Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ චාරිකාවක

-Colombo, February 07, 2024- ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි […]

-Colombo, February 07, 2024-

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ආයතනයේ හිමිකාරීත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කරගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්‍රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.

එසේම ඔවුන් විසින් ලංකාවේ සිදුකිරීමට යන ආයෝජනය පිළිබඳවද, දැනට මතුවී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි විවිධ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය ප්‍රශ්න කර තිබේ.

මේ අතර ගුජරාටයේ සංවර්ධන ආකෘතිය පිළිබඳ ඉදිරිපත්කිරීමේ අවස්ථාව සඳහා ගුජරාට් ආණ්ඩුවේ බලශක්ති හා ඛණිජ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Mamta Verma, කර්මාන්ත හා කැණීම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන ලේකම් S.J. Haider, ගාන්ධි නගරයේ the Leela හෝටලයේ සාමාන්‍යාධිකාරී Vikas Sood ඇතුළු පිරිසක් සහභාගි වූහ. යටිතල පහසුකම්, ව්‍යාපාර කිරිමේ පහසුව, බලශක්ති ක්ෂේත්‍රය, විදේශ වෙළදාම, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Show More

අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය – තෙවන දිනය

-Colombo, February 07, 2024- ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූහ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය […]

-Colombo, February 07, 2024-

ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූහ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය Balvantsinh Rajput මහතා සමඟද විශේෂ හමුවක් පැවැත්වනු ලැබූ අතර ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ‘ගුජරාට් ආදර්ශය’ (Gujarat Model) පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදු විය. බලශක්ති ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මය හා ජලය, යටිතලපහසුකම් වැඩිදියුණු කිරීම, කර්මාන්ත හා ආයෝජන, සෞඛ්‍යාරක්ෂාව සහ කාන්තාවන් බලගැන්වීම මෙම ගුජරාට් සංවර්ධන ආදර්ශයේ ප්‍රධාන අංශ වේ.

අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශයන් හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණ චාරිකාවක්ද සිදුවිය.

Show More

අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය – දෙවැනි දිනය

-Colombo, February 06, 2024- ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවිය. Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන […]

-Colombo, February 06, 2024-

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවිය. Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව දූත පිරිස ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක නිරත විය.

අනතුරුව අද (06) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයෝ අහමදාබාද් නගරය බලා පිටත්වූහ.

Show More

අනුර දිසානායක ඇතුළු පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් හමුවේ…

-Colombo, February 05, 2024- ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (05) රාත්‍රියේ විදේශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි. අද(06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ […]

-Colombo, February 05, 2024-

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (05) රාත්‍රියේ විදේශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි.

අද(06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරතවීමට නියමිතය.

Show More

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවේ…

-Colombo, February 05, 2024- ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය. මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය. හමුව […]

-Colombo, February 05, 2024-

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය.

මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය. හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එකවිය.

Show More