Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“Our country should be in a much more beautiful place”

NPP Executive Committee Member Dr Harini Amarasuriya Today, the National People’s Power has reached a crucial and important juncture in its journey that began in 2019. As a result of our work, which we have done in the face of Covid obstacles, we were able to introduce our leadership and the Executive Council. The dialogue […]

NPP Executive Committee Member Dr Harini Amarasuriya

Today, the National People’s Power has reached a crucial and important juncture in its journey that began in 2019. As a result of our work, which we have done in the face of Covid obstacles, we were able to introduce our leadership and the Executive Council. The dialogue between us has come here through the formulation of a policy-making program. There are many people here today who have questioned us and criticized us. I know many more are joining us online too.

The National People’s Power is an organization that moves forward in a non-stop process through dialogue. The main reason for building the National People’s Power today is to put our country and our lives in a better, more beautiful and convenient place. We believe that we should have a culturally advanced human society that cares for each other instead of oppressing one another and nurturing instead of destroying nature. We have a plan, commitment, political leadership and practice to build such a world. We also know that there are many individuals and organizations like that. We have built a platform to bring all of them together.

The main reason why our country is where it is today is the destruction of the bonds, cooperation and solidarity that should exist between us. It did not happen automatically. It was destroyed. It was taught that there is no society. Society was presented with a selfish and competitive individualist. We were convinced that the crises we faced were normal or natural. Because of this, we were told that these conditions could not be changed. Or, the problems we face are said to be personal weaknesses. Therefore, they forced us to resolve the issues individually and kept us away from politics. In the democratic process, we were made mere spectators. Instead of hope and sympathy, hatred and indifference were created.

In the end, the rulers and their allies became rich and we became poor in every way. This needs to be changed. Collectivity and commonality do not mean the dissolution of individual liberties and identities. We can create a society that values ​​individuality and preserves individual freedom. But today, there is no balance between society and the individual. Values ​​and practices are telling us today, that there are personal goals and individual journeys. It has destroyed our bonds, relationships and our families as well as the common good. Interrelationships that every human being seeks are hidden underneath by it. Dedication to the common good, the desire to serve has been destroyed. As competitiveness, it requires a balance between human qualities. Loss of that balance has led individuals to seek solutions to problems. But today we face common and structural problems. Our education, health, transportation all have structural common problems. Therefore, a structural transformation is needed to change these conditions. It can be translated collectively, not individually. We are now rejecting the myths, attitudes and unscientific ideas that have trapped us.

The whole world is looking for a new path. A new path is open. Covid taught us some lessons about the transition from the crisis. The world is now pushing for that transformation. This morning we heard the good news that the new world was being built before us. According to the results of Chile’s presidential election, the former student leader Gabriel Warid has won and was elected as the president. I think it’s a great signal to all those who value leftism, progressiveness, and democracy. The National People’s Power was built on the belief that we can transform this world. Come on! Let’s work; Let’s take over the work; Let’s be committed; Let us unite to create a new world, a world more beautiful than today; Let’s build it.

Show More

We are introducing an alternative work plan to the country

NPP Executive Committee Member Attorney-at-Law Lal Wijenayake We are at a critical juncture where our country has collapsed economically, socially and culturally in every direction. Leaders who ruled the country for seventy-three years since independence have dragged this country into a lamentable situation where it is above only Afghanistan in this region. The politics that […]

NPP Executive Committee Member Attorney-at-Law Lal Wijenayake

We are at a critical juncture where our country has collapsed economically, socially and culturally in every direction. Leaders who ruled the country for seventy-three years since independence have dragged this country into a lamentable situation where it is above only Afghanistan in this region. The politics that led the country to such a situation should be defeated. What we should defeat is not just individuals but of course their politics. The position that the country has downgraded in terms of the economy need not be specially mentioned here as it is quite obvious to all. Likewise, our society too is collapsed. We have failed to unite all racial groups in the country and thereby to build one Sri Lankan identity. The nature of the politicians elected is quite clear when we look at the Parliament.

The level the country has collapsed is evident from the expectations that almost all the youth of this generation have on leaving the country. They are on the lookout for all possible ways to achieve this hope of leaving the country. Young people have lost faith in the country. They do not believe that there’s any future in this land and this is what it makes so tragic. Thus, this scenario led the JVP and the rest of the leftist parties to unite first and then establish the National People’s Power (NPP). We are holding this conference today to introduce an alternative political process and also to introduce an alternative work plan and an alternative leader. Further, we also work towards introducing a Leadership Council that shall consist of seventy-five members. We will also work towards spreading the word about NPP throughout the country and creating a discussion with people. If there’s any need to make any changes to such policies, there is room for any such change as well. Our anticipation is to make arrangements to establish a government, which is necessary to rebuild the once collapsed and broken nation. We will conduct conventions at the district level and we will also work towards rebuilding the shattered nation by striving hard to fulfil the expectations of the people. Therefore, we invite you all to unite and join hands with us for realizing the said purpose. National People’s Power is not restricted to several parties or groups. This will be established as a common platform for those who unite to rebuild the shattered motherland, by way of an alternative political programme. We, therefore, urge all people to unite and join us in this journey towards change.

Show More

“කලබලයක් නැහැ අපි වේගයෙන් ජනතාව පෙළගස්වමින් සිටිනවා… “

– ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක. ජාතික ජන බලවේගය වටා ජනතා වේගයෙන් ඒකරාශී වීම හමුවේ සතුරා කලබලයට පත්ව සිදුකරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කිසි ලෙසකින්වත් කලබලයට පත් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි. ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවති අතර එම සමුළුව අමතමින් අනුර දිසානායක මේ අදහස් පළකරනු […]

– ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක.

ජාතික ජන බලවේගය වටා ජනතා වේගයෙන් ඒකරාශී වීම හමුවේ සතුරා කලබලයට පත්ව සිදුකරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කිසි ලෙසකින්වත් කලබලයට පත් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවති අතර එම සමුළුව අමතමින් අනුර දිසානායක මේ අදහස් පළකරනු ලැබීය. එම සමුළුවේදී ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රීක් නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පත්කරනු ලැබීය. එසේම මහනුවර දිස්ත්‍රික් විධායක සභාව සඳහා ලාල් විජේනායක ප්‍රමුඛ නීතිඥයින්, මහාචාර්ය ලියනගේ අමරකීර්ති ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, තරුණු නායකයින්, විශාමික රාජ්‍ය සේවයේ නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් පත්කරනු ලැබීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ජාතින විධායක සභික නීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය විජේ කුමාර්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චතුරංග සේනාරත්න, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යන අය අදහස් දැක්වීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමුළුවේදී දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය….

“මේ මාවතේ අපි ගමන් කරමින් යනකොට බොහෝ අය කලබල වී තිබෙනවා. සමහර අය ඉංග්‍රීසි පුවත්පත්වල විවිධ දේ ලියන්න පටන් අරගෙන තිබෙනවා. විශාල දේශපාලන විචාරකයින් නිර්මාණය වී තිබෙනවා. ඒ අය බලයට අවොත් මෙහෙම වෙයි කියමින් භීතිකාවන් මවනවා. ඔක්කොම කලබල වෙලා. සමහර අය උපදේශාත්මක ස්වභාවයෙන් ලියනවා. ඒත් කලබල වෙලා. එහෙම තීරු ලිපි, එහෙම ප්‍රකාශයන්ගෙන් පත්තර පිටු පිරෙන්න පටන් අරන් තිබෙනවා. හැබැයි අපි කිසිසේත් කලබල වෙලා නැහැ. අපට ඉතා හොඳ සංයමයක් තියෙනවා. වැඩසැලැස්මක් තියෙනවා. හොඳ ස්ථාවරයක් තියෙනවා. වේගවත් වැඩ රටාවක් තියෙනවා. ඒවා අපි කිසිසේත් හකුළන්නේ නැහැ. අපි ඉතාමත් සංයමයෙන්, ඉතාමත් ස්ථාවරයෙන්, ඉතාමත් වේගයෙන් ජනතාව ආමන්ත්‍රණය කරමින්, පෙළගස්වමින් සිටිනවා.

ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් තුළ අපි වැඩකරමින් සිටිනවා. එක ක්ෂේත්‍රයක් නම් ජාතික ජන බලවේගය අතට ඊළඟ බල හුවමාරුවේදී බලය මාරුවීම අත්පත් කරගැනීම සඳහා වූ වැඩසටහනයි. දෙවැන්න බල ගැනීමෙන් පසුව මේ රට ගොඩනැගීම සඳහා වූ වැඩසටහනයි. එකිනෙකට නොදෙවෙනි පරිදි අපි මේ ක්ෂේත්‍ර දෙකට සමාන බර තබමින්, පරෙස්සමෙන්, සංයමයෙන්, ක්‍රමානුකූළව ස්ථාවර ලෙස වැඩකරමින් සිටිනවා. මෙසේ වෙද්දී සමහර අය කළබල වෙනවා. ජාතික ජන බලවේගය මේ රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පරිවර්තනය කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා. අපි මදක් ප්‍රමාද වූයේ කොවිඩ් වසංගත තත්වය අප එකිනෙකාට එක් රැස් වෙන්න යම් කාලයක් බාධා කර තිබූ නිසයි.

පසුගිය දෙසැම්බර් 20වැනිදා ජාතික නියෝජිත සමුළුව පවත්වා, ජාතික විධායක සභාව හඳුන්වා දෙනු ලැබුවා. මේ රට ගොඩනැගීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් එළිදක්වනු ලැබුවා. සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් විධායක සභාව නම් කර එම දිස්ත්‍රික්කයට නායකත්වය දෙන, එහි වගකීම භාර ගන්නා පිරිසක් පත් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අපි මෙහි පවත්වන්නේ එහි වැඩපිළිවෙළේ පළමු දිස්ත්‍රික් සභාවයි. මෙම ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා දින නියම කරමින් සැලසුමක් සකස් කර තිබෙනවා. අපට ලැබෙන දුරකථන ඇමතුම්වලින්, කතාබහ කරන අයගෙන් ලැබෙන හුඟක් අදහස්වල තිබෙන්නේ ‘සහෝදරයා ඔයාලා උඩින් ඉන්න බව පේනවා. ජනමාධ්‍යවල දකිනවා. ඒත් ගමේ කවුරුත් නෑනෙ’ වගේ අදහස්. ‘පොස්ටරයක් වදිනවා. ඒත් කවුද කියලා පේන්න නැහැ’ කියලා කියනවා. හැබැයි දේශපාලනය කියන්නේ පුරවැසියා සමග ගොඩනගා ගන්නා සහසම්බන්ධයයි. ගමේ කෙනාට තමාට මුණගැසෙන පක්ෂ නියෝජිතයෙක් පෙනිය යුතුයි. පක්ෂයට තිබෙන චෝදනාව, යෝජනාව තමන්ගේ නියෝජිතයාට ඉදිරිපත් කරන්න අවස්ථාව තිබිය යුතුයි. එසේ නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට යන්නේ නැහැ. අපේ ග්‍රාමීය මට්ටමින් ඇති සහසම්බන්ධය දුබලයි. අපි එය පිළිගත යුතුයි. සම්බන්ධ වෙන්න අවශ්‍යතාව තිබෙනවා. නමුත් සම්බන්ධ වෙන ස්ථානයක් නැහැ. අපිත් කැමතියි කියනවා. හැබැයි ගමේ කෙනෙක් නැහැ කියනවා.

මේ නිසා අපි සැලසුමක් සකස් කර තිබෙනවා. ලංකාවේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ජාතික ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා හදන්න අපි බලපොරොත්තු වෙනවා. දැන් කවුරුවත් නෑ කියන අය මේ කටයුත්ත පටන් ගත යුතුයි. මෙය කොළඹින් ඇවිත් කරන්නක් නොවිය යුතුයි. ගමේ අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා හදනවා. එහි සභාපතිවරයෙක්, ලේකම්වරයෙක්, නිලධාරි මඩුල්ලක් ඉන්නවා. හොඳ කාරක සභාවක් තියෙනවා. ගම ශක්තිමත් කරන, ගම සංවිධානය කරන, ගම්වැසියන්ගේ යෝජනා ලබා ගන්න, අදහස් හුවමාරු කරගන්න, පුරවැසියන් සමග සහසම්බන්ධය හදාගන්න ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාව කටයුතු කරාවි. ජාතික විධායක සභාව, දිස්ත්‍රික් විධායක සභාව, ගමට කොට්ඨාස සභාව ලෙස අපි ක්‍රමයෙන් ජනතාව සංවිධානය කරගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.

කෙසේ වුවත් එය කළ හැකි වන්නේ ජනතාව ලෙස ඔබේ ක්‍රියාකාරිත්වය සහ දායකත්වය තුළයි. එය අතිශය වැදගත්. මෙය අප කිහිපදෙනෙකුගේ වැඩක් නොව අපි සියලුදෙනාගේ වැඩක්. එක් කාලයක වෙනත් පක්ෂයක ක්‍රියාකාරිකයෙක් විය හැකියි. තවත් කාලයක තවත් පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන්න ඇති. ඒත් අපි පුරවැසියන්ගේ වෙනස්වීම පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක්. පුරවැසියන් වෙනස් නොවුණානම් ඉතිහාසය මේ දක්වා සංවර්ධනය වන්නේ නැහැ. එසේ කරන ලද්දේ වෙනසට බිය නොවූ මිනිසුන් විසිනුයි. සමහරුන් වෙනසට බිය වෙනවා. අපි වෙනස පිළිගන්න සූදානම්. අපි වෙනස අපේක්ෂා කරනවා. එම නිසා අතීතයේ කුමන දේශපාලන පක්ෂයක සිටියාද යන්න අපට ගමේදී අදාළ වන්නේ නැහැ. ගමේ අපි සියලු දෙනා එකතු කර ගෙන ජාතික විධායක සභාවේ නායකත්වය යටතේ කොට්ඨාස සභා හදනවා.

මේ රට ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුයි. එයත් ක්‍රමානුකූළව සමාජ ගත කළ යුතුව තිබෙනවා. ඔයාලට රට භාර දුන්නොත් මුදල් ඇමති කවුද කියලා සමහරු අහනවා. මෙතෙක් මේ රටේ සිටි සියලු මුදල් ඇමතිවරුන්ට වඩා දක්ෂම හා අදූෂිතම මුදල් අමාත්‍යවරයෙක් අපට හදන්න පුළුවන්. අපි ඒ සියල්ල මණ්ඩලයක් ලෙස පෙන්වන්නම්. අපේ අධ්‍යාපනය භාර කණ්ඩායම, විදෙස් ප්‍රතිපත්ති භාර කණ්ඩායම, සෞඛ්‍යය භාර කණ්ඩායම ලෙස අපට පෙන්වා දිය හැකියි. මෙය තනි පුද්ලයෙකුගේ වැඩක් නෙමෙයි; සාමූහික වැඩක්.

මෙය ගොඩනගන්නේ කෙසේද යන සාකච්ඡාවක් රටට අවශ්‍ය වී තිබෙනවා. දැන් හැමතැනම කියන්නේ මෙයලා ගැන සාකච්ඡා කිරීමෙන් පලක් නෑ කියලා. ඔයාලා මොකද කරන්නේ කියලා අහනවා. අපි මේ රට හදන බවට සපථ කරනවා.”

– ලංකා ටෘත් අනුග්‍රහයෙන්

Show More

ජනතාව මීටත් වඩා ව්‍යසනකාරී තත්වයකට පත්වීම වැළක්වීමට පියවර ගත යුතුයි

නව වසර ආරම්භයත් සමග ජනතාව එක පිට එක එන ආර්ථික දුෂ්කරතාවයන් ගණනාවකට මුහුණ දෙමින් සිටි. බස් ගාස්තු, පාසල් වෑන් රථ ගාස්තු මෙන්ම කිරිපිටි, එළවළු, පාන් සහ තවත් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන  භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ ගොස් ඇත. ගෑස් හිඟය නිසා සිදුවන රස්තියාදුවීම් හෝ ගෑස් කාන්ඳුවිම් නිසා සිදුවන අපදා සහ ජිවිත හානිද […]

නව වසර ආරම්භයත් සමග ජනතාව එක පිට එක එන ආර්ථික දුෂ්කරතාවයන් ගණනාවකට මුහුණ දෙමින් සිටි. බස් ගාස්තු, පාසල් වෑන් රථ ගාස්තු මෙන්ම කිරිපිටි, එළවළු, පාන් සහ තවත් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන  භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ ගොස් ඇත. ගෑස් හිඟය නිසා සිදුවන රස්තියාදුවීම් හෝ ගෑස් කාන්ඳුවිම් නිසා සිදුවන අපදා සහ ජිවිත හානිද තවමත් සිදුවෙමින් පවතී. ගෑස් ලිපක් තිබීම නිවසක කුමන වෙලාවේ හෝ පිපිරිය හැකි බෝම්බයක් තිබීම හා සමාන වී ඇත. ගෑස් සහ කිරිපිටි පෝලිම්වල සිටීම ජනතාවගේ එදිනෙදා කාර්යයන්හි අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. පෝලිම්වලින් පිටත ගෑස් වැඩි මිලට අලෙවි වන බවටත් අසන්නට තිබේ.

ගෑස් සපයා ගැනීමට අපහසු වීම නිසා ජනතාවට ආහාර පිසීමේ වෙනත් සම්ප්‍රදයික ක්‍රමවලට මාරු වීමට බල කෙරී ඇති අතර මහල් නිවාසයන්හි ජනතාව ආහාර පිස ගැනීමේදී සහ දරුවන්ට අවශ්‍ය ආහාර සපයා දීමේදී මහත් අසීරුතාවයනට පත්ව සිටී. ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ එයට සම්බන්ධ ස්වයං රැකියාවල යෙදී සිටින  අයගේ ජිවනෝපායන්ටද එල්ල වී ඇත්තේ බරපතළ තර්ජනයකි.

එනමුදු මේ ආණ්ඩුව මේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වනු නොපෙනේ.

පවතින ආර්ථික දුෂ්කරතා නිසා ජීවත්වීමේ අයිතිය අහිමි වෙමින් සිටි ජනතාවගේ ජීවිත පසුගිය මාස කිහිපයේ පැන නැගුණු මෙම බරපතළ ගැටලු නිසා තව තවත් අසරණභාවයට පත්කරනු ලැබ තිබේ. එහෙත් මෙම අර්බුදයන්ට විසඳුම් සපයනු වෙනුවට ආණ්ඩුවේ මැති ඇමතිවරු එවැනි ගැටලු නැති බව ප්‍රකාශ කරමින් හෝ ජනතාව කබලෙන් ලිපට ඇද වැටෙන අදුරදර්ශී පැලැස්තර විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. මෑතදී රාජ්‍ය සංස්ථා සහ විශ්‍රාමික නිලධාරීන්ට/ සේවකයින්ට ලබාදුන් දීමනා සහ තාවකාලික සහන දීර්ඝකාලීනව මෙම ගැටලු විසඳීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වැටුප් විෂමතා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු ණය ගැති බව සහ දැනටමත් තිව්‍ර වී ඇති පෝෂණ ගැටලු මෙවැනි තාවකාලික අවිධිමත් ක්‍රියාමාර්ගයන්ගෙන් විසඳිය නොහැක.

මෙම බරපතළ ආර්ථික ගැටලුවලට හේතුව මොවුන් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසා බව සක් සුදක් සේ පැහැදිලි වුවත් මොවුහු තවමත් මෙම අර්බුදයට හේතුව COVID 19 ගෝලීය වසංගතය නිසා සිදුවූ ගෝලීය ආර්ථික චලනයන් යැයි පුනරුච්චාරණය කරමින් සිටිති. ආහාර හිඟකමට මුලික හේතුව වුයේ ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ වැටී තිබියෙදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ඉහළ දමනු ලැබ ඇත. එය ආණ්ඩුවේ ආර්ථික  ප්‍රතිපත්තියයි. මෙයින් තෙල් සංස්ථාවට පමණක් නොව IOC සමාගමටද අධික ලාභ හිමි වේ. මෙම ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග නිසා රටේ බලශක්ති සහ ආහාර සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් වී තිබේ.

මේ නිසා විධායක ජනාධිපතිකම  සහ 2/3ක පාර්ලිමේන්තු බලයක් ඇති මේ ආණ්ඩුව අදුරදර්ශී, අසාර්ථක, දුර්වල ආණ්ඩුවක් බව සනාථ කරමින් සිටියි.

ආණ්ඩුවේ ජනප්‍රියභාවය පිරිහෙමින් තිබෙන බවට බොහෝ සාක්ෂි ඇතත් ඇත්තටම එය ජනතාව ප්‍රකෝප කරන සුළු වුවත් පවතින ගැටලු නිරාකරණය කිරීමට ජනාධිපති, අගමැති හෝ මැති ඇමතිවරු කිසිදු සාධනීය උත්සාහයක් ගන්නා බවක් නොපෙනේ. ඒ අතරම මෙම අර්බුද නිසා ආණ්ඩුව නැවත ගොඩ ගත නොහැකි වන සේ ඇතුළතින්ද පිටතින්ද බිඳ වැටෙමින් ඇත.

ජාතික ජන බලවේගය මෙම ආණ්ඩුවේ සියලු වගකිවයුතු සාමාජිකයින්ගෙන්, මෙම ගැටලු විසඳීමට සහ ජනතාව මත පැටවී තිබෙන අධික ජීවන බර ලිහිල් කිරීමට ඉක්මණින්, සාමුහිකව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි. අවම වශයෙන් ආණ්ඩුව අනවශ්‍ය වියදම් කපා හැරීමට, නාස්තිය වැළක්වීමට සහ ඔවුන්ගේම අය විසින් කරනු ලබන මහා පරිමාණ දුෂණ වංචා නැවත්විමට පියවර ගත යුතුව තිබේ.

ජනතාව දිගින් දිගටම මෙම ආණ්ඩුව සිදු කරගෙන යන මෙම විනාශකාරී හිතුවක්කාර සහ තමන්ට සහ තමන්ගේ සහචරයින්ට පමණක් වාසි වන මෙම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තවදුරටත් ඉවසනු ඇතැයි විශ්වාස කළ නොහැක.

ජනතාව මෙම ආණ්ඩුව බලයට පත්කර ගත්තේ, ඉමහත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා පෙරදැරි කර ගෙන නිසා අවම වශයෙන් ජනතාව මීට වඩා ව්‍යසනකාරී තත්වයකට පත්වීම වැළක්වීමවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු. මේ තත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රගතිශීලී සියලු ජනතාවගෙන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අප සමග එක් වන ලෙසයි.

වෛද්‍ය නිහාල් අබේසිංහ

ප්‍රධාන ලේකම් – ජාතික ජන බලවේගය

2022.01.06

Show More

හොරු කණ්ඩායම් දෙකම එළවලා ජනතා ආණ්ඩුවක් හදන්න එක්වෙන්න

රට මේ වන විට ඇද දමා තිබෙන බරපතල අගාධයෙන් ගොඩ ගැනීම සඳහා මේ දක්වා බලයේ සිටි හොරු කණ්ඩායම් දෙකම පලවා හැර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමඟ එක්වන ලෙස ඉල්ලා සිටී. අද (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම ඉල්ලීඹ කළේය. මෙම මාධ්‍ය […]

රට මේ වන විට ඇද දමා තිබෙන බරපතල අගාධයෙන් ගොඩ ගැනීම සඳහා මේ දක්වා බලයේ සිටි හොරු කණ්ඩායම් දෙකම පලවා හැර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමඟ එක්වන ලෙස ඉල්ලා සිටී.

අද (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම ඉල්ලීඹ කළේය. මෙම මාධ්‍ය හමුවට ජවිපෙ මධ්‍යමකාරක සභික සමන්මලී ගුණසිංහ සහෝදරිය සහ නීතිඥ සුනිල් වටගල ද එක්වී සිටියහ.
මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

“අපේ රටේ ජනතාව ඉතිහාසයේ කවරදාටත් වඩා විශාල අර්බුද රැසකට මුහුණදෙමින් ඉන්නවා. භාණ්ඩ මිල වැඩිවෙලා, භාණ්ඩ හිගයක් ඇතිවෙලා, පෝලිම් හැදිලා, පොහොර නැහැ කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. උයාගන්න ගෑස් නැහැ. මේවැනි මහා අර්බුදයක් තියෙද්දී ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ඉතාම බරපතලයි. ජනාධිපති කිසි ප්‍රශ්නයකට වගකියන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව රටට විහිළු සපයමින් ඉන්නවා. වියත් මගේ අය කිව්වේ සුපිරිම ආණ්ඩුව හදනවා; ගෝටාභය තමයි මේ රටේ බිහිවෙන හොඳම නායකයා කියලා. විමල් වීරවංශ කිව්වේ ගෝටාභය ලීක්වාන් යූ, මහින්ද මහතීර් මොහොඩ් වගේ, දෙන්නම එකතු වුණු ආණ්ඩුවක් කොහොම වෙයිද කියලා. දැන් අපිට පේනවා දෙන්න එකතුවෙලා රටට කරන විනාශය මොකක්ද කියලා. බොරු කියලා ආණ්ඩුවක් හදපු වියත්මඟට, විමල් වීරවංශලා ඇතුළු ආණ්ඩුවට මේ විනාශයේ වගකීමෙන් මිදෙන්න පුළුවන්ද?


පහුගිය කාලේ ජනාධිපතිතුමා කඩේ ගියා, පොලේ ගියා; හමුදාව දැම්මා ඒ හැම දේම කරලා අන්තිමට මිල පාලනයත් ඉවත් කළා. දැන් මිල හිතුමතේ වැඩි වෙනවා. හාල් මුදලාලිලා එළවලු තොග මුදලාලිලා කීප දෙනෙක් රටේ මිල පාලනය කරනවා. ඒ වගේම භාණ්ඩ හිගයක් ඇතිවෙලා. ගෑස්, කිරිපිටි, සහල්, සිමෙන්ති සෑම දේම හිගයි. පෝලිම් හැදිලා. ආණ්ඩුවේ වගකීම තමයි ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබාදීම. ගෑස් නැතුව ජනතාව බරපතල ගැටලුවකට මුහුණ පාලා. මහා පරිමාණ හෝටල්වල, සංචාරක හෝටල්වල ගෑස් නැතුව උයන්න පුළුවන්ද? තරු පහේ හෝටල්වල දර ලිපේ උයන්න පුළුවන්ද? සංචාරකයින් පවා ගෑස් පෝලිම්වල. ගෑස් සංයුතිය වෙනස් කරලා ගෑස් ලිප් පිපුරුවා, දේපළ හානි වුනා. ජීවිත හානි වුනා. ජනාධිපතිට තවමත් මේකට විසඳුමක් දෙන්න බැරි වුනා. කොමිසමක් දාලා වාර්තාවක් ගත්තා. සති දෙකක් පහුවෙලා ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. ගෑස් සංයුතිය වෙනස් කරලා මේ තරම් විනාශයක් කරපු නිලධාරීන්ට ගන්නා පියවර මොකක්ද? ජනතාවට වෙච්ච හානියට වන්දි ගෙවනවද? මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ.

තුනේ දෙකේ ආණ්ඩුවක් දුන්නා. 20 සම්මත කරලා දුන්නා. ඉල්ලපු බලතල සියල්ල දුන්නා. 20 සම්මත කරලා ගත්ත බලයෙන් මොනවද කරල තියෙන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික දෙන්න බැහැ. බලය පාවිච්චි කරලා ජනාධිපති කරන්නේ කිරි කඩ වහන එක. ෆේස්බුක් එකේ ලියන අය සීඅයිඩීයට ගෙන්වන එක. ජනතාව වෙනුවෙන් නම් විධායක බලය පාවිච්චි කරලා වැඩක් කරල නැහැ. ජනතාවට වග නොකියන ආණ්ඩුවක් නිසා රට අරාජික වෙලා. 2015 හදපු ආණ්ඩුව කාලේ රට අරාජික වුණු නිසා තමයි ගෝටාභය බලයට ගෙනාවේ. නමුත් දැන් ඊට වඩා අරාජිකවෙලා. රටේ ආණ්ඩුවක් නැති තරම්. ආණ්ඩුවේ අය නෑදෑ ගමන්, වන්දනා ගමන් යනවා රට අයාලේ යනවා.

මේ අර්බුදය ස්වාභාවික අර්බුදයක් කියල පෙන්වන්න ජනාධිපතිවරයා උත්සහ කරමින් ඉන්නවා. මේ අර්බුදය ස්වභාවික නැහැ. වසර 73ක් අනුගමනය කළ ආර්ථික ගමන්මගේ තර්කානුකූල ප්‍රතිඵලය මේක තමයි. ඒ වගේම මේ ආණ්ඩුව භාවිතා කළ මෝඩ මුග්ධ අඥාණ ක්‍රියාමාර්ග විසින් තමයි මේ අර්බුදය කැඳවලා තියෙන්නේ. ආහාර ප්‍රශ්නයක් ඇතිවෙලා, එළවලු ගිනි ගණන්. සහල් හිගයක් ඇතිවෙලා. ආනයනය කරන්න වෙලා. ඒත් ආනයනය කරන්න ඩොලර් නැහැ. මේ සියල්ල සිදුවුණේ ස්වභාවික ව්‍යවසනයක් නිසාද? නැහැ. මේක ගෝටාභය විසින් හදපු විනාශයක්. කෘෂිකර්මය ගොඩගන්න බැරි තැනකට වැටිලා. එහෙම වෙලත් ආණ්ඩුව වැරැද්ද හදාගන්න සූදානම් නැහැ. නිලධාරීන් එලවලා මේක යටගහන්න හදනවා. මේ ආහාර හිගයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි.

ඒ වගේම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ තමන්ගේ හිතවතුන්ගේ ලාබය වැඩි කරන ක්‍රමයක්. එහෙම නැතුව ආණ්ඩුවට ආදායම් එකතු කර ගන්නා බදු ප්‍රතිපත්තියක් නෙවෙයි. වැට් බදු අඩුකරනවා කිව්වා. ඒ වාසිය ගියේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට. ජනතාවට වෙච්ච වාසියක් නැහැ. සීනි බදු අඩු කළා. පොල් තෙල් බදු අඩුකළා. ඒ වාසිය ගත්තේ හිතමිතුරු ව්‍යාපාරිකයින් මිස ජනාතාව නෙවෙයි. අල සහ ළුෑණු බදු අඩු කරනවා කිව්වා. මිල පාලනයක් නැතුව බදු කළාට ඒ වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. වාසිය ලැබෙන්නේ ආනයනකරුටයි. බදු අඩු කළාට මේ වෙනකොටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500ක් පමණ වරායේ හිරවෙලා ඩොලර් නැතුව නිදහස් කර ගන්න බැරිව. ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සියල්ල තිබෙන්නේ රට විනාශ කරන පැත්තටයි.

මේ ආණ්ඩුව ගෙනාවේ රට රකින්න කියලා. රට රකින විරුවා කියලා සිංදුත් කිව්වා. සම්පත් විකුණන්නේ නෑ විකුණපුවත් ගන්නවා කිව්වා. නමුත් දැන් රටට ඉතාම වැදගත් සම්පත් කීපයක් විකුණන්න යනවා. නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව ඒ වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දුන්නා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ඉන්දියානු සමාගමකට දෙන්න හදනවා. විරෝධයන් මැද ප්‍රමාද වුනාට කයිවාරු ගහන පච කෙලින ඊනියා දේශප්‍රේමී ගම්මන්පිල මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න හදනවා. ඉන්දියානු සමාගමට බදුදීලා තිබුණ තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගන්න පුළුවන්කම තිබියදී තවත් අවුරුදු 50කට ඉන්දියානු සමාගමට බදු දෙන්න යනවා. ඩොලර් ලබාගන්න පුළුවන් මාර්ග විකුණලා දානවා. අවුරුදු 05ට බලයට ඇවිත් රටේ සම්පත් අවුරුදු 50ට 60ට බදු දෙනවා. රනිල් මෛත්‍රී ආණ්ඩුවත් කළේත් එහෙමයි. ජනතාවට කොලේ වහලා සමාගමක් හදල තෙල් ටැංකි 61ක 49%ක අයිතිය ඉන්දියාවට දෙන්න යනවා. ණයට අරන් කාලා විනාශ කරලා දැන් ණයෙන් බේරෙන්න රට පාවාදෙමින් ඉන්නවා. ඉන්දියාව පාවිච්චි කරන තෙල් ටැංකිවලට අමතරව ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම දෙන්න ගහන ගේමක් මෙතන තියෙන්නේ.

ඒ වගේම කෙළවරපිටිය එල්එන්ජී බලාගාරයේ 40%ක අයිතිය ඇමරිකාවට දුන්නා. රටේ ස්වෛරීත්වයට ජාතික ආරක්ෂාවට වැදගත් සම්පත් සියල්ල ආණ්ඩුවේ අයිතිය අහිමිකරගෙන පිටරටවල්වලට විකුණමින් යනවා. බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාව සමඟ ගැටගැහුණු එකක්. මේ ආණ්ඩුව බල ශක්ති ක්ෂේත්‍රයට අදාල සියල්ල පිටරට සමාගම්වලට පාලනය කරන්න ඉඩ හදමින් ඉන්නවා. රට රකින්න, මව්බිම ආරක්ෂා කරන්න, මව් බිම වෙනුවෙන් පණ දෙන්න කියලා ආපු ආණ්ඩුව රටේ සම්පත් ටික විකුණමින් ජාතික අපරාධයක් කරනවා. වරාය කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් එකක්. හම්බන්තොට වරාය වසර 99කට චීනෙට දීලා. කොළඹ වරායේ තියෙන ජැටි කිහිපයක්ම ලංකාවට අයිති නැහැ. වරාය සේවා, විදුලි බෙදාහැරීම, ඉන්ධන බෙදාහැරීම රට සතුව නැත්නම් ලංකාවේ ස්වෛරීත්වය ගැන විශ්වාසයක් කොහෙන්ද? අපේ රට විදේශ රටක කොලණියක් බවට පත්වෙනවා.

අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට මොකද වුනේ. රටක මිනිස්සුන්ට කන්න තියෙනවනම් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවනම් ඒ රට වට්ටන්න බැහැ. නමුත් පහුගිය කාලේ මේ ජනාධිපති සහ ආණ්ඩුව රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරලා දැම්මා. තමන්ගේ හීනයක් වෙනුවෙන් කෘෂිකර්මාන්තය විනාශ කරල දැම්මා. ආහාර ආනයනය කරන්නත් ඩොලර් නැහැ. රටේ ජනතාවට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. රටක කෘෂිකර්මාන්තය නැත්නම් ඒ රට යටත් කර ගන්න පහසුයි. රාජපක්ෂලා රටට කරන්න පුළුවන් බරපතලම විනාශය කරලා ඉවරයි. විදුලිය කැපෙන තෙල් නැතිවෙන කන්න නැති රටක් බවට පත්වෙනවා. එහෙම තත්වයක් තියෙද්දී රටේ ජනතාව අන්දන්න හිතාගෙන බොරු කියනවා. මහබැංකු අධිපති ඩොලර් ගැන බොරු කයිවාරු කියනවා.

ලේකම්ලා මාරු කරනවා. කැබිනට් සංශෝධන ගේන්න හදනවා. එකම කුට්ටම ඇණුවට වැඩක් නැහැ. මේ රටට ලොකු වෙනසක් ඕනෑ. මේ අසමත් පාලනයෙන් අපේ රටේ ජනතාව මිදෙන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව තිත්තවෙලා තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ. ඉතිං ඒ ආණ්ඩුවත් මෙහෙම නම් තව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ. මේ හොරු නඩ දෙකම ඉවත් කරලා රට හදන්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒක තමයි එකම උත්තරය. ජාතික ජන බලවේගය මේ රට හදන්න වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. රට හදන්න පුළුවන් බලවේගයක් අපි සතුව ඉන්නවා. ඒ නිසා ජනතාවට අපි කියනවා රටේ දූ දරුවන්ගේ අනාගතය තවත් ඛේදවාචකයකට යන්න ඉඩ නොදී පෝලිම් යුගය නිමා කරලා සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න රට විනාශ කරපු හොරු කණ්ඩායම් දෙක්ම එළවලා රට ගොඩනගන වැඩපිළිවෙලක් සමඟ අත්වැල් බැඳගන්න කියලා”

අලුත් අවුරුද්දේ සිතිවිලි අලුත් කරගෙන සමාජය වෙනස් කරන පුරවැසියෙක් වෙන්න

ජවිපෙ මධ්‍යමකාරක සභික සමන්මලී ගුණසිංහ

“රට පාලනය කරන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි අසමත් පාලකයෝ පිරිසක්. මිනිස්සු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගන්න බැරිව ඉතාම පීඩාවකට පත්වෙලා. පාලකයින්ට අවුරුදු ජනතාවට පෝලිම්. භාණ්ඩ මිල 40%කින් 50%කින් වැඩිවෙලා. සමහර භාණ්ඩ 100%කින්ම වැඩි වෙලා. පෝලිම්වල ඉඳගෙන මිනිස්සු ආණ්ඩුවට දෙස් දෙවොල් තියනවා. කුඩා දරුවා වඩාගෙන අම්මලා පෝලිම්වල. පාන්දර තුනට හතරට ඇවිල්ලා පෝලිම්වල හිටියත් ගෑස් එකක් ගන්න බැහැ. වසර ගානක් ජනතාව භාවිතා කරපු ගෑස්වල ප්‍රමිතිය හදාගන් ආණ්ඩුවකට බැරිවෙලා. ගැඹිණි මව්වරු, දරුවන් වඩාගත්ත අම්මලා තවත් දවස් කීයක් ගෑස් පෝලිම්වල ඉන්නද?

දිනෙන් දින භාණ්ඩ මිලි වැඩිවෙන එක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවෙන ගානට තමයි ඇමතිවරු කතා කරන්නේ. වසරකට කී සැරයක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවෙනවද කියලා ආණ්ඩුව දන්නේ නැහැ. කිරි පිටි පෝලිම්, ගෑස් පෝලිම්, හාල් පෝලිම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මිල පාලනයක් කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා. සිමෙන්ත මිල දිනෙන් දින ඉහල යනවා. රුපියල් නවසිය ගණන් වල තිබුණ සිමෙන්ති කොට්ටය දැන් 1500කටවත් ගන්න විදියක් නැහැ. කිරි පිටි මිල දෙවතාවක් වැඩි කළා. වැඩි මිලටවත් කිරිපිටි පැකට් එකක් ගන්න නොහැකි වෙලා. දරුවන්ට වැඩිහිටි දෙමාපියන්ට කිරි උගුරක් බොන්න නැතුව ගිහිල්ලා.

ආණ්ඩුවේ සෞභාග්‍ය ජනතාවට කොහොම දැනෙනවා ඇතිද? සංඛ්‍යාලේඛන කිහිපයක් ගත්තාම ඒක කියන්න පුළුවන්. දරුවන්ගේ ඌනතා රෝග බහුල වෙලා. දරුවන්ගේ වයසට සරිලන උස නැහැ. උසට සරිලන බර නැහැ. විටමින්, යකඩ ඌනතා ඇතිවෙලා. පාසැල් යන වයසේ දරුවන්ගෙන් 60%ක් විවිධ ඌනතා රෝගයන්වලින් පෙළෙනවා කියලා 2019 වර්ෂයේ ආණ්ඩුවේම සංඛ්‍යාලේඛනවල තියෙනවා. එම නිසා පාසැල් ළමුන්ගෙන් 90%කට හොඳ පෝෂණය සහිත දිවා ආහාර වේලක් ලබාදෙන්න යෝජනා කරනවා. නමුත් අපේ රටේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. පාසැල් වෘරය පටන් ගන්නකොට දරුවන්ට පොත් පත් ටික අරගෙන දෙන්න විදියක් නැහැ. කිරි වේලක් දෙන්න බැරිවෙලා. ඒ නිසා රටේ අනාගත දරු සම්පත පෝෂණ ඌනතාවයන්වලට ලක්වෙලා. පහුගිය වසර 73ක පාලනය කාලය තුල කණ්ඩායම් දෙකක් රට පාලනය කරලා රට ගෙනත් තිබෙන්නේ මේ වගේ තැනකටයි. ඒ නිසා තවදුරටත් මේ කණ්ඩායම් දෙකෙන් මේ රටට හොඳ පාලනයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා අවුරුද්ද අලුත් ඇඳුම් අඳිනවා වගේම තමන්ගේ සිතිවිලි අලුත් කරගෙන හෙට දවසේ සමාජය වෙනස් කරන පුරවැසියෙක් බවට පත්වෙන්න කියලා”

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

“මේ පාලක කණ්ඩායම් දෙක රටට කරලා තියෙන විනාශය බැලුවම මේ රට ගොඩගන්නවා කියන එක සරල දෙයක් නෙවෙයි. අමාරු දුෂ්කර වැඩක්. නමුත් දූෂණයෙන් තොර අවංක ජනතාව සමඟ වැඩ කරන පාලනයකට මේ අභියෝගය ජයගන්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වත්කම් උපයන්නේ නැතිකම. ඒ නිසා අපේ පාලනයක් තුළ ණයට කන ආර්ථිකය වෙනුවට හොරකම්කරන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. එහෙම තමයි වත්කම් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ සිදුවන මහාපරිමාණ වංචා දූෂණ වැළැක්විය යුතුයි. දෙගොල්ලම එකයි විපක්ෂයේ ඉන්නකොට කෑ ගැහුවට ආණ්ඩුවට ආවාම පරණ ආණ්ඩුව වගේම හොරකම් කරනවා දූෂණය කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අපේ බලවේගය වංචාවෙන් දූෂණයෙන් තොර කණ්ඩායමක්. ජවිපෙ කියන්නේ දූෂණයෙන් තොර අවංක, පිරිසදු පක්ෂයක් බව ආණ්ඩුවේ ඉන්න අයටත් පිළිගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි වංචාව දූෂණය නතර කරනවා වගේම වංචා කරපු මුදල් නැවත පවරා ගන්න ඕනෑ. ජනතාව සම්බන්ධ කරගන්නා රට ගොඩනඟන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව විශ්වාස නැති නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මුදල් එවන්නේ නැහැ. ආණ්ඩුව විශ්වාස නැති නිසා හොඳ ආයෝජකයෝ රටට එන්නේ නැහැ. දක්ෂ පිරිසක් අපිත් සමඟ ඉන්නවා. ඒ අය සමඟ රට ගොඩනගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා.

අපිට විශ්වාසයක් තියෙනවා ජනතාව අනිවාර්යෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදනවා කියලා. අපි බලයට ආවාම මේ ආණ්ඩු විකුණන සම්පත් නැවත පවරා ගන්නවද කියන කාරණය ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ගිවිසුම් අනුව එවැනි දෙයක් සිදු කිරීම ඉතාම අපහසු වෙන්න පුළුවන්. පවරා ගන්න කළ හැකි සියලුම දේ අපේ ආණ්ඩුවකදී කරනවා. ඒ නිසා අපි දැන් කළ යුතුව තිබෙන්නේ මේ ආණ්ඩු විසින් කරන විකිණීම කෙසේ හෝ වළක්වා ගන්න එකයි.

ගම්මන්පිල කියන්නේ අමූලික බොරුවක්. තෙල් ටැංකි අයිති අපේ රටටයි ඉන්දියාවට නෙවෙයි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ තෙල් ටැංකි 99න් ටැංකි 14ක් ඉන්දියාවට බදු දුන්නා. 24ක් අපේ තෙල් සංස්ථාව භාවිතා කරමින් ඉන්නවා. තවත් තෙල් ටැංකි 61 භාවිතයට නොගෙන අත්හැරලා දාලා තියෙනවා. ඒවා ඉන්දියාවට අයිතියි කියලා ගම්මන්පිල විශාල බොරුවක් කියනවා. ඉන්දියාවත් කියනවා තමන්ට අයිති නැහැ කියලා. දැන් ඉන්දියාවට අයිති තෙල් ටැංකි 14ත් ගිවිසුම අවසන්වීම නිසා අපිට ලැබෙන්න නියමිතයි. එහෙමෙ තියෙද්දී ඊනියා දේශප්‍රේමී බොරු බේගල් ඇදබාන ගම්මන්පි ඇතුළු ආණ්ඩුව ඒ තෙල් ටැංකි 14 තවත් අවුරුදු 50කට ඉන්දියාවටම දෙන්න යනවා. ඉතිරි තෙල් ටැංකි 61ත් සමාගමක් හදලා 49%ක අයිතියත් ඉන්දියාවට දෙන්න හදනවා. මෙතන තියෙන්නේ ගේම් එකක්. මේ නිවට ණයට කාපු ආණ්ඩුව ගත්ත ණයට හිලව් වෙන්න මහා වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණනවා. මේවා ජාතික අපරාධ. මේ අපරාධය වහාම නතර කරන්න ඕනෑ. තෙල් ගබඩා කරලා විකුණන්න පුළුවන්කම තියාගෙන ඩොලර් හොයන උල්පත් විකුණලා එදාවේල ගත කරන්න හදනවා. මේ ආණ්ඩුව හරියට ගරාවැටුණ පරණ වලව්වක් වගේ”

Show More

“රට ගොඩනැඟීමට ජාතික ජන බලවේගය හැර වෙන මාවතක් නැහැ”

ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ගෝඨාභය රාජපක්ෂ පාලනය රට විනාශ මුඛයට හෙළා ඇති බවටත්, දසක හතක් තිස්සේ රට පාලනය කළ දූෂිත කල්ලි දෙකට යළි පාලන බලය නොදිය යුතු බවටත් ප්‍රබල ජනමතයක් ගොඩනැගෙමින් තිබේ. එමෙන්ම මේ වන විට ගොඩනැඟී ඇති පුළුල්ම බුද්ධිමය-දේශපාලන බලවේගය වන ‘ජාතික ජන බලවේගය’ කෙරෙහි ජනතා අපේක්ෂා දැල්වෙමින් තිබේ. ඉදිරියේදී […]

ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ගෝඨාභය රාජපක්ෂ පාලනය රට විනාශ මුඛයට හෙළා ඇති බවටත්, දසක හතක් තිස්සේ රට පාලනය කළ දූෂිත කල්ලි දෙකට යළි පාලන බලය නොදිය යුතු බවටත් ප්‍රබල ජනමතයක් ගොඩනැගෙමින් තිබේ. එමෙන්ම මේ වන විට ගොඩනැඟී ඇති පුළුල්ම බුද්ධිමය-දේශපාලන බලවේගය වන ‘ජාතික ජන බලවේගය’ කෙරෙහි ජනතා අපේක්ෂා දැල්වෙමින් තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික ජන බලවේගයේ විශේෂ සමුළුව නිමිති කර ගනිමින් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සමග කළ සංවාදයකි.

කිසිදු මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති තත්ත්වයක් තුළ ජාතික ජන බලවේගය හදිසියේ විශේෂ සමුළුවක් කැඳවනවා. මොකක් ද ඒ සඳහා මූලික හේතුව වුණේ ?

මේ මොහොතේ මැතිවරණයක් තියෙනවා ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රධානම කාරණය වෙන්නෙ. මේ රට ගමන් කරමින් තිබෙන්නේ කුමන දිශාවට ද කියන එක. 2019දී සහ 2020දී ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව විශ්වාස කරලා. නමුත්, ඉතාමත් කෙටි කාලයකින් මෙම විශ්වාසය බරපතළ ලෙස සිඳී යමින් තිබෙනවා. පසුගිය වසරකුත් මාස 08ක කාලය ගතවුණේ මේ රටේ සියලු දෙනාම බරපතළ ආකාරයේ ආර්ථික, සමාජීය හා දේශපාලනික ප්‍රශ්න ගණනාවකට මැදිකරමිනුයි. මැතිවරණ වෙලාවේ දී ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ සහෝදර ජනතාවට පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ යන්නේ මිරිඟුවක් පසුපස බවයි. ජනතාවගේ බලාපොරොත්තු ඉක්මනින් ම කඩ වෙන බවයි.

හැබැයි, ඒ පසුපස ගිය බොහෝ දෙනා දැන් අතරමං වී සිටිනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ජාතික ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගය පත් කරන්න. අපි ඒ අයට බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඔවුන් අප වෙත දිනාගෙන ඔවුන්ට මේ රට වෙනස් කිරීමේ වගකීම සහ එහි පාර්ශ්වකරුවන් වීමේ වගකීම පවරන්න ඕනෑ. අවංක, විශ්වාසවන්ත බහුජන නායකත්වයක් ගොඩනඟාගෙන අපි ඔවුන්ට මේ රට ගොඩනැඟීමේ මහඟු කාර්යයට සම්බන්ධ වන්නට අවස්ථාව ලබා දිය යුතුයි. එහි මූලාරම්භයක් විදිහට තමයි, අපි මේ ජාතික ජන බලවේගයේ විශේෂ ජාතික මහා සම්මේලනය කැඳෙව්වේ.

මොකක් ද ඒ හරහා ඔබ සංවිධානය බලාපොරොත්තු වෙන්නේ ?

අපි ජාතික ජන බලවේගය පුළුල් කරමින් ඉන්නේ දැවැන්ත මහජන බලවේගයක් බවට පත් කිරීම වෙනුවෙන්. ඒ සඳහා අපි ජාතික විධායක සභාව පත් කර ගත්තා. මේ ආරම්භයක් පමණයි. මේ ජාතික සභාව මී ළඟට දිස්ත්‍රික් සභා පිහිටු වීමට මැදිහත් වෙනවා. මේ රටේ හැම ප්‍රාදේශීය සභා, නගර සභා කොට්ඨාසයක්ම, ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා හදනවා. විශ්වාසවන්ත, අවංක, හොඳ මිනිසුන්ගේ සංචිත බවට මේ සභා පත් කරනවා. අපි මේ රටේ ජනතාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබනවා. මේ ජනතාව තමයි, මේ රට ගොඩනඟන්න අපට තිබෙන ප්‍රධානම සම්පත. මේ මානව සම්පත පාවිච්චි කිරීම තමයි, ආණ්ඩු බලය ලබා ගන්නා ඕනෑම දේශපාලන කණ්ඩායමකට තිබෙන අභියෝගය. අපි විශ්වාස කරනවා මේ රට ගොඩනඟන්න එතරම් අපහසු වන්නේ නැහැ කියලා.

මීට පෙර පැවැති ජනාධිපතිවරණයේ දීත්, මහා මැතිවරණයේ දීත් ඔය හා සමාන අදහසක් ජාතික ජන බලවේගය ජනතාවට ප්‍රකාශ කළා. ඒත්, හිතූ තරම් ඒ ගැන ජනතාව අවධානය යොමු නොකළ බවක් එම මැතිවරණ ප්‍රතිඵල මඟින් දකින්නට ලැබුණා. එවැනි තත්ත්වයක් තිබිය දී නැවතත් ඒ දේට ජනතාව ඇහුම්කන් දෙයි කියලා ඔබ හිතනවා ද?

අපි ඒ වෙලාවෙත් කිව්වා, රට ගොඩනඟන්න නම් අපත් සමඟ එකතු වෙන්න කියලා. ඒත් බොහෝ දෙනෙක් ඒ මොහොතේ ඒ ඉල්ලීමට එතරම් කන් දුන්නේ නැහැ. එතැන විවිධ ජන කොටස් හිටියා. උගත්කමක් සහිත

රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරමින් අවංකවම මේ රට ගොඩනඟන්න බලාපොරොත්තු වුණු විශාල පිරිසක් හිටියා. සමහරු රැකියා අතහැරලා දේශපාලනය කළා. විද්වතුන් ඉතාමත් බලාපොරොත්තුසහගතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට එකතු වුණා. බොහෝ දෙනා විශ්වාස කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට අලුතින් පැමිණි කෙනෙක් නිසා, පරණ පුරුදු දූෂණ ක්‍රියාවලට තිත තියලා මේ රට ගොඩනඟන්න මැදිහත් වෙයි කියලා.

ඒත්, අද ඒවා බලාපොරොත්තු පමණක් බව ජනතාවගේ ඇස් ඉදිරිපිටම ඔප්පු වෙමින් තියෙනවා. ඒ නිසා ඇත්ත විසඳුම ඔවුන් ළඟ නැහැ කියන එක ජනතාවට තේරුම් යමින් තියෙනවා. මේ මොහොත කියන්නේ, අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතික වශයෙන් හැම පැත්තෙන්ම බිඳවැටී තිබෙන අවස්ථාවක්. නිදහස ලැබිලා අවුරුදු හැත්තෑතුනක් තුළ රට පාලනය කළ පාලකයන් මෙම කලාපයේ රටවල් අතුරින් ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයට බිඳවට්ටා තිබෙනවා. පාර්ලිමේන්තුව දිහා බැලුවාම මොන වාගේ පාලකයන් පිරිසක් ද පත් කරගෙන සිටින්නේ කියලා පැහැදිලි වෙනවා. රට කොතෙක් දුරට බිඳවැටිලා ද කීවොත්, තරුණ පරම්පරාවේ හැම කෙනකුම අපේක්ෂා කරන්නේ රට දාලා යන්නයි. ඒ වෙනුවෙන් නොයෙකුත් මාර්ග සොයමින් ඉන්නවා. රට ගැන ඔවුන්ගේ සම්පූර්ණ විශ්වාසය බිඳවැටිලා. මේ රටේ ඉඳලා අනාගතයක් තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා ජනතාව දැන් කලින්ටත් වඩා අපි කියන දේ ඇහුම්කන් දෙන්න සූදානම් කියලා.

මොනවා ද ජාතික ජන බලවේගය මේ වෙනුවෙන් කරන යෝජනා ?

මේ රට ව්‍යසනයට පත් කිරීමේ ප්‍රධාන සාධකය අතිශය දූෂිත දේශපාලනයයි. කොවිඞ් වසංගතය නිසා මරණය අභියස සිටින මිනිසුන්ගේ ඇන්ටිජන්වලින් පාලකයන් හොරකම් කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්, නිරෝධායන ක්‍රියාවලියෙන් හොරකම් කරන පාලකයන් රටක් හදන්නේ නැහැ. පරම්පරා ගණනාවක් යල, මහ වගා කළ කෘෂිකර්මාන්තය අවශ්‍ය යෙදවුම් නොමැතිව ඉන්න අතරේ චීන පොහොරවලින් ගසාකන පාලකයන් ඉන්නේ. ඒ නිසා පළමුව මේ දූෂිත දේශපාලනය නැවැත්විය යුතුයි. දූෂිතභාවය කියන්නේ, ඒ මොහොතේ සිදු කරන අල්ලස පමණක් නොවෙයි. දූෂිතභාවය විසින් සිදු කරන බලපෑම අතිවිශාලයි. හිටපු විගණකාධිපතිතුමා වරක් ප්‍රකාශ කර තිබුණා, රටේ ණය ප්‍රමාණය ටි්‍රලියන එකොළහක් වන විට වත්කම් ප්‍රමාණය ටි්‍රලියන එකයි දශම අටක් කියලා. අපේ රට දැවැන්ත ණය කන්දක හිර වී තිබෙන්නේ මේ නිසා. එක්දහස් නවසිය පනස් දෙකේදී රුපියල් කෝටි සියයක් වූ ණය ප්‍රමාණය පසුගිය අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් කෝටි දහසය ලක්ෂ තිස්දහස දක්වා වැඩි වී තිබෙනවා. ගන්නා ලද ණයවලින් සිදු කළේ මොනවා ද කියලා මේ පාලකයන්ට කියන්න පුළුවන් ද? ඒ නිසා පළමුවෙන් මේ රට ගොඩනඟන්න දූෂිතයන් නොවන දේශපාලකයන් අවශ්‍යයි. මේ රටේ බොහෝ ජනතාවක් අපේක්ෂා කරන්නේ මේ දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතු බවයි; දූෂණයෙන් උපයා ගත් දේපොළ යළි පවරා ගත යුතු බවයි. ඇත්ත වශයෙන් එය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. අපි එය කරන්නට කිසිසේත් පසුබට වන්නේ නෑ.

මීට පෙර පත් වුණු ආණ්ඩුත් මැතිවරණ වේදිකාවල දී රට ගොඩනඟන බව, ජාතික සම්පත් ආරක්ෂා කරන බව, දූෂණයට තිත තබන බව ප්‍රකාශ කළා. ඒත් ඒවා කිසි දෙයක් ඒ කියන විදිහට වුණේ නැහැ. දැන් ජාතික ජන බලවේගයත් එවැනිම දේ කියනවා. එතැනින් එහාට මොකක් ද මේ කියන දේවල් ක්‍රියාවට නංවන්න ජාතික ජන බලවේගයට තිබෙන වැඩපිළිවෙළ ?

මේ රට ගොඩනැඟීම සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ජනතාව තනි තනි පුද්ගලයන් පසුපස, දියසෙන් කුමාරයන් හොයාගෙන කොච්චර ගියා ද? අපි හැමදාමත් කියන්නේ, තනි පුද්ගලයකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවකින් රටක් ගොඩනැඟිය නොහැකි බවයි. අද තියෙන තත්ත්වය ඇති වී තිබෙන්නේ තනි තනිව තමා වෙනුවෙන් දුවන සමාජයක් ඇති කිරීමෙනුයි. එහි ප්‍රතිඵලය සමාජය ඇතුළේ මිනිසා වංචනිකයෙක්, දූෂිතයෙක් වීමයි. එහෙම නම්, ඔහු එයින් මුදාගත හැක්කේත්, මිනිසා සාමුහික කිරීමෙන්. එය කළ හැකි වන්නේ දේශපාලන උඩුමහලේ සිට බිමට බැසීමෙන්.

අද තිබෙන දේශපාලනය අතිශය වරප්‍රසාදලත් තනතුරක්. එමඟින් නීතියට යටත් නැති පුද්ගලයෙක් නිර්මාණය කර තිබෙනවා. මේ දේශපාලකයා අතිශය වරප්‍රසාද ලබන, නීතියට උඩින් ඉන්න උඩුමහලේ සිට බිමට බැස්සවිය යුතුයි. ඊට පසු පොදුජනයා එක්ක උරෙන්උර ගැටී සම කොටස්කරුවන් ලෙස සමාජය ගොඩනඟන ක්‍රියාකාරිකයකු බවට පත් කළ යුතුයි. දේශපාලකයා උඩුමහලේ ඉඳලා සාමුහික වෙමු කියලා පුරවැසියන්ට කියන්න බැහැ. රට ගොඩනැඟිය හැකි වන්නේ දේශපාලකයකු හැටියට අපිට පැවරී තිබෙන කාර්යභාරය, වෘත්තිකයන් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරය, ව්‍යවසායකයන් ගොවියන් ඇතුළු මේ රටේ සියලුම ප්‍රජාවන්ට පැවරී තිබෙන කාර්යභාරයන් සාමුහිකව යෙදැවීමෙනුයි. ඒ සඳහා සමස්ත රටම මෙහෙයැවීම තමයි අපේ අරමුණ වෙන්නේ.

ජාතික ජනබලවේගය විදිහට මෙහි දී ඔබ ජනතාවගෙන් අපේක්ෂා කරන්නේ මොන වගේ සහභාගීත්වයක් ද?

මම කලිනුත් කිව්වා වගේ ඒ සඳහා සියලු අවංක, දූෂිත නොවන, රටට ආදරය කරන හැම දෙනාටම මේ සඳහා තම තමන්ගේ විෂය ක්ෂේත්‍රවල දී ඒ සඳහා මැදිහත් විය යුතුයි. ඒ නිසා මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වෙන ජනතාවට ආරාධනා කරනවා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා. මේ රට ගොඩනැඟීම සඳහා ජාතික ජන බලවේගය හැර ඔබට වෙන මාවතක් නැහැ. මේ ඔබේත් රටයි. මේ අප සියලු දෙනාගේ රටයි. රටේ දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කළ යුතුයි. මේ රට ගොඩනැඟිය යුතුයි. ඔබේ දරුවන්ට ජීවත් වීම සඳහා හොඳ පරිසරයක් ඇති කළ යුතුයි. අපට නොයෙක් කැප කිරීම් කරන්න වෙයි. ඒ තුළින් මේ රට සියලු ජනතාවට අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි, ලස්සන රටක් බවට පත් කරන්න හැකි වෙන බව අපිට විශ්වාසයි.


සංවාදය: චතුර දිසානායක (ඉරිදා ලංකා)

Show More