-Colombo, January 11, 2024- ඊයේ (10දින) පාර්ලිමේන්තුවේ සභාගත කළ ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන රැසක් ඇතුළත් කළ බව අධිකරණ ඇමතිවරයා කියන්න උත්සාහ කළා. නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයේ තිබෙන්නේ 2023 සැප්තැම්බර් 15දින දෙක කොටස අතිරේකය යනුවෙන්. ඇමතිවරයා මේ සභාගත කලේ පරණ තැටියක්. මෙයට කලින් මේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර […]
-Colombo, January 11, 2024-
ඊයේ (10දින) පාර්ලිමේන්තුවේ සභාගත කළ ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන රැසක් ඇතුළත් කළ බව අධිකරණ ඇමතිවරයා කියන්න උත්සාහ කළා. නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයේ තිබෙන්නේ 2023 සැප්තැම්බර් 15දින දෙක කොටස අතිරේකය යනුවෙන්. ඇමතිවරයා මේ සභාගත කලේ පරණ තැටියක්. මෙයට කලින් මේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර තිබුණා. ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පතත් ඒ එක්කම ඉදිරිපත් කර තිබුණා. ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධ ඉදිරි කටයුතු කරගෙන යාමේ අපේක්ෂාවක් ආණ්ඩුවට නොමැති බව අප ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම හමුවේ නීතිපතිවරයා දැනුම් දුන්නා. රටේ සමස්ත ජනතාවගේ දැවැන්ත විරෝධයක් ත්‍රස්ත විරෝධී පනතට එල්ලවීම හමුවේ ආණ්ඩුව වෙනුවෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නා.
මේ පනතම අප්‍රේල් මාසයේ ගැසට් කර, නැවත වෙනස් කර, සැප්තැම්බර් මාසයේ ගෙනාවා. එය දැන් තුන්වෙනි වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අකුරක්වත් වෙනස් නොකර සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කළ කෙටුම්පතම නැවත ගෙනැත් තිබෙනවා. ඒ නිසා ජනතාව නොමග යැවීමට කටයුතු නොකරන ලෙස අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන සහ හතරවෙනි වගන්තිවලින් තහවුරුකර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍යය බලයට පටහැනියි. මේ පනතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයටත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය කරන වගන්ති දෙකටත් අකුරක් පාසාම පටහැනියි. ඒ වගේම ඉදිරිපත්කර තිබෙන වගන්ති ඇතුලේ ත්‍රස්තවාදයට අර්ථනිරූපණ දී නැහැ. නමුත් ත්‍රස්තවාදී වරද පිළිබඳව උදාහරණ රැසක් දී තිබෙනවා. ත්‍රස්තවාදී වරද යන්නට පළල් පැහැදිලි කිරීම් ටිකක් දී තිබෙනවා. උදාහරණයක් හැටියට ත්‍රස්තවාදය දිරිගැන්වීමට අදාළවත්, 11 වැනි වගන්තියේ ඊට අදාළ ප්‍රකාශ නිකුත් කිරීම ගැනත් 12 වැනි වගන්තියේ ත්‍රස්තවාදය සඳහා ගැනත් අනෙකුත් වගන්තිවල තොරතුරු සැපයීම සහ පැහැර හැරීම ආදී වශයෙන් උදාහරණ රැසක්දී තිබෙනවා. නමුත් මේ සඳහන් කර තිබෙන සෑම වගන්තියක්ම ආවරණය වන ආකාරයට අපරාධ නීතියේ විධිවිධාන සලසා තිබෙන බව අපි වගකීමෙන් තිබෙනවා. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ සම්බන්ධ අණපනත්වලත් අදාළ වගන්ති ආවරණය වෙනවා.
විශේෂයෙන්ම 19වැනි වගන්තියේ අර්ථනිරූපණය තුළින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය ඕනෑම පොලිස් නිලධාරියෙකුට, ඕනෑම ත්‍රිවිධ හමුදා නිලධාරියෙකුට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ටත් දී තිබෙනවා. මේ තුළින් විදුලි බල මණ්ඩලයේ සේවකයන් පසුගිය දා ගෙනගිය උද්ඝෝෂණය වැනි වැඩබිම් තුළ පවා ගෙනයන සාධාරණ උද්ඝෝෂණවලටත් ඉඩනොදෙන්නයි මේ පනත ගෙනත් තිබෙන්නේ. ආණ්ඩුවට එරෙහිව හඬ නගන අය අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට අදාළ ප්‍රතිපාදන මේ තුළ තිබෙනවා. රටේ ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්වරයාටත් ඒ බලය දී තිබෙනවා. රඳවා තබා ගැනීමට නියෝග කරන ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමත විය යුතු බව කිසිම තැනක සඳහන් කර නැහැ.
පුනරුත්ථාපන අධිකාරී පනත, සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත, විකාශන අධිකාරී පනත, වැනි පනත් ගෙන එන්නට කටයුතු කරන ආණ්ඩුව මේ පනත හරහා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කරන, සාධාරණ ජනතා විරෝධයන්ට මර්දනය දියත් කිරීම වෙනුවෙන් මේ පනත ගෙනත් තිබෙනවා. රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ මැතිවරණ වර්ෂයේදී තව දවසක් හරි වැඩිපුර බලයේ ඉන්න මේ පනත් හදාගෙන එනවා. ජාතික ජන බලවේගය විදිහට මේ ගමනට අපි යන්න දෙන්නේ නැහැ. මේ පනත් සම්මත කර ගත්තොත් රෝගීන්ගේ ජීවිත අනතුරට හෙළපු කෙහෙලිය රඹුක්වැල්ල අහිංසක බව කියන්නයි මේ සැරසෙන්නේ. මේ ඊනියා පනතට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කරනවා. මේ දුර්දාන්ත පනත පරාජය කරන්න රටේ සෑම තැනම අපි ක්‍රියාකාරී වෙනවා.
“අනීතික නීති නමැති යකඩ සපත්තුව පාවිච්චි කරලා, මිනිසුන්ගේ හුස්ම හිරකරන්න පුළුවන් නම් මේ ආණ්ඩුව ඒකත් කරන්න බලනවා.”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ චමිලා කුලසේකර–
මාතර කාන්තාවන්ගේ බලය, ගාල්ලේ කාන්තාවන්ගේ බලය සහ ගම්පහ නයිවල පැවැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධානයේ බලය ආණ්ඩුව දැක්කා. ආණ්ඩුව කැලඹී තිබෙන්නේ ඒ නිසයි. ඉදිරියේදී ගම්පහ ඇතුළු තවත් දිස්ත්‍රික්කවල කාන්තාවන්ගේ බලය ආණ්ඩුවට දැකගන්න පුළුවන්. ජාතික ජන බලවේගය සමග මහජනතාව ඒකරාශීවන අන්දම දකින ආණ්ඩුවට තිබෙන එකම විකල්පය ඊනියා ත්‍රස්තවාදය වැළැක්වීමේ වැනි පනත් සම්මතකර ගැනීම බව ඔවුන් කල්පනා කරනවා. මිනිසුන් විදිහට අපට දැන් ඉතිරිව තිබෙන්නේ නිදහසේ හුස්ම ගන්න විතරයි. අනීතික නීති නමැති යකඩ සපත්තුව පාවිච්චි කරලා, මිනිසුන්ගේ හුස්ම හිරකරන්න පුළුවන් නම් මේ ආණ්ඩුව ඒකත් කරන්න බලනවා.
ත්‍රස්තවාදය වැළැක්වීම යැයි කියන පනතක් ගෙන එන්න නම්, ත්‍රස්තවාදයක් තියෙන්න ඕනෑ. මේ ඊනියා ආණ්ඩුවට ත්‍රස්තවාදය හැටියට පේන්නේ ජාතික ජන බලවේගයත් එක්ක නැගී සිටින ජනතාවයි. මේ පනත් කෙටුම්පතේ 62වැනි වගන්තිය අනුව නඩු විභාගය අවසන් වන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය සහිතව රඳවා තබාගත හැකියි. අවශ්‍ය නම් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ බලයට අධිකරණයේ බලයත් එකතු කිරීමට උත්සාහ කර තිබෙනවා. මෙවැනි ඊනියා අණපනත් සම්බන්ධයෙන් අපි සුළුවෙන් තැකිය යුතු නැහැ. අධිකරණයේ බලයත් ලබාගන්නයි මේ අණපනත් මගින් උත්සාහ කරන්නේ. මේ පනත යටතේ රඳවා තබාගත යුතු අය තීරණය කිරීමේ බලය 81, 82 වගන්ති යටතේ ජනාධිපතිටත් ලබාදෙන්න සූදානම් වෙනවා.
ඒ වගේම මිනිසුන් සිටිය යුතු තැන තීරණය කිරීමේ බලයත් ජනාධිපතිට ලබාගන්න සූදානම් වෙනවා. “කුමන ආකාරයකින් හෝ පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යාමත් සීමා කරන්න ජනාධිපතිවරයාට පුළුවන්” ඒ වගේම විදේශගතවීම සීමා කරන්නත්, අත්අඩංගුවට ගන්නත් එහා මෙහා යාම සීමා කරන්නත්, පදිංචි ස්ථානය සහ සේවය කරන ස්ථානයෙන් පිටතට ගමන් කිරීම සීමා කරන්නත් නිශ්චිත කරන පුද්ගලයන් සමග සන්නිවේදන සම්බන්ධතා පැවැත්වීමත් සීමා කරන්න බලය ජනාධිපතිට ලබාගන්න සූදානම් වෙනවා. මේ රටේ මිනිසුන් යන එන තැන්, කන බොන තැන් සීමා කිරීම හැර වෙන වැඩක් විධායක ජනාධිපතිවරයාට නැද්ද?
මේ ඊනියා අණපනත්වල ඒකායන අභිමතය ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිටින ජනතාවගේ හඬ යටපත් කිරීමයි. වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය අතුගා දැමීමත් ඒකායන පරමාර්ථයක්. මෙවැනි අනීතිය අණපනත්වලට එරෙහිව හඬ නගන්න ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැමවිටම සූදානමින් ඉන්න බව අවධාරණය කරනවා. රටක ජීවත්වන මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ හකුළනවා නම්, රජයක ඇදවැටීම තිබෙන්නේ එතනමයි. නමුත් ඔවුන් මේ පනතින් කියන්නේ සංවර්ධනය මන්දගාමී වීම වැළැක්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා බවයි. ජාතික සංවර්ධනය මන්දගාමී කළ ආර්ථික ඝාතකයන් කවුදැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. අපි යුක්තිසහගතව, ප්‍රජාතන්ත්‍රවාදීව මේ අනීතික අණපනත් පරාජය කරන්න ඉදිරියට එන බව අවධාරණය කරනවා.
“අනතුර කල්තියා දැකලා ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමයි අපගේ වගකීම වෙන්නේ…”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර-
මේ ත්‍රස්ත පනත පිළිබඳව අවස්ථා ගණනාවකදී අපි ජනතාව දැනුවත් කළා. නිීතියේ විධානයේ ආධිපත්‍යය ගැන අපි කතාකරන කොට සමහරු අහනවා “ඕවා අපට කන්නද?” කියලා. හැබැයි ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ විධානයේ ආධිපත්‍යය මතක් වෙන්නේ ඔවුන් අමාරුවේ වැටුණු වෙලාවටයි. ජනතාවට වෙන්න තිබෙන අනතුරු කල්තියා දැකලා ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමයි, අපගේ දේශපාලනික සහ සමාජීය වගකීම වෙන්නේ.
ලංකාවේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි වැරදි රාශියක් ත්‍රස්තවාදය වැළැක්වීම නමින් එන මේ පනතට ඇතුළත් කර තිබෙනවා. එයට මූලික හේතුව අධිකරණයේ විශාල බලතල ප්‍රමාණයක් එයින් ඈත් කර, විධායක ජනාධිපති ළඟට ගැනීම හෝ ඔහු සතුකර ගැනීමට සූදානම් වීමයි. අන්තර්ජාතිකව ගත හොත් මූලික චේතනා දෙකක් සම්පූර්ණ කිරීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ඉදිරිපත් කළ යුත්තේ. මරණයට හේතුවන බරපතළ හානි හෝ ප්‍රාණ ඇපයට ගැනීම එක චේතනාවක්. අනෙක රජය හෝ මහජනතාව තැති ගැන්වීම, බිය ගැන්වීම අන්තර්ජාතික ආයතනවලට යමක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම වැනි ක්‍රියා දෙවැන්නයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් කියන්නේ මෙ චේතනාදෙක සම්පූර්ණ කිරීමටයි.
නමුත් මෙහි ඇතුළත් කර තිබෙන පුළුල් නිර්වචනවලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ජන මතයක් නැති ආණ්ඩුවට එරෙහිව සිවිල් ජනතාව විරෝධතා පැවැත්වීම මර්දනය කිරීමට සහ බය කිරීමට උත්සාහ කරනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරම් සහ මාධ්‍ය හමුවක් පැවැත්වීමක් පෝස්ට් එකක් දැමීම, අත්පත්‍රිකාවක් බෙදීම ආදියත් ත්‍රස්තවාදී ප්‍රකාශන ලෙස නම්කර නියෝග ලබාදෙන්නත් පුළුවන්. ‘මාර්ගස්ථ ආරක්ෂණ පනත’ සහ ‘ප්‍රතිත්‍රස්ත පනත’ යන දෙකම එකට සම්මතකර ගැනීමේ අරමුණ වෙන්නේ කිවිසුමක් ගියත් රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම්කරන්න පුළුවන්. යුද්ධය අවසන් වී ත්‍රස්තවාදයක් නැති කාලයේ මේ පනත ගෙන එන්නේ කුමක් නිසාදැයි කල්පනා කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ දේශපාලනයට බාධා කිරීමේ අරමුණෙන් මෙවැනි පනත් ගෙන එනවා. අධිකරණයේ වැරදිකරුවෙකු ලෙස නම් කළ දේශබන්දු වැනි පුද්ගලයන් වැඩබලන පොලිස්පති ලෙස නම්කිරීම වැනි කරුණු සමග මේ පනත සලකා බැලිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ අනීතික ක්‍රියාමාර්ගවලට එකඟ වන යම් නිලධාරීන් සුළු පිරිසක් සිටිනවා නම්, ඔවුන් හට අපිට කියන්න සිදුවෙන්නේ, ඔබලා ත්‍රස්තවාදීන් බවයි. ත්‍රස්තවාදී වෙන්න රජයට ලයිසන් එකක් දෙන්න හදන පනතක් ලෙසයි අපි මේ පනත දකිනනේ මෙය පරාජය කරන්න පාර්ලිමේන්තුවේත්, අධිකරණයේත්, මහපාරේත් අපි සටන් කරනවා. එය වටා එකතු වෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
-Colombo, January 10, 2024- ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි කැලී බල්තසාර් ලංකාවේ අධ්‍යාපනය, පෝෂණය, ආරක්ෂාව වැනි දරුවන්ට බලපාන ක්ෂේත්‍ර හා ඒවායේ අර්බුධකාරී තත්වය පහදා දීමට UNICEF ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ එම කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් හමුවිය. ආර්ථික අර්බුදයේ බරපතලකම සහ එය එදිනෙදා ජීවිතයට ඇති […]
-Colombo, January 10, 2024-
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි කැලී බල්තසාර් ලංකාවේ අධ්‍යාපනය, පෝෂණය, ආරක්ෂාව වැනි දරුවන්ට බලපාන ක්ෂේත්‍ර හා ඒවායේ අර්බුධකාරී තත්වය පහදා දීමට UNICEF ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ එම කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් හමුවිය.
ආර්ථික අර්බුදයේ බරපතලකම සහ එය එදිනෙදා ජීවිතයට ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම ක්ෂේත්‍රවලට ලැබිය යුතු අත්‍යාවශ්‍ය සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහාදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අවධාරණය කළහ.
-Colombo, January 07, 2024- ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන පරිවර්තනයක් ඇති කරපු වසර බවට 2024 සහතික වශයෙන්ම පත්කර ගන්නවා. ගාල්ල නගරයට රැස්වී සිටින ඔබ සියලුදෙනා දෙස බැලුවාම මේ පරිවර්තනය ඉතාමත් ජයග්‍රාහී ලෙස නිම කළ හැකි බව ස්ථිරයි. විශේෂයෙන්ම ග්‍රාමීය ගැහැනුන් ආර්ථික පීඩනය හේතුකොට ගෙන බොරු පොරොන්දුවල සහ විවිධ භාණ්ඩ බෙදීම්වල ගොදුරු බවට පත්වී සිටියා. දරුවාට රස්සාවක් […]
-Colombo, January 07, 2024-
ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන පරිවර්තනයක් ඇති කරපු වසර බවට 2024 සහතික වශයෙන්ම පත්කර ගන්නවා. ගාල්ල නගරයට රැස්වී සිටින ඔබ සියලුදෙනා දෙස බැලුවාම මේ පරිවර්තනය ඉතාමත් ජයග්‍රාහී ලෙස නිම කළ හැකි බව ස්ථිරයි. විශේෂයෙන්ම ග්‍රාමීය ගැහැනුන් ආර්ථික පීඩනය හේතුකොට ගෙන බොරු පොරොන්දුවල සහ විවිධ භාණ්ඩ බෙදීම්වල ගොදුරු බවට පත්වී සිටියා. දරුවාට රස්සාවක් ගන්න දේශපාලකයන්ගේ කැන්වසින් යන්න බල කෙරුණා. මේ දක්වා ගැහැනුන් දේශපාලනයට කැඳවාගෙන ආවේ ඇයගේ අසරණකම, ඇයගේ දුප්පත්කම, ඇයගේ ප්‍රශ්න දඩමීමා කරගෙනයි. අද ගාල්ලට දහස් සංඛ්‍යාත ගැහැනුන් එක්වී පෙන්නුම් කරන්නේ වරදාන, වරප්‍රසාද, දීමනාවලට ගැහැනුන් රැවටූ යුගය අහවර බවයි. ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයකට අපේ රටත් ජනතාවත් මුහුණ දී සිටිනවා. ආර්ථික අර්බුදයකදී පොදුවේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වුවත් ගැහැනිය ඊටත් වඩා පීඩාවට පත්වෙනවා. සමාජයේ අපරාධ නිසා, දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්, සමාජයේ පීඩාවට පත්වෙනවාට වඩා අම්මලා පීඩාවට පත්වෙනවා. මේ නිසා අන්සෑමදෙනාටම වඩා වැඩියෙන් මැදිහත් වී වෙනස සිදුකරන්න කාලයයි මේ.
සංවර්ධනය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරමින් දීර්ඝ කාලයක් අපේ රට මේ දක්වා ගෙන ආවා. 1977දී වේදිකාවල විශාල වශයෙන් කෑමොර දුන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවටයි. අපේ රටේ පුරවැසියන් ඒ අපේක්ෂාවෙන් 77දී ඡන්දය දුන්නා. 1994දී චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කළේ ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දී ඉදිරියට ගෙන යන බවයි. ඉන්පසු මහින්ද රාජපක්ෂ 2005දී රට පෙරට ගෙනයාමක් ගැන කීවා. 2010දී කීවේ මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන බවයි. තෙල් පෝලිමේ, ගෑස් පොලිමේ, කිරිපිටි පෝලිමේ මිනිසුන් මිය යනකොට, ඒකනම් ආසියාවේ ආශ්චර්යයක් තමයි. 2015දී ඒවැනි කතා කියලා 2019දී කීවේ මුඩුබිමක් බවට පත්වී තිබෙන රට වැඩ බිමක් බවට පත්කරන බවයි. ඊට නායකත්වය දෙන්න වැඩකරන විරුවා ගෙනාවා. දශක ගණනාවක් තිස්සේ ආර්ථික සංවර්ධනය පිළිබඳව විවිධ මිථ්‍යාවන් ඉදිරිපත් කළා. අවසානයේ ණය ගෙවා ගන්න බැරි භාණ්ඩාගාරයට ආදායම් නොඑන, ණය වාරික සහ පොලිය ගෙවීමට රුපියල් බිලියන 11,514ක් වියදම් වෙන අයවැයක් ගෙනාවා. නමුත් සමස්ත ආදායම බිලියන 4164යි. ආදායම වගේ තුන්ගුණයකට ආසන්න මුදලක් වැයවෙනවා. බංකොලොත්භාවයේ පතුලටම ගිලා බැස්සවූ රටක් අපි ඉදිරිපිට තිබෙන්නේ. සිංගප්පූරුව, ආසියාවේ ආශ්චර්යය, රට වැඩබිමක් කරන්න කියලා බලයට ඇවිත් බංකොලොත්භාවයේ පතුලටම දමා නැවත නැවත බදු බර පටවමින් තිබෙනවා. ජනතාවගේ ජීවිතයට, ආර්ථිකයට සංවේදී අංශවලට පවා මේ දක්වා වැට් බද්දට ඇතුළත් කර නොතිබූ භාණ්ඩ හා සේවා 97කට අලුතින් වැට් බද්ද ගැහුවා.
මේතරම් දරුවන්ට උගන්වන්න මහන්සි වෙන දෙමාපියන් ලෝකයේ කොහේවත් නැහැ. ස්වභාවික දරු උපතකට ඉඩ නොදී, සිසේරියන් සැත්කම්වලින් දරුවන් බිහිකරන්නේ පවා අධ්‍යාපනය වෙනුවෙන් පාසල්වලට ඇතුළත් කිරීම ගැන හිතමිනුයි. නමුත් ඇතිවී තිබෙන ප්‍රතිඵලය අද වෙනකොට පොත් පැන්සල්, පෑන් සියල්ලටම වැට් බද්ද ගහන නරුම පාලනයක ගොදුරු බවට පත්වී සිටිනවා. මේ තත්වය ඉවසා දරාගත යුතුද? නැත්නම් වෙනස් කළ යුතුද? අධ්‍යාපනය කඩා වැටීම, සෞඛ්‍ය අනාරක්ෂිතභාවයේ විශාලතම පංගුව දරන ගොදුර බවට පත්වී සිටින්නේ ගැහැනියයි. ඒ නිසා මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වේගයෙන්ම ඉදිරියට එන්න ඕනැත් ගැහැනියයි.
මෙහෙම ජීවිතයක් අපි ගත කළ යුතු නැහැ. සැමියා, දරුවා මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්වීමෙන් ලොකුම පීඩාව විඳින්නේ ගැහැනියයි. ඒ වගේම සාමාන්‍යයෙන් ගෘහස්ථ හිංසනය අපේ රටේ පවුල්වලින් 19%ක සිදුවෙනවා. කාන්තාවන්ට එළියේදීත්, ගෙදරදීත්, ජීවිතයක් නැති මේ සමාජය වෙනස් වෙන්න ඕනැ නැද්ද? ජීවිතයක් නැති, සතුටක් නැති මේ ජීවිතය වෙනස් කරන්න ඕනෑ. පවුලේ සෑමදෙනාම එකට එකතු වී එක මේසයේ වාඩිවී කෑම වේලක් කන්න නැති මෙහෙම ජීවිතයක් ඕනෑද? අපේ රටේ ගැහැනුන් විශාල ප්‍රමාණයක් ජීවිතය මොකක්ද කියලා දන්නේ නැහැ. ඉපදෙන හැම මිනිසෙක්ම මානසික විවේකයකින් ගත කළ පුරවැසියන් හැටියට මිය යන්න ඕනෑ. අපි ඔබට ආරාධනා කරන්නේ එවැනි ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා තිබෙන එකම වේදිකාව වන ජාතික ජන බලවේගය වටා එක්වන ලෙසයි. විදේශ රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ දරුවන්ට හොඳින් ඉගැන්වීම, නිවාසයක් හදාගැනීම, සහ වාහනයක් මිලදී ගැනීමයි. ඒ බලාපොරොත්තු කිසිවක් ඉටුනොවී ජීවිත ඛේදවාචක බවට පත්වූ විශාල ප්‍රමාණයක් සිටිනවා. ජීව විද්‍යාත්මකව ගත්තත් අවුරුදු ගණනාවක් ස්වාමියා සහ බිරිඳ වෙන්වී ජීවත්වීමෙන් පවුල් සංස්කෘතිය විනාශ වෙනවා. ලැජ්ජාවට, නින්දාවට, පත්වෙමින් දුක්වින්දා ඇති. අපි සියලුම දෙනා එකතුවී මේ රට යහපත් දිශාවට පරිවර්තනය කරමු.
මීට පෙර අපට කීවේ 3%යි, කවදාවත් ආණ්ඩුවක් හදන්න බැහැයි කියලා. දැන් ඕනෑම වේදිකාවකින් ප්‍රහාර එල්ල කරන්නේ ජේ.වී.පී. සහ එන්.පී.පී. එකටයි. අද සතුරාත් මාතෘකාව වෙනස් කරමින් කියන්නේ එන්.පී.පී. එකට ආණ්ඩුවක් ගත්තත් කරන්න බැහැ කියලයි. ජනතාවට අසීමිතව පීඩාවට පත්කරන රනිල් වික්‍රමසිංහගේ සියලුම ක්‍රියාමාර්ගවලට එකඟ වන හර්ෂ ද සිල්වා මෙවැනි විවිධ අවලාද නඟනවා. බැරිවෙලාවත් සජිත්ට ගාල්ලෙන් ඡන්දය දෙනවා නම්, ඉන්නේ චන්දිම වීරක්කොඩි, ශාන් විජයලාල්, පියසේන ගමගේ වගේ මහින්දගේ ආණ්ඩුවේ හිටිය පුද්ගලයින්මයි. ඒ බලය වෙනස් කරන්නේ ජාතික ජන බලවේගයයි. මේ වෙලාවේ රට වෙනස් කිරීමේ තීන්දුව ගන්නේ නැතිනම් මීට වඩා මහා ව්‍යසනකාරී තත්වයකට රට ඇදගෙන යන එක වළක්වන්න බැහැ. ඒ නිසා පළමුවෙන් විනාශය නතර කර, දෙවනුව රට ගොඩනඟන්න ඕනෑ. ලෝකයේ රටවල් නැගිට්ටේ දේශපාලනඥයා, විද්‍යාඥයා, සාහිත්‍යධරයා, වෘත්තියවේදියා, ගොවීන් සහ කම්කරුවන් එකට එකතු වී රට ගොඩනැගීම පිළිබඳ ජාතික අභිලාශයකින් ක්‍රියාකළ නිසයි. නමුත් අපිට එහෙම ඉතිහාස පරිච්ඡේදයක් නැහැ. ජපානය, චීනය, ඉන්දියාව, වියට්නාමය වර්තමාන ලෝකයේ වේගයෙන් පරිවර්තනය වන රාජ්‍ය වී තිබෙන්නේ මේ ජාතික සැලසුම් අනුවයි. ජාති භේද, කුල භේද, ආගමික භේද, සංස්කෘතික භේද පැත්තකට දමා ජාතියක් හැටියට නැගීසිටින්න ඕනෑ. අතීත නරපතියන් අපේ ඉතිහාස අධ්‍යයනයට හොඳයි. නමුත් ලෝකයේ ඉදිරියට යන්න නම්, නව සොයාගැනීම් සහ තාක්ෂණය ඒකාබද්ධ කරගත් ගමනක් අවශ්‍යයි.
අද අපට අවශ්‍ය වී තිබෙන්නේ වැටී තිබෙන රට ගොඩනැගීම සඳහා නව දැක්මක් චින්තනයක් සහිත නව ව්‍යාපාරයක්. ජාතික ජන බලවේගය යනු ඒ නව පුනරුද යුගය නිර්මාණය කරන ව්‍යාපාරයයි. පූජක පක්ෂය, සාහිත්‍ය ධරයන්, ඇතුළු කලාකරුවන් ඒ නව පිබිදීම වෙනුවෙන් මතවාද ඉදිරිපත් කරන්න ඕනෑ. ගොවීන්, ධීවරයන්, කම්කරුවන්, රටේ ජාතික ධනය උත්පාදනය කරන කොටස්කරුවන් බව හිතන්න ඕනෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට පිවිසෙන්නේ රටට කීර්තියක් ගෙනඒම සඳහා බව හිතන්න ඕනෑ. තරුණ තරුණියන් අධ්‍යාපනය ලබන්නන් නව ලෝකය ජය ගැනීමට බව කල්පනා කරන්න ඕනෑ. සියලු දෙනා එක මිටකට පැමිණ හුදු ආණ්ඩුමාරුවක් වෙනුවට නව චින්තනයක් නව දෘෂ්ටිවාදයක් සහිතව නව පිබිදීමකින් වැටී තිබෙන රට ගොඩගන්න ඕනෑ. ගාලු නගරයට එක්රැස්වී තිබෙන දහස් සංඛ්‍යාත ඔබ සැම බයවී, ඇකිළීමෙන් තොරව ඉදිරියට යන බව විශ්වාසයි. අප අභියස තිබෙන අභියෝගය කොතරම් විශාල වුවත් අපි සෑමදෙනාම එක්වී එකට පොර බැද, මෙය ජයග්‍රහණය කරන්න ඕනෑ. 3%ට වැටුණු අවස්ථාවේ අපව අධෛර්යයට පත්කර අකර්මණ්‍ය කිරීමට උත්සාහ කළ බලවේග හමුවේ අධෛර්යමත් නොවී ඉදිරියට ආවා. දැන් ඉදිරි කාලයේදී ධෛර්යයෙන් ඉදිරියට පැමිණ හමුවන කුමන ජාතික මැතිවරණයකදී වුවත් ජයග්‍රහණය කර අපේ දරුවන්ගේ සුන්දර අනාගතයක් වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටිනවා.
“ගැහැනියකට ගෞරවයෙන් සලකන නැවුම් ගමන් මඟේ කොටස්කාරියන් වෙන්න”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජාතික විධායක සභික නිලන්ති කොට්ටහච්චි–
ජීවිත බිහිකරන ජීවිත දිනවන රටේම කොඳු නාරටිය ගැහැනුන් බව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුළු ලෝකයටම ඔප්පු කර තිබෙනවා. ගැහැනුන් විදිහට මේ ලෝකයට බිහිවෙලා මිල කළ නොහැකි කාර්යභාරයක් ඉටුකරනවා. මේ මොහොතේ දරුණුම ආර්ථික කඩා වැටීමක වින්දිතයන් හැටියට අකාරුණිකම ප්‍රතිවිපාකවලට මුහුණ දෙන පවුල්වල සියලු වේදනාවන් නිහඬවම දරාගන්න සිදුවී තිබෙන්නේ ගැහැනු අපටයි. දිගටම ඉවසන්න යනුවෙන් ඉතිහාසය පුරා ගැහැනු අපට කියාදුන් පාඩම නිමාකරන පරිච්ඡේදය මාලිමාවේ වැඩබිමෙන් ආරම්භ කර තිබෙනවා. ඒ ගමන්මගේ දිශාව නිවැරදි බව අද ගාල්ලේ ගැහැනුන් ඔප්පු කර තිබෙනවා. ගැහැනුන් දේශපාලනයෙන් දුරස් නොකර තිබුණා නම්, අද මේ රට මේ අඳුරු යුගයට වැටෙන්නේ නැහැ. ගැහැනුන් හැමෝම එකතුවෙලා මේ රටේ ඉතිහාස කතාව මීට වඩා වෙනස් විදිහකට ලියනවා.
මව් උරුමය, පිය උරුමයෙන් අරන් ආව දේශපාලනය නිමාකර, අයුක්තියට එරෙහිම නැගීසිටීමට, නීතිගරුක ගැහැනියක් ලෙස පිරිමින් දහසක් ඉදිරියේ හෝ නැගීසිටිය හැකි නම්, දේශපාලනය කරන්න ගැහැනියකට වෙන කිසිවක් අවශ්‍ය නැහැ. ගැහැනිය දේශපාලනයෙන් ඈත්කිරීම සම්බන්ධ මිථ්‍යාවන් පරාජය කිරීමේ වැඩපිළිවෙළ තිබෙන්නේ මාලිමාවට විතරයි. දේශපාලනයේදී කාන්තාවන්ට එල්ලවන කායික, වාචික, මානසික පීඩාවන් මේ දක්වා එල්ල කර තිබෙනවා. එහෙව් නින්දා, ගැරහුම් එල්ල කළ පාලකයන් යටතේ අවුරුදු 75ක් ගෙවුණා. ගැහැනු අපේ ප්‍රශ්නවලට උත්තර දෙන පාලනයක් අපට තිබුණේ නැහැ. පදනම් විරහිත චෝදනාවන්ට වුවත් කොන්ද කෙලින් තබාගෙන පිළිතුරු දිය හැකි ගැහැනුන් අපට අවශ්‍යයි. මාලිමාවේ ‘එක මිටට අත්වැල් බැඳගෙන’ සිටින්නේ ගැහැනුන්. යුක්තිගරුක සමාජයක් වෙනුවෙන්, නීතිගරුක සමාජයක් වෙනුවෙන් අභිමානයෙන් ජීවත්විය හැකි මාලිමාවේ දොරටු සියලු ගැහැනු වෙනුවෙන් විවෘතකර තිබෙනවා.
කඳුළු එන විට නොහඬ ඉන්නට දිරිය තිබුණා නම් සිතේ
පහර පිට සැඩ පහර ආවත් වැටෙන්නෑ ඒ ජීවිතේ
අපට යා යුතු සොඳුරු පෙත්මඟ නැහැ ලියා පොත පතේ
අපිම මඟතොට සොයාගෙන ගොස් වැරදුනත් කම්පා නැතේ
ඔබ දේශපාලන ඉතිහාසය තුළ කතිරය ගසා වැරදීම් සිදුවී තිබුණා නම්, 2024දී නිවැරදි ගමනක් යන්න මාලිමාවෙන් පාර අහගන්න. මාලිමාවට සතර දිසාවෙන් දොරටු විවෘත කර අවසන්. සියලු ගැහැනුනි, ගැහැනියකට ගෞරවයෙන් සලකන නැවුම් ගමන් මඟේ කොටස්කරුවන් වෙන්න එකතු වෙන්න.
“තව පෝය හත අටකින් දුප්පත්කමෙන් මිදෙන දැවැන්ත ගමනක් අරඹනවා…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ–
තෙරේසා මව්තුමිය වරක් කියා තිබුණා, “ඔබ දුප්පත් වී උපදිනවා නම්, එය ඔබේ වරදක් නොවෙයි. නමුත් ඔබ දුප්පත් වී මිය යනවා නම්, එය ඔබගේ බරපතළ වැරැද්දක්” යනුවෙන්. මේ රටේ අපි දුප්පත් වී සිටින්නේ අපේ වරදකින් නොවේ. තව පෝය හත අටකින් දුප්පත්කමෙන් මිදෙන්න දැවැන්ත ගමනක් ආරම්භ කිරීමේ ඓතිහාසික කාන්තා සමුළුවක් ගාල්ල නගරයේ අපි මේ පවත්වන්නේ.
අපි කවුරුත් ඉන්නේ හෙට පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති සොහොන් පිටියක තත්වයෙන්. ලබන මාසය විතර වෙන විට බඩු බෙදන්න පටන් ගන්නවා. ඒ පොත ඉතිහාසයට අදාළයි, වර්තමානයේ අපි එය වෙනස් කර තිබෙන්නේ. ටකරන් තහඩුවලට, සිල් රෙද්දට, නැවත කතිරය ගහන්නේ නැති බව ඔබ සැමදෙනා ඔප්පු කර අවසන්. මේ දක්වා හතර පෝයට සිල්ගත් හැමදෙනාම පොහොට්ටුවට ගැසූ කතිරවලින් දින හයකට බාර් එකක් ගානේ මහින්ද මහත්තයලා දැම්මා. කැබිනට් මණ්ඩලයේ සිටි තිලංග සුමතිපාල දින පහකට එකක් බැගින් රේස්බුකී දැම්මා. අම්මා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, පුතා සූදු පිටියේ අධිපති. මේ රට මේ හැටියට තිබෙන එකත් ලොකු දෙයක්. හැම හන්දියකම කුඩු විකුණන්න පටන් ගත්තා. අපිට ජීවිත නැති කළා. මේ දක්වා ගහපු කතිරවලින් සිදුවුණේ මේක නොවෙයිද? දැන් මේ පාලකයන් මාතෘ භූමිය නමැති අම්මාගේ ශරීර අවයම විකුණන් කනවා. තැපැල් කාර්යාලයක් පවා රනිල්ට පේන්න බැහැ. හැමදේම විකුණනවා. පන්සලට ගිහින් සියලු සත්වයෝ නිදුක්වෙත්වා කියලා ඡන්ද පොළට ගිහින් ගහන කතිරයෙන් ගමට කුඩු එනවා. ඒ ගහපු කතිරයෙන් කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ගමට එනවා, මහ පොළොව විකිණෙනවා. තමන්ගේ දරුවන් දූෂණය වෙනවා, සියදිවි නසාගන්න සිදුවෙනවා. අපි මේ තත්වය වෙනස් කරන්න තීරණාත්මකව මැදිහත් වෙමු.
“අපේ දරුවන්ට ඉන්න හිතෙන ලස්සන රටක් හදන්න අපි හැමෝම එක මිටට එකතු වෙමු”
-ප්‍රවීණ රංගන ශිල්පී චමිලා පීරිස්–
එළඹී තිබෙන 2024 කියන්නේ සියල්ල වෙනස් කරන බලාපොරොත්තුවේ වසරක්. යහපත් වෙනස් කිරීම් වෙනුවෙන් ගැහැනු අපි සියලු දෙනා එක මිටට එකතුවී ක්‍රියාකරන වසරක්. ලංකාවේ කාන්තාවන් සියලු දෙනා එකතු වී කාන්තාවන්ගේ බලය, ශක්තිය, සියලු බාධක අභිබවා සීමාවක් නැතිව ගලායාමට සැලැස්විය යුතුයි. කාන්තාවන්ව බලාගන්නා ආදරණීය පිරිමින්වත් අමතක කරන්නේ නැහැ. අවුරුදු සියයකට ආසන්න කාලයක් එකම වැරැද්ද අපි අතින් සිදුවෙන්නේ. මේ තත්වය මේ වසරේදී නතර කරන්න අපි අපටම පොරොන්දු වී සිටිනවා. ශක්තියෙන්, ධෛර්යයෙන්, වීර්යයෙන් සහ ආදරණීයභාවයෙන් වැඩකරන්න අපි සියලු දෙනා එක්වී සිටිනවා. කලාවේ යෙදී සිටින මගේ ආදරණීය කලාකාරිනියන් සියලු දෙනාට ආමන්ත්‍රණය කරන්න විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ඔබ සියලු දෙනාට පක්ෂයක් තියෙන්න ඇති, වාසි වෙනුවෙන් ඡන්දය දෙන්නත් ඇති. ඒ සියල්ල අතීතයට අයිතියි. ඒ දේවල් අපි අමතක කරමු. පාටක්, පක්ෂයක්, නායකයෙක් නොවෙයි, 75 අවුරුද්දක අනීතිය, සූරාකෑම, වෙනස් කර, හොඳ ආර්ථිකයක් ගොඩනඟා සියල්ල වෙනස් කළ යුතුයි. හොඳ සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයට නොවෙයි වැඩපිළිවෙළක් වටා එකතු වෙන්න. මේ සිස්ටම් එක චේන්ජ් කිරීමේ වැඩපිළිවෙළ තිබෙන්නේ මාලිමාවට විතරයි. කාන්තා අපි එක මිටට එකතු වී මේ රට නිවහල්, සශ්‍රීක රාජ්‍යයක් බවට පත්කර අපේ දරුවන්ට ඉන්න හිතෙන ලස්සන රටක් හදන්න අපි හැමෝම එක මිටට එකතු වෙමු.
“ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැනු අපි තීරණය කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය–
ඉතාමත්ම අයහපත් කාලගුණ තත්වයක් යටතේ මේ ස්ථානයට ඒකරාශී වී අපේ රටට පමණක් නොවෙයි, මුළු ලෝකයටම වැදගත් පණිවිඩයක් ඔබ සැම ලබා දෙනවා. මෙවැනි සමුළුවක් පවත්වන එක ලෙහෙසි දෙයක් නොවෙයි. මේක රෑත් දවල් නැතිව වෙහෙසවීමේ ප්‍රතිඵලයක්. ගාල්ලට සම්බන්ධයක් තිබෙන මම පුංචි කාලයේ සිට අසා තිබූ කතාවක් තිබෙනවා. “වැඩ බැරිවුණත් ගම ගාල්ලේ” කියලා. අද ඉඳලා අපි ඒ කතාව “වැඩත් පුළුවන්, ගමත් ගාල්ල” කියලා වෙනස් කරන්න ඕනෑ. අපට වැඩ පුළුවන් කියලා සහෝදරියන් විසින් පෙන්වා තිබෙනවා. මාතර කාන්තා සමුළුවෙන් පසු අපි යන සෑම තැනකම කතා කරන්නේ ජාතික ජන බලවේගයේ ගැහැනුන් ගැන. ගැහැනු බලය අද තිබෙන්නේ මාලිමාවට බව මේ වන විට ඔප්පු කර අවසන්. 2024 මාලිමාවට ජයග්‍රාහී වසරක් බව ඔප්පු කර ඉවරයි. අපි ජනතාවගේ බලය ගොඩනඟන අතර බය වුණු පිරිසක් ඉන්නවා. මේ රට මෙපමණ කල් විනාශ කළ අය මෙවැනි ගැහැනු බලයක් ඉදිරියේ බය වෙන්නම ඕනෑ. අපි මේ එකතු වී ඉන්නේ හුදෙක් ඡන්දයක් දිනන්න විතරක් නොවෙයි. දේශපාලනිකව ශක්තිමත් වුණු, නායකත්වය වර්ධනය කර ගනිමින් සංවිධායක හැකියාවන් ලබමින් නිර්භීතව ඉදිරියට එන බව පැහැදිලියි. රට තුළ තීරණාත්මක පරිවර්තනයක් කරන්නයි අපි එකතු වෙන්නේ. පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැනු අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා දූෂිත දේශපාලන සංස්කෘතියේ නියැළුණු සියලුම දෙනා බය වෙන්න. ගැහැනුන්ගේ ඡන්ද බලය යොදාගෙන බලයට ඇවිත් ගැහැනුන්ට පීඩනයක් එල්ල කළ, සියලු දෙනා බිය විය යුතුයි.
ජාතික ජන බලවේගයේ දේශපාලනය සම්බන්ධයෙන් විවේචනය කරන්න කරුණු නැතිවෙන කොට සතුරන් මොනවා හරි සොයනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට සියලු ක්ෂේත්‍රවලට අපි ප්‍රතිපත්ති හදාගෙන යන්නේ එක පුද්ගලයෙකුගේ කැමැත්ත මත හෝ අවශ්‍යතාවය මත නොවෙයි. රටේ විද්වතුන් සහ පුරවැසියන් සියලු දෙනාගේ අදහස් ලබාගනිමින් සාකච්ඡා කරමින් වැඩපිළිවෙළවල් හදනවා. අඩුපාඩුකම් තිබෙනවා නම්, ඒ ගැන අපි කතාකරමු. ඒ සඳහා ඉඩ තිබෙනවා. නමුත් දේශපාලනික සද්භාවයක් නැති, දේශපාලනිකව පරාජය වුණු අය සම්බන්ධයෙන් තැකීමක් නැති බවත්, ඔවුන් දැනගත යුතුයි. ගැහැනු අපි එකතු වී ඉන්නේ මේ රට මීට වඩා සාධාරණ, සමානාත්මතාවයට ගරු කරන, එකිනෙකා රැකබලාගත හැකි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්. අපි හැමෝම එකතු වී ඉන්නේ කාවවත් අත්හැර යන්න නොවෙයි. එකිනෙකා රැකබලා ගැනීම අපේ සංස්කෘතියයි. ඒ බැඳීම්, ආදරය, එකිනෙකා රැකබලා ගැනීම තුළින් මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි අපේ නායකත්වය අවශ්‍ය වී තිබෙන්නේ. මේ පරිවර්තන යුගය ආරම්භ කිරීමේ වසර තව තවත් ශක්තිමත්ව ඉදිරියට යමු කියලා ආරාධනා කරනවා.
-Colombo, January 07, 2024- ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ දෙවැන්න ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පවත්වන ලදී සමුළුව ආරම්භයේ පටන් ඇදහැලුණු මහවැසි මැද එයට සහභාගී වූ අති විශාල කාන්තාවන් පිරිස අවසානය දක්වාම නොසැලී රැදී සිටියහ. […]
-Colombo, January 07, 2024-
ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ දෙවැන්න ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පවත්වන ලදී සමුළුව ආරම්භයේ පටන් ඇදහැලුණු මහවැසි මැද එයට සහභාගී වූ අති විශාල කාන්තාවන් පිරිස අවසානය දක්වාම නොසැලී රැදී සිටියහ.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රවීන රංගන ශිල්පිනියන් වන, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස් ඇතුළු කලා ක්ශේත්‍රයේ සමාජ ක්‍රියාකාරිනියන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියන් මෙන්ම වෘත්තීයවේදිනියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
-Colombo, January 06, 2024- විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ඊයේ (06)දා නයිවල සණස ශාලාවේදී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයා, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගුවන් හමුදා විශ්‍රාමික එයා(ර්) වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, විශ්‍රාමික රියර් […]
-Colombo, January 06, 2024-
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ඊයේ (06)දා නයිවල සණස ශාලාවේදී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයා, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගුවන් හමුදා විශ්‍රාමික එයා(ර්) වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනවිරත්න, විශ්‍රාමික යුධ හමුදා බලයලත් නිළධාරී පුෂ්පමාලි රාමනායක ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම සමුළුව ඉතා සාර්ථක අයුරින් අවසන් විය.
-Colombo, January 06, 2024- අද (06) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමු විය. නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් නිල වශයෙන් පළමු වරට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමත් සමග මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ රාජකාරි ආරම්භ කරන ලද අතර ඔහු වසර දෙකහමාරක ශ්‍රී ලංකාවේ […]
-Colombo, January 06, 2024-
අද (06) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමු විය.
නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් නිල වශයෙන් පළමු වරට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමත් සමග මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ රාජකාරි ආරම්භ කරන ලද අතර ඔහු වසර දෙකහමාරක ශ්‍රී ලංකාවේ රාජකාරි ජීවිතයෙන් සමුගැනීම සටහන් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.
අභියෝගාත්මක කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණ දෙරට අතර තානාපති සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මයිකල් ඇපල්ටන් මහතා විසින් දක්වන ලද දායකත්වය ජාතික ජන බලවේගයේ විශේෂ පැසසුමට ලක් වන බව එහිදී පවසන ලදී.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්විය.