(-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ විශේෂ මාධ්‍ය හමුව- 2024.06.23-) පසුගිය ජූනි 09 වැනි දින ඉතාමත් අයහපත් කාලගුණ තත්වයක් මධ්‍යයේ දුෂ්කර ප්‍රදේශවල සිට පවා පැමිණි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහකයේ ජාතික සමුළුව පැවැත්වූවා. අපි ඒ සූදානම් වූයේ අප මත පැවරී තිබෙන යුතුකමක් ඉටුකිරීමටයි. ඒ අවස්ථාවට සහභාගී වූ නිලධාරින් සමග යූ ටියුබ් නාලිකාවලින් කළ සාකච්ඡාවලදී අපේ […]
(-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ විශේෂ මාධ්‍ය හමුව- 2024.06.23-)
පසුගිය ජූනි 09 වැනි දින ඉතාමත් අයහපත් කාලගුණ තත්වයක් මධ්‍යයේ දුෂ්කර ප්‍රදේශවල සිට පවා පැමිණි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහකයේ ජාතික සමුළුව පැවැත්වූවා. අපි ඒ සූදානම් වූයේ අප මත පැවරී තිබෙන යුතුකමක් ඉටුකිරීමටයි. ඒ අවස්ථාවට සහභාගී වූ නිලධාරින් සමග යූ ටියුබ් නාලිකාවලින් කළ සාකච්ඡාවලදී අපේ අරමුණ ඉතා නිවැරදිව ප්‍රකාශ කර තිබෙනවා. පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් මෙතන තිබෙන්නේ. එම සමුළුවෙන් පසුව විවිධ පුද්ගලයන් අපට අවලාද නගන්න පටන් ගත්තා.
ජනතා විමුක්ති පෙරමුණ 1994 සිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් සිටිනවා. මෙතනට සහභාගීවී සිටින තිදෙනාම පොලිසියේ රාජකාරිය කරමින් සිටි අයයි. පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් විනය ගරුක සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක නියැලී සිටියා. එවැනි පිරිසක් සමග ජාතික ජන බලවේගය සමග එක්වී දේශපාලනය කිරීමේ පුරවැසි අයිතිය අපටත් තිබෙනවා. මෙයට පෙර විශ්‍රාමික පොලිස් නිලධාරීන් ගණනාවක් දේශපාලනයට අවතීර්ණ වී සිටියා. තුන්වෙනි විධායක ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වන ඊරියගොල්ල මහතා පොලිස් පරීක්ෂකවරයෙක්. 1970 මුල් කාලයේ සිටි ආරක්ෂක නියෝජ්‍ය ඇමති ටී.බී. වේරගොඩ මහතා විශ්‍රාමික පොලිස්පතිවරයෙක්. ඒ නිසා අපි මේ සාමූහිකයට එකතු වීමත් අමුතු දෙයක් නොවෙයි. වර්තමාන පාර්ලිමේන්තුවේත් විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඉන්නවා. පටු අරමුණුවලින් කරන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම ශානි අබේසේකර මහතාටත් මටත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා විශාල අවලාද ප්‍රමාණයක් නැගුවා. මාලිමාවේ පොලිස් සාමූහිකයට එක්වීම වසර 160ක් පැරණි පොලිස් සේවයට කළ අවමානයක් බව ඔහු සඳහන් කළා. අපි කළ අවමානය මොකක්දැයි මම අහනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ක්‍රියාත්මක කිරීමට අපි විශ්වාස කරන කණ්ඩායමක් සමග එක්වීමෙන් සිදු කළ අවමානය මොකක්ද? මහේෂ් සේනානායක මහතා එය පැහැදිලි කළොත් හොඳයි.
ඒ මහතා පොලීසිය ගැන එච්චරම කැක්කුමකින් කතා කරන කොට මට අහන්න දෙයක් තිබෙනවා. 1990 ජූනි 12වැනිදා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 600 දෙනෙක් තමන්ට ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කර එල්.ටී.ටී.ඊ. සංවිධානයට යටත් වීමෙන් පසුව එක තැනම මරා දැම්මා. ඒ ක්‍රියාදාමය සිදු කළ නැගෙනහිර පළාතේ හිටපු නායකයන් දෙදෙනා වන කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනා අද ඉන්නේ කොහේද? ඔවුන් නඩත්තු කිරීම, ආරක්ෂාව දීම, පඩිනඩි ගෙවීම හමුදා බුද්ධි අංශයේ කණ්ඩායමකින් සිදුකරන බව හෙළි වී තිබෙනවා. හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතාට මෙය අවමානයක් වෙන්නේ නැද්ද? පොලීසිය ගැන කැක්කුමකින් කතා කරන එයාට මේ ක්‍රියාව ආඩම්බරයක්ද?
ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙනුත් ශානි අබේසේකර මහතාටත් මටත් බරපතළ චෝදනාවක් එල්ල කළා. පාස්කු ප්‍රහාරය එල්ල කරන්නේ ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලයක් ලෙසයි. විශේෂයෙන්ම 2018 නොවැම්බර් 30දා මඩකලපුව, වවුනතිව් පොලිස් මුරපොළේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම කඩඉමක්. ඒ පිළිබඳ පරීක්ෂණය මෙහෙය වූයේ ශානි අබේසේකර මහතායි. එවකට සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාත් මමත් නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් මහත්මයාත් පසුදිනම එම ස්ථානයට ගියා. රාජ්‍ය බුද්ධි අංශයෙන්, විශේෂ කාර්යාංශයෙන් සහ යුද හමුදා බුද්ධි අංශයෙන් අපට දැනුම් දුන්නේ මේ ඝාතනය එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන්ගේ ක්‍රියාවක් බවයි. නමුත් සී.අයි.ඩී. එක ලැබී තිබෙන සාක්ෂි මත විවෘතව පරීක්ෂණ පැවැත්වූවා. අපට බුද්ධි අංශවලින් ලිඛිත වාර්තා ලබාදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ක්‍රියාවක් බව දන්වා සිටියා. මේ ප්‍රහාරය පසුව කළ විමර්ශනවලදී එය සහරාන්ගේ කණ්ඩායමේ ක්‍රියාවක් බව හෙළිදරව් වුණා. අපරාධය කළ ස්ථානයට නුදුරින් ජැකට්ටුවක් තිබෙන බවට හමුදා බුද්ධි අංශවලින් ලැබුණු තොරතුර පරීක්ෂණ නොමග යවන්න සිදුකළ එකක් බව තහවුරු වුණා. විමර්ශන නොමඟ යවන්න ක්‍රියා කළේ ඇයි? විමර්ශන නොමඟ යවා පරීක්ෂණ කටයුතු නතර කරන්න කිසියම් කණ්ඩායමකට අවශ්‍ය වී තිබුණා. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්, සී.අයි.ඩී. එක විතරක් නොවෙයි එවකට සිටි ජනාධිපතිවරයාටත් වැරදි තොරතුරු ලබාදී තිබුණා. මහේෂ් සේනානායක එවකට හමුදාපතිවරයා තමාට මෙම සිදුවීම හිටපු එල්ටීටී සාමාජිකයින් විසින් කළ දෙයක් යැයි කී බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී කළ ප්‍රකාශයකින් තහවුරු වී තිබෙනවා. වවුනතිව් ප්‍රහාරයට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් පවතිනවා.
මාවනැල්ල බුදු පිළිමවලට පහර දීම සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොකළ බවත් මහේෂ් සේනානායක මහතා කීවා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා නඩු විභාග අවසානයේ දඬුවම් ලබාදී අවසන්. ඒ පරීක්ෂණ මෙහෙය වූයේ ශානි අබේසේකර මහතායි. වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙනුත් ඔහු සඳහන් කර තිබුණා. මාවනැල්ල බුදු පිළිම සම්බන්ධ පරීක්ෂණවල දිගුවක් ලෙස වනාතවිල්ලුවේ ස්ථානය සොයාගෙන පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එම ස්ථානයට ශානි අබේසේකර යන විට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එතැනට පැමිණ සිටියා. එසේ ආවේ කොහොමද? ඒ ආසන්නයේ හමුදා කඳවුරු තිබිලත් කිසිම බුද්ධි අංශයකින් අපට මේ ස්ථානය ගැන තොරතුරු දැනුම් දී තිබුණේ නැහැ. හමුදාපතිවරයාට යටත් නැති කණ්ඩායමක් වෙනම සිටියාද? මම මේ සම්පූර්ණ හමුදාවට හෝ බුද්ධි අංශවට චෝදනා කරනවා නොවෙයි. යම් කුඩා කණ්ඩායමක් මේ හැම සිද්ධියකටම සම්බන්ධතාවයක් තිබූ බව විමර්ශනවලදි හෙළිවී තිබුණා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තස්ලිම්ට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර තිබුණා. 2019 මාර්තු 10 වැනි දින කළ එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දැන් අත්අඩංගුවේ සිටිනවා. ඔවුනට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අනුව සහරාන් ළඟින් සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු ක්‍රියාත්මක වෙනවා. 2019දී මේ සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශයක් නැවත මතක් කරන්නම්. අයි.එස්.අයි.එස්. සංවිධානය මෙයට සම්බන්ධ බවට තොරතුරු තහවුරු වුණේ නැහැ. නමුත් මලල්ගොඩ කොමිෂන් සභාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිෂන් සභාව යන සියලු අවස්ථාවලදී ශානි අබේසේකර මහතාත් මමත් සාක්ෂි දුන්නා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් ඇතැමි බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් තහවුරු වූ බවත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන ලෙසත් අපි ඉල්ලීම් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාලිත සිරිවර්ධන, සේනක කුමාරසිංහ, ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසකුත් පසුගිය දිනවල චෝදනා එල්ල කර තිබුණා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අප්‍රේල් 09 වැනි දිනදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස මටත් ලබාදී තිබුණත් පියවර නොගත් බව කියා තිබුණා. ඒ වගේම සහරාන්ලා පිළිබඳව සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් කර තිබුණා. අප්‍රේල් 09වැනි දින එවූ ලිපිය මට ලබාදුන් බව කීවත් අප්‍රේල් 07වැනි දින හෝ 08 වැනි දින අළුයම මමත් තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකුත් දිවයිනෙන් බැහැරව ගොස් ප්‍රංශයේ ලියෝන් නුවර පිහිටා තිබෙන ඉන්ටර්පෝල් මූලස්ථානයේ රැස්වීමකට සහභාගි වුණා. නැවත පැමිණෙන්නේ අප්‍රේල් 13වැනිදා. පාලිත සිරිවර්ධන මහතා ප්‍රකාශ කරන පරිදි එම ලියුම අප්‍රේල් 09 වැනිදා මට එව්වා කිවවත් එතරම් වැදගත් ලැබිය යුතු තොරතුරක් එවද්දී මම රට තුළ ඉන්නවාද නැද්ද කියලාවත් සොයා බැලීමක් කර නැහැ. මම ගියේ හොරෙන් නොවෙයි. මම ගියේ පොලිස්පති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අවසර ලබාගෙන මා වෙනුවටට වැඩ බලන්න නිලධාරියෙකුත් පත්කරලයි. අඩුම ගණනේ එතරම් වැදගත් ලිපියක් වැඩබලන නිලධාරියාට යොමු කර තිබුණා නම්, ඔහුගේ අවධානයට යොමු වෙනවා. මම නැවත කාර්යාලයට ගියේ අප්‍රේල් 16වැනිදා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවලට වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ කොමිෂන් සභාවලින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂා කළ කිසිම නිලධාරියෙක් හට දෝෂාරෝපණයක් එල්ල වූයේ නැහැ. පාලිත සිරිවර්ධන මහතාටත් මහේෂ් සේනානායක මහතාටත් මේ සිද්ධිය මතක් වුණේ 2024 ජූනි 09 වැනිදා උදේ 10.00ට විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සමුළුව පැවැත්වීමෙන් පසුවද? අවුරුදු පහකට ඉස්සර සිද්ධියක් දැන් මතක්වීම පිළිබඳ මට ප්‍රශ්න කරන්න සිදුවෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර මලල්ගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිෂමක් පත් කළා. හිටපු පොලිස්පතිතුමාත් එහි සාමාජිකයෙක්. මහේෂ් සේනානායක මහතාටත් පාලිත සිරිවර්ධන මහතාටත් ඔය දැන් කියන කරුණු ඒ කොමිෂම හමුවේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ හෝ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ නොහැකි වූයේ ඇයි? මහේෂ් සේනානායක මහතා ඒ කොමිෂන් තුන හමුවේම සාක්ෂි දුන්නා. රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා මෙයට වගකිවයුතු බව නොකීවේ ඇයි? ඔහු කරුණු වසංකරගෙන සිටියාද? ඒක අපරාධමය චෝදනාවක්.
ඒ වගේම ප්‍රහාරය එල්ල කළ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබියදී ජමීල් කියන ත්‍රස්තවාදියාගේ ගෙදරට හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ගියේ ඇයි? එවකට සිටි ත්‍රස්ත විමර්ශන අංශයෙන් හෝ මේ සිදුවීම් අපට දැනුම් නොදුන්නේ ඇයි? පසු අවස්ථාවක ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා ස්ථාන මාරුවක් ලැබුණු පසු අපට මේ තොරතුරු ලබාදුන්නා. ඒ අනුව බුද්ධි අංශවලින් ප්‍රශ්න කිරීමේදී පිළිතුරු දුන්නේ ජමීල් ඔවුන්ගේ ආවේක්ෂණය යටතේ සිටි බවයි. එවැනි ආවේක්ෂණයක සිටියා නම්, අප්‍රේල් 20වැනි දින ඔහු සිටියේ කොහැදැයි නොදැන සිටින්නේ කොහොමද? පානදුරයට ගොස් පුපුරන ද්‍රව්‍ය කට්ටල රැගෙන තාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරා ගැනීමට යාම සම්බන්ධයෙන් තොරතුරු ඒ බුද්ධි නිලධාරීන් අඩුම තරමින් මහේෂ් සේනානායක මහතාටවත් කීවාද? සහරාන් සමග සමීපව කටයුතු කළ බුද්ධි නිලධාරියෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ඔහුව කොටුකර ගැනීමට ආසන්න වෙද්දී එවකට සිටි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ එය වැළැක්වූවා. මහේෂ් සේනානායක මහතා ඒවා දන්නේ නැද්ද? බලංගොඩ වගේ ප්‍රදේශයකට ගොස් ඔවැනි ප්‍රකාශ කරන මහේෂ් සේනානාක මහතාගේ ක්‍රියාකලාපය පරිණත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ගැලපෙනවාද? කනගාටුවෙන් වුවත් මට අහන්න සිදුවෙනවා.
එතුමා හමුදාපති ධුරය දැරූ සමයේ අපි දෙදෙනා බොහොම කිට්ටුවෙන් වැඩ කළා. රාජකාරිමය වශයෙන් බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. දැන් ඔහු ඔවැනි ප්‍රකාශ කරන්නේ පොලිස් සාමූහිකයේ ජාතික සමුළුවට බයවෙලාද කියලා මම දන්නේ නැහැ. මේ රටේ වැළලී ගිය අපරාධ තිබෙනවා. එවැනි අපරාධ සම්බන්ධ පැමිණිලි තිබෙනවා. ලසන්ත වික්‍රමසිංහ ඝාතනය, කීත් නොයාර්ට පහරදීම, පෝද්දල ජයන්තට පහරදීම, සහ පාස්කු ප්‍රහාරය ඇතුළුව ප්‍රධාන අපරාධ ගැන හෙළි කර ගත යුතුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්ද කියන සැකය අපට තිබෙනවා. සහරාන්ට ඉහළින් ‘අබුහිත්’ කියන චරිතයක් කරළියට ඇවිත් තිබෙනවා. මේ කුමන්ත්‍රණය ගැන තොරතුරු ගණනාවක් සමාජ මාධ්‍යයේ හෙළි කර තිබෙනවා. අසාද් මව්ලානා චැනල් ෆෝ නාලිකාවට කර තිබෙන හෙළිදරව්ව ගැන පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. මේ කුමන්ත්‍රණය පිළිබඳ රැස්වීම්වලට සහරාන් සහ බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ වූ බවට තිබෙන චෝදනා පරීක්ෂා කළ යුතුයි. හිටපු නීතිපති දප්පුල ලිවේරා මහත්මයා මෙය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව කීවා. ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් සමග මේ විමර්ශන සිදුකළ හැකි බවට විශ්වාසයක් අපට තිබෙනවා. ඒ වගේම කලබල වී විවිධ ප්‍රකාශ කරන කණ්ඩායම ඇතුළත් වී සිටින කඳවුර පිළිබඳව සලකා බැලීමේදී මේ විමර්ශනවලට සාධාරණයක් ඉටුවේදැයි සැකයක් අපට තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ශානි අබේසේකර මාස 11ක් තිස්සේ බන්ධනාගාර ගතකර සිට උසස්වීම් පවා ලබානොදී පළිගැනීම්වලට ලක්කර සිටිනවා. නමුත් ඒ කිසිවක් නොතකා පොදු යහපත වෙනුවෙන් අපි කටයුතු කරනවා.
මෙම මාධ්‍ය හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද සහභාගී වී සිටියහ.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.23-) මැතිවරණය ආසන්න වෙද්දී මෙතෙක් බලයේ සිටි කණ්ඩායම් විවිධ අසත්‍ය, විකෘති තොරතුරු මෙන්ම මඩ අවලාද මුදා හරිමින් සිටිනවා. තව පැත්තකින් ජනතාව අතර, ඡන්දය තියයිද දන්නෑ යනුවෙන් දෙගිඩියාවක් නිර්මාණය කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඡන්දයට බය සියලු දෙනා ජනාධිපතිවරණය මඟහැර යන්න විවිධ ක්‍රියාමාර්ග ගැන සිතමින් සිටිනවා. මුලින් මහා මැතිවරණයක් පවත්වන්න, […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.23-)
මැතිවරණය ආසන්න වෙද්දී මෙතෙක් බලයේ සිටි කණ්ඩායම් විවිධ අසත්‍ය, විකෘති තොරතුරු මෙන්ම මඩ අවලාද මුදා හරිමින් සිටිනවා. තව පැත්තකින් ජනතාව අතර, ඡන්දය තියයිද දන්නෑ යනුවෙන් දෙගිඩියාවක් නිර්මාණය කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඡන්දයට බය සියලු දෙනා ජනාධිපතිවරණය මඟහැර යන්න විවිධ ක්‍රියාමාර්ග ගැන සිතමින් සිටිනවා. මුලින් මහා මැතිවරණයක් පවත්වන්න, රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් දෙන්න, ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගලා යන්න ආදී වශයෙන් විවිධ දේවල් සිතමින් සිටිනවා. මීට කලින් කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් ඡන්දය මඟහැර යන්න මේ වගේ උත්සාහයන් දරලා නැහැ. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා මැතිවරණය මඟහැර යන්න කිසිම ඉඩක් නැති නිසා ජාතික ජන බලවේගයට අවලාද නගමින් සිටිනවා. හැටනව ලක්ෂයක් ඡන්දය අරගෙන බලයට ආව රාජපක්ෂලාගේ කණ්ඩායම සීසීකඩ ගිහිල්ලා. ජනාධිපතිවරණය අත ළඟ තියෙද්දී එයට තරග කරනවාද නැද්ද කියලා නිශ්චිතව කියන්න බැරිතරමට එය බිඳවැටිලා. පොහොට්ටුවේ නායකයෝ පිරිසක් රනිල් එක්ක, තව පිරිසක් මහින්ද එක්ක ඉන්න අතරේ තව පිරිසක් හතරවටේ ඇවිදිනවා. රාජපක්ෂලාගේ බොහෝ දෙනා රනිල්ගේ සරණ යන්න පෙළඹී සිටිනවා. ඒ අයගෙන් තවත් පිරිසක් අන්තිම මොහොතේ සල්ලි ටිකක් සොයා ගන්න බලනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති බලය යොදාගෙන මහජන මුදල් වැයකරමින් සදාචාර විරෝධී සහ මැතිවරණ නීතිවලටත් විරුද්ධ කටයුතු කරමින් සිටිනවා. මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් ප්‍රතිපාදන වෙන්කරලා ජනතාවට හාල් කිලෝ දහයක් දෙමින් යනවා. මේ මොහොතේත් අපේ රටේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන, පළාත් පාලන මැතිවරණයට අදාළ තත්වයක් තිබෙන්නේ. ඒ වගේම පක්ෂයේ නම සමගි ජන බලවේගය වුණත් සමගියක් ඇත්තේම නැති බව ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු කතාවෙන් තහවුරු කළා. බඩු බෙදන්න, කොමිස් ගහන හැටි හෙළි කළා. තවත් සමහර පිරිසක් රෑට රෑට රහස් සාකච්ඡාවල සිටිනවා. හර්ෂ ද සිල්වා ඇතුළු බලගතු ආර්ථික කණ්ඩායමක් සිටින බව කීවත් සජිත් ප්‍රේමදාස ආර්ථික උපදේශකයන් පත්කරගෙන සිටිනවා. සජිත් ප්‍රේමදාසලාට, රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂලාට මහජන සහයෝගය එකතු කර ගන්න බැරි වී සිටින අතර, ජාතික ජන බලවේගය රට තුළ වගේම ජාත්‍යන්තරවත් විශාල සහයෝගයක් ලබාගනිමින් ඉදිරියට යමින් සිටිනවා. සියලු බලවේගය මාලිමාව එක්ක එක්තු වෙමින් ඉදිරියට යන අවස්ථාවේ රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා සියලු දෙනාම එක්වී ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ඉතාමත් කැත මඩ ගැසීමේ සහ විකෘති කිරීමේ ව්‍යාපාරයක් ගෙනයනවා.
අවලාදයක් ගැහුවොත් මඩක් ගැහුවොත් උත්තර දෙන්න ලේසි වුණත් විකෘති කිරීම් බරපතළ මට්ටමකින් කරගෙන යනවා. අවුරුදු 76ක් තුළ තමන්ව පීඩාවට පත්කළ ක්‍රමයට එරෙහිව ජනතාව පෙළගැසීම වළක්වන්න අවලාද, මඩ සහ සත්‍යය විකෘති කිරීම් ගෙනයාම සම්පූර්ණයෙන් පරාජය කරන්න ජනතාව අවබෝධයෙන් පෙළගැසෙන්න ඕනෑ. මාලිමාව සහ රනිල් අතර, ඩීල් එකක් තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. රනිල් එක්ක ඩීල් දාලා අපට බේරා ගන්න තිබෙන්නේ මොනවාද? පළාත් පාලන මැතිවරණය කල් දැමුවේ මාලිමාව දිනන නිසයි. සමුපකාර ඡන්ද පවා කල්දාලා අපේ ගමන වළක්වන්න උත්සාහ කරනවා. නමුත් ඇත්ත ඩීල් තියෙන්නේ රාජපක්ෂලා සහ වික්‍රමසිංහ අතරයි. සමගි ජන බලවේගයේ නායකයන් රනිල් එක්ක යන්න සාකච්ඡා පවත්වනවා. රෑට රනිල් එක්ක, ඉදිරි දේශපාලනය ගැන සැලසුම් කරන ඔවුන් මාධ්‍ය ඉදිරියට ඇවිත් මාලිමාව රනිල් සමග ඩීල් ඇති බව කියනවා. සමගි ජන බලවේගයේ ප්‍රබලයෝ 19ක් මේ වන විටත් රනිල් වික්‍රමසිංහගෙන් විමධ්‍යගත අරමුදල් ලබාගෙන තිබෙනවා. අනෙක් කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොදුන් විමධ්‍යගත අරමුදල් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. ඒ විතරක් නොවෙයි වයින් ස්ටෝර්ස් බලපත්‍ර වගේම සල්ලිත් අරගෙන ඔවුන් ඔක්කොම එකට ඉඳිමින් ජාතික ජන බලවේගයේ ගමන නවත්වන්න අශුද්ධ සන්ධානයක් ගොඩනඟාගෙන ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රහාර එල්ල කරනවා. මාලිමාව ලබන ජයග්‍රහණයත් එක්ක ප්‍රසිද්ධියේම බොරු කියන්නත් පටන්ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගය සාර්ථක වැඩක් කළාම ඒක කොපි කරන්න උත්සාහ කරනවා. බැරි වුණාම මඩ ගහන්න පටන් ගන්නවා. අනුර සහෝදරයාගේ සාර්ථක ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් නිර්මාණාත්මක ප්‍රචාරක වැඩසටහනක් කර තිබුණා. තට්ටු දෙකේ බස්, ගොඩනැගිලි යොදා ගනිමින් නිර්මාණාත්මකව කර තිබූ ප්‍රචාරක වැඩවලට සල්ලි කොහෙන්ද කියා ඔවුන් කලබල වෙලා තිබුණා. ඒ රටේ බස්වල ඔය වගේ ප්‍රචාරක කටයුතු කරන්න බැහැ කියලාවත් දන්නේ නැති අය තමයි බලය ඉල්ලන්නේ. මැයි දිනය පවත්වන්න ටිකට් ගහලා සල්ලි හෙවූ බව මහින්දානන්ද අලුත් ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මැයි දිනයේ වියදම් පියවා ගන්න ජනතාවගෙන් සල්ලි එකතු කිරීමේ ටිකට් පත් අපි ගහන්නේ 1978 ඉඳලා. තව ප්‍රචාරයක් ගෙන ගියා කැනඩාවේ රැස්වීම්වලට බත් පැකට් දීලා ගෙන්වා ගත්තා කියලා. අපේ විදේශගත සහෝදරවරුන් මාලිමාව ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සාමූහිකව විවිධ ආර්ථික වැඩසටහන් කරනවා. විදේශවල ඉන්න අපේ සහෝදරවරු ශ්‍රී ලංකාවේ කෑම වර්ග සකස්කර විකිණීමෙන් මැතිවරණ අරමුදල තර කිරීම ඔවුන් ගෙන යන එක වැඩක්. කැනඩාව, ප්‍රංශය වෙනත් යුරෝපා රටවල්, ඉතාලිය වගේ රටවල් ගණනාවක අපේ සහෝදරවරු කරන ඒ වැඩ ගැන ඔවුන්ට හිතන්නවත් බැහැ. අපේ දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාදයක් ඇත්තේම නැතිව ඔවුන් අවලාද, බොරු සහ විකෘති කිරීම් දිගටම ගෙනයනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපට ඇත්තටම තිබෙන්නේ කනගාටුවක්.
ජාතික ජන බලවේගය බලයට පත්වී පුද්ගලික දේපළ පවරාගන්නා බවටත් ප්‍රචාරයක් ගෙන ගියා. ඇත්තටම අපි සිදුකරන්නේ අපේ නිෂ්පාදනය වැඩි දියුණු කර, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. මේ වන විටත් දේපළ නැති අයටත් ජීවත් විය හැකි දේපළක් ඇති අය බවට පත්කිරීමයි. සරදියල්ගේ ක්‍රියාවලිය අපේ ප්‍රතිපත්තිය නොවෙයි. ඇත්තම ගත්තොත් දේපළ අහිමි කරන්නේ ඔවුනුයි. කර්මාන්ත ලක්ෂ ගණනක් වැහිලා, දේපළ බැංකුවලට සින්න වෙලා දරාගන්න බැරි බදු බරක් පටවලා දැන් අලුතින් දේපළ බද්දකුත් ගහන්න යනවා. එහෙම කරලත් ඒ ගොල්ලෝ ආර්ථිකය හදන බවත් මාලිමාවෙන් දේපළ පවරා ගන්නා බවත්, තවමත් කියමින් යනවා. රට විනාශ කරලා, ජනතාව හිඟමනට දාලා, ඒගොල්ලන් ආවාම රට හදන බව තවමත් කියනවා. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු නායකයන් ඉලක්ක කරගෙන බාල මඩ ගැසීමේ ප්‍රචාර ගෙන යනවා. ඔවුන්ට වෙන කියාගන්නවත් දෙයක් නැති නිසා පසුගිය කාලයේ විශේෂයෙන්ම ස.ජ.බ.යේ කණ්ඩායමක් හඳුන්නෙත්ති සහෝදරයා ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. මහ බැංකු වංචාව යට ගහන්න ඔවුන් ක්‍රියාකළ අවස්ථාවේ එයට ඉඩ නොදී කෝප් කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති සහෝදරයා කටයුතු කළා. දැන් ස.ජ.බෙ. ඉන්න ඒ වෙලාවේ යූ.එන්.පී.යේ ගොඩක් අය කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් දමමින් රනිල්ව බේරන්න ක්‍රියා කළා. හඳුන් සහෝදරයා සම්බන්ධයෙන් ඒ පරණ තරහත් ඔවුන්ට තිබෙනවා. අපි ඔබ සියලු දෙනාට අවධාරණය කරන්නේ “මහත්වරුනි, ඔය ගොල්ලන්ගේ පක්ෂ වගේ නොවෙයි ජාතික ජන බලවේගය. අපේ කිසි කෙනෙකුට තනිකරලා ගහලා වට්ටන්න බැහැ. අපි ඒ සියලු දේට සාමූහිකව මුහුණ දෙනවා” කියලා. ඕනෑ අභියෝගයකට එක්ව මුහුණ දී ජයගත හකි හයියක් අපට තිබෙනවා.
විශේෂයෙන්ම හඳුන්නෙත්ති සහෝදරයා මීට මාස හයකට පෙර නෙත් එෆ් එම් එකේ සාකච්ඡාවකදී ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ක්‍රියාමාර්ග ගැන සිදු කළ විග්‍රහයක් කෑලි කපලා සංස්කරණය කරලා ප්‍රවෘත්තියක් නිර්මාණය කළා. ලේක්හවුස් පත්තරවල මේක දාන්න මුලින් අකමැති වෙලා තිබෙනවා. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ අර සංස්කරණය කළ විකෘති ප්‍රකාශය ප්‍රකාශ කිරීමෙන් පසුව දිනමිණ පත්තරේ දැම්මා. පත්තරේ පළ කර තිබුණු දේ උදේ පාන්දර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උපුටා දැක්වූවා. ජනාධිපති ළඟ ඉන්න කට්ටිය මේ විකෘතිය නිර්මාණය කර තිබෙනවා. එය කෙළින්ම ලේක්හවුස් එකට යැවූ අවස්ථාවේ පළ කිරීමට අකමැති වී තිබෙන්නේ නීතිමය කරුණක් නිසයි. අපි මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ‘අපට ආර්ථිකය හදන්න බැහැ’ කියලා හඳුන්නෙත්ති සහෝදරයා කී බවක් ප්‍රචාරය කර තිබුණා, එයත් විකෘති කිරීමක්. අපේ පාලනයක් යටතේ එක රැයෙන් ආර්ථිකය හදන්න බැහැ කියපු එක කපලා අරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රචාර ගෙනගිහින් තිබුණා. අපි ජනතාවට අවධාරණයෙන් කියන්නේ විශේෂයෙන් සමාජ මාධ්‍යවල මේ ආකාරයෙන් කපා කොටා යන ප්‍රචාරවල මුල් වැඩසටහන සොයාගෙන බලන නිසයි. සම්පූර්ණ කතාවම බලන්න. එතකොට ඇත්ත මොකක්ද කියලා සොයා ගන්න පුළුවන්.
ලාල්කාන්ත සහෝදරයා සම්බන්ධයෙනුත් ඔය වගේම විකෘතියක් ගියා. “සමහර අය කියනවා අපි ආවොත් ව්‍යාපාර පවරා ගන්නවා කියලා.” මේ මාතෘකාව විකෘති කරන අය “සමහර අය කියනවා” යන කොටස කපනවා. ඒ වගේම “කියලා” යන වචනයත් කපා හැරියාම සම්පූර්ණ විකෘතියක් නිර්මාණය වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ “අපි ආවොත් ව්‍යාපාර පවරා ගන්නවා” යන වාක්‍ය කොටස විතරයි. දැන් කරගෙන යන්නේ මෙන්න මේ කැත, ජඩ, අශික්ෂිත සෙල්ලමයි. ඔවුන්ට ඒ හැර වෙන කරන්න දේකුත් නැහැ. ඔය සෙල්ලමෙන් මාලිමාවේ ගමන නතර කළ නොහැකි බව අපි මේ අයට අවධාරණයෙන් කියනවා. තමන්ගේ පරාජයෙන් බය වී වියරු වැටී ගෙනයන මේ විකෘති සම්බන්ධයෙන් අවධානයෙන් සිට අපේ නිල මාධ්‍යවලින් සහ අපෙන් තොරතුරු ලබා ගන්නා ලෙස අවධාරණය කරනවා. ඒ වගේම සතුරන්ට කියන්නේ මහජනතාව ඉදිරියේ එතරම් ජරාජීර්ණ නොවන ලෙසයි. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත හැකි තැන්වලදී නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. අවශ්‍යම තැනකදී පැහැදිලි කිරීම් කරනවා. නොසලකා යා යුතු තැන්වල නොසලකා යනවා. ජනතාවගේ විශ්වාසය සහිතව පාරිශුද්ධ අරමුණක් වෙනුවෙන් අපි දිගටම වැඩ කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ප්‍රශ්නය: පැරිස් ක්ලබ් එකේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ තිබෙන බව සඳහන් වෙනවා. මේ සම්බන්ධ අදහස මොකක්ද?
පිළිතුර: බංකොලොත්භාවයෙන් රට මුදා ගත් බව ප්‍රකාශ කරන්න රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන ප්‍රවෘත්තියක් අපි දැක්කා. රනිල් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලාගේත් ඔවුන්ගේ අනෙක් කණ්ඩායම්වලත් බංකොලොත්භාවයේ වැඩ ගැනයි අපි මේ දක්වා පැහැදිලි කළේ. ඔවුන්ට ප්‍රකාශ නිකුත් කිරීමෙන් විතරක් බංකොලොත්භාවයෙන් මිදෙන්න බැහැ. රටේ පාලකයන් කරන ප්‍රකාශ මත බංකොලොත්භාවයෙන් මිදෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ නැහැ. රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ලැබෙන පිළිගැනීමෙන් පමණයි එය සිදුවන්නේ.
විදේශ ණය කපා හැරීම ගැන සාකච්ඡාවට ගියේ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව සේවක අර්ථ සාධක අරමුලේ ප්‍රතිලාභ කපා හැරීමෙන් පසුවයි. දෙවන ණය වාරිකය අනුමත කළාට පස්සේ තවත් බදු වැඩිකරන්න කොන්දේසි පැනවූවා. ආරෝපිත කුලී බද්දක් දේපළවලට අය කරන්න යන්නෙත් මේ කොන්දේසිය අනුවයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා දෙකට සිදුවී තිබෙන්නේ කුමක්දැයි තවමත් පැහැදිලි කර නැහැ. අනෙක් පැත්තෙන් විදේශ ණය හිමිකරුවන් සමග සාකච්ඡා අතරමැද තිබෙන්නේ. ඒ සියලු ණය හිමිකරුවන්ට අසමාන සැලකිල්ලක් නැතිව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් තවම එකඟතාවක් නැහැ. මේ එකඟතාවයට පැමිණිය හැක්කේ, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවන් ලබා ගත හැකි ජන වරමක් සහිත පාලනයකට පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපව හමුවූ අවස්ථාවේ අප පැහැදිලිව ප්‍රකාශ කළේ මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව සමාලෝචනය කිරීමේ සාකච්ඡා පවත්වන බවයි. රට හමුවේ අපි ඒ බව ප්‍රකාශ කළාම විශේෂයෙන් ස.ජ.බ. අය අපේ ඒ ප්‍රකාශය විහිළුවට ලක්කර දැන් ඔවුන් කියන්නෙත් ඔවුන්ගේ පාලනයක් යටතේ මේ ණය කොන්දේසි පිළිබඳව නැවත සාකච්ඡා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ස්වෛරිත්ව බැඳුම්කර ණය හිමියන් ඇතුළු අපට ණය ලබාදී තිබෙන පාර්ශ්ව සමග අපි අවධාරණයෙන් කියා සිටියේ අපේ පාලනයක් යටතේ නැවත සමාලෝචන සිදුකරන බවයි. ඒ වෙනුවෙන් ජන වරමක් සහිත පාලනයක් පිහිට විය යුතුයි. එසේ නොකර රනිල් වික්‍රමසිංහ කටවචනයෙන් බංකොලොත්භාවයෙන් මිදුණා කීවාට සත්‍ය වශයෙන්ම එසේම සිදුවන්නේ නැහැ.
මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සද එක්ව සිටියහ.
(-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.06.22-) වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පමණක් ක්‍රියාත්මක කර, රටේ ආර්ථිකය ගැන නොසලකා කටයුතු කරමින් සිටිනවා. ආදායම් පාලක වියදම් මූලධර්මය මත බදු පිට බදු පනවමින් මූල්‍ය අරමුදලේ ඉලක්ක, දත්ත සම්පූර්ණ කරමින් යනවා. සාමාන්‍ය ජනතාව මත අති විශාල බදු පීඩනයක් එල්ල කරමින් තිබෙන නිසා ඔවුන්ගේ මිලදී ගැනීමේ […]
(-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.06.22-)
වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පමණක් ක්‍රියාත්මක කර, රටේ ආර්ථිකය ගැන නොසලකා කටයුතු කරමින් සිටිනවා. ආදායම් පාලක වියදම් මූලධර්මය මත බදු පිට බදු පනවමින් මූල්‍ය අරමුදලේ ඉලක්ක, දත්ත සම්පූර්ණ කරමින් යනවා. සාමාන්‍ය ජනතාව මත අති විශාල බදු පීඩනයක් එල්ල කරමින් තිබෙන නිසා ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් පහත වැටී කර්මාන්ත කඩා වැටීමෙන් ආර්ථිකය හකුළුවමින් සිටිනවා. ඒ අතර තවත් බද්දක් දේපොළ මත පනවන බදු ලෙස හඳුන්වමින් තවදුරටත් පීඩනය එල්ල කිරීමට සූදානම් වෙනවා. සාමාන්‍ය ජනතාව කල්පනා කරන්නේ විශාල දේපළක් තිබෙන අයගෙන් මෙම බද්ද අයකිරීමට යන බවයි. නමුත් ඇත්තටම සිදුවන්නේ දේපළ පාදක කරගෙන බද්දක් අය කිරීමයි. නව බද්දෙන් “ආරෝපිත කුලියක්” ලැබෙන බවට තමා පදිංචි නිවසම පදනම් කරගෙන ගණනය කරනවා.
මෙහිදී සිදුකරන්නේ තමා පදිංචිවී සිටින නිවස කුලියට දෙන්නේ නම්, ආදායමක් ලැබෙනවාය යන තිබෙන සංකල්පයක්. මේ ලෙස බදු අයකර ගැනීමට සූදානම් වන ආකාරය මේ වන විටත් නිරවුල් කර නැතත් රුපියල් බිලියන 68ක මුදලක් 2025දී අයකර ගන්න සූදානම් වෙනවා. මේ සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් ඇති කර අවසන් වශයෙන් එහි බර සාමාන්‍ය ජනතාව මත පැටවීමට සූදානම් වනවා. දැනට රුපියල් ලක්ෂ දෙකක වැටුපක් ලබන පුද්ගලයෙකු තමන්ගේම නිවසේ වාසය කිරීම වෙනුවෙන් මාසයකට රුපියල් 50,000 ආදායමක් ලැබෙනවාය යනුවෙන් උපකල්පනය කරනවා. ඒ අනුව ඔහුගේ මාසික ආදායම රුපියල් 250,000ක් ලෙස සලකා 36%ක පමණ බද්දක් අයකිරීමට සූදානම් වෙනවා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම ආදායමක් නොලැබූවත් ආදායමක් ලැබනවා සේ සලකා දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා.
ගිය වසරේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව තිබූ බදු රුපියල් බිලියන 1100ක් අයකර ගැනීම අත්හැර දමා තිබෙන තත්වයක මේ නව බද්ද පැනවීමට සූදානම් වෙනවා. මෙම බද්දට අදාළ මූලික දත්ත සහ සැලසුම් ක්‍රියාමාර්ග මෙම වසරේ සැප්තැම්බර්වල සිට මූල්‍ය අරමුදලට ලබාදිය යුතුව තිබෙනවා. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් ඇතැම් කොන්දේසි වෙනස් කර ගත හැකි බව ඔවුන් පෙන්වාදී තිබියෙදීත් එසේ නොකර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසමින් තව තවත් ජනතාව පීඩාවට පත්කරනවා. මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිවැරදිව තේරුම් ගෙන විරෝධය පළ කරන ලෙස අපි සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
“මනඃකල්පිත ආදායම් මත බදු පැනවීම ජනතාවට ඇති කරන තවත් විශාල පීඩනයක්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික හර්ෂණ සූරියප්පෙරුම-
මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරමින් නැවත වරක් ජනතාව වෙත බදු පටවන්න දේශපාලුවෝ අලුත් න්‍යායකින් මනඃකල්පිත ආදායමක් මත බදු පනවන්න සූදානම් වෙනවා. තමන් ජීවත් වන නිවසෙන් ආදායමක් ලබා ගන්නවා යැයි සිතා මෙම බද්ද අයකරනවා. ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ ජනතාවට ආදායම් ලැබෙන පරිදි ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට යන මාවතකදී රජය ආදායම් ලබාගත යුතු බවයි. මේ බදු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජනතාව නොමග යවන ප්‍රකාශයක් සිදු කළා. රටේ ජනතාවගෙන් 90%ට බල නොපාන 10%ක් පමණ මත මෙම බද්ද පැනවෙන බව කීවා. දැනට රටේ නිවාස මිලියන පහක් පමණ තිබෙනවා. එයින් නිවාස ලක්ෂ පහක්වත් උපරිම වශයෙන් මෙම බද්දට හසුකර ගැනීමට සූදානම් වෙන බව ආණ්ඩුවේ ප්‍රකාශවලින් පැහැදිලියි. නමුත් රටේ ආදායම් බදු ගෙවන අය සිටින්නේ 3%ක පමණ පිරිසක්. දූෂිත දේශපාලකයන් තමන්ගේ චෞර රැළට අති විශාල බදු සහන ප්‍රමාණයක් ලබාදී ජනතාව මත තවත් බදු බර පටවන බව පැහැදිලි වෙනවා.
ජාතික ජන බලවේගය ආර්ථික වැඩපිළිවෙළ සකස් කර තිබුණේ වැඩි බර ජනතාව වෙත පටවා තිබෙන ක්‍රමය වෙනස් කර, නිවැරදි ආර්ථික සංවර්ධනයකින් රට ඉදිරියට ගෙන යන්නයි. විශ්‍රාම ගොස් සිටින දෙමාපියන් මත පවා බර පැටවෙන මේ මනඃකල්පිත ආදායම් මත බදු පැනවීම තවත් විශාල පීඩනයක් ඇති කරනවා. මුල් වටයේදීතම දරු මුණුබිරියන් සමග ජීවිතයේ සැඳෑ සමය ගෙවීමට ඉඩ නොදුන් මේ පිරිස රට හැර ගිය දරුවන් එවන සල්ලිවලට මනඃකල්පිත ආදායම් මත බද්දක් ගහන්න සූදානම් වෙනවා. අකාර්යක්ෂම දූෂිත ආණ්ඩු ඉතා සංකීර්ණ ආකාරයෙන් හඳුන්වා දෙන නව බදු මගින් ගෙන එන පීඩාව වහා නතර කළ යුතුයි. දහසය වරක් මූල්‍ය අරමුදලට ගොස් ගොඩගන්න බැරි වූ රට මේ දූෂිත දේශපාලුවන් යටතේ තවදුරටත් ගෙන යනවා වෙනුවට නිවැරදි මාවතක නව පුනරුද යුගයක ගමනට අවතීර්ණ කරවිය යුතුයි. දූෂිත යුගය අවසන් කර, නව යුගයක් වෙනුවෙන් සැලසුම් සහගතව ක්‍රියාකරන්න අපි සියලු දෙනා පෙළගැසෙමු.
“රනිල්ලා කැඳවා ගත් මූල්‍ය අරමුදල දැන් අර්බුදය තවත් තීව්‍ර කරන ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ජූනි මාසයේ ඉදිරිපත් කළ වාර්තාවේ පිටු අංක 14 සහ 15 සඳහන් කරුණුවල හරය වන්නේ “ආරෝපිත කුලී බද්ද” යනුවෙන් හඳුන්වන නව බද්දයි. මේ බද්ද ආදායම් බද්දක් ලෙසට සැලකුවාට සත්‍ය වශයෙන් ආදායම් නොලබන දේපළ මත ආදායම් ලබනවා සේ සලකා බදු අයකරනවා. ලබාදී තිබෙන වාර්තාවේ 18 වැනි වගන්තිය අනුව දැනට ආදායමක් නොලබන හිස් නිවාස සහ ගොඩනැගිලි මතත් බදු අයකරනවා. පසුගිය මාසය වන විට ව්‍යවසායන් දෙලක්ෂ විසිඑක්දහසක් පමණ වැසීගිය තත්වයක් තිබෙන අතර, ඉදිකිරීම් කර්මාන්තය අඩපණ වී තිබෙනවා. තව පැත්තකින් පළාත් පාලන ආයතන ක්‍රියාකාරීව නොතිබුණත් අයකරනු ලබන වරිපනම් බදු ඉහළ දමා තිබෙනවා. බදු බර දරාගන්න බැරිව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් රට අත්හැර යමින් සිටියදී මේ වගේ නව බදු අයකරන්න සූදානම් වෙනවා. අර්බුදයෙන් රට ගොඩගන්න කියා රනිල් වික්‍රමසිංහලා කැඳවා ගත් මූල්‍ය අරමුදලත් දැන් අර්බුදය තව තවත් තීව්‍ර කරන ක්‍රියාමාර්ග වේගවත් කර තිබෙනවා.
මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න මුල පිරුවේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට ලැබෙන ප්‍රතිලාභ කපා හැරීමෙනුයි. ඉන්පසුව දැන් නව කොන්දේසි මගින් ඉඩම් සහ නිවාස මත අනුමාන කරන ආදායම්වලටත් බදු ගෙවන්න යෝජනා කර තිබෙනවා. මීට කලින් අයවැයවලදී ‘සුපිරි මන්දිර’ බද්ද යනුවෙන් නම්කළ බද්ද සහ ‘සුපර් ගේම් ටැක්ස්’ යනුවෙන් නම් කළ බද්දක් ගැන කතා කළත් මේ දක්වා ඒ බදු ක්‍රියාත්මක කළේ නැහැ. රුපියල් බිලියන 1131ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගත හැකිව තිබියදී අයකර ගෙන නැති බව පාර්ලිමේන්තුවේ ආර්ථික අධීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වාර්තාවේම සඳහන් වෙන්නේ 2023 ජූනි මාසෙ 23වනදා වන විට අවුරුදු 15ක් තිස්සේ අයකර ගත යුතුව තිබෙන නමුත් අයකර ගෙන නැති බදු ප්‍රමාණය රුපියල් බිලියන 200ක් බවයි. ජනතාවගෙන් අයකර ගෙනත් රජයට බාරනොදුන් මෙවැනි විශාල බදු ප්‍රමාණයක් ආණ්ඩු ගණනාවකින් අයකරගෙන නැති බව පැහැදිලියි. දේශපාලන හිතවත්කම් තිබෙන අයගෙන් අයකර ගත යුතු බදු අයකර නොගෙන මෙවැනි තක්කඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.
මෙවැනි පීඩාකාරී කොන්දේසි පිළිබඳව ජාතික ජන බලවේගය සියල්ල සමාලෝචනය කර බලා ඔවුන් සමග සාකච්ඡා කරමින් ජනතාව මත තිබෙන පීඩනය අවම කිරීමට ක්‍රියාකරනවා. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ හවුල් පාලනය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිකර ගන්නා ගිවිසුම් සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී ලබා ගන්නා ජන වරම මේ හවුල් පාලනය පරාජය කර, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ප්‍රශ්නය: ලංකාවේ සියලුම පවුල් මත මේ බද්ද පැනවෙනවාද?
පිළිතුර: ඒකම තමයි මෙතන තිබෙන ප්‍රශ්නය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් වාර්තාවේ සුළු පිරිසක් ගැන සඳහන් කර නැහැ. එම වාර්තාවට අනුව තමන්ට ඉඩමක්, නිවසක් තිබෙන ඕනෑම කෙනෙක් මෙම බද්දට යටත් වෙනවා. මහා ධනවතුන් නොවෙන අය තම එකම ආදායම් මාර්ගය හැටියටත් නැත්නම් අමතර ආදායමක් හැටියටත් කුලී නිවාස පවත්වාගෙන යනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේ කුළී නිවාසවලට මෙම බද්ද අදාළ නොවෙන බවයි. නමුත් බද්දේ හරය තිබෙන්නේ කුලී ආදායම් ලැබෙනවා යැයි අනුමාන කරන සියලුම දේපළ මත නව බද්ද පැනවීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වාර්තාව හැරුණු කොට ආණ්ඩුව පැත්තෙන් නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් ඉදිරිපත් කර නැහැ.
(-ජාතික ජන බලවේගයේ ගොවි රැලිය – දෙහිඅත්තකණ්ඩිය – 2024.06.20-) ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා විතරක් නොවෙයි අපි අමාරුවෙත් වැටුණා. මේ සැරේ අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක්. මෙච්චර කල් තීන්දු අරගෙන හදපු ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවෙයි. ඒවා ලොකු වලව් නියෝජනය කළ […]
(-ජාතික ජන බලවේගයේ ගොවි රැලිය – දෙහිඅත්තකණ්ඩිය – 2024.06.20-)
ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා විතරක් නොවෙයි අපි අමාරුවෙත් වැටුණා. මේ සැරේ අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක්. මෙච්චර කල් තීන්දු අරගෙන හදපු ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවෙයි. ඒවා ලොකු වලව් නියෝජනය කළ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ ලොකු ධනවතුන් නියෝජනය කළ ආණ්ඩු. ඒගොල්ලන්ගේ ආණ්ඩු හැමදාම තීන්දු තීරණ ගත්තේ ඒ අයට හිතකර ලෙස. ත්‍රීවිල් එකට තුන් හතර ගුණයක බද්දක් ගහනවා. ඒගොල්ලන්ගේ වාහනයට ඒ වගේ ලොකු බද්දක් ගහන්නේ නැහැ. ඕගොල්ලන් ගන්න සෑම සීනි කිලෝ එකකට, පරිප්පු කිලෝ එකට, සබන් කැටේට, බෙහෙත් ටිකට බද්දක් ගහනවා. බදු ගහලා එකතු කරන සල්ලිවලින් ඒගොල්ලන්ගේ අයට බදු නිදහස දෙනවා. පසුගිය දා වාර්තා වුණා කෝටි විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැතිව ඉන්න බව. සීනි කිලෝ එකකට රුපියල් 50ක් විතර, තෙල් ලීටරයට රුපියල් 75ක් විතර බද්දක් ගහනවා. පොදු ජනතාවට බදු ගහනවා. ඒ ගොල්ලන්ගේ හිතමිතුරන්ගේ බදු නිදහස් කරනවා. ඒ මොකද? ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නිසා. තමුන්නාන්සේලා බැංකුවලින් ණය අරගෙන වගා කරනවා. වගාව විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ණය නොගෙවීම නිසා උසාවි ගෙනියනවා. ඒ අපි පොඩි මිනිස්සු නිසා. නමුත් දයා ගමගේ කෝටි 500ක් විතර පොලු තියලා. එයා හෙලිකොප්ටරෙන් යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඇලෝසියස් මුදලාලි, බැංකුවලට පොලු තියලා. එහෙම නැතිනම් බදුවලට පොලු තියලා. එයාලට මොනවත් වෙන්නේ නැහැ. නමුත් තමුන්නාන්සේලා ණයක් අරගෙන ගෙව්වේ නැතිනම් ඉඩම, ගේ දොර වෙන්දේසි කරන තැනට එනවා. මෙපමණ කලක් වෙලා තිබෙන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නාට, ඒ ආණ්ඩු හැමදාම පාලනය කළේ ඒ අයගේ පංතියේ අය ගැන හිතලා.
දැන් යනවා, යුක්තියේ මෙහෙයුම කියලා එකක්. අහුවෙන්නේ කවුද? කුඩු ටිකක් ගහන කෙනෙක්. ඒ අය පොඩි මිනිස්සු. අපේ පංතියේ අය. කෝටි දෙසීයේ තුන්සීයේ කුඩු අහුවෙනවා. එතරම් ප්‍රමාණයක කුඩු ගේන්න පුළුවන් කාටද? ඒ අය අහුවෙන්නේ නැහැ. ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. අම්පාරේ බන්ධනාගාරයට, වැලිකඩ බන්ධනාගාරය ගාවට ගිහින් බලන්න කවුරු හෝ ලොකු මහත්තයෙක් හිරේ ඉන්නවාද? මේ දවස්වල රිමාන්ඩ් එකේ කෙහෙලිය ඉන්නවා. ඒ ගැන හිතන්න එපා. වැරදි කරන්නේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් විතරද? උඩ ඉන්න අය වැරදි කරනවා. නීති කඩනවා. හොරකම් කරනවා. ව්‍යවස්ථා කඩනවා. හැබැයි ඒ ගොල්ලන්ට දඬුවමක් නැහැ. ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. මෙච්චර කාලයක් මේ රටේ පොදු ජනතාව ආණ්ඩු හැදුවාට, පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදාගත්තේ නැහැ. අපි ඕගොල්ලන් හමුවෙන්න ආවේ, අපි ඔක්කෝම එකතුවෙලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදා ගනිමු කියන යෝජනාව කරන්න. මේ ඔබලා ආවේ ඒ ආණ්ඩු එපා වෙලා වෙනස් කරන්න ඕනෑ කියන අදහසින්. දැන් ඔබ කරන්න ඕනෑ තවත් අලුත් අය එකතු කරන එක.
මේ ගොවි ජනපදයේ වකුගඩු රෝගයට ගොදුරු වුණු අම්මලා, තාත්තලා විශාල පිරිසක් ඉන්නවා. මේක ව්‍යසනයක් බවට පත්වෙලා. වකුගඩු නරක් වුණාම ඉඩකඩම් විකුණලා බේත්හේත් කරන්න සිදුවෙලා තිබෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධපුරේ තිරප්පනේ වකුගඩු රෝගයෙන් සිටි ගොවි මහතෙක් මහකන්නයේ අස්වැන්න නෙළා ගෙන ගෙදරට ගෙනත්, මේ වී විකුණලා මට බෙහෙත් කරකොට ගෙදර අය අමාරුවේ වැටෙනවා කියලා ලියුමක් ලියලා ඔහු වස බීලා මැරුණා. ගොවි මහත්තුරු දන්නවා ගෙදරක වකුගඩු රෝගියෙක් හැදෙනවා කියන්නේම ගෙදරම ජීවිත විනාශ වෙනවා. ඉඩකඩම් විකුණන්න වෙනවා. ස්වාමියා මැරෙනවා. පවුලම අනාථ වෙනවා. මේක යුද්දෙටත් වඩා විශාල ව්‍යසනයක්. කුමන හෝ පර්යේෂණයකින් මේ වගුකඩු රෝගයට හේතුව මොකක්ද කියා සොයාගෙන තිබෙනවාද? ඒවා ගැන පර්යේෂණ කරන්න උනන්දුවකුත් නැහැ. දේශපාලකයෙකුට වකුගඩු රෝගය හැදුණා කියා ඔබ අසා තිබෙනවාද? හැබැයි ඩෙංගු හැදුනා කියා අසා තිබෙනවා. ඩෙංගු වඳ කරන්න මාරාන්තික පොරයක් තිබෙනවා. ඒ ඇයි? මදුරුවා ඒගොල්ලන්ටත් විදින නිසා. අද වකුගඩු රෝගය හැදිලා කෙනෙක් මිය ගියාම මරණ සහතිකේ ලියන්නේ “හඳුනා නොගත් හේතුවක් මත වකුගඩුව අක්‍රීය වී මියගොස් ඇත” කියලා. මේ 21වැනි සියවසේ අපේ ගම්වල අම්මලා තාත්තලා මියෑදෙනවා ලෙඩේ මොකක්ද කියා දන්නේ නැතිව. ඒ ගැන සොයන්න මේ පාලකයන්ට ඕනකමක් නැහැ. තවම හේතුව සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. හේතුව නිසි පර්යේෂණයන් නොකිරීම. අද හඳේ පස් පරීක්ෂා කරන ලෝකයේ දෙහිඅත්තකණ්ඩියේ හඳුනා නොගත් රෝගයකින් මිනිසුන් මැරෙන ලෝකයක් තිබෙනවා. මේ පාලක කණ්ඩායම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසයි අපට පොදු ජනතාවගේ ආණ්ඩුවක් ඕනෑ වෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉතා වේගයෙන් පර්යේෂණ කරලා, මේ රෝගයට හේතුව සොයා ගන්නත්, මෙය පැතිරී යාම වැළැක්වීමටත් ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් දෙනු ලබන ජීවන වියදම් දීමනාව මීට වඩා වැඩි දීමනාවක් බවට පත්කරනවා. හොරකම් කරපු ධනය අරගෙන ඒ අයට බෙදා දෙනවා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පළමු කාර්යභාරය වන්නේ පොදු ජනතාව රැකබලා ගැනීම. මේ පළාත්වල වන අලි අනතුරු නිසා කොතරම් විනාශයක් වෙනවාද? වගාව, දේපොළ, නිවාස, ජීවිත සියල්ල වන අලි විනාශ කරනවා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුව කළේ ‘වල් අලියා’ වෙනුවට ‘වන අලියා’ කියා කියන්න ගැසට් ගහපු එක. ඒ වගේම අලිත් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. වන අලි තර්ජනය වැඩිවෙමින් තිබෙනවා. දේශපාලකයන් මැදිහත් වෙලා අලි ඉන්න කැලෑ, ඔවුන්ගේ කොරිඩෝ ටික, ඔවුන්ගේ ආහාර ටික විනාශ කළා. අලියා ගමට තල්ලු කළේ මේ ආණ්ඩු. අද මේක ව්‍යසනයක් බවට පත්වෙලා. අවුරුද්දකට ආසන්න වශයෙන් මිනිස්සු 200ක්වත් අලි ගහලා මැරෙනවා. මේ මැරෙන්නේ ගම්වල අම්මලා, තාත්තලා, දරුවන්. පාලකයන්ට ගාණක් නැහැ. සාමාන්‍ය ජනතාව ගැන තෙතමනයක් නැති පාලකයෝ. අපේ සැලසුම අලි ගමට පැනීම වැළැක්වීම සඳහා හොඳ විදුලි වැටක්, ගමේ පොදු ජනතාව එකතුවෙලා බලා ගන්න විදුලි වැටක්, නැවත අලි කොරිඩෝ ටික විවෘත කර, කැලෑ මැද තිබෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා ඔවුන්ට වතුර ටික, කැලෑ වර්ධනය වෙලා ඔවුන්ගේ ආහාර ටික සැපයෙන ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නැගුවොත් වල් අලි තර්ජනය නතර කර ගන්න හැකිවෙනවා. ඒගොල්ලන් ඒවා නොකළාට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් එය ඉටුකරනවා.
ගමේ ජනතාවට වගා කරන්න ඉඩමක් නැත්නම්, ආදායමක් ලැබෙන රස්සාවක් නැතිනම්, ඒ පවුල දුප්පත්. දුප්පත්කමේ විෂය චක්‍රයට හවුල් වුණු අය දුප්පත්කමින් හැමදාම මිරිකිලා ඉන්නවා. රස්සාව අහිමි වීම, කුඹුර සින්නවීම නිසා දුප්පත්කමට පත්වුණු අය ඉන්නවා. ආදායම් ඉපයීම් නැති නිසා, ඇඟට ශක්තිය නැති නිසා දුප්පත් වූ අය ඉන්නවා. ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයකින් පෙළෙනවා. මේ නිසා දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න නොහැකිව තියෙනවා. දුප්පත්භාවය නිසා නූගත්කමත්, ඒ නිසා විවිධ අපරාධයන්හි යෙදීමත් සිදුවෙනවා. දුප්පත්භාවය නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් නැති වෙනවා. ඒ නිසාම කෙසඟ සිරුරක්, මන්දපෝෂණයත් ඇති කරනවා. ශරීරයත් මොළයත් නිසි පරිදි වර්ධනය වෙන්නේ නැහැ. දුප්පත්කම නිසාම ඉක්මනින්ම මහලු වෙනවා, මියැදෙනවා. දුප්පත්භාවය ව්‍යසනයක් වෙලා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පළමු කොටම ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මේ වෙලාවේ දුප්පත් ජනතාව රැකබලා ගන්න ඕනෑ. ඒ ඒ අයට අවශ්‍ය වන සහනාධාර ලබාදෙනවා. රටේ සියලුම පුරවැසියන්ට, ආහාර, සෞඛ්‍යය, දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා. අනාගතයේ ක්‍රමානුකූලව ධනය උපද්දන, වත්කමක් ඇති කරන පවුලක් බවට පත්කරන්න සැලැස්මක් අපි සකස්කොට තිබෙනවා. කිසිම පුරවැසියෙක් හැමදාම ආණ්ඩුවෙන් දෙන සොච්චමකින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් ආඩම්බරයෙන්, ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතියි. ඒ සඳහා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් තියෙන්න ඕනෑ. හැමදාම ඡන්දයක් එන කොට සාරියට, හාල් කිලෝ දෙකට, බත් පැකට් එකට ඡන්දෙ දෙන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ.
ගෞරවයෙන් ජීවත්වෙන ආර්ථික තත්වයක් හදන්න ඕනෑ. ඒක කරන්නේ කොහොමද? ඔයගොල්ලන් දැනට යෙදෙන්නේ කෘෂිකර්මාන්තයේ එය වඩාත් ලාභදායී කර්මාන්තයක් වෙන්න ඕනෑ. ලෝකයේ බොහෝ රටවල් කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. අපි යළිත් ශක්තිමත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. කෘෂිකර්මාන්තයේ, කර්මාන්තයේ යෙදෙන අයට අඩු පොලියට, ඇප රහිතව ණයක් ගන්න අවස්ථාව හදනවා. ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕනෑ. ගොවි ජනතාව හිරවී ඇති ණය බරෙන් නිදහස් කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. ගමේ පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, වී ගන්න මුදලාලිට, ලංකා බැංකුවට, මහජන බැංකුවට, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන තැනටත් ණයයි. ණය උගුලකට හිරවුණු පුරවැසියෙකුගේ ආර්ථිකය යහපත් තත්වයට පත්වෙන්නේ නැහැ. මේ ගොවියා කමතෙන්ම වී ටික විකුණලා ණය ගෙවලා හිස් අතින් ගෙදරට එනවා. අපි ගොවියා මේ ණය උගුලෙන් මුදා ගන්න ඕනෑ.
2001 පරිවාස ආණ්ඩුවේදි අපි රුපියල් 25,000ට වඩා අඩු සියලු ගොවි ජනතාවගේ ණය කපාහරින්න යෝජනා ගෙනාවා. අපි ඒ වැඩේ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයයි හිටියේ. ගොවි ජනතාව හිරවෙලා ඉන්න ණයවලින් නිදහස් කරන්න යම් ප්‍රතිශතයක් අපි කපා හරින්න ලැහැස්තියි. ගොවි ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කරන්න නම්, පළමු කොටම ණයවලින් නිදහස් කර ගන්න ඕනෑ. ඒ වගේම නැවත ණය උගුලේ හිරනොවෙන වැඩසටහනක් දියත් කරන්නත් ඕනෑ. ඒ නිසා තමයි සංවර්ධන බැංකුවක් ඕනෙ. හැබැයි ණය මුදල අරගෙන හිතෙන හිතෙන දේවල් වගා කරන්න බැහැ. ණය මුදලත් එක්ක කොන්දේසියක් ලැබෙනවා. වගා කිරීමට වඩා සුදුසු දේ මොනවාද යන්න පැහැදිලි කරනවා. ඕනෑම භාණ්ඩයක් වෙළඳපොළට එන්නේ, ඒ භාණ්ඩය කොතරම් වෙළඳපොළට ඕනෑද කියන එක මත. ෆෝන් නිෂ්පාදකයන් වෙළඳපොළට ෆෝන් නිදහස් කරන්නේ රිසර්ච් එකක් කිරීමන් පසුව. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව මේ වසරේ කොතරම් වැඩිවෙලා තිබෙනවාද යන්න පිළිබඳ දත්ත එකතු කරනවා. ඒ අනුව ෆෝන් නිෂ්පාදනය කරනවා. එවිට මිලදී ගන්න එකට සරිලන සැපයුමක් තිබෙනවා. එවිට මිල බිඳ නොවැටී ස්ථාවර වෙනවා. වෙළඳපොළ හැසිරෙන්නේ දත්ත තොරතුරු මත. හැබැයි ඕගොල්ලන් වගා කරන්නේ දත්ත තොරතුරු මතද?
ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. අපි කියනවා ජනතාවට යම් යම් කාලවලදී වෙළඳපොළට අවශ්‍ය වෙන එළවළු, ළුෑණු, මිරිස් මොනවාද කියන එක ගැන. ඒව ද්‍රව්‍ය වගාකරන්න කියා ගොවි ජනතාව දැනුවත් කරනවා, උපදෙස් දෙනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ගොවි ජනතාව වගා කරනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ෆෝන්, රතිඤ්ඤා, සබන් හදනවා. හැබැයි දන්නේ නැති වෙළඳපොළකට එළවළු හදනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ලංකාවේ පළමුවැනි වතාවට සැලසුම් කරන ලද වගාවක්, හඳුන්වා දෙනවා. වෙළඳපොළට සරිලන වගාවන් කරනවා. අද ගොවියා වගාකරන්නේ ඉවට. ඒ වගේම නෙළන අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යනවා. වාර්තාවල සඳහන් වෙනවා නිෂ්පාදනය කරන සමහර එළවළුවලින් 38%ක් පමණ අපතේ යනවා. පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් හදලා ගොවි ජනතාවගේ ඵලදාවට සාධාරණ මිලක් එන ක්‍රමයක් ජාතික ජන බලවේගයේ අපි හදනවා.
අද ලෝකයේ කෘෂිකර්මාන්තය කරන්නේ ඉවට නොවෙයි. පසට ගැලපෙන්නේ මොනවාද, පසට ඇතුල් කළ යුත්තේ මොනවාද යන්න සෙවීමට තරම් දියුණු වෙලා තිබෙනවා. අමෙරිකාවේ පර්යේෂණ ආයතනයක වැඩ කරන පර්යේෂණ විශාල ගණනක් කළ චීනය, ජපානය වැනි රටවල් ගණනාවක සේවය කර තිබෙන මහාචාර්යවරයෙක් හමුවුණා. ඔහු පස පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. පස කියන එක වැදගත්. කලාපෙන් කලාපෙට පසේ සංයුතිය බලලා යෙදිය යුතු බෝගය තීරණය කරන්න ඕනෑ. ඒ වගේම නයිට්‍රජන්, පොස්පේට්, පොටෑසියම් කොතරම් දාන්න ඕනෙද කියා තීරණය කරන්න ඕනෑ. විද්‍යාත්මක ක්‍රමයක්, වැඩි අස්වැන්න ලබා ගන්න ක්‍රමයක්. එළඹෙන 29දා අපි කොළඹ සූදානම් කර තිබෙනවා, ලෝකයේ වෙසෙන ලාංකිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ, ලංකාවේ විද්‍යාඥයන් පිරිසකුත් සහභාගි කරගෙන අපේ රටේ පර්යේෂණ දියුණු කිරීමේ මණ්ඩලයක් ගොඩනඟනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණ කෙරෙන්න ඕනෑ. තායිලන්තය වගේ රටවල එළවළු, පලතුරු කල්තබා ගැනීම පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. අපි කල්තබා ගැනීමේ ක්‍රම පර්යේෂණයන් මගින් ලංකාවට ගේන්න ඕනෑ.
සමහර එළවළු, පලතුරුවලින් පරිභෝජනය සඳහා පමණක් නොවෙයි තවත් දේ නිපදවනවා. රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. වට්ටක්කා, කැරට් වැනි එළවළුවලින් නව නිෂ්පාදනයන් කිරීම් කරන්න ඕනෑ. ගොවියාගේ ජීවිතය කෘෂිකර්මාන්තය අනුව දියුණු වෙන්නේ එහෙම තමයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොවි ජනතාවගේ ජීවිතය ණය බරෙන් නිදහස් කරගෙන ගෞරවයක්, ආඩම්බරයක් සහිත ගොවි පරම්පරාවක් බවට පත්කරන සැලැස්ම අපි හදනවා.
එපමණක් නොවෙයි ගොවි ජනතාවගේ දරුවන්ට අනාගතය නිර්මාණය වෙන්න ඕනෙ අධ්‍යාපනයෙන්. තාත්තා කුඹර කෙටුවාට උරුමයෙන්ම පුතා කුඹුරු කොටන්න ඕනෑ නැහැ. මේ තරුණ පරම්පරාව මේ වියගසෙනුත් නිදහස් කර ගන්න ඕනෙ. තාත්තා නියැලුණු ආර්ථිකයෙන් එළියට එන්නේ කොහොමද? ඒකෙ ප්‍රධානම වන්නේ අධ්‍යාපනය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගම්වල දරුවන්ට නව ලෝකයේ දොරටු විවෘත කර ගැනීම සඳහා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. කොළඹ නගරයේ පාසලත් දෙහිඅත්තකණ්ඩියේ ගමේ ඉස්කෝලෙත් සෑම ඉස්කෝලෙකම දරුවන්ට සමාන, සාධාරණ අත්‍යවශ්‍ය පහසුකම් සහිත අධ්‍යාපනයක් අපි හදන්න ඕනෑ. අලුත් දැනුම සහිත දරුවන් ගම් ඇතුලේ හැදෙන්න ඕනෑ. ලෝකයේ දියුණු තාක්ෂණය ගම් ඇතුලට ගලාගෙන එන්න ඕනෑ. ඒ ගොල්ලන් රස්සාවලට යන්න ඕනෑ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත්වෙන්න ඕනෑ. තවත් දරුවන් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා පොඩි කර්මාන්තයක් පටන් ගන්න ඕනෑ. ඒ නිෂ්පාදනයන් දෙහිඅත්තකණ්ඩියේ අයට විතරක් නොවෙයි මෙතනින් එහාට, වෙනත් ප්‍රදේශවලට විතරක් නොවෙයි ලෝකයටත් ගෙනියන්න ඕනෑ. එහෙම කරන්න නම් නව තාක්ෂණය එකතු කරන්න ඕනෑ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් ලෙස සලකා තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හදන්න. ලක්ෂ ගණන් හදන්න ඕනෑ. අවුරුද්දකදී ඉස්කෝලවලින්, විශ්වවිද්‍යාලවලින් ලක්ෂ තුනක් විතර එළියට එනවා. මේ ලක්ෂ තුන රස්සාවලින් පුරවන්න බැහැ. ආණ්ඩුවේම රස්සා තිබෙන්නේ ලක්ෂ පහළොවයි. පිරවීම නිසාම ඒවායෙත් වැඩිවෙලා තිබෙන්නේ. පෞද්ගලික අංශයේ තිබෙන්නේ ලක්ෂ 24යි. ආණ්ඩුව ඇතුලෙත්, පෞද්ගලික අංශය ඇතුලෙත් විශාල ලෙස රස්සා ඇතිවෙන්නේ නැහැ. සමහර ආයතනවල රැකියාවලින් එළියට දමමින් තිබෙනවා. අලුත් ඉඩක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් තුළයි. හැම තරුණයෙක්ම හිතන්න ඕනෑ අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න, අලුත් කර්මාන්තයක් කරන්න, අලුත් ව්‍යවසායකයෙක් වෙන්න. ආණ්ඩුව මැදිහත් වෙලා සංවර්ධන බැංකුවලින් අඩු පොලියට ණය, තාක්ෂණය ලබා ගන්න හැකියාව දෙනවා. ලෝකයේ වෙළඳපොළක් සොයා දෙනවා. දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාවක් නව ව්‍යවසායකයෙක් හැටියට හැදෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක නිෂ්පාදනයේ යෙදෙන, ලෝකයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ සැපයුමේ යෙදෙන මධ්‍යස්ථානයක් බවට දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාව පත්වෙනවා. පරණ ව්‍යසනයේ ගොදුරක් බවට පත්වෙලා තිබුණු ගම වෙනස් වෙන්න පටන් ගන්නවා. අලුත් දේවල් බලන්න කොළඹම යන්න ඕන නැහැ. මේවා වෙනස් වෙන්න ඕන. ගම්පිටින් නව පරිවර්තනයකට පත් වෙන්න ඕනෑ.
මේ පාලකයා කවදාවත් එහෙම හිතුවේ නැහැ. තාත්තා ජනාධිපති වුණා, පුතා ජනාධිපති කරන එක තමයි ඔවුන්ගේ සිහිනය වුණේ. තාත්තා ඇමති නිසා පුතා ඇමති කරන්න ඕනෑ වුණා. මහත්තයා මන්ත්‍රී, නෝනත් මන්ත්‍රී වෙන්න ඕනකම තිබුණේ. ඒ ගොල්ලෝ ගම අලුත් පරිවර්තනයකට, අලුත් සංවර්ධනයකට යොමු කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. ගම වෙනස් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. “දුප්පතාගෙ හිතවතා”, “ගමෙන් ආව ගැමියා” කියනවා. මොන හිතවත්කමක්ද, ගැමියා ගැන අධිකරණයත් දන්නවා. පොළොන්නරුවෙන් ආවා කීවත්, ගිරුවාපත්තුවෙන් ආවා කීවත් අවුරුදු දහයක් පහළොවක් හොඳ ගේමක් දුන්නා. ගම් හැදුවේ නැහැ. ඒ ගොල්ලෝ, ඒගොල්ලන්ගේ පවුල් හැදුණා. වටේ ඉන්න කණ්ඩායම් හැදුණා. ගම් පරිවර්තනයක් කළේ නැහැ.
අපි ගම් මේ විදිහට තියාගෙන යනවාද, දියුණුවේ දිසාවට වෙනස් කරනවාද? ජාතික ජන බලවේගයේ ඉතා හොඳ ස්ථාවර සැලැස්මක් තිබෙනවා. ගම, දියුණුවේ දිසාවට පරිවරතනය වෙන ගමක්. මොන වගේ දිසාවක්ද, හොඳ වාතාශ්‍රයක් සහිත නිවසක් තිබෙන, හොඳ ආදායම් මාර්ගයක් තිබෙන පුරවැසියන් ජීවත් වෙන, මානසික නිදහස තිබෙන, ගමේ අය එකතු වෙලා ටීටර් එකක් පෙන්වන, පවුලේ අය එකතුවෙලා චිත්‍රපටයක් බලන්න යන, පවුලේ අය රෑට එළියට ගිහින් කෑම වේලක් කාලා එන ගමක්. මේ සතුට ගමට ඕන නැද්ද? එහෙම ගමක් ඕනෑ. කොළඹ ඔය හැමදෙයක්ම තිබෙනවා. ගම්වල අයට එහෙම ජීවිතයක් නැහැ. ගම්වල මිනිස්සු ජීවිතේ මොකක්ද කියලා දන්නේ නැතිව මැරෙනවා. අපේ දරුවන් ජීවත් වෙන්නේ රස ආහාරයක් මොකක්ද කියලා දන්නේවත් නැතිව. ඒ නිසා මේක අපි පරිවර්තනය කරන්න ඕනෑ. හොඳ අධ්‍යාපනය ලබපු, ලෝකයේ ජයග්‍රහණය කළ දරුවන් ඉන්නවා. කොළඹ විශ්වවිද්‍යාලවල වැඩකරන දරුවන් ඉන්නවා. කුඩා වෘත්තියක් කරන, කුඩා ව්‍යවසායක් කරන, හොඳ ගොවි මහත්තයෙක්, ඉන්න ගමක් ඕන නැද්ද. ගමකට හවස පහ වෙනකොට ගිහින් බලන්න හොඳ සිහියෙන් ඉන්න වැඩිහිටි පිරිමියෙක් සොයා ගන්න අමාරුයි. එකම සතුට හවසට අඩියක් ගහන එක විතරයි. බිරිඳට, දරුවාට එය සතුටක්ද? පවුලට දියුණුවක්ද? ඒක ජීවිතයක් නොවෙයි.
අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු හැට හැත්තෑව වෙන කොට මියැදෙනවා. ඒ කෙටි ජීවිත කාලය රසවත් වෙන්න ඕන නැද්ද. සතුට ඕන නැද්ද. සැනසුම ඕන නැද්ද. ඉපදිලා ගතවෙන මොහොතක් පාසා මැරි මැරි ජීවත් වෙනවා නම්, ඒ ජීවිතවලින් අපට ඵලක් නැහැ. මේ පරිවර්තනයට ලක් කරන ගම්, හොඳ මිනිස්සු හිටිය ගම්, අනෙකා ගැන තෙතමනයක් තිබෙන ගම්, අනෙකා ගැන සොයා බලන ගමක්, සතුටින් ඉන්න ගමක් එදා තිබුණා. ඉස්සර හැමෝම එකතුවෙලා දවස් හතේ නාට්‍ය එළිවෙනකම් එදා බැලුවා. අද එහෙම එකතු වෙලා මොනවා හෝ කරනවාද? අද ඒ සියල්ල නැතිවෙලා. ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. අපි හදන්න යන්නේ සෑම අතින්ම දියුණු ගමක්; මනසෙන්, සතුටින්, ආර්ථිකයෙන්, ජනතාව අතර සමගියෙන් සිටින ගමක්. ජාතික ජන බලවේගය හදන්නේ එහෙම සමාජයක්. අපි ගම්වල ඉපදුණු, ගම්වල හැදුණු වැඩුණු මිනිස්සු. මේවායේ මිනිසුන්ගේ ජීවිත ගතවුණේ කොහොමද කියා අපි දන්නවා. අපේ යහළුවන්ගේ, හිතවතුන්ගේ ජීවිත ගෙවුණේ කොහොමද දන්නවා. ඔවුන් මුහුණ දුන් ව්‍යසනය අපි දැක්කා. අන් හැමට වඩා ජාතික ජන බලවේගයට වගකීමක් සහ අයිතියක් තිබෙනවා ගම්වල දේශපාලනය කරන්නත්, ගම් වෙනස් කිරීම සඳහා පදනම සකස් කිරීමටත්. අපේ දේශපාලනය බඩු බෙදනවා නොවෙයි. අපි දැනුම බෙදනවා. දැනුම ඒකරාශී කරගෙන සමාජ පරිවර්තනයක් කරනවා. මේ ක්‍රමය සියල්ල වෙනස් කරනවා. ඇත්ත ජනතාවගේ ආණ්ඩුවක් අපි හදනවා. ඒක වෙනස් කරන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව කිසිසේත් මග හරවා ගන්නේ නැතිව ප්‍රයෝජනය අපි ගනිමු. තව මාස දෙක තුනක් තිබෙන්නේ. ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට කතා කරන්න. ඔවුන් ජාතික ජන බලවේගය දිසාවට හරවමු. අපි ඔක්කෝම එකතු වෙලා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරලා දියුණු ගමක් අපේ රටේ හදමු.
“රටේ කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර තලය දක්වා ගෙන ඒමට නිසැක ලෙසම මැදිහත් වෙනවා”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න-
ලංකාවේ වැඩියෙන්ම වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කය. පසුගිය කාලවල මේ දිස්ත්‍රික්කයට විශාල ලෙස අසාධාරණකම් සිදුවුණා. සේනානයක සමුද්‍රයේ වතුර තිබියෙදී වතුර දුන්නේ නැහැ. අපිට සිදුවුණා මහා ගොවි ජන අරගලයක් කැඳවලා, අම්පාර නගරය වටලලා, දයා ගමගේලා එතැනට ගෙන්නන්න. දයා ගමගේ ආවේ චොපර් එකකින්. ගොවි ජනතාව ඔවුන්ව අත්අඩංගුවට අරගෙන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එතනට ගෙන්වා ගත්තා. අපට සිදුවුණා ගොවි ජනතාවට වතුර අරගෙන දෙන්න. වතුර දුන්නා. කන්නත් පැහුණා. වතුර තිබියෙදී තමයි වතුර දුන්නේ නැත්තේ. ඒ නිසා තමයි අපට අරගල කරන්න සිදුුවුණේ. එදා තිබුණේ සජිත්ලගේ, රනිල්ලගේ ආණ්ඩුව. මේ එහා පැත්තේ බඩ ඉරිඟු ගොවියො කෝටි 32 යි ලක්ෂ තිස්හතරක ඔප්පු බැංකුවෙ තිබ්බා. මෛත්‍රී, රනිල්, සජිත්, දයා ගමගේ ආණ්ඩුව වන්දි ගේව්වේ නැහැ. ජනතාවට පොලු තිබ්බා. ඒ වන්දි මුදල ඉල්ලලා දිසාපති කාර්යාලයේ සාකච්ඡා කීයක් තිබ්බාද? අපි කොතරම් උද්ඝෝෂණය කළාද? සතපහක් ගෙව්වේ නැහැ. මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවියාට පාඩුව කෝටි 16ක්. අපි පසුගිය දවස්වල ගොවි නායකයෝ හම්බවුණා. ගොවි රැස්වීම් ගණනාවක් තිබ්බා. තමුන්නාන්සේලා දුක් අඳෝනාවන් අපට ඉදිරිපත් කළා. භූමිතෙල් සහනාධාරය නොලැබුණු ගොවීන් ඉන්නවා. ඒක පිටරටවලින් ලැබුණු එකක්. පොහොර සහනාධාරය නොලැබුණු ගොවීන් ගොඩක් ඉන්නවා. එක කන්නෙකවත් සත පහක්වත් වගා වන්දි නොලැබුණු ගොවීන් ඉන්නවා. මෙතන ඉන්න ගොවි නායක විමලසේන අවුරුදු 31ක් ගොවි විශ්‍රාම වැටුපට දායක මුදල් බැන්දා. අවසානෙදි ඔහුට ගොවි විශ්‍රාම වැටුප ලබාගන්න නඩු කියන්න සිදුවුණා. අවුරුදු 31ක් සල්ලි බැඳපු ඔහුට ලැබෙන්නේ රුපියල් 1000ක් පමණයි. ඒකෙනුත් 50ක් කපනවා. මේ අත්දැකීම් තිබෙන ගොවි ජනතාව අම්පාර දිස්ත්‍රික්කයේ කොතරම් ඉන්නවාද?
ඊයෙ අපි හදිසියේ ගියා කලා වැවට. කලා වැවේ පැරණි වාන ළඟට කැලෑ අස්සෙන් රිංගාගෙන, ගල්වලින් පැන පැන ගියේ. පෙරෙයිදා රෑ කලා වැවේ පිට වාන යට තියෙන නිධානය හොරු අරගෙන. ධාතුසේන රජ්ජුරුවෝ තැන්පත් කළා යැයි සලකන නිධානයක්. කලා වැව අපේ රටේ අනන්‍යතාවයක්. සාහිත්‍යකරුවන් “කලා වැවේ නිල් දියවර අපේ අම්මා”, “මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම වහන්සේ” “මට ඇති වස්තුව, මට ඇති සම්පත, මේ නිල් දිය කඳ වන්නේ” ධාතුසේන රජ්ජුරුවෝ තමන්ගේ පුත්තුන්ට කිව්වේ එහෙමයි. කලා වැවත් එක්ක ගොඩනැගුණු සාහිත්‍යය කොතරම් තිබෙනවාද? “දේවතාවන් පුවක් මල් කිනිත්තක් අරගෙන කලා වැවේ වතුර අරගෙන ස්වර්ණමාලි චෛත්‍යයට පැන් ඉහිනවාලු. අවුකන පිළිමවහන්සේට ඇස් දුන්නු කලාකරුවා ඉලුක් සෙවිලි කළ පැල්පතක කලා වැවේ රළ නරඹමින්, තමන්ගේ කකුල් පිරිමදිමින් මහන්සි අරිනවයි කියනවා”. මේ කෙත අස්වැද්දීමට අමතරව කලා කෙත අස්වැද්දීමට අදාළව මූලික වුණු කලා වැව ධාතුසේන මහ රජ සමයේ අපට දායාද කළ කලාවැව. මේ කලා වැව ඉදිකරනකොට නිධන් කළ නිධානය අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කළ නිධානය, අරගත්ත තැන මම දැක්කා. ඒකෙ කුටීර තුනක් තිබෙනවා. යටම තිබෙනවා එක කුටීරයක්. ඊට උඩින් තවත් එකක් තිබෙනවා. ඊට උඩින් තවත් එකක් තිබෙනවා. උඩම තට්ටුව කඩලා තිබුණා. මේ කුටීර තුනේම යම් දේවල් තිබිලා තියෙනවා. කලා වැවේ මේ නිධානය තිබුණු තැන අධිඅරක්ෂිත කලාපයක්. වනජීවි එකට අයිතියි. වනජීවී නීතිය ක්‍රියාත්මකයි. පුරා විද්‍යාවට අයිතියි, පුරා වස්තු තිබෙන නිසා. මහවැලියට අයිතියි. මහවැලි නීතියට මේක යටත්. රටේ පවතින සිවිල් නීතියට කොහොමත් යටත්. කිසිම කෙනෙකුට මේ පළාතට යන්න බැහැ. මාළු අල්ලන ධීවරයෙකුට මේ පළාතට යන්න හැකියාවක් නැහැ. මහ රෑ ලයිට් ගහගෙන, යන්ත්‍ර සූත්‍ර ගෙනැවිත් ඇවිත් ගල් බිඳලා. මේ නිධානය ගන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙකුට. මේක රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවුණු වැඩක්. මේක කලා වැටේ ඉස්මත්තේ දේශපාලනඥයන් හෝටල් ගහලා තියෙනවා. ඔවුනුත් මේකෙ වගඋත්තරකරුවන් බවට පත්වෙනව. අපි බලාගෙන ඉන්නවා කලා වැවේ නිධානය ගත් හොරු අල්ලන්න ඕනෑ. අපි බලාගෙන ඉන්නවා මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා. කලා වැව අපේ හදවත වගේ. ඒ වගේ එකක්වත් රැක ගන්න බැරි පාලකයන් රනිල්, පොහොට්ටු ආණ්ඩු කොහොමද රට ආරක්ෂා කරන්නේ. මේ වගේ වෙන්ඩ ඕනෙ නැති දේවල් ගොඩක් රටේ සිදුවෙමින් තිබෙනවා.
මේ ආණ්ඩුව ලකලැහැස්ති වෙමින් එනවා මිල්කෝ ආයතනය, පශු සම්පත් මණ්ඩලයේ ඉඩම් ටික, ලබන මාසෙ 15දාට කලින් ගනුදෙනු ටික ඉවර කරන්න ඕඩර් එකක් ඇවිත් තිබෙනවා. 14 වැනිදා දොළහෙන් පස්සේ ඕවා කරන්න අමාරුයි. ජනාධිපතිවරණය ගැසට් කරලා ඡන්දයක් එනවා. මේවට ඉඩ දෙන්න බැහැ. තක්කඩි පාලකයන්ට අනතුරු හඟවනවා, එවැනි දේවල් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට උත්තර බඳින්න සිදුවේවි. මුළු රටේම ජනතාව එක රොදකට පෙළගැහෙනවයි කියන එක අපි මතක් කරනවා. මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව වී ගොවියන්. තමුන්නාන්සේලාගේ වී ටික තුට්ටු දෙකට විකුණන්න සිදුවෙලා තිබෙනවා. ඊයෙ යල කන්නයේ ආණ්ඩුව නිවේදනය කළා, වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු. 99.75යි. දැන් නිෂ්පාදන වියදම ඊට වඩා වැඩියි. ගිය අවුරුද්දේ ගොවියාට වැට් එක තිබුණේ නැහැ. දැන් වැට් එක ගැහුවා. ඉන්ධන මිල වැඩිකළා. නිෂ්පාදන වියදම වැඩියි. එහෙම තියෙද්දි අම්පාරේ ගොවියා වී ටික රු.60ට රු.70ට වික්කා. ඒත් පාරිභෝගිකයා හාල් ගන්නවා ගිනි ගණන්වලට. මේ හැම පාර්ශ්වයක්ම සතුටු කරන විදිහට මේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට ගේන්න ඕනෑ. අපි ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීම, මහන්සිය අවම කිරීම, අස්වැන්න වැඩි කිරීම අපි ඒ තත්වයට අත ගහන්න ඕනෑ. මෝල් හිමියාටත් සහනදායී ක්‍රමයක් අනුගමනය කරන්න ඕනෑ. සහල් නිෂ්පාදනයට යන පිරිවැය අඩු කරන්න ඕනෑ. එවිට පාරිභෝගිකයාට වාසිය එනවා. ජාතික ජන බලවේගයේ විදිහට ඉදිරි කෘෂිකාර්මික වැඩපිළිවෙළ අපි සකස්කොට තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නගිමින් මේ රටේ කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර තලය දක්වා ගෙන ඒමට අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා.
“ගොවි ජන ජීවිතය වෙනස් කරන සමාජ පරිවර්තනයක් අපට අවශ්‍යයි”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටී.බී. සරත්-
ඉතිහාසයේ පළමුවැනි වතාවට ගොවි ජනතාවගේ නායකයෙක් පත්කර ගැනීමේ වුවමනාවෙන් තමයි මේ ගොවි ජනතාව ඒකරාශී වී තිබෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය නියත ලෙසම ලැබෙන බව තහවුරු වෙමින් තිබෙනවා. පාලක පෙළැන්තියට පාලනයෙන් බැහැරව යන්න සිදුවෙනවා යැයි ඔවුනට දැනෙන නිසා, අත්පත් කරගෙන තිබෙන සියලු දේවල් ඩැහැගෙන යන්න හදනවා. අපේ මී මුත්තන් අපට දායාද කළ ඒ කලා වැවේ පුරාවස්තු පවා පාලකයෝ සොරකම් කරගෙන තිබෙන්නේ ඒ නිසයි. මේ සමාජයේ පරිවර්තනය සිදුවෙන පෙර ලකුණු පහළ වෙමින් තිබෙනවා.
අපේ රටේ ගොවියා මේ බිම්වලට සදාකාලිකව තම ශ්‍රමය වැගිරුවා. ඔවුන් ජීවිත වින්දේ නැහැ; විඳෙව්වා. ඒ ගොවියාට ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගතකරන්න ආර්ථික තත්වයක් නැහැ. අපේ රටේ ගොවියාට අවුරුදු 55 සම්පූර්ණ වෙන විට තමන්ගේ ගොවිබිමෙන් සමුගන්න බැහැ. ඔවුන්ට ජීවත් වෙන්න වටපිටාවක් නැහැ. අවුරුදු 60ක් 70ක් වුණත් අපේ ගොවියාට ජීවත් වෙන්න නම් උදැල්ල අරගෙන කුඹුරට යන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි අපේ ගොවියාට අවුරුදු 55 සම්පූර්ණ වෙනකොට ගොවි විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා අනිවාර්යයෙන් කටයුතු කරනවා.
අපේ ගොවියා මුහුණ දී තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි වගා කරගන්න අවශ්‍ය ස්ථිර මුදලක් නැතිකම. ඔහුට ප්‍රාග්ධනයක් නැහැ. ඒ නිසා ඔහු පොලීකාර මුදලාලි කෙනෙකුට, එහෙම නැතිනම් රාජ්‍ය නොවෙන ගිනි පොලියට සල්ලි දෙන ආයතනයකට ඔහු හිරවෙනවා. ඔහුගේ මුළු ජීවිතයම කොතනක හෝ ණය දෙන ආයතනයකට හිරවෙලා තිබෙන්නේ. ඔවුන්ගෙ දරුවන්ගේ ජීවිත, පවුල් ජීවිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතුළේ හිරවෙලා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොවියාට ඉතාමත් අඩු පොලියකට ණය පහසුකම් දෙන බැංකු පද්ධතියක් සකස් කරන්න අපි සැලසුම්කොට තිබෙනවා. ගොවියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය අවසන් කර ගන්න ඕනෑ. ගොවි ජන ජීවිතය වෙනස් කරන සමාජ පරිවර්තනයක් අපට අවශ්‍යයි. දේශපාලන පරිවර්තනයක් නැතිව, සමාජයේ ප්‍රභූ පංතියෙන් පහළ පංතියට බලය මාරු වෙන්නේ නැතිව අපේ ගොවියාගේ ජන ජීවිතය වෙනස් කර ගන්න ලැබෙන්නේ නැහැ. මේ මහා ජන ගඟෙන් පෙනෙන්නේ පොදු ජනතාව අතට බලය මාරුවීමේ යුගය පැමිණ තිබෙන බවයි. ඒ යුගයට සමස්ත ලංකා ගොවි සම්මේලනය නායකත්වය දෙන්න සූදානම්.
(-Colombo, June 21, 2024-) ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් වන පොසොන් පුර පසලොස්වක පෝය දිනය අද (21) දිනට යෙදී ඇත. මිහිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම පොසොන් පොහෝ දිනයේ සිදු වූ වැදගත්ම ආගමික සංසිද්ධිය වුවද එය හුදු ආගමක සම්ප්‍රාප්තිය සලකුණු කිරීමක් පමණක් නොව ලාංකේය ශිෂ්ටාචාරයේ ගමන්මඟ තීරණාත්මකව වෙනස් කළ සිදුවීමක්ද […]
(-Colombo, June 21, 2024-)
ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් වන පොසොන් පුර පසලොස්වක පෝය දිනය අද (21) දිනට යෙදී ඇත.
මිහිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම පොසොන් පොහෝ දිනයේ සිදු වූ වැදගත්ම ආගමික සංසිද්ධිය වුවද එය හුදු ආගමක සම්ප්‍රාප්තිය සලකුණු කිරීමක් පමණක් නොව ලාංකේය ශිෂ්ටාචාරයේ ගමන්මඟ තීරණාත්මකව වෙනස් කළ සිදුවීමක්ද සටහන් කරයි. හඳුන්වා දෙනු ලැබීමෙන් පසු ජනතාව විසින් බුදු දහම විශාල වශයෙන් වැළඳගත් අතර රටේ සමාජ, ආර්ථික හා දේශපාලන පැවැත්මටත් ජන ජීවිතයටත් ඉන් සිදු වූ බලපෑම අතිමහත්ය. විශේෂයෙන් ශ්‍රී ලාංකේය සමාජයේ හර පද්ධතියද එය මත රඳා පැවතින ජීවන රටාවද හැඩගැස්වීමෙහිලා බුදු දහම විශාල ලෙස බලපා තිබේ.
සාධනීය සමාජ හර පද්ධති රැක ගනිමින්ද සාධනීය ප්‍රවණතා එකතු කර ගනිමින්ද පෙරට යා යුතු ශ්‍රී ලාංකේය සමාජයට බුදු දහමේ සැබෑ හරයන් වෙත සමීප වීම සඳහා පොසොන් උත්සවය අගනා අවස්ථාවක් නිර්මාණය කරයි.
විවිධ ජාතිකත්වයන් අතර සහ ආගමික භක්තිකයින් අතර එදිරිවාදීකම් අවුළවා සමාජ දේහය ඉරා දමන්නට පටු වුවමනාකම් ඇති හා බලලෝභී පිරිස් විටින් විට උත්සාහ ගනු ලැබූවද අවිහිංසාව සහ සමානාත්මතාව මත පදනම් වන බුදු දහමෙන් පෝෂණය වූ සමාජය එවැනි දේට ඉඩ අවුරාලීම අතිශය වැදගත්ය.
ශ්‍රී ලාංකේය සමාජය නැවුම් වෙනසක් කරා ගමන් ඇරඹීමට මුල් වූ පොසොන් පොහොය, නව ගමනකට සූදානමින් සිටින ලාංකේය සමාජයට ලබා දෙන්නේ හරවත් පණිවිඩයකි. නව පුනරුදයකට රට ඔසවා තබන ඓතිහාසික වෙනස වෙනුවෙන් අදිටනින් පෙළගැසීමට පොසොන් පොහොය නිමිත්තක් කර ගන්නා මෙන් සමස්ත ලාංකේය බෞද්ධ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.
අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.06.21
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.20-) නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කර තිබූ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පරාජයට පත් කළා. ඒ සම්බන්ධයෙන් තදබල කෝපයකින් ඉන්න ජනාධිපති, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව නිර්දේශය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පිටින් කෝපය පිට කළා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රේෂ්ඨාධිකරණයට මඩ ප්‍රහාරයක්ද එල්ල කළා. එයින් නොනැවතී පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පිටින් පවා නින්දනීය […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.20-)
නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කර තිබූ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පරාජයට පත් කළා. ඒ සම්බන්ධයෙන් තදබල කෝපයකින් ඉන්න ජනාධිපති, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව නිර්දේශය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පිටින් කෝපය පිට කළා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රේෂ්ඨාධිකරණයට මඩ ප්‍රහාරයක්ද එල්ල කළා. එයින් නොනැවතී පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පිටින් පවා නින්දනීය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස සිදු කළා. ඒ වගේම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පහළ අධිකරණවල විනිසුරුවරුන්ට ප්‍රහරයක් එල්ල කළා. තමන්ගේ නඩු පරාජය වීම ගැන කේන්ති ගිය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ ඇමතිවරයා ලෙස ප්‍රහාරයක් දියත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු තුනක් පිට පිට පරාජය වීමෙන් උරණ වීම ඒ ආකාරයෙන් පිරිමසා ගත්තා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩන්න හැදුවා.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ තීන්දුව ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස අතුරු නියෝජයක් ලබාදුන්නා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවරු තිදෙනාම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන ආ යුතු බවට තමන්ගේ ගෝලයෙකු ලෙස සිටින ප්‍රේමනාත් සී. දොලවත්ත යොදවා ප්‍රකාශයක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ අධිකරණයට තිබෙන විශ්වාසය බිඳ දැමීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා. අධිකරණ ඇමතිවරයාත් පහළ අධිකරණවල විනිසුරුන්ට ප්‍රහර එල්ල කරමින් තමන් නඩුවලින් පරාජය වීමේ කෝපය හෙළි කළා. අධිකරණය ආරක්ෂා කරන්න ඉන්න ඇමති පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස කරනවා.
මේ විජේදාස රාජපක්ෂම 2023 දෙසැම්බර් මාසේ 05 වැනිදා පාර්ලිමේන්තුවේදී රිෂාඩ් බදුර්දීන්ගෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ කතාවක් මම දක්වන්නම්. ඔහු එදා කීවේ පාර්ලිමේන්තුව තුළ සිට කරන කතා මගින් අධිකරණයයි පාර්ලිමේන්තුව අතර පවතින සහසම්බන්ධතාවලට හානි සිදුවිය හැකි බවයි. ඔහු එම ප්‍රකාශය අවසන් කර තිබෙන්නේ අධිකරණයේ කටයුතු පාර්ලිමේන්තුවේදී විවේචනය නොකළ යුතුයි කියලා. එදා එහෙම කී අධිකරණ ඇමති 19වැනිදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවාවෙලා තමන්ගේ නඩු පැරදීමේ පුද්ගලික කරුණු සම්බන්ධයෙන් ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ කතාවට සම්පුර්ණයෙන්ම පටහැණි කතාවක් විවෘත තැනකදී කියනවා. “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තිීන්දුව නිසා මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. ඒ තීන්දුව මේ රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් පටහැණි ලෙස සලකලා. අපේ අරමුණ කාන්තාවන්ටත් පිරිමි අයට හා සමාන අයිතිවාසිකම් සඳහා අවස්ථාවක් ලබාදීමයි. ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ලම ඒ අරමුණෙන් ගෙනත් තිබෙනවා. මගේ මතය අනුව ඒ ගිවිසුම්වලට බාධා කරන්න පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් විධායකයටවත් බැහැ. අපි කැපවෙලා ඉන්නේ ඒ අරමුණ ඉෂ්ට කරන්න. ඒ නිසා බයක් තියාගන්නේ නැතිව කටයුතු කරන්න මම පාර්ලිමේන්තුවේ සියලු දෙනාටත් කීවා.” ඔහු මේ කියන දේ හරි පැහැදිලියි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් පිටතදී තනිකරම විකෘති අදහසක් කියනවා. එළියට ඇවිත් මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා වගේ කතාවක්. කාන්තා අයිතිවාසිකම් ගැන තීන්දුවේ සඳහන් නොවෙන දෙයක් එළියට ඇවිත් කියනවා. මේ කතාව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න සිදුවෙනවා. විධායකයට ඕන ඕන ආකාරයට පාර්ලිමේන්තුව තුළ කියන කතා එළියට ඇවිත් කියන්න බැහැ. රනිල් වික්‍රමසිංහගේ මේ කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතටත් පටහැණියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවටත් පටහැණියි. ඒ අනුව අධිකරණයට කරන ලද අපහාසය සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව අපේ නීතිඥ මණ්ඩලයත් සලකා බලමින් ඉන්නවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ ඇමතිත් ජනාධිපතිත් දෙන්නාම පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස අපි මේ තත්වය හෙළා දකිනවා. මෙවැනි පටු අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කිරීමට ඉඩ නොතබන බවත් අවධාරණය කරනවා.
“අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-
අධිකරණය සම්බන්ධයෙන් ඉතා ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙන බව අපට කියන්න සිදුවී තිබෙනවා. ලංකාවේ සමහර වෘත්තීන්හි නියැලී සිටින අයට තමන්ට එල්ල වෙන විවේචනයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. අධිකරණ විනිසුරුවරුන් කියන්නෙත් එවැනි පිරිසක්. ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් තැනක හෝ පුවත්පතක පළ කර තිබෙන දෙයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විවිධ විනිශ්චයකාරවරුන්ට චෝදනා මාලාවක් එල්ල කළා. සමහර විනිසුරුවරුන් නඩු විභාග කළ ආකාරය ගැනත් චෝදනා කළා. විජේදාස රාජපක්ෂ මහතා පාර්ශ්වකරුවෙකු වූ නඩුවකදී අගතියක් වූ බව ප්‍රකාශ කළා. එවැනි ප්‍රකාශයත් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැකිද? සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැක්කේ ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමයි. විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගතියක් ඇති බව හැඟෙන්නේ නම්, ඒ නඩුව විමර්ශනය කිරීමට වෙනත් විනිසුරුවරයෙකු පත්කරන ලෙස ඉල්ලා සිටීමේ හැකියාවක් තිබෙනවා. තමන්ගේ නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මෙලෙස පහර ගැසීමෙන් පසුව ඒ විනිසුරුවරුන්ට වෙනත් නඩුවක් විභාග කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙනවා. මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ පසු වෙනත් විනිසුරුවරයෙක් යටතේ නඩු ඇසුවත් විවෘත මනසකින් බලන්න පුළුවන්ද? ව්‍යවස්ථාදායකයෙන් හෝ විධායකයෙන් තමන්ට පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තිබේදැයි ඉදිරියේදී බැලිය හැකියි.
2024 මැයි 07වැනි දින අධිකරණ සේවා සංගමයේ ලේකම් ධුරය දරන විනිසුරුවරයෙකුගේ අත්සනින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ පැමිණිල්ලේ දක්වා තිබෙන කරුණු කිහිපයක් මම උපුටා දක්වන්නම්.
“අවස්ථානුකූලව අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ විනිශ්චයකාරවරුන් පුද්ගලිකව අපකීර්තියට පත්කිරීමේ උත්සාහය වැළැක්වීම” යන සිරස්තලයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා වෙත කරුණු හෙළි කර තිබෙනවා. එයින් කියැවෙන්නේ සමහර විනිශ්චයකාරවරුන් පුද්ගලිකව අපකීර්තියට පත්කිරීමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කර ඇති බවයි. ඒ ලිපියේ වැඩිදුරටත් “මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව සොරු බිඳීමේ පැරණි සිද්ධියක් සම්බන්ධයෙන් එකී අපරාධය සම්බන්ධයෙන් අධිකරණමය හා පරිපාලනමය පියවර ගනු ලැබූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සම්බන්ධයෙන් නම ඇඳාාගෙන ඔහුට පෞද්ගලිකව අපකීර්තියක් ගෙන දෙන පරිදි අසත්‍ය පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි එකී විනිශ්චයකාරවරයා විසින් අප සංගමයට සනාථ කොට ඇත”යනුවෙන් කියා තිබෙනවා.
අදාළ සොරකම සම්බන්ධයෙන් ඔහු ගත යුතු පියවර සියල්ල නිසි ආකාරයෙන් අනුගමනය කර තිබියෙදී මෙවැනි චෝදනා එල්ල කර තිබෙනවා. ඒ නැවත ඊයේ පාර්ලිමේන්තුවේදිත් මතු කළා. එම ලිපියේ තුන්වැනි ඡේදයේ “අපක්ෂපාත වීම හේතුවෙන් විනිශ්චයකාරවරුන්ට කරනු ලබන කවර මට්ටමේ හෝ බලපෑමක් අධිකරණයේ ස්වාධීනත්වයට කරුනු ලබන බලපෑමක් වී මුළු අධිකරණ පද්ධතියම ක්‍රමිකව දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි” යනුවෙන් සඳහන් කර තිබෙනවා. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට ලැබී තිබෙන විශේෂ වරප්‍රසාදයකට මුවාවී අධිකරණයට ප්‍රහාර එල්ල කිරීමෙන් එම පද්ධතියම අකර්මණ්‍ය වන බවයි අධිකරණ සේවා සංගමයේ ලේකම්තුමාට පෙන්වා දී තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ සිට අද දක්වාම විවිධාකාරයෙන් විධායකය විසින් අධිකරණයට බලපෑම් කළ හැකි දකින්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ගෙවල්වලට ගල් ගැහුවා. මහින්ද රාජපක්ෂගේ කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයාට ප්‍රහාරයක් එල්ල කළා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අද වන තුරුත් සොයා ගත්තේ නැහැ. හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක එම ධුරයෛන් එලවා දැම්මා. මේ ආකාරයෙන් සිදුකරන බලපෑම් දිගටම දකින්නට ලැබනෙවා. ජනාධිපති පාවිච්චි කර තිබෙන වචන හරිම බරපතළයි. “අධිකරණය විසින් සියතින්ම ගෙල සිඳගන්නවා.” වැනි ප්‍රකාශ කරමින් විධායකයේ බලපෑම් සිදුකරනවා. අධිකරණ ඇමති ප්‍රමුඛව පාර්ලිමේන්තුවේ කිහිපදෙනෙකු එක්වී අධිකරණයට ප්‍රහාර එල්ල කිරීමෙන් රටේ සාමාන්‍ය ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? සාමාන්‍ය ජනතාව හිතන්නේ අධිකරණය ඉතා දූෂිත තැනක් කියලයි.
විජේදාස රාජපක්ෂ මහතා මේ ආණ්ඩුවේ විතරක් නොවෙයි, අවුරුදු ගණනාවක්ම අධිකරණ ඇමති වී සිටියා. ඒ වගේම මීට පෙර ආණ්ඩුවලත් ඔහු කැබිනට් මණ්ඩලයේ සිටියා. අධිකරණයේ යම් ආකාරයක ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔහුත් වගකීම බාර ගන්න ඕනෑ. ඒ වගකීම පැත්තක තියලා තමන්ගේ නඩු පරාජය වුණාට පස්සේ මේ පහර දීමෙන් සමස්ත පද්ධතියට කරන්නේ විශාල හානියක්. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විදිහට අපි අවධාරණය කරන්නේ අධිකරණයට ඇඟිලි ගහන්න එන්න එපා කියලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරදී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මේ වැඩේ නොකරන ලෙස අවධාරණය කරනවා. අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි අවධාරණය කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න ලැහැස්ති වුණොත් අපි නීතිඥයෝ හැටියට ඊට විරුද්ධව නැගී සිටිනවා.