මර්දනය යොදා ගත් පාලකයින්ට සිදු වූයේ ඉතිහාසයේ කුණුගොඩට වැටීමට යැයි ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (08) ඔහු ජාතික ජන බලවේගය විසින් ගෙන ආ රටේ වර්තමාන තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමිනි. එහිදි ඔහු සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පල වේ, “රට […]
මර්දනය යොදා ගත් පාලකයින්ට සිදු වූයේ ඉතිහාසයේ කුණුගොඩට වැටීමට යැයි ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (08) ඔහු ජාතික ජන බලවේගය විසින් ගෙන ආ රටේ වර්තමාන තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමිනි.
එහිදි ඔහු සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පල වේ,
“රට තුළ මේ වනවිට ඇතිවි තිබෙන ආර්ථික අර්බුදය හේතු කොට ගෙන නාගරික, අර්ධ නාගරික සහ වතු වැනි ක්ෂේත්‍රවල ජන කණ්ඩායම් ගණනාවක් ජීවත්වීමේ අතිශය දුෂ්කරතාවයට පත්ව සිටිති. උද්ධමනය 70% ඉක්මවා ඇති අතර භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගත නොහැකි වතු ක්ෂේත්‍රය ප්‍රමුඛ කර ගත් ජනකොටස් අතර මන්දපෝෂණය උග්‍ර වෙමින් ඇති අතර දරුවන්ගේ පාසල් පැමිණීමටද එම තත්වය අතිශය අහිතකර ලෙස බලපා ඇත. පාන්පිටි ප්‍රධාන ආහාරයක් වී තිබෙන්නාවූද ආහාර පිසීම සඳහා භූමිතෙල් පාවිච්චි කරන්නාවූද ජන ප්‍රජාවට ඒවායේ මිල ගණන් ඉහළයාම හා හිඟය දැඩිව බලපායි. රජයේ රෝහල් හා බෙහෙත් ශාලාවන්හි ඖෂධ හිඟය මෙම ජනතාවගේ සෞඛ්‍ය තත්වයට දැඩි අවදානමක් ඇති කරවා තිබේ. මේ තත්වයන් වතුකර ජනතාව විශාල පීඩාවකට ලක්කර තිබෙන්නේ ඔවුන් ලබන දෛනික වැටුප ප්‍රමාණවත් නොවන බවට දුක්ගැනවිල්ලක් වසර ගණනාවක් පුරා නැගෙමින් තිබියෙදීය.
එසේම බැංකු පොලී අනුපතික ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ණය ලබා ගත් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයෝ හා විශ්‍රාමිකයෝ බරපතළ අසීරුතාවකට පත්ව සිටිති. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය පොලී වාරික, ලීසිං වාරික, විවිධ බදු, විදුලි බිල ඉහළ යාම හේතුවෙන්ද අමුද්‍රව්‍ය හිඟය, නිෂ්පාදනය කඩාවැටීම හා අලෙවිය සීමා වීම හේතුවෙන්ද සිටින්නේ දැඩි පීඩනයකය. පවතින ආර්ථික තත්වය තුළ ආදායම් මාර්ග අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස සමෘද්ධි වැනි සහනාධාර ලබන කාණ්ඩවලට තවත් සැලකිය යුතු පිරිසක් ඉක්මණින්ම අලුතින් ඇතුළත් විය යුතුව ඇත.
මෙම සමස්ත තත්වය බරපතළ ලෙස සැලකිල්ලට ගනිමින් පීඩාවට පත් ජන කණ්ඩායම්වලට සහන සැලසීම සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමු.”
පුවත්පත්වලත්, මාධ්‍යවලත්, ජාත්‍යන්තර වශයෙනුත් අපේ ආර්ථිකයේ තිබෙන අර්බුදයන් පිළිබඳ දත්ත තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙනවා. උද්ධමනයේ ස්වභාවය, ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනීමට අසමත් වීම, විශාල ණය බරක් තිබීම, විනියම අනුපාතිකය ඉහළ යාම ආදී කරුණු සංඛ්‍යා දත්ත තුළ ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ සංඛ්‍යා දත්ත ඇතුලේත් මහපොළවේ තිබෙන සැබෑ තත්වය තුළත් ඇත්තේ ඉතාම භයානක තත්වයක්. මේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ඇතුලේ තිබෙන්නේ සැබෑ තත්වය වසං කිරීමේ ටූල් එකක්. එහෙත් ඒ තුළින් වුවත් පෙන්නුම් කරන්නේ මාරාන්තික තත්වයක්. ජනතාවගේ ජනජීවිතය විශාල පීඩාවකට පත්වී තිබෙනවා. යුනිසෙෆ් ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවක අපේ රටේ ලක්ෂ 57ක පුද්ගලයන් මානුෂීය ආධාර අපේක්ෂාවෙන් ජීවත්වෙන තත්වයක් තිබෙනවා. දෛනිකව ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගන්න ලක්ෂ 57ක ජනතාව අසමත් වී තිබෙනවා. මේ අය අතර ළමුන් ලක්ෂ 23ක් සිටිනවා. ඔවුන්ට නිසි පෝෂණ සහිත ආහාර වේලක් ලබාදීමේ නොහැකියාව උදාවී තිබෙනවා. ගැබිණි මව්වරුන්ට නිසි ආහාර වේලක් නැහැ. දරුවන් මන්දපෝෂණයෙන් පෙළනවා. ආහාර හිඟකමත්, බස් ගාස්තු ඉහළයාමත් නිසා පාසල් නොපැමිණීමේ තත්වයක් උදාවෙලා. මේ තත්වය වතුකරයේ උග්‍ර වෙලා තිබෙනවා. බර අඩු උපත් සංඛ්‍යාව 12.2%යි. මේ තත්වය වතුකරයේ 20%ක් වෙනවා. ළමුන් 7.4%ක් කෘෂභාවයෙන් පෙළෙනවා. අපේ රටේ එකට ජීවත් වෙන, ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන වතුකරයේ ජනතාව ජාතික වශයෙන් ඇතිවෙන පීඩනයට වඩා දැඩි පීඩනයකට ලක්වී සිටිනවා. අපි මේ තත්වය ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
අද අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක හිඟ තත්වයක් ඇතිවී තිබෙනවා. ප්‍රතිජීවක එන්නත් නැහැ. මළබද්ධය සඳහා ලබාදෙන සිරප්, හදිසි හෘදයාබාධ සඳහා ලබාදෙන ඨඔභ එන්නත, ධඡෘ එකෙන් වේදනාව සඳහා ලබාදෙන බාම් එක නැහැ. හදන්න අමු ද්‍රව්‍ය නැහැ. කැනියුලා එක අලවන ප්ලාස්ටර් එක නැහැ. ඔක්සිජන් හිඟතාවයක් මතුවී තිබෙනවා. අවශ්‍ය බෙහෙත් රෝහලේ නැතිවෙනවා වගේම ෆාමසියෙන් ගන්නා බෙහෙත් විශාල ලෙස මිල ඉහළ යාමක් තිබෙනවා.
ජනතාව විශාල පීඩනයකට ඇද වැටී තිබෙන මොහොතක ජනතාව කෙරෙහි සහකම්පනයක් නැති ජනාධිපති, රැජිනගේ මළ ගෙදර යනවා, ලෝක පරිසර පද්ධතිය ගැන කතාකරන්න ඊජිප්තු යනවා. ජනතාව පත්වී ඇති තත්වය ගැන හැඟීමක් දැනීමක් තිබෙනවා නම්, ඒ පිළිබඳව මේ නායකයෝ සැලකිලිමත් විය යුතුව තිබෙනවා.
අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙමින් තිබෙනවා. ඇඹිලිපිටියේ කර්මාන්ත ශාලාවක සේවකයන් 850 දෙනෙක් සේවය කළා. එයින් 275ක් ඉවත් කළා. ලොරි 64ක් දිවුවා. අද ලොරි 24යි දුවන්නේ. 40කට ආසන්න ප්‍රමාණයක් කොටඋඩ තබා තිබෙනවා. මේ කඩා වැටීම හේතුකොට ගෙන රැකියා විශාල වශයෙන් අහිමි වී තිබෙනවා. ව්‍යාපාරිකයන්ට ඒවා අත්හැරීමට සිදුවී තිබෙනවා. පොලී අනුපාතිකය 33%කට ගියා. බිස්කට් කර්මාන්තයේ 1/5ක් යි කෙරෙන්නේ. මුළු කුකුල් කර්මාන්තයම කඩා වැටිලා. ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් සමගම් 05ක් වැසී තිබෙනවා. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වී තිබෙනවා. මේ වන විට රැකියා දසදහසක් අහිමි වෙමින් තිබෙනවා. මෙවන් මොහොතක 22ක් ගෙනැවිත් හාස්කමක් පාන්න හදනවා. ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගෙ බත්පත සරිකර ගන්නේ කොහොමද, දරුවන්ට උගන්වන්නේ කොහොමද, පාසල් යන්න බස් ගාස්තුව සොයා දෙන්නේ කොහොමද, පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්නේ කොහොමද ලෙඩ වෙලා ඉන්න අම්මා තාත්තට බෙහෙත් ටිකක් දෙන්නේ කොහොමද, වගාව දියුණු කරගන්නේ කොහොමද කියලා. ජනතාව අවශ්‍ය තම ජනජීවිතය සමග ගැට ගැසී තිබෙන ප්‍රශ්නවලට ඉක්මන් හෝ සාධාරණ පිළිතුරක්.
පුද්ගලික පරිහරණය වෙනුවෙන්, ව්‍යාපාරයක් වශයෙන් කෙනෙක් වාහන ගන්නවා. අද ඔහුට ඒවාට ලීසිං ගෙවා ගන්න, නඩත්තු කරන්න බැරිවෙලා තිබෙනවා. ලබන වැටුපට ගහන බදු වැඩිවෙලා තිබෙනවා. ත්‍රී විල්, හා බස් රථ රියදුරන්, ඉදිකිරීම් කර්මාන්තයට භාණ්ඩ සැපයූ ලොරි රියදුරන් අපහසුතාවයට පත්වී තිබෙනවා. ඔවුන්ගේ වාහන පැහැර ගැනීමේ තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ නිසා ජීවත්වීමේ බරපතළ ගැටලුවලට වාහන හිමියන් මුහුණ දී තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු විය යුතුව තිබෙනවා.
උපයන විට ගෙවන බද්දක් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා මෙතෙක් රුපියල් 600ක් ගෙවූ බද්ද රුපියල් 21,000ක් ගෙවන්න වෙනවා. මෙතෙක් රුපියල් 80,000ක් ගෙවූ බද්ද රුපියල් 286,000ක් ගෙවන්න සිදුවෙනවා. මේ රටේ වෘත්තීමය ක්ෂේත්‍රයේ 15%ක් වූ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මේ වෘත්තීමය ක්ෂේත්‍රයේ අයට විශාල බද්දක් ගෙවන්න සිදුවී තිබෙනවා.
රජයකට සාධාරණ බදු අවශ්‍යයි. නමුත් ආර්ථිකය කඩා වට්ටලා, නිෂ්පාදන ආයතන කඩා වට්ටලා, ආහාර උද්ධමනය 95%ට ගෙනිහිල්ලා, ජනතාව බරපතළ ලෙස පීඩාවට පත්වී සිටින මොහොතක ඔවුන් පීඩාවට පත්කරන්න බදු ගැසීම විශාල වරදක්. එපමණක් නොවෙයි. මෙය ස්වභාවික ව්‍යසනයක් නොවෙයි. මේ රට කඩා වට්ටන්න කටයුතු කළ කබ්රාල්ලා, බැසිල්ලා නිදැල්ලේ සිටියදී ජනතාවට තවදුරටත් පීඩාවට පත්කිරීම ඉතාමත් අසාධාරණයි. මහ බැංකු බැඳුම්කර ගිවිසුම අවුරුදු 30ක එකක්. 2015 පෙබරවාරි මස නිකුත් කළේ. මේ නිසා සිදුවුණු අලාභය විශාලයි. බැංකු පොලී අනුපාතිකය 2%කින් ඉහළ ගියා. ණය ගන්න සෑම පුරවැසියෙක්ම 2%කට වඩා වාරික ගෙව්වා. මුළු ආර්ථික දේහයටම මෙය බලපෑවා. ඒ විතරක් නොවෙයි පොහොර ඇටයක්වත් නැතිව නැවකට මුදල් ගෙව්වා. ඒ වරදකරුවන්, සීනි බදු වංචාව කරපු අය, නිදැල්ලේ සිටියදී මේ රටේ ජනතාවගේ පඩිපතට බදු ගහනවා.
දැවැන්ත බුද්ධි ගලනයක් සිදුවෙමින් තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෝමෝන, දියවැඩියාව පිළිබඳ සිටි එකම වෛද්‍යවරයා, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව පරීක්ෂණ කළ එකම වෛද්‍යවරයා, සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළ කළමනාකරුවන් 50%ක් පමණ රට අත හැර ගියා. රටක් හැටියට විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින වෙලාවක්. සාමාන්‍යපෙළ සමත් නොවූ ලක්ෂයක් ශ්‍රම බලකායක් හැටියට බඳවා ගත්තා. පළමුවැනි කණ්ඩායම විදිහට 57,000ක් පමණ මේ වන විට බඳවාගෙන තිබෙනවා. මේ අයට අවුරුදු දෙකක් තිස්සේ වැටුප 22,000යි. අද මේ වැටුප පවුලක් නඩත්තුව සඳහා ප්‍රමාණවත්ද?
ජනතාව මුහුණ දී තිබෙන පීඩනයට පිළිතුරු ලබාදිය යුතුව තිබෙනවා. නමුත් පීඩාවට පත්වී සිටින ජනතාවට එරෙහිව මර්දනය දියත් කරමින් තිබෙනවා. අන්තරේ කැඳවුම්කරු හා ස්වාමීන් වහන්සේ මාස තුනක් රඳවාගෙන සිටීම සඳහා ඔහු කළ වරද මොකක්ද? ත්‍රස්ත ක්‍රියාව මොකක්ද? රඳවාගැනීමේ නියෝගයට අත්සන ගහන්න පුළුවන් හිරි වැටුණු නායකයෙකුට විතරයි. කිසිම වරදක් නැති තරුණයෙකුට, ස්වාමීන් වහන්සේ නමකට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ගැසිය හැක්කේ කාටද? එසේ කළ හැක්කේ වියරු මනසක් තිබුණු කෙනෙකුට විතරයි. හදවතේ තෙතමනයක් නැති, හැඟීම් දැනෙන්නේ නැති, දර කෑල්ලක් වගේ වියළි මිනිස්සු අපේ රට පාලනය කරනවා. ඔහුට පුටුවත්, මේසයත්, දරුවත් එකයි. ලෝක ඉතිහාසයේ මර්දනය තමන්ගේ පැවැත්ම සඳහා යොදා ගත් හැම පාලකයෙක්ම කුණුගොඩට වැටී තිබෙනවා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ඕනෑ. මේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරේ කැඳවුම්කරු සහ ස්වාමීන් වහන්සේ නිදහස් කරන්න ඕනෑ. මොවුන් රඳවාගෙන සිටින හේතුව කියන්න. තවදුරටත් ජනතා අයිතිවාසිකම්වලට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීමෙන් ලෝකය ඉදිරියේ හුදකලා වෙනවා පමණක් නොවෙයි ඉතාමත් භයානක ඉරණමකට තල්ලු කරනවා. අපි රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩුවටත් අවධාරණයෙන් කියා සිටින්නේ එවැනි තත්වයකට නොයන ලෙසයි; ජනතාව පෙළන ප්‍රශ්නවලට ඉදිරි අයවැයේදීවත් යම් සාධාරණයක් ඉටුකරන ලෙසයි.”
– ලංකා ටෘත්
“රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න සල්ලි නැති නිසා ආණ්ඩුව රජයේ සේවකයන් අවුරුදු පනස් පහෙන් විශ්‍රාම ගන්වන්න හදනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා වයස අවුරුදු අසූව වෙලත් නැවත නැඟිටින්න හදනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ජාතික ජන බලවේගයේ කොස්ගොඩ මහපිටිය කොට්ඨාස සභාව පිහිටුවීම නිමිත්තෙන් පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවැසීය. මහපිටිය කොට්ඨාස […]
“රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න සල්ලි නැති නිසා ආණ්ඩුව රජයේ සේවකයන් අවුරුදු පනස් පහෙන් විශ්‍රාම ගන්වන්න හදනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා වයස අවුරුදු අසූව වෙලත් නැවත නැඟිටින්න හදනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ජාතික ජන බලවේගයේ කොස්ගොඩ මහපිටිය කොට්ඨාස සභාව පිහිටුවීම නිමිත්තෙන් පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවැසීය.
මහපිටිය කොට්ඨාස සභාවේ සභාපති සූපවේදී රසංග ද සොයිසාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජනහමුව තවදුරටත් ඇමැතූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
“ජනතාව මෙතෙක් විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තකට දාලා ජාතික ජන බලවේගය වටා එකතු වෙනවා. ඒ අතරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආපසු නැඟිටින්න හදනවා. නමුත් වර්තමානයේ ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගයයි. ඒ අනුව ඊළඟ එන මැතිවරණයේදී අපි ආණ්ඩුවක් පිහිටුවනවා.
අද ජනතාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණපාල තිබෙනවා. ජීවත් වෙන්න බැහැ. හෙට මොනවා වේද කියලා ජනතාව බයෙන් ඉන්නේ. අරලගංවිල ගම් අටක පාසල් අටක් වහලා. ව්‍යාපාර කඩා වැටිලා. පන්සලේ හාමුදුරුවන්ට දානෙ ටික නෑ. ලයිට් බිල ගෙවා ගන්න බෑ. තෙල් මිල වැඩි වුණා. තෙල් පෝලිම් රට පුරා ඇති වුණා. නමුත් ආණ්ඩුවේ නායකයන්ට බලය අත්හරින්න බැරිවුණා. ඒ නිසයි ජනතාව තමන් පත් කරපු ජනාධිපති, අගමැති එළවන්න පාරට බැස්සේ. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන්නේ ජනතාවගෙන් සියයට දහයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. අවුරුදු හතළිස් පහටම කවදාවත් පරාජය නොවුණු රනිල් ගියවර පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවට ලැබුණු මන්ත්‍රි ධුරයෙන්. රනිල් වික්‍රමසිංහ පත් කළේ රාජපක්ෂවරු බේරා ගන්නයි. දැන් එයා කරන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුව ආරක්ෂා කරන එකයි., අරගල කරපු අය අත්අඩංගුවට ගැනීම සහ බදු බර පැටවීමයි.
සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් ඇති කළා. තව වටයකින් විදුලි ගාස්තු වැඩි වෙනවා. අද අපට සමාජ ආරක්ෂාවක් තිබෙනවාද? හොරු වැඩි වෙලා. පාර අයිනේ තියාගෙන විකුණන අයටත් බද්දක් ගහන්න හදනවා.
සපත්තු දෙකක් ගන්නත් ලීස් එකක් දමන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ ප්‍රශ්න විසඳගන්නවා කිව්වත් ඩොලර් මිලියන තුන්සිය හැටයි දෙන්නේ. පසුගිය කාලයේ ණයට කෑම නිසයි මේ අර්බුදයට හේතුව. චීනෙන් ණයට අරගෙන කුලුනක් හැදුවා. ඒක විවෘත කරද්දී රුපියල් කෝටි දෙසීයක් අතුරුදන් වී ඇති බව කිව්වා. මාටියා ගහලා හදපු නිසා මාටියා කුලුන කියලයි එයට කියන්නේ. එය විවෘත කළ විට බලන්න ගිය කාන්තාවක් කිව්වේ මහින්ද මහත්තයා නිවන් දකින්න ඕන කියලයි. අපි කියන්නෙත් මහින්ද නිවන් දකින්න ඕන බවයි. මොකද නැවත ඉපදුණොත් හොරකම් කරනවා.
හොඳම විසඳුම ජනතා බලය පෙන්නලා ඉක්මනින් මැතිවරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමයි.”
අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති
රට ඉස්සරහට ගෙනියන්න, මේ වැටිලා තියෙන වළෙන් ගොඩ එන්න එසේම ආර්ථික ගැටලුවලට උත්තර හොයන්න නම් අලුත් ජනවරමකට යෑමට අවශ්‍ය යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවරදී පැවැසීය. ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කරනු ලැබූ කුණ්ඩසාලේ උතුර කොට්ඨාස සභාව පිහිටුවීමේ ජනහමුව අමතමින් එහිදී ලාල්කාන්ත මහතා එසේ […]
රට ඉස්සරහට ගෙනියන්න, මේ වැටිලා තියෙන වළෙන් ගොඩ එන්න එසේම ආර්ථික ගැටලුවලට උත්තර හොයන්න නම් අලුත් ජනවරමකට යෑමට අවශ්‍ය යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවරදී පැවැසීය. ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කරනු ලැබූ කුණ්ඩසාලේ උතුර කොට්ඨාස සභාව පිහිටුවීමේ ජනහමුව අමතමින් එහිදී ලාල්කාන්ත මහතා එසේ කීය.
වැඩිදුරටත් ජනහමුව ඇමැතූ ඒ මහතා
ජාතික ජන බලවේගය ජාතික සටන් පාඨයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තුව විසුරුවලා මේ ජනතාවට අවස්ථාවක් දෙන්න. අලුත් පාලනයක් පත් කර ගන්න. ඕක තමා අපේ ජාතික අරගලය. මේ ජනවරම දැන් වලංගු නැහැ. හැටනව ලක්ෂය දාලා ගියා. පරාද කරපු රනිල් දැන් ජනාධිපති වෙලා. ඉස්කෝලෙක දේශපාලන විද්‍යාවට මේක උගන්නන්න බැහැ. තුනෙන් දෙක දුන්නේ රනිල්ව පරද්දන්න. ඉන් පස්සේ එකසිය තිස් හතරක් ඡන්දෙ දීලා රනිල්ව ජනාධිපති කරනවා. කුමන මූලධර්මයෙන්වත් රනිල් ජනාධිපති ඉන්න විදිහත් අගමැති වුණු විදිහත් ගෝඨා දාලා ගිය විදිහත් න්‍යායාත්මක අයුරින් පැහැදිලි කරන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට අවස්ථාවක් දෙන්න. දැන් ජනවරම විකෘති වෙලා තියෙන්නේ. විකෘති පාර්ලිමේන්තුව විසුරුවපල්ලා. මේ පාලනය නිසා රට අස්ථාවර භාවයට පත් වෙලා. අස්ථාවර වෙලා තියෙන රටකට ඩොලර් එන්නේ නැහැ. ආයෝජකයන් සංචාරකයන් එන්නේ නැහැ. රට ඉස්සරහට යන්න නම් මේ අස්ථාවරත්වය ඉවර කරන්න ඕනෑ. ඒකටයි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනි.
ජනවරමක් නැති ජනාධිපති කෙනෙක් මේ විදිහට එනව නම් එයාට දිගට ඉන්න දෙන්න බැහැ. අපි කියන්නේ මාස හයෙන් යන වැඩපිළිවෙළක් ඕනි නැවත ජනවරමකින් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්න.
මේ බලය පුද්ගලයකුට දෙන්නේ රටේ ජනතාවගෙන් බහුතරයකට වැඩි එක ඡන්දයක් ගත්තා කියලා පදනමින්. ඒ පදනම මුළුමනින්ම බිඳවැටිලා තියෙන්නේ. ජනවරමත් එක්ක මේක සම්බන්ධයක් නැහැ. ව්‍යවස්ථාවේ නීතිමය සම්බන්ධයක් විතරයි තියෙන්නේ.
අපේ රටේ ව්‍යවස්ථාව ලොකු වෙනසකට ලක් කරන්න ඕනි. විධායක ජනාධිපති පැත්තකට දාලා පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක් ඇතිකරන්න ඕනෑ. පළාත් පාලන ඡන්දෙ කල් දැම්මා. දැන් ඡන්දෙ අවුරුද්දක් පරක්කු වෙලා.
දැන් රනිල් වික්‍රමසිංහ ගැටයක් දාන්නයි යන්නේ ඒකත් අෑතට ගෙනියන්න. මන්ත්‍රි සංඛ්‍යාව අඩු කරන්න ඕනෑලු. මන්ත්‍රි සංඛ්‍යාව අඩු කරන්න නම් සීමා අලුතෙන් වෙනස් කරන්න ඕනෑ. මේ හදන්නේ මන්ත්‍රි සංඛ්‍යාව වැඩි කියන කතා පළාත් පාලන ඡන්දය කල් දාන්නයි.
සදාකල් මේගොල්ලෝ ඉන්නකන් පළාත් පාලන මැතිවරණයක් නැහැ. පළාත් සභා අලුතෙන් තියන්න ඡන්ද ක්‍රමයක් නැහැ. ඒ නිසා පළාත් සභා ඡන්දෙත් නැහැ. පාර්ලිමේන්තුවේ උපරිම කාලය තව අවුරුදු දෙක හමාරයි. එතැනට යනකොට පාර්ලිමේන්තු ඡන්දයත් නැහැ.
තව අවුරුදු දෙක හමාරකින් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න යනකොට ඒකටත් ලෙඩක් දානවා. මොකද දිනන්න බැහැ කියලා දන්න නිසා. ජනතාව ඇති පදනමින් මේවා තේරුම් අරන් ඉන්නේ. අපි ඉන්නේ මහා ජනතා නැඟිටීමකින් පස්සේ. අපි ජනතාවට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නැහැ.
දැන් කුඩා දරුවන්ගේ ඉඳලා හැමෝටම දැන් අදහසක් ඇති වෙන්න ඕනෑ. මුන්ව යවන්න ඕනෑ. ඒත් මුන් යන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියලා හාදයෙක් ඉන්නවා විමල් වීරවංශ, ගම්මන්පිල, වාසු, රතන හිමි තමාගේ පැවැත්ම, ආරක්ෂාවට පෙරමුණක් හදාගෙන එළියට දාලා උඩට ගන්න පුළුවන් නම් ඡන්දෙ තියනවා. නැත්තන් ඡන්දෙ තියන්නෙ නැහැ. බොරු රැවටිලිකාර උගුල් අටවලා ඒවාට ජනතාව කොටු කරන්න යනවා නම් අපි ඒක බිම් මට්ටමෙන් පරාද කරන්න ඕනෑ. ජනතාව මෙවැනි බොරු වළවල්වල වැටීම නතර කරන්න.
පාර්ලිමේන්තුවත් දෙකම දැවැන්ත ජන බලයකින් වටලන්න ඕනෑ. ඕක කියනකොට තමා රනිල් සැරින් සැරේට කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියලා. මාසෙකට විතර සැරයක් කියනවා සුනිල් හඳුන්නෙත්තිවයි ලාල් කාන්තවයි අත්අඩංගුවට ගන්න ඕනෑ. අපි කියන්නේ ප්‍රතිපාදනයට අනුව පාර්ලිමේන්තුව විසුරවලා ජනතාවට අවස්ථාවක් දෙන්න කියලා.
ජනමතයක් සහ සංවිධානාත්මක බලය ගොඩනැඟීමෙන් පමණයි මේගොල්ලන්ව යවන්න පුළුවන් වෙන්නේ. වෙන ක්‍රම නැහැ. අපි වෘත්තීය සමිති විදිහට දැන් ආරම්භයක් අරන් තියෙනවා. වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරය දැන් සූදානම් කරමින් තියෙනවා.
මැණික්හින්න – ඩී. වන්නිආරච්චි (මව්බිම)
சட்டத்தரணி ஹேமக்க சேனாநாயக்க பயங்கரவாத தடைச்சட்டத்தின் ஏற்பாடுகளின் கீழ் எனக் கூறிக்கொண்டு போராட்டத்துடன் தொடர்புகொண்டவர்களை கைதுசெய்தல் மேற்கொள்ளப்பட்டு வருகின்றது. அதற்கு மேலதிகமாக பொலிஸ் கட்டளைச்சட்டத்தின் 77 வது பிரிவினை பலிகடாவாக்கிக்கொண்டு ஆட்களை பொலீசுக்கு அழைப்பிக்க செயலாற்றியுள்ளார்கள். பயங்கரவாத தடுப்புப் பிரிவுக்கு ஆட்களை அழைப்பித்த பல பதிவேடுகள் எம்மிடம் இருக்கின்றன. இலங்கையில் பயங்கரவாத தடைச்சட்டத்தில் எதிரரானவர் என்பவர் யாரென பொருள்கோடல் வழங்கப்படவில்லை. அதனால் சாதாரண மக்கள் வாழ்க்கைக்கு கடுமையான அச்சுறுத்தல் விடுக்கப்படுகின்றது. உலக வரலாற்றில் முதல்த்தடவையாக அன்பாக மேற்கொண்டுவந்த […]
சட்டத்தரணி ஹேமக்க சேனாநாயக்க
பயங்கரவாத தடைச்சட்டத்தின் ஏற்பாடுகளின் கீழ் எனக் கூறிக்கொண்டு போராட்டத்துடன் தொடர்புகொண்டவர்களை கைதுசெய்தல் மேற்கொள்ளப்பட்டு வருகின்றது. அதற்கு மேலதிகமாக பொலிஸ் கட்டளைச்சட்டத்தின் 77 வது பிரிவினை பலிகடாவாக்கிக்கொண்டு ஆட்களை பொலீசுக்கு அழைப்பிக்க செயலாற்றியுள்ளார்கள். பயங்கரவாத தடுப்புப் பிரிவுக்கு ஆட்களை அழைப்பித்த பல பதிவேடுகள் எம்மிடம் இருக்கின்றன. இலங்கையில் பயங்கரவாத தடைச்சட்டத்தில் எதிரரானவர் என்பவர் யாரென பொருள்கோடல் வழங்கப்படவில்லை. அதனால் சாதாரண மக்கள் வாழ்க்கைக்கு கடுமையான அச்சுறுத்தல் விடுக்கப்படுகின்றது. உலக வரலாற்றில் முதல்த்தடவையாக அன்பாக மேற்கொண்டுவந்த போராட்டம் காரணமாக அப்போது இருந்த சனாதிபதிக்கு தப்பியோட நேரிட்டது. அதன் பின்னர் மக்கள் இறைமைத் தத்துவத்திற்கு எதிராக செயலாற்றி மொட்டு உறுப்பினர்களால் ரனில் விக்கிரமசிங்க சனாதிபதி பதவிக்கு நியமிக்கப்பட்டார். வரம்புமீறி மேலெழுகின்ற மக்கள் எதிர்ப்பின் மத்தியில் எத்தகைய தந்திரோபாயத்தைக் கையாண்டேனும் அதிகாரத்தைப் பெற்றுக்கொள்வதற்கான ஆற்றலைப் பாதுகாத்துக்கொள்ள ரனில் விக்கிரமசிங்கவினால் இயலாமல் போயுள்ளது. அந்த அச்சம் காரணமாக பயங்கரவாத தடைச்சட்டத்தை முறையற்றவகையில் பாவித்து மக்களை அச்சுறுத்த நடவடிக்கை எடுத்து வருகிறார்.
பங்கரவாத புலனாய்வுப் பிரிவு கொழும்பில் பேணிவரப்படுவதோடு மக்களை அம்பாறை, மொனறாகல, கெபித்திகொல்லேவ போன்ற பிரதேசங்களிலிருந்து அச்சத்துடனும் சந்தேகத்துடனும் அழைப்பித்தலை மேற்கொண்டு வருகிறார்கள். மொட்டின் முந்திய நிலைமையின்படி தமிழ் மற்றும் முஸ்லிம் மக்களின் உரிமைகளுக்கு எதிராக தொடர்ச்சியாக செயலாற்றி வந்தது. குறிப்பாக தமிழ் மற்றும் முஸ்லீம் மக்கள் தமது பிறந்த மண்ணிலேயே பயங்கரவாதிகளென பெயர் குறிக்கப்படுவார்களா எனும் சந்தேகம் தோன்றுகின்றது. தற்போது இருப்பவர் 2015 – 2019 காலத்தில் இருந்த ரனில் விக்கிரமசிங்க அல்ல. மகிந்த ராஜபக்ஷவினால் பெயர்குறிக்கப்பட்டு நாமல் ராஜபக்ஷவினால் வழிமொழியப்பட்ட ராஜபக்ஷ குடும்பத்தினால் புனர்வாழ்வு அளிக்கப்பட்ட ஒரு ரனில் விக்கிரமசிங்கவே இன்று இருக்கிறார். பயங்கரவாத தடைச்சட்டத்தின்கீழ் அதனாலேயே சட்டவிரோதமாக கைதுசெய்யப்படுகிறார்கள். விவியன் குணவர்தன வழக்கில் மதிப்பிற்குரிய உயர்நீதிமன்றம் கூறிய விதத்தில் நாட்டின் அடிப்படைச் சட்டத்தை மீறி தற்போது செயலாற்றி வருகிறார்கள். மதிப்பிற்குரிய உயர்நீதிமன்றம் அளித்த தீர்ப்பினை எவ்விதத்திலும் பொருட்படுத்தாமல் பொலீஸ் உத்தியோகத்தர்களை நெறிப்படுத்த ரனில் – ராஜபக்ஷ உள்ளிட்ட அரசாங்கம் செயலாற்றி வருகின்றது. இன்றளவில் வசந்த முதலிகேவும் சிறிதம்ம தேரரும் 70 நாட்களுக்கு மேலாக தடுத்துவைக்கப்பட்டிருந்தபோதிலும் அவர்களுக்கு எதிராக பயங்கரவாதி என்கின்ற பொருள்கோடலில் உள்ளடக்கப்படக்கூடிய எதுவுமே இனங்காணப்பட முடியாமல் போயுள்ளது. இத்தகைய நிலைமையில் மக்களுக்கு ஏற்படுகின்ற பாதகநிலைமை தொடர்பில் தோற்ற தேசிய மக்கள் சக்தியைச்சேர்ந்த பிரதிநிதிகள் என்றவகையில் நாங்கள் செயலாற்றுவோம். உயர்நீதிமன்றத்தின் தீர்ப்பிற்கு முரணாகச்சென்று பயங்கரவாத தடைச்சட்டத்தின்கீழ் தொல்பொருளியல் சட்டம், பொதுத் தொல்லைச் சட்டம் போன்ற சட்டங்களை பயன்படுத்தி மக்களைப் பயமுறுத்தி வருகின்ற செயற்பாடுகளை நாங்கள் கடுமையாக கண்டிக்கிறோம். பாதிக்கப்படுகின்றவர்களுக்காக எந்தவொரு தருணத்திலும் நாங்கள் தோற்றுவோம் என்பதை வலியுறுத்துகிறோம்.
தேசிய மக்கள் சக்தியின் சட்டத்தரணிகள் அமைப்பின் உப தலைவர் – சட்டத்தரணி சுனில் வட்டகல
கிருளப்பனையில் அமைந்துள்ள பயங்கரவாத புலனாய்வுப் பிரிவுக்கு தீவின் பல்வேறு திசைகளிலுமிருந்து ஆட்களுக்கு அழைப்புக் கடிதங்கள் அனுப்பப்பட்டுள்ளன. தாம் வதிகின்ற பிரதேசத்தில் உள்ள பொலீஸ் நிலையத்திற்கு அழைத்தல் மற்றும் பயங்கரவாத புலனாய்வுப் பிரிவுக்கு அழைத்தல் மூலமாக உளரீதியான மட்டமும் சம்பந்தப்பட்ட சட்டமும் ஒன்றுக்கொன்று வித்தியாசமானது. அரசாங்கத்தின் நோக்கத்தை எமக்கு மறைக்க முடியாது. உண்மையான பிரச்சினைகளுக்கு அரசாங்கம் பதிலளிக்காததால் சமூகம் பற்றி பொதுவில் சிந்திக்கின்ற மக்கள் , சிவில் அமைப்பு செயற்பாட்டாளர்கள், தொழிற்சங்கத் தலைவர்கள் மற்றும் அங்கத்தவர்கள் எதிர்ப்பார்கள். நிலவுகின்ற பிரச்சினைகளுக்கு தீர்வு கிடைக்காத நிலைமையில் மக்கள் வீதியில் இறங்குவதைவிட செய்வதற்கு வேறு ஒன்றுமே கிடையாது. அத்தியாவசிய உணவுப் பொருட்கள், எரிபொருள் என்பவற்றை தாக்குப்பிடிக்கக்கூடிய விலையில் வழங்குவதற்குப் பதிலாக பிணைவழங்க முடியாத வகையிலான வழிமுறைகளை அரசாங்கம் தெரிவுசெய்துள்ளது. பொது ஆதனங்கள் சட்டம், தொல்பொருளியல் சட்டம் என்பவற்றை பரீட்சித்துப்பார்த்து தோல்விகண்டவிடத்து பயங்கரவாத தடைச்சட்டத்தின்கீழ் 90 நாட்கள் தடுத்துவைத்து செயலாற்றுவதில் வெற்றிபெற முயற்சி செய்கிறார்கள். மாணவர் தலைவர் வசந்த முதலிகே எத்தகைய பயங்கரவாத செயலைப் புரிந்தார் என நாங்கள் அரசாங்கத்திடம் கேட்கிறோம். அரசாங்கத்தின் பயங்கரவாதம் மிகவும் நன்றாக தெளிவாகிய அனுபவமொன்று எனக்கு இருக்கின்றது. வசந்த முதலிகேவை நேர்காண சட்டத்தரணிகளுக்கு மாத்திரமே முடியுமென பிரச்சாரம் செய்திருந்தார்கள்.
அதற்கிணங்க 28 ஆந் திகதி நான் தோழர் வசந்த முதலிகேவை 29 ஆந் திகதி சந்திக்க இடமளிக்குமாறு எழுத்தில் அறிவித்தேன். அடுத்த நாள் நானும் சோஷலிஸ இளைஞர் சங்கத்தின் எரங்க குணசேகரவும் பயங்கரவாத புலனாய்வுப் பிரிவுக்குச் சென்றோம். ஆனால் முறையான அனுமதி இன்னமும் கிடைக்கவில்லை என்றுதான் அறிவித்தார்கள். ஆனால் நான் அனுப்பிய கடிதத்திற்கு இதுவரை பதில் வழங்கவில்லை. அதன் பின்னர் 011 233 5930 மற்றும் 071 840 1291 ஆகிய பயங்கரவாத புலனாய்வுப் பிரிவின் தொலைபேசி இலக்கங்களுக்கு நாள் முழுவதும் அழைப்பினை எடுத்தேன். 52 தடவைகள் கையடக்கத் தொலைபேசிக்கு எடுத்தாலும் ஒருவருமே பதில் அளிக்கவில்லை. ஒரு சட்டத்தரணி கைதில் இருக்கின்ற சந்தேகநபரை சந்திக்க முடியாவிட்டால் இந்த நாட்டில் இருக்கின்ற சனநாயகம் என்ன? மூவரைக் கைதுசெய்து பயங்கரவாத தடைச்சட்டத்தின்கீழ் தடுத்துவைத்து ஒருவரை சான்றுகள் கிடையாதெனக்கூறி விடுதலை செய்தார்கள். விசாரணை நியாயமாக நடைபெறுகின்றதென்பதை நிரூபிக்க அந்த ஆளை விடுதலை செய்தார்கள். செத்தெம்பர் 24 ஆந் திகதி சோஷலிச இளைஞர் சங்கம் நடாத்திய அமைதிவழி எதிர்ப்பு பேரணிமீது மேற்கொண்ட சட்டவிரோத தாக்குதல் சம்பந்தமாக அதனோடு தொடர்புடைய ஒவ்வொரு பொலீஸ் உத்தியோகத்தருக்கும் எதிராக உயர்நீதிமன்றத்தில் மாத்திரம் மூன்று வழக்குகளைப் போட்டிருக்கிறோம். அதற்கு மேலதிகமாக மனித உரிமைகள் ஆணைக்குழுவிற்கு முறைப்பாடு செய்வதற்காக நோட்டீஸ் அனுப்பப்பட்டுள்ளது. அதனால் அரசாங்கத்தின் பொலீஸ் சற்று பயந்துள்ளது.
நாங்கள் ஒரு விடயத்தை பொலீசுக்கு வலியுறுத்துகிறோம். இப்படிப்பட்ட வெட்கத்தனமான கொந்துராத்து வேலைகளைச் செய்யவேண்டாமென்று. தமக்கு இறுதியில் எஞ்சுவது வீட்டிலுள்ள மனைவி மாத்திரமே. கட்டளையிடுகின்ற அரசியல்வாதிகள் காணாமல் போய்விடுவார்கள். பயங்கரவாத புலனாய்வுப் பிரிவில் உள்ளவர்களுக்கு நாங்கள் அதனை வலியுறுத்துகிறோம். சட்டத்தரணிகளுக்கும் பார்வையிட இடமளிக்காமல் சிறைப்படுத்து வைத்துள்ள வசந்த முதலிகேவின் உயிருக்கு உத்தரவாதமளிப்பது யார்? ரனில் ராஜபக்ஷவின் கொந்துராத்து வேலையை ஜாக்கிரதையாக புரியுமாறு நாங்கள் வலியுறுத்துகிறோம். அரசாங்கம் தொடர்ச்சியாக பெயிலாகின்ற சட்டங்களைக்கொண்டுவந்து முடியாதகட்டத்தில் பயங்கரவாத தடைச்சட்டத்தைக் கொண்டுவந்து புரிகின்ற வேலைகளுக்கு நாங்கள் இடமளிக்கமாட்டோம். சோஷலிஸ இளைஞர் சங்கத்தைச் சேர்ந்தவர்கள்மீது நடாத்தப்பட்ட கீழ்த்தரமான தாக்குதலுக்கு எதிராக நடவடிக்கை எடுப்பதாக நாங்கள் இந்த இடத்திலேயே ஊடக சந்திப்பு ஒன்றை நடாத்திக் கூறினோம். அதனை அவ்வண்ணமே செய்தோம். உயர் பாதுகாப்பு வலய வர்த்தமானி அறிவித்தலைக் கொண்டுவரும்போதே உயர்நீதிமன்றத்தின் முன்னிலையில் நாங்கள் அதனை ஆட்சேபனைக்கு இலக்காகினோம். 26 ஆந் திகதி வழக்கினை பயில் பண்ணியதும் ஒற்றோபர் 01 ஆந் திகதி அரசாங்கம் உயர்பாதுகாப்பு வலய வர்த்தமானி அறிவித்தலை வாபஸ் பெற்றுக்கொண்டது. ஒற்றோபர் 28 ஆந் திகதி மனித உரிமைகள் ஆணைக்குழுவானது பொலீஸ் கட்டளைச் சட்டத்தின் 77/1 பிரிவின்கீழ் புரியப்படுகின்ற செயல்கள் சட்டவிரோதமானவை எனக் கூறியுள்ளது. பொலீஸ் கட்டளைச் சட்டம் அரசியலமைப்பிற்கு கட்டுப்பட்டதாகவே இருக்கின்றது என்பதை பொலீஸார் அறிந்துகொள்ள வேண்டும். பயங்கரவாத புலனாய்வுப் பிரிவுக்கு நாட்டின் அனைத்துப் பிரதேசங்களிலுமிருந்து ஆட்களுக்கு அழைப்பு விடு்கின்ற உத்தியோகத்தர்களை ஜாக்கிரதையாக செயலாற்றுமாறும் அவ்விதமாக செயலாற்றாவிட்டால் உயர்நீதிமன்றத்தின் முன்னாள் நிறுத்துவோம் என்பதையும் வலியுறுத்துகிறோம்.
இந்த ஊடக சந்திப்பின்போது தேசிய மக்கள் சக்தியின் கொழும்புச் செயலாளர் சட்டத்தரணி தனுஷ்கி லியனபட்டபெந்தியும் பங்கேற்றார்.
கேள்வி :– தடுத்துவைத்துள்ள வசந்த முதலிகேவின் மாணவர்நிலைக்கு என்ன நேரிடும்?
பதில்:– பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் அல்லது தண்டனைச்சட்டத்தின்கீழ் தடுத்துவைக்க இடமில்லாத அரசியலமைப்பில் உறுதிசெய்யப்பட்டுள்ள எதிர்ப்புகளிலேயே அவர் ஈடுபட்டிருந்தார். அவரது மாணவர்நிலை தொடர்பில் நிருவாகச் சிக்கல்கள் ஏற்படக்கூடும். ஆனால் விடுதலை பெறுகின்ற தினத்தில் அவருக்கு கல்விக்கான வாய்ப்பினை வழங்கவேண்டி ஏற்படும். பாரதூரமான பிரச்சினை அதுவன்று. எந்தவொரு சமூகத் தொடர்புமற்று சிறைப்படுத்தி வைக்கப்பட்டுள்ள அந்த இளைஞனின் உயிருக்கு சம்பந்தப்பட்ட காலம் தொடர்பில் யார் பொறுப்புக் கூறுவது? அந்த காலத்தை அரசாங்கத்தினால் வழங்க முடியாது. அந்த அநியாயத்தைச் செய்யவேண்டாமென நாங்கள் நாங்கள் வலியுறுத்துகிறோம். தேசிய மக்கள் சக்தியின் சட்டத்தரணிகள் என்றவகையில் சனநாயகக் கட்டமைப்பிற்குள் செயலாற்றி வருகின்றவர்கள் சம்பந்தமாக தேசிய மக்கள் சக்தியின் சட்டத்தரணிகள் தோற்றுவார்கள்.
கேள்வி :– யாலவில் வெறியாட்டம் ஆடியவர்கள் பற்றிய நிலைப்பாடு என்ன?
பதில்:- ஒரு நாடு ஒரே சட்டம் எனும் எண்ணக்கருவினை எடுத்துக்கொண்டே கோட்டாபய ராஜபக்ஷ ஆட்சிக்கு வந்தார். எனினும் இன்றளவில் “நீங்கள் எங்களுடன் இருப்பீர்களாயின் என்ன வேண்டுமானாலும் செய்யமுடியும். ஆனால் நீங்கள் எம்மை எதிர்த்த முதலாவது நொடியிலேயே நாங்களை உங்களைப் பழிவாங்க நடவடிக்கை எடுப்போம். தேசத்துரோகிகளாக மாற்றிடுவோம்” என்ற செய்தியைக் கொடுத்துள்ளார். யால சம்பவத்துடன் தொடர்படையதாக அமுலாக்குவது அதன் நீடிப்பையாகும். அமைச்சர்களின் மைந்தர்களுக்கும் அவர்களின் மருமக்களுக்கும் சகபாடிகளுக்கும் நாட்டின் சட்டம் வலுவில் இல்லாதவகையிலேயே செயலாற்றுகிறார்கள். வாகனங்கள் பிரவேசிப்பதைத் தடைசெய்து, அந்த ஆட்களுக்கு ஏற்புடையதாக்கிக் கொள்வதில்லை. அவர்களின் வகுப்பைச் சேர்ந்தவர்களுக்கு ஒருவிதமாகவும் வறியவர்களுக்கு உச்ச தண்டனை வழங்கி வருவதும் அதன் மூலமாகத் தெளிவாகின்றது.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්‍රාන්ට් ස්පෙන්සර් (Grant Spencer) හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ කෝප් […]
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්‍රාන්ට් ස්පෙන්සර් (Grant Spencer) හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහභාගි වී තිබිණි.
මෙහිදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ කටයුතු සහ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳවත් වංචා හා දූෂණ සම්බන්ධයෙනුත් සාකච්ඡා වී තිබේ. එමෙන්ම ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ වංචා හා දූෂණවලින් තොරවීම සහ බදු ප්‍රතිපත්තිය සහ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග දැඩිලෙස හෙළා දකින බවත් අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති. ඔවුන් මෙලෙස අවධාරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන […]
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග දැඩිලෙස හෙළා දකින බවත් අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.
ඔවුන් මෙලෙස අවධාරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (31) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එම මාධ්‍ය හමුව සඳහා නීතිඥ හේමක සේනානායක, නීතිඥ සුනිල් වටගල සහ ජාතික ජන බලවේගයේ කොළඹ ලේකම්, නීතීඥ ධනුෂ්කි ලියනපටබැඳි එක්වී සිටි අතර ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කොළඹ සභාපති – නීතිඥ හේමක සේනානායක
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ යැයි කියමින් අරගලයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සිදුකරනවා. ඊට අමතරව පොලිස් ආඥා පනතේ 77 වගන්තිය දඩමීමා කරගෙන පුද්ගලයින් පොලීසියට කැඳවීමට කටයුතු කර තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පුද්ගලයින්ව කැඳවූ ලේඛන ගණනාවක් අප සතුව තිබෙනවා. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් ත්‍රස්තවාදියා කියන්නේ කවුදැයි යන්න අර්ථ නිරූපණය කර නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ආදරයෙන් කරගෙන ගිය අරගලය හේතුකොටගෙන එවකට හිටපු ජනාධිපතිට පලා යන්න සිදුවුණා. ඊට පස්සේ ජනතා පරමාධිපත්‍ය බලයට පටහැණිව කටයුතු කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කර ගත්තා. අසීමිතව පැන නගින්නාවූ ජනතා විරෝධය හමුවේ කුමන උපක්‍රම පාවිච්චි කර හෝ බලය ලබාගැනීමේ හැකියාව ආරක්ෂා කර ගන්න රනිල් වික්‍රමසිංහට හැකිවී නැහැ. ඒ බය නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයුතු විදිහට භාවිතා කර, ජනතාව බියවද්දන්න කටයුතු කරනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ පවත්වාගෙන යන අතර ජනතාව අම්පාර, මොනරාගල, කැබිතිගොල්ලෑව වැනි ඈත ප්‍රදේශවල සිට බියෙන් සැකයෙන් කැඳවා ගැනීම සිදුකරනවා. පොහොට්ටුවේ පෙර තත්වයේ හැටියට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම්වලට විරුද්ධව දිගටම ක්‍රියා කළා. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාව තමන් උපන් භූමියේ ත්‍රස්තවාදීන් ලෙස නම්කරාවි දැයි බියක් පැන නගිනවා. දැන් ඉන්නේ 2015-2019 කාලයේ සිටි රනිල් වික්‍රමසිංහ නොවෙයි. මහින්ද රාජපක්ෂ විසින් නම් කළ නාමල් රාජපක්ෂ විසින් ස්ථීර කළ රාජපක්ෂ පවුල විසින් පුනරුත්ථාපනය කළ රනිල් වික්‍රමසිංහ කෙනෙක් අද ඉන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතිකව පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නේ මේ නිසයි. විවියන් ගුණවර්ධන නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ ආකාරයට රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින් දැන් කටයුතු කරගෙන යනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු කිසිසේත් මායිම් නොකර පොලිස් නිලධාරීන් මෙහෙයවීමට රනිල් – රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. මේ වනවිට වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ දින 70ක් ඉක්මවා රඳවාගෙන සිටියත් ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදියෙක් කියන අර්ථ නිරූපණයට ඇතුළත් කළ හැකි කිසිවක් හඳුනාගන්න නොහැකි වී තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ ජනතාවට සිදුවන අගතිය වෙනුවෙන් පෙනී සිටීමට ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හැටියට අපි ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග අපි දැඩිලෙස හෙළා දකිනවා. අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක අපි පෙනී සිටින බව අවධාරණය කරනවා.”
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ උප සභාපති – නීතිඥ සුනිල් වටගල
“කිරුලපන පිහිටා තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයට දිවයිනේ නන්දෙස සිටින පුද්ගලයින් කැඳවීමේ ලිපි යවා තිබෙනවා. තමන් අයත් වන ප්‍රදේශයේ පිහිටි පොලීසියකට කැඳවීමක් සහ ත්‍රස්ත විමර්ශන ඒකයට කැඳවීම තුළින් මානසික මට්ටමත් අදාළ පනතත් එකිනෙකට වෙනස්. ආණ්ඩුවේ අරමුණ අපට හංගන්න බැහැ. ඇත්ත ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන් සමාජය ගැන පොදුවේ හිතන මිනිසුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් නැගී සිටිනවා. පවතින ප්‍රශ්නවල විසඳුම් නොදෙන තත්වය මත ජනතාව පාරට බහිනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, දැරිය හැකි මුදලකට ලබාදෙනවා වෙනුවට ඇප නොදෙන පන්නයේ ක්‍රියාමාර්ග ආණ්ඩුව තෝරා තිබෙනවා. පොදු දේපළ පනත, පුරාවිද්‍යා පනත අත්හදා බලා අසාර්ථක වූ තැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවා තබාගෙන ක්‍රියාකිරීම සාර්ථක කරගන්න උත්සාහ කරනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍ය නායකයා සිදුකළේ මොන ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි අපි ආණ්ඩුවෙන් අහනවා. ආණ්ඩුවේ ත්‍රස්තවාදීකම වඩාත් හොඳින් පැහැදිලි වූ අත්දැකීමක් මට තිබෙනවා. වසන්ත මුදලිගේ සම්මුඛ විය හැක්කේ නීතිඥ මහත්වරුන්ට පමණක් බව ප්‍රචාරය කර තිබුණා.
ඒ අනුව 28වන දින මම ලිඛිතව දැන්වූවා 29වන දින වසන්ත මුදලිගේ සහෝදරයාව හමුවීමට ඉඩ දෙන්න කියලා. පසුදින මමත්, සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරත් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා. නමුත් එතනදී දැන්වූයේ නිසි අවසරයක් තවමත් ලැබී නැති බවයි. නමුත් මම යැවූ ලිපියට අද වෙනතුරුත් නිසි පිළිතුරක් ලබාදී නැහැ. ඊට පස්සේ 011 233 5930 සහ 071 840 1291 යන ත්‍රස්ත විමර්ශන අංශයේ දුරකථන අංකවලට දවසක් පුරාම ඇමතුම් ගත්තා. 52වතාවක් ජංගම දුරකථනයට ගත්තත් කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. නීතිඥවරයෙකුට අත්අඩංගුවේ සිටින සැකකාරයෙක් හමුවිය නොහැකි නම් මේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත පනත යටතේ රඳවාගත් එක් අයෙකුට සාක්ෂි නැති බව සඳහන් කරමින් මුදා හැරියා. පරීක්ෂණය සාධාරණව සිදුවෙන බව ඔප්පු කරන්න ඒ පුද්ගලයා මුදා හැරියා. සැප්තැම්බර 24වනදා සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාළියට එල්ල කළ නීති විරෝධී ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ සෑම පොලිස් නිලධාරියෙකුටම එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් නඩු තුනක් දාලා තිබෙනවා. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම නිසා නොතීසි නිකුත් කර තිබෙනවා. මේ නිසා ආණ්ඩුවේ පොලීසිය ටිකක් බයවෙලා ඉන්නේ.
අපි එක දෙයක් පොලීසියට අවධාරණය කරනවා. මේ විදිහේ ලැජ්ජාසහගත කොන්ත්‍රාත් කරන්න එපා කියලා. තමුන්ට අන්තිමටම ඉතිරි වෙන්නේ ගෙදර ඉන්න භාර්යාව විතරයි. අණදෙන දේශපාලනඥයෝ නොපෙනී යනවා. ත්‍රස්ත විමර්ශන අංශයේ ඉන්න මහත්වරුන්ට අපි ඒ බව අවධාරණය කරනවා. නීතීඥවරුන්ටවත් බලන්න නොදී හිරකරගෙන ඉන්න වසන්ත මුදලිගේලාගේ ජීවිතවලට වගකියන්නේ කවුද? රනිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත් එක පරිස්සමෙන් කරන්න කියලා අපි අවධාරණය කරනවා. ආණ්ඩුව දිගින් දිගටම ෆේල් වෙන පනත් ගෙනත් බැරිවුණු තැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනැවිත් කරන වැඩේට අපි ඉඩතියන්නේ නැහැ. සමාජවාදී තරුණ සංගමයට එල්ල කළ නීච ප්‍රහාරයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අපි මේ ස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවා. එය ඒ ආකාරයෙන්ම සිදුකළා. අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ගේනකොටම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අපි එය අභියෝගයට ලක්කළා. 26දින නඩුව ෆයිල් කළාම ඔක්තෝබර් 01වනදා ආණ්ඩුව අධිආරක්ෂිත ගැසට්ටුව ඉල්ලා අස්කර ගත්තා. ඊට පස්සේ පුනරුත්ථාපන පනත කියලා එකක් ගෙනාවා. එය ගේනකොටම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඔක්තෝබර් 28 වැනිදා මානව හිමිකම් කොමිසම, පොලිස් ආඥා පනතේ 77/1 වගන්තිය යටතේ සිදුකරන ක්‍රියාවන් නීති විරෝධී බව ප්‍රකාශ කර තිබෙනවා. පොලිස් ආඥා පනත තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටින් කියලා පොලීසිය දැනගන්න ඕනෑ. ත්‍රස්ත විමර්ශන ඒකකයට දිවයිනේ සියලු ප්‍රදේශවලින් පුද්ගලයන්ව කැඳවන නිලධාරීන් ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙසටත් එසේ නොවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන එන බවත් අවධාරණය කරනවා.”
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ ලේකම් නීතීඥ ධනුෂ්කි ලියනපටබැඳි ද සහභාගි වූවාය.
ප්‍රශ්නය:- රඳවාගෙන සිටින වසන්ත මුදලිගේගේ ශිෂ්‍යභාවයට මොකද වෙන්නේ?
පිළිතුර:- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ දණ්ඩනීතිය යටතේ රඳවාගෙන සිටින්න ඉඩක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන විරෝධතාවලයි ඔහු යෙදී සිටියේ. ඔහුගේ ශිෂ්‍යභාවය සම්බන්ධයෙන් පරිපාලන ගැටලු ඇතිවිය හැකියි. නමුත් නිදහස් වෙන දවසක ඔහුට අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න වෙනවා. බරපතළ ප්‍රශ්නය ඒක නොවෙයි. කිසිදු සමාජ සම්බන්ධතාවයක් නැතිව සිරකර තබා සිටින ඒ තරුණ ජීවිතයට අදාළ කාලය සම්බන්ධයෙන් වගකියන්නේ කවුද? ඒ කාලය ලබාදෙන්න පුළුවන්කමක් ආණ්ඩුවට නැහැ. ඒ අපරාධය කරන්න එපා කියලා අපි අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ නීතීඥයෝ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ක්‍රියාකරන අය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙනී සිටිනවා.
ප්‍රශ්නය:- යාල යකා නැටූ පිරිස සම්බන්ධයෙන් ස්ථාවරය මොකක්ද?
පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ එක රටක් එක නීතියක් සංකල්පය අරගෙන. නමුත් මේ වන විට “ඔබලා අප සමග සිටිනවා නම් ඕනෑම දෙයක් කළ හැකියි. හැබැයි ඔබලා අපට විරුද්ධවූ පළමු තත්පරයේදීම අප ඔබලාගෙන් පලිගන්න කටයුතු කරනවා, දේශද්‍රෝහීන් බවට පත්කරනවා” කියන පණිවිඩය ලබාදුන්නා. යාල සිද්ධියට අදාළව ක්‍රියාත්මක කරන්නේ එහි දිගුවක්. ඇමති පුතුන්ටත් ඔවුන්ගේ බෑනලාට සහ සහචරයින්ට රටේ නීතිය බලනොපාන ලෙස ක්‍රියාකරනවා. වාහනවලට ඇතුල්වීම තහනම් කර, ඒ පුද්ගලයන්ට අදාළ කරන්නේ නැහැ. ඔවුන්ගේ පැලැන්තියට එක් ආකාරයක් සහ දුප්පත් අයට උපරිම දඬුවම් ලබාදීම සිදුකරන බව මෙයින් පැහැදිලි වෙනවා.