(-Colombo, November 18, 2024-) නව අමාත්‍ය මණ්ඩලය 21 යි ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව […]
(-Colombo, November 18, 2024-)
නව අමාත්‍ය මණ්ඩලය 21 යි
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.
01 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍ය
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය
ඩිජිටල් ආර්ථික අමාත්‍ය
02 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
03 විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
04 මහාචාර්ය චන්දන අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
05 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06 සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07 කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
08 අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
09 රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10 මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
11 සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12 ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13 බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
16 සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17 සුනිල් කුමාර ගමගේ මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18 වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19 මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කම්කරු අමාත්‍ය
21 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය
22 වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර අමාත්‍ය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.11.15-) පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.11.15-)
පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් ආරම්භ කිරීම අරමුණු කරගෙන දී තිබෙන ජන වරමක්. මේ ජනවරම තුළ තිබෙන දේශපාලනය අපට පැහැදිලිව පෙනෙනවා. ආසන 225ක් තිබෙන පාර්ලිමේන්තුවේ ආසන 159ක් ජයග්‍රහණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. මඩකලපුව හැර සෑම දිස්ත්‍රික්කයක්ම ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරේ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක දෙකම ජයග්‍රහණය කිරීමෙන් දේශපාලනයේ කැපී පෙනෙන විශේෂයක් පෙන්නුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක දෙක ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය කාලයේ එක්තරා දේශපාලනයේ ආධිපත්‍යය දරාගෙන සිටි කඳුකර ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. අපේ රටේ සමස්ත ජනයා එක අරමුණකට ඇවිත් ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අනුව මේ ලබාගත් ජයග්‍රහණය අති විශේෂ ජයග්‍රහණයක් කොට අපි සලකනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයත් 80%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මේ ජයග්‍රහණයට දායක වී තිබෙනවා. අපි මේ ලබා තිබෙන ජනවරම අංග සම්පූර්ණ, දේශපාලන බරක් සහිත ජනවරමක්. මෙතෙක් ආණ්ඩු පක්ෂ කිහිපයක් එකතු කර සන්ධානවලින් ගොඩනගාගත් ජයග්‍රහණයන්ට වඩා මේ ජයග්‍රහණයේ දේශපාලන ගැඹුරක්, හරයක් තිබෙනවා.
මේ නිසා අපිට වගකීමක් තිබෙනවා පළමුවෙන්ම ජනතාවට ස්තුති කරන්න. මේ ජයග්‍රහණය දක්වා මේ ව්‍යාපාරය මෙතෙක් රැගෙන ඒමේදී මුහුණ දුන් දුෂ්කරතා අමාරුකම් දරාගෙන සිටි බොහෝ දෙනෙක් සිටියා. කැපකිරීම් කළ, වෙහෙස වුණු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම උදව් කළ අය, ඡන්දෙ දුන් අය ඉන්නවා. දිගු කලක් තිස්සේ අමාරුකම් දරාගෙන මේ ව්‍යාපාරය අල්ලාගෙන ආ අය, ව්‍යාපාරයට උදව් කළ අයට ජාතික ජන බලවේගය විදිහට අපි ඒ සියලු දෙනාටම අපේ ආචාරය පුදකරනවා; ස්තුතිය පුදකරනවා. ඒ සියලු දෙනාගේම ධෛර්යය තමයි අපිට අලුත් රටක් හැදීම සඳහා අවස්ථාව උදාකර දී තිබෙන්නේ. මේ ජයග්‍රහණයේදී නන් අයුරින් සහයෝගය දක්වපු, ඡන්දය දුන්, උදව්කරපු, සියලු දෙනාටම අපේ ස්තුතිය, ගරුත්වය, ශීර්ෂ ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක් ප්‍රදේශයකින් ඉදිරිපත් වූ නායකයෙක් ගැන විශ්වාසය තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව, කඳුකර ජනතාව ජාතිවාදය පසෙක දමා දකුණේ ජනතාව සමග අත්වැල් බැඳගැනීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාතිවාදී නායකයන් විසින් පතුරවපු බොරු, බේගල්, වැරදි මත, නොමඟ යැවීම් විශ්වාස නොකර, රටක් ලෙස එකට සිතලා අප සමග අත්වැල් බැඳ ගැනීම ගැන අපේ ස්තුතිය පුද කරනවා. අපේ මතය සමාජගත කිරීම සඳහා, තමන්ට කිසිවක් බලා පොරොත්තු නොවී අපට මුදල් ලබාදෙමින් උදව් කළ අයත්, මාධ්‍යවේදීන්, තමන්ගේ රැකියාවට තිබෙන අනතුරු පවා නොතකමින්, රට වෙනස් කිරීමේ අරමුණු සහිතව පොදු අරමුණකින් උදව් කළ විශාල පිරිස් හිටියා. ඒ හැමෝටමත් අපේ ස්තුතිය පුදකරනවා.
අපට ලැබී තිබෙන ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව විශාල විශ්වාසයක් අපි කෙරෙහි තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය ඒ වගේම රැකිය යුතුව තිබෙනවා. අවුරුදු 76ක කාලයක් පුරා රටේ දේශපාලන බලය හොබවපු දේශපාලන පක්ෂ පරාජයට පත්කර තමයි, මේ ජයග්‍රහණය අත්පත් කර දී තිබෙන්නේ. අපේ ජයග්‍රහණයේ වේගය බැලූ විට, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ලබාගත්තේ දළ වශයෙන් ඡන්ද 56,34,000ක ප්‍රමාණයක්. අපි එය මේ මහ මැතිවරණයේදී 68,63,000ක් දක්වා වැඩිකර ගැනීමට සමත් වී තිබෙනවා. මාස එකහමාරක් තුළ ලක්ෂ 12කින් වැඩිකර ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේදී 43,63,000ක පමණ ප්‍රමාණයක් ලැබුවා. නමුත් මේ මැතිවරණයේදී 19,68,000ක් දක්වා අඩුවී තිබෙනවා. ඔවුන්ගෙන් ලක්ෂ 24කට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ගිලිහී තිබෙනවා. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දවලින් අඩක්වත් ලබාගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ඡන්ද 22,99,000ක් පමණ ලබාගත්තා. මෙවර මැතිවරණයේදී ඔහුට ලක්ෂ 05 පමණ ප්‍රමාණයක් පමණයි, ලබාගත හැකිවී තිබෙන්නේ. ඔහුගෙන් ලක්ෂ 17ක් පමණ ගැලවී ගොස් තිබෙනවා. මේ මාස එකහමාරක් තුළ මේ දේශපාලන පක්ෂ බිඳවැටීමක් සිදුවී තිබෙනවා.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා, සමගි ජන බලවේගයේ අය සමාජය ඉදිරියේ කිවුව බොරු, බියවැද්දීම්, නිසා ජනතාව කිසියම් දෙගිඩියාවකට පත්වුණා. නමුත් ගෙවුණු මාස එකහමාර තුළදී ඔවුන්ගේ බොරුවල ප්‍රමාණය ජනතාව තේරුම් ගත්තා. අපි ආවොත්, ආර්ථිකය, කොටස් වෙළඳපොළ, කඩා වැටෙයි, දේපොළ පවරා ගනියි, කිවුවා, රුපියල බාල්දු වෙනවා කිවුවා. කාර් දෙකකින් එකක් ගනියි, ලේ වැගිරීම් සිදුවෙයි, අස්වැසුම කපයි, රටේ විශාල විනාශයක් වෙයි කිවුවා. ආගම අදහන්න දෙන්නේ නැහැ කිවුවා. එවැනි බිය වැද්දීම් කළ සමාජයක් ඇතුලේ තමයි අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ. නමුත් එයින් පසුව ගෙවුණු මාස එකහමාර තුළ ජනතාව තේරුම් ගත්තා ඒ ප්‍රකාශයන් සියල්ලම බොරු බව. ඒ නිසා අපිට උදව් කරන්න ජනතාවට ලෙහෙසි වුණා. බොරුවෙන් ජය ගන්න උත්සාහ කළ අය බොරුව නිසාම පරාජයට පත්වෙලා තිබෙනවා. පැරණි, වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත, ප්‍රභූ, ජනතාව මත ආධිපත්‍යය පටවාගෙන හිටපු, මහජන මුදලින් යැපුණු දේශපාලනය දැන් අවසන් වී තිබෙනවා. අපි ජනතාවට කියනවා පැරණි යුගය අවසන්. දැන් තිබෙන්නේ පොදු ජනතාවගේ දේශපාලනයක්. එය තේරුම් ගත් ජනතාවගේ සහයෝගයක් මේ ජයග්‍රහණය තුළ තිබෙනවා.
අපේ රටේ ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කොට තිබෙන බව, මේ ප්‍රතිඵලයෙන් දකින්න පුළුවන්. උතුරට ගොස් උතුරේ ජාතිවාදී නායකයන් ජාතිවාදය අවුස්සන්න උත්සාහ කළා. අපේ සමහර ප්‍රකාශයන් විකෘති කර, ඒවා දෙමළ ජනතාවට එරෙහිව කළ ප්‍රකාශයන් බවට තහවුරු කරන්න උත්සාහ කළා. ඒ වගේම ජාතික ජන බලවේගයට එරෙහිව මුස්ලිම් ජනතාව පොළඹවන්න, මුස්ලිම් ජනතාව තුළ ජාතිවාදය වපුරවන්න කටයුතු කරමින් සිටියා. ආගම්වාදය අවුස්සන්න පටන් ගත්තා. එහෙත් ප්‍රතිඵලය විසින් පෙන්වා තිබෙනවා ඔවුන්ගේ එවැනි ප්‍රකාශයන් දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව බාරගෙන නැහැ. දේශපාලන නායකයන්ට වඩා ජනතාව ඉදිරියෙන් ඉඳිමින්, අවබෝධයෙන් කටයුතු කර තිබෙනවා. ජාතිවාදය, අන්තවාදය මත යැපුණු පැරණි දේශපාලනය අවසන් කොට තිබෙනවා.
ඒ වගේම ගතවුණු දින 50කට වැඩි කාලය තුළ, ජාතික ජන බලවේගයේ භාවිතය අපේ රටේ ජනතාව පිළිගෙන තිබෙන බව පේනවා. අපි සරල රාජ්‍ය පාලනයක් පටන් ගත්තා. මහජන මුදල් නාස්ති නොකර වැඩකරන්නේ කොහොමද කියා ඔප්පුකොට පෙන්නුවා. ජනතාවට වඩා උඩින් ඉන්න ප්‍රභූත්වයක් පෙන්නුවේ නැහැ. ජනතාව සමග වැඩ කරන සරල මිනිස්සු බව, අවංකව වැඩ කරන බව පෙන්නුවා. ඒවත් අපේ ඡන්ද වැඩිකර ගැනීමට හේතු කාරක වෙන්න ඇති කියා අපි හිතනවා. අපේ ජනතාව මේ ආකාරයෙන් අපව විශ්වාස කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමේ අභියෝගය අපට තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලය අපිට 2/3ක ඉක්මවා ගොස් තිබෙනවා. මේ ලැබී තිබෙන අධික බලය පරෙස්සමට පරිහරණය කරන්න අපි පරෙස්සම් වනවා. පාර්ලිමේන්තුවට 2/3ක වැඩි බලයක් දෙන්න එපා යන මතයක් ගොඩනැගී තිබුණේ ඇයි? 1977න් පස්සේ ලැබුණු අධික බලය පාලකයන් පාවිච්චි කළේ, ජනතාව මර්දනය කර, යටපත් කරලා, ජනතා හඬට ඇහුම්කන් නොදෙන, මහජන දේපොළ ඇති තරම් භුක්ති විඳින්නයි. ජනතාවට වඩා උඩින් ජීවත් වෙන, බලයෙන් ඉදිමෙන, මත්වෙන දේශපාලනයක් අතීතයේ තිබුණා. ඒක පරද්දන්න ඕනෑ.
අපි දේශපාලන බලයෙන් මත්වෙන්න යන්නේ නැහැ. මේ බලය ජනතාව දුන් බලයක්. එය අතිශය පරෙස්සමින් ජනතාවගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන වගකීමක අපි ඉන්නවා. ජනතාව පීඩාවට පත්කිරීමට හෝ බලයට පත්වුණු අයගේ පැවැත්ම සඳහා හෝ නොව මේ රට ගොඩනගන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, වංචා දූෂණවලින් තොර හොඳ පාලනයක් නිර්මාණය කරන්න, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා මේ බලය පාවිච්චි කරන බවට අපි සහතිකයක් ජනතාවට දෙනවා. මේ ජනවරමේ ගැඹුර, බර අපට හොඳින්ම තේරෙනවා. අපි බාරගෙන තිබෙන්නේ සරල රටක් නොවෙයි. මේක විනාශ කරපු රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු, ණය බරින් මිරිකුණු, ණය බර නිසාම මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගහන්න සිදුවුණු රටක්, දුප්පත්කමින් පිරුණු තුන්වේල කන්න බැරි වුණු, අපරාධ වැඩි වුණු, මත්ද්‍රව්‍ය වැඩි වුණු, සෑම පැත්තකින්ම විනාස වුණු, ජාත්‍යන්තරය තුළ අපේ ප්‍රතිරූපය විනාශ වුණු රටක් අපි ඉදිරියේ තිබෙනවා. අපේ රට පාලකයන් මුළු ජීවිත කාලයම මහජන මුදල්වලින් ජීවත්වීමේ ක්‍රමය කර ගත් රටක්.
ඒ ක්‍රමය වෙනුවට හොඳ රටක් අපි හදන්න ඕනෑ. අපි හොඳ රටක් හදන්න ඕනෑ. අපි ඉදිරියේ ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අසාධාරණත්වය, ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳන්න, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම, පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, විනයගරුක රටක්, ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම, ණය ගෙවා, වැටුණු ආර්ථිකය ගොඩනගා ගැනීම, ජනතාවට ගෞරවයෙන් ජීවත් වීමට රටක් නිර්මාණය කිරීම, අභියෝග ලෙස අප ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග දිනන්න මේ බලය පාවිච්චි කරනවා මිසක්, පක්ෂයක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ කියන සහතිකය අපි ජනතාවට දෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදි සහ මෙවර මැතිවරණයේදී, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අපට ඡන්දයක් නොදුන් කෙනාව පීඩාවට පත් කරන ජය සැමරීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කළේ නැහැ. ඒ නිසා අපිට ඡන්දය නොදුන් අයට පවා මෙවර අපට ඡන්දයක් දෙන්න ලේසි වුණා. අපි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අපි උද්දාම වුණේ නැහැ. මේ ජයග්‍රහණයට අපි වගකියන්න ඕනෑ. මෙතනින් පස්සේ ජයග්‍රහණය කළ අය හා පරාජිතයන් කියා කණ්ඩායම් දෙකක් නැහැ. දේශපාලකයන් පැරදිලා. අපේ රටේ දේශපාලනයට ඒ අය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන්. මේක රටේම ජයග්‍රහණයක්. මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු අපි හැමදෙනාම එකට එකතු වෙලා මේ වට්ටපු රට ගොඩගැනීම අපේ වගකීමයි. ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න. අපට තිබෙනවා ජාතික පුනරුද කාර්යභාරයක්. ජාතික පුනරුදයක්, ආර්ථික පුනරුදයක්, දේශපාලන පුනරුදයක්, සංස්කෘතියේ පුනරුදයක්, මිනිස් චින්තනයේ පුනරුදයක් නිර්මාණය කර, ලෝකය තුළ අපේ රට බැබලෙන රටක් බවට පත් කරන්න මෙතැන් සිට හැමදෙනාම වැඩ කරමු. පොදු ජනතාව අපට ලබාදුන් ජන වරම රට ජයග්‍රහණය කරවීමේ අරමුණ වෙනුවෙන් පමණක් පාවිච්චි කරන බවට සහතික කරනවා. මේ ජයග්‍රහණයට සියලුම අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට සහෝදරාත්මක ස්තුතිය පළ කරනවා.
(-Colombo, November 15, 2024-)
(-Colombo, November 15, 2024-)
(-Colombo, November 14, 2024-) “උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා” – ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජනපති කියයි ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය […]
(-Colombo, November 14, 2024-)
“උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා”
– ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජනපති කියයි
ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .
සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.
ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබයි. ආසන 29ක් ජාතික ලැයිස්තුව මඟින් තෝරා පත් කෙරේ.
(-Colombo, November 13, 2024-) අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප‍්‍රථම අපේ විරුවන් සමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි. අද අපි ඔවුන් සමරන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක් ලෙසටයි. […]
(-Colombo, November 13, 2024-)
අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප‍්‍රථම අපේ විරුවන් සමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි. අද අපි ඔවුන් සමරන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක් ලෙසටයි. අද පැරණි අවධියේ අභියෝගයන් සහ අලූත් අවධියේ අභියෝගයන් අතර විශාල වෙනසකට අපිට මුහුණ දීමට සිදුවී තිබෙනවා. එය අපි තේරුම් ගත යුතුව තිබෙනවා.
එදා පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව ඇතුළු අපට යම් ආහාර වේලක් ලබාදුන් අය පවා ඇතුළත් විශාල පිරිසක් එදා ඝාතනය කරනු ලැබුවා. පාලක පංතිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදුවුණේ පාලක පංතියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප‍්‍රතිවිරෝධී ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකියි.
අපි 1978 වසරේ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට, ඉතාමත් සාමකාමීව ප‍්‍රවිෂ්ට වූවා. එම වසරේ පැවති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද්දී, අපි තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි තරග වැදුණා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල්දැමීම සඳහා වූ ජනමත විචාරණයට එරෙහිව සටන් වැදුණා. මැතිවරණ ක්ෂේත‍්‍රය දෙස බැලූවත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හ`ඩ නඟන, එයට අනුකූලව වැඩ කරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වූ ව්‍යාපාරයක්. ඊට අමතරව මැතිවරණ පෙරමුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් වැදුණු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් හැටියට කටයුතු කළ පක්ෂයක්. එසේ කටයුතු කරමින් සිටියෙදී 1983 ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද සිදුවීම් උපයෝගී කරගෙන, අපිව තහනම් කළා. ඔවුන් අපව නිශ්චිත හැරවුමක් ලෙසට තහනම් කරනවා. අපව දේශපාලන වශයෙන් තහනම් කිරීමට හේතු වන්නේ කුමක්ද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පිට පැන්නාද? අනවශ්‍ය ගැටුම් නිර්මාණය කිරීමට මැදිහත් වුණාද? නැහැ. ඔවුන් අපව තහනම් කිරීමට හේතු වන්නේ අපේ අරමුණුයි. අපි අපේ අරමුණ ජයග‍්‍රහණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන මාවත ඔස්සේ ජයග‍්‍රහණය සඳහා යමින් සිටියා. ඒ නිසා ඔවුන්ට විශාල වුවමනාවක් තිබුණා අපේ අරමුණු පරාජය කරන්න. ඒ අරමුණට ඔවුන් බිය වුණා.
අප විසින් තෝරා ගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂී ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියෙදී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරා ගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපී කි‍්‍රයාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පංතියට ඊළඟට අවශ්‍ය වන්නේ කුමක්ද? අරමුණු මරා දමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරා දැමීම ඊළඟ පියවර වුණා. ඒ අවස්ථාවේ සිදු නොවිය යුතු දේ සිදුවුණා. එම සිදුවීම් පිළිබඳ සමාජයෙක් නොයෙක් සාකච්ඡුාවන් ඉදිරිපත් වුණා. නමුත් මිනිස් ඝාතනවලට හේතු වුණේ ඒ සිදුවීම් නොවෙයි. ඒ වකවානුවේ අප අතින් යම් සිදුවීම් සිදුවී තිබෙනවා නම්, අපව ඝාතනය කොට විනාශ කිරීමට හේතුව එම සිදුවීම් නොවෙයි. ඝාතනය කර විනාශ කිරීමට හේතුව අපේ අරමුණු. ඔවුන් කල්පනා කරන්නේ, අරමුණ පරාජයට පත් කළ හැකි වන්නේ, අරමුණ දරන මිනිසුන් ඝාතනය කොට විනාශ කිරීමෙන් පමණක් බවයි. එය කොයිතරම්ද කියනවා නම්, දේශපාලන ව්‍යාපාරයක මධ්‍ය කවය පමණක් නොව, පරිවාර කවයන් පවා ඝාතනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන් අවසානයේදී කියන්නේ ”මැච් එක ඉවරයි” කියලා. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ අරමුණත් අවසන්, අරමුණු දරපු මිනිසුනුත් අවසන් කියන එක.
නැවත අපි 1989න් පස්සේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා. අපට නැවත නැගිටින්න, නැවත මේ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරන්න, අපට බලපෑම් ඇති කරන්නේ අරමුණුම තමයි. අපට ධෛර්යය දෙන්න, නැගිට්ටවන්නෙ අරමුණු තමයි. මකන්න බැරි, යටකරන්න බැරි අරමුණු අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා. නැවත අපිට නැගිටින්න, අපට සංවිධාන ගත වෙන්න නැවත ජයග‍්‍රහණය සඳහා ව්‍යාපාරය මෙහෙයවන්න අපිව පොළඹවන්නේ අරමුණු විසින් ඇති කොට තිබෙන බලපෑමයි. නැවත අපි 94න් පසුව දේශපාලන ගමන් මගට අවතීර්ණ වුණා. අපි පක්ෂයක් ලෙස විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන්නා. පරාජයන්ට මුහුණ දුන්නා. ව්‍යාපාරය ඇතුලේ බෙදීමක් ඇති වුණා. ඒ ඒ මොහොතට අදාළ යැයි ගත් තීන්දු පසුකාලෙක අපට වැරදුණා දැයි මානසික පීඩනයක් ඇති කළා. විශාල හැලහැප්පීම් මධ්‍යයේ අපි ජයග‍්‍රහණය කරා ගමන් කරමින් ආවා. සැප්තැම්බර් මාසෙ 21 අපි ජයග‍්‍රහණය අත්පත් කර ගන්නේ ඒ ගමන් මාවතේ තීරණාත්මක අවස්ථාවේදීයි.
මේ කෙටි ඉතිහාසය ආසන්න වශයෙන් පරිච්ෙඡ්ද හතරක් සලකුණු කරනවා. ඒ, 78 සිට 83 දක්වාත්, 83 සිට 89 දක්වාත්, 94 සිට පසුගිය සැප්තැම්බර් 21 දක්වාත්, සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වාත් වශයෙනුයි. සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වා වන අලූත් පරිච්ඡෙදය අපි ආරම්භ කොට තිබෙනවා. මේ සෑම පරිච්ඡේදයකම අපේ හැඩරුව, අපේ ප‍්‍රකාශනයන් තුළ, උපක‍්‍රමයන් තුළ, වැඩ රටාව තුළ සහ මුහුණ දී තිබෙන අභියෝගයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් තිබුණත් අත්හරින්න බැරි අඛණ්ඩතාවයක් තිබෙනවා. ඒ තමයි අරමුණ. අපි ආරම්භ කර තිබෙන අලූත් පරිච්ඡේදයත් අරමුණු ඉටුකර ගැනීම සඳහා අවස්ථාවක්. ඔවුන් මේ අරමුණට බයයි.
එකක් තමයි දූෂිත, ප‍්‍රභූ තන්ත‍්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම. දෙක තමයි පුරවැසියන්ට නිදහස්ව හිතන්න, කටයුතු කරන්න, නිදහස ලබාදීම ගැන ඔවුන් බයයි. ඔවුන් සෑම විටෙකම කළේ පුරවැසියන් යටත් කොට තබාගෙන සිටීම. දේශපාලකයා තමන් විසින්ම ආරෝපණය කරගෙන පොරවාගෙන සිටින මහා ලෝගුව ගැලවෙනවාට බයයි. අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද අයින් කරනකොට එයාලා කියනවා, තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් මේ තුළ තියෙනවා කියලා. ඝාතනය වුණොත් වගකියන්න ඔනෑ කියලා. ඔවුන් සෑම වෙලාවෙම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලූත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලූත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි.
ඒ නිසාම පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුවී තිබෙන්නේ කුමක්ද? විවිධ ලකුණු, හැඩහුරු සහිත වේදිකා ගොඩක් තිබුණා. ඒ වේදිකාවල අපේක්ෂාව බවට පත්වී තිබුණේ බලය අත්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සාධකය. බලයේ තිබෙනවා විශේෂත්වයක්. බලය විසින් බලය නිර්මාණය කරනවා. බලයකින් බලය ප‍්‍රසාරණය කරනවා. දැන් ඔවුන්ගේ අවශ්‍යතාවය බලය විසින් බලය තහවුරුවීම වැළැක්වීම. අපට පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගන්න බැරිවෙනවා නම් එයින් කියන්නේ මොකක්ද? බලයේ දුර්වල බව. බලය යම් කාලයක් ස්ථාවරව පැවතුණහොත්, තවත් බලවත් වෙනවා. එවිට ඔවුන් කල්පනා කරන්නේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමයි. බලය ලබාගත්තාට පසුව බලය තහවුරු වීමට ඉඩ නොදීමයි.
ඔවුන් පොදු කෝව තුළ සිටියා. කෝව තුළ සිටියාට තීරණාත්මක ලෙස බල කඳවුරු දෙක වෙන්කිරීම සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් අපි ආණ්ඩුව කියන බෙදුම් රේඛාව දැමූ විට ඒ අය අනෙක් පැත්තේ එක කවයකට, එක කඳවුරකට එකතු වී සිටිනවා. එය කොතරම් විසංවාදී කඳවුරක්ද බැලිය යුතුයි. එක පැත්තකින් වාමාංශික මුහුණුවරක් ගත් කණ්ඩායම් මෙහි කොටස්කරුවන් බවට පත්වී තිබෙනවා. ලිබරල්වාදී හැඩරුව ගත් කණ්ඩායම් සිටිනවා. ගෝති‍්‍රකවාදී, ජාතිවාදීන්, පැරණි නෂ්ටාවශේෂ කරේ තබාගෙන යන අය, සියලූ දෙනාම නොනිල එකඟතාවයකට ඇවිත් තිබෙනවා. අපේ ආණ්ඩුව නිසා ඔවුන්ට ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපට එරෙහිව එකම කඳවුරකට ගොනු වී සිටිනවා. සංකීර්ණව විසිරී සිටි කඳවුරු, ආණ්ඩුව බිඳ වැට්ටීම සඳහා එකට කටයුතු කළ හැකිද යන උත්සාහයට යොමු වී සිටිනවා.
අපට යළි යළිත් මේ බලය ආරක්ෂා කර දෙන්නේ, ශක්තිමත් කර දෙන්නේ අපේ අරමුණ අත් නොහැර සටන් වදින්න සූදානම් නම් විතරයි. මිය ගිය වීරවරියන්ට වීරවරුන්ට සාධාරණය, යුක්තිය ඉටුකිරීමේදී අන් කවරදාකටත් වැඩියෙන් අපේ අරමුණ ධාරණය කර ගත යුතු වෙනවා. දැන් අපට තිබෙන්නේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පොර බැදීමයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මෙහෙයවීම, අපට අලූත් අදියරකදී තිබෙන අභියෝගයක්. ඒ මෙහෙයවීම අත්පත් කර ගැනීමට ආණ්ඩු බලයක් තිබෙනවා. නමුත් සාර්ථක කර ගැනීම සඳහා, මඟපෙන්වීම සඳහා මෙහෙයවීමට පක්ෂයට විශාල කාර්යභාරයක් තිබෙනවා. බලය ලබාගැනීම අපේ අවසන් අරමුණ නෙමෙයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගත යුතුයි. අපේ වගකීම්වල, සමාජයට පෙනී සිටින ආකාරයන් ආදියෙහි හැඩතල වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. ඒ සියල්ලටම යටින් අරමුණ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක හරයාත්මක ලෙස තිබිය යුතුයි. අපි අලූතින් කල්පනා කළ යුතුව තිබෙනවා.
පළමුව අප පරීක්ෂාවට භාජනය වෙන්නේ අපේ ව්‍යාපාරය තුළයි. අද මහජනතාව අපට ලබාදුන් බලය ඇතුලේ අපි මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වෙනවා. අප කෙරෙහි පූර්ණ විශ්වාසය, අර්ධ විශ්වාසය, ඒ වගේම අප කෙරෙහි පරීක්ෂාකාරී විශ්වාසයක් තිබෙනවා. අපි පරීක්ෂාකාරී විශ්වාසය සමත්විය යුතුයි. අපි හැමවිටම ජනතාවගේ පරීක්ෂාවකට භාජනය වෙමින් ඉන්නවාය කියන මනෝභාවය අප තුළ තිබිය යුතුයි. නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකියි යන මනෝභාවයෙන් කටයුතු කළහොත් අපි පරීක්ෂාවෙන් අසමත් වෙනවා. අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි. එදා අපි ව්‍යාපාරය තුළ පරීක්ෂාවට භාජනය වුණා. අද මහජනතාව ඉදිරියේ පරීක්ෂාවට භජනය වී තිබෙනවා. ව්‍යාපාරය තුළදී සිදුවන අත්වැරැද්දක් ව්‍යාපාරය තුළ සාකච්ඡා කොට විසඳා ගත හැකියි. හැබැයි මහජනතාවගේ පරීක්ෂාවෙන් අසමත් වීම තුළ අපේ අරමුණු අසමත් වීමට භාජනය වෙනවා.
අපි අභියෝගයට ලක්වුණු සෑම අවස්ථාවකම අපේ අරමුණුවලට හානියක් නොවී ආධ්‍යාත්මිකව පවත්වා ගනිමින් මේ දක්වා ආවා. අපි හැමදෙනාම ඊට අනුරූප වන පරිදි වගකීම් වෙනස් කර ගත යුතුයි. මහජනයා පසෙක තබා බලය ඉත්තෙක් ලෙස පරිහරණය කරන්න පටන් ගතහොත් අපේ අරමුණු දියවී යනවා. මේ අලූත් තත්වයට අනුරූපී වන පරිදි වළක්වා ගැනීම කළ යුතුයි; වෙනස් විය යුතුයි. අපි හැම කෙනාම බලය විසින් ඇතිකර තිබෙන සීමා මායිම් පිළිබඳ තිර අධිෂ්ඨානයකට එන්න ඕනෑ. බලය අපේ අරමුණු කරා මෙහෙයවීමට තිබෙන මෙවලමක්ය යන සාධක අත්හැර කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත හොත් අපේ අරමුණු වෙනස් වෙනවා. දැන් අපි ”අලූත් ඇඳුම් ඇඳ ගැනීමට කාලය උදාවී ඇත”.
මේ ඉල්මහ විරු සමරුවේදී අපේ පැරණි සහෝදරවරුන්ට සහෝදරියන්ට කරන සාධාරණත්වයෙන් අඩක් නිම කොට තිබෙනවා. අපි ඉතා අසීරුතා, අභියෝගවලදී තීරණාත්මක උපක‍්‍රම තේරුවා. අපි කවුරුත් පොරබදලා ඒ උපක‍්‍රම ආරක්ෂා කරන්න සමත්වෙලා තිබෙනවා. සමහර උපක‍්‍රම ඉතාමත් අවදානම්. ඒ අවදානම් උපක‍්‍රමය එක් අදියරකින් පැන්නා නම්, අපේ ව්‍යාපාරය මෙතන නැහැ. ඒ සියල්ල මගින් අපි ජයග‍්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා.
අපි අන් සෑම අදියරකටම වඩා පරෙස්සම් සහගත විය යුතුයි. ඉතාමත් හොඳින් බලය හැසිරවිය යුතුයි. ගියවර සමුළුවේදී තිබුණු බර මේ සමුළුව වන විට ප‍්‍රමාණාත්මකව අඩක් අවසන් කර තිබෙනවා. අපේ විරුවන්ට සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් බරක් නැති නිදහස් මිනිසුන් ලෙස තව වසර කිහිපයකින් අපට ඉල්මහ සමරුව පැවැත්වීමට හැකි වේවි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එකතු වෙමු.
“අපි ඔබ පවරාගෙන තිබෙන්නේ අපේ ඉතිහාසය අලූතින් ලියන භාරදූර කාර්යයයි”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා-
අද මේ 35වැනි ඉල්මහ විරු සමරුව පවත්වන්නේ විශේෂත්වයක් තුළයි. මෙතෙක් අපි බලය ලබා ගැනීම සඳහා වෙහෙසෙන, ඒ වෙනුවෙන් සටන් කරන, කැපකිරීම් කරන පරම්පරාවක් හැටියට ඉල්මහ සැමරුම කළා. අද අපි ඉතිහාසයේ පළමුවැනි වතාවට මේ රටේ බලය පොදු ජනතාව අතට පත්වී ඇති මොහොතක ඉල්මහ සැමරුම පවත්වන්නේ, බලය තහවුරු කර ගනිමින් මේ රට ගොඩනැගීමට වෙර දරන පරම්පරාවක් හැටියටයි. ගිය අවුරුද්දේ ඉල්මහ සමරුව සමරද්දී අපි, ඊළඟ සමුළුව පවත්වන්නේ අපේ රජයක් යටතේදී බව කිවුවා. අපට එය ඉටුකර ගැනීමට අද හැකිවෙලා තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබාගෙන මැතිවරණ පවත්වමින් යන වෙලාවක අපට නිරන්තරයෙන් සිහිවෙන්නේ අපේ මියගිය සහෝදරවරු, සටන් කළ, දිවි පිදූ අය හිටියා නම් හොඳයි කියලා. අපි මේ සමරන්නේ මීට අවුරුදු 35කට කලින් අපෙන් උදුරාගත් අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, හිටපු ප‍්‍රධාන ලේකම් ගමනායක සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප‍්‍රමාණයකගේ දිවිපිදීම, කැපවීමයි. ඔවුන් මේ ජයග‍්‍රහණයන් දැකීමට හිටියානම් කියන හැඟීම අනිවාර්යයෙන් එනවා.
කාල් මාක්ස් මිය ගිය වෙලාවේ, ඔහුගේ සොහොන අසළදී එංගල්ස් කථා කරමින් කිවුවා, ”මේ දර්ශනය දැක බලා ගැනීමට මාක්ස් මා ළඟ සිටියා නම්” කියලා. ඒ වෙලාව ලෝකයේම කම්කරු පංතිය පැය අටක සේවා දිනයක් ඉල්ලා ජයග‍්‍රහණය ලබමින් සිටි අවස්ථාවයි. අපි ජයග‍්‍රහණය ලබා සිටින මේ අවස්ථාවේ අපේ නිර්මාතෘ, නායකයන්, අනෙකුත් සහෝදර සහෝදරියන් අපි ළඟ සිටියා නම් මේ මොනතරම් උණුසම් මොහොතක් වෙනවා ඇද්ද? අපට පැවරී තිබෙන්නේ ඒ හැඟීම් හදවත තුළ රුවාගෙන අප පවරාගෙන තිබෙන කාර්යයන් ඉටුකරමින් ඉදිරියට යාමයි.
අපි ඔබ මේ පවරාගෙන තිබෙන්නේ අපේ ඉතිහාසය අලූතින් ලියන භාරදූර කාර්යයයි. අපි මේ රටේ විශේෂ පරම්පරාවක් වෙනවා. අපි අපේ රටේ දේශපාලනයේ ආර්ථිකය පිරිහිලා, දුප්පත්කම වැඩිවෙලා, මනුෂ්‍යත්වය පිරිහිලා, විය යුතු සියලූම ව්‍යසනයන් සිදුවුණු, නරකම කාලයක ජීවත් වුණු මිනිසුන්. අපි ජීවත් වුණේ අපේ රටේ පැවැති නව ලිබරල්වාදී ධනේෂ්වර ක‍්‍රමය පිරිහීමට පත්වුණු වෙලාවක, අපරාධ වැඩි වුණු වෙලාවක්, සමාජයක් තුළ පරම්පරාවකට දකින්න සිදුවෙන ඛේදවාචක සියල්ල දකින්න වුණු සමාජයකයි. ඒ පැරණි කුණුගඳ ගහන, ගෝත්‍රික ලක්ෂණ තිබුණු, දූෂිත වලව්කාර, ප‍්‍රභූත්වය අරමුණු කරගත් සමාජය වෙනස් කරලා අලූත් සමාජයක් හදන්න, ඒ වෙනුවට සමානත්වය, සහෝදරත්වය, සමගිය තිබෙන, ආර්ථිකයේ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, තිබෙන, මිනිසුන්ට මිනිසුන් වගේ ජීවත් විය හැකි, එකිනෙකාට ආදරය තිබෙන අලූත් සමාජයක් නිර්මාණය කරන්න අපි පටන් ගෙන තිබෙනවා. යුග දෙකක් එකවර නියෝජනය කරන පරම්පරා දෙකක් ලෙස තමයි අපි අද මේ එකතු වෙලා ඉන්නේ. පැරණි යුගයේ අත්දැකීම්, ආරම්භ කළ යුගය නිර්මාණය කර ගැනීම සඳහා උකහා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අපිට ඉතිහාසය ගොඩනඟනවා වගේම ඉතිහාසය ලියන්නත් සිදුවී තිබෙනවා.
මෑත ඉතිහාසය තුළ අප ගැන 80%ක පමණ ප‍්‍රබන්ධයක් තිබෙනවා. ඒ ප‍්‍රබන්ධය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණේ අපව සිරකර තැබුවා. ඒ නිසාම අපට සමාජය තුළ තිබුණේ ඉතාම අවාසිදායක තත්වයක්. අපි වාමාංශිකය කියන එක ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප කරවීමට යොදා ගත්තා. ඒ නිසා පැවති දූෂිත ප‍්‍රභූ පාලනය තුළ, අධිපති පාලනය තුළ ඒගොල්ලන්ගේ මතවාදයක් නිර්මාණය කරලා, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රගතිශීලී බලවේගවලට සමාජයේ හිමිවිය යුතු තැන නැතිකරමින් සිටියා. අපි පිළිබඳව මිථ්‍යාවලින් පිරුණු, අසත්‍යයෙන් පිරුණු ඉතිහාසයක් ලියුවා. ඒ ඉතිහාසය තුළ තවමත් අසත්‍ය කරුණු මතක් කරමින් යන්නේ පාලක පංතිය පමණක් නොවෙයි. අපේ ඉතිහාසයට පිටුපාපු, එයින් කැඞී වෙන්වුණු අයත් ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීම අරමුණු කරගෙන තිබෙනවා. ඔවුන් ඉතිහාසය විකෘති කරමින් ඉන්නවා.
ඔවුන් කියන 88 – 89 භීෂණයක් තිබුණේ නැහැ. 1977 – 1990 දක්වා කාලය තුළ තමයි අපට භීෂණයක් සිදු වුණේ. ජේ.ආර්. ජයවර්ධන පාලනයේදී භීෂණයට ලක්වුණු අය තමයි අපි. ඒකෙ වින්දිතයන් අපි. වගකිවයුත්තන් තමයි එවකට එක්සත් ජාතික පක්ෂ පාලකයන්. මේ විශාල කාලපරිච්ඡේදය තුළ, ඒ භීෂණයට වගකිව යුතු, එය නිර්මාණය කළ අය නිර්දෝෂීන් බවට පත්වෙලා, අපට තිබෙන්නේ ඒකට ගොදුරු වුණු අය, එකට ප‍්‍රතිචාර දැක්වූ අය වැරදිකරුවන් බවට පත්වූ ඉතිහාසයක්. අපි පසුගිය ඉතිහාසය තුළ අරමුණු වෙනුවෙන්, සමාජයට කිසියම් දෙයක් ලබා දීම වෙනුවෙන්, අපි සටන් කොට තිබෙනවා. සන්නද්ධ පැත්තෙන් ගත්තත් ධනපති පංතියෙන් එන මර්දනයට එරෙහිව ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමක් තමයි කර තිබෙන්නේ. ඒ ඉතිහාසයේ සිදුවුණේ මොකක්ද යන්න අවබෝධ කර ගැනීමට අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වෙනවා. මෑත කාලයේදිත් සමහර පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මහජන මතය වෙනස් කිරීමේ අරමුණු සහිතව විවිධ සිද්ධි ඇසින් දුටු බව කියනවා. උදාහරණයක් ලෙස රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනය ඇසින් දුටු බව කියන අය ඉන්නවා. ඉතිහාසය විකෘති කර තිබෙන්නේ පාලක පංතිය විසින් පමණක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණෙන් පලා ගිය, එළවා දැමූ අපට ද්‍රෝහීකම් කළ අයත් අපට එරෙහිව විටින් විට ඉතිහාසය විකෘති කර තිබෙනවා.
ඒ නිසා අපිට ඉදිරි කාලයේ ලොකු කාර්යභාරයක් පැවරී තිබෙනවා, මේ නොලියූ ඉතිහාසය නැවත එකතු කරන්න, නැවත ලියන්න. අපේ රටේ අනාගත පරපුරට ගෙවුණු ඉතිහාසයේ සැබෑ කතාව උගන්වන්න ඕනෑකම තිබෙනවා. අපේ මියගිය සහෝදරවරු, ඉල්මහ විරුවන්, ඔවුන්ට හිමි සැබෑ තැන හිමිකර දෙන්න වුවමනාව තිබෙනවා. අපි ඉල්මහ සමරුව පැවැත්වූයේ ඔවුන් සිහිපත් කර, ඒ අත්දැකීම් තුළින් ශක්තිය ලබාගැනීමක් හැටියටයි. ඉල්මහ සැමරුමේදී අපට සිහිපත් වෙන කරුණු ගණනාවක් තිබෙනවා. අරමුණු වෙනුවෙන් කැපවීම, පරිත්‍යාගය, විශ්වාසය, අධිෂ්ඨානය, පවත්වාගෙන ගිය දේශපාලන සංස්කෘතිය, ඔවුන් තුළ තිබූ ගුණාංග අපි නිරන්තරයෙන් කතාකොට තිබෙනවා. වෙනස් විය යුතු තැන් වෙනස් කර ගැනීම පිළිබඳ කතාකොට තිබෙනවා. ලෝකයේ තත්වයන් වෙනස් වෙද්දී ඒකට අනුව තම අරමුණු අත්නොහැර, වෙනස්වීමට අසමත් නම්, එවැනි ව්‍යාපාරයක් පවතින්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අඩුපාඩුකම් තිබියෙදී වුවත් තත්වය වෙනස් වෙද්දී එයට අනුව වෙනස් වෙන්න, සමත්වෙලා තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගෙන, ඝාතනය කිරීමට ටිකකට කලින් ආණ්ඩුව ඔහුගෙන් ප‍්‍රකාශයක් ගන්නවා. එය පසුව රූපවාහිනියෙන් විකාශය කරනවා. එයින් ”දැන් සියල්ල සතුරා දන්නවා. ඒ නිසා වෙනස් වෙන්න” කියලා එදා කිවුවා. ”කම්කරුවන් රැකියාවට යන්න, ඉගෙන ගන්න ළමයි ඉස්කෝලේ යන්න, සියල්ල වෙනස් කොට අලූතෙන් පටන් ගන්න”. රෝහණ සහෝදරයා සමුගත්තේ අන්තිම මොහොතෙත් අපට පණිවිඩයක් දීලා. සමහර අයට ඒ වෙනස තේරුම් ගන්න බැරි වුණා. අපි ඒ වෙනස තේරුම් ගත්තා. ඒ නිසා 1994 වෙන විට අපිට නැවත අපට ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කර ගන්න පුළුවන් වුණා. විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් අපි ආවා. මේ වන විට පොදු ජනතාවගේ කැමැත්තෙන් බලය ලබාගැනීමට හැකි වී තිබෙනවා.
අද අප ඉදිරියේ ඔවුන්ගේ අරමුණු ජයග‍්‍රහණය කරා ගෙන යන්නේ කෙසේද යන අභියෝගය තිබෙනවා. ඔවුන් සටන් වැදුණේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොවෙයි; පොදු අරමුණක් ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. පොදු අරමුණක් වෙනුවෙන් සියල්ල කැපකිරීමේ ගුණය ඔවුන් ළඟ තිබුණා. ඉල්මහ විරුවන් සමරන්න වටින්නෙත් ඒ නිසාමයි. ඒ නිකම්ම නිකම් මිනිසුන් නොවෙයි; ඒ යුගයේ බිහිවුණු විශේෂිත පුද්ගලයන්. එහෙම අය ලෝකයේ අඩුයි. අපි ඔවුන්ගේ සෙවණේ, ඔවුන්ගේ ආදර්ශයෙන් හැදුණු අය. ඒ නිසා අපි පැරදී සිටියෙදී වත්, ජයග‍්‍රහණය ලැබූ මොහොතේදී වත් ඔවුන් තුළ තිබූ අරමුණු අමතක කරන්න අපට අයිතියක් නැහැ.
මේ ව්‍යාපාරය ගොඩනඟන්න අපේ සහෝදර සහෝදරියන් විශාල දුකක් වින්දා. ඒ දුක් කන්දරා අපට අද නැහැ. දේශපාලන ව්‍යාපාරයක් හදන්න කිසිවක් නොතිබියදී, ඒ සඳහා අවස්ථාව නිර්මාණය වුණාම, ඒ තත්වයන් හරියට හඳුනාගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔවුන් සමත් වුණා. එයින් හරියටම අවස්ථාවන් තේරුම් ගැනීම වැදගත් බව අපට පෙන්වා දී තිබෙනවා. අවස්ථා තේරුම් ගෙන කි‍්‍රයාවට නඟන්නේ නැත්නම් ඒ අවස්ථා මගහැරී යනවා. ඒක අපට ඉගැන්නුවේ රෝහණ විජේවීර සහෝදරයායි. 1965 දේශපාලන ව්‍යාපාරයක් හදන්න තත්වයක් නිර්මාණය වුණාම, එවැනි ව්‍යාපාරයක් ගොඩනඟන්න පටන් ගත්තා. අතේ කිසිවක් තිබුණේ නැහැ. රැකියාවක් කළේ නැහැ. ලෝකයේ, සමාජයේ කවුරුත් ඔහුව දන්නේ නැහැ. අධ්‍යාපනය අතහැර ආව ශිෂ්‍යයෙක්. එසේ තිබියෙදීත් පැවති තත්වය තුළ ව්‍යාපාරයක් ගොඩනැගීමට ඔහුට ලොකු අධිෂ්ඨානයක් තිබුණා. පූර්ණ කාලීනයෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. කෙනෙකුට දරා ගන්න බැරි ප‍්‍රමාණයේ වෙහෙසක් දරන්න, පීඩාවක් දරන්න සිදුවුණා. අරමුණ වෙනුවෙන් ඔහුත්, ඒ සමග සිටි කිහිපදෙනාත් සියල්ල දරා ගත්තා. බස් එකේ යන්න මුදල් නැති වෙලාවට සැතපුම් ගණන් පයින් ගියා. කන්න නැතිව බඩගින්නේ සිටි අවස්ථා අපි අසා තිබෙනවා. පක්ෂයේ වැඩ කරගෙන යාමට අවශ්‍ය මුදල් නැති නිසා තිස්සමහාරාම බස් නැවතුම්පොළේ මුට්ට කර ගසා තිබෙනවා. එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්න එතරම් කැපකිරීම් කළ නායකයෙකු ගැන අපි අසා නැහැ. අඳින්න ඇඳුම් ගොඩක් තිබුණේ නැහැ. එදා යථාර්ථයට ඔහු එසේ මුහුණ දුන්නා. සමාජයෙන් උදව් නැති වෙලාවක, සමාජයෙන් කීර්තිය නොමැති අවස්ථාවක, සමාජයෙන් ප‍්‍රතික්ෂේප කරද්දී, ඔවුන් වැඩ කළා. සමාජයට හොඳ දෙයක් කර දෙන්න උත්සාහ කරන අවස්ථාවන්වල සමාජය අපිව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ ප‍්‍රතික්ෂේප කරද්දිත් ඒ ජනතාව වෙනුවෙන් වැඩකරන එක අමාරු දෙයක්. එසේ කිරීමට හැක්කේ විශේෂ පුද්ගලයෙකුට විතරයි. ඒ අයට අපි විප්ලවවාදීන් කියනවා. ඔවුන් ඒ කාර්යයන් කරගෙන නොසැලී ඉස්සරහට ආවා.
එවන් කාලයක් පසුකර ගෙන ඇවිත් දැන් අපට ජයග‍්‍රහණයන් දැන් තිබෙනවා. අපි ප‍්‍රසිද්ධයි. මිනිස්සු ආදරෙයි. අපට මේ ජයග‍්‍රහණයන් ලබා ගත හැකි වුණේ ඉල්මහ විරුවන්ගේ ආදර්ශයන් අපි රැකගත්ත නිසා. සමහර ආදර්ශයන් පවතින තත්වයන් විසින් අපට අත්හරින්න බල කරනවා. ඒ ආදර්ශයන් නැතිව වැඩ කිරීම ලෙහෙසියි වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ අමාරුකම් මැද්දේ සමහර ආදර්ශයන් ආරක්ෂා කර ගන්නා එක දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා වැදගත්. ඒ ආදර්ශයන් අලූත් සමාජයක් ගොඩනඟන්න වුවමනා වෙනවා. අපේ පූර්ණකාලීන සහෝදරවරු රැකියාවක් නොකර හිතවතුන්ගෙන් ජීවත් වීම, හාස්‍යයට ලක්කරපු තත්වයක් සමාජය තුළ තිබුණා. ඒ හාස්‍යයට ලක්කිරීම නිසා අපි අපේ අරමුණු වෙනස් කිරීමට ගියේ නැහැ. අපි අදත් ඒ අරමුණේ ඉන්නවා. අපේ රට වෙනස් කරන්න නම් එවැනි විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කරන්න පරම්පරාවක් ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙය වෙනස් කළ නොහැකි බව අපි විශ්වාස කරනවා.
1965 සිට නිර්මාණය වුණු ඒ ඉතා වටිනා ගුණාංග ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. නොගැලපෙන ඒවා අයින් කළ යුතුව තිබෙනවා. පැරණි සමාජය ඒ ගුණාංගත් සමග ගැටෙනවා. අපට උගන්වපු ගුණාංගයක් තිබෙනවා, ආත්මාර්ථකාමී වෙන්න එපා, හැමවිටෙකම පරාර්ථකාමී වෙන්න කියලා. ඒ ගුණාංගය මේ සමාජය සමග නිතර ගැටෙනවා. ආත්මාර්ථකාමී සමාජයක් ඇතුලේ ආත්මාර්ථකාමී නොවෙන සමාජයක් ඇති කිරීමට ගිය විට ලොකු ගැටුමක් ඇති වෙනවා. එයින් අපව දුර්මුඛ කළ හැකියි. එහෙම එකක් එද්දිත් එයට යට නොවී ඒය දරාගෙන හොඳ ගුණය ආරක්ෂා කර ගත්තොත් කිසියම් වෙලාවක ඒ හොඳ ගුණය සමාජගත වෙනවා. අපේ ව්‍යාපාරය තුළ තිබෙනවා කැපකිරීම් සහ පරිත්‍යාග. මේ සමාජය තුළ තිබෙන්නේ මිලක් හෝ නැවත ප‍්‍රතිඵලයක් බලාගෙන කරන දේවල්. නමුත් අපි වැඩකරන්නේ අපට පුද්ගලික ප‍්‍රතිඵල බලාගෙන නොවෙයි. ප‍්‍රතිඵල ලැබෙන්නේ සමාජයටයි. ඒ නිසා අපි කරන කැපකිරීම යම් වෙලාවක සමාජය ප‍්‍රශ්න කරනවා. එහෙම තිබෙද්දිත් ඒ ගුණය රකින්න, අපි සමත් වෙන්න ඕනෑ. ඒ ගුණය සමාජගත කරන්න අපි සමත් වෙන්න ඕනෑ. අපට එවැනි ගුණාංග රැකගන්න පුළුවන් වුණා. දැන් ඒවා පිළිගනිමින් තිබෙනවා. අපට ඒවා රැක ගන්න හැකි වුණේ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු මියගිය සහෝදරවරුන්ගෙන් ලබාගත් ආදර්ශය නිසයි.
අපි ඉස්සරහා තිබෙන්නේ අලූත් තත්වයක්. පැරණි සමාජය වෙනස් කරලා අලූත් සමාජයක් අපිට හදන්න තිබෙනවා. අලූත් ආර්ථිකයක් හදන්න ඕනෑ. අලූත් මිනිහෙක් හදන්න ඕනෑ. අලූත් මිනිහෙක් මෙන්ම අලූත් ආර්ථිකයක් හැදීම ගමන් කරන්නේ එකට. මේ දෙකට වෙන වෙනම ගමනක් නැහැ, එකට හැදෙන්න ඕනෑ. ආර්ථිකයක් හදන්න විද්‍යාත්මක සැලසුම් තිබෙනවා. අලූත් මිනිහෙක් හදන කොට කලින් සැලසුම්වලින් හදන්න බැහැ. අධ්‍යාපනය, ම`ගපෙන්වීම, ආදර්ශයන් අවශ්‍ය වෙනවා. මේ සමාජය තුළ පැරණි සමාජයේ සිටි මනුෂ්‍යයා වෙනුවට අලූත් මනුෂ්‍යයෙක් හදන්න ඕනෑ. අලූත් මානව පරම්පරාවක් නිර්මාණය කරන්න ඕනෑ. ඒක කරන්න නම් බලය හොබවන අය ඒ ආදර්ශය දිය යුතුව තිබෙන බවට විශ්වාස කරනවා.
අපි බලය ගෙන මාස එක හමාරක් තුළ පිළිගැනීමකට ලක්වෙලා තිබෙනවා. අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන බවට ඇගයීමක් සමාජය තුළ ඇතිවී තිබෙනවා. වරප‍්‍රසාද පාවිච්චි නොකරන, ජනතාවට වඩා උඩින් ඉන්න උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, නිහතමානීකම බලය ගත්තාට පසුවත් පවත්වාගෙන යනවා කියන හැඟීම ජනතාව තුළ ඇතිවී තිබෙනවා. ඒ ජයග‍්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව තිබෙනවා. අපි රටක් හදන්න ඕනෑ. සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. අපි පක්ෂයක් හදද්දී අනුගමනය කරපු, රැකපු, ආරක්ෂා කරපු ඒ ගුණාංග සියල්ලම සමාජයක් හැදීමේදීත් අපට ඉතා අවශ්‍යයි. මේ සමාජය වෙනස් කිරීමේදී කරන බලපෑමත් එක්ක එම ගුණාංග එකින් එක ලිහී යන්න පටන් ගත්තොත් අපට අලූත් සමාජයක් හැදීමට නොහැකි වෙනවා. එහෙම වුණොතින් අනතුරක් තිබෙනවා. මේ සමාජය වෙනස් කිරීමෙන් මිස සමාජයට ඕන විදිහට හැසිරෙන අය නොවෙයි කියන අධිෂ්ඨානයෙන් අපි ඉන්න ඕනෑ.
ඉතිහාසය අලූතෙන් ලියන අය විදිහට අපි අලූත් සමාජයක් හදන්න පටන් ගෙන තිබෙනවා. බලයේ සිටි අයගේ ගුණාංග අප තුළට රිංගවීමට ගන්නා උත්සාහයන් පරාජය කරමින් අප තුළ තිබෙන ගුණාංග සමාජයේ ගුණාංග බවට පත්කරන්න අරමුණු කර ගත්ත, පරෙස්සමෙන් හා ඉවසීමෙන් කරන දේශපාලන මැදිහත් වීමත් මතවාදී මැදිහත් වීමත් ආර්ථික මැදිහත් වීමත් අපට අවශ්‍යයි. අපට ජයග‍්‍රහණ අත්පත් කර ගත හැක්කේ එහෙම වුණොත් පමණයි. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට, විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනඟලා, නවකයන් එක්ක ගමනක් ආරම්භ කළා. 1965 පටන් ගත් දේශපාලන ව්‍යාපාරය පියවරෙන් පියවර තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙනවා. ජනතාවගේ කැමැත්තෙන් බලය ලබා ගන්න අපි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ හැකියාවන් තිබෙන, විවිධ විෂයයන්ගේ ප‍්‍රාඥයන් එක අරමුණක් කරා යොමු කරවා ගන්න අපි සමත් වුණා. අපේ ආදර්ශයන් මත පිහිටා සිටිමින්, පැරණි සහෝදරවරුන් ජීවමාන සාක්ෂි බවට පත්කර ගනිමින්, හැමදාම අපේ හෘද සාක්ෂි ප‍්‍රශ්න කරන අය බවට පත්කර ගනිමින්, හොඳම හොඳ ගුණාංග, මානවවාදී ගුණාංග වෙනස් නොකර සමාජයේ යහපත සඳහා යොදා ගනිමින් මේ ගමන යමු.
අපේ ජයගත‍්‍රහණයන්ගේ රහස තිබෙන්නේ අපි මෙතෙක් රැකගෙන ආ අපේ අරමුණු සහ අපේ ගුණාංග, සාමූහිකත්වය, සහෝදරත්වය, සමගිය, කැපකිරීම, පරිත්‍යාගය, සමාජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවී වැඩකිරීම වැනි හොඳ ක්‍රියාවන් එදාට වඩා ඉදිරි කාලයේදී අපට ඕනෑ වෙනවා. අපි ආණ්ඩුවක් කිරීම පක්ෂයක් හදනවාට වඩා සංකීර්ණයි. එසේ වුවත් පක්ෂයක් හදද්දී අප පාවිච්චි කළ හොඳ ගුණාංග රටක් හැදීමේදීත් අවශ්‍ය වෙනවා. ආණ්ඩු බලය ගත්තාට පක්ෂ සංවිධානය අහෝසි වෙන්නේ නැහැ. පෙරටත් වඩා හොඳින් තිබෙන්න ඕනෑ. සංවිධාන ගුණාංගවලින් මෙන්ම ඒවා රැකෙන්න ඕනෑ. සංවිධාන ප‍්‍රතිපත්ති රැකෙන්න ඕනෑ. අපිට ඕනෑම අභියෝගයක් ජය ගත හැක්කේ එවිටයි. සතුරන් පරදන්න හැකි වුණේ සංවිධාන ශක්තියෙනුයි. එයත් අපට රෝහණ විජේවීර සහෝදරයා දුන් ආදර්ශයක්.
35වන ඉල්මහ සමරුවේදී ඉතිහාසයේ පළමුවැනි වතාවට සතුටු සිතින්, යමක් දිනපු මිනිසුන් හැටියට ඉල්මහ සමරුවට එකතු වෙන්න හැකිවෙලා තිබෙනවා. මේ ජයග‍්‍රාහී සතුට සැබෑ සතුටක් කර ගන්න නම්, ආරම්භ කළ කාර්යය දිනවන්න ඕනෑ. සතුරන්ට අවස්ථාවක් නොදී ගොඩනඟන්න ඕනෑ. ජනතාවගේ සතුරා අතට බලයට පත්වීමට ඉඩකඩ නොතබා ජනතාවගේ සහයෝගයෙන් මේ පාලනය ඉස්සරහට ගෙන යන්න ඕනෑ. ජනතාවට පොරොන්දු වුණු ”පොහොසත් රටත් ලස්සන ජීවිතයත්” ලබා දෙන්න ඕනෑ. යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් ජනතාවට ලබා දෙන්න ඕනෑ. එය නිර්මාණය කිරීමට අවශ්‍ය බලය අපි ලබාගෙන තිබෙනවා. ඒ බලය තුළ වඩාත් විචක්ෂණශීලී මිනිසුන් හාටියට වඩාත් නම්‍යශීලී මිනිසුන් හැටියට මානවවාදී ගුණාංග හිතේ දරා ගත් මිනිසුන් හැටියට මේ ගමන සාමූහිකව ගමන් කළොත් මේ ගමන යා හැකිව තිබෙනවා.
අපි මොන කාර්යය කළත් තනතුරු නොලැබුණත් කොතන සිටියත් වගකීම පොදුයි; වගකීම එකයි. ඒ තමයි මේ ලද අවස්ථාව පාවිච්චි කරලා අලූත් සමාජයක් හදන එක. 1965 සිට අපේ සහෝදරවරුන් ඒ අලූත් රට නිර්මාණය කරන්න අපි හැමදොම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන, විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණවලට ගොදුරු නොවී, ඉදිරියට යා යුතුව තිබෙනවා. සතුරා කුමන අවලාද නැගුවත් නිවැරදි දිශානතියට ගමන් කිරීමට අපට හැකි වී තිබෙනවා. සියලූ බලවේග එකතු කරගනිමින් බලයක් නිර්මාණය කර ගනිමින් සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක් ගොඩනඟන්න පටන් ගෙන තිබෙනවා. ඉල්මහේ විරුවන්ට කළ හැකි එකම උපහාරය ඔවුන් පැතූ ලෝකය අපේ දෑතින් ඉදිකිරීම කියලා අපි අදත් කියනවා. මේ වෙනුවෙන් දිවිපිදූ සහෝදරවරු, ඒ වගේම කැපවුණු සහෝදරවරු බොහොමයක් ඉන්නවා. ඒ සියලූ දෙනා කැපවුණු, කළ කිසිවක් අපතේ ගිහින් නැහැ. අපේ සහෝදරවරු දිවි පුදා නිර්මාණය කරපු ව්‍යාපාරයේ අරමුණු අත්හැරියේ නැහැ; පාවා දුන්නේ නැහැ, දුෂ්කරතා මධ්‍යයේ අරමුණු ජයග‍්‍රහණය කරවීමේ දැවැන්ත කඩඉමකට එන්න හැකියාව ලැබී තිබෙනවා. දිවිපුදන අවස්ථාවේදී ඔවුන් ප‍්‍රාර්ථනා කළ ලෝකය ගොඩනැගෙන්න පටන් ගෙන තිබෙනවා. අපි අපේ පරම්පරාවේදී එම සමාජය ගොඩනැගීම අවසන් කරන බවට සපථ කරනවා.
(-රට හදන අපි එකට මාලිමාවට – කොළඹ දිස්ත්‍රික් විජයග්‍රාහී ජනරැලිය-) අද මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩවල අවසන් දිනයයි. මේක දිනන්නම ඕන ඡන්දයක්. මේ දිනන මැතිවරණය අනෙක් අයට ඇඬෙන්න දිනන්න ඕන. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ සිදුවුණේ සාමාන්‍ය දේශපාලන බරපෙරළියක් නොවෙයි. දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් පොදු ජනතාව අතට බලය හුවමාරු වීම සිදුවුණා. එයාලා හැමදාම කල්පනා කළේ […]
(-රට හදන අපි එකට මාලිමාවට – කොළඹ දිස්ත්‍රික් විජයග්‍රාහී ජනරැලිය-)
අද මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩවල අවසන් දිනයයි. මේක දිනන්නම ඕන ඡන්දයක්. මේ දිනන මැතිවරණය අනෙක් අයට ඇඬෙන්න දිනන්න ඕන. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ සිදුවුණේ සාමාන්‍ය දේශපාලන බරපෙරළියක් නොවෙයි. දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් පොදු ජනතාව අතට බලය හුවමාරු වීම සිදුවුණා. එයාලා හැමදාම කල්පනා කළේ ඒ පවුල් අතරම බලය රඳවා ගැනීමටයි. පහුගිය ජනාධිපතිවරණයදීත් එයාලා හිතුවේ එයාලගේ පවුලේ කාට හරි බලය යයි කියලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එම කණ්ඩායම් දිහා බැලුවිට ඒක පේනවා. එක් කෙනෙක් ජනාධිපති මාමාගේ බෑනා, තව කෙනෙක්ගෙ තාත්තයි බාප්පයි ජනාධිපති පුතා ජනාධිපති වෙන්න උත්සාහ කළා. තව කෙනෙක්ගේ තාත්තා ජනාධිපති පුතා ජනාධිපති වෙන්න බැලූවා. නමුත් සිද්ධ වුණේ පළමු වතාවට දූෂිත ප්‍රභූ තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට බලය මාරුවෙන එකයි.
එයාලා එයාලගේ ජීවිත කාලේ ඇතුළත මෙවැනි බල හුවමාරුවක් වේ යැයි හිතුවේ නැහැ. ඒ අයගේ පවුල් අතේ බලය කේන්ද්‍ර කරගෙන ඉන්න පුළුවන් කියලා තමයි ඒ අය හිතුවේ. ඒ නිසා මේ ඡන්ද ප්‍රතිඵලය ඒ අය මානසික ආතතියකට පත් කරල තිබෙනවා.
එයාල දැන් කියන කතා හොඳ සිහියෙන් කියන කතා බව පේන්න නැහැ. ඔවුන්ට පරාජය දරා ගන්නත් බැරි තත්වයක් උදාවෙලා. ඒනිසා මොවුන් කියනවා සති තුනෙන් මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා. ඒ සියල්ලම දුකට කියන කතා. මේ දේශපාලන පරිවර්තනය අපි දශක ගානක් බලාගෙන හිටියා. ඒ නිසාම රට ගොඩනැගීමකින් තොරව මේ ගමන ආපස්සට හරවන්න ඉඩ දෙන්නේ නෑ.
අද උතුරේ ජනතාවත් විශාල බලාපොරොත්තුවක් තබාගෙන අප දිහා බලාගෙන සිටිනවා. උතුර, දකුණ නැගෙනහිර, බටහිර මෙන්ම සියලු ආගම් නියෝජනය කරන ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අද වන විට ගොඩනැගී තිබෙනවා. එනිසා මේ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අප බලාපොරොත්තු වෙනවා.
දකුණේ දේශපාලන කඳවුරු උතුරට එරෙහිවත් උතුරේ දේශපාලන කඳවුරු දකුණට එරෙහිවත් අපේ රටේ දේශපාලන කඳවුරු බෙදී තිබුණා. රටේ දේශපාලනය බෙදී තිබුණේ එකිනෙකා කෙරෙහි කෝපය, වෛරය, අවිශ්වාසය, සැකය ව්‍යාප්ත කිරීමටයි. නමුත් රටේ ඕනෑම පුරවැසියෙකුට සමගියෙන් දේශපාලනය කිරීමට හැකි දේශපාලන ව්‍යාපාරයක් අද නිර්මාණය වී තිබෙනවා. විවිධ ආකාරයෙන් බෙදී තිබුණු රට, විවිධාකාරයෙන් සැකයෙන් බැලු රට, එක්සත්ව එක්සිත්ව ජාතික ජන බලවේගය කෙරෙහි අපේක්ෂාවකින් බලාගෙනන සිටිනවා. අපේ පාලනය ශක්තිය රඳා පවතින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය මතයි.
අපේ රටේ දේශපාලන බලය කේන්ද්‍ර ගණනාවකට ව්‍යූහගත වී තිබෙනවා. පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රදේශීය සභාවට දේශපාලන ව්‍යූහය බෙදී ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නොවැම්බර් 14 වැනිදායි. ඉතිරි සෑම ව්‍යූහයකම දේශපාලන බලය අත්පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් සමීප දේශපාලන නායකත්වයක් සැපයීමට කටයුතු කරනවා. පැරණි දිශාවට දේශපාලනයේ ගමන් කරන්නට අවශ්‍ය නම් සමීප දේශපාලනයක් අවශ්‍ය නැහැ. රට සුබදායි දිශාවකට පරිවර්තනය කරන්න නම් සමීප දේශපාලනයක් අවශ්‍යයයි. නීතියේ විධානයේ ආධිපත්‍ය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට සමීප දේශපාලනයක් අවශ්‍යයයි. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.
විනාශකාරී අත්දැකීම්වලින් පිරී තිබෙන රාජ්‍යයක්, එයින් මුදා ගැනීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් තහවුරු කළ යුතුයි. ඒ සඳහා ජනතාවට මේ නොවැම්බර් 14දාට අවස්ථාව ලැබෙනවා. එහෙම කියනකොට හිටපු ජානාධිපතිවරයා කියනවා පුරුදු අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. අපි එතුමාට අභියෝග කරනවා එතුමට ඉන්න පුරුදුකාරයෝ දහ දෙනෙක්ගේ නම් කියන්න කියලා. එහෙම කියනවනම් අපි ඒ අය පුරුදු මොනවටද කියලා කියනවා. අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් උනාට දේශපාලනයට අලුත් නෑ. මේ අය තමන්ගේ ජීවිතයම කැප කරලා තිබෙන්නේ දේශපාලනයටයි. මේ රටේ සුගතිය වෙනුවෙන් ඒ අය කටයුතු කරලා තිබෙනවා. ඉඳ හිට හරි විපක්ෂයෙන් කට්ටිය එවනවා නම් අලුත් අය එවන්න. මොකද ඒ අයට අපි පාර්ලිමේන්තුවේ අලුත් පුරුදු කියලා දෙන්නම්.
මේ රට අලූත් දිශාවකට පරිවර්තනය කරන්න, මේ පාර්ලිමේන්තුව ක්ලීන් කරන්න ඕන. අපරාධකාරයෝ හිටිය පාර්ලිමේන්තුවක්, මිරිස් කුඩු කාරයෝ හිටපු පාර්ලිමේන්තුවක්, වංචනිකයෝ හිටපු පාර්ලිමේන්තුවක්, මුදලට විකිණෙන පාර්ලිමේන්තුවක්, දරුවන්ට බලන්න බැරි පාර්ලිමේන්තුවක්. මේ වගේ පාර්ලිමේන්තුවක් රටකට ඕනද? මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන නැද්ද?
අපි හදන කැබිනට් එක ඇමතිවරු විසිපහට අඩුයි. ඊට අනුරූපී නියෝජ්‍ය ඇමතිකම් පමණයි. ක්‍රමානුකූලව මේ රට අලූත් පරිවර්තනයකට යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රට දේශපාලනයේ ප්‍රමිතිගත කිරීම සිදුකරනවා. මීට පෙර පාලකයින් රිසි රිසි සේ රට පාලනය කළා. වාහන ආනයනය නතර කර තිබියදීත් ඔවුන්ට වාහන ගෙන්වන්න පුළුවන්. වාහන ලියාපදිංචි නොකර මාර්ගය ධාවනය කරන්න පුළුවන්. නුවරඑළියේ ජනාධිපති මන්දිරයට අයත් ඉඩමේ කාබනික එළවළු වගා කරලා වාහන දාලා කොළඹට ගෙනත් ජනාධිපතිට වෙනම පරිභෝජනය කරන්න පුළුවන්. එතකොට කොහෙද දේශපාලනයට ප්‍රමිතියක්. ඒ නිසා දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. පැරදිලා යනකොට වාහන තිහ හතළිහ අරගෙන යනවා. ආරක්ෂාවට 200ක් 300ක් අරගෙන යනවා. පැය විසි හතරෙම තමන්ගේ ගෙදර මිදුලේ ගිලන් රථයක් නවත්තගෙන ඉන්නවා. හමුදා රෝහලට ලියාපදිංචි වෙලා විටමින් වර්ග ගණනාවක් අරගෙන තිබෙන බව ළඟදි හෙළිදරව් වී තිබෙනවා. එම විටමින් වර්ග ප්‍රමාණය බීල නෙමෙයි තියෙන්නේ කාලා. ජනාධිපති ධූරය කියන්නේ තමන්ට ඔරොත්තු දෙන ලෝගුවක් නොවෙයි කියලා ඒ අය පෙන්වලා තිබෙනවා. මේ කැත පන්නයේ දේශපාල සංස්කෘතිය අපි වෙනස් කරනවා. අපේ රටට නව ප්‍රමිතිගත දේශපාලනයක් අප හඳුන්වා දෙනවා.
අපි බලය ගන්නකොට ලැබුණු ආණ්ඩුව ආර්ථිකය වශයෙන් හීන් නූලකින් එල්ලී තිබුණේ. කුඩා හෝ වැරදි දෙයක් සිදුවුණොත් කඩා වැටෙනවා. ඒ නිසා අපේ පළමු අභියෝගය බවට පත්වුණේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති නොකර ආර්ථික දේහය සමනය කිරීමටයි. ආර්ථිකය යම් සමනයක් අත්පත් කරගන්නේ නැතුව මහා ජයග්‍රහණයකට හරවන්න බැහැ. අපි එම අභියෝගය ජය ගනිමින් තිබෙනවා. ඕනෑම අලූත් ආණ්ඩුවක් පැමිණි විට යම් දෙදරීමක් ඇතිවෙනවා. 2015දී නව ආණ්ඩුවක් බලයට පත්වූ විට කොටස් වෙළඳපල බින්දුවටම කඩා වැටුණා. නමුත් ඊටත් පහළ ආර්ථිකයක් තමයි අපට ලැබුණේ. අපි නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගත්තා. අපි ණය ප්‍රතිව්‍යූහගත කිරීම ආරම්භ කරලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. ලංකාවේ ආර්ථිකයේ ශ්‍රේණිය ඉහළ තලයකට ගෙනයෑමට කටයුතු කරමින් තිබෙනවා. ආර්ථිකය පිළිබඳ ස්ථාවරභාවයක් ඇති නොකර රටක් ලෙස ඉදිරියට ගෙන යන්න බැහැ. ආයෝජකයෝ, කර්මාන්තකරුවන් සැකෙන් ඉන්නවනම් ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ.
එතෙක් ජනතාව බලා ගැනීමේ පියවර ගණනාවක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් මේ වන විටත් ලබා දෙනවා. පෙබරවාරි අග වෙනකොට නව අයවැයක් ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එතෙක් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වනතෙක් කෘෂිකර්මාන්තය පණ ගැන්වීමට කටයුතු කර තිබෙනවා. පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. ධීවරයන් සඳහා ඉන්ධන සහරාධාරයක් ලබා දුන්නා. රාජ්‍ය සේවකයන්ට මීළඟ අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. වෘත්තියවේදීන්ට විශාල බරක්ව පවතින උපයන විට බද්ද අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා.
අපේ රටේ රාජ්‍ය පාලනයේදී, රාජ්‍ය සේවයේදී අප සිටින්නේ ලෝකය සමග බැලු විට ඉතා පිටුපසින්. බදාදට රාජ්‍ය සේවාවන්වල පෝලිම් වැඩිවෙන, තවමත් ලිය කියවිලි සහ ලිපිගොනු, අල්මාරි පවත්වාගෙන යන රාජ්‍ය සේවාවක් තිබෙන්නේ. පුරවැසියාට ගෙදර සිට තමන්ගේ අයදුම්පත යොමු කරමින් සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය අප ඩිජිටල් කරනය තුළින් ඇති කරනවා. ඒ සඳහා ඩිජිටල් ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙක් අප සමග ස්වේච්ඡාවෙන් එකතු වී සිටිනවා. රාජ්‍ය ආයතනවලට පත් කරපු සභාපතිවරු ගණනාවක් වැටුප් නොලබා අප සමග වැඩ කරනවා. එයාර් ලංකා එකේ සභාපතිවරයා වැටුපක් ගන්නේ නැහැ. නමුත් හිටපු එයාර් ලංකා එකේ සභාපතිවරයා තමන් එනකම් ගුවන් යානාත් නවත්තගෙන හිටියා.
අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. උතුරේ සමහර ප්‍රදේශ මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටත් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ගොදුරු බවට පත්වී තිබෙනවා. කේරල ගංජත් එහෙමමයි. මත්කුඩු විශාල ලෙස පැතිරෙමින් තිබෙනවා. මේ රට කුඩුවලින්, මත්ද්‍රව්‍යවලින් ගලවා ගන්නා බවට අපි සහතිකයක් දෙනවා. අපි දන්නවා අපේ රටේ මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පිටුපස ඉන්නේ දේශපාලකයෝ කියලා. මේක නතර කරලා දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්වෙන එක වළක්වන්න අපි කටයුතු කරනවා. අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා තියෙන්නේ. ඒ නිසා රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩ නැගිය යුතුයි.
පරන්තන් රසායනාගාරය නැවත අරඹනවා. එප්පාවල පොස්පේට් නිධිය භාවිතා කරලා පොහොර නිෂ්පාදනය ආරම්භ කරනවා. ඊට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයට පරන්තන් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ සිමෙන්ති කම්හල ආරම්භරනවා. වාලච්චේන කඩදාසි කම්හල අපි ආරම්භ කරනවා. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය නිස්සාරණය කරනවා. කර්මාන්තවල නව අවධියක් ඇති කරනවා.
අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය විශාල ප්‍රමාණයකින් වැඩිවෙලා තිබෙනවා. අමාරුවෙන් ආහාර වේලක් සපයා ගන්න මිනිස්සු, දුගීභාවය පෙන්නුම් කරන මිනිස්සු, මම හොඳට දැක තිබෙනවා. අපි අවුරුදු 75ක් අසූවක් ජීවත් වෙනවා, මේ අයට හොඳ ආහාර වේලක්, හොඳ සෞඛ්ය සම්පන්න දිවියක්, නිවසක් ලබාදීම, මානසික සුවයක් ලබාදීම, මුහුණේ සිනාවක් සහිත මිනිසුන් බවට පත්කිරීමට අපි කටයුතු කරනවා. දුප්පත්භාවයේ වේදනාව දැකපු මිනිස්සු හැටියට අපි ඒක කරන්නේ නැත්නම් කවුද කරන්නේ? දුප්පත්භාවයේ ඛේදවාචකයෙන් අපි මේ රටේ ජනතාව මුදා ගන්නවා.
මේ රට වෙනස් කිරීමට පරිවර්තනය කිරීමට අප සූදානම් නැත්නම් වෙනස් කරන්න කිසිවෙක් නැහැ. 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට මේ රට වෙනස් කරගන්න අවස්ථාව ලැබුණා. එතුමිය අවුරුදු 11ක් රට පාලනය කළා නමුත් රට වෙනස් කළේ නෑ. ඊළඟ අවස්ථාව ලැබුණේ 2019 වසරේදීයි. එහිදී රට වෙනස් කරන්න තියා ගෝඨාභය රාජපක්ෂටත් වෙනස් වෙන්න විදියක් නැති වුණා. එතුමා වසර දෙකහමාරෙන් ගෙදර ගියා. ඊළඟ අවස්ථාව ලැබුණේ 2024 දී අපිටයි. අපි මේ රට පරිවර්තනය කරන එක ජයග්‍රහණයකින් තොරව අවසන් කරන්නේ නැහැ.