Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

NPP News

අලුත් රටක් – අලුත් ජීවිතයක්…

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අපි වරින් වර විවිධ අර්බුද අවධීන්වලට මුහුණ දී ඇත්තෙමු. නමුත් ඒ අන් කිසිම අවධියක ඇති නොවූ ආර්ථික අර්බුදයකට සහ එමගින් තීව්‍ර කරන ලද සමාජ ගැටලු ගණනාවකට අද අප මුහුණ දෙමින් සිටින බව නොරහසකි. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාද විසින් කරන ලද යම් යම් ප්‍රකාශවලින් […]

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අපි වරින් වර විවිධ අර්බුද අවධීන්වලට මුහුණ දී ඇත්තෙමු. නමුත් ඒ අන් කිසිම අවධියක ඇති නොවූ ආර්ථික අර්බුදයකට සහ එමගින් තීව්‍ර කරන ලද සමාජ ගැටලු ගණනාවකට අද අප මුහුණ දෙමින් සිටින බව නොරහසකි. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාද විසින් කරන ලද යම් යම් ප්‍රකාශවලින් ඒ බව වඩාත් හොඳින් තහවුරු වේ. ඣඪෂෘ 19 වසංගතය විසින් මෙම අර්බුදය තීව්‍ර කිරීමට පෙර සිටම අපේ රට මේ අගාධය වෙත ගමන් කරමින් සිටි බව විවිධ සංඛ්‍යා ලේඛනවලින් සනාථ කළ හැකිය. අවුරුදු 73ක් පුරා ලංකාව විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ගයන් මෙන්ම දූෂිත හා බලලෝභී වංක දේශපාලනඥයනුත් මීට වගකිව යුතු බව දැන් අපට රහසක් නොවේ. 1978දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථිකය සහ විදේශීය ණය මත මවා පෑ සංවර්ධනයද මෙම අභාග්‍යසම්පන්න ගමන වේගවත් කරවීය.
නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගත් ජන සහභාගීත්ව හා පරිසර හිතකාමී සංවර්ධන උපායමාර්ගයන් සහ එම ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සමාජයේ සියලු කණ්ඩායම් වෙත ගලායන වැඩපිළිවෙළක් තුළින් සිදුකරනු ලබන සමාජ ආර්ථික පද්ධතියේ ගැඹුරු හා පුළුල් පරිවර්තනයකින් මිස මෙම අර්බුදය වෙනත් කෙටි මං ඔස්සේ ජයගත නොහැකි බව ඉතා පැහැදිලිය.
අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ, එම පුළුල් සමාජ පරිවර්තනය වෙත ජනතාව මෙහෙයවිය හැකි හා එම සමාජ පරිවර්තනය සඳහා පුළුල් දැක්මක් ඇති විශ්වසනීය දේශපාලන ව්‍යාපාරය කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමය.
ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ රට බේරා ගැනීම සඳහා රජුන් සහ රැජිනියන්, මහත්වරුන් සහ මහත්මීන් හා ඉන්ද්‍රජාලිකයන් වරින් වර කරළියට පැමිණි බව අපි දැක ඇත්තෙමු. නමුත් ඒ සියලු දෙනා අනුගමනය කළ එකම වැරදි හා විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ග නිසාත් එම කණ්ඩායම් සමග අත්වැල් බැඳගෙන සිටි වංක හා දූෂිත කල්ලි කණ්ඩායම් නිසාත් රට තව තවත් අඳුරු අගාධය වෙත තල්ලු වී යාම වළක්වාලීමට ඒ කිසිම කුමාරයෙකුට හෝ කුමාරිකාවකට, මහත්මයෙකුට හෝ මහත්මියකට, ඉන්ද්‍රජාලිකයෙකුට හෝ මැජික්කරුවෙකුට නොහැකි විය. අවසානයේ මේ සියලු දූෂිත මහත්ම මහත්මීන්, රජුන් සහ රැජිනයන් එකිනෙකා ආරක්ෂා කරමින් එකිනෙකාගේ වුවමනා එපාකම් ගැන පමණක් කටයුතු කළ බවද අපට දැන් පැහැදිලිය.
දූෂිත පවුලක් සහ ඔවුන්ගේ ඥාති හිතවතුන් වටා ගොඩනැගුණු වැඩවසම් දේශපාලන කල්ලියකට රටකට කළ හැකි විනාශයේ තරමටම හෝ ඊටත් වඩා වැඩි විනාශයක් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ව්‍යාජ සළු ඇඳගත් මහත්ම මහත්මීන් කණ්ඩායමකටද කළ හැකි බව අත්දැකීම් විසින් අපට ඉතා හොඳින් කියා දී ඇත.
ඒ නිසා අද රටට අවශ්‍යව ඇත්තේ,

  1. පවුලක්, පැලැන්තියක් වටා ගොඩගැසුණු උද්ධච්ච, වැඩවසම් දුෂිත දේශපාලන කල්ලියක් මෙන්ම සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ව්‍යාජ වාගාලාපයන් දොඩන, ප්‍රතිපත්තියක් රහිත, සුදු ඇඳි මහත්වරුන්ගේ කණ්ඩායම්ද එක ලෙස පරාජය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකි.
  2. කොල්ලකාරී ලෙස මහජන දේපළ විකුණමින් සහ තව තවත් දේශීය හා විදේශීය ණය මතම පමණක් යැපෙමින් අනුගමනය කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ග වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක්, ඒ ආර්ථික ප්‍රතිලාභ ගම සහ නගරයට සාධාරණ ලෙස බෙදී යන වැඩපිළිවෙළක් පිළිබඳ දැක්මක් සහ අවබෝධයක් ඇති දේශපාලන ව්‍යාපාරයකි.
  3. මේ භූමිය තුළ ඉපිද උතුරු නැගෙනහිර බටහිර මධ්‍යම ආදී විවිධ පළාත්වල ජීවත් වෙමින් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී විවිධ ජාතිකත්වයන්ට හා බෞද්ධ හින්දු ඉස්ලාම් හා කිතුනු-කතෝලික ආගම්වලට අනන්‍ය වූ සංස්කෘතින් සහිතව ජීවත් වෙන සියලු දෙනාට ‘මේ මගේ මව්බිම ශ්‍රී ලංකාව’ යයි අභිමානයෙන් කිව හැකි දේශපාලන හා සමාජ වාතාවරණයක් සහිත රටක් ගොඩනැගිය හැකි දේශපාලන ව්‍යාපාරයකි.
  4. එකිනෙකා පරයමින් හා එකිනෙකා නොසලකා තනි පුද්ගලයන් ලෙස ජයග්‍රහණ හඹායන පුද්ගල කේන්ද්‍රීය සමාජයක් වෙනුවට එකිනෙකාගේ පැවැත්ම, ගරුත්වය හා ආරක්ෂාව පිළිගන්නා සහ ඔවුනොවුන්ගේ රැකවරණය වෙනුවෙන් කටයුතු කරන ලතෙත් මිනිස් සමාජයක් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයකි.
  5. වැරදි හා අත්තනෝමතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ උපායමාර්ග නිසා සහ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා දුප්පත්කමේ පතුළට වැටීමට සලස්වා නොසලකා හැර ඇති ග්‍රාමීය දුප්පත් ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථික ව්‍යාපෘතීන් සහ ගොවි ජනතාවගේ උසස් ජීවන තත්වය සහතික කරන කෘෂිකාර්මික දර්ශනයක් සහිත දේශපාලන ව්‍යාපාරයකි.
  6. අතිශය නිර්දය ලෙස පරිසරයේ තිර පැවැත්ම සහ එහි තුල්‍යතාවය නොසලකා හරිමින් ලාභය සහ නිෂ්පාදන ඉලක්ක ගැන පමණක් සිතමින් කරනු ලබන පරිභෝජනවාදී සංවර්ධන ආකෘතිය වෙනුවට පරිසර පද්ධතිය, ජෛව විවිධත්වය හා එහි තිරසාර තුල්‍යතාවයන් ආරක්ෂා කරමින් සොබාදහම සමඟ බැඳුණු ජීවන ක්‍රමයක් මිනිස් සමාජය වෙත යෝජනා කරන සහ එය ක්‍රියාත්මක කරන දේශපාලන ව්‍යාපාරයකි.
  7. පරිගණක හා තොරතුරු තාක්ෂණය වැනි ලෝකය ඉදිරියට ගෙන යන තාක්ෂණික දැනුමින් සන්නද්ධව උසස් වෘත්තීය නිපුණතාවයන්ගෙන් යුතුව ජාත්‍යන්තර රැකියා වෙළඳපොළෙහි තරගකාරී ලෙස කටයුතු කළ හැකි තරුණ පිරිසක් බිහිකිරීම ඉලක්ක කරගනිමින් සමාජයේ යහපැවැත්ම පිළිගනිමින් කටයුතු කරන ශිෂ්ට සම්පන්න පුරවැසියන් බිහිකිරීම ඉලක්ක කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන ව්‍යාපාරයකි.
  8. මහජනතාව අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්හි ගිලීමට සලස්වා ඔවුන්ගේ පටි තද කරගෙන, ඉවසා සිටින ලෙස ඉල්ලා සිටිමින් මහජන බදු මුදල් ඉතාමත් අශීලාචාර ලෙස තමන්ගේ සහ තමාගේ ඥාති හිතමිත්‍රාදීන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් භාවිත කරන දේශපාලනඥයන් වෙනුවට මහජනයාගේ දුක සහ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ට ආදර්ශයක් වන පරිදි සරල දිවි පෙවෙතක්, සිය ජීවිතය කරගත් හා දේශපාලනය මහජන සේවයක් සේ සලකා කටයුතු කරන දේශපාලන නායකත්වයක් සහිත දේශපාලන ව්‍යාපාරයකි.
    ඉහත කී අරමුණ ඔස්සේ යමින් සමාජ ආර්ථික දේශපාලන පද්ධතියේ ගැඹුරු සහ පුළුල් වෙනසකට ශ්‍රී ලංකාව යොමු කරමින් වැටී ඇති අර්බුදයෙන් ගොඩගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. එසේ සියලු ජාතිකත්වයන්, ආගමික කණ්ඩායම් හා සමාජ කොටස් සාමූහික ප්‍රයත්නයක් මගින් සමාජ පරිවර්තනය වෙත යොමු කිරීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමද විශාල අභියෝගයකි.
    ජාතික ජන බලවේගය ලෙස මෙම අභියෝගාත්මක දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දීමේ හැකියාව අප සතුව ඇතැයි අපි විශ්වාස කරමු. එසේම එය පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස තවදුරටත් වර්ධනය විය යුතු බවද අපි ඉතා නිහතමානී ලෙස පිළිගනිමු. සියලු ප්‍රගතිශීලී හා වාමාංශික දේශපාලන පක්ෂ, ආගමික සහ සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන, කාන්තා හා තරුණ සංවිධාන හා පුද්ගල කණ්ඩායම් ඒකරාශී කොට එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරන දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කේන්ද්‍රීය මැදිහත්වීමේ අභියෝගය පිළිගැනීමට ජාතික ජනබලවේගය සූදානම් බවත් ප්‍රකාශ කරමු.
    එම උත්තුංග මහජන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ජාතික ජනබලවේගය සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය
2021 අගෝස්තු 01

Show More

“මේ රට වෙනස් කරන්න ජාතික ජන බලවේගය සමඟ පෙළගැසෙන්න”

රට ගොඩනැඟීම බලගන්වන  ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ දැවැන්ත  කාර්යය ආරම්භ  කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන සමඟ සාකච්ඡා  කරමින් සිටින බවද  දිසානායක මහතා පැවැසීය.  ඊයෙ (1දා) ඇතුල්කෝට්ටේ පිහිටි සෝලීස් හෝටලයේ පැවැති  මාධ්‍ය  හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර […]

රට ගොඩනැඟීම බලගන්වන  ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ දැවැන්ත  කාර්යය ආරම්භ  කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර දිසානායක පවසයි.

ඒ සඳහා රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන සමඟ සාකච්ඡා  කරමින් සිටින බවද  දිසානායක මහතා පැවැසීය. 

සෝලීස් හෝටලයේ පැවැති  මාධ්‍ය  හමුව

ඊයෙ (1දා) ඇතුල්කෝට්ටේ පිහිටි සෝලීස් හෝටලයේ පැවැති  මාධ්‍ය  හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරිසරවේදීන්, කලාකරුවන් ඇතුළු සිවිල් හා බහුජන ක්‍රියාකාරකයන් විශාල පිරිසක් සහභාගි  වූහ.

දිසානායක මහතා වැඩිදුරටත්  දැක්වූ අදහස් මෙසේය.

“වර්තමාන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3කට ආසන්න බලයක් ලබාදීමත් තුළ සැඟවී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ගොඩනැඟී තිබුණු විශ්වාසය සහ 2015 – 2019 ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත් කියන කරුණු දෙක. මේ කරුණු දෙකම වර්තමාන ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයේ ගැබ්වෙනවා. හැබැයි බලය අරගෙන අවුරුදු 

1 1/2කට වැඩි කාලයක් ගත වෙලා. රට ගොඩනඟාවි කියන බලාපොරොත්තුවත් සහිතව ඡන්දය දුන් බොහෝ පිරිසක් අද කලකිරීමට, රැවටීමකට භාජන වීම නිසා, විරෝධයක් එල්ල වී තිබෙනවා. මෑත කාලයේ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය ලක්වී තිබෙනවා. 

ඔහුගේ පෞද්ගලික දුබලතාවන් රැසක් තිබුණත් මෙය තනිකරම ඔහුගේ පෞද්ගලික දුබලතාවක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රගත කරමින් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා. වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ටි්‍රලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා. 

අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමතරව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වැනි විස¾දුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනඟලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැඟිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා. ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපායමාර්ග ඔවුන්ට නොමැති බව, පැරැණි යල්පිනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

එසේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම තුළින් සමාජ අර්බුද රැසක් පවතිනවා. අපේ රටේ ආර්ථික සහ සමාජ අර්බුද අති විශාල ප්‍රමාණයක් මේ යුගයේ ඇතිකර තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ ආකාරයට තවදුරටත් යා යුතුද කියලයි. අප විඳින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දිය යුතුද? ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙය වෙනස් කිරීම සඳහා එකතුවන්න කියලා. ජාතික ජන බලවේගයේ අපි මේ රට ගොඩනැඟීම සඳහා භාරගන්න සූදානම්. ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙළක්, කැපකිරීමක්, අප සතුව තිබෙනවා. අගාධයට යමින් තිබෙන රට ගොඩනැඟීමට අපට හැකියාව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය ගොඩනැඟිය හැකියි. 

මේ සඳහා බලය අත්පත් කර ගත යුතුයි. මේ රටේ පුරවැසියන් දශක ගණනාවක් විවිධ පාලනයන් ගොඩනඟා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වීම, ජනතාවට දුන් පොරොන්දු මුළුමනින්ම සුනුවිසුනු කොට දැමීමක්. ජනතාවට දේශපාලනය එපා වෙනතරමට අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ  “ඔබ මේ රට වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙන්න” කියලා. අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන එක්ක සාකච්ඡා කරමින් මේ රට ගොඩනැඟීමේ ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කරමින් තිබෙනවා. 

මේ රට ගොඩනැඟිය යුතුයි. යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්. අපි තවදුරටත් බලපෑම් කණ්ඩායමක සිටීම පමණක් නොව බලය හුවමාරු කර ගැනීමේ කණ්ඩායමක් දක්වා පරිවර්තනය වීමට අපි සූදානම්. බලය අරමුණු කර ගත් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. ඒ සඳහා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.” 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

සම්පූර්ණ මාධ්‍ය හමුව (වීඩියෝ) – https://www.facebook.com/anurakumara/posts/1926646194156485

Show More

“නව සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමු..!”

“මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය කොවිඩ් වසංගතය නිසා ඇති වූවක් නොවෙයි. අවුරුදු 73ක් පුරා මේ රටේ පාලකයන් අනුගමනය කරන ලද ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. මෙයින් ගොඩ ඒමට නම් මේ මාර්ගයෙන් අප වෙනස් විය යුතුයි. ඒ වෙනස් කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව තිබෙන පිරිසක් රට පාලනය කිරීම අවශ්‍යයි. ආර්ථික අර්බුදය මෝරායෑම නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වී […]

“මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය කොවිඩ් වසංගතය නිසා ඇති වූවක් නොවෙයි. අවුරුදු 73ක් පුරා මේ රටේ පාලකයන් අනුගමනය කරන ලද ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. මෙයින් ගොඩ ඒමට නම් මේ මාර්ගයෙන් අප වෙනස් විය යුතුයි. ඒ වෙනස් කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව තිබෙන පිරිසක් රට පාලනය කිරීම අවශ්‍යයි. ආර්ථික අර්බුදය මෝරායෑම නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. දූෂණය දැඩිලෙස පැතිරීම, ඒ දූෂණය තමන්ගේ පාලකයන් විසින් සිදුකිරීම, කිසිම විශ්වාසයක් නැති වීම, ජනතාව අත්දකිමින් සිටි බරපතළ සමාජ අර්බුදයක්.

මෙවැනි අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ විකල්ප වැඩපිළිවෙළක් තුළින් පමණයි. රටේ සම්පත් විකිණීමේ භයානක ප්‍රතිපත්ති වෙනුවට විකල්ප වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.  ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කරමින් පවතිනවා. ඒ නිසා මේ රට ගොඩනැඟීමේ සටන ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ගොඩනැඟීමේ සටන් දෙකේම ඒකාබද්ධ වීමක්. අද හැම ආයතනයක්ම හමුදාකරණයට ලක්කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අකුලමින් තිබෙනවා. ජනතා විරෝධය මර්දනය කිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ආර්ථිකය වෙනස් කිරීම සඳහා සටනින් වෙනස් කරන්න බැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය වෙනස් කර නව සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා. අපි සියලු දෙනා ඒකරාශී වී මේ ගමන යා යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ගොඩනැඟීම සඳහා එක සටනක් ගෙන යා යුතුයි. ඒ සඳහා එකතු වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

එක්සත් වාමාංශික බලවේගයේ ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක

Show More

“එකිනෙකා කෙරෙහි සංවේදී වන සමාජයක් ගොඩනගමු..!”

“මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන්නා. 2015 යහපාලනය කියලා ජනතාව පෙළ ගස්වලා ඒ වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළා. 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය කියන සටන් පාඨ පාවිච්චි කරමින් නැවත වතාවක් ජනතාව පාවා දුන්නා. මේ පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් විදිහට විස¾දුම් සොයනවා. මේ නිසා අවුරුදු 73ක් අනුගමනය කළ ගමන් මාර්ගය වෙනස් […]

“මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන්නා. 2015 යහපාලනය කියලා ජනතාව පෙළ ගස්වලා ඒ වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළා. 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය කියන සටන් පාඨ පාවිච්චි කරමින් නැවත වතාවක් ජනතාව පාවා දුන්නා. මේ පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් විදිහට විස¾දුම් සොයනවා. මේ නිසා අවුරුදු 73ක් අනුගමනය කළ ගමන් මාර්ගය වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවට හොඳින්ම දැනී තිබෙනවා. මේ තත්ත්වය තුළ පරණ බලවේගම අලුත් වීමේ මුවාවෙන් ආයෙත් ජනතාව නොමඟ යවන්න, නැවත වරක් ජනතාව පාවාදීමට සංවිධානය වන ලකුණු දකින්න පුළුවන්. 

ඒ පාවාදීමට හසුනොවී විශේෂයෙන්ම 1977න් පස්සේ සිදුකර තිබෙන වෙනසක් එක්ක නිර්මාණය කළ අර්බුදවලට විකල්ප විස¾දුමක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා. මේ වටා එකතු වෙන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා.  මේ සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගන්න බැහැ. ආර්ථික අර්බුදය විසින්ම තමයි සමාජ පරිහානියක් නිර්මාණය වී තිබෙන්නේ. 

අපි යෝජනා කරන්නේ පුද්ගල නිදහස සහ අනන්‍යතාව ආරක්ෂා කරන ගමන් සහයෝගීතාව සහ මානව සම්බන්ධතා තුළින් එකිනෙකා රැකබලා ගන්නා, එකිනෙකා කෙරෙහි සංවේදී වන සමාජයක් ගොඩනැඟිය යුතු බවයි. මේ ආර්ථික ක්‍රමවේදය තුළ ඒ වෙනුවෙන් උත්තර නැහැ. මේ ආර්ථික ක්‍රමය සමාජ සම්බන්ධතා බිඳ දුරස් කරනවා. මේ නිසා ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන වෙනස් කිරීම වෙනුවෙන් නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්. නැවත වරක් පාවාදීම්වලට හසු නොවී, පරණ කතා අලුත් වචනවලින් ඉදිරිපත් කිරීමට හසු නොවී, ඇත්ත වෙනසක් සඳහා අපිත් එක්ක එකතුවෙන්න කියන ආරාධනාව කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනී අමරසූරිය 

Show More

புதியதோர் நாடு புதியதோர் வாழ்க்கை…

இலங்கையின் வரலாற்றில், நாம் பல்வேறு பொருளாதார நெருக்கடிகளை அவ்வப்போது எதிர்கொண்டுள்ளோம். ஆனால் இன்று நாம் வரலாற்றில் இதுவரை சந்தித்திராத பாரிய பொருளாதார நெருக்கடி ஒன்றினையும், அதன் விளைவாக தீவிரமடைந்துள்ள பலதரப்பட்ட சமூகப் பிரச்சனைகளையும் எதிர்கொண்டு வருகின்றோம் என்பது ஒரு இரகசியமல்ல. திறைசேரியின் செயலாளர் உட்பட சம்பந்தப்பட்ட அரச அதிகாரிகள், நிதி அமைச்சர் மற்றும் வர்த்தக அமைச்சர் போன்றோர் அவ்வப்போது வெளியிட்ட பற்பல அறிக்கைகளில் இருந்து இது மேலும் தெளிவாக உறுதிப்படுத்தப்படுகிறது. ஊழஎனை 19 தொற்றுநோய் மூலம் இந்த […]

இலங்கையின் வரலாற்றில், நாம் பல்வேறு பொருளாதார நெருக்கடிகளை அவ்வப்போது எதிர்கொண்டுள்ளோம். ஆனால் இன்று நாம் வரலாற்றில் இதுவரை சந்தித்திராத பாரிய பொருளாதார நெருக்கடி ஒன்றினையும், அதன் விளைவாக தீவிரமடைந்துள்ள பலதரப்பட்ட சமூகப் பிரச்சனைகளையும் எதிர்கொண்டு வருகின்றோம் என்பது ஒரு இரகசியமல்ல. திறைசேரியின் செயலாளர் உட்பட சம்பந்தப்பட்ட அரச அதிகாரிகள், நிதி அமைச்சர் மற்றும் வர்த்தக அமைச்சர் போன்றோர் அவ்வப்போது வெளியிட்ட பற்பல அறிக்கைகளில் இருந்து இது மேலும் தெளிவாக உறுதிப்படுத்தப்படுகிறது. ஊழஎனை 19 தொற்றுநோய் மூலம் இந்த நெருக்கடி தீவிரமடைவதற்கு முன்பே எமது நாடு அதளபாதாளத்தை நோக்கிச் சென்று கொண்டிருந்தது என்பதை பல்வேறு புள்ளிவிவரங்கள் மூலம் உறுதிப்படுத்த முடியும். 73 ஆண்டுகளாக இலங்கை பின்பற்றிய தவறான பொருளாதாரக் கொள்கைகள் மற்றும் உத்திகள் என்பவற்றுடன் ஊழல் மற்றும் அதிகார பேராசை கொண்ட ஏமாற்று அரசியல்வாதிகளும் இதற்குக் காரணம் என்பது இன்று வெளிப்படை. 1978ல் அறிமுகப்படுத்திய திறந்த பொருளாதாரம் மற்றும் வெளிநாட்டுக் கடன்களில் கற்பனை செய்யப்பட்ட அபிவிருத்தி போன்றன இந்த துரதிருஷ்டவசமான பயணத்தை மேலும் துரிதப்படுத்தின.

உற்பத்திப் பொருளாதாரமொன்றை இலக்காகக் கொண்ட மக்கள் பங்கேற்பு அதேபோல் சுற்றுச்சூழல் பாதிப்பற்ற வளர்ச்சி உத்திகள் மற்றும் அந்த பொருளாதார வளர்ச்சியின் நன்மைகள் என்பன சமூகத்தில் உள்ள அனைவருக்கும் நியாயமாக சென்றடையும் ஒரு திட்டம். அதன் மூலம் மேற்கொள்ளப்படும் சமூக-பொருளாதார அமைப்பின் பரந்த மற்றும் ஆழமான மாற்றத்துடன் அன்றி இந்த நெருக்கடியை சமாளிக்க வேறு எந்த குறுக்குவழி மூலமும் சாத்தியமில்லை என்பது மிகத் தெளிவானது.

அந்த பரந்த சமூக மாற்றத்திற்கு மக்களை வழிநடத்தும் மற்றும் அந்த சமூக மாற்றத்திற்கான பரந்த பார்வை கொண்ட ஒரு நம்பகமான அரசியல் இயக்கம் எது என்பதை சரியாக அடையாளம் காண்பதே எமக்கு முன்னால் உள்ள மிகப் பெரிய சவாலாகும்.

இலங்கையின் அரசியல் வரலாற்றில், நாட்டை காப்பாற்ற அரசர்கள், ராணிகள், ஆண்கள் பெண்கள் மற்றும் மந்திரவாதிகள் அவ்வப்போது முன்னால் வருவதை நாம் பார்த்திருக்கிறோம். ஆனால் அவர்கள் அனைவரும் பின்பற்றிய ஒரேவிதமான தவறு என்னவெனில் தவறான மற்றும் அழிவுகரமான பொருளாதாரக் கொள்கைகள் மற்றும் உத்திகளும், அவர்களுடன் கைகோர்த்திருந்த நேர்மையற்ற மற்றும் ஊழல் கும்பல்களாலும் நாடு மென்மேலும் இருண்ட பள்ளத்தை நோக்கி தள்ளப்படுவதை தடுத்து நிறுத்த அவர்கள் எவராலும் முடியவில்லை. இறுதியில், இந்த அனைத்து ஊழல் நிறைந்த கனவான்களும் சீமாட்டிகளும், ராஜாக்களும் ராணிகளும் ஒருவருக்கொருவர் அவரவர்களைப் பாதுகாத்து, ஒருவருக்கொருவர் தத்தமது விருப்பு வெறுப்புகள் பற்றி மட்டுமே கவனித்தும் கொண்டனர் என்பது இப்போது எமக்குத் தெளிவாக உள்ளது.

ஊழல் குடும்பம் ஒன்றும், அவர்களது உற்றார் உறவினர்களைச் சுற்றி கட்டியெழுப்பப்பட்ட நிலப்பிரபுத்துவ (குநரனயட) அரசியல் கும்பலும் ஒரு நாட்டுக்குச் செய்ய முடியுமான அழிவின் அளவுக்கு அல்லது அதைவிடவும் ஒரு பேரழிவை ஜனநாயகம் மற்றும் நல்லாட்சி என்ற போலியான போர்வையில் கனவான்கள் சீமாட்டிகள் குழுவொன்றாலும் செய்ய முடியும் என்ற அனுபத்தை நாம் சிறப்பாகவே பெற்றிருக்கிறோம்.
எனவே, இன்று நாட்டுக்கு தேவைப்படுவது

  1. ஒரு குடும்பம், ஓர் இனத்தைச் சுற்றிக் குவிந்துள்ள ஆணவம், நிலப்பிரபுத்துவ ஊழல் அரசியல் கும்பல் மற்றும் சமூக நீதி, ஜனநாயகம் பற்றி பொய்யான கூற்றுக்களைக் கூறும் கொள்கையற்ற, வெண்நிற ஆடையணியும் மேலாதிக்கக் குழுக்கள் போன்ற அனைத்தையும் ஒன்றாகத் தோற்கடிக்கக்கூடிய ஓர் அரசியல் இயக்கம்.
  2. பொதுச் சொத்தை விற்றுக் கொள்ளையடிக்கும் மற்றும் மென்மேலும் உள்நாட்டை, வெளிநாட்டை மட்டும் நம்பி பின்பற்றும் தவறான பொருளாதாரக் கொள்கைகள் மற்றும் உத்திகளுக்குப் பதிலாக… ஒரு உற்பத்திப் பொருளாதாரம், அந்த பொருளாதார நன்மைகள் கிராமம் நகரத்திற்கு நியாயமான முறையில் பிரிந்து செல்லும் ஓர் திட்டம் தொடர்பான பார்வை மற்றும் புரிதலுடன் கூடிய ஓர் அரசியல் இயக்கம்.
  3. இந்த நாட்டில் பிறந்து வடக்கு கிழக்கு மேற்கு மத்திய… போன்ற நாட்டின் பல பாகங்களிலும் வாழும் தமிழ், சிங்கள, முஸ்லிம், பேகர் போன்ற பல்வேறு இனங்களுக்கும் அதேபோல் இந்து, இஸ்லாம், கிறிஸ்துவம், பௌத்தம் போன்ற மதங்களுக்கும் தனித்துவமான கலாச்சாரங்களுடன் வாழும் அனைவருக்கும் இது எனது தாய் நாடு இலங்கை என்று பெருமையுடன் கூறக்கூடிய அரசியல் மற்றும் சமூக சூழல் கொண்ட ஒரு நாட்டைக் கட்டியெழுப்பக்கூடிய ஓர் அரசியல் இயக்கம்.
  4. ஒருவரை ஒருவர் தோற்கடித்து, ஒருவரை ஒருவர் அலட்சியம் செய்து தனிநபர்களாக வெற்றியை நோக்கிச் செல்லும் நனிநபர் மையப்படுத்தப்பட்ட ஒரு சமுதாயத்திற்குப் பதிலாக… ஒருவருக்கொருவர் இருப்பு, கண்ணியம் மற்றும் பாதுகாப்பை அங்கீகரிக்கும் அதேபோல் அவரவர்களின் பாதுகாப்பிற்காக நடவடிக்கை மேற்கொள்ளும் ஒரு சிறந்த மனித சமுதாயத்திற்காக கூட்டாக முன் நிற்கும் ஓர் அரசியல் இயக்கம்.
  5. தவறான மற்றும் தன்னிச்சையான விவசாயக் கொள்கைகள், உத்திகள் மற்றும் தேசிய உற்பத்தி செயல்முறைக்கு பங்களிக்கும் முறையான திட்டம் இல்லாமை காரணமாக வறுமையின் அடிமட்டத்திற்கு தள்ளப்பட்டு, புறக்கணிக்கப்பட்டுள்ள கிராமப்புற ஏழை மக்கள் மீது சிறப்பு கவனம் செலுத்தி சிறிய மற்றும் நடுத்தர அளவிலான பொருளாதாரத் திட்டங்கள் அதேபோல் உணவுப் பாதுகாப்பில் ஈடுபட்டுள்ள விவசாயிகளின் உயர் வாழ்க்கைத் தரத்தை உறுதி செய்யும் பொருளாதார நோக்கு கொண்ட ஓர் அரசியல் இயக்கம்.
  6. மிகவும் இரக்கமற்ற முறையில் சுற்றுச்சூழலின் இருப்பை மற்றும் அதன் சமநிலையைப் புறக்கணித்து இலாபம் மற்றும் உற்பத்தி இலக்குகளில் மட்டுமே கவனம் செலுத்தி மேற்கொள்ளும் நுகர்வோர் மேம்பாட்டு மாதிரிக்குப் பதிலாக… சுற்றுச்சூழல் அமைப்பு, பல்லுயிர் மற்றும் அதன் நிலையான சமநிலையைப் பாதுகாத்து இயற்கையுடன் இணைந்த ஒரு வாழ்க்கை முறையை மனித சமுதாயத்திற்கு முன்மொழியும் மற்றும் அதனை நடைமுறைப்படுத்தும் ஓர் அரசியல் இயக்கம்.
  7. கணனி மற்றும் தகவல் தொழில்நுட்பம் போன்ற உலகத்தரம் வாய்ந்த தொழில்நுட்ப அறிவினால் போஷிக்கப்பட்ட மேம்பட்ட தொழில்முறை திறன்களுடன் சர்வதேச தொழில் சந்தையில் போட்டியாக வேலை செய்ய முடியுமான இளைஞர் குழுவை உருவாக்குவதை நோக்கமாகக் கொண்டு சமுதாய முன்னேற்றத்திற்காக உழைக்கும் நாகரீகமிக்க குடிமக்களை உருவாக்குவதை இலக்காகக் கொண்ட கல்வி கொள்கையை பின்பற்றும் ஓர் அரசியல் இயக்கம்
  8. மக்கள் பல்வேறு துன்பங்கள், துயரங்களில் மூழ்க விட்டுவிட்டு அவர்களை நசுக்கியும் பொறுமையாக இருக்கும்படியும் வேண்டிக்கொண்டு மக்களின் வரிப்பணத்தை மிகவும் ஒழுக்கக்கேடான முறையில் தனதும் தம் உறவினர்கள், நண்பர்களினதும் தனிப்பட்ட மகிழ்ச்சிகளுக்காக பயன்படுத்தும் அரசியல்வாதிகளுக்குப் பதிலாக… பொது மக்களின் துன்பம் மற்றும் வலிகளை இனங்கண்டு அவர்களுக்கு முன்னுதாரணமாக இருக்கும் வகையில் எளிமையான ஒரு வாழ்க்கை முறையை தம் வாழ்வாகக் கொண்ட அரசியல் தலைமைத்துவம் உள்ள ஓர் அரசியல் இயக்கம்.

மேற்கூறிய நோக்கங்களை பின்பற்றி சமூக – பொருளாதார அரசியல் அமைப்பில் ஆழமான மற்றும் பரந்த மாற்றம் ஒன்றிற்கு இலங்கையை உட்படுத்தி வீழ்ச்சியடைந்துள்ள நெருக்கடியிலிருந்து மீட்டெடுப்பது என்பது மிகவும் கடினமானதொரு பணி. அதற்காக ஒரு கூட்டு முயற்சியின் மூலம் அனைத்து தேசிய இனங்கள், மதக் குழுக்கள் மற்றும் சமூகப் பிரிவுகளையும் அரவணைத்து ஒரு சமூக மாற்றத்திற்கு இட்டுச் செல்லும் ஆற்றலுடைய ஒரு அரசியல் இயக்கத்தை உருவாக்குவது என்பதுவும் மாபெரும் சவாலாகும்.
தேசிய மக்கள் சக்தியாக இந்த சவாலான அரசியல் இயக்கத்தை வழிநடத்தும் திறன் எங்களிடம் இருப்பதாக நாங்கள் நம்புகிறோம். அதேபோல் அது ஒரு பரந்த பொது மக்கள் இயக்கமாக தொடர்ந்தும் வளர வேண்டும் என்பதையும் நாங்கள் தாழ்மையுடன் ஒப்புக்கொள்கிறோம். அனைத்து முற்போக்கு அரசியல் கட்சிகள், மத மற்றும் சிவில் சமூக அமைப்புகள், தொழிற்சங்கங்கள், மாணவர் அமைப்புகள், பெண்கள் மற்றும் இளைஞர் அமைப்புகள் மற்றும் தனிநபர் குழுக்களையும் ஒன்றிணைத்து அந்த சமூக மாற்றத்திற்காக உழைக்கின்ற ஒரு பாரிய மக்கள் இயக்கத்தை உருவாக்கும் பொருட்டு மத்திய தலையீட்டின் சவாலை ஏற்க தேசிய மக்கள் சக்தி தயாராக உள்ளது என்பதையும் தெரிவித்துக்கொள்கிறோம்.
அந்த உயர்ந்த மக்கள் இயக்கத்தை கட்டியெழுப்பும் பொருட்டு தேசிய மக்கள் சக்தியுடன் கைகோர்க்குமாறு அனைத்து முற்போக்கு அரசியல் சக்திகளிடமும் நாங்கள் கேட்டுக்கொள்கின்றோம் ஃ அழைப்பு விடுக்கின்றோம்.

தேசிய மக்கள் சக்தி
01ளவ யுரபரளவ 2021

Show More

“මේ තත්ත්වයන් සුබවාදීව වෙනස් කරන්න ජාතික ජන බලවේගයට පුළුවන්”

“ජන නියමු කලාකරුවෝ සංවිධානයත් නියෝජනය කරමින් ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගය කියන්නේ මගේ ජීවිත කාලයේ ගොඩනැඟුණු අතිවිශිෂ්ට සටන් බිමක්. දේශපාලන මහ පොළොවක්. විශිෂ්ටත්වය, ප්‍රඥාව, දූරදර්ශ බව, ආදරය, මනුෂ්‍යත්වයට අපරිමිතව ආචාරය කිරීම ආදී ලක්ෂණ රැසක් මේ තුළ තිබෙනවා. ශ්‍රී  ලංකාවේ වටිනාම මිනිසුන් සහ ගැහැනුන් මෙහෙම එකතුවෙලා ඉන්නේ ඒ නිසා. ඔවුන් පැහැදිලි පණිවුඩයක් නැවතත් ඔබ හමුවට ගෙනෙමින් […]

“ජන නියමු කලාකරුවෝ සංවිධානයත් නියෝජනය කරමින් ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගය කියන්නේ මගේ ජීවිත කාලයේ ගොඩනැඟුණු අතිවිශිෂ්ට සටන් බිමක්. දේශපාලන මහ පොළොවක්. විශිෂ්ටත්වය, ප්‍රඥාව, දූරදර්ශ බව, ආදරය, මනුෂ්‍යත්වයට අපරිමිතව ආචාරය කිරීම ආදී ලක්ෂණ රැසක් මේ තුළ තිබෙනවා. ශ්‍රී  ලංකාවේ වටිනාම මිනිසුන් සහ ගැහැනුන් මෙහෙම එකතුවෙලා ඉන්නේ ඒ නිසා. ඔවුන් පැහැදිලි පණිවුඩයක් නැවතත් ඔබ හමුවට ගෙනෙමින්  “මේ රට අපි වෙනස් කරමු” කියලා ආයාචනා කරනවා. ඒ වෙනුවෙන් මූලික වැඩපිළිවෙළවල් රැසක් පසුගිය මැතිවරණයේදී අපි ඉදිරිපත් කර තිබෙනවා.

කොවිඩ් – 19 මේ රටේ අධිනිශ්චය වෙලා තිබෙනවා. නමුත් 1948 ඉඳලා නිල්, කොළ පාලනයන් මේ රටේ සමාජ දේහයට ඉහඳ තියලා තියෙන්නේ. ඕජස් ගලන තත්ත්වයට ආසාදනය කරළා. කොවිඩ් කියන්නේ මොන වයිරසයක්ද කියලා මේ අනර්ථකාරී දේශපාලනයේ ජීවත්වීම තුළ හැඟෙනවා. දශක හතක් තිස්සේ ජනතාව අසරණ කරල මේ අනර්ථකාරිත්වය භාරගන්න තැනට බල කර තිබෙනවා. ඇස් – කන් ඇරලා අපි ජීවත් වන මොහොත දිහා බැලුවොත් ශ්‍රී ලංකාව තුළ බොහෝ දේ සිද්ධ වෙමින් යනවා. රට පුරා නැඟෙන විරෝධය රහසක් නොවෙයි. එය පිපුරුමක් දක්වා යෑම රහසක් නොවෙයි. මේ ගැන ජනතාව සුබවාදීව බලන්න ඕනෑ. ගුරු-විදුහල්පති අරගලය එක පැත්තක. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මූලිකත්වය දී විශ්වවිද්‍යාල මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයකට නායකත්වය දෙනවා. සිසුජන ව්‍යාපාරය තව පැත්තකින් රොද බඳිමින් ඉන්නවා. අප මේ කතා කරන මොහොතන වන විටත් නුගේගොඩ ඉඳලා රථ පෙළපාළියක් පැවැත්වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි. මේවා බලෙන් කරන්න පුළුවන් දේවල් නොවෙයි. 

ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු නොකර අධ්‍යාපන අවස්ථා වර්ධනය කරන්න බැහැ කියන එක මවුපියන් පවා දැන් පිළිගනිමින් ඉන්නවා. දේශපාලන බෙදීම් දඩමීමා කරගෙන මේ රට මේ තරම් දුරට මේ අගාධයේ ගෙන ආවා. මේ බෙදීම් සහිතවම දේශපාලන පක්ෂ සහ සංවිධාන තම තමන්ගේ වෙනස්කම් තියාගෙන එක ඉලක්කයකට එමින් ඉන්නවා. පවත්නා රජය මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනෑ. කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ අනර්ථකාරී දේවල් පුපුරා පිටාර ගලන්න පටන්ගෙන තිබෙනවා. 

මේ වෙලාව ඒකට සුදුසුද කියලා අහන්න එපා. ඉතිහාසය දේවල් තෝරන්නේ අර්බුදයන් විසින්. ශ්‍රී ලංකාව ඉතාම සුදුසු තැනට සකස්වෙලා තිබෙනවා. දශක හතක් තිස්සේ අන්ත දුගී තත්ත්වයට, අන්ත මංකොල්ලයකට, මනුෂ්‍යත්වයට එරෙහි ව්‍යසනයකට ලක්කර තිබෙන මගේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව දිහා හිතලා මම එහෙම කියන්නේ. මේ තත්ත්වයන් සුබවාදීව වෙනස් කරන්න ජාතික ජන බලවේගයට පුළුවන්. එහි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එහි විශිෂ්ට තම වැඩපිළිවෙළ එළිදක්වා තිබෙනවා. ඒ වැඩපිළවෙළ වටා සමස්ත ශ්‍රී ලංකාවම එකතු වෙන ලෙස ආරාධනා කරනවා.”

සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනවි

වීඩියෝ – https://www.facebook.com/nppsrilanka/posts/926164991297359

Show More