(-Colombo, June 06, 2024-) ඊයේ (6) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේදී පැවැති ව්‍යාපාරික හමුව. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ජාතික ජනබලවේගේ ජාතික විධායක සභික වෛද්‍ය රිෂ්වි සාලි, චමින්ද විජේසූරිය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය සහභාගි වූ අතර විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතුවල නිරත […]
(-Colombo, June 06, 2024-)
ඊයේ (6) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේදී පැවැති ව්‍යාපාරික හමුව.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ජාතික ජනබලවේගේ ජාතික විධායක සභික වෛද්‍ය රිෂ්වි සාලි, චමින්ද විජේසූරිය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය සහභාගි වූ අතර විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.
(-Colombo, June 06, 2024-) ඊයේ (06) පස්වරුවේ කොළඹ Cinnamon Lake හෝටලයේදී පැවැති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ (COYLE – Chamber of Young Lankan Entrepreneurs) 2024 ජූනි මහ සභා රැස්වීම සඳහා ඔවුන්ගේ ආරාධනයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීය. එහිදී සහභාගි වී පිරිස සමඟ ඔවුන්ගේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ද ඔවුන්ට […]
(-Colombo, June 06, 2024-)
ඊයේ (06) පස්වරුවේ කොළඹ Cinnamon Lake හෝටලයේදී පැවැති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ (COYLE – Chamber of Young Lankan Entrepreneurs) 2024 ජූනි මහ සභා රැස්වීම සඳහා ඔවුන්ගේ ආරාධනයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීය.
එහිදී සහභාගි වී පිරිස සමඟ ඔවුන්ගේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ද ඔවුන්ට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනුර දිසානායක සහෝදරයාට අවස්ථාව උදාවිය.
(-Colombo, June 05, 2024-) මේ දිනවල ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වීමෙන් අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් සිදුකරන සහන කටයුතු මේ දිනවල දිවයිනේ ආපදාවට ලක්වූ ප්‍රෙද්ශවල සිදුවේ. කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රෙද්ශවල මෙම සහන කටයුතු සිදුවෙමින් තිබේ.
(-Colombo, June 05, 2024-)
මේ දිනවල ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වීමෙන් අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් සිදුකරන සහන කටයුතු මේ දිනවල දිවයිනේ ආපදාවට ලක්වූ ප්‍රෙද්ශවල සිදුවේ. කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රෙද්ශවල මෙම සහන කටයුතු සිදුවෙමින් තිබේ.
(-Colombo, June 04, 2024-) විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩවර්ජනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. රජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් 13,000ක් පමණ මැයි 2දා සිට මාසයකට ආසන්න කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ආරවුල් මෙන්ම ඒවාට අදාළ ගැටලු, බදු […]
(-Colombo, June 04, 2024-)
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩවර්ජනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
රජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් 13,000ක් පමණ මැයි 2දා සිට මාසයකට ආසන්න කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ආරවුල් මෙන්ම ඒවාට අදාළ ගැටලු, බදු ප්‍රතිපත්ති හේතුවෙන් මතුවන ගැටලු ආදිය මෙම වර්ජනයට හේතු වී තිබේ.
ඒ නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කටයුතු, විභාග කටයුතු, උපාධි ප්‍රදානෝත්සව ඇතුළු සියලුම කාර්යයන් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. මේ වර්ජන තත්ත්වය හදිසියේ ඇති වූවක් නොවේ. මාස 06කට අධික කාලයක් වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් නොවිසඳී ඇති තත්ත්වය හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව එම ක්‍රියාකාරී කණ්ඩායමේ සියලුම වෘත්තීය සමිති නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති පිරිසක් ඇමැතිවරුන් හා කළමනාකාරිත්වය සමඟ ලිපි හුවමාරු කිරීම වැනි සාකච්ඡාවල නිරතව සිටියහ.
කෙසේ වෙතත් අවසානයේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩලයට බලහත්කාරයෙන් වර්ජනයක් කරන තුරුම මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව පැහැදිලිය.
විශ්වවිද්‍යාලයක මූලික අරමුණ ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමේ අධ්‍යාපනික ක්‍රියාකාරකමක් වුවද ඒ හා සම්බන්ධ යටිතල පහසුකම් හා පහසුකම් හා සේවා සැපයීමේ වගකීම පැවරෙන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටය.
විශ්වවිද්‍යාල පද්ධතිය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් මේ සියලු දෙනාගේම සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එබැවින් සිසුන්ගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව ගුණාත්මකව පවත්වාගෙන යාමට නම් අනධ්‍යන කාර්යය මණ්ඩලයේ ගැටලු කඩිනමින් විසඳිය යුතු බවට සැකයක් නැත. විශේෂයෙන්ම මෙවැනි ආර්ථික දුෂ්කරතා පවතින සමයක සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු ප්‍රමාද වීම අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ ඔවුන්ගේ ජීවිතවලට බලපාන අතර මවුපියන් මත පැටවෙන බර වැඩි කරයි.
මෙම තත්ත්වය යටතේ මතුවන පහත ගැටලු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා මෙම සභාවේදී ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරමි.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.04-) අපි ඔබ හමුවෙන මොහොතේ ලංකාවේ විශාල ජනතාවක් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත්වී සිටිනවා. 84,750ක් පීඩාවට පත්වී 17දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. ඒ සියලු ආකාරයෙන් විපතට පත් ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර, මේ ජනතාවට සහන සැලසීම සඳහා ඉක්මනින් මැදිහත් වෙන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. රතු […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.04-)
අපි ඔබ හමුවෙන මොහොතේ ලංකාවේ විශාල ජනතාවක් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත්වී සිටිනවා. 84,750ක් පීඩාවට පත්වී 17දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. ඒ සියලු ආකාරයෙන් විපතට පත් ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර, මේ ජනතාවට සහන සැලසීම සඳහා ඉක්මනින් මැදිහත් වෙන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. රතු තරුව සහන සේවා බලකාය එක මිටට එකතු වී හැකි උපරිම උදවු උපකාර ලබාදෙමින් සිටිනවා. ඒ අතර ජනාධිපතිවරයා නව පාලම් 250ක් ඉදිකරන්න ලහි ලහියේ සූදානම් වෙනවා. ඔවුන්ගේ ව්‍යාපෘති තුළ ජන ජීවිත සමග එකට බද්ධ වුණු සංවර්ධනයක් ගැන අදහසක් නැහැ. ඒ වගේම පරිසරයට අවම හානි සිදුවන ලෙස ක්‍රියාකිරීමේ සැලසුම් ඔවුන්ට නැහැ. ඔහු කියන පාලම් 250 ඉදිකිරීමේදී ජන ජීවිතයට සහ පරිසරයට හානි නොකරන ලෙස සිදුකළ යුතු බව අවධාරණය කරනවා. කොළඹ පවා ප්‍රදේශ ගණනාවක් ගංවතුරෙන් යටවී තිබෙන්නේ, ජන ජීවිත ගැන නොසලකා සහ සොබාදහමට හානි කරමින් ගෙනයන ව්‍යාපෘති නිසයි. අවුරුදු 30-40ක් ජීවත් වුණු නිවාස රැයක් එළිවෙන විට ගංවතුරෙන් යටවී, පවුල් පිටින් මියයාමේ ඛේදවාචකය නිර්මාණය වී තිබෙන්නේ නිසි පරිදි පරිසර ශක්‍යතා අධ්‍යයන සිදු නොකළ නිසයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ඇතුළු පනත් කිහිපයක් පිළිබඳව අපගේ මූලික කරුණු දැක්වීම් කිහිපයක් සිදුකරනවා. පෞද්ගලිකව ඉදිරිපත් කළ පනත් සහ ආණ්ඩුව ඉදිරිපත් කළ පනත් මේ අතර පවතිනවා. ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවීම, කාන්තා අයිතිවාසිකම් සහ තීරණ ගන්නා ප්‍රධාන මණ්ඩලවල අවම වශයෙන් කාන්තා නියෝජනය 30%ක් වත් සිටිය යුතුයි කියන යෝජනා ඉතාමත් හොඳ ඒවා. ඒ වගේම මේ පනත් නීතියකට එහා ගොස් ක්‍රියාත්මක තලයේදී නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ‘ගැහැනු අපි එක මිටට’ කියන සංකල්පය යටතේ ජාතික ජන බලවේගය ක්‍රියාත්මක තලයේදී කාන්තාවන්ගේ පෞරුෂය, දේශපාලනය සහ නායකත්වය ගොඩනඟමින් ඉදිරියට යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් පනත්වලින් නීති බවට පත්කිරීමේන් මේ තත්වය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සියලු නීති රීති සාර්ථක කර ගත හැක්කේ ගැහැනියට නිදහසේ තමන්ගේ සංස්කෘතික ජීවිතය ගතකර ගත හැකි රටක් ගොඩනැගීමෙන් පමණයි. ඒ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් හැටියට අපට තිබෙනවා. ඒ වගේම විවිධ ක්‍රමයොදා මැතිවරණ කල්දැමීමට උත්සාහ කළහොත් ගැහැනුගේ ශක්තිය පෙන්වන්නට සිදුවෙන බවත් අභියෝගාත්මකව ප්‍රකාශ කරනවා.
“කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිසර විශ්වවිද්‍යාලයක් ගැන කතා කළත්, මේ වන විට කවරුත් පීඩාවට පත්වී සිටින්නේ ඔහු ප්‍රමුඛ පිරිස පරිසරය නොසලකා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නිසයි. දේශපාලන බලය පාවිච්චි කරමින් ඔහුගේ ආණ්ඩුව සහ ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් සිදුකරන පරිසර හානි වහාම නැවැත්විය යුතු බවත් අවධාරණය කරනවා.
අපි මූලිකව කරුණු දක්වන්නේ අද (04) ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන කාන්තාව සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙනුයි. කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිසමක් පත් කිරීමට ඒ පනත තුළින් යෝජනා කරනවා. මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීතුමිය පුද්ගලික මන්ත්‍රී පනත් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය සහ පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන සංශෝධන අප අතට පත්වුණේ තුන්වැනිදා. ආණ්ඩුවේ ඒ පනතින් යෝජනා කර තිබෙන කාන්තා කොමිසමට අමතරව වින්දිත කාන්තාවන් හට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්න යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැහැ. අදාළ ඔම්බුඩ්ස්මන් වගකියන්නේ කාහටද යන්න පැහැදිලි මදි. ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිළිබඳව පැහැදිලි මදි. ඊට අදාළ සංශෝධන අපි යෝජනා කර තිබුණත් අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුකරන්න කාලය ප්‍රමාණවත් නැහැ.
මෙවැනි පනත් ප්‍රයෝජනවත් ආකාරයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම්, නිශ්චිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමේ පසුබිම විහිළු සහගත තත්වයකුත් පවතිනවා. මෙවැනි පනත් කිහිපයක් ගෙනැවිත් තිබෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපා හැරි ආණ්ඩුවක්. අදාළ පනත් ක්‍රියාත්මක කිරීමට මානව සම්පත් සහ වෙනත් යටිතල පහසුකම් සපයා ගැනීමට ප්‍රතිපාදන සපයා ගන්නේ කොහොමද? කොමිසම ක්‍රියාත්මක කරන්න මුදල් සපයා ගන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ යටතේ පනත් කෙටුම්පත් ඔහේ ගෙනැවිත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් ප්‍රමාණවත් තරම් කාලයක් ලබාදෙන්නේ නැහැ. පනත් සහ කඩදාසිවලට සීමාවුණු ප්‍රතිපත්තිවලින් මේ රටේ ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ. මහපොළොවේ ක්‍රියාත්මක වෙන්න නම්, ආණ්ඩුව මීට වඩා යථාර්ථවාදීව ක්‍රියා කළ යුතු බව අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි, අවුරුදු ගණනාවක් පුරා බිම්මට්ටමේ සිට කාන්තාවන් සවිබල ගන්වමින් නායකත්වය ගොඩනඟන්න විශාල වැඩසටහන් කරගෙන යනවා. පක්ෂය තුළ එය ප්‍රතිපත්තිමය ලෙස බාරගෙන තිබෙන නිසා, යථාර්ථයක් කළ හැකිව තිබෙනවා. පනත්වලින් විතරක් නොවෙයි මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැරෑරුම් ලෙස බාරගන්නා ලෙස සියලුම පක්ෂවලින් අපි ඉල්ලා සිටිනවා. ගැහැනුන්ව පිළිගන්නා, ගෞරව කරන සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බව අපි අවධාරණය කරනවා.
“අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම වෙනස් කළත් ආබාධ සහිත අයගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න-
ඉදිරිපත් කරන මේ පනත් මූලධාර්මිකව අවශ්‍ය බව අපි අවධාරණය කරනවා. නමුත් මේ පනත් නිර්මාණය වී තිබෙන්නේ නිසි සංවාදයකින් සහ ක්ෂේත්‍රයේ අවබෝධයක් තිබෙන අයගේ අදහස් යෝජනා ලබාගෙන නොවෙන බව පේනවා. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් රජයට ඉදිරිපත් කර තිබුණු නිර්දේශයක් අනුව සියලු පනත් එකතු කර ශක්තිමත් ලෙස සිදුකළ යුතු බව පෙන්වා දී තිබුණා. නමුත් ආණ්ඩුව එය සැලකිල්ලට ගෙන නැහැ. ජාතික ජන බලවේගය ලෙස අපි වසර ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කරමින් විවිධ පාර්ශ්වවල අදහස් ලබාගෙන ශක්තිමත්, පිරිපුන් නීතියක් ගෙනඒම සඳහා කටයුතු කරමින් ඉන්නවා. නීති ගෙනඒමේදී නිසි උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට එකතු කිරීම් කළ යුතු බව පෙන්වා දුන්නා. මේ ගෙනැවිත් තිබෙන පනත්වල අරමුණ හොඳ වෙන්න පුළුවන්. නමුත් ලංකාව මේ වන විටත් කාන්තාවන්ට එරෙහිව සියලු වෙනස්කම් පිටුදැකිීමේ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර තිබෙනවා. නමුත් ඒ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අදාළව නීති රීති සම්මත කරගෙන නැහැ. උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16වැනි ව්‍යවස්ථාව අනුව කාන්තාවන්ට අසාධාරණ ලෙස සලකන පෞද්ගලික නීති අභිබවා යාමේ හැකියාවක් ලැබී නැහැ.
ගෙන එන පනත් ක්‍රියාත්මක වෙන්න නම්, රටේ මූලික නීතියට අනුකූල වෙන්න ඕනෑ. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12වැනි වගන්තියෙන් තහවුරු කර තිබෙන සමානාත්මතාවය පිළිබඳ නීති ක්‍රියාත්මක වීම දුර්වලයි. අසමානතාවය දුරු කිරීමේ වගන්ති අලුතින් ඇතුළත් කර නැහැ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු වෙනත් අනන්‍යතා සහිත පිරිසගේ අයිතීන් ආරක්ෂා කිරීම ප්‍රායෝගිකව මේ වැනි පනත්වලින් කළ නොහැකියි. ආබාධ සහිත වූවන් වෙත හැඳුනුම්පතක් ලබාදීම, ප්‍රවේශයන් ලබාදීම, වැනි ඉල්ලීම් වසර ගණනාවක් පුරා සිදුකරමින් තිබෙනවා. නමුත් ඒ ඉල්ලීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන පසුබිමක් සකස් කර නැහැ. අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම් වෙනස් කළත් ආබාධ සහිත වුවන්ගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර තිබෙන 22වැනි සංශෝධනය මගින් කර තිබෙන යෝජනා සහ මැතිවරණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්වයත් මම පැහැදිලි කළ මේ පසුබිමට වඩා වෙනස් නැහැ. ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනා වෙත අපි ඉතා අගය කරනවා. මැතිවරණ කාලයක් පැමිණීමට නියමිත නිසා, මේ පනත් කෙටුම්පත් දෙක ඉක්මනින් සම්මත කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයට මේ පනත් දෙක සම්බන්ධයෙන් බය නැතිව අත ඉස්සිය හැකියි.
අපි මුලසිටම යෝජනා කර තිබෙන්නේ සමස්ත පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් 50%ක් වත් කාන්තාවන්ට ලැබෙන ලෙස ක්‍රමිකව වැඩිකළ යුතු බවයි. අපි යන ඒ ඉලක්කය සම්බන්ධයෙන් මේ පනත් දෙක මගින් දේශපාලනය සම්බන්ධව සවිඥානික කාන්තාවන්ට විශාල පිටුබලයක් දෙනවා. නමුත් මේ පනත් අභියෝගයක් වන්නේ කාන්තාවන් හිටියත් ඔවුන්ගේ මතය නොඉවසන දේශපාලන පක්ෂවලටයි. ලංකාවේ නීති සම්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ අවස්ථානුකූලවයි. නමුත් ඊට වඩා විධිමත් සමස්තය ආවරණය කෙරෙන නීති සම්පාදනය කිරීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් අවශ්‍යයි. පනත් ගණනාවක් ගෙනත් සම්මත කර ගන්නා බව පෙන්නුවත් සමාජ සුරක්ෂතතාවය තහවුරු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට වැටුප් නොලබන සුරැකුම් කටයුතුවල යෙදී සිටින කාන්තාවන් සම්බන්ධයෙන් අගය කිරීමක් සිදුවන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හෝ එවැනි සංවිධානවලට පෙන්වීමේ අරමුණෙන් පමණක් මෙවැනි පනත් සම්මත කර ගැනීමෙන් වළකින ලෙස, හුදු ලියැවිලි ලෙස සම්මත නොකළ යුතු බව අපි අවධාරණය කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් …
ප්‍රශ්නය: විවාදයට දින දෙකයි තිබෙන්නේ. ඊට තිබෙන සූදානම කොහොමද?
පිළිතුර: අපි නම් සූදානම්. නමුත් අපට හරි ප්‍රතිචාරයක් ලැබී නැහැ. අපේ පැත්තෙන් අපි සූදානම්.
ප්‍රශ්නය: ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමට පාලිත රංගේ බණ්ඩාර කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ඔබේ පක්ෂය ප්‍රතිචාර දක්වා නැති බවට චෝදනාවක් තිබෙනවා.
පිළිතුර: ඒ කියන අය එහෙම නම් නිදාගෙන ඉන්න ඇති. අපිට ලැබුණු සෑම අවස්ථාවකම මේ සම්බන්ධයෙන් අපේ මතය ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. රංගෙ බණ්ඩාරගේ නියෝජනය කරන පක්ෂයේ ජනාධිපති මේ යෝජනාව සම්බන්ධයෙන් දරන අදහස් මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. ඔහුගේ මහා ලේකම් කරන මේ යෝජනාවෙන් ඔහුට ගැලවෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කරන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මේ රටට උත්තර දෙන්න ඕනෑ.
ප්‍රශ්නය: ආර්ථිකය සවිබල ගැන්වීම ඇතුළු පනත් ගණනාවක් ආණ්ඩුව විසින් ගෙනැවිත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඕබේ ස්ථාවරය මොකක්ද?
පිළිතුර: ජනාධිපතිවරයා ප්‍රශ්න විසඳන එකම ක්‍රමය පනත් ගෙන ඒම සහ කොමිෂන් සභා පත්කිරීමයි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හෝ සහභාගිත්වය තිබූ සියලු ආණ්ඩුවලදී විශාල කලබලයක් කරගෙන. විශාල මැදිහත්වීමක් කරමින් පනත් ගෙනාවා. 2015 යහපාලන ආණ්ඩුවේදී අලුත් ව්‍යවස්ථාවක් ගේන බවට අවුරුද්දකටත් වැඩි කාලයක් පමණ කතා කළා. අන්තිමට සිදුවුණේ මොකක්ද? ඔය ආකාරයෙන් පනත් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වමින් සම්මත කර ගත්තත් ඒ පනත්වල අරමුණු සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකාරිත්වය පරස්පරයි. උදාහරණයක් හැටියට කාන්තාවන් සම්බන්ධයෙන් ගෙනත් තිබෙන මේ පනත්වලට මූලධාර්මිකව අපි එකඟයි. නමුත් ඒ පනත් ක්‍රියාත්මක කිරීමට අදාල ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය, දේශපාලන ක්‍රියාවලිය, ඔවුන් ක්‍රියාත්මක කරන දේශපාලන සංස්කෘතිය ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඔවුන්ගේ කම්කරු නීති, ඔවුන්ගේ බදු ප්‍රතිපත්ති, ආදී සියල්ල තුළින්ම කාන්තවන් සවිබල ගැන්වීමෙහ් පනත්වල තිබෙන අරමුණුවලට අතිශයින් බාධාකාරියි; පරස්පරයි. මේ පනත් ක්‍රියාත්මක කිරීමේදී අපේ රටේ ගැහැනුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන බවට අපට කිසිම විශ්වාසයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ පනත් ගෙන ඒමෙන් අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ කරුණු දැක්වීම පමණයි. ඔන්ලයින් පනත සම්මත කර ගත්තත් එහි ඇතුලේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීමයි. කාන්තාවන් සවිබල ගන්වන පනත ගෙන ආ බව කීවත් එය ක්‍රියාත්මක කළ යුතු ආර්ථික පසුබිමක් සමග පරස්පරයි. නමුත් ඔවුන් මේ පනත් සම්මත කර ගෙන මැතිවරණ ජයග්‍රහණ කරන්න සිතුවත් එය තවදුරටත් කළ නොහැකියි. ජාත්‍යන්තරය රැවැට්ටිය හැකි යැයි අපි හිතන්නේ නැහැ.
(-Colombo, June 03, 2024-) ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (03) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය පෙත්සම්කරුවන් වන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් […]
(-Colombo, June 03, 2024-)
ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (03) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය පෙත්සම්කරුවන් වන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු නීතිඥයින් සම්බන්ධ විය.