Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ගෝඨාභයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්‍රබල පණිවිඩයක් ලබාදෙනවා” -ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-

(-මාධ්‍ය හමුව – 2024.03.26 – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ-) පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් පිළිබඳ ඔහුට දැනුමක් ඇති බව. ඒ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්නත්, ඊයේ (25 දින) අභියාචනාධිකරණය විසින් ලබාදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වන් තීරණය කළා. දේශපාලන […]

(-මාධ්‍ය හමුව – 2024.03.26 – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ-)

npplpress

පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් පිළිබඳ ඔහුට දැනුමක් ඇති බව. ඒ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්නත්, ඊයේ (25 දින) අභියාචනාධිකරණය විසින් ලබාදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වන් තීරණය කළා.

දේශපාලන පළිගැනීම් සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසම විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට විරුද්ධව දී තිබූ තීන්දුව අභියාචනාධිකරණය විසින් බල රහිත කරනු ලැබුවා. මේ කරුණු දෙකම ජාතික වැදගත්කමකින් යුත් කරුණු දෙකක් නිසා ඒ සම්බන්ධව ජනතාව දැනුවත් විය යුතු යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විදිහට අපි විශ්වාස කරනවා.

2015 ජනවාරි මාසෙ 09දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පසුව ක්‍රියාත්මක වුණු අපරාධ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2019 නොවැම්බර් 19දායින් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව කොමිසමක් පත්කරනු ලැබුවා. 2015 ජනවාරි මාසයේ 09දා සහ 2019 නොවැම්බර් මාසේ 19 අතර කාල පරාසය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ, එෆ්.සී.අයි.ඩී., මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව, මගින් කරනු ලැබූ යම් විමර්ශන මගින් යම් රජයේ සේවකයෙක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක නිලධාරියෙක්, ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ නිලධාරියෙක් පීඩාවකට පත්වෙලා තිබෙනවා නම්, ඔවුන්ගේ පීඩාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමයි මේ කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ. මේ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතා. ඊට අමතරව සාමාජිකයන් දෙදෙනෙක් හිටියා. හිටපු අභියාචනාධිකරන විනිශ්චයකාර, චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු යන අය. මේ කොමිෂන් සභාව ආරම්භ කලායින් පස්සේ මේ සභාව වෙතට 2015 -2019 අතර කාල සීමාව තුළ කළ අපරාධ විමර්ශනවලට අදාළ විමර්ශන නිලධාරීන්, සමහර නඩු මෙහෙයවපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රජයේ නිලධාරීන් මේ කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා, විවිධ අය විසින් කරනු ලැබූ පැමිණිලි බලන්න.

අනුර දිසානායක මහත්මයාට විරුද්ධව තිබුණු පැමිණිල්ල අර තිබුණු නිලධාරී ගොඩට අයිති වෙන්නේ නැහැ. ඔහු දේශපාලකයෙක්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත්, පොලිස් දෙපාර්තමේන්තුවටවත්, එෆ්.සී.අයි.ඩී. යටවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවටවත් අයිති වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව පැමිණිලි කර තිබුණේ පුද්ගලික පුරවැසියෙක්. මේ කාරණා දෙකටම කොමිෂන් සභාවට බලය දීපු ගැසට් පත්‍රයට අනුව අනුර දිසානායක මහතාට විරුද්ධව කිසිම ආකාරයකට ඒ කොමිෂන් සභාවට විමර්ශනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කෙසේ නමුත් උපාලි අබේරත්න කොමිෂම, අනුර දිසානායක මහත්තයාට විරුද්ධව ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනෑ කියලා නිර්දේශයක් ලබාදුන්නා. ඊට අමතරව අපරාධ නඩු පවරන්න ඕනෑ කියලත් නිර්දේශයක් ලබාදුන්නා. මේ නිර්දේශය ලබාදෙන්නට පෙර ඉහත කියන ලද නෛතික තත්වයන්වල අනුර දිසානායක මහත්තයාට විරුද්ධව තිබෙන මේ නඩුව ගෙනියන්න බැරි ගැටලුව, අපි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළා. අභියාචනාධිකරණයේ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇවිත් පොරොන්දුවක් දුන්නා ඔහුට විරුද්ධව නඩුව ඉදිරියට ගෙනියන්නේ නැහැ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව අවසන් වන තෙක් කියලා. කෙසේ නමුත් ඒ නඩුව එසේ තිබියදී ඔහුට විරුද්ධව තීන්දුවක් ලබාදුන්නා. ඒකට විරුද්ධව තමයි අභියාචනාධිකරණයට අනුර දිසානායක මහතා රීට් අයදුම්පතක් ඉදිරිපත් කළේ. මේ රීට් අයදුම්පත අනුව අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා, මේ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දී තිබූ බලය අතික්‍රමණය කොට ලබාදුන් තීන්දුවක් කියලා. තවත් නඩු විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ වාසියට තීන්දු ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආකාරයේ නඩු 10ක් 11ක් විතර තවමත් විභාග වෙමින් පවතිනවා.

මේ කොමිෂන් සභාවේ හැසිරීම ගැන විශාල විවේචනයක් මුල් කාලයේ සිට තිබුණා. සමහර නඩු අවසන් වුණේ පැමිණිලිකරුගේ සාක්ෂිය මත පමණයි. වගඋත්තරකරුට සිතාසි ඇවිත් තිබුණේ නැහැ. වගඋත්තරකරු මෙම කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව විමර්ශනයක් කරන බව දන්නේවත් නැහැ. කෙසේ හෝ කැකිල්ලේ ස්වභාවයේ කොමිෂන් සභාවක් ක්‍රියාත්මක වුණා. මේ කොමිෂන් සභාවේ වියදම රුපියල් මිලියන 21ක්. මේවා මහජන මුදල්. මේ කොමිෂන් සභාව දී තිබෙන තීරණ පහක් ඔවුන්ට නැති බලයක් ක්‍රියාත්මක කළා කියලා අභියාචනාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් කියන්නේ මේ රටේ අධිකරණ ධූරාවලියේ ඉහළම ධුරයක්. මෙවැනි විනිශ්චයකාරවරයෙක් කියන්නේ පහළ සිට ලොකු ගමනක් ආව පුද්ගලයෙක්. මේ රටේ ජනතාව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් වුවත් සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු වෙනවා. මෙම කොමිෂම ඉදිරියේ විභාග වුණු නඩු මොනවාද? තරුණයන් එකොළොස් දෙනෙක් ඝාතනය කළ නඩුව, එක්නැළිගොඩ නඩුව, උදයංග වීරතුංගට විරුද්ධ නඩුව. ඒ නඩුවල විත්තිකරුවන් ඇවිත් මේ කොමිෂම ඉදිරියේ පැමිණිලිකරුවන් විදිහට නඩු ඉදිරිපත් කළේ. සමහර නඩු මහාධිකරණවල, මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙනවා. මහාධිකරණයේ තිබෙන තරුණයන් එකොළොස් දෙනාගේ නඩුව, ඉවත් කරන්න කියලා මේ කොමිෂන් සභාව නිර්දේශයක් දෙනවා නීතිපතිවරයාට. එක්නැලිගොඩ සම්බන්ධයෙනුත් එහෙමයි. මේ ආකාරයෙන් ඉතාම පක්ෂග්‍රාහී විදිහට සහ විනිශ්චයකාර පරිචයක් නොමැති පුද්ගලයන් සේ මේ තීන්දු තීරණ ලබාදී තිබන බව පැහැදිලියි.

මේ කොමිෂන් සභාව ඇත්තටම පත්කරනු ලැබුවේ කුමන හේතුවකටද යන කාරණය ඉතාම පැහැදිළියි. මේ කොමිෂන් සභාව මගින් විභාගයට ගනු ලැබූ සියලුම දේවල් රාජපක්ෂලාට සම්බන්ධ නඩු. අනෙක් පාර්ශ්වය කැඳවන්නේ නැතිව, සාක්ෂි විභාගයක් නැතිව එහෙම තීන්දු ලබාදෙන කොට මොකක්ද මේ සමාජ දේහයට සිදුවන විනාශය. මුළු මහත් සමාජයම ඉතාම බරපතළ ලෙස අරාජිකත්වයකට පත්වෙනු ලබනවා. මේ තීන්දු ඓතිහාසික තීන්දු වෙනවා. විනිශ්චයකාරවරු වුණත්, විශ්‍රාම ගත්තාට පස්සේ විධායකයට ඕන ඕන විදිහට නටන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය තමයි අභියාචනාධිකරණයෙන් මේ තීන්දුවෙන් ලබාදී තිබෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය දිනෙක මාධ්‍යයට කිව්වා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සම්බන්ධයෙන් ඔහුට දැනුමක් තිබෙනවා කියලා. එක පැත්තකින් මෙය බරපතළ ප්‍රකාශයක්. ඔහු ඒ ප්‍රකාශයේදී කියනවා “මට මේක ප්‍රසිද්ධියේ කියන්නත් බැහැ. මම මේක රහසිගතව විනිශ්චයකාරවරුන්ට කියන්නම්” කියලා. ඔහු හිටපු සේනාධිනාකයා. ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා. ඒ වගේම මේ රටේ සිටි ප්‍රධාන පුරවැසියා. නැවත දෙවැනි ප්‍රකාශයක් කරනවා, “මට මේක සති තුනකට විතර කලින් කෙනෙක් කිව්වා” කියලා. පළමු ප්‍රකාශයේ ඇති බරපතළකම වැටහුණාට පසුවදෝ දෙවැනි ප්‍රකාශයට යන්නේ. මේ රටේ අපරාධ විමර්ශන ආයතනවලට විශාල වගකීමක් පැවරිලා තිබෙනවා, ඔහු මේ කිව්වේ මොකක්ද කියා සොයා බලන්න. ඒ වගේම නීතිපතිවරයාටත් වගකීමක් තිබෙනවා පොලීසියට අවශ්‍ය උපදෙස් සහ අදාළ නියෝග නිකුත් කරන්න. රටේ සිටි ප්‍රධාන පුරවැසියා ලෙස ඔහුට වගකීමක් තිබෙනවා මේ මේ අය සම්බන්ධයි කියා කියන්න. ඔහු ඒක කියන්න බැඳී සිටිනවා. අපේ රටේ නීතිය ගත්තාට පස්සේ සාක්ෂි සැඟවීම හෝ අපරාධකරුවන් සැඟවීම අපරාධ වරදක්.

මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ. එහි පැහැදිලිව සඳහන් කොට තිබෙනවා සාක්ෂි සැඟවීම, අපරාධකරුවන් සැඟවීම වරදක් බව. ඔහුගේ ප්‍රකාශය මත විමර්ශනයක් ආරම්භ කළ යුතු වෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට රහසිගතව ප්‍රකාශයක් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ 127වැනි වගන්තිය අනුව පුළුවන්කම තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට යොමු කරලා, එතැන් සිට විමර්ශනය ආරම්භ කරන්න පුළුවන්. මේ කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් විමර්ශනයක් අනිවාර්යයෙන් ආරම්භ කළ යුතු වෙනවා. හිටපු ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබෙනවා, ඔහු සේනාධිනායකයා, ප්‍රධාන පුරවැසියා, විධායකයේ ප්‍රධානියා, ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා මේ සියල්ල තිබියදී මේ සියල්ල වෙනකොට ඔහුට මේ කාරණය සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා.

npplpress

“මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය තවත් දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා සැකයි”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමයේ නීතිඥ උපුල් අබේවික්‍රම-

හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන පසුගිය මාර්තු 22 මහනුවරදී ප්‍රකාශයක් කළා, 2019 අප්‍රේල් මාසයේ කිතුනු බැතිමතුන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ මොහොතේ පවතින මැතිවරණ තත්වයන් තුළ, පාලනයට කෑදර, බලකාමී දේශපාලනඥයන්ගේ යම් දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කිව නොහැකියි. ජාතික ජන බලවේගය හැටියට අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාව කම්පනයට පත්කළ සිදුවීම පිළිබඳව නැවතත් ජනතාව ආන්දෝලනයට පත්වී සිටිනවා. යුක්තිය පසිඳලන ආයතනයන් වන නීතිපතිතුමාට, අධිකරණ පද්ධතියට, විමර්ශන ආයතනවලට සහ පොලීසිටත් මේ කාරණාව සැහැල්ලුවෙන් සලකන්න හැකියාවක් නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ 174 වගන්තිය යටතේ ඉතා පැහැදිලිව කියනවා “යම් රජයේ සේවකයෙක් වශයෙන් රජයේ සේවකයෙකුට දැනුම්දීමට හෝ යම් කරුණක් ගැන තොරතුරු සැපයීමට නීත්‍යානුකූලව බැඳී ඇති තැනැත්තෙකු විසින් නීතියෙන් අවශ්‍ය ආකාරයට හා වේලාවට එබඳු දැනුම්දීමක් හෝ තොරතුරු සැපයීමක් පැහැර හරිනු ලැබුවහොත් ඔහුට දඬුවම් කළ හැකි බව”. එසේම “එම වරද වැළැක්වීමේ කාර්ය සඳහා හෝ වරදකරුවෙකු අත්අඩංගුවට ගැනීම පිණිස බාධා වක් වන කාරණාවක් නම් ඔහුට අවුරුදු දෙක දක්වා සිරදඬුවම් දිය හැකි බව” එම දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියේ සඳහන් වෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ මොහොතේ, අපි ඊයේ දිනයේදිත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට ගරු නීතිපතිතුමා හමුවෙලා ඔහුගෙන් ඉල්ලීමක් කළේ, නීතිපතිතුමාට මේ තත්වයට මැදිහත් වෙනලෙසට. (“ජනාධිපතිවරයා දන්නා තොරතුරු අධිකරණ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් දැන් කර තිබෙනවා.”) ඒ තත්වය උඩ අපි ඉල්ලීමක් කළා පොලීසියට උපදෙස් දෙන්න, මේ ප්‍රකාශය සටහන් කරලා, වහාම අධිකරණයට කරුණු වාර්තා කරලා, බී වාර්තාවකින් මොහුගේ ප්‍රකාශය විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ප්‍රකාශය ලබාදීමට සලස්වලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු කිරීම සඳහා උපදෙස් ලබාදෙන ලෙස.

විශේෂයෙන් අපි සඳහන් කරන්නේ දේශපාලන ප්‍රයෝජන සඳහා තමන්ට අවශ්‍ය අවශ්‍ය වෙලාවට මේසා විශාල ඛේදවාචකයක් පාවිච්චි කරන්න මේ රටේ ජනතාව තවදුරටත් ඉඩදිය යුතු නැහැ. අපි යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය වන ප්‍රජාවක් හැටියට නීතිඥයන් හැටියට මේ ප්‍රශ්නය බරපතළ කාරණාවක් ලෙස දකිනවා. ඒ අනුව අපි ඉල්ලීමක් කරනවා අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මේ තැනැත්තා කියා තිබෙනවා‘ අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ස්වේච්ඡාවෙන් මේ ප්‍රකාශ කරන්න කැමතියි’ කියා. ඔහුගේ ස්වේච්ඡාභාවය ලෝකයටම පැහැදිලියි. ඔහුට තිබෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් කළාම පොලීසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් දන්නා තොරතුරු, “සති තුනකට පෙර මේ සිද්ධිය කිව්වේ කවුද?” විමසා මේ විදිහට මේ පිළිබඳ ගැඹුරු ලෙස මැදිහත් වෙන්න. මේ කරුණ ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකුටම කියනවා, මේ සිද්ධිය ලඝුකොට සලකන්න දෙන්න එපා. කළ හැකි සියල පීඩනයන් මේ ආයතනවලට එල්ල කළ යුතුයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවටත්, කාදිනල් හිමිපානන් ඇතුළු කතෝලික ජනතාවටත්, මේ රටේ ශිෂ්ඨසම්පන්න සියලු පුරවැසියන්ටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින ඇත්ත තත්වය දැනගන්න ඕනෑ. මේ අපරාධයට සම්බන්ධ තැනැත්තන් මේ සිද්ධිය අවුරුදු පහක කාලයක් තොරොම්බල් කර කර යනවා. ශිෂ්ට සමාජයක් මෙය හෙළා දැකිය යුතුයි. අද වෙනතුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසිදු පරීක්ෂණයක් සිදුකර නැහැ. මේ සම්බන්ධයෙන් අවශ්‍යවන මැදිහත්වීම කරන්න සෑම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට ඉතාම ඕනෑකමින් බලා සිටිනවා. මේ සම්බන්ධව ඉතා ළඟින් නිරීක්ෂණය කොට, අවශ්‍ය උපදෙස් ලබාදී, පොලීසිය මෙහෙයවන ලෙසට, අපි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

Show More

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ සොව පළවේ

(-Colombo, March 26, 2024-) පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ. අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු […]

(-Colombo, March 26, 2024-)

පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ.

අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තැබීය.

Vijitha@Russian-Embassy
Show More

“රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(ජාතික ජන බලවේගයේ ජන හමුව – කැනඩාවේ වැන්කුවර් – 2024.03.24) ශ්‍රී ලංකාවෙන් දුරබැහැර සුරක්ෂිත ජීවිතයක් ගත කරන ඔබ මෙතනට සහභාගි වීමෙන් පෙන්නුම් කරන්නේ අප කෙරෙහි තිබෙන විශ්වාසයයි. මා ඔබට පළමුකොට සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවෙන්න ඉඩ නොදෙන බව. අපේ රටේ කිසිදු පුරවැසියෙක් තවදුරටත් රැවටීමට හෝ පසුතැවීමකට භාජනය කරන්න අපට […]

(ජාතික ජන බලවේගයේ ජන හමුව – කැනඩාවේ වැන්කුවර් – 2024.03.24)

AKD-at-toronto

ශ්‍රී ලංකාවෙන් දුරබැහැර සුරක්ෂිත ජීවිතයක් ගත කරන ඔබ මෙතනට සහභාගි වීමෙන් පෙන්නුම් කරන්නේ අප කෙරෙහි තිබෙන විශ්වාසයයි. මා ඔබට පළමුකොට සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවෙන්න ඉඩ නොදෙන බව. අපේ රටේ කිසිදු පුරවැසියෙක් තවදුරටත් රැවටීමට හෝ පසුතැවීමකට භාජනය කරන්න අපට අයිතියක් නැහැ. ඔබ ඉදිරිපිට තිබෙන කරුණු ඔබ ඉදිරිපිට දෙන සහතිකයන් අනිවාර්ය ලෙස ආරක්ෂා කරන්න අපට යුක්තිසහගත සාධාරණ අයිතියක්, වගකීමක් තිබෙනවා. එය ආරක්ෂා කිරීම සඳහා අප බැඳී සිටිනවා. අපේ රට වෙනස් කරන්න වගේම අපේ රටේ ජීවත් වෙන ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්න ඔබට අවශ්‍යයි. අනාගත දරුවන්ට හොඳ ජීවිතයක් උරුම කර දිය යුතුයි. එම උරුම කර දිමේ වගකීම පැවරෙන්නේ ආරම්භක වශයෙන් කරනු ලබන දේශපාලන වෙනසකින්. අපේ රටත් ජනතාවත් මේ ඉරණමට ඇද දමන ලැබුවේ අපේ රටේ දේශපාලන අධිකාරිය විසිනුයි. අපේ රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි. ඒ වෙනුවට නව ජනතාවාදී දේශපාලන අධිකාරියක් ස්ථාපිත කිරීම තමයි ආරම්භය.
අද අපේ රටේ ජනතාව ඇතිවී තිබෙන සියලු ප්‍රශ්න ඉවසාගෙන දරාගෙන ඉන්නේ එළඹෙන ජාතික මැතිවරණයකදී පාඩමක් උගන්වන්නම්, තීන්දුවක් ගන්නම් කියන අදහසිනුයි. හෙට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශයක් කළොත් ඡන්දයක් තියන්නේ නැහැ කියලා, පසුවදා රනිල් ගෙදර. ජනතාව මේ සියල්ල දරාගෙන ඉන්නේ ජාතික මැතිවරණයක් එන තෙක්. ඒ නිසා අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජනාධිපතිවරණයක් නොපවත්වා හමුදා සහ දේශපාලන නායකත්වයේ අධිකාරියෙන් ආණ්ඩුව පවත්වාගෙන යනවා නම් ඒක කුමන්ත්‍රණ ආණ්ඩුවක්. අපේ රටේ පොලීසිය, හමුදාව, රාජ්‍ය පරිපාලනය මේ කිසිදු ආයතනයක් කුමන්ත්‍රණකාරී ආණ්ඩුවකට ඉඩ නොදෙන බව සහතිකයි. ඒ නිසා ඡන්දය පැවැත්වෙනවා. දැන් අපට තිබෙන්නේ ඡන්දෙදි මොකද කරන්නේ කියා කතා කරන්න. විදෙස්ගතව ඉන්න ඔබට, ශ්‍රී ලංකාවේ ඉන්න ඔබේ මිතුරන්ට ඥාතීන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්.

මෑතකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් ආණ්ඩුවට වාර්තාවක් ලබා දුන්නා. එම වාර්තාවේ ජාතික ජන බලවේගයේ වර්ධනය පිළිබඳව කරුණු දෙකක් සැලකිල්ලට භාජනය කරන බව පවසා තිබෙනවා. පළමු කරුණ තමයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ජාතික ජන බලවේගය වටා ඒකාරාශී වෙමින් මේ නැගෙමින් එන ප්‍රබෝධය අනතුරක් ලෙස සලකන්න කියා ආණ්ඩුවට කියා සිටියා. දෙවැනි කරුණ තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය වටා, විශ්‍රාමික නාවුක හමුදාවේ, ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් පොදි බැඳගෙන එකතුවීම අනතුරක් විදිහට ඔවුන් දකිනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නැගීසිටීම සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නැගී සිටීම ජාතික ජන බලවේගය ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා යන ගමන වැළැක්වීම සඳහා ප්‍රධානම බාධාව බව ආණ්ඩුවට ඉදිරිපත් කරමින් කියනවා. එළඹෙන මැතිවරණයේදී, ආණ්ඩු තීරණය කිරීමේ බලයේදී ඔබගේ තිබෙන හයිය අපටත් වඩා හොඳින් ඔවුන් දන්නවා. සමහර විට ඔබට ඡන්ද බලය නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔබගේ හඬ, ඔබගේ අවදිවීම, ඔබගේ පෙනී සිටීම, කතා කිරීම ශ්‍රී ලංකාව තුළ ප්‍රබලතම ජනතා බලයක් නිර්මාණය කරනවා. ඔබ කැනඩාවේ ජීවත් වෙමින් ඔබගේ මිතුරන්ට, ඥාතීන්ට, මේ පණිවිඩය දෙනවා නම්, සමාජ මාධ්‍ය ඇතුලේ ඔබගේ හඬ, ඔබගේ මතය ප්‍රකාශයට පත්කරනවා නම් එය ඡන්දය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. හැබැයි මැතිවරණ සමය ආසන්නයේදී ලංකාවට ඇවිදින් ඔබ සක්‍රීයව මැදිහත් වෙන්න සූදානම් නම්, මේ ප්‍රවාහය නතර කරන්න කිසිකෙනෙකුට බැරි බව අපි දන්නවා. මේ පරිවර්තනය කිරීම සඳහා ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කර ගනිමින් දූෂිත, ප්‍රභූ තන්ත්‍රය පරාජය කර මේ අත්වී තිබෙන ඉරණමෙන් අපේ රට මුදා ගැනීමට එකතු වන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.

AKD-at-toronto

අපි මේ රට ගොඩනැගීමේ ව්‍යායාමය පටන් ගනිමු. අපෙන් අසන පළමුවැනි ප්‍රශ්නය තමයි, ඕගොල්ලන්ට මේ රට ගොඩනැගීම සඳහා කණ්ඩායමක් ඉන්නවාද? මේ රට ගොඩනැගීම සඳහා ඒ ඒ විෂයයන් මෙහෙයවීම සඳහා, ඒ විෂයයන් පිළිබඳ අත්දැකීමක්, හැදෑරීමක් තිබෙන කණ්ඩායමක් සිටිය යුතුයි. සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව නිපුණතාවය තිබෙන, හැකියාව තිබෙන කණ්ඩායම් අප සතුව ඉන්නවා. පොතපතෙහි ඉගෙන ගත් අය පමණක් නොවෙයි, විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි ලබාගත් අය පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයේ නම් ගොවි ජනතාවත් එක්ක ගැටගැහෙමින් ඒ ජීවිත අත්විඳපු මිනිස්සු ඉන්නවා. අපි ඔබට සහතික වෙන්නම්, ලංකාවේ මෙතෙක් ගොඩනැගුණු ඒ විෂයන් පිළිබඳ නිපුණතාවය තිබෙන, දක්ෂතාවය තිබෙන අයගෙන් අපි කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ලංකාවේ හොඳම කැබිනට් මණ්ඩලය බවට පත්වෙනවා. කැබිනට් අමාත්‍යවරයා සාමූහික ක්‍රියාදාමයක යෙදෙන ක්‍රමවේදයක් අපි හදනවා. අපේ කැබිනට් මණ්ඩලයේ ඕනෑම අමාත්‍යවරයෙක් දන්න දේවල් තියෙන්න පුළුවන්. නොදන්න දේවල් තිබෙන්න පුළුවන්. අපි මිනිස්සු.

මිනිස් ශිෂ්ටාචාරය ඉස්සරහට යන්නේ කොහොමද? මිනිස් ශිෂ්ටාචාරය මෙතනට ඇවිත් තිබෙන්නේ තනි තනි මිනිසාගේ මහා විස්කම් නිසා නොවෙයි. මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ සාමූහිකත්වය මත. ලෝකය ඉස්සරහට යන්නේ සාමූහිකත්ව මතයි. අපි ගොඩනගන්නේ එවැනි වර්ගයේ පාලනයක්. කෘෂිකර්ම අමාත්‍යවරයා නම්, ඔහුට ඉතාමත් ශක්තිමත් උපදේශ මණ්ඩලයක් සිටිය යුතුයි. බීජ පිළිබඳ, පස පිළිබඳ, නව බෝග පිළිබඳ, වෙළඳපොළ පිළිබඳ වැනි එක් එක් අංශ පිළිබඳ පර්යේෂණ කළ අත්දැකීම් තිබෙන කණ්ඩායමක් ඉන්න ඕනෑ. එවිට තමයි ගන්න තීරණ සෑම පැත්තකින්ම කිරාමැන බලා සුදුසු තීරණ ගත හැකිවන්නේ. එවැනි ව්‍යුහයක් අපි ස්ථාපිත කරනවා. සෑම අමාත්‍යාංශයකටම පැවරෙන විෂයයන් පිළිබඳ පුළුල් අත්දැකීම් සහ දැනුමක් තිබෙන කණ්ඩායම්වලින් මණ්ඩලයක් ගොඩනැගෙනවා. ඒ මණ්ඩලය තමයි අමාත්‍යවරයාට තීන්දුවක් ගැනීම සඳහා අවශ්‍ය වෙන සාකච්ඡාව කරදෙනු ලබන්නේ. ඒ මණ්ඩලයෙන් පරිබාහිරව වැදගත් තීන්දු ගන්න ඕනෑම කෙනෙකුට ඒ තීන්දුව ගැන අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය සභාවන් අපි නිර්මාණය කරන්න ඕනෑ. මේ රට අර්බුදයෙන් ගොඩ එන්න නම් සාමූහික මැදිහත්වීමක්, සාමූහික ක්‍රියාකාරිත්වයක් අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි, ඒ හැම දෙනාම අවංක, අදූෂිත, මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ධෛර්යය සම්පන්න මිනිස්සු වෙන්න ඕනෑ. මග දාලා යන, අත්හැර යන මිනිසුන් බවට පත්වෙලා වැඩක් නැහැ. අභියෝගයක් තිබෙනවා, ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා වුවමනාව, කැපකිරීම සහිත මිනිස්සු සමුදායක් මේ රට වෙනස් කිරීම සඳහා මැදිහත් වෙයි කියා අපි සිතනවා.

AKD-at-toronto

අපෙන් අහනවා, ඕගොල්ලන්ට විදෙස් සබඳතා නැහැනේ, සුද්දෝ අඳුරන්නේ නැහැනේ කියලා. විදෙස් සබඳතා යනු රාජ්‍යයන් රාජ්‍යයන් අතර තිබෙන සබඳතාවයන්. යාළුකම්වලට ලෝකෙ සලකන්නේ නැහැ. අපේ රටට මෑත කාලයේ ශක්තිමත් සබඳතා තිබුණේ නැහැ. අපේ රටේ නායකයන්ව විදෙස් සමාගම් විසින් මිලදී ගත්තා. එහෙම මිලදී ගත්තේ නැතිනම් හම්බන්තොට වරායක් ඇතිවෙන්නේ නැහැ. අපේ ජාතික සැලැස්මේ හම්බන්තොට වරාය තිබෙන්නේ ටිකක් යටින්. ජාතික සැලැස්මේ උඩින් තියෙන්න ඕනෙ තෙල් පිරිපහදුව. අපේ තෙල් පිරිපහදුව ආරම්භ කළේ 1969දී. මීට අවුරුදු 55කට කලින් අරඹපු තෙල් පිරිපහදුවෙන් තමයි අපි අදටත් තෙල් පිරිපහදු කරන්නේ. එදා අපේ අවශ්‍යතාවයට සරිලන ධාරිතාවක් ඒකේ තිබුණා. අද 1969 ධාරිතාව හතර ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. නමුත් තෙල් පිරිපහදුවේ ධාරිතාව වැඩිවුණේ නැහැ. අවුරුදු 55ක් යනකොට තෙල් පිරිපහදු තාක්ෂණය දියුණු වෙලා තිබෙනවා. වැඩිපුර හැදෙන්නේ නැප්තා. ඉරානයෙන් එන ඔයිල් පමණයි අපට පිරිපහදු කරන්න පුළුවන්.

බලශක්තිය අපේ රටේ ප්‍රධාන ගැටලුවක්. තෙල් මිල ඉහළ යාම, තෙල් මිලදී ගැනීම, තෙල් සඳහා ඩොලර් ගලාගෙන යාම, මේ අනුව බලශක්තිය ප්‍රධාන අර්බුදයක්. ඒ නිසා අපේ ආර්ථික සැලැස්මක උඩින්ම එන්න තිබුණේ, තෙල් පිරිපහදුව. 2017 කරපු ශක්‍යතා අධ්‍යයනයක් තිබෙනවා. පිරිපහදුවට වියදම ඩොලර් බිලිනය එකයි. හම්බන්තොට වරායට වියදම ඩොලර් බිලයන 1.3යි. පිරිපහදුව යට ගිහින් වරාය උඩට එන්නේ ඇයි? චීන භූ දේශපාලන වුවමනාවට අපේ නායකයන් උපයෝගී කරගත්තේ කොහොමද? සල්ලි. මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂට කීවා, “ඔයාට චීන සමාගම් සල්ලි දීපු චෙක්පත්වල අංක මා ගාව තිබෙනවා කියලා”. මහින්ද රාජපක්ෂ මහත්මයා “හ්ම්.. හ්ම්..” කීවුවා. මම කියන්න උත්සාහ කළේ අපට ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් තිබුණේ නැති බව. අපි එකක් ඔබට සහතික කර කියන්නම්, අපිව මිලදී ගන්න බැහැ කාටවත්. අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ, එය අපේ රටට එය මොනතරම් ප්‍රමාණයකට වාසිද නැද්ද, කියන සාධකය මත.

AKD-at-toronto

ලෝකය වෙනස් වී තිබෙනවා. 90ට පෙර ලෝකය දෙපලු වුණු ලෝකයක්. 90න් පස්සේ සමාජවාදී කඳවුර බිඳ වැටුණාට පස්සේ ඇමෙරිකාව ප්‍රමුඛ කොටගෙන ඒක ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. 2000 අවසන් වෙන කොට ලෝකයේ තවත් බල කේන්ද්‍ර ගොඩක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඉන්දියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, යුරෝපා හවුල වැනි කේන්ද්‍ර ගණනාවක ලෝකයක් දැන් තිබෙන්නේ. වර්තමාන ලෝක බල තුලනයේදී අපේ රට පිහිටා තිබෙන තැන ඉතා වැදගත්. ඒ නිසා තමයි හැම යුගයකම බලවත් වෙන රාජ්‍යයන් අපේ රට ආක්‍රමණය කළේ. මේ පිහිටීම හරි සැලැස්මක් එක්ක රටේ ප්‍රගමනය සඳහා උපයෝගී කර ගන්න පුළුවන්. අපට ඉතාමත් ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකයේ ඇතිවී තිබෙන බල ගැටුමට හසුනොවෙන, ශ්‍රී ලංකා භූමිය යුද පිටියක් බවට පත්නොවෙන, විදෙස් ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. සරලව ගත්තොත් චීන ඉන්දියා ගැටුමේ කේන්ද්‍රය බවට ලංකාව පත්නොවිය යුතුයි. අපේ රටේ විදෙස් සබඳතා පිළිබඳ දැනුම තිබෙන රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරීන් කැමැත්තෙන් සහයෝගය දීමට ඉදිරිපත්වී සිටිනවා.

නව ආර්ථික දිශානතියකට, අපි ගමන් කරමින් තිබෙන ආර්ථික පාරෙන් නව ආර්ථික පාරකට යොමු කිරීම සඳහා නව සැලැස්මක් එක්ක අපි වැඩ කරමින් තිබෙනවා. අපට බලය ලබාගැනීම සඳහා සැලසුමක් තිබෙනවා. බලය හසුරුවන්නේ කවුද කියා සැලසුමක් තිබෙනවා. හසුරුවා කරන්නේ කුමක්ද කියා සැලසුමක් තිබෙනවා. අපි පොර බදලා මහන්සි වෙලා වැඩ කරමු. ඔබ ජීවිතයේ විවිධ අභියෝගවලට, දුෂ්කරතාවලට මුහුණ දී ධෛර්යයෙන් ජයගෙන තිබෙනවා. ඔබ මේ ජීවිතය අත්පත් කර ගෙන තිබෙන්නේ විශාල අභියෝගයන් මැදයි. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය වැයකොට වැඩකර තිබෙනවා. මේ මාස හය හත ඒ ධෛර්යයෙන් යුතුවම අපේ රට වෙනස් කිරීම සඳහා මැදිහත්වන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා.

AKD-at-toronto

පාස්කු ප්‍රහාරයට අදාළ සාධාරණත්වය ඉල්ලීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්…

පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුත් පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය නැහැ. ප්‍රහාරයේ කරන ලද පරීක්ෂණවලින් මතුවී තිබෙන ගැටලු කිහිපයක් තිබෙනවා. සහරාන්ලගේ පළමු ප්‍රහාරය වුණේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට අවි ආයුධ පැහැර ගැනීම. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරගෙන යනකොට, ඊට දවසකට පස්සේ ඒ පොලිස් නිලධාරීන් ඝාතනය කරපු මුරපොළ ආසන්නයේ බෝක්කුවක් යට ජැකට් එකක් තිබුණා. පොලිස් සුනඛයන් දාලා මේ ජැකට් පිටුපස්සේ ගෙනිච්චා. ඒක ආනන්දන් කියලා හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුගේ නිවසක් හමුවුණා. ඔක්තෝබර් මාසේ 28 වගේ සිදුවුණු නිසා, එම පරීක්ෂණය යොමු වෙන්න පටන් ගත්තා එල්.ටී.ටී.ඊ. එකට යොමු කරන ලද ප්‍රහාරයක් බවට ගෙතුවා. පරීක්ෂණයෙන් හෙළිවෙන්න ඕනෙ කවුද ඒ ජැකට් එක දැම්මේ. සහරාන්ගේ දිසාවට පරීක්ෂණය යොමු වෙනවා වෙනුවට, වෙන දිසාවකට යොමු කළේ කවුද? පළමු ප්‍රශ්නය එයයි. තාජ් සමූද්‍රා හෝටලයේ පුපුරවා ගන්න ආව ජමීල් නැමැති පුද්ගලයා, එය පුපුරවා ගන්නේ නැතිව දෙහිවල ප්‍රදේශයේ ලැගුම් හලකට යනවා. ලැගුම්හලේ බෑග් තියලා ආසන්නයේ වූ පල්ලියට එනවා. මෙයාගේ හැසිරීම නිසා කට්ටිය කලබල වෙනවා. පල්ලිය මුරකළ විශ්‍රාමික පොලිස් නිලධරයා මොහුව ප්‍රශ්න කරනවා. ඔහුගේ හැඳුනුම්පත දී ඔහු යනවා. මුරකරු ජමීල්ගේ බිරිඳට කෝල් එකක් ගන්නවා. බිරිඳ පිළිගන්නවා ඔහු තමන්ගේ මහත්තයා බවට. එතකොට මෙයාව යවනවා. ගිහින් එයා හෝටලයේදී පුපුරවා ගන්නවා. ඊට මොහොතකට කලින් අර මුරකරුගේ දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ ජමීල්ගේ ගෙදරට බුද්ධි අංශ නිලධාරීන් ගිහින් තිබෙනවා. එතකොට පුපුරවා ගැනීමට පෙර බුද්ධි අංශ නිලධාරීන් ජමීල්ගේ ගෙදර ගියේ. ඒක දෙවැනි ප්‍රශ්නයයි. තුන්වෙනි ප්‍රශ්නය මේ ප්‍රහාරය අයි.එස්.එස්. ආරම්භයේදී බාර ගත්තේ නැහැ. ඒ ගොල්ලෝ දිවුරුමක් දෙන්න ඕනෑ. ඒ දිවුරුම දුන්නේ නැහැ කියලා, ඒගොල්ලෝ බාර ගත්තේ නැහැ. මාතලේ සිටියා පොඩි සහරාන් නැමැත්තෙක්. එයා මැලේසියාවේ ඉන්න කෙනෙකුට කතා කරලා කියනවා, මේක බාරගන්න කියලා. බාර ගන්නේ නැහැ. ඊට පස්සේ දිවුරුමක් දෙන ඡායාරූපයක් ඒගොල්ලෝ ප්‍රසිද්ධියට පත්කරනවා. ඡායාරූප ප්‍රසිද්ධියට ප්‍රකාශයට පත්කළාට පස්සේ ප්‍රහාරය ඒගොල්ලන්ගේ කියලා බාර ගන්නවා. අර පොඩි සහරාන්ට දුරකථන ඇමතුමෙන් කතා කරලා කියලා තිබෙනවා, මේක අයි.එස්.එස්. ප්‍රහාරයක් කියලා බාර ගන්න කියලා බල කරන්න කියලා. අන්න ඒ කිවුවේ කවුද? ඒ කවුද යන්න වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා. මේ තොරතුරු අප්‍රේල් 4 එනවා. අප්‍රේල් 8 එනවා, අප්‍රේල් 16 එනවා. අප්‍රේල් 21 ප්‍රහාරය දවසේ උදේ හතට එනවා, ගහන්නේ පල්ලිවලට සහ හෝටල්වලට කියලා. මේ තොරතුරු ඉතාම සමීපතම තැනකින් තමයි එන්න ඕනෑ. ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ආවේ නැහැ. බත්තරමුල්ල ප්‍රදේශයේ කඩයකින් සපත්තු සහ බෑග් මිලදී ගන්නවා, ඒ තොරතුරු ආවා නම් ප්‍රහාරකයට කලින් අත්අඩංගුවට ගන්න පුළුවන්. පානදුර ප්‍රදේශයේ නිවසක් බදු කුලියට ගන්නවා. පානදුර ප්‍රදේශයේ ලැගුම්හලකට ගිහිල්ලා මරාගෙන මැරෙන බෝම්බ සූදානම් කරනවා. ඒ තොරතුරු ආවා නම් ප්‍රහාරයට කලින් අත්අඩංගුවට ගත හැකි වෙනවා. පුපුරන ද්‍රව්‍ය සකස් කරන්නේ පානදුර නිවසකදී. උදේ හතට ගහනවා කියන තොරතුරු එනවා නම් ඇයි අර තොරතුරු එන්නේ නැත්තේ. පරීක්ෂා කරන්න ඕනෑ. ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් තොරතුරු සඟවා ප්‍රහාරය වෙන්න ඉඩදී තොරතුරු එව්වාද? මේක හතරවෙනි ප්‍රශ්නය. මේකත් පරීක්ෂා කරන්න ඕනෑ. මේ තොරතුරු හෙව්වොත් ප්‍රහාරකයන් කවුද කියා සොයා ගත හැකියි. දැන් මෛත්‍රීපාල සිරිසේන කිවුවා එයා කවුද කියලා දන්නවා කියලා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු මාස 17ක් ප්‍රහාරයන් පස්සේ බලයේ සිටියා. ජනතාව ජන වරමකින් ආරක්ෂාව පිළිබඳ වගකීම ඔහුට බාරදී තිබුණා. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලක්ෂ 100ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුව දුන්නේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන වගකීම අත්හැරීම පිළිබඳව ඔහු වරදකරුවෙක්. ඔහු දැන් කියනවා “මම දන්නවා” කියලා. “මට ජීවිත තර්ජනයක් එයි” එයාගෙ ජීවිතේ විතරද ජීවිතේ. ජීවිතවලින් තුවාලකරුවන්ගෙන් විතරක් නොවෙයි අපරාධය මනින්න පුළුවන්. ඒ අපරාධය විසින් සමාජයක් දෙකඩ වුණා. මුස්ලිම් ජනතාවට පාරට බහින්න නොහැකි වුණා. ඒ නිසා එයාව ප්‍රශ්න කරන්නත් ඕනෑ. ඔබ අපෙන් සාධාරණය ඉල්ලුවා. මේ පිළිබඳව පරීක්ෂණ කරලා, නිසි වැරදිකරුවන් අධිකරණය හමුවට පමුණුවන බවට අපි ඔබට සහතික වෙනවා.

AKD-at-toronto
AKD-at-toronto
Show More

“වට්ටපු රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්න අපට අවශ්‍යයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

(ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.23) මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරාගෙන අපේ රටට අලුත් පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු සහිතව වැඩකරන පිරිසක්. ඒ නිසා අපි කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කරන්න “ගැහැනු අපි එක මිටට” කාන්තා සමුළු පවත්වමින් යනවා. මේක කාන්තාවන් එකතු වෙලා තමන්ගෙ ධෛර්යය, ශක්තිය පෙන්වමින් මුළු රටම පෙළගස්වමින් යන […]

(ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.23)

Gahanu-Api-Puththalama

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරාගෙන අපේ රටට අලුත් පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු සහිතව වැඩකරන පිරිසක්. ඒ නිසා අපි කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කරන්න “ගැහැනු අපි එක මිටට” කාන්තා සමුළු පවත්වමින් යනවා. මේක කාන්තාවන් එකතු වෙලා තමන්ගෙ ධෛර්යය, ශක්තිය පෙන්වමින් මුළු රටම පෙළගස්වමින් යන වෙලාවක්. ඒ වෙලාවෙ පුත්තලම වගේ දිස්ත්‍රික්කයක මෙතරම් විශාල පිරිසක් එකතු කර ගන්න ලැබීම රටම ජයග්‍රහණය කරන කොට ඒ සමගින් පුත්තලමත් එකතු වෙන්න ලැහැස්තියි කියන එක, පුත්තලමේ ගැහැනුත් ජයග්‍රහණය සඳහා පෙළගැහෙන්න සූදානම් කියන එක පෙන්වා දී තිබෙනවා.
අපි මේ අවුරුද්දේ රටේ පාලනයේ වෙනසක් කරන්න යනවා. අලුත් ආණ්ඩුවක් හදන්න. මේ අලුත් ආණ්ඩුවක් විතරක් නොවෙයි අපි හදන්න යන්නේ. මීට ප්‍රථමත් ආණ්ඩු හැදුවා. ඒවා අලුත් ආණ්ඩු වුණාට අපේ රටට අලුත් වුණේ නැහැ. අපේ ජීවිත අලුත් කළේ නැහැ. මේ අපි හදන්න යන්නේ අලුත් ආණ්ඩුවක් විතරක් නොවෙයි. අපට ඕන වෙලා තිබෙනවා අපි ඔකකෝම එකතු වෙලා මේ වට්ටපු රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්න. ජනතාව ඒකරාශී කරගෙන ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් කරා මේ රට වෙනස් කිරීම සඳහා ගමනක යන්න. අපි විශාල කර්යභාරයක් පවරාගෙන තිබෙනවා. මේ වෙන්න යන්නේ සරල වෙනසක් නොවෙයි; අපේ ආර්ථිකයේ, සමාජයේ සහ ජීවිතයේ විශාල ගුණාත්මක වෙනසක්.

අපේ රටේ ගැහැනු බලවේගයක් ලෙස එකතු කරන්නේ ඡන්දෙ ගන්න විතරක් නොවෙයි. මෙතෙක් කල් අපේ රටේ කාන්තාවෝ පාවිච්චි කළේ ඡන්දෙ ගන්න විතරයි. මේ එකතු කරන්නේ, ඡන්දෙ අරගෙන ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව එක්ක අත්වැල් බැඳගෙන වඩා සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නයි; ගැහැනුන්ට ආරක්ෂාව තිබෙන, ගැහැනුන් හැකියාවන් පිළිබඳ ඇගයීමක් තිබෙන, ගැහැනුන්ට ගරුත්වය තිබෙන අපි හැමෝටම මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි අලුත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා කාන්තාව සක්‍රීයව දායක කර ගන්නයි. අපේ රටේ වට්ටපු ආර්ථිකයක් තිබෙනවා ගොඩගන්න. අවුරුදු 76ක් තිස්සේ අපේ රට වට්ටලා තිබෙන්නේ. අපි මුහුණපාන ප්‍රශ්නවලට ආරම්භක හේතුව ඒක. 2022 අප්‍රෙල් මාසෙ ආණ්ඩුව නිල වශයෙන් ලංකාව බංකොලොත් කළා. අපේ රට ගෙවා ගන්න බැරිතරම් ණය කන්දක හිරකළා. තාමත් අපි ණය ගෙවන්නේ නැතිව ජීවත් වෙනවා. මේ දවස්වල පොඩි සහනයක් වගේ දැනෙන්නේ ආණ්ඩුව ණය නොගෙවීම නිසා ඇති තත්වයයි.

මීට වසර දෙකකට කලින් ෂෙඩ්වල තෙල් තිබුණේ නැහැ. අවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. නිෂ්පාදනය කරන්නේ නැහැ. ණයට කාල ජීවත් වුණේ. අතේ ඩොලර් ටිකක් තියෙනවා. ණය ගෙවන්නයි බඩු ගේන්නයි දෙකම කරන්න බැරිව ගියා. 2022 කාලේ තෙල් නැව මුහුදේ තිබෙනවා. තෙල් ටික බාගන්න ආණ්ඩුව ඩොලර් 300ක් 400ක් සොයා ගන්නකම් නැව මුහුදේ තියාගෙන ඉන්නවා. වාහන තිබෙන අය ෂෙඩ් එක ළඟ පෝලිමේ ඉන්නවා. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කළා රට බංකොලොත් කියා ප්‍රකාශ කොට ණය නොගෙවා ඉන්න. ඒ නිසා අතේ තිබෙන ඩොලර් ටිකෙන් බඩු ටිකක් ගේන්න පුළුවන්. හැබැයි අපි ඊළඟ මාසෙ ඉඳලා ණය ගෙවන්න පටන් ගන්න ඕනෑ. බන්දුල ගුණවර්ධන මහතාම කිවුවා ආයි ණය ගෙවන්න පටන් ගත්තාම මේ තියෙන සනීපෙ නැතිවෙනවා කියලා. තියෙන සල්ලි ටික ණය ගෙවන්නයි, බඩු ගේන්නයි දෙකටම මදි. මේ විදිහට තවදුරටත් යන්න බැහැ.

මේක වෙනස් කරන්න ඕනෑ. අපට ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් ඕනෑ. ඒකට බලවේගයක් ලෙස කාන්තාවෝ දායක කර ගන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. දැනටමත් අපේ ආර්ථිකයේ විශාල පංගුවක් උපයන්නේ කාන්තාවෝ. එසේ වුවත් එයාලට සමාජ ඇගයීම, සමාජ අවධානය යොමු වී නැහැ. අඩුතරමින් සමාජය එය පිළිඅරගෙන නැහැ. තේ ගස්වල දළු නෙළලා, රබර් කට්ටියේ කිරි කපලා, මැදපෙරදිග රස්සා කරලා, ඇඟලුම් කම්හලේ වැඩකරලා, උපයන ඩොලර් ටික පාලකයෝ කණ්ඩායමක් නාස්ති කරලා තියෙනවා. මහන්සි වුණු ජනතාව දුකට පත්වෙලා තිබෙනවා. ඒක වෙනස් කරන්න, ආණ්ඩුවක් වෙනස් කරන්න අපි හදන්නේ. අපි මේ කතාකරන්නේ අවුරුදු 76කට පස්සේ අපේ ඉතිහාසය වෙනස් කරලා, ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමේ අභියස සිටගෙනයි. ආණ්ඩුවක් හදන එක විතරක් නොවෙයි ඔබ සියලු දෙනා ඒ ආණ්ඩුවත් එක්ක රට හදන්න එකතුවෙන කොටස්කාරයෝ. අපේ ජීවිත කාලය තුළ අපේ දුක නිමාකරලා රට ගොඩගැනීමේ කාර්යයකට අපි සියලු දෙනාටම සජීවීව සම්බන්ධ වෙන්න ලැබීමම අපේ ජීවිතයට ලැබුණු එක්තරා භාග්‍යයක්.

Gahanu-Api-Puththalama

මේ දිනවල ප්‍රවෘත්තියක් යනවා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් තියන්න ඕනෑ කියලා. පසුගිය 05දා බැසිල් රාජපක්ෂ ලංකාවට ආවා. මේ ආවේ රටේ මිනිස්සුන්ට අමාරුයි රට බේරා ගන්නද? පසුගිය කාලයේ ආණ්ඩුව විදුලි ගාස්තු වැඩිකරලා, තෙල් මිල වැඩි කරලා, වැට් එක වැඩි කළා, බදු වැඩි කළා, බඩුමිල වැඩිවුණා කාන්තාවන්ට විශාල දුෂ්කරතාවයක් හැදුවා. ඒ වෙලාවේ බැසිල්ලා ආවේ නැහැ. මේ වෙලාවේ බැසිල් ආවේ රාජපක්ෂ පවුල බේරාගන්න. රාජපක්ෂ පවුලේ ඔටුනු ගැලවෙන්න යන්නේ. සිංහාසනයෙන් බහින්න සිදුවෙලා තිබෙනවා. බලය අත්හැරපු ගමන් යන්න වෙන්නේ මහඋළු ගෙදර යන්න වෙන බව දන්නවා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් තියන්න යෝජනා කරනවා. මේ ජනතාවට ආදරයෙන් ගේන යෝජනා නොවෙයි. ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණය තියන්න ඕනෙ ලබන අවුරුද්දේ. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 17ට කලින් සැප්තැම්බර් මාසේ 17ට පස්සේ සෙනසුරාදාවක අපේ රටේ ජනාධිපතිවරණය තියන්න ඕනෑ. රටේ කරන ලද සමීක්ෂණ වාර්තා, ජනතා ප්‍රතිචාර සියල්ල ගත්විට ඉර හඳ වගේ පැහැදිලියි, ජාතික ජන බලවේගයේ අපේක්ෂක, අනුර දිසානායක සහෝදරයා දිනවන්න අපේ රටේ ජනතාව පෙළ ගැසී ඉන්නවා කියන එක. ඒක වළක්වන්න බැරි නිසා මන්ත්‍රීකම් ටිකක්වත් බේරා ගන්න මහ ඡන්දය තියන්න යෝජනා කරනවා. ජනාධිපතිවරණයේදී එයාලට ඉල්ලන්න අපේක්ෂකයෙක්වත් නැහැ. රටක් වැටිලා, ආර්ථිකය සමතලා වෙලා, ණය බරින් මිරිකිලා, ජනතාවට තුන්වේල කන්න බැරිවෙලා, බදු මිල වැඩිවෙලා, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බැරිවෙලා, රට පුරා විෂ මත්ද්‍රව්‍ය පැතිරිලා, අපරාධ පැතිරිලා, ඒක බේරා ගන්න උත්සාහ කරන්නේ නැතිව තමන්ගෙන් ගිලිහෙන්න යන පාලනය බේරා ගන්න දඟලනවා.

අපේ පාලකයෝ හැමදාම හිතුවෙත් දැන් හිතන්නෙත් ජනතාවගේ බඩ ගැන නොවෙයි තමන් ගැන. මෙයාලා මේතරම් බලයට කෑදර ඇයි? ඒ ගොල්ලන්ට බලය කියන්නේ ධනය. එයාලා බලය පාවිච්චි කරලා තමයි ධනය උත්පාදනය කරන්නේ. ඡන්ද කාලයේදි අර එකතු කරපු ධනය ටිකක් වියදම් කරලා ආයිමත් බලය ගන්නවා. සජිත් පේමදාස මේ දවස්වල හට් ගහලා හාල් මිටි පේන්න තියනවා. හරියට සත්තු දඩයම් කරන්න තියෙනවා වගේ. කුරුල්ලා අල්ල ගන්න උගුල අටවලා ඒකට වී ටිකක් දාලා තියනවා වගේ හාල් මිටි පේන්න තියලා. පස්දෙනෙක් ඉන්න ගෙදරකට දවස් 05ක් කන්න හාල් කිලෝ 10ක් දීලා, ඒගොල්ලෝ අවුරුදු පහකට රට ඉල්ලා ගන්නවා. ඒ අවුරුදු පහේම ජනතාව බැන බැන හූල්ල හූල්ල ඉන්නවා. අපි ඒක වෙනස් කරන්න ඕනෙ නැද්ද? අපි කියන්න ඕනෑ ඒ ඉතිහාසය ඉවරයි, මාලිමාව දිනවලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා. අපේ මහජන මුදල්වලින් දෙන ඒවා ගන්න. හැබැයි වැරදි දේශපාලන තීන්දුවක් ගන්න එපා. එයාලා හැමදාම ජනතාව දුප්පත්කමේ තියලා, මානසිකව අපව වට්ටලා ඒ දුප්පත්කම පාවිච්චි කරනවා ඡන්දෙ ගන්න. මේක සමාජයට කර තිබෙන අපරාධයක්. මේ අපරාධයෙන් අපි සමාජය ගලවා ගන්න ඕනෑ.

මේ පාලකයෝ රට හදන අයවත් ජනතාවගේ හැඟීම් තේරුම් ගන්නා අයවත් නොවෙයි; නිර්වින්දනය කළ කට්ටියක්. අපේ රටේ ජනතාව පාරට බැස්සා, විශාල උද්ඝෝණයක් තිබ්බා මේ පාලනයට එරෙහිව. ජනාධිපතිවරයා එළවා දමන මට්ටමේ උද්ඝෝෂණයක්. ඒ අරගලයේ තිබුණු එක කරුණක් තමයි, මේ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියන එක. වංචා, දූෂණ, හොරකම නවත්වන්න කියන එක තිබුණා. දේශපාලකයා වරප්‍රසාද ගන්න එක වැරදියි කියන එක තිබුණා. මහජන මුදල් නාස්ති කරන එක වැරදියි කියන මතයක් තිබුණා. මහජනතාවගේ දැවැන්ත නැගිටීමක් වුණාට පසුව වත් මේ ගොල්ලෝ පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවක් තිබෙනවා. ඒකෙන් කරන්නේ රාජ්‍ය ආයතනවල ගිණුම් පරීක්ෂා කරලා, එවායේ වංචා, දූෂණ පිළිබඳව සොයා ගන්න. රනිල් – රාජපක්ෂලාගේ ආණ්ඩුව ඒ කොප් සභාවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන පත් කළා. රෝහිතට නඩුවක් තිබුණා. රුපියල් කෝටි 45ක වත්කම් තිබෙනවා, උපයාගත් ක්‍රමය කියාදෙන්න තේරෙන්නේ නැහැ. ඒක උපයා ගත්තේ කෙසේද කියා දැනගන්න නඩුවක් දමා තිබුණා. නඩුව පැවරීමේ තිබූ දුර්වලතා නිසා නඩුව ඉවත දැමුණා. ඒ රෝහිත හොරු අල්ලන එකේ සභාපති. අද හොරු කෝප් කමිටුව අල්ලගෙන. කෝප් කමිටුවට රෝහිත වගේ කෙනෙක් දාන එක වැරදි බව රනිල්ට දැනෙන්නේ නැතිනම්, ජනතා මතයට අභියෝග කරනවා නම්, ඒ ගොල්ලෝ කවදාවත් ජනතාව ගැන හිතන්නේ නැහැ. ඊයේ පුවත්පතක ප්‍රවෘත්තියක් තියෙනවා සීනෝර් එකේ සභාපති ඉල්ලා අස්වෙලා, කියලා. ඒකට හේතුව රාජ්‍ය ඇමති පියල් නිශාන්ත එයාට බල කරනවාලු සල්ලි ඉල්ලලා. පියල් නිශාන්තට බඩු බෙදන්න සීනෝර් එකේ සභාපතිට කියනවාලු මුදල් වෙන්කර දෙන්න කියලා. ඒගොල්ලෝ තාමත් දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගන්නේ නැහැ.

Gahanu-Api-Puththalama

අපේ රට මෙතනට වට්ටපු ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් අපට නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැහැ. දෙක තමයි, මේ වංචා, දූෂණ හොරකමෙන් පිරුණු සංස්කෘතිය. මේ කරුණු දෙක වෙනස් නොකර මේ රට ගොඩනඟන්න බැහැ. අපේ රට හදනවා නම් ගොඩාක් සම්පත් තිබෙන රටක්. විශාල මහ මුහුදක්, ලස්සන වෙරළක්, තිබෙනවා. අද ධීවරයාගේ බෝට්ටු තිබෙන්නේ මුහුදේ නොවෙයි. ගොඩබිමේ. බෝට්ටුවක් දියත් කරන්න බැහැ. තෙල් මිල, භාණ්ඩ මිල වැඩියි. ඒ නිසා ධීවර කර්මාන්තය වැටිලා තිබෙන්නේ. මේ පැත්තේ ඉස්සෝ කර්මාන්තය කරනවා. ඒක ඩොලර් උපයන්න හැකි සම්පතක්. ඒක මෙහේ අය කරන්නේ බැංකු ණය අරගෙන. ආණ්ඩුව කරන්නේ ජාවාරම්කරුවන් අල්ලගෙන විදේශවලින් ලාබෙට ඉස්සෝ ගෙන්වනවා. ඒ ගෙනාපු ගමන් මෙතන කර්මාන්තය කඩා වැටෙනවා. රට ගොඩනගන්න කර්මාන්ත ගොඩනගන්නේ නැතිව මේ රට කොමිස්වලට ලාබෙට රටින් භාණ්ඩ ගෙනාව රටක්. ලංකාවේ බිත්තර නිෂ්පාදනය කඩා වැටෙන කොට ආණ්ඩුව මැදිහත්වෙලා එය නඟා සිටුවනවා වෙනුවට ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා. දවසකට බිත්තර මිලියනයක් ගේනවා. භාණ්ඩ ගේන්න ඩොලර් නැහැයි කියමින් ඕනෑ නැති ඒවට ඩොලර් වියදම් කරනවා. දවසකට මිලියනයක් ගේනවා නම්, එක බිත්තරයකින් ඉන්දියන් රුපියල් එකක් කොමිස් ලෙස තියා ගත්තොත් දවසකට ලංකාවෙ රුපියල් ලක්ෂ 25ක් -30ක්. ඒ ගොල්ලෝ තමන් හම්බකර ගැනීම අරමුණු කරගෙන නිෂ්පාදනය කඩා වට්ටවනවා.

අපි මේ රට හදන්න නම් නිෂ්පාදනය වැඩිකරන්න ඕනෑ. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර කර්මාන්තය මේ හැම එකකටම අත දීලා, ඒවා ශක්තිමත් කරලා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමෙන් තොරව මේ රට ගොඩගන්න බැහැ. මේ සහෝදරියෝ ඒ ආර්ථිකයේ ශක්තිමත් බලවේගයක් වෙන්න ඕනෑ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ අපි හැමෝටම සමානව බෙදෙන්න ඕනෑ. ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද? රටට ශක්තිමත් ආර්ථිකයක් හැදුවාම, ආණ්ඩුවට සල්ලි තිබෙනවා නම්, ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෙ අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන්කරන්න. අපේ සහෝදර සහෝදරියන් විශාල උද්ඝෝෂණයක් කළා අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5%ක් වෙන් කරපල්ලා කියලා. අධ්‍යාපනයට ආණ්ඩුව මුදල් වෙන් කළාම දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනයට දරන බර අඩුවෙනවා. ඒක දෙමව්පියන්ට සහනයක්. ගෙවල් ළඟම තියෙන පාසල පහසුකම් සහිත පාසලක් බවට පත් කළාම දරුවා දුර ඉස්කෝලෙකට යවන්න ඕනෑ වෙන්නෙ නැහැ. දරුවන්ට නිදහස් කාලයක් එනවා. දරුවන් පීඩාවකින් තොරව ඉගෙන ගන්නවා. ආණ්ඩුවට සල්ලි තියෙනවා නම් අපි සෞඛ්‍ය සේවයට මුදල් වෙන්කරනවා. අපේ ජීවිතයේ වැඩිම බරක් දරන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට. ආණ්ඩුවේ රෝහලේ බෙහෙත් ටික තිබෙනවා නම්, පරීක්ෂණ ටික රෝහලේ කරනවා නම් ඒක සහනයක්. අපේ ප්‍රතිපත්තිය නීරෝගී පරපුරක් හදන එක. ලෙඩ හැදෙන්න ඇරලා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක ජාවාරමක්. ආර්ථිකය හදලා ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාවට ලැබෙන්න ඕනෑ. කාන්තාවන්ට ඒ ප්‍රතිලාභ එන්න ඕනෑ.

ඒ වගේම වංචාව, දූෂණය, හොරකම නවත්වන්න ඕනෑ. පුත්තලමෙ හැමදාම දේශපාලන චණ්ඩියෙක් ඉන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කරලා ජනතාව යටකරගෙන, පීඩාවට පත්කරමින්, ඉඩම් කොල්ලකමින් ඉන්නේ. ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. කිසිම ජනතාවක් දේශපාලකයන්ට බයේ ජීවත් වෙන්න ඕනෙ නැහැ. දේශපාලකයෝ ඉන්න ඕනෑ, ස්වේච්ඡාවෙන් ජනතාවත් එක්ක රට හදන්න වැඩකරන්න. මේ සහෝදරියන් කිසිවෙක් තමන්ට කිසිවක් බලාපොරොත්තුවෙන් වැඩකරන අය නොවෙයි. ස්වේච්ඡාවෙන් වැඩ කරන, මහජන සේවකයන් නිර්මාණය කරනවා නම්, ඒ නිර්මාණය කළ හැකි, ආර්ශයන් දෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ගමක පොඩි පාරක් කාපට් කර හදනවා. පාර හදන්න ලක්ෂ 05ක් වියදම් වෙනවා. විවෘත කරන උත්සවයට ලක්ෂ 10ක් වියදම් කරනවා. පාර විවෘත කරන්න ඇමතියෙක් එන්න ඕනෙද? ඒක වෙනස් කරන්න ඕනෑ. පාර හදා ඉවර අවසන් බව ඉංජිනේරුවන් තහවුරු කළාට පස්සේ ඒකෙ යන්න තියෙන්නේ. පැල හිටවන්න ඇමතිවරු ඇවිත් කරන නාස්තිකාර වැඩ, විච්චූරණ නවත්වන්න ඕනෑ. නාස්තිකාර දේශපාලනය නතර කරලා අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්න ඕනෑ.

Gahanu-Api-Puththalama

අපේ ආර්ථිකය වට්ටලා විතරක් නොවෙයි සමාජයත් පිරිහිලා. සමාජය තුළ අපට ආරක්ෂාව නැහැ. පාසල් ගාව මත්ද්‍රව්‍ය විකුණනවා. දරුවෙක් පාරක තනිවම යවන්න බයයි. මිනිස්සු ළඟ සහකම්පනය නැහැ. හිරිවට්ටපු සමාජයක අපි ජීවත් වෙන්නේ. මෙතන තිබෙන විනය, සාමූහිකත්වය, ආරක්ෂාව සමාජයට අවශ්‍යයි. හැමෝගෙම මානව ගරුත්වය රැකෙන්න ඕනෑ. සාමූහිකත්වය තියෙන්න ඕනෑ. යුක්තිය මෙහෙයුමේ කාන්තාවන්ට හිරිහැර කරන අය අල්ලන්න පොලීසිය දැම්මා. එහෙම සමාජයක් හදන්න බැහැ. අධ්‍යාපනයේ සිට සමාජය හදන්න ඕනෑ. කාන්තාවන්ට ගරුත්වය හදන්න ඕනෑ. සියලුම මිනිස්සුන්ගේ හැඟීම් හදන්න ඕනෑ. එකිනෙකා රැකබලා ගැනීමේ මානුෂිකත්වය හැදෙන්න ඕනෑ. පවුල ඇතුලේ, පන්සලේ, පල්ලියේ හැදෙන්න ඕනෑ. එතකොට තමයි සමාජයකට ආරක්ෂාව තිබෙන්නේ. සමාජය ආරක්ෂා කරන්න පොලීසිය, හමුදාව දාලා නම් ඒ සමාජය අනාරක්ෂිත සමාජයක්. කාටවත් තමන්ගේ රැකියාව තෘප්තියෙන් කරන්න බැරිකොට තිබෙනවා. අපට මිනිසුන් සතුටින් ජීවත් වෙන සමාජයක් ඕනෑ.

අපේ ජීවිත කාලය තුළදී “වට්ටපු රට හැදුවා” කියන්න පුළුවන් නම් ඒතරම් සතුටක් වෙන නැහැ. අපට ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. සමහරු කියා තිබෙනවා නොදන්න ඒවා අත්හදා බලන්න මේ කාලය නොවෙයි කියා. දැන් තමයි කාලය අලුත් අත්හදා බැලීම් කරන්න. ලෝකේ හැමදාම ඉස්සරහට ගිහින් තිබෙන්නේ ඒවායින්. අපිව අත්හදා බලන්න දෙයක් නැහැ. කාලයක් තිස්සේ අපව දන්නා අය. දේශපාලනය ඇතුලේ ගෞරවයක් රැකගත්ත අය. සල්ලිවලට තනතුරුවලට තමන්ගේ දේශපාලනය විකුණපු නැති අය. අමාරුකම් මැද්දේ, ස්ථාවරව ප්‍රතිපත්තියක් මත එකදිගට වැඩකරපු අය. කවදා හෝ දවසක අපේ රටේ ජනතාව සත්‍යය තේරුම් අරගෙන පැරණි පක්ෂ පැත්තක දාලා අපි සමග ධෛර්යයෙන් විශ්වාසයෙන් අත්වැල් බැඳගන්නවා කියන විශ්වාසය හිතේ තබාගෙන, 3%ට බහිද්දිත් සටන අත්නොහැර හිටපු මිනිස්සු මෙතන ඉන්නේ. ඒ නිසා අපව අත්හදා බලන්න දෙයක් නැහැ. සමුපකාර ඡන්ද හැම එකක්ම දිනමින් ඉන්නේ. ඒ, ජනතාව මාලිමාව ගැන විශ්වාසයෙන් සිටින නිසයි. ඒ ගොල්ලන්ගේ කාලය අවසානයි. ජනතාම අධිෂ්ඨානශීලීව තීන්දුවක් අරගෙන තිබෙනවා. බඩු බෙදලා, ඡන්ද මාරු කරලා ජනතාව ගත්ත තීන්දු වෙනස් කරන්න බැහැ. කටුක වේදනාවලින් පන්නරය ලබපු ජනතාවක්. අපි මාලිමාව සමග එකතුවෙලා රට හදන්න ලැහැස්තියි, ඒකට ගැහැනු අපිත් එක මිටට ඉන්නවා කියන තීන්දුව අරගෙන තිබෙනවා.

අපි කවුරුත් එකතු වෙලා වට්ටපු රට ගොඩගන්න මහන්සියෙන් වැඩකරමු. සිංහල, දෙමළ, මුස්ලිම්, ගොවි, ධීවර, වැඩකරන ජනයා, ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවා මේ සෑම බලවේගයක්ම එකතු කරගෙන මහා දැවැන්ත මහජන ව්‍යාපාරයක් හදමු. අපට ජාතික පුනර්ජීවන සටනක් තිබෙනවා. අපි තව තවත් ජනතාව දැනුවත් කරමු. අපි කවුරුත් එකතු වෙලා සතුරන්ට පරද්දන්න බැරි දැවැන්ත බලවේගයක් සහිත ආණ්ඩුවක් අපි හදමු. දරුවන් වෙනුවෙන්, මේ රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා ධෛර්යයෙන් පෙළගැසෙමු කියා ආරාධනා කරනවා.

Gahanu-Api-Puththalama

“කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය චන්දන අබේරත්න-

අපේ ඉතිහාසයේ අවුරුදු දෙදහස් පන්සියයක කාල පරාසය තුළ සිදුවූ බරපතළ අවනඩුවක් නිරවුල් කිරීමේ අවස්ථාවක් හැටියට මම දකිනවා. ලංකාවේ ආර්ය ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ මේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. ශිෂ්ටාචාරය ආරම්භ වුණේම ගැහැනියට අවනඩුවක් ඉතිරි කරලා. ශිෂ්ටාචාරය ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් දුන්නු කුවේණියට අවසානයේ සමාජයෙන් පිටුවහල් වෙන්නට සිදුවුණා. දස දහස් ගණනක් වූ කාන්තාවන්ගෙන් ඒ අඳෝනාව තාමත් ඇහෙනවා. ධීවර සහෝදරියගෙන්, ගොවි සහෝදරියගෙන්, කම්කරු සහෝදරියන්ගේ ලතෝනිය එදාටත් වඩා වැඩියෙන් අද ඇහෙනවා. ප්‍රමාණවත් ආහාරයක් නොමැතිවීමෙන්, ජීවත් වෙන්න නිවසක් නැතිවීමෙන් නගන ලතෝනිය සෑම තැනකින්ම ඇහෙනවා. දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද කියන ලතෝනිය වැඩිපුර ඇහෙන්නේ අපේ අම්මලාගෙන්, සහෝදරියන්ගෙන්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු දරුවා ගලවා ගන්නේ කොහොමද, මේ සියලු දුක් අඳෝනාවන් සෝදා හැරීමේත් මේ සියලු දුක්ඛ දෝමනස්සයන් අනාගත පරම්පරාවට උරුමකර දීම වැළැක්වීමේත් උත්තුංග අරමුණෙන් මේ “ගැහැනු අපි එක මිටට” එකතු වී සිටිනවා.

එදා පිටමං කළ ජීවහත්ත දිසාල වගේ දරුවෝ අධ්‍යාපනයෙන් පිටමංකළ දරුවෝ මේ දිස්ත්‍රික්කයේ ඉන්නවා. හරිහමන් ආහාරයක්, ඇඳුමක්, බේත්හේත්, රැකවරණයක් නැති දරුවෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඔවුන්ට සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීමේ ගමනේදී ආණ්ඩු මාරු කිරීමෙන් හෝ නායකයන් පත්කිරීමෙන් පමණක් වැඩක් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ රටට නායකත්වය දෙන්නේ හුදු ආණ්ඩු වෙනසක් කිරීමේ අරමුණෙන් පමණක් නොවෙයි; මේ රටේ දුක්විඳින ගැහැනියගේ දුවා දරුවන්ගේ සියලු පුරවැසියන්ගේ ජීවිත වඩා යහපත් බවට පත්කිරීමේ දැවැන්ත අභියෝගය දිනීමටයි; මේ රටට හෙට දවසේ කඳුළ වෙනුවට සිනහවක් උරුමකිරීමේ අරමුණිනුයි. මෙතනට පැමිණ සිටින ඔබ හැමෝම ජයග්‍රහණය ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙතැන් සිට දැනට කරන කටයුතු තවත් වේගවත් කරන්න. ඒ වේගවත් කිරීම තුළින් අපේ දරුවන්ට, රටට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමට සියලු දෙනාම අත්වැල් බැඳගනිමු.

Gahanu-Api-Puththalama

“අපි ඉන්නේ තවදුරටත් මේ ක්‍රමය ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙනයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-

මාතරින් පටන් ගත් “ගැහැනු අපි එක මිටට” සමුළු මගින් ලංකාව පුරා අලුත් දේශපාලන සංස්කෘතියක් අපට හඳුන්වාදීමට හැකි වුණා. අද අපේ රටට අවශ්‍ය වන පරිවර්තනයේ නායකත්වය ගන්න මේ රටේ ගැහැනුන් සූදානම් කියන එක ඔබ පෙන්වා තිබෙවා. මේ වන විටත් ලබා තිබෙන ජයග්‍රහණය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මහාචාර්ය චන්දන අබේරත්න කිවුව, අදටත් තිබෙන කුවේණියගේ ලතෝනිය ඉවර කරන බවට අපි ප්‍රතිඥා දෙනවා. ලංකාවේ පළවෙනි පාලකයා බිහි කළ ගැහැනිය, කුවේණියටත් අපි සාධාරණය ඉටුකරන්න සූදානම්.

අපේ ජීවිතයට අර්ථයක් ගෙනදෙන්නෙත්, වටිනාකමක් දෙන්නෙත් අපි අතර තිබෙන සම්බන්ධතා. අපේ පවුල තුළ, අපේ සේවය කරන ස්ථානයේ, ගමේ තිබෙන සම්බන්ධතා, ඒ මානුෂීය බැඳීම්, මානුෂීය සම්බන්ධතා අපිට අතිශයින්ම වැදගත්. ඒ තුළින් තමයි අපට ආරක්ෂාවත්, සුරක්ෂිතතාවයත් දැනෙන්නේ. අද සමාජය තුළ තිබෙන ලොකුම ඛේදවාචකය ඒ සුරක්ෂිතතාවය නැති වීමයි. ආර්ථික අතින්, අධ්‍යාත්මික පැත්තෙන් සෑම පැත්තකින්ම අපි අනාරක්ෂිතයි. අපි අතර තිබෙන මානුෂීය සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය රැකගන්න අපහසු වෙලා තිබීම ඒ අනාරක්ෂිතභාවයට ප්‍රධාන හේතුවයි. අද අපි අරගල කරන්නේ හුස්ම අරගෙන එදිනෙදා ජීවිතය කොහොම හරි ගැටගහගෙන ජීවත් වෙන්න. එදාවේල කාල ඉන්න. ඒක නෙවෙයි ජීවිතය. ජීවිතයට ඊට වඩා පුළුල් අර්ථයක් තිබෙනවා. වටිනාකමක් තිබෙනවා. අපි අරගල කළ යුත්තේ අපිට මනුෂ්‍යත්වයෙන් අපට ලැබෙන්න පුළුවන් උපරිම දේ ලබාගන්න. අප වටා තිබෙන සම්බන්ධතාවල ගුණාත්මකභාවය දියුණු කරන්න. ගැහැනු අපි තමයි ලෝකයට ජීවය ලබාදෙන්නේ. අපි තමයි ඊළඟ පරපුර බිහිකරන්නේත් හා රැකගන්නේත්. ඒක අද විශාල අරගලයක් බවට පත්වෙලා තිබෙනවා. අපි ආදරය කරන අපේ දරුවන්, පවුලේ සාමාජිකයන්, යහළුවන් අපට රැකගන්න අමාරුවෙලා තිබෙනවා. සුරක්ෂිතභව තහවුරු කරන්න අමාරු වෙලා තිබෙනවා. එතන තමයි අපේ අඳෝනාව තිබෙන්නේ. එතන තමයි අපේ ජීවිත පීඩාවට පත්කර තිබෙන්නේ. ස්වභාවයෙන්ම අපට එන ඒ සුරක්ෂිතතාවය අපට ආදරය කරන අයට ලබාදෙන්න බැරිවුණා. ඒ බැරිකර තිබෙන්නේ අපේ වරදකින් නොවෙයි. අද තිබෙන මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ ඒ මූලික දේවල් ලබා ගැනීමත් අපේ ජීවිතවල සුරක්ෂිතභාවය ලබාගැනීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් බවට පත්කර තිබෙනවා. ඒ සියලු වගකීම් අප මත පවරා තිබෙනවා. ඒ සියලු වගකීම් බරක් ලෙස අපට දැනෙන්න සලස්වා තිබෙනවා. ඒක තමයි අපි වෙනස් කළ යුත්තේ.

අපට ජීවත් වෙන්න ආහාර සුරක්ෂිතතාවය, තිබෙන්න ඕනෑ. වේල් තුනක් හොඳින් කන්න තියෙන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබාදෙන්න තිබෙන්න ඕනෑ. පාසලේ දරුවා ගෙදර එන තෙක් ආරක්ෂා වෙන බවට තහවුරුවක් තිබෙන්න ඕනෑ. අධ්‍යාපනය නිමාවෙන කොට දරුවාට අවශ්‍ය කුසලතා, වටිනාකම් ලැබී තිබෙන බවට, ඉස්පිරිතාලෙකට ගියාම එහි බෙහෙත්වල ගුණාත්මකභාවය, තහවුරුවී තිබෙන බවට, රැකියාවක් කරන කොට එයින් ජීවත් විය හැකි මුදලක් ලැබෙන බවට විශ්වාසයක් තිබෙන්නෙ ඕනෑ. ඒ කිසිවක් අපට ඉතිරි කර නැහැ. අපි වෙනස් කළ යුත්තේ ඒකයි. අපේ මූලික අවශ්‍යතා මෙතරම් අපහසු කර, පීඩාකාරී ලෙස අපට බරක් බවට පත්කරපු ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි කියන එක අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා තමයි කවදාවත් දේශපාලන රැස්වීමකට ආපු නැති හා දේශපාලන රැස්වීමක කතා කරන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැති මම, ඔබ සියලු දෙනාම වගේ මේ විදිහට ක්‍රියාකාරීව ඉන්නේ. අපි ඉන්නේ තවදුරටත් මේ ක්‍රමය ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙනයි. අපි ඒක වෙනස් කරනවා.

Gahanu-Api-Puththalama

මැතිවරණයකට ඉදිරිපත් වෙලා ඔළුගෙඩි මාරුවක් කරන එක විතරක් නොවෙයි. අපිත් වෙනස් වෙන්න ඕනෙ. අපි තුළ තිබෙන ශක්තිය අපි තේරුම් ගන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් කරන්න නම් අපිත් මේකට මැදිහත් විය යුතුයි. ඔබ අපි මෙතනට එක්කාසු වුණෙත්, මේ වේදිකාව කාන්තාවන්ගෙන් පුරවන්න හැකි වුණෙත් අහම්බයකින් නොවෙයි. ඔබ හැමෝගෙම විශාල කැපකිරීමක් කරලා, වැඩකොටසක ප්‍රතිඵලයක් නිසා තමයි අප මේ විදිහට සමරන්නේ. මේ වැඩේ අදින් ඉවර වෙන්නේ නැහැ. අපි කරන සෑම වැඩකටයුතුවලට අමතරව මේ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම සහෝදරියන් හමු වී මේ පණිවිඩය ගෙනියන්න ඕනෑ. මේ සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාවය අපි කතා කරන්න ඕනෑ. මේ සමාජය වෙනස් කිරීමට අපි තුළ තිබෙන ශක්තියත්, හැකියාවත් එළියට ගන්න ඕනෑ.

ලන්ඩන්වලත් අපි සම්මන්ත්‍රණයක් තිබ්බා. අපේ සහෝදරියන් සිය ගණනක් ඇවිත් හිටියා. එදා ඒ සහෝදරියන්ට ඒ සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න එයට සහායක් හැටියට සහෝදරවරු ළමයි බලාගන්න ඩේකෙයාර් එකක් එතන ශාලාවෙම ලැහැස්ති කර තිබුණා. නෝනලාට රැස්වීමට යන්න කියලා එදා දරුවන් බලාගත්තේ මහත්තුරු. එවැනි ඩේකෙයාර් එකක් දවසකට හෝ දාගන්න ගොඩක් වෙහෙසෙන්න ඕනෑ. ඒක පුරුදු වුණු අයට පමණයි ඒක කළ හැක්කේ. එතන සිටි වෛද්‍යවරුන් පවා ඉදිරිපත් වුණා දරුවන් බලාගන්න. අද අපේ සහෝදරවරු පිළිඅරගෙන තිබෙනවා, අපට සහයෝගය දක්වමින් ඉන්නවා අපේ සමාජ වගකීම්, අපේ දේශපාලන වගකීම් ඉෂ්ට කරන්න. මෙතෙක් කල් ඇදගෙන ගිය බර බෙදා ගන්න අපට සහයෝගය දක්වන්න අපේ සහෝදරවරු ඉදිරිපත් වෙමින් යනවා. අපේ කාන්තා සභාවකදි අපේ සහෝදරවරු සංග්‍රහ කටයුතු කරනවා. වෙනස දැන්මම සිදුවෙමින් යනවා. පොදු අරමුණකට අපි එකතු වුණොත් සමාජය මීට වඩා හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියන සාමූහික හැඟීම, අරමුණ අපි සියලු දෙනා තුළ තිබෙනවා. අපි සියලු දෙනාටම එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් කියල අපි ඔප්පු කර තිබෙනවා. ජයග්‍රහණ රාශියක් දැනටමත් අපි ලබාගෙන තිබෙනවා. ඉදිරියටත් ලබා ගන්නවා. මේ රට අපි වෙනස් කරනවා. මේ රට මානුෂීය, සාධාරණ තැනක් බවට පත් කරන්න ඉදිරිපත් වෙනවා.

Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Show More

“මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(මාධ්‍ය හමුව – ජාතික ජන බලවේගය-2024.03.24 – බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී) ද මාර්තු 24 ගොක් ඉරිදා. ශුද්ධ වූ සතිය ආරම්භ වෙන්නේ අදයි. පාස්කු ඉරිදාට පෙර උදාවන ශුද්ධ වූ සතිය ආරම්භයේදීම මෛත්‍රිපාල සිරිසේන බෝම්බයක් අතහැර තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජීවිත සිය ගණනක් බිලි ගත්ත, දහස් ගණනක් ජීවිතවලට සෘජුවම බලපෑ ඛේදනීය සිදුවීමක්. අපේ […]

(මාධ්‍ය හමුව – ජාතික ජන බලවේගය-2024.03.24 – බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී)

NPP-Press

ද මාර්තු 24 ගොක් ඉරිදා. ශුද්ධ වූ සතිය ආරම්භ වෙන්නේ අදයි. පාස්කු ඉරිදාට පෙර උදාවන ශුද්ධ වූ සතිය ආරම්භයේදීම මෛත්‍රිපාල සිරිසේන බෝම්බයක් අතහැර තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජීවිත සිය ගණනක් බිලි ගත්ත, දහස් ගණනක් ජීවිතවලට සෘජුවම බලපෑ ඛේදනීය සිදුවීමක්. අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්‍ෂයක් ලෙසත් පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. එම බෝම්බ ප්‍රහාරය සිදුවන වෙලාවේ රටේ ආරක්‍ෂක ලේකම් මෛත්‍රිපාල සිරිසේනයි. ඒවගේම රටේ ජනාධිපතිවරයාත් සේනාධිනායකයාත් ඔහුයි. මේ පාස්කු ප්‍රහාරයත් සමග රටේ ජනතාවගේ කැළඹීමක් ඇතිවුණා. ඒ වගේම මෙම ප්‍රහාරය බලය ලබාගැනීම වෙනුවෙන් කළ කුමන්ත්‍රණයක් බවට ජනතාව තුළ සැකයක් ඇතිවුණා. මේ සම්බන්ධයෙන් විවිධ පරීක්‍ෂණ සිදුවුණා. විවිධ අයට චෝදනා එල්ල වුණා. නමුත් අද වන තුරුත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද කියලා නිවැරදිව හෙළිදරව් කරගෙන නැහැ. ඒ පිළිබඳව තවමත් නඩු විභාග වෙමින් තිබෙනවා. එවැනි තත්වයක් තළ තමයි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ඉතාමත් බලරපතල වන්නේ. මෙපමණ කාලයක් ඒ පිළිබඳව කිසිවක් හෙළි නොකර ඉඳලා දැන් ඔහු කියනවා, පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද කියලා ඔහු දන්නවා කියලා. මෙතරම් ඛේදවාචකයක් සිදුකළ මෙම සිදුවීම සේනාධිනායකයා ලෙස ඔහු වසන්කරගෙන සිටීම බරපතල තත්වයක්. මෙම ප්‍රකාශය හිටපු ජනධිපතිවරයෙක් ලෙස ඔහු කිසිදු වගකීමකින් තොරව සිදුකළ එකක්. ජීවිත ගාණක් බිළිගත්ත ප්‍රස්කු ප්‍රහාරය වැනි බරපතල සිදුවීමක් සැහැල්ලුවෙන් සලකන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේනට වගකීමක් තිබෙනවා, මේ සිදුවීම පිළිබඳ ඔහු දන්න තොරතුරු රටට හෙළිදරව් කිරීමට. වගකිව යුතු හිටපු ජනාධිපතිවරයෙක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවලට වොයිස් කට් එකක් ලබාදීම නෙවෙයි ඔහු කළ යුතු වන්නේ. ඔහු වගකීම් සහගතව වැඩකළ යුතු පුද්ගලයෙක්. ඔහු ඒ පිළිබඳව ඇතත් තත්වය දන්නවා නම් මාධ්‍යවලට වොයිස් කට් ලබාදීම වෙනුවට ඒ සම්බන්ධයෙන් රහස් පොලීසියට කට උත්තරයක් ලබාදිය යුතුයි. එසේ නොමැති නම් නීතිඥයින් මගින් අධිකරණයට තොරතුරු ලබාදෙන්න පුළුවන්. ඒ නිසා මෙම ප්‍රකාශය පාස්කු ප්‍රහාරය ඉතා සැහැල්ලුවෙන් සලකා කටයුතු කිරීමක් ලෙසයි අපි දකින්නේ.

හිටපු ජනාධිපතිවරයෙක් ලෙස මෙවැනි අවස්ථාවක සිදුකළ යුත්තේ කුමක්ද කියා ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. ඔහු පොඩි බබෙක් නෙවෙයි. නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය කටයුතු කරන්න තිබුණා. හිටපු ජනාධිපතිවරයෙක් කියන්නේ මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් පාලනය කළ කෙනෙක්. එවැනි නායකයෙක් මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කිරීම විහිළුසහගතයි. ඒ නිසා අපි ජාතික ජන බලවේගය ලෙස දැඩි ලෙස කියා සිටිනවා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් කඩිනමින් ගන්න කියලා. එය කිසි ලෙසකින්වත් කල් නොදැමිය යුතුයි. රජයේ මෙන්ම පොලිස් ඇමතිවරයාගෙත් වගකීමක් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීම. නමුත් අපි තවමත් දකින්නේ නැහැ මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මේ කරුණු දැනගෙන සිටියා නම් සඟවාතබාගෙන සිටීම බරපතල තත්වයක්. ඒ වගේම අපරාධයක්. අපේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් බලාගෙන ඉන්නවා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියල දැනගන්න. එම අපරාධය සිදුකළේ කවුද කියලා, සිදුකළේ මොකටද කියලා දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජනතාව සිය ගණනක් බිලි ගත්තා පමණක් නොව මේ රටේ ජනතාවගේ ඉරණම වෙනස්කළ සිදුවීමක්. ඒ නිසා එය ර හසිගත සිදුවීමක් වෙන්න බැහැ. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේනටත් බලකර කියා සිටිනවා තමන් දන්නා දේ රටට හෙළිදරව් කරන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් ආරම්භ කරන්න කියලා. මුලින් මෛත්‍රීපාල සිරිසේන කිව්වේ තමන් ඒ පිළිබඳව දන්නා බවයි. දින දෙකකට පසුව ඔහු කියනවා, වෙනත් පුද්ගලයෙක් තමන්ට ඒ පිළිබඳව තොරතුරු ලබා දුන්නා කියලා. මේ ප්‍රකාශවල පරස්පරයක් තිබෙනවා. ඒ නිසා එම ප්‍රකාශ ඉතාම සාහසිකයි. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම් මේ පිළිබඳ පරීක්‍ෂණ කඩිනම් විය යුතුයි. මේ රටේ ජනතාවට ඇත්ත දැන ගැනීම වෙනුවෙන් සාධාරණය යුක්තිය ඉටුවීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් කඩිනම් පරීක්‍ෂණයක් සිදු කරලා ආණ්ඩුව ඇත්ත හෙළිදරව් කළ යුතුයි. මේ ශුද්ධ වූ සතිය ආරම්භයේදීම සහ එළඹෙන පාස්කු ඉරු දිනට පෙර මෙම පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි කියලා අපි ආණ්ඩුවට බලකර කියනවා.

NPP-Press

“වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්න තියෙන එකම ක්‍රමය පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව් කිරීම පමණයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන-

පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 5ක් සම්පූර්ණවීමට මාසයක් තිබෙන මේ මොහොත වනවිටත් කතෝලික සභාව වගේම ජාතික ජන බලවේගයේ අපිත් සෑම මොහාතෙකදීම පෙනී සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට සාධාරණත්වය ඉටුවිය යුතු බවටයි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවටත් ආබාධිත වූ පිරිසටත් යුක්තිය ඉටු වීමට නම් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යතාවය දැන ගන්නවා හැර වෙන කළ යුතු දෙයක් නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විවිධ කොමිසම් පත් කළා. ඒවට කෝටි ගණන් වියදම් කළා. ඒත් අද වන තුරුත් පිළිගත හැකි විසඳුමක් ලැබී නැහැ. කතෝලික සභාවට බාර දුන්නු කොමිෂන් වාර්තාවේ පිටු 1500ක් අඩුයි කියලා වාර්තා වෙනවා. එවැනි සිදුවීම්වලින්ම මේ පිළිබඳ පරීක්‍ෂණවල තත්වය පැහැදිලි වෙනවා. කතෝලික සභාවත් ජාතික ජන බලවේගයේ අපිත් 2019 ඉඳලම කිව්වා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. ඒ වගේම අපිත් මේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් ඉතාම ඕනෑකමින් බලාගෙන හිටියා.

පාස්කු ප්‍රහාරය සිදුවුණේ යහපාලන ආණ්ඩු කාලයේ ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන පාලන කාලයේ. අගමැති රනිල් වික්‍රමසිංහ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මෛත්‍රීපාල සිරිසේනත් රනිල් වික්‍රමසිංහත් චූදිතයෝ බවට පත්වුණා. ඒ මොහොතේ කැබිනට් මණ්ඩලයට වගකීමෙන් මිදෙන්න බැහැ. ජනාධිපතිවරයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉතාමත් දුර්වල පුද්ගලයෙක්. මීට කලින් ඔහු කිව්වේ මාව පාස්කු ප්‍රහාරයට පටලවන්න හැදුවොත් සියල්ල හෙළි කරනවා කියලා. දැන් දින දෙකකට පෙර ඔහු කියනවා මම සියල්ල දන්නවා කියලා. ඊට පස්සේ කියනවා සති 3කට කලින් වෙන කෙනෙක් ඔහුට මේ පිළිබඳව කිව්වා කියලා. මේ සියල්ලෙන්ම අපිට හෙළිදරව් වෙන්නේ මෙම පාස්කු ප්‍රහාරයට නිශ්චිතවම දේශපාලන සම්බන්ධයක් තිබෙනවා කියලා.

අපේ රටේ තිබෙන්නේ ඉතාමත් නරක දේශපාලන සංස්කෘතියක්. එදා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු ආපු හරින් ප්‍රනාන්දු කිව්වා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ඔහුගේ පියා යම් තොරතුරක් ලබා දුන්නා කියලා. එහෙම නම් ඒ තොරතුර සජිත් ප්‍රේමදාස නොදැන ඉන්න බැහැ. දැන් හරින් ප්‍රනාන්දු ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක. රනිල් වික්‍රමසිංහත් මේ පිළිබඳව නොදැන ඉන්න බැහැ. මේ සියලු දෙනා දවල් මිගෙල් රෑ දනියෙල් චරිත රඟපානවා. එවැනි දේශපාලන සංස්කෘතියක් තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවට බෙහෙත් වෙනුවට වතුර දීපු කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්න කොයි තරම් කාලයක් ගත වුණාද. එවැනි වටපිටාවක් තුළ මෛත්‍රීපාලගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනීද? ඒ නිසා අපි ආණ්ඩුවට බලපෑම් කරනවා, මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනත් දේශපාලනීකරණය වෙලා. එනිසා මේවා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නම් රාජ්‍ය නිලධාරීන් හා ආයතන නිර්දේශපාලනීකරණය විය යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් යුක්තිය කෙටි කාලයකින් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීමට ආණ්ඩුවට බල කරනවා වගේම අපි හිතනව ඉදිරි මාස 6-7ක කාලය තුළින් නව පාලනයක් බිහි කරලා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කරලා රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන ජරා ජීර්ණ දේශපලන සංස්කෘතියෙන් මුදවාගෙන මේ රටේ හැම පුරවැසියෙකුටම හැම ජීවිතයකටම සාධාරණය ඉටු කිරීමට හොඳ ජීවිතයක් ලබා දීමට අපිට හැකි වෙයි කියලා.

NPP-Press
Show More

“ජනතාවගේ සහ පාලකයන්ගේ අපේක්ෂාවන් සමපාත වෙන පාලනයක් අපේ රටට අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව – 2024.03.23-) මෙතනට රැස්වී සිටින ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් වත් හානිවෙන්න ඉඩ නොතබන බවට පොරොන්දු වෙනවා. අපේ රටේ ජනතාවට යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවන් තිබුණා. කවර ආණ්ඩුවක් හැදුවත් කවර පාලකයෙක් පත්කර ගත්තත් පොදු ජනතාවට තිබුණේ යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවනුයි. හැබැයි පාලකයාට තිබුණේ ඊට පටහැණි […]

(-කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව – 2024.03.23-)

AKD-Toronto-Speech-and-Q&A-Session

මෙතනට රැස්වී සිටින ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් වත් හානිවෙන්න ඉඩ නොතබන බවට පොරොන්දු වෙනවා. අපේ රටේ ජනතාවට යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවන් තිබුණා. කවර ආණ්ඩුවක් හැදුවත් කවර පාලකයෙක් පත්කර ගත්තත් පොදු ජනතාවට තිබුණේ යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවනුයි. හැබැයි පාලකයාට තිබුණේ ඊට පටහැණි අපේක්ෂාවන්, වෙනස් බලාපොරොත්තු. ඒ නිසා ජනතාවගේ අරමුණුත්, බලාපොරොත්තුත් පාලකයාගේ අරමුණුත්, බලාපොරොත්තුත් දෙකක් වුණා. ජනතාවගේත් පාලකයාගේත් අපේක්ෂාවන් එකක් බවට පත්වෙන ආණ්ඩුවක් අපි ලංකාවේ පළමු වතාවට හදමු . එහෙම පාලනයක් අපට අවශ්‍යයි. ඔබට තිබෙන අරමුණුම තමයි අපටත් තිබෙන්නේ. සමහර අරමුණු ඔබටත් වඩා ඉදිරියෙන් අප ළග තිබෙන බවට අපි විශ්වාස කරනවා. අපේ රටේ ඈත ගම්වල දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී සිටින ජනතාවට මෙයට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්නත් අපකීර්තියට පත්වෙලා තිබෙන අපේ රාජ්‍යයට කීර්තිය කැටුව එන සහ බංකොලොත්භාවයට පත්වී තිබෙන අපේ රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් අපි නව ආණ්ඩුවක් ගොඩනඟමු.

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙනකොට අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්; අලුත් පාලනයක්. අපේ අපේක්ෂාව ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කරගන්නයි. මේ ගමනේදී ප්‍රධාන අභියෝගයන් දෙකක් තිබෙනවා. එක බලය අත්පත් කර ගැනීම. දෙක කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැගීම. ඒ නිසා ප්‍රධාන කාර්යයන් දෙකක් අපේ උරමත පැටවී තිබෙනවා. මා හිතනවා මේ කාර්යයන් දෙක දෙකක් වුණාට එකම ගමනක සන්ධිස්ථාන දෙකක්. අපි බලය ලබාගැනීම සඳහා හදන පාරෙම තමයි මේ රට ගොඩනැගීමේ පාර තිබෙන්නේ. අපේ රටේ ගොඩක් සිදුවුණු දේ තමයි බලය ගන්න කරන්න පුළුවන් හැම අවරගණයේ ක්‍රියාවක්ම කරනවා. කළ හැකි සියලු පන්නයේ විනාශයන් කර බලය අරගෙන රටක් හදන්න බැහැ. බලය ලබාගැනීම සඳහා සත්භාවයෙන් කරනු ලබන කාර්යයම තමයි රට ගොඩනැගීම සඳහාත් උරදෙන්නේ. බලය ලබාගැනීම සඳහා තිබෙන පාරම තමයි රට ගොඩනැගීම සඳහා තිබෙන්නේ. බලය ලබා ගැනීම සඳහා තිබෙන්නේ සියලු දෙනාම එකතු වීම. රට ගොඩනැගීම සඳහා තිබෙන්නේත් සියලු දෙනාම එකතුවීම. අපි ඔබට ආරාධනා කරන්නේ බලය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රට ගොඩනැගීම සඳහාත් දායකත්වය දෙන කණ්ඩායමක් ලෙස අපත් එක්ක එකතු වෙන්න කියලා.

AKD-Toronto-Speech-and-Q&A-Session

සංවාද තුනක් ඇවිත් තිබෙනවා. පළමුවෙනි සංවාදය පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවයි. දෙවන සංවාදය ජනාධිපති ඡන්දෙට පෙර පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීම පිළිබඳවයි. තුන්වෙනි සංවාදය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවයි. ලංකාවේ මැතිවරණයක් පිළිබඳ මෙවැනි අවිනිශ්චිතතාවයක් හෝ සැකයක් මීට පෙර මතුවී තිබෙනවාද? ව්‍යවස්ථානුකූලව ජනාධිපති ඡන්දය, පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. උදාහරණයක් ලෙස 2019 නොවැම්බර් 08යි දෙසැම්බර් 08යි අතර ජනාධිපති ඡන්දය පැවැත්විය යුතුව තිබුණා. ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් තිබුණේ නැහැ. ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා හරියටම වෙලාවට අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. මැතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබුණේ නැහැ. ලංකාවේ පළමුවෙනි වතාවට ඡන්දයක් පිළිබඳව අවිනිශ්චිතතාවය ඇවිත් තිබෙනවා. අන්කවරක්වත් නිසා නොවෙයි; අපේ රටේ දූෂිත, විනාශකාරී, ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා නිමිත්තක් ඇති වී තිබෙනවා. ඔවුන් ඒකට බයයි. රාජපක්ෂ කඳවුර අතින් රනිල් කඳවුර අතට බලය මාරුවෙනවා නම්, රනිල් කඳවුරෙන් රාජපක්ෂ කඳවුරට බලය මාරුවෙනවා නම් ඔවුන් කවදාවත් බිය වෙන්නේ නැහැ. ලංකාව වසර 76ක් පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඇවිත් තිබෙනවා. නමුත් ජනාධිපති ඡන්දයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් නැහැ. ජනාධිපති ඡන්දයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියනවා. බැසිල් රාජපක්ෂ කියනවා, ජනාධිපති ඡන්දෙන් පසුව පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බොත් හෝදගෙන යනවා කියලා. 2004 පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බා. පාර්ලිමේන්තුවට අවුරුදු 06. 2005 ජනාධිපති ඡන්දෙ තිබ්බා. ජනාධිපති ධුරයට අවුරුදු 06යි. එහෙම නම් පාර්ලිමේන්තු ඡන්දෙ එන්න ඕනෙ 2010යේ. ජනාධිපති ඡන්දෙ එන්න ඕනෙ 2011හේ. ඒ වෙලාවේ ජනාධිපතිවරයාට බලය තිබුණා විධායක ජනාධිපති ධුරයට අවුරුදු හතරක් පිරුණාට පස්සේ ඡන්දෙ කැඳවන්න. ඔහු කළේ ව්‍යවස්ථා වගන්ති උපයෝගී කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති ඡන්දය ගත්තා. 2015 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට තව අවුරුදු දෙකක් තිබියදී ජනාධිපති ඡන්දෙ කැඳෙව්වා. 2019 ජනාධිපති ඡන්දෙ තිබ්බා. පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ආවේ 2020 මාර්තු 02දාට. දෙවෙනිදා රෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා; ජනාධිපති ඡන්දය අවසන් වූ වහාම මහ මැතිවරණය ගැනීමේ අපේක්ෂාවෙන්. අවස්ථා තුනක් මහ ඡන්දයට පෙර ජනාධිපති ඡන්දය ගත්, ඒ සඳහා වැඩ කළ බැසිල් රාජපක්ෂ අද කියනවා, පාර්ලිමේන්තු ඡන්දෙ කලින් තිබ්බොත් හොඳයි කියා.

ජනාධිපතිවරණය නිසා ඔහු විශාල අසීරුතාවයට පත්ව සිටිනවා. ඔහු එක්කෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතුයි. රනිල්ට සහාය දුන්නොත් එතනින් පසුව පොහොට්ටුවක් නැහැ. එහෙම නැතිනම් වෙන කෙනෙක් දාන්න ඕනෑ. වෙන කෙනෙක් දැම්මොත් පාර්ලිමේන්තු ඡන්දෙදි ගන්නා ඡන්ද ප්‍රමාණයත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් “ගෙදර ගියොත් අඹු නසී. මඟ සිටියොත් තෝ නසී” තත්වයට පත්වෙනවා. ඒකෙන් බේරෙන්න මහ ඡන්දෙ කලින් ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ඡන්දය කලින් ගැනීමේ අභිමතය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතේ විතරයි. රනිල් වික්‍රමසිංහ තීරණය කළොත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියා විසුරුවා හැරිය හැකියි. අද විසුරුවොත් හෙට සිට රනිල්ගේ බලය ශූන්‍යයි. ඒ නිසා රනිල් අන්තිම මොහොත දක්වා ඉන්න නම්, ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්දයට යාමට තිබෙන ඉඩකඩ අඩුයි. දැනට දේශපාලනය ගොඩනැගී තිබෙන විදිහට සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර, ජනාධිපති ඡන්දෙ පැවැත්වෙනවා. බොහෝ දුරට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 ජනාධිපති ඡන්දය පැවැත්වෙනවා. ඒක වළක්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට සැප්තැම්බර් 28 දක්වා හෝ ඔක්තෝබර් 05 දක්වා ඉන්න පුළුවන්. ඔහු ජනාධිපති ඡන්දයක් තියන්න තීරණය කරන්නේ නැතිනම් ඊට කලින් යන්න පුළුවන්.

අද අපේ ජනතාව මේ පීඩාව දරාගෙන ඉන්නේ මැතිවරණයකදී පාඩම් උගන්වන්නම්, ඡන්දෙදි අපි බලාගන්නම් කියන අරමුණෙන්. ඡන්දෙ තියන්නේ නැහැ කියලා මතයක් ආවොත් ජනතාව හෙට පාරට බහිනවා.

AKD-Toronto-Speech-and-Q&A-Session

ඊළඟට නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කිවුවා “පොදු සතුරෙක්” ගැන. අනෙක් පක්ෂ අතර තිබෙන වෙනස්කම් පැත්තකින් තබලා පොදු සතුරාට මුහුණ දෙන්න කියලා. පොදු සතුරා එන්පීපී එක. අපි සතුටු වෙනවා ඒගොල්ලන්ගේ පොදු මිතුරා නොවී පොදු සතුරා බවට පත්වීම ගැන. නිමල් සිරිපාලට කවදාවත් ඔවුන් සතුරෙක් වුණේ නැහැ. එයා 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදිත්, 2005 මහින්දගේ ආණ්ඩුවේත්, 2015 මෛත්‍රීපාලගේ ආණ්ඩුවේත්, 2019 ගෝඨාභයගේ ආණ්ඩුවේත්, 2022 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේත් ඇමති. ඒ නිසා අපි නිමල් සිරිපාලට පොදු සතුරා වීම හරි. ඔහු අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේ ඇමති. ඒ නිසා විශාල සන්ධානයක පෙර නිමිති, ජාතික ජන බලවේගය පරාජයට පත්කිරීමට ඊට එරෙහිව සාමදෙනාම එකතු විය යුතුයි කියන සංවාදය ඇතිවී තිබෙනවා. මෙවැනි පරිවර්තනයන් සාමාන්‍ය විදිහට ඉටුවෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. අපි පරාජය වුණොත් පසුවදා සිට දේශපාලනය කරනවා. අපි මේක අත්හරින්නේ නැහැ. වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානයෙන් වැඩකරනවා. ඒගොල්ලන් පැරදුණොත්, එයාලට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඔවුන් පරම්පරාව අනුව දේශපාලන පෙතේ ඉත්තෝ ටික පෙළ ගස්වා තිබෙනවා. නාමල් මෑතකදී කිවුවා, ඒගොල්ලන්ගේ පවුලේ දේශපාලන ඉතිහාසය අවුරුදු 98ක් කියලා. ඒගොල්ලන් පැරදුණොත් නාමල්ට සෙන්චරිය ගහන්න ලැබෙන්නේ නැහැ. උඩ විතරක් නොවෙයි දිස්ත්‍රික්ක වශයෙනුත් ග්‍රාමීය වශයෙනුත් ඒගොල්ලන්ගේ පෙළපත්වලට අපේ රටේ පාලනයන් ලියා දී තිබෙනවා. ඒ පෙළපත් පාලනය අහෝසි වෙනවා. ඔවුන් කවදාවත් නීතියට යටත් වුණේ නැහැ. නීතියට උඩින් හිටපු අය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ පනත් මොනතරම් තිබුණත් ඒ හැම නීතියකටම වඩා ඔවුන් හිටියේ උඩින්. ඔවුන්ට නීතියට යටත් වෙන්න සිදුවෙනවා. අයථා ලෙස එක්රැස් කරගෙන තිබෙන ධනය අහිමි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා එයාලගේ පැත්තෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ලංකාවේ දකින්න ලැබෙන විචිත්‍රවත්ම මැතිවරණ වේදිකාව දකින්න ඉදිරියේදී දකින්න ලැබෙනවා. හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨා, සහ රනිල් පස්දෙනාම වේදිකාවේ නගිනවා. දැනුත් වේදිකාවට නොනැග්ගත් අභ්‍යන්තර එකඟතාවයකින් වැඩකරනවා. මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය තමන්ගේ අතින් පළමුවෙනි වතාවට බලය අහිමි වෙයි කියන තැතිගැන්මට ලක්වී ඉන්නවා. ජනවහරේ කතාවක් තිබෙනවා “විශාල ගංවතුරකට අසුවුණාම, නයයි, මුගටියයි ගහගෙන යනකොට එක කොටේකට නගිනවා” කියලා. මේ නයි-මුගටි ඉදිරියේ එක වේදිකාවේ දකින්න හැකිවෙනවා. ඒ ගොල්ලන්ගේ පැත්තෙන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව පැහැදිලියි.

AKD-Toronto-Speech-and-Q&A-Session

අපට බලය ලබා ගැනීම සඳහා කරන්න තිබෙන්නේ තව තවත් ජනතාව දැනුවත් කොට එකතු කර ගැනීමයි; ජනතා විශ්වාසය දිනා ගැනීමයි. අපි ඔබට ආරාධනා කරන්නේ එම කාර්යයේදී ඔබ පංගුකාරයෙක් බවට පත්වෙන්න. දූෂිත, ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ගොඩනගන්න එකතු වෙන්න කියා ඔබට ආරාධනා කරනවා. කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාවටත් මම ආරාධනා කරනවා. ඔවුන්ට ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජනතාවට ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාව තිබෙනවා. මම සිංහල බෞද්ධ සංස්කෘතිය තුළත් තව කෙනෙක් දෙමළ පවුලක හින්දු ආගමික සංස්කෘතියක් තුළත් තව කෙනෙක් ඉස්ලාම් සංස්කෘතිය තුළත්, ක්‍රිස්තු ආගමිකයන් සහ බර්ගර් පිරිස් ඒ ඒ සංස්කෘතීන් තුළ හැදුනු වැඩුනු අයයි. අපි එකිනෙකා වෙනස් ආගම්, භාෂා, සංස්කෘතීන් අනුව උපත ලැබීම අපරාධයක්ද? මේ පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් සමත් වුණා, අප රට ඇතුලේ ඒ බෙදීම ඇති කරන්න. අපේ රටේ මුළු දේශපාලනයම කළේ අනෙකාට එරෙහිව. උතුරේ දේශපාලනය දකුණටත්, දකුණේ දේශපාලනය උතුරට එරෙහිවත්, දකුණේ දේශපාලනය නැගෙනහිරටත්, නැගෙනහිර දේශපාලනය දකුණට එරෙහිවත් මෙහෙය වූවා. මුළු දේශපාලනයම සිංහල, දෙමළ, මුස්ලිම් කතා කරන භාෂාව අනුව, ආගම අනුව, අනන්‍යවූ සංස්කෘතීන් අනුව අනෙකාට එරෙහිව අපව තීරු තීරුවලට බෙදුවා.

අද ලංකාවට අවශ්‍ය එකතුවීමේ හා සමගියේ දේශපාලනයක්. අපි තිස් වසරක යුද්දෙකට මුහුණ දුන්නා. මහපොළොව තෙත් වෙනකම් ලේ හැළුවා; ගංඟා පිරෙනකම් කඳුළු ගැලුවා. උතුරේ, දකුණේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් අහිමි වුණා. මේ බෙදුම්වාදී දේශපාලනයේ අපට ඉතිරි වුණු ප්‍රතිඵලය කුමක්ද? අපි මේ දේශපාලනය අවසන් කරන්න ඕනෑ නැද්ද? අපි උතුරේ ජනතාවටත් ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න වුණු ආහාර පිළිබඳව, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව, සෞඛ්‍යය පිළිබඳව, නිවාසයක් හදාගැනීමේ ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කරන දේශපාලන නායකයන්ට අපි ආරාධනා කරනවා එකතු වෙන්න ඕන තැන ජාතික ජන බලවේගය කියලා. නැගෙනහිර මුස්ලිම් ජනතාවටත් නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කරන සෑම පුරවැසියෙකුටමත්, ප්‍රජා නායකයන්ටත් අපි ආරාධනා කරනවා. මේ වෙනස කරන්න ඔවුන්ගේ දායකත්වය අපට අවශ්‍යයි. අපි ගොඩනගන ආණ්ඩුව, දකුණ, උතුර, නැගෙනහිර, දෙමළ, මුස්ලිම්, සිංහල මේ සියලු දෙනා පාලන බලය හොබවන ආණ්ඩුවක් බවට පත්වෙන්න ඕනෑ. කැනඩාවේ ජීවත්වෙන දෙමළ ජනතවගෙන් ඉල්ලනවා, මේ පණිවිඩය ඔබේ ඥාතියාට, හිතවතාට දෙන්න කියලා. අපේ පරම්පරාව, යුද්ධ කරගත්තා, ගහමරා ගත්තා, සැකය, ක්‍රෝධය, වෛරය ඇතිකර ගත්තා. අපේ පරම්පරාවට වගකීමක් තිබෙනවා, අනාගත පරම්පරාවට ඒ තත්වය උදා නොකිරීමට කටයුතු කිරීමට.

AKD-Toronto-Speech-and-Q&A-Session

1948 නිදහස ලැබෙන විට මේ සියලුම ජනතාව එක ජාතික කොඩියක් යටතේ ඒකාබද්ධ කරන්න පුළුවන්කම තිබුණා. සුද්දාගේ ආධිපත්‍යය බිඳුණා. ස්වදේශිකයන් අතට පාලනය ආවා. මොනතරම් ජාතික හැඟීමක් අපේ මනස තුළ ඇතිවෙන්න ඕනෙද? අපට අද චක්‍රලේඛයක් මගින් ජාතික කොඩිය දම්මවන්න සිදුවී තිබෙනවා. අපට එය නිදහසක් ලෙස දැනේනේ නැහැ. 1947 නිදහස ලබාගත්ත ඉන්දියාවේ නායකයන්ට තමන්ගේ රට ඉදිරියට යා යුතු දැක්මක් තිබුණා. එදා නායකයන් දැමූ පදනම තමයි අද හඳට යන ඉන්දියාවක්, ආසියානු කලාපයට වාහන සපයන, ඖෂධ සපයන, ආහාර සපයන රටක් හැදුණේ. අපිට ණය ගන්න සිදුවුණා, ණය ගෙවාගන්න බැරිවුණා. අපේ නායකයන්ට දැක්මක් සහිත පාලනයක් තිබුණේ නැහැ. විශාල ප්‍රාදේශිය බෙදීම් තිබෙන, විවිධ සංස්කෘතීන් තිබෙන, විශාල ආගම් ප්‍රබේද තිබෙන, විවිධ භාෂාවන් තිබෙන රටක් වූ ඉන්දියාවට එක ජාතික කොඩියක් යටතේ ජනතාව පෙළගස්වන්නත් ඒ නිසා මනමෝහංසිංට අගමැති වෙන්නත් අබ්දුල් කලාම්ට ජනාධිපති වෙන්නත් හැකියාව ලැබී තිබෙනවා. කුලහීන යැයි සම්මත කාන්තාවකට ජනාධිපති වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පාලකයන්ට ජාතික ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන්කම ලැබුණ නිසා. නමුත් අපේ රටේ 1958 සිට 2019 දක්වා මුළු ඉතිහාසයම ගැටුම්කාරී ඉතිහාසයක් නිර්මාණය කළා. අනෙකාට එරෙහිව දේශපාලනය කිරීමේ වියගසෙන් අපි මිදෙන්න ඕනෑ.

ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයේදී උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එකට එකතුවී නව පාලනයක් ගොඩනඟා ගනිමු. 1948 පාලකයන් අවස්ථාව මඟ හැරියත් 2024දී එකමුතුකම, සමගිය, ජාතික ඒකාබද්ධතාව සහිත පාලනයක් ගොඩනගා ගනිමු. මට ඡන්දෙ දෙන්න, මම 13 ප්ලස්, ෆෙඩරල් දෙන්නම් කියා ඡන්ද ගනුදෙනුවක් කරන්න සූදානම් නැහැ. දේශපාලනය කියන්නේ ගනුදෙනුවක්, බිස්නස් නොවෙයි. දේශපාලනය කියන්නේ සාමූහික ව්‍යායාමයක්. උතුර, දකුණ, නැගෙනහිර අපි එකතු වෙලා අපේ රට ගොඩනගමු.

AKD-Toronto-Speech-and-Q&A-Session

ටොරොන්ටෝ ජන හමුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබා දුන් පිළිතුරු

කැනඩාවේ කැබිනට් මණ්ඩලයේ 50%ක් කාන්තාවන් නියෝජනය සිදුවෙනවා. ජාතික ජන බලවේගය පාලනයේදී කාන්තාවන්ගේ නියෝජනය ගැන අදහස කුමක්ද?

අපි ගොඩක් කැමතියි කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීමට. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී තුනක් ලැබුණු වෙලාවේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණේ එක මන්ත්‍රී ධුරයයි. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් තිබූ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, ලාල් කාන්ත ආදී පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට විශාල ලෙස දායක වුණු අය සිටියදී අපට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි සහෝදරියට බාරදෙන්න තීරණය කළා.

අපේ පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට කාන්තාවන් වැඩිපුර නියෝජනයක් ලබාදෙන්න අපි කැමතියි. මේ දිනවල අපි කාන්තා සමුළු පවත්වාගෙන යන්නෙත් අපට නව කාන්තා නායිකාවන් අවශ්‍ය නිසා. කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් අඩුවුණොත් අඩුවෙන්නේ අපේ කැමැත්ත නිසා නොවෙයි. අපට ඒ සඳහා සුදුසු හැකියාවන් සහිත සහෝදරියන්, නායිකාවන් නොමැති නිසා ඒ අය ගොඩනැගෙන ප්‍රමාණයට අපි අපේ රටේ දේශපාලනය පමණක් නොවෙයි, සෑම දිසාවකම කාන්තාවන්ගේ දායකත්වය ලැබිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඒ කාර්යයට සරිලන සහෝදරියන් ප්‍රමාණයක් අපිට ගොඩනගා ගැනීමට හැකිවේද යන සාධකය මත මිසක් අපේ කැමැත්ත හෝ අකමැත්ත මත නෙමෙයි. මුළුමනින්ම කැමතියි අපේ පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලය කාන්තාවන්ගෙන් නියෝජනයක් සිදුවෙනවා දැකීමට.

නීතිය හා සාමයත් පුද්ගලයන්ගේ ආරක්ෂාවත් තහවුරු කරන්නේ කෙසේද?

අපේ දරුවන් සුන්දර දරුවන්. අයුක්තියට විරුද්ධ දරුවන්. ඇයි කස්ටම් එකේදි වෙනස් වෙන්නේ. ඇයි පොලීසියේදි වෙනස් වෙන්නේ. මේක තනි තනි පුද්ගලයන්ගේ අපරාධයක් නොවෙයි. අපේ සිස්ටම් එකම දූෂිතභාවයට අනුබල දෙන සිස්ටම් එකක්. මිනිස්සු උපතේදි කවුරුවත් නකර නැහැ. මේ හිස් කළයක් වගේ මනස පුරවන්නේ අවට සමාජය. ඒව මෙහෙයවන ආණ්ඩු. ඇමතිවරයාට හොරකමක් කරන්න බැහැ ලේකම්වරයාට නොදැනී. ලේකම්වරයා අතේ මුදල් බලය තිබෙන්නේ. ඇමතිවරයා කරන වැඩේ ලේකම්වරයාත්, ලේකම්වරයා කරන වැඩේ අතිරේක ලේකම්වරයාත් වශයෙන් ධුරාවලියේ පහළට සම්බන්ධතා තිබෙන සියල්ලන්ම සිදුවෙන ක්‍රියාකරකම් දන්නවා. මේ හොරකම දේහයක් හැටියට පැතිරිලා තිබෙනවා. මේ තත්වය නැති කිරීමට දේශපාලන අධිකාරිය ආදර්ශයෙන් සහ මැදිහත්වීමෙන් අදූෂිතභාවය ඔප්පු කරන්න ඕනෑ.

ඒ වගේම පොලීසිය හමුදා හැසිරෙන්නේ ආණ්ඩුව හිතන එක දෙස බැලීමෙන්. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සීනියර් ඩී.අයි.ජී. රවී සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම ඉතා සද්භාවයෙන් පරීක්ෂණය කරමින් ගියා. ආණ්ඩු මාරු වුණා. ගෝඨාභය ආවා, අර සද්භාවයෙන් පරීක්ෂණ කළ නිලධාරීන් සියලු දෙනාම මාරු කළා. එතකොට අනික් අය හිතනවා ආණ්ඩුව හිතන්නේ මෙහෙමයි. ආණ්ඩුව තමයි සංඥාව දෙන්නේ. නීතියේ විධානයේ ආධිපත්‍ය රැකීමේදී වැදගත් දේ, නීතිය, පොතපත, ව්‍යවස්ථාව නොවෙයි වැදගත්ම දේ ආණ්ඩුවේ සංඥාව. අපි කිසිවෙක් දේශපාලන බලපෑම් මත නිදහස් කරන්නේ හෝ බලපෑම් කරන්නේ නැහැ.

මන්ත්‍රී ධුර සඳහා අධ්‍යාපන සුදුසුකම බැලීමේදී අධ්‍යාපනය ලබපු අය හොඳද? සමහර ගම්බද අයට මේ ක්‍රමය විසින්ම අධ්‍යාපනය අහිමි කර තිබෙනවා. හොඳ පාසලක්, හොඳ ගුරුවරු නොමැති වීම, ගෙදර තිබුණු ආර්ථික අපහසුකම් ඒවා විසින් දරුවන්ට අධ්‍යාපනය අහිමිකර තිබෙනවා. සමාජ අසාධාරණය විසින් අධ්‍යාපනය අහිමි වුණු කෙනාට අපි දේශපාලනයත් අහිමි කිරීම සාධාරණ නැහැ. අධ්‍යාපනය නිර්ණායකයක් බවට පත්කර ගැනීම යෝග්‍ය නැහැ. පළවැනි එක අවංකභාවය. අදූෂිතභාවය, මහජනයා සහ රට කෙරෙහි කොයිකරම් බැඳීමක් තිබෙනවාද යන සාධකය තමයි ජනතා නියෝජිතයෙකු මැනිය යුතු වන්නේ. හැබැයි ආණ්ඩුවක් කිරීම සඳහා ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ නිපුණතාවයන් තිබෙන කණ්ඩායමක් අවශ්‍යයි.

AKD-Toronto-Speech-and-Q&A-Session

ජාතික ගැටලුව විසඳීම පිළිබඳව

අපේ රටේ ජාතිවාදය යනු දේශපාලනයයි. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුමක් තිබෙනවා. සිංහල, දෙමළ, මුසිලිම් ජනතාව සමගියෙන් සිටියා. ආවාහ විවාහ සිදුවුණා. ඒ ඒ සංස්කෘතීන් අතර බැඳීමක් තිබුණා. අපේ රටේ දේශපාලකයා සියල්ලන්ගෙන්ම අසාර්ථක වුණා. ඒ නිසා දේශපාලකයා තමන්ට ජනතාව දිනා ගැනීමට තෝරනවා ළඟම පාරක්. පාලකයා ඒ ඒ සංස්කෘතින්ගේ ආධ්‍යාත්මය කූද්දනවා. එයාට ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික වර්ධනය ගැන කතා කරන්න බැහැ. ආණ්ඩුවක් විසින් ජනතාවට කළ යුතු දේවල් ගැන කතා කරන්න බැහැ. එතකොට එයා ජාතිය, ආගම බේරා ගන්න කතා කරනවා. අවසානයේ ජනතාව කන්න නැතත් රට බේරා ගන්න ඡන්දය දෙනවා. පොදුවේ ජනතාව ජාතිවාදී නැහැ. අපේ රටේ ජාතිවාදය යනු දේශපාලනය නම් ඒයට එරෙහිව ජාතික සමගියේ දේශපාලනය තෝරා ගත යුතුයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ජාතික සමගියේ දේශපාලනයයි.

දෙමළ, මුස්ලිම් ජනතාවට ඒ අයට අනන්‍යවූ ප්‍රශ්න තිබෙන බව අපි පිළිගත යුතුයි. ප්‍රධාන මව් භාෂා දෙකක් අපේ රටේ තිබෙනවා. පුරවැසියන්ට තමන්ගේ මව් භාෂාවෙන් ආණ්ඩුවත් සමග කටයුතු කිරීමේ අයිතිය තහවුරු වෙන්න ඕනෙ. ජාතික ජන බලවේගයේ අපි ඒ අයට තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමටත්, රාජ්‍යයත් සමග ගනුදෙනු කිරීමටත් ඇති අයිතිය තහවුරු කරනවා. ඒ වගේම දෙමළ ජනතාවට වගේම මුස්ලිම් ජනතාවට ඒ අයට අනන්‍යවූ සංස්කෘතීන් තිබෙනවා. තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත් වීමට ආරක්ෂාවත්, එම සංස්කෘතීන් ඇගයීමක් නැහැ. නීතිය, අධ්‍යාපනය, සමාජ අවබෝධයේ සංස්කෘතික අනන්‍යතාවය අපි පිළිගත යුතුයි. ඒවා අපි පිළිගත යුතු වන්නේ වෙන්වීමේ සාධකයක් හෝ අනෙකාට එරෙහිවන ලෙසට නොවෙයි. කිසියම් පුරවැසියෙකුට තමන්ගේ ආගම් ඇදහීමේ අයිතිය, තමන්ට අනාරක්ෂිත තත්වයක් තිබෙනවා යැයි බියජනක තත්වයක් ඇතිවිය යුතු නැහැ. ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. ආගම් ඇදහීම ඔවුන්ගේ අනෙකුත් අයිතිවාසිකම් නොලැබීමේ තත්වයක් බවට පත් නොවිය යුතුයි. සංස්කෘතික අනන්‍යතාවයත්, ආගමික නිදහසත්, භාෂාවේ අයිතියත් අපි තහවුරු කළ යුතුයි. ඔවුන්ට දේශපාලනයට, ආණ්ඩු ක්‍රියාවලියට, දේශපාලන අයිතිවාසිකම්වලට සාධාරණ ලෙස ප්‍රවිෂ්ට වීමට අයිතිය තහවුරු කළ යුතුයි.

මම ඔබට ප්‍රකාශ කරනවා නැවත උතුරේ යුද්ධයක් එන්නේ නැහැ. දකුණේ චිත්‍රයක් හදන්න හදනවා උතුරේ ජනතාව දරුවන් හදන්නෙම යුද්දෙට කියලා. නමුත් උතුරේ අම්ම තාත්තා උත්සාහ කරන්නේ දරුවන්ට හොඳින් උගන්වන්න, හොඳ අනාගතයක් හදන්න. දකුණට හා සමාන ප්‍රශ්න උතුරේ තිබෙනවා. තිස් වසරක යුද්ධය විසින් උතුරේ ප්‍රශ්න තීව්‍ර කර තිබෙනවා. උතුර වෙනම කොට සලකා වේගවත් සංවර්ධන ව්‍යාපෘති ගෙනියන්න ඕනෙ, ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවන්න. උඩ දේශපාලන ප්‍රශ්නයත්, පතුලේ ජනතාවගේ ප්‍රශ්නත් සලකා අපි දෙකටම විසඳුම් සොයන්න ඕනෑ. අපි විවිධ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඔයාල අවුරුදු තිහක් ගහගත්තා. අවසන් ප්‍රතිඵලය මොකක්ද? අපි තව තිහක් ගහ ගන්නවාද? නැතිනම් අපි එකතු වෙලා උතුරත්, දකුණත්, නැගෙනහිරත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සොයනවාද? අපි ඒ සඳහා ඒ ඒ පක්ෂත් සමග සාකච්ඡා කරන්න ලැහැස්තියි.

ජනතා අපේක්ෂාවන් පිළිබඳව

අපට මිනිසුන්ගේ දුක, වේදනාව පැෂන් එකක් නොවෙයි. දරුවෙකුට දුප්පත් වුණාම අහිමි වෙන්නේ ආහාර වේල විතරක් නොවෙයි. සමාජ ගරුත්වය අහිමි වෙනවා. අධ්‍යාපනයේදී කොන්වීම, පොලීසිය, බැංකුව වැනි ආයතනවලදී කොන්වීම දුප්පත්කම කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් විතරක් නොවෙයි එය සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. දුප්පත්කම සමාජ ජීවිතයේ ගැටලුවක්. අපේ රටේ ජනතාව මොනතරම් බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදුවාද? අපි දුප්පත්කම ගැන කතා කරන්නේ පැෂන් එකක් හැටියට නොවෙයි. අපට ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු, ඔවුන්ගේ හද ගැහෙන රාවයේ තිබෙන වේදනාව, කටුකත්වය අපි අපේ දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරන සාධක නොවෙයි. දුප්පත්කම පිළිබඳ කතා කරන්නේ ඇත්තටම ජීවිතේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ අවබෝධයක් සමගින්. අපිට යුක්තිසහගත සාධාරණ අයිතියක් නැහැ, අපේ රටේ පුරවැසියන් කුඩා ප්‍රමාණයකින් හෝ රවට්ටන්න. ඇති දැන්. හැබැයි අවුරුද්දයි දෙකයි ඔබ බලාපොරොත්තු වෙන්නෙ. අපි මේක හදනවා. හෙටත් ඔබ ඉදිරියට ඇවිත් අපිට මේ වගේම කතා කරන්න පුළුවන්.

ඔබ පාලන බලය සඳහා වෙනත් කණ්ඩායම් සමග එකතු වෙනවාද?

කලින් ජනාධිපතිවරණය පවත්වලා පසුව මහ මැතිවරණය පවත්වනවා නම් කිසිදු සැකයක් නැහැ ‘කලා වැවේ සොරොව්ව ඇරියා වගේ’ වේවි.
මහ මැතිවරණය පැවැත්වුවොත් අපට 113ක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 113ට වඩා අඩුවෙන් ලැබෙනවා නම්, අපි ප්‍රමාණය මොකක්ද කියලා. ඒ කියන්නේ ජනතාව අපට ආණ්ඩුවක් දෙන්න උත්සාහ කර තිබෙනවා නමුත් 113 ලැබී නැහැ. (තරමක වැඩි සංඛ්‍යාවක්) ජනතාවගේ අපේක්ෂාව අපිට ආණ්ඩුවක් ලබාදෙන්න. එහෙම නම් අපි ඒ අපේක්ෂාව සම්පූර්ණ කරන්න ඕනෙ. ඒ වෙලාවේදී අපි එකතු කර ගත හැකි අය එක්ක ආණ්ඩුව හදනවා. ජනතාව අපේක්ෂා කරන්නේ අපිට විපක්ෂයේ වාඩි වෙන්න නම්, අපි විපක්ෂයේ වාඩි වෙනවා.

AKD-Toronto-Speech-and-Q&A-Session

පාලකයන් විකුණා ඇති සම්පත් නැවත ගන්නවාද?

අපේ ජාතික සම්පත් රනිල් වික්‍රමසිංහ විකිණීම සඳහා සැලසුම්කොට තිබෙන ජාතික සම්පත්. ටෙලිකොම් ආයතනය, ලංකා හොස්පිට්ල් රනිල් වික්‍රමසිංහ විකුණන්න තීරණය කරනවා, එවිට ඉන්දියානු සමාගමක් ඉල්ලනවා. ඒවා රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රායයන්. අපි ඒ වෘත්තිය සමිති හා ඒ ආයතන සමග කතාකර තිබෙනවා අඩු තරමින් මාස හයක් පරක්කු කර ගන්න ඒ ටික බේරා ගන්න පුළුවන්. ඔබ අහපු දකුණු ජැටිය, හම්බන්තොට වරාය වගේ ප්‍රශ්න සරල නැහැ. ඒවා විකුණා අවසන්. කෙරවලපිටිය බලාගාරය, හම්බන්තොට වරාය නැවත ලබා ගන්න බැහැ. අපි ආර්ථික වශයෙන් දුබල රටක්. අපට අපේ සම්පත් පිළිබඳ සැලකිල්ලට භාජනයට ලක්කළ හැකි වන්නේ, අපේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි.

ඉන්දියාව හදා තිබෙන සැලසුමට යටත්ව සිදුවන්නේ එක ඉන්දියාව යෝජනා කර තිබෙනවා ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නළ පද්ධතිය. දෙක ඉන්දියාව සහ ලංකාව අතර විදුලි රැහන් පද්ධතිය. තුන පාලම්. හැබැයි ඒවා දැන්ම වෙන්නේ නැහැ. ඒවා ශක්‍යතා අධ්‍යයනය කර විශාල කාර්යයක් තිබෙනවා. මේ මාස පහ හය තුළ සිදුවිය හැකි දේ තමයි ටෙලිකොම් ආයතනය විකිණීම. අපි ඩොලර් බිලියන 15කට අයි.ටී. ක්ෂේත්‍රයේ යන්න පුළුවන්. ආරම්භයේ ඩොලර් බිලියන 5ක – 8ක ආර්ථිකයක් අපි හදන්න ඕනෙ. අයි.ටී. ක්ෂේත්‍රය දියුණු කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුම් හදන්න ඕනෙ ටෙලිකොම් ආයතනය. ඒ යටිතල පහසුකම් ටික හදා දෙනවා නම් විතරයි අපිට එම ක්ෂේත්‍රය උඩට ගේන්න පුළුවන්. අපි කාගේ හෝ සමාගමකට ටෙලිකොම් එක විකුණලා ඒ ගොල්ලෝ අපට යටිතල පහසුකම් ටික වර්ධනය කරන්නේ නැතිනම්, අපේ අයි.ටී. කර්මාන්තයේ වර්ධනය නතර වෙනවා. ඒ නිසා අපි ඉන්නේ ටෙලිකොම් එක විකිණිය යුතු නැහැ. එයාර් ලංකා එක විකිණීම පිළිබඳවත් අපේ ස්ථාවරය එයයි. අපි සංචාරක කර්මාන්තය ඉලක්ක කරනවා නම්, අපි ලක්ෂ 40ක් සංචාරකයෝ ගේන්න කැමතියි. සාමාන්‍යයෙන් සංචාරයේ යෙදෙන අය අතරමග රස්තියාදු වෙන්න කැමති නැහැ. ඒ අනුව අපට එයාර් ලයින් එකත් අවශ්‍යයි. එයාර් ලයින් එකේ ටිකට් එකට වඩා හොටලයේ කාමරයේ ගණන් අඩුයි. සංචාරකයා කැමති හෝටලයට වැඩි ගාස්තුවක් ගෙවා එයාර් ලයින් එකට අඩු ගාස්තුවක් ගෙවන්න. එහෙම නම් අපට බජට් එයාර් ලයින් එකක් අවශ්‍යයි. ඒක එයාර් ලයින් එකට අනුබද්ධව පටන් ගන්න වෙයි. එයාර් ලයින් එක වැටිලා තිබෙන්නේ. ඒක ගොඩගන්නේ කොහොමද කියන එක අපි ආකාර තුනක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. එක ආණ්ඩුවට කරන්න පුළුවන්ද? දෙක ජොයින්ට් වෙන්චර් එකකට යන්න පුළුවන්ද? තුන අත්හරිනවාද?

මිල්කෝ ආයතනය පිළිබඳ ප්‍රශ්නයේදී ‘මිල්කෝ ආයතනය’ කියන්නේ කිරි කර්මාන්තයේ රජයේ මැදිහත් වෙන ආයතනය. අපි කිරි සංවර්ධනය පිළිබඳ සැලැස්මක් හදනවා නම්, ආණ්ඩුවෙන් යාන්ත්‍රණයක් අවශ්‍යයි ඒක ක්‍රියාත්මක කරන්න. එන්.එල්.ඩී.බී. මිල්කෝ ආණ්ඩුව අතේ තිබෙන්න ඕනෑ. ඉන්දියාවේ එන්.ඩී.බී. එක, (පශුසම්පත් මණ්ඩලය) අපේ පශුසම්පත් මණ්ඩලය මිලදී ගන්න එනවා. ඉන්දියාවේ රාජ්‍ය ආයතනයක් තමයි අපේ එන්.එල්.ඩී.බී. ආයතනය මිලදී ගන්න එන්නේ. අපි අත්හරින්න හදන එකට කැමති නැහැ. මේ පෞද්ගලීකරණය ගැන හිතන්නේ අපේ ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගැනීමේ වුවමනාවෙන්. දැනට විකුණා තිබෙන දේවල් ගන්නේ කොහොමද කියා වෙනම කල්පනා කළ යුතුයි.

අවසන් වරට, අපේ රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙන්නේ. මේ අවස්ථා අත්හැරුණොත් තවත් අවස්ථා තිබේවි කියා හිතන්න එපා. මේ අවස්ථාවේ ජයග්‍රහණය අත්පත්කර ගත යුතුමයි. අපේ ජයග්‍රහණය තිබෙන්නේ ඔබ අතේ. ඔබ මොනතරම් දායකත්වය දෙන්න ලැහැස්තිද, ඒ තරම් ප්‍රමාණයකින් අපට ජයග්‍රහණය කරන්න හැකියාව තිබෙනවා. ඥාතීන්ට හිවතුන්ට කතා කරන්න, සමාජ මාධ්‍යවල ඒ වෙනුවෙන් ලියන්න, පෙනී හිටින්න. ශක්තිමත් මතවාදී යාන්ත්‍රණයක් බවට පත්කරමු.

ජනතා බලාපොරොත්තු නොවෙනස් ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද?

අපේ රට හිරවී තිබෙන ආකාරයට දවසකින් දෙකකින් පරිවර්තනය කළ හැකි වන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මූලික සාධක තුනක් ජනතාවට සහතික කරන්න ඕනෑ. අපි පළමුකොටම පුරවැසියන්ගේ ආහාර අයිතිය තහවුරු කරනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පළමුකොටම තහවුරු කරනවා. දිගු සැලසුම්වලට යන්න නම්, පළමුව මේ කරුණු තහවුරු කරන්න ඕනෑ. මේකට විශාල නැගිටීමක්, පිබිදීමක් අවශ්‍යයි. 1948 සුද්දා රට දාලා යනකොට ජනතාවට මොනතරම් හැඟීමක් ඇති වෙන්න ඇත්ද? අවුරුදු 76ක් මේ රට විනාශය අත්කර දුන් පාලකයන් පරාජය කළාම කොයිතරම් හැඟීමක් ඇතිවෙයිද? එතන ජාතික පිබිදීමක් තිබෙනවා. ඒ පිබිදීම අපි මේ රට ගොඩනැගීම සඳහා උපයෝගී කර ගන්න ඕනෑ. ඒ නැගිටීම ආරක්ෂා කර ගැනීම සඳහා අපි දේශපාලකයා හැටියට ආදර්යන් දෙන්න ඕනෑ. විශ්‍රාම වැටුප් අහිමි කිරීම, හතරවටින් දාන වාහන ආරක්ෂා අයින් කිරීම, නිල නිවාස අයින් කිරීම, වැනි ක්‍රියාමාර්ග ඔස්සේ දේශපාලකයා පළමු වතාවට තහවුරු කරන්න ඕන, තමන්ට පැවරී ඇති කාර්යයන් ඉටුකරන්න ඕනෑ. අනෙක් පුරවැසියන් හා සමානයි දේශපාලකයා. අපි ඒ ආදර්ශය දෙනවා.

සජිත් පේමදාස කිව්වා,වංචා, දූෂණ පරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීමේ බලය දෙන්නේ ෆොන්සේකාට කිව්වා. දයා රත්නායක කියලා හිටපු හමුදාපතිවරයෙක් ආවා එයාට පරණ යකඩ විකුණපු හොරකම් පිළිබඳ චෝදනා තිබෙනවා. අපි වංචා-දූෂණයෙන් තොර පාලනයක් හදන්න යන්නේ. ඒ නිසා මේ වංචා දූෂණවලට හවුල් වුණුකෙනා ගන්න එපා කියලා. ඊටපස්සේ වංචා දූෂණවලට හවුල්වූ කෙනා ඇතුලේ, වංචා දූෂණ අල්ලන්න හිටිය අය එළියේ. අපි එහෙම කරන්නේ නැහැ. වංචා – දූෂණ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍යයි. නීතියේ විධානයේ ආධිපත්‍යය අපි ආරම්භයේදිම කරනවා. අපිට ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍යයි. ඒක වෙනස් කිරීම අපේම වැඩක්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපට ඡන්දය දුන් ජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කර ගන්නවා සහතිකයි.

Show More