(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.08.23-) ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22දා) මුළු රටේම ජනතාවට බලපාන විශේෂ නඩු තීන්දුවක් ලබා දුන්නා. එය ඓතිහාසික නඩු තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංචපුද්ගල මණ්ඩලයක් විසින් ලබා දුන් නඩු තීන්දුව වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝග කිරීමයි. ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා සහ වෛද්‍ය […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.08.23-)
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22දා) මුළු රටේම ජනතාවට බලපාන විශේෂ නඩු තීන්දුවක් ලබා දුන්නා. එය ඓතිහාසික නඩු තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංචපුද්ගල මණ්ඩලයක් විසින් ලබා දුන් නඩු තීන්දුව වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝග කිරීමයි. ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා සහ වෛද්‍ය නිහාල් අබේසිංහ යන තිදෙනා පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පවත්වන්නට තිබුණු පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි නඩුවේ පෙත්සම්කරුවන් වූවා. 2023 මාර්තු 17 වැනිදා පැවරූ මෙම නඩුව වාර අටක් කැඳවූවා. පංචපුද්ගල මණ්ඩලයක් විසින් තර්ක දින 15ක් ගත කිරීමෙන් පසුව පිටු 75කින් ලබා දී තිබෙන තීන්දුවේ හරය වන්නේ, විධායක ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තියට අනුව බැඳී සිටින නෛතික වගකීම ඉටු කර නැති බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔහුට ව්‍යවස්ථාපිත බැඳීමක් තිබෙන බව එහි අවධාරණය කරනවා. නඩු තීන්දුවේම විධායක ජනාධිපතිවරයා සඳහන් කළ “ඡන්දය තියන්න සල්ලිත් නෑ. සල්ලි තිබුණත් ඡන්දයකුත් නෑ” කියන ප්‍රකාශය ඇතුළත් කර තියෙනවා. තීන්දුව ලියලා තිබෙන්නේම මේ ප්‍රකාශය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තිය පදනම් කරගෙනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කර තිබෙන ප්‍රමුඛතම නීතිය මූලික අයිතිවාසිකම් රැකීම පිළිබඳවයි. ඒ වෙනුවෙන් වගන්ති 4ක් වෙන් කර තිබෙනවා.
මේ වගන්ති අතුරින් 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව තීන්දුවේ සඳහන්. එහි සරල අර්ථය සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන බවයි. එම සිද්ධාන්තය රනිල් වික්‍රමසිංහ උල්ලංඝනය කර ඇති බව තීන්දු කර තිබෙනවා. ඒ වාගේම 14(1)(අ) වගන්තිය අනුව මිනිසුන්ට තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත් උල්ලංඝනය කර ඇති බව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ වගන්තිත් උල්ලංඝනය කර ඇති බව තීන්දු කළා. විධායක ජනාධිපති සහ මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් වැරැදිකරුවන් කර තිබෙනවා. මේ මඟින් ලක්ෂ 171කගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. විධායකයකුට ඡන්ද තියන්න සල්ලි නෑ කියලා ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙනවා. නඩු තීන්දුවේ තිබෙන වැදගත්කම එයයි. රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදීම අධිකරණය සමඟ ගැටී පළාත් පාලන මැතිවරණය නිශ්චිත දිනයේදී නොපැවැත්වීම ඔහුගේ ජයග්‍රහණයක් වශයෙන් සලකා ක්‍රියා කළා. ඔහු පොල් සංවර්ධන මණ්ඩලයේ දී අධිකරණ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කළත්, ගරු විනිසුරුතුමන්ලා බය වුණේ නැහැ. ඊට පස්සේ මහියංගනයේ පවත්වන ලද ඔප්පු බෙදා දීමේ උත්සවයකදී අධිකරණයේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කීවා. ඒත්, ශ්‍රේෂ්ඨාධිකරණය බය වුණේ නැහැ. ඒ වාගේම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා යොදවා ගනිමින්, අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරුන් තිදෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන එන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවේ බය වුණෙත් නැහැ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවා, වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිට නියෝගයක් දුන්නා. අගමැති සහ කැබිනට් මණ්ඩලය එම නියෝගය පිළිගන්නේ නැති බව කීවා. නමුත්, අදටත් පොලිස්පති හැංගිලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මොන තරම් තර්ජන, ගර්ජන සිදු කළත්, අධිකරණය ඊට අවනත වුණේ නැහැ.
අධිකරණය අවනත නොවුණේ, ජනතාවගේ පැත්තේ ඉඳලා. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය විසින් රකිනවා. නමුත්, රනිල් වික්‍රමසිංහගේ මේ ක්‍රියාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවලින් ආරක්‍ෂා කර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඔහුගේ ක්‍රියාකාරීත්වයෙන් බලපෑම් කර ඇති බව විග්‍රහ කර තිබෙනවා. ඒ වාගේම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කර තිබෙනවා. නඩු තීන්දුවේ 38 වැනි පිටුවේ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා ලෙස කර තිබෙන අකටයුත්ත පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙය ඔහුගේ නීති විරෝධී හැසිරීමක් බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සරල අර්ථයෙන් කියනවා නම්, 2023 මාර්තු මස 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඔහු නීති විරෝධීව ක්‍රියා කර ඇති බව තහවුරු කර තිබෙනවා. මේ රටේ ජනතාව ලක්‍ෂ 171කගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ජනාධිපතිවරයා දරන ලද උත්සාහය පිළිබඳව සමස්ත ජනතාවගේම අවධානය යොමු කළ යුතු බව ඉතාමත් ඕනෑකමින් සඳහන් කරන්න කැමැතියි.
“ජනාධිපති ධුරය දරන්න රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු වුණා”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-
තීරණාත්මක සහ ඓතිහාසික නඩු තීන්දුව පිළිබඳව ප්‍රධාන කාරණා තුනක් මතු කරන්න මම කැමැතියි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම පිළිබඳව මෙම නඩු තීන්දුවෙන් ශක්තිමත් සහතිකයක් දී තිබෙනවා. එය ඉදිරි අනාගතයටත්, දේශපාලනයටත් අතිශයින්ම වැදගත්. අධිකරණය විසින් සනාථ කරන අන්දමට ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන ජනතාවගේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට තිබෙන අයිතිය ජනාධිපතිගේ මැදිහත් වීමෙන් කඩ කර ඇති බව පෙන්නුම් කර තිබෙනවා. දේශපාලන හේතු මත ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් අත්හැර දමා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කර තිබීම නිසා මෙය අතිශයින් වැදගත් නඩු තීන්දුවක්. පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් අතිශයින්ම පරිස්සම් විය යුතු බව මේ නඩු තීන්දුවෙන් තහවුරු වෙනවා. ජනාධිපතිගේ හැසිරීම වුවත්, ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැණි නියෝග පිළිනොපැදිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිගේ නියෝග අනුව මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති ආකාරය වැරැදි බව තීන්දුවෙන් සනාථ කර තිබෙනවා. ඒ නිසා නිලධාරීන්ටත් ඉතාමත් තද පණිවුඩයක් ගරු අධිකරණය විසින් ලබා දී තිබෙනවා.
ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන්න ආර්ථික අර්බුදය ඉස්මතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව මෙම තීන්දුවෙන් පැහැදිලි කර තිබෙනවා. කෙතරම් අසීරු තත්වයක් තුළ වුවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න ආණ්ඩුවක් බැඳී සිටින බව තහවුරු කර තිබෙනවා. ඒ වාගේම ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනතාව නොවන බවත්, ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ කළමනාකරණ දුර්වලතා නිසා බවත් එම තීන්දුවෙන් තහවුරු කර තිබෙනවා. ජනතාවගේ ඡන්ද අයිතිය සීමා කරන්න ආණ්ඩුවකට හෝ ජනාධිපතිට හෝ නොහැකි බව පැහැදිලිව දක්වා තිබෙනවා. අවසාන වශයෙන් අපට කියන්න තිබෙන්නේ ජනාධිපති ධුරය දරන්න රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු කර ඇති බවයි. වචනවලින්, සංකල්පවලින් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායය ගැන වාගේම ව්‍යවස්ථාව ගැන ඔහු කතා කරන්නේ අපටත් කරුණු උගන්වන්න වාගෙයි. ඔහු පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ අපි කවුරුත් මොකුත් නොදන්නා ගාණටයි. ඔහු තරම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නැති බවයි බොරුවට පෙන්වන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තව මාසයයි තියෙන්නේ. ඔහුගේ ජනාධිපති සිහින දැනටමත් ඉවර වෙලා. මේ නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වෙන්නේ මේ රටටත්, ජනතාවටත් නායකත්වය දෙන්න නුසුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ බවයි.
ජනාධිපතිවරණයක් අතළඟ නොතිබුණා නම්, රනිල් වික්‍රමසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්න මේ තීන්දුව ප්‍රබල හේතුවක් වෙනවා. සාධාරණ කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවට මේ තීන්දුවෙන් ලබා දී තිබෙන නිගමනය ක්‍රියාත්මක කරන්න අපේ ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයා යටතේ ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. දිවුරුම් දුන් වහාම පළමුවෙන් මහා මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත් වාගේම අවුරුදු ගණනාවක් අක්‍රිය කර තිබෙන පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට ක්‍රියා කරන බවට සහතික වෙනවා.
“ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කර දීමට ලැබීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
මෙම අධිකරණ ක්‍රියාවලියේ දී ඉතාමත්ම හොඳින් ජාතික ජන බලවේගයේ පෙත්සම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නයිජර් හෙජ්, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ශාන්ත ජයවර්ධන ඇතුළු කණ්ඩායමට මුලින්ම ස්තුතිය පිරිනමනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ආර්ථික ඝාතකයන් පස් දෙනෙක් සම්බන්ධයෙන් මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. බැසිල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස ඒ වෙනුවෙන් වැරැදිකරුවන් බව තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බව ඉතාමත් විධිමත් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සමාජය ඉදිරියේ හෙළි කර තිබෙනවා. ඒ අවස්ථා දෙකේම වැරැදිකරුවන් ලබන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනවා.
ඡන්ද නැති බව කී රනිල් වික්‍රමසිංහගේ ඡන්දය නැති කිරීම ජනතාවට භාරයි. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්‍ෂ හවුල් පාලනය වෙන් වෙන්ව සහ තවත් වරෙක එක් වීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගත්තා. ජනතාවගේ බදු කොල්ලය, බැඳුම්කර වංචාව වාගේම රජයේ සම්පත් විකුණා දැමීම වැනි කටයුතුවලට එරෙහිව අපි අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබෙනවා. ඊයේ (22) ලබා දුන් තීන්දුව මේ රටේ ජනතාව දිනා ගත් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම තහවුරු කර දීමට ලැබීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්. අපි අපේ වගකීම ඉටු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ අය එළඹෙන ඡන්දයේ දී පරාජය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය – ආර්ථික අහේනියෙන් ජනතාවගේ ජීවිත රකින්න ඉදිරියටත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ?
පිළිතුර – තමන්ට හිතෙන හිතෙන වේලාවට හිතෙන හිතෙන දේවල් රනිල් වික්‍රමසිංහ කියනවා. වැදගත් වෙන්නේ ඒවා නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිතව ලබා දී තිබෙන තීන්දුවයි. නඩ ු ගාස්තු රුපියල් 1,50,000 බැගින් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. හරි නම්, අපට ඒ ගාස්තු ගෙවන්න ඕනෑ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික මුදලින්. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සල්ලි නෑ කියලා මුද්‍රණාලයාධිපතිතුමියට බලපෑම් කළා. ඒ වාගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධනත් සෘජුව වගකියන්න ඕනෑ. සල්ලි නැති බව මුදල් ඇමැති කියනවා නම්, අවශ්‍යතා අනුව ප්‍රමුඛත්වය ලබා දී සල්ලි වෙන් කර දීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ වගකීමක්. නමුත්, රනිල් වික්‍රමසිංහ දැනුත් වහසි බස් දොඩවනවා නම්, එයාට කියන්න තියෙන්නේ එයාට කලින් සිටිය ගෝඨාභය රාජපක්‍ෂ ඔහුගේ කටින් පිට වන වචන චක්‍රලේඛ ලෙස සලකා ක්‍රියා කරන ලෙස නියෝග කළ ජනාධිපතිට සිදුවූ දෙයයි. මේ රටේ ජනතාව ඔහු පලවාහැරියා. රනිල් වික්‍රමසිංහට කොහොම වුණත්, ඇපයවත් බේරා ගන්න බැරි වන බව ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේවි.
ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහගේ වත්කම් අනුර දිසානායකගේ වත්කම්වලට වඩා අඩු බව දක්වා තිබෙනවා. මේ මැතිවරණ කාලයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර – අනුර සහෝදරයාගේ වත්කම් – බැරකම්වලට වඩා රනිල් වික්‍රමසිංහගේ වත්කම් – බැරකම් අඩු බව ඔබවත් පිළිගන්නවා ද? ඒකත් හංගලා ගහලා තියෙන්නේ. අපට තිබෙන දේ අපි හරියට ඉදිරිපත් කර තිබෙනවා. නොදැනුම්වත්ව හරි අපේ පුංචි දෙයක් වැරැදුණොත්, ඒ ගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අපි දන්නවා. ඒ ගැන හිතලා නොවෙයි, අපි අවංකව දේශපාලනය කරන ව්‍යාපාරයක්. ලේඛනයක එක් දෙයක් දාලා ඇත්ත හංගන්න අපට බැහැ. රනිල් වික්‍රමසිංහගේ වත්කම් අනුර දිසානායකට වඩා අඩුයි කියනවා නම්, මේ රටේ ජනතාව ඒ බව පිළිගන්නවා ද කියලයි අපට අහන්න තියෙන්නේ. නව ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහගේ වත්කම් – බැරකම් නිවැරැදි ද කියන එකයි මුලින්ම කරන්න සිදු වී තිබෙන්නේ.
ප්‍රශ්නය – මේ නඩු තීන්දුව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබීම බරපතළ ප්‍රශ්නයක් නේ ද?
පිළිතුර – ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්ත කෙනෙක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙද්දී, සදාචාරාත්මකව නම්, ඔහුට ඡන්දයට ඉදිරිපත් වන්නත් බැහැ. හරි නම්, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වෙන්න ඕනෑ. නමුත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉන්නවා. ඒ නිසා ඔහුගේ ප්‍රජා අයිතිය තීරණය කිරීමේ බලය තිබෙන්නේ දැන් මහජනතාව අතේ. මහජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ කෙනෙක් ඡන්දය ඉල්ලන කොට ඔහුගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් තීරණය කරන්න වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න මැදිහත් වූ ජනාධිපතිවරයකුට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නැහැ. මේ තීන්දුව අනුව හරි නම් ඔහු අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස් වෙන්න ඕනෑ. නමුත්, රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක් නොවෙයි.
(-‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම රැලිය – 2024.08.22-) රට පුරාම මේ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක්, මතයක් වාගේම අරමුණක් තිබෙනවා. මෙතෙක් නොතිබුණු අවස්ථාවක් මේ ක්‍රමය වෙනස් කරන්න උදා වී තිබෙනවා. ඒ සඳහා මෙතෙක් බලා සිටි අයට සැප්තැම්බර් 21වැනිදා ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා වෙනස් කිරීමේ ආරම්භය ගන්න […]
(-‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම රැලිය – 2024.08.22-)
රට පුරාම මේ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක්, මතයක් වාගේම අරමුණක් තිබෙනවා. මෙතෙක් නොතිබුණු අවස්ථාවක් මේ ක්‍රමය වෙනස් කරන්න උදා වී තිබෙනවා. ඒ සඳහා මෙතෙක් බලා සිටි අයට සැප්තැම්බර් 21වැනිදා ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා වෙනස් කිරීමේ ආරම්භය ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපි වෙනස් කිරීම පටන් ගන්න ලෑස්තියි. 22වැනිදා ඉඳලාම අපි ඒ වැඩේට බහිනවා. වංචාවේ, දූෂණයේ ගිලී තිබෙන ආණ්ඩුකරණය වෙනුවට එයින් මුදා ගන්නා ආණ්ඩුකරණයක් ඕනෑ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරමයි. මහජනයාට වඩා උඩින් සඳලුතලයේ ඉන්න දේශපාලනඥයන් සහ පතුලේ ඉන්න ජනතාවක් වෙනුවට හැමෝම සම තත්වයේ හිඳිමින් කටයුතු කෙරෙන වෙනසක් ජාතික ජන බලවේගයෙන් සිදු කරනවා. මේ දක්වා පාලකයාට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රෝහිත පාර්ලිමේන්තුවේ ඉන්නවා. මිලියන හතළිහක වත්කම් උපයා ගත්තේ කොහොම ද කියලා අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණයක් පැවැත්වූවා. හරියටම පරීක්‍ෂණය පවත්වන දවසේ නයා කෑවා. සාමාන්‍ය පුරවැසියෙක් මෙහෙම කළා නම්, පොලිසියට නයාවත් ගේන්න කියනවා. පොදු ජනයාටත්, පාලකයාටත් සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් ජාතික ජන බලවේගයෙන් බිහි කරනවා.
පොලිසියේ මහත්වරුන්ටත් තමන්ගේ යුනිෆෝම් එකේ, තමන්ගේ සහ රැකියාවේ ගෞරවය තබාගෙන කිසිම දේශපාලනඥයකුට යටත් නොවී නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා රටක් හදන්න ඕනෑ. ඒ වෙනස කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්. මුළුමනින්ම කඩාවැටී, සාමාන්‍ය පුරවැසියකුට ඉක්මනින්ම තමන්ගේ කටයුතු කරගත නොහැකි මට්ටමේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයෙන්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයත් මුළුමනින්ම වෙනස් කරන්න ඕනෑ. විෂයයන් නවීකරණය කරන්න ඕනෑ. ලෝකයේ අලුත් විද්‍යාව හා තාක්‍ෂණය උරා ගන්නා, දෙමාපියන්ට බරක් නොවන අධ්‍යාපනයක් අපි හඳුන්වා දෙනවා. ඒ අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක්. ක්‍රමානුකූලව මෙම කටයුතු සිදු කරන තෙක් ජනතාව ජීවත් කරවන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ 2048 දී එයා රට හදන තෙක් ඉවසන්න කියලයි. මරු මෑන් ! 2048 වෙන කොට එයාට අවුරුදු අනූනවයයි. එයා 2030 දී රට හදන බව කීවේ නැහැ. එහෙම කීවා නම්, මාධ්‍යවේදියො ප්‍රශ්න කරයි. නමුත්, 2048 වන තුරු එයාවත් ඉඳී ද? අපි පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යන අතර, දිළිඳු ජනතාව ආණ්ඩුව විසින් බලා ගන්නවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය ලබාගත නොහැකි පුරවැසියන්ට මාසයකට රුපියල් 10,000කට වැඩි දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ජීවිතාන්තය දක්වා නොවෙයි; මේ ආධාරය ලබා දෙන්නේ, රට ගොඩනඟමින්, ප්‍රතිලාභ ලැබෙන තුරු සෞඛ්‍යාරක්‍ෂිතව, දරුවාට අධ්‍යාපනය ලබා දෙමින් ජීවත් වෙන්නයි.
රැකියාවක් කරන කෙනාටත් බඩු මිල, සෞඛ්‍ය වියදම් වාගේම දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරා ගන්න බැහැ. ඒ නිසා ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධ බදු ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුළුමනින්ම ඉවත් කරනවා. ජාතික ජන බලවේගයට ඒ වෙනුවෙන් සල්ලි කොහෙන් ද කියලා කට්ටියක් අහනවා. රනිල් වික්‍රමසිංහ අද කියලා තියෙනවා හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් පොහොර සහනාධාරයක් දෙනවාලු. අවුරුද්දකට දළ වශයෙන් හෙක්ටයාර් ලක්‍ෂ 14ක් වගා කරනවා. ආසන්න වශයෙන් රුපියල් මිලියන 22,000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ වාගේම ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000.00 ගාණේ වැඩි කරනවාලු. ආසන්න වශයෙන් අවුරුද්දකට රුපියල් කෝටි 40,000ක් විතර ඕනෑ වෙනවා. ඒ ගැන ප්‍රශ්න නොකරන අය ජාතික ජන බලවේගයෙන් දිළිඳු ජනතාවට ලබා දෙන සහනාධාර ගැන ප්‍රශ්න කරනවා. අපි ඒ සහනාධාර ලබා දෙන්නේ හොඳින් තෝරා බලා සකස් කර ගත් නිර්ණායක අනුව අවශ්‍යම ජනතාවට. එක කන්නයක් පොහොර සහනාධාරය ලබා දෙයි. ඔය කියන පඩි වැඩි වීම කරන්නේ නැහැ. එයා ජනවාරි වෙන කොට ගෙදර බව දන්නවා. ජාතික ජන බලවේගය රට ගොඩනඟමින් යන අතර, ජනතාව රැකබලා ගැනීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් අය කර ගත හැකිව තිබෙන නමුත්, අය කරගෙන නොමැති බදු රුපියල් කෝටි 110,000ක් තිබෙනවා. ජනතාවගෙන් අය කර ගත් සමහර බදු වර්ග ඒ ජාවාරම්කාරයන් ආණ්ඩුවට ගෙවා නැහැ. ආණ්ඩුවට සම්බන්ධ අයගේ අරක්කු පැක්ටරි තුනකින් විතරක් රුපියල් කෝටි හයසිය ගණනක් එකතු කර ගන්න තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස්, සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ග ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මේ විදියට බදු පොලු තියලා තිබෙනවා.
ජනාධිපතිවරු, ඇමැතිවරු නඩත්තු කරන්න කොච්චර වියදමක් මහජනතාවගේ ධනයෙන් දරනවා ද? අවුරුද්දක දී විදේශගත වෙන්න අවශ්‍ය මුදල් තක්සේරු කරලා වෙන් කරනවා. නමුත්, රනිල් වික්‍රමසිංහට අවුරුද්දටම වෙන් කළ මුදල් මාස කිහිපයක දී ඉවර කරලා. ඒ ගොල්ලන්ගේ දේශපාලනය කරන්න මහජනයාගේ ධනය වියදම් කරනවා. මේ විදියට වෙන් කර ගත් සල්ලි මදි වෙලා අලුතින් ලක්‍ෂ දෙදාහක් රට යන්න විතරක් වෙන් කර ගත්තා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ නාස්තිය නතර වෙනවා. ඇමැතිවරුන්ට නිවාස, ලයිට් බිල්, වතුර බිල්, වාහන හත අටක්, ඉන්ධන, ටෙලිෆෝන් බිල් ගෙවන්නෙත් මහජනතාව. කෙහෙළිය රඹුක්වැල්ලගේ ගෙදරට 121,000ක මාසික ලයිට් බිලක් ආවා. භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි හොරකම් කරනවා විතරක් නොවෙයි, අත දිගහැර නාස්ති කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හොරකම නතර කර වංචාව දූෂණය නතර කර අය කරගත යුතු බදු අය කරගෙන අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවනවා. ඒ නිසා කාට සල්ලි හොයා ගන්න අමාරු වුණත්, ජනතාවට ලබා දිය යුතු සහන ලබා දීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සල්ලි හොයා ගන්න වැඩපිළිවෙළක් තිබෙනවා.
පියවරෙන් පියවර රට ගොඩනඟන අතර, එක දරුවකුවත් අධ්‍යාපනයෙන් පිටමං වී පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. දුප්පත්භාවයෙන් මිදෙන්න තිබෙන ප්‍රධාන අවස්ථාව අධ්‍යාපනයයි. අපේ සැලැසුම්වල වැඩිම අවධානය යොමු කර තිබෙන්නේ නැණවත්, ගුණවත්, නිරෝගීසම්පන්න දරු පරම්පරාවක් ගොඩනැඟීමේ අධ්‍යාපනය වෙනුවෙන්. ලෝකයේ වටිනාම සම්පත් හැටියට වෙනත් භෞතික දේවල් හඳුනාගෙන තිබුණත්, අද වෙන කොට දැනුම මූලිකම සම්පතක් හැටියට ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ තරුණ, තරුණියන් මෘදුකාංග ඉංජිනේරුවරුන් හැටියට අඩුම තරමින්, ලක්‍ෂ දෙකක්වත් බිහි කරන්න සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම ඉදිරි කාලයේ දී ක්‍රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. ලබන 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය කියන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔබ අපට බලය ලබා දෙන දවසයි. ඒ නිසා ඉදිරි ටික දින තුළ අපි හැම දෙනාම ඉතා හොඳින් සැලැසුම් කරලා තවත් අය හමු වී දැනුවත් කර ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ලබා දෙන්න ක්‍රියා කරන්න. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම ක්‍රියා කර රට ගොඩනැඟීමට එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
“හොරු රැලෙන් රට බේරාගෙන ශක්තිමත් ආර්ථිකයක් හදමු”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
සැප්තැම්බර් මාසෙ 22 වැනිදා වෙනකොට ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙන බවට සහතිකය අද ඔබ දීලා තිබෙනවා. මේ මැතිවරණය ජනතාව පුල පුලා බලා සිටි මැතිවරණයක්. වෙනදා ඡන්දවලට කැමති වුණේ පාලකයන්, ජනතාව කැමති වුණේ නැහැ. මේ පාර ජනතාව ඡන්දෙ එනකම් බලාගෙන හිටියා. රනිල් වික්‍රමසිංහ මේ ඡන්දෙ කල්දමා ගන්න පුළුවන් තරම් උත්සා කළා. වසර 76ක සාපකාරී පාලනය නිමා කරලා, ජනතාවට සතුටෙන් ඉන්න පුළුවන් ජනතාවාදී පාලනයක් හදන්න මේ ඡන්දෙ ජනතාවට ඕනෑ. ලංකාවේ දේශපාලන ඉතිහාසය බැලුවොත් දේශපාලන කඳවුරු දෙකක් තිබ්බා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන කඳවුරු දෙක අතර බලය හුවමාරු වුණා. ගම්වල ජනතාව ඔය පක්ෂ දෙකට බෙදිලා හිටියා. එහෙම වෙන්න තර්කානුකූල හේතුවක් තිබුණා. මේ දෙක අතර ලොකු වෙනසක් දැනුණා. දැනට අවුරුදු පහකට හයකට කලින් මේ තත්වය වෙනස් වුණා. අද අපිට එරෙහිව තිබෙනවා ගොඩවල් දෙකක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් එක ගොඩකුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සජිත් තව ගොඩකුත් ගහගෙන ඉන්නවා. ඒ දෙකට පොහොට්ටුවේ තිබුණු කුණු ගොඩවල් ටික හේත්තු වෙලා ඉන්නවා.
රනිල් කියනවා, රට වට්ටපු අයත් එක්ක එකතුවෙලා රට හදන්න, හොරු අල්ලන්න එන්නලු. සජිත්ට එකතුවෙලා ඉන්න හොරුත් එක්ක පුළුවන්ද හොරු අල්ලන්න පුළුවන්ද? සජිත් මහත්තයා කොහොම කෙනෙක්ද කියලා තලතා අතුකෝරල නෝනා පාර්ලිමේන්තුවේදි කිවුවා. රනිල්ගේ උද්දච්චකමට පක්ෂේ දෙකට කඩා ගත්තා කියලා බැන්නා. එයා කිව්වා මාලිමාවේ ආණ්ඩුවක් එනවා ඒ ආවාම එයාලට දේශපාලනයෙන් දිවි නසා ගන්න වෙනවා කියලා. ඒගොල්ලන් පිළිඅරගෙන තිබෙනවා 22 දා වෙනකොට මාලිමාවේ ආණ්ඩුවක් එනවා කියලා. රනිල්, සජිත් හොරු එකතු කර ගන්නවා. ජනතාව මාලිමාවට එකතු වෙනවා.
මේ වට්ටපු රට ගොඩගන්න මේ ජනාධිපතිවරණය අපි දිනන්න ඕනෑ. මේ මාසේ 26 වැනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාව තමයි “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” දැන් අපට තියෙන්නේ බංකොලොත් කරපු, දිළිඳුකමින් පිරුණු රටක්. අපරාධ වැඩිවුණු, මත්ද්‍රව්‍ය ගලාගෙන එන, දරුවන්ට කන්න දෙන්න බැරි රටක්, ලෝකෙට ණය වෙලා, ණය ගෙවා ගන්න බැරිව ලෝකයට පොලු තිබ්බ රටක් තමයි අපට ඉතිරි වෙලා තිබෙන්නේ.
අපේ රට ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක්. මානව සම්පතින් පොහොසත්. අවුරුදු 76ක් මේ රට පාලනය කළ පාලකයන් රට බංකොලොත් කළා. 1948 ලංකාවට නිදහස ලැබෙන කොට අපි ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කීවා. අද ආසියාවේ දුප්පත්ම රට බවට පත්කර තිබෙනවා. මේ අපරාදෙට මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා, සජිත් පේමදාස, අජිත් පෙරේරා වගකියන්න ඕනෑ. දැන් අපි මේ වට්ටපු රට ගොඩගන්න ඕනෑ. ඒක අමාරු වැඩක්. ඒක කරන්න හැකියාව තිබෙන්නේ දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනගපු, දැවැන්ත මහජන සහායක් ලබන, අවංක එඩිතර නායකත්වයක් සහිත දේශපාලන නායකයෙකුට සහ දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එහෙම ව්‍යාපාරයකට තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.
අපට ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවයක් අවශ්‍යයි. ආර්ථිකයේ, දේශපාලනයේ, අධ්‍යාපනයේ පුනර්ජීවනයක් අවශ්‍යයි. අපට ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක්, ජනතා විශ්වාසයක් අවශ්‍යයි. හොරු රකින ආණ්ඩුවක් වෙනුවට රට හදන ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි ලබන මාසෙ 18 මධ්‍යම රාත්‍රියෙන් ප්‍රචාරක කටයුතු නවත්වන්න ඕනෑ. ඊට පස්සේ අපිට රැස්වීම් තියන්න, මාධ්‍ය සාකච්ඡා තියන්න බැහැ. ඒ දවස් දෙකේ ඒ ගොල්ලන් ආණ්ඩුව පාවිච්චි කරලා ලොකු බොරුවක් කියන්න පුළුවන්. ඒ අවස්ථාවේ මාලිමාව සම්බන්ධයෙන් කියන කුමන විදිහේ බොරුවකට රැවටෙන්න එපා. අපි ඒ ගොල්ලන්ට වඩා සබුද්ධික ජනතාවක් බව අපි පෙන්වන්න ඕනෑ. මේ ආර්ථිකයේ සාධාරණත්වය හදන්න ඕනෑ. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට එන ආර්ථිකයක් හදන්න ඕනෑ. ඒ ආර්ථිකය ඇතුලේ අපට ලස්සන ජීවිතයක් හැදෙන්න ඕනෑ. අපට වෙනසක් ඕනෑ. ඒ වෙනස අපේ දෑතින් නිර්මාණය කරන්න ඕනෑ. මේ හොරු රැලෙන් රට බේරාගෙන ශක්තිමත් ආර්ථිකයක් හදමු.
“රටේ මුළු මහත් ජනතාවම මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ-
මේ රටේ ජනතාව දිගු කාලයක් තිස්සේ ප්‍රගතිශීලී ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සිටියා. අන්න ඒ බලාපොරොත්තුව ඉටුවන දිනය ළඟටම අපි දැන් අවිල්ලා. මීට වසර 06කට පමණ පෙර තමයි අපි මේ රටේ ප්‍රගතිශීලී සංවිධාන නායකයන් එකතු කරලා ජාතික ජන බලවේගය ගොඩ නැගුවේ. ඒකට මේ රටේ ප්‍රගතිශීලී වගේම දූෂණයට, වංචාවට හා රට ගොඩනැගීමට දායකත්වය දෙන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. අද රටේ මුළු මහත් ජනතාවම මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා. මෙතෙක් මේ රට පාලනය කළ පාලක පංතිය දැන් හොඳටම බය වෙලා. ඒ බය නිසා තමයි 2023 පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. ඒ පළාත් පාලන මැතිවරණය තිබ්බා නම් ජාතික ජන බලවේගය නියත ලෙසම ජය ගන්නා බව රනිල් වික්‍රමසිංහලා දැන ගෙන හිටියා. ඒ නිසා තමයි ඒක කල් දැම්මේ. රනිල්ලා, පොහොට්ටුවේ නායකයොත්, සජිත්ලත් මේ ඔක්කෝම කලබල වෙලා තමයි ඒ පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට රනිල්ලා පයින් ගහපු නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා රනිල් රාජපක්ෂලා ඒ පළාත් පාලන මැතිවරණය කල් දැමීම විසින්, මේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතියක් උල්ලංඝනය කළා කියලා. ඒ නිසා මැතිවරණය කොමිෂමට නියෝග කරලා තියෙනවා, එම මැතිවරණය පවත්වන්න කියලා. ඒක අපි මේ රටේ ජනතාවට ලබා දුන්න තවත් ජයග්‍රහණයක්.
දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ එකම අභිලාෂය ඊළඟ මැතිවරණයෙන් නැවත අසුනක් දිනාගෙන පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි ඒ ගොල්ල මේ එහෙට මෙහෙට පනින්නේ. මේ පැනිලි තවත් ඉවර නැහැ. අපිට ඉදිරියටත් ඒව බලන්න පුළුවන්. එදා නාම යෝජනා දුන්න දිනයේ ලංකාව පුරා ජනතාව පාරවල්වලට, නගරවලට ඇවිල්ලා ජාතික ජන බලවේගයට, එහි නායක අනුර කුමාර සහෝදරයාට සුබ පැතුව හැටි ඔබ දකින්න ඇති. තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවෙන් අයින්වෙනකොට ඇය මොනවාද කිව්වේ කියලා ඔබ දකින්න ඇති. ජාතික ජන බලවේගය ප්‍රබලම දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට එනවා. දැන් ඒගොල්ලන්ට තිබෙන එකම විකල්පය රනිල්, සජිත් කණ්ඩායම් එකතු වෙලා ඊට මුහුණ දෙන එක කියලා එයාගෙ කතාවේදී එයා කිවුව, ඒක මුළු රටම දැක්කා. ඒ විතරක් නොවෙයි, අනුර කුමාර සහෝදරයා මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන බවද ඇය හැන්සාඩ් ගත කළා. ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේත් ජාතික ජන බලවේගය කියලා ඇය කිවුවා. අපි කියනවා ඒක ස්ථිරයි. සහතිකයි කියලා. අපේ ජය නියතයි. සැප්තැම්බර් 21 ජයග්‍රහණය පංගුකරුවන් වෙන්න කියලා ඔබට අපි ආරාධනා කරනවා.
“ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බලන්නට අවශ්‍ය නම් මාලිමාවට එන්න”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
අද බණ්ඩාරගමට එකතු වී සිටින මේ තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාම අනාගතය ගැන එකම එක හීනයක් දකිනවා. අනාගත සිහින දකින ඔබට අපගේ ඉතිහාස වංශ කතාව අලුතින් ලියැවෙන දිනය ලබන සැප්තැම්බර් 22 උදේ වෙන කොට උදාවෙනවා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි. ඔබෙත්, අපෙත් අපේක්ෂා, ප්‍රාර්ථනා ඉටුකරන, රටේ අනාගත බලාපොරොත්තුව, රටේ අනාගත නායකත්වය නියත වශයෙන්ම බාර ගන්න අපේ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වන නිසාමයි. ඒ පරිච්ඡේදය කතා දෙකක් ලියනවා. ඒ අවුරුදු 76ක් රටේ පාලනය ගෙනගිය මේ කසිකබල් වංචනික දේශපාලන පැළැන්තියේ අවසානය ලියැවෙන දිනය සැප්තැම්බර් 22 වන එක එකක්. අනෙක් එක තමයි ලාංකේය පුනරුද යුගයේ ආරම්භයත් සැප්තැම්බර් 22 ලාංකේය ඉතිහාසයේ වංශ කතාවට එකතු වෙන එක. මෙතෙක් කාලයක් මේ රට පාලනය කළ පාලකයන් ඇතුළු මේ ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයා සමග තරග වදින අනෙක් සියලු අපේක්ෂකයන් දන්නේ හොරකමයි, විකුණන එකයි ප්‍රතිපත්ති විරහිතව වැඩ කිරීමයි, බොරුවයි, වංචාවයි පමණයි. ඔබට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බලන්නට අවශ්‍ය නම් එන්න මාලිමාවට. අපි ඔබට දොරටු ඇර තිබෙනවා. අපිත් එක්ක අත්වැල් බැඳගන්න, කියලා අපි කියනවා. තව දින කිහිපයක් තියෙනවා හිතන්න. ඡන්දෙ දෙන්න තත්පරයකට කලින් හරි හිතන්න. ප්‍රතිපත්ති ගරුක දේශපාලනය කියන්නේ මොකෙක්ද කියලා. කා ළඟද ඒක තිබෙන්නේ කියලා බලන්න අපිත් සමග එකතු වෙන්න.
අවුරුදු පහක් මට රටක් බාර දෙන්න කියා ඉල්ලන නායකයෝ කවුද කියලා බලන්න. විල්පත්තු කැලේ කපපු කෙනාත්, ඊට දඬුවම් දෙන ලෙස ඉල්ලා කෑ ගැසූ සජිත් ප්‍රේමදාසත් අද එකම වේදිකාවේ. මොනතරම් නිර්ලජ්ජිත වැඩක්ද? මේ වගේ අයත් රටේ නායකත්වය ඉල්ලනවා. හැබැයි මාලිමාව වේදිකාවේ එහෙම අය නැහැ. ඒ දේශපාලන විගඩම් මාලිමා වේදිකාවේ නැහැ. හෘදය සාක්ෂියට එකඟ දේශපාලනය දැකගන්න ඕන නම් මාලිමාවේ වේදිකාව ළඟට එන්න. ජාතික ජන බලවේගය නමැති යෝධ ව්‍යාපාරය සමග අනුර දිසානායක සමග එකතු වෙන්න කියන ආරාධනය තමයි අපි ඔබට කරන්නේ. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ඉස්ලාම්පල්ලි දෙකක් ඉලක්ක කරගෙන මුස්ලිම් බැතිමතුන් ආගමික මෙහෙවරක ඉන්න කොට 51 දෙනෙකුට මරු කැඳවූ ඒ ප්‍රහාරය සිද්ධ වෙද්දි අගමැතිනි ජසින්ඩා හැඟීම්බරව කියනවා නවසීලන්තයේ අඳුරුම දිනය එහි ඉතිහාසයට එකතු වුණා කියලා. ලංකාවේ දේශපාලන නායකත්වයක් වෙනුවෙන් අමු අමුවේ මහා ජනසංහාරයක් කළා. කතෝලික පල්ලිවල යාතිකා කරමින් හිටපු විශාල ජනතාවක් සංහාරය කිරීම ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දී හිනාවෙවවී වෙච්ච දේ වුණා වගේ හිටියා. එවැනි හිරිකිත දේශපාලනයක නිරත වූ අය අද ඇවිත් ජනවරමක් ඉල්ලනවා නම් ඒ ගැන නැවත හිතා බලන්න. එක පාරක් රැවටුණා ඇති. දෙපාරක් රැවටුණා ඇති. මේ පාර අපි ඔක්කොම එකතු වෙලා මේ නිර්ලජ්ජිත අමානුෂික දේශපාලනය මේ රටින් සදහටම තුරන් කර දමමු.
“ජනතාවගේ ජනාධිපතිවරයෙක් බිහි වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස-
අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්වන බව දැන්නම් ස්ථිරවම පැහැදිලියි. ඒ බව තහවුරු කරන්නේ අද මෙතනට රැස්වෙලා ඉන්න ඔබ විතරක් නොවෙයි. අද උදේ තිබ්බලු පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවකිනුත් ඒ බව තහවුරු වෙනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ පක්ෂයේ දැනට ඉතුරුවෙලා ඉන්න මන්ත්‍රීවරු කිහිප දෙනාගෙන් මධුර විතානගේ කියලා තිබෙනවා සැප්තැම්බර් 21 ජනාපධිතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළාම ඒ අයට ජීවිත තර්ජනයක් එනවා කියලා බයයිලු. ඒකට හේතුව හැටියට කියලා තියෙන්නේ දැන් පොලීසියෙ ත්‍රිවිධ හමුදාවේ අති විශාල පිරිසක් මේවන විට මාලිමාවට එකතු වෙලා ඉන්නවලු. විශාල ජනතාවක් ජාතික ජන බලවේගය වටා පෙළගැසෙන විට මධුර විතානලා බියෙන් සලිත වෙනවා.
1977 එජපය දිනුවට පස්සේ එජාප මැරයෝ ගිහිල්ලා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැහුවා. ගෙවල් ගිනි තිබ්බා. දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවට පැනලා ඉන්න ප්‍රසන්න රණතුංගලගෙ ගෙටත් එජාප මැරයො ගහලා තිබෙනවා. කතාවට කියනවා අර්ජුනගෙ බැට් එක විතරයි බේරා ගත්තේ කියලා. ඒ දේම 94 ත් වුණා. ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදූ ගමන්ම ඒ දේම එජාප පාක්ෂිකයන්ටත් කළා. මතක තබා ගන්න 2024 සැප්තැම්ර් 22ට එළිවෙන්න මෙරට ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් වගේම සාමකාමීම මැතිවරණ සහ සාමකාමීම පශ්චාත් මැතිවරණය ලෙස ඉතිහාසයට එක්වෙනවා. අනුර කුමාර සහෝදරයාට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රට භාර දෙන්නේ ඇයි? සියලුදෙනාගෙම ජීවිත ආරක්ෂා කරන්න. හැමදෙනාටම සාමය ආරක්ෂා කරන්න තමයි අනුර සහෝදරයා ජනාධිපති වෙන්නේ. ඒ නිසා මධුර විතාන ඔයාලා ඒවට බය වෙන්න එපා. 22 මොකවත් ඔයාලට වෙන්නේ නැහැ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදාගෙන අමාත්‍යාංශ 25ක් නම්කරගෙන ඉතිහාසයේ පළමු වතාවට මහජන ආණ්ඩුවක් හැදිලා අපි කරන ප්‍රධාන වැඩ ටිකකුත් තිබෙනවා. මේ රටේ ජනතාවගේ ධනය කොල්ලකාපු, දූෂණය කරපු, හොරකම් කරපු, කප්පම් ගත්තු, දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කරපු අයට එරෙහිව ජනතාවගේ පරමාධිපත්‍යය ඉදිරියේ නඩු පවරනවා. ඒ සඳහා පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුව නිසි විධියට වැඩ කරලා අපි ඒ සියලු නඩු අධිරණයට බාර දෙනවා විසඳන්න කියලා අපි කිසිම අතපෙවීමක් කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස පස්සෙන් ගිහිල්ලා සුභ දිසාව බලලා නාම යෝජනා දෙන්න ගිහිල්ලා සවුත්තු වෙලා ඊළඟට 17 වැනිදා මෙතන රැස්වීමක් තිබ්බා. අද 22 අපේ රැස්වීම. එදා සජිත්ගේ කොහොමද? අද අපේ එක කොහොමද? මේ ජනතාව දැක්කම සජිත්ට අපේක්ෂකකමෙන් ඉල්ලා අස්වෙන්න හිතේවි. මේක තමයි රට පුරාම රැල්ල. 17දා තංගල්ලෙන් අපි පටන් ගත්තා රුහුණු රැල්ල. දැන් සුනාමියක් වගේ රට පුරාම හඹාගෙන යනවා. මේකට තමයි ප්‍රතිවාදියෝ බය. ඒ නිසා තමයි දැන් ඔය එක එක නරක හීන පේන්නේ. මෙතනට එන්න ජනතාව බොහෝ කාලයක් බලාගෙන හිටියා. ඇත්ත ඇති සැටියෙන් දකින්න බොහෝ කාලයක් ගියා. තමන්ගේ අත්දැකීම් ජාතික ජන බලවේගය වටා රොද බැඳගෙන එකතු වෙන්න පටන් අරගෙන තිබෙන්නේ. දැන් ජනතාව තීන්දු කරලා ඉවරයි. අපේ ජනාධිපතිවරයෙක් අපි තෝරා ගන්නවා කියලා.
අපි බලයට එන්නේ පොහොසත් රටක් හදන්න. ලස්සන ජීවිතයක් ඔබට ලබා දෙන්න. මේ දුක් විඳින ජනතාවට ඕනෑ එහෙම රටක්. අපේ රට ස්වභාවික සම්පතින්, මානව සම්පතින් පොහොසත් තමයි. හැබැයි පාලකයෝ මේ රට දුප්පත් කළා. අපි යන්නේ මහජන ආණ්ඩුවක් හදන්න. ඒකේ පළමු කාර්ය තමයි ඔබේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳන එක. ඒක සැලසුම් සහගතව කරන්න ඕනෑ. ඔබව පීඩාවට පත් නොකර හොඳ ජීවිතයක් ඔබට අත් විඳින්න අවස්ථාව සලසා දෙන එක අපි අපේ වගකීම කරගෙන ඉන්නවා. ඔබේ ප්‍රශ්නය විසඳන සැලසුම් හදන අද්විතීය විද්වත් මණ්ඩලයක් අපි සතුයි. සමහර විද්වතුන් බලාගෙන ඉන්නවා ඔවුන්ගේ පිටරට රැකියා අතහැරලා අපේ රටට ඇවිල්ලා තම සේවය ලබා දෙන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට එනකල් නොබෙල් තැග්ග දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ශ්‍රී ලාංකික විද්‍යාඥයාත් ඉන් කෙනෙක්. ඒ අය රටට සැබෑ ලෙසම ආදරය කරන මිනසුන්. ඔබගේ මහන්සියේ ප්‍රතිඵල අපතේ නොයවන මේ රටේ බිහිවෙන ඇත්ත ජනතාවාදී පාලනය අපි ගොඩනඟනවා. මේ ජනතා ආණ්ඩුවක් ජනතා ජනාධිපතිවරයෙක් බිහි වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
(-Colombo, August 22, 2024-) අද (22) දර්ගා නගරයේ පැවති විජයග්‍රාහී ජන රැළියට NPP ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී විය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන මාතෘකාව යටතේ පැවති මෙම රැළියට පෙර රැස්වීම්වලදී මෙන් NPP නායකයා වටා මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් රොක් වී සිටියහ. රැස්ව සිටි පිරිස අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක […]
(-Colombo, August 22, 2024-)
අද (22) දර්ගා නගරයේ පැවති විජයග්‍රාහී ජන රැළියට NPP ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී විය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන මාතෘකාව යටතේ පැවති මෙම රැළියට පෙර රැස්වීම්වලදී මෙන් NPP නායකයා වටා මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් රොක් වී සිටියහ.
රැස්ව සිටි පිරිස අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, අපි එක්ව ආණ්ඩුවක් හදමු, මේ රට යහපත් අතට වෙනස් කරන ආණ්ඩුවක්. ඒ සඳහා අපි වැඩ කළ යුතුයි, උපරිමයෙන් කටයුතු කළ යුතුයි. ඉදිරි මාසවලදී ඉදිරියට එන්න” යනුවෙනි.
එක්සත් වාම බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, ඒ.එස්.එම්. සාරුක්, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, කළුතර දිස්ත්‍රික් සංවිධායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, අරූස් අසාද්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික ජන බලවේගයෙහි කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික කාමන් මදප්පුලි මෙම රැළියට කථිකයින් ලෙස එක් විය.
(-Colombo, August 23, 2024-) ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් හා සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් නියෝජනය කරනු ලබන ප්‍රධානතම සංචාරක සංගම් කිහිපයක ප්‍රධාන නිලධාරීන් අතර සාකච්ජාවක් පසුගිය 22 දින බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දර්ඝ ලෙස සාකච්ජා කර ඇති […]
(-Colombo, August 23, 2024-)
ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් හා සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් නියෝජනය කරනු ලබන ප්‍රධානතම සංචාරක සංගම් කිහිපයක ප්‍රධාන නිලධාරීන් අතර සාකච්ජාවක් පසුගිය 22 දින බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
එහිදී ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර පැමිණි සංචාරක සංගම් විසින්ද අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. සංචාරක ප්‍රතිපත්ති කෙටුම්පතට තවදුරටත් සංවර්ධනය කිරිමේදී එම යෝජනා පිලිබඳවද සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමට ප්‍රතිපත්ති කමිටුව එකගතාවය පල කර ඇත.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.
(-ජාතික ජන බලවේගයේ අකුරණ මහ රැලිය – 2024.08.21-) අපේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව. උතුරට එරෙහි දකුණේ ආණ්ඩු, මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩු. හැදුවා. 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ මුස්ලිම් ජනයාට එරෙහිව. මහනුවර දිස්ත්‍රික්කයේ කවර පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් අකුරණ, හාරිස්පත්තුව, මහනුවර ප්‍රදේශ නියෝජනය කරමින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ගිය සැරේ පොහොට්ටුවේ […]
(-ජාතික ජන බලවේගයේ අකුරණ මහ රැලිය – 2024.08.21-)
අපේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව. උතුරට එරෙහි දකුණේ ආණ්ඩු, මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩු. හැදුවා. 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ මුස්ලිම් ජනයාට එරෙහිව. මහනුවර දිස්ත්‍රික්කයේ කවර පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් අකුරණ, හාරිස්පත්තුව, මහනුවර ප්‍රදේශ නියෝජනය කරමින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ගිය සැරේ පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුවේ මුස්ලිම් අපේක්ෂකයන් හිටියේ නැහැ. මුස්ලිම් ජනතාවට එරෙහිව ඔවුන් ඡන්ද ව්‍යාපාරය දියත් කළා. කළුතර හා කොළඹ ලැයිස්තුවලත් නැහැ. ඔවුන් ඡන්ද ව්‍යාපාර දියත් කළේ අනෙකාට එරෙහිවයි. අනෙකාට එරෙහිව ආණ්ඩු හදලා රටේ සමගිය හදන්න බැහැ. ඒ නිසා ලංකාවේ පළමු වැනි වතාවට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝගෙම බහුතරය දිනාගත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝම සහයෝගය දෙනවා නම් එතන තමයි ජාතික සමගිය ගොඩනැගීමේ ආරම්භය.
අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා, ගම්මාන මට්ටමෙන් සංවිධාන යාන්ත්‍රණය එළලා, සමාජයේ විවිධ කණ්ඩායම් බලවේග විදිහට පෙළගස්වලා, ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී ශක්තිමත්ව, ක්‍රමවත්ව, පිළිවෙළකට මැතිවරණ ව්‍යාපාරය දියත් කොට තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපියි. ජනතාවට තීන්දු ගන්න මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බැලුවත් ඇති. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙනකම් රනිල් පවත්වලා තිබෙන්නේ එක රැස්වීමයි. ඒකත් රටෙන්ම ඇදලා. ජනතාව ආමන්ත්‍රණය කිරීමක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ නැහැ. රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මුළුමනින්ම මැතිවරණ ව්‍යාපාරයට යොදවනවා. මුළු එක්සත් ජාතික පක්ෂයම නඩත්තු වෙන්නේ ආණ්ඩුවෙන්. රනිල් ආණ්ඩුවෙන් නඩත්තු වුණාට කමක් නැහැ. හැබැයි ජනාධිපති උපදේශක සාගල, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශකයෙක් වන අකිල විරාජ් ඇතුළු මේ සියලු දෙනාට ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව ඔක්කෝම ආණ්ඩුවෙන්. ජාතික සංවිධායක, සබරගමුවේ සංවිධායක, නවීන් දිසානායක, ආණ්ඩුවෙන් ගෙවල්, පඩි, වාහන, තෙල්, සල්ලි. ආශු මාරසිංහ තවත් ජනාධිපති උපදේශක කෙනෙක්. ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව. හරීන් ප්‍රනන්දු, මනුෂ නානායක්කාර දෙන්නා අමාත්‍ය ධුර හෙබවූයේ ආණ්ඩුවේ වාහන, සල්ලි, තෙල්, ආරක්ෂාව, ඇතිව. ආණ්ඩුවේ සල්ලිවලින් සංගීත සංදර්ශන තියනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගිහින් තරුණ තරුණියන් එකතු කරනවා. නඩු තීන්දුවකින් මන්ත්‍රීකම නැතිවුණා. ඒ එක්කම ඇමතිකමත් නැති වුණා. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු දැන් ජනාධිපති උපදේශකවරුන්. මේ තරම් උපදේශකවරු ඉන්නෙ රනිල් මෝඩයෙක්ද? මේ කරන්නේ ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම සඳහා උපදේශක තනතුරු දෙනවා.
ඒ විතරක් නොවෙයි. ජනාධිපති ඡන්දෙට තව දවස් 30යි. ඒ කාලෙටත් ඇමතිකම් දෙකක් දෙනවා. සුරේෂ් වඩිවෙල්ට, අලි සහීබ් මවුලානාට රාජ්‍ය ඇමතිකම් දෙනවා. මේ මොකටද, ආණ්ඩුවෙන් වාහන, තෙල්, පඩි, ලැබෙනවා, ඒ වගේම ඡන්දෙට ආණ්ඩුවේ ව්‍යාපෘති කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියනවා පොලිස්පති පත්කරන්න බැහැ. එම පත්කිරීම මැතිවරණ කාලේ වැරදියි කියලා. හැබැයි මව්ලානා, සුරේෂ වඩිවේල් පත් කරන්න පුවළුන්. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු උපදේශකවරුන් ලෙස පත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහගේ මුළු කැම්පේන් එක තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි, වාහන, තෙල්, ආරක්ෂාව මත. ඡන්දයකදි අපේක්ෂකයන්ට සමාන ලෙස තරග වදින්න ඉඩ තියෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ තරග වදින්නේ ආණ්ඩුවේ භාණ්ගාරයේ සල්ලිවලින්. අපි තරග වදින්නේ ජාතික ජන බලවේගයෙන්. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ එක පැත්තකින් අවලාද. අනෙක් පැත්තෙන් ෆොටෝ එකක්. ඡායාරූපයක් ගන්නවා, වීඩියෝ එකක් ගහනවා, බ්රේකින් නිව්ස් එකක් ගහනවා. එක උස මෑන් කෙනෙක් හැමතැනටම ගිහින් යන්න තැනක් නැතිව අවසානේ සජබයට ගියා. නගර සභාවේ කුණු ලොරියට ගියා. කිසි මතයක්, ප්‍රතිපත්තියක් තිබෙන කඳවුරක් නොවෙයි. ක්‍රිකට් බෝඩ් එකට සූදුව ගෙනාවේ, ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි විනාශ කළේ, ෂම්මි සිල්වලා පස්සේ ඉන්න තිලංග සුමතිපාල කියලා කෑ ගැහුවා. ක්‍රිකට් බෝඩ් ඒකෙ ආරක්ෂකයා අර්ජුන රණතුංග කිවුවා. ඒ තිලංගයි, අර්ජුනයි දෙන්නාම සජිත්ලා ගාව. ක්‍රිකට් බෝඩ් එක විනාශ කළ කෙනයි, එය ආරක්ෂා කරනවා කියන කෙනයි දෙන්නාම එකම තැනක. මේ දේශපාලනය මොකක්ද? ඒගොල්ලන්ට තිබෙන්නේ එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරන දේශපාලනය විතරයි. ඔය ගොඩක් අය සජිත් ගාවට ළඟට යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා.
අපට එහෙම ඕන නැහැ. අපට තිබෙන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අපේ මේ වේදිකාවේ ඉන්න හැමදෙනාම යම් ප්‍රතිපත්තියකට එකඟ වූ, අවංක, අදූෂිත අය. ඒ වගේම මේ රටත්, ජාතියටත් අසීමිත ලෙස ආදරය කරන අය. ඒ ගොල්ලන්ගේ වේදිකාවේ ඉන්නේ කොහොම හරි ඇමතිකමක් ගන්න බලාගෙන ඉන්න අය. මේ මැතිවරණය දිහා බැලුවත් ඇති දිනවන්න ජාතික ජල බලවේගය දිනවන්න ඕනෑ කියන තීන්දුව ගන්න. තිස්ස අත්තනායක පසුගිය දා ප්‍රකාශයක් කරනවා, “නුවර පෙරහැර නතර කරනවා කියලා” හරිනි සහා්දරිය කිවුවා කියලා. තිස්ස කියන්නේ 2015 මෛත්‍රීගෙ පිලයි, සම්බන්ධන්ලාගේ පිලයි රට බෙදන්න ගිවිසුමක් ගහලා කියලා කූට ලේඛන හදලා හිරේ ගියපු කෙනා. ඒකට තිස්ස අත්තනායක සමාව ගත්තේ නැත්නම් ආපහු තිස්ස අත්තනායක හමුවෙන්නේ අධිකරණයේදි. මේ බොරු, අසත්‍ය අවලාද ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. චරිත හේරත් කුරුණෑගල ගිහින් කියනවා අපි අවහම අත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවාලු. මීට සති දෙක තුනකට පෙර චරිත හේරත් අපිට කොළ එළිය දමමින් හිටියා. අපි ගත්තේ නැහැ. මේවා කියන්නේ ඒ ගොල්ලන්ගේ ක්‍රියාව වෙලා තිබෙන්නේ අවලාද නිසා. දැන් රාවුෆ් හකීම් මුස්ලිම් ජනතාව කේන්ද්‍ර කරගෙන අවලාද පටන්ගෙන තිබෙනවා. අපි කිව්වාලු, “සහරාන්ලා, ත්‍රස්තවාදීන් බිහි වෙන්නේ මුස්ලිම් අම්මාගේ ගර්භාෂයෙන්” කියලා. වට්ස්ඇප්වල යනවා. හකීම් තැන තැන කියමින් යනවා. සහරාන්ගේ සිද්ධිය සිදුවුණාට පස්සේ පාර්ලිමේන්තුවේ මම කළ කතාවක් තිබෙනවා. ඒක බලන්න මම කිව්වේ මොකක්ද කියලා. මම කිවුවා “මේ ත්‍රස්තවාදය, සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්තවාදී ගැටුම්, ඇති වන්නේ අන්තවාදීන්ගේ ගර්භාෂයෙන්” කියලා. හකීම්ට සමහර විට මම කිවුව වචනය තේරුනේ නැද්ද දන්නේ නැහැ.
දිගනට, අලුත්ගමට පහර දෙන්නේ පොදු සිංහල ජනයා නොවෙයි. අන්තවාදී, සිංහල ජාතිවාදී ගර්භාෂය තුළ ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වය. ප්‍රභාකරන්ලා බිහි වෙන්නේ දෙමළ ජාතිවාදී ගර්භාෂයේ. සහරාන්ලා බිහි වුණෙත් මුස්ලිම් අන්තවාදී ගර්භාෂයේ. ජාතික ජන බලවේගයේ අපි මොනතරම් අසීරු අවස්ථාවලදිවත් ජාතිවාදයට නොවැටුණු අයයි. මේ රට පත්වෙලා තිබෙන විපත්තියේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කෝම වින්දිතයන් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඔක්කෝගෙම වගකීමක් තමයි මේ විපත්තියෙන් මේ රට මුදා ගැනීම. ඒ මුදා ගැනීම සඳහා තිබෙන ආරම්භක අවස්ථාව තමයි සැප්තැම්බර් 21 දවස. ජාතික ජන බලවේගය අතට දේශපාලන බලය මාරු කර ගැනීම. අපි පළමුවෙන්ම දේශපාලකයා ආදර්ශය දෙන්න පටන් ගන්නවා. ඇමතිවරයා මහජනයාගේ සේවකයෙක් කියන සංකල්පයට අපේ රටේ දේශපාලනය පරිවර්තනය කරනවා. අපේ රටේ තිබුණු පළි ගැනීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපි දිනලා ජයග්‍රහණය සැමරීමේ ආදර්ශයත් අපි මේ රටට දෙමු. පියවරෙන් පියවර මේ රට හදන්න පටන් ගනිමු.
පළමුව ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. අලුත් ව්‍යවස්ථාවක් අපි සම්මත කර ගන්නවා. කතා කරන භාෂාවේ අයිතිය, අදහන ආගමේ අයිතිය, අනුගමනය කරන සංස්කෘතියේ අයිතිය පිළිගන්නා රාජ්‍යයක් බවට පරිවර්තනය කරනවා. හැමෝටම සමානව සලකන ආණ්ඩුව බවට පත් කරනවා. ආණ්ඩුවට ධනය එන්නේ කොහොමද? එළියේ කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා, ධීවර කර්මාන්තයේ ඉන්න ව්‍යවසායකයා, කෘෂිකර්මාන්තයේ ඉන්න ගොවියා රටට ධනය උත්පාදනය කරනවා. ඒ ගොල්ලන් උපයන ධනයෙන් බද්දක් ලෙස යම් ප්‍රමාණයක් ආණ්ඩුවට අරගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි වැඩි කර ගන්න නම්, තව තවත් කර්මාන්ත, ව්‍යාපාර, ඇති කරන්න ඕනෑ. ධීවරයා මත්ස්‍ය අස්වැන්න වැඩි කරන්න ඕනෑ. එතකොට රටේ ධනය වැඩි වෙනවා. භාණ්ඩාගාරයටත් ධනය එකතු වෙනවා. රට පොහොසත් වෙනවා, ආණ්ඩුවත් පොහොසත් වෙනවා. එතකොට අධ්‍යාපනය සඳහා, සෞඛ්‍යය සඳහා සල්ලි ආණ්ඩුවෙන් වැඩිපුර ගලාගෙන එනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩේ තමයි, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවාට සහාය දීලා ඒ අයගේ ධනය වැඩි කිරීම. ඒ වගේම අලුත් ව්‍යාපාරිකයන් හදන්න ඕනෑ. එතකොට තමයි භාණ්ඩාගාරයට වැඩිපුර සල්ලි එන්නේ.
අපි ආරම්භ කරනවා අලුත් සංවර්ධන බැංකුවක්. ඕනෑම තරුණයෙකුට පුවළුන් තමන් ආරම්භ කරන ව්‍යාපාරය පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් දෙන්න. ඒ ව්‍යාපෘති වාර්තාව සැලකිල්ලට භාජනය කරලා, ශක්‍යතාවයෙන් යුතු ව්‍යාපෘතියක් නම්, ආණ්ඩුව බැංකුවට ගැරන්ටියක් දෙනවා. එවිට තරුණයාට සල්ලි ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරියා අදියරෙන් අදියර මේ ගැන සොයා බලනවා. ඒ තුළ අලුත් කර්මාන්තකරුවෙක් හැදෙනවා. ජාතික ජන බලවේගයේ සංවර්ධන බැංකුවේ සංකල්පය ඒක. අපි ඇප රහිත ණය මුදලක් දෙන්නේ. අලුත් කර්මාන්තකරුවන්, අලුත් ව්‍යවසායකයන් බිහිකරන්න ආණ්ඩුව අතහිත දෙනවා. අපි ලෝකයේ ආර්ථිකය සොයා යන්න ඕනෑ. අප්‍රිකානු කලාපයේ දැවැන්ත ව්‍යාපාරයන් කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. අප්‍රිකානු කලාපයේ විශාල අවස්ථාවන් තිබෙනවා. නමුත් තානාපති කාර්යාලයක් නැහැ. අපි ඉතා ඉක්මනින් තානාපති කාර්යාල අරිනවා. අලුත් වෙළඳපොළ හොයන්න හොඳ තරුණ කණ්ඩායමක් යවනවා. ඒ අවස්ථාවන් සොයා ඒ සඳහා රජය මැදිහත් වෙනවා.
අපි සියලු දෙනා එකතු වෙලා, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වෙලා, විශ්වාසය තිබෙන ආණ්ඩුවක්, විශ්වාසය තිබෙන පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21දා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න වැඩ කරන්න, මැදිහත් වෙන්න, එකතු වෙන්න.
(-ජාතික ජන බලවේගයේ ගම්පොළ මහ රැලිය – 2024.08.21-) ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් පමණක් නොවෙයි, ඔබේ නිර්මාණය, ඔබේ ශක්තිය, ඔබ තමයි මේකෙ අයිතිකරුවෝ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් අනුර සහෝදරයාව ඉහළින්ම ඔසවා තැබුවේ ඔබයි. ඉතිහාසයේ පුළුල්ම ජනතා බලවේගය තමයි ජාතික ජන බලවේගය. ඒ ජනතා බලවේගය තමයි ලබන 21වැනිදාට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ. […]
(-ජාතික ජන බලවේගයේ ගම්පොළ මහ රැලිය – 2024.08.21-)
ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් පමණක් නොවෙයි, ඔබේ නිර්මාණය, ඔබේ ශක්තිය, ඔබ තමයි මේකෙ අයිතිකරුවෝ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් අනුර සහෝදරයාව ඉහළින්ම ඔසවා තැබුවේ ඔබයි. ඉතිහාසයේ පුළුල්ම ජනතා බලවේගය තමයි ජාතික ජන බලවේගය. ඒ ජනතා බලවේගය තමයි ලබන 21වැනිදාට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ.
මේ වෙනකොට අපේ රටේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා තිබෙන බව පැහැදිලියි. එක පැත්තකින් රට හදන්න ගොඩනඟන්න හෘදය සාක්ෂියක් තිබෙන අය එකතුවෙලා ඉන්න ජාතික ජන බලවේගය. අනෙක් පැත්තෙන් මාලිමාවට එරෙහිව එකතු වෙලා ඉන්න කඳවුර. ඒ ගොල්ලන්ගේ එකම ඉලක්කය මැලිමාවේ ජයග්‍රහණය වළක්වන එක. ඒක කරන්න කීයටවත් බැහැ. මොකද ජනතාව ඉන්නේ මාලිමාවත් එක්ක. ඔබ මේ දිනවල දකිනවා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන පැනිලි. කාගෙ හරි නමක් කිවුවොත් එයා කොයි පැත්තෙද ඉන්නේ කියල ගොඩක් වෙලා කල්පනා කරන්න අපිට සිද්ධ වෙලා. ඔවුන් ප්‍රතිපත්තියක් නැති ගෞරවයක් නැති, තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයින්ට ගරු කරන්නේ නැති ඉතාම පටු පෞද්ගලික වුවමනා වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන්න ඔවුන් සූදානම්. මාලිමාවේ ආණ්ඩුවකින් අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මේ විදියට ජනමතයට පයින් ගහලා පක්ෂ මාරුකරනවා, නම් ඒ අයගේ මන්ත්‍රීකම අහෝසි කරන්න. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ මොකටද? කාව නියෝජනය කරන්නද කියන එකත් දැන් ඔවුන්ට අමතක වෙලා. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා තිබෙන්නේ මෙවැනි දූෂිත ප්‍රතිපත්ති රහිත දේශපාලකයන් නිසා. අද වැඩිහිටියෝ බඩ ගින්නේ. ළමයි බඩ ගින්නේ. තරුණ තරුණියෝ රට දාලා යනවා.
ජීවත් වෙන්න තිබෙන සියලු අවස්ථා අපෙන් උදුරාගෙන මනුෂ්‍යත්වය පවා අපිට අහිමි කරලා. ගෙයි සාලෙ පින්තූර තියෙනවා. පවුලෙ කට්ටිය ඔක්කෝම හිනාවෙලා ඉන්න. හැබැයි ගෙදර නැහැ. අම්මයි තාත්තයි පින්තූර දිහා බලාගෙන ඉන්නවා. ළමයි රට දාලා ගිහිල්ලා. ඔවුන්ට එහෙම යන්න වෙලා තිබෙන්නේ මේ දූෂිත පාලන ක්‍රමය නිසා. මේක අපි වෙනස් කරන්න ඕනෑ. දේශපාලනය කියන්නේ ජනතා සේවයක්; ව්‍යාපාරයක් නොවෙයි. දූෂිත, දූෂණයට එරෙහි හරියටම නීතිය ක්‍රියාත්මක කරන, ජනතාවට සේවය කරන සැබෑ දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවා ගත යුත්තේ. එවැනි අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ අදූෂිත නායකත්වයකට පමණයි. අනුර කුමාර දිසානායක කියන්නේ අන්න එවැනි අදූෂිත නායකයෙක්. මේ රටේ ජනතාවගේ ජීවිත හොඳින්ම තේරුම් ගත් කෙනෙක් කුඩා වයසේ සිටම මේ රටේ ජනතාට වෙලා තිබෙන අසාධාරණකම්, අසමාන සැලකිලි හොඳින් දන්න කෙනෙක්; අත්වින්ද කෙනෙක්. ඔහු අවුරුදු 30ටත් වඩා වැඩි කාලයක් මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න කැප වුණු කෙනෙක්. අවුරුදු 20කට එහා සිට ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සටන් කළ කෙනෙක්. එතෙක් කල් දේශපාලනයේ ඉඳලා ඔහුට විරුද්ධව කිසිම චෝදනාවක් කිසිවෙකුට එල්ල කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා හතුරන් කරන්නේ ඔහුට විරුද්ධව බොරු අවලාද මඩ ගසා දමන එක පමණයි. දූෂිතයන් ඔහුට බයයි. මොකද? පාර්ලිමේන්තුව තුළ ඔහු තමයි දූෂිතයන්ව නිර්භයවම හෙළිදරව් කළේ. ඔහු තමයි අපි වගේ ව්‍යාපාරයකට ඉන්න පුළුවන් හොඳම නායකයා. ඒ නිසා තමයි ඔහු අද වන විට ජනතාවගේ හදවත්වල ඉන්න නායකයා බවටත් පත්වෙලා තිබෙන්නේ. සැප්තැම්බර් 21 උදෙන්ම ගිහිල්ලා ඔබේ වටිනා ඡන්දය, ඔබ අපි ප්‍රාර්ථනා කරන වෙනස වෙනුවෙන් පාවිච්චි කරන බව අපට විශ්වාසයි. මේ අවලාදවලින් මඩවලින් ඒක වෙනස් කරන්න බැහැ.
මේ රට හදන්න පුළුවන්. මේක නැති කරලා තියෙන්නේ මේ රටේ ජනතාව නොවෙයි. මේ ත්‍රාඩ දේශපාලුවන් හා දේශපාලනය විසින්. අපේ වගකීම තමයි මේක වෙනස් කරන එක. අන්න ඒ වෙනුවෙන් අපි සූදානම් වෙමු. ඒ සඳහා පළමු පියවර සැප්තැම්බර් 21 ගනිමු. මේ රටේ පළමු වතාවට රටේ ජනතාව සැබෑ ලෙසම නියෝජනය කරන පාලනයක් හා නායකයෙකු පත්කර ගනිමු.
“ඡන්දෙ ගත්තු නායකයො වාසි බලාගෙන පැන්නට ජනතාව ඉන්නෙ මාලිමාව එක්ක”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ-
පලනි දිගම්බරන් සහ වේළුකුමාර් අතර වලිය කවුරුත් දකින්න ඇති. වේළුකුමාර් නුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දිගම්බරන් නුවරඑළියෙන් තේරී පත් වී සජිත් එක්ක ඉන්නවා. වතුකරයේ ඉන්න තේ වතුවල අව්-වැසි නොබලා ශ්‍රමය වගුරුවන අම්මලා, තාත්තලාගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු ගිහින් ඒ ඡන්ද ටික ගෙඩි පිටින් කාලයෙන් කාලයට විකුණා තමන්ගේ සාක්කුව තර කර ගන්නා පිරිසගේ ක්‍රියාකලාපය දැන් පැහැදිලියි. ඡන්දය කිට්ටු වෙද්දී, වතුකරයේ ජනතාවගේ දවසක පඩිය රුපියල් එක්දහස්හත්සීයක් කරන බවට නැවත කියවමින් එන අතිශය මුග්ධ අය, චණ්ඩිකමින් තමන්ගේ දේශපාලනය කරන්න එනවා. වේළුකුමාර්, දිගම්බරන්ට කීවේ කුඩු දිගා කියලා. අපි දන්නේ නැහැ කුඩු ගහනවා ද? කුඩු විකුණනවා ද කියලා. හැබැයි, එයාගේ යාළුවා වේළුකුමාර් තමයි, කිවුවේ. දිගම්බරන් වේළුකුමාර්ට කියනවා බාර් කුමාර් කියලා. මෙච්චර කාලයක් ඒ ගොල්ලන් දේශපාලනය ගෙන ගිය ආකාරයත්, ලබා ගත් ජනවරමට කළේ මොනවා දැයි ඉතාමත් පැහැදිලියි.
අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව, ඉවසීමෙන් ජාතික ජන බලවේගයේ දේශපාලනය කරගෙන ඇවිත් ඉන්නේ. මේ වන විට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියන එක රටේම ජනතාවට පැහැදිලියි. ඊයේ, පෙරේදා පිල් පැන්න චරිත හේරත්ලා, නාමල් රාජපක්‍ෂලා දළදා මාලිගාව වටේ රේස් පදින කාලයේ නිහඬව ඉඳලා අපේ පාලනයක් යටතේ පෙරහැර තහනම් කරන බව කියනවා. නැවත වතාවක් රට, ජාතිය අනතුරේ බව කියලා බිල්ලන් මවලා ඉදිරියට එන්න බැහැ. නාලක ගොඩහේවාලා, චරිත හේරත්ලා, චන්න ජයසුමනලා, විමල් වීරවංශලා, නාමල් රාජපක්‍ෂලා එක්ක එකතු වී මුස්ලිම් ජනතාව වෛරක්කාරයන් බවට පත් කරන ප්‍රචාර හැදුවා. දොස්තර සාෆි මවුවරුන් දහස් ගණනක් වඳ කළ බවට කතා හැදුවා. චන්න ජයසුමනලා තව දුරටත් ජාතිවාදය වපුරලා, අවසානයේ පාස්කු ප්‍රහාරය එල්ල කර 2019 ජනාධිපතිවරණයට පාර කපා ගත්තා. නුවර දිස්ත්‍රික්කයෙන් ලොහාන් රත්වත්තලා, මහින්දානන්ද අලුත්ගමගේලා, දිලුම් අමුණුගමලා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැව්වා. ඒ අය අද වාසි පැති බලලා පැනලා. නමුත්, ඔවුන්ට ඡන්දය දුන් ජනතාව අද ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. දැන් ඉන්නේ තව දුරටත් ඔවුන්ගේ උප්පරවැට්ටිවලට හසු නොවන ජනතාවක්.
“දේශීය වගාකරුවන් ආරක්ෂා කරගන්න අනුර සහෝදරයා දිනවන්න”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එස්.එම්. පස්මින්-
අපේ ප්‍රදේශයට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන කුළුබඩු ගැන කෙටියෙන් අදහස් දක්වන්න මම කල්පනා කරනවා. යන යකා කඩාගෙන යනවා වාගේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් ගම්මිරිස් සහ කරුංකා කන්ටේනර් ගණන් ගෙනැවිත් තිබෙනවා. ගම්පොළ ආසනය කියන්නේ ගම්මිරිස්, කරාබුනැටි, කරුංකා බහුලව තිබෙන ප්‍රදේශයක්. ගම්මිරිස් මිල රුපියල් 2300, 2400 දක්වා ඉහළ ගියා. කරුංකා රුපියල් 1300ට ගියා. අද වෙන කොට රුපියල් 750ට වැටිලා. ගම්මිරිස් රුපියල් 1200ට වැටිලා. ඒකට හේතුව බැඳුම්කර කොල්ලයට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් මේ කුළුබඩු ගෙන්වීමයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය නවත්වා දේශීය වගාකරුවන් ආරක්‍ෂා කිරීමට මාලිමා රජයක් යටතේ කටයුතු කරනවා. එහි ආරම්භක පියවර ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීමට අපි හැම දෙනාම කැප වී කටයුතු කරනවා.
“අපි මෙතෙක් කල් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න දිනය අතළඟයි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ තුෂාරි ජයසිංහ-
පසුගිය මැතිවරණයේ දී ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කර යැවූ මන්ත්‍රීවරු අද ඉන්නේ ඔබ තෝරා යැවූ පිලේම ද? පිල් පනිමින්, අද ඔවුන් ඉන්නේ කොතැන ද කියලා හිතා ගන්න බැහැ. පිල් පනිමින්, ඔවුන් කෙළිදෙලෙන් ඉන්න අතර, ඡන්දය දුන් අපේ ජීවිත ගෙන යන්න බැරි තත්වයට ඇද දමා තිබෙනවා. මේ තත්වයට තිත තියන දවස ලබන 21 වැනිදා මුළු ශ්‍රී ලංකාවම එකතු වී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීමෙන් ආරම්භ කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳගෙන සිටින සියලුම දෙනාගේ මුහුණුවල ප්‍රබෝධය අපට දකින්න පුළුවන්. අපි මෙතෙක් කල් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න දිනය අතළඟයි සහෝදර, සහෝදරියනි. මේ රටේ ජනතාවගේ දුක හඳුනන, ජනතාව අතරින් සියලු දෙනා එකාවන්ව සලකන අපේ නායකයා තෝරා ගන්නා දිනය ඉතාම ආසන්නයි. ඉදිරි දින කිහිපයේ දී තව දුරටත් ජනතාව මාලිමාව වටා එක්රැස් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
“යා යුත්තේ කොහේද කියන එක කඳුකර ජනතාවට දැන් හොඳටම පැහැදිලියි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය සිවප්‍රකාශන්-
කඳුකර ජනතාව නියෝජනය කරමින්, මේ දක්වා තෝරා යැවූ මන්ත්‍රීවරු ගැන අදහසක් දිගම්බරන් සහ වේළුකුමාර් අතරේ ඇති වුණු ගුටිබැට හුවමාරුවෙන් තේරුම් ගන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුට වෙන කොහෙවත් නොගිහින්, ඔවුන්ගේ සටන් රූපගත කරන්න පුළුවන්.
කඳුකර ජනතාවට දැන් හොඳටම පැහැදිලියි කොහෙට ද යන්න ඕනෑ කියලා. මොනවා ද කරන්න ඕනෑ කියලා. මහනුවර දිස්ත්‍රික්කය විශේෂයි. මේ දිස්ත්‍රික්කයේ කඳුකර ජනතාව සහ මුස්ලිම් ජනතාව සියයට පණහට වැඩියෙන් දැන් තෝරාගෙන ඉන්නේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාවයි. අපට ජය නියතයි. අපේ අනාගත ජනාධිපතිතුමා සාමාන්‍ය ජනතාව අතරින් ආව අනුර කුමාර දිසානායකයි. ජාතික ජන බලවේගය කියන්නේ අපේ පක්‍ෂයක් නොවෙයි, මහජනතාවගේ පක්‍ෂයක්. මහජනතාව මේ ඡන්දයෙන් දිනන එක ස්ථිරයි. මෙතැන වැඩිපුර ඉන්න සිංහල සහෝදරවරුන් ඉදිරිපත් වී දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරවරියන්ට මාලිමා ලකුණ ගැන කියලා දෙන්න. දිශාව පෙන්වන මාලිමාව ගැන හැම දෙනාටම පැහැදිලි කර දෙන්න. රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කරන ලොකුම මෙහෙය මේ අවබෝධය ලබා දීමයි. මහනුවර දී සියයට හැත්තෑවකට වඩා ඡන්දය ලබාගෙන මාලිමාව ජයග්‍රහණය කරනවාමයි.
“මුළු රටේම පවතින අන්ධකාරය තුළින් ජාතික ජන බලවේගයේ දීප්තිමත් ආලෝකය දැක්කා”
-විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ-
මම ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා උසස් පෙළ ඉගෙන ගන්න අවධියේ යුද හමුදාවට බැඳී වසර 36ක් සේවය කර 2021 දී මේජර් ජෙනරාල්වරයකු වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වී විශ්‍රාම ගත්තා. අවුරුදු 36 සේවා කාලයෙන් අවුරුදු 26ක්ම සිටියේ යුදබිමේ. යුද්ධය නිම කිරීම නිසා සිංහල සහ දෙමළ සහෝදරයෝ දෙගොල්ලම මැරෙන එක නතර කරන්න හැකි වුණා. යුද්ධය නිම කිරීමෙන් පසු උතුර සහ නැඟෙනහිර ගොඩනැඟීමේ කටයුතුවලට සක්‍රියව සහභාගි වුණා. මම විශ්‍රාම ගිය පසු 2022 අප්‍රේල් 12වැනිදා මේ රට බංකොළොත් කියලා ප්‍රකාශයට පත් කළා. ගුවන් යානයක් කඩාගෙන වැටෙනවා වාගේ කඩාගෙන වැටුණේ නැහැ. පාලකයන් කිසි කෙනෙක් මේ විදියට කඩාගෙන වැටෙන බව දන්නේ නැද්ද? රට බංකොළොත් කීවාම අපි මවිතයට පත් වුණා. තිස් වසරක් යුද්ධය වෙනුවෙන් අධික වියදම් දැරූ රට බංකොළොත් වෙන්නේ යුද්ධය අවසන් කර අවුරුදු 12කට වැඩිය ගත වූ පසුවයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන ජර්මානු ජාතික නාට්‍යකරුවා කීවේ, “යුද්ධය ඉවරයි, සාමය එනවා, පරිස්සම් වෙයල්ලා” කියලයි. ඇත්තටම පරිස්සම් වෙන්න ඕනෑ යුද්ධයෙන්. නමුත්, බ්‍රෙෂ්ට් කියන්නේ “සාමය එනවා, පරිස්සම් වෙයල්ලා” කියලා. යුද්ධය ඉවර වී සාමය ආවාට පස්සේ කොල්ලකාරී පාලකයන් යුද ජයග්‍රහණයේ ආකර්ෂණයට මුවා වී වේගයෙන් රට කොල්ලකන්න පටන් ගත්තා. ඉංග්‍රීසින් මේ රට පාලනය කරමින්, කොල්ලකෑම් සිදු කළත්, අපට රට භාර දෙන වෙලාවේ භාණ්ඩාගාරයේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගියා. 1950 දී එංගලන්තයට පවුම් මිලියන 50ක ණයක් දෙන්න තරම් පොහොසත් භාණ්ඩාගාරයක් තිබුණා. යුද්ධය අවසන් වූ පසු මුළු රට ම අන්ධකාරයේ හෙළුවත්, ඒ අඳුර තුළින් ජාතික ජන බලවේගයේ අලෝකය අප සියලු දෙනාටම දැකගන්න ලැබුණා. මටත් ජාතික ජන බලවේගයේ ආලෝකය දැකගන්න ලැබුණේ මේ පාලකයන් රට අන්ධකාරයේ හෙළුවාට පසුවයි. ඔවුන්ගේ දේශපාලනය කෙතරම් දීප්තිමත් ද කියලා දැකගන්න ලැබුණා. මෙතෙක් සිටි පාලකයන් මේ රට තුළ ගොඩනැඟූ දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කර අදූෂිත, රටට ආදරය කරන ජනතාවාදී මාලිමාවේ දේශපාලනඥයන් සමඟ විශ්‍රාමික අපත් එකතු වී සිටිනවා. 50,000කට අධික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ‘අදිටන’ වටා සංවිධානය වී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවා, රට පුනරුද යුගයක් කරා ගෙන යන්න කැප වී ක්‍රියා කරනවා.
“මඩ අවලාදවලට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුත් රැවටෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-
අද මධ්‍යම කඳුකරයත්, ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පොළ දී මුළු රටටම ලබා දී තිබෙනවා. වෙනදා දකුණ, උතුරට එරෙහිව ඡන්ද පාවිච්චි කළා. ඒ වාගේම උතුර, දකුණට එරෙහිව ඡන්ද පාවිච්චි කළා. නමුත්, මෙවර ඡන්දය පාවිච්චි කරන්නේ කිසිවකුට එරෙහිව නොවෙයි. මේ රට විනාශ කළ හොරුන්ට එරෙහිව රටේ සියලුම ජනතාව උතුර, දකුණ එකට හිටගෙන පෙළගැසී සිටින බවයි අද මෙතැන දී ලබා දී තිබෙන පණිවුඩය. රටේ සියලුම දෙනා පවසන්නේ මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කඩඉම ලෙස සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරා පත් කර ගන්නා බවයි. ඉස්සර රජාගෙන් රජාට, ඊට පස්සේ හොරාගෙන් හොරාට මාරු වුණු බලය මෙවර හොරාගෙන් ජනතාව අතට රැගෙන එන බව සමාජ මාධ්‍ය පණිවුඩයක සඳහන් වෙනවා. මේ නිසා සමහරු කලබල වෙලා. අපි කතා කරන දේවල පුංචි පුංචි කෑලි අරගෙන මඩ ගහන්න පටන්ගෙන තිබෙනවා. ගිය ජනාධිපතිවරණයටත් පෙර කළ කතාවක කොටස් මේ වෙනුවෙන් යොදා ගන්නවා. මේ ප්‍රචාරවලට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුත් රැවටෙන්නේ නැති බව ගම්පොළ නගරයේ දීත් තහවුරු වී තිබෙනවා. එළැඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් තව තවත් ධෛර්යයවත් වෙමින් රොද බඳිමු කියන ආරාධනය මම ඔබ සැම ඉදිරියේ තබනවා.
“සෑම දෙනා තුළම සිටින ප්‍රබෝධවත් මිනිසා අවදි කරමින් ජාතික ජන බලවේගය දිනවමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
මෙතෙක් ඇදහැලුණු වැස්ස තුරල් වුණා. කුඩ ඉහළාගෙන් සිටි අත් දෙක දැන් නිදහස්. අනුර සහෝදරයා තව ටිකකින් එනවා. මේ වේදිකාවේ සිට හාත්පස බලන විට ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් රාජකාරියේ නියැළී සිටින බොහෝ දෙනකු දැකගන්න පුළුවන්. ඔවුන් අද ආරක්‍ෂාව සපයන්නේ සැප්තැම්බර් 22වැනිදා මේ රටේ නියත වශයෙන්ම ජනාධිපති ලෙස තේරී පත් වන අනුර කුමාර සහෝදරයාගේ රැලියට බව සඳහන් කරන්න ඕනෑ. ගම්පොළ ආසනය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 107,000ක් වෙනවා. එයින් ලක්‍ෂයක් අනුර සහෝදරයාට ලබා දීමේ අභියෝගය අපි කවුරුත් එකතු වී භාර ගනිමු. ජාතික ජන බලවේගය කියන්නේ අභියෝගවලට මුහුණ දෙන්න බය නැති, සහෝදර ජනතාව බලමුළු ගන්වන්න බය නැති බලවේගයක්.
බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ලංකාව නිදහස් වුණාට පසු මෙතෙක් සිටි පාලකයන් රට විනාශ කළ පසුව නැවත මේ රට ගොඩනැඟීමේ පරිවර්තන යුගයකට අප පැමිණ සිටිනවා. ඒ වෙනුවෙන් අපේ පංතියේ, අපේ සහෝදරයෙක්, නිදහස් අධ්‍යාපන පද්ධතියෙන් බිහි වුණු බුද්ධිමතෙක් මේ රටේ ජනාධිපති බවට අපි හැමෝම එකතු වී පත් කර ගන්නවා. අපි ඉන්නේ, මේ රටේ සෑම ජනතාව තුළම සිටින ප්‍රබෝධවත් මිනිසා අවදි කරමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ අබිමුවයි. ජාතික ජන බලවේගය විසින් අපි හැමෝම තුළ නිදහස්කාමී මනුෂ්‍යයෙක් නිර්මාණය කර තිබෙනවා. මේ දුෂ්කර ඉනිමඟ මේ දක්වා පැමිණ සැප්තැම්බර් 21වැනිදා අපේම ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න පෙළගැසෙමු. අප ඇතුළේ සිටින දීනයා, පරාජිතයා, අසරණයා ඉවතට ඇදදමා පුනරුද යුගයේ ධෛර්යවන්ත මිනිසකු ලෙස සාමුහිකව ආත්ම ශක්තියෙන් නැඟිටිමු.