-Colombo, January 31, 2024- (මාධ්‍ය හමුව – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ) මේ වන විට රටේ තැනින් තැන මනුෂ්‍ය ඝාතනයන් සිදුවෙමින් තිබෙනවා. මේ ඝාතන ක්‍රියාවලිය ආරම්භ වුණේ වැලිගම සිද්ධියෙන්. ඊට පසුව නාරම්මලත්, පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේ නමක් හා අද වෙන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණයෙකුටත් වෙඩිතබා තිබෙන බව දැනගන්නට ලැබී තිබෙනවා. දැන් ජනතාව විමසිල්ලෙන් ඉන්නේ අද […]
-Colombo, January 31, 2024-
(මාධ්‍ය හමුව – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ)
මේ වන විට රටේ තැනින් තැන මනුෂ්‍ය ඝාතනයන් සිදුවෙමින් තිබෙනවා. මේ ඝාතන ක්‍රියාවලිය ආරම්භ වුණේ වැලිගම සිද්ධියෙන්. ඊට පසුව නාරම්මලත්, පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේ නමක් හා අද වෙන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණයෙකුටත් වෙඩිතබා තිබෙන බව දැනගන්නට ලැබී තිබෙනවා. දැන් ජනතාව විමසිල්ලෙන් ඉන්නේ අද කොහේද? කවුද? ඝාතනය වී තිබෙන්නේ කියලා. මේ ජීවිත බිලිගැනීම සමාජගත වෙමින් යනවා. ආණ්ඩු විරෝධී ක්‍රියාවන් උත්සන්න වෙමින් තිබෙන අතර, ආණ්ඩුව මර්දන යාන්ත්‍රණයන් තදකරමින් යනවා. ඒවායේ කොටසක්ද මේ සිදුවෙමින් තිබෙන්නේ යන්න අපි බලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා. ඊයේ දින (30) ස.ජ.බ.යේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය ජාතික ජන බලවේගය ලෙසත්, ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙසත් අපි හෙළාදකිනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද නිගරුකිරීමක් ලෙස අපි දකිනවා.
නාරම්මල සිදුවීමේදී, මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි තැනැත්තා රථයෙන් බැස ඇවිත් ඉදිරියෙන් ගිය ටිපර් රථයේ රියදුරුට තර්ජනය කරනවා. එම මෝටර් රථයේ රියදුරු පැමිණ ටිපර් රථයේ රියදුරුට වෙඩි තබා මරණවා. මෙවැනි වෙඩි තැබීම් කළ හැකිද? අදාළ පුද්ගලයාගේ හැඳුනුම්පත හෝ ආදායම් බලපත්‍රය, ලයිෂන් ඉන්ෂුවරන්ස් බලා අනන්‍යතාවය තහවුරු කරගෙන පමණයි කිසියම් ක්‍රියාවලියකට අවතීර්ණ විය යුත්තේ. මේ සිද්ධිය ඉතාමත් බරපතළයි. වෙඩි තබන ලද උණ්ඩය අහුලාගෙන එම නිලධාරියා සාක්කුවේ දමා ගන්නවා. මේ සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. මේ මොහොතේ අපි නීතිඥ කණ්ඩායමක් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ නඩුවට පෙනීසිටිමින් ඉන්නවා. පැමිණිල්ල උත්සාහ කරමින් සිටිනවා පසුපස අසුනේ සිට පැමිණ මරණකරුට තර්ජන කළ තැනැත්තාව පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් බවට පත්කරන්න. අගතියට පත්ව සිටින පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අපේ නීතිඥ කණ්ඩායම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙම නඩුවේ කටයුතු අදාළ පොලීසියටම කරගෙන යන්න ඉඩ දෙන්න එපා කියලා, “එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ” වැඩක්. අපේ නීතිඥ කණ්ඩායම්, ඉල්ලීම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එකක් මෙහි සම්පූර්ණ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්න. එහෙම නැතිනම් ඒ පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මේ කටයුතු සිදුකරන්න.
මේ තැනින් තැන සිදුවන ඝාතන ක්‍රියාවලියට ආණ්ඩුව හිතාමතාම හරිමින් සිටිනවද කියලා සැකයක් මතුවෙනවා. පුද්ගලයෙකු ඝාතනය කරලා පහුවදා වැඩබලන පොලිස්පති ලක්ෂ දහයක මුදලක් පවුලේ අයට ප්‍රධානය කරනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වටිනාකම ලක්ෂ දහයකද? ඒ මුදල යන්නෙත් රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මහා භාණ්ඩාගාරයේ මුදල්. මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට දමා කටයුතු කිරීම බරපතළ කරුණක්. මේ බරපතළ වරදක් සාමාන්‍ය කරණය කිරීමක්. සමාජයක් විදිහට, සමාජයේ වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක නීතිඥයන් ලෙස මෙය අපට ඉවසිය නොහැකියි. මෙය නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අපගමනයක්. 1992 කාලයේත් මෙවැනි තැන තැන මිනිස් ඝාතනය සිදුවෙමින් මහා අපරාධයක් දක්වා ගියපු බව අපි දන්නවා. මේ එන්නේ එවැනි පන්නයේ වැඩකටද? මේ මැතිවරණ වසරක්. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන විදිහට මැතිවරණ දෙකම තිබෙනවා. මේ මැතිවරණයන් ජයග්‍රහණය කිරීමට අදාළ පසුබිමක් හදාගන්න උත්සාහ කරනවා. සමාජය භයංකර තත්වයකට පත්කරලා ආණ්ඩු විරෝධය කියන එක මට්ටු කරන්න පරාජිත උත්සාහයක් ගනිමින් ඉන්නවා. ජන බලවේගය ලෙස අපි මේ සමාජය දැනුවත් කරමින්, යෝධ සමාජ පවුරක් විදිහට මෙයට මුහුණ දෙනවා. අපි සමාජයට කියනවා ඔබ, ආණ්ඩුවේ බියගුළු ක්‍රියාවලට බියට පත්වෙන්න එපා. මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහි ක්‍රියාවලිය ආපස්සට ගන්න එපා.
“මම දේශබන්දුගෙන් අහනවා භාර්යාවකට සැමියෙක්, දරුවන් තිදෙනාට පියෙක් නැති කරලා, තමන් ලබාගන්න පොලිස්පතිකම ලොකුද ?”
-ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත-
මීට සති තුනකට පමණ පෙර පොලිසියේම ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරු තුරුලට ගියා. එක පොලිස් කණ්ඩායමට අවශ්‍ය වුණු, සැඟවුණු න්‍යාය පත්‍රයක ක්‍රියාවලියක් ලෙස එම පොලිස් නිලධාරියා මිය ගියා. ඔහු සාජන්වරයෙක් ලෙස සිට මියගියාට පසුව එස්.අයි. බවට පත්කළාට පස්සේ සාධාරණීකරණය වෙනවාද? දේශබන්දුගේ වැඩ බලන පොලිස්පතිකම, පොලිස්පති බවට පත්කරන එක ලොකුද, අර පොලිස් නිලධාරියාගේ භාර්යාවට සැමියෙක් සහ දරුවන්ට පියෙක් අහිමිකරන එකට වඩා. මම දේශබන්දුගෙන් අහනවා, නාරම්මල අහිංසක මනුස්සයාගේ භාර්යාවට සැමියා සහ එයාගේ ලෝකය නැතිකරලා, දරුවන් තිදෙනාට පියෙක්, ලෝකයක් නැති කරලා, තමන් ලබාගන්න බලාපොරොත්තුවෙන පොලිස්පතිකම ලොකුද කියලා. ඒක ලක්ෂ 10කට ලඝු කරන්න පුළුවන්ද? දේශබන්දුට තවදුරටත් මේ ලක්ෂ 10යේ ඒවා දීගෙන දීගෙන යන්න සිදුවේවි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දේශබන්දුට කිව්වා, තමන් ක්‍රෑර වධහිංසාවට ලක්කරපු පුද්ගලයාට ලක්ෂ 05ක් පෞද්ගලික මුදලින් ගෙවන්න කියලා. ඒ අමානුෂික වධය ලක්ෂ 05ට ලඝුවෙන්නෙත් නැහැ. නීතිපතිතුමා හරියට නීතිය ක්‍රියාත්මක කළොත්, ඉදිරියේදී ක්‍රෑර හා අමානුෂික වධ හිංසා සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රයක් එන්න ඕනෑ.
මේ වගේ මිනිස්සු තැන තැන බල්ලෝ බළල්ලු වගේ මැරී වැටීමත්, එය සිදුවෙන්නේ රජයේ පොලීසිය විසින් නම්, එය රාජ්‍ය ත්‍රස්තවාදයයි. එවැනි මැරී වැටීම් නිසා ඇතිවෙන කම්පනය තමයි අපි සමාජගත කරන්නේ. මේ හේතුවකින් තොරව පුද්ගලයන් මරා දැමීම, ඒ පවුලට පමණක් නොවෙයි සමාජයටම සිදුකරන ලොකු අපරාධයක්. මේ කම්පනය සමාජයට යන්න ඕනෑ. තමන්ට, යමක් සිදුවෙනකම් සහකම්පනය දැනෙන්නේ නැහැ. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට, ඥාතියෙකුට වුණා නම්, මේකෙ පීඩාව, දැනෙයි. මීට වසරකට ඉස්සෙල්ලා, දේශබන්දුට පාරෙදි හෙල්මට් එකකින් මිනිස්සු ගහනකොට වැරදි තැනකට වැදුණා නම්, යම් පීඩාවකට පත්වුණු නම්, භාර්යාවට, ළමයින්ට ඒ කම්පනය දැනෙනවා. වැඩ බලන පොලිස්පති, මේ දෙස වැඩි බරකින් බලන්න. තමන්ගේ ආදර්ශ පාඨය “ධම්මේ භවේ රක්ඛති, ධර්ම චාරී” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකියි. ආදර්ශ පාඨයෙන් කියන්නේ එයයි. තමන්ගේ නිල බලයට, ඉදිරියට ගන්න තිබෙන ප්‍රමෝෂන් එකට, තමන්ගේ ආදර්ශ පාඨය තුළ කටයුතු නොකරමින් හැසිරෙන්න එපා.
වැඩබලන පොලිස්පතිවරයා මැයි 09 සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවෙක්. ඔහු පාස්කු ප්‍රහාරය වෙන කාලයේ බස්නාහිර උතුර (මීගමු පළාතේ) සීනියර් ඩී.අයි.ජී. කටුවාපිටියේ මනුෂ්‍ය සංහාරයක් සිදුවුණා. තමන් හරියට රාජකාරි කළා නම්, ෂඡ වෙන්න කලින් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිකමේ ඉන්න තිබුණා. මැයි 09දා හරියට නීතිය ක්‍රියාත්මක කරලා, අභාවප්‍රාප්ත ඇමතිතුමා සහ සහචරයන් ටික එතනට නොයැවීමට කටයුතු කළා නම් මැයි 09 විපත් කිසිවෙකුට සිදුවන්නේ නැහැ. යුක්තියට මුවා වෙලා අයුක්තියක් සිදුවෙනවා නම්, නීතිඥයෝ හැටියටත්, ජාතික ජන බලවේගය හැටියටත් අපි විරුද්ධයි. යුක්තිය නමින් හෝ මේ රටේ මත්ද්‍රව්‍ය, අපරාධ, පාතාලය නවත්වනවා නම්, අපි ඒකට අත්දෙක ඔසවා කැමැත්ත ප්‍රකාශ කරනවා. ඔහු රකින දේශපාලන නායකත්වය කියනවා “අපි ගැහුවොත් ගහනවා” කියලා. පොලිසිය රටක අන්ඩර් වල්ඞ් එකද? රටක දේශපාලන නායකත්වය කියන්නේ පුරවැසියන් ආරක්ෂා කරන පාලන තන්ත්‍රයක්. තනි තනි පුද්ගලයාගේ හිමිකම් ආරක්ෂා කරන්නම ඕනෑ. එහෙම නැති ආණ්ඩුවක වැඩක් නැහැ. පහළ නිලධාරීන්ට උපදෙස් දෙන්නේ එහෙම දේශපාලන නායත්වයක් නම්, දේශපාලන නායකත්වයේ පිරිහීම ඒකෙන් පෙනෙනවා. තැන් තැන්වල මිනිස්සු මැරී වැටීමෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන නායකත්වයේ, සමාජයේ, ආර්ථිකයේ පිරිහීමයි. අපේ රටේ අවසාන පාලකයෝ පස්දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. 10 සිට 14 දක්වා තිබෙන මූලික අයිතිවාසිකම්වලින් එකක් දෙකක් කඩා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය එය අනුමත කොට තිබෙනවා. එවැනි පුද්ගලයන් රට පාලනය කරන විට ඊට පහළ ආයතන පාලනය කරන නිලධාරීනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන තත්වයක් උඩ මීට වැඩි දෙයක් අපට බලාපොරොත්තු විය නොහැකියි. දේශබන්දුට කියනවා, මේ දේශය මුඩුබිමක් නොවෙයි, පුරවැසියන්, ජනතාව, මානවයන්ගෙන් පරිපූර්ණ වූ සමාජයක්, බිමක්. තමන් මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා. මිනිසුන්ට ආදරය ඇති කෙනෙක් නොවෙයි. පොලිස්පතිව ආරක්ෂාකරන දේශපාලනයටත් මම කියනවා, ධර්මයෙහි හැසිරෙන්න. එවිට ධර්මය ඔබව ආරක්ෂා කරාවි.
“නීතියත්, මහජනතාවත් අතරට දේශපාලන අත පෙවීම් ඉවත් වුණු දාට තමයි, මේ රටේ ජනතාවට යුක්තියේ දෙවඟන කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ.”
-නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
ඕනෑම රාජ්‍යයක්, සමාජයක් දියුණු කියලා මනින්නේ ඒ රාජ්‍යයක ආර්ථික මිනුම් දඬුවෙන් පමණක් නම්, එය සියයට සියයක් නිවැරදි මැනීමක් විය නොහැකියි. සමාජයක, රාජ්‍යයක ප්‍රශ්නවලට ප්‍රශ්න අවස්ථාවේ පිළිතුරු දෙන්නේ නැතිනම්, ඒ ප්‍රශ්න ගැටලු බවට පත්වෙනවා. ඒ ගැටලුවලට ගැටලු අවස්ථාවේදී නිසි පිළිතුරු පාලන අධිකාරිය දෙන්නේ නැතිනම් ඒ ගැටලු අර්බුද බවට පරිවර්තනය වෙනවා. අර්බුදයකදී අර්බුදයට අවශ්‍ය විසඳුම් ඒ පාලන අධිකාරිය දෙන්නේ නැතිනම් ඒ අර්බුදය ව්‍යසනයක් බවට පරිවර්තනය වෙනවා. රටක ජීවත් වෙන මිනිස්සු විදිහට අපි ඉන්නේ ඉතා දරුණු ව්‍යසනයක. මේකට පිළිතුරු සොයන එක සුළුපටු කාර්යයක් නොවෙයි. අපිට ව්‍යසනයක් සාගින්න ලෙසත්, දරිද්‍රතාවය ලෙසත්, දේශපාලන කැළඹීම් ලෙසත්, යුධමය වාතාවරණයන් ලෙසත් දකින්න පුළුවන්.
සමාජයක සිදුවෙන අපරාධත් ව්‍යසනයක් ලෙස දකින්න පුළුවන්. රටක ජීවත් වෙන ජනතාවට නිදහසේ ජීවත්වීමට නොහැකි නම්, අපි නිරුපද්‍රිතයි කියල සිතිය හැකි පරිසරයක නොවෙයි ඉන්නේ. ඒ නිසා පක්ෂයක් විදිහට සහ මේ රටේ ජීවත් වන කිසිදු භේදයකින් තොර, වෙනස් ලෙස සැලකීමකින් තොර, පිරිමින්ට සේම ගැහැනුන්ටත්, දරුවන්ටත් සියලු දෙනාටම සුරක්ෂිත වටපිටාව අහිමිවෙලා තිබෙන සීමාවක තමයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයාත්, වැඩ බලන පොලිස්පතිවරයාත්, යුක්තියේ නාමයෙන් ක්‍රියාත්මක කරගෙන යන මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස 17%ක් අපරාධ සංඛ්‍යාත්මකව අඩුවී තිබෙන බවට තොරතුරු තිබෙනවා. එය විය හැකියි. නමුත් යුක්තිය ඉටුවූවාට වැඩක් නැහැ යුක්තිය ඉටුවූ ආකාරය සාමාන්‍ය මහජනතාවට පෙනෙන්නට තිබිය යුතුයි. ස්වංපෝෂිතව, මිනිසුන්ට ජීවත් විය හැකි, නිදහසේ හුස්මක් ගත හැකි, සමෘද්ධිමත් රටක් කියලා මැන බලන්නට පුළුවන් කමක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය මර්දනය කරන්න ගතහැකි සෑම උත්සාහයක්ම ගන්නවා කියන පදනමක සිට, මේ රටේ අපරාධ මඩින්න යුක්තියේ නාමයෙන් දියත් කරගෙන යන මෙහෙයුම නවත්වන්න කියන පටු දේශපාලන මතවාදයක පක්ෂයක් විදිහට අපි නැහැ. නමුත් මෙම මෙහෙයුම දියත් කරන ආකාරය පිළිබඳ ගැටලුවක් අපට තිබෙනවා. මේ රටේ ජීවත් වන මිනිසුන්ට ඉතා සාධාරණව ජීවත් විය හැකි ක්‍රමය මොකක්ද කියන එක බලලා, මිනිසුන්ට අපරාධවලින් තොර රටක ජීවත්වීමට තිබෙන අයිතිවාසිකම තහවුරු කරන එක තමයි සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ විශ්වාසය මේ වනවිට බිඳවැටී අවසානයි.
ඔබ තවදුරටත් නීතිය කෙරෙහි විශ්වාසය තබාගෙන සිටිනවා නම්, අපි පක්ෂයක් විදිහට යම් පොරොන්දුවක් දෙන්න කැමතියි. නීතියේ ආධිපත්‍යය කියන එක, නීතිය ඉදිරියේ පුරවැසියන් සමානයි කියන එක, නීතිය සියලුම පුරවැසියන්ට සමානව සලකනවා කියන එක මිනිසුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරනවා කියන එක සිදුවෙන්නේ විධිමත් අධිකරණ පද්ධතියකින් පමණයි. මිනිසුන්ට දඬුවම් පැමිණවීම සිදුකරන්නේත් විධිමත් අධිකරණ ක්‍රියාවලියකින් පමණයි. මේ කරුණු හතරෙන් නීතියේ ආධිපත්‍යය කියන එක වචනයකට පමණක් සීමා නොවුණු, ප්‍රායෝගිකව මහ පොළොවේ පැළ කරන්නට පුළුවන්නම්, ඒ ක්‍රියාදාමය තමයි අපට අවශ්‍ය. ඒ ක්‍රියාදාමය වර්තමානයේ සිදුවන්නේ නැතිනම් එය ‘යුක්තියේ මෙහෙයුම’ කියන නමට පමණක් සීමා වී ක්‍රියාත්මක වෙනවා නම්, අපි යම් විශ්වාසයක් මහජනතාවට දෙන්න කැමතියි. යම් ක්‍රම වෙනසක් හරහා ජනතාවගේ බලය විධිමත් ආකාරයෙන් මැතිවරණයකින් ලබාගැනීමෙන් පසු මහ පොළොවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකි දැවැන්ත වැඩ බිම අපි සකස් කරමින් යනවා. නීතිය සහ මහජනයාට කිසිම බාධාවකින් තොරව සම්මුඛ වෙන්න පුළුවන් යාන්ත්‍රණයක් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් හරහා බලාපොරොත්තු වෙන්නේ. නීතියත්, මහජනතාවත් අතර තිබෙන දේශපාලන අත පෙවීම් ඉවත් වුණුදාට තමයි ඇත්තටම මේ රටේ මහජනතාවට යුක්තියේ දෙවඟන කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ. ඒ නිසා යුක්තියේ නාමයෙන් කරන සෑම මෙහෙයුමකදීම අවසන් ප්‍රතිඵලය විදිහට පාලකයන්, නිලධාරීන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ මතවාදය වෙනස් කරමින්, මුලාවට පත්කරමින් දේශපාලන වාසි ලබාගැනීම නම් එය අසාර්ථකයි. මොකද මහජනතාව මීට වඩා දැනුම්වත්ව බුද්ධිමත්ව බලනවා. අපරාධවලින් තොර රටක් අපට අවශ්‍යයි. ප්‍රමාණාත්මක වෙනස්කම් තමයි ගුණාත්මක පරිවර්තනයක් ඇති කරන්නේ. නමුත් ඒ හරහා තවදුරටත් සිදුවන්නේ මහජනතාව පීඩාවට පත්වීමක් නම් සහ අපරාධ කිරීම් සාධාරණීකරණය වීමක් නම් අපි කිසිසේත්ම එයට එකඟතාවය ප්‍රකාශ කරන්නේ නැහැ.
“නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනතා කැමැත්තෙන් පත්වෙන මාලිමාවේ ආණ්ඩුවකින් පමණයි”
-නීතිඥ හර්ෂණ නානායක්කාර-
අපට මතකයි 1992 කාලයේ ඝාතන සංස්කෘතියක් තිබුණා. නාඳුනන තුවක්කුකරුවන් ආවා. අපරාධ සාමාන්‍යකරණයවීමේ ප්‍රවණතාවයක් තිබුණා. ඒ වගේම ඡන්දවලදී ප්‍රචණ්ඩත්වය නිසා පුද්ගලයන්ගේ ජීවිත නැතිවෙනවා අපි දුටුවා. නමුත් 2000න් පසුව එම සංස්කෘතිය යම් ප්‍රමාණයකට සමනය වුණා. මෑතකදී අපි දකිමින් තිබෙන්නේ දවසේ පුවත්පතක ඝාතන, මිනීමැරුම් කොපමණ සිදුවී තිබෙනවාද? රජයෙන්, පොලීසියෙන්, අත්වැරදීම්වලින් මෙහි තිබෙන භයානක තත්වය තමයි මිනිසුන්ගේ ඔලුවේ අපරාධය සාමාන්‍ය කරණයවීම හරහා මෙය ප්‍රශ්න කරන එක නවත්වනවා. එවිට මෙය සීඝ්‍රයෙන් තවත් වැඩිවෙනවා.
මේ වසර ඡන්ද වසරක්. “ඡන්ද කාලේ ඔහොම දේවල් වෙනවා” කියලා ජනතාව නිහඬව සිටීවි. එනිසා මෙම ඝාතන අපරාධ සමාන්‍ය දේවල් වීමට ඉඩ නොහැරිය යුතුයි. මේවා ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතිය විසින් ඇති කරන්නාවූ තත්වයන්. රටක වරදක් කළොත් අත්අඩංගුවට පත් වෙන්න ඕනෑ. ඔවුන්ට නඩු අසා දඬුවම් කරන්න ඕනෑ. අධිකරණ ක්‍රමවේදයෙන් පරිභාහිරව මිනිසුන් මැරෙන එක “හොඳයි, ඌ පාතාලයා, කුඩුකරයා” කියා නිහඬ වෙන්න එපා. මක්නිසාද? ඕගොල්ලන්ට ඇහෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ කවරු හෝ ඇමතිවරයෙක් කියන දෙයක්. උසාවියක නඩු අහලා වැරදිකාරයා වෙලා නොවෙයි. ඔහු වැරදිකරුවෙක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ඒ නිසා සාමාන්‍ය ජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා, සාමාන්‍යකරණය වීම වළක්වන්න, මැදිහත් වෙන්න. සෑම පුද්ගලයෙක්ම එකම නීතියට යටත් විය යුතුමයි. ඒ අනුව තමයි පොලිස් අමාත්‍යවරයාත්, දේශබන්දු තෙන්නකෝන් කරන ලද ප්‍රකාශයන් සහ ක්‍රියාකලාපයන් පිළිබඳ අපේ දැඩි විවේචනයක් තිබෙන්නේ.
මේ තත්වය නිර්මාණය කළේ මේ රටේ දේශපාලන සංස්කෘතියම තමයි. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා “මගේ කට වචනය තමයි සර්කියුලර් එක” කියලා. රනිල් වික්‍රමසිංහ ගිහින් “මේ පොස්ට් ඔෆීස් එක දෙනවාද? නැද්ද?” කියා තර්ජනය කරනවා. පොලිස් අමාත්‍යවරයා “ගැහුවොත් ගහන්න ඕනෑ” කියනවා. ඔවුන්ට රාජ්‍ය ආරක්ෂාව තිබෙනවා. කිසිවෙක් අත්අඩංගුවට ගන්න නිසි බලය තිබෙනවා. නමුත් මේ ආකාරයට කියන එකෙන් පහළට ගලන පණිවිඩය තමයි, “ඕගොල්ලෝ මොන වරද කළත්, මොන මානව හිමිකම් කැඩුවත් අපි රජයක් වශයෙන් බලාගන්නවා” කියන එක. අන්න එතකොට තමයි, නාරම්මල සිදුවුණු වගේ සිදුවීම් වෙන්නේ. මේක විවේචනය කළේ අපි විතරක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, මේක විවේචනය කර තිබුණා. ඒ වගේම පොලිස් කොමිසම විසින් දේශබන්දු පොලිස්පතිවරයාට කියා තිබෙනවා, ‘රටේ මිනිසුන්ගේ මානව හිමිකම් රැකෙන ආකාරයට’ කටයුතු කරන්න කියලා. අපි මේ එකකටවත් විරුද්ධ නැහැ. අපි කියන්නෙත් ජනතාවගේ අයිතීන් ආරාක්ෂා වෙන ආකාරයට නීතිය ස්ථාවර කරන්න කියලා. ඒ හැකියාව ජාතික ජන බලවේගයට තිබෙනවා. මොකද අපි බලයට එන්නේ මහජන කැමැත්තෙන්. මහජන කැමැත්ත නැතිව බලෙන් ඉන්න ආණ්ඩුවලට තමයි මෙවැනි මර්දනකාරී ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදුවෙන්නේ. ඒ නිසා අපේ සමාජය සුවපත් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අප සතුව තිබෙනවා.
-Colombo, January 31, 2024- ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් මහතා සහ ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද 31 පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි. මෙම හමුව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ […]
-Colombo, January 31, 2024-
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් මහතා සහ ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද 31 පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
මෙම හමුව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු උපදේශකා ධරිණි දළුවත්ත මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
-Colombo, January 31, 2024- අද (31) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් සිදු විය. මෙහිදී ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ […]
-Colombo, January 31, 2024-
අද (31) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් සිදු විය.
මෙහිදී ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් මෙම හමුව සඳහා එහි සභාපති අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනයේ දේශීය කළමනාකාර හවුල්කරු දුමින්ද හුලංගමුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිඟුමාල් තෙවරතන්ත්‍රී, ඩයලෝග් ආසියාටාහි ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ, ඇඩ්වකාටා ආයතනයේ සභාපති මුටාසා ජැෆර්ජි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත, ජාතික විධායක සභික චතුරංග අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ඉංජිනේරු කුමාර ජයකොඩි යන සහෝදරවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
-Colombo, January 28, 2024- (ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කාන්තා සමුළුව) ප්‍රවෘත්ති බැලුවාම අපිට පේන්නේ අපි ගැන ඒ ගොල්ලෝ කරන කතා. අපේ පාලනයක් යටතේ අපි කරන දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇවිත් අපි එක්ක කතා කළ දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ඔවුන්ගේ තැතිගැන්ම සහ බිය මේවාගෙන් පැහැදිලියි. ඊට අමතරව අවලාද, අසත්‍ය තොරතුරු, […]
-Colombo, January 28, 2024-
(ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කාන්තා සමුළුව)
ප්‍රවෘත්ති බැලුවාම අපිට පේන්නේ අපි ගැන ඒ ගොල්ලෝ කරන කතා. අපේ පාලනයක් යටතේ අපි කරන දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇවිත් අපි එක්ක කතා කළ දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ඔවුන්ගේ තැතිගැන්ම සහ බිය මේවාගෙන් පැහැදිලියි. ඊට අමතරව අවලාද, අසත්‍ය තොරතුරු, සමහර අයගේ තර්ජන වගේ ගොඩක් දේවල් තිබෙනවා. අද ඉඳන් ඒවා තවත් වැඩිවෙයි. කළුතර දිස්ත්‍රික්කයෙන් එකතු වී සිටින කාන්තා ජන ගඟ දිහා බැලුවාම ඔවුන් තවත් භීතියට පත්වෙනවා, අවලාද ගහනවා. අපේ රටේ වංචාවේ කෙළ පැමිණි, අපරාධවල ආරක්ෂකයන් වූ, මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් සොරකම් කර, ඒ හා බැඳුණු පාතාලයක් නිර්මාණය කළ, ඒ හා බැඳුණු චෞර වළල්ලක් නිර්මාණය කළ අපේ රටේ දුෂ්ටතම කඳවුරට විරුද්ධවයි අපි මේ දේශපාලන පෙළගැස්ම ඇතිකර තිබෙන්නේ. රට විනාශ කළ, ජනතාව දුකෙන් දුකට පත් කළ, පීඩාවෙන් පීඩාවට පත් කළ, විනාශකාරී කඳවුරට එරෙහිව අපි මේ කඳවුර නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා ඔවුන් බලය නිකම්ම අත්හරින්නේ නැහැ. අපි පරාජය වූ අවස්ථාවලදී පසුදා සිටම යළිත් දේශපාලනය කරමින් ආවා. ඒ ගොල්ලන් පැරදුණොත් ඔවුන්ට සියල්ලම අහිමි වෙනවා.
ඒ නිසා අවසානය දක්වා අපේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ඔවුන් කටයුතු කරනවා. එකතු විය හැකි ඕනෑම වර්ගයේ කණ්ඩායමක් එකට වේදිකාවට නගිනවා. රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුලක් නොබෝ දිනකින්ම එනවා. රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගූවන් පවා ඒ කණ්ඩායමට එකතු වෙනවා. නැගෙමින් එන ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජය කරන්න තව සමහරක් එක වේදිකාවේ නොවුණාට වේදිකා දෙකක සිට එකම වැඩේ කරන්න පටන් ගන්නවා. ජනතාවගේ, මාතෘ භූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. ඒ සෑම තර්ජනයකින්ම, අවලාදයකින්ම, සතුරාගේ සෑම ක්‍රියාදාමයකින්ම අපිට තවත් ශක්තිය ධෛර්යය, සහ විශ්වාසය ගේනවා. මේ අවුරුද්දේ පරිවර්තනය සිදු කරන්න අපි සූදානම්. එය කළ හැකියි. අපේ රටේ කාන්තාව දේශපාලනික වශයෙන් සක්‍රීය නොවෙන තත්වයකට පත්කරන්න ඔවුන් හැමදාම කල්පනා කළා. ඒ වගේම කාන්තාවන් මුලාකරන්න රැවටීමට ලක්කරන්න පුළුවන් කියලා ඒ අය කල්පනා කළා. කාන්තාවන් දේශපාලනයෙන් නිෂ්ක්‍රීය කර, බබෙක් වඩාගෙන, මහ පොළොව ඉඳලා කාන්තාවන්ව රවටන්න පුළුවන් කියලා කල්පනා කළා. නමුත් අද ලංකා ඉතිහාසයේත් මැතිවරණ ඉතිහාසයේත් ප්‍රබලතම කාන්තා නැගිටීම ජාතික ජන බලවේගය හරහා සිදු කර තිබෙනවා.
අපේක්ෂා පෙරදැරි කරගත් මේ මුහුණුවලින් පෙන්වන්නේ අත් නොහැර ජයග්‍රහණය දක්වාම තම කාර්යභාරයට උරදෙන බවයි. බලය හුවමාරුකර ගැනීමේ ජාතික මැතිවරණයක් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම එනවා. ආසන්න වශයෙන් මාස හතක් අටක් තුළ ගෙවෙන අපේ ජීවිත කාලයේ වැදගත්ම පරිච්ඡේදය එළඹී තිබෙනවා. අන්කවරදාටත් වඩා වැඩියෙන් අපි හැමකෙනාම ඇහුම්කන් දෙමු. අවදිවෙමු. සක්‍රීය වෙමු. සහතික වශයෙන් ජයග්‍රාහී ලෙස මේ වැඩේ නිමාකරන්න පුළුවන්. අපි දේශපාලන බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේ රට වෙනස් කිරීමේ ආරම්භයයි. පද්ධතියම කඩා වැටුණු රටක එක, දෙකකට උත්තර සොයන්න බැහැ. සියලුම ක්ෂේත්‍රයන් නැවුම් අරමුණුවලින් පුරවාගෙන පරිවර්තනය කරන්න ඕනෑ. අලුත් සමාජ පරිවර්තනයක් ඕනෑ. ඒ පරිවර්තනය අත්පත් කර ගැනීම පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක විතරක් කාර්යභාරයක් නොවෙයි. සියලු ජනතාව එක හුස්මට එකට නැගිට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළ යුතුයි. ඒ නිසා යළි නඟා සිටුවීම මුළු ජනතාවගේම වැඩක්. ඒ වෙනුවෙන් හැමදෙනාම අවදි කර හැමදෙනාම ක්‍රියාකළ යුතුයි. පළමුව බලය අත්පත් කරගෙන, දෙවනුව රට ගොඩනැගීම සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා වන නව ජාතික පිබිදීමක් අපට අවශ්‍යයි. අනාගතය පිළිබඳ සුබ සිහින ගේන නව ජනතා පිබිදීමක් අවශ්‍යයි.
මිනිසුන්ගේ සහකම්පනය අනෙකාට දැනුම් දිය හැකි කලාකරුවා, සාහිත්‍යවේදියා, ඉංජිනේරුවා, අධ්‍යාපනඥයා, ගොවියා, ධීවරයා ඇතුළු සියලුදෙනාගෙන් ප්‍රධානතම කොටස්කරුවා බවට අපේ රටේ කාන්තාවන් පත්වී සිටිනවා. සමාජයේ සෑම දෙනාම පීඩාවට පත්ව සිටියත් ඒ හැමදෙනාටම වඩා කාන්තාවන් පීඩාවට පත්ව සිටිනවා. මේ වෙනස ඇති කරන්න, ඔබ නැගිටින්න කියලා ආරාධනා කරන්නයි අපි ආවේ. මෙයට පෙර විවිධ දේශපාලන පක්ෂවලට ඔබ ඡන්දය දුන්නේ යහපත් අපේක්ෂාවන්ගෙන්. නමුත් ඒ අපේක්ෂාවන් මුළුමනින්ම විනාශ කළ පාලකයන් ඔවුන් වටා සිටින කුඩා වළල්ලක් වෙත සියලු ධනය ඒකරාශී කරගෙන ඔවුන්ගේ අනාගතය නිර්මාණය කර ගත්තා. පොදු ජනයා රැවටීමට ලක්කර බලය ලබාගත් ඔවුන් හැමදාමත් සමාජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳින පාලනයක් ගොඩනගුවා. අපි ආරාධනා කරන්නේ පොදු ජනයාගේ පාලනයක් පිහිටුවා සියලු දෙනාගේ මැදිහත්වීමෙන් රට ගොඩනැගීම සඳහායි. බලය ගැනීම අපේ ආරම්භය බව හොඳින් අවබෝධ කරගෙන සියලු දෙනාම වැඩි වැඩියෙන් ක්‍රියාකාරීව එක්වෙමු.
“මෙය හුදු කාන්තා සමුළුවක් පමණක් නෙවෙයි, රටේ දේශපාලන පරිවර්තනයක මුල්ගල තැබීමක්”
-කළුතර දිස්ත්‍රික් විධායක සභික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වජිරා පීරිස්-
අපි මේ සමරන්නේ තවත් එක සමුළුවක් නොවෙයි. සමස්ත රටේම කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය, එකමුතුව සහ ජයග්‍රහණය. රටේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක මුල්ගල තැබීම විදිහටයි සලකන්නේ. අපි මුහුණදී තිබෙන්නේ විශාල ඛේදවාචකයකට. ඡන්දයක්වත් නොදී අපේ දරුවෝ මානසික ආතතියෙන් ඉන්නේ. ඒ දරුවෝ කියනවා, ගෙදර තිබෙන ප්‍රශ්න දැක්කාම, ඉස්කෝලේ යන්න සල්ලි ඉල්ලන්න, කෑම එක ඉල්ලන්න, අලුත් සපත්තු දෙකක්, බෑග් එකක්, පොතක් ඉල්ලන්න හිතෙන්නේ නැහැ කියලා. ටියුෂන් යාම අපට මග හරින්න බැරි කාරණයක් වෙලා තිබෙනවා. අද බොහෝ දෙනෙකුගේ ටියුෂන් යාම නතර වෙලා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එන්නේ නැහැ, බස් එකට, බෝඩිමට දෙන්න සල්ලි නැති නිසා. මේ දරුවෝ කාටවත් ඡන්දය දීලා නැහැ. ඒ අය විශාල මානසික පීඩනයට ලක්වෙලා. ඒ නිසාම සමහරු සියදිවි නසා ගැනීමේ තත්වයට පත්වෙලා. බැජ් එකක ළමයි 50-100ක් අතර ඉන්නවා නම් මානසික ගැටලු තියෙන දරුවෝ උපරිම 3ක් 5ක් අතර පිරිසක් ඉන්නවා. බොහොමයක් දරවෝ ප්‍රශ්න ගොන්නක් අරගෙන එනවා. ඒවාට පෞද්ගලික විසඳුම් දිය නොහැකියි. අපට කළ හැක්කේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබිය හැකි ආර්ථිකයක් මේ රටේ ගොඩනඟන එක පමණයි. මේ දරුවෝ නිසි පෝෂණයක් නැති නිසා නිතර නිතර ලෙඩ වෙනවා. කායික මෙන්ම මානසික කඩාවැටීමට ලක්වෙලා. කාන්තාවන් තමන් කරන විශාල කැපකිරීම නිසා තමයි මේ සමාජය මේ මට්ටමට රැකිලා තිබෙන්නේ.
ඇඟලුම් කර්මාන්ත ශාලාවට යන තරුණිය උදේ හතහමාරේ සිට මහ රෑ ෂිෆ්ට් එක ඉවර වෙනකම් වැඩ කරනවා. කෑම හා තේ වෙලාවටත් ශාරීරික අවශ්‍යතාවයකටත් පමණයි නැගිටින්නේ. ඒගොල්ලන් කොතරම් මහන්සියකින් වැඩ කරනවාද කියලා අපි දකිනවා. ඒ අය කරන රස්සාව නිසා තමයි අපනයනය දියුණු වෙලා තිබෙන්නේ. ඔවුන් ගේන විදේශ විනිමය නිසා තමයි මේ තරමින් හෝ මේ රට රැකිලා තිබෙන්නේ. රට හැර ගිය විදේශ ශ්‍රමිකයෝ ඔබ වෙනුවෙන් එවන මුදල් නිසා තමයි මේ තරමින් හෝ අල්ලාගෙන ඉන්නේ.
ඔබ මේ ඇවිත් තිබෙන්නේ නිවැරදිම තැනට. මේ සටන නතර කරන්න එපා. ඔබ අපිත් එක්ක හැමදාම ඉන්න. රටේ ආරක්ෂාව නැතිවුණාම, වැඩිපුරම දැනෙන්නේ කාන්තාවට. අම්මට දරුවෙක්ව එළියට යවන්න බැහැ. තාත්තට දැනෙන හැඟීම මොකක්ද? අපි කාන්තාවෝ සියලු දෙනා එකතු වෙලා ලස්සන රටක් හදමු. ජනතාව කේන්ද්‍රීය කරගත් පාලනයක් ගොඩනඟමු. ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ බලය ගන්න විතරක් නොවෙයි, රට හදන සංවර්ධන වැඩපිළිවෙළටත් ඔබ අපිත් එක්ක එකතුවෙන්න.
“නෙත් පාදන්න ඕන දරු පරම්පරාවකගේ සිත් පාරපු මේ නරුම පාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
හිරේ ඉන්න ඕන සනුහරේ බලයේ ඉන්න අසිරිමත් දේශය, ඔබයි මමයි ජීවත්වෙන මේ ශ්‍රී ලංකාවයි. නැවුම් හෙටක් ගැන බලාපොරොත්තු අත් නොහැරි ඔබ කාන්තා දේශපාලනයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ කෙස් කළඹේ සඟවාගෙන සෙංකඩගල රාජධානියට රැගෙන ආවේ කාන්තාවක්; ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ශාඛාවක් දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ආවේ කාන්තාවක්. ගෞරවණීය ඉතිහාසයක් සහිත ජනගහනයෙන් 52%ක් වූ ගැහැනුන්ට අත්විඳින්නට සිදුව ඇති ඉරණම ඉතාම කටුකයි. රට මේ විපතට පත්කළ පාලකයන්ගේ ඇස් අරවන්නට සිදුවීම අභාග්‍ය සම්පන්නයි. ඔවුන් මේ රට මෙතෙක් කාලයක් අඳුරට වට්ටපු හා තවමත් නිර්ලජ්ජිත ලෙස ඇද වට්ටන නරුම පාලකයන්. මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුමයි.
රුසියාවේ මහා ගත්කරු දොස්තොව්ස්කි වරක් කිව්වා “අන්ධකාරය වැඩිවෙන්න වැඩිවෙන්න, තාරකාවල දීප්තිය එන්න එන්නම වැඩිවෙනවා” කියලා. මේ පාලකයෝ බලහත්කාරයෙන් ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්කරන, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින මර්දනකාරී අණපනත් අත්තනෝමතික ලෙස සම්මත කරගෙන ජනතාවගේ අයිතීන් පවා උල්ලංඝනය කරනවා.
දවස් දෙකක් කන්න ලැබුණේ නැති නිසා ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න ගෙනත් දීලා, දුක දරාගත නොහැකිව ගෙල වැලලාගෙන මිය ගිය සැමියෙකුගේ වැන්ඳඹුවක් ගැන අපට අහන්නට ලැබුණා. පුවක් කඩන්න ගහකට නැගි තරුණයෙක් සිහිනැතිව බිම වැටිලා ජීවිතක්ෂයට පත්වූ පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා දවස් දෙකක් ඒ තරුණයාගේ කුසට ආහාරයක් ලැබිලා නැහැ කියලා. ඒ අපේ සහෝදරයෙක්. මේ ක්‍රමය නියත වශයෙන්ම වෙනස් කරන්න ඔබට, මට යුතුකමක් තිබෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් අවුරුදු 3ත් 21ත් අතර 20%ක් පමණ තමන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම නතර කර තිබෙනවා. අම්මා කෙනෙක් විදිහට හෙට දවසේ ඔබේ දරුවාට දරුවාගේ ඇස්දෙක බලාගෙන “මයෙ පුතේ උඹට හෙට ඉඳලා ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. ඒකට වියදම් කරන්න මට සල්ලි නැහැ” කියලා කියන්න සිදුවුණොත්, ඔබ ඒ වචන ගලපා ගන්නේ කොහොමද කියා හිතාගන්නවත් බැහැ. නෙත් පාදන්න ඕන දරු පරම්පරාවකගේ සිත් පාරපු මේ නරුම පාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒ සඳහා සියලු ගැහැනු එක මිටට අත්වැල් බැඳගත යුතුමයි.
“මේ රටේ අම්මාවරු දරුවන් වෙනුවෙන් මොනතරම් කඳුළු බොනවාද?”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර-
දශක පහකට ආසන්න මාගේ ජීවිත කාලය තුළ මෙතරම් විශාල කාන්තා පිරිසකට ආමන්ත්‍රණය කිරීමට ලැබුණු පළමු අවස්ථාවයි මෙයයි. කාන්තාවක් වීම තුළින් හා මෙවන් ශක්තිමත්, ප්‍රගතිශීලී ගැහැනුන් පිරිසක් ආමන්ත්‍රණය කිරීමට ලැබීම මහත් අභිමානයක්. විවිධ පාටින් පිරුණු ලස්සන මල් යායක් වගේ. ඔබට මලක් සේ පිපෙන්නට, මලක් සේ රැඳෙන්නට අවකාශය ලැබෙන රටකද ඔබ ඉපදුණේ කියලා හිතන්න. අපි හිතන්නේ ලෝකයේ කාන්තාවන් මල් වගේ කියලා. ඒ මලකට ලස්සට පිපෙන්න කොයිතරම් ආරක්ෂාවක් ඕනෙද? ඒ ආරක්ෂාව අපිට නැහැ. 1948 මේ රට විදේශ ආධිපත්‍යයෙන් මුදා ගන්නකොට ලංකාව ආසියාවේ දෙවන විශාලම ආර්ථිකය වුණා. අපිව හැඳින්වුවේ ආසියාවේ ස්විස්ටර්ලන්තය කියලා. ලස්සන රටක් ස්වයංපෝෂණය තිබූ රටක් අපේ රට. නිදහස ලබා වසර 76ක් ගෙවෙන මේ වන විට මේ රටේ ගැහැනුන්ට, දරුවන්ට මොනවද පාලකයෝ ඉතිරි කරලා ගියේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක තිබෙනවා, මේ රටේ කාන්තාවෝ 70%ක් පොදු ප්‍රවාහනය ඇතුලේ කුමන හෝ අයුරකින් හිංසනයට ලක්වෙනවා කියලා. මේ රටේ අම්මාවරු දරුවන් වෙනුවෙන් මොනතරම් කඳුළු බොනවාද කියලා පුවත්පත්වලින් ඔබ දැක ඇති. එක අම්මා කෙනෙක් දරුවාගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න නැතිව ඇගේ වකුගඩුවට මිල නියම කරන්න සූදානම් වෙනවා. දරුවාගේ පෝෂණය වෙනුවෙන් සමහර අම්මාවරු ජීවිතේ කිසිදිනෙක නොසිතූ විදිහට, දුෂ්කර කාර්යයක් වූ ශරීරය විකුණන්න සූදානම් වෙනවා. මේ ලෝකයේ නිර්මාතෘ අම්මා. දරුවන්, වැඩිහිටියන් රැක බලා ගන්නේ අම්මාවරු. ලෝකයේ දරුණුතම වේදනාව වූ ප්‍රසූත වේදනාව විඳින්නේ අම්මා. අමාරුවෙන් ලෝකයට බිහි කළ දරුවා “අම්මේ බඩගිනියි කියලා අඬනකොට” “අම්මේ මට ඉස්කෝලේ යන්න පොත් ටික නැහැයි කියලා අඬන කොට” අම්මා කෙනෙක් විදිහට ඔබ සියදහස් වතාවක් හදවතින් හඬා වැටෙනවා නේද? ඔබේ ඒ සුසුම් නිර්මාණය කළේ 76 වසරක් මේ රට පාලනය කළ පාලකයෝ.
කාන්තාවෝ විදිහට අපි හිතුවේ දේශපාලනය අපේ කාර්යයක් නොවෙයි, ඒක පිරිමියාගේ වැඩක් ලෙසයි. දේශපාලන අයිතිය ඔබට ලැබී තිබෙන අයිතියක්. ඒක පැහැර හැරිය නොහැකි සමාජ වගකීමක්. ඒ නිසයි ජාතික ජන බලවේගය කාන්තා සභා හදමින් ඔබව දැනුමෙන් සන්නද්ධ කර ස්වාධීන ගැහැනියක් ලෙස ඍජු තීරණ ගැනීමේ හැකියාව නිර්මාණය කර දෙන්නේ. 2023ට සාපේක්ෂව මේ මාසය වන විට ආදායමෙන් මාසයේ භාගයක්වත් ගෙවා ගන්න බැරි තරමට බදු පටවලා. නමුත් පඩිය සතයකින්වත් වැඩිවෙලා නැහැ. 2023 වසරේ පවුලකින් මාසයක බදු රුපියල් 25,000ක් වුණා. මේ අවුරුද්දේ රුපියල් 40,000ක් වෙනවා. මේ පල් ගොහොරුවක් වුණු ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරන ජනතාවාදී නැවුම් පරිවර්තනයක් සිදුකරන ජාතික ජන බලවේගය සමග රටේ සමස්ත කාන්තාවන් අත්වැල් බැඳගත යුතු හෝරාව පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති පවුල්වාදය, ඥාති සංග්‍රහය, දූෂණ, වංචාව, අකාර්යක්ෂමතාවය ප්‍රමුඛ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ගැහැනුන් එක මිටට එකතු විය යුතුයි. ඕනෑම අභියෝගයට මුහුණ දෙන්න ඒ තුළින් හැකියි.
“අපේ ආදරණීය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකතු වෙමු”
-ප්‍රවීණ රංගන ශිල්පිනී නයනි මහේෂිකා-
අද මේ සමුළුවට මම ආවට කතාවක් කරන්න හිතුවේ නැහැ. නමුත් මේ කාන්තා ජවය දකිනකොට මට කතා කරන්න හිතුණා. මේ තරම් කාන්තා ශක්තියක් තිබෙනවා නම්, අපිට අපේ රට දියුණුවේ මාවතේ ගෙනියන්න කිසිදු බාධාවක් නැහැ. අපි සියලු දෙනාම එකතුවී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමු. කලාකාරිනියක් විදිහට මෙතනට ආව මමත් මවක්, ගෘහණියක්, නැගණියක්, සහෝදරියක්. ඔබට වගේම ප්‍රශ්න මටත් තිබෙනවා. කලාකාරිනියක් කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. කලාකාරිනියක් විදිහට ඔබත් සමග එකතු වී මේ රටේ සිටින සියලුම කාන්තාවන්ට දෑත් දිගුකර ආරාධනා කරන්නේ අපේ රට ගොඩගමු කියලා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරමු කියලා. මේ රට දියුණු කරමු කියලා. මගේ ආදරණීය දරුවන්ගේ, ඔබේ ආදරණීය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකතු වෙමු. වැඩ කරමු. ඔබට ජයවේවා.
“නරුම පාලකයන්ට අපේ ප්‍රශ්නය තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
මේ රටේ සමාජ ආර්ථික, සංස්කෘතික සියලුම පද්ධතීන් කඩා වැට්ටීමේ ප්‍රධාන පීඩනය එල්ල වී තිබෙන්නේ ගැහැනුන්ට. අපේ දිනපතා ජීවිත තුළ අපි මේ බව අත්විඳිනවා. මේ නිසා අපිට මානසික පීඩනයට ලක්වෙලා ඉන්න සිදුවී තිබෙනවා. ජීවිත කොහොම හරි ගැටගහගෙන යන්න කවදාවත් සිතුවේ නැති තීරණ ගන්න සිදුවෙනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි නිසා කොයි දරුවාට අධ්‍යාපනය දෙන්න ඕනැද කියලා තීරණය කරන්න සිදුවී තිබෙනවා. අවුරුදු 18ට අඩුවුණත් අධ්‍යාපනය නවත්වා ආර්ථිකය වෙනුවෙන් ළමා ශ්‍රමිකයන් ලෙස යවන්න සිදුවී තිබෙනවා. ජීවත්වීමේ අරගලයට මේ තීරණය ගන්න අම්මා, තාත්තා කෙනෙකුට මොනතරම් අමාරුද? දරුවන්ගේ අධ්‍යාපනය පැත්තක තියලා සෞඛ්‍යයට වියදම් කරන්න සිදුවී තිබෙනවා. ආහාර, බෙහෙත්, අධ්‍යාපනය, ප්‍රවාහනය කියන අතිශයින්ම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අපේ ගරුත්වයටත් හානිවෙන තීරණ ගන්න සිදුවී තිබෙනවා. මෙවැනි තත්වයකට ගැහැනුන්ව පත් කළ නරුම පාලකයන්ට අපේ ප්‍රශ්නය තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ.
අපි යෝජනා කරන පරිවර්තනය තුළ බොහෝ දේ තිබෙනවා. එයින් එකක් තමයි ගැහැනුන් දිහා බලන විදිහ සහ ආකල්ප වෙනස් කිරීම. අපේ සමාජය තුළ අපි ගන්නා තීන්දු තීරණ සියල්ලම දැඩි පරීක්ෂාවට ලක්වෙනවා. දරුවෙකුට වැරදුණොත්, සැමියා අකටයුත්තක් කළොත් ඒකටත් වගකියන්න සිදුවී තිබෙන්නේ බිරිඳට, මවට. හැම වෙලාවෙම අපි හොඳ ගැහැනුන්, අභිමානවත්, ගුණවත් ගැහැනුන් කියලා ඔප්පු කරන්න සිදුවී තිබෙනවා. සමාජය පවත්වාගෙන යාමට දරන පීඩාවට සමාන වෙහෙසක් අපේ ජීවිත පවත්වාගෙන යන්න දරන්න සිදුවී තිබෙනවා. මේ රටේ පෝෂණය කඩා වැටීමට, අනාරක්ෂිතභාවයට හේතුව දරුවන්ට හරියට කන්න දෙන්න අම්මලා දන්නේ නැති එක බව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් කීවා. ඔහුට අනුව බඩු මිල ඉහළ යාම හෝ ආර්ථිකයේ ප්‍රශ්නයක් නැහැ. ඒ මන්ත්‍රීවරයාට නම් ආහාර අනාරක්ෂිතභාවයක් කොහොත්ම නැහැ. ඔවුන් එතනදිත් වරද පටවන්නේ මව මතට, ගැහැනිය මතට.
මේ වර්ධනය වෙමින් තිබෙන ගැහැනු බලයත් එක්ක පාලකයා තුළ ඇතිවී තිබෙන බිය හැම පැත්තෙන්ම හෙළි වෙනවා. අයවැය විවාදයේ කාන්තා හා ළමා වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ අපේ ගැහැනුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක යෙදුණා. ඒ සාමකාමී උද්ඝෝෂණය අවසන් කර විසිරී යන්න ආසන්නයේ පොලීසියෙන් ජල ප්‍රහාර එල්ල කළා. ඒ සම්බන්ධයෙන් අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර එය විභාගයට ගන්නා වෙලාවේ අපේ සහෝදරියන්ගෙන් කටඋත්තර ගන්න පොලීසියෙන් කැඳවීමක් කර තිබුණා. කටඋත්තර ගන්න තරම් එතන මොකක්ද කළ වැරැද්ද? ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ අයිතිවාසිකම් භුක්ති විඳින අවස්ථාවේ මේ විදිහට කටඋත්තර අරගෙන, බාල සිල්ලර වැඩ කර අපිව නවත්වන්න බැහැ. දෙන්න ඕන කටඋත්තරේ අපි දන්නවා. මේ වගේ වැඩකරලා අපි යන ගමන අබමල් රේණුවකින් හරි නවත්වන්න බැහැ. කටඋත්තරත් දෙන්නත්, අපි බය වෙන්නේ නැහැ, උසාවියේදී අපි හම්බ වෙමු කියලා දේශබන්දු ඇතුළු අපිව නම් කළ සියලුම අයට අපි කියනවා. ජාතික ජන බලවේගයේ කාන්තාවන් තරම් පාලකයන්ව බය කර සෙලවූ වෙන කිසිම බලවේගයක් නැහැ. ගැහැනුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා තමන් වෙනුවෙන් ඉතාමත්ම හොඳ අවබෝධයක් ඇතිව මෙහෙම එකතු වූ අවස්ථාවක් මේ රටෙත් නැහැ. මම දන්නා තරමින් ලෝක ඉතිහාසයෙත් නැහැ. මේ ගැහැනුන් අපේ රටට විතරක් නොවෙයි, ලෝකයටම ආදර්ශයක් දෙනවා. ඒ ඓතිහාසික කාර්යභාරය අතට අරගෙන ඔබ සැමදෙනා ලෝකයටම ආදර්ශයක් දෙනවා. ඒ ගැන ආඩම්බරයි.
“ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාව බලාගෙන සිටි ජනාධිපතිවරණයක් එනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-
ජාතික ජන බලවේගය 2022 ඔක්තෝබර් මාසයේ ආසන සමුළු සංවිධානය කිරීම මාතර අකුරැස්සෙන් පටන් ගත්තා. ප්‍රතිචාර ඉතාම ඉහළයි. යුද්ධය අවසන් කරන්න කැපවුණු සහෝදර සහෝදරියන් ත්‍රිවිධ හමුදා සාමූහිකය ඔස්සේ එකතු කරන්න පටන් ගත්තා. දිස්ත්‍රික් සමුළු අවසන් කර, ඔවුන් ආසන සමුළු පවත්වමින් සිටිනවා. යුද්ධය අවසන් කළා විතරක් නොවෙයි, දූෂණය අවසන් කර, රට හදන්නත් ඒ විදිහටම දායකත්වය දෙමින් සිටිනවා. ඊළඟට පසුගිය දෙසැම්බර් 30 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් කාන්තා සමුළු පවත්වන්න පටන් ගත්තා. අද හයවැනි සමුළුව කළුතර කරනවා. මේවා සමුළු නොවෙයි, සුනාමි. ගැහැනු බලය සුනාමියක් ලෙස ඉස්සරහට එනවා. ඉදිරියේ බිනර පොහොයයි, වප් පොහොයයි අතරේ මේ රට වෙනස් කරන සුබ හෝරාවක් එනවා. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාව බලාගෙන සිටි ජනාධිපතිවරණයක් එනවා. අපි මේ සියලු ක්‍රියාමාර්ග සකස් කරමින් යන්නේ ඒ වෙනුවෙන්. කුරුණෑගලින් අපේ හාමුදුරුවන් වහන්සේලා එකතු වී මාලිමාවට ආශිර්වාද කරන්න පටන් ගත්තා. අනෙකුත් සියලුම වෘත්තීය ක්ෂේත්‍රත් එහෙමයි. තව ටික දවසකින් විශ්‍රාමික පොලිස් සාමූහිකය පටන් ගන්නවා. මාසයකින් විතර එන්පීපී තරුණ බලවේගය පටන් ගන්නවා. පෙරමඟ නිමිති ඉතාම සුභයි.
ජනතාවගේ පැත්තෙන් සුබනිමිත් එනකොට ඒ පැත්තෙන් සොහොන් ලකුණු පේන්න පටන්ගෙන. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන බලන්න මේ දවස්වල සමීක්ෂණයක් කරනවා. චන්ද්‍රිකා, මහින්ද, ව්‍යවස්ථාව වෙනස් කරගෙන නැවත එන්න උත්සාහ කළා. නමුත් ජනතාව ගෙදර ඇරියා. රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි සේවාවල සියලුම සමීක්ෂණ වාර්තාවලින් හෙළි කර තිබෙන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයගන්නා බවයි. ඒ වගේම මාලිමාවේ ආණ්ඩුවක් පිහිටවන බවයි. මොන ඡන්දය ආවත්, මාලිමාව මේ රටේ බලය පිහිටවීම අනිවාර්යයි. සති කිහිපයකට කලින් සිංහල පත්තරයක් ලීඩ් එකෙන් ගැහුවේ “නැගීගෙන එන පක්ෂයක් කරටි කඩාගෙන එයි” කියලා. ඒගොල්ලන්ට දැනෙන්නෙත් එහෙමයි. ඒ නිසා සජිත්, රනිල්, මහින්ද, සිරිසේන වගේ ඔක්කොම ටික එකතු කරගෙන එක් කෙනෙක් හදලා පොදු අපේක්ෂකයෙක් හරි මොකක් හරි නමකින් ඡන්දයට එවන්න බලනවා. ඔය මැටි රූප ඔක්කොම එකතු වෙලා හදන්න පුළුවන් තවත් මැටි රූපයක් විතරයි. රත්තරං රූප හදන්න බැහැ. කළුතර දිස්ත්‍රික්කකයේ ගම්වලට නායකත්වය දෙන කාන්තාවන් ඔප්පු කර තිබෙන්නේ ජනාධිපතිවරණයකදී ජනතාවගේ බලය පෙන්වන බවයි. ඒ තුළින් ඔවුන්ගේ සොහොන් ලකුණු පෙන්වනවා. අපි ජනාධිපති කෙනෙක් පත්කර ගෙන ආණ්ඩුවක් හදන්නේ මේ රට හදන්න. ඔවුන් ‘රට’ කියලා කීවේ ඒ ගොල්ලන්ගේ පවුල්වලට. අපි ‘රට’ කියන්නේ මේ රටේ ජනතාවට. ඒ ජනතාවට නිදහස, ප්‍රීතිය, නිරෝගීකම, සාමය තිබෙන ජීවිතයක් ගොඩනඟන්න ඕනෑ. ඒ වෙනුවෙන් දැවැන්ත කාන්තා බලයක් ගොඩනැගී තිබෙන බව කළුතර දිස්ත්‍රික්කයෙනුත් ඔප්පු කර තිබෙනවා.
-Colombo, January 27, 2024- (ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාතර දිස්ත්‍රික් අදිටන සමුළුව) දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා. ඡන්දයක් ආසන්නයේ නැතිව මේ තරම් දේශපාලන උණුසුම් වීමක් ලංකාවේ කවරදාවත් තිබ්බේ නැහැ. මෑත කාලයේ ලංකාවේ ජනතාව දේශපාලනිකව වඩාත් වැඩියෙන් අවදිවෙමින් සිටිනවා. දැනුවත් දේශපාලන සක්‍රීයතාවයට එළඹ තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට අපේ රටේ […]
-Colombo, January 27, 2024-
(ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාතර දිස්ත්‍රික් අදිටන සමුළුව)
දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා. ඡන්දයක් ආසන්නයේ නැතිව මේ තරම් දේශපාලන උණුසුම් වීමක් ලංකාවේ කවරදාවත් තිබ්බේ නැහැ. මෑත කාලයේ ලංකාවේ ජනතාව දේශපාලනිකව වඩාත් වැඩියෙන් අවදිවෙමින් සිටිනවා. දැනුවත් දේශපාලන සක්‍රීයතාවයට එළඹ තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. ඒ අලුත් ආණ්ඩුව, අලුත් පාලනය ජාතික ජන බලවේගයේ බවට පත්කරන්න අපි හැමදෙනාම සක්‍රීයව දායක වී සිටිනවා. අපේ රට භයානක යුද්ධයක තිබුණු අවස්ථාවේ තමන්ගේ ජීවිතය ඇතුළු හැමදේම කැපකර යුද ගැටුම අවසන් කළත් එදා ඔබ අපේක්ෂා කළ, යහපත් රාජ්‍යයක හොඳින් ජීවත් වන ජනතාවක් පිළිබඳ අපේක්ෂාව මුළුමනින්ම බිඳ වට්ටලා. යුද්ධය පැවති කාලයටත් වඩා කඩාවැටුණු, ජීවත්වීම අතිශය අසීරු සහ ලෝකය ඉදිරියේ අපකීර්තිමත් රාජ්‍යයක් පවතිනවා. එයින් රට මුදා ගැනීම අපට අත්හැරිය නොහැකි වගකීමක්. බොහෝ අය කැමතියි මේ අර්බුදය සීමිත කරුණුවලට ලඝු කරන්න. ආර්ථික වශයෙන් බංකොලොත් බව ඇත්ත. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගහන බව, රැකියාවක් සොයාගත නොහැකි බව, ලැබෙන වැටුපෙන් ජීවත්වීම අසීරු බව, රට අත්හැර යාමට බලකෙරෙන බව, ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබෙන බව ආදී කරුණු ඇත්ත. නමුත් අනෙක් පැත්තෙන් නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳ වැටී අපරාධවලින් ගහන වී තිබෙනවා.
මෑතකදී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් වැලිගම පොලිස් බල ප්‍රදේශයට පැමිණි පිරිසක් වෙඩි තැබුවා. ඒ වෙඩි තබන අයට වැලිගම පොලිසියෙන් වෙඩි තැබුවා. එක් පොලිස් නිලධාරියෙකු මිය ගිහින් අනෙක් පොලිස් නිලධාරියා අසාධ්‍ය තත්වයේ සිටිනවා. අන්තිමේදී කොළඹ පොලීසියත්, වැලිගම පොලීසියත් වෙඩි තබාගෙන. මංකොල්ලකාරයෙක් වගේ පාරෙ වාහනය නතර කරන්න කීවාම නතර නොකළා කියලා නාරම්මල රියදුරෙකුට වෙඩිතබා ඝාතනය කරනවා. දානය වළඳමින් සිටි හාමුදුරුවන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කළා. බෙලිඅත්තේ පස්දෙනෙක් ඝාතනය කළ ඝාතකයන් කවුද කියා, තාමත් දන්නේ නැහැ. සෑම කෙනාගේම ජීවිතය අනාරක්ෂිතභාවයට පත් කළ අරාජිකත්වයක් නිර්මාණය වී තිබෙනවා. 1993 වගේ කාලයේත් මේ වගේ තිබී ජනාධිපති ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු ටිකක් දුරට සමනය වුණා. ඔබද මමද, අපි හැමකෙනාගේම ජීවිත ආරක්ෂාකාරී නැහැ. ආර්ථිකය කඩා වැටීම පමණක් නොවෙයි, ජනතාවගේ ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්වයක් මත සමහර විට බලයට එන්න සැලසුම් කරනවා වෙන්න පුළුවන්. මේක බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළ රටක් බව අමතක නොකළ යුතුයි.
කිසි පුරවැසියෙකුට රජයේ කාර්යාලයකින් කටයුතු කරගත නොහැකි මුළුමනින්ම බිඳ වැටුණු රාජ්‍ය සේවයක් තිබෙන්නේ. පොලිස්පති කෙනෙක් පත්කර ගන්න බැරිව වැඩබලන්න පත් කළ කැරට් අලයක් පෙන්ව පෙන්වා, තමන්ට ඕනෙ කටයුතු ඉටුකර ගන්නවා. නීතිය පසිඳලන තැන් පිළිබඳව අවිශ්වාසය ගොඩනැගී තිබෙනවා. අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන් ඒකරාශී වූ පවුල්වල කැත, පිළුණු දේශපාලනයක් තිබෙන්නේ. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් අනික් දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ලෝකයේ සමහර රටවල ආර්ථිකය කඩා වැටුණත් අනික් පද්ධති සාමාන්‍ය පරිදි පවතිනවා. අපේ රටේ කඩා වැටුණු මේ පද්ධතිය වෙනුවට නව පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම මිස ආණ්ඩු මාරුවක් හෝ නායක මාරුවක් වැඩක් නැහැ. මිනිසුන් හිතන මතන ආකාරය පවා වෙනස් කරන පද්ධතියක් ඕනෑ. මේ සමාජයත් එක්ක අපට ඉස්සරහට යන්න බැහැ. ආර්ථික, දේශපාලන, සමාජීය සියල්ල නව පරිවර්තනයකට ලක්කරන දේශපාලනයක් අවශ්‍යයි. අවස්ථා කිහිපයක් මෑත කාලයේ උදාවුණත් රට නඟා සිටුවීමේ දැක්මක් පාලකයන්ට තිබුණේ නැහැ. බටහිර ආධිපත්‍යයට අවුරුදු 133ක් ගොදුරු වී තිබුණු රට ස්වදේශිකයන් අතට පත්වුණාම සුද්දාට නොදෙවෙනිව රට ගොඩනගනා බවට මොනතරම් ගැඹුරු හැඟීමක් ඇත්වෙන්න ඕනෑද? අපට නොතිබුණු මේ දැක්ම ඉන්දියාවේ ගාන්ධි, නේරු, පතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස් වැනි ජාතික ව්‍යාපාරයේ නායකයන්ට තිබුණා. ඒ දැක්ම විසින් අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ දැක්මෙන් අබ්දුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති බවට පත්කළා. කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති බවට පත් කළා. ඉන්දියානු ජාතිය කියන කොඩිය යටතට සියලුම දෙනා ඒකරාශී කළා.
පුරවැසි පනත ගෙනත් කඳුකරයේ ජනතාව රටක් නැති තත්වයට පත් කළාම දෙමළ රාජ්‍ය පක්ෂය නිර්මාණය කරන්න චෙල්වනායගම් මහත්තයා ඉදිරිපත් වුණා. 1956 සිට භාෂා ප්‍රශ්නයක් ඇද ගැනීමෙන් 58 වෙනකොට සිංහල, දෙමළ කෝළාහලයක් ආවා. ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 මැද වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. 2009 යුද්ධය ඉවර කළත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරනවා. අපේ පාලකයෝ නිර්මාණය කළේ ගැටුම් ඉතිහාසයක් වුණත් ඉන්දියාවේ පාලකයෝ නිර්මාණය කළේ ඒකාග්‍රතාවයක්. ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ඔවුන් ලියන කොට, ගැටුම්කාරී ඉතිහාසයක් අපිට ලියන්න සිදුවී තිබෙනවා.
ලෝකයේ රාජ්‍යයන් විසිවැනි සියවසේ දැවැන්ත දියුණුවක් කරා යන අතර, අපි ඒ සියවස අත්හැර දැමුවා. ලෝකයේ ඇතිවී තිබෙන නූතනත්වයට ගලපන ශ්‍රී ලංකාවක් අපට ඕනෑ. ඒ නිසා අප ඉදිරියේ තිබෙන්නේ හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට නව පරිවර්තනීය යුගයකට රට ගෙනයන නව පාලනයක්. ඒ වෙනුවෙන් ජාතිය යළි අවදි කර ජාතිය ඒකාබද්ධතාවයකට ගෙන එන්න ඕනෑ. අපි උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ 13 දෙන්නම් කියලා නොවෙයි, ෆෙඩරල් දෙන්නම් කියලා නොවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වී සටන් කරමු කියලයි. කප්පම් දී ඡන්ද ගන්න සංස්කෘතිය වෙනුවට නව පුනරුද යුගයකට එකතු වෙන්න කියලා බලයේ සුක්කානම ජන බලවේගය අතට ගන්න ඕනෑ. අපි බලය ගන්නවා කියන්නේ ප්‍රශ්න විසඳීමේ ආරම්භය මිස අවසානය නොවෙයි. අපට විරුද්ධව එකතු විය හැකි සියලු බලවේග එක වේදිකාවකට එනවා. හදිසි අනතුරකින් කෙනෙකු මිය ගියත් එන්පීපී එක අල්ලගෙන තිබෙනවා. ඔවුන් ඒ තරමටම තැතිගැන්මට ලක්වී තිබෙනවා. ඔවුන්ගේ කැත, ත්‍රාඩ, මජර දේශපාලනය හැමදාම ගෙනියන්න පුළුවන් වෙයි කියලා ඔවුන් සිතුවා. දශක ගණනාවක් ඔවුන්ගේ අපරාධ, දූෂණ එළියට එන්න නොදී ප්‍රධාන මාධ්‍යවලින් වාරණය කර තිබුණා. දැන් සමාජ මාධ්‍ය වාරණය කරන්න හදන මහත්වරුන්ට අපි කියන්නේ “දැන් අශ්වයා ගිහින් ඉවරයි, ඉස්තාලය වහලා වැඩක් නැහැ” කියලයි. දැන් අවලාද, අපහාස, බිය ගැන්වීම්, තර්ජන එල්ලකරමින් තිබෙනවා. ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙන්නේ අවලාද, අපහාස, තර්ජන, බියගැන්වීම්වලට යටත් වෙන්න නොවෙයි කියන එක අපි අවධාරණය කරනවා. දශක ගණනාවක් බැරිකේඩ් එකේ දෙපැත්තේ තියන්න සමත්වුණු ආරක්ෂක අංශ විශ්‍රාමිකයන් සහ අපි ඔක්කෝම මෙහා පැත්තේ එකට එකතු වී සිටිනවා. බැරිකේඩ් එකෙන් එහා පැත්තේ ඔවුන් තනිවී සිටිනවා. ජනරාල්වරු, අද්මිරාල්වරු, එයාර් මාෂල්ලා, මේජර් ජනරාල්ලා, අපි එකතු වී මෙහෙම එකට හිටියාට ඔවුන් හිතුවේ හැමදාමත් ඔවුන්ගේ මල්ලේ සියල්ල තබාගන්නයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට බය වුණු අය සිඟිති ඒවා හදන්න උත්සාහ කරනවා. හැබැයි අපි හැමදාමත් කියනවා වගේ කොපිකරන්න පුළුවන් වෙයි, සමකරන්න බැහැ. මේ හැම කෙනෙක්ම ජනතාවට හොඳ ජීවිතයක්, හොඳ රටක් අපේක්ෂාවෙන් ආපු පිරිසක් මිස ඔවුන්ට පෞද්ගලික වුවමනාවන් නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධි අංශයේ ප්‍රධානියා, වගේ අය කලබල වෙලා ඉන්නේ. නමුත් අපි කලබල වෙන්නේ නැහැ.
තමන් මේ ව්‍යසනයෙන් මුදා ගනීවි යැයි ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් අපි කෙරෙහි තිබෙනවා. කලබල වී, බොරු වළවල්වල වැටී ඒ ජනතාවගේ බලාපොරොත්තුව අපි සුන්කරන්නේ නැහැ. කුණාටුවකට හසුවී තිබෙන මේ යාත්‍රාව හොඳම උපක්‍රම තෝරමින් ජයග්‍රහණය කරා ගෙන යන බව සහතික කරනවා. අපි අතිශයින් ප්‍රවේසම් වෙන්න ඕනෑ. වචනයක් මිස් වෙන්න බැහැ. අයි.ටී.එන්. සභාපති සුදර්ශන ගුණවර්ධන ‘සමබිම’ කියලා මාර ලිබරල් පෙනී සිටීමක් කළා. ක්‍රියමාර්ග ගත්තාම ගං කබරයෙක්. ඒ නිසා වචනයක්වත් මිස් වෙන්න අයිතියක් අපට නැහැ. අපි හැම මොහොතකදීම පපුවෙන් නොවෙයි, ඔළුවෙන් තීරණ ගන්න ඕනෑ. ඒ නිසා අපි ඉවසීමෙන් ප්‍රවේශම්කාරී ලෙස මේ ගමන යන්න ඕනෑ. ඒ සඳහා කැත, පිළුණු, ගඳ ගහන දේශපාලනය පිරිසිදු කරන්න ඕනෑ. පොදු ජනයාට එක නීතියකුත් දේශපාලකයාට තව නීතියකුත් තිබෙන තත්වය අපි වෙනස් කරන්න ඕනෑ.
සියලු බලය එක වළල්ලක් අතේ තිබෙන්නේ. ඒ සියල්ල වෙනස් කර, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕනෑ. අපේ අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් කරන්න ඕනෑ. සෑම පුරවැසියෙකුටම ආහාර වේල ලබාදෙන ක්‍රියාමාර්ග සහතික කරන්න ඕනෑ. අපි ආරම්භයේදීම පුරවැසියන්ට ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහතික කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්වී සිටින්නේ අර්බුදය කළමනාකරණය කරන්න. අපේ පාලනයක් යටතේ අර්බුදය කළමනාකරණය කර ගනිමින් යළි මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා නව ප්‍රවේශයකට රට ගෙනයනවා. අපරාධ සහ මත්ද්‍රව්‍යවලින් මේ රට ගලවා ගැනීමේ සැලැස්මක් අපි ක්‍රියාත්මක කරනවා. ගම්වල සිටි අය දේශපාලනඥයන්ගේ අපරාධවලට යොදා ගැනීමෙන් අපේ රටේ පාතාලය විශාල වශයෙන් වර්ධනය කළා. ජේ.ආර්. ජයවර්ධන, ගෝනවල සුනිල්ට සමාව දුන්නා. ආර්. ප්‍රේමදාස සොත්ති උපාලිව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගත්තා. චන්ද්‍රිකා කුමරතුංග බැද්දගානේ සංජීව තමාගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියාට ගත්තා. නාමල් රාජපක්ෂට ආරක්ෂාව දෙන්නේ ජුලම්පිටිය අමරේ. ඒ පාලකයන්ට ආරක්ෂක අංශවල ජෙනරාල්වරුන්ගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවී පාතාලයට බාර දුන්නා. මේ තත්වය වෙනස් කරන්න නව ජනතා නැගිටීමක්, ඒකමතියක්, නව පිබිදීමක් අපේ රටට අවශ්‍යයි. ඒ නව පුනරුදය ඇතිකිරමේ විශාලතම කාර්යභාරයක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට පැවරී තිබෙනවා. බලය ලබාගැනීමේදී මෙන්ම එයින් පසුව රට ගොඩගැනීමේදී විශාලතම කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. එය හොඳින් ඉටුකරනු ඇති බව අපි හැමදෙනාටම සහතිකයි.
“පවතින දේශපාලන සංස්කෘතිය සහ ආණ්ඩු ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි” -විශ්‍රාමික අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-
ඉස්සර වගේ නොවෙයි මම දැන් කන බොන දේවල් ගැන කතා කරනවා. මගේ යාළුවෙක් ඇහුවා උඹට ලැජ්ජා නැද්ද කනබොන දේවල් ගැන කතා කරන්න. මම කිව්වා බඩට දැනෙන කොට ලැජ්ජාව කොහෙන් යනවාද දන්නේ නැහැ. මට බඩකට පුරවා ගන්න පුළුවන්. නමුත් අපි නියෝජනය කරන මේ සමාජයේ මිනිස්සු කී වේලක් බඩගින්නේ ඉන්නවාද? ඒව අපිට දැනෙනවා. ඒ නිසයි මම ඒ ගැන කතා කරන්නේ. වගකිව යුතු පුරවැසියෙක් හැටියට අපිට නිහඬව ඉන්න බැහැ. සාමාන්‍ය මිනිස්සු කන ප්‍රමාණයත් කන වේල් ප්‍රමාණයත් අඩු කරලා. මස්, මාළු, බිත්තර ගැන සාමාන්‍ය මිනිසුන්ට හිතන්නවත් බැහැ. අපි දරුවන් ඉදිරියේ, පවුල ඉදිරියේ කොතරම් අසරණ වෙලා තිබෙනවාද? මේ හා බැඳුණු තව කොතරම් ගැටලු මතුවෙනවාද? දරුවෙක් කෑමක් ඉල්ලන වෙලාවකදී ඒක ලබාදිය නොහැකි නම්, එයා හොරකමට යොමුවෙනවා. මේකත් එක්ක අපට සමාජීය ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ සමාජය මන්දපෝෂණයෙන් පෙළෙන තත්වයට පත්වෙලා. රෝගීන්ට අවශ්‍ය පරීක්ෂණයක් කර ගැනීමට, බෙහෙත් ටිකක් ගැනීමට නොහැකිව මොනතරම් අසරණ වෙලා තිබෙනවාද? සමහරු හිඟමනේ ඇවිත් බෙහෙත් තුණ්ඩුව දීල, බෙහෙත් ටික අරගෙන දෙන්න කියන තරමට අසරණ වෙලා. වැඩිහිටි පරපුර දරුවන්ට අවශ්‍ය බෙහෙත් අරගෙන දෙන්න, තමන් බෙහෙත් නොගෙන ඉන්න තැනට පත්වෙලා. තම දරුවාට අවශ්‍ය පොත්පත්, උපකරණ අරගෙන දෙන්න, ටියුෂන් පංතියකට යවා ගන්න නොහැකිව දෙමව්පියෝ දරුවන් ඉදිරියේ අසරණ වෙලා. දරුවො අධ්‍යාපනයෙන් විසිවෙලා. මේ විදිහට ගියොත්, අපට ඉදිරියේදි දකින්න ලැබෙන්නේ නූගත් පරම්පරාවක්. අපේ රටේ ඉදිරියේදි අපට ඉතිරි වෙන්නේ, මන්දපෝෂණයෙන් පෙළුණු, රෝගී වූ, නූගත් පරපුරක්. ඇයි අපට මෙහෙම වුණේ? අපේ පාලකයන්ගේ දූෂණය, වංචාව, සොරකම නිසා.
ඒ වගේම අපට දැරිය නොහැකි රාජ්‍ය වියදමක් කරන්න සිදුවී තිබෙනවා. මේ රටට නොගැලපෙන ආණ්ඩු ක්‍රමයක් නිසා, විශාල රාජ්‍ය තන්ත්‍රයක් ජනාධිපති, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, සහ ඊටම බද්ධ වුණු විශාල රාජ්‍ය නිලධාරීන් මඬුල්ලක් පවත්වාගෙන යන්න සිදුවෙලා. මේ නිලධාරී මඬුල්ල ඔවුන් හඳුන්වා ගන්නවා ඔවුන් ප්‍රභූන් කියලා. මෙම නිල මඬුල්ල සඳහා නිල නිවාස, ඒ සඳහා විදුලි බිල්පත්, දුරකථන බිල්පත්, සහ අනෙකුත් සියලුම වියදම් රජයෙන් කරගෙන යනවා. ඔවුන්ගේ ගමන් බිමන් සඳහා අති සුඛෝපභෝගී යාන වාහන, වී 8, ලෑන්ඩ් රෝවර් වගේ වාහන. ඒ වගේම ආරක්ෂකයින් ලෙස හමුදාවෙන් පොලීසියෙන් යන පුරුදු පුහුණූ වූ නිලධාරීන් තමන්ගේ සියලුම දේවල් නැතිකරගෙන පහත් රාජකාරිවලට යොදා ගන්නවා. ඒ වගේම පාලක තන්ත්‍රයට රාජකාරි සඳහා ලොකු නිලධාරීන් මණ්ඩලයක් පත්කර ගන්නවා. මේ නිලධාරීන් තමන්ගේම නෑදෑ හිතවතුන් තමයි බඳවා ගන්නේ. 2001 මුදල් අමාත්‍යාංශ දත්තයන්ට අනුව අතිරේක අමාත්‍යවරුන් 30 දෙනෙක් සඳහා රුපියල් බිලියන 1426ක් වියදම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් සඳහා රුපියල් බිලියන 1164ක් වැය කර තිබෙනවා. එක් අයෙකු වෙනුවෙන් දළ වියදම රුපියල් බිලියන 35යි. මේ අය නීත්‍යානුකූලව ගන්න දේවල් ලබාගෙන වංචාව, දූෂණය, හොරකමත් කරනවා.
මේ දේශපාලන සංස්කෘතිය සහ ආණ්ඩු ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි. එය වෙනස් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඒක නිසා තමයි මේ ජාතික ව්‍යාපාරය වටා එක්රැස් වී ඉන්නේ. ඔවුන්ගේ දේශපාලන භාවිතයන් සහ ප්‍රතිපත්ති අනුව ජාතික ජන බලවේගයේ අමාත්‍යවරු සංඛ්‍යාව 25ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු අඩු ගණනක් වේවි. රාජ්‍ය ඇමති තනතුරු අනිවාර්යයෙන් නොමැති වෙනවා. මිල අධික වාහන, නිල නිවාස භාවිතා නොකරනවා ඇති. ජනතාවාදී පාලනයක් ගෙනයන බව ස්ථිරයි. ඒ නිසා අපි ඔවුන්ව බලයට පත් කිරීමට කටයුතු කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
“ජාතික ජන බලවේගය සමග දියුණු සමාජයකට යා හැකි යැයි දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා” -විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත-
මේ වසර මැතිවරණ වසරක්. ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ඉහළම හැකියාවක් ජාතික ජන බලවේගයට තිබෙනවා. අපේ රටේ ජාතික පිබිදීමක අවශ්‍යතාවය ගැන හැම වේදිකාවකදීම ප්‍රකාශ වුණා. මැතිවරණයක් ජයග්‍රහණය කර, රජයක් පිහිටුවන කොට ජාතික පුනර්ජීවනයක් ඇති කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අපි එවැනි දෙයක් ඉතිහාසයේ අත්විඳ නැහැ. ජාතික පිබිදීමක් ඇති කිරීමට නම් සමබර හා සාමකාමී පරිසරයක් තිබෙන්න ඕනෑ. සාමකාමී වටපිටාවක් කියන්නේ රටවල් අතර යුද්ධ හෝ ත්‍රස්තවාදී උවදුරු නොපැවතීම විතරක් නොවෙයි.
අපේ රටේ දැනට පවතින තත්වය විග්‍රහ කළහොත් දේශපාලනය සමබර නැහැ. අපේ පාර්ලිමේන්තුව සැබෑ ජනමතය නියෝජනය කරන්නේ නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් බලයට පත්වෙලා, ජනතාවට අහිතකර අණපනත් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනතාව මර්දනය කිරීමට යොදාගෙන පාලනය කිරීමක් සිදුවනවා. අපේ බහුතර ජනතාවගේ චින්තනය සාමකාමීද? පීඩනයකින් නොවයිද ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ නැතිනම්, රටේ තිබෙන්නේ මොන වගේ පරිසරයක්ද කියා ඔබ සැමට සිතා ගත හැකියි. නීතියේ ආධිපත්‍යය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්, ඒ රටේ ජනතාව තෘප්තිමත්ද? සමාජ සාධාරණත්වය කෝ? අපි සියලු දෙනාම පීඩා විඳිමින් ඉන්නවා. නමුත් බලවත් ජාවාරම්කාරයන් බදුවලින් මිදී තිබෙනවා. ඒ අයට වෙනම සැලකිල්ලක්. ජීවන වියදම ඉතාම ඉහළ තත්වයක පවතින්නේ. ණය ගැනීම හා විකිණීම හැරෙන්න වෙනම ක්‍රියාමාර්ගයක් අපට පෙනෙන්න නැහැ. එවැනි සමාජයක ජනතාව කිසිසේත් තෘප්තිමත් වන්නේ නැහැ. එවැනි අතෘප්තිමත් සමාජයකට ජාතික පුනර්ජීවනයකට අවතීරණ වෙන්න හැකියාවක් නැහැ.
ඒ සඳහා පළමුවෙන්ම ඉහත ප්‍රකාශ කළ සියල්ල සමතුළිත විය යුතුයි. පුරවැසියන්ගේ මනසේ සාමය ඇතිවන්නේ එවිටයි. පවතින රජයත් එක්ක ඉස්සරට ගිහින් අපේ සමාජය යහමගට දියුණුවේ මාවතට ළඟාවෙන්න හැකි වෙන්නේ එවිටයි. එය දවසින් දෙකකින් කළ හැක්කක් නොවෙයි. කිසියම් කාලයක් ඒ සඳහා ගත වෙනවා. චීනය 1970 දශකයේ ශ්‍රේෂ්ඨ නායක ඩෙන් ෂියාඕපිං මගින් සමාජ පුනර්ජීවනය සහ නවීකරණය කියන සංකල්පය මත ඒ මාවතට අවතීරණ වුණු රටක්. ඒ හරහා ඔවුන්ගේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණය, ආරක්ෂක අංශ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට අලුත් මුහුණුවරක් දුන්නා. ඒ හරහා විකල්ප විසඳුම් සහ අදහස් සංකල්ප මගින් මුළු චීන ජාතියම නවීකරණයට ලක්කළා. ඒ අනුසාරයෙන් චීනය අද වන විට ලෝකයේ බලවත් රාජ්‍යයක් හැටියට පෙනී සිටිනවා. චීනය ලෝකයේ විශාලතම ආර්ථිකයක් තිබෙන රටක්. විශාලම අපනයන භාණ්ඩ වෙළඳපොළක් තිබෙන රටක්. එක් තීරයක්, එක් මාවතක් වැනි ජාත්‍යන්තර ව්‍යාපෘති මගින් ලෝකය කරා ගමන් කරන රටක්. ඒ පුනර්ජීවන ක්‍රියාවලිය හරහා අද වෙන විට චීනය අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය, ජනතාවගේ කැපවීම, ජනතාවගේ උද්යෝගික සම්බන්ධතාවය ලබාගත්තේ එයාලගේ දායකත්වය ලබාගත්තේ ඒ ආකාරයෙනුයි.
අපිටත් එවැනි ගමනක් යන්න අවස්ථාවක් මේ අවුරුද්දේම උදාවෙන ලකුණු පහළ වී තිබෙනවා. කලින් සඳහන් කළ ඒ ප්‍රතිපත්ති ගරුක, දැක්මකට වැඩකරන විශ්වාසවන්ත නායකත්වය සමගින් වැඩකළ හැකියි. ජාතික ජන බලවේගයේ සමස්ත රටට අවශ්‍ය කරන තත්වය ඇතිකරලා මේ ගමන යා හැකියි කියන විශ්වාසය හා අධිෂ්ඨානය සමගයි අපි මෙතනට රැස්වී සිටින්නේ. ඒ අනුව දියුණු රටක තිබෙන ශිෂ්ට සම්පන්න, දියුණු සමාජ වටපිටාවට අපට ළඟාවීමට හැකිවෙයි කියන දැඩි අධිෂ්ඨානය අපි හැමෝටම තිබෙනවා. ඒ සඳහා අධිෂ්ඨානය ඇති කර ගැනීමට වේදිකාවක් දුන්නු ජාතික ජන බලවේගයට අපි ස්තුතිවන්ත විය යුතුයි. නව චින්තනයක් හරහා මේ රට ගොඩනඟන්න, මේ ජාතික පිබිදීම තුළින් රට ගොඩනැගීමට සියලු දෙනාටම බොහෝ දේ, කැපකිරීම් කරන්න සිදුවෙනවා.
අපිට ස්වභාවික සම්පත් තිබෙනවා. ගිනිකඳු පිපිරීම් වැනි ස්වභාවික ව්‍යසන නැහැ. නමුත් අපට නිවැරදි දේශපාලන නායකත්වයක් නැති වුණා. රටේ ජනතාවට වුවමනාව තිබුණා ජාතික පිබිදීම තුළින් රට සංවර්ධන මාවතට යොමුකිරීමට. ඒ පිබිදීම තුළින් තමයි අපේ තරුණ තරුණියෝ තාප්පවල චිත්‍ර ඇන්දේ. අපේ පාලකයෝ අද රට ණය කන්දරාවක හිරකරලා, බංකොලොත් තත්වයට පත්කර තිබෙනවා. අපේ වාසනාවකට දැන් අපට සහනයක් ඉදිරියේදී ලැබෙන්න තිබෙනවා. ජාතික පිබිදීමක් සහිතව රට සංවර්ධන මාවතට යොමු කිරීමට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමු.
“මේ දුෂ්ට දේශපාලනය නිමාකර, නව යුගයක් නිර්මාණය කරන බලවේගයක් ගොඩනැගී අවසන්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
ජාතික ජන බලවේගයත්, එය නියෝජනය කරන අපත් තත්වයන් හඳුනාගෙන තත්වයන්ට අනුව සංවර්ධන වෙන ව්‍යාපාරයක්. අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරන අවස්ථාවේදී, සටන් විරාම ගිවිසුම් ගහන වෙලාවෙදි, සුනාමි සහන මණ්ඩලය ගෙන එන වෙලාවෙදි ඔබලා සටන් පෙරමුණුවල සිටියා. අපි දේශපාලන පෙරමුණ ලෙස සිටිමින් කටයුතු කළා. අපි යුද්ධය අවස්ථාවේදී ඒ තත්වයට අනුව වෙනස් වුණා. අපේ වෙනස්වීම තේරුම් ගන්න නොහැකි වුණු අය අර්බුදයට ගියා. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමට සැරසුණු මොහොතේ අපිට එය තේරුම් ගත හැකි සවිඥානයක් තිබුණා. සටන් විරාම ගිවිසුම මගින් රනිල් වික්‍රමසිංහ හරහා ප්‍රභාකරන්ට තමන්ගේ ගමන යාමට හැකි තත්වයක් වර්ධනය විය හැකිව තිබුණා. ඒකට නෝර්වේ, යසුසි අකාසිලා වැනි ජාත්‍යන්තර දේශපාලනයත් පෙළ ගැසී තිබුණා. ඒක වළක්වන්න අලුත් දේශපාලනයට අනුව අලුත් වෙන්න අපිටත් සිදුවුණා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අපි සන්ධානයකට එකතු වුණා. ඒ වගේම සුනාමි සහන මණ්ඩලය ඇවිත් තත්වයන් වෙනස් වෙනකොට ඒ අලුත් තත්වය තේරුම් අරගෙන ආණ්ඩුවේ ඇමතිකම් දාලා එළියට එන්න සිදුවුණා. ඇමතිකම් ගත්තේත් ඇමතිකම් දාලා ආවේත් දේශපාලන හේතූන් නිසා. ඒ පවතින තත්වයන්ට අනුව වෙනස් විය හැකි දේශපාලනයක් නිසා. එක තැන පල්වෙන දේශපාලනය අලුත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔබලා සටන් පෙරමුණේ සිට කාර්යභාරයක් කරන විට සටන් පෙරමුණේදි කරන්න බැරි කාර්යයක් එදා දේශපාලන පෙරමුණේදි ජනතා විමුක්ති පෙරමුණ කළා.
යල් පැන ගිය පක්ෂ අපට වඩා අපි ගැන විග්‍රහ කරනවා. ඒගොල්ලන්ට කියන විදිහට අපි දේශපාලනය කරන්න ඕනෙ. ඒගොල්ලන්ට අනුව අපිට ව්‍යාපාරිකයන් සමග, වෙන පක්ෂ සමග, සංවිධාන සමග ගනුදෙනු කරන්න බැහැ. හමුදා, පොලීසි සමග ගනුදෙනු කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවීම කරන්න ඕනෙ එයාලා කියන විදිහට. එයාලගේ දේශපාලන ව්‍යාපාර දියාරු වී යනවා. හර්ෂ ද සිල්වාට අනුව අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ කාර්යාලයට පැමිණ අපිව හම්බ වෙනකොට ඒක වැරදියි. ජාතික ජන බලවේගයේ අපි ඉන්න ඕන විදිහ කියලා ඒ ගොල්ලෝ හදාගත් ලෝකයක් තිබෙනවා. දේශපාලනයේ ඉදිරියට යන්නේ නැති යල්පැන ගිය අය හිතන්නේ එහෙම. අපි අලුත් වෙමින් ඉදිරියට යන නිසයි ලක්ෂ ගණනින් ජනතාව එකතු වෙන්නේ. අපි මේ පටන් ගත්තා විතරයි. විශේෂයෙන්ම ආගමික නායකයින් හමුවෙන කොට ඒක ප්‍රශ්න කරනවා. අපි පන්සල් ගියත් වැරදියි, නොගියත් වැරදියි. අලුත් වෙන්න දන්නේ නැති හැමදාම ආපස්සට යන දේශපාලන පක්ෂ එහෙම බව අපි දන්නවා.
අනික් හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙනවා වගේ ආරක්ෂක අංශවල විශ්‍රාමිකයන් එකතු වෙන්න ඕනෑ නැද්ද? සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සමාජ වෙනස වෙනුවෙන්, පුනර්ජීවනයක් වෙනුවෙන් ඒගොල්ලන්ගේ රෙදි ගලවන කොට පාර්ලිමේන්තුවේ අණපනත් ගෙනත් මර්දනය කරන්න උත්සාහ කරනවා. පොලීසිය බලා ඉන්දදී කොල්ලුපිටියේ සාමකාමී උද්ඝෝෂකයන් දස දෙනෙකුට විතර ගැහුව මුහුණු බැඳගත්ත කට්ටිය කවුද? ඔය මුහුණු බැඳගෙන ආවේ පොලීසියේ වැඩකරන අය නම්, ඉතාමත් සහොදරත්වයෙන් ඉල්ලන්නේ කරුණාකර ඔය වැඩේ නවත්වන්න කියලයි. සමාජයේ මුළු අනාගතයක් බලාපොරොත්තු වෙන හීන නැතිකරන්න දායක වෙන්න එපා. මේ දුෂ්ට දේශපාලනය නිමාකර, නව යුගයක් නිර්මාණය කරන බලවේගයක් ගොඩනැගී අවසන්. බයවුණු නායකයෝ පාර්ලිමේන්තුවෙන් නීති හදාගත්තාට මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ යුගය අවසන්.
හැම පවුලකම සාමාජිකයෙක් ජාතික ජන බලවේගයේ කුමන හෝ සංවිධානයක සාමාජිකයෙක් වී අවසන්. කාන්තාවන්, තරුණයන්, ශිෂ්‍යයන්, සහ ගොවියන්, ධීවරයන් වශයෙන් වගේම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය වගේම සංවිධානය වී අවසන්. ඒ නිසා අලුත් යුගයක් වෙනුවෙන් පක්ෂ පාට පැත්තකින් තියලා එකතු වෙන්න කියලා බොහොම සහෝදරත්වයෙන් ඉල්ලනවා. ජයග්‍රහණය තෙක් මේ ගමන අධිෂ්ඨානයෙන් ඉදිරියට යන්න තවදුරටත් සංවිධානය වෙමු.
“මනුෂ්‍යත්වය අගය කරන හොඳ හදවත් ඇති මිනිසුන් අප වටා ඒකරාශී වී සිටිනවා” -විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
අපි අපේ රාජකාරිය පටන් ගත්තේ ගමනාන්තයක්, විශ්වාසයක්, කවදා ඉවර කරන්න පුළුවන් වෙයිද, වගේ කිසිම දෙයක් දන්නේ නැතිව. රටේ දේශපාලන තත්වය ශ්‍රී ලංකාවාසීන්ට පැහැදිලි කර දෙන්න ජාතික ජන බලවේගයෙන් දැන් අවුරුදු පහකට ආසන්න කාලයක් උත්සාහ ගත්තා. දේශපාලකයන් බව කියාගත් විශ්‍රාමිකයන් කොටසක් රටේ මහජනතාව තමන්ගේ ආධිපත්‍යය යට තබාගනිමින් රට බංකොලොත් කළා. අපිට මිලිටරි සයන්ස් කියනවා වගේ පොලිටිකල් සයන්ස් එකක් තිබෙනවා. නමුත් අපි පසුගිය කාලය පුරාම කොල, නිල් වශයෙන් තෝරා යවා තිබෙන්නේ දේශපාලකයන් නොව, කප්පම්කාරයෝ, හෙැරු, අපරාධකාරයෝ, බහුතරයක්. ඔවුන් පාර්ලිමේන්තු ගිහින් අපිවත් විනාශ කර, මුළු රටම විනාශ කළා. එදත් කොන්දක් තිබුණු අදත් කොන්දක් තිබෙන මේ විශ්‍රාමිකයන් ජාතික ජන බලවේගය කියන කොන්දක් තිබෙන දේශපාලන ව්‍යාපාරය වටා එකතු වී සිටිනවා. හරි දේ වැරදි දේ මොකක්ද කියලා ජාතික ජන බලවේගය කෙලින් කියා දෙනවා. ඒ වගේම විද්වත්, ගුණවත්, හරවත් පුද්ගලයින් සිටින එකම දේශපාලන ව්‍යාපාරයත් ජාතික ජන බලවේගය පමණයි. ඔවුන් ආබාධිත සොල්දාදුවන්වන්, සොල්දාදුවන් මාකට් කළේ නැහැ. රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ ආරක්ෂක අංශ පැති දෙකකට දාලා ප්‍රභූ පෙළැන්තියේ දේශපාලනයේ පැවැත්මට යොදා ගත්තා. නැවත ඒ වෙන්කිරීම කරන්න ලැබෙන්නේ නැහැ. අදිටනෙන් හොඳ අඩිතාලමක් දමා තිබෙනවා.
අවුරුදු 25කට කලින් අපි කොහෙද යන්නේ කියා දැනෙගන සිටියේ නැහැ. නමුත් අපි දැන් දන්නවා යන්නේ කොහෙටද කියලා. පාර්ලිමේන්තුවේ, වේදිකාවේ, මහපාරේ උද්ඝෝෂණවලදී නැත්නම් සාකච්ඡාවලදී බොරු ප්‍රචාර බිඳගෙන ඇත්ත අවබෝධ කරදෙන්න උත්සාහ කළා. අපි උපායමාර්ගික සැලසුම් සකස් කරනවා වගේ බොරු තාප්පවලින් ඉදිරියට ගිහින් මහා ජන කොටසක් වශයෙන් ඉදිරියට යමින් සිටිනවා. අදත් ජනතාව මුලා කරන්න පාලකයන් බොරු කියනවා. හෙටත් ඒකමයි කරන්නේ ඔවුන්ට ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයයි. හොඳ දැක්මක් හොඳ විශ්වාසයක්, අධිෂ්ඨානයත් එක්ක අපි මේ එකතු වී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න පෙරටම යන්නේ. යුද්ධය අවසන් කර, අවුරුදු 15ක් සම්පූර්ණ වෙන්න ආසන්නයි. මේ කාලය තුළ පස් අවුරුදු සැලසුම් තුනක් ක්‍රියාත්මක කළ හැකිව තිබුණා. හැමදාම අපිව භේද කර, ඔවුන් එකතු වී රටේ අනාගතය විනාශ කළා. මේ වසරේ පවත්වන ඡන්දයෙන් රජයක් පිහිටුවලා රටේ පිබිදීම ඇති කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඉදිරි ඡන්ද ව්‍යාපාරයේදිත් ඔවුන් කැමති භීෂණය පෙන්වයි. නාඳුනන තුවක්කුකරුවන් පෙන්වයි. ඒ වගේම දිව්‍ය ලෝක පෙන්වයි. අපි ඒවාට කලබල වෙන්න, බය වෙන්න කිසිම අවශයතාවයක් නැහැ. ඉදිරි මාස හය ඇතුළත හැමතැනම බිල්ලොත් මවන්න උත්සාහ කරනවා.
ඔය කාටවත් අපිට බොරු කරන්න බැහැ. ඔවුන් මොනවාද කරන්නේ කියලත් අපි මොනවා ද කරන්නේ කියලත් අපි හොඳින්ම දන්නවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට හැමෝම එන ලෙස ආරාධනා කරනවා. ජාතික ජන බලවේගයේ මහජන රජයක් ගොඩනැගූ පසු අපි වගකියන්නේ මහජනතාවට. මනුෂ්‍යත්වය අගය කරන කොන්ද කෙලින් තියාගෙන වැඩකරන, හොඳ හදවත් තිබෙන මිනිසුන් අප වටා ඒකරාශී වී සිටිනවා. මිනිස් වටිනාකම තෝරාගත්තාම ස්වාභාවික සම්පත්වලින් දියුණුව කරා යන්න පුළුවන්. සතර දිග්භාගයේ හැම තැනින්ම තව තවත් එකතුවෙමින් සිටිනවා. එළඹෙන ඡන්දයෙන් ඉතාම දීප්තිමත් අනාගතයක් මගේ දරුවන්ටත් ඔබේ දරුවන්ටත් ගොඩනඟා දෙමු.
-Colombo, January 25, 2024- (කළුතර දිස්ත්‍රික් ධීවර සමුළුව | සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය) අද ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ඇතුළු සියලුම කර්මාන්ත, ව්‍යාපාර වගේම රටේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලා තිබෙනවා. මේ බේරුවල නගරය මැණික් කර්මාන්තයට වගේම සංචාරක කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධයි. ඒවා සියල්ලම බිඳවට්ටලා තිබෙන්නේ. අපේ සමස්ත ආර්ථිකයම බිඳ වට්ටලා. අපි බංකොළොත් වුණු රටක ජීවත්වෙන්නේ. මහ බැංකුවේ […]
-Colombo, January 25, 2024-
(කළුතර දිස්ත්‍රික් ධීවර සමුළුව | සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය)
අද ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ඇතුළු සියලුම කර්මාන්ත, ව්‍යාපාර වගේම රටේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලා තිබෙනවා. මේ බේරුවල නගරය මැණික් කර්මාන්තයට වගේම සංචාරක කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධයි. ඒවා සියල්ලම බිඳවට්ටලා තිබෙන්නේ. අපේ සමස්ත ආර්ථිකයම බිඳ වට්ටලා. අපි බංකොළොත් වුණු රටක ජීවත්වෙන්නේ. මහ බැංකුවේ ප්‍රධානින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා ‘අපේ රට බංකොළොත්’ අපි ගත් ණය ගෙවන්න බැහැ කියලා. මේ පාලකයෝ පෙබරවාරි 04වෙනිදාට 76 වැනි නිදහස් දිනය සමරන්න සූදානම් වෙනවා. එදාට මුහුදට වෙඩි තියලා, සංදර්ශන පවත්වලා, ජනාධිපති, අගමැති රටේ සංවර්ධනය පිළිබඳව, නිදහසෙන් අපට ලැබුණු දේවල් ගැන, අනාගතේ රට හදන්නේ කොහොමද කියල පම්පෝරි ගහයි. මෙපමණ කාලයක් නිදහස් උත්සවවලදි රට හදන හැටි තමයි ප්‍රකාශ කළේ. හැදුවේ කොහොමද කියලා කිව්වේ නැහැ.
නමුත් 76වසරක් ගෙවුණු තැන ධීවරයාට ඒ කර්මාන්තයෙන් ජීවත්වෙන්න බැරිකරලා. ජනතාවට කුමක් හෝ නිෂ්පාදන මාර්ගයකින් ජීවත් වෙන්න බැරිකර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ තේ, රබර් කර්මාන්ත කඩා වැටිලා. මේ කඩා වැටීම අහම්බයක් නොවෙයි. විශේෂයෙන් පසුගිය වසර 45ක කාලය විසින් අපේ රටේ සියලුම නිෂ්පාදන වට්ටලා තිබෙනවා. අපේ පාලකයෝ ණය ගත්තා, හොරා කෑවා, නිෂ්පාදන මාර්ග දියුණු කළේ නැහැ. ගත්තු ණය ගෙවාගන්න බැරිව අපි බංකොළොත් වෙලා ඉන්නවා. අපිට විදේශ සංචිත නැහැ. අපිට තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල ඉන්න සිදුවුණා. ඒ අපිට ඒවට ගෙවන්න ඩොලර් තිබුණේ නැති නිසා. අපි ඩොලර් උත්පාදනය කළේ නැහැ. තිබුණු ඩොලර්වලින් තමයි අපට අවශ්‍ය දේවල් ගේන්නත්, ණය ගෙවන්නත් සිදුවුණේ. ඒ දෙකම කරන්න බැරි නිසා අවුරුදු දෙකක් තිස්සේ අපි ණය ගෙවන්නේ නැහැ. ඒ නිසා තිබෙන ඩොලර්වලින් බඩු ටිකක් ගේන්න හැකියාව ලැබුණා. අපි ඉන්නේ විදේශ වත්කම් නැති රටක. අපිට විදේශ සම්පත් ඉපයිය හැකි මහා සම්පත් තිබුණත් ඒවා ප්‍රයෝජනයක් නොගෙන නාස්තිවෙමින් යනවා. රටක් මෙවැනි තත්වයකට වැටෙන්න ඕනද?
ධීවර කර්මාන්තය ගැන දන්න, දක්ෂ හැකියාව ඇති ධීවර ජනතාවක් රටේ ඉන්නවා. ඒ අයට ඵල නෙලාගන්න අවස්ථාව, පහසුකම් ටික ආණ්ඩුව ලබාදුන්නොත් ඩොලර් උපයන්න පුළුවන්. ලෝකයේ මුහුදක් තිබෙන සෑම රටකම ලොකුම කර්මාන්තය ධීවර කර්මාන්තය. ජපානය, දකුණු කොරියාව, චීනය, තායිලන්තය, වියට්නාමය මුහුදක් තිබෙන රටවල ධීවර කර්මාන්තය විශාල එකක්. රට වටකර තිබෙන මහා මුහුදෙන් අපට කර්මාන්ත කිහිපයක්ම කළ හැකියි. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සුළඟින් විදුලිය උත්පාදනය කරන්න පුළුවන්. ඒවා කරන්න අපේ ආණ්ඩු සමත් වෙලා නැහැ. අපට ආදායම් ලබාගත හැකි ක්ෂේත්‍ර නතර කරලා. කෘෂිකර්මාන්තයට සුදුසු පසක්, දේශගුණයක්, තිබෙනවා. නමුත් ගොවියාට උවමනා සහයෝගය ආණ්ඩුව නොදෙන නිසා කෘෂිකර්මාන්තය කඩා වැටිලා. රට බංකොලොත් කළ මහත්තුරු ආයෙමත් කියනවා මේ රට හදන්න එයාලට පුළුවන් කියලා. බංකොලොත් කළ අයට රටක් හදන්න බැහැ. ඒකයි ඇත්ත. නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැහැ. ණයට කන ආර්ථිකයක් හැදුවා. ඒකෙ ප්‍රතිඵල අපි අත්විඳිමින් ඉන්නවා. ව්‍යාපාර කඩා වැටිලා බැංකුවලට සින්න වෙනවා. සමහරු විකුණලා යනවා. විනාශ වෙච්ච රටක ජනතාව දුක් විඳිමින් ඉන්නවා. අපි අර්බුදය අත්විඳිමින් ඉන්නවා.
මේ අර්බුදය තුළම හොඳ දෙයක් ඉස්මතුවෙමින් තිබෙනවා. මේ මහා ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු ජනතාව ඉතිහාස අත්දැකීම් තුළින් තීරණයක් ගනිමින් ඉන්නවා වසර 76ක් තිස්සේ පවත්වාගෙන ආ වැරදි ආර්ථික ක්‍රමයත්, වැරදි දේශපාලනයත්, එයට නායකත්වය දුන් පාලක කණ්ඩායම් සියල්ලම පළවා හැර, ජනතාවගේ ආණ්ඩුවක් හදන්න සූදානම් වෙලා තිබෙනවා. “හැම කළු වළාකුළක රිදී රේඛාවක් තිබෙනවා වගේ” මාලිමාව වටා එකතු වෙන්න ලැහැස්තියි කියන පණිවිඩය සියලුම බලවේග පෙන්වා දෙමින් තිබෙනවා. අපි ඔබ මේ සියලු දෙනා එකතු කරන්නේ ඡන්දෙ අරගෙන ගෙදර යන්න නොවෙයි. අපි මේ රටේ නිෂ්පාදන නගා සිටුවන්න ඕන. අපේ රටේ නිෂ්පාදනයට දායක වෙන නිෂ්පාදන බලවේගය සංවිධානය කරන්න ඕන. අපි හදන අලුත් ආණ්ඩුවෙන් මහා මුහුද ජයග්‍රහණය කරන්න ධීවර කර්මාන්තයේ යෙදෙන, ධීවර ප්‍රජාව සංවිධානය කරන්න ඕන. අපේ රටේ ආර්ථිකයට ධීවර කර්මාන්තයෙන් ලොකු පංගුවක් එකතු කරන්න අධිෂ්ඨානය ඇති කරන්න තමයි මේ සමුළුව පවත්වන්නේ.
අපි ඉල්ලන දේවල් දෙන්න වත් එයට ඇහුම්කන් දෙන්නවත් මේ ආණ්ඩුව සූදානම් නැහැ. කතා කරන්න හෝ අදහස් පළ කරන්න දෙන්නේ නැහැ. අපි කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අපේ රටේ සියලු බලවේග, ධීවර ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යාපාරික ජනතාව හැමෝම අපේ කාර්යන් කරගත හැකි, අපේ දහඩිය මහන්සියට වටිනාකම ලැබෙන, අපේ කාර්යයෙන් රටට යමක් එකතු කළ හැකි අලුත් රටක් හදන්න ඕන. අලුත් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕන. අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. මේ දිනවල කළ සමීක්ෂණ වාර්තා සියල්ලගෙන්ම ජාතික ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා. බහුතර ජනයාගේ තේරීම පමණක් නොවෙයි බුද්ධි අංශයේ වාර්තාවලින් පවා හළිවී තිබෙන්නේ අපි ඉදිරියෙන් සිටින බවයි. දැන් රට පාලනය කරන මහත්තුරු බයවෙලා ඉන්නේ. එයාලට ලොකුම අභියෝගය ජාතික ජන බලවේගය බවට පත්වෙලා නිසා. අද අපේ ප්‍රතිපත්ති ගැන නොවෙයි එයාලා කතා කරන්නේ. මඩ, අවලාද නගන එක. එයින් පෙනෙන්නේ අපි බලවේගයක් ලෙස කොතරම් ශක්තිමත්ද කියන එකයි.
මේ අර්බුදයෙන් රට ගොඩගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් අපට බදු ගහනවා. ඒගොල්ලෝ කිසිදු කැපකිරීමක් නොකර, අපට කැපකිරීම් කරන්න කියනවා. උපයන විට ගෙවීම් බද්ද දරා ගන්න නෙැහැකිව විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, රට දාලා ගියා. අයවැයට කලින් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් වැට් එක වැඩි කළා. 15% තිබුණු බද්ද 18% දක්වා වැඩි කළා. වැට්වලට අදාළ නොවුණු භාණ්ඩ 94කට වැට් බදු ගැසුවා. ඒ භාණ්ඩ අතරට පාසල් උපකරණ. තෙල්, පොහොර, කෘෂි උපකරණ සාමාන්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම වැට් ගහලා. ඉස්සර ආදායම් ලබන අයගෙන් බදු ගත්තා. අද කිසිම ආදායමක් නැති අයට බදු ගෙවන්න සිදුවෙලා. හැමෝම බදු ගෙවීම සඳහා ටින් අංකයක් ලබාගන්න ඕනෑ. වෙන රටවල්වල බදු අරගෙන අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සුබසාධනයට පහසුකම් සලසනවා. අපේ රටේ බදු අරගන්නවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට කරන වියදම අඩු කරනවා.
අපේ අම්ම තාත්තට සල්ලි නැති නිසා දරුවට උගන්වන්න විදිහක් නැතිවෙනවා. ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. රනිල් වික්‍රමසිංහ වැය ශීර්ෂයකින් අයවැයෙන් සල්ලි වෙන්කරගෙන මාසයයි, ආයෙමත් විදේශ ගමන්වලටයි, වාහන නඩත්තුවලටයි පරිපූරක ඇස්තමේන්තුවෙන් සල්ලි ඉල්ලනවා. ජනාධිපති ධුරයට පත්වෙලා වසරයි, විදේශ ගමන් දාහතරක් ගිහින්. එයා ජනාධිපතිකමේ ඉඳගෙන ආතල් ගන්නවා. මේ වියදම් කරන්නේ ඔබට, අපට බදු ගහලා ගන්න සල්ලි.
නිෂ්පාදන මාර්ග වට්ටලා, ආදායම් මාර්ග නැතිකරලා, අපට බදු ගහලා, බොටුව මිරිකලා සූරා කාලා, චෞර කල්ලියක් සැපසේ, සතුටින්, ජීවත් වෙනවා. ඔබ, අප ඉස්සරහා ලොකු වගකීමක් තිබෙනවා. වට්ටපු ධීවර කර්මාන්තය, මැණික් කර්මාන්තය, වැටී තිබෙන ව්‍යාපාර, කෘෂිකර්මාන්තය, තේ කර්මාන්තය ගොඩගන්න ඕනෑ. ඒකට උදව් කරන්න, දැවැන්ත නිෂ්පාදන ආර්ථිකයට අත දෙන ආණ්ඩුවක් අපි හදා ගන්න ඕනෑ. ඒ සඳහා ප්‍රතිපත්ති තිබෙන, හැකියාව තිබෙන ආණ්ඩුවක් අපි හදා ගන්න ඕනෑ. මේ ආණ්ඩුව අපේ අභිමානය වට්ටලා තිබෙන්නේ. ලෝකයේ කිසිම රටක් වීසා දෙන්නේ නැහැ අපිට. අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ආර්ථික ශක්තියත් ආර්ථික නිදහසත් අපට නැතිවෙලා. ශක්තිමත්, ස්ථාවර ආර්ථිකයක් අපි හදන්න ඕනෑ. නිෂ්පාදන ආර්ථිකයක් හා ඒ නිෂ්පාදනය කාටත් සාධාරණව බෙදෙන ආර්ථිකයක් හදන්න ඕනෑ. අපේ රට සංස්කෘතික වශයෙන් විනාශ කර තිබෙන්නේ. වංචා දූෂණ පිරිලා. නීතියේ ආධිපත්‍යයක් නැහැ. පාතාලයත් පොලීසියේ ඇතැම් නිලධාරීන් මිනීමරණවා. පොලීසියේ අයට යුනිෆෝම් එක ඇඳලා ගෞරවයක් සහිතව රස්සාව කරන්න ඉඩදුන්නේ නැහැ. පොලීසිය දේශපාලනයට යට කළා. ඒ නිසා නීතියේ ආධිපත්‍යය රැකෙන්න ඕන.
සහකම්පනය තිබෙන, සහෝදරත්වයෙන් ජීවත් වෙන ජනතාවක් නිර්මාණය කරන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, ජාතීන් අතර ජාතික සමගිය ඇති කරන්න ඕනෑ. රටට ආදරය කරන සියලුම දෙනා එකතු වෙලා මේ රට ගොඩගන්න ඕනෑ. රට ගොඩගත්තොත් ව්‍යාපාර ශක්තිමත් වෙනවා, කෘෂිකර්මාන්තය දියුණු වෙනවා. අපේ අතට මුදල් එනවා. අපට හොඳ ජීවිතයක් ගත කළ හැකිවෙනවා. එකතු වෙන බදු මුදල් වැඩිවෙනවා. අද මිනිසුන්ගේ මිලදී ගැනීම අඩුවෙලා. ආර්ථිකය හැකිලුනාම ආණ්ඩුව බලාපොරොත්තු වෙන බදු එකතු වෙන්නේ නැහැ. ශක්තිමත් ආර්ථිකයක් හැදීම තුළ සමාජය හොඳ වෙනවා. අධ්‍යාපනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශක්තිමත් ආර්ථිකයක් හදලා එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. මේ කියන්නේ සල්ලි බෙදීමක් ගැනද? නැහැ. චීන කියමනක් තිබෙනවා, “මා ඔබට මාළුවෙක් දුන්නොත් ඔබේ කුසගින්න එක වේලකින් නිවාගන්න පුළුවන්. මා ඔබට මාළු අල්ලන ක්‍රමය කියා දුන්නොත් ඔබේ කුසගින්න හැමදාම නිවා ගන්න පුළුවන්.” අපි කළ යුත්තේ මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් ආර්ථියක් හදන එක. යැපෙන මිනිසුන් නෙවෙයි අපට ඕනේ. තමන්ගේ ධෛර්යයෙන් නැගී සිටින විට ඒකට අත දෙන ආණ්ඩුවක් අපි හදන්න ඕන.
ප්‍රතිලාභ සාධාරණ බෙදෙන ශක්තිමත් ආර්ථිකයක් අපි හදන්න ඕන. කොහොමද ප්‍රතිලාභ බෙදෙන්නේ. ප්‍රතිලාභ වැඩිවීමෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩිකරනවා. ඔබට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය හොඳින් කරනවා නම්, ටියුෂන් යවන්න ඕන වෙන්නේ නැහැ. ළඟම පාසල හොඳම පාසල කළොත් සියලු පහසුකම් සහිතව හදනවා නම්, අපේ දරුවා ගමේ පාසලට යනවා. වියදම අඩුයි. ආරක්ෂාව සම්බන්ධ ගැටලු නැහැ. දරුවටත් දෙමාපියන්ටත් නිදහස තිබෙනවා. සෞඛ්‍ය සේවයට වැඩිපුර මුදලක් වෙන්කළොත් අපට නොමිලේ බෙහෙත් ටික ලැබෙනවා. පරික්ෂණ පහසුකම්, හදනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය. අද ජනතාව ලෙඩ වෙන්න ඇරලා ලෙඞ්ඩුන්ට බෙහෙත් දෙන එක ජාවාරමක් වෙලා. අපි වට්ටපු රට ගොඩගන්න ඕනෑ. අපට තිබෙන ලොකුම සම්පත මහ මුහුද. මේකට අත තියලා නැහැ. අපේ රටට මාළු අල්ලන ට්‍රෝලර් යාත්‍රාවක්, නැවක් නැහැ. ධීවර කර්මාන්තය රටට ආදායම් ගේන කර්මාන්තයක් කරන්න ඕනෑ. ශක්තිමත් ආර්ථියක් හදන, ජනතාවගේ ආණ්ඩුවක්, හදා ගන්න ඕනෑ. ජාතික පිබිදීමක් ඇතිකරන ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි හැමෝටම තෝරා ගැනීමට තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි. ඒ නිසා බංකොලොත් වෙච්ච දේශපාලනය පැත්තක දාලා අපේ ශක්තිය ගැන, රටේ සම්පත් ගැන, විශ්වාසය තබමු. ජාතික එකමුතුව නිර්මාණය කරමු. ජාතික පිබිදීමක් හදමු. අලුත් රටක්, අලුත් සමාජයක්, සැමට සතුටින් ජීවත් විය හැකි සමාජයක් හදමු.