(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – නාවලපිටිය – 2024.09.15-) 2019 මැතිවරණයෙන් පසුව අපි දැඩි පසුබෑමකට ලක්වුණා. ඒත් විවිධාකාරයේ රැවටීම්වලට භාජනය කරපු ජනතාව අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්නා බවටත් එය තේරුම් අරගෙන ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බවටත් අපිට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය වසර දෙක තුනක කාලයක් ඉතා සැලසුම් සහගත දේශපාලනයක […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – නාවලපිටිය – 2024.09.15-)
2019 මැතිවරණයෙන් පසුව අපි දැඩි පසුබෑමකට ලක්වුණා. ඒත් විවිධාකාරයේ රැවටීම්වලට භාජනය කරපු ජනතාව අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්නා බවටත් එය තේරුම් අරගෙන ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බවටත් අපිට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය වසර දෙක තුනක කාලයක් ඉතා සැලසුම් සහගත දේශපාලනයක නියැලුණා. අපේ විරුද්ධ පාර්ශ්ව පැරණි දේශපාලනයේම නියැලුණා. හොරකම් කරමින් මහජනයාගේ ධනය නාස්ති කරමින් නීති කඩමින් ව්‍යවස්ථා උල්ලංඝනය කරමින්, උසාවි නියෝග ඉවත දමමින්, ත්‍රාඩ විධියට රට පාලනය කරගෙන ඇවිල්ලා ඒ ගොල්ලෝ හිතුවා ඡන්ද කාලයේදී ජනතාවට මෙනවා හරි බෙදලා, ජනතාව බිය වද්දලා විවිධ වර්ගයේ බොරු පොරොන්දු දීලා සුපුරුදු පරිදි බලය ගන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා. අපි රට පුරා යමින් ජනතාව පෙළගැස්සුවා. සංවිධානය කරනමින් ආවා. ඒ ගොල්ලන්ට හිතා ගන්නවත් බැරි පන්නයේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය දියත් කළා.
මහනුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවක් අපි පැවැත්වුවා. අපේ සහෝදර සහෝදරියන් ගමක් ගාණේ ගිහිල්ලා ජනතාව දැනුවත් කළා. ජාතික ජන බලවේගයේ මේ නැගිටීම හා පිබිදීම ගැන අපේ විරුද්ධ පාර්ශ්වවලට හිතා ගන්න බැරිවුණා. දැන් ඒ ගොල්ලන්ගේ එකම ප්‍රයත්නය අපිට විරුද්ධව අවලාද අසත්‍ය තොරතුරු වැපිරීම හා කුමන්ත්‍රණ දියත් කිරීමයි. නමුත් සජිත් ප්‍රේමදාසට හෝ රනිල් වික්‍රමසිංහට අපේ නැගිටීම, වැළැක්වීම සඳහා කළ හැකි කිසිවක් නොමැති බව දැන් හරිම පැහැදිලියි. මේ 21 වැනිදා අපේ ජයග්‍රහණය ලංකා දේශපාලනයේ විශාල හැරවුමක්. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පුරවැසියාගේ තිබුණු බලාපොරොත්තුවක්. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් මැතිවරණවලට සහභාගි වුණාට තමන්ගේ අපේක්ෂාවන්, අරමුණු ඉටුකර ගත හැකි පාලනයක් ගොඩනගා ගන්න ඔවුන් අසමත් වුණා.
නායකයෝ පරාජය කරනවා, නැවත ගේනවා. ආණ්ඩු පරාජය කරනවා, නැවත ගේනවා. දැන්වත් මේ පාලකයෝ හැදිලා ඇති කියලා හිතනවා. අවසානයේ ජනතාව හෙම්බත් වුණා. ප්‍රතිඵලයක් වුණේ නැහැ නේද? අපේක්ෂා සියල්ල බිඳ වැටුණා. රට බංකොලොත් වුණා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති වුණා. දරුවන් රට දාලා යන්න පටන් ගත්තා. ඉස්පිරිතාලවල බෙහෙත් නැති වුණා. අධ්‍යාපනය කඩා වැටුණා. මත්ද්‍රව්‍ය, අපරාධ පැතිරුණු රාජ්‍යයක් නිර්මාණය වුණා. ජනතාවගේ ඇස් ඉදිරිපිට මේ විනාශය චිත්‍රයක් වගේ ඇඳෙන්නට පටන් ගත්තා. ජනතාව මේ ව්‍යසනයෙන් ගැලවෙන්නෙ කවදාද කිය කියා අපේක්ෂාවෙන් හිටියා. අන්න මේ 21 වැනිදාට ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කර ගත හැකි දිනය උදාවෙලා තිබෙනවා. අපේ රටේ අලුත් ආණ්ඩුවකින් ප්‍රධාන කාර්යයන් දෙකක් ඉටු කළ යුතුව තිබෙනවා. අපේ රට කඩා වැටීමට හේතු වුණු කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රටේ මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය. දෙක තමයි අපි මේ රටේ අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය.
මේ රට හදන්න නම් පළමුව මේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මෙහේ ඉන්න මහින්දානන්ද 2019දී මේ නාවලපිටියේදීම රනිල්ව වේදිකාවල පට්ටා ගැහුවා. ඒ මහින්දානන්ද දැන් කියනවා රනිල් තමයි ගැලවුම්කාරයා කියලා. මේ ප්‍රතිපත්තියක් නැති, කැත දේශපාලනය අපි අවසන් කරන්න ඕනෑ. ගිය සතියේ ගීතා රනිල්ව වර්ණනා කරනවා. මේ සතියේ එයා සජිත්ව වර්ණනා කරනවා. මොන දේශපාලනයක්ද මේක. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධ ජයරත්නලා, මහින්ද රාජපක්ෂට අප්පච්චි කියනවා. දැන් රනිල්ට අප්පච්චි කියනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ කැත දේශපාලන පිටිය සුද්ද කරන්න පටන් ගන්නවා. පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි. පාර්ලිමේන්තුව විසුරුවලා මාස එක හමාරකින් වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය තියනවා. ජනාධිපතිවරණයකින් අපට රනිල්ව ගෙදර යවන්න පුළුවන්. ඕන නම් සජිත්ව විපක්ෂ නායක හැටියට තියන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ එය සුද්ද කිරීමේ බලය ජනතාව අතට එනවා. මේ වගේ පාර්ලිමේන්තුවක් රටට ඕන නැහැ. සකලවිධ අපරාධකරුවන් පිරුණු මේ වගේ පාර්ලිමේන්තුවක් රටකට මොකටද? ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පාර්ලිමේන්තුව විසුරුවලා දෙන්නම්. ඔබ පල් හොරු රැළ ස්ථිරවම ගෙදර යවලා ඒක සුද්ද කරලා දෙන්න. අපට විශ්වාසයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ලබන පාර්ලිමේන්තුවේ නැහැ.
මහ මැතිවරණයෙන් පස්සේ අපි රටට ඵලදායක පාර්ලිමේන්තුවක් හදනවා. නීති රීති ශක්තිමත් කරන මහජන දේපොළ හොරකම් කළ අයට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙනවා. මහජන ධනය නාස්ති කිරීම නතර කරනවා. දේශපාලකයා පොදු නීතියට යටත් කරනවා. අපේ පාලනයක් යටතේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා. අපේ පාලනයක් යටතේ මේ රටේ පොලීසිය, හමුදාව දේශපාලකයන් ඉදිරියේ බාල්දු වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. පොලීසියේ මහත්වරුන්ගේත් රටේ හා ජනතාවගේත් ආරක්ෂාව හැදුවොත් අපිත් ආරක්ෂා වෙනවා. එතකොට වෙනම ආරක්ෂාවක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පාලකයන් කරන්නේ, රටත් ජනතාවත් අත්හැරදාලා අනාරක්ෂිත කරලා ඒ ගොල්ලෝ වටේ ආරක්ෂක වළලු දාගන්න එක. අපි මේක නතර කරනවා.
දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. ගෞරවනීය සේවයක් කියලා, ජනතාවට ඒත්තු ගැන්වෙන විදිහට අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දැන් දේශපාලකයා කොහොමද ඇඟපුරා රත්තරන් පොරවා ගෙන ජැන්ඩියට ඇඳලා සැප වාහනවලින් ඇවිත් බහිනකොටම ජනතාව දන්නවා, මේ එන්නේ පට්ට හොරෙක් කියලා. ඒගොල්ලන්ගේ ජීවිත ගැන ජනතාව දන්නවා. මොනතරම් ධනය උපයා ගත්තත් ඒ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒ නිසා ඒ දේශපාලකයන් ගැන රටේ තිබෙන්නේ කැත අදහසක්. අපි සැප්තැම්බර් 21දා සිට මේ නිර්ලජ්ජිත දේශපාලනය වෙනස් කරන්නට පටන් ගන්නවා. අපේ රටේ මේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. ඒක වෙනස් කරන්න ඕනෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳයි නම් මේ වන විට අපේ රට දියුණු කරලා තිබන්න ඕනෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටට ගෙනාවේ භයානක ප්‍රතිඵල.
අපේ රටේ ආර්කථියට ජනතාව සම්බන්ධ වෙන්න ඕනෑ. අද විශාල පිරිසක් අපේ රටේ ආර්ථිකයෙන් පිටමං කරලා තිබෙන්නේ. ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕනෑ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වෙන්න ඕනෑ. ඒකේ ප්‍රතිඵල සාධාරණ ලෙස පෙරළා ජනතාවට ගලාගෙන යන්න ඕනෑ. මූලධර්මය ඒකයි. රටේ හැම පෙදෙසකම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පණ දෙන්න ඕනෑ. දැන් එය මුළුමනින්ම වට්ටලා තිබෙන්නේ. මේ පාලකයන් අපේ රටේ හැදුවේ කුඩා හෝ නිෂ්පාදනයක් තිබුණා නම් එය වට්ටලා මුළුමනින්ම බඩු ආනයනය කරන ආර්ථිකයක්. ඉන්දියාව රෙදි නිෂ්පාදනය කරනවා. අපි ගේනවා අඳිනවා. ඉන්දියාව බිත්තර නිෂ්පාදනය කරනවා. අපි ගේනවා, බදිනවා. ඉන්දියාව බයිසිකල් හදනවා, ත්‍රීවිලර් හදනවා. අපේ ගේනවා, පදිනවා. මොකද කළේ. ඒගොල්ලෝ හදනවා, අපි බුදිනවා. අපි හදමින් තිබුණු දේවල් පවා කඩා බිඳ දැම්මා.
දැන් රනිල් කියනවා එයා ඇවිල්ලා අපනයන ආර්ථිකයක් හදනවාලු. අනේ රනිල් ඔයගොල්ලෝ තමයි අපේ රටේ නිෂ්පාදනය ආර්ථිකය වැට්ටුවේ. අනේ රනිල් කොයි කාලේ ඉඳලාද ඔයා අපනයන ආර්ථිකය හදන්නේ. ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න රනිල්. වට්ටන්න පුළුවන් ඔක්කෝම වට්ටලා දැන් මංඤ්ඤං කියනවා. බඩු ගෙන්නුවොත් රටට පාඩුයි, ඇමතිට ලාභයි. එයාට ලාභ ඇයි? කොමිස් කුට්ටිවලින්. ලංකාවට පොහොර ගෙනාවා. ඇටයක්වත් ගේන්නත් කලින් රටට රුපියල් කෝටි දශලක්ෂ 1800ක් පාඩුයි. ඔන්න රනිල්ගේ අපනයන ආර්ථිකය. අපි මේ බඩු ගෙන්වන ආර්ථිකය වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම භාණ්ඩයක් හා සේවාවක්ම නිෂ්පාදනය කරන, නිෂ්පාදන ආර්ථියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ගොඩනඟනවා.
අපි දැනට තෝරාගෙන තිබෙනවා අපේ රටේ ඉක්මනින්ම නිෂ්පාදනය ගොඩනඟන්න පුළුවන් තැන් ටික. ඒවාට අවශ්‍ය සැලසුම් අපි හදලා ඉවරයි. ඊට එහා ගිය නිෂ්පාදන කර්මාන්තවලට පණ පොවන්න කාලයක් අවශ්‍යයි. ඒවාට අදාළ මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් අපි හදලා ඉවරයි. මෙතෙක් කල් ආපු හැම ආණ්ඩුවක්ම සැලසුම් හැදුවේ ඒ ගොල්ලන්ගේ පවුල්, ඥාතින්, හිතවතුන් පොහොසත් වෙන විදිහට. අපි පළමු වතාවට ආණ්ඩුවක් හදනවා රට පොහොසත් කරන්න. ජනතාවගේ ජීවිත නංවාලන්න. ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන්න. අපි ඔක්කෝම එකතු වෙලා සැප්තැම්බර් 21 දාට ජාතික ජන බලවේගය දිනවමු. ඊළඟට අපි ඔක්කෝම එකතු වෙලා මේ රට ගොඩනගමු, කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අනුරාධපුරය – 2024.09.14-) ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නගන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. අපි ඉතාමත් විධිමත්ව මෙම ඡන්ද ව්‍යාපාරය දියත් කළා. මේ වන […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අනුරාධපුරය – 2024.09.14-)
ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නගන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. අපි ඉතාමත් විධිමත්ව මෙම ඡන්ද ව්‍යාපාරය දියත් කළා. මේ වන විට අපේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව විසින් තමන්ගේ අතට අරගෙන තිබෙනවා. දැන් සජිත්ලා, රනිල්ලා මේ තත්වය තුළ හොඳටම කලබල වෙලා. අපිට එරෙහිව විවිධ මඩ, අවලාද අසත්‍ය තොරතුරු තොග ගණන් පතුරුවමින් ඉන්නවා. අපි ඒ අයට කියන්නේ දැන් පරක්කු වැඩියි කියලා. මේ ජයග්‍රහණය නතර කරන්න දැන් බැහැ. අපේ වගකීම තමයි මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන එක. මම ඊයේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, ඔළුවිල්, සයින්දමරදු, සමන්තුරේ, නින්දවූර් යන ප්‍රදේශ ගණනාවක රැස්වීම් කළා. එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව දහස් ගණනක් මේ රට වෙනස් කිරීම සඳහා අපි වටා පෙළගැසී සිටින හැටි අපි දැක්කා. ඒ නිසා ලංකාවේ පළමුවැනි වතාවට ඉතා සුවිශේෂී ආණ්ඩුවක් හැදෙන්න යන්නේ. ඒක මොන වගේ ආණ්ඩුවක්ද? මෙතෙක් කල් හැදුණේ අනෙකාට එරෙහි ආණ්ඩු. උතුරු නැගෙනහිර ජාතිකත්වයන්ට එරෙහි ආණ්ඩු. දේශපාලන වේදිකාවල කතා වුණේ ‘ජාතිය අනතුරේ. අන් ජාතිකත්වයන්වල ජනයා මහා ජාතිය ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒ නිසා ජාතිය බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න’ කිවුවා. ආගම බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න කිවුවා. දැනුත් ඒ වර්ගයේ ඡන්දය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න ඒ ගොල්ලෝ උත්සාහ කරනවා. රාජපක්ෂලා පට්ට් ගහලා, පට්ට ගහලා පිළුණු වෙච්ච ආගම්වාදී, ජාතිවාදී සටන් පාඨ දැන් කරේ තියන් යන්නේ සජිත්ලා. ඒ සටන් පාඨ රාජපක්ෂලාවත් විනාශ කරල දාපු සටන් පාඨ. ඒවා ලංකාවේ වමේ ව්‍යාපාරයට එරෙහි 1960 ගණන්වල ඉඳලා පට්ට ගහපුවා. දැන් ඒවා දැන් ඒවා දිරච්ච සටන් පාඨ, ඒ නිසා මම සජිත් ප්‍රේමදාසට කියන්නේ අලුත් බඩු ටිකක් සොයා ගන්න, කියලා. ඔය පරණ බඩු කඩේ බඩු ගේන්නේ නැතිව.
මේ රටේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් හදන්න යනවා, උතුරු, නැගෙනහිර, දකුණ සියලු පළාත්වන ජනතාවගේ විශ්වාසය දිනාගත්ත. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත ආණ්ඩුවක්. මේ රටේ ජාතික සමගිය ගොඩනැගීමට තිබූ ඓතිහාසික අවස්ථා මේ රටේ පාලකයන් අතහැරලා දැම්මා. සුද්දගේ පාලනය යටතේත් අපේ රට පාලනය කළේ ජාතීන් අතර ගැටුම් නිර්මාණය වන පරිදි එකිනෙකා බෙදලා. 1818 අරගලයේදී සුද්දට එරෙහිව අපේ රටේ ජනතාව එකට එකතු කරගන්න බැරි වුණා. 1848දීත් එයම සිදුවුණා. 1919දී සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ එකතුවෙලා ලංකා ජාතික සංගමය ගොඩ නැගුවා. ඉතා ටික කාලයකදී එය කැඩී බිඳී ගියා. 1928 බණ්ඩාරනායකලා වෙනම සිංහල මහා සභාව හදන්න පටන් ගත්තා. දෙමළ කොංග්‍රසය වෙනම හැදෙන්න පටන් ගත්තා. මුවර් සංගමය වෙනම හැදුණා. සතුරාට එරෙහිව එකට එකතුවී සටන් කරනවා වෙනුවට, බෙදෙන්නට පටන් ගත්තා. ඒ ඒ සන්ධානවල නායකයෝ හොරෙන් හොරෙන් ගිහිල්ලා ගතු කියලා එක එක වරදාන ඉල්ලන්න පටන් ගත්තා. ජාතිය බෙදුණා. 1948 නිදහස ලබා ගන්න විටත් තත්වය ඒකයි. ඉන්දියාව නිදහස ලබන විට ඒ රටේ වමේ දකුණේ සියලුම නායකයන් එකට එකතු වෙලා ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය දුන්නා. අපි නිදහස ලබන කොටත් බෙදිලා. නිදහසෙන් පස්සෙත් අපිව බෙදුවා. 1948 නිදහස ලබනවා. 1949 පුරවැසි පනත සම්මත කරනවා. ඒ පනත ගෙනැල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. 1930 ගණන්වල උතුරේ ශක්තිමත් දෙමළ තරුණ ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් අර්ධ නිදහස එපා කියලා සම්පූර්ණ ස්වෛරීත්වය ඉල්ලලා සටන් කළා. යාපනයේ තරුණ ව්‍යාපාරය විශාල කාර්යභාරයක් කළා. අපේ රටට නිදහස ලබා ගැනීම සඳහා. නමුත් බලය ගත්ත අපේ පාලකයෝ බලය සඳහාම අපිව බෙදුවා.
රටේ නිදහස පතා අරගල කළ දෙමළ තරුණයෝ 1949 ගෙනා පුරවැසි පනත නිසා දෙමළ රාජ්‍ය පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදාගන්නවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලනවා. 1956 වෙනකොට භාෂා ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. 1958 වෙනකොට ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගන්නවා. නැවත සිංහල, දෙමළ, මුස්ලිම් කෝලහලයක් පටන් ගන්නවා. 1965 ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාළි යන්න පටන් ගන්නනවා. නැවත 1972දී දෙමළ එක්සත් පෙරමුණ හදනවා. 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හදනවා. දෙමළ පක්ෂ ඔක්කෝම එකට එකතු වෙලා වඩුක්කොඩෙයි සම්මේලනය තියලා වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලනවා. 1978 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. මිනිස්සු මර්දනය කිරීම අරඹනවා. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී එදා යාපනයට ගිය රනිල්ලා, ගාමිණී දිසානායකලා, ජේ.ආර්.ලා උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑවා. යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. නැවත ගැටුම් නිර්මාණය කළා. 1983 නැවත කළු ජුලිය නිර්මාණය කළා. රට පුරා කඩසාප්පු, සිනමා ශාලා, ගිනිබත් කළා. අපිව බෙදුවා, වෙන්කළා. එකිනෙකා කුලල් කාගන්න රටක් බවට මේ රට පත් කළා. 1984 වන විට ප්‍රභාකරන් මරා ගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළා. ඊට පස්සේ සිවිල් යුද්ධයක් පටන් ගන්නනවා. ම්ලේච්ඡ මිනිස් ඝාතන පටන් ගන්නවා. රට මහ ව්‍යසනයකට ගොදුරු කළා. 2009 යුද්ධ අවසන් වුණා. ටික දවසයි ගියේ ඡන්දය කිට්ටු වන විට වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ඉන්නවා කියන්න පටන් ගත්තා. පාස්තු ප්‍රහාරය දියත් කළා. ජනතාව බෙදුවා. ඒක නොවෙයිද වුණේ.
සුද්දත් අපිව බෙදුවා. කළු සුද්දත් අපිව බෙදුවා. ඒ නිසා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අපි හැමදෙනාම එකම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවෙන් හිටියා. අපේ පාලකයෝ ඒකට අවස්ථාව දුන්නේ නැහැ. අපිව බෙදුවා. කුලල්කාගන්න තත්වයට පත් කළා. යුද්ධ ඇති කළා. උතුරත්, දකුණත් විනාශ කළා. මේ පාලකයන් දැන් අපිට පළමු වතාවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි සියලු දෙනාම එකට බැඳිලා එක කොඩියක් සෙවනේ ඉන්න ජාතික සමගිය පුබුදුවන ආණ්ඩුව නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.
සජිත් ප්‍රේමදාසලා පරණ ආගම්වාදී, ජාතිවාදී කිළිටි ඇඳුම් හෝදන්න පටන් අරගෙන තිබෙනවා. මේ දේශපාලනය අවසන් කරන්න ඕනැ. අපි හැම ආගමකටම ගරු කරන ව්‍යාපාරයක්. මේ රටේ සියවස් ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනය වූ ජාතික සමගිය තහවුරු කරන ආණ්ඩුව අපි සැප්තැම්බර් 21න් පසු පිහිටුවනවා. අනුරාධපුරය අපේ ශිෂ්ටාචාරයේ නගරය. අද කුඩුවලින් වැහිලා. කුඩු මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වෙලා. මේ රටම ඒ ව්‍යසනයෙන් මුදා ගත යුතුයි. මේ සියලු ව්‍යසනයන් පිටුපස ඉන්නේ මේ පාලකයන්. දේශපාලකයන්ගේ ආශිර්වාදය නැතිව. මේ සාපරාධී ජාවාරම්වලට පවතින්න බැහැ. අපි සහතික වෙනවා මේ සියලු ව්‍යසනයන්ගෙන් ජාතික ජන බලවේගය පාලනයක් තුළ මේ රට මුළුමනින්ම මුදාගන්නවා. දැන් මුළු රටම සැප්තැම්බර් 21 වැනිදා වෙනකල් බලා ඉන්නේ අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන්න. අපි සියලු දෙනා එකතු වෙලා ඉන්පසු මේ රට ගොඩනගමු.
“මේ රටට ඇත්තටම ආදරය කරන සහෝදරත්වයෙන් බැඳුණු පිරිසක් අනුර වටා ඉන්නවා”
-ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි-
මේ දහස් සංඛ්‍යාත ජනතාව එකහෙළාම අපේක්ෂා කරන්නේ අපේ රටට යහපත් හෙට දවසක්. ඔබ මෙතනට පැමිණ සිටින්නේ මේ රට ගොඩනගන එකම නායකයා වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විශ්වාසය තබා ඔහුට ඔබේ ශක්තිය එකතු කිරීමටයි. රට නව යුගයකට පරිවර්තනය කරන ඒ විප්ලවය හෙට දවසේ ඔබේ කතිරයෙන් කරන බව අපිට හොඳටම විශ්වාසයි. දැන්නම් අනුර සහෝදරයා දිනන එක කාටවත් වළක්වන්න බැහැ.
පසුගිය දවසක මගේ වැඩකට මම රත්නපුරය ප්‍රදේශයට ගියා, එහිදී පතල් කම්කරු සහෝදරයෙක් මුණ ගැසුණා. ඔහු සමග මම ටිකක් කතා කළා. මම ඔහුගෙන් ඇහැව්වා කොහොමද දැන් දේශපාලන තත්වය කියලා. ඔහු ටිකක් නිහඬව හිටියා. ඒ පාර මම ඔහුට කිවුවා මේ පාර අපි වෙනසක් කළේ නැත්නම් අපි ඔක්කෝම අන්ත දුක්ඛිත තත්වයකට පත්වෙනවා කියලා. ඔව්, මමත් මගේ තීරණය අරගෙන තිබෙන්නේ කියලා ඔහු කිවුවා. මම ඇහැව්වා ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒ තීරණය ඔබට ගන්න හිතුණේ ඇයි කියලා. ඔහු කිව්වා “මම විශ්‍රාමික ගුරුවරයෙක්. ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නැතිනම්, මාලිමාවට ඡන්ද තුන හතරක් හදලා දෙන්න. ඒක ඔවුන්ගේ ජීවිතයට ඉඩම් අක්කර දෙක තුනක් අරන් දුන්නා වගේ ආයෝජනයක් කියලා.” ඒ කතාවේ හරය තිබෙන්නේ අනුර කුමාර සහෝදරයා අපේ රටේ දරුවන්ට සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන බවට තිබෙන විශ්වාසයයි.
මේ පාර සැබෑ වෙනසක් වෙනුවෙන් අපි ක්‍රියාත්මක නොවුණොත් අපිට යන එන මං නැතිවෙනවා, ඒක තදින්ම අවධාරණය කළ යුතුයි. සමහරු කියනවා මාලිමාවේ අයට බලය අරන් මේ රට කරන්න පුළුවන්ද කියලා. මම අහන්නේ මෙච්චරයි. මේ තාක් කළේ මේ රට කරපු එවුන් හරියට කළාද? හරි දෙයක් කළාද? කියලා. මට එකයි ඉල්ලන්න තිබෙන්නේ. අර විශ්‍රාමික ගුරුවරයාගේ කතාව ඔබට මුණ ගැසෙන හැමෝටම කියන්න. ඔබ දැන් මෙතනට ඇවිල්ලා ඔබේ ශක්තිය පෙන්වනවා. ඒ වගේම සැප්තැම්බර් 21 වැනිදාට උදාවෙන තීරණාත්මක මොහොතේ අපි ගැන දෙගිඩියාවෙන් ඉන්න, සැක සහිතව හිතන, බොරු දේශපාලන කතා අහලා ෆේස් බුක් එකේ යන සමහර ව්‍යාජ කතන්දර අහලා චකිතයෙන් ඉන්න අයත් විශ්වාසය ඇති කරලා ඒ ඡන්ද ප්‍රමාණයත් මාලිමාව වෙතට හැරවිය යුතුයි. එයයි ඔබේ වගකීම. එසේ කළොත් හැරෙන්න ඔබට වෙන්නේ ඔබේ දරුවන්ට හරියට උගන්න ගන්න බැරි වෙන, කන්න බොන්න නැතිවෙන, තරුණ තරුණියන්ට තමන්ට නිසි රක්ෂාවක් හොයා ගන්න බැරිවෙන, ඒ වගේම රක්ෂා කරන අයටත් තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ගන්න බැරි, ජනතාවම දුකේ වැටෙන, ලෙඩකට බෙහෙතක් ගන්න බැරි, මේ ජරාජීර්ණ සමාජ ක්‍රමය දිගටම ගලාගෙන යන එකයි.
සන්තෝෂයක් නැති ජීවිතය මොකක්ද? ඔබ ඉන්නේ සතුටින්ද? සතුටක් නැති මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද ඔබට අපේ රටට නායකත්වය දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ වේදිකාව දිහා. මේ රට වෙනුවෙන් වැඩකරන්න පුළුවන්, ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්, ජනතාවගේ මානසිකත්වය ගොඩනඟන්න පුළුවන්, සහෝදරත්වයෙන් බැඳුණු මේ රටට ඇත්තටම ආදරය කරන පිරිසක් ඔහු වටා ඉන්නවා. අපි හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ. මේ වැඩ කරන්න පුළුවන්ද? කියා. ඔය පුළුවන් කිය කියා ඉන්න අය පුළුවන් කියලා කියනවා විතරනේ. කවදාවත් කරලා පෙන්නුවේ නැහැනේ. අපි ඒ වාද බයිලා පැත්තකින් තියලා සැබෑ යථාර්ථයට මුහුණ දීලා රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න, ඉතාමත් සමෘද්ධිමත් රටක් ගොඩනඟන්න රටට හිතෛෂී, බුද්ධිමත් පිරිසක් සමග අපි මේ ගමන යමු. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා මේ 21 වැනිදාට ජයග්‍රහණය කර ජනාධිපති වෙනවා. එය සත්‍යයයි. ස්ථිරයි.
(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මාධ්‍ය හමුව – 2024.09.15-) මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 […]
(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මාධ්‍ය හමුව – 2024.09.15-)
මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 වැනිදා නැවතත් බරපතළ අසත්‍ය චෝදනාවක් මෙම සංවිධානය ඉලක්ක කරගෙනම ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ නමින් පෙනී සිටින සංවිධානයේ විධායක සභිකයෙක් ලෙස හැඳින්වූ ලක්‍ෂ්මන් සහ එහි ලේකම්, අනිල් ශාන්ත ප්‍රනාන්දු කියන අය අපට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළා. ‘විශ්‍රාමික හමුදා කල්ලියක්’ යනුවෙන් අපව හඳුන්වා, ජාතික ජන බලවේගයේ සිටින රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ගොඩනැඟූ සංවිධානයක් බවත්, අවි ආයුධ එකතු කරන බවත්, ජනතාවට පීඩාකාරී වාතාවරණයක් ඇති කරන්න බුද්ධාගමට අගෞරවයක් වන ආකාරයෙන් හැසිරෙන බවටත් චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. ඔවුන් අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් මේ ආකාරයට සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ජාතික ජන බලවේගයත් සමඟ විවෘතව ජනතාව හමුවේ පෙනීසිටිමින් ක්‍රියා කරනවා. අපේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි සාක්‍ෂි තිබෙනවා නම්, ඒවා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යන ලෙස දන්වනවා. අපි 2021 මෙම සංවිධානයට මූලික වශයෙන් ප්‍රවේශ වූයේ අවුරුදු තිස්පහක පමණ කාලයක් පුරා ඉතාමත් ගරුත්වයෙන් සහ අභිමානයෙන්, විනයගරුකව හමුදාවන් තුළ සේවය කිරීමෙන් පසුවයි.
කවදත් අපේ ගරුත්වයක් ඒ හමුදාවන්ට තිබෙනවා. අපි රටේ පුරවැසියන්ව ආරක්‍ෂා කළා. ජාතිය ගොඩනඟන්න උර දුන්නා. ඒ වාගේම ලෝකයම පිළිගත් උසස් වෘත්තීය මට්ටමේ හමුදාවන්ට විනයගරුකව ඇතුළත් වුණු සාමාජිකයන් අපි. ඒ වාගේම විශාල මානුෂීය මෙහෙයුමක් සිදු කළා. ඒ වාගේම ජාතික ජන බලවේගය නිර්මාණය වී තිබෙන්නේ සිවිල් සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධාන ගණනාවක් ඒකරාශී කරගෙනයි. මෙය විද්වතුන් රාශියකගෙන් ගොඩනැඟුණු මහජන ව්‍යාපාරයක්. හිටපු පාලකයන් මේ රටට කළ විනාශය අපේ දරුවන්ට ඉතිරි නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටට යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නයි අපි එකතු වී සිටින්නේ. මේ ගෙන යන වෛරී සහ ද්වේෂසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නවා. මැතිවරණ කොමිසමට සහ මැතිවරණය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබෙනවා. එතැනින් ඔබ්බටත් අධිකරණයේ සහාය පතන්න අපි කටයුතු කරනවා.
හතු පිපෙනවා වාගේ සංවිධාන පිහිටුවාගෙන ජාතීන් අතර අසමඟිය ඇති කරන්න, මහජනයා අතර විරසකය ඇති කරන්න, ජනතාව නොමඟ යවන්න කාගේ හෝ පුද්ගලයකුගේ නැතිනම්, පක්‍ෂයක අවශ්‍යතාව මත මොවුන් මේ ව්‍යාජ මත ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ පැවැත්ම ඒක. තව දින කිහිපයකින් මුළු රටම එකතු වී සියලුම ජාතීන් එකට එකතු වී කරන ජයග්‍රහණය පෙනෙන තාක් මානයේ අපි ඉන්නේ. ඔවුන් සිදු කළ ජාතික අපරාධවලින් බේරීමට නොහැකි බව දන්නා ඔවුන් වියරු වැටී සිටිනවා. මේ රටට පණ ගෙන දුන් අපි ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවන්ට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්වයක් යටතේ කටයුතු අපි සිදු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා. ජනතාවට ජීවත් වන්න මත්ද්‍රව්‍යවලින් තොර පාතාලයෙන් තොර ආරක්‍ෂිත, නිදහස් රටක් ඕනෑ. රට වැටුණු වෙලාවේ ජාතික ජන බලවේගය වාගේ මහජන ව්‍යාපාරයක් එක්ක එකතු වී කටයුතු කිරීමට ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ අය සමඟ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එකතු වන විට ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූවා. අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන කොට ‘කල්ලි’ යනුවෙන් හඳුන්වනවා. රණවිරුවෝ දඩයම් කර ගත්තේ ඔය කියන දේශපාලන පක්‍ෂ. අපි කෙළින් වැඩ කරන අයවලුන්. ඒ නිසා අපි ජනතාවට කෙළින්ම කියනවා, ඔය බොරු අවලාදවලට හසුවන්න එපා කියලා. ඒ වාගේම කිසිම දෙයකට කලබල වෙන්නත් එපා. 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ගොස් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්න. ඒ වාගේම 21 වැනිදාට පසු කිසිම ප්‍රචණ්ඩත්වයක්, කිසිම කලබලයක් ඇති නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.
“අපි දේශපාලනය කරන්නේ කිසි කෙනකුට හැංගිහොරා නොව විවෘතවයි”
-යුදහමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ-
මම යුද්ධය අවසන් අදියරේ දී මාණ්ඩලික ප්‍රධානී හැටියට කටයුතු කළා. 2009 වර්ෂය අවසානයේ දී විශ්‍රාම ගියා. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියා කර විශ්‍රාම ගිය අපට අභූත චෝදනා එල්ල කරන්නේ කිසිම දැනඋගත්කමක් නැති පිරිසක්. ජාතික ජන බලවේගය පරදිනවා යැයි ආරම්භයේදීම සඳහන් කර ටික වේලාවක් යන කොට ඔහු කියන්නේ ජයග්‍රහණයෙන් පසුව කලබල ඇති කරන බවයි. පෙර සඳහන් කළ සංවිධානයේ ප්‍රකාශකයා ඔහු කියන දේ සම්බන්ධයෙන්වත් අවබෝධයක් නැති අයෙක්. ඒ වාගේම ඔහු සඳහන් කරන්නේ ඔහුට හිතෙන, ඔහුට දැනෙන දේවල් බව ඔහුම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවලින්ම පැහැදිලි වෙන්නේ, ඔහු මනෝචිකිත්සකයකු ළඟට ගෙන යා යුතු බවයි. අපි අපේ කාලයේ විනයගරුකව කටයුතු කළා වාගේම සේවයක් අද සිටින ත්‍රිවිධ හමුදාවත් එලෙස විනයානුකූලවම කටයුතු කරනවා. ඔවුන්ගේ ව්‍යාජ ප්‍රකාශයෙන් අද සක්‍රියව සේවයෙහි යෙදී සිටින ත්‍රිවිධ හමුදාවටත් ව්‍යංගයෙන් චෝදනා එල්ල කෙරෙනවා. ඒ බවවත් ඔවුන්ට හැඟීමක් නැහැ. අපි මේ දේශපාලනය කරන්නේ මේ රටේ පුරවැසියන් හැටියට අපට තිබෙන මූලික අයිතිවාසිකමක් මත විවෘතවමයි. කිසි කෙනකුට හැංගිහොරා අපි කටයුතු කරන්නේ නැහැ. එසේ තිබිය දී, ආගමට විරුද්ධව කටයුතු කිරීම, අවිආයුධ එකතු කිරීම වැනි චෝදනා ඉතාමත්ම බරපතළයි. අපගේ සාමාජිකයන් සියලුම දෙනා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් විනයගරුකව නොකැළැල් පැවැත්මක් සහිතවයි ජාතික ජන බලවේගය සමඟ එක් වී සිටින්නේ.
“‘අදිටන’ අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ”
-ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ල-
අපි ජාතික ජන බලවේගයට ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි අවබෝධයකින් යුක්තව. යුද හමුදාවේ වසර තිස්පහක් පමණ සේවය කර ජ්‍යෙෂ්ඨ නිලයන් දැරූ නිකැළැල් පුද්ගලයන් ලෙස අපි එකතු වී සිටිනවා. ඒ වාගේම අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ මේ රටේ මජර දේශපාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව. අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ. හැත්තෑහය වසරක් තිස්සේ පවතින මේ ක්‍රමය අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවාගෙන නව පුනරුද යුගයක් කරා රට ගෙන යාමට දේශපාලන ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ජාතික ජන බලවේගය සමඟ එකතු වූවා. ‘අදිටන’ කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කල්ලියක් නොවෙයි. අපි පෙට්ටි කඩයක් නොවෙයි. අපි පාතාල කල්ලියක් නොවෙයි. ‘අදිටන’ බොහොම වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කරන සංවිධානයක්. ජාතික මෙහෙයුම් කමිටුව සාමාජිකයන් 12 දෙනකුගෙන් පිහිටුවාගෙන ජාතික ජන බලවේගයේ නායකත්වයත් සමඟ එක්ව කටයුතු කරනවා. ඒ වාගේම වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කත් ඇතුළුව රටේ දිස්ත්‍රික්ක 20ක අපේ දිස්ත්‍රික් කමිටු ක්‍රියාත්මක වෙනවා. හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙක් ඉන්නවා. මෙතැන ඉන්න විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා. ඔහුත් එක්ක මැතිවරණ කොට්ඨාස මට්ටමින් පත් කළ සංවිධායක සහ සහකාර සංවිධායකවරයකු සිටිනවා. ඒ නිසා අපි කල්ලි නොවන බව මම අවධාරණය කරනවා.
‘නව මඟ’ කියන සංවිධානයේ පුද්ගලයෙක් සම්බන්ධ වීඩියෝ පටයක් වාගේම 20,000කට ආසන්න පිරිසක් සහභාගී වූ අපේ ජාතික සමුළුවට සම්බන්ධ වූ අයකු දැක් වූ අදහස් විකෘති කළ වීඩියෝවක් සමාජගත කරන්න උත්සාහ කර තිබෙනවා. එදා සමුළුව ඇමතූ කථිකයන් ‘අදිටන’ සාමුහිකයේ අරමුණු ඉතා පැහැදිලිව සඳහන් කළා. ඒ සමුළුවට සහභාගී වූ හැමෝම යුතුකමක් ඉෂ්ට කරන්න කැපවීමේ අධිෂ්ඨානයෙන් පැමිණි අයයි. ලංකාවේ දේශපාලන වේදිකාවට ‘ස්මාර්ට් පොලිටික්ස්’ හඳුන්වා දුන්නේ අපි. පසුගිය කාලය තුළ අපගේ සාමාජිකයන් රට පුරාම කතා සිය දහස් ගණනක් කර තිබෙනවා. නමුත්, අපි ත්‍රිවිධ හමුදාවට හෝ මේ රටේ ජනතාවට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් කර නැහැ. නමුත්, අපට විරුද්ධව සිටින දේශපාලන වේදිකාවල විශ්‍රාමික හමුදා අය මොන වාගේ ද කතා කරන්නෙ කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. අපි කවරදාවකවත් ප්‍රචණ්ඩය වපුරන, වෛරී ප්‍රකාශ කිසිවක් සිදු කර නැහැ. මම මෙයට පෙර මාධ්‍ය හමුවේ දී සඳහන් කළ ආකාරයට ‘අදිටන’ ටී ෂර්ට් එක 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිසේත්ම පාවිච්චි කරන්නේ නැහැ. නමුත්, එදිනෙන් පසුව යම් කෙනකු ඒ ටී ෂර්ට් එක භාවිත කළොත්, අපේ කෙනෙක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.
“අපට අභූත චෝදනා නැගීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ගේ පරාජයේ වියරුවයි”
-ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ-
‘නව මඟ ජාතික ව්‍යාපාරය’ යනුවෙන් නම් කර ගත් ඊනියා සංවිධානයක් ජාතික ජන බලවේගයට අභූත චෝදනා නඟමින්, ඔවුන්ගේ පරාජයේ වියරුව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්‍ෂාව අපේ ලේවල තිබෙන බවයි. සක්‍රිය සේවයේ යෙදී සිටියෙදී වගේම අද ‘අදිටන’ට සම්බන්ධ වී ඒ තුළින් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේත් රට සහ ජනතාව ආරක්‍ෂා කර ගන්නයි. මේ රටට හෝ ජනතාවට හෝ විරුද්ධ කිසිදු හැඟීමක් අප කිසිවකුට නැති බව ජනතාවට අවධාරණය කරනවා. අවි ආයුධ එකතු කරන බවට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අපට කියන්නට තිබෙන්නේ මුලින්ම අපි විශ්‍රාමික හමුදා සාමාජිකයන් එකතු කළ බවයි. ඊ ළඟට අපි ජනතාව එකතු කළා. මුළු රටම එකමිටට මාලිමාවට ගෙන ආවේ ඒ විදියට. පරාජිත කණ්ඩායම් වියරුවෙන් නඟන චෝදනා සම්බන්ධයෙන් කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතු බව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.15-) පරාජයෙන් වියරු වැටී සිටින රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ඔවුන්ගේ මැතිවරණ වේදිකාවලත්, එතැනින් පිට අවලාද නඟන්නන් පිරිසත් යොදා ගනිමින්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා, වසන්ත සමරසිංහ සහෝදරයා, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ඇතුළු අනෙකුත් නායකයන් ඉලක්ක කර ගත් මඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.15-)
පරාජයෙන් වියරු වැටී සිටින රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ඔවුන්ගේ මැතිවරණ වේදිකාවලත්, එතැනින් පිට අවලාද නඟන්නන් පිරිසත් යොදා ගනිමින්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා, වසන්ත සමරසිංහ සහෝදරයා, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ඇතුළු අනෙකුත් නායකයන් ඉලක්ක කර ගත් මඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බැහැ. ඒ නිසාම ජාතික ජන බලවේගය වෙත තම වෛරය මුදාහරිමින් සිටිනවා. ඇතැම් සංඝයා වහන්සේලාත් සම්බන්ධ කර ගත් ආගම සම්බන්ධ කර ගත් මඩ ව්‍යාපාරයත්, ජාතික ජන බලවේගය මැදිහත් වී 22 වැනිදා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ ප්‍රචාරත්, මුළුමනින්ම නිර්මාණය කරන ලද ප්‍රචාරත් වශයෙන් විවිධ ආකාරයෙන් පවතිනවා. ඊට අමතරව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, චිත්‍රපට අධ්‍යක්‍ෂ, ජගත් මනුවර්ණ ඉලක්ක කර ගත් ප්‍රචාර දියත් කර තිබෙනවා. ඔහු වසර දෙකහමාරකට පෙර සජිත් ප්‍රේමදාසට පහර දුන් බවට දැන් ප්‍රචාර ගෙන යනවා. ඒ වාගේම ‘අදිටන’ සාමුහිකයෙන් ආයුධ එකතු කරන බවටත් ප්‍රචාර යවනවා. මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ ජනතාව තුළ බියක්, චකිතයක් ඇති කරන්නයි. කවුරුන් හෝ මේ මඩ, අවලාද පිළිබඳව යම් හෝ චකිතයකට පත්ව සිටිනවා නම්, ඒවා නිරාකරණය කරන්න මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡන්දයෙන් ලබාගෙන ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්නත්, ඉන් පසුව අපට ඡන්දය නොදුන් අය පවා සංවර්ධනයට හවුල් කර ගන්නත් කටයුතු කරන ආකාරය අප පැහැදිලි කර දී තිබෙනවා. මඩ, අවලාදවලින් අපේ මේ ජයග්‍රාහී ගමන නවත්වන්න බැහැ.
“මඩ අවලාදවලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග 21 වැනිදායින් පසුවටද ගන්නවා”
-ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්-
වසන්ත සමරසිංහ මහතා සම්බන්ධයෙන් ගොතන ලද ප්‍රබන්ධය පිළිබඳව පැහැදිලි කිරීමක් පසුගිය සැප්තැම්බර් 07 වැනි දින අප සිදු කළා. මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා සහ මහින්ද ජයසිංහ මහතා නීතිඥ සංගමයටත්, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමාටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් කර තිබෙනවා. විශේෂයෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වගඋත්තරකරුවන්ට විරුද්ධව ක්‍රියා කරන ලෙස එමඟින් ඉල්ලා තිබෙනවා. නිතිඥවරුන් වන රණගල මහතා සහ දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව ක්‍රියා කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඒ ව්‍යාජ ප්‍රචාරය සිදු කළ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍යවලට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඒ මඟින් අප ඉල්ලා තිබෙනවා. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින එම නඩුවට වසන්ත සමරසිංහ මහතාට හෝ මහින්ද ජයසිංහ මහතාට පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් විය නොහැකියි. ‘අදිටන’ විශ්‍රාමික සාමුහිකයේ සාමාජිකයන් 40,000කට වැඩි පිරිසක් ඉතා විනයගරුකව අපේ මැතිවරණ ව්‍යාපාරයට දායක වී සිටිනවා. නමුත්, තුෂාර ඉඳුනිල් වැනි අය මෝඩ කතා කියමින්, තවදුරටත් ප්‍රචාර ගෙන යනවා.
ඒ වාගේම වසන්ත සමරසිංහ මහතාට විරුද්ධව තව ගෙන යන මඩ ව්‍යාපාරයක් ඩිල්මා සමාගමේ හිටපු සභාපති, මෙරිල් ජේ. ප්‍රනාන්දු මහත්මයාගේ අත්සනින් ‘වාර්ෂික අනුග්‍රාහකත්වය’ යනුවෙන් 2021 මැයි මාසයේ 14 දිනයක් සඳහන් කරමින්, ලිපියක් මුදාහැර තිබෙනවා. මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ‘ඩිල්මා’ කියන නාමය ලෝකය පුරා ගෙන ගිය තේ සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් ලංකාවට හිමි කර දුන් අයෙක්. ළඟ දී අභාවප්‍රාප්ත වූ එතුමාගේ අත්සන ව්‍යාජ ලෙස පාවිච්චි කරමින්, මඩ ප්‍රචාර දියත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 වැනිදා ඩිල්මා සමාගමේ ලේකම්, ජෑන්ගා වෑගොඩපොළගේ අත්සනින් අපට ලියුමක් එවා තිබෙනවා. එවැනි ලිපියක් මෙරිල් ප්‍රනාන්දු මහත්මාගේ අත්සනින් නිකුත් කර නැති බව ලේකම්වරිය දන්වා තිබෙනවා. එම ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍යයට මුදාහැරි සහ එය ප්‍රචාරය කරන්න දායක වුණු අයට විරුද්ධව අප අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අප මේ කටයුතු සිදු කරන්නේ 21 වැනිදා තෙක් බව සමහර අය කල්පනා කරන නමුත්, අපරාධ සහ සිවිල් වශයෙන් මේ නින්දිත ක්‍රියාවලට විරුද්ධව අපි අධිකරණමය කටයුතුවලට ප්‍රවේශ වෙනවා. මින් ඉදිරියට අපට විරුද්ධව ගෙන යන මඩ, අවලාද, අසත්‍ය ප්‍රකාශවලට විරුද්ධව අපි අධිකරණමය ක්‍රියාමාර්ග නිශ්චිත වශයෙන්ම ගන්නා බව අවධාරණය කරනවා.
“වට්ස්ඇප්වල බොරු දාන අයගේ හාම්පුතුන් ගහන ගේම් අපි හෙළිකරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-
ඩිල්මා ආයතනය සම්බන්ධ කරමින්, ව්‍යාජව සකස් කළ ලිපිය මුල් වරට සමාජ මාධ්‍යයට මුදාහරින්නේ ‘යක්කාණ්ඩුව’ කියන ‘වට්ස්ඇප් ගෲප්’ එකෙන්. ඒ ගෲප් එක කරන ‘ඇඩ්මින්’ විදියට ඉන්නේ උපාලි ගුණසේකර. ඔහුගේ ෆෝන් නම්බර් එක 070 662 8866/071 207 1744. දුලිප් කියන කෙනා මේ වට්ස්ඇප් ගෲප් එකට මුලින්ම මේ ලිපිය මුදාහරිනවා. ඔහු ඉන්නේ 070 143 9996 අංකයේයි. මෙරිල් ප්‍රනාන්දු මහතා මිය ගිය අයෙක්. ඔහුගෙන් මාසිකව මම අල්ලසක් ගත් බවටයි, මේ ලිපියෙන් සඳහන් කර තිබෙන්නේ. මේ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අප කටයුතු කරනවා. උපාලි ගුණසේකර දෙවන වරටත් මෙම ලිපිය මුදාහරිනවා. ඊට අමතරව රනිල් වික්‍රමසිංහට ‘රට නඟන ගමන’ කියලා වට්ස්ඇප් ගෲප් එකක් තියෙනවා. ඒකෙත් මේ ලිපිය මුලින්ම අනෝමා කියලා කෙනෙක් 071 744 2930 අංකයෙන් මුදාහැර තිබෙනවා. එහි ඇඩ්මින් විදියට ඉන්නේ පවිත්‍ර ජයමාන්න 076 303 9499 අංකයෙන්. තවත් ඇඩ්මින් කෙනෙක් පිලිප් කියාලා 076 730 0760 අංකයෙන් ඉන්නවා. ඒ වාගේම ජර්මනියේ ඉඳන් සුභාෂිනී කියලා කෙනෙක් ූ4915 122335648 අංකයෙන් තව දුරටත් මුදාහැර තිබෙනවා. ඒ වාගේම ‘ශ්‍රී ලංකා මෙඩිකල් ප්‍රෙෆෙෂනල්’ කියලා කෙනෙක් අංක 071 689 8874 තවදුරටත් ව්‍යාප්ත කරනවා. මේ සියලු දෙනාට සයිබර් අපරාධ යටතේ අප පැමිණිලි කර තිබෙනවා. අල්ලස් සහ කප්පම් ගැනීම් යටතේ මාව සම්බන්ධ කරමින්, මේ ආකාරයේ ප්‍රචාර යවා තිබෙනවා.
විශේෂයෙන්ම දැනට ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින ‘දෙරණ’ නාලිකාවේ වැඩ කළ දිල්කා සමන්මලීගේ ‘ෆේස්බුක්’ පිටුවේ පෝස්ටුවක් ප්‍රචාරය කර තිබුණා. දවස් දෙකකට කලින් මම ඇයට කතා කර අනවබෝධයෙන් පළ කළා නම්, නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටියා. ඇය එය නිවැරැදි කර තිබුණා. ඒ වාගේම “මගේ එෆ්බී එකේ මෙය ප්‍රශ්න කළා වාගේම විනාඩි කිහිපයක් තුළ මෙය වැරැදි පුවතක් බවත් සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේම වැරැදි පෝස්ට් එකක් දාන්න කලින් සොයා බැලීමේ වගකීමකුත් තිබෙනවා. ඒ වාගේම ගල්කිස්ස අධිකරණයේ ක්‍රියාවලියට අදාළවත් ගෙන ගිය ප්‍රචාරය වැරැදි බව මම සඳහන් කළාම එය පදනම් කරගෙන මම අධිකරණයට අපහාස කළ බව කියමින්, පෝස්ට් එකක් දැම්මා. ඒ අවස්ථාවේ ඒ උසාවියේ සිටි අතුල රණගල නීතිඥ මහතා වැරැදි පෝස්ට් එකක් ෂෙයාර් කරලා තිබුණා. ඔහුටත් ඒ නීතිය අදාළයි. ඒ වාගේම එස්.ජේ.බී. වැල්ලවාය කියන ගෲප් එක ඩිල්මා ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් පෝස්ට් එක ෂෙයාර් කර තිබෙනවා.
මම දැන් හෙළි කරන්නම්, පසුගිය කාලයේ බාර් ලයිෂන් ගනුදෙනු සිදු කළ හැටි. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සහ සජබ මන්ත්‍රීවරුන්ට ‘බාර් ලයිෂන්’ කියන කැරට් අලය දුන්නා. ලයිෂන් එක අත්සන් කර ගන්නෙත් නැතිවම සමහර අය කැරට් අලය කෑවා. සමහර පුද්ගලයන්ගෙන් බාර් ලයිෂන් දීමේ පොරොන්දුව මත පගාව අරගෙන ලයිෂන් එක දෙන්න බැරි වුණු පිරිසක් දැන් හිර වී සිටිනවා. පගාව දුන් අය එක්කෝ බාර් ලයිෂන් එක දෙන ලෙසත්, නැත් නම්, අදාළ මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලීම නිසා සජබ මන්ත්‍රීවරු ගලේ පැහැරූ බළලුන් මෙන් හතර අතේ දුවනවා. රනිල්ගේ වේදිකාවට නැඟගන්නත් බැහැ, සජිත් ළඟ ඉන්නත් බැරි වී තිබෙනවා. මැල්සිරිපුර, ගලේවෙල, අංකුඹුර යන ස්ථානවලට බාර් ලයිෂන් දෙන්නම් කියලා රුපියල් මිලියන 21ක් සජබ මන්ත්‍රීවරයෙක් අරන් තියෙනවා. එයින් මිලියන පහක්ම මුදල් වශයෙන් විතැන් කර තිබෙනවා. ඒ වාගේම මිලියන 10ක චෙක් එකක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ලංකා බැංකුවෙන් නිකුත් කර තිබෙනවා. චෙක්පත් අංකය 277245. මේ චෙක් එක ඔක්තෝබර් මාසයේ 10 වැනිදාට දිනය ඇතුළත් කර තිබෙනවා. තව මිලියන හයක් දෙන්නත් තිබෙනවා. මෙයා රනිල්ගේ වේදිකාවට ආවේ නැති නිසා බාර් ලයිෂන් එකට අත්සන් කරලා නැහැ. වට්ස්ඇප් ගෲප්වල බොරු ප්‍රචාර දාන අයට අපි හෙළි කරන්නේ ඔවුන්ගේ හාම්පුතුන් ගහන ගේම් ගැනයි. සජිත් ප්‍රේමදාස සහ පිරිස බස් බෙදන්න සල්ලි කොහෙන් ද ඇහුවාට කීවේ නැහැ නේ. නමුත්, අපි ඒවා ළඟදීම හෙළි කරන්නම්. ඒ වාගේම නාරම්මල බාර් ලයිෂන් එකට මිලියන 35ක් අරගෙන තිබෙනවා. කතරගම බාර් ලයිෂන් එක දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක ඉන්න කෙනෙක්. මේ සම්බන්ධයෙන් සියලු විස්තර අපි 18 වැනිදා එළියට දානවා. ජාතික ජන බලවේගයේ රජයක් තුළ මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයට බොරු මඩ ගහගෙන ඇවිල්ලා, 18 වැනිදා ඔයගොල්ලන්ගේ ඇත්ත සියල්ල එළියට දැම්මාම ජනතාව වඩා හොඳින් තේරුම් ගනීවි.
අපට විශේෂ දෙයක් හෙළි කරන්න මේ අවස්ථාවේ ලැබී තිබෙනවා. සමඟි ජන බලවේගයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් ගම්පහ දිස්ත්‍රික්කයේ තැනින් තැන ගෙවල්වලට පත්‍රිකාවක් බෙදාගෙන යනවා. එහි සඳහන් වන්නේ “අනාගමික රාජ්‍යයක් බිහි වීමට ඉඩ නොදෙමු. සිංහල බෞද්ධයනි, රැල්ලට ගොස් බෙල්ලේ වැල ලා ගැනීමට පෙර දෙවරක් නොව කිහිප වරක්ම සිතන්න” යනුවෙන්. ගම්පහ, හිරිපිටිය ප්‍රදේශයේ දැනටත් මේ පත්‍රිකාව බෙදමින් පවතිනවා. මෙයින් පැහැදිලි වන්නේ සමඟි ජන බලවේගය කොයි තරම් කලබල වෙලා ද කියලා. මේ වාගේ මඩ පත්‍රිකාවක් බෙදන කෙනාට සහ මුද්‍රණය කළ කෙනාට අයි.සී.සී.පී.ආර්. පනත යටතේ කටයුතු කළ හැකියි. ආගම් අතර අසමඟියක්, ජනතාව අතර අසමඟියක් ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
බාර් ලයිෂන් දීලා තියෙන්නේ ඇමැතිවරුන්ට ද? මන්ත්‍රීවරුන්ට ද?
අපි 18 වැනිදා මේ සම්බන්ධ සියලු විස්තර හෙළි කරනවා. චෙක්පත් අංකයත් එක්ක කීවේ, වඩාත් තහවුරු වෙන්න. කතරගම බාර් ලයිෂන් එක දුන්නේ පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක ඉන්න කෙනෙක් බව ව්‍යංගයෙන් කීවා. ඒ සියල්ලම අපි 18 වැනිදා එළියට දානවා. ආණ්ඩුවේද, සජබයේ ද කියලා 18 වැනිදා කියනවා.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරියහොත්, ඇති වන තත්වය කුමක් ද?
ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එහෙම විසුරුවා හැරියහොත්, එයින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක් වී මේ රට අල්ලලා පොළොවේ ගහනවා කියන එකයි. ශුද්ධ සිංහලෙන් කියනවා නම්, කුපාඩි වැඩක්. ව්‍යවස්ථාවෙන් යා හැකි දුරකුත් තියෙනවා. නමුත්, මේ කුපාඩි වැඩෙන් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ බල හුවමාරුවක දී රටට හෝ ජනතාවට හෝ අගතියක් නොවන හැටියට ක්‍රියා කිරීම ජනාධිපතිගේ වගකීමක්. මේ රටට කළ හැකි උපරිම අගතිදායක දේවල් සිදු කර ඔවුන් යනවා නම්, ඒ අලුතින් පත් වන ජනාධිපතිවරයාට ක්‍රියා කළ හැකි ආකාරයන් තිබෙනවා.
පාඨලී චම්පික රණවක මහතා කියලා තියෙනවා, ඔබලා මේ එළිදක්වා තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව තව එකක් තියෙනවා කියලා. ඒ ගැන මොකද කියන්නේ ?
පාඨලී චම්පික ප්‍රමුඛ බොහෝ අයට දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව නියත වීමයි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉතිහාසයේ ඡන්ද ඉල්ලුවා, ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කළා. දේශපාලනය කළා. 2018දී ජාතික ජන බලවේගය ගොඩනැඟුවා. 2019 ජනාධිපතිවරණයට අනුර සහෝදරයා ඉදිරිපත් කළා. ඒ වාගේම 2020 මහා මැතිවරණයට ජාතික ජන බලවේගය ඉදිරිපත් වුණා. ඒ වාගේම 2024දීත් ජාතික ජන බලවේගය ලෙස අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුවයි ජනාධිපති නීතිඥවරුන්, මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව, විශ්‍රමිකයන්, වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා එකතු වී සිටින්නේ. එහෙම නම්, අපි චම්පික රණවකගෙන් අහනවා, ඒ ගොල්ලෝ පටන් ගත්ත හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි, සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි එකක් ද? දෙකක්ද කියලා. ඔය වාගේම පාස්කු ප්‍රහාරය අවස්ථාවේ අනුර සහෝදරයා කළ ප්‍රකාශයත්, හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා විකෘති කර ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපි එන්තරවාසියක් යැව්වා. මේ නිසා හකීම් මහතා අද ‘තිනක්කුරල්’ පත්‍රයට ඒ වරද නිවැරැදි කර තිබෙනවා. ඔහු කලබලයෙන් සිටි බවත්, අනුර කුමාර දිසානායක ජාතිවාදී ප්‍රකාශයක් නොකළ බවත් ප්‍රකාශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට තිබුණු ප්‍රශ්න වෙනුවෙන් අනුර සහෝදරයා දිගින්දිගට ම පෙනී සිටියා. එය විකෘති කළ හකීම් මහතට එය නිවැරැදි කරන්න සිදු වුණා වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් අනුර සහේා්දරයාට විරුද්ධව ජාතිවාදය අවුස්සන්න උත්සාහ කළ අවස්ථාවේ සුමන්තිරන් මහතා ඉදිරිපත් වී අනුර සහෝදරයා ජාතිවාදියකු නොව බව ප්‍රකාශ කළා. ඔය වාගේම දැන් චම්පික රණවක උත්සාහ කරනවා, මේ වාගේ ව්‍යාජයන් සමාජගත කරන්න. නමුත්, මේ 21 වැනිදා මේ රටේ ජනතාව අනුර සහෝදරයා ජනාධිපති කරවන එක වළක්වන්න ඔය කිසිවකුටත් බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලුම මිනිසුන්ගේ හීනයක් හැබෑ කිරීමේ අවස්ථාව ඒ ජනාධිපතිවරණයෙන් පසුව සැබෑ කර දෙනවා. ජාතික ජන බලවේගයේ හංගලා ගහන දේවල් නැහැ.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – සයින්දමරුදු – 2024.09.13-) දීර්ඝ කාලයක් මේ අපේ රට මේ පාලකයෝ පාලනය කළා. රටත් ජනතාවත් දුප්පත්කමේ පතුළටම වැටුණා. පාලකයෝ ගොඩනැගුණා, රට වැටුණා. අපි සැප්තැම්බර් 21ක ජනාධිපතිවරණය දිනා ආණ්ඩුවක් හදාගමු. මේ රට ගොඩනගන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදාගනිමු. මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. දකුණේ ජීවත්වන සිංහල, […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – සයින්දමරුදු – 2024.09.13-)
දීර්ඝ කාලයක් මේ අපේ රට මේ පාලකයෝ පාලනය කළා. රටත් ජනතාවත් දුප්පත්කමේ පතුළටම වැටුණා. පාලකයෝ ගොඩනැගුණා, රට වැටුණා. අපි සැප්තැම්බර් 21ක ජනාධිපතිවරණය දිනා ආණ්ඩුවක් හදාගමු. මේ රට ගොඩනගන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදාගනිමු. මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. දකුණේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජාතික ජන බලවේගයත් සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. මේ සයින්දමරදුවල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ තීන්දුව මොකක්ද? ඔබලා හඬගා කියන පරිදි ජාතික ජන බලවේගය දිනවීම ස්ථිරයි.
අපේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා අද අපිට විරුද්ධ පාර්ශ්වයන් අපට එරෙහිව අවලාද මඩ සහ අසත්‍ය තොරතුරු පතුරුවමින් ඉන්නවා. ළඟදී මෙහෙට ආවාද හිස්බුල්ලා. එතුමා ඇවිත් අපි ගැන අවලාද බොරු ගොඩක් ප්‍රකාශ කරළා තිබෙනවා. මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් සමරන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් රාමසන් උත්සවය. අනික හජ්ජි උත්සවය. හිස්බුල්ලා කියල තියෙනව අපි ආවහම එකක් නතර කරනවා කියල. හිස්බුල්ලාගෙ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕනෑ. එයා තව කියල තියෙනවා ජනතාවට පල්ලි යන්න දෙන්නෙ නෑලු. මේ ගොල්ලො මුස්ලිම් ජනතාව ළඟට ඇවිල්ල එහෙම කථාවක් කියනවා. ඒ ස.ජ.බ. තිස්ස අත්තනායක මහනුවරදි කියනවා අපි බලයට ආපුවහම පෙරහර කරන්න දෙන්නෙ නෑලු. ඒ ගොල්ලන්ගේ වේදිකාවට ගොඩවෙන සමහර හාමුදුරුවරු කියනවා අපි ආපුවහම දානවේල හම්බවෙන්නෙ නැතිලු. ඒව දේශපාලන කථාද? ඒව දේශපාලන විවේචනද? ඒවාට කියන්නෙ අවලාද. ඒවට කියන්නෙ අසත්‍යය. ඇත්තටම ආගම් පිළිබඳ ගෞරවයක් තිබෙනවා නම් ආගම් පිළිබඳ නිදහස ඇත්තටම අපේක්ෂා කරනවා නම් දේශපාලන වේදිකාවෙ කියන්න ඕන නැති කරුණු ඒවා. ඒවා ආගම්වාදය අවුස්සන කථා. අපි සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව ජීවත්වන රටක් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියල ආගම් ගණනාවක් අදහන රටක්. දෙමළ, සිංහල ප්‍රධාන භාෂා දෙකක් කථාකරන ජනතාවක් ඉන්න රටක්. සිංහල අයට තමන්ගේම වූ අනන්‍යවූ සංස්කෘතියක්. දෙමළ අයට අනන්‍යවූ සංස්කෘතියක්, මුස්ලිම් අයට අනන්‍ය වූ සංස්කෘතියක් සහිත සංස්කෘතීන් ගණනාවක් එක්ක ජීවත්වන රටක්, අපේ රට. ඒ නිසා මේ රටේ අනාගතය පවතින්නෙ මෙම විවිධත්වයන් සහිත ජනකණ්ඩායම් අතර සමගිය හැදුණොත් විතරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් එන්නේ ඔබේ ආගම ඇදහීමේ අයිතිය, භාෂාව කථා කිරීමේ අයිතිය ලබාදෙන පාලනයක්. ඔබේ සංස්කෘතික අනන්‍යතාවය පිළිගන්න නිදහස් රටක් හදන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව.
දැන් හිස්බුල්ලා බොරු අසත්‍ය පතුරුවන්නට පටන් අරගෙන තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. කවර හෝ ආගමක් පිළිබඳව, සංස්කෘතියක් පිළිබඳව, භාෂාවක් පිළිබඳ කවුරුහරි අන්තගාමී අදහසක් ඉදිරිපත් කරනවා නම්, එයාට විරුද්ධව පැමිණිලි කරල නීත්‍යානුකූල දඬුවම් ලබාදීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් දේශපාලනයට ආගම්වාදී ප්‍රකාශ ජාතිවාදී ප්‍රකාශ කියන, කරන එක නතර කරන එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වගකීම.
අපිට ඕන ජාතික සමගිය තිබෙන රටක්. ඔක්කොම සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. ඒ නිසාම තමයි අපි ඔබව හමුවෙන්න ආවේ. සැප්. 21 අපි දිනන්න ඕනෑ. දකුණේ ඉන්න ජනතාවගේ විශ්වාසයෙන් විතරක් නොවෙයි නැගෙනහිර තමුන්නාන්සේලාගේ විශ්වාසයත් අපිට ඕනෑ. උතුරෙ ජනතාවගේ විශ්වාසයත් අපිට ඕනෑ. ලංකාවේ පළමු වතාවට දකුණේ ජනතාවද නැගෙනහිර ජනතාවද උතුරේ ජනතාවද කඳුකරයේ ජනතාවද පිළිගන්න ආණ්ඩුවක් හදමු. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත්තු ආණ්ඩුවක් අපි හදනවා.
ඔයගොල්ලො දන්නවා මීට කලින් දේශපාලන පක්ෂ තරගෙට එන්නෙ කොහොමද, සජිත් එන්නෙ හකීම් කරේ තියාගෙන. රනිල් එන්නෙ අතාවුල්ලා කරේ තියාගෙන. අපි එන්නෙ ජනතාව කරේ තියාගෙන, ඔබගේ විශ්වාසයෙන්. අන්න එහෙම එකමුතුවේ ව්‍යාපාරයක් අද හදා තියෙනවා. ඒක දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂයක් නායකයෝ නියෝජනය කරන එකක් නොවෙයි. ඒක තමයි ජාතික ජන බලවේගය. අද මෙතන දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනතාව අපේ සහෝදරියන් සහෝදරවරු එකතුවෙලා අපිට කියන්නෙ මොකක්ද? ඔබලාට ස්තුතියි අපිව විශ්වාස කිරීම ගැන. මම ඔබට එක සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින්වත් හානි නොකොට එය ආරක්ෂා කරන බවට.
ඔබ දන්නවා 2015 මහින්ද රාජපක්ෂලා පැරදුණා. ඔවුන්ට නැවත දේශපාලනයෙන් ගොඩ එන්න පාරක් හොයමින් හිටියා. ඔවුන්ට හොරකම නතරකරනවා, කියල නැවත බලය ගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය හදනවා කියල බලය ගන්න බැහැ. 2015න් පස්සෙ රාජපක්ෂලට. ඉන් පස්සෙ රටේ ජනතාවගෙ ප්‍රශ්නය විසඳනව කියල ඔවුන්ට බලය ගන්න බැහැ. ඒ නිසා රාජපක්ෂලා මාර්ග සිතියමක් එළුවා බලය ගැනීම සඳහා. ඒ සඳහා මුස්ලිම් ජනයට එරෙහිව ජාතිවාදී ව්‍යාපාරයක් පටන් ගත්තා. කාපුවහම වඳවෙන කොත්තු හදනවා කිවුවා. නැවත බලයට එන්න ජාතිවාදය වපුරන්නට පටන් ගත්ත. මුස්ලිම් කඩවල වඳ ඇඳුම් විකුණනවා කිවුවා. ඒව ඇන්දහම වඳවෙනවා කියලා, ජාතිවාදය ඇවිස්සුවා. සිංහල කාන්තාවො වඳ කරවන වඳ දොස්තර ඉන්නව කිවුවා. 2019දී ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ කිවුව ජාතිය බේරගන්න ආගම බේරගන්න ඔහුව දිනවන්න කිවුවා. සිංහල ජනතාව පොදි බැඳගෙන ඡන්දෙ දීල දිනෙව්වා. දැන් ඒ පොහොට්ටුව කෝ ඒ පොහොට්ටුවේ ආණ්ඩුව තමයි කෝවිඩ් වසංගතය වෙලාවේදී මුස්ලිම් අය මියයන විට, භූමදානය කරන්න නොදී ආදාහනය කරන්න කිවුවේ. දැන් ඒ පොහොට්ටුවේ බහුතරයක් ඉන්නෙ රනිල් වික්‍රමසිංහ ගාව. අද පොහොට්ටුවේ නායකයා රනිල්. අනෙක් කට්ටිය ඉන්නෙ කාගාවද? පොහොට්ටුවේ සභාපති ජී. එල්. පීරිස් ඇතුළු ජාතිවාදය වපුරමින් හිටපු කට්ටිය මුස්ලිම් ජනතාව ආදාහනය කරන්න කියල තීන්දුව ගන්න කොට, කැබිනට් එකේ හිටපු ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා අද කොහෙද ඉන්නෙ. සජිත් ප්‍රේමදාස ළඟ. ජාතිවාදී නඩ ඔක්කොම අද ඉන්නෙ ඒ ගොල්ලො ගාව. ඒ නිසා ඔබ රනිල් දිහා බැලුවත් පොහොට්ටුවේ පලුවක් එතන. සජිත් දිහා බැලුවත් පොහොට්ටුවේ පලුවක් එතන. ඒ ඔක්කොම ජාතිවාදය වපුරපු අය. අන්න ඒ ජාතිවාදයට නොවැටුනු ඒ මඩ ගොහොරුවේ නොගිලිණු එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. මම ඔබගෙන් අහන්නෙ කාවද තෝර ගන්නෙ. තෝරගන්න තියෙන්නෙ ජාතික ජන බලවේගය විතරයි.
මේ දේශපාලනයේ කැත සූදුවක් තිබෙනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙන් කුට්ටිය ගන්නවා මෙහෙන් කුට්ටිය ගන්නවා. දැන් අතාවුල්ල කොයි පැත්තෙද? මේ එහෙට මෙහෙට පනින දේශපාලනය නතර කරන්න ඕන නැද්ද? අපේ රට විනාශයට පත්වුණේ මේ කැත මජර දේශපාලනය නිසා. ගිය මාසේ බනිනවා මෙ මාසේ ගිහින් බදාගන්නවා. මේක වෙනස් කළ යුතු නැද්ද? ඕන. දැන් අර ගීත නෝන බලන්නකො. ගිය සතියෙ කියනව රනිල් තමයි ටොප් කියල. මේ සතියෙ කියනව සජිත් තමයි ටොප් කියල. එන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ.
මහරගම බොදු බලසේනාවෙ වේදිකාවෙ නැග්ග චම්පික රණවක, දැන් සජිත් ප්‍රේමදාස එක්ක. රිසාද් බදියුද්දීන් එයත් සජිත් ප්‍රේමදාස එක්ක. සජිත් ප්‍රේමදාස නැගෙනහිරට එනකොට හකීම්ව අරගෙන එනවා, චම්පික හංගල එන්නෙ. මාතරට යනකොට හකීම්ව හංගල චම්පිකව අරගෙන යනවා. මන්නාරමට යනකොට රිසාද් බදුද්දීන්ව අරගෙන යනව චම්පිකව හංගල යනවා. ගාල්ලට යනකොට රිසාද්ව හංඟලා චම්පිකව අරන් යනවා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක්. අද උතුරට ගිහිල්ලත්, දකුණට ගිහිල්ලත් නැගෙනහිරට ගිහිල්ලත් එකම කථාවක් කියන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. අපි මේ සෙල්ලම කොලේ හංගල ‘ප්ලේ’ කරන්නේ නැහැ. ඒ ගොල්ලො කොල හංගල ගහන්නෙ. මේ ජරා දේශපාලනයම ඇති මේ ගොල්ලන්ව පරාජය කරන්න. මේ ඔක්කොම සලකා බලල අපි සැප්තැම්බර් 21 වෙනිදාට හොඳ තීන්දුවක් ගන්න ඕනෑ. ඉතිං ඒ ගොල්ලෝ බෙදා ගන්නනේ එන්නේ. අපි ආණ්ඩුවක් හදනවා, වරප්‍රසාද අත් හරින දේශපාලකයෝ ඉන්න.
ඔබ දන්නවා මේ රටේ කුඩු ජාවාරම, පාතාලය පිටුපස ඉන්නේ දේශපාලකයන්. මේ මැතිවරණයට ඒ ගොල්ලෝ වියදම් කරන්නේ කුඩු ව්‍යාපාරිකයන්ගේ සල්ලි. අපේ රටේ නීතිය හා සාමය රකින්න ඕනැ. කුඩු ව්‍යාපාරය තුරන්කරන්න ඕනෑ. අන්න ඒ වැඩකරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි මේ රටේ ආර්ථිකය හදනවා. නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. මේ පාලකයෝ කිසිදාක ඒවා කරන්නේ නැහැ. මේ ගොල්ලෝ කැමති හැම දෙයක්ම රටන් ගෙන්වලා මෙහෙ විකුණන්න ක්‍රමයට. එතකොට තමයි පාලකයන්ට කොමිස් කුට්ටිය එන්නේ. රනිල්ලගෙ ආණ්ඩුවෙදි බෝට්ටු වැල්ලෙ ගොඩගහලා, කරවල මේ මාලදිවයිනෙන් ගේනවා. මාලුන්ට ඡන්දෙ තිබ්බා නම් දෙන්නෙ රනිල් වික්‍රමසිංහට.
අපි මේ රටේ මුහුදු යන සියලු ධීවරයන්ට අවශ්‍ය සියලු සහන ලබාදෙනවා. මේ පැත්තේ මුහුදු ඛාදනය වැඩිවෙලා කඩාගෙන කඩාගෙන ගොඩබිමට එනවා. සමහර පොල් වතු, බිල්ඩින් මුහුදට යටවෙලා. ඒ නිසා මේ වෙරළ සංරක්ෂණය කරලා මුහුදු ඛාදනය නතර කරන්න අවශ්‍ය පරිසර පරීක්ෂාවක් කළ යුතුයි. එසේ කරලා ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අනිවාර්යයෙන්ම එය කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගැනීම සිහිනයක් පමණයි. පුළුවන් අය රැකියා සොයාගෙන රට දාලා විදෙස්ගත වෙනවා. අපි මිනිසුන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හැදිය යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමු. රට හදන ආණ්ඩුවක් ගොඩ නගමු. හොරකම් නතර කරන, ජනතාවගේ ධනය හොරාකාපු දේශපාලුවන්ට දඬුවම් දෙන ආණ්ඩුවක්, හොරා කාපු මහජනතාවගේ දේපොළ යළි පවරා ගන්න ආණ්ඩුවක්, සැබෑ ලෙසම ජනතාවාදී ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොනගනවා. සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි. සහතිකයි.
(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.09.14-) ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට ලැබෙන පැමිණිලි ප්‍රාදේශීය සහ කොට්ඨාස සභා මට්ටමින් නිරීක්‍ෂණය කරන්න නිරීක්‍ෂකයන් යොදවා තිබෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා කාලය සමස්තයක් ලෙස සලකා බැලුවාම ශීඝ්‍ර වර්ධනයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වල පවතිනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 392ක් වාර්තා වන අතර, […]
(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.09.14-)
ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට ලැබෙන පැමිණිලි ප්‍රාදේශීය සහ කොට්ඨාස සභා මට්ටමින් නිරීක්‍ෂණය කරන්න නිරීක්‍ෂකයන් යොදවා තිබෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා කාලය සමස්තයක් ලෙස සලකා බැලුවාම ශීඝ්‍ර වර්ධනයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වල පවතිනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 392ක් වාර්තා වන අතර, නීති විරෝධී ප්‍රචාරණ සම්බන්ධයෙන් 186ක්, නීත්‍යනුකූල මැතිවරණයට බාධා කිරීම් 6ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 30ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 120ක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම් 73ක් සහ රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම් 39ක් වශයෙන් වර්ග වී තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිත කර ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයා කේන්ද්‍රගත කරමින්, විශාල මඩ ප්‍රචාර දියත් කරමින් තිබෙනවා. ව්‍යාජ සටහන්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හැඟෙන පරිදි සකස් කළ ව්‍යාජ තොරතුරු සහ ජාතික ජන බලවේගයේ නායකයන් පළ කළ අදහස් විකෘති කොට සංස්කරණය කරමින්, නිෂ්පාදනය කළ වීඩියෝ පට වාගේම ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නමින් ව්‍යාජව සැකැසූ වෛද්‍ය වාර්තාවක් ආදිය මුදාහැර තිබෙනවා. එම වෛද්‍ය වාර්තාව සත්‍ය බව පෙන්වීම සඳහා ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක් යටතේ ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතාගේ ව්‍යාජ අත්සන සහිතව සෑදූ කූට ලේඛනයක්ද සකස් කර සමාජගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට කරුණු යොමු කළා.
මැතිවරණ නීතිය පමණක් නොවෙයි, එයින් එහා ගිය දණ්ඩනීති සංග්‍රහයේ දක්වා තිබෙන කූට ලේඛන සෑදීමේ වරදවල් සිදු කර තිබෙනවා. ව්‍යාජ වෛද්‍ය සටහන මුදාහැරි පසුව ආසිරි රෝහලේ නිල ‘ෆේස්බුක්’ අඩවියෙන් භාෂා තුනෙන්ම නිවේදනයක් නිකුත් කරමින්, අදාළ වෛද්‍ය සටහන ව්‍යාජ එකක් බව පෙන්වා දී තිබුණා. මේ ව්‍යාජ සටහන රූපවාහිනී සංවාදයක දී පෙන්වීමට පවා යොදා ගත්තා. මැතිවරණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කළත්, ඒවා නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රයත්නයක් දරන බව පැහැදිලි වෙන්නේ නැහැ. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පමණක් නොවෙයි, ඒ වෙනුවෙන් පසුබිම සැකැසීමත් මැතිවරණ කොමිසමේ වගකීමයි. මැතිවරණ නීතිය පසෙක තැබුවත්, සාමාන්‍ය නීතිය යථා පරිදි ක්‍රියාත්මක වන බවට අපි සද්භාවයෙන් විශ්වාසය තබා සිටිනවා. ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ කියන නමින් සංවිධානයක් අටවා ගත් පුද්ගලයකු එහි ලේකම් හැටියට අනිල් ශාන්ත ප්‍රනාන්දු නමින් පෙනීසිටිමින්, මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. ඔහු 21 වැනිදාට පසු ආගමික ප්‍රචණ්ඩත්වයක් එන බවටත්, ජනතා විමුක්ති පෙරමුණ ආයුධ එකතු කරන බවටත් බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. නැති භීතියක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කරන මොවුන් මැතිවරණ නීතියටත් එහා ගිය සිවිල් සහ සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) උල්ලංඝනය කිරීමක යෙදී සිටිනවා. ජනතාව අතර ආගමික සහජීවනය නැති කරන්න දරනු ලබන උත්සාහයක්.
මෙම ජාත්‍යන්තර සම්මුතිය අනුව මේ රටේ පනවා තිබෙන නීති කෙතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක කළා ද යන්න පසුගිය වසරවල හොඳින්ම නිරූපණය වුණා. සමාජයේ නීතියට අනුව හැසිරෙන්න දන්නේ නැත්නම්, ඒ පුද්ගලයන්ව නීතියෙන් බැඳලා දාන්න ඕනෑ. තමන්ගේ ඔළුවේ තිබෙන විකාර සමාජගත කර අනෙක් අයගේ මනස විකෘති කරන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය බරපතළ තත්වයක්. සාමකාමී, ස්වාධීන මැතිවරණයක් සඳහා පරිසරය ගොඩනැඟී තිබෙන අවස්ථාවක මෙවැනි පුද්ගලයන් ගෙන යන බියකරු ප්‍රචාර සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
පසුගිය 07 වැනිදා ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුවට රට පුරාම විසිරී සිටින නීතිඥවරුන් පැමිණි අවස්ථාවේ වතුර බෝතලයක් විතරයි දුන්නේ. නමුත්, එදිනම සවස සමඟි ජන බලවේගයේ නීතිඥ හමුවක් පැවැත්වීමෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහය මධුවිතත් ඇතුළුව පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අපි එය පැවැත්වීමට පෙර පැමිණිලි කළත්, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. උදය වරුවේ 2,800කට වැඩි පිරිසක් සහභාගී වී අපේ නීතිඥ සමුළුව පැවැත්වුවත්, සවස ඔවුන් එම පරිශ්‍රයේම පැවැත්වූ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ක්‍රියා කර තිබෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමට පැවරී තිබෙන බලතල අනුව ජනාධිපති අපේක්‍ෂකවරුන් සියලු දෙනාට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මැතිවරණ නීතිය වාගේම දණ්ඩනීති සංග්‍රහයත් උල්ලංඝනය කිරීම පිළිබඳව එම ආයතන දැඩිව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
“මැතිවරණ කොමිෂන් සභාව තමන්ගේ බලතල අනුව ක්‍ෂණික ක්‍රියාමාර්ග ගත යුතුයි”
-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක මධ්‍යස්ථානයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාර්ක් ගුණවර්ධන-
අද සිට ජනාධිපතිවරණයට තිබෙන්නේ තව හරියටම දින හතක් පමණයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා. එම වගකීම ප්‍රායෝගිකව ඉටු කිරීමේදී පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවා උපකාරී වෙනවා. මේ ආකාරයෙන් පවත්වනු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක සහෝදරයාගේ විජයග්‍රහණය රටේ සියලුම ප්‍රදේශවලින් තහවුරු වී තිබෙනවා. අපි මෙතෙක් ඉදිරිපත් කර තිබෙන පැමිිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිම සාධාරණත්වයක් ඉටු වුණේ නැහැ. 2024 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ සාදයක් පැවැත්වූවා. මේකත් මහජන මතය වෙනස් කිරීමට සංග්‍රහ කිරීමක් හැටියට පවතිනවා. ඒ වාගේම සෞඛ්‍ය ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් හට ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ රැස්වීමක් පවත්වන්න ඇරැයුම් කර තිබුණා. එය පවත්වා තිබුණා. කිසිම චකිතයක්, බියක් නැතිව ජනාධිපතිවරයාගේ නිල ‘ෆේස්බුක් ගිණුමේ’ මෙය සජීවීව විසුරුවා හැර තිබුණා. ඔවුන් නීති කඩමින්, අප වෙතට ඇඟිල්ල දිගු කරනවා.
පසුගිය 13 වැනිදා නිරෝෂන් පාදුක්ක විසින් සම්බන්ධීකරණය කරමින්, ‘සිනමන් ලේක්’ හෝටලයේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබුණා. එහි කෑම පිඟානක වටිනාකම රුපියල් 5500කට වැඩියි. ඒ වාගේම පිළියන්දල ජනාධිපතිවරයාගේ රැස්වීමක් පැවැත්වීමට මීගමුව ඩිපෝවෙන් ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් පිරිස් යොදා ගනිමින්, නීති විරෝධී ප්‍රවාහන කටයුතු සිදු කර තිබුණා. යමක් සිදු වූ පසුව එම ස්ථානවලට යාමෙන් ඵලක් නැහැ. නමුත්, ඉදිරි කාලය තුළ දී හෝ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව ක්‍ෂණිකව ක්‍රියාමාර්ග ගනීවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් සැබෑ අර්ථයෙන් ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවස්ථාව සලසා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
“ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කරන්න බැහැ”
-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක කමිටුවේ සාමාජික, විශ්‍රාමික පොලිස් අධිකාරී එච්.යූ. පියනන්ද-
තව දින හයකින් මේ රටේ ජනාධිපති කරගත යුත්තේ කවුරුන්දැයි සාතිශය බහුතරයක් ජනතාව තෝරාගෙන අවසන්. එය විඳදරාගත නොහැකිව අනෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට උඩගෙඩි දෙමින් සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ නායකයා ඉතා අවධාරණයෙන් පහළම සාමාජිකයන් දක්වා උපදෙස් දී තිබෙන්නේ කිසියම්ම ආකාරයක හෝ හිංසනයක් වචනයකින් පවා නොකරන ලෙසයි. එසේ තිබියෙදී, ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට සහ පම්බල මැතිවරණ කාර්යාලයට කළුතෙල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊට අමතරව ඊයේ (13) මොනරාගල පවත්වන ලද අපේ රැලියට පැමිණ ආපසු යමින් සිටි ජනතාව රැගත් බස් රථයකට බුත්තල, මහබොඩයාය ප්‍රදේශයේ සමඟි ජන බලවේගය කාර්යාලය ඉදිරිපිටදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ වන විට ජාතික ජන බලවේගය වටා ජනතාව එක්වෙමින් සිටීම පිළිබඳව දරාගත නොහැකිව මෙසේ පහර දීම් සිදු කර තිබෙනවා. අපට ඒ ගැන වාර්තා වූ සැණින්ම බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී, මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව පරීක්‍ෂණ පවත්වන ලෙස දැනුම් දුන්නා. අප බලාපොරාත්තු වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක්. ඔවුන් අපේ සාමුහිකයේ තිදෙනකුට පහර දී තිබෙන අතර, ඒ අතර කාන්තාවක්ද සිටිනවා. ඇයට මැහුම් හයක් දාන්න සිදු වී තිබෙනවා. අපට වාර්තා වී තිබෙන විදියට සී.බී.අයි. 1077 දරන අල්ටෝ කාර් රථයෙන් පැමිණි පිරිසක් මත්පැන් බෙදාහැර පහර දීමට පොළඹවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාගර කියන සැකකරුවා අත්අඩංගුවට ගෙන සිටිනවා. ඔහු ප්‍රකාශයක් ලබා දෙමින්, මත්පැන් ලබා දී බස්රථවලට පහර දෙන්න උපදෙස් දුන් බව පිළිගෙන තිබෙනවා. දේශපාලන පක්‍ෂයක පුද්ගලයකු හෝ කණ්ඩායමක් යම් කිසි ප්‍රචණ්ඩත්වයක් මුදාහැරියහොත්, පොලිසිය නිසි පරිදි ක්‍රියා කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. බුත්තල පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් සියලු දෙනා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපි අවධාරණය කරනවා. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කරන්න බැහැ. බුත්තල පහර දීමට සම්බන්ධ අයියයි, මල්ලියි ප්‍රධාන සැකකරුවන් ලෙස පොලිසියට භාර වී සිටිනවා. මේ රටේ සාමකාමී පුරවැසියන් මෙවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩකඩක් ලබා දෙයි කියා අප විශ්වාස කරන්නේ නැහැ.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කළත්, ක්‍රියාමාර්ග ගෙන නැති බව පසුගිය මාධ්‍ය හමුවේ දීත් ඔබලා ප්‍රකාශ කළා. එහෙම නම්, මාධ්‍ය හමුවේ සඳහන් කරන එක විතරද කළ හැක්කේ ?
අපි මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්‍ෂයක් පමණයි. අපට කරන්න තිබෙන්නේ ස්වාධීනයි කියලා අප විශ්වාස කරන මැතිවරණ කොමිසමට වාගේම පොලිසියට පැමිණිලි කිරීම පමණයි කරන්න තියෙන්නේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ජනතාව ඒ සම්බන්ධයෙන් තේරුම්ගෙන මැතිවරණයේ දී විරෝධය පළ කරන්න ඕනෑ. අපට නීතිය අතට ගන්න බැහැ. මෙපමණ කල් නීතියේ ආධිපත්‍යය සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක නොවුණා වාගේම මැතිවරණය ආසන්නයේ දීත් ක්‍රියාත්මක නොවන බවයි තේරුම් ගන්න තියෙන්නේ.
බලය ගත්තොත්, මේ සම්බන්ධයෙන් මොක ද කරන්නේ ?
ගත්තොත් නොවෙයි. ගන්නවා. ඊට පස්සේ මේ එකිනෙක පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය මගින් පරීක්‍ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරනවා. මැතිවරණ නීතිය පමණක් නොවෙයි, දණ්ඩනීති සංග්‍රහය පවා උල්ලංඝනය කරමින් ක්‍රියා කර ඇති ආකාරය අප මෙහි දී පෙන්වා දුන්නා. ඒ වාගේම සිවිල් හා පුරවැසි අයිතීන් සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිය පවා උල්ලංඝනය කර ඇති ආකාරය අප පෙන්වා දුන්නා. ඒ අනුව මෙපමණ කල් ක්‍රියාත්මක නොවූ නීතියේ ආධිපත්‍යය 22 වැනිදායින් පසුව ක්‍රියාත්මක වේවි. මේ පාලකයෝ හැමදාමත් නීතිය පහළින් තබාගෙන ඔවුන් ඉහළින් හිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාගේම සමඟි ජන බලවේගයත් එහෙමයි.