Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ මහ සභා රැස්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා

(-Colombo, June 06, 2024-) ඊයේ (06) පස්වරුවේ කොළඹ Cinnamon Lake හෝටලයේදී පැවැති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ (COYLE – Chamber of Young Lankan Entrepreneurs) 2024 ජූනි මහ සභා රැස්වීම සඳහා ඔවුන්ගේ ආරාධනයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීය. එහිදී සහභාගි වී පිරිස සමඟ ඔවුන්ගේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ද ඔවුන්ට […]

(-Colombo, June 06, 2024-)

ඊයේ (06) පස්වරුවේ කොළඹ Cinnamon Lake හෝටලයේදී පැවැති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ (COYLE – Chamber of Young Lankan Entrepreneurs) 2024 ජූනි මහ සභා රැස්වීම සඳහා ඔවුන්ගේ ආරාධනයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීය.

එහිදී සහභාගි වී පිරිස සමඟ ඔවුන්ගේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ද ඔවුන්ට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනුර දිසානායක සහෝදරයාට අවස්ථාව උදාවිය.

Show More

ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන

(-Colombo, June 05, 2024-) මේ දිනවල ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වීමෙන් අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් සිදුකරන සහන කටයුතු මේ දිනවල දිවයිනේ ආපදාවට ලක්වූ ප්‍රෙද්ශවල සිදුවේ. කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රෙද්ශවල මෙම සහන කටයුතු සිදුවෙමින් තිබේ.

(-Colombo, June 05, 2024-)

මේ දිනවල ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වීමෙන් අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් සිදුකරන සහන කටයුතු මේ දිනවල දිවයිනේ ආපදාවට ලක්වූ ප්‍රෙද්ශවල සිදුවේ. කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රෙද්ශවල මෙම සහන කටයුතු සිදුවෙමින් තිබේ.

Show More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ අසන ලද ප්‍රශ්නය

(-Colombo, June 04, 2024-) විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩවර්ජනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. රජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් 13,000ක් පමණ මැයි 2දා සිට මාසයකට ආසන්න කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ආරවුල් මෙන්ම ඒවාට අදාළ ගැටලු, බදු […]

(-Colombo, June 04, 2024-)

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩවර්ජනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

රජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් 13,000ක් පමණ මැයි 2දා සිට මාසයකට ආසන්න කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ආරවුල් මෙන්ම ඒවාට අදාළ ගැටලු, බදු ප්‍රතිපත්ති හේතුවෙන් මතුවන ගැටලු ආදිය මෙම වර්ජනයට හේතු වී තිබේ.

ඒ නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කටයුතු, විභාග කටයුතු, උපාධි ප්‍රදානෝත්සව ඇතුළු සියලුම කාර්යයන් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. මේ වර්ජන තත්ත්වය හදිසියේ ඇති වූවක් නොවේ. මාස 06කට අධික කාලයක් වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් නොවිසඳී ඇති තත්ත්වය හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව එම ක්‍රියාකාරී කණ්ඩායමේ සියලුම වෘත්තීය සමිති නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති පිරිසක් ඇමැතිවරුන් හා කළමනාකාරිත්වය සමඟ ලිපි හුවමාරු කිරීම වැනි සාකච්ඡාවල නිරතව සිටියහ.

කෙසේ වෙතත් අවසානයේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩලයට බලහත්කාරයෙන් වර්ජනයක් කරන තුරුම මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව පැහැදිලිය.

විශ්වවිද්‍යාලයක මූලික අරමුණ ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමේ අධ්‍යාපනික ක්‍රියාකාරකමක් වුවද ඒ හා සම්බන්ධ යටිතල පහසුකම් හා පහසුකම් හා සේවා සැපයීමේ වගකීම පැවරෙන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටය.

විශ්වවිද්‍යාල පද්ධතිය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් මේ සියලු දෙනාගේම සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එබැවින් සිසුන්ගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව ගුණාත්මකව පවත්වාගෙන යාමට නම් අනධ්‍යන කාර්යය මණ්ඩලයේ ගැටලු කඩිනමින් විසඳිය යුතු බවට සැකයක් නැත. විශේෂයෙන්ම මෙවැනි ආර්ථික දුෂ්කරතා පවතින සමයක සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු ප්‍රමාද වීම අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ ඔවුන්ගේ ජීවිතවලට බලපාන අතර මවුපියන් මත පැටවෙන බර වැඩි කරයි.

මෙම තත්ත්වය යටතේ මතුවන පහත ගැටලු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා මෙම සභාවේදී ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරමි.

  1. වර්ජන ක්‍රියාමාර්ගයට පෙර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගැටලු විසඳීමට පියවර ගත්තේද? පියවර ගන්නේ නම්; ඒවා විසඳුම් නොවන්නේ ඇයි?
  2. මාසයක කාලයක් පැවති වර්ජනය සමස්ත විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතයට එල්ල කළ බලපෑම පිළිබඳව රජයට අවබෝධයක් තිබේද?
  3. පිළිගත හැකි විසඳුම් ලබා දී දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය අවසන් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබේද? ඒ සඳහා ඇති කාල රාමුව කුමක්ද?
Show More

“රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් ලෙස අපට තිබෙනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.04-) අපි ඔබ හමුවෙන මොහොතේ ලංකාවේ විශාල ජනතාවක් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත්වී සිටිනවා. 84,750ක් පීඩාවට පත්වී 17දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. ඒ සියලු ආකාරයෙන් විපතට පත් ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර, මේ ජනතාවට සහන සැලසීම සඳහා ඉක්මනින් මැදිහත් වෙන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. රතු […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.06.04-)

අපි ඔබ හමුවෙන මොහොතේ ලංකාවේ විශාල ජනතාවක් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත්වී සිටිනවා. 84,750ක් පීඩාවට පත්වී 17දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. ඒ සියලු ආකාරයෙන් විපතට පත් ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර, මේ ජනතාවට සහන සැලසීම සඳහා ඉක්මනින් මැදිහත් වෙන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. රතු තරුව සහන සේවා බලකාය එක මිටට එකතු වී හැකි උපරිම උදවු උපකාර ලබාදෙමින් සිටිනවා. ඒ අතර ජනාධිපතිවරයා නව පාලම් 250ක් ඉදිකරන්න ලහි ලහියේ සූදානම් වෙනවා. ඔවුන්ගේ ව්‍යාපෘති තුළ ජන ජීවිත සමග එකට බද්ධ වුණු සංවර්ධනයක් ගැන අදහසක් නැහැ. ඒ වගේම පරිසරයට අවම හානි සිදුවන ලෙස ක්‍රියාකිරීමේ සැලසුම් ඔවුන්ට නැහැ. ඔහු කියන පාලම් 250 ඉදිකිරීමේදී ජන ජීවිතයට සහ පරිසරයට හානි නොකරන ලෙස සිදුකළ යුතු බව අවධාරණය කරනවා. කොළඹ පවා ප්‍රදේශ ගණනාවක් ගංවතුරෙන් යටවී තිබෙන්නේ, ජන ජීවිත ගැන නොසලකා සහ සොබාදහමට හානි කරමින් ගෙනයන ව්‍යාපෘති නිසයි. අවුරුදු 30-40ක් ජීවත් වුණු නිවාස රැයක් එළිවෙන විට ගංවතුරෙන් යටවී, පවුල් පිටින් මියයාමේ ඛේදවාචකය නිර්මාණය වී තිබෙන්නේ නිසි පරිදි පරිසර ශක්‍යතා අධ්‍යයන සිදු නොකළ නිසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ඇතුළු පනත් කිහිපයක් පිළිබඳව අපගේ මූලික කරුණු දැක්වීම් කිහිපයක් සිදුකරනවා. පෞද්ගලිකව ඉදිරිපත් කළ පනත් සහ ආණ්ඩුව ඉදිරිපත් කළ පනත් මේ අතර පවතිනවා. ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවීම, කාන්තා අයිතිවාසිකම් සහ තීරණ ගන්නා ප්‍රධාන මණ්ඩලවල අවම වශයෙන් කාන්තා නියෝජනය 30%ක් වත් සිටිය යුතුයි කියන යෝජනා ඉතාමත් හොඳ ඒවා. ඒ වගේම මේ පනත් නීතියකට එහා ගොස් ක්‍රියාත්මක තලයේදී නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ‘ගැහැනු අපි එක මිටට’ කියන සංකල්පය යටතේ ජාතික ජන බලවේගය ක්‍රියාත්මක තලයේදී කාන්තාවන්ගේ පෞරුෂය, දේශපාලනය සහ නායකත්වය ගොඩනඟමින් ඉදිරියට යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් පනත්වලින් නීති බවට පත්කිරීමේන් මේ තත්වය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සියලු නීති රීති සාර්ථක කර ගත හැක්කේ ගැහැනියට නිදහසේ තමන්ගේ සංස්කෘතික ජීවිතය ගතකර ගත හැකි රටක් ගොඩනැගීමෙන් පමණයි. ඒ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් හැටියට අපට තිබෙනවා. ඒ වගේම විවිධ ක්‍රමයොදා මැතිවරණ කල්දැමීමට උත්සාහ කළහොත් ගැහැනුගේ ශක්තිය පෙන්වන්නට සිදුවෙන බවත් අභියෝගාත්මකව ප්‍රකාශ කරනවා.

“කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිසර විශ්වවිද්‍යාලයක් ගැන කතා කළත්, මේ වන විට කවරුත් පීඩාවට පත්වී සිටින්නේ ඔහු ප්‍රමුඛ පිරිස පරිසරය නොසලකා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නිසයි. දේශපාලන බලය පාවිච්චි කරමින් ඔහුගේ ආණ්ඩුව සහ ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් සිදුකරන පරිසර හානි වහාම නැවැත්විය යුතු බවත් අවධාරණය කරනවා.

අපි මූලිකව කරුණු දක්වන්නේ අද (04) ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන කාන්තාව සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙනුයි. කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිසමක් පත් කිරීමට ඒ පනත තුළින් යෝජනා කරනවා. මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීතුමිය පුද්ගලික මන්ත්‍රී පනත් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය සහ පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන සංශෝධන අප අතට පත්වුණේ තුන්වැනිදා. ආණ්ඩුවේ ඒ පනතින් යෝජනා කර තිබෙන කාන්තා කොමිසමට අමතරව වින්දිත කාන්තාවන් හට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්න යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැහැ. අදාළ ඔම්බුඩ්ස්මන් වගකියන්නේ කාහටද යන්න පැහැදිලි මදි. ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිළිබඳව පැහැදිලි මදි. ඊට අදාළ සංශෝධන අපි යෝජනා කර තිබුණත් අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුකරන්න කාලය ප්‍රමාණවත් නැහැ.

මෙවැනි පනත් ප්‍රයෝජනවත් ආකාරයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම්, නිශ්චිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමේ පසුබිම විහිළු සහගත තත්වයකුත් පවතිනවා. මෙවැනි පනත් කිහිපයක් ගෙනැවිත් තිබෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපා හැරි ආණ්ඩුවක්. අදාළ පනත් ක්‍රියාත්මක කිරීමට මානව සම්පත් සහ වෙනත් යටිතල පහසුකම් සපයා ගැනීමට ප්‍රතිපාදන සපයා ගන්නේ කොහොමද? කොමිසම ක්‍රියාත්මක කරන්න මුදල් සපයා ගන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ යටතේ පනත් කෙටුම්පත් ඔහේ ගෙනැවිත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් ප්‍රමාණවත් තරම් කාලයක් ලබාදෙන්නේ නැහැ. පනත් සහ කඩදාසිවලට සීමාවුණු ප්‍රතිපත්තිවලින් මේ රටේ ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ. මහපොළොවේ ක්‍රියාත්මක වෙන්න නම්, ආණ්ඩුව මීට වඩා යථාර්ථවාදීව ක්‍රියා කළ යුතු බව අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි, අවුරුදු ගණනාවක් පුරා බිම්මට්ටමේ සිට කාන්තාවන් සවිබල ගන්වමින් නායකත්වය ගොඩනඟන්න විශාල වැඩසටහන් කරගෙන යනවා. පක්ෂය තුළ එය ප්‍රතිපත්තිමය ලෙස බාරගෙන තිබෙන නිසා, යථාර්ථයක් කළ හැකිව තිබෙනවා. පනත්වලින් විතරක් නොවෙයි මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැරෑරුම් ලෙස බාරගන්නා ලෙස සියලුම පක්ෂවලින් අපි ඉල්ලා සිටිනවා. ගැහැනුන්ව පිළිගන්නා, ගෞරව කරන සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බව අපි අවධාරණය කරනවා.

“අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම වෙනස් කළත් ආබාධ සහිත අයගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න-

ඉදිරිපත් කරන මේ පනත් මූලධාර්මිකව අවශ්‍ය බව අපි අවධාරණය කරනවා. නමුත් මේ පනත් නිර්මාණය වී තිබෙන්නේ නිසි සංවාදයකින් සහ ක්ෂේත්‍රයේ අවබෝධයක් තිබෙන අයගේ අදහස් යෝජනා ලබාගෙන නොවෙන බව පේනවා. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් රජයට ඉදිරිපත් කර තිබුණු නිර්දේශයක් අනුව සියලු පනත් එකතු කර ශක්තිමත් ලෙස සිදුකළ යුතු බව පෙන්වා දී තිබුණා. නමුත් ආණ්ඩුව එය සැලකිල්ලට ගෙන නැහැ. ජාතික ජන බලවේගය ලෙස අපි වසර ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කරමින් විවිධ පාර්ශ්වවල අදහස් ලබාගෙන ශක්තිමත්, පිරිපුන් නීතියක් ගෙනඒම සඳහා කටයුතු කරමින් ඉන්නවා. නීති ගෙනඒමේදී නිසි උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට එකතු කිරීම් කළ යුතු බව පෙන්වා දුන්නා. මේ ගෙනැවිත් තිබෙන පනත්වල අරමුණ හොඳ වෙන්න පුළුවන්. නමුත් ලංකාව මේ වන විටත් කාන්තාවන්ට එරෙහිව සියලු වෙනස්කම් පිටුදැකිීමේ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර තිබෙනවා. නමුත් ඒ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අදාළව නීති රීති සම්මත කරගෙන නැහැ. උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16වැනි ව්‍යවස්ථාව අනුව කාන්තාවන්ට අසාධාරණ ලෙස සලකන පෞද්ගලික නීති අභිබවා යාමේ හැකියාවක් ලැබී නැහැ.

ගෙන එන පනත් ක්‍රියාත්මක වෙන්න නම්, රටේ මූලික නීතියට අනුකූල වෙන්න ඕනෑ. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12වැනි වගන්තියෙන් තහවුරු කර තිබෙන සමානාත්මතාවය පිළිබඳ නීති ක්‍රියාත්මක වීම දුර්වලයි. අසමානතාවය දුරු කිරීමේ වගන්ති අලුතින් ඇතුළත් කර නැහැ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු වෙනත් අනන්‍යතා සහිත පිරිසගේ අයිතීන් ආරක්ෂා කිරීම ප්‍රායෝගිකව මේ වැනි පනත්වලින් කළ නොහැකියි. ආබාධ සහිත වූවන් වෙත හැඳුනුම්පතක් ලබාදීම, ප්‍රවේශයන් ලබාදීම, වැනි ඉල්ලීම් වසර ගණනාවක් පුරා සිදුකරමින් තිබෙනවා. නමුත් ඒ ඉල්ලීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන පසුබිමක් සකස් කර නැහැ. අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම් වෙනස් කළත් ආබාධ සහිත වුවන්ගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර තිබෙන 22වැනි සංශෝධනය මගින් කර තිබෙන යෝජනා සහ මැතිවරණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්වයත් මම පැහැදිලි කළ මේ පසුබිමට වඩා වෙනස් නැහැ. ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනා වෙත අපි ඉතා අගය කරනවා. මැතිවරණ කාලයක් පැමිණීමට නියමිත නිසා, මේ පනත් කෙටුම්පත් දෙක ඉක්මනින් සම්මත කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයට මේ පනත් දෙක සම්බන්ධයෙන් බය නැතිව අත ඉස්සිය හැකියි.

අපි මුලසිටම යෝජනා කර තිබෙන්නේ සමස්ත පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් 50%ක් වත් කාන්තාවන්ට ලැබෙන ලෙස ක්‍රමිකව වැඩිකළ යුතු බවයි. අපි යන ඒ ඉලක්කය සම්බන්ධයෙන් මේ පනත් දෙක මගින් දේශපාලනය සම්බන්ධව සවිඥානික කාන්තාවන්ට විශාල පිටුබලයක් දෙනවා. නමුත් මේ පනත් අභියෝගයක් වන්නේ කාන්තාවන් හිටියත් ඔවුන්ගේ මතය නොඉවසන දේශපාලන පක්ෂවලටයි. ලංකාවේ නීති සම්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ අවස්ථානුකූලවයි. නමුත් ඊට වඩා විධිමත් සමස්තය ආවරණය කෙරෙන නීති සම්පාදනය කිරීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් අවශ්‍යයි. පනත් ගණනාවක් ගෙනත් සම්මත කර ගන්නා බව පෙන්නුවත් සමාජ සුරක්ෂතතාවය තහවුරු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට වැටුප් නොලබන සුරැකුම් කටයුතුවල යෙදී සිටින කාන්තාවන් සම්බන්ධයෙන් අගය කිරීමක් සිදුවන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හෝ එවැනි සංවිධානවලට පෙන්වීමේ අරමුණෙන් පමණක් මෙවැනි පනත් සම්මත කර ගැනීමෙන් වළකින ලෙස, හුදු ලියැවිලි ලෙස සම්මත නොකළ යුතු බව අපි අවධාරණය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් …

ප්‍රශ්නය: විවාදයට දින දෙකයි තිබෙන්නේ. ඊට තිබෙන සූදානම කොහොමද?

පිළිතුර: අපි නම් සූදානම්. නමුත් අපට හරි ප්‍රතිචාරයක් ලැබී නැහැ. අපේ පැත්තෙන් අපි සූදානම්.

ප්‍රශ්නය: ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමට පාලිත රංගේ බණ්ඩාර කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ඔබේ පක්ෂය ප්‍රතිචාර දක්වා නැති බවට චෝදනාවක් තිබෙනවා.

පිළිතුර: ඒ කියන අය එහෙම නම් නිදාගෙන ඉන්න ඇති. අපිට ලැබුණු සෑම අවස්ථාවකම මේ සම්බන්ධයෙන් අපේ මතය ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. රංගෙ බණ්ඩාරගේ නියෝජනය කරන පක්ෂයේ ජනාධිපති මේ යෝජනාව සම්බන්ධයෙන් දරන අදහස් මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. ඔහුගේ මහා ලේකම් කරන මේ යෝජනාවෙන් ඔහුට ගැලවෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කරන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මේ රටට උත්තර දෙන්න ඕනෑ.

ප්‍රශ්නය: ආර්ථිකය සවිබල ගැන්වීම ඇතුළු පනත් ගණනාවක් ආණ්ඩුව විසින් ගෙනැවිත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඕබේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර: ජනාධිපතිවරයා ප්‍රශ්න විසඳන එකම ක්‍රමය පනත් ගෙන ඒම සහ කොමිෂන් සභා පත්කිරීමයි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හෝ සහභාගිත්වය තිබූ සියලු ආණ්ඩුවලදී විශාල කලබලයක් කරගෙන. විශාල මැදිහත්වීමක් කරමින් පනත් ගෙනාවා. 2015 යහපාලන ආණ්ඩුවේදී අලුත් ව්‍යවස්ථාවක් ගේන බවට අවුරුද්දකටත් වැඩි කාලයක් පමණ කතා කළා. අන්තිමට සිදුවුණේ මොකක්ද? ඔය ආකාරයෙන් පනත් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වමින් සම්මත කර ගත්තත් ඒ පනත්වල අරමුණු සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකාරිත්වය පරස්පරයි. උදාහරණයක් හැටියට කාන්තාවන් සම්බන්ධයෙන් ගෙනත් තිබෙන මේ පනත්වලට මූලධාර්මිකව අපි එකඟයි. නමුත් ඒ පනත් ක්‍රියාත්මක කිරීමට අදාල ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය, දේශපාලන ක්‍රියාවලිය, ඔවුන් ක්‍රියාත්මක කරන දේශපාලන සංස්කෘතිය ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඔවුන්ගේ කම්කරු නීති, ඔවුන්ගේ බදු ප්‍රතිපත්ති, ආදී සියල්ල තුළින්ම කාන්තවන් සවිබල ගැන්වීමෙහ් පනත්වල තිබෙන අරමුණුවලට අතිශයින් බාධාකාරියි; පරස්පරයි. මේ පනත් ක්‍රියාත්මක කිරීමේදී අපේ රටේ ගැහැනුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන බවට අපට කිසිම විශ්වාසයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ පනත් ගෙන ඒමෙන් අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ කරුණු දැක්වීම පමණයි. ඔන්ලයින් පනත සම්මත කර ගත්තත් එහි ඇතුලේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීමයි. කාන්තාවන් සවිබල ගන්වන පනත ගෙන ආ බව කීවත් එය ක්‍රියාත්මක කළ යුතු ආර්ථික පසුබිමක් සමග පරස්පරයි. නමුත් ඔවුන් මේ පනත් සම්මත කර ගෙන මැතිවරණ ජයග්‍රහණ කරන්න සිතුවත් එය තවදුරටත් කළ නොහැකියි. ජාත්‍යන්තරය රැවැට්ටිය හැකි යැයි අපි හිතන්නේ නැහැ.

Show More

ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්….

(-Colombo, June 03, 2024-) ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (03) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය පෙත්සම්කරුවන් වන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් […]

(-Colombo, June 03, 2024-)

ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (03) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය පෙත්සම්කරුවන් වන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු නීතිඥයින් සම්බන්ධ විය.

Show More

“මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නවා නම්, ඉගෙනගත යුතුව තිබුණේ අරගලයෙන්.අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතුයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-කුරුණෑගල තරුණ රැලිය – 2024.06.02-) මේ වනවිට අයහපත් කාලගුණික තත්වය හේතුකොටගෙන ආපදා තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ජනතාව අවතැන්වී සිටිනවා. ඒ වගේම ජීවිත අහිමිවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. වර්ෂාව නිසා මිය ගිය හා අසරණභාවයට පත්වූ ජනතාවට ජාතික ජන බලවේගය ලෙස අපේ පැත්තෙන් උදවු කරන්න, සහාය දෙන්න අපේ සහන සේවා බලකායන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එහෙත් ගංවතුර […]

(-කුරුණෑගල තරුණ රැලිය – 2024.06.02-)

මේ වනවිට අයහපත් කාලගුණික තත්වය හේතුකොටගෙන ආපදා තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ජනතාව අවතැන්වී සිටිනවා. ඒ වගේම ජීවිත අහිමිවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. වර්ෂාව නිසා මිය ගිය හා අසරණභාවයට පත්වූ ජනතාවට ජාතික ජන බලවේගය ලෙස අපේ පැත්තෙන් උදවු කරන්න, සහාය දෙන්න අපේ සහන සේවා බලකායන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එහෙත් ගංවතුර හේතුවෙන් සමහර ප්‍රදේශවල යාමට නොහැකිව තිබෙනවා. ගංවතුරකින් මිය යෑමටත්, මෙතරම් විශාල සංඛ්‍යාවක් අවතැන් වීමත්, සිදුවිය යුතු නැහැ. වැස්ස ස්වභාවිකයි. නමුත් අනතුර ස්වභාවික නැහැ. අපේ රටේ පාලකයින් දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද වැරදි සංවර්ධන ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි වර්තමාන පරම්පරාව මේ බුක්ති විඳිමින් තිබෙන්නේ. ලෝකයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා හඳුනාගෙන, වර්ෂාව වැඩිපුර ලැබෙන්නේ කුමන ප්‍රදේශයටද, ගංවතුර අවදානම තිබෙන්නේ කුමන ප්‍රදේශයටද යන්න හඳුනාගත හැකිව තිබෙනවා. හඳුනාගෙන මෙම ව්‍යසනයන් අවම කරගත හැකිව තිබෙනවා. දත්ත, තොරතුරු ලබාගැනීමට හැකි තාක්ෂණය දියුණු වී තිබෙනවා. නමුත් අපේ රටේ තාක්ෂණය උපයෝගීකර ගැනීමට අසමත්වී තිබෙනවා. මේ ව්‍යසනයන් අපට අඬගසා කියන්නේ මේ රට වෙනස් කළ යුතුයි කියන පණිවිඩයයි.

මේ ඉන්නේ ඉතාමත් ප්‍රබල බලපෑමක් කළ හැකි තරුණ පරම්පරාවක්. මේ පරම්පරාව ලෝකයට විශාල පණිවිඩයක් හා අත්දැකීමක් දුන්න පිරිසක්. අපේ පැරණි දේශපාලකයන්ටත්, දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිවලටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මීට වසර දෙකකට පෙර මෑත ඉතිහාසයේ විශාල ස්වභාවික ජන නැගිටීමක් සිදුවුණා. පසුගිය දශක කිහිපය ඇතුලේ කොතනකවත් ජනතාව ස්වභිවික ලෙස සංවිධානය වෙලා පාරට බැහැලා, එහි පාලකයන් පලවා හැර නැහැ. මැදපෙරදිග යම් යම් රටවල්වල සිදුවීම් තිබුණත් ඒවා සිදුවුණේ යටි අරමුණු සහ යටි මැදිහත්වීම් අනුව. අපේ රටේ ස්වභාවිකව ජනතාව නැගිට්ටා. මේ ජනතාව අවදි කිරීමේ විශාල කාර්යභාරය කළේ වත්මන් තරුණ පරම්පරාව. වර්තමාන ලෝකය අපේ කාලයේ තිබුණු පරම්පරාව නොවෙයි. 1995 සිට 2009 දක්වා අවුරුදු 15 ඇතුළත ඉපදුණු පරම්පරාව ඉෂෙඞ් පරම්පරාව කියලා අපි හඳුන්වනවා. ඉන්පසු පරම්පරාව ඇල්ෆා පරම්පරාව කියලා හඳුන්වනවා. අපේ පරම්පරාව එක්ස් රම්පරාව 1965-1979 අතර ඉපදුණු අයයි. මෙතනට රැස්වී සිටින බොහෝ දෙනා අයිති වෙන්නේ ඉෂෙඞ් පරම්පරාවටයි. අපේ රටේ තිබෙන ගෘහ ඒකක ලක්ෂ 52න් ඒකක ලක්ෂ 30ක ඉෂෙඞ් පරම්පරාවට අයත් තරුණයෙක් හෝ තරුණියක් ජීවත් වෙනවා.

ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනස්, ගෙදරට බලපෑම් කළ හැකි ඩිජිටල් ලෝකයේ ජීවත් වෙන අයයි. ඒ පරපුර අපේ පරපුරේ තිබුණු සීමිත අවශ්‍යතා සහ ඉතා කුඩා ලෝකයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. පෑනේ මිතුරන්, ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම්, තැපැල් පත්, මූලික කරගත් පරම්පරාවෙන් වෙනස් වී ඩිජිටල් ලෝකයේ සැරිසරණවා. අපේ පරම්පරාව උදේ නැගිටලා මුලින්ම තේ එකක් බොනවා ඒ වෙනුවට ඔබේ පරම්පරාව මුලින්ම ෆෝන් එක අතට ගන්නවා. ඔබට වේගයෙන් තොරතුරු ගලාගෙන එනවා. අපට ලැබුණේ පෙරණ ලද තොරතුරු. පත්තරෙන් ලැබෙන තොරතුරුවලට ප්‍රතිචාර දක්වන්න තිබුණේ “කතෘට ලියුම්” තුළින්. ඔබට තොරතුරක් ලැබෙන විටම ඔබේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. අපි ඉතා කුඩා ලෝකයක තරුණ විය ගත කළත් ඔබ විශ්ව ලෝකයේ ගත කරනවා. 2022 තරුණ නැගිටීමට මූලික වුණේ මේ ඩිජිටල් විශ්ව ලෝකයයි. නමුත් ඒ අරගලයේ තිබුණු ඇත්ත ආධ්‍යාත්මික බැඳීම සහ ඔබ වෙත තිබුණු නැගීගෙන එන තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් ඛේදජනක අන්තයකට ගෙන ගියා. ඔබේ පරම්පරාව දේශපාලන පක්ෂ සමග සමීපව ගැටගැසී නොසිටියත් අපේ පරම්පරාවට වඩා අරමුණුවලින් දේශපාලනය සමග බැඳීම් තිබෙනවා. ඔවුන්ට යහපත් දේශපාලනයක අපේක්ෂාවන් තිබෙනවා.

නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන, හොරකම් නැති රාජ්‍යයක් අපේක්ෂා කිරීම, සාධාරණ සමාජයක් වගේ සක්‍රීය පොදු දේශපාලන උවමනාවක යෙදී සිටින නිසයි, අරගලයට ඔබව කැඳෙව්වේ. තරුණ පරම්පරාවේ කැකෑරෙන වේදනාව තුළින් පැන නැගුණු අරගලය පාලකයන් හැඳින්වූයේ කුඩුකාරයන්ගේ වැඩක් කියලයි. මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නවා නම්, ඉගෙනගත යුතුව තිබුණේ අරගලයේ හරයෙන්. නමුත් ඔවුන් මුග්ධ, සාහසික ලෙස කුඩුකාරයන්ගේ නැගිටීමක් ලෙස හැඳින්වූවා. තවදුරටත් කීවේ ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ නැගිටීමක් කියලා. අඩුම තරමින් එවැනි විශාල ජනතා නැගිටීමකින් වත් මේ පාලකයන් පාඩම් ඉගෙන නැහැ. ඈත ගම්මානයක ජීවත් වුවත් ගෝල්ෆේස් එකේ අරගලය සමග අධ්‍යාත්මික බැඳීමක් තිබුණා. පාලකයන් අඩුම ගානේ ඒ ආධ්‍යාත්මික බැඳීමවත් තේරුම් නොගෙන තමන්ගේ බලය යොදවමින් මර්දනය දියත් කරන්න උත්සාහ කළා. ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ සේවකයෙකුට පහරදීම, තොණ්ඩමන් ඇමතිවරයා ආයතනයකට කඩා පැන පාලන අධිකාරිය බිය වැද්දීම, කළ හැකි ආකාරයෙන් ඔවුන්ගේ බලය තාවකාලිකව ස්ථාපිත කරගෙන පරණ සතාට එළියට එන්න ඉඩහැර තිබෙනවා.

ජනතාවගෙන් කොල්ලකාගත් දේපළ නැවත පවරා ගන්න කියන සටන් පාඨය අරගලයේ තිබුණා. ඒ වගේම නීතිය එකලෙස ක්‍රියාත්මක නොවීම ඩයනා ගමගේ ඇමතිවරියගෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඇයට පුරවැසිභාවය නැති බව වඩාත් හොඳින් දන්නේ ඩයනාමයි. එහෙම තිබියදී පාර්ලිමෙන්තුවට ඇවිත් රාජ්‍ය අමාත්‍යවරියක් වී සිටින්නේ නීතියට වඩා උඩින් ඉන්නවා කියන හැඟීමෙන්. ඔබට පුරවැසි හැඳුනුම්පත නොතිබුණොත් කෙතරම් පීඩාවකට පත්වෙනවාද, නමුත් ඇයට රනිල් වික්‍රමසිංහගේ රැකවරණය තිබුණා. අවුරුදු හතරක් රැක ගත්තා. මිස් ෆයර් එකකින් දඬුවමක් ලැබුණා. ඩයනාට පුරවැසිභාවය නැති බව දෙවෙනියට දන්නේ රනිල්.

එදා නැගිටීම තුළ රටේ සම්පත් විකිණීමට එරෙහි මතයක් තිබුණා. දැන් යළි වේගයෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රටේ සම්පත් විකුණමින් සිටිනවා. අපේ අයි.ටී. කර්මාන්තයම අනතුරට ලක්කරමින් ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකුණන්න යනවා. තාවකාලික පාලකයන් ලාභ ලබන රක්ෂණ සංස්ථාව, පශු සම්පත් මණ්ඩලයේ අක්කර විසිඅට දාහක්, ලාභ ලබන ගෑස් සමාගම විකුණන්න යනවා. ඒකෙන් පැැහදිලි වන්නේ ගමේ භාෂාවෙන් කියනවා නම්, ගලේගහලාවත් හදන්න බැහැ කියන එකයි.

එදා 2022 නැගිටීමෙන් පාඩම් ඉගෙන ගන්නනවා නම් ඒ නැගිටීමේ හරය සමග සමපාතවන දේශපාලනයකට යා යුතුව තිබුණා. නමුත් ඒ දේශපාලනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණයි. 2022 අරගලයෙන් විශාල ආශ්වාදයක් ලැබුවත්, එය අවසානය නොවෙයි, එළඹෙන ජාතික මැතිවරණයකදී ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීම එහි දෙවන අදියරයි. අනාගතය තිබෙන්නේ ඉෂෙඞ් සහ ඇල්ෆා පරම්රාවේ අතේ. අනාගතය වෙනුවෙන් දේශපාලන අරමුණු පෙළ ගැසෙන්න ඕනෑ. විශේෂ දැනුමක් සහ ප්‍රාගුන්‍යයක් එදා පරම්පරාවට වඩා ඔබ එකතු කරගෙන තිබෙනවා. එදා චේන්පොටක් ගැනීමට, මුද්දක් හදාගැනීමට, මුදල් එකතු කර ගත් අරමුණු වෙනුවෙන් ගාමන් ෆැක්ටරිය උත්තරයක් වුණා. අද අධ්‍යාපන මට්ටමින් ඉහළ ගිහින් වෘත්තීය මටටමකට ආපු වෙනස් තරුණ පිරිසක් ඉන්නේ. ලෝකයේ ඇති නව වෙනස්කම් උකහා ගත් වෙනස් ජීවිත අරමුණු ඔබට තිබෙනවා. එදා තිබුණු රස්සාව අද ඔබට නොගැලපෙන නිසා, ගාමන්ට් ෆැක්ටරිවල ඇබෑර්තු පවතිනවා. නමුත් තරුණ තරුණියන්ට රස්සා නැහැ. හේතුව තරුණ තරුණියන් ජීවත් වෙන වර්තමාන ලෝකයට ඒ පුරප්පාඩු ගැලපෙන්නේ නැහැ. ගාමන්ට්වල ඉල්ලන ප්‍රාථමික ශ්‍රමය වෙනුවට දැනුම අත්දැකීම් සහිත වෙනම ශ්‍රම ප්‍රාගුන්‍යයක් ඔවුන් සතුව තිබෙන්නේ.

තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන ලද ආර්ථිකයක් මේ රටේ තිබෙන්නේ. තරුණ පරම්පරාව වෙනස්වුණු වේගයට ආර්ථිකය වෙනස් වුණේ නැහැ. ඒ නිසා මේ ආර්ථිකය සමග සම්බන්ධ නොවෙන විශාල තරුණ පරම්පරාවක් එළියේ ඉන්නවා. ඒ තරුණ පරම්පරාවේ සිතිවිලි, අපේක්ෂාවන්, ජීවන රටාවන්වලට අනුරූපවන පරිදි ගලපන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම අපේ අරමුණයි. 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් ලෝකයට අවශ්‍ය වෙනවා. ඊට අදාළ සැලසුම්වලට තරුණ පරපුර ගෙනයන්න මේ පාලකයන් සැලසුම් සකස්කර තිබෙනවාද? එසේ නොවෙන නිසා අනාගත අවිනිශ්චිතතාවයෙන් පෙළෙන, රට අත්හැර යාමේ අරමුණ සහිත තරුණ පරපුරක් අද ඉන්නේ. නමුත් ඔබේ සිතුම් පැතුම්, අපේක්ෂාවන්, විලාසිතාවන්වලට අනුරූප සිනමාවක්, සංගීතයක්, ක්‍රීඩාවක් සම්බන්ධයෙන් සැලසුම් පවතින්නේ ජාතික ජන බලවේගයට පමණයි. නූතන ලෝකය සමග අත්වැල් බැඳගෙන යන ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ අරමුණු, ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි ලෝකයේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක් මේ වන විට අත්පත්කරගෙන ඉන්නේ. මේ පරම්පරාවේ දුවා දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ සද් උවමනාවක් අපට තිබෙනවා.

ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ගෙනයන පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කළ යුතුව තිබෙනවා. ස.ජ.බ. හෝ වෙන කිසිවෙකු එවැනි බලයක් තරුණ පරම්පරාවට ලබාදෙන්නේ නැහැ. සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් සියලුම දෙනා පෙර පරම්පරාවල පුතුන්. අනෙක් පැත්තෙත් ඉන්නේ පුත්තුන්ගේ එකතුවක්. අපේ තරුණ පිරිස යොදවා ගන්නේ ඔවුන්ගේ පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න විතරයි. ජාතික ජන බලවේගයේ අපි කිසිවෙක් පාරම්පරික දේශපාලන පවුල්වලින් එන අය නොfවි. මේ රට වෙනස් කිරීම සඳහා නව දේශපාලන අපේක්ෂාවන් තෝරාගත් අය පමණයි ජාතික ජන බලවේගයේ ඉන්නේ. අපි මේ කරමින් ඉන්නේ ඔවුන් අතේ තිබෙන බැට්න් එක අරගෙන ඔබ අතට ලබාදීමේ ක්‍රියාමාර්ගයයි. ඉතා කෙටි කලකින් අපි ඒ බැට්න් එක ඔබ අතට ලබාදී ඔබ විසින් රට ගොඩනගන ආකාරය දෙස බලමින් සතුටු වෙන්න අපේක්ෂා කරනවා. නමුත් ඔවුන් ලේසියෙන් බලය අත්හරින්නේ නැහැ. ඔවුන් සතු පවුල් බලයත් රාජ්‍ය බලයත් යොදවා දේශපාලන බලය අල්ලාගෙන ඉන්න උත්සාහ කරනවා. පුතාට බැට්න් එක ලබාදෙන්න හැකි සෑම දෙයක්ම පියා කරනවා. එහෙම නම් අපි පොරබදලා මේ බැට්න් එක මාරුකර ගන්න එළඹෙන ජාතික මැතිවරණය යොදාගත යුතු වෙනවා.

බලය මාරුකර ගන්න සුදුසු අවස්ථාව එන තුරු ධෛර්යයෙන් අල්ලාගෙන සිටිය යුතුයි. පුද්ගලිකව ගත්තොත් මගේ ජීවිතයෙන් අවුරුදු 35ක් ඒ අල්ලාගෙන සිටීම කළා. අවලාද, අපහාස, චෝදනා ජනතාව ප්‍රතික්ෂේප කිරීම, 3%ට වැට්ටවීම් සියල්ල මැද්දේ අල්ලාගෙන සිටිමේ කාර්යභාරය පසුගිය කාලය පුරාම සිදුකර තිබෙනවා. දැන් අවස්ථාව එළඹී තිබෙනවා. මුලින් පවත්වෙන්නේ ජනාධිපතිවරණය ද, මහ මැතිවරණය යන්න තෝරා ගැනීමට බැරි තරමට පාලකයන් අර්බුදයට ගොස් සිටිනවා. පොහොට්ටුවට අපේක්ෂකයෙක් තෝරා ගැනීමට නොහැකිවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලනවාද නැද්ද යන්න තීරණය කළ නොහැකි තත්වයක් මතුවෙලා තිබෙනවා. සාම්ප්‍රදායික ලෙස තිබෙන ආණ්ඩුවෙන් පස්සේ විපක්ෂ නායකයාට ඔටුන්න වැටුණු කාලය දැන් අවසන්. ඒ නිසා ඔවුන් විශාලතම මානසික පීඩාවට ලක්ව සිටිනවා. ඉස්කෝලේ ළමයි ඉදිරියේ කියන කතා බැලුවාමත් ඔවුන්ගේ මානසික ආතතිය පැහැදිලි වෙනවා. විපක්ෂ නායක විහිළු කාරයෙක් වෙලා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ ඔබගේ බලය, ශක්තිය ඇතුගල්පුරටත් වඩා විශාල බව අපි හිතනවා. අපි හැමෝම එකතුවී ප්‍රබෝධමත්ව සතුටින් ජයග්‍රහණයේ ආස්වාදය සහිතව සිනහමුසු මුහුණින් මේ පරිවර්තනයට දායක වෙමු. සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා.

NPP-Youth-Kurunegala

“තරුණ අපිත් හැරටමියෙන් යනතුරු රට හැදෙයි කියා බලාගෙන සිටිය යුතුද?”
-සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා නිපුණා සාරංගි-

ලෝක ඉතිහාසයේත් අපේ රටේ ඉතිහාසයේත් තරුණ තරුණියන්ගේ ජීවිත තිබණේ මේ ආකාරයෙන් නොවෙයි. අපි යම් අයිතිවාසිකමක් දිනාගෙන තිබෙනවා නම්, ඒ කිසිවක් පාලකයන් අපට බන්දේසිවල තියලා ලබාදෙන්නේ නැහැ. ගැහැනුන්, මිනිසුන්, තරුණ තරුණියන් එකතුවී අරගල කර ලබාගත් ජයග්‍රහණ ඒවා. අපිට අපි තුළ සටනක් තිබෙනවා. එය නිරවුල්ව සිදුකර ගත් නිසයි, ඔබ සැමදෙනා මෙතනට රැස්වී සිටින්නේ. සාම්ප්‍රදායිකත්වයෙන් තොරවී නූතනත්වය දිනාගැනීම වෙනුවෙන් අපිට සටනක් තිබෙනවා. රටේ තරුණ තරුණියන් ජාතික ජන බලවේගය වටා එක්වී සිටින්නේ ඒ නූතන අභියෝග බාරගත් තරුණ පරපුර ලෙසයි. මීට වඩා ලස්සන රටක්, හොඳ අනාගතයක් හොඳ ලෝකයක් අපි කවරුත් බලාපොරොත්තු වෙනවා.

තරුණ පරපුර අතේ තිබෙන නව තාක්ෂණය පවා පාලකයන් යොදා ගත්තේ අපිව ජාති, ආගම්, කුල මල අනුව බෙදන්නයි. මෙන්න මේ ජඩ දේශපානයට එරෙහිව සටනක් අපට තිබෙනවා. අධ්‍යාපනයට සරිලන රැකියාවක්, ඒ රැකියාවෙන් ජීවත් විය හැකි ආර්ථිකයක් අපට තිබෙන්න ඕනෑ. නමුත් අද කයිවාරු ගහන නායකයන්ගේ උස නම්, සිකියුරිටි, මිටිනම් කම්කරු රැකියා දීමේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. පිනට ජනාධිපති වුණු සීයා අපට කියන්නේ 2048 වන තුරු ඉවසන්න කියලා. අපිත් හැරමිටියෙන් යන තුරු මේ රට දියුණු වෙයි කියා බලාපොරාත්තුවෙන්න ඕනෑද. අපේ තරුණ කාලයෙන් වැඩි කොටසක් දුර්දාන්ත පාලකයන්ගේ අමනෝඥ වැඩ නිසා විනාශවී අවසන්. අවුරුදු ගණනාවක් රට අගාධයට ඇදගෙන ගොස් පවුල් පාලනයකට ගෙනගිය පිරිස කෙසේ හෝ බලය රැකගන්න උත්සාහ කරනවා. නමුත් මේ තත්වය වෙනස් කර, අපේ ජීවිතය නූතනත්වයේ ඉඳලා ගොඩනගා ගැනීමේ අවස්ථාව තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණයි. භඡඡ ශදමඑය එක තුළ සිටින තරුණියන් ලෝකය වෙනස් කළ අයගේ ආදර්ශ අනුව යන ජයග්‍රාහී ගමනට සියලු දෙනාම එකතු වෙමු.

NPP-Youth-Kurunegala

“රටේ හොඳම ජවය අද අයාලේ යන්න ඉඩ ඇරලා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න සහෝදරයා-

මේ රටේ ඉඳලා තමන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමේ අපේක්ෂා සුන්වූ තරුණ තරුණියන් පාස්පෝට් පෝලිමේ ඉඳලත් තමන්ගේ අංකය ගන්න පගාව දෙන්න සිදුවී තිබෙනවා. රටට වැඩ කරන්න අවස්ථාවක් ගන්න උත්සාහ කළත් ඒ වෙනුවෙන් අවස්ථාවක් නැහැ. මනසට ලොකු බරක්, නිදි නැතිව කල්පනා කරනවා. අන්තිමේදී බෝට්ටුවෙන් හරි රටෙන් පැනලා යන්න කල්පනා කරනවා. තවත් සමහර අය සියදිවි නසා ගන්නවා. තවත් සමහර අය අකලට රෝගී වෙනවා. රටේ හොඳම ජවය අද අයාලේ යන්න ඉඩ හැර තිබෙනවා. රටම වෙලාගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් තිබෙනවා. වැඩිහිටියන්ට වඩා දැනුමෙන් තාක්ෂණයෙන් ඉදිරියෙන්ම ඉන්න තරුණයන්ගේත් ශ්‍රමය අපේ මව්බිමට ගන්න බැරිවී තිබෙනවා. මුළු රටම ඇද දා තිබෙන, අඳුරු අගාධයෙන් ගොඩගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඉදිරි පරම්පරාව වගේම ඔබ සම්බන්ධයෙනුත් පැහැබර අනාගතයක් ගොඩනගන්න අපට හැකියාව තිබෙනවා.

ඒ අනාගතය වළක්වන්න විවිධ උපක්‍රම දියත් කරනවා. රංගේ බණ්ඩාර ඊයේ පෙරේදා මුට්ටියක් දාලා බැලුවා. පළවෙනි මොහොතේම එයට දැඩි ප්‍රහාර එල්ල කළා. සතුරු කණ්ඩායම් එක පොදියට ගාල්වී ඉදිරියට ආවත් ජන බලය හමුවේ ඔවුන්ට කිසිවක් කළ නොහැකියි. මෙතනට රැස්වී සිටින තරුණ පිරිස ඒ බව සනාථ කොට තිබෙනවා. ගෝල්ෆේස් අරගලයට පසුබිම නිරමාණය කළේ මේ රටේ ගුරුවරුන් සහ ගොවියන්. ගෝල්ෆේස් පිටියේ දැවැන්තම ශක්තිය වුණේ තරුණ ජවය. ඒ ඔබේ බලයෙන් සහ ශක්තියෙන් ජනාධිපතිවරයා බලයෙන් පළවා හැරියා. විධායක බලයට වඩා, කැබිනට් මණ්ඩලයේ බලයට වඩා තරුණ ශක්තිය සහ ජන බලය ප්‍රබල බව ඔප්පුකොට තිබෙනවා. ඇතුගල් පුරවරයේ තරුණ තරුණියන් යෝධ හස්තියන් වගේ ඉදිරියට පැමිණ ලංකාවේ වැඩියෙන්ම ඡන්ද තිබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා ඉහළම ඡන්ද ප්‍රතිශතයකින් දිනවීමට දැන් තියාම ක්‍රිකාරීවන ලෙස ආරාධනය කරනවා.

NPP-Youth-Kurunegala

“මේක ජනාධිපතිලගේ මෝඩ පුතුන්ට අයිති රටක් නෙවෙයි”
-සමාජ ක්‍රියාකාරික වෛද්‍ය නජිත් ඉන්දික-

මේ රටේ තරුණ පරපුර ලේ දහදිය හළමින් 2022 අරගලයකින් ජනාධිපතිවරයෙක් එලෙව්වා. ඒකෙන් රනිල් වික්‍රමසිංහ ගේම් එකක් ගහලා ජනාධිපති වුණා. ඒ කාලය පුරාම ජාතික ජන බලවේගය එය එසේ නොවීමට කටයතු කළත්, ඒ මොහොතේ බහුතරයක් දෙනා එය පිළිගත්තේ නැහැ. අවසානයේ ලේ අත්වල තැවරුණු නරුමයෙක් ජනාධිපති බවට පත්කර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමේදී තරුණ තරුණියන් අපේක්ෂා කළ දේ ඉදිරියට ගෙන යා නෙහැකි වුණත් පාඩම් ඉගෙන ගෙන ලක්ෂ ගණන් තරුණ තරුණියන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට පෙළ ගැසී සිටිනවා. පසුගිය කාලයේ සිදුකළ අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ ආරම්භය සටහන් වන්නේ මාලිමාවේ ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් පත්කර ගෙන මේ රටේ සාමාන්‍ය අම්මා තාත්තාගේ අතට බලය ලබා ගැනීමෙන්. ඉන්පසුව මේ රට ගොඩගැනීමේ වගකීම් සහගත ක්‍රියාමාර්ගවලට මේ රටේ තරුණ තරුණියන් විශාල ශක්තියක් ලෙස ක්‍රියාකාරීව මැදිහත් වෙන බව අපිට විශ්වාසයි.

මේ අවස්ථාවේ රනිල්ගේ හෝ සජිත්ගේ රැස්වීමකට තරුණ තරුණියන් යන්නේ ඇයි? ආර්ථික බරින් මිරිකී සිටින සුළු පිරිසක් රස්සාවක් ගන්න බලාගෙන යන බව අපි දන්නවා. නමුත් මේ රටේ තරුණ තරුණියන් එකතු වී පසුගිය අවුරුදු තුන හතර පුරා ඊට වඩා විශාල දේශපාලන අරමුණක් වෙනුවෙන් රටම පෙළ ගස්වා තිබෙනවා. හැමදාම දණ ගස්වා, කොඳු කඩා සිටි තරුණ පිරිස 2022 නැගී සිටියා.

මීට අවුරුදු 43කට කලින් ජූනි 2වැනිදා යාපනයේ පුස්තකාලය ගිනි ගනිමින් තිබුණා. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමැතිකමක් දරපු ආණ්ඩුවේ මැරයන් යාපනයට ගිහින් විශාල ප්‍රචණ්ඩත්වයක් මුදාහැර ඡන්ද මංකොල්ලයක් සිදුකර අවුරුදු 33ක යුද්ධයක් නිර්මාණය කළා. කුරුණෑගල එවකට සිටි ඇමතිවරු පුද්ගලිකවම යාපනයට ගොස් ඒ මැරයන්ට නායකත්වය දී තිබුණා. උතුරේ දකුණේ දෙකේම ලක්ෂයකට වැඩි තරුණ ජීවිත විනාශ කිරීමේ පසුබිමක් එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිර්මාණය කළා. සාමාන්‍ය පවුල්වල දරුවන් හමුදාවලට බැඳුනා. යුද්ධයේදී වැඩිම පිරිසක් මිය ගියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. රනිල් වික්‍රමසිංහ තරුණ තරුණියන් ඝාතනය කරන්න ක්‍රියාකළ ආකාරය බටලන්ද කොමිෂන් වාර්තාවෙන් හෙළිකරනවා. අදත් ජාතිවාදය අවුස්සමින් පාලනය ගෙන යන්න කුරුණෑගල වඳ සැත්කම් ප්‍රශ්නයක් ඇදගෙන කේන්ද්‍රගත කර ගනු ලැබුවා. වෛද්‍යවරුන් පවා දැන දැනම ජාතිවාදය අවුස්සන්න ඒ ප්‍රචාරවලට දායක වුණා. මුළු රටක් අනිත් මනුස්සයා දෙස සැකයෙන් බලන්න පත්කරනු ලැබුවා. අවසානයේ පාස්කු ප්‍රහාරය බල උවමනාව වෙනුවෙන් දියත් කළා.

ඒ විතරක් නොවෙයි 1983 කළ දේම කරන්න නිකවැරටියෙන්, වාරියපොලෙන් උත්සාහ කළා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙන කොට ජාතිවාදය මතින් ජනමනස වෙනස් කරන්න දිගටම උත්සාහ කරනවා. නමුත් ජාතික ජන බලවේගයේ තරුණයන් හැටියට ඔවුන් එදා කළ සෙල්ලම්වලින් රට මුදා ගන්න අපි පෙරමුණට ඇවිත් සිටිනවා. ඒ අතර තවත් තරුණ පිරිසකට ජීවිතය ගැටගහගන්න අවශ්‍ය අවම ජීවන තත්වය ඇතිකර ගන්න බෝට්ටුවෙන් පැනයන්න සිදුවී තිබෙනවා. ඒ තත්වය වෙනස් කරන්න ප්‍රභූ දේශපාලනයෙන් මිදුණු සාමාන්‍ය ජනතාවගේ දරුවන් පෙරමුණට ඇවිත් දැක්මක් සහිතව ක්‍රියා කළ යුතු වෙනවා. ඉදිරි මාස තුන හතරක කාලය වෙනදාටත් වඩා වැඩියෙන් සාමූහිකව වැඩ කර, මේ රට වෙනස් කළ යුතුයි. මේ රට ඔබෙත් මගෙත් රට මිසක් ජනාධිපතිලාගේ මෝඩ පුත්තුන්ගේ රට නොවෙයි. නාමල් රාජපක්ෂගේ හෝ සජිත් ප්‍රේමදාසගේ හෝ ප්‍රභූ දේශපාලනයට අයිති රටක් නෙවෙයි. අපිට හැකි උපරිමයෙන් වැඩකර ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ පොදු ජනතාවගේ ජනාධිපති කෙනෙක් පත්කර ගෙන රට ගොඩනඟන්න දායක වෙමු.

NPP-Youth-Kurunegala

“තරුණ අපි ස්මාර්ට් ගේමකට ලැහැස්තියි”
-සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර-

පසුගිය මාර්තු 14 වැනිදා මාලිමාවේ තරුණ සමුළුව පවත්වා අලුත් අවුරුද්දෙන් පසුව මැයි දින ඉතිහාසයේ දැවැන්තම ජනතා බලය තුළ විශාල තරුණ පිරිසක් ඒකරාශී කළා. ඉන්පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 1600කට වැඩි ප්‍රමාණයක් පුරා අපේ ආදරණිය තරුණ තරුණියන් ගොස් ඇතුගලටත් වඩා විශාල කුරුණෑගල තරුණ බලය මාලිමාව වටා එක්රැස් තිබෙනවා. මේ බලයත් එක්ක අවුරුදු 76ක් මේ රටේ පාලනය දැරූ අය වෙව්ලන්න පටන්ගෙන තිබෙනවා. දේශපාලනය කරනවා කියන පුතානෝ විකට නළුවා අපිව කොපි කරමින් තරුණ රැලි කිහිපයක් පැවැත්වූවා. නමුත් අපි කියන්න කැමතියි, ඔයා තව තවත් ජෝකර් කෙනෙක් වෙනවා මිස අපිත් එක්ක හැරෙන්නවත් ඔයාට බැරි බව. පරණ ටෙලිෆෝන් එක අරගෙන ගිහින් අලි මංතරයක් කියන්න විතරයි එයාට ඉතිරි වෙලා තියෙන්නේ. මේ දිස්ත්‍රික්කයේ චණ්ඩි බලය පෙන්වමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මේ රටේ තාවකාලිකව බලයට පත්වී සිටින රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස බයවෙලා බෙදන්න පටන් ගෙන තිබෙනවා. ස්මාර්ට් යූත් එක්සිබිෂන් සහ ස්මාර්ට් යූත් නයිට් කියන වැඩසටහන් පටන් ගන්නා ලෙස හරින් ප්‍රනාන්දු ඇමතිගේ නිල ලිපි ශීර්ෂය සහිතව දන්වා යවා තිබෙනවා.

ඔවුන් කරන්නේ මොනවද? පසුගිය කාලයේ ඉරාජ්ලා එකතු කරගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ 18 සන්නිය නැටුවා. ඒ වෙනුවෙන් තරුණ සේවා සභාවේ මුදල් රුපියල් ලක්ෂ 20ක් වැය කර තිබෙනවා. අවුරුදු උත්සව සඳහා ලක්ෂ 200ක් වැය කර තිබෙනවා. ඉරාජ්ලා සම්බන්ධ කර ගත් තවත් සංගීත ප්‍රසංගවලට ලක්ෂ 220ක් වැයකර තිබෙනවා. ඊට අමතරව නුවර දිස්ත්‍රික්කයේ තිබෙන ජනාධිපති මන්දිරයට තරුණ තරුණියන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා. රනිල්ලාට, රාජපක්ෂලාට තවදුරටත් බලයක් නැති බව පැහැදිලිවීම නිසා තව තවත් බෙදන්න සූදානම් වෙනවා. තරුණ පරපුර වගේම රටේ ජනතාවත් මේ වන විට වෙනස්වී ඇති බව ඔවුන් තේරුම් ගෙන නැහැ. අද රටෙන් පිටවී යාමට පාස්පොර්ට් ගන්න ඉන්න පෝලිම එයාර් පෝර්ට් එකේ නැහැ. 2022 තරුණයන් 94180ක් රට ගිහින් තිබෙනවා. තරුණියන් 36499ක් රට ගිහින් තිබෙනවා. තරුණ තරුණියන් ලක්ෂ 09ක් පාස්පෝර්ට් හැදුවත් රැකියා සඳහා විදේශගත වී තිබෙන්නේ එක්ලක්ෂ හතළිස් දහසකටත් අඩු ප්‍රමාණයක්. ඔවුන්ගෙන් 77%ක් මැදපෙරදිගට ගිහින් තිබෙන්නේ. යුරෝපයට 7.4%ක්, ඕස්ටේ්‍රලියාවට සහ නවසීලන්තයට 0.9%යි. මෙයින් කියැවෙන්නේ සාතිෂය බහුතරය කම්කරු රැකියා සඳහා විදේශගත වූ බවයි.

ජාතික ජන බලවේගයේ අපි යෝජනා කරන්නේ වෘත්තිය දැනුමක් සහිතව විදේශ රැකියාවකට ගියහොත් මාසයකට ඩොලර් 2500ක් පමණ අම්මා තාත්තා වෙනුවෙන් එවන් පුළුවන්. එවැනි දැක්මක් සහිතවයි ජාතික ජන බලවේගය මානව සම්පත යොදවන්න සැලසුම් කරන්නේ. අධ්‍යාපනයට වැඩි පංගුවක් යෙදවිය යුතු බව අපි කියන්නේ මෙන්න මේ වෘත්තිය නිපුනත්වයක් සහිත පිරිසක් බිහි කරන්නයි. නමුත් පාලකයන් අදත් සිදුකරමින් සිටින්නේ අපේ හීන සිල්ලරට විකුණන එකයි. අපේ අම්මා තාත්තගේ ජීවිතවල සතුටක් නොතිබුණා වගේ තරුණ පරම්පරාවෙත් ජීවිත ඛේදවාචකයක් නොකරන පාලනයක් අපි ගොඩනගා ගත යුතු වෙනවා. අපිට ආර්ථික නිදහස, දේශපාලන නිදහස වගේම සංස්කෘතික නිදහසත් ඕනෑ. ඒ වෙනුවෙන් සමස්ත රටම නව නිදහස් සටනක් වෙනුවෙන් පෙළගස්වමින් සිටිනවා. මේ රටේ තරුණ තරුණියන් නව පුනරුද යුගයක කොටස්කරුවන් බවට පත්කර ගෙන සිටිනවා. අපිට නාස්තිකරන්න වෙලාවක් දැන් නැහැ. අවුරුදු 76ක් රට ගෙනගිය පාර වෙනුවට නව දිසාවකට හරවන්න ඕනෑ. එය කළ නොහැකි වුවහොත් මේ රට අඟලක්වත් ඉදිරියට ගෙන යන්න බැහැ. අපට ඉතිරි වෙන්නේ සොහොන් බිමක් විතරයි. ඒ නිසා තව මාස පහකින් අපේ රට නව නිදහස් සටනක, පුනරුද යුගයක ආරම්භයට පණ පොවන්න තරුණ පරපුර පෙළ ගැසෙන්න ඕනෑ. ස්මාර්ට් ගේමට අපි ලැහැස්තියි කියන පණිවිඩය රටට ලබාදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ පරපුර වගේම රටේම තරුණ පරපුරට ශක්තිය ලැබේවා!

Show More