Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

එක්ස්ප්‍රස් පර්ල් නැවට සිංගප්පූරුවේ නඩු දැමීම සැක සහිතයි

ගිනි ගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා සිංගප්පූරුවේ නඩු දැමීම බලවත් සැකයක් බව ජාතික  ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි අවධාරණය කළාය. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දු වෙන, ප්‍රතිත්‍රස්ත පනත ගැන උනන්දු වන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කළ යුතු බවද ඇය සඳහන් කළාය. ජවිපෙ මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය  හමුවේදී  ඇය මේ […]

ගිනි ගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා සිංගප්පූරුවේ නඩු දැමීම බලවත් සැකයක් බව ජාතික  ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි අවධාරණය කළාය. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දු වෙන, ප්‍රතිත්‍රස්ත පනත ගැන උනන්දු වන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කළ යුතු බවද ඇය සඳහන් කළාය. ජවිපෙ මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය  හමුවේදී  ඇය මේ බව පැවැසුවාය. ඇය වැඩිදුරටත් මෙසේද කීය.

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් වන්දි නඩුව සිංගප්පූරුවේ පැනවූයේ ඇයි? කියලා අපි දන්නේ නැහැ. නීතිපතිතුමා ගන්නා ලද  තීරණය රට පැත්තෙන් විවාදාත්මක තත්ත්වයක් තිබෙන්නේ. මේ නැව ගිනි ගත්තේ 2021 මැයි 20දා ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ. මේක ලෝකයේ විශාලම සාගර අනතුරක්. සිංගප්පූරුවට අයත් මාස තුනක් පමණ වන අලුත්ම නැවක්. ගින්න ආරම්භවී දවස් 13ක් පමණ පැවතුණා. මුහුදු ජීවීන්ට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට සහ වායුගෝලයට පමණක් නොවෙයි ලංකාවාසීන්ගේම සෞඛ්‍යයට මුදලින් ගණනය කළ නොහැකි තරම් තර්ජනයක් ඇති වුණා. අපි කතා කරන මේ මොහොතේ පවා මුහුදට එකතු වුණු රසායන ද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 80,000ක රසායනික ක්‍රියාවලිය තව දශක ගණනාවක් ඉදිරියට බලපෑම් කරන බව විශේෂඥයන් මත පළ කර තිබෙනවා. ප්ලාස්ටික් පෙබල්ස් බිලියන 50ක්, අවදානම්කාරී නයිට්්‍රක් ඇසිඩ් ටොන් 25ක් වගේම විදෙස් ශ්‍රමිකයන්ගේ භාණ්ඩ මේ නැවේ තිබිල තියෙනවා.

ලෝකයේ මේ දක්වා සිදුවුණු ප්ලාස්ටික් පෙබල්ස් සම්බන්ධ විශාලම නෞකා අනතුර හැටියට මෙය වාර්තාවී තිබෙනවා. අනාගත පරපුර මේ ව්‍යසනය පිළිබඳ පාලකයන් සහ අපි හැමදෙනාගෙන්මත් ප්‍රශ්න කරන්න ඉඩ තිබෙනවා. අපි මේ ඉටු කරන්නේ දේශපාලන වගේම පුරවැසි වගකීමක්. නීතිපතිතුමා මේ සම්බන්ධ වන්දි නඩුව සිංගප්පූරුවේ පනවා තිබෙන බව වාර්තා වෙනවා. පරිසරයට, සෞඛ්‍යයට, වායුගෝලයට මේ සා විශාල හානියක් සිදුවීම ගැන වන්දි ලැබීමෙන් නැවත යථා තත්ත්වයට පත්කරන්න බැහැ. නමුත් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලංකාවේ බලපැවැත්වෙන පරිසර පනත් 20ක කොන්දේසි උල්ලංඝනය වී තිබෙනවා. තල්මසුන් හතරදෙනෙක්, ඩොල්ෆින් මාළුවන් 20ක් ඇතුළු සතුන්ගේ මිය යෑම සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ 28ක නඩු පවරා තිබෙනවා. ධීවර පවුල් 25,000ක් පමණ මෙයින් බලපෑමට ලක්වුණා. වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු සඳහා පමණක් වෙරළ සංරක්ෂණ අධිකාරියට ඩොලර් මිලියන 10ක් ලැබුණු බව කියනවා. වන්දි සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ සමස්ත හානිය පිළිබඳවයි.

මෙයට පෙර සුනාමි ව්‍යසනය, ගංවතුර, නාය යෑම් වැනි ප්‍රශ්නවලට විස¾දුම් ලැබුණේ නැහැ වගේම මේ හානියටත් විස¾දුම් නොලැබේදැයි බරපතළ සැකයක් තිබෙනවා. ලංකාවේ පාරිසරික සහ මානව ජීවිතයට අදාළ ජාතික වැදගත්කමකින් යුත් නඩුවක් හැටියට දිනපතාම විභාග කරන්න ලංකාවේ කිසිම බාධාවක් නැහැ.

නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර

අපි හැමෝම ජනමාධ්‍ය ඔස්සේ නැව ගිනිගත් හැටි දැක්කා. ඊට පස්සේ ගැඹුරු මුහුදට නැව ඇදගෙන ගිය බවට ප්‍රවෘත්ති පළ වුණා. මේ ගින්න නිසා මනුෂ්‍යයා ඇතුළු සියලුම ජීවීන්ට සිදුවන විනාශය පිළිබඳ කරුණු වාර්තා කර තිබුණා. සාගර නීති සම්මුතියකින් ලෝකයේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටිනවා. ඒ නිසා සාගර දූෂණයට එරෙහිව තම තමන්ගේ අධිකරණ බලසීමාවන් තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ විශාල හැකියාවක් තිබෙනවා. නමුත් අපිට අහන්න ලැබී තිබෙන්නේ සිංගප්පූරුවේ රාජ්‍ය අධිකරණ බලප්‍රදේශය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් වන්දි නඩුවක් පවරා තිබෙන බවයි. පසුගිය අවුරුදු කිහිපයක් ඇතුළත කැබිනට් ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, හිටපු ජනාධිපතිවරු වගේ අය “එදා මට වැරදුණා, සමාවෙන්න” යනුවෙන් කියා තිබෙනවා. අපිට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එවැනි තත්ත්වයක් මතුවේ‍ෙදා්යි බරපතළ සැකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි ලෝකයේ කොයි අධිකරණයකින් හෝ ලැබෙන සාධාරණ නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවා.

මේ රටේ ප්‍රධානම රජයට උපදෙස් දෙන නීති නිලධාරියා හැටියට නීතිපතිවරයා සෑහෙන කරුණු සලකා බලා සිංගප්පූරුවේ නඩු පවරන්න තීන්දු කළා වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයක නඩු පැවැරිය හැකි බවත් අවධාරණය කරන්න ඕනෑ.

මෙහි පවතින සිවිල් ප්‍රශ්නයක් සහ ජාත්‍යන්තර නීති ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකා රජය, අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව දැනුවත් වීමෙන් සිංගප්පූරුවේ නඩු පවරා නැති බවයි වාර්තා වෙන්නේ. ලංකාව තුළ නඩුව පැවැරීම සහ සිංගප්පූරුවේ නඩු පැවැරීම යන විකල්ප දෙකෙන් සිංගප්පූරුව සම්බන්ධයෙන් විශේෂඥයන් තීරණයක් ගත්තා නම් සුදුසුම විකල්පය තෝරා ගත් බව මහජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ සුදුසුම විකල්පය සම්බන්ධයෙන් තහවුරු කරන්න අදාළ කරුණු ඉතා ඉක්මනින්ම නිල වශයෙන් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. මම මේ කියන්නේ නඩුවේ අපිට අදාළ වාසි අවාසි කරුණු හෙළි කරන්න කියලා නොවෙයි. සිංගප්පූරුව තෝරා ගැනීම සඳහා බලපෑ තාර්කික බුද්ධිමය හේතු ඉදිරිපත් කළ යුතු බවයි මම කියන්නේ.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති හේමක සේනානායක

නැව ගිනි ගැනීමෙන් මුහුදු ජීවීන්ට සහ මුහුදු පත්ලට සිදුවුණු අලාභය වසර 500කටත් වඩා පවතීවි යැයි පරිසර විශේෂඥයන් මතුකර තිබෙනවා. තල්මසුන් සහ ඩොල්ෆින්ලාට අමතරව කැස්බෑවුන් 176 දෙනකුට අධික සංඛ්‍යාවක් මිය ගියා. ගණනය කළ නොහැකි තරම් මුහුදු විශේෂ 400කට පමණ අයත් ජීවී විශේෂයන් විනාශවී තිබෙනවා. මිනිසුන්ට අමතරව මේ වැනි විනාශයක් සිදුවී තිබියදී මේ රටේ අධිකරණ ඇමැතිවරයා විසින් ඉතා බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. මේ වන්දි ලබාගැනීමට බාධා කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් යම් පුද්ගලයකු ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥ අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි මුදලක් හුවමාරුවීම සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමැතිවරයා චාමර ගුණසේකර නැමැත්තකුගේ ගිණුමට මේ මුදල් ගිය බවත් හෙළි කරනවා. අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරන මුදල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ලබාදීමෙන් සහ ලබාගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? 2020 සැප්තැම්බර් 03දා එම්.ඩී. නිව් ඩයමන් බොරතෙල් රැගත් නැවක් ලංකා මුහුදු සීමාවේදී ගිනිගත්තා. අද වන තුරුත් මෙයින් සිදුවූ අලාභයට සම්බන්ධ වන්දි ගැනීම සිදුකර නැහැ.

මේ රටේ පුරවැසියන් හැටියටත් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ හැටියට සහ සාමාජිකයන් හැටියටත් විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය පිළිබඳ බරපතළ අවධානය යොමුකර තිබෙනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ ප්‍රමුඛතාව ලබාදෙමින් පොලිසිය පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේක රටක්, රටක මිනිස්සු සහ රටක අනාගතය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නයක් බව අපි අවධාරණය කරනවා.

අනුරාධා හේරත් (මව්බිම()

Show More

රනිල් ත්‍රාඩ බලය උපයෝගී කර ගනිමින් මැතිවරණය කල්දාන්න කොමිසමට බලපෑම් කරනවා – අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ත්‍රාඩ බලය හා කීකරු ඇමති මණ්ඩලය උපයෝගී කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර මැතිවරණය කල් දැමීම සඳහා එම කොමිසමට බලපෑම් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළි කළේය. ඊයේ (09) රැස්වූ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධීව ඔවුන්ගේ බලය ඉක්මවා යමින් මැතිවරණ කොමිසමට […]

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ත්‍රාඩ බලය හා කීකරු ඇමති මණ්ඩලය උපයෝගී කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර මැතිවරණය කල් දැමීම සඳහා එම කොමිසමට බලපෑම් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළි කළේය.

ඊයේ (09) රැස්වූ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධීව ඔවුන්ගේ බලය ඉක්මවා යමින් මැතිවරණ කොමිසමට බලපෑම් කර පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බාර නොගන්නැයි පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මගින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දන්වා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රකාශ කළේය. එහෙත් මෙම කැබිනට් මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් නොදන්නා බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන්ට එම නියෝගය නිකුත් කිරීමෙන් පෙනී යන්නේ යැයි ඔහු සඳහන් කළේය.

මෙම බලපෑම් නොසලකා මැතිවරණ කොමිෂන් සභාව ඇප මුදල් තැන්පත් කිරිම් භාරගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇතැයිද ඒ අනුව නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට එම කොමිෂන් සභාව කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ බලපෑම්වලට යටත් නොවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලය ගෙන යන මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවට මෙහිදී අවධාරණය කළේය.

https://youtube.com/watch?v=mYkS607chZw%3Ffeature%3Doembed



– LANKATRUTH

Show More

ශ්‍රී ලාංකේය ජනතාවට 2023 නව වසර ජයග්‍රාහී සුබ නව වසරක් වේවා!

ඉතිහාසය වෙනස් කරන්නේ අධිෂ්ඨාන සහගත ජනතාවය. දැන් එම ජනතාවගේ කාලය එළඹ තිබේ. ඉතිහාසය අලුතින් ලිවීමට පෙරට එන සියලු ශ්‍රී ලාංකේය ජනතාවට 2023 නව වසර ජයග්‍රාහී සුබ නව වසරක් වේවා! வரலாற்றினை மாற்றியமைப்பவர்கள் திடசங்கற்பம் கொண்ட மக்களே! இப்பொழுது அந்த மக்களுக்கான காலம் பிறந்துள்ளது. வரலாற்றினை புதிதாக எழுதிட முன்வருகின்ற அனைத்து இலங்கை மக்களுக்கும் 2023 ஆம் வருடம் வெற்றிகரமான இனிய புது வருடமாக அமையட்டுமென நல்வாழ்த்து […]

ඉතිහාසය වෙනස් කරන්නේ අධිෂ්ඨාන සහගත ජනතාවය. දැන් එම ජනතාවගේ කාලය එළඹ තිබේ. ඉතිහාසය අලුතින් ලිවීමට පෙරට එන සියලු ශ්‍රී ලාංකේය ජනතාවට 2023 නව වසර ජයග්‍රාහී සුබ නව වසරක් වේවා!

வரலாற்றினை மாற்றியமைப்பவர்கள் திடசங்கற்பம் கொண்ட மக்களே! இப்பொழுது அந்த மக்களுக்கான காலம் பிறந்துள்ளது. வரலாற்றினை புதிதாக எழுதிட முன்வருகின்ற அனைத்து இலங்கை மக்களுக்கும் 2023 ஆம் வருடம் வெற்றிகரமான இனிய புது வருடமாக அமையட்டுமென நல்வாழ்த்து கூறுகிறேன்!

It is the determined people who change history. Now it is the time for such people. We wish all Sri Lankans who are coming forward to rewrite history, a Happy New Year 2023!

Show More

“ශ්‍රීලනිපයට හෝ එජාපයට යළි රට භාරදෙන්න ජනතාව සූදානම් නෑ”

අවුරුදු හැත්තෑ පහකට ආසන්න කාලයක් රට විනාශ කළ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි රට භාරදීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් ද සිල්වා පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා මොනරාගල නව සතිපොළ භූමියේදී පැවැති ජාතික ජන බලවේගයේ මොනරාගල ආසන සමුළුව අමතමිනි. ප්‍රධාන ලේකම්වරයා එහිදී මෙසේද […]

අවුරුදු හැත්තෑ පහකට ආසන්න කාලයක් රට විනාශ කළ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි රට භාරදීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් ද සිල්වා පවසයි.

හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා මොනරාගල නව සතිපොළ භූමියේදී පැවැති ජාතික ජන බලවේගයේ මොනරාගල ආසන සමුළුව අමතමිනි.

ප්‍රධාන ලේකම්වරයා එහිදී මෙසේද කීය.

ජාතික ජන බලවේගය ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ජන සභා පිහිටුවමින් රට පුරා යනවා. විවිධ පක්ෂවලට සහාය දුන්න පිරිස් මාලිමාව වටා එක්රොක් වෙමින් සිටින බව පැහැදිලියි. ඒ නිසා ඉදිරියේ කුමන මැතිවරණයක් පැවැත්වුවත් ජාතික ජන බලවේගයේ මාලිමාවට ජය හිමිවේ යැයි අප විශ්වාස කරනවා.

මාරුවෙන් මාරුවට රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව රට බංකොලොත් කළා. දෙගොල්ලෝ දෙපැත්තට වෙලා රටේ සම්පත් විනාශ කරමින් තරගයට සොරකම් කළා. අද ඒ කණ්ඩායම් දෙකම එකට එකතු වෙලා. රට හදන්න වැඩපිළිවෙළක් අරඹන්න රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සටන් කරන ජාතික ජන බලවේගය වෙනම සිටිනවා. ජනතාව මේ වන විට තේරුම්ගෙන තිබෙනවා රට ගොඩනැඟීමට හැකියාව ඇත්තේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගයට බව.

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ බදු ගැසීම, ණය ගැනීම සහ දේපළ විකිණීමයි. රටේ පාඩු ලබන ආයතන පමණක් නොව ලාභ ලබන ආයතනත් විකිණීමට යනවා. ගොවියා, ධීවරයා, කම්කරුවා සහ රාජ්‍ය සේවකයන් අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. එදා වේල කන්න නොහැකි වෙලා. පොහොර නැතිව ගොවියා අතරමං වෙලා, ඉන්ධන නැතිව ධීවරයා අතරමං වෙලා, කුලී වැඩ කරමින් එදිනෙදා කීයක් හරි හොයාගත් කම්කරුවා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා.

රජයේ රෝහල්වල බෙහෙත් නැහැ. පාසල් දරුවන්ට පොත්පත් ටික ගන්න විධියක් නැහැ. භාණ්ඩ මිල අහස උසට ඉහළ ගිහින්. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේවාට විසඳුම් නැහැ. ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට ජාතික ජන බලවේගය ඇතුළු සන්ධානය සූදානම්. ඒ සියලු මැතිවරණවලින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ඒ සඳහා සියලුම දෙනා අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය

ඌව වෙල්ලස්ස ඓතිහාසික සටන් බිමක්. තම ගොවිබිම් රැකගැනීමට දිවි පරදුවට තබා සටන් කළ පිරිසක් මෙහි ජීවත් වුණා. ඊට සක්‍රියව කාන්තාවන් දායක වුණා. අද රටේ පවතින ආර්ථික අහේනියෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ කාන්තාවන්. මවුවරුන් සහ දරුවන් මන්දපෝෂණයට ගොදුරුවෙලා. දරුවාට කිරිපිටි ටික නැහැ. පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්න බැරි වෙලා. මෙම තත්ත්වයට රනිල් රාජපක්ෂ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට රටේ සමස්ත කාන්තාව පෙරමුණට ආ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පමණයි රටේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටලුවලට විසඳුම් ලබාදිය හැක්කේ.

මහාචාර්ය හනිදුම සුනිල් සෙනෙවි, උෟව පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ආර්.එම්. ජයවර්ධන, මොනරාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රි අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතවරු කිහිපදෙනෙක් සමුළුව ඇමැතූහ.

– බිබිල / නඳුන් ගුණතිලක (මව්බිම)

Show More

“අප මේ අත්විඳිමින් සිටින්නේ දීර්ඝ කාලයක් මේ රටේ පාලකයින් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලයයි“

ආර්ථිකයේ නරකම ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් වහාම පිහිටුවා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක – අනුර දිසානායක කුරුණෑගල විරෝධතා රැලියේදි(23) පැවසීය. ඔහු මෙසේද පැවසීය. “අද අපි හැමදෙනාම අත්විඳිමින් සිටින්නේ ස්වභාවික ව්‍යසනයකට නොව, මේ රටේ පාලකයා දීර්ඝ කාලයක් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලවලටයි. ඒ නිසා […]

ආර්ථිකයේ නරකම ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් වහාම පිහිටුවා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක – අනුර දිසානායක කුරුණෑගල විරෝධතා රැලියේදි(23) පැවසීය.

ඔහු මෙසේද පැවසීය.

“අද අපි හැමදෙනාම අත්විඳිමින් සිටින්නේ ස්වභාවික ව්‍යසනයකට නොව, මේ රටේ පාලකයා දීර්ඝ කාලයක් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලවලටයි. ඒ නිසා අපි කවුරුත් ඒ ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් පිහිටුවා ගත යුතුව තිබෙනවා. ජනතාවගේ වේදනාව, ඔවුන්ගේ සුසුම් අපේ හදවත්වලට දැනෙනවා නම්, අපි හැමෝටම පැවරී තිබෙන වගකීම වන්නේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට කැපවීමයි. ආර්ථිකයේ සියලු දත්තවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ රට විශාල අගාධයකට හෙළා ඇති බවයි. එක පැත්තකින් ආණ්ඩුවට රුපියල් නැහැ. අනික් පැත්තෙන් රටට අවශ්‍ය ඩොලර් නැහැ.

විශේෂයෙන්ම දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මේ තත්වයට පිළියම් ලෙෂ යෙදුවේ නව ආර්ථික ක්‍රියාමාර්ග තුළින් ආර්ථික වර්ධනයක් සිදුකර එයින් යම් පංගුවක් භාණ්ඩාගාරයට ලබාගැනීම නොව, ණය ගැනීමත්, රටේ සම්පත් විකුණාගෙන කෑමත් විතරයි. ආණ්ඩුවක් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කර, පුළුල් කෙරෙන ප්‍රමාණයට භාණ්ඩාගාරයට ආදායම් උපයා ගැනීමයි. මේ රටේ ජනතාව ආණ්ඩු හදන්නේ ජනතාවගේ සුරක්ෂිතභාවයත් අභිවෘද්ධියත් සලසා ගැනීමටයි. නමුත් මේ දක්වා රට පාලනය කළ පාලකයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. අද අපි අත්විඳිමින් සිටින්නේ ඒ ප්‍රතිවිපාක.

ව්‍යාපෘතිවලට ගත් ණය ආපසු ගෙවාගත නොහැකි උගුලක හිරවුණා. එයින් ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා; රැකියා පවා අහිමිවෙමින් යනවා. තරුණ පරම්පරාව ආසන්න වශයෙන් තුන්ලක්ෂයක් වසරකට රැකියා වෙළඳපොළට එනවා. ඔවුන් වෙනුවෙන් රැකියා නිර්මාණය කෙරෙන ආර්ථිකයක් ගොඩනඟා නැහැ. මේ නිසා සියලු දෙනාම බලන්නේ මොකක් හෝ රැකියාවක් සොයාගෙන රට අතහැර යන්නයි. පසුගිය අගෝස්තු අවසන් වන විට අලුතින් හයලක්ෂ විසිපන්දාහක් පාස්පෝට් ලබාගෙන තිබුණා.

රට අත්හැර යාම හැර වෙනත් විකල්පයක් නැති බව කල්පනා කරමින් යන්න සූදානම් වුණත් පසුගිය කාලයේ විදේශ රැකියාවලට ගොස් තිබෙන්නේ එක්ලක්ෂ පනස්දාහයි. විසිට් වීසාවලින් ඩුබායිවලට ගිය හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් කිසිදු රැකියාවක් නැතිව, අසරණ වී සිටිනවා. ඒ අතර ඉන්න අපේම සහෝදරියන්, අපේම දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසි කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. අපි කවුරුත් මේ ආර්ථිකයේ රැකියා නිර්මාණය නොවීමේ අර්බුදයට මුහුණදී සිටිනවා.

ඒ වගේම විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබෙනවා. ආහාර උද්ධමනය 95%ක් වී තිබෙන බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලින්ම ප්‍රකාශ වෙනවා. ආණ්ඩුවේ දත්ත කියන්නේ සැබෑ තත්වය වසන් කිරීමක් බව අපි කවුරුත් දන්නවා. ඇත්ත වසන් කරන්න හදන දත්තවලත් උද්ධමනය 95%යි. ඒ කියන්නේ මෙයට පෙර ආහාර මිල වගේ දෙගුණයකින් වැඩිවී තිබෙනවා. නමුත් කෘෂිකර්මාන්තයෙහි යෙදී සිටින අයගේ ආදායම් වැඩිවී නැහැ. ධීවර ක්ෂේත්‍රයේ ආදායම් වැඩිවී නැහැ. ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම් වැඩිවී නැහැ. මාසික වැටුප් ලබන්නන්ගේ පඩිපත වැඩිවී නැහැ. වැඩිවෙනවා වෙනුවට ඒ ආදායම් සියල්ල හැකිළී තිබෙනවා. මේ නිසා තමන්ගේ දරුවන්ට අවශ්‍ය ආහාර ලබාදීමට නොහැකි වීමෙන් විශාල අහේනියකට මුහුණ දී සිටිනවා.

ඒ වගේම රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නැහැ. රටේ පුරවැසියන් ඖෂධ නැතිව මිය යන තත්වයක් ඇතිවී තිබෙනවා. පාසල් දරුවන්ගේ පොත් පත් ඇතුළුව උපකරණ ලබාදීමට නොහැකි වී අපි සෑමදෙනාගේම ජීවිත කුඩුපට්ටම් වී තිබෙනවා. මේ එකක්වත් ස්වභාවික තත්වයක් නොවේ.

මේ විනාශකාරී මාවතේම ඉදිරියට යනවා වෙනුවට මෙය වෙනස් කිරීමේ වගකීම අපි භාරගන්නවා. මේ තත්වය යටතේ ජනතාව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වීම වැළැක්වීමට පාලකයන් විවිධ ප්‍රශ්න නිර්මාණය කරනවා. ඇත්ත ප්‍රශ්නය යට ගහනවා. 2019යේ චන්ද්‍රිකා ජනාධිපති හැටියට තේරෙන්නේ ආර්ථික ප්‍රශ්න අනුව නොවෙයි, මහනගර සභා බෝම්බයේ අනුකම්පාවෙන්. 2005 තීරණාත්මක වුණේ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබූ පාවාදීමේ ගිවිසුමට එක්ව බැඳුනු යුද්ධය. 2010දී යුද්ධය අවසන් කළේ ෆොන්සේකාද මහින්දද කියන ප්‍රශ්නය ඉස්සරහට ගෙනාවා. ආර්ථිකය ගැන කතා කළේ නැහැ. 2015දී සුදුවෑන්, මාධ්‍යවේදීන්ට පහරදීම්, ඝාතනයන්, නැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තීරණාත්මක කර ගත්තා. 2019දී තීරණාත්මක බව කීවේ ජාතික ආරක්ෂාව, රට බේරා ගැනීමයි. වඳ කොත්තුවලින්, වඳ ඇඳුම්වලින්, වඳ දොස්තරලාගෙන් සිංහල ජනතාව වඳ කරන බව කිව්වා. සිංහල ජාතිය වඳකිරීම සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් තිබෙන බව කිව්වා. 2019 මුස්ලිම් ජනතාව ගැන සැකයෙන් බලන තත්වයක් නිර්මාණය කර, ඔවුන්ට එරෙහිව සිංහල ජනතාවගේ බලයක් ගොඩනැගීම ගැන කිව්වා. “කන්ට නැතත් කමක් නෑ, ඉන්ඩ රටක් ඕනෑ” කියලා කිවා. ඒ වගේම ජාතික බේරාගන්න ඕන බව කීවා.

පසුගිය දවස්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා තමන්ම හදාගත්ත ආණ්ඩුව පළවා හැරියේ ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් මේ දක්වා ආණ්ඩු හැදුවේ යුද්ධය, ජාතික ආරක්ෂාව, රට බේරා ගැනීම වගේ මාතෘකාවලින්. ඒගෝල්ලෝ හැමදාමත් රටේ ජනතාව දෙපිළ බෙදන්න විවිධ ප්‍රශ්න හැදුවා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය හොඳින් පිටපත ලියලා රඟ දක්වන ලද නාටකයක්. 21 පාස්කු ප්‍රහාරය සිද්ධ කළාට පසු 25වැනිදා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපති වෙන බව ඝෝඨාභය රාජපක්ෂ කිව්වා. මේවා සැලසුම් නොවේ නම්, පාස්කු ප්‍රහාරයට දඬුවම් දුන්නේ නැත්තේ ඇයි? තමන්ගේ බලය වෙනුවෙන් ඔවුන් ලේ වැකි කුමන්ත්‍රණ සිදුකරනවා. ඕන ගමක රෑට රෑට හොරෙන් අයිස් පැකට් බෙදලා උදේට අල්ලන්නත් පුළුවන්. එහෙම බඩු තමයි ඔවුන්.

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ස්වෛරීභාවය රැකෙන්නේ නැහැ. අපේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයේ අභිමානය කෝ? ලෝකය ඉදිරියේ අභිමානය වැට්ටූ රටක් නිර්මාණය කරලා රනිල් වික්‍රමසිංහ රට ගොඩනැඟීම ගැන කතා කරනවා. ඒ වෙනුවෙන් බව කියමින් බදු ගහනවා. විදුලි බිල වැඩිකරනවා. තෙල් මිල සිය ගණනකින් වැඩිකරලා රුපියල් දහයකින් අඩු කළා. ගෑස් ටැංකිය රුපියල් 5000/-කට වැඩි කරලා රුපියල් 250/කින් අඩු කළා. රට ආර්ථික වශයෙන් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට දැක්මක් හෝ සැලැස්මක් රනිල්ලාට නැහැ. ජනවාරි මාසයේ සිට නැවත වරක් විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. විදුලි බිල වැඩිකරනවා කියන්නේ සෑම භාණ්ඩ හා සේවාවකම මිල වැඩිවීමයි. ඒ වගේම ඉතාමත් වටිනා ජාතික සම්පත් විකුණන්න දාලා තිබෙනවා. රක්ෂණ සංස්ථාවේ ගිය වසරේ ලාභය බිලියන එකොළොස් දාහයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගිය වසරේ ලාභය මිලියන දහතුන්දහස් එකසිය හතළිස් හතරයි. ඒකත් විකුණන්න දාලා. ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ මාසික ලාභය මිලියන එකසිය තිස්පහයි. ඒකත් විකුණන්න දාලා. වෝටර්ස් ඒජ් හෝටලයේ ගිය වසරේ ලාභය මිලියන 360යි. මේවෙග් සියලු ජාතික සම්පත් විකුණන අතර, බලාගාර ටික විකුණන්න දැන් සැලසුම් කර තිබෙනවා. මේ වගේ පාලකයෝ මහජන විරෝධය හමුවේ හොර රහසේ රටින් පළා ගිහින් දැන් රනිල් වික්‍රමසිංහ යටතේ ප්‍රසිද්ධියේ ආපසු ආවා. ඒගොල්ලන්ගේ පංතිය බේරා ගන්න අවස්ථාවක සූදානම්. ඒ නිසා අපි හමුවේ තිබෙන්නේ මේ ආර්ථිකයත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන නව සටනක් දියත් කර, ජයග්‍රහණය කරා ගෙනයාමයි. ලංකාවේ මෑත කාලයේ මතුවී තිබෙන විශේෂිතම දේශපාලන, තත්වය යොදා ගනිමින් ජාතික ජන බලවේගය ජනතාව ජයග්‍රහණය කරා, ගෙනයාමේ පාලනයක් පිහිටුවනවා.

ප්‍රවීණ රංගන ශිල්පී, කථිකාචාර්ය – ප්‍රසන්නජීත් අබේසූරිය

මෙතෙක් රට පාලනය කළ සියලු දෙනාම මේ වනවිට අපේ රට ඇද දමා ඇති ඛේධනීය තත්වය කෙතරම්ද කියනවානම් කොන්ද කෙලින් තබාගෙන හිතට එකඟව ජාතික ගීය ගායනා කිරීමටවත් අවස්ථාවක් ඉතිරි කර නෑ.

අපේ දරුවන්ට සැබෑ ලෙසම ආදරේ කරන්නේනම් මේ දක්වා රට පාලනය කළ පිරිසි ඉදිරියේදී ඇදීමට සූදානම් වන අවසන් තුරුම්පු පරාජය කර මිනිසුන්ට ගෞරවයෙන් සහ මනුෂ්‍යත්වයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතුයි. අපේ ජාතික ගීතයේ ධ්‍යාන්‍ය ධනය නෙක මල පලතුරු පිරි ජය භූමිය රම්‍යා යනුවෙන් සඳහන්ව තිබුණද මේ වනවිට කංකුං මිටියත් පිටරටින් ගේන බවත් එක මවකගෙ දරුවෝ ලෙස ජීවත්විය යුතු බව කීවත් පාලකයන්ගේ දේශපාලන වාසි කතා බෙදා වෙන් කර සිටිනවා.

නමුත් මේ යුගය අවසන් කළ සැබෑ ලෙසම ජනතාවට ආදරය කරන ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට ජාතික ජන බලවේගය වටා සියලුදෙනාම ඒකරාශී වෙමින් ජනතාව දැනුවත් කරමින් ජයග්‍රහණය කරා යායුතුයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක – නාමල් කරුණාරත්න

මෙම විරෝධතා රැලිය වැලැක්වීමට විවිධ බලපෑම් පොලිසිය හරහා සිදු කළත් එය වැලැක්වීමට තක්කඩි ආණ්ඩුවට නොහැකි වූ බවත් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ අති බහුතරය මේ වනවිට ජාතික ජන බලවේගය සමග එක් වී සිටිනවා.

පැවැත්වීමට නියමිත ඡන්දය කල් දමන්න විවිධ ආකාරයෙන් සූදානම් වීම නතර කරන ලෙස අනතුරු අඟවන බව පැවසූ ඔහු මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස සභා 650ක් පිහිටුවා අවසන් බවද සිංහල, දෙමළ, මුස්ලිම් සයලු දෙනා ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් නව පාලනයක් පිහිටුවා ගැනීමට සූදානම් වෙමින් සිටින බව කීය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතය අප සමග එක්වී සිටින අතර පොහොට්ටුවේ සියලුම දෙනා පාහේ අදවනවිට එක් වෙමින් සිටින්නේ , සජිත්ගේ කණ්ඩායම, ෆොන්සේකා, චම්පික රණවක වශයෙන් කොටස් තුනකට බෙදී ඉන්නවා.

චිත්‍රපට අධ්‍ය, ප්‍රවීන රංගන ශිල්පී, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික- ජගත් මණුවර්ණ

මෙයට පෙර 2015දී රාජපක්ෂලා පලවා හැරියද ජනතාවාදී පාලනයක් පිහිටුවීමට නොහැකි වූ බවත් ජූලි 09 වෙනිදා රාජපක්ෂ පවුල් බලය පලවා හැරීමෙන් පසුවද බිහිකළ නොහැකි වූ ජනතාවාදී පාලනය ගොඩනැගීමට මේ වනවිට ජාතික ජන බලවේගය වටා රටේ බහුතර ජනතාව රෝද බඳිමින් සිටිනවා.

රට් ජනාධිපති යැයි හිතාගෙන ඉන්න පුද්ගලයා බුදු හාමුදුරුවන්ට අංගුලිමාල යොදවා ගල් පෙරළන කතා කියමින් පොලිසියේ හා හමුදාවේ ආරක්ෂාව ලබා ගනිමින් ජනතාව මර්ධනය කළ හැකි බව කල්පනා කළත් ආරක්ෂක අංශවල බහුතරය නියමිත වෙලාව පැමිණෙනතුරු කල් බලමින් ජනතාව සමග එක් වීමට සූදානමින් සිටිනවා. එවැනි බහුතර ජනතාව මේ වනවිට මාලිමාව වටා එක්වෙමින් නිවැරදි දිශාව තීරණය කර අවසන්.

2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයට ගිය අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලක්ෂ්මන් විජේසේකර ඇතුළු පිරිසට රාජපක්ෂ මැරයන් ප්‍රහාර එල්ල කළා. එදත් ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස කලාකරුවන් වශයෙන් ඉටු කළා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා

අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වෙනවා.

තම බලය අවසන්වෙමින් එන බව දැන දැනත් පොලිසිය යොදවා මහජන පෙළගැස්මට කුඩා අවහිරකම්, බාධා එල්ල කළද එවැනි දේට සූදානම් වෙන්න එපා. මෙයට පෙර එවැනි බාධා කිරීම් කළ හැකි වූ ආරක්ෂක අංශ පවා මේ වනවිට මහජන බලවේග සමග එකතු වී තිබෙනවා.

ඇත්ත බලය මහ පාරේ ජනතාව තුළ තිබෙන්නේ. මේ වනවිට රට විනාශ කළ කල්ලිය එක පැත්තකට දමා රට ගොඩනැගීමට සූදානම් ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වී මේ රටේ ඉතිහාසය අලුතින් ලිවීමේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමින් මේ වනවිට පවතින ආර්ථික පීඩනයන් ඇතුළු සියලු පීඩාවන්ට එරෙහිව අරගල කරමින් පෙරට යන බවත් එය කිසිවෙකුට නවත්වන්න බෑ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික– ව්‍රායි බල්තසාර්

අපි කොච්චර මහින්සි වී වැඩ කළත් දරුවන්ගේ කෑම පෙට්ටි පුරවන්න හැකියාවක් මේ රටේ පාලකයන් ඉතිරි කර නැති බවත් මත් ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට බව කියමින් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ මාධ්‍ය සංදර්ශන නවත්වා ඒ දරුවන්ගේ හිස් කෑම පෙට්ටි කෙරෙහි අවධානය යොමු කරන ලෙස බල කරනවා.

මේ නත්තල් සමයේ දරුවන් කැමති, දරුවන් ආසා කරන කිසිදු දෙයක් ලබා දීමට හැකියාවක් දෙමව්පියන්ට ජන පීඩක ආණ්ඩු විසින් ඉතිරි කර නැති බවත් නිවසේ සියලු දෙනාම පීඩනයට පත් කරලා. මේ වනවිට නිකුත් කර තිබෙන අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ ජනගහණයෙන් 36%ක් ආහාර අහේනියකට ලක් වී ජනගහනයෙන් 80%ක් කුමන හෝ ආහාර අර්බුදයකට පත් කොට ඇති බවත් මේ තත්වයෙන් මිදීමට අපේ කාන්තාවෝ කුමන හෝ විදේශ රැකියාවක් සඳහා පිටත්කර යැවීමට සලස්වා තියනවා . මේ නිසා නැවත වටයකින් දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා. එසේ නොවන ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමට පෙළගැසෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

– අනුරාධා හේරත් (මව්බිම)

Show More

අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ බලයක් පිහිටුවන්න සූදානම් – ටිල්වින් සිල්වා

අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව […]

අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ කුරුණෑගලදී මේ වනවිට ආරම්භ වී ඇති ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන රට විකුණන, ජනතාව මර්දනය කරන, ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජන බල විරෝධතා රැලිය අමතමිනි.

තම බලය අවසන්වෙමින් එන බව දැන දැනත් පොලිසිය යොදවා මහජන පෙළගැස්මට කුඩා අවහිරකම්, බාධා එල්ල කළද එවැනි දේට සූදානම් නොවන ලෙසත් මෙයට පෙර එවැනි බාධා කිරීම් කළ හැකි වූ ආරක්ෂක අංශ පවා මේ වනවිට මහජන බලවේග සමග එකතු වී ඇති බවත් එම රැලිය අමතමින් ඔහු අවධාරණය කළේය.

ඇත්ත බලය මහ පාරේ ජනතාව තුළ තිබෙන බැවින් මේ වනවිට රට විනාශ කළ කල්ලිය එක පැත්තකට දමා රට ගොඩනැගීමට සූදානම් ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වී මේ රටේ ඉතිහාසය අලුතින් ලිවීමේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමින් මේ වනවිට පවතින ආර්ථික පීඩනයන් ඇතුළු සියලු පීඩාවන්ට එරෙහිව අරගල කරමින් පෙරට යන බවත් එය කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් අවධාරණය කරනු ලැබීය.

– ලංකා ටෘත්

Show More