2023.10.11 දින ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී… රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර මේ රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පැවතීමයි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් නොවෙයි මේ රටට ආදරය කරන පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන පුරවැසියන් එකතු කරගෙන මෙය පරාජයට […]
2023.10.11 දින ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී…
රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර මේ රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පැවතීමයි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් නොවෙයි මේ රටට ආදරය කරන පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන පුරවැසියන් එකතු කරගෙන මෙය පරාජයට පත්කරන්න ක්‍රියාකළ යුතුයි. අපේ රටේ වසර 3000කට ආසන්න අතීතයේ ජලය මූලික කරගත් ශිෂ්ටාචාරය ලෝකයේ අනෙක් රටවලට වඩා වෙනස් ආකාරයකට ගොඩනැගී තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල ගංඟා නිම්න පදනම් කර ගත් ශිෂ්ටාචාරයක් ගොඩනැඟුණා. නමුත් අපේ රටේ තිබෙන්නේ මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කර ගත් වාරි ශිෂ්ටාචාරයක්. ඒ කියන්නේ මිනිසා විසින් ගොඩනඟා ගත් වාරි කර්මාන්තවලින් ශිෂ්ටාචාර ඉදිකරගත් රටවල් අතළොස්ස අතරින් එකක් අපි. ඉහළම ජල කළමනාකරිත්වයක් සහිතව අපේ ශිෂ්ටාචාරය ගොඩනැගී තිබෙනවා.
එවැනි ඉතිහාසයක් සහිත ජල ශිෂ්ටාචාරයක් තිබියෙදී වර්තමාන පාලකයන් හුදෙක් වෙළඳ භාණ්ඩයක් හැටියට පමණක් ජලය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ජල සම්පත විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙනයමින් තිබෙනවා. නමුත් අනාගතය වෙනුවෙන් ජල සම්පත ආරක්ෂා කිරීම අප කාටත් පැවරී තිබෙන වගකීමක්. වර්තමාන ආණ්ඩුව පමණක් නොවෙයි විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේ සිට මේ උත්සාහය දරනු ලබනවා. එදා වාරිමාර්ග ඇමතිව සිටි සරත් අමුණුගම මේ සඳහා පනත් ඉදිරිපත් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ 2001 සිට පාලනය තුළ ‘රීගේනින්’ ශ්‍රී ලංකා වැඩසටහන යටතේත් ජලය විකුණන්න කටයුතු කළා. දැන් නවතම උත්සාහයක් දියත් කර තිබෙනවා. 2020 ඔක්තෝබර් 12දා එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් ජලය විකිණීම නැවත හඳුන්වා දීමට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර සහ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස අත්සන් කර තිබුණා. වක්කඩෙන් අතසෝදාගෙන නාම යෝජනා පත්‍රය අත්සන් කර පැමිණි බව කියන අය ජාතියේ මළගම කැඳවන්න ජලය විකිණීමේ පනත ගෙන ආවේ මේ විදිහට. ජලය පෞද්ගලීකරණය කිරීමට අදාළ මූලික ව්‍යුහය ‘පොදු දියබෙත්ම’ කළමනාකරණය කිරීමේ කමිටුව නමින් ගෙන එන්න උත්සාහ කළා.
මහින්ද රාජපක්ෂගේ අත්සනින් දෙවෙනි කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කර ජලය විකිණීමට අදාළ කමිටුව නම්කර තිබෙනවා. මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර සභාපතිවරයා යටතේ කමිටුවට සාමාජිකයින් දස දෙනෙකු පත් කළා. 2003 දී රනිල්ගේ ආණ්ඩුව ජලය විකිණීමේ පනත හැදුවෙත් මේ මහාචාර්යවරයා. අවුරුදු 20කට පසුවත් තාමත් ඒ අනතුර එන්නේ මේ ආකාරයෙන්. එදා සමාජවාදී ගොවි සංගමය හැටියට ජලය විකිණීමට විරුද්ධව අපි නායකත්වය දුන්නා. ලෝක ජල දිනය ලෙස නම්කර තිබෙන මාර්තු 22දා ලංකාවේ ප්‍රධාන වැව් 18ක ඉස්මත්තේ සිට දස දහස් පමණ ගොවි ජනතාව පිරිවරාගෙන මේ රට ගොඩනැගූ ජල සම්පත විකිණීමට ඉඩ නොදෙන බවට දිවුරා සපථ කළා. නමුත් අවුරුදු විසි ගණනකට පසුවත් ඒ කොඩිවිනය කපන්න අපට සිදුවී තිබෙනවා.
වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන 2023 ජූනි 28 අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. “ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්ති කෙටුම්පත” ඒ මගින් හඳුන්වා දුන්නා. කෙටුම්පතෙන් නතර නොවී ඊට අදාළ අනෙකුත් අමාත්‍යාංශත් එකතු කරගෙන පනත හදන්න දැන් මුලපුරලා තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කෙටුම්පතේ 2003 ඉදිරිපත් කළ කාර්යයන් ඒ විදිහටම තිබෙනවා. ජලය විකිණීම සඳහා වූ ආයතනික සැකැස්ම ගැන 08වැනි වගන්තියේ දක්වා තිබෙනවා. ජතික ජන බලවේගය හැටියට අපි අවධාරණය කරන්නේ ඉතිහාසයේ තිබුණා වැනි විශිෂ්ට ජලය කළමනාකරණයක් තිබිය යුතු බවයි. නමුත් කළමනාකරණයේ නාමයෙන් එන ජලය විකිණීමේ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගෙන පරාජය කළ යුතුයි. රටකට සියලු සම්පත් ලැබීමට නම් නිසි කලට වැසි ලැබිය යුතු බව බෞද්ධ ධර්මයේත් සඳහන් වෙනවා. ලෝකයේ විශිෂ්ට ජල තේමා පාඨය ඉදිරිපත් කළේ මීට වසර 900කට පමණ පෙර පරාක්‍රමබාහු රජතුමායි. “අහසින් වැටෙන එක දිය බිඳුවකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට ගෙන මිස මුහුදට යාමට ඉඩ නොතබමි” යනුවෙන් හඳුන්වා දුන්නා. ඊට අනුව යමින් එදා සිටි මෙරට පුරවැසියෝ දහස් ගණන් වැව් අමුණු බැන්දා. වැව් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා ඉදිකළේ ඒ අනුවයි.
අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය ලෙස අපි ජල කළමනාකරණයට පක්ෂයි. නමුත් ඒ දවටනයේ ඔතා ගෙන එන විකිණීමේ ක්‍රියාවලියට අපි ඉඩ දෙන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට අනුව ‘ජාතික ජල සම්පත් සභාව’ යනුවෙන් හඳුන්වන ආයතනයක් පිහිටුවනවා. ඒ වගේම ‘ජාතික ජල සම්පත් ලේකම් කාර්යාලය’ සහ ‘ජල සම්පත් අභියාචන මණ්ඩලය’ යනුවෙන් ආයතන තුනක් පිහිටුවනවා. මේ වගේ ආයතන තුනක් පිහිටුවා නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට දී තිබෙනවා. ජාතික පාරිසරික කාලගුණ තත්ව පිළිබඳ විද්වතෙක් සභාපති හැටියට පත්කරන බව සඳහන් කර තිබුණත් මේ වන විටත් ඔහු පත්කර අවසන්. දේශගුණ විපර්යාස අධ්‍යයනය සඳහා රනිල් රාජපක්ෂ මේ වන විටත් පත්කර තිබෙන එම පුදගලයා අපි කවුරුත් දන්න එරික් සෝල්හයිමි. ඔහුට පඩි දෙන්නේ ඩොලර්වලින්. ඔහු මේ ආයතන ටිකටත් පත්කරාවි යැයි අපි විශ්වාස කරනවා. මාලදිවයිනේ මොහොමඩ් නසීම් තවත් උපදේශකයෙක් විදිහට පත්කරගෙන ඩොලර්වලින් පඩි ගෙවනවා. 2003 වසරේ ක්‍රියාවලිය පිටුපස සිටි කුමන්ත්‍රණකාරී එරික් සෝල්හයිම් පත්කර ගෙන සිටින්නේ දිගුකාලීන අරමුණු ඇතිවයි. කෘෂිකාර්මික විද්වතෙක්, ජල සම්පත් කළමනාකරණ විද්වතුන් දෙදෙනෙක් වශයෙන් ජනාධිපති විසින් මේ සභාවට නිලධාරීන් පත්කරනවා. ඒ අනුව බලනකොට ජනාධිපතිවරයාගේ හිතවත් කණ්ඩායමක් ජලය විකිණීමට අදාළ ක්‍රියාවලිය වෙනුවෙන් පත්කරන බව පැහැදිලියි. මේ ව්‍යාපෘතිවලට ආයෝජන වශයෙන් ගෙනෙන ඩොලර්වලින් කොමිස් ගහන පාලකයන් මෙතෙක් ගෙන ආ ක්‍රියාමාර්ගවලට වඩා මෙය භයානක බව අපි ජනතාවට අනතුරු හඟවනවා.
මීට අදාළව පසුගිය අගෝස්තු 29 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ලිපියක අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්.ඩී.ජේ. ප්‍රනාන්දුගේ අත්සනින් ජනාධිපති, අගමැති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම සහ වැවිලි අමාත්‍යාංශවල ලේකම්වරුන් ගණනාවකට ජල පනතක් හදන්න උපදෙස් දී තිබෙනවා. ඒ පනත හැදීමේදී ඇතුළත් කළ යුතු තීන්දු කිහිපයක්ම දක්වා තිබෙනවා. කළමනාකරණය සම්බන්ධයෙන් දැනට කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතනවල කාර්යභාරය සමාලෝචනය කර වර්තමානයට ගැලපෙන ලෙස ඒ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසුව මේ ආයතන තුන ඒකාබද්ධ කළ තනි ආයතනයක් ජල කළමනාකරණය වෙනුවෙන් පිහිටුවිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ගෘහ අවශ්‍යතා, කෘෂිකර්මය, වගේම කර්මාන්ත බලශක්ති සහ සේවා යන කටයුතු වෙනුවෙන් අපේ රටේ ජලය පාවිච්චි කරනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ කෘෂිකර්මාන්තය. අගමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මෙරට ජල සම්පත ගණනය කර, සංඛ්‍යා දත්ත මතුපිට ජලය ඝන මීටර් බිලියන 52ක්, භූගත ජලය ඝන මීටර් බිලියන 07ක් සහ කලපු ආශ්‍රිතව ඝන මීටර් බිලියන 07ක් තිබෙන බව සඳහන් වෙනවා. මේ අනුව අපේ රටේ ජලය බිලියන 66ක් තිබෙනවා.
ඒ අතර වර්ෂාපතනයෙන් වසරකට ඝන මීටර් බිලියන 130ක් ලැබෙනවා. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 750යි. නමුත් අපේ රටේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 900යි. අපි ශුෂ්ක බව නැත්නම් දුෂ්කර බව කියන ප්‍රදේශවල පවා ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ඉහළින් අපි ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය අවුරුද්දකට මිලි ලීටර් 2080ක වෙනවා.
අනාගතයේ අභිමානවත් රටක් ගොඩනඟන්න උපකාරී වන මේ ජල සම්පතේ අයිතිය ලබාගන්න බහුජාතික සමාගම් අවුරුදු තිස් ගණනක් විතර උත්සාහ කරනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ ජල සම්පත මිලදී ගන්න බහුජාතික සමාගම් තුනක් මේ රටට ආවා. සති ගණනක් රැඳී සිටියා. නමුත් අපේ දැවැන්ත විරෝධතා හමුවේ ඔවුන් පලවා හැරියා. දැන් විකුණන්න හදන්නේ එසේ රැකගත් ජල සම්පතයි. ලංකාවේ ජල පරිභෝජනයෙන් 88%ක් ගන්නේ කෘෂිකර්මාන්තයට. පානීය සහ ගෘහ අවශ්‍යතාවලට 6%කුත් බලශක්ති සහ කර්මාන්තවලට 6%කුත් ගන්නවා. කෘෂිකර්මාන්තයට 88%කට ජල ප්‍රමාණයක් ලබාදෙන වාර්මාර්ග දෙපාර්තමේන්තුව අහෝසි කර වෙනම ආයතනයක් හදනවා. ඒ ආයතනයෙන් ක්‍රියාත්මක කරන්න ජල කලමනාකරණ පනත නමින් පනතක් ගේනවා. ජලය විකිණීමේ වගන්ති තිබෙන්නේ ඒ පනතේ. ඒ වගේම ‘වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා අත්‍යාවශ්‍ය ජලය පමණක් භාවිතා කරනු බවට වගබලා ගත යුතුයි’ කියලත් සඳහන් වෙනවා. ඒ වෙනුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට ජලය පාවිච්චි කිරීමේ නිර්ණායක හඳුන්වා දෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.
මේ වතුර අයිති පාලකයන්ටද? සොබාදහමින් මහජනතාවට සහ සතාසීපාවුන්ට දුන් ජලය විකුණන්න මේ පාලකයන්ට අයිතියක් තිබෙනවාද? විකිණීම ගැන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ “ජල වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයන කිරීම” යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාවල ඇත්ත අරමුණ එළියට පනින්නේ මෙතනින්. ජල වෙළඳපොළ කියන්නේ මොකක්ද? වෙළඳපොළෙන් ජලය ගන්න ඉන්නේ කවුද? මේ රටේ ජලය 88%ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයට භාවිතා කරන බව කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ අය සඳහන් කර තිබෙනවා. කෘෂිකර්මාන්තයට පාවිචචි කරන ජලයෙන් අය කරන්න සූදානම් වෙනවා. ජල වෙළඳපොළ තිබෙන්නේ මෙතනනේ. ගෘහස්ථ අවශ්‍යතාවලට ගන්න 6%ක ජලයට දැනටමත් බිලක් ගෙවනවා. බලශක්ති සහ කාර්මික අවශ්‍යතා සඳහාත් දැනටමත් ගෙවනවා. කෘෂිකර්මාන්තයට ගන්නා 88%ක ප්‍රමාණයට මිලක් අය කරන්නයි මේ ලැහැස්තිය. මේ උත්සාහය ලප්තැනම ලොප් කරන්න ඕනෑ. ජාතියට මළගම කැඳවන මේ ජල පනතට ඉඩදෙන්න එපා කියලා අපි මේ රටේ මහජනතාවට කියනවා.
මේ කැබිනට් පත්‍රිකා විතරක් නොවෙයි, ජලය අලෙවි කරන්න පෞද්ගලික සමාගම්වලට දීලා ඛේදවාචකයන් බවට පත්වුණු ලෝකයේ රටවල් ගැන අපි දන්නවා. කොලොම්බියාව, බොලීවියාව වගේ රටවල්වලට වුණු දේ අපි දන්නවා. දැන් තුන්වේල කන්න බැරිව ඉන්න ජනතාවගේ ළිඳේ වතුරවලටත් ගාණක් ගෙවන්න, වක්කඩේට මීටර් හයිකරන්න ආවාට පස්සේ කෑ ගහලා බැහැ. දැන්ම තේරුම් අරගෙන අනතුර වළක්වන්න අපි කවුරුත් ක්‍රියාකරන්න ඕනෑ. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න අපි සූදානම්. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා දේශගුණික අරමුදල පෞද්ගලික අංශයෙන් යොදවන අතර, ජාත්‍යන්තර කළමනාකරණ ආයතනයද එකතුර කර ගන්න නියමිතයි. 70 දශකයේදී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, එකතු වී ජලය විකිණීමට ලෝක මට්ටමින් ආයතනයක් පිහිටුවන් සූදානම් වුණා. ඒ වෙනුවෙන් ලතින් අමෙරිකාවට, අප්‍රිකාවට, වගේම ආසියාවේ තැන් තැන්වලටත් ගිහින් ඒ ආයතනය පිහිටුවා ගන්න ඉඩම් සොයා ගන්න බැරිවුණා. නමුත් ඒ ආයතනය දාන්න ලංකාවේ ආණ්ඩුව ඉඩ දුන්නා. ජලය පෞද්ගලික කිරීමේ ආයතනය බත්තරමුල්ල පැලවත්තේ පිහිටුවා තිබෙනවා. ‘ඉමි’ කියන්නේ ඒ ආයතනය. සෝල්හයිම්ලත් දාගෙන ලෝක බැංකුවේ උපදෙස්වලට අනුව කරන්න යන මේ විනාශය ගැන තොරතුරු අධ්‍යයනය කරලා මේ පළමු මාධ්‍ය හමුවේදී අපි රටට තොරතුරු හෙළිකරනවා. 2001 රිගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ගෙන ආ රනිල්ගේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වී ගෙදර යන්න වුණා. ඒ රනිල් අද රාජපක්ෂලාගේ අතිනත් ගෙන ජල සම්පත විකුණන්න කරන උත්සාහය පරාජය කරන්න ඕනෑ. මේ පනත වහ වහා පරාජය කරන්න සමස්ත ජනතාවට අප හා එක්වන ලෙස ඉල්ලා සිටිනවා.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය(FUTA) අද(11) දින ජාතික ජන බලවේගය හමුවිය. එහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිව ඇති බරපතල අර්බුදය පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය. දැනට විශ්වවිද්‍යාල සඳහා බඳවාගෙන ඇති සිසුන් ප්‍රමාණය සඳහා ආචාර්යවරු 12900ක් පමණ අවශ්‍ය වුවත් සිටියේ 6000කට ආසන්න ප්‍රමාණයකි. එයින්ද මේවන විට පනවා ඇති අධික බදු නිසා ආචාර්යවරු දහසක් පමණ රට අතහැර ගොස් තිබේ. විශ්ව විද්‍යාල […]
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය(FUTA) අද(11) දින ජාතික ජන බලවේගය හමුවිය. එහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිව ඇති බරපතල අර්බුදය පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය.
දැනට විශ්වවිද්‍යාල සඳහා බඳවාගෙන ඇති සිසුන් ප්‍රමාණය සඳහා ආචාර්යවරු 12900ක් පමණ අවශ්‍ය වුවත් සිටියේ 6000කට ආසන්න ප්‍රමාණයකි. එයින්ද මේවන විට පනවා ඇති අධික බදු නිසා ආචාර්යවරු දහසක් පමණ රට අතහැර ගොස් තිබේ. විශ්ව විද්‍යාල තුළ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය අවම යටිතල පහසුකම් ද නොමැත.
සිසුන්ට ලැබෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාද අඛණ්ඩව නොලැබීම නිසා බොහෝමයක් විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණ ඌනතා පවතින බවත්, එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වී ඇති බවත් ආචාර්යවරු පෙන්වා දුන්හ.
උසස් අධ්‍යාපනයේ මතුව ඇති ගැඹුරු අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බල කෙරෙන ක්‍රියාමාර්ග පක්ෂයක් ලෙසත් ඒකාබද්ධවත් ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී පැවසීය. රට ගොඩනැගීමේ දී ජාතික ජන බලවේගය විශ්වාසය තබා ඇත්තේ මානව සම්පත සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා උසස් අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ජාතික ජන බලවේග නියෝජිතයන් වැඩිදුරටත් ප්‍රකාශ කලහ.
මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන ඇතුළු එහි විධායක සභිකයින් එක්ව සිටියා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව සිටියා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් අද (11) පෙරවරු 11.30ට ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදෙන ලදි. වත්මන් ආණ්ඩුව විසින් ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය 05 වෙනිදාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික […]
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් අද (11) පෙරවරු 11.30ට ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදෙන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය 05 වෙනිදාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා” යයි ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ – සුනිල් වටගල ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 08දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු ඇතුළු නීතිීඥවරු සහ නීතිඥවරිය මෙසේ අදහස් දැක්වූහ.”ඔන්ලයින් ඇප් එක ගැන ජාතික ජන […]
”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා” යයි ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ – සුනිල් වටගල ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 08දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු ඇතුළු නීතිීඥවරු සහ නීතිඥවරිය මෙසේ අදහස් දැක්වූහ.
”ඔන්ලයින් ඇප් එක ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස නෛතික විග‍්‍රහයක් කරන පති‍්‍රකාවක් මුළු රටටම ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනතේ හරයාත්මක කරුණු මෙම ලියවිල්ලට ඇතුළත් කර තිබෙනවා. අද අපි එය මාධ්‍යයට නිරාවරණය කරන්න සූදානම්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නෛතික සිද්ධාන්තයන්ට පටහැනි මේ පනත ගැන මුලින්ම නීතිඥ ප‍්‍රජාව දැනුවත් කර, සාමාන්‍ය ජනතාවත් දැනුවත් කිරීමට අදාළව මේ දැනුවත් කිරීමේ පති‍්‍රකාව සකස් කර තිබෙනවා. අපි දැනටමත් මේ පනත් කෙටුම්පතට විරුද්ධව අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සහ ගම්පහ අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන්ගේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා. සඳුදා (09 දින, උදේ 09.30ට උතුර, නැගෙනහිර පළාත්වල සියලූ නීතිඥ මහත්ම මහත්මීන් පැමිණීමෙන් මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් විරෝධතාවක් පැවතෙන අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් දිවයිනේ සියලූම දිස්ති‍්‍රක්කවල නීතිඥවරුන්ගේ විරෝධතාවන් පවත්වනවා. විෂය භාර ඇමතිට අපි අවධාරණය කරන්නේ මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා. මෙය රටේ නීතිය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙයි.
සාපරාධී අපහාස නීතිය අහෝසි කළ බව රනිල් වික‍්‍රමසිංහ කියනවා. නමුත් ඒ ඉවත් කළා කියන සාපරාධී නීතිය දැන් ඉදිරිපත් කර තිබෙන ඔන්ලයින් කෙටුම්පතේ 22 වන වගන්තියෙන් යළි හඳුන්වා දී තිබෙනවා. මිස්ටර් ක්ලීන්ගේ තරම එයින් පැහැදිලියි. ජනාධිපති විසින් පස්දෙනෙකු පත්කර නීතියේ අපගමනයක් සිදුකරන්න රනිල් වික‍්‍රමසිංහ කි‍්‍රයාකරන ආකාරය පැහැදිලියි. මෙය හරියටම 22 වන ව්‍යවස්ථා සංශෝධනයක් වගේ පැහැදිලියි. මේ උත්සාහ කරන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් ගොඩනඟා ගන්න. ඡුන්දය නොපවත්වා තවදුරටත් යා හැකි ක‍්‍රමයක් මේ මගින් ජනාධිපතිවරයා සොයා ගන්න උත්සාහ කරනවා. නමුත් නීතිඥ ප‍්‍රජාව සහ ජනතාව ව්‍යවස්ථානුකූලව පෙළ ගස්වා මේ අනපනත් හකුලා ගැනීමට අදාළ පීඩනයත් ආණ්ඩුවට එල්ල කරනවා.”
සාධරණත්වය, යුක්තිසහගත බව සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි. -ජාතික ජන බලවේගයේ සංවිධානයේ – නීතිඥ හේමක සේනානායක-
”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත සහ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිළිබඳවත් මේ ආණ්ඩුව යටතේ නැවත පැන නැගී තිබෙන අධිකරණ බලපෑම සම්බන්ධයෙනුත් අපගේ විශේෂ අවධානය යොමුකර තිබෙනවා. මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, ශිෂ්ටත්වයේ, සාධාරණත්වයේ කොඳු නාරටිය අධිකරණයයි. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයට සිදුකරන බලපෑම් නිසා රටේ යුක්තිය ඉෂ්ට කිරීමේ කි‍්‍රයාවලියට විශාල බලපෑම් එල්ල වී තිබෙනවා. 1983 ජූලි මස 08 වැනිදා පැවැත් වූ විරෝධතාවයකදී විවියන් ගුණවර්ධනගේ යටි බඩට ගනේශනාධන් කියන පොලිස් නිලධාරියා පහරක් එල්ල කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව පර්සි කොලෙන්තෝනි, ජේ.එම්.ඒ. සෝසා සහ බාන්ස් රත්වත්තේ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත්තා. මේ නඩුවේදී ගනේෂ් නම් පොලිස් නිලධාරියා වැරදිකරු බවත් ඔහුගේ ඔහුගේ පෞද්ගලික ධනයෙන් රුපියල් 2500ක වන්දියක් විවියන් ගුණවර්ධනට නියම කළා. නමුත් එම දඩය රජයේ මුදලින් ගෙවා පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබා දුන්නා. මේ නඩු තීන්දුව දීමෙන් පසු කළු ලකී කියන මැරයාව යවලා විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගැහුවා. කළු ලකී එම වගකීම භාරගත්තා. නමුත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ලක්ෂමන් ප‍්‍රනාන්දු හෙවත් කළු ලකීව අත්අඩංගුවට ගැනීමට සොයා ගත නොහැකි බවයි. මේ අතර ‘සන් පුවත්පත’ කළුලකීගේ මඟුල් ගෙදර ඡුායාරූප ප‍්‍රසිද්ධියට පත් කළා. එවකට අධිකරණ ඇමතිව සිටි නිශ්ශංක විජේරත්න, එවකට තරුණ කටයුතු ඇමති, අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහත් ඒ ඡුායාරූපවල සිටියා. අධිකරණයට සිදුකළ මේ කුප‍්‍රකට බලපෑම් එතනින් අවසන් වුණේ නැහැ. මේ සිදුවීම් කාලයත් සමග යටපත් වුණත් අධිකරණයට සිදුකළ බලපෑම අවසන් වුණේ නැහැ. රිෂාඞ් බදුර්දීන් සිදුකළ බලපෑම අරගලය කාලයේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්හට කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමිය ඇප ලබාදීම වැනි අවස්ථා දක්වා මෑත කාලය වනතුරු පවතිනවා. කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමියගේ ආරක්ෂාව රැය පහන් වන විටම ඉවත් කර තිබුණා. මුලතිව් අධිකරණයේ සිටි සරවන රාජා විනිසුරුතුමා සඳහන් කරන්නේත් ඔහුගේ ආරක්ෂාව ඉවත් කළා කියලා. බලපෑම් හමුවේ කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමිය ඉවත් වුණේ නැහැ. තව පැත්තකින් පළාත් පාලන මැතිවරණයට වහාම වෙන්කළ මුදල් ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා කළ නියෝගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත්කරන ලෙස පේ‍්‍රමනාත් දොලවත්ත කියන මන්තී‍්‍රවරයාත්, ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරයාත් යෝජනා කර තිබුණා. පේ‍්‍රමනාත් දොලවත්ත කියන්නේ නීතිඥවරයෙක් නිසා ඔහු කළ ප‍්‍රකාශය නොදැන කළ එකක් නොවෙයි. මේ යෝජනා පිටුපස රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අදිසි හස්තය ඒ පිටුපස තිබුණා. නමුත් ඔවුන්ගේ ඒ යෝජනාවට සිදුවුණු දෙයක් අද වෙනකොට නැති වුණත් එවැනි ප‍්‍රකාශ මගින් ගරු විනිසුරුතුමන්ලාව බිය ගැන්වීමක් කරන්නේ. මුලතිව් දිසා විනිසුරුවරයා ඇසූ නඩුවල අන්තර්ගතය පිළිබඳව අපි ප‍්‍රශ්න කරන්නේ නැහැ. ස්වාධීනව නඩුවක් විමසන්න බැරි නම්, රටේ යුක්තිය සාධාරණත්වයට මොකක්ද වෙන්නේ? අධිකරණ කොමිෂන් සභාව සහ ඉහළ ආයතනවලින් අපි දැඩිව ඉල්ලා සිටින්නේ සරවණ රාජා විනිසුරුතුමාගේ දුක්ගැනවිල්ල පිළිබඳව සාධාරණ විමර්ශනයක් කරන ලෙසයි. ගරු විනිසුරුතුමන්ලාට ස්වාධීනව නිදහසේ තමන්ගේ තීන්දු තීරණ නීතියට අනුව ලබාදීමේ පසුබිම රජයක් විසින් ස්ථාපිත කළ යුතුයි. පාර්ලිමේනතුවේ මුස්ලිම් කොන්ග‍්‍රසයේ පක්ෂ මාරු කිරීමත් සමග මන්තී‍්‍ර ධුරය අහෝසි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මේ තීන්දුව පිළිබඳව ආණ්ඩුව සන්තෝෂ වන්නේ නැහැ. මම මෙයට පෙර කියූ කරුණු ඒ ආකාරයෙන්ම සිදුවුව හොත් නසීර් මොහොමඞ් නඩු තීන්දුවට විරුද්ධවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න ඉඩ තිබෙනවා. ගරු විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගහලා විරෝධය පළ කිරීමේ තර්ජනයක් තිබෙනවා මේ යන්නේ ගෝති‍්‍රකවාදී සමාජයකට. නීතියේ උත්තරීතර බව, සාධාරණත්වය, යුක්තිසහගත බව තිබෙන සමාජයකට නොවෙයි.”
අධිකරණය ඉදිරියේ වගේම ඉන් පිටතදීත් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ - නීතිඥ චමිලා ගුණසේකර ”
පසුගිය කාල වකවානුව තුළ විකාශන අධිකාරී පනත, ත‍්‍රස්තවිරෝධී පනත සහ මාර්ග ගත ක‍්‍රමවල සුරක්ෂිතතාව ආදී වශයෙන් මර්දනීය පනත් ගෙනත් තිබෙනවා. මෙතන පනත් තුනක් වගේ පෙනුනාට එකම අරමුණකින් ගෙන ආ එකම පනතක් තිබෙන්නේ. රජයට විරුද්ධව නැගෙන ජනතාවගේ හඩ යටපත් කිරීම එකම අරමුණයි. මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට කොමිෂන් සභාවක් පත්කරන්න සූදානම් වෙනවා. මෑත යුගයේ පත්කළ කොමිෂන් සභාවල කි‍්‍රයාකාරිත්වය වගේම ඉතිහාසයේ පත්කර තිබූ බොහෝ කොමිෂන් සභාවල කිසිම විශ්වසනීයත්වයක් නැහැ. හඳුන්වා දී තිබෙන ඔන්ලයින් පනතේ වෛරී ප‍්‍රකාශන, අසත්‍ය ප‍්‍රකාශන, රජයට විරුද්ධව කැරලි ගැසීම, නිවැරදි පුද්ගලයන් ලෙස වංචනික පුද්ගලයන් පෙනී සිටීම වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පිහිටුවන්න යෝජනා කර තිබෙනවා. කොමිෂන් සභාව ලබාදෙන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණයක් ඉදිරියට යන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ කොමිෂන් සභාවට පත්කරන්නේ මේ ඊනියා ආණ්ඩුවේ නිලධාරීන්ම බව අපි දන්නවා. ජනතාව වැරදි කරනවාද කියලා සොයා බලන්න පත්කරන කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ ආණ්ඩුවේ ගැත්තන්. ඔවුන්ගෙන් සාධාරණ සහ යුක්තිසහගත තීරණයක් ජනතාව වෙනුවෙන් ලැබේ යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ජනතාවට විරුද්ධව මේ ගෙන එන පීඩාකාරී පනත්වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම සිදුවෙනවා.”
රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ඉන්න මන්තී‍්‍රවරුන්ගේ ආශීර්වාදයෙන් පත්වී මහජනතාවට තොණ්ඩුව දාන්න ලැහැස්ති වෙනවා.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ – නීතිඥ – ලාල් කුමාරපේලි
”රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් දෑත්, දෙපා සහ කට, බැඳ දමන ත‍්‍රස්ත විරෝධී පනත සහ මාර්ගගතවල සුරක්ෂිත තාවය පිළිබඳව පනත් කෙටුම්පත් නමින් ගැසට් කර තිබෙනවා. මේ කෙටුම්පත්වල අරමුණ මහජනතාවගේ අභිවෘද්ධිය පිණිස පවතින නීති සංශෝධනය කර ගැනීම නොවෙයි. පාලකයාට ජනතාවගෙන් එල්ල වන විරෝධය වළක්වා ගැනීම සඳහා ඇතිකර ගන්නා නීති කෙටුම්පත් කර තිබෙනවා. මේ තත්වය සරල භාෂාවකින් මහජනතාවට පැහැදිලි කර දෙන්න අත්පත්‍රිකාවක් සූදානම් කර තිබෙනවා. බලයේ උල්පත ජනතාවයි. පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට යන්නේ මහජනතාවගෙන්. පිනට පත්වූ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ඉන්න මන්තී‍්‍රවරුන්ගේ ආශීර්වාදයෙන් පත්වී මහජනතාවට තොණ්ඩුව දාන්න ලැහැස්ති වෙනවා.
රනිල් වග කියන්නේ ඔහුව පත්කර ගත් මන්තී‍්‍රවරුන්ට. ජනතාවට මර්දන පනත් ගෙනත් බියගන්වා තබාගන්න උත්සාහ කරන අතර, සේවක අර්ථසාධක අරමුදල කොල්ල කන්න කි‍්‍රයාකරනවා. එයට එරෙහිව හඩ නඟන අය ත‍්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නයි මේ පනත් ගෙන එන්නේ. අයිතිවාසිකම ඉල්ලන ගොවියන්, අධ්‍යාපනය රැකගැනීමට හ
ඩ නඟන සිසුන් ඇතුළු පිරිස් මර්දනය කරන්න ගෙන එන මේ පනත් වගේම මේ පාලකයනුත් පරාජය කිරීමට ජනතාව එකාවන්ව කි‍්‍රයාකළ යුතුයි.”
මේ පනත් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදීන් විමසූ අතර ඊට නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් මෙසේ පිළිතුරු ලැබුණි..
”මහජනතාව දැනුවත් කිරීමේ පති‍්‍රකා බෙදීම එක පියවරක්. විජිත හේරත් මන්තී‍්‍රවරයා ප‍්‍රතිත‍්‍රස්ත පනතට විරුද්ධව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එරංග ගුණසේකර ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ලබන සතියේ හරිනි අමරසූරිය මන්තී‍්‍රවරිය විසින් ඔන්ලයින් පනත කාන්තාවන්ට බලපාන ආකාරය ගැන පෙත්සමක් ඉදිරිපත් කරනවා. අධිකරණය හරහා ගන්නා කි‍්‍රයාමාර්ග විතරක් මදි. මහජනතාව විසින් ප‍්‍රතිචාර දැක්වීමත් අවශ්‍යයි.”
අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක් බවත්, රැඩිකල්භාවය යනු තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ඉදිරියට ගෙනයාම බවත් අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්තිසහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කලේය. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය […]
අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක් බවත්, රැඩිකල්භාවය යනු තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ඉදිරියට ගෙනයාම බවත් අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්තිසහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කලේය. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය ඔක්තෝබර් 08 දා කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති චේ සමරු වැඩසටහනේදීය.
ජාත්‍යන්තරවාදියෙක් මෙන්ම විප්ලවවාදියෙකු වූ අර්නස්ට් චේ ගුවෙරා ඇමරිකානු CIA සංවිධානයේ මෙහෙයවීම මගින් 1967 ඔක්තෝබර් 08 වෙනි දින බොලීවියාවේදී ඝාතනය කරන ලදී. චේ ගේ 56 වෙනි සමරුව ඔක්තෝබර් 08 දිනට යෙදී තිබුණි. චේ සමරුව සඳහා සමාජවාදී තරුණ සංගමය (07) දින උදෑසන යහල කැලේ චේ උද්‍යානයේදී චේ දින සැමරුමකුත් (08) දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සමරු උළෙල සහ සංස්කෘතික වැඩසටහනකුත් පවත්වන ලදි.
යහලකැලේ චේ උද්‍යානයේ පැවති චේ සමරුව සඳහා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන සම්පත් අමරසිංහ, මහේෂ් අඹේපිටිය යන සහෝදරවරු ඇතුලු තරුණ පිරිසක් එක්ව සිටියහ.
ඔක්තෝබර් 08 දා විහාරමහාදේවි උද්‍යානයේදී පැවති සමරු උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් තරුණ තරුණියන් අති විශාල පිරිසක් සහභාගී වූහ. එහි ප්‍රධාන සමරු දේශනය අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් පවත්වන ලදි. එසේම අර්නස්ට් චේ ගුවෙරාගේ විප්ලවවාදී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් ප්‍රදර්ශනයක්ද මෙම උළෙලේදී සංවිධානය කර තිබූණි. තවද එම අවස්ථාවේදී ඇමරිකානු සම්බාධක විසින් කියුබානු ජනතාව මත ඇති කරන පීඩනයට එරෙහිව කියුබානු ජනතාවට සහය පල කරන “කියුබානු ප්‍රකාශනය”, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ වෙත පිලිගන්වන ලදි.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2023.10.04‘මවුබිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක් – මලෛයිගම් 200’ අපේ රටට කඳුකර දමිළ ජනතාව ඇවිත් අවුරුදු 200ක් පිරෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට ඔවුන් ගෙන ඒම 1820දී ආරම්භ වුණා. වැඩකරන ප්‍රජාවක් ලෙස මුල්වරට ගෙන එනු ලැබුවේ ආවේ 1823දීයි. මේ වෙනකොට ගෙවුණු වසර 200 තුළ ලංකාවේ පුරවැසියන් හැටියට කඳුකර දමිළ ප්‍රජාව වැඩිම පීඩාවකට ලක්වී […]
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2023.10.04
‘මවුබිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක් – මලෛයිගම් 200’
අපේ රටට කඳුකර දමිළ ජනතාව ඇවිත් අවුරුදු 200ක් පිරෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට ඔවුන් ගෙන ඒම 1820දී ආරම්භ වුණා. වැඩකරන ප්‍රජාවක් ලෙස මුල්වරට ගෙන එනු ලැබුවේ ආවේ 1823දීයි. මේ වෙනකොට ගෙවුණු වසර 200 තුළ ලංකාවේ පුරවැසියන් හැටියට කඳුකර දමිළ ප්‍රජාව වැඩිම පීඩාවකට ලක්වී සිටිනවා. මෙම ප්‍රජාවගෙන් 67%ක් තවමත් ජීවත් වන්නේ පුංචි ලැයිම් කාමරවලයි. ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ තත්වයද ඒකයි. තමන්ගේ කියා ඉඩමක්, දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැතිවා වගේම ලංකාවේ වැඩිම සෞඛ්‍ය ප්‍රශ්නවලින් බැටකන ජනතාවක් ලෙස අදටත් ඔවුන් සිටිනවා. මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවලට විසිරී සිටියත් දරිද්‍රතාවයෙන් වැඩිම පීඩා විඳින්නේ මේ ජනතාවයි.
පාලකයන් විවිධ අවස්ථාවලදී මේ ජනතාවගේ ඡන්ද අයිතියත් පුරවැසි අයිතියත් උදුරා ගත්තා. 1948දී ඡන්ද අයිතිය උදුරා ගැනීමත් සමග අවුරුදු 35ක් පුරා ඡන්ද අයිතියක් නැතිව ඔවුන් මේ රටේ හිටියා. ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මේ ආණ්ඩු සලකන්නේ නැහැ. රටක් නැති, ඉඩමක් නැති, ගෙයක් දොරක් නැති, නිසි අධ්‍යාපනයක් නැති, නිසි සෞඛ්‍ය පහසුකමක් නැති පිටස්තරයන් හැටියටයි ඔවුන් තවමත් ජීවත් වන්නේ. නමුත් කඳුකර දමිළ ජනතාව කියන්නෙත් ශ්‍රී ලාංකික පුරවැසියන්. ශ්‍රී ලාංකිකයන් හැටියට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් සියල්ල ඔවුන්ටත් ලැබිය යුතුයි. නමුත් මේ වන විට වසර 200ක් ගතවී තිබුණත් ඒ මූලික පිළිගැනීමවත් ඔවුන්ට ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ජන ප්‍රජාව ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහටම සලකනවා. එපමණක් නොවෙයි, “මව්බිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක්” බිහිකිරීමේ අරමුණෙන් ජාතික ජන බලවේගය මේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් වසර 200ක් සැමරීම නොවෙයි අපේ අරමුණ. ජාතික ජන බලවේගයේ අපි ප්‍රතිපත්තියක් විදිහට, වැඩපිළිවෙළක් විදිහට, කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසම සලකලා අනෙකුත් ලාංකික පුරවැසියන් වෙත ලැබෙන සියලු අයිතිවාසිකම් මේ අයටත් හිමිකර දීමේ සටන අපි ඉදිරියට ගෙන යනවා.
ඒ අර්ථයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කඳුකර දමිළ ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව සංවිධානය කරමින් ඉන්න අතර, ඔක්තෝබර් 01 සිට 15 දක්වා කාලය තුළ “මලෛයිගම් 200” යනුවෙන් ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියාකරන කාලයක් ලෙස නම්කර, වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 15දා හැටන් නගරයේදී ඓතිහාසික හැටන් ප්‍රකාශය එළිදක්වන්න සූදානම් කරගෙන යනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ඇතුළු විවිධ නායකත්වයන්ගෙන් යුක්තව කඳුකර දමිළ ජනතාවගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන ශක්තිමත් කර, තවදුරටත් ඉදිරියට ගෙනයනවා. මෙම ජනතාව තවදුරටත් මේ පීඩනය නොදැරිය යුතුයි කියන අධිෂ්ඨානයෙන් මේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවදුරටත් කැපවෙන අතර, අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත් වීමත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සටනට මැදිහත් වී ජයග්‍රහණය දක්වා අත්වැල් බැඳගෙන යන්න සියලු දෙනාගේ මැදිහත්වීම අපි අපේක්ෂා කරනවා. වසර 200ක් පිරෙන කඳුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න හැමදෙනාටම එක්වෙන ලෙස ආරාධනා කරනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය විජය කුමාර්, ආචාර්ය පෙරුමාල් සිවප්‍රකාශම්, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්, සමස්ත ලංකා වතුකම්කරු සම්මේනයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන අයද අදහස් දැක්වූහ.