-Colombo, January 05, 2024- 100 කට ආසන්න පිරිසක් මරණයට පත් කරමින්, තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් ඉරානයේ ක(ර්)මන් නගරයේ සිදු වූ අමානුෂික ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් ඊයේ දින (5) ජනතා විමුක්ති පෙරමුණ විසින් ශෝක ප්‍රකාශයක් නිකුත් කරන ලදී. සැමරුම් උළෙලකට සහභාගී වෙමින් සිටි සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද එම බිහිසුණු ත්‍රස්තවාදී […]
-Colombo, January 05, 2024-
100 කට ආසන්න පිරිසක් මරණයට පත් කරමින්, තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් ඉරානයේ ක(ර්)මන් නගරයේ සිදු වූ අමානුෂික ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් ඊයේ දින (5) ජනතා විමුක්ති පෙරමුණ විසින් ශෝක ප්‍රකාශයක් නිකුත් කරන ලදී. සැමරුම් උළෙලකට සහභාගී වෙමින් සිටි සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද එම බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එහි සඳහන් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති සහෝදරයා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ තබා ඇති නිල සටහන් පොතේ එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිසගේ ඥාතීන් වෙත කණගාටුව පළ කරමින් සටහනක් තබන ලදී.
-Colombo, January 05, 2024- මේ වෙනකොට අපේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දරාගත නොහැකි අන්දමේ බඩු මිල වැඩිවීමයි. පවුලේ ගෘහණියට, අපේ අම්මලාට බඩු මිල වැඩිවීමේ පීඩාව වැඩියෙන්ම දැනෙනවා. මුළු රටේම ඉන්න කාන්තාවන් මුහුණ දෙන පවුලේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ. 2024 අවුරුද්ද ලබද්දී සෑම කෙනෙකුටම දැනුනේ මහ භයානක ආර්ථික කඩාවැටීමක සේයාවක්. හෙට දවසේ ජීවත් වෙන්නේ […]
-Colombo, January 05, 2024-
මේ වෙනකොට අපේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දරාගත නොහැකි අන්දමේ බඩු මිල වැඩිවීමයි. පවුලේ ගෘහණියට, අපේ අම්මලාට බඩු මිල වැඩිවීමේ පීඩාව වැඩියෙන්ම දැනෙනවා. මුළු රටේම ඉන්න කාන්තාවන් මුහුණ දෙන පවුලේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ. 2024 අවුරුද්ද ලබද්දී සෑම කෙනෙකුටම දැනුනේ මහ භයානක ආර්ථික කඩාවැටීමක සේයාවක්. හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද, වැට් බදු බරට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන මහා කම්පනයක් සියලු දෙනාටම තිබුණේ. පත්තරේ එක පැත්තක අවුරුදු සුබ පැතුම් පළකර තිබුණත් අනෙක් පැත්තේ ජනවාරි පළමුවැනිදාම වැට් වදින හැටිත් තිබුණා. “භාණ්ඩ වර්ග 97කට අලුතින් වැට් ගහනවා, ඩීසල්, පෙට්්‍රල්, ගෑස්වලටත් වැට් වදිනවා. මේ නිසා උද්ධමනය වැඩිවෙනවා.” වැනි විවිධ මාතෘකාවලින් ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. අම්මලා නිරාහාරව සිටිමින් දරුවන්ට එක වේලක් හැර එක වේලක් හෝ කන්න දෙන්න පෙළඹේන්න තරම් පීඩාකාරී උද්ධමනයක් තිබෙන්නේ. දරුවන්ගේ දුක, කාන්තාවනගේ දුක, ජීවන බර, ආණ්ඩුවට, ඇමතිවරුන්ට තේරෙන්නේ නැහැ.
මිනිසුන්ගේ ආදායම රුපියලකින්වත් වැඩිවෙලා නැහැ. රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10000/-කින් වැඩිකරන බව කීවත් අනෙක් සියලු ජනතාව මත පටවන වැට්බදු බර දරාගන්නේ කොහොමද? 2024 අයවැය සම්මත කර ගන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ගෙම්බන් වගේ පනින්න පටනගෙන තිබෙනවා. නමුත් ඔවුන් සම්මත කර දුන් අයවැය අනුව භාණ්ඩ හා සේවා මත මේ වර්ෂයේදී රුපියල් බිලියන 2235ක් අයකර ගන්න සූදානම් වෙනවා. මේ දක්වා 15%ක් වූ වැට් බද්ද 18% දක්වා වැඩිකර තවත් භාණ්ඩ හා සේවා 97ක් අලුතින්ම එකතු කර එක්වරම 18%ක බද්දක් ගැහීමෙන් මේ රුපියල් බිලියන 2235 එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ බදු ගහන්නේ රටේ සංවර්ධනයට නොවෙයි.
ජනවාරි මාසයේ සිට එක පුද්ගලයෙකුට මාසයකට රුපියල් 38000ක ණය පොලී ගෙවීමට සිදුවී ඇති බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරාල පෙන්වා දී තිබෙනවා. අපි ගෙවන බදුවලින් මේ තරම් විශාල ණය පොලියක් ගෙවිමට සිදුවි තිබෙන්නේ සංවර්ධනයේ මුවාවෙන් ණය අරගෙන කොල්ලකෑම කළ නිසයි. රාජ්‍ය ආදායමෙන් 93%ක් බදු මගින් ලබාගන්න ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා.
මේ විදිහට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත බදු පනවමින් ජනතාවට කියන්නේ තණකොළ කන්නද? අපේ රටේ ජනතාව මත බදු ගහලා හෙම්බත් කරලා, පීඩාවට පත්කර, නිහඬකර තබන්න ආණ්ඩුව සූදානම් වුවත් ජනතාව ඊට සූදානම් නැහැ. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට ගම්නියම්ගම් කරා ගිහින් ආර්ථික ඝාතකයන් කවුද කියන එක ජනතාවට පැහැදිලි කරනවා. මේ බදු එකතු වුණාම අපේ රටේ මන්දපෝෂණයට, ගැබිණි මව්වරුන්ගේ නීරක්තියට මොකද වෙන්නේ? දරුවන්ගේ අනාගතය අනාරක්ෂිතයි. අපේ අම්මලාට පටිතදකර ගන්න කියන පාලකයන් සියලු සුඛ විහරණයන් බුක්ති විඳිනවා. දැන් අපිට කාලය ඇවිත් තිබෙන්නේ මේ ක්‍රමය වෙනස් කර, ආර්ථික ඝාතකයින්ට දඬුවම් දෙන්න. ආර්ථික ඝාතකයින් පිල් මාරුකර, ඇඳුම් මාරුකර බලයට එන්න සූදානම් වෙනවා. ඒ තත්වය වෙනස් කරන්න ගැහැණුන් ළඟ ඉතිරි වී තිබෙන්නේ ධෛර්යය විතරයි. මෙ ධෛර්යයෙන් අලුත් රටක ගොඩනඟන්න ජාතික ජන බලවේගය සමග එක්වන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.
“රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්–
අවුරුදු සුභ පැතුම් එවන කාලයට අපිට කෙටි පණිවිඩ ලෙස ලැබුණේ භාණ්ඩ හා සේවා මිල වැඩිවීම පිළිබඳ පණිවිඩයි. ඒ තුළින් මේ අවුරුද්ද සුබ කරගන්න පෙළ ගැසෙන්නේ කොහොමද කියන එකයි අපිට සාකච්ඡා කර ගන්න වී තිබෙන්නේ. වැට් බදු වැඩිකිරීමට කලින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෑතකදී කළ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ලංකාවේ නිවාස 60.5%කගේ මාසික ආදායම පහත වැටී අපේ නිවාස 91%ගේ මාසික වියදම වැඩිවෙලා. මේ සංඛ්‍යා දත්තවල 91%ක් කීවාට නිවාස සියයට සියයකම වගේ පවතින්නේ මෙවැනි තත්වයක්. අවු: 03 – 21ක් අතර අපේ දරුවන්ගේ අධ්‍යාපනය 54.9%කින් බිඳවැටෙන්න ආර්ථික අර්බුදය හේතුවී තිබෙන බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. දෛනිකව කුලී ලබන අය අදටත් රුපියල් 1500/- -2000/- අතර ආදායමක් ලබන්නේ. තවත් සමහර අය දවසට රුපියල් 1000/-ටත් අඩුවෙන් වැඩ කරනවා. දවසට රුපියල් 2000/- ගානේ ගත්තත් මාසයකටම ලැබෙන්නේ රුපියල් 60,000/-යි. ලයිට් බිල්, වතුර බිල්, ප්‍රවාහන වියදම් දරා ගනිමින් ආහරපාන ටිකවත් ගන්නේ කොහොමද? දරුවන් සහ මව්පියන් ඉන්න පවුල්වල මේ රුපියල් 60,000/- ජීවත් වෙන්න ප්‍රමාණවත් නොවෙන නිසා ආච්චිලා පවා වැඩ සොයාගෙන යනවා.
අපේ ගෘහණියන්, ගැහැනුන්, පවුල් සංස්ථාව මෙවැනි අර්බුදයක සිටින අතර හදිසියේ රෝගී වුවහොත් රජයේ රෝහලකින් පවා කරගත නොහැකි පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කරගත යුතුයි. ඖෂධ මිලදී ගත යුතුයි. මේ නිසාම 2023 අගභාගය වන විට රන් භාණ්ඩ උගස් තබා ණය ලබාගැනීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉස්සර රන් භාණ්ඩ උකස් තබා ණය ගත්තේ හදිසියකට වුණත් දැන් එදිනෙදා ආහාරපාන ලබාගන්න, ලයිට් බිල් ගෙවා ගන්න, උකස් ණය ගන්න සිදුවී තිබෙනවා.
පාසල් වාරය අලුතින් පටන්ගන්නකොට අලුත් පොත් ලැයිස්තුවට රුපියල් විසි දහසේ සිට විසිපන්දාහ දක්වා මුදලක් වැයකරන්න සිදුවී තිබෙනවා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුල් මේ බර දරාගන්නේ කොහොමද? අපේ කුටුම්භ තුළ ශාරීරික පීඩනයට, මානසික පීඩනයට ගොදුරුවී පවුල් සම්බන්ධතා පවත්වාගෙන යාමත් ගැටලුවක්වී තිබෙනවා. සමාජ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. එකතු කරගත යුතු වුවත් එකතු කර නොගත් බදු රුපියල් බිලියන 900 ඉක්මවා තිබෙන බව ඇතැම් වාර්තා සඳහන් කරනවා. සාමාන්‍ය ජනතාව මත අලුතින් වැට් බදු පනවන්නේ මෙන්න මේ ආකාරයට දූෂණය, හොරකම, වංචාව තවදුරටත් කරගෙන යන්න ඉඩදී තිබෙන පසුබිමකයි. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට අපි රටේම කාන්තාවන් ඇතුළු සියලු දෙනා දැනුවත් කරමින් ඉදිරියට යනවා. තමන්ගේ අයිතීන් දිනාගැනීමට නිර්භයව මේ ගමන යන්න එන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. සතුට කියන්නේ අපේ අයිතියක්. රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.
“ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය–
රටක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් තිබෙනවා. සාධාරණවීම, සමස්ත ආර්ථිකයේ කොටසක්වීම, විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම, අක්‍රමිකතා අවම වන ලෙස ක්‍රියාත්මක කිරීම, සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් විය යුතුයි. මේ කිසිම මූලධර්මයක් අද වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වන විටත් ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වුණු බදු ප්‍රතිපත්තිය මත වැට් බදු පනවා තිබෙනවා. දැන් අවුරුදු දෙකක් පුරා ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමෙ ප්‍රතිපත්තිය තුළ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිකරලා. ආර්ථිකයට සහභාගීවීමේ හැකියාව ජනතාවට අහුරා තබා මේ යන ගමන ජනතාවගේ පැත්තෙන් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව බදු සහ ආර්ථිකය ගැන කල්පනා කරන්නේ ගිණුම් තුළනය කිරීමේ පැත්තෙන් පමණයි. ආර්ථිකය අවසන් වශයෙන් බලපාන මිනිස් ජීවිත, පවුල් ජීවිත, සහ රටේ සමස්ත පුරවැසියන් ගැන කිසිම තැකීමක් නැහැ. මිනිසුන් කියන්නෙත් සංඛ්‍යා ලේඛන විතරක් හැටියට පාලකයන් හිතනවා නම්, එවැනි පාලකයන් මේ ආකාරයේ ආර්ථික තීන්දු තීරණ ගන්නවා. මේ ආණ්ඩුවට මිනිසුන් හෝ මිනිසුන් ජීවත් වීම ගැන කිසිම අදාළත්වයක් නැහැ. ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.
අලුතින් පැනවූ බදු නිසා මහජනතාවට පීඩා එල්ලවෙනවා වගේම සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවෙනවා. සියලුදේම කප්පාදුකර අවමයෙන් ජීවත් වීම ගැන හැමදෙනාම කල්පනා කරන්නේ. පොල් සම්බෝලයට ලූණු දාන්නේ කොහොමද කියලා ගෘහණියන් කල්පනා කරනවා වගේම, ආර්ථිකයට සම්බන්ධ ව්‍යවසායකයනුත් කල්පනා කරනවා. මේ දක්වා දෙමාපියන් “මොනවා කළේ නැතත් දරුවන්ට උගන්වන්න ඕනෑ.” කියලා කල්පනා කළා. නමුත් අද වෙනකොට දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරවනවා. මොන ක්‍රමයකින් හෝ ආදායමක් සොයා ගන්න තැනට අවුරුදු 15-16 දරුවන් යොමුකර තිබෙනවා. ජනතාවගේ එදිනෙදා පීඩනය ගැන කිසිම සංවේදීභාවයක් නැති බව ඔවුන් කරන කියන සෑම දෙයකින්ම පැහැදිලියි.
විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන කතාව තක්කඩි කතාවක්. ඕනෑම ප්‍රශ්නයකට විකල්ප තිබෙනවා, උත්තර තිබෙනවා. කුමන විකල්පයක් තෝරා ගන්නවා දැයි තීරණය වෙන්නේ අපි දරණ මතවාදයත් ජනතාව සමග තිබෙන සම්බන්ධතාවයත් උඩයි. ජනතාව මත බර පටවන්න ඕනෑ කියන තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීම, බදු නිසා ආර්ථිකය සංකෝචනය නොවීම සහ බදු ක්‍රමය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නවා. පාරිභෝගිකයාගෙන් අයකරන වැට් බද්ද ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයට ලැබෙනවාද? යන්න විමසා බැලීමේදී ක්‍රමවේද තිබෙනවාද? මිනිස්සු බදු බරින් මිරිකා තිබුණත් ඒ බදු භාණ්ඩාගාරයට ගන්න තාක්ෂණය ක්‍රියාත්මක කර නැහැ. තවදුරටත් තමන්ගේ බලය ආරක්ෂාකර ගැනීම ගැන පමණයි ඔවුන් කල්පනා කරන්නේ. මේ රටේ ගැහැනුන් නිර්භීත, ධෛර්යමත් පිරිසක් බව ඉතිහාසය පුරා ඔප්පුකර තිබෙනවා. අපේ රට අවදානමට පත්වුණු සෑම අවස්ථාවකම ගැහැනුන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නැවත වතාවක් එවැනි මොහොතක් ඇවිත් තිබෙනවා. ගැහැනු අපි නායකත්වය ගත යුතුයි. තවත් සංවිධානය වෙමින් මේ වසරේදී දුෂ්ට පාලනය අවසන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….
ප්‍රශ්නය: වැට් බද්ද ටික කාලයකට පැනවූ බව ජනාධිපති ඇතුළු ආණ්ඩුව කියනවා. ඒ බව පිළිගන්න පුළුවන්ද?
පිළිතුරු: අපේ රටේ බදු ප්‍රතිපත්තිය ළඟ ළඟම වෙනස් කරනවා. ඒ වෙනස් කිරීමම ප්‍රශ්නයක්. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නැති එක ලොකු ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බදු අයකරලා ආර්ථිකයක් ශක්තිමත් කරන්න බැහැ. බදු කියන්නේ සමස්ත ආර්ථික සැලැස්මක කොටසක්. ආදායම් එකතු කරන එකම මාර්ගය බදු නම්, ඒ ආර්ථිකයට ගොඩයන්න බැහැ. ණය බර සහ ආර්ථිකය සංකෝචනය වීම යන ප්‍රධාන ගැටලු දෙකට අපි මුහුණදී සිටිනවා. ආදායම් සොයන එකම මාර්ගය බදු කියලා හිතනවා නම්, ඒ තරම් මෝඩ සිතුවිල්ලක් තවත් නැහැ.
ප්‍රශ්නය: අවුරුදු 18 වැඩි සියලු දෙනාට බදු අයකිරීමේ පින් අංකයක් ලබාගත යුතු බවට නියමකර තිබෙනවා. මේ තුළින් ඇතිවන විපාක මොනවාද?
පිළිතුර: ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක ජනතාව එක සැලැස්මක් තුළට එකතුකර ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. දිගින් දිගටම උද්දච්චකම පෙන්වන ආණ්ඩුවකට ජනතාව එකතුකර ගෙන ආර්ථිකය ගොඩනගා ගන්න බැහැ. සමස්තයක් ලෙස ටැක්ස් ෆයිල් එකක් තිබීම පිළිගත හැකි වුවත්, අපේ රටේ එය හඳුන්වා දෙන්නේ මිනිසුන්ගේ ජීවිත අතිශයින්ම අවුල්කර, පීඩාවට පත්කර තිබෙන පසුබිමකයි.
-Colombo, January 04, 2024- මොනරාගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන වෛද්‍යවරුන් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර විෂේශ හමුවක් පසුගිය 04 වෙනිදා පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික විද්වත් සංවිධානයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධානය හා එක්ව ඊට සම්බන්ධ වෛද්‍යවරුන් (NIO Doctors) විසින් සංවිධානය කළ අතර, එදින රාත්‍රි 9.00 සිට 11.30 දක්වා මොනරාගල පොතුවිල් පාරේ පිහිටි […]
-Colombo, January 04, 2024-
මොනරාගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන වෛද්‍යවරුන් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර විෂේශ හමුවක් පසුගිය 04 වෙනිදා පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික විද්වත් සංවිධානයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධානය හා එක්ව ඊට සම්බන්ධ වෛද්‍යවරුන් (NIO Doctors) විසින් සංවිධානය කළ අතර, එදින රාත්‍රි 9.00 සිට 11.30 දක්වා මොනරාගල පොතුවිල් පාරේ පිහිටි fප්‍රාෂිගෙස්ට් උත්සව ශාලාවේ දී පැවැත්විණි. මේ සඳහා මොනරාගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන විශේෂඥ්‍ය වෛද්‍ය වරුන්, වෛද්‍යවරුන්,දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හා සහකාර වෛද්‍ය නිලධාරීන් සහභාගි වූහ.
-Colombo, January 04, 2024- ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස මේ මාධ්‍ය හමුව පවත්වන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයන් පිළිබඳවත්, වැලිගමදී සිදුවූ පොලිස් නිලධාරියෙකුගේ ඝාතනය පිළිබඳවත් දැනුවත් කිරිමට. ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් ලෙස දූෂණය, වංචාව, අපරාධ හෙළාදකින දේශපාලන ව්‍යාපාරයක්. පාතාලයට, කුඩුවලට, මත්ද්‍රව්‍යවලට එරෙහිව පොලිසිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙසත් ඒ ක්‍රියාවන්වලට අපේ […]
-Colombo, January 04, 2024-
ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස මේ මාධ්‍ය හමුව පවත්වන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයන් පිළිබඳවත්, වැලිගමදී සිදුවූ පොලිස් නිලධාරියෙකුගේ ඝාතනය පිළිබඳවත් දැනුවත් කිරිමට. ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් ලෙස දූෂණය, වංචාව, අපරාධ හෙළාදකින දේශපාලන ව්‍යාපාරයක්. පාතාලයට, කුඩුවලට, මත්ද්‍රව්‍යවලට එරෙහිව පොලිසිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙසත් ඒ ක්‍රියාවන්වලට අපේ සහයෝගය තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේත් මේ පාතාලයන් මර්දනය නිවැරදිව ඉදිරියට ගෙනයාමට සූදානම්.
ලංකාවේ පොලීසිය ඉතා දක්ෂ කණ්ඩායමක් වගේම ඕනෑම අපරාධයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අවශ්‍ය යටිතල පහසුකම් තිබෙනවා. හැබැයි පොලිසියට සොයාගත නොහැකි වූ හා විසඳා ගැනීමට නොහැකි වූ සෑම අපරාධයක් පිටුපස දේශපාලනඥයෙක් ඉන්නවා. අපි මෙතනදි මත්ද්‍රව්‍ය මාතෘකාව ලඝු කොට ගන්නවා. ලංකාදීප පුවත්පතේ පසුගිය දිනෙක වැලිගම සිද්ධිය සම්බනධයෙන් ප්‍රධාන සිරස්තලයේ සඳහන් වුණා “පොලිසියෙන්, පොලිසියට” වෙඩි තැබූ බව. අපි මෙතෙක් ඉතිහාසයේ හමුදාව විසින් හමුදාවට වෙඩි තබා හෝ පොලිසිය විසින් පොලිසියට වෙඩි තබා මිනිස් ඝාතන සිදුකළ බවක් අසා නැහැ. අපි රූපවාහිනී ප්‍රවෘත්තිවල දුටුවා පොලීසිය බාර අමාත්‍යවරයා මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වන්දි ලබාදෙන බවත්, ඇමතිවරයා පවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කළා. මේ සිදුවීම කියන්නේ පොලිසිය බාර අමාත්‍යවරයා යටතේ තිබෙන එක යුනිට් එකකින් තවත් යුනිට් එකකට වෙඩි තැබීමක්. ඒ කියන්නේ දකුණු අත විසින් වම් අතට වෙඩි තැබීමක්. මෙවැනි සිද්ධියකදි අමාත්‍යවරයාට උදම් අනන්න හෝ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන්න බැහැ. මෙවැනි බරපතළ, සාහසික සිදුවීමක් පිළිබඳව මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න ගැන පැහැදිලිවම පරීක්ෂණයක් පැවැත්විය යුතුමයි.
මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අයට මරණය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට අවශ්‍ය වුවහොත් ඒ වන්දි නඩුවේ විත්තිකරුවන් බවට පත්කරන්නේ කවුද? මෙවැනි ආකාරයේ නීතිය අතට අරගෙන, නීතිය අයුතු ලෙස පාවිච්චි කරමින්, දේශපාලනඥයන්ට උවමනා ආකාරයෙන් යුක්තියේ මෙහෙයුම ක්‍රියාවට නඟමින් සිදුකරන සාහසික ක්‍රියාවන්වලට අපේ විරෝධය සහ විවේචනය ඉදිරිපත් කරනවා. මෙම ක්‍රියාවන් අත්හිටුවීමක් සිදුවිය යුතුයි. රටේ ජනතාවට බිය ගෙනඒමට ආයුධ ඉදිරියට ගැනීම, වෙඩි තැබීම් සිදුකිරීම, අධිකරණයමය නොවන මරණයන් සඳහා කටයුතු කිරීම, වැනි රාජ්‍ය ත්‍රස්තය ක්‍රියාත්මක වීමට තිත තැබීමක් කළ යුතුයි. මේ ආණ්ඩුව ගෙනයන මේ ක්‍රියාදාමය ජාතික ජන බලවේගය දැඩිලෙස හෙළා දකිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධ නතර කිරීම සඳහා ඔබට විශ්වාසය තැබිය හැකි එකම කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක පමණක් බවත් ප්‍රකාශ කරනවා.
“යුක්තිය නමින් අයුක්තිය සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. මේ පොළොව තුළ යුක්තිය ස්ථාපනය කරන්නේ අධිකරණය මිස පොලීසිය නොවෙයි.”
-නීතිඥ අකලංක උක්වත්ත–
වෘත්තීමය නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙස අපේ සාමූහිකයත් යුක්තිය පසිඳලීම සඳහා වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය, හා පාතාලය වැනි සමස්ත අපරාධයන් වැළැක්වීම සඳහා ගනුලබන ක්‍රියාවන්ට අපගේ ප්‍රසාදය හා ඒ සඳහා අපගේ සහාය පළ කරනවා. ඒ යුක්තිය තුළ වැඩ බලන පොලිස්පතිතුමාගේ වැඩ බැලීම තුළ යුක්තිය වෙනුවෙන් අයුක්තියක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධව කතා කිරීමේ අයිතිය නීතිඥවරුන් ලෙස අපට තිබෙනවා. මාටිං ලූතර් කිං පවසා තිබෙනවා, “කිසියම් තැනක සිදුවෙන අයුක්තියක් සෑම විටම යුක්තියට එරෙහිව සිදුවන්නක්” බව.
මෙම සිදුවීම සම්බන්ධව කරුණු දෙකක් මම ප්‍රශ්නාර්ථයක් ලෙස කැටිකොට දක්වන්නම්. ඇමතිතුමාගේත් වැඩබලන පොලිස්පතිතුමාගේත් 2006 සිට 2009 දක්වා කාලය තුළ එතුමා මිරිහානේ එස්.එස්.පී. එතුමා නුගේගොඩ ඩිවිෂන් එකෙන් දකුණු පළාතේ මෙහෙයුමකට ගිහින් මෙවැනිම දෙදෙනෙක් හෝ එක්කෙනෙක් ඝාතනය වුණා. ඒ අවස්ථාවේ 2006 සිට 2009 දක්වා සිටි අයි.ජී. තමයි ඉලංගකෝන් මහත්තයා. එදා සිදුකළ එම වරද නිසාම ඉලංගකෝන් මහතා චක්‍රලේඛයක් ඉදිරිපත් කළා “යම්කිසි අවස්ථාවක තමන්ගේ පොලිස් බල ප්‍රදේශයෙන් පිට බල ප්‍රදේශයකට ගොස් වැටලීමක් කරනවා නම්, අනිවාර්යයෙන් ප්‍රාදේශීය පොලිස් බල සීමාවේ තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කළ යුතුමයි” කියලා. අද දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති වශයෙන් ඉන්න අවස්ථාවේ තමන්ට එදා සිදුවුණු වැරැද්දට අදාළ චක්‍රලේඛනය නැවත ඔහු විසින්ම උල්ලංඝනය කර තිබෙනවා. ඔහු පොලීසියේ ඉහළම නිලධාරියා. පොලිස්පතිතුමා නිකුත් කළ ආඥා පනත තුළ අයි.ජී. මෙන්ම වැඩ බලන අයි.ජී.ත් බැඳී සිටිනවා. ඩී.අයි.ජී., එස්.එස්.පී. පහළ සිටින සියලුම නිලධාරීන් බැඳී සිටිනවා. අයි.ජී.ට කිසිම වරප්‍රසාදයක් නැහැ. මුක්තියක් නැහැ.
වැලිගම සිදුවීම සම්බන්ධයෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ කේ.ඩී.එච්. වාහනයකින් පැමිණ අදාල ඩබලිව්. ෆිෆ්ටීන් නමැති හෝටලයේ වැටලිමක් කරන අවස්ථාව සම්බන්ධව වැලිගම පොලීසිය දැනගෙන තිබී නැහැ. මාධ්‍ය ප්‍රකාශකගේ මුල් ස්ථාවරය වුණේ අදාළ කුඩු ව්‍යාපාරික පුද්ගලයෙකුගේ ගෝලයන් හා ඔහුගේ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් මාතර දකුණු ප්‍රදේශයේ දෙදෙනෙකුගෙන් එක්කෙනෙක් එම ස්ථානයේ නැවතී සිටියා. ඒ නිසා 2023 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ අළුයම එතැනට ගියා. එම හෝටලය දෙසින් වෙඩි තැබුවා. එයට ප්‍රතිචාර ඔවුන් දැක්වුවා. නමුත් මෙම විමර්ශනයේදී අනාවරණය වෙන්නේ හෝටලය දෙසින් වෙඩි තැබීමක් සිදුනොවුණු බව. හොටලයේ නවාතැන් ගෙන සිටි පිරිස වෙඩි තැබීමේ සිද්ධිය ගැන ප්‍රශ්නය ආවට පසුව 119ට කතා කර තිබෙනවා. 119න් වැලිගම පොලිසියට සම්බන්ධ වුවාට පසුව වැලිගම පොලීසිය ඒ අවස්ථාව වන විටත් යුක්තියේ මෙහෙයුමට හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා. එම නිලධාරීන් පැමිණ වෙඩි තබමින් සිටි වෑන් රථයට වෙඩි තබනවා. එම වෙඩි ප්‍රහාර දරාගත නොහැකිව ඔවුන් පළා යනවා. අවසානයේ ඉමදුවේදී අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථානයට ඇතුළත් කිරීමේදී එම ස්ථානයේ සිටි නිලධාරියා විසින් මෙම වාහනය නවත්වනවා. වාහනයේ පිටුපස දැඩිසේ රුධිර වහනය වූ අයෙක් හා පණ අදිමින් සිටි කෙනෙක් දැක තිබෙනවා. එම නිලධාරියා වාහනයට යාමට නොදී ඇම්බියුලන්ස් එකක් ගෙන්වා තුවාලකරුවන් රෝහලට යවනවා. වාහනය මුදාහැරීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී එකේ ප්‍රධාන අධ්‍යක්ෂකගේ ඇමතුමක් ලැබුණ බවට තොරතුරු තිබෙනවා.
මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි ඉමදූවට දැම්මේ, කරාපිටිය රෝහලට යන්න? මනුස්සයෙක් මරණාසන්න මොහොතක සිටින අවස්ථාවක රෝහලකට යැවිය යුත්තේ ළඟම තිබෙන රෝහලකටද, දුර තිබෙන රෝහලකටද? ආසන්නවම මාතර හා වැලිගම රෝහල් තිබෙනවා. ඉමදූව දක්වා පැමිණීම අපට සැකයට හේතු වෙනවා. අපට තිබෙන ප්‍රශ්නය තමයි යුක්තිය මුවාවෙන් සිදුකරන අයුක්තිය. ලැබී තිබෙන තොරතුරු අනුව කේ.ඩී.එච්. එකේ තිබෙන නම්බර් ප්ලේට් එක පවා ව්‍යාජයි. ඉමදූවේදී නතර කළේ නැතිනම් මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම යට යනවා. වැලිගම පොලීසිය නොපැමිණියේ නම්, පොලීසිය-පොලීසිය අතර වෙඩි තැබීමක් සිදුනොවුනේ නම්, හෝටලයේ කිසිවෙකු හෝ මිය ගියා නම්, ඒ වගකීම ගන්නේ කවුද? මෙය කරළියට එන්නේ නැහැ. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ.
එස්.සී.එෆ්.ආර්. මූලික අයිතිවාසිකම් නඩුවේ 107/2011 යටතේ වැඩබලන පොලිස්පතිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දුන්නා. පෞද්ගලික මුදලින් ලක්ෂ පහක් ගෙවන්න කිව්වා. ඒ පෙත්සම්කරුවන් කියා සිටියා ඉතා අමානුෂික හා කෲර ලෙස සැලකූ බව. එහෙම කෙනෙක් ආරක්ෂා කරන්න පොලිස් ඇමතිට පුළුවන්ද?
දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් උතුරු දිශාව බාරව පත්වුණේ 2015දී. දැනට අවුරුදු 09ක් වෙනවා. මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම කරන්න වැඩබලන පොලිස්පති වෙන්නම ඕනෑද? පොලීසිය බාර ඇමති ප්‍රසිද්ධියේ කිව්වා මේ වැඩ බලන පොලිසපතිවරයා කුමන තත්වයක් යටතේවත් ඉවත් කරන්න නොදෙන බව. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ීක්‍ත්‍ඍ/107/2011 අංක දරන මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් වැරදිකරුවෙකු කර, කෲර සහ අවමන් සහගත ලෙස ක්‍රියාකර ඇති බව තීන්දු කළා. පැමිණිලිකරුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවා ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තීන්දුකර තිබුණා. අධිකරණයෙන් මෙවැනි තීන්දුවක් ලැබී තිබෙන නිලධාරියෙකු පොලීසියේ තියාගන්නවාද? මෙවැනි තීන්දුවක් වෙනත් නිලධාරියෙකුට ලැබුණා නම්, තනතුරෙන් පහළ හෙළනවා. ඒ වගේම මැයි 09වැනිදා අරගලයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගේම ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ සල්ලි නිසි ක්‍රියාවලියකින් බාර නොදීමට අදාළ නඩු දෙකක් ඔහුට විරුද්ධව තිබෙනවා.
මෙවැනි පුද්ගලයෙක් වැඩබලන පොලිස්පති හැටියට පත්කර මොනම තත්වයක් යටතේවත් එම තනතුරෙන් ඉවත් නොකරන බව දේශපාලන නායකත්වය ප්‍රකාශ කරනවා. එහෙව් රටකට අධිකරණයක් මොකටද? රටේ නායකයා බැඳුම්කර වංචාව පිළිබඳව චෝදනා ලැබූවෙකු වී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කප්පම් ගැනීමේ වැරදිකරුවෙකු වී මහජන ආරක්ෂක ඇමති ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් දී තිබෙද්දී පොලිස්පතිවරයා මූලික අයිතිවාසිකම් කඩ කරද්දී තවදුරටත් ඔවුන් රට පාලනය කිරීම තුළ පුරවැසියාට යුක්තිය ඉටු වෙයිද? පොලීසියට යුක්තිය විසඳන්න බැහැ, අධිකරණය තියෙන්නේ ඒකට. පොලීසියට හැකියාව තිබෙන්නේ අදාළ විමර්ශන නිසියාකාරව සිදුකර අධිකරණයට සහාය දැක්වීමයි. මේ පොළොව තුළ යුක්තිය ස්ථාපනය කරන්නේ අධිකරණය මිස පොලීසිය නොවෙයි. යුක්තිය මෙහෙයුම නමින් අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙක්ම සැකකරුවෙකු මිස වැරදිකරුවෙකු නොවේ. මොන නාටක රඟ දක්වා හෝ වැඩබලන පොලිස්පති, පොලිස්පතිවීම ලොකුයිද? වැලිගමදී වෙඩි වැදී මියගිය උපුල් චමින්ද පොලිස් නිලධාරියාගේ දරුවන්ට තාත්තෙක් නැතිකරලා, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවීම ලොකුයිද? ඒ බිරිඳට සැමියෙක් නැති කරලා දේශබන්දු පොලිස්පතිවීම ලොකුයිද? අපේ ප්‍රශ්නය ඒකයි.
“අපි මේ කතා කරන්නේ මිනිස් ජීවිත දූවිලි බවට පත්කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි.”
-ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල–
වැලිගම සිද්ධිය සහ ප්‍රශ්නගත මෙහෙයුම් සම්බන්ධයෙන් පවතින නීතිමය සිද්ධාන්තය මොකක්ද? වැලිගම වෙඩිතැබීමේ පිටුපස කතාව පිළිබඳව ප්‍රධාන මාධ්‍යයේ වගේම සමාජ මාධ්‍යවලත් විශාල කතාවක් යනවා. මේ මාධ්‍යවල ඇතිවී තිබෙන සංවාදයෙන් හෙළිවන කරුණු පිළිබඳව පවත්වන පරීක්ෂණය මොකක්ද?
වැලිගම වෙඩිතැබීමෙන් පසුව දෙහිවල හෝටලයක් කඩා ඉවත් කිරීමේ නාටකය රඟ දැක්වූවා. ඒ හෝටලය විවෘතකර තිබෙන්නේ නාමල් රාජපක්ෂ, හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, ඒ.එම්.එෆ්. ෆවුසි වගේ එවකට හිටපු මැති ඇමතිවරුන් සහභාගිත්වයෙන්. හෝටලය සම්බන්ධයෙන් ලබාගත යුතු අවසර පත්‍ර සියල්ල ලබාගෙන තිබෙන බව හෝටලය සම්බන්ධයෙන් කරුණු දක්වන පාර්ශ්වයන් කියනවා.
ඒ වගේම තව තුන්වෙනි සිද්ධියකුත් තිබෙනවා. ඒ සිද්ධියට රටේ සමස්ත ජනතාවගෙන් වැඩි පිරිසකට බලපානවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මේ කතා කරන්නේ මිනිස් ජීවිත දූවිලි බවට පත්කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි. නමුත් දැන් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති මිනිසුන් පවා පොලිස් ස්ථානවල රඳවා තබාගෙන සිටීමයි. තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ පොදු ජනතාව වෙනුවෙන් පෙත්සම්වලට අත්සන් එකතු කරපු කාන්තාවන් පවා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ පොලීසියෙ රඳවාගෙන සිට තිබෙනවා. මේ වන විට රටේ පවතින විශාල ආණ්ඩු විරෝධය වටා එකතුවෙන ජනතාව බියට පත්කිරීමේ දොරට තමයි මෙ තට්ටු කරන්නේ.
විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩා විකිණීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටිනවා. ඔවුන්ව බිය ගන්වන්න බොරු චක්‍රලේඛ නිකුත් කරනවා. මත්ද්‍රව්‍ය මෙහෙයුම් නාමයෙන් මේ සිදුකරන්නේත් එවැනි කටයුත්තක් දැයි විශාල සැකයක් අපට තිබෙනවා. මිනිසුන් විශාල වශයෙන් බියට පත්කර තැබීමට ගෙනයන උත්සාහයක් දැයි විශාල සැකයක් අපට තිබෙනවා.
වැලිගම මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී සිදුවී තිබෙන්නේ ඉඳුරුවේ ආචාරියාට සිදුවුණු දේ වගේ දෙයක්. වැලිගම මෙහෙයුමට පිටස්තර පොලිස් කණ්ඩායමක් යවන්නේ අධිකරණයෙන ගත් “A” වාර්තාවක්වත් අරගෙන නොවෙයි. හෝටලය කඩන්න ලබාගත් අධිකරණ නියෝගයක් තිබුණෙත් නැහැ. යුක්තිය කියන වචනය ඉදිරියට දමා වෙනත් මෙහෙයුම්, පටු පෞද්ගලික අරමුණු ඉටුකර ගන්න උත්සාහ කරනවාද කියන සැකය ජාතික ජන බලවේගය මතුකරනවා. මේ ගෙනයන ක්‍රියාමාර්ග තුළින් ප්‍රජාතන්තවාදය නීතියේ බලය ප්‍රශ්න කරන්නේදැයි බලවත් සැකයක් අපට තිබෙනවා.
-Rathnapura, January 03, 2024- ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ හමුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කුරුවිට Grand Gardian උත්සව ශාලාවේදී 2024 ජනවාරි 03 වන බදාදා රාත්‍රී 9.00 සිට අති සාර්ථකව පැවැත්විණ. විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍ය නිළධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි වෛද්‍යවරුන් සහ […]
-Rathnapura, January 03, 2024-
ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ හමුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කුරුවිට Grand Gardian උත්සව ශාලාවේදී 2024 ජනවාරි 03 වන බදාදා රාත්‍රී 9.00 සිට අති සාර්ථකව පැවැත්විණ.
විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍ය නිළධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි වෛද්‍යවරුන් සහ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. එම අවස්ථාවට; ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ සැලසුම් ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ සමන්ත විමලරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ජාතික විද්වත් සංවිධානයේ ලේකම් සහ ජාතික ජනබලවේගයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර සහෝදරයා, ජාතික විද්වත් සංවිධානයේ දිස්ත්‍රික් විධායක සභික සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය සරත් ආනන්ද මහතා, ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු සංසදයේ වරලත් සිවිල් ඉංජිනේරු රංජිත් කරුණාතිලක මහතා, ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සමූහයේ නීතීඥ ස්වර්ණ මල්ලිකාරච්චි මහතා, අවිස්සාවේල්ල මූලික රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් ලාල් කන්දෙවත්ත මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික ඇහැළියගොඩ මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී ශාන්ත අබේවික්‍රම මහතා, ජාතික විද්වත් සංවිධානයේ; රත්නපුර දිස්ත්‍රික් සභාපති ආයුර්වේද වෛද්‍ය ගීත් වික්‍රමරත්න මහතා, ලේකම් ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය සුරේකා දිසානායක මහත්මිය, හිටපු සභාපති වෛද්‍ය තුෂාර ජයසූරිය මහතා, සංවිධායක වෛද්‍ය ජනක සේනාරත්න මහතා, ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍යවරුන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ද සහභාගී වූහ.
සාකච්ඡාවේදී, වෛද්‍යවරුන් විසින් අසන ලද ප්‍රශ්න අතර, රටේ සංස්කෘතිය සහ දේශපාලනය ගැනත්, ගමේ බිම් මට්ටමේ ඡන්ද දිනාගන්නා වැඩපිළිවෙල ගැනත්, ආර්ථික සංවර්ධනයේ උපායමාර්ග සහ බදු ප්‍රතිපත්තිය ගැනත්, නිදහස් අධ්‍යාපනය සහ සබරගමුව වෛද්‍ය පීඨයේ අර්බුදය ගැනත්, බුද්ධි ගලනය ගැනත්, ජාත්‍යන්තර දේශපාලන සබඳතා සහ විදේශ තානාපති සබඳතා පිළිබඳවත් ඇතුළත් වූ අතර අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් ඉතා පැහැදිලි ලෙස ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ විසඳුම් විග්‍රහ කරමින් පිළිතුරු දෙන ලදී.
පැමිණි පිරිස ඉතා හොඳින් සක්‍රියව සාකච්ඡාවට සහභාගී වූ අතර බලාපොරොත්තු සහගත අනාගතයක් වෙනුවෙන් දේශපාලන සවිඥ්ඥාණකභාවය ඇතිකරගැනීම පිළිබඳව පිරිසට ස්තූති කළ අනුර කුමාර දිසානායක සහෝදරයා ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් යහපත් රටක් හැදීම වෙනුවෙන් රටේ රැඳී සිටින ලෙස වෛද්‍යවරුන්ගෙන් හෘදයාංගම ඉල්ලීමක් කළේය.
මධ්‍යම රාත්‍රිය වනවිට වැඩසටහන සාර්ථක නිමාවක් සනිටුහන් කළේ නැවත නැවතත් මෙවැනි සාකච්ඡා අවැසි බවට වෛද්‍යවරුන්ගෙන් ලද ඉල්ලීම්ද සමගය.
-Colombo, January 03, 2024- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැනීම්වලට එරෙහි ජනතා නියෝජිතයින් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමුවෙයි. දින 150 කට වැඩි කාලයක් එම ගම්මානය ඇතුළු ගම්මාන 5ක ජනතාව අඛන්ඩ විරෝධතා ව්‍යාපාරක නියැලී සිටි…
-Colombo, January 03, 2024-
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැනීම්වලට එරෙහි ජනතා නියෝජිතයින් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමුවෙයි. දින 150 කට වැඩි කාලයක් එම ගම්මානය ඇතුළු ගම්මාන 5ක ජනතාව අඛන්ඩ විරෝධතා ව්‍යාපාරක නියැලී සිටි…