(-Colombo, December 13, 2024-) ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය. ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර […]
(-Colombo, December 13, 2024-)
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.
ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත.
ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.





(-Colombo, December 13, 2024-) “ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැහැ” “අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය. “දශක හතකට […]
(-Colombo, December 13, 2024-)

“ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැහැ”
“අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා.
ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.
ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා.
ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.
ඉතාම කෙටියෙන් කිවහොත්,
රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.
ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”
දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
(-Colombo, December 12, 2024-) රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීය. රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ […]
(-Colombo, December 12, 2024-)

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීය.
රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව , මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානයට යොමු විය.
මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආර්ථිකය ස්ථායී වීමත් සමග වත්කම්වල ගුණාත්මක භාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමග ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින් අපේක්ෂා කෙරේ .
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(-Colombo, December 12, 2024-) දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා පැවසීය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් […]
(-Colombo, December 12, 2024-)

දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා පැවසීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
දූෂණය හා වංචාව වැළැක්වීම සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්‍රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බව පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ඇගැයීමට ලක් කළේය.
ශ්‍රී ලංකා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරිං (Patrick Pickering)මහතා ද මෙම අවස්ථාවට එක්විය.

(-Colombo, December 12, 2024-) දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති […]
(-Colombo, December 12, 2024-)

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, December 07, 2024-) – දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමටද සූදානම් බව දකුණු සහ මධ්‍යම […]
(-Colombo, December 07, 2024-)
– දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමටද සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පැවති හමුවේදී මේ කරුණු අනාවරණය විය.
දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.
ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් ( Julie Chung) USAID ආසියාවේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur), එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth), USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ (Gabriel Grau) ගෙබ්බ්‍රියල් ග්‍රාව්, දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ෂෝන් ග්‍රේ (Shawn Gray) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
