Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා Liu Jianchao අතර හමුවක්…

(-2025.06.17 – China-) චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන ලියූ ජියන්චාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් අතර සාකච්ඡාවක් පවත්වන ලදී. ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු […]

(-2025.06.17 – China-)

Foreign Affairs Department of the Communist Party of China

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන ලියූ ජියන්චාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් අතර සාකච්ඡාවක් පවත්වන ලදී.

ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පලුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් ලියූ ජියන්චාවෝ එහිදී අවධාරණය කළේය.

China visiting JVP team at he Foreign Affairs Department of the Communist Party of China

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද ලියූ ජියන්චාවෝ සඳහන් කර සිටියේය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සඳහන් කර සිටියේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුල ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවය. එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේදී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවත් ඔහු අවධාරණය කළේය.

Tilwin Silva and the JVP team at the headquarters of the Foreign Affairs Department of the Communist Party of China

එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර එළැඹි අවබෝධයන් අනුව කටයුතු කරන බවත් චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට ස්තුති වන්ත වන බවත් ඉදිරියටත් එම සහාය බලාපොරොත්තු වන බවත් මෙහිදී සඳහන් කළේය.

චීන තුළ සිදු කළ මෙම සංචාරයේදී චීනය ගොඩ නැගීමට සභාපති මාඕ සේතුං හිටපු නායකයාගේ සිට ෂී ජින් පිං දක්වා චීනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව සතුටු වන බවත් චීනය තමන්ට ආවේනික ලෙස මාක්ස්වාදය ඉදිරියට ගෙන යමින් තිබීම චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය.

JVP team at the headquarters of the Foreign Affairs Department of the Communist Party of China

මෙම සංචාරයේදී පක්ෂ පාසල් තුළින් සහ ගම්මාන ගොඩ නැගීමට කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් කළ අධ්‍යයන තුළින් ලද අත්දැකීම් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට බෙහෙවින් දායක කර ගත හැකි බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ක⁣ටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි සුන් හැයියාන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ පිරිසක් එක් වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් ඒක්වී සිටිය.

Tilwin Silva and the team at the headquarters of the Foreign Affairs Department of the Communist Party of China
Show More

“ජාතික ජන බලවේග ආණ්ඩුව පත් කර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව තැබූ අපේක්ෂා කිසිදු අයුරකින් බිඳ වැටීමට ඉඩ දෙන්නේ නැහැ ඉදිරියටද සියලුදෙනා එක්ව රට ගොඩනඟමු!” – ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ පවසයි”

(-2025.06.13 – German-) ශ්‍රී ලංකාව වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ පරම චේතනාවෙන් ජාති, ආගම් භේදයකින් තොරව රටේ සියලු ජනතාව එක්ව ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනඟා ගත් බවත්, එදා මේ රටේ ජනතාව තැබු අපේක්ෂා කිසිදු අයුරකින් බිඳ වැටීමට තමා ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ […]

(-2025.06.13 – German-)

ශ්‍රී ලංකාව වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ පරම චේතනාවෙන් ජාති, ආගම් භේදයකින් තොරව රටේ සියලු ජනතාව එක්ව ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනඟා ගත් බවත්, එදා මේ රටේ ජනතාව තැබු අපේක්ෂා කිසිදු අයුරකින් බිඳ වැටීමට තමා ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (13) පස්වරුවේ එක් වෙමිනි. ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ සහ වෘත්තිකයෝ රැසක් මීට සහභාගී වී සිටි අතර, ඔවුහු ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත්හ.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගී ඇති බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක අද පළමු වතාවට ජනතාවගේ වුවමනාව සහ පාලකයාගේ වුවමනාව එකක් බවට පත් වූ ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යමින් රටේත්, ජනතාවගේත් අපේක්ෂා ඉටු කරන බවත් සඳහන් කළේය.

President AKD at Sri Lankans meeting

ප්‍රගතිශීලී යහපත් දේශපාලන කාර්යයක් ඉදිරියට ගෙන යාමේදී, අනෙක් සතුරු කණ්ඩායම් තමන් අතර තිබෙන පස මිතුරුකම් පසෙක ලා එකට එකතු වන බව පැවසු ජනාධිපතිවරයා ඔවුන් එක් වන්නේ රට වෙනුවෙන් නොව තමන්ගේ දූෂණ, වංචා සහ අපරාධ යටපත් කර ගැනීමට බව කිසිවකු අමතක නොකළ යුතු බවද කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දැක් වූ දායකත්වයද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියටද රට ගොඩනැඟීමට තව තවත් අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් සියලුදෙනා එක්වෙමු’යි ඔවුන්ට ආරාධනා කළේය.

Vijitha Herath and President Anura Kumara gifted a book bundle

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මම මීට පෙර අවස්ථා ගණනාවකදී ජර්මනියට පැමිණ මේ අයුරින් ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වුණා. ඒ බොහෝ මුහුණු මගේ මතකයේ තිබෙනවා. ඒ හැම අවස්ථාවකම අපි ඉල්ලා සිටියේ අපෙ රට ගමන් කරමින් තිබු විනාශයෙන් මුදා ගැනීම සඳහා අපි එකතු වෙලා ආණ්ඩුවක් හදමු කියලා. පසුගිය ජනාධිපතිවරණයේදීත්, පසුව එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් රටේ ජනතාව අපිට බලය ලබා දී තිබෙනවා. ඒ බලය ලබා ගැනීමේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ නිසා පළමුවෙන්ම ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා ඔබ ලබා දුන් දායකත්වයට ස්තූතිවන්ත වෙනවා.

අපි අත්පත් කරගත් මෙම ජයග්‍රහණය කුමන ආකාරයේ ජයග්‍රහණයක්ද? අපේ රට දිගු කාලයක් තිස්සේ ගමන් කරමින් තිබු ආර්ථික මාවත, ඉතා විනාශකාරී ලෙස පැවතුණා. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනතාව අපිට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම වංචාවෙන්, දූෂණයෙන් තොර පාලනයක් සහ වංචා සහ දූෂණ සිදු කළ අයට දඩුවම් දීම අවශ්‍යයි යන අපේක්ෂාවෙන් ජනතාව අපිට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම රට තුළ කාටත් එක හා සමානව නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි කියා මතයක් තිබුණා. එපමණක් නොවෙයි දේශපාලනය විසින්ම දිගුකාලයක් අපේ රට බෙදුවා. ඒ නිසා මේ බෙදුණ ජාතිය වෙනුවට ජාතික සමගිය නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් ජනතාව තුළ තිබුණා. මේ අයුරින් පොදුවේ ජනතාව තම පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් නොව, රටේත්, ජනතාවගේත් පොදු අපේක්ෂාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවා. මේ රට, මීට වඩා යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි යන පොදු වුවමනාවෙන් මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනැගුණා.

ලංකාවේ පළමු වතාවට උතුරේ, නැගෙනහිර, කඳුකරයේ සහ දකුණේ ජිවත්වන ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලුදෙනාගේ ආශිර්වාදය සහ කැමැත්ත මත ආණ්ඩුවක් හැදුවා. මීට පෙර සිදු වූයේ ඒ ඒ පළාත් අනුව නායකයන් තෝරා පත් කර ගැනීමයි. එහෙත්, දැන් ඒ සියල්ල අවසන් වෙලා. එපමණක් නොවෙයි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල දෙස බැලූ විට ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත ආණ්ඩුවක් හැදුවා. ජනතාවගේ වැඩකොටසෙන් යම් ප්‍රමාණයක් දැන් අවසන් කර තිබෙනවා. බලය ලබාදීමේ කොටස සම්පුර්ණ කර අවසන්. දැන්, අපිට පාලකයන් ලෙස වගකීමක් තිබෙනවා වගේම, ජනතාව ලෙසත් අපට වගකීමක් තිබෙනවා අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා.

President Anura Kumara Dissanayake surrounded by people

ඔබ දන්නවා අපි ආණ්ඩුව බාර ගන්නා විට අපේ රට නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කොට තිබුණා. ඒ නිසා ණය පැහර හැරිමේ රාජ්‍යයක් ලෙස, ණය ලබා දුන් රාජ්‍යයන් සමග සම්මුතියක් ඇති කර ගැනීමේ අභියෝගය අපට තිබුණා. බංකොලොත් වූ රටකට අලුත් ආර්ථික ගමනක් ගැන සිතන්නවත් බැහැ.‍ ඒ අනුව, පසුගිය වසරේ දෙසැම්බර් 15 වෙනිදා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අපි සාර්ථකව අවසන් කළා. එය ඉතා වැදගත් ආර්ථික හැරවුමක් වෙනවා. එය නොවන්න අද අපේ රටේ ආර්ථිකයේ අනාගතය ගැන සිතන්නවත් පුළුවන්කමක් නැහැ.

ඉන් පසුව අපිට තිබූ අභියෝගය වූයේ අතරමඟ නැවතී තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමයි. ඒ වන විට කඩවත – මීරිගම අධිවේගි මාර්ගයේ වැඩ නතර වී තිබුණා. ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ ඉදිකිරීම ඇණ හිට තිබුණා. ඒ අයුරින් චීන රජයෙන් ආරම්භ කළ ව්‍යාපෘති 11ක් නතර වී තිබුණා. චීනයේ සිදු කළ සංචාරයේදී චීන ජනාධිපතිවරයා අතුළු ප්‍රධානීන් සමඟ මේ පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ අනුව නතර වුණු ව්‍යාපෘති වශාල ප්‍රමාණයක් නැවත ආරම්භ කිරීමට අපිට හැකි වුණා වගේම නව ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමටත් එකඟතාව පළකර තිබෙනවා. එක තැනක නතර වුණු රටක් නැවත දුවන්න පටන් අරන් තිබෙනවා. එදා ආයෝජකයින් අපේ රට දිහා හැරිලාවත් බැලුවේ නැහැ. එහෙත්, අද එම ව්‍යාපෘති නැවත පටන් අරන් තිබෙනවා. එය වැදගත් හැරවුමක් වෙනවා.

ඒ වගේම, අපිට තිබූ තවත් අභියෝගයක් වූයේ ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමයි. අපි කවුරුත් දන්නවා මේ සියවසේ ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලාව විතැන්වී ජීවත් වෙන්න බැහැ. ලෝකය වෙළෙඳපොළ තාක්ෂණික, ආර්ථික වශයෙන් එකට ගැට ගැසී තිබෙනවා.

President Anura Kumara Dissanayake addressing the Sri Lankan community

ඒ නිසා ලෝකයේ රාජ්‍යන් සමඟ ශක්තිමත් හා ස්ථාවර විදෙස් සබඳතා ගොඩනඟා ගත යුතුයි. අපි එහිදී විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. අපේ ආණ්ඩුව හදලා ඉතා කෙටි කලක් තුළ අපේ අසල්වැසි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවට පැමිණියා. ඒ වගේම, චීනය සමග අපි සබඳතා ශක්තිමත් කර ගත්තා.

ඒ වගේම, අනෙකුත් රාජ්‍ය සමඟද අපි සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටිනවා. අපි මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම්, රටට සහ ජනතාවට හිතකර යහපත් විදෙස් සබඳතා අවශ්‍යයි. ඒ වගේම, රාජ්‍ය ආදායම් උපයා ගැනීම අවශ්‍යයි. මුළු ලෝකයේම අඩුම රාජ්‍ය ආදායම ලැබූ රට බවට 2022 අපේ රට පත් වුණා. අපේ ආදායම ජාතික නිෂ්පාදනයෙන් 7%කට ආසන්න ප්‍රමාණයකට අඩු වුණා.

මේ වසරේ අපේ ආදායම ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 15.1%ක් දක්වා වර්ධනය කර ගැනීමේ අභියෝගය අපි භාරගෙන තිබෙනවා. එය 2022 වසරට වඩා දෙගුණයක ආදායමක්. භාණ්ඩාගාරයට ධනය උපයා ගන්නේ නැතිව ආයෝජනය කිරීමට, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සහ ජනතාව අවශ්‍ය සේවාවන් සැපයීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා වැදගත් ආදායම් ඉලක්ක සැලසුම් කළා. රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයන් 03ක් පවතිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව. අපි මාසිකව එම සෑම ආයතනයකටම ඉලක්ක ලබා දී තිබෙනවා. එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේදී අපිට සතුටු විය හැකි තත්වයක් තිබෙනවා.

Meeting with Sri Lankans abroad front raw

ඒ වගේම, අපේ රටේ බදු පිළිබඳ ගැටලුවක් මතුව තිබුණා. උපයන විට බද්ද විශාල ලෙස ඉහළ ගොස් තිබුණා. ආසන්න වශයෙන් ගත්විට ලක්ෂයක් ආදයම් ගන්න අයගේ බද්ද 100% නිදහස් වූ අතර ලක්ෂ එක හමාරක ආදායම් ගන්න අයගේ බද්ද 72%කින් නිදහස් වුණා. මේ ආදී වශයෙන් අපි විශාල බදු නිදහසක් සාමාන්‍ය පුරවැසියන්ට ලබා දුන්නා. එහෙත් එකතු කළ අගය මත බද්ද තවමත් ඉහළ අගයක පවතිනවා. අපේ ඉලක්කයක් තිබෙනවා අපේ කාලය ඇතුළත, මේ 18%ක් වන වැට් බද්ද අඩු කිරීමට. ඒ නිසා අපි බදු ජාලය වර්ධනය කරනවා. ඒ සඳහා අපි උපරිම ලෙස ඩිජිටල්කරණය අතුළත් කරනවා. ඒ අනුව මෙම බදු නිසි ලෙස එකතු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා. ඒ වගේම ක්‍රමානුකූලව නෝට්ටු ගනුදෙනුව ඉවත් කර මෘදුකාංග පද්ධති හරහා ගනුදෙනු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. එවිට විනිවිදභාවයෙන් එම ගනුදෙනු සිදු කළ හැකියි. ඒ වගේම බදු පැහැර හරින අයගෙන් බදු අය කර ගැනීමේ යාන්ත්‍රණය අපි විධිමත් කර තිබෙනවා.

ඒ වගේම, අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතාමත් දුබල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක්. ඒ නිසා, මේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය සේවයට දැනුම සහ දක්ෂතා තිබෙන අය එක් කර ගත යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයට දක්ෂ, හැකියාව තිබෙන අය උකහා ගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් අපි වැටුප් වැඩි කිරීම් සිදු කළා. ඕනෑම රටක් සංවර්ධනය කිරිමේදී රාජ්‍ය සේවයට විශාල කාර්යයක් තිබෙනවා. මෙරට බිඳ වැටී තිබෙන රාජ්‍ය සේවය යළි ප්‍රතිෂ්ඨාපනය කර ගොඩනැඟීමට අපි කටයුතු කර තිබෙනවා.

ඒ වගේම, රාජ්‍ය සේවයට 30,000ක් අලුතින් බඳවා ගැනීමට අපි අනුමැතිය ලබා දී තිබෙනවා. ඉතා විධිමත් අයුරින් අවශ්‍යතාව අනුව එම බඳවා ගැනීම් සිදු කරනවා. අද හිතුමතේ කිසිදු රාජ්‍ය ආයතනයකට සේවකයන් බඳවා ගන්න බැහැ. ඒ සඳහා අපි කමිටුවක් පත් කර තිබෙනවා. දේශපාලන අවශ්‍යතාව මත අද එම බඳවා ගැනීම් සිදු කරන්නේ නැහැ. මේ රාජ්‍යය, මේ විදියටම ඉදිරියට අරගෙන ගිහින් අපේ කාලය අවසන් වූ විට අපිට බැහැලා යන්න පුළුවන්. එසේ නොමැතිව අපි තිර අදිටනින් යුතුව රාජ්‍ය සේවය ශුද්ධ කිරීම කළ යුතුයි. අපි එම අභියෝගය භාර ගෙන තිබෙනවා.

Vijitha Herath at Germany

පොලිස් දෙපාර්තමේන්තුව අපේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වැදගත් ආයතනයක්. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ කල්ලිවල ස්වභාවයක් ගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පළමු වතාවට පොලිස්පතිවරයා පොලිසියට බයේ සැඟවී සිටියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි නොවන්න තවමත් පොලිස්පති ඔහුයි. අපි අලුත් පොලිස් නිලධාරීන් බඳවා ගන්නවා. ඔවුන්ට සුදුසු වැටුප් තල ලබා දෙනවා. ඒ වගේම නීතිවිරෝධි ක්‍රියාවන්හි නිරතවන්නන්ට දඬුවම් ලබා දෙන්නත් අපි ලෑස්තියි. මොකද අපේ රටේ මහජනතාවගේ විශ්වාසය දිනා ගත් පොලිස් දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කළ යුතුයි.

ඊළඟ වැදගත් ආයතනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවයි. රටේ සීමා මායිම් ආරක්ෂා කිරීමේ තර්ජනයේදී අපට එය ඉතා වැදගත් ආයතනයක්. කවුද අපේ රටට ඇතුළු වෙන්නේ වගේම කාටද ඉඩ දෙන්නේ කියන එක රටකට වැදගත්. හැබැයි, පසුගිය දා වුණේ මොකක්ද? ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පාතාල නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. පාතාල නායකයා ඉන්නේ විදෙස් ගත වෙලා. පාස්පෝර්ට් එකක් ගන්න විට, ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න ඕනේ. හිමිකරු ඇවිත් ඇඟිලි සලකුණු ලබා දිය යුතුයි. එක් පාතාල නායකයකු වෙනුවෙන් පාස්පෝට් 3ක් හදලා දීලා තියෙනවා. හැබැයි, ඇඟිලි සලකුණු දීලා තියෙන්නේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොත් විකුණන වෙළෙන්දෙක්. ඔහු අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ තරමට මේ දෙපාර්ත්මේන්තුව කඩා වැටී තිබෙනවා. ඊළඟට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. පාන්දර ආව තොරතුරකට අනුව උදේ ගිහින් බලන විට අදාළ නිලධාරියාගේ කබඩ් එකේ තියෙනවා ලක්ෂ හතළිහකට වඩා මුදලක්. එකතු කර ගත් ටික බෙදා ගන්න. තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා.

මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අපි මාරු කළා. එවිට අපට මාතර බන්ධනාගාරයෙන් හසු වුණා මාංචු හතක්. ඒ කියන්නේ මාංචු සිරකරුවන් ළඟ. මාංචුවල යතුරු 27ක් අහු වුණා. ෆෝන්, චාර්ජර්ස්, අයි පෑඩ්. මේ රට තිබෙන්නේ මෙතැනයි. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ට සමාව දෙන්නත් පටන් අරන්. මම මේ කියන්න හදන්නේ මේක තමයි අපේ රට තිබුණු තැන. මේවා වැදගත් ආයතන. රේගුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යන මේවා රටක කොඳු නාරටිය. රටක පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධක. ඒ සියල්ල බිඳ වැටිලා තිබෙන්නේ. මේ සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අත දෙනවා. අපේ දරුවන්ට හොඳ වගකීම් සහිත නිලධාරීන්, ආයතන අවශ්‍යයි. එසේ නොමැතිව රට පුරා පොඩි පොඩි අධිරාජ්‍ය හදන්න දෙන්න බැහැ. මේ අධිරාජ්‍ය සියල්ල බිඳිනවා. එක රාජ්‍යයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එතැනට ගෙන යාම අපේ ඉලක්කයක්. ඒක අපි කරමින් ඉන්නේ.

දේශපාලන අධිකාරිය ලෙස අපිට අපේ අවංකභාවය ගැන සතුටු විය හැකියි. මහජන මුදල් ශතයක්වත් සොරකම් කරන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ. අපි ඒ ආදර්ශය ලබාදී තිබෙනවා. එය ප්‍රමාණවත් නෑ. රාජ්‍ය සේවයත් එතැනට පැමිණිය යුතුයි. අපි ඔවුන්ට නිරන්තරයෙන් ආරාධනා කර තිබෙනවා එතැනට එන්න කියලා. ඒ වගේම මේ රටේ ජනතාව යුක්තිය පිළිබඳ පිපාසයකින් ඉන්නවා. අපරාධවලට දඬුවම් දීමේ බලයක් දේශපාලන අධිකාරියට නෑ. අණපනත් විසින් ඒ බලය ලබාදී තිබෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට. අපරාධයක්, වංචාවක් පිළිබඳව පරීක්ෂණ කිරීමට.

Meeting with Sri Lankans abroad Berlin

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පනත්වලින් බලය ලබා දී තිබෙනවා. තව නීති මදි නම් තව හදනවා. පාර්ලිමේන්තුවට ඒ බලය තිබෙනවා. අප්‍රේල් මාසයේ 08 වෙනි දා නීති විරෝධීව උපයාගෙන තිබෙන දේපළ අත්පත් කර ගැනීම සඳහා අපි පනතක් සම්මත කළා. ඒ නීතිවලට අනුව ආයතන අපි පිහිටුවා දෙන්නම්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තිබුණේ කුඩා කාර්යාලයක. අපේ ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ. එයින් ගෙයක් ලබා දුන්නා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට. ඉස්සර ගෙවල්වල ඇමති හිටියේ. දැන් ඇමති ගැන හොයන අය ඉන්නේ.

ඔවුන්ට ඉතාමත් ආකර්ෂණීය වැටුපක් ලබා දෙන්න අපි තීරණය කළා. ඔවුන්ට අවශ්‍ය වාහන, පහසුකම් අපි ලබා දෙනවා. ආණ්ඩුවට තිබෙන වැඩේ එයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපේ සහාය ලබා දී තිබෙනවා. පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ගේ නීතියේ සහාය සඳහා විමර්ශන නිලධාරීන් ඉන්නවා වගේම නීතිඥවරු බඳවා ගැනීම පිළිබඳව අප සොයමින් ඉන්නවා.

ඊළඟට මේ ආයතන විමර්ශනය කළ යුතුයි. අනතුරුව, මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. දැනට විශාල ප්‍රමාණයක් එය සිදු කර තිබෙනවා. හැබැයි, එය ප්‍රමාණවත් නැහැ. ඉන්පසු විය යුත්තේ එම කරුණු මත මහාධිකරණය අධිචෝදනා ගොනු කර නඩුවක් දාන එකයි. එය තමයි අවසන් පියවර. ඉන්පසු නඩු විභාග කර දඬුවම් දීමේ බලය තියෙන්නේ අධිකරණයට.

පසුගිය කාලයේ සිදු වූ ඝාතන පිළිබඳ විමර්ශන අවසන් කළ ඒවා තිබෙනවා. ඒවාට ඉතා ඉක්මනින්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනාපත්‍ර ලබා දෙනවා. ඊට පසු කාර්යය තිබෙන්නේ අධිකරණයේ. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ නීතිඥයින් අධිකරණයේදී කරුණු කියයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නීතිඥවරු කරුණු කියයි. අධිකරණය තීරණයක් ගනියි.

President Anura Kumara Dissanayake and Vijitha Herath at Germany

එක නඩුවකදී විනිසුරුතුමා කියනවා, පසුගිය කාලේ අපේ රටේ ආර්ථිකය බිඳ වැටීම නිසා ජනතාව සහ රට විශාල දුෂ්කරතාවකට පත් වුණා. ඊට හේතුව තමයි මේ වංචා, දූෂණ හා නාස්තිය. ඒ නිසා ළිහිල් දඬුවමක් නොවෙයි උපරිම දඬුවම ලබා දිය යුතුයි කියලා. තවත් නඩුවකදී විනිසුරුතුමා අහනවා, මේ නඩුව දාන්න අවුරුදු 10ක් ප්‍රමාද වුණේ ඇයි කියලා. අල්ලස් කොමිසමේ නීතිඥවරු පිළිතුරු දෙනවා අවුරුදු 10ම ඔවුන් බලයේ හිටපු නිසා කියලා.

මේවායින් පෙන්නුම් කරන්නේ මේ සෑම ආයතනයක්ම සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ වගකීමට වගවෙන්න පටන් අරන් තිබෙන බවයි. ඒ නිසා, මම හිතනවා මේ රටේ පුරවැසියන් අපේක්ෂා කරන ලද කාර්යය අපි ඉටු කරමින් සිටිනවා.

ජාතික සමගිය පිළිබඳව අවධානය යොමු කරනවා නම් ලංකාවේ පළමු වතාවට උතුරේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබීම වැදගත් සන්ධිස්ථානයක්. පරාජිතයන්ගේ අභිප්‍රාය වී තිබෙන්නේ පැරණි ජාතිවාදී දේශපාලනය ලංකාවේ යළි මතු කිරීමයි. මම ජර්මනියට එන්නේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවීමට බව කියනවා දැක්කා. ඒ දේශපාලනයට නැවත ඉඩ දෙන්න බැහැ. ලංකාවේ යළි ජාතිවාදය මත දේශපාලනය කරන්න කිසිවෙක් උත්සාහ කරනවා නම් තිබෙන නීති ප්‍රමාණවත් නැතිනම් අලුත් නීති හදලා හරි, ජාතිවාදයට හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ.

මොකද? අපි ජාතිවාදය නිසා විශාල ව්‍යසනයකට මුහුණ දුන් රටක්. අවුරුදු 30කට ආසන්න යුද්ධයෙන් උතුරේ සහ දකුණේ මිනිස්සු මිය ගියා. පොළොව තෙත් වෙන තරමට ලේ හැළුණා. අපේ රට ආපස්සට හැරුණා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි. බලය ලබා ගන්නත්, බලය ආරක්ෂා කර ගන්නත් ජාතිවාදය උපයෝගී කර ගත් නිසා. ඒ නිසා, ජාතිවාදී දේශපාලනයට නැවත ඉඩක් දෙන්නේ නෑ. ජාතික සමගිය ආරක්ෂා කරන්නත්, ශක්තිමත් කිරීමටත් කටයුතු කරනවා.

Meeting with Sri Lankans abroad at Berlin

අපට අවශ්‍ය එක රටක්. එක ශ්‍රී ලාංකික ජාතියක්. භාෂාව, ආගම සහ සංස්කෘතීන්ට අනුව වෙනස්කම්වලට භාජනය නොවන රටක්. යළි බෙදීමේ දේශපාලනය අවසන් කර, ශ්‍රී ලාංකික ජාතිය අප ගොඩනැඟිය යුතුයි. එය විශාල මෙන්ම අභියෝගාත්මක ව්‍යායාමයක්. මෙය පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. මීට එරෙහිව සතුරු කඳවුරුවල සිටි ප්‍රතිගාමීන් එකතු වෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රාදේශීය සභා ආයතන 267ක් අපි ජයග්‍රහණය කළා. ඉන් 152ක අනෙක් සියල්ල එකතු කළත් අපේ සංඛ්‍යාව වැඩියි. හැබැයි 115ක් අපි දිනලා තිබුණට සුන්බුන් එකතු කළාම අපිට වඩා වැඩියි. ඒවාට තිබෙන්නේ වෙනම දේශපාලන ධාරාවන්. දේශපාලන ධාරාවන් ලෙස ගත්තොත් ඒ පළාතේ ජනතාව අපව තෝරා තිබෙනවා.

හැබැයි, අපිට ඇතැම් ආයතනවල බහුතරය නැහැ. දැන් බලන්න ගොඩනැඟෙන විදිය. කුලියාපිටිය ප්‍රාදේශීය සභාව ගත්තොත් ආසන්න වශයෙන් අපේ මන්ත්‍රීවරු 21ක් හිටියා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06යි. දැන් සභාපති කවුද? පොහොට්ටුවෙන්. ඔවුන්ට සභාපති ධුරය ලබා ගැනීම සඳහා සහාය දෙන්නේ කවුද? ස.ජ.බ, යූ. එන්.පී, පුටුව, මේ ඔක්කොම සහාය දීලා මොකද කරන්නේ? අපට එරෙහිව කඳවුරුක් හදනවා.

මා හිතනවා ලංකාවේ පළමු වතාවට මේ තීව්‍ර දේශපාලන බෙදීම අද ගොඩනැගෙමින් තිබෙනවා. ඉතිහාසයේ බොහෝ රාජ්‍යයන් මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ප්‍රගතිශීලී යහපත් දේශපාලන කාර්යයක් ඉදිරියට ගෙන යන විට, අනෙක් සතුරු කණ්ඩායම් තමන් අතර තිබෙන පසමිතුරුකම් පසෙක ලා එකට එකතු වෙනවා. මාධ්‍ය සාකච්ඡාවක් දකින්න ඇති. ස.ජ.බෙන් තිස්ස අත්තනායක, පොහොට්ටුවෙන් එහි ලේකම්වරයා, යූ. එන්. පියෙන් තලතා ආදී සියලුදෙනා එක කඳවුරකට එනවා. හැබැයි, ඔවුන් මෙතෙක් කාලයක් අපට පෙන්නුවේ මොකක්ද? ඔවුන් කඳවුරු දෙකක් කියලා.

President Anura Kumara Dissanayake with people

එහෙත්, ඇයි අද මේ එකතු වී තිබෙන්නේ? අන් කිසිවක් නිසා නොවෙයි. තමන්ගේ පැරණි දූෂණ, වංචා සහ අපරාධ යටපත් කර ගැනීම සඳහා තමයි, මේ එකතු වී තිබෙන්නේ. ඔවුන් පොහොට්ටුවේද ස.ජ.බෙද අපට අදාළ නෑ. ඔවුන් අපරාධයක්, වංචාවක් කර තිබෙනවා නම් ඒවාට එරෙහි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඒ බව දන්නවා. එහෙනම්, මොකක්ද කරන්න ඕනේ? මේ යන ගමන පරාජයට පත් කිරීම සඳහා පසමිතුරුකම් පසෙක ලා එකතු විය යුතුයි. එසේ නොමැති නම් දේශපාලනිකව ගත්තොත් සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂත් එක්ක එකතු වීම නාමල්ටත් අවාසියි. සජිත්ටත් අවාසියි. දෙන්නටම අවාසියි.

හැබැයි, ඔවුන් හිතනවා දෙන්නා බෙදිලා හිටියොත් කොහොමත් අවාසියි කියලා. ඒ නිසා මොකද කරන්න ඕනේ? අපිට එරෙහිව එකතු විය යුතුයි. තමන්ට දිගුකාලීන ලෙස සිදු වන දේශපාලන හානිය එහිදී සලකන්නේ නැහැ. ඊළඟ ඡන්දේදි කොහොමද ජනාධිපති අපේක්ෂකවරු දෙන්නෙක් එන්නේ? මොකද දැන් එය එක දේශපාලන කඳවුරක්. ඔවුන් ඒක දන්නවා. එය එසේ වුවත් කෙටි කාලීනව, මේ නිශ්චිත මොහොතේදී ඔවුන්ගේ පැවැත්ම හදා ගැනීමට නම් ජාතික ජනබලවේගයට එරෙහිව එකතු විය යුතුයි. එය ඔවුන්ගේ පුද්ගලික පැවැත්ම සඳහා සිදු කරන්නක්.

හැබැයි, මතක තබා ගන්න. මේ කුමක් කළත් ජාතික ජනබලවේගයට ලබා දී තිබෙන ජනවරම අනුව දූෂිතයන්ට, අපරාධකරුවන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණ කිසිවක් අඩපණ වීමට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය තබා ජනතාව අපට ලබාදුන් ජනවරම වගේම, අප කෙරෙහි තබා ඇති බලාපොරොත්තු අපි අනිවාර්යයෙන් ඉටු කරනවා.

President at Meeting with Sri Lankans abroad Berlin

ඒ නිසා, ශ්‍රී ලංකාවේ පළමුවරට අලුත් දේශපාලනයක් ඇති වී තිබෙනවා. මෙතැන් සිටින ඔබට අපේ රට පිළිබඳ අපේක්ෂාවක් තිබෙනවා. මොන වගේ රටක්ද අපට අවශ්‍ය? ඉස්සර ජනතාවට තිබූ අපේක්ෂාවයි, පාලකයාට තිබූ අපේක්ෂාවයි දෙකක්. ජනතාවට එක් වුවමනාවක් තිබුණා. පාලකයාට තව වුවමනාවක් තිබුණා. මම ඔබට සහතිකයක් දෙනවා පළමු වතාවට ඔබේ වුවමනාව සහ අපේ වුවමනාව එකක් බවට පත් වුණ ආණ්ඩුවක් පත් වී තිබෙනවා.

ඔබට දූෂණය නතර කිරීමට අවශ්‍යයි. අපටත් එය අවශ්‍යයි. ඔබට දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම අපටත් එය අවශ්‍යයි. ඔබට නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න ඕනේ. අපටත් එය අවශ්‍යයි. ඔබට අපේ රටේ මීට වඩා හොඳ ආර්ථිකයක් ස්ථාපිත කරන්න අවශ්‍යයි. අපටත් එය අවශ්‍යයි. ඒ කියන්නේ මොකක්ද? ජනතාව සහ පාලකයා දෙපාර්ශ්වයක් නෙවෙයි. ජනතාව සහ පාලකයා එකට ඉන්න පාලනයක් ලංකාවේ ගොඩනැඟී තිබෙනවා.

අපේ රට ගොඩනැඟීම සඳහා තිබෙන අවස්ථාව මෙයයි. ඒ අවස්ථාව උදා කර ගැනීම සඳහා ඔබ විශාල වෙහෙසක් දැරූ බව මා දන්නවා. ඔබේ හඬ සහ කාර්යභාරය නොවන්නට සමහර විට අපට ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැඟීමට හැකි නොවනු ඇති. ඔබ ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. ඉදිරියේදී අපි ඉලක්ක කිහිපයක් හදලා තිබෙනවා. මේ 2025 වසර ලංකාවට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට පත් කරනවා. ඒ වගේම, 2025 වසර ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබන වසර බවට පත් කරනවා. ඉතිහාසයේ ආණ්ඩුවක් ලබා ගත් වැඩිම ආදායමක් ලබපු වසර බවට 2025 වසර පත් කරනවා. ඒ විතරක් නොවෙයි. ඉතිහාසයේ දූෂිතයන් වැඩිම සංඛ්‍යාවකට දඬුවම් ලබා දුන් වසර බවට මේ වසර පත් කරනවා. ඒ සඳහා යහපත් චේතනාවන් සහ බලාපොරොත්තු සහිතව අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අප හැමදෙනාම එක්ව වැඩ කරමු! පෙනී සිටිමු! කියා ඔබට ආරාධනා කරනවා.

Show More

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ජජියාන් පළාතේ පිහිටි පක්ෂ පාසලේ නැරඹීමට එක් වෙති

(-2025.06.12 – China-) චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස ජජියාන් පළාත් ප්‍රධාන පක්ෂ පාසලේ දේශන දෙකකට සම්බන්ධ වී තිබේ. ජජියාන් පක්ෂ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලියූ චිංමින් සහෝදරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා ඇතුළු පිරිස පිළිගත් අතර ඔහු විසින් […]

(-2025.06.12 – China-)

Tilvin Silvagifting a book

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස ජජියාන් පළාත් ප්‍රධාන පක්ෂ පාසලේ දේශන දෙකකට සම්බන්ධ වී තිබේ.

ජජියාන් පක්ෂ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලියූ චිංමින් සහෝදරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා ඇතුළු පිරිස පිළිගත් අතර ඔහු විසින් පක්ෂ පාසල පිළිබඳව පැහැදිලි කරන ලදී.

Lecture at Zhejiang Party School

ජජියාන් පක්ෂ පාසලේ අධ්‍යක්ෂ මෙන්ම දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ මහාචාර්ය ගූ ජින්ෂී (Gu Jinxi) සහෝදරයා විසින් ජජියාන් පළාතේ අත්දැකීම් සහ ක්‍රියාමාර්ග ඇසුරින් රාජ්‍ය ක්‍රියාකාරිත්යේ පරිවර්තනය සිදු කළ ආකාරය පිළිබඳ පැය දෙකක දේශනයක් පවත්වන ලදී.

පක්ෂ පාසලේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ සහායක මහාචාර්ය යූ ෂුන්හොං (Yu Shunhong) සහෝදරයා විසින් මෙම පළාතේ ආර්ථිකය ඉහළ මට්ටමින් විවෘත කිරිම පිළබඳ දේශනය පවත්වන ලදී.

Eranga Gunasekara gifting

මහජන ජීනය මේ දක්වා පැමිණි ගමණේදි මුහුණ දුන් අභියෝග සහ එම අභියෝග ජය ගැනීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ජජියාන් පළාත තවමත් දියුණු වෙමින් පවතින රටක පළාතක් ලෙස දියුණු ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇති ආකාරයත් ඒ් සඳහා පැමිණි ගමනේදී මුහුණදීමට සිදු වූ අභියෝගයන් පිළිබඳවත් එම අභියෝග ජයගත් ආකාරය පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස අවධාරණය කරන ලදී.

මෙම පක්ෂ පාසල 1949දී නිල වශයෙන් ආරම්භ කර ඇති අතර වත්මන් නවීකරණය කරන ලද පක්ෂ පාසල ගොඩනගා ඇතිතේ 2014 වසරේදීය. මේ වනවිට පක්ෂ සාමාජිකයන් ලක්ෂ හතරක් පමණ පිටව ගොස් ඇති බවත් ආචාර්ය උපාධිය දක්වා විෂයන් 07ක් උගන්වන බවත් මෙහිදී අනාවරනය විය. පක්ෂ පාසලේ මූලික අරමුණ පක්ෂ සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීම බවත් පක්ෂයේ දේශපාලන මූලිකාංග ඉගැන්වීම සිදු කරන බවත් ඒහිදී සදහන් විය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන කටයුතු සිදු කරන බවත් ඒහිදී අනාවරණය විය. ජජියාන් පළාතේ පක්ෂ සංවර්ධනය වෙනුවෙන් මෙම පාසල විශාල කාර්ය භාර්යයක් සිදු කරන බවත් මීට පෙර මෙම පක්ෂ පාසල වෙනත් ස්ථාන 4කදී පැවති බවත් එහිදි අනාවරණය කරසිටියේය.

Show More

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ චීනයේ හූජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ නියෝජිතයින් අතර හමුවක්…

(-2025.06.11 – China-) චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිස ඊයේ (10) ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූස ගමේ ප්‍රධානීන් සහ හූ ජෝ […]

(-2025.06.11 – China-)

JVP General Secretary and representatives at Wusa Village

චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිස ඊයේ (10) ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූස ගමේ ප්‍රධානීන් සහ හූ ජෝ නගරයේ උප නගරාධිපති ඇතුළු නියෝජිතයින් සමග සාකච්ඡාවක්ද සිදු කරන ලදී.

විශේෂයෙන් නවීන තාක්ෂණයද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී. එමෙන්ම ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබා දෙන බව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

JVP General Secretary and representatives visiting wet wipes manufacturing factory

වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේදී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිනීත් අනුගමණය කිරීම අනිවාර්ය බවද ගමේ ජනතාව එම පරාමිනීත් නිසි ලෙස අනුගමණය කරමින් වගා කටයුතු කරන බවද එහිදි අනාවරණය විය.

වුස ගම පිළිබඳ කරන ලද මෙම අධ්‍යනයේදී ගමක් ලෙස ඉතා දියුනු සංවර්ධනයක් අත්පත් ඇති බවත් විනය, පිළිවෙල පවත්වාගෙන යාමට සමත් වී ඇති බවත් එය චින කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහනයක් බවත් එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රමීය සංවර්ධනය සඳහා යොදා ගත හැකි බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් ඇතුළු පිරිසක් එක් වී සිටි අතර හූ ජෝ නගරයේ උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදෙශිකයේ උප ගරාධිපතිනිය වන ෂී මින්ලී, වුස ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් සහෝදරයා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

Show More

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාරවරයා අතර හමුවක්

(-2025.06.10 – China-) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදි පැවැත්විණි. ඒ් චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිතරව සිටින අතරතුරය. එම හමුවේදී ශ්‍රී ලංකාව සහ […]

(-2025.06.10 – China-)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.

ඒ් චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිතරව සිටින අතරතුරය.

එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සකචිඡාවට බදුන් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චිනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබාදීය හැකි ඉදිරි දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රට ආර්ථිකය සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරන ලදී. එම ගමනේදී චීනයේ මෙන්ම ජජියාන් පළාතේ සහායද වර්ථමාන චීනය දක්වා පැමිණි ගමනේදී චීන කොමියුනිස්ට් පක්ෂය ලද අත්දැකීම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ප්‍රධාන ලේකම් සඳහන්කර සිටියේය.

මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, නියොජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ් .එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් ඒක්වී සිටි අතර ජජියාන් පළාතේ උප ආණ්‌ඩුකාර ලූ ෂන් , චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ දකුණු ආසියානු කලාපයේ අධක්ෂක ජනරාල් පඅන් ෂියු බින් ඇතුලු ජජියාන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද එක් වී සිටියහ.

JVP General Secretary welcomed at china
JVP General Secretary and the team at China
JVP General Secretary meets Governor of Zhejiang Province, China
JVP General Secretary gifted a book
JVP visitin team China
Show More

“ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ආරම්භ කළ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරකි.”

(-2025.06.06 – Colombo-) මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) ඊයේ (05) තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරකි. එම සෞඛ්‍ය පද්ධතිය […]

(-2025.06.06 – Colombo-)

Dr Nalinda Jayathissa speech

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) ඊයේ (05) තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරකි. එම සෞඛ්‍ය පද්ධතිය තුළින් සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමටත්, පුළුල් සංවිධානාත්මක සත්කාර සේවාවක් ලබාදීමටත් එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත් ව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.

Dr Nalinda Jayathissa observing

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා ඇති රෝහල් සහ සායන “පොකුරු” ලෙස කාණ්ඩගත කර ඇති අතර, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වාර්තා, X-ray, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල, බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන් ම රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්ත අධ්‍යයනයට ඉඩ සැලසෙන අතර එමගින් රෝගියාගේ සෞඛ්‍ය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කර හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීමට පහසු වනු ඇත.

මෙම පද්ධතිය සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය Health System Enhancement Project (HSEP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ Asian Development Bank (ADB) සහාය ඇතිව සංවර්ධනය කර ඇත. මෙම නවීන සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සහ තාක්ෂණික සහාය ද ලබා දී ඇත.

Dr Nalinda Jayathissa among people

ගල්නෑව, එප්පාවල, තලාව, රාජාංගනය යාය 5 සහ යාය7, නෑගම්පහ, කටියාව යන ප්‍රාදේශ්‍රීය රෝහල් සහ ගල්නෑව, තලාව සහ රාජාංගනය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය හරහා තඹුත්තේගම මූලික රෝහල සමග ජාලගත කර ඇත.

ඉදිරියේ දී මෙරට සියලුම රජයේ රෝහල් අදියරෙන් අදියර මෙම පද්ධතිය සමග ජාල ගත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත. පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය විවෘත කිරීමෙන් අනතුරුව තඹුත්තේගම මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීය.

Dr Nalinda Jayathissa at board

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (සෞඛ්‍ය තොරතුරු) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම,අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නෙලුම් සමරුතිලක,අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන කැදන්ගමුව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින සෞඛ්‍ය අංශ ප්‍රධානී Dai Ling , ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක විශේෂඥ වෛද්‍ය කුමාරි නවරත්න,ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන නිලධාරී හේරත් බණ්ඩා ජයසුන්දර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළුව සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියහ.

Dr Nalinda Jayathissa with people
Show More