Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ගොවි ජනතාවට සමාජ වටිනාකම් හැදෙන නව කෘෂිකර්මාන්තයක් ඇති කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ අනුරාධපුරය ගොවි රැලිය – බුල්නෑව – 2024.07.30-) ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා. දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම […]

(-ජාතික ජන බලවේගයේ අනුරාධපුරය ගොවි රැලිය – බුල්නෑව – 2024.07.30-)

Govi-Rally-Bulnewa

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා. දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටක්. නමුත් මේ පාලක කණ්ඩායමට අපේ රට හදන සැලැස්මක් තිබුනේ නැහැ. අපේ රට පොහොසත් කරන්න, ජනතාව පොහොසත් කරන්න පාලකයන්ට ඕනෑකමක් තිබුණේ නැහැ. ජනතාව දුප්පත් වුණාම ඡන්දෙ කාලෙට හාල් කිලෝ 20ක් දීල, තහඩු ටිකක් දීල, සිල් රෙදි දීලා, රස්සාවක් දීලා ඡන්දෙ ගන්න පුළුවන්. රටේ ජනතාව පොහොසත් වුණොත් ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවර වෙනවා. ජනතාව පොහොසත් වුණොත් දේශපාලකයා පස්සේ යන්නෙ නැහැ. රට වැටුණට ඒගොල්ලන්ගේ පවුල් වැටුණේ නැහැ. ඒ ගොල්ලෝ පොහොසත් වුණේ රස්සාවල් කරලා නොවෙයි; දේශපාලනය කරලා; ධනය පොදි ගහලා. මේ රට මෙච්චර කාලයක් පාලනය කළේ රටේ උඩින් හිටිය අය. සේනානායක බෝතලේ වලව්ව, බණ්ඩාරනායක හොරගොල්ල වලව්ව, ජේ.ආර්.ලා, රනිල්ලා, කොල්ලුපිටිය වලව්ව, රාජපක්ෂලා හම්බන්තොට මැදමුලන. අවුරුදු 76ක් මේ ගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ලංකාවේ මුළු දේශපාලනයම පවුල් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් රට වැට්ටුවා.

පාර්ලිමේන්තුවේ නිතරම කියන්නේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. මහ බැංකුවේ කෝටි 1100ක් සීනි බදු වංචාව කෝටි 1500ක් පොල්තෙල් බදු වංචාව කෝටි 350යි. වීසා වංචාව ඩොලර් කෝටි 104යි. පාලකයන්ගේ ගජ මිතුරන්ට සල්ලි පොදි ගහගන්න ඉඩ දෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩු නිසා. මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරනවා. ජනතාව ගන්න සීනි ටිකට, බෙහෙත් ටිකට, මිලදී ගන්න සෑම බඩුවකටම බද්දක් ගෙවන්න ඕනෑ. අර්ජුන් ඇලෝසියස් අරක්කුවලින් බදු අරගෙන තියෙනවා. ඒත් ආණ්ඩුවට ගෙවලා නැහැ. වයඹ අරක්කු ජොන්ස්ටන්ගේ. ආණ්ඩුවට බදු ගෙවලා නැහැ. දයා ගමගේ මහජන බැංකුවෙන් ණය අරගෙන ගෙවන්නේ නැහැ. ඒවා බොල් ණය හැටියට කපා හරිනවා. කෝටි 50කට වැඩියි. හැබැයි ජනතාවට සහනාධාර දෙන්න බැහැ කියනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. කෝටි තුන ගානේ විකුණනවා. පෙට්‍රල් ෂෙඩ් ලයිසන් විකුණනවා. මේවා ඒගොල්ලන්ගේ ආණ්ඩු. ජනතාව මාරුවෙන් මාරුවට ඡන්දෙ දුන්නාට, ආණ්ඩු ගෙනාවාට හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩු.

Govi-Rally-Bulnewa

අපේ රටේ එකින් එක පැටලුණු නූල් බෝලයක් වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඉතා සංයමයෙන්, වැඩපිළිවෙළක් සහිතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර විසඳිය යුතුයි. මේ රට ලෝකයේ සාර්ථකම රාජ්‍යය බවට පරිවර්තනය කරනවා සහතිකයි. රටක් හදන්න ජනතාවට කන්න දෙන්න ඕනෑ. රනිල්ගේ ආර්ථිකය ප්‍රස්ථාරවලින් උඩට ගිහිල්ලා. ඒත් ජනතාවට කන්න නැහැ; ලෙඩට බෙහෙත් නැහැ; දරුවාට උගන්වන්න විදිහක් නැහැ. සෑම පුරවැසියාටම ආහාර දීමේ වගකීම අපි බාර ගන්නවා. සහනාධාර නරක දෙයක් නොවෙයි. සමහරු කියනවා සහනාධාර ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල්වල සහනාධාර දෙනවා. තරුණයෙක් රැකියාවක් ලබාගන්න තත්වයට වර්ධනය වුණාම රස්සාවක් සොයා ගන්නා තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් කෙනෙක්ගෙ කරමින් ඉන්න රස්සාව අහිමි වුණොත් අලුතින් රස්සාවක් ලැබෙන තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් අලුතින් විවාහ වූ දෙන්නෙකුට ඉන්න ගෙයක් නැතිනම්, නගර සභාවෙන් ගෙයක් දෙනවා. ආබාධිත දරුවෙක් ගෙවල්වල ඉන්නවා නම්, අම්ම රැකියාවක් කරන්න ඕන නැහැ සම්මත වැටුප අම්මාට ගෙවනවා. ලෝකය එහෙමයි මිනිස්සුන්ව බලා ගන්නේ. කොවිඩ් වසංගත වෙලාවේ ව්‍යාපාර කඩා වැටුණා. ව්‍යාපාරයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා. ආණ්ඩු ව්‍යාපාර රැකගත්තේ එහෙම. රස්සාවල් අහිමි වුණා. එයා ලැබූ වැටුපට සරිලන වැටුපක් ගෙව්වා. නිවාස කුලිය ගෙව්වා. අපේ ආණ්ඩු මිනිස්සු බලා ගන්න ආණ්ඩු නෙවෙයි. ඒගොල්ලන් හැදෙන ආණ්ඩු.

අපි හදන්නේ මිනිස්සුන්ව බලා ගන්න ආණ්ඩුවක්. පුරවැසියාට කන්න නැතිනම් ආණ්ඩු හදලා වැඩක් නැහැ. දරුවන්ට ආහාර වේල, ගැබිණි මව්වරුන්ට ආහාර, පුරවැසියන්ට තමන්ගේ ආහාර ලබාදෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ග්‍රාමීය ජනතාවට තමන්ගේ ජීවන රටාවෙන් එළියට එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. අද දෙමව්පියන්ට බරක් වෙලා තිබෙන අධ්‍යාපනය දෙමව්පියන්ගෙන් නිදහස් කරගෙන, රජයේ වගකීමක් බවට පත්කරනවා. දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකම පමණක්ම නොවෙයි. නූගත්කම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අපරාධවල නියැලීම, දුප්පත්කමේම වෙනත් ඵල විපාකයක්. අපි හදනවා සැලැස්මක්. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පත්කර, ඉස්කෝල හත-අටක් බාර දෙනවා. එක දරුවෙක් දවස් තුනක් නොකඩවා පාසලට ආවේ නැතිනම් නිලධාරියා ඒ දරුවාගේ ගෙදර යන්න ඕනෑ. ඒ හේතුව අනුව අවශ්‍ය පියවර ගන්න ඕනෑ. අපි අධ්‍යාපනය අලුත් පරිවර්තනයක් ඇති කරනවා. සෑම වෘත්තියක්ම ගෞරවයට ලක්වෙන, වෘත්තිමයභාවය දෙන වෘත්තියක් කරනවා. වෘත්තිමයභාවය දෙන හොඳ වෘත්තිමය ආයතන ලෝකයේ තිබෙනවා. පුහුණු කරනවා. හැම වෘත්තියකටම හොඳ ආදායම් මාර්ගයක් ඕනෑ.

Govi-Rally-Bulnewa

අපේ රටේ ගොවිතැනට ගරුත්වයක් නැහැ. ලෝකයේ ‘ෆාමර්’ කිවුවම ලොකු බලයක්, ගරුත්වයක් තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල ගොවිපොළ අක්කර 25ට අඩුවෙන්න බැහැ. ලෝකයේ රටවල්වල වෙනම සුපර් මාර්කට් තිබෙනවා. කොරියාවෙ තමන් නිෂ්පාදනය කළ දේවල් ගෙනත් තමන්ම විකුණනවා. මිල අධිකයි. එයාලට ගෞරවයක් දෙනවා. අපේ ගොවියා අස්වැන්න නෙළන කාලෙ වෙනකොට කුඹුර දිහා බලලා කියනවා මේ සැරේ අස්වැන්න සරුයි කියලා. අස්වැන්න නෙළලා කමතෙම විකුණනවා. විකුණලා පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, කෘමිනාශක කඩේ මුදලාලිට, උකස් කඩේ මුදලාලිට බෙදනවා. අතේ සොච්චමක් ඉතිරි වෙනවා. ගොවි ජනතාව විශාල බරකින් මිරිකිලා ඉන්නේ. අපිට කියන්න බැහැ, ගොවියට සමාජ පිළිගැනීමක්, ගෞරවයක් තිබෙනවා කියලා. ගොවි තාත්තාට කියන්න හිතෙන්නේ නැහැ, ‘පුතේ උඹත් ගොවිතැන් කරපන්’ කියලා. ‘මම විඳින දුක මගේ දරුවට අත්පත් කර දෙන්නෙ නැහැ’ කියන එක තමයි ඒ තාත්තා හිතන්නේ. ගොවිතැන අවශ්‍යයි. ඒක ලාභදායී, ආදායමක් සහිත වෘත්තියක් බවට පත් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, කෘෂිකර්මාන්තය වටිනාකම් සහිත වෘත්තියක් බවට පරිවර්තනය කරනවා. ලෝකෙ හැමතැනම කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. සහනාධාර කියන්නේ නිෂ්පාදන සහනාධාර. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විදුලිය, ඉන්ධන සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. කෘමිනාශක නොමිලේ දෙනවා. බීජ සහනාධාර මිලකට දෙනවා. ඉන්දියාවේ ගොවියාට ළුෑණු කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම අඩුයි. ඉන්දියාවේ ගොවියා තාක්ෂණය යොදාගෙන ඵලදායීතාවය වැඩි කරගෙන තිබෙනවා. අපි තෙල්, පොහොර, බෙහෙත් ගහන්නේ වැඩි මිලට. අපේ නිෂ්පාදන වියදම වැඩියි. සහනාධාර, නව තාක්ෂණය හරහා ඵලදායීතාව වැඩි කිරීමෙන් තොරව අපේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට යන්න බැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සහනාධාර, ඵලදායීතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ, සිදුකරනවා.

විසිවන සියවසේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් සොයා ගත්තා. වැඩි ඵලදාවක් දෙන දෙමුහුන් බීජ නිෂ්පාදනය කළා. වැඩිදියුණු කළ බීජ සොයා ගත්තා. කෘෂිකර්මාන්තයට තාක්ෂණය එකතු කළා. ඒනිසා ඵලදායීතාවය වැඩි වුණා. ඒ වගේම මිනිසුන්ගේ ආයු කාලය වැඩි වුණේ විසිවන සියවසේ. බෙහෙත් සොයා ගත්තා. ඔපරේෂන් සොයා ගත්තා. හදවත් බද්ධ කිරීම්, අතපය බද්ධ කිරීම් සොයා ගත්තා. සමහර වසංගත රෝග පාලනය කළා, සමහර වසංගත රෝග මුළුමනින්ම තුරන් කළා. විද්‍යාවේ ජයග්‍රහණ විශාල ලෙස උකහා ගත්තා. අද දියුණු වී තිබෙන ආසියාතික රටවල් දියුණුව ලබා ගත්තේ විසිවන සියවසේ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමෙන්. අපි ඒ බීජ ගෙනත් වගා කරනවා. නිෂ්පාදනය කිරීම සඳහා අපේ පෙළඹුම අඩු වුණා. බහුජාතික සමාගම් විසින් අලුත් තාක්ෂණයෙන් බීජ නිෂ්පාදනය කරනවා. ඩුබායි වට්ටක්කා කොළයක් ගානේ ගෙඩි හැදෙනවා. විද්‍යාවේ අලුත් පර්යේෂණ විසින් අලුත් බීජ නිෂ්පාදනය කරනවා. අපි පර්යේෂණ ආයතන, ගොවිපොළවල් වහනවා. අර ගොල්ලන් හදපු බීජ වැඩි ගාණට ගෙනැත් ගොවියන්ට දෙනවා. ලෝකයේ ඇතිවූ විද්‍යාවේ හා තාක්ෂණයේ වෙනස්කම් විසින් අපටත් ඒවා හදන්න තිබුණා. අපි වැටුණා. ඒගොල්ලෝ නැග්ගා. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න අලුත් පර්යේෂණ අවශ්‍යයි. අලුත් දේවල් සොයා ගන්න අවශ්‍යයි. නව වගා ග්‍රම අවශ්‍යයි. අලුත් බීජ අවශ්‍යයි.

Govi-Rally-Bulnewa

පර්යේෂණ හා සංවර්ධනය විසින් සොයා ගන්නා ලද නව නිමැවුම් විසින් තමයි අද ලෝකයේ ආර්ථිකය හදාගෙන තිබෙන්නේ. මේ තාක්ෂණය, විද්‍යාව වැදගත්. ඒවායින් සිදුවන පර්යේෂණ තුළින් තමයි අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ලෝකය පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකේය විද්‍යාඥයනුත් ලංකාවේ සිටින විද්‍යාඥයනුත් එකතු කරලා අපේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන අපි ඉදිරිපත් කළා. ඒකේ ප්‍රධානියෙක් තමයි අපේ පොස්පේට්වලින් පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කළ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමා අපේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියෙක්. අපි මේ පොහොර කන්ද පස් විදිහට විකුණනවා වෙනුවට ගොවි ජනතාවට පොහොර ලබාදීම සඳහා කටයුතු කරනවා. අමු පස් විකුණනවා වෙනුවට, දියුණු කරන ලද පොහොර පිටරට විකුණුවාට කමක් නැහැ. ඒ විතරක් නොවෙයි, ලංකාවේ පස පිළිබඳ පර්යේෂණ කරන ප්‍රධානම විද්‍යාඥයා පේරාදෙණියේ මහාචාර්යතුමා, එතුමා ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදමින් අපිත් එක්ක සමීපව වැඩකරනවා. අපි පසේ ඇතිවෙන සංයුතිය පරීක්ෂා කර බලා, වගාවන් සහ වෙනස් කිරීම සඳහා අපි යෙදවුම් හඳුන්වා දෙනවා.

අපි නෙළාගන්න අස්වැන්න කල්තියා ගන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණ අවශ්‍යයි. තායිලන්තයේ, ජපානයේ එළවළු, පලතුරු කල්තබා ගැනීමේ ක්‍රම තිබෙනවා. එයාර් පෝර්ට්වල එයාලගේ වෙනම සෙන්ටර් තිබෙනවා. අඹ, වරකා, මොර, අන්නාසි, එළවළු කල්තබා ගන්න විදිහක් තිබෙනවා. අවරුදු 76ක් මේ පාලකයෝ මේ රට පාලනය කළා. අද වට්ටක්කා නෙළනවා, දඹුල්ලට ගෙනියනවා, විකුණන්න බැරිවුණොත් අලින්ට කන්න දානවා. එක්කෝ අලියා කොටුවෙන් කනවා, නැත්නම් දඹුල්ලෙන් කනවා. දෙකම එකයි. අපේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනෑ. මේ කෘෂිකර්මාන්තය අපි වැඩිදියුණු කළ කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කරනවා. ගොවි ජනතාවගේ ආදායම් මාර්ගය වැඩිවෙන, බලය වැඩිවෙන, ගොවි ජනතාවට සමාජ වටිනාකම හැදෙන නව කෘෂිකර්මාන්තයක් ජාතික ජන බලවේගය ඇති කරනවා. ඒක කරන්න ජාතික ජන බලවේගයේ අපිට තරම් වගකීමක් වෙන කිසිවෙකුටත් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ උඩ ඉන්න අයට. අපි හදන්නේ පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ.

Govi-Rally-Bulnewa

අපි ජනාධිපතිකම් නළලේ කොටාගෙන ආව අය නොවෙයි. අපි පොදු ජනතාවත් එක්ක දේශපාලනය කරලා, ඒ ජනතාවත් එක්ක ජීවත්වෙලා, ජනතාවගේ වේදනාව, දුක, අත්විඳපු මිනිස්සු. ඒ නිසා අපට අවශ්‍යයි, මේ රට වෙනස් කරන්න. වෙනස් කළ යුතුමයි. කොච්චර වුවමනාව තිබුනත් අවස්ථාව එනකම් එක කරන්න බැහැ. මේ සැරේ වෙනස් කිරීමට අවශ්‍ය වන අවස්ථාව උදාවෙලා තිබෙනවා. සෑම සමීක්ෂණ වාර්තාවකින්ම පෙන්වන්නේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගය බවයි. මේ වෙලාව තමයි වෙලාව. මේ සැරේ එකක්වත් වරද්දන්නේ නැතිව ජාතික ජන බලවේගයට හරවමු. අපිට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතුම ඡන්දය තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 දින පැවැත්වෙන්නේ. අපි අපේ වැඩකොටස අපි කරන්නම්. මහන්සි වෙන්නම්, කතා කරන්නම්. සැලසුම් හදන්නම්. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානම වැඩ කොටස තිබෙන්නේ ඔබලා අතේ. ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිරෙ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ. ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න. හැම ගෙදරකටම යන්න. හැම ඥාතියාම හමුවෙන්න. යූ.එන්.පී., ශ්‍රී ලංකා, තරහා මරහා ඉවත් කරන්න. ඒගොල්ලෝ බලය වෙනුවෙන්, ඇමතිකම් වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන්, ඕන තරම් එහෙට මෙහෙට පනිනවා. සජිත් එක්ක සන්ධානෙ හදන්න යන මැති ඇමතිවරු ගොඩක් අපිත් එක්ක එකතු වෙන්න කතා කළා. අපි කිවුවා ඕගොල්ලන්ගේ පැටිකිරිය එතරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ එළියේ ඉඳගෙන අපට සහයෝගය දෙන්න, කියලා. මේ රට විනාශ කරන්න භාජනය වුණු, වැරදි තීන්දුවලට අත උස්සපු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති බව සහතික කරනවා.

අපට ඕනෙ වෙන දේශපාලනයක්. හොරු එපානෙ. ගන්නේ නැහැ මතක තබා ගන්න. සජිත් පේමදාසට ආර්ථිකයේ ප්‍රධාන කෙනෙක් නාලක ගොඩහේවා. අපට නම් කොටස් වෙළඳපොළේ සල්ලි නැතිකරපු, ගිනිගත්ත නැවෙන් ලංකාවට ලැබිය යුතු වන්දිය අහිමි කළ කෙනා නාලක ගොඩහේවා. අපි අලුත් ගමනක් පටන් ගනිමු. මේ රට නව දිසාවකට ගෙනියමු. පවුල් කිහිපයක් අත තිබුණු රටේ දේශපාලනය, නව පරම්පරාවක් අතට, අලුත් බලවේගයක් අතට මාරු කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. ඒ වෙනුවෙන් ඔබ, හැමදෙනත් එක්කම කතා කරන්න. හැම ඥාතියත් එක්කම කතා කරන්න. අපෙ පක්ෂයේ හිටපු පරණ කෙනා, අමාරුම කාලෙ අල්ලගෙන හිටපු කෙනා, යූ.එන්.පී, ශ්‍රී ලංකා පක්ෂ පාට අමතක කර හැමකෙනාම එකතු කර ගනිමු. මේ වෙලාවෙදි ඔක්කොම එක සමානයි. ඒ හැම කෙනාම එකට හිට ගැනීම පිළිබඳව ගෞරවය දෙන්න ඕනෑ. නායකත්වය දෙන්න ඕනෑ. වැඩවලට සම්බන්ධ කර ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, රට වෙනස් කරන ආණ්ඩුවක් හදමු. ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙන්න.

Govi-Rally-Bulnewa

“මාලිමාවට කතිරය ගහලා මෙතෙක් ජීවිතයේ වැරදුණු තැන් හදාගනිමු”
-නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, නිවන්තක චේතිය රජමහා විහාරයේ විහාරාධිපති ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය රත්ගම සමිත හිමි-

අපි මෙතෙක් කල් දුක නමැති දායාදය තියාගෙන හිටියත් එය වෙනස් කිරීමේ අවස්ථාවක් ලබන මස 21 වැනි දිනට පැමිණෙමින් තිබෙනවා. මෙතෙක් කලක් පක්ෂ දෙකකට ඡන්දය දෙමින් ඔවුන් රජ කර අපිව අසරණ කෙරෙව්වා. මේ අසරණභාවය අපට උරුම නැහැ. රටේ සමස්ත ජනගහනයෙන් 70%ක් පමණ නියැලී සිටින ගොවිතැනේ අපේ මුතුන් මිත්තන් නියැලී සිටියේ බොහොම ආදරයෙන් කැමැත්තෙනුයි. නමුත් ගොවි ජනතාවටත් සුව පහසු නිවාස, හොඳ අධ්‍යාපනයක් ආදී වෙනත් පහසුකම් අවශ්‍යයි. නමුත් හැදාමත් ණයකාරයන් ලෙස සිටීමට සිදුවී තිබීම නිසා තරුණයන් ගොවි තැනෙන් ඈත් වූවා.

ඒ ප්‍රතිවිපාකය ඇති වුණේ මෙතනට පැමිණ සිටින වැඩි පිරිසක් පොහොට්ටුවට, අලියට නැත්නම් ටෙලිෆෝනයට කතිරය ගැසීම නිසයි. මමත් එහෙම කෙනෙක් තමයි. මෙතෙක් කල් අපි බොරුවකට හසුවී සිටින බව තේරුම් අරගෙන එයින් මිදීම කළ යුතුයි නේද? අපිව අන්දලා අපේ ඡන්දය බොරුවෙන් තක්කඩිකමෙන් ලබාගෙන ඔවුන් අපිව මංකොල්ලකෑවා. ඒ මංකොල්ලකෑම නතර කරන්නට ආදරණීය අම්මලා, තාත්තලා වගේම අපි හැමෝටම සුවිශේෂී වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා බොහොමයක් පෙළගැසී සිටිනවා. සැප්තැම්බර් 21දා මාලිමාවට කතිරය ගහලා මෙතෙක් ජීවිතයේ වැරදුණු තැන් හදාගන්නට අපේ වගකීම ඉටුකරමු. ශක්තිමත් ගොවි පරපුරක් අනාගතයේදී ඇතිකර ගන්නට පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.

Govi-Rally-Bulnewa

“මේ දවස්වල ගොවීන්ට උපදෙස් දෙන්නේ අනුර කුමාර බීජය රෝපණය කරන්න කියලයි”
-ගල්නෑව ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්. වන්නිනායක-

අද වෙනකොට ගොවීන් මුහණ දී සිටින්නේ ඉතාමත් ශෝචනීය තත්වයකටයි. මේ දක්වා නියැලී සිටි වෙනත් දේශපාලන ධාරාවකින් ඉවත් වී පැමිණියේ ඒ තත්වයෙන් මිදීමේ හොඳම තෝතැන්න ජාතික ජන බලවේගය බව තේරුම් ගත් නිසයි. සමස්ත ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්නයි, ජාතික ජන බලවේගය සමග එක්වූයේ. ලංකාවේ පළමුවැනි මහවැලි ව්‍යාපාරය එච් කලාපයයි. කන්න වගාවට ගොවිතැන් කරනවා වෙනුවට සමස්ත ගොවියන් සියලු දෙනාම අවුරුද්දේ 365 දවසේම වාණිජ වගාවන් සිදුකරනවා. එච් කලාපයේ නිසි ආකාරයෙන් වැවෙන්නේ නැත්තේ කැරට් සහ බීට් විතරයි.

අපේ සමස්ත ගොවි ප්‍රජාවම ධෛර්යයෙන් ගොවිතැන් කටයුතුවල නියැලී සිටියත් විශේෂයෙන් ආනයනය කරන බීජ ඉතා ඉහළ මිලක් දී ප්‍රමිතියක් නැති තත්වයෙන් ලබාගත යුතු වී තිබෙනවා. තක්කාලි බීජ කිලෝ එකක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ හයයි. හොඳම මාළු මිරිස් ඇට කිලෝ එකක මිල ලක්ෂ පහ හමාරක් විතර වෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා බීජ මිල ගණන් ගැන දන්නවාද කියලත් සැකයි. අපේ රටට බීජ ගේන්න මේතරම් විශාල මුදලක් යනවාද කියලා හොයලා බලන්න ඕනෑ. සාධාරණ මිලකට බීජ ටික ලබාදෙන්න ඕනෑ. අපේ රටේ බීජ නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් ඕනෑ තරම් ඉන්නවා. අපේ රටේ අනාගත පරම්පරාවට මේ තත්වය උදාකර නොදී නැවක් පමණ සල්ලි වියදම් කර බීජ ගෙන්වනවා වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කර ගත යුතුයි. ඒ වෙනුවෙන් මම මේ දවස්වල සියලුම ගොවීන්ට උපදෙස් දෙන්නේ අනුර කුමාර බීජය රෝපණය කරන්න කියලයි. සැප්තැම්බර් 21 ඒ බීජය වපුරලා අනාගතය සාර්ථක කරගමු කියලා ඉල්ලා සිටිනවා.

Govi-Rally-Bulnewa

“ගොවි අම්මා තාත්තා මාලිමාවට කතිරය ගැසීමේ යුග මෙහෙවර ඉටුකරන බව විශ්වාසයි”
-රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර-

අපි මේ රැලියට ආවේ ඔබ සියලු දෙනාට ආදරය සහ මනුෂ්‍යත්වය ප්‍රකාශ කරන්න. මමත් ඔබ වගේම වැව් බැඳි රටේ ඉපදුණු අයෙක්. අපේ ආදරණීය ගොවි අම්මා තාත්තලාගේ ජීවිත ගැන මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. පස්වන සියවසේ ධාතුසේන රජතුමා ඉදිකළ වාරි කර්මාන්තයෙන් තවමත් රටට සේවය කරනවා. මේ බිමේ ජීවත්වෙන ගොවි අම්මා තාත්තා තමන්ගේ වගකීම සහ යුතුකම ඉහළින්ම ඉටුකරන්න ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙයි කියා විශ්වාස කරනවා. සැප්තැම්බර් 21දාට යෙදෙන සුබ මොහොතින් ගොවි අම්මා තාත්තාගේ යුග මෙහෙවර ජාතික ජන බලවේගයට කතිරය ගැසීමෙන් ඉටුකරන බව විශ්වාසයි.

කලාවැව සහ බළලු වැව් දෙකේ තිබූ ඥාතිත්වය ගැන කවි පවා ලියැවී තිබුණා. මනුෂ්‍යත්වයෙන් සපිරි අව්‍යාජ ආදරණීය හැඟීමක් ලබාදෙන ජන ශ්‍රැති නිර්මාණය වී තිබුණා. අද ඔබට එවැනි නිර්මාණ සිදුකළ හැකි නිදහස් සමාජ වාතාවරණයක් ඇතිකර තිබෙනවාද? අපිට අහිමි වී ගිය ඒ ජීවිතය යළි ගොඩනගාගැනීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ පුනරුද යුගය ආරම්භ කිරීමට ඔබගේ ඡන්දය ලබාදී ඓතිහාසික වගකීම ඉටුකරමු කියන අනෙක් පණිවිඩය අවධාරණය කරනවා.

Govi-Rally-Bulnewa

“ගොවියා කරදරයක් ලෙස සැලකූ පාලකයින්ගේ යුගය හමාර කරමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

මේ රටේ දේශපාලනය වෙනස් වී තිබෙන ආකරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල්ලා – රාජපක්ෂලා එකතු වී 2022 මැයි මාසයෙන් පසුව ගෙනගිය පාලනය සම්බන්ධයෙන් දැන් ඔවුන් දෙකට බෙදී, ප්‍රහාර එල්ල කර ගන්නවා. අද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ 2022 මැයි මාසයේ 09වැනිදා ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහර දෙන්න දියත් කළ කුමන්ත්‍රණයට සමාන කුමන්ත්‍රණයක් 29 වැනිදා සවස පොහොට්ටුවේ පිරිසක් සිදුකළ බවයි. අපේ රටේ ජනතාව මේ කරුණු හොඳින් අවබෝධ කර ගෙන සැප්තැම්බර් 21දා පුනරුද යුගයට මුල පුරමින් අනුර කුමාර සහෝදරයා තෝරා පත්කර ගනිමු. අද වෙන කොට ගොවි බිමේ අසරණ වී සිටි ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, වතුර ලබාදී ශක්තිමත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා.

අපේ ආදරණීය අම්මා තාත්තලාගේ වෛද්‍ය වාර්තා තුනක් අරගෙන බැලුවොත් එක් අයෙක් වගුගඩු රෝගයෙන් පෙළෙන, බරපතළ ප්‍රශ්නයක් අනුරාධපුරේ තිබෙනවා. වැව් බැඳි රටේ මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්නත් මෙතෙක් සිටි පාලකයන් අසමත් වී තිබෙනවා. මහා රත්තරං පොළොවක් උඩ ඉන්න අපි එළවළු ටික පලතුරු ටික පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ ගොවියට බීජ ටික, පොහොර ටික ලබා දීලා, නව තාක්ෂණය හඳුන්වාදී කෘෂිකර්මාන්තයේ පිරිවැය අඩු කර, ගොවියාගේ ආදායම් වැඩි කළ යුතුයි. මේ පාලකයන් ගොවි අම්මා තාත්තා එක්ක ඒ කරුණු සාකච්ඡා නොකර වැව් සොරොව්වෙන් එන වතුර ටිකට මීටරයක් සවි කර, වතුර විකුණන්න සූදානම් වෙනවා. අවුැදු 2400කට වඩා පරණ පණ්ඩුකාභය රජු සැදූ පළමුවැනි වැවේ සිට මහා වාරි කර්මාන්තයකට මුල පුරා ලංකාව වාරි ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. එවැනි බිමක ජීවත් වෙන අනුරාධපුරයේ ගොවි අම්මා තාත්තාගේ නිෂ්පාදන ලෝකයත් සම්බන්ධ කරන්න මේ පාලකයන් කටයුතු කළේ නැහැ.

රනිල් වික්‍රමසිංහලාට ගොවියා තවත් කරදරයක් විතරයි. පසුගිය මැතිවරණ කාලයේ බැසිල් ඇවිත් කීවේ වහින කාලයට වට්ටක්කා ඇට ටිකක් විසිකරලා එන කම්මැලි ගොවියන් අස්වැන්න නෙළන කාලයට ඇවිත් කියනවා වට්ටක්කා ගණන් නැහැ කියලා. එහෙම කියලා ආණ්ඩුවට කරදර කරනවා කිවුවා. ඒ ගොවිතැන ගැන දන්නේ නැතිව කියූ කතා. එවැනි පාලකයන් තමයි වසර 76ක් මේ රට පාලනය කළේ. මේ සියලු තත්වයන් වෙනස් කර ගන්න තව දවස් 45ක විතර කාලයක් අපි හැමෝටම තිබෙනවා. හේනේ කුඹුරේ වැඩකරන ගමන් හමුවෙන හැමදෙනා එක්කම කතා කරමින් පුනරුදයේ ජයග්‍රහණය සඳහා පළමුවැනි පියවර ලෙස ලබන 21දා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිකමට තෝරා පත්කර ගනිමු. ඒ වෙනුවෙන් මහා ජන බලවේගය ගොඩනඟමු.

Govi-Rally-Bulnewa

“කෘෂි වෙළපොළේ විකෘතිය අවසන් කරන විද්‍යානුකූල සැලැස්මක් ඇති මාලිමාව සමග එකතුවෙන්න”
-සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න-

මම මෙතනදී විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසට උත්තරයක් දෙන්න ඕනෑ. ඔහු මේ ප්‍රදේශයට ඇවිත් මොරගහකන්ද ජලාශයේ ජලය යොදා ගනිමින් පානීය ජලය සහ වගා ජලය යන ප්‍රශ්න දෙකම පියාණන්ගේ සූත්‍රයට අනුව විසඳන බව කීවා. මාධ්‍යවලත් ලොකු ප්‍රචාරයක් දී තිබුණා. මොරගහකන්ද ජලාශයේ ඝන මීටර් දස ලක්ෂ 557ක් අල්ලනවා. කළු ගඟ ව්‍යාපෘතියේ ඝන මීටර් දස ලක්ෂ 248ක් අල්ලනවා. ඒ අනුව සමස්ත මොරගහකන්ද ව්‍යාපෘතියේම ජල ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 805යි. මේ ව්‍යාපෘතියෙන් සාර්ථක ලෙස වාරි ජලය ලබා දෙන්න නම්, ඝන මීටර් දස ලක්ෂ 1455ක් පවතින්න ඕනෑ. මේ ව්‍යාපෘතියට තවත් ජලය ඝන මීටර් දස ලක්ෂ 650ක් අවශ්‍යයි. ඒ නැති නිසා මේ ව්‍යාපෘතිය දැනටමත් අසාර්ථකයි. මේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා හැටියට උමා ඔයේ ජලය ගෙන එන්න සැලැස්මකුත් තිබෙනවා. ඒ සියල්ල යෝජනා පමණයි. මේ ව්‍යාපෘතියට අදාළව දැනට තිබෙන සැලසුම් ගැන විස්තර සජිත් මෙහෙට ඇවිත් එයාගේ සැලැස්මක් හැටියට හඳුන්වාදී වාරි ජල ප්‍රශ්නය සහ පානීය ජල ප්‍රශ්නය එකවර විසඳන බව කියනවා. සජිත් මහත්තයෝ ඔය කතාව ඔයා මෙහෙට ඇවිත් කියන්න ඕන නැහැ.

ගොවි ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඡන්දෙ බලාගෙන පූච්චානම් කතා කියන්න එපා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වෙන් කළ සල්ලි හොරා කෑවා. හොරකම් කළ සල්ලි හරියට පාවිච්චි කළා නම්, මේ යෝජනා ක්‍රමය වර්තමානය වෙනකොට ඉවර කරන්න තිබුණා. රජරට ගොවියා මුහුණ දෙන ජල ප්‍රශ්නය නිසා වී වගාවට, ගොඩ බෝගවලට වතුර දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. අපේ රටේ භූගත ජලය ඝන මීටර් මිලියන 55ක් පමණ තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අවුරුද්දකට වැස්සෙන් ජලය ඝන මීටර් මිලියන 130,000ක් ලැබෙනවා. අපේ පොළොවේ අවුරුද්දකට එකතු වෙන සම්පූර්ණ වතුර ප්‍රමාණය ඝන මීටර් මිලියන 196,000ක් බව ගණන් බලා තිබෙනවා. මේ දැවැන්ත වතුර ප්‍රමාණයෙන් අපි අවුරුද්දකට ප්‍රයෝජනයට ගන්නේ ඝන මීටර් මිලියන 13,000යි. ඒ 13,000න් කොටසක් තමයි වැව් බැඳි රාජ්‍යයේ වැව්වල ගබඩාකරගෙන තිබෙන්නේ. අපේ මුතුන් මිත්තෝ එදා හිටි ජනගහනයට සාපේක්ෂව, වගා කළ ප්‍රමාණයට සාපේක්ෂව එදා තිබුණු තාක්ෂණික දැනුම අනුව ඒ වතුර ටික කළමනාකරණය කර ගත්තා. කලා වැවේ සිට තිසා වැවට වතුර ගෙන යන සැතැප්මකට අඟලක බැස්ම සහිත තාක්ෂණය ක්‍රියාත්මක කළා.

එදාට වැඩිය අද තාක්ෂණය විශාල වශයෙන් ඉදිරියට ඇවිත්, ජනගහනය වැඩි වී භූමියෙන් වැඩි අස්වැන්නක් නෙළා ගත හැකි ක්‍රමවලට යන්න ඕනෑ. අපට වතුර තියෙනවා. ඒ වතුර ටික නිසි ලෙස කළමනාකරණය කර, වැඩිපුර තිබෙන තැනින් හිඟ තැනට ලබාදෙන්න ඕනෑ. යල, මහ පමණක් නොවෙයි, අතර මැදි කන්නයක් වගාකරන තත්වයට දිගු කාලීනව එන්න ඕනෑ. මේ කලාපයේ 50%කට ආසන්න ප්‍රමාණයක් මහ කන්නය පමණක් වගා කර, යල කන්නය අත්හරිනවා. අපේ පාලනයක් යටතේ ජල ප්‍රශ්නය විසඳීමේ වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. අපි සියලු දෙනා පැමිණ සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකටයි. මේ දක්වා පිල්වලට බෙදී ඡන්දය දුන් අති බහුතරයක් ජනතාව මාලිමාවට ඡන්දය දෙන්න පෙළගැසී සිටිනවා. ඉතාමත්ම දුෂ්කර කටුක ජීවිත ගතකරන ගොවීන් හමුවෙන්න මැදවච්චියෙන් එහා තිබෙන ගලෙන්බිඳුණු වැව ගම්මානයට පවා අපි ගියා. ඒ ගමට යා හැක්කේ පයින් විතරයි. ඒ මිනිසුන් ඇවිත් ඉතාමත්ම ආදරයෙන් අපිව වැළඳ ගත්තා. ඒ අයගේ ගොවි බිම් සාර්ථක වී අස්වැන්නෙන් පිරිලා. ඒත් විකුණා ගන්න බැහැ. අපි එතන ඉඳලාම කොළඹට කතා කරන කොට, බටු කිලෝ එකක මිල රුපියල් 400කට කිට්ටුයි. ඒ ගොවීන්ට විකුණ ගන්න බැරිවයි ඉන්නේ. මේ විකෘතිය වෙනස් කරන්න විද්‍යානුකූල සැලැස්මක් තිබෙන මාලිමාව සමග එකතුවෙන හෘදය සාක්ෂිය අප වටා එකතු වී සිටිනවා. ගොවි අම්මා, තාත්තාගේ හදවත දැනෙන කෘෂිකර්මාන්තය පිළිබඳව මනා දැනුමක් තිබෙන ආදරණීය නායකයා වෙනුවෙන් ලබන සැප්තැම්බර් 21දා තමන්ගේ ඡන්ද පෙට්ටිවල 75%න් එහා මාලිමාව වෙනුවෙන් පුරවා ජයග්‍රහණය කරවන්න.

Show More

“විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගය සමග නොසැලී ඉදිරියට යනවා” -විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-

(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.07.29-) අපි වසර ගණනාවක් සේවයේ යෙදී සිට, විශ්‍රාම යාමෙන් පසුව පැහැදිලිව තේරුම් ගියා රට පත්වී තිබෙන ඛේදනීය තත්වය ගැන. අපිව මේ තත්වයට ගේන්න ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව දැරූ වෙහෙස මහන්සිය සම්බන්ධයෙන් අපේ හදවත්වල ගරුත්වය, අභිමානය කවදත් තිබෙනවා. රට පත්වී […]

(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.07.29-)

NPP-Retired-Tri-Force-Press

අපි වසර ගණනාවක් සේවයේ යෙදී සිට, විශ්‍රාම යාමෙන් පසුව පැහැදිලිව තේරුම් ගියා රට පත්වී තිබෙන ඛේදනීය තත්වය ගැන. අපිව මේ තත්වයට ගේන්න ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව දැරූ වෙහෙස මහන්සිය සම්බන්ධයෙන් අපේ හදවත්වල ගරුත්වය, අභිමානය කවදත් තිබෙනවා. රට පත්වී තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්වී දෙවන මෙහෙයුමට පණ දෙන්න 2022 වසරේ අවසන් භාගයේ කුඩා කණ්ඩායමක් ලෙස මුල පිරුවා. මේ වන විට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හතළිස් දහසක් පමණ අපි එක්ක එකතු වී සිටිනවා. උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අදිටන සමුළු පවත්වා අපට තිබෙන වගකීම් සහ යුතුකම් පිළිබඳව විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට පහදා දුන්නා. ඒ තුළින් ඔවුන් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉදරි ගමනට එක්වී සිටිනවා. 2023 පැවැති පසුබිම අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළත් වර්තමාන තත්වයට අනුව යාවත්කාලීන කර, නැවත ඉදිරිපත් කරන්න කටයුතු කරගෙන යනවා.

මේ ගෙවීගිය කාලය තුළ ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීම සම්බන්ධයෙන් අපට එල්ල වූ සියලු අභියෝග ජය ගනිමින් අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා. සියලු දෙනා නොසැලී එක අරමුණක් කරා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලෙස ජාතික ජන බලවේගය සමග නොසැලී ඉදිරියට යනවා. ජීවිතයේ සෑම දෙයක්ම කැපකර රට වෙනුවෙන් කටයුතු කළත් අන්තිමේ බලන කොට දුක්ඛිත තැනකට ඇද දා තිබෙන රට මුදා ගන්න දෙවැනි මෙහෙයුම ලෙස අපි ඉදිරිපත් වී සිටිනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික මහා සමුළුව අගෝස්තු හතරවැනිදා සවස 2.00ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන්න කටයුතු කරගෙන යනවා. ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ආබාධිතයන්, මියගිය සාමාජිකයන්ගේ පවුල්වල අයවලුන් සම්බන්ධ ගැටලු ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අද රට පත්ව තිබෙන තත්වය ගැන සැලකිලිමත් වී මෙතෙක් අප සමග එක් නොවූ සියලු දෙනාටමත් මෙයට එක්වන ලෙස විවෘත ආරාධනයක් කරනවා. රටට වැඩදායී කටයුතු ඉටුකිරීමට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලීමක් කරනවා. අද වෙනකොට ජාතික ජන බලවේගයට එතෙර වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන් පර්යේෂකයන්, විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම බුද්ධිමතුන් එක්වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිගරුකභාවය නිසා රට ගොඩගැනීම සඳහා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය වටා එක්වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගය සමග එක්වීමට 2022 ගත් තීරණය සම්බන්ධයෙන් අපිත් ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා.

ජාතික ජන බලවේගයෙන් ගොඩනඟන මහජන රජයකින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ගෞරවයෙන් සහ අභිමානයෙන් ජීවත් වෙන්න ඉඩ සැලසීම මේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට එල්ල වී තිබෙන ආර්ථික පීඩනය හමුවේ යුක්‍රේනය, රුසියාව වැනි රටවල අතිශයින් අනතුරුදායක රැකියාවලට පවා යන්න සිදුවී තිබෙනවා. මේ රටට විශේෂිත දායකත්වයක් ලබා ගත හැකිව තිබෙන විනය, සංවිධානාත්මකබව, කැපවීම යන ගුණාංගවලින් යුත් ඔවුන් රට වෙනුවෙන් විශේෂ කටයුතුවලට යොදාගත හැකියි. හමුදාව අත්හැර ගොස් සිටින තාමත් එය නීත්‍යානුකූලව සිදුකරගෙන නැති අයගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත් විය හැකි වටපිටාවක් සකස් කර දෙනවා. රටක් හැටියට මත්ද්‍රව්‍ය, ජාවාරම්, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය අපරාධවලට ඉඩ හැර නීතියේ ආධිපත්‍යය බිඳවැටීමෙන් මුදාගෙන රට ගොඩනඟන්න අපේ විශේෂිත හැකියාවන් යෙදවීමට දැඩි උනන්දුවකින් පෙළගැසෙමින් සිටිනවා. අගෝස්තු 04වැනි දින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජාතික සමුළුව පවත්වන්නේ එතෙර මෙතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදිහට විශේෂ පණිවිඩයක් ලබාදෙන්නයි. පළමු ස්ථම්භය ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයත් ඊළඟ ස්ථම්භය ලෙස විශ්‍රාමික පොලිස් සාමූහිකයත් ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ විශිෂ්ටයින් සහභාගි කරගත් මහජන පාලනයක් ලබා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 21දා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්න අපි සියලු දෙනා පෙළගැසී සිටිනවා.

NPP-Retired-Tri-Force-Press

“රට මුදා ගත හැක්කේ අදූෂිතභාවය ඔප්පු කර තිබෙන ජාතික ජන බලවේගයට පමණයි”
-විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්ත-

අපි ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීම සම්බන්ධයෙන් අපත් සමග සිටි ඇතැම් සුළු පිරිසක් විවේචන එල්ල කර තිබුණා. කවුරුත් දන්නා පරිදි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අයවලුන්ටත් තමන් කැමති දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී ක්‍රියාකිරීමේ අයිතිය තිබෙනවා. වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී කටයුතු කරන අය ගැන අපේ විවේචනයක් නැහැ. නමුත් අදිටනට සම්බන්ධවෙලා ඉන්න අපි කවුරුත් සක්‍රීය සේවයේදී දේශපාලනයට සම්බන්ධ වූ අය නොවේ. සිදුවන සමාජ අසාධාරණය සමාජය වෙනුවෙන් සිදුකරන මෙහෙවරක් ලෙස අපි විශ්‍රාම ගොස් වසර කිහිපයකට පසු මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මේ රට මෙතෙක් පාලනය කළ පක්ෂ දෙක ගසට පොත්ත ලෙස බැඳී දූෂිත දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන ආවා. මේ තත්වයෙන් රට මුදා ගත හැක්කේ අදූෂිතභාවය ඔප්පු කර තිබෙන ජාතික ජන බලවේගයට පමණයි. කාලීන අවශ්‍යතාවයක් සහ ජාතික මෙහෙවරක් හැටියට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පිහිටුවා ගනිමින් ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කරනවා.

NPP-Retired-Tri-Force-Press

“දේශපාලනයට ගෞරවයක් ගෙන ආ හැකි එකම දේශපාලන ව්‍යාපාරය මාලිමාව පමණයි”
-විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා-

මම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වීමට පෙර තිස්වසරක යුද්ධය නිමා කරන්න සක්‍රීයව දායකවූ කෙනෙක්. මගේ සමකාලීනයන් සියලුම දෙනා ඉහළම කැපවීමකින් ජීවිත පරදුවට තබා මාතෘ භූමියට අවශ්‍ය සාමය ඇති කරන්න දායක වුණා. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් වැසියන් ඇතුළු දස දහස් ගණනකගේ ජීවිත අහිමි වී සම්පත් රැසක් කැපකරමින් යුද්ධය අවසන් කරන්න හැකි වුණා. අපි ඒ වෙනුවෙන් ක්‍රියාකළේ ඉහළම අරමුණක් සිත් තුළ රඳවාගෙනයි. රටේ සංවර්ධනයට අවශ්‍ය සාමකාමී පරිසරය සහ දියුණුව ලබා ගන්න ගෙවී ගිය වසර 15ක කාලය තුළ ක්‍රියාකරනවා වෙනුවට ණය ගෙවාගත නොහැකි බංකොලොත් රටක් බවට බිඳවට්ටවා තිබෙනවා. වර්තමානයේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය පසෙකලා සිදුකරන දේශපාලනය, අනීතික ලෙස ධනය රැස්කිරීමේ ව්‍යාපාරයක් බවට පත්කර ගෙන තිබෙනවා. අපි කවුරුත් පිළිකුල් කරන මේ දේශපාලන ක්‍රමය වෙනස් කර, ගෞරවනීය දේශපාලනයට වගේම දේශපාලනඥයන්ට ගෞරවයක් ඇති කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. අපි දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී කටයුතු කරමින් සිටිනවා. අපේ දෙවන ජාතික සමුළුවට ගුවන් හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් සියලු දෙනාට සහභාගී වන ලෙස ආරාධනා කරනවා.

මෙම මාධ්‍ය හමුවට විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් යන අයද සහභාගි වූහ.

NPP-Retired-Tri-Force-Press
Show More

“රට විනාශ කළ දේශපාලන වෛරසය නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් ලබා දිය යුතුයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-සමස්ත ලංකා හෙද සංගමය – ජාතික හෙද සමුළුව – 2024.07.28 – තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-) ජනාධිපතිවරණය ඡන්දය සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් ලබාදී තිබෙනවා. අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩවෙලා. අපේ […]

(-සමස්ත ලංකා හෙද සංගමය – ජාතික හෙද සමුළුව – 2024.07.28 – තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-)

National-Nurses-Meeting

ජනාධිපතිවරණය ඡන්දය සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් ලබාදී තිබෙනවා. අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩවෙලා. අපේ ආර්ථිකය සුවදායී තත්වයක තිබෙනවාද? ආර්ථිකයේ කඩා වැටීම සෑම ක්ෂේත්‍රයකටම ගලාගෙන යමින් තිබෙනවා. ආර්ථිකය පමණක් නොවෙයි ජාතියත් අද ලෙඩ ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. ගිය වසරේ ලංකාවේ මරණවලින් එක්ලක්ෂ තිස්හත්දාහක් නැතිනම් මරණවලින් 80%ක් සිදුවී තිබෙන්නේ බෝ නොවෙන රෝගවලින්. අවුරුදු 35ට වඩා අඩු අයගෙන් 15%ක් දියවැඩියා රෝගයෙන්ද, 35%කට ආසන්න ප්‍රමාණයක් හෘද රෝගවලින්ද පෙළෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජාතිය ලෙඩ වී තිබෙනවා. තරුණ පරම්පරාව ලෙඩ වී තිබෙනවා. සෑම අතින්ම ලෙඩ වූ රටක්, ලෙඩ වූ ජාතියක්, ලෙඩ වූ ආර්ථිකයක් තිබෙන්නේ. මේ ලෙඩ සුවපත් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ අත්හදා බැලීම්, කරමින් අපේ රටේ ජනතාව ප්‍රයත්න දරා තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පත්වෙලා තිබුණු ලෙඩට බෙහෙත් හැටියට තෝරා ගෙන තිබෙන්නේ කෙහෙලියගේ බෙහෙත්. සුව වෙනවා වෙනුවට ලෙඩේ වර්ධනය වෙන බෙහෙත්. ඇසේ යම් පෙනීමේ දෝෂයක් තිබෙනවා නම්, ඒකට බෙහෙතක් ඇතුල් කළාට පසුව ඔහු පූර්ණ අන්ධභාවයට පත්වෙනවා. කෙහෙලියගේ බෙහෙත්. මේ රට ගොඩගැනීම සඳහා නව ඖෂධයක් අපේ රටට අවශ්‍යයි. ඔබ දන්නවා එකම බෙහෙත දීර්ඝ කාලයක් ලබාදීමෙන් ලෙඩේ සුව වෙන්නේ නැහැ. එය ලෙඩේ බෙහෙතට පත්තියන් වෙනවා. අපේ රටේ ලෙඩේටත් බෙහෙත් පත්තියන් වෙලා තිබෙන්නේ. ඒ නිසා අලුත් දිසාවකට රට පරිවර්තනය කළ යුතුමයි. අපි ඔබට ආරාධනා කරන්න ආවේ මේ මාවත වෙනස් කරමු කියන යෝජනාව කරන්න.

අපිට හොඳ ඖෂධ තිබුණාට නරක ඖෂධ තෝරා ගැනීමට සිදුවුණේ ඇයි? ඒක තමයි ඒ මොහොතේ තත්වය. අපට කැමැත්ත තිබුණත්, කොයිතරම් වුවමනාව තිබුණත් එවැනි ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබුණේ නැහැ. අපේ කැමැත්තට මෙවැනි පෙරළි සිදුවන්නේ නැහැ. සමාජ පෙරළියක් සඳහා උඩින් අර්බුදයයි, යටින් අර්බුදයයි දෙකම මෝරන්න ඕනෑ. උඩින් අර්බුදය කියන්නේ පාලක පංතියට තවදුරටත් සුපුරුදු ආකාරයෙන් තමන්ගේ පාලන බලය පවත්වාගෙන යාමට නොහැකිවීම. මැතිවරණ ඉතිහාසයටම අද වෙනකොට, එක්සත් ජාතික පක්ෂය ඡන්ද පත්‍රිකාවෙත් නැහැ, එක්සත් ජාතික පක්ෂ නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. යටින් මතුවෙන අර්බුදය නම්, ජනතාවට සුපුරුදු ආකාරයෙන් තමන්ගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වීමයි. ඔවුන්ට සුපුරුදු ආකාරයෙන් ආහාර ටික, බෙහෙත් ටික සපයාගන්න, දරුවාට අධ්‍යාපනයක් ලබා දෙන්න නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ සමාජ පෙරළියකට, යුග පරිවර්තනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා.

National-Nurses-Meeting

ඒ වටපිටාව ඉතා හොඳින් කළමනාකරණය කරලා, අපි අතට බලය ගන්න පුළුවන්ද, බැරිද කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. මේ ලෙඩ වුණු ජාතිය, මේ ලෙඩ වුණු රට අපි මුදා ගන්න ඕනෑ. ඒ සඳහා අපි කළ යුත්තේ මොකක්ද? මේ තරම් දුක්ඛදායක තත්වයකට හෙළුවේ, අපේ ආර්ථිකය ලෙඩ ඇඳට තල්ලු කළේ, අපේ රාජ්‍යය අපරාධ, මත්ද්‍රව්‍යවලින් ගහන වූ රාජ්‍යයක් වූයේ, නීතියේ ආධිපත්‍යය කඩා වැටුණු රාජ්‍යයක් වුණේ, ආර්ථිකය කඩා වැටුණේ, වෛරසයක් ඇතුළු වීම නිසයි. අපේ දේශපාලනය මත පැතිරුණු දේශපාලන විනාශකාරී වෛරසයක් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට වඩා උඩින් ඉන්න එක වැනි කරුණුවලින් පිරුණු දේශපාලන වෛරසයක් තිබෙනවා. මේ දේශපාලන වෛරසයට නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ පැතිරුණු වෛරසයක් තිබෙනවා. ණය ගැනීම, විකිණීම, දැක්මක් සහිතව ආර්ථිකය මෙහෙයවීමට අසමත් වීම මේවායේ ප්‍රතිඵල විසින් ආර්ථිකය ලෙඩ වෙලා තිබෙනවා. මේ දෙකටම නිට්ටාවටම සුව කළ හැකි බෙහෙතක් අපි ලබාදිය යුතුයි.

තමන් අතට ලැබෙන බලය, ධනය එක්රැස් කිරීමේ එකම පරමාර්ථයක් බවට පත්කර ගත් සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කර දේශපාලන ක්ෂේත්‍රය නිට්ටාවටම සුව කරන බවට අපි ඔබට සහතික වෙනවා. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම් පුරවැසියෙක් ඝාතනය කරලා එල්ලුම් ගසට නියම වූ කෙනෙක් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුරයක් දරන්න බැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දරන්න බැහැ. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියකුත් දුප්පත්, දුබල කෙනාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ජාතික ජන බලවේගයේ අපි නීතිය ඉදිරියේ උඩින් ඉන්න අය නොවෙයි, අපි නීතිය ඉදිරියේ හැමෝම සමානයි. ඒ වගේම අප ඉදිරියේ තිබෙන්නේ, බෙදුණු රටක්, ගැටුම් ඇති වුණු රටක්. ඒ වෙනුවට, ලංකාව තුළ ජාතික සමගියේ රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එය දේශපාලන කාර්යයක්. ජාතික ජන බලවේගය ඒ කාර්යය කරනවා. දේශපාලන බලය හසුරුවන කේන්ද්‍රස්ථානයක් තමයි පාර්ලිමේන්තුව. නීති සහ සම්ප්‍රදායන් තම අරමුණු වෙනුවෙන් යොදා ගන්නා කථානායකවරයෙක්. අසැබි වචන කියමින් විනෝද වෙන, ළමා මනසක් සහිත පාර්ලිමේන්තුවක්. අපි මේ මඩ ගොහොරුව පිරිසිදු කරනවා. පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන, ආචාරධර්ම පද්ධතියකට යටත් වෙන ලෙස නීති සම්පාදනය කරනවා. අපේ ආර්ථිකයේ අපට පේන්නේ රෝගයේ ලක්ෂණ. රෝහලේ බෙහෙත් නැහැ, අවශ්‍ය කාර්ය මණ්ඩලය නැහැ. වෘත්තියවේදීන් රට අත්හැර යනවා මේ අපට ලෙඩේ පේන විදිහ. රෝග නිධානය තමයි ලෝකයේ ඇතිවන නව තත්වයන්ට අනුරූප වන පරිදි අවශ්‍ය වෙන ආර්ථික වෙනස්කම් අපි කරන්න අසමත් වුණු ජාතිකයක්.

National-Nurses-Meeting

රෝග නිධානයේ තිබෙන්නේ ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ ආර්ථිකය පෙළගැස්වීමට අසමත් වීමයි. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි ලෝකයේ ඇතිවන නව පරිවර්තනයන් හොඳින් උකහාගෙන, දියුණු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකින් ලෝකයේ වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා සැලසුමක් හදා තිබෙනවා. අපට ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය විශේෂම දේ තමයි පර්යේෂණ සහ සංවර්ධන අංශය දියුණු කිරීම. ලෝකය ඉස්සරහට පාලනය කරන්නේ තාක්ෂණයේ විශාලතම හිමිකාරයායි. ලෝකය එක කාලයක් පාලනය කළා, වැඩිම නාවික බලය තිබෙන කෙනා. යුද බලය තිබෙන කෙනා. තව කාලයක් පාලනය කළා වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. අද ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණය හිමිකරුවා.

මෙහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? පුරවැසියාට හොඳ ජීවිතයක් ලබාදීමයි. සෑම පුරවැසියාටම දැනුමක් සහිත අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහිත සෞඛ්‍යය, මානසික නිදහස, කලාව හා සාහිත්‍යය, ඔරොත්තු දිය හැකි ශක්තියක් හැදෙන ක්‍රීඩාවෙන් යුත් අපි නව මිනිස් පරම්පරාවක් හදන්න ඕනෑ. ඒ වගේම ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට, තමන් කරන වෘත්තියට නිසි වටිනාකම ලබාදෙමින්, වෘත්තිකයාට අලුත් ජීවිතයක් ලබාදෙමින් භුක්ති විඳින්න ඉඩකඩ ලබාදෙනවා. අපේ රටේ විශාල පිරිසක් මානසික ආතතියෙන් පෙළෙනවා. රටක් ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තියවේදීන් අවශ්‍යයි. ඒ අයගේ අධ්‍යාපන තලය තවදුරටත් ඉස්සරහට ගේන්න ඕනෑ. ලෝකයේ අධ්‍යාපනයේ ඉහළම තලයක තිබූ ප්‍රාථමික උපාධිය, අද සාමාන්‍ය අධ්‍යාපන මට්ටම බවට පත්වෙලා තිබෙනවා. අද අධ්‍යාපනයේ ඉහළම තලයක තිබෙන්නේ පශ්චාත් උපාධියයි. අලුත් පර්යේෂණ සිදුවෙන්නේ පශ්චාත් උපාධිය තුළයි. ප්‍රාථමික උපාධිය කියන්නේ මූලික මූලධර්ම. ඒ මූලධර්ම භාවිතාවට නගනකොට අලුත් දිශානතියකට යොමු කරන්නේ පශ්චාත් උපාධි මට්ටමෙන්. අපේ රටේ අධ්‍යාපන තලය ප්‍රාථමික උපාධියේ සිට පශ්චාත් උපාධිය දක්වා වර්ධනය කරන්න ඕනෑ. හෙද සේවයට ප්‍රාථමික උපාධියවත් නැති තත්වය තුළ අපි එතනින් ඔබ්බට උසස් අධ්‍යාපනයට යොමු කරන නව හෙද සේවාවක් ආරම්භ කරනවා. ලෝකය ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ නව සොයා ගැනීම් මතයි. ඒවා සියල්ල සිදුවෙන්නේ පශ්චාත් උපාධි ආයතනයන් තුළයි. එහෙම නැතිව ප්‍රාථමික උපාධිය තුළ අලුත් දේ සිදුවෙන්නේ නැහැ. අපේ රටේ පූර්ණකාලීන පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් නැහැ. ජාතික ජන බලවේගයේ අපි මේ අධ්‍යාපන තලය තව ඉහළ මට්ටමකට ගෙන යන්න නම් පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන පිහිටුවිය යුතු යැයි අපේක්ෂා කරනවා. අපි ඒ සඳහා අවධානය යොමුකොට තිබෙනවා.

National-Nurses-Meeting

ඒ වගේම අපේ ආර්ථිකය ගොඩනැගීමේදී අපි විශාල වාණිජ සම්පත් අපට නැහැ. නමුත් අපට පුනර්ජනනීය බලශක්තියේ විශාල විභවයක් තිබෙනවා. සංඛ්‍යා දත්තවලින් පෙන්වනවා 2030 වෙනවිට ලෝකයේ තෙල් සඳහා තිබෙන ඉල්ලුම උපරිමයට යනවා. 2030න් පස්සේ ඒ ඉල්ලුම අඩුවෙන්න පටන් ගන්නවා. 2050 වෙන විට ලෝකයේ බලශක්ති සැපයුමෙන් 65%ක් 85%ක් සපයන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයයි. එතන අපට විභවතාවයක් තිබෙනවා. අපේ රටේ පිහිටීම, සම්පත් පිළිබඳව සැලකිලිමත් ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම අපිට විශාල ජන ඝනත්වයක් තිබෙනවා. වර්ග කිලෝමීරටයක් තුළ ආසන්න වශයෙන් 343ක් ඉන්නවා. අපේ මානව සම්පත රටේ සම්පතක් බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. ලෝකයේ වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් භාණ්ඩ වෙළඳපොළ. දෙක ශ්‍රම වෙළඳපොළ. අපි ලෝකයේ ශ්‍රම වෙළඳපොළෙන් අත්පත් කරගෙන තිබෙන්නේ අතිශය ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක්. 2017දී 303,000ක් විදේශ රැකියා සඳහා ගොස් තිබෙන නමුත් වෘත්තීමය රැකියාවන් සඳහා ගොස් තිබෙන්නේ 6000ක් පමණයි. අපි ලෝකයේ ඉස්සරහට යන්න නම්, දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්න ඕනෑ. එතනදි හෙද ක්ෂේත්‍රය ලෝකයේ දියුණුම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගත හැකි ක්ෂේත්‍රයක්. ඒක අපේ ආර්ථික වර්ධනයේ මාවතක් හැටියට තීරණය කර තිබෙනවා.

වෘත්තියවේදීන්ගේ වරප්‍රසාද, රැකියාවල සුරක්ෂිතභාවය ගැන කල්පනා කරන්න ඕනෑ. අද ලෝකයේ හෙදියන් හා හෙදවරු 10,000කට 37ක් ඉන්නවා. ලංකාවේ ඉන්නේ 10,000කට 17යි. තව අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. දැනට 32,000ක් විතර වැඩ කරනවා. පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු සියල්ල පුරවන්නත් නව කාඩර් එකක් නිර්මාණය කරන්නත් කටයුතු කරනවා. අලුත් තත්වයන්ට ගැලපෙන පරිදි කාඩර් එකේ ගැලපීමක් කරන්න ඕනෑ. ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට වෘත්තියේ තෘප්තිමත්භාවයක් තිබෙන්න ඕනෑ. එකක් නීතිමය ලෙසත්, අනෙක වැඩ කිරීම ලෙසත් වෙන්න ඕනෑ. නීතිමය තෘප්තිමත්භාවය ලැබෙන්නේ සේවා ව්‍යවස්ථාවෙන්. අපි ඔබත් සමග සාකච්ඡා කර, සේවා ව්‍යවස්ථාවේ ඇති ගැටලු නිරාකරණය කරනවා. ලැබෙන වැටුප තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් විය යුතුයි. 2021 වැටුප සමග සංසන්දනය කරන විට අද වැටුප 30%කින් අඩුවෙලා තිබෙනවා. වැඩිවෙන ජීවන අංකයට අනුව වැටුප් ගැලැප්පීමක් කළ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේදි අපි ඒක ඉටු කරනවා. වෛද්‍ය සේවය හෝ හෙද සේවය තිබූ පමණින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් සෑම ක්ෂේත්‍රයකටම වඩා සෞඛ්‍යය ක්ෂේත්‍රය සාමූහිකත්වය ඉල්ලා සිටිනවා. සෑම ක්ෂේත්‍රයකම නියැළී සිටින වෘත්තිකයන්ට පැවරී තිබෙන්නේ ජනතාව සුවපත් කිරීමේ කටයුත්තයි. අපේ රට සුවපත් ජාතියක් බවට පත් කිරීම සඳහා සාමූහිකව එක්ව වැඩ කරමු.

ඉතිහාසයේ රටට වැරදුණු තැන් තිබෙනවා. ඒ වැරදුණු තැන් හොඳින් අධ්‍යයනය කරලා, වෙනස් කළ යුතු තැන් ඉතා වේගයෙන් වෙනස් කරලා මේ රට නව පරිවර්තනයකට යොමු කරමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතුවෙමු.

“ආර්ථිකයෙන් සාධාරණ පංගුව සැමට හිමිවන ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත-

National-Nurses-Meeting

සමස්ත ලංකා හෙද සංගමයේ මේ සමුළුව පවත්වන්නේ අපේ රටේ ඓතිහාසික මොහොතකයි. අපි සිටින්නේ මෙතෙක් පැවැති 76 වසරක ඊනියා ප්‍රභූ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ තීරණාත්මක ජනාධිපතිවරණයක් අභියසයි. සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට තෝරා පත්කරගෙන ඉන්පසුව ජනතාවාදී පාලනයක් පිහිටුවා නව පුනරුද යුගය ආරම්භ කරනවා. අපි කවුරුත් කතා කරන්නේ දේශපාලනික, ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් අපේ රට කඩා වැටී ඇති බවයි. ජනතාවාදී පාලනයකින් මේ කඩා වැටෙන තැනින් රට ගොඩගන්න ඕනෑ. මේ දක්වා මැතිවරණ සටන් බිමේ ජයග්‍රහණ කරා පිවිසෙන්න ඉඩකඩ අපට ඔවුන් ඉතිරි කර තිබුණේ නැහැ. ඒ තත්වය වෙනස් කර, මෙවර මැතිවරණයෙන් පීඩිත, ප්‍රගතිශීලී ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීමේ පාලනයක් පිහිටුවා ගන්න හොඳම වටපිටාවක් හැදී තිබෙනවා. පුනරුද යුගයේ රට ගොඩනැගීම ආරම්භ කරන්නේ මේ වාසිදායක වටපිටාවේ මැතිවරණ ජයග්‍රහණවලින් පසුවයි.

රට ගොඩනඟන්න නම් මේ කුණුවී තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. එය වෙනස් නොකර ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩගන්න බැහැ. දේශපාලනය කුණු වෙනකොට අනිත් සියලු අංශ කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනකොට කෙහොම වුණත් සමාජීය සහ සංස්කෘතික ජීවිතයක් පවතින්නේ නැහැ. ආර්ථිකය හොඳයි නම්, යහපත් සමාජීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතය වින්දනය කිරීමේ සංස්කෘතික ජීවිතයක් ගොඩනඟා ගන්නත් පුළුවන්. සංස්කෘතිය සම්බන්ධ පොදු විග්‍රහය හැටියට අපි පිළිගන්නේ “ස්වභාව ධර්මයෙන් අපට නොලැබුණු, මිනිසා විසින් නිර්මාණය කරගත්, සියල්ලගේම එකතුවයි” කියන අදහසයි. ඔබේ නිල ඇඳුමත් සංස්කෘතියක්. හෙද සේවයේ විනය නීති ආචාරධර්ම කියන්නේ සංස්කෘතියේ කොටස්. ආර්ථිකය කඩා වැටෙන හේතුව දේශපාලනය, සංස්කෘතිය කඩා වැටෙන්න හේතුව දේශපාලනය. මේ විදිහට ගත්තාම මෙතෙක් පැවතුණේ ෆැමිලි බිස්නස් එකක් කරගත් දේශපාලනයක්. සජිත් දිනවලා අගමැති වෙන්න බලන් ඉන්න ලක්ෂ්මන් කිරිඇල්ල මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගහපු ගැහිලි නිසා කොන්ක්‍රීට් පාලම් දැන්මම කඩා වැටෙනවා. ෆැමිලි බිස්නස්වල හැටි එහෙමයි. මේ අවුරුදු 76යේ ලංකාවේ දේශපාලනය පදනම් වී තිබුණේ තමන් ධනවත් වීම මත මිස රට ධනවත් නොකිරීමේ ෆැමිලි බිස්නස් එක මතයි. රට ධනවත් කරන දේශපාලනයක් ආරම්භ කිරීමේ හැරවුම ලබාගන්න රොද බඳින ලෙස හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

අපට හමුවන සමහර අය කියන්නේ මේ පාර නම් අපට උදව් කරනවා කියලා. මම ඒ අයට කියන්නේ කරුණාකරලා උදව් නම් එපා කියලා. උදව් කරන්නේ අසරණ වෙච්ච අයට, හදිසි අනතුරුවලට ලක්වුණු අයට වගේ අවස්ථාවලදී. අපි හැමෝටම කියන්නේ රටේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන ඒ තත්වය වෙනස් කරන්න අපි ඔක්කෝම එකතු වෙමු කියලා. රටේ කඩා වැටීමට පාලකයන් වගකියන්න ඕනෑ තමයි. නමුත් ජනතාව ලෙස අපි හැමෝම ඒ සඳහා වගකියන්න ඕනෑ. කාටවත් ඡන්දය නොදී ගෙදර බුදියාගෙන හිටපු කෙනෙක් වුණත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුනොකළ නිසා වගකියන්න ඕනෑ. දැන් අපි හැමෝම එකතු වී මේ රටේ අලුත් පරිච්ඡේදයක් ලියන්න සූදානම් වෙමු.

National-Nurses-Meeting

අපේ මුළු රාජ්‍ය සේවයම ජනාධිපතිට සහ ඇමති මණ්ඩලයට ගැටගසා තිබෙන අතර, පාර්ලිමේන්තුවෙන් සම්මත කර දී තිබෙන නීතිරීති ඒ අය විසින් ක්‍රියාත්මක කළ යුතුයි. රාජ්‍ය සේවකයන් ක්‍රියාත්මක කරන්නෙත් ඒ අණපනත් අනුවමයි. 1978 ඉඳලා අපිට ජනාධිපතිලා ඉන්නවා. රට කඩා වැටුණා කියන්නේ ජනාධිපතිලා ඇමති මණ්ඩලය හරහා නීතිය හරිහැටි ක්‍රියාත්මක කර නැහැ කියන එකයි. වංචා, දූෂණ, නාස්තිය සිදුවීමට ඉඩහැර තිබෙන බවයි. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී අසරණ පුංචි මිනිසුන්ට එක විදිහටත් ධනවත්, ඊනියා ප්‍රභූ කෙනෙකුට වෙන විදිහකටත් ක්‍රියාත්මක වෙනවා. පොලීසිය, පාසල, රෝහල මේ හැමතැනේදීම ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට. මහජන ඡන්දයෙන් තෝරා පත්කර යවන ජනාධිපති පිස්සු කෙළියත් අවුරුදු පහක් යන තුරු ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ගෝඨා පළවා හැරියා වගේ අවස්ථා උදාවෙන්නේ සමහර විට ශතවර්ෂ ගණන්වලින්. නැත්නම් දශක ගණන්වලින්. අනුර සහෝදරයා ජනාධිපති කළ පසු හඳුන්වාදෙන ව්‍යවස්ථාවෙන් මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ලබාදෙනවා. දේශපාලනය සුද්ද කරනවා කියන්නේ ඔන්න ඔතනින් පටන් ගැනීමයි. අද පත්කර ගන්නා මන්ත්‍රී කෙනෙක් අවුරුදු පහක් පාර්ලිමේන්තු යන්න ඕන නැහැ. මාස තුනකට වරක් පාර්ලිමේන්තු ගිහින් අවුරුදු පහටම දවස් 20ක් ගිහිල්ලා සියලු වරප්‍රසාද බුක්ති විඳිමින් අන්තිමේ විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. මේ ක්‍රමය වහාම වෙනස් කරන්න ඕනෑ.මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න ඕනෑ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක කරන්නයි.

දේශපාලනය ෆැමිලි බිස්නස් එකක් කර ගත් අය සිස්ටම් චේන්ජ් එක සිදුකරන වෙනත් ජාතික ව්‍යාපාරයකට පහසුවෙන් එන්න දෙන්නේ නැහැ. ඒ භූමිය තුළ ඔවුන්ම බලය මාරුකර ගත්තා. හෙදියන් ඇතුළු පීඩිත සහ ප්‍රගතිශීලී අය ඔවුන්ගේ ඒ ඡන්ද භූමියට කඩා වැදිලා කොඩිය ඔසවාගෙන ඉන්නවා. ඡන්දයට කලින් අපේ මේ කොඩිය බිම දාන්න ඔවුන් කළ හැකි හැමදේම කරනවා. අපි කතා කරන දේවල් විකෘති කරනවා. ජනතාවත් එක්ක ඇතිවී තිබෙන සම්බන්ධය බිඳීමේ මාධ්‍ය වළල්ලක් චෞර පාලකයන්ට තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් කුලියට අරගෙන චෞර වළල්ලට සම්බන්ධ මාධ්‍ය ජාලය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන්ම පටන් ගත් යූ ටියුබ් නාලිකා තිබෙනවා. කාලයක් තිස්සේ ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා වගේම පත්තරත් තිබෙනවා. ඒ ඔක්කෝම එකතු වෙලා මේ දක්වා මැතිවරණ සටන් භූමියට එන්න නොදුන් ප්‍රගතිශීලීන්, පීඩිතයන් පසුගිය අරගලවලින් පස්සේ වගේම ඒ දක්වා ගෙන ගිය සටන්වල ප්‍රතිඵල ලෙස සහ මේ දක්වා ගෙන ගිය සටන්වල ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහණයක් කරා පැමිණ සිටිනවා. මෙතෙක් තනි තනි මිනිසුන් ළඟ තිබුණු එක් එක් සංස්කෘතිය ජාතික ජන බලවේගයේ සංස්කෘතිය බවට පත් කළ නිසා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා නොතිබුණු වික්ෂිප්තභාවයක් ගොඩනැගී තිබෙනවා. ජාතික ව්‍යාපාරයක් බවට පත්කර තිබෙන ඒ සංස්කෘතියෙන් මේ රට ගොඩනඟනවා මිස කිසිවෙක් පුද්ගලික ප්‍රතිලාභ බලාගෙන මේ දේශපාලනය කරන්න ඕන නැහැ.

අපේ පාලනයක් යටතේ මානව සම්පතේ දියුණුවට එරෙහිව මෙතෙක් පවතින බාධා ඉවත් කරනවා. ඒ තුළ සෞඛ්‍යය සේවයට තිබෙන බාධා ඉවත් කිරීම කරනවා. හෙද සේවයට කසිකබල් උපාධි දෙනවා වෙනුවට නවීන දැනුමෙන් යුතු නිසි උපාධියක් ලබාදී සමස්ත සෞඛ්‍යය සේවයට, පවතින බාධා වගේම, රටේ සමස්ත මානව සම්පතේ බාධාවල් ඉවත් කරනවා. ඒ වගේම හැමදෙනාටම තමන් සම්බන්ධ වී සිටින ආර්ථිකයෙන් තමන් වෙත ලැබිය යුතු සාධාරණ පංගුව ලබාගැනීමට තිබෙන බාධාවල් ඉවත් කරනවා. ආර්ථිකයෙන් සාධාරණ පංගුව ලැබෙනවා නම්, වැඩවර්ජන කරන්න ඕනෑද? අපි හැමෝටම මාලිමාව බලයට පත් කර ගත යුත්තේ මේ මූලික බාධා දෙක ඉවත්කර ගන්නයි. රාජ්‍ය බලයක් ලබා ගන්න ඕනෑ මේ ක්‍රියාමාර්ග දෙක අනුගමනය කරන්නයි. ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිත ජනයාගේ රාජ්‍ය බලය පිහිටුවන අවස්ථාව සැප්තැම්බර් 21 උදාවී තිබෙනවා. එය ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරි කාලය තුළ අපි හැමෝම අඛණ්ඩව ක්‍රියාකරන්න ඕනෑ. බලය ගත් පසු මේ පාලනය අපේ බව වෘත්තිය සමිතිවලටත් සමස්ත වැඩකරන පංතියටත් දැනෙන්න ඕනෑ. අපේ වගකීම වෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක් බව තහවුරු වන ආකාරයෙන් ප්‍රතිපත්තිගරුකව සහ කාර්යශීලීව වැඩකිරීමයි. අපි ඒ ප්‍රතිපත්ති අනුව වැඩ කරන බව මෙතෙක් තහවුරු කර තිබෙනවා වගේම ඉදිරියේදී ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා. මෙය රට පරිවර්තනය කිරීමේ සමුළුවක් බව මේ අවස්ථාවේ සිට ක්‍රියාවෙන් ඔප්පු කරමු.

Show More

මාතර දී පැවති 'මුස්ලිම් සහෝදරත්ව හමුව'

(-Matara, July 27, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) මාතර වැලිගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය.

(-Matara, July 27, 2024-)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) මාතර වැලිගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය.

Show More

“සෑම අතින්ම පොහොසත් රටක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය – 2027.07.27 – මාතර පර්ල් පැලස් හෝටලය-) දීර්ඝ කාලයක් අපි ඡන්ද පාවිච්චි කර තිබෙනවා. ඡන්දෙ දෙනකොට, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන් තුළ තිබුණු අපේක්ෂාවන්, බලාපොරොත්තු සාර්ථක වී තිබෙනවාද? අපේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් දෙස බැලුවත්, සමාජයේ කඩා වැටීම් දෙස බැලුවත්, රාජ්‍ය සහ අනෙකුත් සෑම අංශයකම ඇති […]

(-ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය – 2027.07.27 – මාතර පර්ල් පැලස් හෝටලය-)

Bank-And-Finance-Matara

දීර්ඝ කාලයක් අපි ඡන්ද පාවිච්චි කර තිබෙනවා. ඡන්දෙ දෙනකොට, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන් තුළ තිබුණු අපේක්ෂාවන්, බලාපොරොත්තු සාර්ථක වී තිබෙනවාද? අපේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් දෙස බැලුවත්, සමාජයේ කඩා වැටීම් දෙස බැලුවත්, රාජ්‍ය සහ අනෙකුත් සෑම අංශයකම ඇති වී තිබෙන බිඳ වැටීම් දෙස බැලුවත් සිදුවී තිබෙන්නේ ඉදිරියට යාම නොවෙයි, පසුපසට යාමයි. අපි මේ ඉරණමෙන් ගොඩඑන්න ඕනෑ. ගොඩඑන්න නම් පළමුවෙන්ම දූෂිත, විනාශකාරී, දැක්මක් නැති පාලක කණ්ඩායම පළවා හරින්න ඕනෑ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවේ 1970දි. අවුරුදු 54ක් පාර්ලිමේන්තුවේ. රනිල් ආවේ 1977දි. අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ. දිනේෂ් ආවේ 1983දි. අවුරුදු 41ක් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති, ජනාධිපතිකම් දැරුවා. එයාලව තවත් පරීක්ෂාවට භාජනය කළ යුතු නැහැ. අපි දශක ගණනාවක් ඒ මල්ල ලෙහලා බැලුවා. අපි ඒ ගතානුගතික දේශපාලන කඳවුරෙන් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතට බලය ලබා ගන්න ඕනෑ. ඒකට හොඳම අවස්ථාව සැප්තැම්බර් 21 උදාවෙලා තිබෙනවා.

අපි මේ විනාශයන් දකින්නේ අපේ ඇස් ඉදිරිපිටයි. දකුණු කොරියාවේ වර්ධනයන්, වියට්නාමයේ වර්ධනයන්, ඉන්දියාවේ වර්ධනයන් අපි දකිමින් ඉන්නවා. ඉන්දියාවේ 80 දශකයේ කුඩ නිෂ්පාදනයක්, සබන් නිෂ්පාදනයක් තිබුණේ නැහැ. එහෙම තිබූ ඉන්දියාව අපි දන්නවා වගේම අද හඳට යන ඉන්දියාවත් අපි දකිමින් ඉන්නවා. මේ කලාපෙට මෝටර් රථ, ඖෂධ, ආහාර, බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව අපි දකිනවා. මේ රාජ්‍යයන් විසිවන සියවසේ ඇති වූ තාක්ෂණය හොඳින් උකහා ගෙන සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්න කාලය තුළ අපේ රටට උදාවූ විනාශයත් අපි අත්විඳිමින් ඉන්නවා. අපි මේක වෙනස් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර තමයි මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අතට බලය මාරුකර ගන්න ඕනෑ. මේ විදිහට අපේ දුවා, දරුවන් ජීවත් විය යුතු නැහැ. ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්වුණු රටක් බවට පත්වෙන්න ඕන නැහැ. සියලු දෙනාම එකතු වෙලා, මැදිහත් වෙලා නව දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කරන්න ඕනෑ.

පළමුවෙන්ම මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. මිනිසා පරිණාමයේ ආරම්භයේදී, අපේ මානවයා ගහෙන් බැස්සාට පස්සේ අසරණම සත්වයා බවට පත්වුණේ මානවයා. ඒ අසරණභාවය විසින් අපම සාමූහිකත්වයෙන් ජීවත් වීමට පෙළඹුවා. දඩයමක් කරන්න ගියේ රංචු ගැහිලා. දඩයම භුක්ති වින්දේ සාමූහිකව. පසුව ශක්තිමත් තැනැත්තා නායකයා වුණා. ඒ රැහේ තීන්දු තීරණ සියල්ලම ගත්තේ නායකයායි. දීර්ඝ කාලයක මිනිසුන්ගේ සටන්, නැගිටීම් මගින් ඒවා ආයතන ලෙස ගොඩනැගෙන්න පටන් ගත්තා. නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවත්, නීති ක්‍රියාත්මක කිරීම සඳහා විධායකය ඇතුළු කැබිනට් මණ්ඩලයත්, නීති ක්‍රියාත්මක කිරීම හරිද වැරදිද කියලා බලන්න අධිකරණයත් බිහි වුණා. නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව පත්වෙන්නේ ජනතාවගෙන්, අධිකරණ පද්ධතියට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා නීතිවලින්. සමාජය ශිෂ්ට සම්පන්න ආයතන විසින් පාලනය වෙන්න පටන් ගත්තා.

අපේ රටේ මේ ආයතන කඩා වැටීමට භාජනය වෙලා. ජනතාව අපේක්ෂා කළ ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක් බවට පත්වී තිබෙනවාද? අද මෙම ආයතනයන් අශිෂ්ටත්වයේ ප්‍රතිමූර්ති බවට පත්වෙලා. පාර්ලිමේන්තුවේ ගොඩක් අය අද සම්මත වෙන පනත මොකක්ද කියලා දන්නේ නැහැ. ඒවා එයාලට අදාළම නැහැ. හැබැයි බලය තිබෙන්නේ එතෙන්ට. යළි ශිෂ්ටත්වය කැඳවාගෙන එන්න නම් මේ පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ප්‍රජාතාන්ත්‍රික සංශෝධනයක්. 17 මුළුමනින්ම අයින් කරලා 18 ගෙනාවා මහින්ද රාජපක්ෂ. 17ට අත ඔසවපු අය 18ටත් අත ඔසවනවා. 19, 20, 21 මේ සෑම ව්‍යවස්ථා සංශෝධනයකටම මොවුන් අත ඔසනවා. මෙවැනි අශිෂ්ට ආයතනත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද? අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයට ගේන පාර්ලිමේන්තුවක් බවට මේ පාර්ලිමේන්තුව පත් කළ යුතුයි. මිනිසුන් අපේක්ෂා කළ වුවමනාවන් ඉටුවෙන පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි. අපි ව්‍යවස්ථාදායක බලය නියමිත පරිදි පිළිබිඹු වෙන පාර්ලිමේන්තුවක් බවට පාර්ලිමේන්තුව පත්කරනවා.

Bank-And-Finance-Matara

විධායක බලය වෙනස් වෙන්න ඕනෑ. තනි පුද්ගලයෙකු මත අසීමිත බලයක් කේන්ද්‍රගත වෙලා තිබෙනවා. අධිකරණයට තිබෙන්නේ තිබෙන නීති අර්ථ නිරූපණය කරමින් දඬුවම් ලබා දෙන්න. වංචාව, දූෂණය, නාස්තිය නතර කිරීම සඳහා නව නීති ප්‍රමාණයක් අපි ගේනවා. පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් නිශ්චිත සමාජ වුවමනාවන් වෙනුවෙන් වැඩ කරන ආයතනයන් බවට පරිවර්තනය කරන්න ඕනෑ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වැරදි බවට අධිකරණය තීන්දුවක් දුන්නා. පත්කිරීමේ බලධරයා ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා විසින් නමක් යවනවා ව්‍යවස්ථා සභාවට. ව්‍යවස්ථා සභාව එය අනුමත කොට ජනාධිපතිවරයාට යවනවා. ජනාධිපතිවරයා විසින් පත්කරනවා. දැන් මතයක් යනවා පාර්ලිමේන්තුවේ තීන්දුවකට අත තියන්න අධිකරණයට බැහැ කියලා. ව්‍යවස්ථා සභාවට එවැනි බලයක් දීලා නැහැ. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිවරයා ආදී වැදගත් ආයතන ගණනාවක තනතුරු ව්‍යවස්ථා සභාවෙන් පත්කරනවා. ඕනෑම පුරවැසියෙකුට ඒ පත්කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර නැහැ කියා අදහසක් තිබෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දැමීමේ අයිතිය තිබෙනවා.

ව්‍යවස්ථා සභාවේ නව දෙනෙක් ඉන්නවා. පොලිස්පතිවරයාගේ තනතුර ව්‍යවස්ථා සභාවේ පස් දෙනෙක් අනුමත කරන්න ඕනෑ. නව දෙනාට කථානායකත් අයිති වෙනවා. එදා හතරදෙනෙක් පොලිස්පතිට පක්ෂව ඡන්දය දුන්නා. දෙන්නෙක් නිහඬව සිටි අතර, දෙන්නෙක් විරුද්ධ වුණා. ව්‍යවස්ථා සභාවේ අවස්ථාවක් තිබෙනවා, ඡන්දෙ සමාන වුණොත් තීරක ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් කථානායකවරයාට. කථානායකවරයා, ලියුමක් ලියනවා ජනාධිපතිවරයාට. “හතර දෙනෙක් පක්ෂ වී ඇත. දෙදෙනෙක් විරුද්ධ වී ඇත. තව දෙදෙනෙක් නිහඬ වී ඇත. නිහඬවී ඇති දෙදෙනා විරුද්ධ වී ඇතැයි සේ සලකන්නේ නම්, මාගේ ඡන්දය පක්ෂව ලබාදෙනු ඇත” කියලා. මේකට විරුද්ධව කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි නිමිත්තක් තිබෙනවා දැක පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවනවා.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කියනවා, “එම නඩු තීන්දුව පිළිගන්නේ නැහැ” කියලා. මම කියනවා “දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කළ කථාව පුළුවන් නම්, එළියේ කරන්න” කියලා. පොලිස්පති දේශබන්දු, එක ලියුමකට අත්සනක් ගහන්න, පොලිස්පති හැටියට. ඒ ආයතනවල ශිෂ්ටත්වය, ගෞරවය මේ පාලකයන් ආරක්ෂා කරනවාද? මුළු සමාජයම කඩා වැටීමට භාජනය වෙලා. මුළු ආණ්ඩුවක්ම එක දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් වෙනුවෙන් පෙනී ඉන්න එකෙන් පෙන්නුම් කරන්නේ මොකකද? ආයතනය රඳා පවතින්නේ පුද්ගලයා මත නම්, ඒ ආයතනවල පැවැත්ම අහෝසි වෙනවා. රජයක් එහෙම කල්පනා කරන්නේ ඇයි? තමන්ට අවශ්‍ය වන අයථා ක්‍රියාවල යෙදෙන්න. රටේ පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී තිබෙන නීත්‍යනුකූල වැඩකටයුතු ටික කරගන්න ඕනැකම තිබෙන්නේ නම්, වෙනත් සුදුසු නිලධාරියෙක් පත්කර ගන්න පුළුවන්. මේ අශිෂ්ටත්වය පරාජය කරන්න ඕනෑ. අපේ දේශපාලනයේ පළමු අපි බාරගන්න වගකීම තමයි මේ ආයතනයන්ට නිසි පරිදි පැවරී තිබෙන කාර්යයන් සහ වගකිම් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන සහාය සහ බලය ලබාදීම.

Bank-And-Finance-Matara

ඊළඟට අපේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අත්පත් කර ගන්න ඕනෑ. ආර්ථික පරිවර්තනය සඳහා අපට වෘත්තිමය ශ්‍රමය අවශ්‍යයි. අපේ ශ්‍රම බලකායෙන් වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ 15%යි. 85%ක් තිබෙන්නේ පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු විදිහට. උදාහරණයට බැංකුව මෙහෙයවීම සඳහා ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය තිබෙන බැංකු කළමනාකරුවෙක් නැත්නම්, සාමාන්‍ය සේවකයන්ගෙන් බැංකුව පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. වෘත්තිමය ශ්‍රමය විසින් තමයි අනෙක් අයගේ සේවය උකහා ගන්නේ. වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තිකයන් රට හැර යනවා. ඒ නිසා රට ගොඩනඟන්න නම්, වෘත්තිමය ශ්‍රමය රට අත්හැර යාම සඳහා බලකර තිබෙන සාධක ඉවත් කරන්න ඕනෑ. රට මෙහෙය වන්නේ අපරාධකරුවන් නම්, වෘත්තිමය සේවකයාගෙන් වැඩක් නැහැ, යන හැඟීම ඇති වෙනවා. ඒ නිසා “අපි මේ රටට අවශ්‍ය මිනිසෙක්” යන ආකල්පය හදන්න ඕනෑ. රට අතහැර යන ගොඩක් අය මැදිවියේ අය. ඒ යන්නේ තම දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැති නිසා. ඒගොල්ලන්ට අපි කියනවා, “ඔයගොල්ලන්ගේ දරුවන්ට මේ රට විශ්වාසදායක රටක් බවට පත්කරනවා” යන විශ්වාසය හදනවා. තුන්වැනිව, ඒ වෘත්තියවේදීන්ට තමන්ගේ දැනුම කාර්ය නිසිපරිදි කරගෙන යාම සඳහා ඇගයීම තියෙන්න ඕනෑ.

වෘත්තියවේදීන්ගේ වැටුපෙන් 36%ක් ටැක්ස්වලටත් ඉතිරි මුදලට බඩු ගන්නකොට ආයෙමත් 18%ක් ටැක්ස් වදිනවා. මාසෙ අන්තිමේදි හිතනවා වැඩ කරලා තියෙන්නේ අපට නොවෙයි කියලා. එහෙම ගත්තට කමක් නැහැ. නමුත් ඒ ගන්න මුදල්වලට මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ රට යන්න අයවැයෙන් වෙන්කර ගත් මුදල් මදිවෙලා තවත් ලක්ෂ 2000ක් වෙන්කර ගන්නවා. මේ මාස දෙකට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා ඡන්දෙට කෝටි 875ක් වෙන්කර ගන්නවා. තරුණ සේවා සභාවෙන් මිලියන 400ක් කැබිනට් එකෙන් ඉල්ලුවා. මියුසිකල් ෂෝ කරනවා. තමන්ගේ පඩියෙන් කපා ගන්නා ධනය නාස්ති කරනවා, සොරකම් කරනවා. ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල එක්ලක්ෂ විසිදාහයි. තිස්දාහයි. ඩීසල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඩීසල් දීමනාවට රුපියල් ලක්ෂයක් වැඩි කළා. ඒ ලක්ෂය ගත්තේ නැත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පමණයි. පුරවැසියන්ට බර එනවා. පුරවැසියන්ට ඇස් ඉදිරිපිට පේනවා තමන්ගේ බදු සල්ලිවලට මොකද වෙන්නේ කියලා. ජාතික ජන බලවේගයේ අපි ඒ බදු සල්ලි නියමිත පරිදි වියදම් කිරීම පිළිබඳ විනිවිදභාවයක් පුරවැසියන්ට දෙනවා. ඒ වගෙම මේ ටැක්ස් එක අනිවාර්යයෙන් අඩු කරනවා.

අපි ආර්ථිකය හදන්න අපට තිබෙන විභවතාවයන් සොයා බලන්න ඕනෑ. අපට කළ හැකි දේවල් මොනවාද බලන්න ඕනෑ. අපට ඛනිජ සම්පත් තිබෙනවා. ප්‍රාග්ධනය නැත්නම් අපි ප්‍රාග්ධනය කැඳවනවා. තාක්ෂණය නැත්නම් විදෙස් ආයෝජකයන් කැඳවන්න ලැහැස්තියි. අපි ස්වභාවික සම්පත් මත ආර්ථිකය සැලසුම් කරන්න ඕනෑ. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ගමේ තිබෙන විභවතාවයන් හඳුනා ගන්න ඕනෑ. අපේ රටේ පිහිටීම මත අපට හොඳ ආර්ථිකයකට යා හැකියාව තිබෙනවා. නාවික කර්මාන්තය සහ නාවික ප්‍රවාහනය පිළිබඳ අවධානය යොමුකොට තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශාල විභවතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ මානව සම්පත දියුණු කළ හැකිව තිබෙනවා. 2030දි ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. ඒ ලෝකයේ ඉල්ලුම හැදෙන මිලියන 45න් යම් ප්‍රතිශතයක් අපි අත්පත් කර ගන්නේ කොහොමද යන්න අනුව මේ මානව සම්පත දියුණු කළ යුතු වෙනවා. දියුණු මානව ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීම ගැන අවධානය යොමු කර සැලසුම් සකස් කළ යුතු වෙනවා. ආහාර සුරක්ෂිතතාවයේදී කෘෂිකර්මාන්තය කෙරෙහි විශාල අවධානයක් යොමු කළ හැකි වෙනවා. මේ පැති කිහිපය ඉතා හොඳින් කළමනාකරණය කර මෙහෙය වුවහොත් ඉතා හොඳ ආර්ථික ප්‍රතිලාභවලට යාමට හැකියාව තිබෙනවා. සෑම අතින්ම පොහොසත් රටක්. ලෝකයේ පිළිගැනීමට භාජනය වූ පොහොසත් රටක්, සමාජ ආකල්පවලින් පොහොසත් රටක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමෙන් පොහොසත් රටක්, නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒ සඳහා එක්ව පොර බැදුවොත්, එක්ව මැදිහත් වුණොත් අපට මේ රට ගොඩනගන්න පුළුවන්. අපට ඉතා හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ සඳහා මාවත විවෘත කරගන්න. ප්‍රතිගාමී කඳවුර පරාජයට පත් කළ යුතුයි. ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු.

Bank-And-Finance-Matara

“සජිත් ළඟ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා සියලු දෙනා එදා රනිල් ආණ්ඩුවේ සිටියා”
-බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දිල්ශාන් ෂාමිකර-

රනිල් වික්‍රමසිංහට තිබුණා කියන හැකියාව සහ දැනුම 2015 – 2019 කාලයේ තිබුණා නම්, රට මේ තත්වයට ඇද වැටෙන්නේ නැහැ. විදේශ ණය බැඳුම්කර විශාල වශයෙන් ගත්තේ ඔහුයි. අදූරදර්ශී ලෙස කටයුතු කර, රට මේ තත්වයට ඇද දැමුයේ ඔහුයි. රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා එක්වී රාජ්‍ය ආයතන සියල්ලම ඥාතීන්ගෙන් පුරවා පාඩු ලබන ආයතන බවට පත් කළේ ඔවුනුයි. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ළඟ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා සියලු දෙනා එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සිටියා. ඔවුන් සියලු දෙනා එක්වී රට මේ තත්වයට ඇදලා දාලා 2048දී සංවර්ධනය කරන බව දැන් කියනවා.
2016දී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් දිවයින පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස සඳහන් කළා. 2020දී රට ණය බරෙන් නිදහස් කරන බව එහි සඳහන් කර තිබුණා. ඔවුන් කියන සුරංගනා කතා මේ රටේ වෘත්තිකයන් තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට මේ රට සංවර්ධනය කරන්න බැහැ. මහජනතාවත් ඔවුන්ව ප්‍රතික්ෂේප කර අවසන්. මේ රටට නිදහසේ ආයෝජකයන් ගෙන්වා ගත හැකි ආණ්ඩුවක් පිහිටුවා ගන්න අපි හැමදෙනාම පෙළගැසී අවසන්. ඒ වෙන කිසිවෙකුත් නොවෙයි, සැප්තැම්බර් 21දා නියත වශයෙන්ම බලයට පත්කර ගන්නා අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි.

Bank-And-Finance-Matara

“ආර්ථිකයේ රුධිර සංසරණ පද්ධතිය ලෙස මාලිමාවේ බැංකු හා මූල්‍ය සංසදය කටයුතු කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-

මෙතෙක් පැවැති ආණ්ඩුවල සමස්ත ක්‍රියාකාරිත්වය නිසා මේ වන විට දෙලක්ෂ පනස් එක්දහසක් පමණ ව්‍යාපාර වැසී ගොස් තිබෙනවා. ඒ ව්‍යාපාරිකයන් පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙන්නේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඔබ සැමටයි. ඔබ මෙතෙක් කල් ව්‍යාවසායකයන් සමග වගේම ගම්බද දුප්පත් ජනතාවත් එක්ක මූල්‍ය ක්ෂේත්‍රයේ ලබාගත් අත්දැකීම් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍යයි. ඇමතිගේ කටින් පිටවන වාක්‍යය චක්‍රලේඛ සේ සලකලා කටයුතු කරන්න රාජ්‍ය බැංකුවලට බොහෝ අවස්ථාවල සිදුව තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අවශ්‍ය ක්ෂේත්‍රවලට ප්‍රමුඛතම මූල්‍ය පහසුකම් ලබාදෙනවා. ලාල්කාන්ත සහෝදරයා ඇමති ලෙස සහ මම නියෝජ්‍ය ඇමති ලෙස කෙටි කාලයකට කටයුතු කළ කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඒ වෙනුවෙන් යොදා ගන්නවා. ව්‍යවසායකයන්ට ණය ලබාදීමේදී මහ බැංකු බැඳුම්කර කොල්ලය නිසා විශාල වශයෙන් ඉහළ ගිය බැංකු පොලී අනුපාත 2045 වන තුරු දිගු කාලීනව බලපෑම් කරනවා.

නමුත් ඒ තත්වයෙන් මිදී ජාතික සැලැස්මක් අනුව ව්‍යවසායකයන් මෙහෙයවීම සඳහා අඩු පොලියට ණය ලබාදීමේ සංවර්ධන බැංකුවක් අපි පිහිටුවනවා. ව්‍යවසායකයන් හට ණය ලබාදීමට පිහිටුවා තිබූ ජාතික සංවර්ධන බැංකුවට මොකද වුණේ. ඒ බැංකු දේශපාලන ඇඟලි ගැසීම්වලට ගොදුරු කර මුළුමනින්ම බිඳ වැට්ටුවා. කෝප් කමිටුවේ සභාපති ලෙස මම කටයුතු කළ කාලයේ එම පරීක්ෂණ සඳහා කැඳවූ නිලධාරී මහත්වරුන් මෙතනත් ඇති. ඇමතිවරුන්ගේ ග්‍රහණයට හසු වූ නිලධාරීන්ගේ පීඩනය අපි දන්නවා. නමුත් අපේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාකරන ආකාරය මේ මූල්‍ය සංසදයේ සිටින වෘත්තිකයන්ගෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. රටේ ආර්ථිකයේ රුධිර සංසරණ පද්ධතිය ලෙස ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා. මේ වන විටත් දිස්ත්‍රික 21ක මේ මූල්‍ය සංසදයේ සමුළු පවත්වා අවසන්. ඒ ඒ දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ව්‍යවසායන් පණ ගැන්වීමේදී මූල්‍ය පහසුකම් සැපයීමට ඔබේ අදහස් මූලික වශයෙන්ම උපයෝගී කර ගන්නවා. ජනතාවට සංවේදීව ඇහුම්කන් දෙමින් රට ගොඩනඟන පුනරුද ගමනට සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරනවා.

Bank-And-Finance-Matara

“රටේ ආර්ථිකය ගොඩගැනීමේ මැජික් එක දේශපාලනය බව ලෝක බැංකු නියෝජිතයන් පවා පිළිගත්තා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත-

මේ වන විට විරුද්ධවාදී කණ්ඩායම් ගෙනයන අසත්‍ය ප්‍රචාර අතරින් මූලික වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක බලයට පැමිණියාම ජනතාවගේ ඉතිරි කිරීම් ගිණුම්වල තිබෙන මුදල් අත්පත් කර ගන්නා බවයි. දැවැන්ත පරිවර්තනයක් සඳහා මහජනතාව පෙළගස්වන අතර අපට එරෙහිව ගොඩනඟන අසත්‍ය ප්‍රචාර හා අවලාදවලට පිළිතුරු දීමටත් සිදුවී තිබෙනවා. එක යුගයක මහාචාර්යවරු පවා කීවා, වංචා දූෂණ සිදුවුවත් රට සංවර්ධනය වෙනවා නම් කමක් නැහැ කියලා. ඔවුන්ගේ ඒ මඟපෙන්වීවල අනුග්‍රහයත් ලබා ගනිමින් ගිය ගමනෙන් රට බංකොලොත් කළ පසුව වංචා දූෂණ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මහ ජනතාව තුළ ගොඩනැගී තිබෙනවා. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ සහ කණ්ඩායම සංඛ්‍යා ලේඛන පෙන්වමින් රට ගොඩගත්තේ තමන් බව ප්‍රකාශ කරමින් ඉන්නවා. මේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් රට නැවත ප්‍රපාතයට වැටෙන බවට විශාල බියක් ජනතාව තුළ ඇති කරන ප්‍රචාරක කටයුතු නිරන්තරයෙන් සිදුකරමින් යනවා.

ආර්ථික දත්ත කියන්නේ දේශපාලනයෙන් හුදකලා වූ දෙයක් නොවෙයි. මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතාවය අනුව නොවෙයි, ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථික ක්ෂේත්‍රයට මැදිහත්වීමේ අවස්ථාව ලබාදීම තුළින් ආර්ථිකය ගොඩගන්න ඕනෑ. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ මැජික් එක දේශපාලනය බව ලෝක බැංකු නියෝජිතයන් පවා පිළිගත්තා. මේ බව අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. විවෘත හා විනිවිදභාවයෙන් ඒ කටයුතු කිරීමේ හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ආර්ථිකයේ වර්ධනයට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තවත් සාධක බලපාන අතර මූල්‍ය ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරනවා. සල්ලි පැටව් ගහන තැන්වල ආයෝජනය කරනවාට වඩා ජාතික අවශ්‍යතාවය මත නිෂ්පාදන ක්ෂේත්‍රයට යෙදවීම ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. එය දේශපාලන අවශ්‍යතාවයක්. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පෞද්ගලික සහ රාජ්‍ය බැංකු එකට එකතු වී සහයෝගයෙන් කටයුතු කරනවා. රාජ්‍ය සහ පෞද්ගලික වශයෙන් බෙදා ගැටුම්කාරී තත්වයක් පවත්වාගෙන යන්නේ නැහැ. රටට අවශ්‍ය සවිමත් මූල්‍ය පද්ධතියක් වෙනුවෙන් ශක්තිමත් රාජ්‍ය අංශයේ මූල්‍ය පද්ධතියක පැවැත්ම තහවුරු කරනවා. ව්‍යවසායකයන් සතු දේපළ ඇපයකට තබාගෙන ඔවුන්ගේ බෙල්ල හිරකර ණය දෙනවා වෙනුවට රාජ්‍යය මැදිහත් වී අවශ්‍යතා අනුව මූල්‍ය සැපයීම් සිදුකරනවා. මූල්‍ය අංශය, ව්‍යවසායකයන් සහ ආණ්ඩුව යන පාර්ශ්ව තුන එක්වී මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යභාරය පුනරුද යුගයක් දක්වා පෙළගස්වනවා. සතුරා කලබල වී ගෙනයන ප්‍රචාරවලට රැවටෙන්න එපා.

Bank-And-Finance-Matara

“වෘත්තියවේදීන් සියලු දෙනාගේම දැන් වගකීම දේශපාලන පරිවර්තනයක කොටස්කරුවන් වීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයට විශාල කාර්යභාරයක් මේ රට ගොඩනැගීමේදී කරන්න සිදුවී තිබෙනවා. ඒ වගේම තමයි ඉදිරි දින ගණනාව තුළ ජනාධිපතිවරණය වෙනුවෙන් විශාල කාර්යභාරයකුත් සිදුකිරීමට තිබෙනවා. මේ රට පුනරුද යුගයකට ගෙන යාමේ මූලික ජයග්‍රහණය ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත්කර ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් ඔබ හමුවට එන ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ කාර්යභාරයත් සියලු දෙනාටම පැවරී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ජනතා සතුරන් පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගි කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය පවා යටපත් කිරීමට උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවෙන් පිටතදී ඒ අය ඒ කරන කතා කළහොත් හිරගෙට යන්න වෙන නිසා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වසා ගන්න උත්සාහ කරනවා. රනිල් ගහපු ඒ ගේම් ඔක්කෝම ඉවරයි. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී මොනවාදෝ කරන්න හදනවා.

ඡන්දයට බයේ ඔවුන් ගහන ගේම් ඡන්දය කිට්ටුවී තවදුරටත් ඉහළම තලයකට ගෙනත් ජනතාව ව්‍යාකූල කිරීමට උත්සාහ කරනවා. වෘත්තියවේදීන් සියලු දෙනාටම පැවරී තිබෙන්නේ දේශපාලන පරිවර්තනයක කොටස්කරුවන් ලෙස සක්‍රීයව දායක වීමයි. ඔබේ සේවා ආයතනය තුළ පමණක් නොවෙයි, ගමේදීත් ජනතාව දැනුවත් කරමින් ජනතාව ව්‍යාකූලත්වයෙන් මුදා ගැනීමට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. සැබෑ දේශපාලන පරිවර්තනයක ආරම්භය එළඹෙන සැප්තැම්බර් 21දා සිදුකළ යුතු වෙනවා. අපේ කාර්යභාරය පිළිබඳව විශේෂ අවධානයකින් වෘත්තියවේදීන් ලෙස සමාජයේ පවතින පිළිගැනීමත් ඉදිරි කාලය තුළදී ජනතාව දැනුවත් කිරීමට යොදවමු.

Show More

“රට ගොඩනැගීම සඳහා සඳහා ප්‍රතිපත්ති තිබෙන සෑම කෙනෙකුටම ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘතයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ AKD වෙබ් පිටුව, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම – 2024.07.27-) අද ජාතික ජන බලවේගයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන මොහොතක්. මේ වන විට මැතිවරණ දිනය සඳහා නාම යෝජනා බාරදෙන දිනයත් මැතිවරණ දිනයත් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. දේශපාලන සාකච්ඡා, දේශපාලන උණුසුම තීව්‍ර වන කාලය උදාවී තිබෙනවා. එළඹෙන මැතිවරණය අපේ ප්‍රතිපත්තීන් විශාල […]

(-ජාතික ජන බලවේගයේ AKD වෙබ් පිටුව, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම – 2024.07.27-)

NPP-Policy-Centre

අද ජාතික ජන බලවේගයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන මොහොතක්. මේ වන විට මැතිවරණ දිනය සඳහා නාම යෝජනා බාරදෙන දිනයත් මැතිවරණ දිනයත් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. දේශපාලන සාකච්ඡා, දේශපාලන උණුසුම තීව්‍ර වන කාලය උදාවී තිබෙනවා. එළඹෙන මැතිවරණය අපේ ප්‍රතිපත්තීන් විශාල සාකච්ඡාවකට බඳුන් වෙන, ප්‍රතිපත්ති කුමක්ද යන්න ජනතාව තුළ විශාල අවධානයක් යොමු වෙන මැතිවරණයක් බවට පත්වෙන එක නොඅනුමානයි. අපේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී බොහෝ විට සිදුවී තිබෙන දේ තමයි ඒ ප්‍රතිපත්තීන් එක්ක සම්බන්ධ වෙන, ඒ ඒ ක්ෂේත්‍රයන් එක්ක සම්බන්ධ වෙන පිරිස් එක්ක සාකච්ඡා කරනවා වෙනුවට උඩින් සකස් කරන ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම. අපි විවිධ අවස්ථාවල, වසර එකහමාරකට ආසන්න කාලයක් ඒ ඒ ක්ෂේත්‍රවල නියැලෙන කණ්ඩායම්, විද්වතුන්, වෘත්තියවේදීන් සමග ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර තිබුණා. තවදුරටත් ඒ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය ගත යුතු හා සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තිබෙන බව දන්නවා. ඒ වගේම බොහෝ ක්ෂේත්‍රවල ජනතාව තුළ ජාතික ජන බලවේගය පිළිබඳව තිබෙන උනන්දුව, බලාපොරොත්තුව වර්ධනය වෙලා තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කර ගැනීම සඳහා, ඔවුන්ට අවස්ථාවක් ලැබිය යුතුයි කියන අදහසක මේ රටේ ගොඩක් අය ඉන්නවා.

සංචාරක කර්මාන්තය බැලුවොත් එහි නියැලෙන කණ්ඩායම්වලට තමන්ගේ අදහස් මේ ප්‍රතිපත්තීන්වලට ඇතුල් කර ගැනීම සඳහා සහ තමන් දකින විදිහ සාකච්ඡා කර ගැනීම සඳහා උනන්දුවක් වුවමනාවක් තිබෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ගත්තත්, ධීවර ක්ෂේත්‍රය ගත්තත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තත් මේ සියලු දෙනාම තුළ මේ සකස් කරන ප්‍රතිපත්ති මාලාවන්ට, තම අදහස් හා අත්දැකීම් එකතු කර ගැනීමේ වුවමනාවක් තිබෙනවා. පසුගිය කාලය පුරාම, විවිධ අවස්ථාවල පෞද්ගලිකව මටත් අපේ ව්‍යාපාරයේ බොහෝ අයටත් විවිධ අය කතා කරලා යෝජනා ගණනාවක් අවිධිමත්ව ඉදිරිපත් කොට තිබෙනවා. අපිට තේරුම් ගියා, ජනතාවට තමන්ට අවබෝධයක් තිබෙන ක්ෂේත්‍රයන් පිළිබඳව යෝජනා, අදහස්, ප්‍රතිපත්තීන් සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා නිශ්චිත මධ්‍යස්ථානයක් අවශ්‍ය බව. අද දිනයේදි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය විවෘත කරනු ලබන්නේ ඒ අනුවයි. මේ රට ගොඩනැගීම සඳහා වුවමනාවත් තිබෙන මේ රට වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්ති තිබෙන සෑම කෙනාටම මේ මධ්‍යස්ථානය විවෘතයි. ඒ හැමකෙනාටම විවිධාකාරයෙන් තමන්ගේ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න, මේ අවස්ථාව, මේ ස්ථානය නිරන්තරයෙන් විවෘතයි.

NPP-Policy-Centre

අප ප්‍රතිපත්ති සමුදායක් ගොඩනැගිය යුතු වන්නේ ඒ ජනතාව තුළින්ම මතුවෙන අදහස් හා වුවමනාවන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු විය යුතු නිසා. ඒකට ඉතාමත් හොඳ ස්ථානයක් අපි විවෘත කොට තිබෙනවා. අපට මෙතැන් සිට පොදු ජනතාවත් සමග ඒ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න පුළුවන් වේවි. එපමණක් නොවෙයි ප්‍රතිපත්ති එළිදැක්වූවාට පසුව වුවත්, මේ ප්‍රතිපත්තීන් පිළිබඳ විවිධ සාකච්ඡා මණ්ඩප සූදානම් කරන්න පුළුවන්. ඒකට ඉතාමත් හොඳ පරිශ්‍රයක් බවට මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය පත්කර ගන්න පුළුවන් බවට විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. අපි කවුරුත් දන්නවා මේ මැතිවරණ ව්‍යාපාරය ලංකාවේ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් බවට පත්වේවි. මෙතෙක් ලංකාවේ දේශපාලන බලය හුවමාරුවේදී තීරණාත්මක බල හුවමාරුවක් සිදුවුණේ නැහැ. තමන්ගේ වම් අතින් දකුණු අතට බලය හුවමාරු වෙනවා වගේ එකම කණ්ඩායමක් අතට එකම දේශපාලන අදහසක් යටතට මේ බලය මාරුවුණේ. ඒ නිසා ඒ මැතිවරණ ව්‍යාපාරය ඒ තරම් තීව්‍ර මැතිවරණ ව්‍යාපාර බවට පත්වුණේ නැහැ. ඒ නිසාම ඒ මැතිවරණ ව්‍යාපාර ගැටුම්කාරී මැතිවරණ ව්‍යාපාර බවට පත්වුණේ නැහැ.

මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ මෙතක් වාර්තා වන සෑම තොරතුරු හරහාම ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම ඉන්නවා. මෙය ලංකා ඉතිහාසයේ තීව්‍රතම බල හුවමාරුව සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ බල හුවමාරුවේදී අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් පවතින නීති රාමුවලට යටත්වත් සාමකාමීවත් මේ මැතිවරණය පවත්වා ගැනීම සඳහා අපේ පැත්තෙන් තිබෙන කැපවීම, අපේ මැදිහත්වීම පෙන්වන්න අපි උපරිමයෙන් සූදානම්. අපට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශයට පත්වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න පුරවැසියාට අයිතියක් තිබෙනවා. අපි අපේක්ෂා කරන්නේ ගැටුම්කාරී නොවෙන සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්. ඒ නිසා ගැටුම්කාරී නොවෙන සාමකාමී, මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි කැපවීමෙන් වැඩකටයුතු කරන්න සූදානම්.

NPP-Policy-Centre

නමුත් දැනටමත් අනෙක් පාර්ශ්වවලින් පෙන්නුම් කර තිබෙන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය හෝ පවතින නීතීන් හෝ පවතින තත්වයන් ආරක්ෂා කරගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා වෙනුවට දූෂණ, ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබෙන බව පැහැදිලියි. විශේෂයෙන්ම 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිසම වෙත ශක්තිමත් බලයක් ලබාදී තිබෙනවා. දැන් ඒ බලය ක්‍රියාත්මක කිරීමේ මුළු වගකීම මැතිවරණ කොමිසමට පැවරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීමේ ප්‍රධානතම වගකීම මැතිවරණ කොමිසමට තිබෙනවා.

ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප මේ ඇතිවෙන ප්‍රචණ්ඩකාරී තත්වයන්, නීති විරෝධී වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් පිළිබඳව මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මේ රටේ පොදු ජනතාවට ඒවා හෙළිදරව් කළ යුතුව තිබෙනවා. රටේ ඕනෑම තැනක සිදුවෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ක්‍රියාදාමයන් හෝ කවර වර්ගයේ සිදුවීමක් වාර්තා කිරීම සඳහා අද මධ්‍යස්ථානයක් අපි විවෘත කළා. අපේ රටේ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරු හැටියට කටයුතු කළ නිලධාරී මහත්වරුන් හා පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කිරීමේ අත්දැකීම් සහිත නිලධාරී මහත්වරුන්, පසුගිය මැතිවරණ ගණනාවක මැතිවරණ කොමිසමට හා දෙපාර්තමේන්තුවට, පොලීසිය පැත්තෙන් සහයෝගය ලබාදුන් ගාමිණී නවරත්න මහත්මයා ඇතුළු විශාල කණ්ඩායමක් මේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරනවා.

සෑම පුරවැසියෙකුටම අපේ රටේ මැතිවරණය සාමකාමීව කරගෙන යාම සඳහා වන සියලු බාධාවන් වාර්තා කරන්නත්, ඒ මගින් මැතිවරණ කොමිසමට එය ඉදිරිපත් කිරීමටත්, ඒ වගේම පොදු ජනයා දැනුවත් කරන්නත්, මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යෑම සඳහාත් ජාතික ජන බලවේගය ලෙස අද අපි විවෘත කරන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විශාල පිටුවහලක් වේවි. ඒ වගේම ඉතාමත් වැදගත්ම දේ තමයි අපේ පණිවිඩය පුරවැසියන් වෙත ගලා යාම. ඒ නිසා සාමාන්‍ය කාල පරිච්ඡේදයකදීත් මැතිවරණ කාල පරිච්ඡේදයකදීත් මාධ්‍යයන්ට විශාල වගකීමක් පැවරෙනවා. අපේ රටේ මෑත ඉතිහාසය ගත්තත් මාධ්‍යයන් කිසිසේත්ම සාධාරණව කටයුතු කරන බවක් අපට පෙන්නුම් කර නැහැ. ඔවුන් තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයන්ට අනුරූපී වන පරිදි මාධ්‍ය හැසිරවීම් කරනවා අපි දැක තිබෙනවා. ඒ නිසා අපේ රටේ පුරවැසියන් වෙත ඇත්ත මතය ගෙනයාමේ තවත් විකල්ප පාරවල් අපි විවෘත කර ගනිමින් තිබෙනවා. පවතින මාධ්‍ය හරහා අපට ලබාගත හැකි සහායත්, තිබෙන පොදු මාධ්‍ය මගින් යා හැකි දුර පිළිබඳවත් අපට අවබෝධයක් තිබෙනවා. හැබැයි අපි පිළිබඳවත් අපේ දේශපාලනය පිළිබඳවත් අපේ ක්‍රියාකාරකම් පිළිබඳවත් පොදු ජනතාවට වේගයෙන් අදහස් ගලා යාමේ නව විකල්ප මාවත් අප විසින් විවෘත කළ යුතුව තිබෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරයෙදී අපිව ඉලක්ක කර ගත්ත, විශාල අසත්‍ය තොරතුරු අවලාදමය තොරතුරු විශාල ප්‍රමාණයක් වැපිරිය හැකි කාලයක් බවට පත්වේවි. ඒ නිසා අපට ඉතාමත් ශක්තිමත් විකල්ප මාධ්‍ය ජාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතනවා අපි විවෘත කරන වෙබ් අඩවිය අපේ රටේ පුරවැසියන්ට, ජාතික ජන බලවේගය හා මහජනයා අතර ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් පවත්වා ගැනීම සඳහා ඉවහල් වේවි. ඒ නිසා ඉතා වේගයෙන් තොරතුරු පොදු ජනයා වෙත ගලාගෙන යාම සඳහා මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගන්න හැකිවේවි.

NPP-Policy-Centre

මේ වෙබ් අඩවියේ විශේෂයෙන් AI Bot කෙනෙක් නිර්මාණය කොට තිබෙනවා. ඒ මගින් ඕනෑම ප්‍රශ්නයක් අපෙන් විමසිය හැකියි. ක්ෂණිකව AI තාක්ෂණය මගින් එයට පිළිතුරු ලබාදිය හැකියි. ඒ වගේම ඊමේල් හරහාත් යම් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කළ හැකියි. ඒකට පිළිතුරු ලබාදිය හැකියි. මහජනතාව සහ ජාතික ජන බලවේගය අතර ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් ගොඩනඟා ගැනීම සඳහා මෙම වෙබ් අඩවි නිර්මාණය කොට තිබෙනවා. ඔබට අපෙන් විමසන්න තිබෙන ප්‍රශ්නයක් වෙබ් අඩවිය හරහා විමසිය හැකියි. ඔබෙන් අපට ලබාදිය හැකි තොරතුරක් වෙබ් අඩවිය හරහා ලබාදිය හැකියි.

මේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් අවස්ථා තුනක් තමයි මේ ඉදිරිපත් කරනු ලබන්නේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන්, ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම, ඒ වගේම පොදු ජනතාවත් සමග ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම, අපේ ප්‍රතිපත්තීන් පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් කර ගැනීම සඳහා මධ්‍යස්ථානයක් බවට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය බවට පත්කර ගැනීම. අද අපි විවෘත කරන වෙබ් අඩවීන් හරහා අපේ මතය, අපි කරන්නේ කුමක්ද, අප පිළිබඳව තිබෙන ගැටලුවලට පිළිතුරු ලබාගැනීමේ හැකියාවක් ලැබේවි. මෙය මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයත් සමග සිදුකරන ලබන විශේෂ අවස්ථාවක්. නව තාක්ෂණයත් සමග ගනුදෙනු කරනු ලබන, ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් තේරුම් ගත් ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ පරම්පරාවේ විශාල පිරිසක් මෙම කටයුත්තට දායකත්වය සපයමින් තිබෙනවා. ඔවුන් සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.

Show More