස්වීමක් කරගන්නත් බැහැ. සෙනග නැහැ. ඉතිං මොනවද කරන්නේ. රට පුරාම ගිහිල්ලා සෙනග එකතු කරනවා. එහෙම කරලා සෙනග ටිකක් ඇදලා ඒ ගොල්ලන්ගේ නාලිකාවක් දෙකක් තියෙනවා ඒවායෙන් රටට පෙන්නනවා.
අපි දැන් එකවිට එකම දිස්ත්‍රික්කය ඇතුලේ නගර දෙක තුනක රැස්වීම් දෙක තුනක් තියනවා. අපි පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 4ක පිට පිටම අනුර සහෝදරයා සහභාගි වන රැස්වීම් 4ක් හතරක් කළා. සජිත්ලාට මේවා හිතන්නවත් බැහැ. ඒ නිසා ජනමාධ්‍යවලින් පුම්බලා පෙන්වන මැජික් වැඩ ඇරෙන්න මහ පොළොවේ බලය ඒ ගොල්ලන්ට නැහැ. දැන් ඒ ගොල්ලෝ මහ පොළොවෙන් ප්‍රතික්ෂේප වෙලා. සැප්තැම්බර් 21 වැනිදාට ඒ ගොල්ලෝ ඔක්කෝම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. අනිවාර්යයෙන්ම අපේ අනුර සහෝදරයා ජනාධිපති වෙනවා. ඒක කිසිවෙකුටත් වළක්වන්න බැහැ.
“වැඳුම් පිදුම් ලැබූ පුහු වීරයන්ගේ භූමිකාව තව දින කිහිපයකින් අතුගෑවී යාවි”
-ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික අසිත නිරෝෂණ-
ඉදිරියේ උදාවන ඒ ඓතිහාසික යුගයේ මේ මාලඹේ රැලියත් ඓතිහාසික සටහනක් තියෙනවා නියතයි. පැරණි සමාජයට ආයුබෝවන් කියන්න තව තිබෙන්නේ දින කිහිපයයි. අපි ඔබ සියලු දෙනා බලයේ ඉන්නේ ඒ දින කිහිපයෙන් පසු නව සමාජයක ආරම්භය ගන්නයි. ඔබ සියලු දෙනාම ඒ ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට දායක වන ශ්‍රේෂ්ඨ මිනිස්සු. අපට ජයග්‍රහණය පිළිබඳව තිබෙන්නේ ඉතාම සුබවාදී බලාපොාරොත්තුවක්. අපිත් සමග ඒ නව ගමන ආරම්භ කරන්න අත්වැල් බැඳන් ඉන්න, ඊට නායකත්වය දෙන මිනිස්සු කවුද කියලා ඔබට මේ වේදිකාවේදී පෙනෙනවා. මේ සියලු දෙනා මේ වැඩයට එකතුවෙලා ඉන්නේ ස්වේච්ඡාවෙන්. මේ අපේ වේදිකාව විවිධ වර්ණවලින් විවිධ හැකියාවලින් යුක්ත මිනිස්සු තමයි පිරිලා ඉන්නේ. ඒ තමන්ගේ යුග මෙහෙවර කිරීම සඳහායි.
අපි ගිය සතියේ කඩුවෙල පළාත් පාලන කොට්ඨාස 28කම ජනතාව මුණ ගැහෙමින් විශාල කැන්වසින් ව්‍යාපාරයක් දියත් කළා. මෙතෙක් කඩුවෙල ඉතිහාසයේ එවැනි දැවැන්ත කැන්වසින් ව්‍යාපාරයක් වෙන කිසිවෙකු කර නැහැ. විවිධ ක්ෂේත්‍රවල වැඩකරපු, වැඩ කරන හැම එක ගමකින් 100ට වැඩි පිරිසක් එකතු කරගෙන එම කොට්ඨාස 28ට දහස් ගණනක් මිනිස්සු එකතු කරගෙන අපි ජනතාව දැනුවත් කරමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළා. ඔයගොල්ලෝ බෙදන ඒව ඔක්කොම බෙදලා සල්ලි, අරක්කු, කෑම ඔක්කෝම දීලා පුළුවන්නම් මෙතරම් විශාල රැලියක් කරන්න කියලා අපි සජිත්ටයි, රනිල්ටයි ඒ ඒ ගොල්ලන්ගේ ගෝලබාලයන්ටයි අභියෝග කරනවා. ඒ විතරක් නොවෙයි මේ කඩුවෙල ග්‍රාම සේවක වසම් 57 තුළ එකකවත් ඒ ගොල්ලන්ට කැන්වසින් යන්න පිරිසක් හොයා ගන්න බැහැ. අද ඒ අයට ඇඩ්‍රස් නැහැ. කුජීත වෙලා ඉවරයි. කැන්වසින් යන්න කථාකරන පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ට මිනිස්සු ශුද්ධ සිංහලෙන්ම ආමන්ත්‍රණය කරන්නට පටන් අරන්. රනිල්ගෙ අයටත් එහෙමයි. සජිත්ගෙ අයටත් එහෙමයි. අද ඔවුන් අන්ත අසරණ වෙලා. මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා.
අලුත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රට අලුත් යුගයකට පෙළඹෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් අලුත් මිනිසුන්ගෙන් පිරෙනවා. අලුත් රටක් උදා වෙනවා. මිනිස්සුන්ට නිදහස අවශ්‍ය වූ විට කරන්න බැරි වැඩ ඔවුන් ඉදිරියේ නැහැ. ඒ අවස්ථාවේදී හිතන්න බැරි තරම් ජවයක් ඒ මිනිස්සු තුළ ගොඩනැගනෙවා. අන්න ඒ තත්වය ලාංකේය සමාජය තුළ දැන් ගොඩනැගී තිබෙනවා. අපි අහලා තිබෙනවා ඉතිහාසයේ කිසිදා වැදගත් සිදුවීමක් සිදුවී නැති දශක දෙක තුන. හැබැයි ඉතිහාසයේ සමහර දින තිබෙනවා දශකයක දෙකක සිදුවීම් එක දිනකදී සිදුවන. අපේ රටේ ඉදිරි දින 26 එසේමයි. ඒ ටික දින තුළ ඉතිහාසයේ නොවූ විරූ පෙරළි සිදුවීමට නියමිතයි. වීරයන් බිහිවේවි. අලුතින් හිතන අලුත් මිනිසුන් බිහිවේවි. ඒ වගේම මෙතෙක් කල් ඉතිහාසය ඇතුලේ වැඳුම් පිදුම් ලැබූ පුහු වීරයන්ගේ නායකයන්ගේ බොරුකාර භූමිකාව ඒ දින කිහිපය තුළ අතුගෑවී යනවා. ඒ නව යුගය වෙනුවෙන් අපේක්ෂා දල්වා ගමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු.
ලබන සැප්තැම් 21 වෙනිදායින් පසු අපේ රටේ 9 වැනි ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා දිවුරුම් දෙනවා, නියතයි. ඉන්පසු මේ ජරාජීර්ණ වූ පාර්ලිමේන්තුව වහාම විසුරුවා දමා නව පාර්ලිමේන්තුවක් රටට ආදරය කරන රට ගොඩනඟන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන එක ස්ථිරයි. ඒ මොහොත වෙනුවෙන් අපි වැඩ කරමු.
(-Colombo, August 26, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) ‘The Taprobane Entertainment’ හි පැවති කොළඹ “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” බිහි කරන නව පුනරුද මාවතකට රට ගෙන යන 2024 ජනාධිපතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ඒකරාශී විය.
(-Colombo, August 26, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) ‘The Taprobane Entertainment’ හි පැවති කොළඹ “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” බිහි කරන නව පුනරුද මාවතකට රට ගෙන යන 2024 ජනාධිපතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ඒකරාශී විය.
( ජාතික ජන බලවේගයේ කාන්තා රැලිය – 2024.08.25 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ) අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ අපි බලාපොරොත්තු වන දේශපාලන පරිවර්තනය සිදුවෙන බවට අපි කාටත් සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කණ්ඩායම්වලට මේ පරිවර්තනය අවශ්‍යයි අවශ්‍යයි. මහලු, වැඩිහිටි, තරුණයන්ටත් මේ දේශපාලන පරිවර්තන අවශ්‍යයි. සෑම ක්ෂේත්‍රයකම ජනතාවට මෙම පරිවර්තනය අවශ්‍යයි. […]
( ජාතික ජන බලවේගයේ කාන්තා රැලිය – 2024.08.25 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය )
අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ අපි බලාපොරොත්තු වන දේශපාලන පරිවර්තනය සිදුවෙන බවට අපි කාටත් සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කණ්ඩායම්වලට මේ පරිවර්තනය අවශ්‍යයි අවශ්‍යයි. මහලු, වැඩිහිටි, තරුණයන්ටත් මේ දේශපාලන පරිවර්තන අවශ්‍යයි. සෑම ක්ෂේත්‍රයකම ජනතාවට මෙම පරිවර්තනය අවශ්‍යයි. මේ හැමදෙනාටමත් වඩා ඔබට මේ පරිවර්තනය අවශ්‍යයි කියලා අපි දන්නවා. අද මේ අර්බුදයේ ප්‍රධානතම වින්දිතයන් බවට පත්වෙලා ඉන්නේ අපේ රටේ කාන්තාවන්. ඔබ හඬ නඟා කෑගහලා නොකිවුවාට අපි දන්නවා ඈත ගම්වල අම්මලා, අක්කලා, නංගිලාගේ සිට මේ රටේ නගරබදව ජීවත් වෙන සහෝදරිය දක්වා මේ හැමදෙනාම කියා ගන්න බැරි දරාගන්න බැරි වේදනාවකින් සහ පීඩාවකින් පෙළෙන බව අපි දන්නවා. විටෙක ඔබේ වේදනාව ඔබ දරාගෙන ඉන්න ඇති. විටෙක පිටකරන්න ඇති. විටෙක කඳුළුවලින් පිට කරන්න ඇති. කොපමණ වාරයක්ද? කෑ නොගහපු කටක්, කඳුළු පිට නොකළ ඇස් දෙකක්, වේදනාවෙන් බර නොවූ පපුවක් මෙතන කොතනක හරි පුටුවක වාඩිවෙලා ඉන්නවාද? අපේ රටේ මේ සමස්ත ඛේදවාචකයේ ප්‍රධානම වින්දිතනයන් අපේ රටේ කාන්තාවෝ.
අපේ රටේ උතුරේත්, දකුණේත් හටගත් යුද්ධවලින් විශාල යුද වැන්දඹුවන් ප්‍රමාණයක් නිර්මාණය වුණා. දරුවෝ අහිමි වූ අම්මලා උතුරේත්, දකුණේත් කොපමණ ඉන්නවාද? අදත් විවිධ සමාජ අවලාදයන්ට අපහාසයන්ට මුහුණ දෙමින් තමන්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා ඔවුන් කොපමණ වෙහෙසක් දරනවාද? අපේ රටේ සාමාන්‍ය අපරාධ වැඩිවීමේ වැඩිම ගොදුර බවට පත්වී තිබෙන්නේ කවුද? අපේ රටේ විවාහක කාන්තාවන්ගෙන් 20%ට වැඩි ප්‍රමාණයක් එනම් 1/5ත් ගෙදරදී ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට පාත්‍ර වෙනවා. එක්කෝ ආර්ථික කඩා වැටීම හේතුකොටගෙන නැතිනම් සමාජයේ වෙන කැළඹිල්ලක් හේතු කොටගෙන, නිරන්තරයෙන් ඇය ගෙදරදී පහරදීමට, කොන්වීමට, පීඩාවට පත්වෙලා නැද්ද? ගෘහය කියන්නේ හැමදෙනාටම සතුට ගෙනත් දෙන තැනක් වෙන්න ඕනෑ. නමුත් අද එය ගෙදර ඉන්න කාන්තාවට වේදනාව ගෙනදෙන තැනක් බවට පත්වෙලා තිබෙනවා. සමාජයේදී කොතරම් ගැහැටවලට මුහුණ දෙනවාද? ඒ ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙලා. 2021 වන විට ආසන්න වශයෙන් 200ට ආසන්න ප්‍රමාණයක් සියදිවි නසා ගන්නවා. ඔබගේ ජීවිතයේ වැඩි කාලයක් ඔබ වැය කරන්නේ ඔබගේ දරුවන් වෙනුවෙන්. නමුත් අද දරුවන්ට අත්පත් වී ඇති ඉරණම කුමක්ද? ළමා අපචාරවල ගොදුරු බවට පත්වලා. මත් ද්‍රව්‍යවල ගොදරු බවට පත්වෙලා. මහත් බලාපොරොත්තු තබාගෙන හදපු තම දරුවා තමන්ගේ ඇස්පනා පිටම විනාශ වෙනවා බලන් ඉන්න සිදුවෙලා. ඔබගෙ පපුව ඇතුලේ කොච්චර ගින්නක් පත්තු වෙනවාද? මට ඊයේ රත්නපුරේදි හමුවුණා ඒ වගේ අම්මා කෙනෙක්. තමන්ගේ දරුවා රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වෙලා. වාස් ගුණවර්ධනත් එක්ක නඩු කියපු විදිය ඇය මට කිවුවා. ඇය තම දරුවාට සාධාරණය ඉටුකර ගන්න දිගටම සටන් කළා. නමුත් ඇයට අවසානයේ ඉතිරි වුණේ කඳුළු පමණයි. අපේ සමස්ත දරු පරපුරම මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්වෙන්න ඉඩදීලා අපි ඔහේ පාඩුවේ බලාගෙන සිටිය යුතුද?
අපි ඉදිරිපිට පාරවල් දෙකක් තියෙනවා. එක්කෝ මේ වේදනාව, මේ ඛේදවාචකය, ඉවසා දරා ගනිමින් අවසානය කරා යන්න පුළුවන්. නැතිනම් එක වතාවක් හෝ අපි පොරබදන්න ඕන නැද්ද අපේ ජීවිතය සොයා ගන්න. සැප්තැම්බර් 21 කියන්නේ ඔබ ඔබගේ ජීවිතය වෙනුවෙන් පොර බදින අවස්ථාව. ඒ වෙනුවෙන් අන් හැම දෙනාටමත් වඩා විශාල කාර්යභාරයක් විශාල වගකීමක් ඔබට තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි උද්ඝෝෂණය කරලා තිබෙනවා. රැස්වීම් කරලා තිබෙනවා. විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරලා තිබෙනවා. පසුගිය මාර්තු මාසෙ 30 වැනිදා අපි පටන් ගත්තා කාන්තාවන්ගේ නැගිසිටීම සඳහා කාන්තාවන් ඒකරාශී ගන්න. මාතරින් පටන් ගත්තු ඒ ව්‍යායාමය මහා සුනාමියක් වගේ රට පුරා පැතිනේන පටන් ගත්තා. එය කොච්චරද කියනවා නම් සතුරා අපට බය වුණානේ. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ පරාජය ඔවුන්ගෙ නළලෙ කෙටුවෙත් මේ කාන්තා නැගිටීම කියලා අපි විශ්වාස කරනවා. තව කෙටි කාලයයි තිබෙන්නේ. පියවරෙන් පියවර ආරම්භ කළ ගමන අතරමග නතර කරන්නේ නැතිව අඩාල වෙන්න දෙන්නේ නැතිව, විජයග්‍රහණයකින් කෙළවර කරන්න අපි හැමදෙනාම එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා.
ඔබට අපිට තිබෙන්නේ එක අරමුණක්. අපි නොදුටුව, නොදැකපු අය වෙන්න පුළුවන්. ඈත දුරපළාත්වල අය වෙන්න පුවළුන්. විවිධ වෘත්තීන්වල යෙදෙන අය වෙන්න පුළුවන්. හැබැයි අපි හැමදෙනාම එකම අරමුණකට ගැට ගහලා තිබෙනවා. ඒක තමයි මුළු රටම එක මිටට අපි එකතු වෙලා ඉන්නේ මොකටද? පොදු ජනතාවගේ ජීවිතයත් අපේ අම්මා තාත්තා දූ දරුවන්ගේ ජීවිතයත් මීට වඩා උසස් තැනකට ඔසවා තබන්න. සැප්තැම්බර් 21 යනු මේ වැඩයේ අවසානය නොවෙයි. මේ වැඩය පටන් ගන්නා දිනයයි. අපි ඉතාමත් සැලසුම් සහගතව, පියවරෙන් පියවර මේ රටේ ජනතාව වැටී තිබෙන මේ දුක්ඛිත තත්වයෙන්, මේ ඛේදවාචකයෙන්, රටක් හැටියට වැටිලා තිබෙන මේ අඳුරු අගාධයෙන් ඔබ මුදා ගැනීමේ වගකීම අපි භාර ගන්න සූදානම්. අපිට ගොඩක් වැඩ කරන්න තිබෙනවා. හැබැයි ඊට කලින් අපට හමුවන්නේ උරුලෑවා ගිය පාර. හැම තැනම පහුරු ගාලා, දකින දකින තැන වසුරු හෙළලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ වසුරු අඟේ ගාගන්නේ නැතිව ආරම්භයේ සිටම පියවරෙන් පියවර මේක ශුද්ධ කරනවා.
ඕනෑම සමාජයක් පවතින්නේ නීති මතම නොවයි. හැබැයි නීති කඩා වැටුණොත් සියල්ලම නැතිව යනවා. නීති, ඇදහිලි, විශ්වාසයන් මත තමයි අදාළ මොහොතේ සමාජයක් පවතින්නේ. නීති එහි විශාල වැඩකොටසක් කරනවා. රීති ඒ කාර්යයට අනුබල දෙනවා. රටක් පවතින්නේ සම්ප්‍රදායන් ප්‍රමුඛ කොටගෙන නෙවෙයි. නීතිය අසාර්ථක නම් අන් සියල්ල අසාර්ථක වෙනවා. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගයේ අපි නිර්මාණය කරනවා. අපේ රටේ මානව සම්පත්, විදෙස් සබඳතා මේ සියල්ල සැලකිල්ලට ගෙන පියවරෙන් පියවර අපේ රට පොහොසත් රටක් බවට පත්කිරීමේ සැලසුම් අපි සතුව තිබෙනවා. හැබැයි එක රැයින් ඒක නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සඳහා පියවරෙන් පියවර යා යුතුයි. පියවරෙන් පියවර අපි ඔබේ ආර්ථික ජීවිතය පොහොසත් කරනවා. ආර්ථිකය ගොඩ නගලා ඒකෙ ප්‍රතිලාභ ජනතාවට ගලා යන තෙක් ආරම්භයේදීම අපි ඔබට ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය සඳහා දීමනාවක් ලබා දෙනවා. ආහාර, ඖෂධ මත පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරනවා. තෙල්, ගෑස්, විදුලිය සඳහාද කෙටි කලක් ඇතුළත ඔබට සහන ලබාදෙන වැඩපිළිවෙළක් හදා තිබෙනවා. රැකියාවලට නොයන කාන්තාවන්ට සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා ස්වයං රැකියාවක යෙදීමේ අවස්ථා අපි නිර්මාණය කර දෙනවා. හතර පස් දෙනෙක්, දහයක් පහළොවක් විස්සක් දක්වා එකතු වී ඔබට එවැනි සුළු ව්‍යාපාරයක් පටන් ගන්න පුවළුන්. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ප්‍රමුඛ අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ කෙටි කාලයකින්ම අපි පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රථම පියවර ගැනීමට ලබන සැප්තැම්බර් 21 දින උදෙන්ම ඡන්දපොළට ගොස් මාලිමාව ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඉහළින්ම ඔසවා තබන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.
“ආදර්ශමත් නායකයෙක් ලෙස හදවතින්ම පෙන්වා දිය හැකි නායකයෙක් අපිට අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
මේ එකතුවෙලා ඉන්නේ ලාංකේය ඉතිහාසයේ ශක්තිමත්ව ප්‍රගතිශීලීම කාන්තා බලවේගයයි. දැවැන්තම කාන්තා බලවේගයයි. අපි මෙතනට එකතු වෙලා ඉන්නේ එක අධිෂ්ඨානයක් වෙනුවෙන්. ලබන 21දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මේ රටේ 52%ක් වන ගැහැනුන්ගේ තෝරා ගැනීම, මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඒ වෙනුවෙන් අපි කැපවෙනවා. දේශපාලන භූමිය කාන්තා අපිට තහනම් කරලා වගේ තිබුණේ. නමුත් අපි මේ භූමිය අත්පත් කර ගැනීමට ජාතික ජන බලවේගයේ කාන්තාවෝ හැටියට අපි කොච්චර වෙහෙසක් දැරුවාද? ඒකෙ ප්‍රතිඵල තමයි මේ අපි දකින්නේ. ඒක ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයි අද ලාංකේය දේශපාලන භූමිය තුළ දැවැන්තම ශක්තිමත්ම එඩිතරම කාන්තා බලවේගය අපේ කාන්තා බලවේගය පමණයි. අද මේ දිහා බලා ඉන්නේ මෙතන ඉන්න දහස් සංඛ්‍යාත සහෝදරියන් පමණක් නොවෙයි. රට පුරාම අය අප දෙස බලාගෙන ඉන්නවා. ලොව පුරා සිට අප දෙස බලාගෙන ඉන්නවා. සියලු සහෝදරියන් වගේම සහෝදරයන්ගෙත් ශක්තිය අපට ලැබෙනවා.
අපි සියලු දෙනාගේම සාමූහික ශක්තියෙන් තමයි අපි මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ. මේක අපේ රට වෙනස් කරන ජනාධිපතිවරණය. මේ දේශපාලනයේ අපි නියැලෙන්නේ රටේ සහ අනාගත පරපුරරේ සුඛිත මුදිතභාවය වෙනුවෙන්. අපට ඕනෑ සෑම දෙනෙකුටම තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් සපුරා ගන්න පුළුවන් පොහොසත් රටක්. අපට ඕනෑ ගැහැනුන්ට ඇහුම්කන් දෙන නායකත්වයක්. ඇයට ගරු කරන නායකත්වයක් . අපිට අවශ්‍යයි අපේ දරුවන්ට බය නැතිව ඇඟිල්ල දිගුකර පෙන්නන්න මෙන්න නියම නායකයෙක් කියන කෙනෙක්. ආදර්ශවත් නායකයෙක් කියලා හදවතින්ම පෙන්නා දෙන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි. දරුවන්ට හොඳ නරක කියලා දෙන්න නම් ඒවගේ දරුවන්ට පෙන්නන්න පුළුවන් නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්නවදෙනෙක් ඉන්නවා. ඉන් කීදෙනක්ට කියන්න පුළුවන්ද මෙන්න නියම ආදර්ශවත් නායකයෙක් කියලා. එහෙම පුළුවන් එකම එක්කෙනා තමයි අපේ අනුර සහෝදරයා. මාලිමාවේ අපිට සැලැස්මක් තිබෙනවා. අපි ඡන්දයක් කිට්ටුවෙද්දී බොරු කියලා මිනිස්සු රවට්ටන ව්‍යාපාරයක් නොවෙයි. දරාගන්න බැරි ජීවන වියදම අඩු කරන්න, දරා ගන්න බැරි බෙහෙත් මිල තෙල් ගෑස් මිල අඩුකරන්න, බදු බර අඩුකරන්න, දරා ගන්න බැරි අපේ දරුවන්ගේ අධ්‍යාපන වියදම අඩුකරන්න අපිට සැලැස්මක් තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවලා තිබෙන බදු අපේ ආණ්ඩුවක් යටතේ ඉවත් කරනවා. දේශපාලන මැදිහත් වීම්වලින් තොර සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් අපි දියත් කරනවා. අපේ ජීවිත සුරකින, දරුවන්ගේ ජීවිත සුරකින නීති පද්ධතියක් සහ ඒ නීති ක්‍රියාත්මක කරන ශක්තිමත් ආයතන පද්ධතියක් අපි ගොඩනඟනවා. අපි හදන්නේ ජනතා කේන්ද්‍රීය ආණ්ඩුවක්. ජනතාව හවුල්කර ගත්ත ආණ්ඩුවක්. සියලු පුරවැසියන් සතුටින් සිටින රටක් අපිට අවශ්‍යයි. එහි පළමු පියවර තමයි මේ රට නිවැරදි දිසාවට දේශපාලනිකව පරිවර්තනය කරන එක. මේ ජරා දූෂිත, දේශපාලනය වෙනස් කොට මේ රට සුබ දිසාවට හරවන දේශපාලන පරිවර්තනයකට ආරම්භක පියවර තැබීම සඳහා අපි සියලු දෙනාම එක්වී විශාල බලයකින් සැප්තැම්බර් 21 වැනැදාට අනුර සහෝදරයා ජනාධිපතිවරයා කිරීම සඳහා මාලිමාව ඉදිරියෙන් කතිරය ගසා අපේ යුග වගකීම ඉටුකරමු.
“කාන්තාවන්ට සුරක්ෂිතව ජීවත් විය හැකි රටක් මාලිමාවේ ආණ්ඩුවක් තුළ ගොඩනැගෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය වසන්තා සුබසිංහ-
එළැඹෙන සැප්තැම්බර් 21 දිනය මුළු රටටම සුවිශේෂී දිනයක්. මේ ලංකාවේ ජනතාව විතරක් නොවෙයි මුළු ලෝකයේම ශ්‍රී ලාංකිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින දිනයක්. මේ රටේ කාන්තාවෝ සැප්තැම්බර් 21 අපේ රටේ ඉතිහාසය රන් අකුරෙන් ලියන දිනයක් බවට පත්කරනවා නියතයි. ගැහැනු සහ පිරිමි අතර ස්වභාවික වෙනස වන ලිංග කේන්ද්‍රීය වෙනස හැර වෙන කිසිම වෙනසක් සමාජයක පවතින්න ඕන නැහැ. අපේ රටේ ගැහැනුන් මේ ලිංග භේදය මතම විශාල දුක්කරදර වින්දා. ගැහැනු අපිට දුප්පත්කම වැඩියෙන් දැනෙනවා. ගැහැනියට සුරක්ෂිතව ජීවත් විය නොහැකි සමාජයක් සංවර්ධිත සමාජයක් වෙන්නේ නැහැ. කාන්තාවන්ට කුස්සියේ, වැඩ බිමේ, කම්හලේ, ගොවිපොළේ පවා විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. දේශපාලනයේදී එය එසේමයි. අපේ රටේ ගැහැනුන්ටම විශේෂ වූ ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ පාලකයෝ අපේ සමාජය තුළ ගැහැනුන්ට සමානත්වය ලබාදීලා නැහැ.
අපේ රටේ කාන්තාවන්ට ජාතික ජන බලවේගය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට තිබෙනවා. අපේ රටේ කාන්තාවෝ හැම ක්ෂේත්‍රයකම අද වැඩකරනවා. නමුත් ඒ හැමතැනම ඔවුන් වැඩ කරන්නේ අසීමිත ප්‍රශ්න කන්දරාවක් මැද්දේ. අපේ ඒ හැම අවස්ථාවකම ධෛර්යයෙන් මුහුණදීමට සමත් ගැහැනුයි. ඒ වගේම අපේ රටේ වැඩකරන කාන්තාවෝ රටේ ජාතික ආදායමට විශාල ධනස්කන්ධයක් උපයලා දෙනවා. ආර්ථිකයට ශක්තිය ලබා දෙනවා. ඒ නිසා අපි ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කාන්තාවන් ආරක්ෂිත කිරීමටත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමටත් සැලසුම් හදලා ඉවරයි. අපේ විශේෂ අවධානයට ලක්වූ කණ්ඩායමක් තමයි පිටරට වැඩකරන අපි වෙනුවෙන් විදේශ විනිමය උපයන අපේ කාන්තාවන්. මේ වන විට ලක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් අපේ කාන්තාවෝ විදේශවල වැඩකරනවා. හැබැයි ඒ සහෝදරියන් අති බහුතරයකට නිසි රැකවරණයක් නැහැ. සමහර තැන්වල වහල් සේවයේ යොදවලා වගේ වැඩ ගන්නවා. අපි ජාතික ජන බලවේගය ලෙස මේ ප්‍රශ්න හඳුනාගෙන සාකච්ඡාවට ලක්කරලා තිබෙනවා. අපේ රටේ කාන්තාවන් ශ්‍රමිකයන් විධියට පිටරට යවනවා නම්, කාටත් ඕන විදිහට නොවෙයි යවන්න ඕනෑ. ඇයට හොඳ පුහුණුවක් දීලා, හොඳ වැටුපක් ලැබෙන අන්දමට, හොඳ සේවා පහසුකම් යටතේ වැඩ කිරීමට ඉඩ ලැබෙන සේ අපේ තානාපති සේවාවන්වල මැදිහත්වීම සහ අධීක්ෂණය යටතේ එම වෘත්තිය සඳහා කාන්තාවන් යැවීමට අපේ පාලනයක් යටතේ අපි පියවර ගන්නවා.
ඇය රැකියාව කරල පිටරට ඉඳලා ලංකාවට ආවට පස්සෙත් ඇයට හොඳින් ජීවත්වෙන්න පුළුවන් මාර්ගයක් අපි හදලා දිය යුතුයි. ඒ නිසා අපේ රජයක් යටතේ ඇයට දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්න සැලසුම් කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ඔවුන්ට විධිමත් ආකාරයේ තානාපති සේවයක් අපි අපේ රටේ ජනතාවට පහසුකම් සහිත තානාපති සේවයක් බවටත් කරනවා. දැනට අපේ රටේ කාන්තාවන් රජයේ මැදිහත්වීම් මගින් සහ පෞද්ගලික ආයතනවල මැදිහත්වීම් මගින් පිටරට රැකියාවලට යනවා. මෙය අපි විධිමත් කර වඩා සුරක්ෂිතතාවක් යටතේ කාන්තාවන්ට පිටරට රැකියා සඳහා යාමට අවශ්‍ය කරන මැදිහත්වීම් අපේ අපි සිදුකරනවා. කාන්තාවන් වහල් ලිංගික සේවයේ යොදා ගන්න එක අපි නතර කරනවා. පසුගිය සමීක්ෂණවලින් පෙන්වා දෙනවා කාන්තාව විදේශ රැකියාවලට ගිය පසු බොහෝ පවුල්වල අභ්‍යන්තරය කඩා වැටිලා. දරුවෝ විශාල ලෙස අනාථභාවයට පත්වෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ පිටරට සේවයට ගිය කාන්තාවන්ගේ පවුල් සුරක්ෂිත කර රැකබලා ගැනීමේ අපි භාර ගන්නවා.
සැප්තැම්බර් 21 අනුර සහෝදරයාගේ ජයග්‍රහණයන් සමග අපේ රටේ සියලු කාන්තාවන්ට සුරක්ෂිතව ජීවත් විය හැකි, රැකියා කළ හැකි, සතුටින් ලස්සන පවුල් ජිවිතයක් ගත කළ හැකි වාතාවරණය නියත ලෙසම සලසා දීමට අපේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරනවා.
(-‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම – 2024.08.26 – මොනාක් ඉම්පීරියල්, ශ්‍රී ජයවර්ධනපුර-) අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. මේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට නම් අපි බලවේග එකතු කළ යුතුයි. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කර ගනිමින් ඒ අය […]
(-‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම – 2024.08.26 – මොනාක් ඉම්පීරියල්, ශ්‍රී ජයවර්ධනපුර-)
අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. මේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට නම් අපි බලවේග එකතු කළ යුතුයි. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කර ගනිමින් ඒ අය බලමුළු ගන්වමින් ඉදිරියට ආවා. ඒ විතරක් අපිට ප්‍රමාණවත් නැහැ. අපි ශක්තිමත් මතවාදයක්ද ජනතාව අතරට ගෙන යා යුතුයි. දීර්ඝ කාලයක් මේ රට වැටී තිබෙන අගාධය පිළිබඳව, ඊට හේතු පිළිබඳව සහ ඉන් ගොඩ යන්නේ කෙලෙසද යන්න පිළිබඳව මේ රටේ ජනතාව සමග සාකච්ඡා කළා. ඒ සියල්ල සම්පිණ්ඩනය කරලා අපේ රටට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම තමයි අපේ ඊළඟ අදියර වුණේ. ඒ අදියර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරලා තිබෙන්නේ. අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. ඊට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අප රට ගොඩනැගිය හැකි මාවතද අප සතුව තිබෙනවා. අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් 21 උදාවෙනවා.
අපේ මේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර 39ක කරුණු ගොනුකරමින් සාකච්ඡා කළා. අධ්‍යයනය කළා. බොහෝදෙනා මේ කාර්යය සඳහා තම කාලය, දැනුම නිර්ලෝභීව ලබා දුන්නා. ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම රටේ විවිධ තලවල ඉන්න ජනතාවත් සමග, ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන් සමග මේ වැඩපිළිවෙළ පිළිබඳව අපි සංවාදයක් කළා. කරුණු එකතු කළා. ඒ නිසා අපි උඩ සිට බලන ක්‍රමවේදයකට වඩා ඒ ඒ ක්ෂේත්‍රවල සිටින ජනතාවගේ අවබෝධය, අත්දැකීම් සහ ඔවුන්ගේ වුවමනාවන් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගු විය යුතුව තිබුණා. ඒ අත්දැකීම් සියල්ල පදනම් කරගෙන අද අපිට “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” කියන තේමාව මුල් කරගෙන දියුණු සහ සාර්ථක වැඩපිළිවෙළක් එළිදක්වන්න පුළුවන් වුණා.
වඩාත් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳවත් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ වැඩපිළිවෙළ පිළිබඳවත් දියුණු සහ ගැඹුරු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඉංජිනේරු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍යය ආදිය ඇතුළත් සමාජයේ සියලු ක්ෂේත්‍ර පිළිබඳව හා ඒවා ගොඩනංවන ආකාරය පිළිබඳව විධිමත් සැලසුම් මේ වැඩපිළිවෙළ තුළ අපි ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ අඩංගු වන්නේ එම සියලු ක්ෂේත්‍රවල සාරාංශයක් පමණයි. වැදගත් ක්ෂේත්‍ර සියල්ලේම එකිනෙකට අදාළ පුළුල් වැඩපිළිවෙළ අපි වෙන වෙනම ඉදිරිපත් කරනවා.
පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන, අපි ගැන අපිට වඩා කතාකළේ වෙන අය. අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, අපේ ආණ්ඩුකරණය පිළිබඳව වැඩිපුරම කථා කරන්නෙ වෙන අය. අපි ගොඩාක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය දේවල් සමග ගැටුමකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. නමුත් අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබාදී තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙළ තමයි අපේ භාවිතය. ඔවුන්ට හිමි භාවිතය තමයි, අසත්‍ය, අවලාද, විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීම. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත. මේක තමයි අපි තෝරා ගන්නා මාවත.
මෙම වැඩපිළිවෙළ තුළ ගැබ්වෙලා තිබෙන කරුණු කිහිපයක් අවධාරණය කරන්න මම කැමතියි. මේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. ඒ කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම පුරවැසියෙකු අපිට මුණ ගැසුණොත් එයාට කියන්න තිබෙනවා ඒ ක්ෂේත්‍රය පිළිබඳ ඛේදනීය කතාවක්. අපි නීතියේ විධානයේ ආධිපත්‍ය දරන කණ්ඩායම්වල උදවිය හමුවුණොත් ඔවුන් එම ආයතනවල පද්ධතිය කඩා වැටිලා තිබෙන අන්දම නීතියේ විධානයේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට තිබෙන බාධාවන් ඔවුන් අපිට පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන කණ්ඩායමක් හමුවුණොත් ඔවුන්ට ඔවුන්ගේම ඛේදජනක කථාවක් තිබෙනවා කියන්න. රටේ කර්මාන්තකරුවත් හමු වුණොත් ඔවුන්ටත් ඔවුන්ගේම ක්ෂේත්‍රයේ ඛේදවාචකයක් කියන්න තිබෙනවා. අපේ ගණකාධිකාරීවරු හමුවුණොත් ඔවුන්ට ඔවුන්ගේ ක්ෂේත්‍රයේ විගණන කටයුතු ගැන කියන්න ඛේදජනක කථාවක් තිබෙනවා. අපි සංඝයා වහන්සේලා, ආගමික පූජකතුමන්ලා හමු වුණොත් ඔවුන්ටත් ඔවුන්ගේ ක්ෂේත්‍රය ගැන කියන්න ඛේදජනක කතාවක් තිබෙනවා.
ඒ කියන්නේ අපි ඉන්නේ ක්ෂේත්‍ර එකක, දෙකක අර්බුදයක නොවෙයි. සමස්ත පද්ධතියකම පවතින්නේ අර්බුදයකයි. අපේ රට සමස්ත පද්ධතියම කඩා වැටුණු රටක්. අපි කිසිවෙකුට කවර හෝ ක්ෂේත්‍රයක සුබවාදී හැඟීමක් කවර හෝ බලාපොරොත්තුවක් අද ඉතිරිවී නැහැ. සමස්ත සමාජ දේහයම කඩා වැටිලා. එනිසා මේ පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන රාජ්‍යය යළි පුනරුදයක් කරා ගෙන යාම අපි වගකීමක් ලෙස පවරා ගන්නවා. කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලින් පමණක් මේක ගොඩදාන්න බැහැ. කොච්චර නම් කුඩා කුඩා ප්‍රතිසංස්කරණ කරලා තිබෙනවාද? මේ අර්බුදයෙන් ගොඩයන්න. ඒත් ඒවායින් සිද්ධවෙලා තිබෙන්නේ මේ අර්බුදය නැවත නැවතත් ප්‍රතිපෝෂණය වෙන එකයි. මේ සමස්ත පද්ධතියම වෙනස්කොට ගොඩනැගීම තමයි ජාතික ජන බලවේගය බාර අරගෙන තිබෙන්නේ. මුල සිට ලස්සන වියමනක් කරන්න අපට සිදු වී තිබෙනවා. අපි අපේ වැඩපිළිවෙළ මේ අර්බුදය පියවරෙන් පියවර විසඳීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දමා තිබෙනවා. මේ නූල්බෝලයක් වගේ පැටලී තිබෙන අර්බුදයෙන් පියවරෙන් පියවර මිදිලා “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” අපේ පුරවැසියන්ට ලබාදීම තමයි අපේ වැඩපිළිවෙළ් ප්‍රමුඛතම කාර්යය වෙලා තිබෙන්නේ.
පළමු කොටම මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමානයි කියන මූලධර්මයට අපි යළි පණ දිය යුතුයි. පවතින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කර, යළි අපේ රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාසය ගොඩනැගිය යුතුයි. මහා පරිමාණ මිනිස් සංහාරයක් කරලා, මහාපරිමණ මහජන ධනය මංකොල්ල කාලා, එහෙම කෙනෙකුටත් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියන විශ්වාසය ජනතාව තුළ ගොඩ නැගුණොත් ඒ රටට මොකද වෙන්නේ. අද දේශපාලන හස්තයට යට වී තිබෙන නීතිය ක්‍රියාවට නඟන ආයතන පද්ධතිය අපි ඉන් සම්පූර්ණයෙන්ම මුදා ගන්නවා.
අපේ රටේ මුළු දේශපාලන ව්‍යුහයම සකස් වී තිබෙන්නේ අනෙකාට එරෙහිවයි. එනිසා දීර්ඝ කාලයක් තිස්සේම අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය සැබෑ ලෙසම ඇති කරන්න නොහැකි වී තිබෙනවා. සමගිය නිර්මාණය කිරීම වගන්ති ඇතුලේ, නීතිය ඇතුලේ, අයිතීන් ඇතුලේ විතරක් කරන්න බැහැ. සමගිය නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්යය තිබෙන්නේ දේශපාලනය තුළයි. අනෙකාට එරෙහි දේශපාලනයකින් සමගිය නිර්මාණය කරන්න බැහැ. අනෙකාගෙ ගරුත්වය, පිළිගැනීම බිඳ දමන දේශපාලනයකින් සමගිය, ජාතීන් අතර සමගිය නිර්මාණය කරන්න බැහැ. ශිෂ්ට සමාජයක් රඳාපවතින්නේ සාමූහිකත්වය මතයි. තනි පුද්ගල ආධිපත්‍යය මත ශිෂ්ට සමාජයක් නිර්මාණය කරන්න බැහැ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වගන්තිය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි අඩංගු කර තිබෙනවා.
අමාත්‍ය ධුර ගොඩනැගීමක් ආණ්ඩුකරණයට ඉතා වැදගත්. පාලකයාගේ සිතැඟි පරිදි අමාත්‍ය ධුර ගොඩනගන එක නොවෙයි අපේ පාලනයක් යටතේ අපි කරන්නේ. එසේ කරන්නේ ඒ පිළිබඳ විද්‍යාත්මක සැලසුමකට අනුවයි. යහපත් ආණ්ඩුකරණයක් අපි ගොඩනඟනවා. ශක්තිමත් ඉතා දියුණු රාජ්‍යතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. අපේ රට අත්තිවාරමක් නැති රටක්. ඒ නිසා රට ගොඩනගනවා නම් ශක්තිමත් අත්තිවාරමක් තිබිය යුතුයි. මේ වැඩපිළිවෙළ එවැනි ශක්තිමත් අඩිතාලමක් අපට ලබා දෙනවා. ඒ මත පුරවැසියන්ට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ලැබෙන ජාතික ජන බලවේගයේ පාලනය මේ රට තුළ ගොඩනගනවා.
“අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි මේ රටේ ජනතාව සමග එළඹෙන සමාජ ගිවිසුමක්”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය-
මැතිවරණ කාලවලදී සාම්ප්‍රදායිකව විවිධ පක්‍ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන එළිදක්වනවා. ඒක පුරුද්දක් හැටියටත් කරනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල වටිනාකම මොකක් ද? ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑහයක්ම ක්‍රියාත්මක කර තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන අමතක කර ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ග ගැනීමේ දේශපාලන සංස්කෘතියක් අපි දකිනවා. විශේෂයෙන්ම පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මේ බව වර්ධනය වී ඇවිත්, අද ඉතාමත්ම හොඳින් මේ විකෘතිය දකින්න පුළුවන්. පක්‍ෂ මාරු කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට හාත්පසින්ම වෙනස් දේවල් ක්‍රියාත්මක කරන ආකාරය අපි දකිනවා. මැතිවරණයෙන් පස්සේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට කිසිදු අවස්ථාවක් ජනතාවට හිමි නොවී නිකම්ම නිකම් කොළ කෑලි බවට පත් වෙනවා. ජාතික ජන බලවේගය පිවිසෙන්නේ මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නයි. ජනතාවට, පුරවැසියන්ට ගරු නොකරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අපට ඉතාම අවශ්‍යයි.
ජාතික ජන බලවේගයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ එවැනි පසුබිමකයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකම්ම නිකම් කොළ කැබැල්ලක් නොවෙයි; වචන ටිකක් නොවෙයි. මේ රටේ ජනතාව එක්ක අපි එළැඹෙන සමාජ ගිවිසුම මේකයි. ඒ ගිවිසුම අපට වටිනා දෙයක්. අපි ඊට ගරු කරනවා. ඒ ගිවිසුමට අනුවයි, අපි ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොත එතරම් ම වැදගත් වෙන්නේ ඒ නිසයි. අපේ රට වෙනස් කරමින්, දියුණු කිරීමට අප තුළ තිබෙන දැක්ම, ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන කැපවීම අවශ්‍යයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ සියල්ල අන්තර්ගත වන බව අපි විශ්වාස කරනවා. මෙය වසර ගණනාවක් කැපවීමෙන් බොහෝ දෙනකු සම්බන්ධ වී සකස් කළ ප්‍රතිපත්තියක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි බලය ලබා ගැනීමට අපේක්‍ෂා කරනවා.
(-‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ තිස්සමහාරාම මහ රැලිය – 2024.08.24-) ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට ජනතා ආණ්ඩුවක් හදන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. අපි ආණ්ඩුවක් හැදුවාට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නන්නම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අපි මෙතෙක් කල් ආණ්ඩු කියලා දැක්කේ මොනවාද? මහජනයාගේ දේපොළ, හොරකම් කරන, නාස්ති කරන, රට වටේ ඉඩම් අල්ල ගන්න, ජනතා බිය […]
(-‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ තිස්සමහාරාම මහ රැලිය – 2024.08.24-)
ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට ජනතා ආණ්ඩුවක් හදන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. අපි ආණ්ඩුවක් හැදුවාට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නන්නම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අපි මෙතෙක් කල් ආණ්ඩු කියලා දැක්කේ මොනවාද? මහජනයාගේ දේපොළ, හොරකම් කරන, නාස්ති කරන, රට වටේ ඉඩම් අල්ල ගන්න, ජනතා බිය ගන්වන, පොලීසියට අත පොවන පාලකයො තමයි ආණ්ඩු විදිහට දැක්කේ.
ඔබ හිතන්නේ ඒවා ආණ්ඩු කියලාද? අපි පළමු වතාවට මේ රටේ ජනතාවට ආදර්ශයෙන් පෙන්වනවා ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අද ජනතාවගෙන් 68%කට එක්කෝ තුන්වේල කන්න නැහැ. එක්කෝ කෑවත් හරි හමන් පෝෂ්‍යදායී කෑමක් නැහැ. ඒ කියන්නේ ආහාර ටිකවත් සපයා ගන්න බැරි තරමට ජනතාව දුප්පත් කරලා. අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න බැරි තරමට ජනතාව දුපපත් කරලා. දරුවන්ට උගන්වන්න වියදම් කරන්න බැරි තරමට ජනතාව දුප්පත්. මගුල් දවසෙ දාපු මුද්ද බැංකුවේ. දරුවගේ බෙල්ලේ බැඳපු තැල්ල බැංකුවේ. එහෙනම් මේ මොකද වෙලා තිබෙන්නේ. රට දුප්පත්. ආණ්ඩුව දුප්පත්. ජනතාව දුප්පත්. මහින්ද පොහොසත්. පාලකයෝ පොහොසත්. දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වුණේ ඕකයි. පාලකයන්ට ඉඩම් වැඩි වුණා. හම්බන්තොට කවුරුත් දන්නවා චමල් රාජපක්ෂට තිබෙන ඉඩම්. ඒ ගොල්ලන්ගේ ගෙවල් ලොකු වුණා. රට වටෙන්ම ගෙවල් ගත්තා. ධනය වැඩි වුණා. එහෙනම් මෙච්චර කල් මොකද වෙලා තිබෙන්නේ. ජනතාව ආණ්ඩු හදලා පාලකයා පොහොසත් වෙලා. රටයි ජනතාවයි දුප්පත් වෙලා.
අපි පළමු වතාවට ආණ්ඩුවක් හදමු. රට ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක්. ඒ ගොල්ලේ හැදාම බලය ගත්තේ පොහොසත් වෙන්න. ඒ ගොල්ලෝ අතර බෙදීම් තිබ්බේ නැහැ. තරහා මරහා තිබ්බේ නැහැ. එකිනෙකාට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. හැමදාම එකට හිටිය මහින්ද අමරවීර, චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති, මහින්දගෙ ආණ්ඩුවෙත් ඇමති, මෛත්‍රීගෙ ආණ්ඩුවෙත් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. ජනතාව හැමදාම ආණ්ඩු මාරු කළා. මහින්ද අමරවීර පැත්ත මාරු කළා. ඒ ගොල්ලන්ට කවදාවත් රනිල් එක්ක, මහින්ද එක්ක, මෛත්‍රීත් එක්ක තරගයක් තිබ්බාද? නැහැ. ඒ ගොල්ලෝ හැමදාම එකට හිටියා. ඒ ගොල්ලෝ පොහොසත් වෙන්න, ඒ ගොල්ලන්ගේ ධනය වැඩි කර ගන්න එකට හිටියා. ඔය ගෝල්ලෝ කවදාවත් හිතුවද රෝහිත අබේගුණවර්ධන, මහින්ද ළඟින් ඉවත්වෙලා රනිල් ළඟට යයි කියලා. මහින්දට අප්පච්චි අප්පච්චි කිය කිය හිටියේ. දැන් රනිල්ට අප්පච්චි කියනවා. දැන් අප්පච්චිලා දෙන්නයි.
දේශපාලන ප්‍රතිපත්තිවලින් වෙනස්කම් තිබුණා නම් මහින්දට අප්පච්චි කිවුව කටින් රනිල්ට අප්පච්චි කියන්න පුළුවන්ද? පවිත්‍රාදේවි රනිල්ට කියපුවා ඇත්තටම නම් කිව්වේ අද රනිල්ගේ මුහුණ බලන්න පුළුවන්ද? ඒ ගොල්ලෝ කවදාවත් තරහ වෙලා නැහැ. ඒගොල්ලෝ හැමදාම එකට හිටියා. එකට ආණ්ඩ ුකළා. පැරදුන ගමන් එකතු වෙනවා. දිනුවහමත් එකතු වෙනවා. ජනතාව හැමදාම බෙදුණා. අවරුදු 76ක් පුරාවට වුණේ ඔය ටික. දැන් අපිට තේරෙනවා රටට ජනතාවට මොකක්ද වුණේ කියලා. ගොඩක් කථා ඕන නැහැ. මේ පාඩම් ටික අපිට හොඳටම ඇති, ජනතා ආණ්ඩුවක් හදන්න ඕනෑ ඇයි කියන තීරණය ගන්න. හැබැයි අපිට ආණ්ඩුවක් හදන්න වුවමනාවක් තිබ්බට ඒ සඳහා කැක්කුමක් තිබ්බට ඒක එහෙමම කරන්න බැහැ. ඒකට අවස්ථාව එන්න ඕනෑ. දැන් අවස්ථාව ඇවිත් තිබෙනවා. කවදාද? සැප්තැම්බර් 21 දිනය. මාසෙකටත් අඩු කාලයක්. මේ අවස්ථාව අතහරිනවාද? කොහෙත්ම නැහැ. අපි ඔක්කොටම එකතු වෙලා ජනතාවගේ පැත්තේ හිට ගන්න ආණ්ඩුවක් හදන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ දේ අපි එකතු වෙලා කරමු. ඉන් පස්සේ අපි රට ගොඩ නඟන්න ඕනෑ. ඒ සඳහා අපි ඒ ඒ අමාත්‍යාංවල විෂයයන් ඒ සඳහා හසල දැනුමක් තිබෙන, අත්දකීම් තිබෙන අයට බාර දෙන්න ඕනෑ. දැන් මොකද වෙලා තිබෙන්නේ. සාගල රනිල්ට කිට්ටු වෙනවා. එයාගෙ අයියා වරායෙ සභාපති වෙනවා. ප්‍රසන්න රණතුංග ඇමති වෙනවා. බෑනා හෝටල් සංස්ථාවේ සභාපති වෙනවා. අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා. මල්ලි ධම්මික රණතුංග වරායෙ සභාපති වෙනවා. ඒ අර්ජුනම තෙල් ඇමති වෙනවා. ධම්මික තෙල් සංස්ථාවේ සභාපති වෙනවා. මහින්ද යාපා කථානායක වෙනවා. පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති වෙනවා. ලක්ෂ්මන් යාපා ආණ්ඩුකාරයා වෙනවා. පුතා තව ආයතනයක සභාපති වෙනවා. මේවා ආණ්ඩු නොවෙයි. මේවා චෞර පවුල් කල්ලි.
අපි ආණ්ඩුවක් හදමු. වරායට නවික කර්මාන්ත හා වරාය පිළිබඳව දැනුව තිබෙන අදූෂිත අවංක මිනිහෙක් සභාපති කරමු. හැම ක්ෂේත්‍රයකටම අපේ තේරීම ඒකයි. ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවබෝධය, නිපුණතාවය තිබෙන අය තමයි අපි ඒ ඒ ක්ෂේත්‍රවලට පත් කරන්නේ. ඒ මිනිසුන්ගෙන් තමයි ආණ්ඩුව මෙහෙය වන්නේ. එතකොට රට ඉදිරියට යනවා. පළමුව මේ රට පොහොසත් කරන්න ඕනෑ. රට පොහොසත් වුණොත් ආණ්ඩුවත් පොහොසත් වෙනවා. රට පියවරනේ පියවර ඉදිරියට ගෙන යන ආණ්ඩුවක් අපි හදමු. එතකොට ජනතාව කියයි මේවනෙ අප්පා ආණ්ඩු කියලා. මම ඇතුළු මහජන ධනය සතයක් හොරකම් නොකරන කණ්ඩායමකින් අපි ආණ්ඩුවක් හදමු.
අපි ඔබට සහතිකයක් දෙනවා. මහජන මුදල් සතයක් හොරකම් නොකරන, නාස්ති නොකරන ආණ්ඩුවක් අපි හදනවා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි කරන වියදම් කරන්න ආණ්ඩු මින් පස්සේ නැහැ. කොවිඩ් කාලෙ පෝලිම් නැතිව මන්ත්‍රීවරුන්ට තෙල් ගහන්න වරප්‍රසාදයක් දුන්නා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා විතරයි. ඒ වරප්‍රසාදය ප්‍රතික්ෂේප කළේ ජනතාවට නැති වරප්‍රසාද අපිට එපා කියලා. තෙල් මිල ඉහළ යනකොට මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයකින් ඉන්ධන දීමනාව වැඩි කළා. ඒ දීමනාව ලබා නොගත් එකම මන්ත්‍රීවරු තුන්දෙනා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා. සැබෑ මන්ත්‍රීවරුනම් එහෙමයි. අරගොල්ලන්ට ජනතාවට හෙණ වැදුණත් කමක් නැහැ, ඒ ගොල්ලන්ගේ සාක්කු පිරෙනවා නම්. ඒ මන්ත්‍රීවරුද?
අපි සැලසුමක් හදනවා, එක කන්නයක් වෙනුවට කන්න තුනක් වගා කරන්න. අපිට විශාල වැව් පද්ධතියක් තියෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ. සති දෙකක් යනකොට වැව් හිඳෙනවා. වවේ වතුරවලට වඩා තිබෙන්නේ රොන් මඩ. වැවේ ඉස්මත්ත එළිකළා. ජල පෝෂක ප්‍රදේශ විනාශ කළා. වැව් ප්‍රතිසංස්කරණය කළේ නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ එම වැව් ප්‍රතිසංස්කරණය කරනවා. ධාරිතාවට සරිලන විදිහට ජලය පිරෙන පරිදි කන්න තුනම වගා කරන්න පුළුවන් විදිහට රටේ කෘෂි නිෂ්පාදනය වැඩි කිරීම රට පොහොසත් කිරීමේ එක පියවරක්. අපේ පොස්පේට් නිධිය ඇතුළු සියල් ඛනිජ සම්පත් කර්මාන්ත බවට පත් කරනවා. රැකියා උත්පාදනය කරනවා. එතකොට රට පොහොසත් කරනවා. එතකොට ජනතාව පොහොසත් වෙනවා. ආහාරවලට, ඖෂධ වලට ගහලා තිබෙන බදු අපි ඉවත් කරනවා. මනා පෝෂ්‍ය ගුණයෙන් යුත්, සෞඛ්‍ය සම්පන්න, ක්‍රීඩාශීලී ජනතාවක් ගොඩනඟන එක තමයි අපේ ආණ්ඩුවක ප්‍රධාන අරමුණ.
එක දවසක් මට ප්‍රසිද්ධ ව්‍යාපාරික මහතකේ කිව්වා, එයා පාරේ යන කොට එයා යන පැත්ත වහල හිරවුණා කියලා. මොකක්ද හේතුව කියලා බලනකොට මහින්ද රාජපක්ෂ අනෙක් පැත්තට යනවා. ඒ නිසා පාර වහලා. මේ ජනතාව පීඩාවට පත් කරන ප්‍රභූවරුන්ගේ සියලු වරප්‍රසාද අපි අහෝසි කරනවා. අපේ පාලනයක් යටතේ ජනතාවට ඉහළින් සිටින ප්‍රභූවරු කියලා ජාතියක් නැහැ. අපි සෑබෑ ලෙසම ජනතාවාදී ආණ්ඩුවක් හදන්න එකතු වෙමු.
(-සඟරුවනේ මහ පෙළහර – ජාතික භික්‍ෂු පෙරමුණේ මහ සඟ සමුළුව – මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරය – 2024.08.23-) අපේ රටේ ජාතික නිදහස අහිමි කර අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගන්න උත්සාහ කළ මුල්ම අවස්ථාවේ සිට වාරියපොළ හාමුදුරුවෝ, ගිරාණේගම හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, චන්ද්‍රජෝති සීලවංශ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය පෙරට ආවා. ඉන් පසුව මෑත ගත්තාම බළංගොඩ නායක හාමුදුරුවෝ, […]
(-සඟරුවනේ මහ පෙළහර – ජාතික භික්‍ෂු පෙරමුණේ මහ සඟ සමුළුව – මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරය – 2024.08.23-)
අපේ රටේ ජාතික නිදහස අහිමි කර අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගන්න උත්සාහ කළ මුල්ම අවස්ථාවේ සිට වාරියපොළ හාමුදුරුවෝ, ගිරාණේගම හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, චන්ද්‍රජෝති සීලවංශ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය පෙරට ආවා. ඉන් පසුව මෑත ගත්තාම බළංගොඩ නායක හාමුදුරුවෝ, යක්කඩුවේ හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, එස්. මහින්ද හාමුදුරුවෝ වැනි භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගත්තේ අපේම නායකයෙක් පත් කර ගන්න. නමුත්, 1948 සුද්දන් අපව දාලා ගියාට පස්සේ කළුසුද්දන් සුද්දන්ටත් වඩා විනාශයක් රටට සිදු කර තිබෙනවා. ඒ නිසා අපේ හුස්ම, අපේ මහපොළොව ගැන අවබෝධයක් තිබෙන, ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් අපට ඕනෑ. ඒ නැතිවීම ගැන එදා කුංකුණාවේ හාමුදුරුවෝ කීවේ, “අපට රජෙක් ලැබුණෝතින්, කැවුම්, කිරිබත් කඤ්ඤම්. පෙරහැර කරඤ්ඤම්. සාදුකාරයෙන් ගිගුම් දෙඤ්ඤම්” කියලා. අවුරුදු 209කට පස්සේ දැන් අපට ශ්‍රී ලාංකීය මහා සංඝයා වහන්සේලා කතා කළ ජනතාවාදී නායකයෙක් බිහි කර ගන්න ලැබී තිබෙන අවස්ථාව නිසයි මහ සඟරුවන මේ මහා සඟ පෙළහර පවත්වන්නේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරවීම සඳහා මේ සමුළුව පවත්වනවා.
ජාතික ජන බලවේගය ගොඩනැඟී තිබෙන විවිධ කණ්ඩායම් අතර ඒ ඒ ක්‍ෂේත්‍රවල අය සංවිධානය කළ ආකාරයටම භික්‍ෂුන් වහන්සේලා හැටියට සංවිධානය කිරීම ජාතික භික්‍ෂු පෙරමුණේ අපට පැවරී තිබුණා. ඒ බලවේගය සංවිධානය කිරීම අද මල්ඵල ගැන්වී තිබෙනවා. 2001 අපේ භික්‍ෂු පෙරමුණ ගොඩනඟන කොට හතු පිපෙන්නා වාගේ වූ භික්‍ෂු සංවිධාන කොපමණ තිබුණද? අද ඒ කිසිවක් නැහැ. පටු අපේක්‍ෂා, පටු ලාභ ප්‍රයෝජන ඔස්සේ ගිය ඒ සංවිධාන ඔවුන්ගේ ආයු කාලය නිමා කර පාෂාණීභූත වෙලා තිබෙනවා. ශ්‍රී ලාංකීය සමස්ත භික්‍ෂු සංඝයා වැළඳ ගත් සංවිධානය ජාතික භික්‍ෂු පෙරමුණ පමණයි. මේ රට විනාශ කළ කණ්ඩායම් පාෂාණීභූත වෙද්දී, සමාජයත් සමඟ ඉදිරියට යන්න සමස්ත භික්‍ෂුන් වහන්සේලා සංවිධානය වී තිබෙනවා. මේ අවස්ථාවේ සියලුම නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලාගේ නියෝජනයන් මෙතැනට වැඩම කොට සිටිනවා. ඉතිහාසයේ කවදාවත් නොවුණු ආදරණීය සහ ලෙන්ගතු කල්‍යාණ මිත්‍ර අනුශාසනාවන් උන් වහන්සේලාගෙන් අපට මේ සද්කාර්යය වෙනුවෙන් ලැබුණා. ලිච්ඡවි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට විවිධ අය කටමැත දෙඩවූවාට ඔවුන් ජාතික ජන බලවේගයේ ජන ප්‍රවාහයට අවලාද නැඟීම නතර කරන්න ඕනෑ. විදේශීය හාමුදුරුවන් වහන්සේලා පවා මෙතැනට වැඩම කොට සිටිනවා. ඔබ වහන්සේලා වැඩම කළේ මේ මහා සංඝරත්නය අපේක්‍ෂා කළ ජනතාවාදී නායකයා ලෙස අනුර දිසානායක මැතිතුමා ඒකාන්තයෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණය කොට ජනතාවාදී නායකයෙක් පත් කර ගන්න සෙත් පතන්නයි.
“අතීතයෙන් පාඩම් ඉගෙනගෙන දූරදර්ශී ප්‍රඥාවකින් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි”
-මහනුවර, මොලගොඩ රාජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අග්ගමහා සද්ධානුජෝතිකධජ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි-
අපේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට දින නියම කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ නව වැනි විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගෙන පුනරුද යුගයේ ජයග්‍රහණ පුරවැසියන් වෙත ලබා දීම ආරම්භ කරන බව ඉර හඳ වාගේ විශ්වාසයි. දිවයිනේ නන්දෙසින් මහා සංඝරත්නය කිසිම භේදයක් නැතිව මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා වාගේම ජාතික භික්‍ෂු පෙරමුණේ භික්‍ෂුන් වහන්සේලා විශාල කැප කිරීමක් කරන්නේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්‍ෂාවකින් තොරව බව සන්තෝෂයෙන් මතක් කරන්න ඕනෑ. අනාගත පරපුරට යහපත් දේශයක්, යුක්තිගරුක සමාජයක් බිහි කිරීමේ වගකීම ඉටු කරන්නයි මේ අවස්ථාවට දහස් ගණනක් මහා සංඝරත්නය වැඩම කර සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණෙන් පටන්ගෙන ජාතික ජන බලවේගය දක්වා පැමිණි ගමනේදී මහා සංඝරත්නය කළ කැප කිරීම් අපට කිසිසේත්ම අමතක කරන්න බැහැ. උන් වහන්සේලා වසර ගණනාවක් තිස්සේ තමන්ගේ ජීවිත පරදුවට තබලා ජාතික සමඟියක් වාගේම ජාතික පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. එය මහා සංඝරත්නයේ යුතුකම හැටියට එදත්, අදත්, හෙටත් සලකනවා. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන සෞභාග්‍යවත් අනාගතයක් බිහි කිරීමට වර්තමානයේ දී දූරදර්ශී ප්‍රඥාවකින් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි. වැඩම කොට සිටින මහා සංඝරත්නය අපේ රටේ සියලුම ජන කොටස් එකතු කරගෙන ලබන 21 වැනිදා ජනාධිපතිවරණයේ දී ජාතික මහා පෙළහර සඳහා ආරම්භයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා.
අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන පැහැදිලි දැක්මක් ඇති නායකයෙක් ජනාධිපතිවරයා බවට පත් කරන්නයි. වංචාවෙන්, දූෂණයෙන් තොර අවශ්‍ය අවස්ථාවේ දී සෘජු තීරණ ගන්නා අවංක නායකයෙක් වාගේම මෘදු විය යුතු තැන දී මෘදු තීරණ ගන්නා නායකයෙක් අපට අවශ්‍යයි. වංචාව, දූෂණයෙන් තොර රට ගොඩනැඟිය හැකි නායකයෙක් අපි ප්‍රාර්ථනා කරන්නේ. ජනතාවගේ දුක හඳුනන, බලය වෙනුවෙන් රට පාවා නොදෙන නායකයා වශයෙන් අපි අනුර කුමාර දිසානායක මහත්මයා තෝරාගෙන ඔහුව ජයග්‍රහණය කරවන්න මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ සිට තරුණ හාමුදුරුවන් වහන්සේලා දක්වා පෙළගැසී අවසන්. ග්‍රාමීය පරිසරවල විවිධ දුක්ගැහැට විඳිමින්, තමන්ගේ ආගමික සහ ශාසනික මෙහෙවර සිදු කරන හාමුදුරුවන් වහන්සේලා පෙළගැසී අවසන්.
උතුරේ සිට දකුණටත්, නැඟෙනහිර සිට බටහිරටත් සියලුම ප්‍රදේශවල සමාන සංවර්ධනයක් ඇති කර මේ රටේ ජීවත් වන සියලු ජන කොටස්වලට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනැඟිය හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් නැතිව ශ්‍රී ලාංකික සන්නාමයෙන් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැඟීසිටිය හැකි තත්වයක් නිර්මාණය කර දෙන බවට මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසයයි. සියලු දෙනාටම සාධාරණ ආගමික අයිතියක් තහවුරු කරමින්, සියලු දෙනාටම ආගමික නිදහස තහවුරු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. සමහර අය කියනවා, පළපුරුදු පාලකයන්ට රට භාර දෙන්න ඕනෑ කියලා. එහෙම නම්, ඔවුන්ට අවුරුදු හැත්තෑහයක් තිස්සේ මේ රට ගොඩනඟන්න බැරි වුණේ ඇයි කියලා අපි ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ ආත්මාර්ථකාමී, අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා රට සංවර්ධනය කරන්න බැරි වුණා පමණක් නොවෙයි, අන්ත දිළිඳු තත්වයට ඇදදැම්මා. මම රටවල් ගණනාවකට ගිහින් තිබෙනවා. 1991දී මුලින්ම මැලේසියාවට යන කොට ගුවන්තොටුපොළ ටකරන් මඩුවක්. අද ආසියාවේ ප්‍රධානම ගුවන්තොටුපොළක් බවට පත්ව තිබෙනවා. ලෝකයේ තිබෙන දියුණුව හා සෞන්දර්යය දකින ඔවුන් අපේ රටේ ජනතාව බොරු පතුරුවා බියවද්දන්න උත්සාහ කරනවා. ජනමාධ්‍යවල ජාතික ජන බලවේගය කෙරෙහි වැරැදි අදහස් ජනතාවට පුන පුනා ප්‍රකාශ කිරීම පිළිබඳව අපට තිබෙන්නේ බලවත් සංවේගයක්. ජනමාධ්‍ය එහෙම කළත්, මේ රටේ සිවුදිගින් වැඩම කරන ලද ගරුතර මහා සංඝරත්නය පවතින ඇත්ත තත්ත්වය පැහැදිලි කර දෙන්න.
අපේ රටේ මිනිසුන් බොහොම අහිංසක බලාපොරොත්තු ඇතිවයි මහින්ද රාජපක්‍ෂට ඡන්දය දුන්නේ. යුද්ධය අවසන් වන විට ඒ අහිංසක බලාපොරොත්තු තවත් වැඩි වුණා. අන්තිමේ දී ගෝඨාභය රාජපක්‍ෂ එන කොට තවදුරටත් බලාපොරොත්තු ඉහළ ගියා. දැන් සියලු බලාපොරාත්තු බිඳවැටුණු මිනිසුන් තමන්ගේ උත්තුංග බලාපොරොත්තු ඉටු කර ගැනීමට සූදානම් වී සිටිනවා. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඔබතුමාගේ නායකත්වය යටතේ සුන් නොවේය කියන ප්‍රාර්ථනය අප හැම දෙනාටම තිබෙනවා.
“ජාතික ජන බලවේගය කියන්නේ ශිෂ්ටාචාරය මත පදනම්ව තමන්ගේ දැක්ම නිර්මාණාත්මකව ගළපා ගන්නා දේශපාලන ව්‍යාපාරයක්”
-ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-
පෞද්ගලිකව මටත්, අපේ ව්‍යාපාරයටත් ආශීර්වාද කිරීම සඳහා මේ අවස්ථාවට වැඩම කළ දහස් සංඛ්‍යාත ගෞරවනීය මහා සංඝරතනයට පළමු කොට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. අවලාද, අසත්‍ය, මඩ ප්‍රහාරවලට යට වූ දේශපාලන වේදිකාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. සමහර දේශපාලන වේදිකාවල කියවුණු දේවල් ඔබ වහන්සේලාත් අහන්න, දකින්න ඇති. මේ වාගේ සභාවක පුද්ගලයන්ගේ නම් කියන්න මම අකැමැති වුණත්, අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා ඔවුන්ගේ නම් කීමට සිදු වී තිබෙනවා. කුරුණෑගල පවත්වන ලද සජබ රැස්වීමේ මහාචාර්ය චරිත හේරත් මහතා කතා කළා. ඔහු කෑමොර දීලා කීවේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇත්කඳවල විහාරයේ පෙරහැර පවත්වන්න දෙන්නේ නැහැ කියලා. ඒ වාගේම මහනුවර දී තිස්ස අත්තනායක කියන කූට ලේඛන පිළිබඳ විශේෂඥයා ප්‍රකාශ කළේ, අපි බලයට ආවොත්, නුවර පෙරහැර නතර කරනවා කියලා. තවත් සමහර අය විටින් විට චෝදනා එල්ල කරමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, පන්සලට දානයක්වත් ලැබෙන්නේ නැති වන බවට චෝදනා කළා. අද දහස් සංඛ්‍යාත ගරුතර මහා සංඝරත්නය මේ ශාලාවේ ඉඩ මඳි වන තරමට වැඩම කිරීමෙන් අවලාද, අසත්‍යය නොපිළිගන්නා බවට ප්‍රායෝගික උත්තරයක් ලබා දී තිබෙනවා. අපි ආගම පිළිබඳව සමාජය පිළිබඳව ඕපපාතිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. දැනුමක් තිබෙන අයගෙන් විමසා බලා කරුණු පැහැදිලි කර ගන්නවා. අත්තංගනේ මහානායක හාමුදුරුවන්ට මම පෞද්ගලිකව කතා කරලා යම් කරුණු නිරාකරණය කරගෙන තිබෙනවා.
අපි වේදිකාවේදී අතට එන යමක් අරගෙන ගහන දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. නොදන්නා දේවල් ගැන දැනුවත් වී වඩා යහපත් දිශාවකට මේ සමාජය යොමු කරන්න වෙහෙසෙන ව්‍යාපාරයක්. ඒ නිසා ආගම සහ මේ සමාජය පිළිබඳව අපට තිබෙන්නේ ගැඹුරින් හැදෑරූ, අසා දැනගත් ඔවදන්වලින් ලබා ගත් අවබෝධයක්. ඕනෑම සමාජයක් ශිෂ්ටසම්පන්නභාවයට, ස්ථාවරත්වයට ගෙන එන්න නීතිරීති වාගේම ආගමික පසුබිමත් ඉතාමත් හොඳින් බලපානවා. මුළු සමාජයක් නීතිවලින් පමණක් මෙහෙයවන්න බැහැ. රීති, සම්ප්‍රදායයන්, ආගමික විශ්වාසයන් ආදී සමස්තයක එකතුවෙන් සමාජයක ස්ථාවරභාවය ඇති කෙරෙනවා. කවුරු හෝ කෙනෙක් හිතුවක්කාරී විදියට සම්ප්‍රදායයන්, ඇදහිලි, විශ්වාස කඩාබිඳ දමනවා නම්, කලබැගෑනි සහිත අරාජික සමාජයක් බවට පත් වෙනවා. එක් එක් රටවල සම්ප්‍රදායයන්, ඇදහිලි, විශ්වාස ගොඩනැඟෙන්නේ විශාල ඉතිහාසයක් සහිත පසුබිමකින්. මේ මොහොතේ පවතින්නේ අතීතයේ දිගුකාලීන විකාශනයක්. එවැනි තත්වයන් කඩාබිඳ දැමීමෙන් මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය බැඳීමක් නැති, ශිෂ්ටාචාරයක් නැති, හුදු පාවෙන මිනිස් පුළුටු බවට පත් වන ජාතියක් බවට පත් වෙනවා. සමාජයක් ඉස්සරහට යන්නේ ඒ සමාජය ගොඩනැඟුණු ශිෂ්ටාචාරයේ පවතින ඇදහිලි, විශ්වාස ඉවත් කරමින් නොවෙයි, ඒ සමඟ එකිනෙකාගේ මිශ්‍ර වීමෙන් සහ අලුත් දේවල් එකතු කර ගැනීමෙන්. ලෝකයේ දියුණු යැයි සම්මත කිසිදු සමාජයක් තමන්ගේ ඓතිහාසික ශිෂ්ටාචාරය පසෙක තබා දියුණුවේ ඔරුව පැද යන්නේ නැහැ. එවැනි සමාජයන් ඔහේ පාවෙන, එකතැන පල්වෙන අරාජික සමාජයන් බවට පත් වෙනවා.
නමුත්, ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැඟීමේදී ප්‍රධානම පදනම සැකැසෙන්නේ ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙනුයි. මහාවංසයේ සඳහන් වෙන්නේ ඊට පෙර ගෝත්‍රික ඇදහිලිවලින් පැවැතුණත්, පණ්ඩුකාභය රජ්ජුරුවෝ අභය වැව හැදුවාට පස්සේ නැඟෙනහිර දිශාවෙන් කාලවේල යක්‍ෂයාටත්, අභය වැවෙන් පහළ ප්‍රදේශය චිත්තරාජ යක්‍ෂයාටත් දේවාල ඉදි කර දුන් බවයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයට පෙර මේ තත්වය තිබුණු බව පැහැදිලියි. ඒ වාගේම වල්පොළ රාහුල හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ බණඩාර ඇදහිලි යනුවෙන් මළමිනී ඇදහීමක් තිබුණු බවයි. එහෙම තිබුණු ගෝත්‍රික සමාජ ශිෂ්ටාචාරය ශිෂ්ටසම්පන්න සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මූලික පියවර මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව ලාංකිකයන්ට ලැබුණු විධිමත් දහමක් සහ දැක්මක් සහිතව ගොඩනැඟෙන්න පටන් ගත්තා. ඉතිහාසයට උරුමකම් කියන ශක්තිමත් ලාංකේය ශිෂ්ටාචාරයක් ගොඩනැඟෙන්න පටන් ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. අපට ඊට පෙරත් ලිඛිත භාෂාවක් තිබුණු බවට ඇතැම් විද්වතුන් සඳහන් කරනවා. නමුත්, සෙල් ලිපි, ලෙන් ලිපි ආදී සාක්‍ෂි හමු වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. ශිල්ප කලාවන්ගෙන් මහා විස්කම් පෑ ජාතියක් බවට පත් වන්නේ ඉන් පසුවයි. ලෝවාමහාපාය වැනි විස්මිත නිර්මාණ බිහි වීමේ පදනම බෞද්ධ දර්ශනයයි. එතැනින් නොනැවැතී ජනපද ආශ්‍රිත ආර්ථිකය ගොඩනැඟෙන්නේම වාපි කර්මාන්තයත් එක්ක. අපි අද අත්විඳින, දකින සමාජයේ ආරම්භක මුල් පවතින්නේ, අපි වැඩෙන්නේ, අපි පවතින්නේ සහ ඉදිරියටත් නිර්මාණය වන්නේ ඒ මතින්. කවුරුහරි ඒ පාදම, මුල් විනාශ කොට දැමිය යුතුයි කියලා කියනවා නම්, ඔළුව පරීක්‍ෂා කර ගන්න වෙනවා. අපට චෝදනා කරන අයට මම කියන්නේ ඒ අය තමන්ගේ ඔළුව පරීක්‍ෂා කර ගන්න කියලා. ජාතික ජන බලවේගය කියන්නේ මේ ශිෂ්ටාචාරයේ පවුරු පදනම් මත තමන්ගේ දැක්ම නිර්මාණාත්මකව ගළපා ගන්නා දේශපාලන ව්‍යාපාරයක්. අපි මේ මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය සම්බන්ධතාවක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක්.
අපේ භික්‍ෂු සමාජය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. ගිහි සමාජය කොයියම්ම මොහොතක හෝ අසරණභාවයට පත් වනවා නම්, එයින් මුදා ගැනීමේ ප්‍රමුඛතම කාර්යභාරය අපේ භික්‍ෂු සමාජය දරා සිටිනවා. රට අනතුරුදායක තත්ත්වයකට පත් වනවා නම්, අපේ හාමුදුරුවන් වහන්සේලා පෙරටු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ආගමික පැත්තෙන් පමණක් නොවෙයි, සමාජයීය පැත්තෙන් ගත්තත් භික්‍ෂුන් වහන්සේලා ඉතාමත්ම ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. හෙටත් පාලකයන්ට මඟපෙන්වීමට සමත් වන ශ්‍රේෂ්ඨ සංඝ සමාජයක් ලංකාවේ පවතිනවා. දේවානම්පියතිස්ස රජුට මිහිඳු හිමියන් දැහැමි පාලකයෙක් බවට පත් වන ආකාරය දේශනා කළා. පෞද්ගලිකව මම ගත්තොත්, සිංහල, බෞද්ධ පරිසරයක හැදුණේ, වැඩුණේ. අපේ අම්මලා, තාත්තලා අපට හොඳ, නරක කියලා දෙන්න උපුටා ගන්නේ ජාතක කතා පොත. අපේ ගමේ සංස්කෘතික ක්‍රියාකාරකම් පන්සල එක්ක බැඳී තිබුණා. ඒ වාගේම හින්දු පරිසරයක හැදුණු, වැඩුණු අයට ඔවුන්ගේ අධ්‍යාත්මය බවට පත් වන්නේ හින්දු සංස්කෘතික පරිසරයක්. මුස්ලිම් ජන කණ්ඩායම් හැදී වැඩෙන්නේ අල්-කුරාණයේ මඟපෙන්වීමත් එක්කයි. ක්‍රිස්තියානි ජන ප්‍රජාවට හොඳ, නරක කියලා දෙන්නේ ක්‍රිස්තු චරිතය නැත්නම්, බයිබලය. අප හැදෙන, වැඩෙන පරිසරය අනුව සිංහල බෞද්ධ අධ්‍යාත්මයත්, මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයත්, දෙමළ හින්දු අධ්‍යාත්මයත් නැත් නම්, කිතුනු අධ්‍යාත්මයත් ලැබෙනවා.
අපේ අධ්‍යාත්මය අනෙකා කෙරෙහි සතුරුභාවයත්, කෝපයත් නිර්මාණය කර ගැනීමට යොදාගත යුතුද? නමුත්, මෙතෙක් පැවැති දේශපාලනය සිදු කර තිබෙන්නේ එකිනෙකාගේ පවතින අධ්‍යාත්මයන් වේදිකාවට ගෙනැවිත් අනෙකාට එරෙහිව යොදා ගැනීමයි. ඔවුන් බලය ගත්තෙත්, පවත්වාගෙන යන්න යොදා ගත්තෙත්, අනෙකාගේ සංස්කෘතියට, අධ්‍යාත්මයට රිද්දවීමයි. අනෙකාට එරෙහිව ගොඩනඟන ආණ්ඩුවක් කවදාවත් රටේ සමඟිය නිර්මාණය කරන්න සමත් වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවක් සැදිය යුතුයි; නමුත්, අනෙකාට එරෙහිව නොවෙයි. සියලු දෙනාම එකතු කර ගත් සමඟිසම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි ඉපදෙන කොට හිස් කළයක් වුණාට සිංහල – බෞද්ධ වගේම අනෙකුත් ආගම්වලිනුත් අධ්‍යාත්මයන්ගෙන් පිරෙනවා. එය පාඩම් පොතේ කතාවක් නොවෙයි. අධ්‍යාත්මය ගොඩනැඟීමේ කතාවක් නිසා අනෙක් සෑම දෙයකට වඩා ප්‍රබලයි. පාලකයන් අනෙක් සියල්ලන්ගෙන්ම අසාර්ථක වුණාම අනෙකාට එරෙහිව සංවිධානය වෙන්න අපේ අධ්‍යාත්මයට කූද්දමින්, බල කරනවා. අපේ රටේ දශක ගණනාවක් තිස්සේ තිබුණු දේශපාලන මාර්ග සිතියම ඒකයි.
අද අපට අවශ්‍ය වී තිබෙන්නේ අනෙකාගේ අධ්‍යාත්මයට රිද්දන්නේ නැති ඔවුන්ට හිමි අයිතීන් පිළිගනිමින්, ගෞරව කරමින් නව සමඟිසම්පන්න ආණ්ඩුවක් ස්ථාපනය කිරීමයි. සමහර අය කියනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් තහවුරු කොට තිබෙන බෞද්ධාගමට හිමි විය යුතු ස්ථානය අපි ඉවත් කරන බව. 2015-2019 කාලයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සම්බන්ධ සාකච්ඡා සභාවේ මූලාසනය දැරුවේ වර්තමාන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ. මම, අපේ බිමල් රත්නායක සහෝදරයා, සම්බන්ධන් මහතා, සුමන්දිරන් මහතා, හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් එය නියෝජනය කළා. නමුත්, ඒ කිසිවෙක් නව වැනි වගන්තිය සංශෝධනය කළ යුතුයි කියලා යෝජනා කළේ නැහැ. ඒ නිසා පොදු සමාජයේ කිසිවකුටත් ඒ වගන්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත්, ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් නව වැනි වගන්තිය ඉවත් කරන බවට භීතිකාවක් ඇති කරන්න හදනවා. එසේ නොකරන බව අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරියේ මම අවධාරණය කරනවා. අපි හදන්නේ අපේ පවුරු පදනම්, ශිෂ්ටාචාරය සුනුවිසුණු කර ගත් ආණ්ඩුවක් නොවෙයි. ශක්තිමත්, අක්මුල් ආරක්‍ෂා කර ගනිමින්, ඉදිරියට යාමයි අපේ අරමුණ. පැරැණි අතීතයේ ශ්‍රී විභූතිය වර්ණනා කරමින්, මේ දක්වා පාලකයන් කටයුතු කළා. නමුත්, අප සිදු කරන්නේ ආරක්‍ෂා කළ යුතු සියල්ල ආරක්‍ෂා කර ගනිමින්, ලෝකයේ නව දැනුම සහ විද්‍යාත්මක සොයාගැනීම් තුළින් උකහාගත යුතු සියල්ල උකහා ගනිමින්, ඉදිරියට යාමයි. ලෝකය සමඟ ඉදිරියට යන දියුණු ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ මූලික ක්‍රියාමාර්ගයයි.
එහි තවත් අන්තයක් තිබෙනවා. අතීතයේ සියල්ල ඉවත් කර ඔහේ පාවෙන මිනිස් සමූහයක් නිර්මාණය කරන්නත් පුළුවන්. අපි අතීතය ගැන අවධානය යොමු කළොත්, වර්තමානය අතිශය දුක්ඛදායකයි. ශ්‍රී ලංකාව ණය ගෙවා ගන්න බැරිව ලෝකයට පොලු තැබූ රටක්. අපේ ශිෂ්ටාචාරයේ කන, බොන දේවල්වලට වස මිශ්‍ර නොකිරීම, සතෙක් කන, බොන වෙලාවට ගලකින්වත් නොගැසීම වාගේ හර පද්ධති තිබුණත්, අද රෝගීන්ට ලබා දෙන බෙහෙතටත් වංචා කරන පිරිසක් ඉන්නවා. අතීතය ගැන මොන තරම් පාරම්බෑවත්, අප ඉදිරිපිට තිබෙන්නේ සියලු යහපත් දේ අයිස් වතුරේ ගිල්වා මරා දමන ලද සමාජයක්. දෙමාපියන් සහ දරුවන් අතර, ගුරුවරුන් සහ සිසු සිසුවියන් අතර, පාලකයන් සහ ජනතාව අතර සබඳතා සියල්ල අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. ඒ සබඳතාවලට අපි යළි නව පණ දෙන්න ඕනෑ. මිනිසාට හැම වෙලාවේම සමාජයක් හැටියට ජීවත් වෙන්න බල කෙරී තිබුණත්, අද සියලු යහපත් මානව සබඳතාවන් කීතු කීතු කොට විනාශ කර තිබෙනවා. පියාගෙන් දූෂණය වන දරුවන් පිළිබඳව අහන්න ලැබෙනවා. ආගන්තුක සත්කාරයට හුරු යැයි කියන සමාජයක් විදේශීය කාන්තාවන් සමූහ දූෂණයකට ලක් කරනවා. පාසල් ළමුන් රංචුවක් එකතු වෙලා තම පංතියේම දැරියක දූෂණය කරනවා.
ඒ නිසා හාමුදුරුවන් වහන්සේලා ධර්මය දේශනා කිරීමත්, අපගේ දේශපාලනය අප විසින් ක්‍රියාත්මක කිරීමත් දෙකම එක අරමුණක් වෙනුවෙන් මෙහෙයැවිය යුතුව තිබෙනවා. කඩාවැටුණු සමාජය ශිෂ්ටසම්පන්න බවට පත් කිරීමේ වගකීම අප හැම දෙනාටම තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමේ ආණ්ඩුවක් ගොඩනඟා ගනිමු. අපේ රටේ ආර්ථිකයේ නව පුනරුදයක් ඇති කරමින්, නව පදනමක් සකසාගත යුතු වෙනවා. අපේ රටේ විනාශ වී තිබෙන සමාජය ගොඩනැඟීමට කැත, මජර දේශපාලනය වෙනස් කිරීමට පටන් ගන්න වෙනවා. ඔබ වහන්සේලා අත්හරින්නේ නැති යුතුකමක් වෙනුවෙන් පේ වී සිටිනවා. ආගමික සහ සමාජ වගකීමක් අත්හරින්නේ නැතිව දරා ගනිමින්, ඔබ වහන්සේලා සිවුරක් දරාගෙන සිටිනවා. එය ඔබ වහන්සේලාගේ ජීවිතයි. අපි අත්හරින්නේ නැති සමාජ, දේශපාලනික වගකීමක් තෝරාගෙන තිබෙනවා. අපි දෙපිරිස එකට සිටගනිමින්, මේ රට නව යුගයක් බවට පරිවර්තනය කිරීමට ක්‍රියා කරමු කියන ආරාධනය කරනවා. මේ අවස්ථාවට වැඩම කොට අපට ශක්තියක් දෙමින්, අනුශාසනා කිරීම පිළිබඳව නැවත වරක් ගෞරවපූර්වකව බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා.